දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

October 3, 2013

02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements



              මගේ කළින් පෝස්ට් එකේදි මම පැහැදිලි කරා G force තත්වය ගැන බොහෝ කරුණු. එතැනදී පැහැදිලි වෙන්න ඇති ජෙට් නියමුවෙක්ට දරුණු ලෙස මුහුණ පාන්න වෙන අනතුරු ගැන. මේ පෝස්ට් එකේදී මම කියන්නේ තාක්ෂණික කරුණුම නෙවේ . එදිනෙදා රාජකාරි අතරතුරදී ලැබෙන අද්දැකීම් ගැන. මේක නිකන් සුහද කතා බහක් විදිහට ගෙනියන එක තමයි සුදුසුම. ( තාක්ෂණික දෙයක් දැනගන්න ඕනේ නම් කමෙන්ට් වලින් ඕනෙම දෙයක් අහන්න පුළුවන්. )


ජෙට් නියමුවන්

                 ප්‍රහාරක ජෙට් නියමුවෙක්ට මුහුණ දෙන්න වෙන ප්‍රධානම ගැටළුවක් තමයි ඔහුට හෝ ඇයට රාජකාරි කරන්න වෙන්නේ තනියම. කෙටි දුර ප්‍රහාර සඳහා යොදා ගන්නා බොහෝමයක් යානා හදලා තියෙන්නේ තනි නියමුවෙක් පමණක් සේවයේ යෙදවිය හැකි ලෙසින්. තමන්ගේ අණ දීමේ කඳවුරින් ලැබෙන අණ පිළිපදිමින් ඉලක්කය වෙත ළඟාවීම කරන්න ඕනේ. ඉලක්කය විනාශ කිරීම සඳහා අණ ලැබුණු පසු අවි භාවිතා කරන්න පුළුවන්. අවි භාවිතා කිරීමේදී පිළිපදින ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. 100% එළි කරන්න බැහැ සමහර කරුණු. නමුත් සරළව මෙහෙමයි.

1. තමන් පිටත් වන්නේ කුමණ ප්‍රහාරයක්/රාජකාරියක් සඳහාද ?

                   සිවිල් උවමනාවක් සඳහා වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුහුණු ගමනක් , එවැනි විටකදී අවි භාවිතා කිරීමට අවසර නැහැ. වෙනත් ගුවන් යානයක් වෙත හදිසි පණිවිඩයක්/අනතුරු ඇඟවීම් කරන්නත් යන වෙලාවල් තියෙනවා. නීති විරෝධී ලෙස ගුවන් සීමා උල්ලංගන කරන යානයක් වෙත ක්ෂණිකව ලඟා වෙලා අනතුරු ඇඟවීම් කරනවා. බොහෝ වෙලාවට මේ ඉලක්ක ගත යානය වෙත ගුවන් විදුලි පණිවිඩ ලබා දෙනවා වහාම ඉවත් වෙන්න / ඇයි ඔබ ඉන්නේ / මග වැරදිලාද / ඉන්ධන නැද්ද වගේ දේවල් විමසමින්. ප්‍රතිචාර යහපත් නම් ගුවන් සීමාවෙන් ඉවත් වෙනකම් ඇය ( ගුවන් යානය ) පිටුපස යනවා. ඇයගේ ඉවත් වීමත් සමග නැවත කඳවුරට එනවා.

හැබැයි ප්‍රතිචාර අයහපත් නම්

             මෙතන ඉඳන් එම ගුවන් යානය සතුරු ඉලක්කයක් බවට පත් වෙනවා. කඳවුරේ අණ පරිදි සතුරු යානය වෙත ළඟා වෙනවා එහි නියමුවා සමග දෘශ්‍ය ලෙසම සම්බන්ධ වෙන මට්ටමටම. ( ඒ කියන්නේ නියමුවන් දෙන්නට දෙන්නම පේන ගාණට ලං වෙනවා. සමහර විට මේ අවස්ථාවේදී වේගය පැකිමි. 1500 පැනලා තියෙන්න පුළුවන්. උස මට්ටම අඩි 15,000 පැනලා තියෙන්නත් පුළුවන්. ) සතුරු යානයේ නියමුවාට අතින් සංඥා කරනවා වහාම ඉවත් වෙන ලෙස.











( මේ තැනට පත් වෙන්නේ අණ දීමේ කඳවුරේ නියෝග ලැබේ නම් පමණයි සහ සතුරු යානය විසින් වෙඩි තැබීමක් නොකරයි නම් විතරයි. ඒ වගේම සහය සඳහා යන යානා කීපය උපරිම වෙඩි බලය භාවිතා කිරීමට සැරසිලා ඉන්නත් ඕනේ. මෙවැනි විටකදී සතුරු යානය විසින් ප්‍රහාර එල්ලකිරීමක් උනොත් උපරිම වෙඩි බලය භාවිතා කරනවා. ඒකට තීරණය ගන්නේ නියමුවා. අණ දීමේ කඳවුරේ සහය ගන්නේ නැහැ එතැනදී. )


තව දුරටත් ප්‍රතිචාර අයහපත් නම්

                 ඔබට වෙඩි තැබීමට සිදු වෙන බව දන්වනවා. වහාම ඉවත් විය යුතු බව දන්වනවා. ඒ සඳහා නියමිත කාලයක් ලබා දෙනවා. ඒ කියන්නේ විනාඩි 2 ක් වගේ ඇතුළතදී යානයේ ගමන් මග වෙනස් විය යුතු බවට අවසාන නියෝගය දීලා හැකි ඉක්මනට ඉවත් වෙනවා. මේ අවස්ථාවේදී බොහෝ විට අනතුරු ඇඟවීමක් කරනවා සුළු අවි ප්‍රහාරයකින්.( වදින්න ගහන්නේ නැහැ. වෙඩි මුර 3 ක් විතර තියමින් ඉවත් වෙනවා )




                   ඔහු ඉවත් වේ නම් විමසිල්ලෙන් බලා ඉන්නවා. එහෙත් ඔහු ඉවත් නොවේ නම්  >>>>>>>>>> එතනින් එහාට වෙන දේ ගැන තේරෙනවනේ.. මෙවැනි දේවල් ඊශ්‍රායල් පලස්තීන යුධ නියමුවන්ට බොහෝම පුරුදුයි. අහස් සංග්‍රාම කියන්නේ මේවට. ( මේ ගැන ලියන්න ගියොත් ලිපිය ඉවර කරන්න වෙන්නේ නැහැ )


02. යුධමය රාජකාරී සඳහා පිටත් වීමකදී.


              මේ කොටස හරිම සංකීර්ණයි. බ්ලොග් පෝස්ට් වලින් පැහැදිළි කිරීම අසීරුයි. අපි යන්නේ ජනාකීර්ණ තැනකටද , වනාන්තර සහිත තැනකටද , දරුණු ලෙස යුද්ධය පවතින තැනකටද , රහස් පහර දීමකටද , ගුවනේ සිට ගුවන් යානයකටමද කියන කාරණා මත හැසිරීම වෙනස්. භාවිතා කරන අවි වෙනස්. දරුණු විදිහට යුද්ධය පවතින තැනකට ගුවන් ප්‍රහාර එල්ල කරද්දී සෑහෙන සැළකිලි මත් වෙන්න ඕනේ. හේතුව මොකක්ද කියලා හිතාගන්න පුලුවන්ද ...?

දරුණු විදිහට යුද්ධය පවතින තැනකට ගුවන් ප්‍රහාර එල්ල කරද්දී


                   මිතුරු සේනාංකත් ඉන්න පුළුවන් යුධ බිමේ. අපේ ප්‍රහාර වලින් අපේම අයට හානි වෙන්න පුළුවන්. අහසට ගියාට පස්සේ ඉලක්ක සොයාගැනීම ඉතාම අමාරුයි. එක තත්පරයක් තුළ මීටර 600 විතර දුරක් ගමන් කරනවා යානය. තත්පර 3 ක් ඇතුළත බොහෝ විට කිලෝ මීටර් දෙකක දුර ගෙවා අවසන්. කිලෝ මීටර් දෙකක භූමි පරාසයක් තුළ සතුරු හමුදා ඉන්නත් පුළුවන් මිතුරු සේනාංක ඉන්නත් පුළුවන්. එක තත්පර දෙකක් ඇතුළත කොහොමද හොයාගන්නේ මේ අහවලා අර අහවලා කියලා..?


                   අනිත් දේ තමයි නියමුවාට අණ ලැබුණු මොහොතේ සිට නියමුවා එහි යන තෙක් ගත වූ කාලය තුළ යුධ භූමිය වෙනස් වෙලා තියෙන්න පුළුවන් නේද ..? ඒ කියන්නේ අපිට අණ දෙන්න කලින් සතුරා හිටියේ මහවැලි ගඟේ වම් ඉවුරේ වෙන්න පුළුවන්. අප එහි ලඟා වෙන විට හොර රහසේම ඔවුන් දකුණු ඉවුරට ඇවිත් නම් මොකද කරන්නේ ? අපි එතැනට යද්දී වම් ඉවුරේ ඉන්නේ අපේම අය නම් මොකද වෙන්නේ ...? දැන් කියන්න එපා ඒකට තමයි රේඩියෝ පණිවිඩ හුවමාරුවක් කියලා දෙයක් තියෙන්නේ කියලා. තත්පරෙන් තත්පරේ " අනේ දැන් මොකද කරන්නේ . අරයා පේනවා. එයාට ගහන්නද . කොහොමද ගහන්නේ. මොකෙන්ද ගහන්නේ. වම් පැත්තෙන්ද ගහන්නේ. පොඩ්ඩද ගහන්නේ. කුඩු වෙන්නම ගහනවද " කිය කියා අහන්නේ නැහැ ප්‍රධාන කඳවුරෙන්. ඉතාම බරපතළ වගකීමක් තියෙනවා ප්‍රහාරක ජෙට් නියමුවෙකුට. අවුරුදු ගාණක අද්දැකීම් තියෙන්න ඕනේ මේ වැඩේට. ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ප්‍රහාරක වේගය බොහෝ විට පැකිමි 1500 පනින නිසා නැවත හරවන් එන්නත් බැහැ. එක ගමනින් සියල්ල ඉවර කරන්න වෙනවා.


             ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව වනාන්තරයක පවතින රහස් කඳවුරු විනාශ කිරීමක් වැනි දෙයකට යනවා නම් බොහෝ විට GPS මගින් ස්ථානය තහවුරු කරනවා ප්‍රහාරයට ප්‍රථම. හරියම ඉලක්කයට මීටර් 4ක් වගේ ඇතුළත ප්‍රහාරය කරන්න තරම් නියමුවන් දක්ෂයි. යන වේගය , උස , අවියේ ස්වභාවය වගේ කරුණු අනුව තමයි නියමුවා තීරණය කරන්නේ හරියම මොන වෙලාවේදීද FIRE කරන්න ඕනේ කියන දේ. මේ ගැන තව දුරට කතා කරන එක හොඳ නැහැ. ඒවා රහස්.. රාත්‍රී ප්‍රහාර සඳහා පිටත් වෙද්දීත් ලොකුම ගැටළුවක් එනවා. හිරු එළිය නැති නිසා යානය සම්පූර්ණයෙන්ම ගෙනියන්න වෙන්නේ රේඩාර්, GPS , සහ යානයෙන් යානයට වෙනස් කොන්ට්‍රෝලින් පද්ධති එක්ක.මේක හරියට ඇස් දෙක වහන් හයි වේ එහෙක වාහනයක් එලවනවා වගේ දෙයක්. 100% ඇස් දෙක තියෙන්නේ පරිගණක මීටර්/තිර දිහා. එහි ඇති පාඨාන්ක අනුව තමයි යානය manually හසුරුවන්නේ. ඒ අතරම තමන්ගේ ඉල්ලක්කය සපුරා ගන්නත් ඕනේ. මේ ගැන මෙතනින් නවත්වමු.

                එකක් කියන්න ඕනේ වැරදුණු ඉලක්ක කියලා ජාතියක් නැහැ. හරියටම අදාළ තැනට ප්‍රහාර එල්ල කරන දක්ෂයෝ විතරයි සියලු හමුදා වල ඉන්නේ. එවැනි අයට විතරයි බිලියන ගාණක් වටිනා යානයක් ගුවනට ගැනීම සඳහා අවසර ලැබෙන්නේ.



             මම මේ කිව්වේ දරුණු ලෙස යුද්ධය තියෙන වේලාවකදී හැසිරෙන ක්‍රමය ගැන විතරයි.අනිත් අවස්ථා ගැන ලියන්න කම්මැලියි. ආස කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් වලින් අහන්න.එක්කෝ අලුත් පෝස්ට් එකක් දාන්නම්.


         මම මේ කිව්වේ සරළව ජෙට් නියමුවෙක්ගේ උර මත පැටවෙන බර ගැන. ඊට අමතරව යානයේ ඉන්ධන , නියමිත උස , නියමිත වේගය අවස්ථානුකූලව පවත්වා ගන්න ඕනේ . වේගය වැඩි උනොත් නැවත අඩු කරගන්න බැහැ පාරේ යන වාහනයක් වගේ . ඉතිරිව ඇති අවි ප්‍රමාණය ගැන හිතන්න ඕනේ, අවි ඉවර වෙලා නම් වහාම ගෙදර එන්න ඕනේ. යානයේ නිරෝගී බව ගැන හිතන්න ඕනේ. සතුරු ප්‍රහාර නිසා යානයට හානි වෙලා නම් පරණ පුරුදු කරනම් , වෙට්ටු දාන්න බැහැ. එවැනි වෙට්ටුවකින් ඇතැම් විට යානය කොටස් වලට කැඩෙන්න උනත් පුළුවන්. අනිත් ප්‍රධානම දේ තමයි තමන් ගැන හිතන්න ඕනේ. දැනට කී පාරක් බ්‍රවුන් අවුට් උනාද , තව කී ගමනක් උහුලන්න පුලුවන්ද , තමන් ගත කරන්නේ කුමණ යුධ වාතාවරණයක්ද කියන දේ ගැන සැලකිලි මත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගුවනේ සිට වෙනත් යානයක් සමග සටනේ යෙදේ නම් විශේෂෙන්ම තමන්ගේ මොළයේ සහ හදවතේ ක්‍රියාකාරීත්වය ගැන හිතන්න ඕනේ. තද බල වංගු ගැනීමේ අවස්ථාවකදී නියමුවාට සිහි නැති වෙන්න පුළුවන්. සිහි නැති උන හැටියේ යානය තව තවත් පාලනයෙන් තොර වෙලා දරුණු ලෙස කැරකවීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් උණොත් නැවත සිහිය එන්නේ නැහැ නියමුවාට. සිහිය ආවත් මොළයේ , ස්වසන පද්ධතියට සම්බන්ධ නහර හෝ පෙනහළු වල නහර පුපුරලා තියෙන්න පුළුවන් ඒ වෙද්දීත්. සදාකාලික රෝගියෙක් විදිහට තමයි ඉන්න වෙන්නේ එවැනි දේකට මුහුණ පෑවොත්.


             ඔන්න තාමත් මම කිව්වේ නැහැ ප්‍රධානම ගැටලුව ප්‍රහාරක ජෙට් නියමුවෙක්ට තියෙන. ඒ තමයි ඉහත කියපු සියල්ල කරගන්න වෙන්නේ තනියම. සහය නියමුවෙක් නැති මිග් වැනි යානා වලදී ඇති වෙන ප්‍රධානම ගැටළුව තමයි ඉහත කියපු කරුණු එක්ක ලොකු පීඩනයක් ඇති වීම. ඒ පීඩනය තවත් වැඩි වෙන්නේ ගුවනේදී තනි වීමත් සමග. කතා කරන්න කියලා හරි ඉන්නේ තමන්ගේ අණ දෙන නිලධාරියා හෝ සහය යානා වල නියමුවන් පමණයි. කතා කරත් කතා කරන්නේ ඉතාම සුළු වචන කීපයක් පමණයි. උස , වේගය , අවි ප්‍රමාණය , ඉලක්කය පෙනෙනවාද නැද්ද යන්න වැනි දෙයක් විතරයි කතා කරන්නේ. අනිත් වැදගත්ම දේ තමයි සහය යානා වල චිත්ත ධෛර්යය බිඳ වැටෙන දේවල් කියන්නේ නැහැ. ඒ වගේම අති විශේෂෙන් සළකන දෙයක් තමයි තමන්ගේ සගයෝ ටික නිරුප්‍රද්ධිතව ඉන්නවද කියලා සෑම විනාඩි කීපයකටම වරක් හොයලා බලන එක. එක්කෙනෙක් හරි නියමිත කාලය ඇතුළත පෙනී සිටියේ නැහැ කියලා දැනුනොත් වහාම ඔහු ගැන හොයාබලන්න ඕනේ. ඔහුව බේරා ගන්න යන්න ඕනේ.සගයෝ ටික ගැන නිතර අවදානෙන් ඉන්නේ. එක්කෙනෙක් හරි මිසින් උන හැටියේ රේඩාර් එකට වදිනවා. පුරුදු උනාම ඉබේම මේ සියල්ල ගැන පට පට ගාලා චෙක් වෙනවා. තත්පර 10 ක් ඇතුළත යානයේ තත්වයත් හොයලා , ප්‍රධාන කඳවුර එක්කත් කතා කරලා , සගයෝ ටික ගැනත් බලලා , ප්‍රහාරත් එල්ල කරලා , තමන්ගේ සෞඛ්‍ය මට්ටමත් ගැන බලලා , නැවත ඊළඟ තත්පර 10 සඳහා ලැස්ති වීමත් වෙන්න ඕනේ. ඉතා කෙටි කාලයක් ඇතුළත සියල්ල කරන්න මේ අය දක්ෂයෝ. ඒ වගේමයි වසර කීපයක රාජකාරී අවසානයේ බොහෝ නියමුවන් දරුණු ලෙස රෝගී වෙනවා.




ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෝ




             මේ අයට තියෙන මූලික වාසියක් තමයි අධික G Force තත්වයන්ට මුහුණ දෙන්න නොලැබීම. හැබැයි ජෙට් නියමුවෙක්ට සාපේක්ෂව මේ අයට පැටවෙන බර වෙනස්. වෙනම දවසක මේ අය ගැනත් කියන්නම්.


____________________________

                  පුද්ගලිකව මම දරණ අදහස තමයි කිසිම කෙනෙක් තව කෙනෙක්ට වඩා අදක්ෂ නැහැ. ජෙට් නියමුවෙක්ට සාමාන්යෙන් හෙලිකොප්ටර් එකක් ගෙනියන්න පුළුවන් ඉතාම පහසුවෙන්. ඉහත විස්තර කරපු විදිහට ජෙට් නියමුවෙක් කියන්නේ ලොකු දක්ෂයෙක්නේ. හැබැයි යුධමය පසුබිමකදී නම් ජෙට් නියමුවෙක්ට හෙලිකොප්ටර් එකකින් මීටර් 500 ක් වත් ගිහින් යුද්ධ කරන්න බැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අනිත් දවසේ කතා කරමු.


             මට මේ පෝස්ට් එක ලියන්න හිතුණේ අපේ විචාරකතුමාගේ නියමුවන් රහිත ප්‍රහාරක යානා පෝස්ට් එක දැකපු නිසා. එතනදිත් මම කමෙන්ට් කීපයක් දාලා ඇති ගුවන් නියමුවන් ගැනත් ගුවන් යානා ගැනත්. ආස අය ඒවත් බලන්න.





මතු සම්බන්ධයි . මීළඟ කොටස තුළින් හෙලිකොප්ටර් නියමුවන්ගේ වෙනස් කම්ද , 3 වන කොටස තුළින් ගුවන්යානා ක්‍රියාකාරීත්වය ගැන දෙවන මට්ටමේ පැහැදිළි කිරීමක්ද බලාපොරොත්තු වන්න. පාලන පුවරුව , වෙනත් උපකරණ ගැනත් කතා කරන්න ඉඩ ලැබේවි ඒ ලිපි වලදී. එසේම අද කොටස ලියා ඇත්තේ සරළව කෙනෙකුට අවබෝධයක් ගන්න පුළුවන් විදිහට. වැඩේ සංකීර්ණ කරගන්න ආස අයට කමෙන්ට් විවෘතයි...

ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.".

ළන් වීමක මිහිර ..!


129 comments:

  1. wedagath karunu godak tiyanawa.

    ReplyDelete
  2. ඔක්තෝබර් මස 10 වැනිදා පමණ වන තෙක් නව පෝස්ටු පල නොවණු ඇත. ???

    ReplyDelete
    Replies
    1. me post eka liwwe danata paya dekakata wage kalin. hethuwa mama kiyala thiyenawa post eke.. ehema nowenna mama hitiye october mase 10 wage wenakam post noda inna..

      Delete
  3. good artical!!!
    but there some "Pada talk" like මේ ගැන තව දුරට කතා කරන එක හොඳ නැහැ. ඒවා රහස්.
    anyway this is what i feel, but this is your blog & u can write whatever u wants

    ReplyDelete
    Replies
    1. #####හරියම ඉලක්කයට මීටර් 4ක් වගේ ඇතුළත ප්‍රහාරය කරන්න තරම් නියමුවන් දක්ෂයි. යන වේගය , උස , අවියේ ස්වභාවය වගේ කරුණු අනුව තමයි නියමුවා තීරණය කරන්නේ හරියම මොන වෙලාවේදීද FIRE කරන්න ඕනේ කියන දේ.#####

      මේ වගේ දේවල් ගැන නම් කොහොමවත් කරුණු කියන්නේ නැහැ. " ලොකු ටෝක් " දැම්මා කියලා හිතුවට කමක් නැහැ.. ඕවා මොනවද " සහන් කියන්නේ අමු තිරිසනෙක් " කියලත් මම අහගෙන ඉන්නේ..:P

      හැබැයි ඕවා ගැන දැනගන්න ඕනේ නම් මට ස්කයිප් කෝල් එකක් දෙන්න..මීට වඩා උදව්වක් කරන්න පුළුවන් වේවි මට..

      Delete
  4. තිබහ ගියේ නැහැ. තව බොන්න ඕන.
    තව විස්තර දාපන් සහන්. වෙන වල්පල් නැතුව ඊළඟට මේකෙම ඉතුරුටික දාන්න. ජෙට් නියමුවෙක් කොතරම් මානසික පීඩනයකට ලක්වෙනවද කියලා හොඳ අවබෝදයක් අවා. ඔබ කියපු සියලුම procedures ගොඩක් films වලනම් දැකලා තියෙනවා. හෙලිකොප්ටර් නියමුවන්ට ඔය ගැටළු නැති වුනාට ගොඩබිමෙන් එල්ල වන ප්‍රහාර වලින් ඇතිවන අවදානම වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය දෙවෙනි කොටස ගැන තමයි මටත් තියෙන ප්‍රශ්නේ රංග.. දැනට මගින් නැවතුනු පොස්ට් 5 ක් විතර තියෙනවා බ්ලොග් එකේ.. අපි බලමු ඒවත් හෙමීට දාන්න..රංග අන්තිමට කියපු දේ ඇත්ත හෙළි නියමුවෝ ගැන..අපි ඊළඟ එකේදී කතා කරමු විස්තර..

      ගුවනේදී ඇති වෙන පීඩනය ගැන නම් කතා කරන්න බැහැ, ඒ කිව්වේ විස්තර කල නොහැකියි. මර බිය කියන දේ ඇති වුනු කෙනෙක් විතරයි ඒක දන්නේ රංග.. ඒ පීඩනය සමග ඉහළින් ලැබෙන නියෝගත් ඉටු කරමින් , සහෝදර සේනාංක වල ජීවිතත් බේරන් නැවත ගෙදර එනවා කියන දේ කරන්න ලේසි නැහැ. යානයක් ගුවනට නග්ගන්නේ වෙනත් සහයක් ගත නොහැකිම තැන් වලදියි. ඉතින් හරියටම ලැබුණු ඉලක්කය සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම නොවුණොත් සමහර වෙලාවට ගොඩබිම් සෙබළු 200 කගේ විතර ජීවිත නැති වීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

      උදාහරණයක් : අපේ කඳවුරක් තියෙනවා කියන්න සෙබළු 200 ක් ඉන්න. සතුරු වාහන 20 ක් විතර කඳවුර දිහාට එනවා කිලෝ මීටර් 10 ක් ඈතින්. අපිට අණ ලැබෙනවා ඒ වාහන පෙළ විනාශ කරන්න.වාහන පෙළ විනාශ කරගන්න බැරි උනොත් එහෙම අපේ මිතුරු සෙබළුන්ගේ ජීවිත නේද විනාශ වෙන්නේ...?

      " ගුවන් ප්‍රහාරය අසාර්ථක වෙලා ජීවිත 200 විනාශ උනා" කියන හැගීම කොහොම වේවිද ..? මුළු කඳවුරම කැති ගාලා ගිහින් කියලා ආරංචි උනොත් කොහොමද පහුවදාට ..?යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් යුද්ධ කියන්නේ එහෙම තමයි කියලා.. ඒත් තමන්ට වෙලා බලන්න ඕනේ රඟේ..

      Delete
    2. එහෙම දෙයක් උනොත් ජීවිත කාලෙටම හිතට පසුතැවීමක් වෙයි. පඩියට වැඩ කලාට ඔවුන්(සියලු විරුවන්) කරන වැඩේ අගයන්න පඩිය මදි කියලයි මට හිතෙන්නේ.

      ඔබගේ බ්ලොග් එකේ ඉතා වටිනා ලිපි තියෙනවා. මම ටික ටික පරණ ඒවා කියවනවා. ඔබ එක තැනක කියලා තිබුනා ඇන්ටනාවක් හදන හැටි කියනවා කියලා. එහෙම ලිපියක් දැම්මා ද? නැත්නම් ඉදිරියේදී දාන්න. කඩෙන් ගන්නවට වඩා තමන් හැදුවම තියෙන හැගීම කියන්න බැහැ.

      Delete
    3. \\\ඔබ එක තැනක කියලා තිබුනා ඇන්ටනාවක් හදන හැටි කියනවා කියලා. එහෙම ලිපියක් දැම්මා ද? \\\

      ඔහොම කතාවක් මම කිව්වද :P


      \\\එහෙම දෙයක් උනොත් ජීවිත කාලෙටම හිතට පසුතැවීමක් වෙයි. පඩියට වැඩ කලාට ඔවුන්(සියලු විරුවන්) කරන වැඩේ අගයන්න පඩිය මදි කියලයි මට හිතෙන්නේ. \\\

      පඩි නෙවේ රංග ලැබෙන්නේ.. පොඩ්ඩ වැරදුන ගමන් " අමන හැත්ත " කියලා නිග්‍රහ තමයි ලැබෙන්නේ සිවිල් සමාජෙන්..මේ බ්ලොග් ලෝකෙන්ම උදාහරණ හොයාගන්න පුළුවන්..

      රංග මතක් කල එක හොඳයි.. මම ඒ ඇන්ටෙනාව හදන හැටි දාන්නම්..අඩුම තරමේ කටු සටහනක් හරි.. ( ඕක හරියට පැහැදිළි කරලා , තියරිය වෙනම කියලා දීලා , ප්‍රැක්ටිකල් එක වෙනම කියලා දෙන්න හිටියොත් කවදාවත් ඇන්ටෙනාව හදන්න වෙන්නේ නැහැ.ඒ නිසා කෙලින්ම ඇන්ටෙනාව හදමු )

      Delete
    4. //ඔහොම කතාවක් මම කිව්වද//
      මේ comment එකේ කියලා තියෙනවා
      http://obeth-mageth-addakeem.blogspot.com/2013/03/lightning-precautions.html?showComment=1364559987453#c2056243457264470930

      //silentsahanMarch 29, 2013 at 5:56:00 PM GMT+5:30

      ස්තූතියි රූ අගය කරාට ලිපිය කියවලා ....
      ඔව් මම අකුණු සන්නායකයක් හදන හැටි ගැන
      post එකක් දාන්නම් එහෙනම් ..හැබැයි TV ඇන්ටෙනාවක්
      හදන හැටි දැම්මට පස්සේ...

      ස්තූතියි රූ නැවත එන්න...///

      තියරිය නම් නැතත් කමක් නැහැ ටිකක් දන්න නිසා. ප්‍රැක්ටිකල් තිබුනම මටනම් ඇති.

      Delete
    5. නැහැ නැහැ මට මතකයි..මම විහිළුවක් කලේ.. මට විශ්වගේ සයිට් එකේ ලිපිනය දෙනවද ..? රෝල්ට දාගන්න ඕනේ.. මෙතනම හොට් ලින්ක් කරන්න..අනිත් අයටත් යන්න පහසුවක් වේවි..

      Delete
    6. මට බ්ලොග් ලියන්නේ නැහැ සහන්. මගේ සයිට් එකක් තමයි BoomPeek.com

      Delete
    7. \\\ඔබ එක තැනක කියලා තිබුනා ඇන්ටනාවක් හදන හැටි කියනවා කියලා. එහෙම ලිපියක් දැම්මා ද? \\\
      මාත් ඔය ප්‍රශ්නෙ අහල ඇති. උත්තරයක් වත් තිබුනෙ නෑ.

      Delete
    8. හපොයි පරණ ණය කාරයෝ ඇවිත් ...මම ගෙදර නැහැ කියන්න..

      Delete
  5. නොදැන උන්නු කරුණු මේ ඔක්කොම වගේ සහන්. පාබල සොල්දාදුවන් විසින් අදාල Grid එක ලබා දුන්නාම ඒකේ අනුරුව GPS එකකට අරන් අදාල කරන තැනට ප්‍රහාරය සිදු කිරීමයි සිදු කරන්නේ නේද සහන්?..

    ReplyDelete
    Replies
    1. ඔව් රති..ඒ කාර්ය කරන්නේ ඉහළ ආරක්ෂක ප්‍රධානීන්.. එයාල තමයි සිතියම් , ප්‍රහාර සැළසුම් හදන්නේ.. ඒවා ගැන මගේ කලින් පොස්ට් කීපයක ඇතුලත්.. ඉන්නකෝ ලින්ක් හොයලා දාන්න...

      ඉහළින් ලැබෙන නියෝග තමයි නියමුවන් අතින් ක්‍රියාත්මක වෙන්නේ..

      Delete
  6. This one is awesome. Keep writing this kind of article

    Korale mahaththayaa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොරලයෝ... ගෙදරින් ලොග් වෙලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් නිදහසේ..

      Delete
  7. මේ දවස් ටිකේ ෂොප් එකේ පොඩි වෙනස් කිරීම් ටිකක් කරනවා නිදහසේ මෙච්චර දිග පොස්ට් කියවන්න වෙලාවක් නැ. මේවා හෙමින් කියවලා ඔලුවට දාගන්න ඕන. පස්සේ එන්නම්.

    ReplyDelete
    Replies
    1. රයිට් නිශාන්ත.. ආ බව සටහන් කිරීම වටිනවා...:)

      Delete
  8. 10 වෙනිදා වෙනකම් නෑ කියල ඊයේ දැක්ක නිසා අද බැලුවේ නෑ .. මෙන්න මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා.. :) කොහොම වුනත් සිරා පොස්ට් එකක් .. මම දන්නා එයාර් ෆොස් අයියා කෙනෙක් හිට්යා එයා පැරලයිස් වගේ වෙලා හිටියා ඔය මොකක් හරි කේස් එකක් වෙලා .. මැඩම් ගේ කාලේ. එයාව එහෙම උඩින් අරන් ගිය කෙනෙක් .. සහන් සමහරවිට දන්නවා ඇති ... පහු කාලේ ජිවිතේ ගැන තේරුම් ගන්න ගොඩක් උත්සාහ කළා .. දැන් ටික කාලෙකට කලින් නැති වුනා ..

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක හදිසියේ පැය දෙකට ලියපු එකක් පැතුම්.. කීප දෙනෙක්ම කිව්වා බ්ලොග් එක පාලුවට යන්න දෙන්න එපා කියලා.. මොකද කට්ටිය හැලෙනවනේ එක දිගටම පෝස්ට් නොවැටී ගියාම..ඉතින් දඩ බඩ ගාලා ලිව්වා ...


      මම හරියටම දන්නේ නැහැ පැතුම් ඔයා කියන අයියා ගැන...මැඩම්ගේ කාලේදී හරි අමාරුවෙන් ඇදගෙන ගියේ.. කිසිවෙක්ට දොස් කියන්නේ නැහැ මම නම්.. සියලු දෙනාගේ චිත්ත ධෛර්යය බිඳ වැටීගෙන යන්න ගත්තා.. ( තව කියන්න නම් දේ තියේ )

      \\\පහු කාලේ ජිවිතේ ගැන තේරුම් ගන්න ගොඩක් උත්සාහ කළා .. \\\

      කාගේ / මොනවගේ පහු ගිය කාලෙද පැතුම් ...තේරුනේ නැහැ...

      \\\දැන් ටික කාලෙකට කලින් නැති වුනා ..\\\

      කව්ද ..? ඒ අයියද ..? මේකත් මට තේරුනේ නැහැ..

      Delete
    2. පැතුම් ඔබ ගුවන් නියමුවෙක් සම්බන්දවද කියන්නේ,ඔහු රාගම පුනරුත්තාපන රෝහලේ ප්‍රතිකාර ලැබුවෙක්ද?.පසුකලෙක මා ප්‍රතිකාර පිණිස එහි ගියවිට,මට නියමිත ඇඳ ලබාදුන් හෙදිය පැවසුවේ මෙම ඇඳේ මීට ඉහත ලැගුම් ගත්තේ ගුවන් නියමුවෙකු බවයි.ඔහු හෙලිකොප්ටර් යානයක් පැදවූ බවත් කිසියම් කලපුවකට යානය කඩාවැටීමෙන් සදහටම ආබාධිත වූ බවත් ඇය විසින් ප්‍රකාශ කළා........ පැතුම්@ ඔබේ කොමෙන්ටුව දුටුවිට මගේ පැරණි මතකයක් අවදි වූ නිසයි මේ කොමෙන්ටුව දැමුවේ සහන් !! ඔබේ බ්ලොග් ලිපියෙන් බොහෝදේවල් දැනගත්තා.සැබෑ ජීවිතයේදී ඔබ කවරෙක් වුවත් ඔබ දන්නා දේවල් දැනගත් වෙනත් මිනිසුන් සුලබ නැති බව කිවයුතුයි .

      Delete
    3. මම කිව්වේ ගුවන් නියමුවෙක් ගැන තමයි .. ටික කාලයක් ආශ්‍රය කරපු කෙනෙක් ... රාගම රෝහලේ හිටියද කියල නම් මම දන්නේ නැ.. මම එයාව අඳුර ගත්තේ ඔය සිද්දි ඔක්කොම වෙලා අන්තිම කාලේදී.. එතකොට හරියට කතා කරගන්නවත් ඇවිදගන්නවත් බැරුව හිටියේ.. එයාර් ෆොස් එකේ හිටපු එක දක්ෂතම කෙනෙක් කියල තම අපි දැන ගත්තේ.. අවසන් කාලේ එයයි වයිෆුයි දෙන්නම ධර්මය පැත්තට ගොඩක් නැඹුරු වෙලා ඒ කටයුතු වල නිරත වුණා.. පව් දුවල 2ක් හෝ 3ක් ඉන්නේ...

      Delete
    4. @ අනෝ

      මේ අර දවසක් මාතලන්ගේ බ්ලොග් එකදි හමුවුණු යාලුවද ..?

      @ පැතුම්

      සියලු දෙනාගේ අවසානය ඔන්න ඔහොමයි විසදුණේ... අන්තිමට කාත් කව්රුත් නැතුව මැරිලා යනවා..පුදුම කළකිරීමක් පැතුම්...

      Delete
    5. අනික් පිලේ විරුවන් ගැනත් අපි හිතන්න ඕනේ මේ විදිහටමයි.. සියලු දෙනාම විරුවෝ.. ( පැති දෙක විතරයි වෙනස් )

      Delete
    6. ඔබ හරි සහන්

      Delete
  9. අවශ්‍ය කොටස් ආවරණය වන පරිදි සහ රහස්‍ය භාවය රැකගනිමින් ඉදිරිපත් කර ඇති සාර්ථක ලිපියක් ලෙස හඳුන්වන අතරම, මේ ලිපිය ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. ප්‍රහාරක යානයක අවි අවසන් වෙනවා යන්න වෙනුවට, පතරොම්, මිසයිල්, ආදිය අවසන් වෙනවා කියා ලිව්වානම්, පාඨකයාගේ අවබෝධය තවත් පුළුල් වෙනවා. මෙවැනි ලිපි, ඉක්මනින් ජනප්‍රිය වෙනනිසා, මීට කලින් කොටස් නොකියවූ අයත් ලිපි බලනවා. ඒ නිසා Brownout වැනි යෙදුම්, සෑමවිටම වරහන් තුල හෝ ලිපිය අවසානයේ පැහැදිලි කරනවානම් හොඳයි. මේ නියමුවන් දෙගොල්ලෝ එකිනෙකාට කරගන්න විහිලු තියනවා. සමහර ඒවානම් ලියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. \\\අවශ්‍ය කොටස් ආවරණය වන පරිදි සහ රහස්‍ය භාවය රැකගනිමින් ඉදිරිපත් කර ඇති සාර්ථක ලිපියක් ලෙස හඳුන්වන අතරම, මේ ලිපිය ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා\\\

      ස්තූතියි විචාරකතුමනි.

      \\\\ප්‍රහාරක යානයක අවි අවසන් වෙනවා යන්න වෙනුවට, පතරොම්, මිසයිල්, ආදිය අවසන් වෙනවා කියා ලිව්වානම්, පාඨකයාගේ අවබෝධය තවත් පුළුල් වෙනවා.\\\\

      ඒක ඇත්ත ..ඊළඟ පාර විස්තර ඇතුව ලියමු..මම වැඩිය දේවල් ලියන්න ගියෙත් නැහැ..


      \\\\\ඒ නිසා Brownout වැනි යෙදුම්, සෑමවිටම වරහන් තුල හෝ ලිපිය අවසානයේ පැහැදිලි කරනවානම් හොඳයි. \\\\

      ඒක ඇත්ත විචාරකතුමනි.. මම පැහැදිළි කරන්නම්... කලින් ලිපියේ දීර්ඝව ඕවා ගැන කතා කරපු නිසයි මේ කොටසට ඇතුළත් නොකළේ..නමුත් ලබන පාර ඇතුළත් කරමු..


      \\\\මේ නියමුවන් දෙගොල්ලෝ එකිනෙකාට කරගන්න විහිලු තියනවා. සමහර ඒවානම් ලියන්න බැහැ. \\\\

      දැන් ඉතින් බළලා ගලේ පහරන් ඉවරනේ... ඕනේ දෙයක් කියන්න.. තව මේකේ හංගන්න දෙයක් නැහැ නෙව..

      Delete
  10. තව පාරක් කියවන්න ඔන මෙක.මම කොහෙදිහරි දැක්ක ඔය විදියට සතුරු ගුවන් යානයක් කියල මගී යානයකට ඇටැක් කරපු කතාවක්.එකෙදි අනතුරු ඇගවිමෙ වෙඩි පයිලට් දැකල නැ.

    ReplyDelete
    Replies
    1. දමිත් කියනවා වගේ සිද්දි වෙන්නේ ඉතාම කලාතුරකින්.. අනිත් දේ තමයි පිට ලෝකෙට දැනගන්න ලැබෙන්නේ වෙනම කතාවක්.. සත්‍ය ලෙසම ගුවනේ වුණු දෙයක් දන්නේ නියමුවන් දෙදෙනාත් ඔවුන්ගේ අණ දෙන නිලධාරියාත් විතරයි..

      එහෙම එකේ කොහොමද පිට කෙනෙක් කියන්නේ " අරහෙන් ආවා , දෙකක් ගැහුවා . පළවෙනි එක උඩින් ගියේ..ඊට පස්සේ දෙවෙනි එක ගැහුවා.. ඒක වැදුණේ ලේෆ්ට් වින්ග් එකට .. ටික ටික නෝස් එක ඩවුන් ගියා ... etc etc.. "

      නිකන් පචනේ දමිත්...

      Delete
    2. දමිත් කියන්නේ korean air line වල 007 ප්ලේන් එක ගැන වෙන්නැති.ඒකටත් කතන්දර ගොඩක් කියනවනේ.

      Delete
    3. හරියටම කියන්න නම් මට දැනුමක් නැ මචො.මම එක කියෙවුවෙ මොකක් හරි සගරාවකින් වෙන්න ඔන.නිකම් කියපු එකදත් මන්ද.හැබැයි එකෙ තිබුනෙ එ ගැන කරපු ඉන්වෙස්ටිගේෂන් එකෙ විස්තර මට මතක හැටියට.එ ඔක්කොම සලකල ගත්ත තිරනෙ තමයි පයිලට දකින්න නැතුව ඇති කියන එක,හැබැයි ඔක්කොම ලොකෙට කියන්න හදපු බොරු වෙන්නත් පුලුවන්.

      Delete
  11. ///වේගය වැඩි උනොත් නැවත අඩු කරගන්න බැහැ/// උඩූගුවනේදී ක්ෂණිකව වේගය අඩු කරලා සතුරු යානා මගහරවන්න හැකි තාක්ෂණයක් සහිත ගුවන් යානා තියෙනවා නේද ලගදි හදපු.මට නම මතක් වෙන්නේ නැහැ.

    හඃ මමත් හිතන්හිටියේ ඔක් 10 වෙනකම් මුකුත් නැහැයි කියලා. මේ දාලා තියෙන්නේ සුපිරි ලිපියක්. මමත් මේ දවස්වල RC plane එකක් හදන්න පටන් ගත්තා ටිකක් කල් යයි වැඩේ ගොඩදාගන්න. ගගන තාක්ෂනය කියන්නේ මම ආසම විශයයක්. හෙලිකොප්ටර් ගැනත් පොඩි ලිපියක් හරි දන්න පහසු වෙලාවක.
    ethics පැත්ත වගේම තාක්ෂනය ගැනත් පොඩ්ඩක් විතර එකතු කරන්න පුලුවන්නම් හොඳයි. මටත් ගොඩක් දේවල් දැනගන්න තියෙයි ඔබගෙන්.
    ස්තුතියි මේ අගනා ලිපියට..!

    ReplyDelete
    Replies
    1. වේගය අඩු කරගන්න ක්‍රම කීපයක් තියෙනවා ජෙට් වල සහ හෙළි වල..ජෙට් එකක නම් බොහෝ වෙලාවට අංශක 20 කින් වගේ තද වංගුවක් හෝ ඉහළ නැගීමක් කරනවා..එවිට බොහෝ සෙයින් වේගය අඩු වෙනවා.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ටාර්ගට් එකට ලං වෙලා ඉද්දි වේගය අඩු කරන්න කියලා වංගු ගන්න බැහැ..එතකොට ටාර්ගට් මිස් වෙනවා... තේරුනාද හරියටම හරියන වේගය පවත්වා ගැනීමේ උවමනාව ..?

      ( මිග් එහෙකට පුළුවන් තත්පර 7 න් එක එල්ලේ අංශක 90 ට කිලෝ මීටර් එකක් ඉහළ නගින්න. ඒ කියන්නේ විනාඩි එක හමාරෙන් පුළුවන් අඩි 45,000 උඩට යන්න. කිසි ජගතෙක්ට බේරෙන්න බැහැ...)

      හෙලියක වේගය අඩු කරගන්න ක්‍රමය ගැන ඊළඟ එකෙන්ම කතා කරමු නේද ..? තාම හෙළියක ක්‍රියාකාරීත්වය ගැන කියල දීලත් නැහැනේ මම..

      ||| මමත් මේ දවස්වල RC plane එකක් හදන්න පටන් ගත්තා ටිකක් කල් යයි වැඩේ ගොඩදාගන්න. ගගන තාක්ෂනය කියන්නේ මම ආසම විශයයක්. හෙලිකොප්ටර් ගැනත් පොඩි ලිපියක් හරි දන්න පහසු වෙලාවක. ||||

      අවශ්‍ය දෙයක් තියේ නම් අහන්න මොරේ.. ගොඩදාගන්න පුළුවන් වේවි අපිට..


      |||||ethics පැත්ත වගේම තාක්ෂනය ගැනත් පොඩ්ඩක් විතර එකතු කරන්න පුලුවන්නම් හොඳයි. මටත් ගොඩක් දේවල් දැනගන්න තියෙයි ඔබගෙන්.|||||

      ඔව් දෙකම කතා කරන්න ඕනේ..මේ ලිපිය ලිව්වේ එතික්ස් ගැන සහ එදිනෙදා අද්දැකීම් ගැන කතා කරන්න.. තාක්ෂණික ලිපි ටික වෙනම ලියන්න ඕනේ.. ඉස්සෙල්ලා බලන අයට ආසාව ඇති කරවලා ඉන්න එපැයි...


      ස්තූතුයි මොරබ්බා ඔබේ අදහස් දැක්වීම ගැන.. දිගටම එන්න .. ඇති වෙන ගැටළු අහන්න මගෙන්...

      Delete
  12. පලවෙනි ජෙදේ ඉවර උනහම පොඩි කොටුවක් වගේ එකක් තියෙනවා ජෙට් නියමුවන් පටන් ගන්න කලින් නිකමට වගේ ඒක ඔබල බලන්න කට්ටිය :D

    ReplyDelete
  13. \\\ඒ වගේමයි වසර කීපයක රාජකාරී අවසානයේ බොහෝ නියමුවන් දරුණු ලෙස රෝගී වෙනවා.\\\

    ඊට පස්සේ එයාලගේ ඉරණම මොකක්ද ? මෙච්චර ලොකු සේවයක් කරපු වෝ හිරෝස්ලට සලකන්නේ කොහොමද ශිෂ්ට සම්පන්න රටකින් ? (මම කිව්වේ අපේ රට ගැන නෙවෙයි.. හික්ස් )

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ එයාලගේ ඉරණම තමයි හමුදා රෝහලක ජීවිත කාලයම ගත කරන එක.. මම වගකීමෙන් කියනවා සියලු පහසුකම් ලැබෙන්නේ නැහැ. නිසි පුහුණුවක් ලබපු රෝහල් කාර්යමණ්ඩලයක් නැහැ.. හමුධා නිළධාරීන්ගේ උවමනා එපාකම් ගැන අවබෝධයක් තියෙන මිනිස්සු නෙවේ වැඩ කරන්නේ...

      ඉතා කණගාටුදායකයි.. අම්මා තාත්තා ඉන්නකම් බලයි..එතනින් එහාට කාත් කව්රුත් නැහැ...

      Delete
    2. ඇත්තටම කණගාටුදායකයි.....රටකට මෙච්චර ලොකු සේවයක් කරලා මෙහෙම වෙන එක ගැන..
      මේකට හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ ....

      Delete
  14. "එකක් කියන්න ඕනේ වැරදුණු ඉලක්ක කියලා ජාතියක් නැහැ. හරියටම අදාළ තැනට ප්‍රහාර එල්ල කරන දක්ෂයෝ විතරයි සියලු හමුදා වල ඉන්නේ. " Really ??? :)

    ReplyDelete
    Replies
    1. Really ?// තප්පර කිහිපයකට දැකපු ලන්තෑරුම් එලියට තිතට ඉලක්ක ගත්තු දක්ෂ අයත් ලංකාවට සේවය කරලා තියනවා

      Delete
    2. හරියට හරි නිකං .. අති දක්ෂයෝ ඉන්නවා අපි සතුව... කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බැහැ ...

      Delete
  15. හුඟක් කරුණු දැන ගත්ත වටිනා පෝස්ට් එකක් කිවුවිතින් නිවැරදියි මේක.. ඊලග ලිපියත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්... ඊළඟ එක බලන්නත් එන්න..

      Delete
  16. මට වෙලාවකට බොලාගෙ වපසරිය හිතා ගන්න බෑ සහන්, විවිධ ක්ෂේත්‍ර ගැන ඔබට තියෙන්නෙ ප්‍රශස්ත මට්ටමේ දැනුමක්...මම මේ විචාරක තුමාගෙ බ්ලොග් එක කියවනවද කියලත් ආයෙත් බැලුවා මේ වගේ මාතෘකාවක් ගැන බ්ලොග් සටහනක් ලියලා තිබුන නිසා..ඉතාම වටිනා ලිපියක්...මේ වගේ විස්තර අපේ වගේ රටක පොදු ජනතාවට එතරම් දැනගන්න ලැබෙන්නෙ නැති දේවල්...තවත් ලියන්න...වැඩි වැඩියෙන්... ජය !

    ReplyDelete
    Replies
    1. මම පොඩි කාලේ ඉඳල එක එක දේවල් ගැන උනන්දුයි සිරෝ..ආසාවට ඉගෙන ගත්තා..ඒවා තමයි නිදහසේ ඉන්න ගමන් ලියන්නේ... දන්නවා ඇතිනේ මම අවුරුදු 2,3 විතර නිවාඩුවක් ගන්න බව...සිරා නැති දවස් වලත් මම එක එක දේවල් ගැන පෝස්ට් දැම්මා.. වෙලාවක් ඇති විටක ඒවා බලන්න..ළූණු බිකත් බඩටනේ...

      \\\මේ වගේ විස්තර අපේ වගේ රටක පොදු ජනතාවට එතරම් දැනගන්න ලැබෙන්නෙ නැති දේවල්...තවත් ලියන්න...වැඩි වැඩියෙන්... ජය !\\\\

      අනිවාර්යෙන් ලියනවා සිරා.. තව පෝස්ට් කීපයක් තියෙනවා draft වල හිර කරන් ඉන්න...ඒ ටිකත් දැම්මට පස්සේ හිත නිදහස්.. දිගටම එන්න සිරා.. වචනෙත් හයියක්...

      Delete
    2. දිගටම එන්න කියලා හැමදාම කියන්න එපා සුදෝ...දිගටම එනවා...

      Delete
  17. වැරදුන ඉලක්ක කියල ජාතියක් නැද්ද නැත්තං ඒ ඉලක්ක ගැන එළිකිරීමක් කරන්නෙ නැද්ද.
    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. නිළලත් මට්ටමෙන් වෙන සාකච්චා , තොරතුරු කතා බහ කරගැනීම් තියෙනවා නියමුවන් , සේනාංක ප්‍රධානීන් , ඉහළ නිළයන් අතර..ඒ අරුණු කොට සාමාන්‍ය ජනතාවට නම් මොනවත් දැනගන්න ඉඩ තියන්නේ නැහැ..

      Delete
  18. ස්තුති යි තොරතුරු බෙදා ගත්තට. මේ දේවල් ගැන දැනන් හිටියෙ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි මේ ලිපිය කියවීම ගැන... තව විස්තර ටිකක් ඊළඟ එකෙනුත් කියන්නම්කො...

      Delete
  19. Replies

    1. මිසයිල ප්‍රහාරයකට ලක් වූ පසු කල හැකි එකම දෙය නම් ක්ෂණිකව යානයේ උපරිම වේගයට ලඟා වී තද වංගුවක් ගනිමින්ඉහළ නැගීමයි. පැයට කිලෝ මීටර් 1800 පමණ වේගයක් ඇති විටක තද වංගුවක් ගැනීමේදී G 8 සිට 13 දක්වා පීඩනයකට නියමුවා ලක් වේ. ( G බලය එක්තරා දුරකට දැරිය හැකි, ඔක්සිජන් සැපයුම සහිත පද්ධතියක් නියමුවා සතු වුවද එයට දැරිය හැකි සීමාවක් ඇත. ඒ ගැන මතු ලිපියකින් විස්තර සාකච්ඡා කරමු.මෙම ලිපිය හදිසියේ පළ කිරීමට සිදු වූ නිසා එම කොටස ඇතුලත් කිරීමට නොහැකි විය ) එනම් කිලෝ ග්‍රෑම් 80 බර නියමුවෙක්ගේ බර එක් තත්පරයෙන් කිලෝ ග්‍රෑම් 1000 දක්වා ඉහළ යයි.

      මෙම මට්ටමට ලඟා වන විට ඉතාම භයානක තත්වයක් ඇති වේ. මොළයේ ඇති සියලු රුධිරය ඉවත් වී පෙනහළු , බඩවැල් , කළවා දක්වා පැමිණේ. මොළයෙන් රුධිරය ඉවත් වීමත් සමග නියමුවා තත්පර කීපයකට පමණ brownout වේ. එනම් ඇස් බොඳ වී යාම , ක්ලාන්ත ගතිය වැනි තත්වයක්. එහෙත් දිගින් දිගටම මොළයෙන් රුධිරය ඉවත් වීමත් සමග නියමුවා සම්පූර්ණ ඉතිරිය කියවන්න.

      Delete
  20. මේක කියවනකොට මට එන පලවෙනි හැගීම තමයි .....සහන් කියන්නේ මොනවගේ මනුස්සයෙක්ද? කියන එක . අනික ජීවිතේ කවදා හරි දවසක් මේ යෝදයවනම් දැකගන්න ඕන කියන එක. ඊලඟ එක තමයි මොන මාතෘකාවක් ගැන කතා කලත් මෙයා ඒ ගැන පරතෙරටම දන්නවානේ කියන එක.
    ExellentSahan not SilentSahan

    ReplyDelete
    Replies
    1. අපි හම්බෙමුකෝ ඉවෝන් දවසක...මම යන්න කලින් ඔයාලා හැමෝම හම්බෙන්න එන්නම්..මම මේ ටිකේ විවේකෙන් ඉන්න නිසා හිතට එන ගොඩක් දේවල් කතා කර කර ඉන්න පුළුවන් බ්ලොගය හරහා.. හිතට එන දේවල් තමයි ලියන්නේ මේ විදිහට...

      ස්තූතියි නැවත වරක් අගය කිරීම ගැන..දිගටම එන්න ප්‍රගීත්...

      Delete
  21. niyamai. nodanna boho de dana ganna puluwan una. thank you

    ReplyDelete
  22. niyamai, nodanna godak de dana gatta. thank you

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්.. දිගටම එන්න..

      Delete
  23. ඔන්න මේ ලියල තියෙන එකට කිසිම අදාලත්වයක් නැති ප්‍රශ්නයක් අහනවා. මගෙ බ්ලොග් රෝලෙන් එක බ්ලොගක් අයින් කරන හැටි කියනවද ? එයා දවසකට දාන ලිපි ප්‍රමානය හින්දා මට ගොඩක් හොඳ බ්ලොග් මගහැරෙනවා. පි‍ටු දෙකෙක් විතර යන්නෙ එයගෙ හැලි..

    ReplyDelete
    Replies
    1. 01. https://www.blogger.com/home යන්න

      02. Reading list | All blogs මෙන්න මේ ටිකත් එක්ක තියෙනවා දකුණු පැත්තේ පොඩි රවුමක්.. නිකන් හරියට " නට් " එහෙක පෙනුමක් තියෙන්නේ..ඒක ඔබන්න..

      03. ඉවත් කිරීමට අවශ්‍ය බ්ලොග් එක තෝරන්න.. ( එහිද සෙටින්ග්ස් තෝරන්න )

      04. අන් ෆලෝ කරන්න...


      _________________________________________________________


      ඔය ඔක්කෝමටම වැඩිය ලේසියි අදාළ බ්ලොගයට යන්න.. එහි ඇති ෆලෝ ගැජට්ටුවෙන් අන් ෆලෝ කරන්න..මන් හිතන්නේ මම දන්නවා සරත් අයියා කියන බ්ලොග් එක.. මමත් අයින් කරා... මොකද සීමාව ඉක්මවා යනවා වෙලාවකට...

      Delete
    2. බ්ලොග් රෝලෙන් කියෙව්වම ඉවරයි. මම නං එහෙමයි කරන්නෙ. සරත් අයිය කියන්නෙ ෆලෝ කරපු ලිස්ට් එක ගැන වෙන්න ඕන. මම නං ඔය ලිස්ට් එක බලන්නෙම නෑ.

      Delete
  24. ඉතා විශාල කරුණු ගොඩක් දැන ගත්තා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග.. දිගටම එන්න සහ අනිත් ලිපිත් බලන්න බ්ලොග් එකේ තියෙන..

      Delete
  25. //ඊට අමතරව යානයේ ඉන්ධන , නියමිත උස , නියමිත වේගය අවස්ථානුකූලව පවත්වා ගන්න ඕනේ//

    ඉතින් සහන් ඔය වැඩේ කරන්න එයාර් ට්‍රැෆික් කොන්ට්‍රොලර් කෙනෙක්ගෙ උදවු ගන්න බැරිද?
    හරියටම ටාගට් එක දන්නව නම් උස, වේගය, ෆයර් කරන්න ඔනේ වෙලාව කලින් සැලසුම් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔයාල එයාර් ට්‍රැෆික් කොන්ට්‍රෝලර් කියන කෙනා අපි හඳුන්වන්නේ අණ දෙන නිළධාරියා කියලා..පටල ගන්න එපා මම එහෙම කිව්වට.. අණ දීමේ නිළධාරියා සතුව තව කීප දෙනෙක් ඉන්නවා යුධ ශිල්පය / යානය ගැන හොඳින් දන්නා.. ඒ සියලු දෙනාගේ අවසන් තීරණය තමයි අණ දීමේ නිළධාරියා මගින් නියමුවාට ලැබෙන්නේ... පැහැදිලිද ..?

      \\\හරියටම ටාගට් එක දන්නව නම් උස, වේගය, ෆයර් කරන්න ඔනේ වෙලාව කලින් සැලසුම් කරන්න බැරිද?\\\

      මූලික සැලසුමක් ඇතුව තමයි පිටත් වෙන්නේ.. ඒත් යුධ බිමේදී ඇති වෙන තත්වය වෙනස්.. ඉහළින් උපදෙස් ගන්න වෙනවා... මේ ගැන ඉදිරි ලිපියකින් උදාහරණ සහිතව ලියන්නම්...

      Delete
  26. හොඳ ලිපියක්. ජපානෙට පරමාණු බෝම්බ දාපු නියමුවන්ට ඒ ගැන වැඩිපුර විස්තර කියල තිබුනෙ නෑ කියන්නෙ ඇත්තද? දන්නව නං කියපං

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි රාජ් මම දන්නෙත් අරයා මෙයා කියපු දේවල් විතරයි.. ඒ ඇරෙන්න අබමල් රේණුවක දෙයක් දන්නේ නැහැ.. දැනගන්න විදිහකුත් නැහැ නේද හොඳට කල්පනා කලොත්...? දැනට අවුරුදු 50 කට එහා සිද්දීයක්නේ ඒක..මේ වෙද්දී කොච්චර ලුණු ඇඹුල් වැටිලා ඇත්ද සත්‍ය වටා..?

      හැබැයි අද්දැකීමෙන් දේවල් ටිකක් කියන්න පුළුවන්..

      01. අති ප්‍රබල අවියක් නිසා දක්ෂම නියමුවන් තෝරා ගන්න ඇති.

      02. ඉතාම වැදගත් ප්‍රහාරයක් නිසා රහස්‍ය භාවය රකින්න ඇති.. ( ඇතැම් විට නියමුවන්ගෙන් පවා තොරතුරු වසන් කරන්න ඇති .. අවියේ ස්වභාවය , මැරෙන ගණන , අවියේ ම්ලේච්ඡ භාවය වගේ දේවල් )

      03. බෝම්භය හෙලීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් දෙන්න ඇති. ( ඒ කියන්නේ දාපු ගමන් වහාම පිට වෙන්න , උපරිම වේගයෙන් ඉවත් වෙන්න , පැය කීපයක් යනකම් එම ගුවන් කලාපයට නැවත යන්න එපා වගේ දේවල් )

      04. බොහෝ විට නියමුවන්ගේ ජීවිතත් නැති විය හැකි දෙයක් බව ඉහල නිළධාරීන් දැනගෙන ඉන්න ඇති..

      05. අපි කව්රුත් දන්නේ නැහැ ඇත්තටම TV එකේ කතා කරේ ඒ බෝම්බය හෙලපු නියමුවන්මද කියන්න..

      06. මතකනේ කිසිවෙක් කිසිවක් දන්නේ නැහැ...

      ( මටත් හෙණ ටොම් පචයක් අරින්න තිබ්බා බලන් උන්නා වගේ. )

      Delete
  27. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා යාලුවා. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පණ්ඩුකාභය... ඔබේ පැමිණීම ගැන බොහොම සතුටුයි මට... පුළුවන් වෙලාවක මට ඔබ සමග කතා කරන්න ඕනේ... ඔබ මට විශේෂිත පුද්ගලයෙක්...!

      Delete
  28. මගේ සමීපතම කෙනා නැති උනේ helicopter tail rotter failure එකකින්..ඒ දවස්වල මම හරියට ඔය ගැන හෙව්වා..පස්සෙ ඔය සම්බන්ධ හැම දෙයක්ම හිතට දුකක් නිසා අමතක කරන්න උත්සහ ගත්තා

    ReplyDelete
    Replies
    1. මුතු පබළු මම ඔයා ගැන දන්නවා.. මා අතින් වැරදීමකින් දවසක් ඔයාගේ හිත රිදවිලත් තියෙනවා.. ඒ ගැන සමාවන්න මට..පස්සෙයි මම දැනගත්තේ ඔබ කාගේ කව්ද යන්න.

      අනිත් අයගෙත් දැනගැනීම සඳහා මම කියන්නම් පොඩ්ඩක්...helicopter tail rotter failure එකක් ආවා කියන්නේ කිසිම විදිහකින් යානය බේරගන්න බැහැ මුතුපබලු..නියත වශයෙන්ම කණගාටු දායක දෙයක් බලාපොරොත්තු වෙන්න වෙනවා මුතු.. හෙළියක තියෙන ප්‍රධාන ගැටළුවක් මේ..ඉහළ අහසේදී උනොත් නියමුවන්ගේ ජීවිත බේරගන්න පුළුවන්.. ඒත් අඩි 3000 ට අඩු මට්ටමේදී උනොත් නියමුවන්ට යානයෙන් පිටතට එන්න ලැබෙන්නේ නැහැ. ( පිටතට ආවත් දරුණු ලෙස තුවාල වෙනවා.. ඒක ගැන කතා නොකර ඉමු ඔබට දරාගන බැරි නිසා )

      ඉහළ අහසේදී helicopter tail rotter failure එකක් ආවොත් අනිවාර්යයෙන්ම යානයෙන් ඉවත් විය යුතුමයි( that is a must ) . නැත්නම් තත්පර 12 ඇතුළත යානයේ බඳ කරකැවෙන්න ගන්නවා..RPM එක 60 වගේවත් වෙන්න කලින් ඉවත් විය යුතුමයි..ඒ කාලය ඇතුළත එළියට බැරි උනොත් යානය තුල නියමුවන් හිර වෙනවා..( නැවත එළියට එන්න ලැබෙන්නේ නැහැ මුතු )

      ඔබට සිදු වුණු දේ ගැන ඉතාම කණගාටුවට පත් වෙනවා.. පුද්ගලිකව silentsahan පිටුපස ඉන්න පුද්ගලයාගේ හිස නැමූ ආචාරය පිළිගන්නා මුතුපබලු...! ඔබට ගරු කරනවා එවැන්නෙක්ගේ සියලු දුක සැප බෙදාගැනීම ගැන. රාජකාරී පීඩනය දරාගන්න ඉන්නේ පෙම්වතිය හෝ බිරිඳ පමණයි..ඔබ හොඳින්ම දන්නවා ඇති ඒ පීඩනයේ තරම... මගේ ආචාරය පිළිගන්න මුතුපබලු...!

      Delete
    2. මේ ලිපිය කියවන්න මුතුපබලු. මෙවැනි අද්දැකීමක් ලබපු තව කෙනෙක් ඉන්නවා. නම් ගම් විතරයි වෙනස් ...! ළන් වීමක මිහිර ..!

      තම රාජකාරී ජීවිතය තුළදී එකිනෙකා දැනහඳුනාගත්තාවුන් දෙදෙනෙකු ගැන සටහනකි. තරුණිය පියාසර නිළධාරිනියකි. රාජකාරි අතරතුරදී ඈ දිවි නිමා කර අවසන්ය. ඔවුන්ගේ විවාහ සංවත්සරය මෙසේ ගෙවෙයි. මෙහි බොහෝ කොටස් සිතාමතා ඉවත් කිරීම හේතුවෙන් ඔබට අපැහැදිලි සහගත තත්වයක් ඇති වුණි නම් කණගාටුව. එසේ වුවද මේ ගැන මාගෙන් විමසු සියලු හිතවතුන්ට පුද්ගලික ප්‍රණාමය පුද කරමි.

      Delete
    3. මුතුපබළු @ මේ තරුණ ගුවන් නියමුවා අනතුරින් බරපතල තුවාල ලබා ආබාධිත පුද්ගලයෙක් වුවා නම් ඔබ ඔහුගේ ජීවිතයේ වගකීම බාර ගන්නවාද?.අඩුම වශයෙන් මෙවැනි කොමෙන්ටුවක් වත් ඔහු වෙනුවෙන් පලකරනවද?.මගේ අදහස නම් මේ කිසිදු දෙයක් නොවෙන බවයි.මියගිය ඔහු ගෙන් ඔබේ ජීවිතයට බලපෑමක් නැති නිසයි ඔබ මෙවන් කොමෙන්ටු දමන්නේ.

      Delete
    4. @ 1:11:00 PM GMT+5:30

      මචන් මම පුද්ගලිකව දන්නවා මුතුපබලු ගැන.. එයා වින්ද දුක මම දන්නවා.. ඒ නිසා අපි මේ චෝදනාවෙන් මුතුපබලුව නිදහස් කරමු... හැබැයි ඉහත චෝදනාවට ලක් වූ දහසක් දෙනා ඉන්නවා.. ඒක මම පිළිගන්නවා.................

      Delete
    5. මුතු පබලුම ඉලක්ක කළා නෙවේ සහන් යථාර්තය ගෙනහැර දැක්වීමක් කලේ.ඔබ දන්නවද? මා ආබාධිත වූ පසු මගේ ආදරවන්තිය මා හැරගියේ මද්‍යකාලීන යුගයේ වසංගතයකින් බේරී පලායන්නියක් ලෙසිනි.මා මියගියා නම් ඇයද මළසිරුර අසල පොළොවේ හැපෙමින් හඬනු ඇත.නමුත් මගේ ජීවිතය ඇයට දරාගන්නට බැරිවුණි.කොයි කවුරුත් ගැන මගේ නම් විශ්වාසයක් නැත.අතිමහත් බහුතර ගැහැනුන් ආලෝකයට ඇදෙන පලාපෙත්තන් මෙනි.

      Delete
    6. මේ කතාව ලිපියට අදාල නැහැ.ඇනොගේ කොමෙන්ටුව දැකල මම ආපහු ආවේ.මෙතන ලොකු කතාවක් හැංගිලා තියෙනවා සහන්. අපි ආදරය කියල අත් දකින දේ ගොඩක් වෙලාවට බොහොම පටු සීමාකාරී තැනක හිරවෙලා තියෙන දෙයක්. අපේ ඔළුවල සිහිනවල ගොඩක් වෙලාවට තියෙන ආදරේ හරි කෘතීමයි වගේ. අපි එකිනෙකාගේ පැවැත්ම මතයි ජීවත් වෙන්නේ ඒක තමයි පවුල් ඒකක හා සමාජය. අපි ඇත්තටම අන්‍යොනය ගනුදෙනුවක තමයි නිරතවෙලා ඉන්නේ. මම හිතන දෙයක් තමයි
      "සියලු අවශ්‍යතාවයන් ගනුදෙනු බැඳීම් චාරිත්‍ර යුතුකම් වගකීම් සම්ප්‍රදායන් මේ හැම දේම අයින්කරහම මොකක් හරි දෙයක් ඉතුරුවෙනවද ඒක තමයි ආදරය කියන්නේ" කියලා.
      මගේ කොමෙන්ටුවෙන් මුතුපබලුට හෝ ඇනෝට අපහසුතාවයක් උනා නම් කණගාටු වෙනවා...

      Delete
    7. නැහැ සහෝදරයා මටනම් ඔබේ කොමෙන්ටුවෙන් කණගාටුවක් දැනුනේ නැහැ.දැන් බොහෝ කල් ගතවෙලා,මගේ කෙස් රැවුල් සුදුවෙලා මා වියපත් වෙලා, මගේ මුළු තරුණ වියම රෝද පුටුවක ගෙවුන බව මටත් දැනුනේ නැහැ.කිසිවෙකු සමඟ මගේ සිතේ දේවේශයක් නැහැ.හිස දෙපළුවී ලැජ්ජා සහගත බැල්මකින් මිය ගොස් සිටි ප්‍රභාකරන්ටත් මා හිතින් සමාව දී අවසන්.කඳුකර වටපිටාවක හුදකලා ජීවිතයක් ගතකරන මගේ අතීත මතකයන් විටින් විට සිහියට එනවා.හිතේ බර අඩුකර ගන්නයි මෙවන් කොමෙන්ටුවක් යෙදුවේ.අවසන් වශයෙන් මා කියන්නේ ආදරය යනු ගනුදෙනුවක් බවයි.එක් පසෙක බර අඩුවූ විට නිරායාසයෙන්ම අනෙක් පස බර අඩුවෙන බව මා තේරුම් ගෙන බොහෝ කලක් ගතව ඇත.ඉඳ හිට බොන මත් පැන් වීදුරුව මා නිද්‍රාවකට ආසන්න කරයි.දැන් මා සමුගත යුතුයි.

      Delete
    8. @ මොරේ සහ ඇනෝ යාලුවා

      ආදරය කියලා දෙයක් ඇති මේ ලෝකේ..ඒත් මට නම් මුණගැහිලා නැහැ.. මට මුණගැහිලා තියෙන්නේ ගණුදෙණු කාරියෝ විතරයි...

      ඔයා ළඟ මොනවද තියෙන්නේ , මා ළඟ මේවා තියෙනවා... etc etc ..ඔයිට වඩා නම් දෙයක් මම දැකලා නැහැ......

      Delete
  29. අදාළ නැති ප්‍රශනයක් අහන්නම්..අර telescope එක හදනහැටි කියලා දෙන්නේ නැත්ද ?

    ReplyDelete
    Replies
    1. තව ණය කාරයෙක්...:(

      Delete
    2. හසරැල්... ඒක එන්නේ තව post 6කට පස්සේ එතකන් ඉවසන්න. :D coming up next list එක බැලුවේ නැද්ද. ඕන නම් ඉල්ලීමක් කරලා උඩට දාගමු

      Delete
  30. ඒ අත්දැකීම සහන්ගේ ම අත්දැකීමක්ද? ජීවිතයේ අනිත්‍ය හොඳින් වැටහෙනවා ඒ වගේ සිදුවීමකට අනපේක්ශිතව මූණ දුන්නම.අපි ම තමයි හිත හදාගන්න ඕනේ.මට අදටත් හිතාගන්න බැරි උනු එකම එක දෙයයි තියෙන්නෙ...ඒ එයා දැන දැනම එයට මුහුණ දුන්නද...සිහිසන් නැති වෙලා නොදැනිම යන්න ගියාද කියල....මම දන්න විදිහට අඩි 25 ක් පමණ උසකදි එය සිදු වී තිබෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මම උත්තර ලියන්නම් මුතු.ඔයාට පුළුවන් නම් විතරක් බලන්න....හිත පෑරෙනවා වගේ නම් කියවන්න එපා..


      අඩි 25 මට්ටමේදී උනොත් නම් නියමුවන් අසරණ වෙනවා මුතු. එලියට එන්න බැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ ඉහල අහසේදී අනතුරක් උනොත් බේරෙන්න බැහැ කියලා. නමුත් සත්‍ය ඒක නෙවේ. අඩු උසකදී අනතුරක් උනාමයි බේරෙන්න බැරි.

      සිහිය නැති වීමක් වෙන්න නැහැ.( 100% විශ්වාසයි ) දැන දැනමයි තමන්ගේ ඉරණමට මූණ දෙන්න ඇත්තේ.යානය පොළොවට වැදීමත් එක්ක පිපිරීමක් වෙන්න ඇති බර අවි තියෙන නිසා යානය තුළ.ඔයාට දුක වැඩි වෙන නිසා මීට වඩා කියන්න යන්නේ නැහැ..මට හොඳටම විශ්වාසයි ඔහුගේ අවසාන මොහොතේදී ඔබ ගැන මතකයෙන් ඉන්න ඇති.කොහේ උන්නත් ඔහු ඔබ දිහා බලන් ඇති. ( මගේ ආගමට අනුව ) .. ඔහුට සදා කාලික සැනසීම පතමු අපි මුතුබපලු...!


      ( මෙය පුද්ගලිකව එකතු කල පිළිතුරක් බව සළකන්න. )

      ( තාක්ෂණික පැත්ත ගැන දැනගන්න ඕනේ වෙනත් කෙනෙක් ඉන්නවා නම් වෙනම ස්ථානයක මගෙන් විමසන්න )

      Delete
  31. මෙතනදී වඩාම අවශ්‍ය දේ panik නොවීම නේද ? මොනවා දැන ගත්තත් එහෙම වුනොත් ඉවරයි. ඔබේ දැනුම් පරාසය පුදුම සහගතයි.

    ReplyDelete
    Replies
    1. පැනික් කියන වචනෙත් අමතක වෙනවා සුදීක පුහුණු කාලය තුළදී.. සියලුම දේවල් ගැන අකුරක් නෑර දැනුවත් කරනවා, දැනුවත් වෙලාද කියලා පරීක්ෂා කරනවා , නැවත නැවත පරීක්ෂා කරනවා.. ඊට පස්සෙයි යුධ භූමියට යවන්නේ. ඉතින් පැනික් කියන දේ නම් නියමුවෝ දන්නේ නැහැ..

      අගය කිරීමට බොහොම ස්තූතියි සුදීක...

      Delete
    2. මගේ උත්තරෙන් අහිතක් හිතන්න එපා සුදීක.. ඇත්තටම පැනික් නොවීම තමයි වැදගත්ම දේ .. ඇත්තටම මට ඒක අමතක වෙලා තිබුනේ :D

      Delete
  32. සහන්........ඔබ සතු දැණුම අප හා බෙදාගැනීම ගැන මගේ ස්තූතිය!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මම විවේකෙන් ඉන්න නිසා හිතට එන දේවල් ලියනවා අය්යේ.. බොහෝ දේවල් ලියවුණේ අහම්බෙන් වගේ..නැතුව මේ සිද්දි මම අමතකම කරලා වසර ගාණක්.. නැවත මතක අලුත් වෙනවා කියන්නේ තුවාල පෑරෙනවා..:

      Delete
  33. ඇත්තටම සහන් මල්ලි ඔබ ගැන හරි සතුටුයි.ඔබ දැනුම් ගබඩාවක්.
    නොයෙකුත් දේ ගැන දැනගත්තත් ලියා ගන්න බැරි අය කොතෙකුත් ඉන්නව.
    ඔබේ මේ ලිපි මාලාවත් සමග විචාරක තුමා අපිව දැනුවත් කරන ලිපි නිසාත්,කොමන්ට් කරනා අයට ලැබෙන ප්‍රතිචාරත් නිසා අපට ලැබෙන දැනුම ඉතා විශාලයි.
    මෙවැනි සාර්ථක ලිපි තව තවත් ලිවීමට ඔබට ශක්තිය පතමි...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි අය්යේ.. එදා ඉඳන් දෙන සහයෝගයට..විශේසෙන් දෙයක් කියන්නම ඕනේ කමෙන්ට් කරන අය නිසායි බොහෝ අමතර කරුණු එළියට එන්නේ.. මගේ හැම පෝස්ට් එහෙකම වගේ කමෙන්ට් වලින් එලියට ආව කරුණු ප්‍රමාණය වැඩියි...

      සයුරි , හිරු , DDT , චන්දන , නලියා , ඔයා , මාතලන් , මොරේ වගේ අය නිසයි බොහෝ කරුණු එළියට ආවේ ...හොඳ ප්‍රශ්න කරන්නෝ...

      සුබ පැතීම ගැන බොහොම ස්තූතියි අය්යේ...!

      Delete
  34. ඇත්තටම සහන් නියමෙට ලියල තියෙනව... ජෙට් එක ගැන කියවද්දි මමත් නිකන් ජෙට් එකේ ඉන්නෙ කියල හිතුන... තව පොඩ්ඩෙන් ඒක වැඩි වෙලා ඔෆිස් එකෙන් දොට්ට යන්නත් වෙනව....හී....

    ReplyDelete
    Replies
    1. ඔපිස් එකෙන් එලියට වැටුනට නම් කමක් නැහැ .. බැරි වෙලා හරි ජෙට් එකෙන් එළියට වැටුණා නම් ඉවරයි නෙව...

      Delete
  35. ප්ලේන් එකක් හයිජැක් කළහැකි ලේසි ක්‍රම පුලුවන්නම් මෙගැනත් පොට්ටුවක් දාපන්කෝ මචෝ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ( ස්කයිප් මගින් මා අමතන්න )

      Delete
  36. ඇත්තටම ගොඩක් කැමැත්තෙන් කියවපු පෝස්ට් එකක් සහන්. මේ සම්බන්ධව ලියපු කලින් පෝස්ට් එකත් එහෙමයි. මොනතරම් අවධානමකට ඔවුන් මූණ දෙනවද කියල හිතෙනවා මේ විස්තර කියෙව්වම.

    ReplyDelete
    Replies
    1. ජීවිත අවධානම වගේමයි මානසික අවධානම.. අන්තිමට අම්මා අප්පා වත් නැහැ චම්ස් ( පෙම්වතිය , බිරිඳ කෙසේ වෙතත් ) .

      Delete
  37. හෙලිකොප්ටර් වලට අකුණු වැදීමේ සම්බවිතාවක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හෙලිකොප්ටර් එකක් වීම නිසාම අකුණක් කඩන් පාත් වෙන්නේ නැහැ. හැබැයි අකුණු වදිනවා..අකුණක් වැදීම නිසා බරපතල හානියක් වෙන්නේ නැහැ. නමුත් පොසිටිව් වර්ගයේ අකුණක් ගැහුවොත් නම් යානය කඩන් වැටෙනවා වැටෙනවාමයි ..!

      Delete
    2. හැබැයි දරුණු ලෙස කාලගුණය අයහපත් වෙලාවට ගුවනට යන්නේ නැහැ..මෙවැනි දේවල් වලදී ගන්න තීරණ ඒ ඒ වෙලාව අනුව වෙනස් වෙනවා ඇනෝ.. නිශ්චිතව කියන්න බැහැ..

      Delete
  38. //අඩු උසකදී අනතුරක් උනාමයි බේරෙන්න බැරි
    සහන් මේ කියන්නේ dead mans curve එක ගැන නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිකං ඔබ ඔය කියන එක දෙයක් හරි.. ඔටෝරොටේෂන් වැනි දෙයක් සඳහා වත් කාලයක් ලැබෙනනේ නැහැ..( මේක මෙහෙම පැහැදිළි කරන්න බැහැ.. අවශ්‍ය නම් කියන්න වෙනත් පෝස්ට් එකක් මගින් කතා කරන්න ) අනිත් එක tail rotter failure එකක් එන්නත් හේතුවක් තියෙන්න ඕනෙනේ.. ( මන් කිව්වේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමක් වෙලා නම් යානය ආරක්ෂාකාරීව ගොඩ බාන එකේ තේරුමක් නැහැ .. යානය විනාශ වෙන්න ඉඩ දෙනවා ජීවිත ආසාව අත ඇරලා .. තේරෙනවද කරන කැප කිරීමේ ස්වභාවය ඔබට මේ නියමුවෝ ..)

      Delete
  39. සහන් කෙටියෙන්ම කිවොත් කියන්න තියෙන්නේ මේ දැනුවත් කිරීම් වලට බොහෝම ස්තුතියි කියලායි.

    ReplyDelete
    Replies
    1. මම හීනෙකින් වත් මේ වගේ දේවල් ගැන ලියන්න හිතුවේ නැහැ මනෝජ්...

      Delete
  40. මට නම් මේක සංකීර්ණ වැඩ්ද මන්දා තුන් පාරකට ඇවිත් ටික ටික කියෙව්වේ

    කොමෙන්ට් බොක්ස් එක උඩට දාන්නකෝ පුළුවන්නම්

    //තත්පර 10 ක් ඇතුළත යානයේ තත්වයත් හොයලා , ප්‍රධාන කඳවුර එක්කත් කතා කරලා , සගයෝ ටික ගැනත් බලලා , ප්‍රහාරත් එල්ල කරලා , තමන්ගේ සෞඛ්‍ය මට්ටමත් ගැන බලලා , නැවත ඊළඟ තත්පර 10 සඳහා ලැස්ති වීමත් වෙන්න ඕනේ.// අම්බෝ.............. අති කාර්යක්ෂම මොලයක් තියෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. කාලයක් යද්දී ඒ කාර්යක්‍ෂම මොළය දුර්වල වෙනවා රෙහානි දරාගන්න බැරිව.. අන්තිමට මැරිලම යනවා ...

      Delete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. danne netinisai ahanne.Blog ekak kiyanne mokakda?eke lipi liyanna money gewanna oneda?Anonymous widihata netuwa tamange naminma kohomada comment danne?

    ReplyDelete
    Replies
    1. Blog ekak kiyanne mokakda :- බ්ලොග් එකක් කියන්නෙත් වෙනත් වෙබ් සයිට් එකක් වගේම දෙයක්. වෙනසකට තියෙන්නේ බොහෝ සැකසුම් ස්වයන්ක්‍රීයව සිදු වෙනවා..ඔබට ඔබේ නමින් www.ඔබේ-නම.com වගේ ලිපිනයක් මිලදී ගන්න ඕනේ වෙන්නේ නැහැ බ්ලොග් අඩවියක් කරනවානම් ....ඒ සියල්ල නොමිලේ ගූගල් ආයතනයෙන් ලැබෙනවා...මේක ඉතාම පහසුයි ... ඔබත් බ්ලොගයක් පටන් ගන්න...

      eke lipi liyanna money gewanna oneda :- නැහැ ..සියලුම පහසුකම් නොමිලේ ලැබෙනවා...


      Anonymous widihata netuwa tamange naminma kohomada comment danne? :- gmail.com වෙත යන්න.. ගිණුමක් හදාගන්න.. නැවත මේ පිටුවට පැමිණෙන්න.. google profile යන්න තෝරන්න .. කමෙන්ට් කරන්න.. ඔබේ නමින් කමෙන්ට් පලවෙනු ඇත..

      Delete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. සර්ථක ලිපියක්.සමාන්‍ය ජිවිතයට වුවද ගන්න පුළුවන් දේ තියෙනවා.ජිවිතයත් යුද්ධයක් වෙන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
  45. සමාවෙන්න සහන් තියන වැඩ රාජකාරිත් එක්ක එන්න පොඩ්ඩක් ප්‍රමාද වුනාට , ගොඩක් ලොකු අවබෝධයක් ගත්තා ප්‍රහාරක නියමුවෝ ගැන. එයාල මොනතරම් සේවයක් ද රටකට කරන්නෙ ඒත් එයාලත් අපි වගේ මිනිස්සු නේ.
    මේ අය දුක් මහන්සි වී ඉගෙන ගෙන, ලැබෙන්න තියෙන බොහො දේවල් අහිමි කරගෙන, මව්පිය අඹු දරුවන්ගෙන් වෙන්ව මර බියේ අනිත් අයට සතුට උදා කරලා එයාලට අන්තිම කාලෙ වත් ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න නෑ රෝගීව ඉන්න වෙන්නෙත් .
    මෙවැන්නො තව කොතරම් ඇත්ද ? තම ජීවිත අනිත් අයගෙ සතුට වෙනුවෙන් කැප කරන

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් බොහෝ දේවල් නැති වෙලා ඉවරයි මනෝජ්... මතකයන් විතරයි ඉතුරු.. ඒවගෙනුත් ඉතුරු අඳුරු මතකයන් විතරයි.......

      Delete
  46. පරක්කු වෙලා ආවෙ ගිය ටිකේ වැඩ නිසා .
    ____
    ලිපියනම් හොදටම හොදා වැදගත් ජයෙන් ජය !!
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලංග... අනිත් ලිපිත් ඉඩ ඇති විටක කියවන්න...

      Delete
  47. මේක නම් නියමයි සහන් , විකාරයි වගේ "මැක් භාණ්ඩ" වල යන කට්ටියට තියෙන රිස්ක් එක ඇහුවහම...
    හදිස්සියෙවත් මම ඔව්ව එලොන කෙනෙක් වුනා නම් මට අනිව පිස්සු හැදෙනව. :)

    මටත් ගොඩ කලෙක ඉඳන් තිබුන පොඩි ප්‍රශ්නයක් සහන්. වෘත්තිමය උපදෙසක් ගන්න පුළුවන් වෙයි වගේ...:)

    ඉස්සර මම MIT එකේ ඉගෙනගන්න කාලේ එකේ තිබුණු concept UAV කියල ඩිප්ලෝමා එකක් කළා, එකේන් තියපු තරඟයකට ඩිසයින් කරපු UAV එකකට ඔටෝ පයිලට් කෙනෙක් ප්‍රෝග්‍රෑම් කරන්න තිබුන.මේකෙ පිටිපස්සට තමයි ස්ටෙපර් මෝටර් එක සෙට් කරල තිබුනෙ.ඉස්සරහ තිබුනේ අල්ට්‍රසොනික් ටර්න්ස්මිටර් එකක් එක්ක රිසීවර් කීපයක්. මේක ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කළේ ඉමේජ් රෙකගනයිසෙෂන් කියන ටෙක්නික් එක.ඒ කිව්වේ බාධක අඳුරගත්තේ අල්ට්‍රා සොනික් රිසිවර් එකට එන ඉමේජ් එක ගලපල බලල.එත් මේක බිම යද්දී ගානට මේ ක්‍රමේ වැඩකලත් උඩ යද්දී බාධකයක් හමුවුනහම ඒක මගහැරීමක් කලේ නැහැ.මට තියෙන ප්‍රශ්නය සහන් ඒ මොකද කියන එක.මේක ප්‍රයෝගිකව හදිස්සියෙවත් යෙදෙනවා නම් මම හිතන්නේ ඔය ගැටලුව ඇතිවෙන්න ඇති , එත් අනිවා ඒකට ක්‍රමයකුත් හොයාගෙන ඇති...එක ඉතින් ඔබ වගේ විශේෂඥයෙක්ගෙන් මට අහන්න හිතුනෙත් ඒකයි... මේක ඒ හැටි වැදගත් දේකුත් නෙවෙයි ඉතින්, එත් මේක ඒ කාලේ ටිකක් විතර ප්‍රශ්නයක් වෙලත් තිබුන... ෆිසික්ස් ඉගෙනගත්තු අය නම් කිව්වේ මේක ස්පීඩ් එක වැඩි කරද්දි රෙස්පොන්ඩ් කරන බැරිවුණා නිසා වුන එකක් කියල.එත් මේක එහෙම එකකුත් නෙවේ සහන්....

    ReplyDelete
    Replies
    1. මට කියන්න විදුර බාධකයක් දැකපු හැටියේ යානයේ කොන්ට්‍රෝලින්ග් සිග්නල් ටික ඒ ඒ අනුව වෙනස් උනාද ..? යානය හැරවීම නොවීම නෙවේ යානයේ කොන්ට්‍රෝලින්ග් සිග්නල් ටික බාධක වලට අනුරූපව ආවද ...?

      අල්ට්‍රසොනික් වලින් බාධක හඳුනා ගෙන ඒ අනුව යානයේ ගමන් මග වෙනස් කරන්න සිස්ටම් එකක් හදන්න ලේසියෙන් බැහැ විදුර... ඉහල වේගයන් වලදී ඉතාම දුර්වලයි........


      නිකන් සෙල්ලන් කාර් එකක් හදන්න නම් පුළුවන්... ඒත් ඒවා නිකන් ටෝයිස් විතරයි... වැඩක් ඇති දෙයක් කරන්න බැහැ.. වැඩේ හරියට කරන විදිහ ගැන දැනගන්න ඕනෙද ...? ( ඉතා දීර්ඝ විස්තරයක් වේවි )

      Delete
    2. //ඉහල වේගයන් වලදී ඉතාම දුර්වලයි........//
      මමත් ඕකම හිතුව , UAV එක ඇතුලේ ෆ්රීම් වෙයාර් රන්කලේ රාස්බෙරි පයි කියල බ්‍රෑන්ඩ් එකක ලිනක්ස් වලින් දුවන පොඩි කොම්පියුටරේක.එකේ ප්‍රොසෙසර් එක මෙගාහර්ට්ස් 440 ක් වගේ අඩු ගානක එකක්.එහෙම එකක් පාවිච්චි කරන්න වුනේ බර අඩු කරගන්න ඕනි නිසා.ඒක මැනුවල් කොන්ට්‍රෝල් වලින් බිමට අරන් බලද්දී ප්‍රෝග්‍රෑම් සම්පුර්නෙන්ම ස්ටක් වෙලා තිබුනෙත්. J# කියල ලැන්වේජ් එකකින් ලියල තිබුන නිසා ස්ටක් වෙන්න කොහෙත්ම විදිහක් තිබුනෙත් නැහැ.

      හරියට කරන විදිහ ගැන ඔබට හැකිනම් වෙලාවක් තිබේ නම් කියන්න.මම වගේ තව ගොඩක් නොදන්න අය ඇති...
      වැඩි ලොකු දේවල් ඕනේ නැහැ මුලික අදහස වගේ.....
      බොහොම ස්තුතියි සහන් ...

      Delete
    3. image processing සහ control system මගේ ප්‍රියතම ක්ෂේත්‍ර වේ.
      ඔබට විය හැකි දෝෂ රාශියක් තියෙනවා විදුර
      1-ultrasonic range finder මගින් ගන්නා දත්ත වැඩි වේගවලදී නිවැරදි නැහැ ඩොප්ලර් ආචරණය නිසා වන බලපෑම් නිසා. එක නිසා මේ වගේ වැඩකට උචිත වන්නේ radar සමග image processing. නමුත් ඔබලාට ප්‍රයෝගික නැහැ.
      අඩු වේගයෙන් සහිතව හෙලිකොප්ටරයකට ඔබගේ program එක සහිත system එක දාලා බලන්න බොහෝ විට හරියයි.

      2- ගුවන්යානය යන වේගය සමග යම් බදකයක් මගහැරීමට නම් ප්‍රමාණවත් දුරකදී බාදකය හඳුනා ගත යුතුය. එම දුරේදී ඔබගේ උපකරණ වලින් ලැබෙන දත්ත මත නිවැරදි හඳුනා ගැනීමක් වෙනවාද. මෙය ඔබට ගුවන්යානය ඔසවාගෙන ගොස් පරික්ෂා කල හැක.

      3-ගුවන්යානය යන වේගය මත දත්ත හසුරුවීමට ඔබගේ පරිගණකයට රාස්බෙරි පයි එකට නොහැකි වීම.

      රාස්බෙරි පයි එක හි ලිනක්ස් මත ඔබගේ program එක run එනකොට එය මගින් තප්පර එකකදී process කරන images ප්‍රමාණය, ඔබගේ ultrasonic range finder උපකරණයේ ක්‍රියාකාරී උපරිම දුර සහ සංවේදීතාවය. කැමරාවේ resolution එක සහ frame rate එක.සහ ඔබලාගේ යානය ගමන් කිරීමට බලාපොරොත්තුවන උපරිම වේගය වැනි දත්ත පවසන ව නම් වැරදුනු තැන ගැන යම් අදහසක් ගන්න පුළුවන් පෙන්වීම කරන්න පුළුවන් වෙයි.

      Delete
  48. ඔබේ බ්ලොගයෙන් නොදන්නා දේවල් සෑහෙන්න දැනකියාගන්නවා. ස්තූතියි සහෝ!

    ReplyDelete
  49. අපරාදේ දැන් වැඩ නැත්තෙ මේක

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili