දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )






රජස්!

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

March 8, 2013

යන්නේ කොහෙද, මල්ලේ පොල් ( හිස් තැන් සම්පූර්ණ කරමු) Orginalma එක ඈ !

            එදින සෙනසුරාදා දිනයක් විය. රාත්‍රී අහාර ගැනීමෙන් පසු සියලු දෙනාම නින්දට වැටුණේ පසු දින වැඩ අධික දිනයක් නිසාය.( ඉරිදටනේ ඔක්කොම වැඩ , මෙහෙත් එහෙම තමයි ) උදෑසනින් අවදි වී කල යුතුව තිබු වැඩ එකින් එක සිහියට නගා ගනිමින් ඉන්නා විට


" හුටා පොල් ! පොල් ඉවරයි නේද ගෙදර ? " එක පාරටම ශාන්ගේ මෂ්තිස්කයට මීටර් උනා .

අතේ එල්ලන් යන ගෝනි රෙද්දෙන් මහපු ලොකු මල්ලත් අරන් පාරට බැස්සේ
පොල් ගෙන ඒම සඳහාමයි .නිවසට අවශ්‍ය පොල් .

yanne koheda malle pol


" ඉහි අහ් ඈ "


" ඔව් නෙහ් "


" ඒක තමයි "


" හෙට නෙහ් "


" හවස හවස "




ඉහත දක්වා ඇත්තේ පොල් ගෙන ඒම සඳහා කඩේ යන තෙක් මග දිගට
හමු වූ අයට දැක්වූ ප්‍රතිචාර කීපයකි..

" අහ් මහත්තයා " මුදලාලි

" මුදලාලි " ශාන් තුමා

" ඊයේ හවස දැක්කට පස්සේ නෙහ් " ( බය වෙන්න එපා එහෙම කිව්වේ නැහැ )



" පොල් ටිකක් බලන්න කියල " ශාන් තුමා

" අරව 5ක් 2 යි , මේ ගොඩ 3 යි " මුදලාලි ( මේක 199X වගේ ස්ටොරියක් )

" මේකෙන් 10 ක දෙන්න "

" ඩිහ් " පොල්

" දඩිහ් " පොල්

" දඩදදිහ් " පොල්

" දදද්දීහ් " පොල්


" දදෆ්දහිහ " පොල්

" දඩද්ද " පොල්

" දැදදහිහ " පොල්

" දදහිෆා " 
පොල්

" ඩදහිග " පොල්

" දඩදදිහ් " 3 වෙනියට දාපු පොලේ සද්දෙමයි නෙහ් ?


" දැන් කීයද ? " ශාන් තුමාගේ හිත


" අහ් මුදලාලි , දෙන්නකෝ අපිට පාන් රාත්තලක් " අසල්වැසි නිවැසි හිතවතෙක්


" දගජ්ක " පොල් පොල්




අසල්වැසි නිවැසි හිතවතා පාන් රාත්තල සමග පිටව යයි ...




" දදහිහ " අන්තිම පොලේ

 




පොල් මල්ල අරන් ශාන් තුමත් පිටව යයි...


" අහ් කොහෙද බන් යන්නේ " අර පාන් රාත්තල අරන් ගිය එකා


" මන් මේ උදේම පොල් ගෙන්න ආව බන් කඩේ." ශාන් තුමා

" ඇයි ගෙදර පොල් ඉවරද ?"

" ඔව් බන් දන්නැද්ද ඉතින් " 

" මාත් දැක්කා උබ ඉන්නවා "

 
" අහ් එහෙමද ? "

" මන් පාන් ගන්න ආව වෙලේ උබ දාගෙන පොල් තෝරනවා "

" අහ් නැමිලනේ හිටියේ , දැක්කේ නැහැ "


" මොනාද බන් මල්ලේ තියෙන්නේ "


" මේ පොල් වගයක් බන් මල්ලේ තියෙන්නේ "

" අහ් එහෙමද " 


" වරෙන් උබත් යන්නේ ඒ පැත්තටනේ " අරු ( අසල්වැසි නිවැසියා )






" නෑ පොල් වත්තට යන්නේ, ලෙලි තියෙනවද බලන්න මේවගේ ගලවපු " ( බය වෙන්න එපා ඒ ප්‍රශ්නෙත් ඇහුවේ නැහැ )





" ඔව් ඔව් "





" මල්ල බරද බන් "

" නැතුව මල්ලේ පොල්නේ බන් "




දෙදෙනා නිවැස් බලා ගමන් කරමින් ..






ප.ලි. කෙලිම්ම මල්ලේ පොල් කිව්වනම් ලේසි නේද ?

කඩේ ඉන්නවත් දැක්ක නම් , පොල් තෝරනවත් දැක්කා නම් ,
පොල් මල්ලට දාගන්නවත් දැක්ක නම් , මල්ල පුරෝගෙන එනවත්
දැක්ක නම් , ඔක්කොම හරිනම් , දෙන්නට දෙන්න සිද්දිය දන්නවනම්
කොහෙද යන්නේ ඇහුවම


දැන්වත් හෑලි නොකියා කෙලිම්ම ඩිරෙක්ට් ටෝකින්
වලට එමුද

මල්ලේ පොල් කියල ?




ප.ප.ලි. අයියෝ සල්ලි



ඔර්jiනල්ම ප.ලි . එක = පහු ගිය ටිකේම මන් හිටියේ නැහැ .ඉතින්
සහෘදයන්ගේ පසු ගිය පෝස්ට් මග ඇරී ඇති බැවින් හෙමීට ඒව බලන්නම් ..
ah anith eka sinhala nathi eka nam loku awulak wenawa
unicode sinhala nathi PC tikak labunoth wada karanna..
aduma tharame mata mage blog eka wath hoyaganna bari una..:D

59 comments:

  1. ලිද මගේ නම්, මම ලිදේ නම්... ඇයි කාටත් අමාරු...( නිකමට කිවුවෙ)

    ReplyDelete
    Replies
    1. එකෙම්ම මචන් නියම කමෙන්ට් එක..
      මාත් ඕක ඇහුවා ලඟදි ..බුඩිස්ට් එකේ
      බණකට ..:D
      ස්තූතියි මචන් කමෙන්ට් එකට..දිගටම එන්න...

      Delete
  2. මල්ලේ පොල් උත්තර වලින් මාව මඤ්ඤං වෙලා ගියා. :) ප්‍රශ්නයක් ඇහුවම හම්බ වෙන්නේ ඔහොම උත්තර තමයි හුඟක් වෙලාවට.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි චන්දන දෙන්නට දෙන්න සිද්දිය දන්න තැන්
      වලදී මන් නම් ඔය ක්‍රමය භාවිතා කරනවා.

      ඒකෙන් කරුණු කීපයක්ම එක විට වෙනවා.
      එකක් අනවශ්‍ය මැදිහත්වීම් නැති වෙනවා.
      කෙටියෙන් කියන්න ඕනේ දේ කියැවෙනවා .
      අදාළ නැති , 3 වෙනි පාර්ශව මග ඇරලා දෙයක් කතා කරන්න පුළුවන්
      අදාළ පුද්ගලයා සමග පමණක්..

      Delete
  3. පොල්ගෙඩි 10ට නං දඩබඩ සද්ද 5යි එන්න ඕන. උඹ 20කට එහා අරගෙන වගේ මට පේන්නෙ :-)

    අපේ කලින් ඔපීසියේ රාලහාමිකෙනෙක් හිටිය මිනිහ ඉංග්‍රීසියෙන් කියන්නෙ,
    "වෙයාර් ආ යූ ගොයින්, දෙයාර් ආ කොකනට් ඉන් මයි බෑග්" කියල

    ReplyDelete
  4. \\\පොල්ගෙඩි 10ට නං දඩබඩ සද්ද 5යි එන්න ඕන. උඹ 20කට එහා අරගෙන වගේ මට පේන්නෙ :-)\\\\

    මචන් 5ක් දෙකේ ගොඩෙන් 10ක ගත්තේ...:D
    ගාන හදල බලපන්

    ස්තූතියි රාජ් කමෙන්ට් එකක් දාල ගියාට..


    අහ් අනික් එක උබ පොල් දෙක දෙකද මල්ලට
    දාගන්නේ ?
    5ක් දෙකේ ගොඩේ ගෙඩි දෙක දෙක දාන්න බැහැ
    එක පාර ..lol
    ( මේ කමෙන්ට් එකත් තනිකර මල්ලේ පොල් එකක් ඈ )

    ReplyDelete
  5. මට නිකන් පොල් වගේ මේක කියෝලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔතොකොට මල්ල කෝ ?:D

      ස්තූතියි මචන් මේ පැත්තේ ආවට...
      දිගටම එන්න..

      Delete
  6. හාපෝ කියලා වැඩක් නෑ සහන්.... මං ගෙදර ගියාමත් ඔය වැඩේමයි... මං නං හැංගිලා ඉන්නේ.. නැත්තම් එකම ටික 10 පාරක් විතර රිපීට් කරන්න වෙනවා...

    හලෝ .. දැක්ක කල්.. මොකද මෙච්චර දවස් ආවේ නැත්තේ...

    ආවා ආවා ඇන්ටි... කඩේට ඇවිත් ගියා..

    කෝ අද මහත්තයා... ආවේ නැද්ද..

    ආවා ඇන්ටි.. ඔන්න ගේ ඇතුලේ...

    ආහ්... කො‌ෙහාමද ජීවිතේ..

    ඔහේ ඉන්නවා ඇන්ටි..

    තාම නැද්ද සුබ ආරංචියක්...

    මොන ආරංචියක්ද ඇන්ටි...

    දන්නෙම නෑ බබා...

    මොන.. මං දන් නෑ..

    ළමයෙක් හදන්‌ෙන් නැද්ද උඹලා දෙන්නා...

    ඇයි ඇන්ටි.. අපිත් තාම ළමයිනේ...

    ( හි හි)

    ReplyDelete
    Replies

    1. කියන අපූරුව යසයි කෙලිගේ කට

      හි හි

      ඈ ළමයෝ ඇත්තට ඔහොම ඉඳල බැහැනේ

      බලමුකෝ ඇන්ටි

      ඒකනේ ළමයෝ , දැන් බලන්න අර අපේ ....

      අහ් මෙන්න ඇන්ටි ඉතුරු

      එන්නන්කෝ ළමයෝ මන් එහෙනම්..

      හා ඇන්ටි ..

      Delete
  7. එලොව පොල් පෙනුනා අනේ මේක කියවලා..තේරුම් ගන්න ටික වෙලාවක් ගියා

    ReplyDelete
    Replies
    1. අලුත් පොලයක් වගේ ප්‍රාන්තෙට බැහැපු නේද ?
      සුබ පැතුම් අප්සරා දිගටම පොල් බාන්න ..මන් මේ සතියකින්
      විතර කඩේ ආවේ..ඔයාලගේ පැත්තෙත් එන්නම්කෝ මල්ල අරන් ..


      ( විහිලුවට දාපු කමෙන්ට් එකක් ඈ ...
      ඔයාගේ බ්ලොග් එක දැක්කා, ඒක ගොඩක් ලස්සනයි..
      හිතට එන දේවල් අකුරු කරන්න..ගොඩක් පිරිසක් ඉන්නවා
      බලන්න..මන් එන්නම්කෝ වෙලාවක ඔයාගේ බ්ලොග් එකට..
      සුබ පතනවා ඔයාට )

      Delete
  8. අයියා කාලෙකට පස්සෙ පොල් කඩයක්ම දාල තියෙන්නෙ., මටත් එලොව පොල් පෙනුනා මේක කියවලා...

    ReplyDelete
    Replies

    1. ඔව් අනේ කාලෙකින් ආවේ මන් .අලුත් පෝස්ට් කීපයක්ම
      තියෙනවා දාන්න..ඊට කලින් අනික් අයගේ ඒවත් කියවන්න
      ඕනේ..පෝස්ට් 46 විතර දාල මන් නැති ටික කාලෙට...

      ස්තූතියි නදිනි කමෙන්ට් කරාට ඇවිත්..දිගටම එන්න...

      Delete
  9. Replies

    1. ලඟම ඥාති කෙනෙක් නැති උනා සෙන්නා .
      මන් මළ ගෙදර ගියා , දවස් කීපයක් හිටියා
      ඉතින්.ගොඩක් තැන් වල ඇවිද්ද ..ඊයේ රෑ
      තමයි ආයේ මම ආවේ..
      ඒ ගමන් වලත් පුංචි පුංචි කතා ටිකක් තියෙනවා .
      හෙමීට දාන්නම්කො මන් පෝස්ට් විදිහට..
      ස්තූතියි සෙන්නා කමෙන්ට් කරලා ගියාට...

      Delete
    2. මේකට උත්තර දෙන්න තිබුනේ 'මල්ලේ පොල්" kiyalaa.

      Delete
    3. මන් හිතුවේ සයුරි සෙන්නා ඒක සීරියස් ඇහුවා කියල.
      මොකද මන් දවස් ගානක් බ්ලොග් පැත්තේ නාව නිසා..
      ඒකයි විස්තරේ කිව්වේ ටිකක් දිගට ..:)

      Delete
    4. ඇත්තටම මට අහන්න ඕනා වුනේ "කොහෙද ගියෙ බන්" කියලා.. ඒත් පස්සෙ පෝස්ට් එකටත් ගැලපෙන්න එක්කම ඔහොම ඇහුවා..

      හෙහ් හෙහ්.. ප්‍රශ්නෙ ඔය දෙකටම හරි වගේ..මචන්.. හරියට නිකන් "බැහැගන්න" වගේ තමා...

      Delete
    5. ඔව් සෙන්නා මට තේරුණා ඔයා නිකම්ම නිකන්
      අහපු දෙයක් නෙවේ බව..ඒකයි මන් සීරියස් උත්තර
      දුන්නේ...

      01. බහින්නද ?
      02. ගන්න බැරුවද ?
      lol

      Delete
  10. මේක කියවපුවම නියම කතාවක් මතක් උනා ඇත්ත කතාවක් ඔන්න එහෙනම් අහන්න.

    මේ කතාව කිවේ මගේ බාප්පා කෙනෙක්. එය ගුරුවරයෙක්, ඔය අම්පාර පැත්තේ කුඩා ගමක වැඩ කරපු කාලයක උන සිදුවිමක්.

    ඔන්න දවසක් උදේ බාප්පා ඉස්කෝලේ යනවලු.. ඉතින් පයින් තමයි.. ඔන්න ඔහොම යනකොට ගමේ වයසක සියා කෙනෙක් බාල්දියක් අරගෙන ඉස්සරහට එනවලු. ඉතින් කතා නොකර යන්නත් බැහැනේ, ඒ පාර බාප්පා ඇහුවලු

    "ආ ලොකු උන්නැහේ .. කොහොමද? බැහැරක් යනවද?"

    එතකොට මේ සීයා කිවලු

    " නෑ ඉස්කෝලේ මහත්තයෝ, මම මේ රෙන්ට යනගමන් ..කැලේ ඇතුලට"

    ඔන්න බලපන් මල්ලි ඒ මිනිස්සු කොච්චර අවන්කද කියල.

    ReplyDelete
    Replies
    1. \\\" නෑ ඉස්කෝලේ මහත්තයෝ, මම මේ රෙන්ට යනගමන් ..කැලේ ඇතුලට"///

      (ඔන්න මන් ඩිරෙක්ට් ටෝක් එකක් දෙනවා ,
      මුකුත් හිතන්න එපා ඈ ...)

      " නැතුව නැතුව , බාල්දියට රීල කැලේ ගහන්නැයි " lol

      Delete
  11. මට නං තාම පොල් ගන්න කඩේ යන්න වෙලා නෑ..අත්තලා මුත්තලා හිටවපු පොල්ගස් වතේතේ තියන හන්දා...

    ReplyDelete
    Replies
    1. මන් පහු ගිය ටිකේ ඔය පැත්තේ ආව නලින් අයියේ..
      ලින්දර පැත්තේ...හොඳ පළාත , පැල් කොටයක්
      අටවන් වහන් වෙන්න තරම් හේතු සාදක පෑදුනා ...:D

      Delete
    2. pouvez-vous veuillez élaborer davantage sur la déclaration ci-dessus ? J'ai essayé de vous contacter sur Skype, mais ai échoué.

      Delete

    3. machan petry que tu voulais dire "Lindara"? Il s'agit
      d'un petit village près de meerigama. il est situé
      entre la ville et meerigama wewaldeniya Juntion à
      Colombo-Kandy route.

      à ce sujet "kotaya Pal" J'ai trouvé une belle rose.
      vraiment belle avec un cœur innocent.

      sur skype, je vais re-connecter à mon compte, parce que
      normalement je n'utilise pas FB, G+ etc frère ..
      vie totalement solitaire ..

      Delete
  12. සමහරු අහන ප්‍රශ්නවලට කොයි තරම් ඩිරෙක්ට් උත්තර දුන්නත් ඊළඟ දවසෙ දැක්කම ආයෙත් කලින් ප්‍රශ්න ටිකම අහන්න පටන් ගන්නකොට නම් මම කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර දෙනව...එතකොටවත් ආයෙත් ආයෙත් එකම ප්‍රශ්නෙ අහන එක නවත්තයිනෙ කියල හිතල. නැත්තම් එකම දේ කී සැරයක් කියන්නද

    ReplyDelete
    Replies
    1. මාත් පැහැදිළිවම ඔය දේ කරනවා චම්ස් .මොකද එකම
      දේ රිපීට් ගහද්දි අපිත් රිපීට්ම ගහන්න ඕනේ.නැතුව බැහැ .
      සිත් රිදවීම් නොකර බැහැ සමහර තැන් වලදී...

      Delete
  13. යන්නෙ කොහෙද
    මල්ලෙ පොල්
    ..........
    ..........
    නාන්න යනව ද
    නැහැ මේ නාන්න යනවා
    ......
    ......
    ....
    මට මතක් වුනේ,
    දොම්පෙට යන පාර කොහෙද කොයිබදෝ....
    වත්ත හොදට පැහිලා තියනවා....

    මතකද ඒ කාලේ???????

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙම්ම වෙද මහත්තයෝ .මන් ඕකත් දාන්න කියල ඉන්නේ..
      දොම්පෙට යන පාර කෝයිබදෝ
      මාමේ මට කියල දෙන්නකෝ...

      බතල හොඳට එරිල තියෙනවා
      හාරනකම් ටිකක් ඉන්නවා ...

      උබේ ඉලව් බතල මට එපා..
      දොම්පෙට යන පාර කියාපන් ..

      දොම්පෙට යන පාර කෝයිබදෝ
      නැන්දේ මට කියල දෙන්නකෝ...

      පැදුර හොදට වියලා තියෙනවා..
      සායම් ටික දමල ඉවර නෑ ...

      ( ඉතුරු ටික මෙතනම හලනවද ? ගිලල වෙන එහෙකට
      අදිනවද කියල බැලුවේ..මොකද දැනට 80% දෙනා මේ පෝස්ට්
      එක බලල ඉවරයි..ඒ අයට මග ඇරෙන්න පුළුවන් 4 බීරි කතාව


      මේකේ වෙන වෙන වර්ෂන් ගොඩක් තියෙනවා නේද
      වේද මහත්තයෝ පළාතෙන් පළාතට...? )

      Delete
    2. මටත් මතක හොඳ නාට්‍යක් ඉස්කෝලේ කාලේ..

      Delete
    3. ow asar man oya kathaawa daannamko
      post ehekin...

      Delete
  14. මෙක පොල් කථාවක්ද එහෙම නැති නම් වෙනත් අර්ථයක්ද?

    ReplyDelete
  15. මෙතන තියෙන්නේ වහල ගහපු කතාවක් ගයනි.
    පොල් සම්බන්ද සිද්දිය ගත්තේ අපි හැමෝම දන්න කියන
    සිද්දිය නිසා..

    බොරුවට දැන දැන එකම දේ කියව කියව ඉන්න අය ගැන
    තමයි මේ පෝස්ට් එක තියෙන්නේ..තමන් හිතින් දන්නවා
    තමන් වරදක් , බොරුවක් , වංචාවක් කරණ බව ..

    ඒත් ලෝකෙට පේන්න ඉන්නේ බබ්බු වගේ තෝංදෝල් වේවි..

    ඉතින් අපිත් බලන් ඉන්නවා බබ්බු දිහා නටන්න දීල ...

    ReplyDelete
  16. පොල් ගෙඩියක් ඔලුවට වැටුනා වගේ ;)

    ReplyDelete
    Replies
    1. ගොඩක් තුවාලද මචන් ..
      කතා කරපංකෝ ..ඇයි මැරිලා වගේ ඉන්නේ..
      විහිලු කරන්න එපා බන් ..

      ( sara wadida manda )

      Delete
  17. මිනිස්සු හිතේෂිවන්ත කමට බං එහෙම අහන්නෙ..!

    ReplyDelete
    Replies
    1. ගම්බදව නම් ඒක සෑහෙන්න ඇත්ත වීයෝ.
      මන් පහු ගිය දවස් කීපය මීරිගම මළ ගෙදරක
      ආව .ඊයේ රෑ තමයි ආයේ මෙහෙ ආවේ.

      ඔය වගේ සිද්දි කීපයක් මට උනා .ඒ අතරින් සමහරක්
      ඇත්තටම ගැමි සුවඳ තියෙන අය ..ඒත් තව පිරිසක් තනිකර
      කුහක , ඉරිසියාකාර පහත් මානසිකත්වය තියෙන අය .

      මේ එකට **** *** එක ගහල අනික් පැත්තට ටෝක්
      කරනවනේ මිනිස්සු යන්න ඇරලා ...

      නගරෙට වඩා භයානකයි ගම..දිය රෙද්දෙන් බෙල්ල කපන්න
      දක්ෂයෝ ...

      Delete
  18. පොල් පේන කතාවක් :)

    ReplyDelete
    Replies

    1. ඒකනේ අනේ බලන්නකෝ ඔක්කොම දැකලත්
      තේරුණේ නැහැ කියනවනේ මෙයාල සයුරි..

      අනික් දවසේ පොල් මල්ල දෙන්න ඕනේ කරගහන් යන්න .
      lol

      Delete
  19. Replies
    1. ඒ කියන්නේ උබව තව පාරක් අසරණ උනා ? එහෙමද ?
      හයියෝ සල්ලි..

      Delete
  20. මම ඉන්නේ ගමේ නිසා මට ඔය අත්දැකීම හොදට තියනවා. සමහර වෙලාවට වදයක් වුනත් ඒ ගමේකමනේ කියල හිත හදා ගන්නවා. තව මාසෙකින් විතර ඔය ලෙඩේ හොදටම මට සෙට් වෙන එක ෂුවර්. දැන්ම ඉදලම උත්තර ප්‍රැක්ටිස් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒ මක්කෙයි බොල මාසෙකින් විතර කොයි ඉසව්වේද
      ගාටන්නේ බොලා ?

      මගේ අහල පහළ නම් ගොඩක් නිදහස් ජීවිතයක් තියෙන්නේ මචන්.
      ඉස්සරහ ගෙදර කෙනාව මන් ඇහැටවත් දැකලත් නැහැ , දකින්න ඕනෙත්
      නැහැ .එයත් එහෙමයි.සිරාවටම අල්ලපු ගෙදර අය ඇවිත් දැන් අවුරුදු 8 වෙනවා.
      ඒත් කතා කරන්න ලැබිල නැහැ වචන 10 කට වඩා..

      දවසක් වෙන උවමනාවකට මන් එහෙ ගියා , ඒ ඇන්ටි කියනවා මට
      " ඔයාව නිකන් දැකල හුරුයි හුරුයි වගේ" කියල ..මන් කිව්වා
      " මන් අල්ලපු ගෙදර ඉන්නේ" කියල...lol

      අනික් අය මොනවා හිතාවිද මන්ද ඒත් මන් නම් තදින් කැමතියි
      ස්වාධීන ජීවිතයක් ගත කරන්න .පුද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඉන්න.
      කෙනෙක් කියයි එහෙම ඉන්නේ හොර වැඩ කරන අය කියල.ඒත්
      කව්රු මොනවා කිව්වත් මන් මේ ජීවිතෙන් එලියට එන්නේ නැහැ ..

      Delete
  21. අයියෝ..... පොල්.....
    අර පොල් තෝරපු සද්ද ටික නම් මරු ඈ.... :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මෙයා...
      ඕව එන්නේ හද පතුලෙන් මගේ..:D

      Delete
  22. පොල් කතාව පැත්තකින් තියමු... මං හිතුවේ සහන් අයිය ඉන්නෙ ලංකාවෙ කියල... :O

    ReplyDelete
    Replies
    1. Subscribe by email දැම්මට මගේ මේල් එකට එන්නෙ නෑ අයියෙ... :(

      Delete
    2. ඒ මොකද මොකද අනු ඒ ?මේ බ්ලොග් එකට විතරද
      එහෙම වෙන්නේ නැත්නම් පොදුවේද ? මේකේ නම් email
      sub වැඩ කරනවා මන් දැන් චෙක් කරා .

      බලන්න දෙපාරක් button එක එබිලා unsubscribe වෙලාද කියල..

      ඔතොකොට මගේ සල්ලි පොල් ගන්න ගිය ...:D

      Delete
    3. පොදුවේ තමයි... ඇයි කියල දන්නේ නෑ... කමක් නෑ ආයේ ඇවිත් බලනවනේ...

      Delete
    4. oyage cookies okkoma tika delete karala balanna
      anu nangi..( habai parissamen PW amathaka account
      walata aye log wenna bari wei cookies delete karata
      passe...!)

      godak welawata cookies prashne hindai ehema wenne..

      02. oya sign wena Gmail account ekai , oyage blog eka
      Reg una account ekai dekak nam , eth oya prashne wenawa..


      oya langadi account change karalath thiyenawa anika .. ( na kiyanna epa
      man dakka..:D)

      03. oyage spam box ekata blogger mail yanawa wennath puluwan..
      spam gode balanna...

      spam box kiwwe Gmail wala spam box eka hondada?


      Delete
  23. "නාන්න යනවද" අහපුහාම "නෑ නාන්න යනවා" කියනවා වගේ එකක් නේද

    ReplyDelete
    Replies
    1. නැ මචන් එහෙම එකක් තමයි..:D

      Delete
  24. බ්ලොග් එක ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනෝනේ අනේ.. :(

    ReplyDelete
  25. ඉතා හොඳ ගණිත ගැටළුවක්...

    // " අරව 5ක් 2 යි , මේ ගොඩ 3 යි " //
    // " මේකෙන් 10 ක දෙන්න " //

    දැන් ගැටළුව තමයි "මේ ගොඩ" නමින් හැඳින්වුන ගොඩේ පොල් කීයද කියන එක.

    'පොල්' ගණන් කිරීමෙන් පසු ශාන් පොල්ගෙඩි 13 මල්ලට දමාගෙන ඇත. ගෙවූ මුදල 10. 10ට 13 නම් 3ට කීයද?

    13/10 X 3 = 3.9 = 4 (ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයූ පසු)

    ReplyDelete
    Replies


    1. 01. 5ක් දෙකේ ගොඩෙන්, රුපියල් 10 ක ගත්ත නම් ( පොල් ගෙඩි 5ක් රුපියල් 2යි )
      (10 / 2 ) x 5 = 25 ( පොල් ගෙඩි 25 හම්බෙනවා රුපියල් 10කට )

      02. 5ක් තුනේ ගොඩෙන්, රුපියල් 10 ක ගත්ත නම් ( පොල් ගෙඩි 5ක් රුපියල් 3යි )
      ( 10 / 3 ) x 3 = 15 ( පොල් ගෙඩි 15 හම්බෙනවා රුපියල් 10කට, + 1 )






      ඒ උනත් තිසර තනියම පොල් ගෙඩි 15 උස්සන් එන්න බැරි නිසා
      මගේ කතාවේ නම් මේ ගණන් වලංගු නැහැ .( අනිත් එක එහෙම පොල් ගෙනාවත්
      එක පාර වැඩක් නැහැනේ , පරණ වෙද්දී සවුත්තු වෙනවනේ ලෙලි ගහපු
      පොල් ) .ඒ උනත් මන් රු 10 ක ගත්ත කියල දැම්මේ ,

      " මුදලාලි මට රු 5 ක පොල් දෙන්න " කිව්වා නම් අද කාලේ
      ජෝක් එකක් වගේ වෙන නිසා..මොකද අද කාලේ (2013) රුපියල්
      5කට ලංකාවේ පොල් ලෙල්ලක් වත් ගන්න බැහැ මගේ හිතේ...


      අතීත කතාවක් වර්තමානයට ගේද්දී වෙච්ච පරහක් මෙයා උනේ..
      ස්තූතියි තිසර කමෙන්ට් කරලා ගියාට..නැවත එන්න ඉඩක් තියෙන
      වෙලාවට...

      Delete
    2. ඉහත මුද්‍රණ දෝෂයක් ඇති බැවින් මෙය පරිශීලනය
      කරන්න


      01. 5ක් දෙකේ ගොඩෙන්, රුපියල් 10 ක ගත්ත නම් ( පොල් ගෙඩි 5ක් රුපියල් 2යි )
      (10 / 2 ) x 5 = 25 ( පොල් ගෙඩි 25 හම්බෙනවා රුපියල් 10කට )

      02. 5ක් තුනේ ගොඩෙන්, රුපියල් 10 ක ගත්ත නම් ( පොල් ගෙඩි 5ක් රුපියල් 3යි )
      ( 10 / 3 ) x 5 = 15 ( පොල් ගෙඩි 15 හම්බෙනවා රුපියල් 10කට, + 1 )






      ඒ උනත් තිසර තනියම පොල් ගෙඩි 15 උස්සන් එන්න බැරි නිසා
      මගේ කතාවේ නම් මේ ගණන් වලංගු නැහැ .( අනිත් එක එහෙම පොල් ගෙනාවත්
      එක පාර වැඩක් නැහැනේ , පරණ වෙද්දී සවුත්තු වෙනවනේ ලෙලි ගහපු
      පොල් ) .ඒ උනත් මන් රු 10 ක ගත්ත කියල දැම්මේ ,

      " මුදලාලි මට රු 5 ක පොල් දෙන්න " කිව්වා නම් අද කාලේ
      ජෝක් එකක් වගේ වෙන නිසා..මොකද අද කාලේ (2013) රුපියල්
      5කට ලංකාවේ පොල් ලෙල්ලක් වත් ගන්න බැහැ මගේ හිතේ...


      අතීත කතාවක් වර්තමානයට ගේද්දී වෙච්ච පරහක් මෙයා උනේ..
      ස්තූතියි තිසර කමෙන්ට් කරලා ගියාට..නැවත එන්න ඉඩක් තියෙන
      වෙලාවට...

      Delete
  26. කෑම කකා ඉද්දිත් කනවද කියලා අහන එක අපේ සිරිත නොවැ :D

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili