Pages

October 24, 2013

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S


 




                           මේ තියෙන්නේ ටෙස්ලා මොඩෙල් කාර් එකක්. මේක සම්පූර්ණයෙන්ම බල ගැන්වෙන්නේ විදුලි බලයෙන්. මම මේ පහළ පෙන්නලා තියෙන වාහනේ නම් බැටරිය  වොට් පැය 85,000 තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 210 ක්. අංශක 35 ක කන්දක ගියත් පැයට කිලෝ මීටර් 210 න් යන්න පුළුවන් , පල්ලමක ගියත් පැයට කිලෝ 210 ට වඩා ස්පීඩ් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ වාහනයේ පරිගණක පද්ධතිය මගින් ස්පීඩ් එක පාලනය කරන නිසා. ( වාහනයේ පාලන පද්ධතියට ඇතුල් වෙලා මේ වේග සීමාව වැඩි කරගන්න පුළුවන් සීමිත අවස්ථාවක් සඳහා. එහෙම කරාම නම් පැයට කිලෝමීටර් 280 කට විතර ස්පීඩ් වෙනවා. හැබැයි ඔබගේ වගකීම් සහතිකය අවලංගු වෙනවා. ඒ නිසා කරන්න නම් එපා )

         බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් කරන්න හරියටම පැයයි විනාඩි 8 ක් විතර යනවා. එහෙම කරගත්තම එක දිගට කිලෝමීටර් 415 යන්න පුළුවන් ප්‍රායෝගිකව ( 4 දෙනෙක් වාහනේ දාගෙන ගියොත් ) . නමුත් පොතේ තියෙනවා 430 විතර පුළුවන් කියලා. රෑට ගෙදර ඇවිත් චාර්ජ් එකට ගැහුවම හරි ( මන් නම් රෑට ගෙදරින් ගිහින් උදේට ගෙදර එන එක්කෙනානේ )  .උදේට චාර්ජ් වෙලා ඉවරයි. විනාඩි 30 චාර්ජ් එකකින් පුළුවන් කිලෝමීටර් 220 ක විතර දුරක් යන්න.  දැනට ප්‍රංශයේ / ජර්මනියේ නම් චාර්ජ් කරන්න තැන් තියෙනවා. කොම්පැනියේම චාරජින් පොයින්ට් වලට යනවා නම් සම්පූර්ණයෙන්ම නොමිලේ චාර්ජ් කරලා දෙනවා 2013 අවුරුද්ද පුරාම. ඒ කියන්නේ වාහනේ ගන්න විතරයි ඕනේ.. තෙල් නොමිලේ වගේ වැඩක්.. අවුරුදු 8 කට පස්සේ බැටරිය මාරු කරන්න ඕනේ. මම මේ පහළ පෙන්නලා තියෙන වාහනේ නම් කිලෝමීටර් ලක්ෂ කීයක් දිව්වත් අවුරුදු 8 ක් යනකම් බැටරිය ගැන සහතික කරලා තියෙනවා මව් සමාගමෙන්. කිලෝමීටර් ගාණ ගැන කිසිම සීමාවක් දාලා නැහැ ඒ අය. කැමති තරම් නොමිලේ දුවන්න පුළුවන් 2013 අවුරුද්ද පුරා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 35 ක් සඳහා වියදම යන්නේ රුපියල් වලින් බැලුවොත් 200 විතර. ඒකත් නොමිලේ 2014 වෙනකම්.


             මන් කිව්වනේ මේ  කාර් එක වැඩ කරන්නේවිදුලියෙන් කියලා.ඉතින් මේකට තියෙන්නේ එංජිමක් නෙවේ විදුලි මෝටරයක්. වොට් 310,000 බලයක් ( වොට් තුන්ලක්ෂ දහ දාහක බලයක්. ඒ කියන්නේ අශ්වයෝ 416 දෙනෙක්ගේ බලයට සමානයි ) තියෙන මෝටරයකින් තමයි මේක බලගන්වන්නේ. නවත්තලා තියෙන වෙලාවක වාහනේ ඔන් කරලා ෆුල් ස්පීඩ් මෝඩ් එක දාලා ඇක්සලරේටර් එක තදින් පෑගුවොත් එහෙම ස්පීඩ් එක පැයට කිලෝ මීටර 100 ට එක තත්පර 4 න් ස්පීඩ් වෙනවා.ඊළඟ තත්පර 8 ඇතුළත  උපරිම වේගය වෙන 210 ට එනවා පුංචි වොර්නින් සිග්නල් 3 කින් පස්සේ.  ඒ නිසා හරිම පරිස්සමෙන් තමයි වාහනේ එළවන්න ඕනේ සහ රියදුරු සැකසුම් හදන්න ඕනේ. නෝනට එළවන්න දෙන්න කලින් මතක ඇතුව සෙටින්ග්ස් වෙනස් කරලා දෙන්න. ( අර මම මුලින්  කියපු වෙනස් කම් කරලා ස්පීඩ් ලිමිට් එක අයින් කරන්න එපා කිව්වේ ඒකයි මම . කිසිම වෝර්නින් එකක් එන්නේ නැතුව පැයට කිලෝමීටර් 280 කට ස්පීඩ් වෙනවා තත්පර 18 විතර යද්දී . ඉතාම භයානකයි )



         මේකේ තියෙනවා හඬ අඳුනාගන්න පුළුවන් පද්ධතියක් . වාහනේ එක්ක කතා කරන්න පුළුවන්.ස්පීඩ් එක 80 ලිමිට් කරන්න කිව්වොත් දැනට තියෙන ස්පීඩ්එක 80 ට අඩු වෙනවා. 80 ට වැඩිය ස්පීඩ් වෙන්නේ නැහැ අපි කොච්චර පෑගුවත්. අපි යන තැනක් ගැන විස්තරයක් අහන්න පුළුවන් වාහනෙන්. වාහනේ විසින්ම පාර හොයලා අපිට කියනවා හංදියෙන් හංදියට. "සෑර් දැන් මෙතනින් අර පැත්තට හරවන්ඩ" වගේ කියනවා.  තමන්ගේ  හඬ මගින් වාහනේ උපරිම වේගයට ලිමිට් දාන්න පවා පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් වාහනේ එක්ක කරන්න පුළුවන්. හරි සුන්දරයි මේ වාහනේ එළවන එක..


       මේ වාහනේ එළවන එක සුන්දරයි උනාට ටිකක් ඉගෙනගන්න වෙනවා. මොකද මේ වාහනේ ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් නැහැ. ඒ කියන්නේ ජියර් පද්දතියක් නැහැ. වොට් ලක්ෂ තුනක් තියෙන අති ප්‍රභල මෝටරය කෙළින්ම රෝද වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ මෝටරේ එක විනාඩියට වට 12,700 ක වේගයෙන් කරකැවෙනවා. රෝද සහ මොටරයේ ආමේචරය සම්බන්ධ වෙලා තියෙන්නේ 9:1 කියන අනුපාතයෙන්. ඒ අනුපාතය වෙනස් කරන්න බැහැ අපිට.උපරිම බලය විනාඩියට වට 9500 දී ලැබෙනවා මෝටරයට. මේ හේතු නිසා වාහනයේ පාලන පද්ධතිය ගැන හොඳ අවබෝධයක් ගන්න වෙනවා එළවන්න කලින්.


        ජියර් දාන්න කියලා තියෙන්නේ 4යි. Drive, Neutral, Reverse and Park. මම කලින් කිව්වා වගේ Drive මෝඩ් එක රියදුරන් කීප දෙනෙක් සඳහා වෙන වෙනම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එහෙම කරාට පස්සේ අපිට පුළුවන් වාහනේ අපේ කටහඬ මගින් පාලනය කරන්න. අවශ්‍ය උපරිම වේගය , මෝටරයේ ටෝර්ක් එක , සස්පෙන්ෂන් සිස්ටම් එක , නැවිගේෂන් සිස්ටම් එක වෙන වෙනම හදන්න පුළුවන්. ලොකු තිර දෙකක් තියෙනවා කාර් එකේ ඩෑෂ් බෝර්ඩ් එකේ. එතනින් එකක් තනිකර වෙන් වෙන්නේ මේ සෙටින්ග්ස් සඳහා. මෝටර් කැරකැවෙන හැටි , බැටරියේ ඉතුරු ඇම්පියර් ගාණ , තව කොච්චර දුරක් යන්න කරන්ට් එක ඇතිද , දැනට අපි ඉන්නේ කොහෙද , අංශක කීයක බෑවුමක් තියෙන තැනකද , තත්පරයට වැය වෙන විදුලි ප්‍රමාණය , ගමනාන්තය තෙක් ගත වෙන විදුලිය සහ කාලය , කාළගුණික තත්වය , මීළඟ පිරවුම්හල තියෙන තැන ඇතුළු විශාල තාක්ෂණික සහ සාමාන්‍ය තොරතුරු ප්‍රමාණයක් මේ තිර වල පෙන්නනවා.













                  තව පොඩි තිර 2ක් තියෙනවා අත්‍යවශ්‍ය දේවල් පෙන්නන්න. ඒක තියෙන්නේ හැංගිලා. අපි කතා කරාම තමයි ඒ තිරේ එළියට එන්නේ. එතන පෙන්නුම් කරන්නේ වාහනයේ දැනට වේගය , මෝටරයේ RPM එක වගේ දේවල්. ඒ තිරය විනිවිද පෙනෙන හොලෝග්‍රෑම් වගේ තිරයක්. වාහනේ එළවන ගමන් ඒකට ඇහැ යොමු කරන්න පුළුවන්. පැයට කිලෝමීටර් 80 ට වගේ යද්දී තිරේ දිහා බලන්න ඕනේ නැහැ. වේගය කීයද කියලා ඇහුවොත් " දැන් 130 යි  " කියලා කියනවා.





මම රතු පාටට පෙන්නලා තියෙන තැන බලන්න.  ඔන්න එයාට කතා කරනවා ...



හෙමීට ක්‍රී............ස් ගාලා තිරය මතු වෙනවා..

--------------------------------




               මේ කරන්න හදන්නේ මම අර කියපු භයානක වෙනස් කම් . ස්පීඩ් ලිමිට් එක අයින් කරන්න හදන්නේ. ඊට පස්සේ කෘතීම ට්‍රැක් එකකට දාලා ස්පීඩ් එක චෙක් කරනවා . මෙතැනදී බලන්න පුළුවන් එක එක ටොර්ක් වලදී මෝටරේ ඇම්පියර් යූසේජ් එක , රෙවලූෂන් ස්පීඩ් එක වෙනස් වෙන හැටි , ඊට අනුරූපව කරන්ට් කන්ෂම්ශන් එක වගේ සීන් ගොඩක්.  වාහනේ කනවා කියලා හිතන්න එපා..:P















           වාහනේ පෆර්මන්ස් / සස්පෙන්ෂන් චෙක් එකක් කරනවා ඊට පස්සේ. ඒ කියන්නේ මොන තරම් දුරක් ඇතුළත වාහනේ නවතිනවද , උපරිම හරවන්න පුළුවන් ඈන්ගල් එක , ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් දැම්මම හරවන්න පුළුවන් උපරිම ඈන්ගල් ,









































 පැයට කිලෝ මීටර්130 න් එද්දීත් මීටර් 36 ඇතුළත වාහනේ නවත්තන්න පුළුවන්. හොඳට බලන්න ඒත් වාහනේ සස්පෙන්ෂන් වලට ලොකු බලපෑමක් නැහැ.





මේ තියෙන්නේ චාර්ජ් කරන තැන.



පැයට කිලෝමීටර් 210 න් කරකැවෙමින් තියෙන රෝදයක්.






මැද්දේන් පේන්නේ රෝදේ උපරිම වේගයෙන් කරකැවෙන අවස්ථාවක්. මේ කෘතීම ට්‍රැක් එකට දාලා බලන්න පුළුවන් වාහනේ බලය.ටොන් එකක බරක් උස්සන් අංශක 35 කන්දක් අදින්න කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කාර් එකට පුළුවන්.






















              පහු ගිය සැප්තැම්බරයේ මෙයාගේ මිළ නම් ශ්‍රී ලංකන් රුපියල් ලක්ෂ 230 වෙනවා බදු රහිතව. ලංකාවට ගේනකොට බදු විදිහට විතරක් ලක්ෂ 185 ක් ගෙවන්න වෙනවා. අනිත් දේවල් ටිකත් සම්පූර්ණ කරගන්න ගියාම ලක්ෂ 500 ට කිට්ටු වෙනවා.





තව පොටෝ සහ විස්තර අවශ්‍ය අය පහළින් කමෙන්ට් එකක් දාන්න...


 ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද? who-should-have-tv-channel


ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ අයුරු.


124 comments:

  1. Tesla Model S කාරය ගැන මේ වගේ හොඳ තොරතුරු මහන්සි වෙලා ලිවුවම බොහොම ස්තුතියි..... :)

    ReplyDelete
    Replies
    1. ඔව් පොටෝ ටික ගහගන්න හරි කට්ටක් කෑවා.. තනියම ඔක්කොම කරගන්න එපැයි ..

      Delete
    2. ස්තූතියි ශිරන්ත .........

      Delete
  2. මගේ බ්ලොග් රෝලේ අප්ඩෙට් වෙලා නෑ මේක අහම්බෙන් දැකල ආවේ. මේකේ හැටියට ආසන්නව එක් වරක් ආරෝපනය කරන්න යුනිට් 85 ක් වැය වෙනවා නේද?
    //බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් කරන්න හරියටම පැයයි විනාඩි 8 ක් විතර යනවා // මේය නිවරදිද බලන්න.
    කොහෝම නමුත් බලශක්ති අර්බුදයට මෙය විකල්පයක් උනොත් හොඳයි ඒත් දෙයියනේ ලක්ශ 500 ක් ? අවුලක් නෑ මම කරත්තෙම යනවා හරකට තනකොල ටිකක් දීලා

    ReplyDelete
    Replies
    1. හා දැන් අප්ඩේට් වෙලා

      Delete
    2. මම පෝස්ට් එක දාන්නේ කීප පාරකට මොරේ ...නැත්නම් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නැහැ... මම මේ පෝස්ට් එක ලිය ලිය ඉද්දි ගෙදරට කෙනෙක් ආවා..ඒ පිටම මගේ අතින් ලියපු ඒවා ටිකක් මැකුණා..දැන් මතක නැහැ ඒ මොනවද කියලා... පළමු ගැම්මෙන් එන එක අමතක උනා කියන්නේ ආයේ ලියන්න බැහැ ...

      මේ පෝස්ට් එකේ තැන් කීපයක් අඩුයි වගේ..ඒත් තැන හොයාගන්න බැහැ ........

      Delete
    3. \\\\\\මේකේ හැටියට ආසන්නව එක් වරක් ආරෝපනය කරන්න යුනිට් 85 ක් වැය වෙනවා නේද?
      //බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් කරන්න හරියටම පැයයි විනාඩි 8 ක් විතර යනවා\\\\\\\\\\

      මොරේ එතන ඇති වරදක් නැහැ.. කිලෝවොට් 20 ක චාර්ජින්ග් ප්‍රෙෂර් එකකින් චාර්ජ් වෙන්නේ මේක... තව තියෙනවා සුපර්චාර්ජර් එකක් පොඩි වෙලාවක් සඳහා සුදුසු.. චාර්ජරේ වයර් ටික 100 ඇම්පියර් කේබල් එකක් එන්නේ.. හරියට පෙට්රෝල් පොම්පේ වගේමයි...සෑහෙන බරයි.. නිකන් ෆ්ලෙක්සිබල් කේබල් එහෙකින් චාර්ජ් කරන්න බැහැ.. වයර් උණු වෙලා වාෂ්ප වෙනවා බලන් ඉද්දි..

      Delete
    4. පළමු ගැම්මෙන් එන එක අමතක උනා කියන්නේ ආයේ ලියන්න බැහැ ...//
      සහතික ඇත්ත!

      Delete
    5. මේ පෝස්ට් එකට 2 වරක් සහ රංගගේ කමෙන්ට් එකට 4 පාරක් උනා.. :(

      Delete
  3. aththatama sahan hoda thorathurak kattiya ekka bedagena thiyenne .... meka malesiyawedi price karala thiyenne without tax usd 160,000/- kiyala thamayi aranchiya

    ReplyDelete
    Replies
    1. ඔව් ..ප්‍රංශයේ මේක යුරෝ 110K... මම මාර කට්ටක් කෑවා මේ පෝස්ට් එකට දාන්න පොටෝ ටික හදන්න ගිහින්...

      Delete
  4. නියමයි සහන් ....
    අර මැකුන ඒවා ටිකත් තිබ්බනම් .... ;)

    ඇයි මේක මෙච්චර ගණන් ?

    රත්තරන් වලින්ද එන්ජිම හදල තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. 85 KWh Li-Ion Battery Pack එක නිසා තමයි ගොඩක් මිල.....

      Delete
    2. එකක් තමයි මේ සමගම ඉලක්ක කරන්නේ ඉහළ පෙළේ මාර්කට් එක ශිරන්ත.. මේ කාර් එකේ ද්‍රව්‍යමය වටිනාකම නම් යුරෝ 50,000 වගේ රේන්ජ් එකේ ඇත්තේ..නමුත් අලුත් අලුත් දේවල් ටිකක් තියෙන නිසා මිළ වැඩි ඇති... මාර්කටින් වලට අඩුවක් නැහැ මිළ වැඩි උනා කියලා...

      Delete
  5. //බැටරිය වොට් පැය 85,000 තියෙනවා// එකියන්නේ 85 විදුලි එකක. මේ ගණන බැටරියේ ගබඩා වන ශක්තිය වුනාට බැටරිය ආරෝපණය කරන්න මීට වැඩි ශක්තියක් ඕන. අපි ඒ දේ අමතක කරොත් වරකට ආරෝපණය කරන්න විදුලි එක්ක 85 යනවා කියා හිතමු. මේක අපි ගෙදරදී ආරෝපණය කරනවා නම් අනිවාර්යෙන්ම ගෙදර විදුලි පරිබෝජනය එක්ක 210 පනිනවා. දැනට ලංකා විදුලිබල මණ්ඩලය ගෙදරකට දෙන බිල ගණනය කරන ක්‍රමය අනුව එකක 210 පැන්නම එක්ක එකකට රුපියල් 42 ක් සහ 40% බද්දක් යනවා එතකොට විදුලි ඒකක එක්ක මිල රුපියල් 58.8ක් එතකොට වරක් අරෝපනයට යන මුදල රුපියල් 4998 ක්. එතකොට 1km එකක් දුවන්න යන ඉන්ධන වියදම රුපියල් 12 ක් එතකොට 35km යන්න රුපියල් 428 ඒ ගණන ඔබ කියපු ගන්නට වඩා දෙගුණයක් වැඩියි. නමුත් පෙට්ට්‍රල් වලින් යනවාට වඩා ලාබයි. නමුත් වාහනේ මිල සමග ගත්තොත් ආර්ථික වාසියක් නැහැ. ඒ වගේම අවුරුදු 8 කින් දාන්න වෙන බැටරිය ලක්ෂ කීයක් වේද?

    //බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් කරන්න හරියටම පැයයි විනාඩි 8 ක් විතර යනවා// මෙම කාලය තුලදී ආරෝපණය කරන්න නම් ආවම ලෙස ඇම්පියර් 326 ක ධාරාවක් ඕන( 230V යටතේදී) එක නිසා ලංකාවේ ගෙදරකදී නම් ඔය වෙලාවට චාර්ජ් කරන්න බැහැ(ගෘහස්ත විදුලි සැපයුමෙන් ගතහැකි උපරිම ධාරාව මට මතක විදියට ඇම්පියර් 30 ක් නිසා පැය 12 විනාඩි 20 ක් වත් ආවම ලෙස යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. http://www.ceb.lk/sub/knowledge/billcalculation.html විදුලි ගාස්තු ගත්තේ මෙතනින්

      Delete
    2. මුලින්ම කියන්න ඕනේ මේ කියලා තියෙන්නේ ප්‍රංශයේ ඇති මිළ එක්ක රංග.කිලෝමීටර් 40 ක් සඳහා යන්නේ යුරෝ එකක් විතර.. දළ වශයෙන් රුපියල් දෙසීයෙන් කිලෝමීටර් 40 ක් යන්න පුළුවන්..

      මන් මේ අරන් තියෙන කාර් එකේ බැටරියට නම් අවුරුදු 8 යනකම් අන්ලිමිටඩ් මයිලේජ් එකක් දීලා තියෙනවා. අවුරුදු 8 කින් පස්සේ මාරු කරන්න පුළුවන් යුරෝ 9200 කට . අමතක කරන්න එපා ඒ අවුරුදු 8 කින් පස්සේදී රංග .. දළ වශයෙන් ලක්ෂ 15 ක් විතර යනවා.. දැන්ම ඉඳන් ඒ මුදල් ගෙවල තියන්නත් පුළුවන් කැමති නම්..


      මේකේ චාජින්ග් ගැන කියනවා නම් සාමාන්‍යය ගෙදරකට ගන්න චාර්ජර් එක කිලෝවොට් 10 යි. කැමති නම් 20 කිලෝවොට් හයි චාර්ජර් එකක් ගන්නත් පුළුවන්.. මම මේ එකම කෙමෙන්ට් එක 4 පාරක් විතර ටයිප් කරා රංග..මගේ කම්පියුටර් එක ස්ටක් වෙනවා..මොනවා හරි අමතක උනා තව කියන්න ගිය...මතක් කරන්න බලන්න..

      අහ්හ්හ් බැටරිය ඇම්පියරේජ් 900 කට වැඩි. ඒ වගේම මල්ටිපල් වෝල්ටේජ් ගන්න පුළුවන් බැටරියක් මේක..ඉතින් ඇම්පියර් අවර්ස් 900 වගේ සළකන්න @ 90 v .. මෙන්න මේ ගැන තව මොනවා මොනවා හරි මම ලිව්වා දැන් මතක නැහැ මට...

      Delete
    3. න්‍යෂ්ටික බලයෙන් විදුලිය ගන්න රටවලට නං අවුලක් නැතිවෙයි නේද?

      Delete
    4. ඔව් රාජ් මේ වැඩේ හරියන්නේ අඩු මිළකින් විදුලිය නිපදවන රටවල් සඳහා පමණයි... ලංකාවට ගැළපෙන්නේ නැහැ වැඩේ... මෙහෙ කරනවා නම් කිලෝවොට් 12 ක විතර ජෙනියකුත් ගන්න එක ලාබයි කාර් එකත් එක්ක..

      Delete
    5. //අවුරුදු 8 කින් පස්සේ මාරු කරන්න පුළුවන් යුරෝ 9200 කට . අමතක කරන්න එපා ඒ අවුරුදු 8 කින් පස්සේදී රංග .. දළ වශයෙන් ලක්ෂ 15 ක් විතර යනවා// මගේ ගණනය අනුව 1km එකක් දුවන්න යන ඉන්ධන වියදම රුපියල් 12 වත් යනවා ලංකාවේදී නමුත් ඒ ගණන පෙට්ට්‍රල් වලින් දුවන ඔය වගේ බලවත් කාරයකට සාපේක්ෂව ඉතා ලබයි නමුත් අවුරුදු 8 කින් පස්සේදී ලක්ෂ 15 ක් විතර යනවා කියන්නේ තෙලේ ලාබය බැටරියෙන් යන එකයි. ලංකාවේ විදුලි මිල අනුව නම් ලාබම විසඳුම තමයි දෙමුහුන්(hybrid) වාහන. එකේ කාරෙක ඇතුලේ ම ජෙනියකුත් තියෙනවා නේ.

      Delete
    6. මේ කාර් එක හදලා තියෙන්නේ සාමාන්‍ය ජන ජීවිතයට නෙවේ.. ඉහළ පෙලේ ගණුදෙනු කරුවන් සඳහා රංග..ඉතින් ඔය මිළ ගණන් එතරම් ගැටළුවක් නෙවේ..

      ඒකනේ හයිබ්‍රිඩ් කියන්නේ ...:D

      Delete
    7. ඔබ පින්තුර වල aspect ratio එක වෙනස්වී ඇති නිසා වාහනයේ body shape එක ලස්සනට නොපෙනේ. මේක ඔබ ගත්ත එකක්ද? සුබපැතුම්.ලංකාවට ගෙනල්ලා පාරේ යනකොට අහුවුනොත් පස්සෙන් එළවලා අල්ල ගන්නවා.

      Delete
    8. පින්තූර ටිකට නම් දරුණු විකෘතියක් වෙලා තියෙනවා රංග..දැනට මට හදන්න විදිහක් නැහැ..වෙලාවක වෙනම පොටෝ ටිකක් අරන් අප්ඩේට් කරන්නම් ...

      හපොයි අඩුම තරමේ පුස් බයිසිකල් එකක් වත් මගේ නමට නැහැ රංග... මගේ වත්කම් ගොඩක් අවහිර වෙලා මේ ටිකේ .. :(

      Delete
    9. මං හිතුවේ සහන්ගේ කියලා...මටත් දවසකට ඩ්‍රයිව් කරන්න දීයන් කියලා කොමේට් එකකුත් ටයිප් කලා....

      Delete
  6. ඕවා ආපු ගමන් ගන්න නරකයි...වර්ෂන් දෙකක් විතර ගියාට පස්සෙ තමයි ප්‍රායෝගික ගැටළු නිරාකරණය කරලා හොදම තත්වයේ රථයක් බවට පත්වෙන්නෙ...ඒ වෙද්දි මේ වාහනයට අවශ්‍ය ආනෙකුත් පහසුකම් පවා ඇති වී තියේවි...මතකනෙ නිසාන් සෙරීනා එකට වෙච්ච දේ...පරණ සෙරීනා එකක් අද පාරෙ දකින්න තියෙන්නෙ ඉතාම කලාතුරකින් නේද ?

    සහන්ගෙ උත්සාහය ඉතාමත් අගය කරනවා...අලුත් වැඩක් ගැන මට ඔබත් සමග කථා කරගන්න තියෙනවා...ඊයකින් හමු වෙමු...උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන්... අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. පල පල යන්න උබට කියක් පෙන්නන ඔනද .මේක බලමු

      Delete
    2. සිරා මේ කාර් එක ආවේ 2009 දී..මන් මේ පෙන්නලා තියෙන වාහනේ නම් සියලුම දේවල් සර්වසම්පූර්ණයි...කිසිම අඩුවක් නැහැ. එන්ජිනියරින් පැත්ත හොඳටම තියෙනවා.. ට්‍රැක් එහෙක ටෙස්ට් කරද්දී හොඳටම තේරෙනවා සිරා වාහනයේ තත්වය...

      රයිට් ඊයක් එවන්නකෝ මට ඉවර ඇති වෙලාවක .......

      Delete
  7. අප්පච්චියේ සහන්..මාර ආස හිතුනා..ඒත් හීනයක්..
    බදු අඩුකරාවි මම හිතන්නෙ..හයිබ්‍රිඩ් වලට වගේ..?

    ReplyDelete
    Replies
    1. හීන දකින්න වීයා.. සමහර විට පුළුවන් වේවි මේ වගේ එකක් ගන්න... බදු අඩු කරා කියලත් එතරම් වැඩක් වේවිද ....? වාහනයේ මිළ යුරෝ 110 K පහු ගිය සැප්තැම්බර් වල... රුපියල් වලින් නම් ලක්ෂ 230 පනිනවා..

      Delete
  8. මේ ලිපිය අපි දෙන්නම ගොඩක් ආසාවෙන් කියෙව්වා:) කාර් එකනම් ෂෝයි.......මිල නම් වැඩි නේද?........සහන් මහන්සියෙන් ගොනු කරපු තොරතුරු අපි දෙන්නම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු ඔයාලට ගොඩක්... මිළ නම් හොඳටම වැඩියි තමයි..ඒත් මොනවා කරන්නද ඔන්න ඔහේ ලෝන් එකක් දාලා ගන්න බලන්න ...:)

      Delete
  9. පොහ්...........පිස්සු හැදෙනවා සහන්. මේ ඊයේ පෙරේදා නිසාන් සමාගමෙන් මේ කාරයට සමාන එකක් ලංකාවට ගෙන්නුවා කියලා වාර්තාවක් මම කියෙව්වා. කොතරම් තාක්ෂනය දියුනුවුනත් එහි සැබෑ වාසිය සාමාන්‍ය මිනිසාට ලැබේද යන්න සැකයක්. මා අසා ඇති ආකාරයට මේ කාරය ඉතාම නිශ්ශබ්ද වාහනයක්. එන්ජිමක් නැති නිසා.

    ලක්ෂ 500 යි නේ. අම්මපා මට කේන්ති ගියොත් අරන් දානවා ඔයින් එකක් මේ පාර මගේ පැන්සොන් පඩියෙන්. :D :D

    ReplyDelete
    Replies
    1. ඊළග පැන්සොන් පඩියෙන් මටත් ඒකක් ඕනා....

      Delete
    2. ඔයැයිට නං මොකැ ඉතින් පවුලටත් පැන්සොන් එකක් හම්බෙනවනේ ගන්ට බැයැ දෙකක්

      Delete
    3. නිසාන්ලත් ගෙන්නලා තිබ්බද .....? මම නම් ඒ ගැන දන්නේ නැහැ..

      |||||කොතරම් තාක්ෂනය දියුනුවුනත් එහි සැබෑ වාසිය සාමාන්‍ය මිනිසාට ලැබේද යන්න සැකයක්.||||||

      ඇයි විචාරකතුමා මෙහෙම කියන්නේ ...?

      ඔව් මේක සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දයි.. හරිම සයිලන්ට් ..ඒ උනාට හරිම පවර්ෆුල් එක තත්පර 5 න් කඩාගෙන පනිනවා පැයට කිලෝමීටර් 110 ට විතර.. හපෝ මම නම් හරිම අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්තේ මේක.. අපි ඉතින් දවස් පඩි කාරයෝ නෙව...:(

      Delete
    4. @ අටම් සිරා

      උඹලා දෙන්නා කොහොම හරි කන විදගන්න නෙහ්හ් බලන්නේ ....

      Delete
    5. NISSAN Leaf ......මෙන්න තියනවා භාණ්ඩේ ... ගෙඩි ලක්ස 45 ක්ද කොහෙද කිව්වා වගේ මතක .....http://en.wikipedia.org/wiki/Nissan_Leaf

      Delete
    6. විචාරකතුමා කන විදින්නෙ ඉදිකට්ටෙං නෙමෙයි කාල තුවක්කුවෙන්. :D

      Delete
    7. මම අද තමයි යූ ටියුබ් එකෙන් වීඩියෝ එක දැක්කෙ...පට්ට ලස්සන පට්ට සිරා...පට්ට ගති වාහනයක් නොවැ සහන්...කට්ටියම එකතු වෙලා එකක් ගමුද ?

      Delete
    8. කොහොමද ආස හිතෙනවා නේද සිරා ......?

      Delete
    9. ෆැන්සෝන් එකෙන්ලු. 83, 89 කීදෙනෙක් හරි කමන්නෑ බාවලා හදාගත්ත පැන්සෝන් එක.

      Delete
  10. සිරාවටම අයියේ මෙව්වා ලංකාවට ආවත් ගන්න එක අපි වගේ දුප්පත් මිනිස්සුන්ට හීනයක් තමයි. මට නම් වැඩියම හිත ගියේ ඩෑෂ් බෝඩ් එකටයි වොයිස් කොන්ට්‍රෝල් සිස්ටම් එකටයි තමයි

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගෙන්නනවා ලබන දෙසැම්බර් වල මල්ලි... මම මුළින්ම දැම්මා ගන්න පුළුවන් තැන... පස්සේ අයින් කරා හරි නැහැ වගේ හිතිලා..මේකේ වොයිස් කොන්ට්‍රෝල් සිස්ටම් එකට නම් ආසා හිතෙනවා.. අනිත් එක ප්‍රංශ / ජර්මන් ඇතුළු බොහෝ යුරෝපීය භාෂා ප්‍රමාණයක් සපෝර්ට් කරනවා..එළවන ගමන් කෝල් ගන්න , AC එක අඩු වැඩි කරන්න , වේගය අඩු වැඩි කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්.. නිකන් රෝබෝකෝර්ප් වගේ තමයි...!

      Delete
  11. මෝටරේ එක විනාඩියට වට 12,700 ක වේගයෙන් කරකැවෙනවා. රෝද සහ මොටරයේ ආමේචරය සම්බන්ධ වෙලා තියෙන්නේ 9:1 කියන අනුපාතයෙන්. ඒ අනුපාතය වෙනස් කරන්න බැහැ අපිට.උපරිම බලය විනාඩියට වට 9500 දී ලැබෙනවා මෝටරයට


    මේකෙ අනිත්මට මෝටරය කියන එක රෝද වලට කියල වෙනස් වෙන්න ඕනි නේද???

    අනික තමයි...මෝටරටය ඔච්චර බලයක් තියෙනවනං ඇයි RPM එක අඩු කරල දෙන්නෙ....කෙලින්ම මෝටරය රෝද වලට සම්බන්ද කරල වාහනය ක්‍රියා කරවන්න බැරිද??

    ReplyDelete
    Replies
    1. \\\\\\\උපරිම බලය විනාඩියට වට 9500 දී ලැබෙනවා මෝටරයට\\\\\

      #### මෝටරයේ උපරිම බලය විනාඩියට වට 9500 දී ලබා ගන්නවා මෝටරය විසින් #### යනුවෙන් නිවැරදි වෙන්න ඕනේ..

      \\\\\\\අනික තමයි...මෝටරටය ඔච්චර බලයක් තියෙනවනං ඇයි RPM එක අඩු කරල දෙන්නෙ....කෙලින්ම මෝටරය රෝද වලට සම්බන්ද කරල වාහනය ක්‍රියා කරවන්න බැරිද??\\\\\\\

      එහෙම කරන්න පුළුවන්..ඒත් එහෙම නොකරන්නේ හේතුවක් නිසා.. මෝටරයක උපරිම ටොර්ක් එක එන අවස්ථාවක් තියෙනවා.අන්න ඒ අවස්ථාව සහ රථයේ වේගය පැයට කිලෝමීටර් 160 පහු කරලා තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ.. ( වැඩක් නැති වෙන්න හේතුව හරි සරළයි..හැබැයි බ්ලොග් පෝස්ට් එකක් ඕනේ වෙනවා පැහැදිළි කරන්න නම්. මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් , රථයෙන් රථයට වෙනස්. ) ඉතින් ඒ සැකසුමට අනුව තමයි ජියර් රේශියෝ එක හදන්නේ.. මෝටරය බලසම්පන්න නිසා මෙකනිකල් ජියරින්ග් සිස්ටම් එකක් ඕනේ නැහැ ටොර්ක් කන්වර්ශන් කිරීම සඳහා..

      හොඳට මතක තියාගන්න ජියර් සිස්ටම් එකක් ඕනේ වෙන්නේ ප්‍රමාණවත් ටොර්ක් එකක් ලබාගන්න නොහැකි විටදීයි , උපක්‍රමයක් ලෙස. ඉතින් මෙතැනදී ඒ වාසිය අරන් තියෙනවා.. නමුත් උපරිම ජවය එන රෙවලූෂන් එක සහ රථයේ " සාමාන්‍ය ඉහළ වේගය " ගැන ගැලපුමක් කරන්න වෙනවා.. ඒක තමයි 9:1 කියල අරන් තියෙන්නේ..

      අනිත් එක තමයි මේ පාවිච්චි කරන්නේ නිකම්ම නිකම් රුපියල් 20 ට ඉස්සර අපි චූටි කාලේ සෙල්ලම් කරන්න ගත්ත මෝටර් නෙවේ..ඒ මිම්මෙන් මයින්න එපා මේ මෝටර් එක ගැන.. ඉන්නකෝ මීළඟ පෝස්ට් ලිස්ට් එකට අපි මෝටර් ගැන පාඩමක් එකතු කරමු...

      Delete
    2. අනේ මචං දාහං , මෝටර් ගැන ඉගන ගන්න ඕන මෝටර් ගැන , මෝටාර් ගැන නං දැන් දන්නවා

      Delete
    3. රයිට් අපි මීළඟ පෝස්ටු ගොඩට දාමු ......

      Delete
    4. බොහොම ස්තුතියි සහන්...හොඳ උත්තරයක්...ඔවු මෝටර් ගැන ලියන්න ඊලට පෝස්ට් එකෙං...

      Tesla කම්පනි එකෙං කියල තිබුන එයාලගෙ අලුත් එන්න තියෙන රථය 35,000 $ ක් වගේ මිලකට වෙලඳපලට දෙන්න යනව කියල.....අපි බලමු කොහොමත් දැන් BMW..FORD වගේ රථවාහන සමාගම් විදුලියෙන් ධාවනව වෙන වාහන වලට වැඩි අවධානයක් දීල තියෙන්නෙ.... තව අවුරුදු 5-10 වගේ ගතවෙනකොට සාමාන්‍ය දැරිය හැකි මිලකට ගන්න පුලුවං විදුලි වාහන තියේවි...ඒ වගේද එක චාජ් එකකින් දිගු දුරක් යන්න පුලුවං බැටරි තාක්ෂණ එයි....

      Delete
  12. හදිසි ප්‍රශ්න කිරීම සඳහා මූලිකත්වය දීම ගැන කණගාටුව ...................

    ReplyDelete
  13. බැටරියේ විශ්වාසවන්තභාවය(Reliability) කොහොමද දන්නේ නෑ. මොකද අපේ ෆෝන් වල තියෙන ඒවා නිකම්ම කඩන් වැටෙනවා නේ. දුර ගමනක් යද්දී එහෙම වුණොත් ?

    ReplyDelete
    Replies
    1. ෆොන් එකකට නිසි පරිදි සිග්නල් ලැබෙන්නෙ නැත්තං ඒ අවස්ථාවලදි බැටරියෙන් ලබාගන්න ශක්තිය වැඩි වෙනව. ඒ නිසා සිග්නල් අඩු පැතිවල යනවනං ඉක්මනින් බැටරිය බැස යන්න පුලුවං.

      Delete
    2. මේක නම් එහෙම වෙන්නේ නැහැ සුදීක.. නියමම නියම ක්‍රමේට හදපු බැටරියක් මේ තියෙන්නේ.. මම වෙලාවක මේ බැටරියේ ක්‍රියාකාරීත්වය ගැන ලියන්නම්..එතකොට පැහැදිළි වේවි මේ වෙනුවෙන් වෙන මහන්සියේ තරම... ( මන් කිව්වේ බැටරිය හදන්න විඳින දුක )

      @ ප්‍රසා

      එහෙනං එහෙනං

      Delete
  14. ලංකාවට මේක එනකොට වෙන දේ ගැන දැන්ම හිතන්න කල් වැඩියි. කොහොම වුනත් මෙහි අලුත් වැඩියා, සර්විස් වගේ ඒවා කොහොමද? විදුලි බිල ගැන නම් මටත් ටිකක පැහැදිලි නෑ සහන් , සහන්ගේ තවත් වටිනා පොස්ටුවක්. බොහොම ස්තුතියි. දැන් ලංකාවට ගෙන්නලා තියෙන "නිසාන් ලීෆ්" රථය මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද..? එක ලක්ෂ 42ක් වගේ මිලකට ඒවා දෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\ලංකාවට මේක එනකොට වෙන දේ ගැන දැන්ම හිතන්න කල් වැඩියි.\\\\\

      හිතන්න දෙයක් නැහැ ඉවාන් තව මාස දෙකකින් මෙහෙට එනවා මේ වාහන කීපයක් විකිණීම සඳහා.. ලබන දෙසැම්බර් වලදී මිළදී ගන්න පුළුවන් ලංකාව තුලදීම...


      \\\\\කොහොම වුනත් මෙහි අලුත් වැඩියා, සර්විස් වගේ ඒවා කොහොමද? \\\\\\\

      ඊට අදාළ විස්තර සහ තාක්ෂණික උපකරණත් ඒ එක්කම ලංකාවට ගේනවා...මොනවා හරි ගැටළුවක් උනොත් පැය 24 ක් ඇතුළත වාහනේ බාර ගන්නවා.. ( ඒ පහසුකම දෙන්නේ ලංකාවේ අලෙවිකරු විසින් හොඳද )

      \\\\\\විදුලි බිල ගැන නම් මටත් ටිකක පැහැදිලි නෑ සහන්\\\\\\\\\\\\

      මට පොඩ්ඩක් විස්තර ඇතුව කියන්න බලන්න ප්‍රගීත් ..


      \\\\\\\දැන් ලංකාවට ගෙන්නලා තියෙන "නිසාන් ලීෆ්" රථය මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද..? එක ලක්ෂ 42ක් වගේ මිලකට ඒවා දෙන්නේ කොහොමද?\\\\\\\\\\\

      ලීෆ් එක මේ තරම් ඉහළ මට්ටමක නැහැ... මන් කිව්වේ තත්පර 4 න් 100 ට ස්පීඩ් වීම හඬ හඳුනාගැනීම් , ට්‍රැක්ෂන් කොන්ට්‍රෝලින් වගේ දේවල් නැහැ ප්‍රගීත් ...ටෙස්ලා කාර් එක රේසින් කාර් එකක්..සාමාන්‍ය පාවිච්චියට තියෙන එකක් නෙවේ...

      ලීෆ් එකේ බැටරිය කිලෝවොට් 24 .. මෝටර් එක කිලෝවොට් 80 යි.එක දිගට යන්න පුළුවන් කිලෝමීටර් 160 ක් වගේ. නමුත් ටෙස්ලා එකේ බලය ලීෆ් එකට වඩා කීප ගුණයක් වැඩි... ඒ නිසයි මිළ වැඩි වෙලා තියෙන්නේ...

      අර ප්‍රශ්නේ නැවත අහන්න බලන්න ප්‍රගීත් ...

      Delete
    2. මුලින්ම ස්තුතියි සහන්ගේ විස්තරාත්මක පිළිතුරකට ,සහන් පිළිතුරක් දෙන්නත් පෝස්ටුවකට වෙන මහන්සියම වෙනවා. එක මං දැකපු විශේෂ වටිනාකමක් සහන්ගේ.
      මම ඇහුවේ චාර්ජ් කරන්න පැය අටක් යනවනම්, ලංකාවේ ගණනය කිරීම වලට අනුව මාසෙට ලොකු ඒකක ගානක් යනවනේ .එතකොට එකෙ ලාබයක් තියෙයිද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. චාර්ජ් කරන්න පැය 8 ක් යන්නේ නැහැ ඉවාන්.... පැයයි විනාඩි 8 යි යන්නේ ....( පැය 1 යි විනාඩි 8 යි ) ...

      ඉවාන් චාර්ජ් කිරීමට ගතවෙන කාලය අනුව නෙවේ බිල වැඩි වෙන්නේ.. වැය වෙන විදුලි ඒකක ගණන අනුව.. චාර්ජ් කිරීම සඳහා කිලෝවොට් 96 විතර වැය වෙනවා... ( ඒ ප්‍රමාණෙන් කිලෝමීටර් 420 විතර යන්න පුළුවන්.. ප්‍රංශයේ නම් චාර්ජ් කිරීම නොමිලේ කරනවා )

      ඉවාන් මම හරි කැමති මේවා දැකලා විශය ගැන ආසාවක් ඇති වෙන අය බිහි වෙනවා දකින්න..ඒ නිසයි මහන්සියෙන් උත්තර දෙන්නේ ප්‍රශ්නයක් අහන කෙනෙක්ට.. අනිත් එක මේවා ගැන සිංහලෙන් ඉගෙන ගන්න තැන් අඩුයි..මමත් මේවා ඉගෙන ගන්න ගොඩක් මහන්සි උනා.. සමහරු දැන දැනත් කියලා දීලා නැහැ.. ඇහුවම වෙන බයිලයක් ගහනවා..

      ඔය වගේ අනන්ත දේවල් වෙලා තියෙනවා මට මගේම අයගෙන්..! මනුස්සයෙක් ආසාවෙන් දෙයක් අහද්දී බයිලා ගහන්න හොඳ නැහැ...අන්න ඒකයි මම මෙහෙම මහන්සි වෙලා කමෙන්ට් එකක් උනත් දාන්නේ..


      _______________________________________________
      ඉවාන් මම ලියපු කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero. කියවන්න...විශේෂෙන් පලි. කොටස...

      ඉස්සර සිංහල පොතේ හිටපු කඔරු ඉකෙයා නිසා සයිලන්ට් සහනුත් පුංචි කලේ ඉඳන් ඕව පස්සෙමයි ගියේ. මමත් පුංචි කාලේදී ඕව ගැන අහන්න කෙනෙක් නැතුව ඔහේ හිටියා.සමහර දාට තනියම ඕනේ තරම් අඬලත් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් නොදන්න දෙයක් නම් කියල දීල නැහැ...!dnd.

      එදා මම සිංහල පොතෙන් කියවපු ඒ ලස්සන කතාවේ තිබ්බ ධූමකේතුව කියන්නේ මොකක්ද කියලවත් මට තේරුම් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් අද මම දන්නවා ඉකෙයා-සෙකි මේ විශ්වයේ ඉන්නේ කොතනද කියල එක විනාඩි 15න් හොයන්න.

      කවමදාවත් කුහක වැඩ නම් ඉගෙන ගන්න පුංචි උන්ට කරන්න එපා .. කරත් කමක් නැහැ උන්ව නවත්තන්න ඒ 2.50 වැඩ වලට බැහැ ..!

      කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.

      Delete
    5. ස්තුතියි සහන් ,ඔබ විශිෂ්ටයෙක් ....ඔබ වෙනුවෙන් මට කුමක් කල හැකිදැයි මා දන්නේ නෑ , එත් ඔබ නියම මනුස්සයෙක් බව නම් පේනවා .

      Delete
    6. ඇත්තටම ඉවාන් මම බ්ලොග් එකක් හැදුවේ මගේ තනිකම මකාදැමීම සඳහා.. මුල්ම කාලේ ඔහේ මෙලෝ රහක් නැති කවි කෑලි තමයි මම ලිය ලියා හිටියේ.. මට ඕනේ නැහැ මේ වගේ දේවල් ලියන්න.. මොකද මට මේවා ඇති වෙලා ඉන්නේ ..

      ඒත් පස්සේ හිතුවා මගේ කවි අහලා මිනිස්සුන්ට ඇති පලේ මොකක්ද කියලා.. ඒ නිසයි මම අකුණ වගේ පෝස්ට් ලිව්වේ.. ඉවාන් දන්නවද මගේ වම් අත හරියට වැඩ කරන්නේ නැහැ, මට ඉර එළියේ යන්න බැහැ , බෙල්ල පාත් කලොත් නහයෙන් ලේ එනවා, හුස්ම ගන්න බැහැ පෙනහළු පිරෙන්නම...

      ඉවාන් කවදා හරි එක පැය දෙකක් ඉඳලා බලන්න බාගෙට හුස්ම හිර කරන්.. මම දැන් අවුරුදු ගාණක් තිස්සේ හරියට හුස්ම අරන් නැහැ. වම් අත හරියට වැඩ කරන්නේ නැහැ , මම මේ ලියපු හැම දේම ලිව්වේ වෙව්ලන අතින්.. සමහර පෝස්ට් වල අකුරු ලක්ෂ එක හමාරට වැඩි..ඒ ඔක්කොම ලිව්වේ ඔය විදිහට ඉඳගෙන...

      Delete
    7. සමාවෙන්න සහන මම ඒ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. මම ඔබව අපහසුතාවයකට ලක් කරන්නට හිතුවේ නැහැ. ඔබගේ මේ කැපවීම් මා ඉතාම ඉහලින් අගය කරනවා. ඔබට මේ දේ සිදුවුනේ කුමක් නිසාදැයි මා දන්නේ නෑ. ඒත් මං ඔබට ඉක්මන් සුවය පතනවා. හදවතින්ම

      Delete
    8. මෙච්චර අසනීප තියෙද්දිත් සයිලන්ට් සහන් මේ කරන දැනුම බෙදාදීමග ගැන සහන්ට බොහොම ස්තුතියි.....

      ඒ වගේම සහන්ට ඉක්මන් සුවය පතනවා..... :)

      Delete
  15. සෑහෙන මහන්සිවෙලා ලියපු පෝස්ට් එකක්.
    ගොඩක් වටින තොරතුරු තියෙනවා. මේ වගේ එකක් ෆොටෝ එකකින් බලලා රසවිඳිනවා මිසක් මේ කපේදි ගන්න නම් බැරිවෙයි.. :(

    ReplyDelete
    Replies
    1. පොටෝ ටික jpeg කරගන්න එක තමයි එපා වෙන්නේ මධු.. මාත් ඉතින් ඒ ගොඩේ තමයි... මන් හීන දකින්නේ නැහැ... මේවා අපිට කැප නැහැ නෙව.. :(

      Delete
  16. සෑහෙන්න වටින තොරතුරු ටිකක් යාලුව... හෙනට මහන්සුඉ වෙලා තියෙනව.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මොනවා කරන්නද ගාලු.. තනියම ඔක්කෝම කරගන්න එක හුරුයි දැන් ... :(

      Delete
  17. නිසන් ලීෆ් එකත් මොවගෙම නේද.එ ගැන විස්තර ටිකක් තියෙනව.මෙ තරම්ම නැ.මම දාන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. රයිට් දාන්න බලන්න.. මන් වෙලාවක ඒකටත් මෙහෙම පෝස්ට් එකක් හදන්නම්.. හැබැයි ඉතින් එතරම් වැඩක් ඇති වාහනයක් නෙවේ ලීෆ් එක...

      Delete
  18. බැටරියෙ කාලය යද්දි අන්තිම හරියෙදි දුර අඩුවෙන්නෙ නැද්ද? ෆෝන්වල වගේ :-)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දෙයක් වෙනවා රාජ්..ඒත් කොන්ට්‍රෝලින්ග් යුනිට් එකෙන් ඒ අඩුව හරිගස්සනවා.. ඉදිරියේදී අඩු වෙන කාර්යක්ෂමතාවයට ගැළපෙන්න බැටරියේ සෙල් ගණන වැඩි කරලා තියෙන්නේ..ඒවා ඇක්ටිව් වෙන්නේ බැටරිය පරණ වෙන්න වෙන්න..කෙසේ හෝ වසර 8 ක් යනකම් හොඳටම ප්‍රමාණවත් එහි ජවය ...

      අනිත් එක රාජ් ෆුල් චාර්ජ් එකෙන් මේ වාහනේ තනි කෙනෙක් යනවා නම් එක දිගට කිලෝමීටර් 490 විතර යන්න පුලුවන්.. හැබැයි පොතේ තියෙන්නේ 420 ක් වගේ කියලා.. තේරුණාද ....? අමතර බලයක් එකතු කරලා තියෙන්නේ...

      Delete
  19. වාහනේ ෙනුම නම් මරු. ඕක ලංකාවෙ පදින්න පුළුවන්ද? ශාන්.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ලංකාවට ගෙන්නන්න ඉන්නේ ලබන දෙසැම්බර් වෙද්දී..ගන්න පුළුවන් තැන ගැන මම මුලින්ම පෝස්ට් එක දාන මොහොතේදී කිව්වා..පස්සේ අයින් කරා හරි නැහැ වගේ තේරිලා... IWS Holdings හි යුරෝ කාර්ස් අංශයට ඇමතුමක් දුන්නොත් විස්තර ගන්න පුළුවන්. ART TV හිමිකරුන්වනුත් ඔවුන්මයි ...

      Delete
    2. අනෙ අම්මේ බොලේ අපිට ඕවා ගන්න පුලුවන් නම් මදෑ. මට ප්‍රශ්ණෙ තිබුනෙ ඔය තරම් තාක්ශණයෙන් දියුණු වාහනයක් ධාවනය කරන්න තරම් අපේ රටේ මහ මාර්ග දියුණුද කියලයි.

      Delete
    3. 210 ට නම් යන්න පාරක් නැහැ මගේ හිතේ..නමුත් ඉතින් මෙහෙ පදින්න පුළුවන් ... ලොකු වලවල් වලින් නම් යන්න බැහැ .. පරිස්සමින් පදින්න පුළුවන්.. හයි වේ එකත් හොඳයි වැඩේට...

      Delete
  20. හැමදාම වගේ හොඳ ලිපියක්. ඔය Tesla cars හදපු Elon Musk ගැනත් ටිකක් හොයලා බලන්න. මිනිහා මරු වැඩකාරයෙක්.
    ගොඩක් Tesla කාර් racing and luxury category එකට තමයි හදලා තියෙන්නේ. සාමාන්‍ය එදිනෙදා ධාවනයට නම් මෙච්චර දෙයක් අවශ්‍ය නෑ. Nissan leaf එකත් හොඳයි කියලයි මට හිතෙන්නේ.Toyota plug-in hybrid එක තමයි දැනට තියෙන හැම අතින්ම ප්‍රායෝගික වාහනය. ඉන්ධන මිල හොඳටම වැඩිවෙලා, විකල්ප විදුලි ප්‍රභව ලාභදායී වෙනකන් මේ වගේ වාහන වැඩිපුර ව්‍යාප්ත වෙන්නේ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. \\\\\\\ගොඩක් Tesla කාර් racing and luxury category එකට තමයි හදලා තියෙන්නේ. සාමාන්‍ය එදිනෙදා ධාවනයට නම් මෙච්චර දෙයක් අවශ්‍ය නෑ.\\\\\

      හරියට හරි..මේක අරන් උදේ හවා ඔපිස් ගිහින් වැඩක් නැහැ... මේක හදලා තියෙන්නේ ඔපිස් යන්න නෙවේ..

      \\\\\\ඉන්ධන මිල හොඳටම වැඩිවෙලා, විකල්ප විදුලි ප්‍රභව ලාභදායී වෙනකන් මේ වගේ වාහන වැඩිපුර ව්‍යාප්ත වෙන්නේ නැතිවෙයි. \\\\\\

      ඔන්න ඕක ගැනත් මම පෝස්ට් එකක් දාන්න ඉන්නේ.. අනිවාර්යයෙන්ම එන්න බලන්න.. නිතර දකින්න නැති දෙයක් ගැන මම පෝස්ට් එකක් දාන්න ඉන්නේ.. ලබන මාසේ දිහාට මම ගියාම පොටෝ ගන්න ඇහැකි වේවි මට...

      Delete
    2. මේ අපේ රජ තුමාද ? මම ඔබ තුමා සිරා කමෙන්ට් එකක් දාලා තියනවා ඔය දැක්කමයි..

      Delete
    3. නැහැ සෙන්නෝ මේ ඒ යකා නෙවේ.. මේ ඉන්නේ පණ්ඩුකාභය ... මගේ ඉස්සර ඉඳන් ෆිට් එකක්.. මන් හිතන්නේ අවුරුදු 5 කට එහා.. බ්ලොග් ලොවෙන් පිට දන්නා කියනා කෙනෙක්..

      Delete
  21. උඩ ඉඳන් පහළට ම කියවගෙන ඇවිල්ලා අන්තිම පේළි ටික කියවද්දි බලාපොරොත්තු සුන් වෙනව නේ :D

    ReplyDelete
    Replies
    1. පට්ටම කමෙන්ට් එක දිලිනි ...
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  22. ලංකාවට ඕව ගෙන්නන්න ගත්තොත් ලයිට් බිල තව ටිකක් නග්ගයි. ඇරත් අපේ එවුවො ඕකෙ හෙමිං යන එකක් නෑ.
    හොඳ විස්තර සහිත ලිපියක් වගේම නියම කාර් එකක්.

    ඔය වගේ වේගෙකදි අනතුරක් උනාම බැටරියෙ ආරක්ෂාව ගැන වගකීමක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අය්යේ... ඔව් කිසිම දෙකට බය වෙන්න දෙයක් නැහැ පැයට කිලෝමීටර් 210 න් ගිහින් හැප්පුණා කියලා..සියල්ල ආරක්ෂිතයි...

      වාහනයකට වේග සීමා පැනවෙන්නෙත් " ජෙට් වලට වේග සීමා " පැනවෙන විදිහටමයි ප්‍රසන්න අය්යේ... එංජිමේ බලය නෙවේ එතැනදී බලන්නේ.. පැහැදිලිනේ ....?

      Delete
  23. සහන් මට ඒ කාලේ මොරිස් මයිනර් එකක් මතක් උනා මේකේ තියෙන වැඩ බැලුවහම...

    ReplyDelete
    Replies
    1. නිකන් හරියට 1100 එක මතක් උනා.. එක අතකට පොඩි කාර් කට්ටක් තියන් උදේට වැඩට ගිහින් එනවට වඩා ඉහළට යෑමෙන් පලක් තියෙනවද ....? අනේ මන්දා නේද ....

      අපේ මුණුබුරන්ගේ කාලය එද්දී මොනවා වෙලා තියේද දන්නේ නැහැ මේකේ...!

      Delete
  24. පස්සෙ එන්නම් නිවාඩුව කියවල මල්ලි.

    ReplyDelete
    Replies
    1. රයිට් කෙන්ජි අය්යේ... හෙමීට කියවන්න විවේක වෙලාවට...

      Delete
  25. මාරයා අයියගේ බ්ලොගේ දාලා තිබ්බ කොමෙන්ටුවක් හරහා ආවේ මේ පැත්තට... සෑහෙන්න වටිනාකමක් තියෙනවා මේ පෝස්ට් එකේ මම මේ ගැන මේ ඇහුවමයි... ටෙස්ලා කියන නම දැක්ක ගමන් තමයි මම කඩාගෙන බිඳගෙන ආවේ.නිකෝල් ටෙස්ලාගේ සම්බන්ධයක්වත් තියේද බලන්න. ඇයි දන්නෑ නේද ටෙස්ලා කියලා නම දැම්මේ...

    ෆලෝ පාරක් දුන්නා හිමින් සැරේ අනික් ලිපි ටික කියවන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. පරණ පෝස්ට් උඩින් පල්ලෙන් හරි බලන්න ගැමියා... ස්තූතියි මේ බ්ලොග් එකට පැමිණීම ගැන... දිගටම එන්න ......

      Delete
  26. සහන්ගේ හැම පොස්ට් එකක් වාගේම පැහැදිලි ,අවශ්ය කරන සෑම කරුණක්ම අඩංගු කරලා ලියපු ලිපියක්....ආසවේන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගජින්... මම ඊළඟට දාන්න ඉන්නේ සුළං බලාගාර හදන හැටි ගැන ..ඒවා බලන්න එන්න .. ( තව එකක් තියෙනවා..ඒක දැන්ම කියලා බැහැ ... )

      Delete
  27. ස්තූතියි... ඇතුළු කරගන්න ..

    ReplyDelete
  28. niyamai. oya wage technology ekaka lankawata enna thawa koi tharam kal yaida? hanee hapoi api me duupate kotu wela.,

    ReplyDelete
    Replies
    1. වරද තියෙන්නේ මිනිස්සුන්ගේ කසුන්..පාලකයන්ගේ නෙවේ......

      Delete
  29. සහන් මෙන්න මේ ලින්ක් එකේ තියෙන්නෙත් ඔය කාර් ගැනමද http://vidya-gaweshana.blogspot.com/2013/08/spacex-tesla-motors.html මම නිතර බලන බ්ලොග් එකක්... පට්ට කාර් එකක් .. මම නම් හිතන්නේ තව අවුරුදු 20ක් යන්න කලින් අපිට ඔය විකල්ප වලට යන්න වෙනවා.. නැත්නම් බයිසිකල් යුගයක් හදන්න ඕනේ.. මම මේ අද දැක්ක පෙට්‍රල් එන්ජින් එකක් තියෙන පොඩි රිමෝට් කාර් එකක්.. ගන්නව ද කියල මේ හිත හිත ඉන්නේ.. හි හි... ඕකක් ගන්න හීන බලන ගමන් ඒ වගේ පොඩි ආතල් එකක් ගන්න ඕනේ... මණ්ඩලෙන් අපෘවල් ගන්න එපෑ ඉතින් මොනවා කරන්නත්...

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් ඒක තමයි........... මම ඒත් බැලුවා මගේ පෝස්ට් එකක් එතන තියේද කියලා.. මම මේ දාලා තියෙන පොටෝ නම් මගෙන් විතරයි හොඳද ...?

      \\\\\\\\මම නම් හිතන්නේ තව අවුරුදු 20ක් යන්න කලින් අපිට ඔය විකල්ප වලට යන්න වෙනවා..\\\\\\

      අනිවා තව අවුරුදු 40 කට වඩා නම් බොරතෙල් සංචිත අපිට නැහැ...

      Delete
    2. @ Pathum Herath

      මේ ෂහන් අය්යියේ.. අර දුර බලන ගැජට් එක හදන හැටි ඔයා කියනවද? අපි ෂල්ලි ෂල්ලි කියල බලන්නේ නැතුව ඇමේසන් එකෙන් ඔර්ඩර් කරන්නද?

      පොඩ්ඩක් ඉන්ට ඉන්ට ....මේ හදනවා ...මේ හදනාවා...

      Delete
  30. ape gewal paththen hamathissema wage kalu paata teslaawak yanawa..irisiyawe ba :D mehenam ithin tax na. eth ganna amarui appa..

    //නෝනට එළවන්න දෙන්න කලින් මතක ඇතුව සෙටින්ග්ස් වෙනස් කරලා දෙන්න//

    mage balawath wirodaya :D

    ReplyDelete
    Replies
    1. \\\\ape gewal paththen hamathissema wage kalu paata teslaawak yanawa..irisiyawe ba :D mehenam ithin tax na. eth ganna amarui appa..\\\

      ඇයි අනේ මීට කලින් කිව්වේ නැත්තේ...? පොටෝ කෑල්ලක් හරි ගහලා එවන්න තිබ්බා නේද යුතුකමක් හැටියට...:(

      \\\mage balawath wirodaya :D\\\

      මේක සයුරි නෝනගෙන් නෝනට වෙනස් වෙනවා.. මන් කිව්වේ මේ පැත්තේ නෝනලට සාපේක්ෂව ... :)

      Delete
  31. ඒ මටත් එකක් එවපන්කො.. මම උඹට ටික ටික ගෙවන්නම් :D

    බැටරියෙන්නම් වැඩ කරන්නෙ, කි.මි. 35ට රුපියල් 200ක් යන්නෙ ඇයි බන් ?

    මේක ගැන කියපු එක හොඳයි.. මමනම් ඔය ඇහුවමයි.. මම මීට කලින් අහලා තිබුන බැටරි වලින් වැඩ කරන කාර් ඔක්කොම ෆේල් වෙච්චා කියලා තමා මම අහලා තිබුනෙ.. මේක හරි ගියොත් ඉස්සරහට මැද පෙරදිග තෙල් වල ආඩම්බර බලන්න ඕනා නැති වෙයි..

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\\\ඒ මටත් එකක් එවපන්කො.. මම උඹට ටික ටික ගෙවන්නම් :D\\\

      රයිට් අපි බලමුකෝ හිතලා තව ටිකක්... :)

      \\\\\\\\\බැටරියෙන්නම් වැඩ කරන්නෙ, කි.මි. 35ට රුපියල් 200ක් යන්නෙ ඇයි බන් ?\\\\\\\\\

      බැටරිය චාර්ජ් කරන්න යනවා කිලෝවොට් 100 විතර.. කිලෝවොට් 100 ය බෙදීම කිලෝමීටර් 420 කීයද ....?

      \\\\\\මේක හරි ගියොත් ඉස්සරහට මැද පෙරදිග තෙල් වල ආඩම්බර බලන්න ඕනා නැති වෙයි..\\\\\\\\\

      ඒත් මචන් කියන තරම් ෆිල්ම් එක ලස්සන වෙන්නේ නැහැ..බොරතෙල් මීළඟ වසර 40 ඇතුළත ඉවර උනොත් නම් ඔක්කොම කතන්දර ටික ඉවරයි.. ආයේ ගල් යුගේටම යන්න වෙනවා.. ඉතාම පොහොසත් මිනිස්සු ටික විතරක් ජීවත් වේවි.. එච්චරයි.. ( උඹ මචන් දන්නවනේ සමනළ විප්ලවේ තියරිය ..? ඒකට අනුව කාටවත් පැවැත්මක් නැති වෙනවා දීර්ඝකාලීනව )

      Delete
    2. \\සමනළ විප්ලවේ තියරිය\\

      mokadda a ??? mama danne nane???

      Delete
    3. කැලේක ඉන්න සමනලයෙක්ව මරනවා එක්තරා ගවේෂකයෝ පිරිසක්.. පස්සේ ඒකෙන් වැඩ වරදිනවා කට්ටියටම... ( මෙහෙම සීන් එකක් අහලා නැද්ද ? ඉන්නකෝ වෙලාවක මන් කියන්නම් සමනළ විප්ලවේ ගැන )

      Delete
    4. \\\\\\මේක හරි ගියොත් ඉස්සරහට මැද පෙරදිග තෙල් වල ආඩම්බර බලන්න ඕනා නැති වෙයි..\\\\\\\\\
      ඇයි බං ඕක චාර්ජ් කොරන්නේ තෙල් පුච්චලා ගන්න කරන්ට් එකෙන් නෙමේද?

      Delete
  32. //. වොට් 310,000 බලයක් ( වොට් තුන්ලක්ෂ දහ දාහක බලයක්. ඒ කියන්නේ අශ්වයෝ 416 දෙනෙක්ගේ බලයට සමානයි ) // o O

    //. අනිත් දේවල් ටිකත් සම්පූර්ණ කරගන්න ගියාම ලක්ෂ 500 ට කිට්ටු වෙනවා. //ඒක තමයි ගන්න ඕන මාත් එකක්... :D :D

    වටිනා ලිපියක් වෙනදා වගේම......!

    ReplyDelete
    Replies
    1. මම ඔය විදිහට දැම්මේ රෙහානි හැමදාම " අශ්වබල අශ්වබල " කියලා දැම්මට වැඩක් නැති නිසා...නොදන්න අයත් ඉන්නවනේ ඒ ගැන..ඔයා හොඳට කියවන එක ගැන සතුටුයි ...

      මන් මේක විකුණන්න ඉන්නේ... කැමති නම් අඩුවට දෙන්නම් :D


      තැන්කුයි රෙහානි ...

      Delete
  33. සරලව පැහැදිලි කරලා තියෙන්නෙ හැමදේම . ඒක තමයි මට නම් ගොඩක් වටින්නෙ . මන්ද මේ වගේ කාර් ලෝකෙ තියනව කියනවට වැඩිය එහි යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පැහැදිලි කරල දෙන එකයි. ඒක සහන් උපරිම විදියට කරලා තියනව . මේකෙ තියන තාක්ෂණය තමයි අපි ගත යුත්තෙ සහ එහි තාක්ෂණය අපෙ රටේ දියුණුවට කොහොම සකසා ගත යුතුද යන්න සිතා බැලීමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් ඔයාට... මේකේ නම් පින්තූර විතරයි තියෙන්නේ දැනට..මට පුළුවන් විදිහට මන් බලන්නම් මේවා ගැන තාක්ෂණික දේවල් ලියන්න....ඔයාගේ මේල් දෙකක් තියෙනවා රිප්ලයි කරන්නත්... මට වෙලාව නැති උනා මනෝජ්..පහු ගිය ටිකේ මහ කුණු සිදුවීම් කීපයක් පස්සේ ගියා...

      Delete
  34. ඇබං බුවෝ.
    මේකනම් එදිනෙදා ජීවිතේට ගැලපෙන එකක් නෙමේ. කොහොමත් බුවෝ ඕකට බදු සහන නම් අනිවා ලැබෙනවා. මේ සාටක ලන්තේ ආශ්චර්ය නොවැ ඒක.

    ReplyDelete
    Replies
    1. අනිවා මේකට ගන්න ඕනේ බදු සහන.. :)

      Delete
  35. සහන් මම ඔබ දන්න කෙනෙක්.ඒ කියන්නෙ බ්ලොග් ලෝකයේ ඔබව දැන ගත්ත කෙනෙක්.පැරකුම්ගෙ අඩවියේ මේ කාර් එක ඔබ ගත්ත බව අගවල තිබුන නිසා මම හදවතින්ම සතුටු වුනා.ඒත් ඒ සතුට තත්පර කීපයක් වත් තිබුනෙ නෑ.ඔබේ රෝගී තත්වයන් අහල මම දුක් වුන නිසයි

    මම නම් තාක්ෂණයට කැමතියි.මට කවදාවත් මේව මිලට ගන්න බැරි බව දන්නව වුනත් කාට හරි පාවිච්චි කරන්න මේව ලෝකෙට එන එක හොඳයි.
    2015 වන විට පියාඹන කාර් එනවළු.ඒ වගේම අභ්යාවකාශ චාරිකා යන්න ඕනම කෙනෙකුට පුළුවන් වෙනවළු.

    සියල්ලම කෘතිමව අඩු විඅය්දමකින් නිපදවන්න පුළුවන් වෙනවළු.සියළු රෝග සුව කරන්න තරම් තාක්ෂනය දියුණු වෙනවළු.සිටහ්න මතාන් යන්ත්‍ර තව වසර කිහිපයකින් එනවළු.
    හරි පුදුමාකාර ලෝකයකට අපි ඇතුළු වෙනවා කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පළමු චේදයට උත්තරේ මට පුද්ගලිකව දෙන්න ලැබේ නම් තමයි සතුටු යාළුවා.. මේ කාර් එක මගේ නමට නම් නැහැ...එහෙම හිතාගන්නකෝ...මේක ලංකාවට ගේන්න ලැබේවි ලබන දෙසැම්බර් වෙද්දී...

      දැනටම තියෙනවා පියාඹන කාර්..ඒත් වාණිජව හදලා නැහැ මහා පරිමාණයෙන්... ලෝකෙටම එවැනි වාහන 30 විතර ඇත්තේ.. ( හරියටම ගණන දන්නේ නැහැ ) මම ඊළඟට දාන්න ඉන්නේ තාක්ෂණික දේවල් ගැනම පෝස්ට් කීපයක්..ඒවා බලන්න එන්න... මොකද ඒ පින්තූර වෙන දකින්න තැනක් නැහැ...

      මමත් මේ රෝගී තත්වයෙන් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ යාළුවා.. බොහොම ස්තූතියි ඔබේ වචන ටිකට...ඒ වචන ටිකත් ඇති ...ඉඩක් ඇති විට එන්න දිගටම...

      Delete
  36. මේ ෂහන් අය්යියේ.. අර දුර බලන ගැජට් එක හදන හැටි ඔයා කියනවද? අපි ෂල්ලි ෂල්ලි කියල බලන්නේ නැතුව ඇමේසන් එකෙන් ඔර්ඩර් කරන්නද?

    ReplyDelete
  37. ලංකාවට හොඳට ගැලපේවි Chevy volt වගේ එකක්. Voice Control නම් එච්චර අලුත් දෙයක් නෙවෙයි නේද? මගේ 2009 MB E350 එකෙයි ගෙදර උන්දැගේ 2013 Town and County van එකෙත් Voice Control තියෙනවා. අනික, මේක දියුණු කරන්න ඇමරිකාවේ Tax ගෙවන අපේ සල්ලිත් දීල තිබුන.

    ReplyDelete
  38. සහන් ලෙඩ වෙලා ඉන්නෙ කියලනම් දන්නව. ඒත් ඔච්චර තදේට ලෙඩ වෙලා කියලනම් දැන ගෙන හිටියෙ නැහැ.

    ඉක්මන් සුවය ප්‍රාර්තනය කරනවා. පුලුවන් නම් මගේ ඇගේ කොටසක් හරි අරගෙන සුවපත් වෙන්න. මොකද, සහන්ලා වගේ දක්ශයො තමයි අපේ අනාගත පරපුරට ඕනෙ කරන්නෙ, අපිට වඩා.

    පෝස්ට් එක ගැන කියනව නම් නොදන්නා කරුනු බොහෝ දැන ගත්තා.

    ඇත්තටම සහන් ලන්කවේ විදුලි බිලත් එක්ක කිසිම විදුලියෙන් දුවන රඨයක් ලන්කාවට ගෙනත් සාර්ඨක වෙයිද? මොකද මට මතකයි 2001 දි විතර ඩේවිඩ් පීරිස් එකෙන්ද කොහෙද පොඩි දොර දෙකේ විදුලි රතයක් ගෙන්නුවා. Union place එකෙ show room එක තිබ්බෙ. හොද කාර් එකක්. මමත් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිය හින්ද දන්නෙ. ලක්ශ 14 කට දුන්නෙ. නමුත් ලන්කාවෙම විකිනිලා තිබ්බෙ කාර් දෙක්කද කොහෙද. එකෙන් එක කාර් එකක් කොලොබ තවම දුවනවා මම දෙතුම් පාරක් දැකලා තියෙනව.

    ReplyDelete
  39. ඔක්කොම හොදයි වගේ පේනවා... ඒත් ආරක්ෂාව පැත්ත කොහොමද? සම්පූර්ණයෙන්ම විදුලි යන්ත්‍රයක්නම් රත්වීම කොහොමද? ඒ වගේම පොඩි ස්පාක් එකක් හරි ආවොත් ගිනි ගන්නේ නැද්ද? මම දන්න විදිහට හයිබ්‍රිඩ් කාර් වුනත් ඇමරිකාව වගේ රටවල් වල ෆේල් වුනා. එක හේතුවක් තමයි ආරක්ෂාව.

    ReplyDelete
  40. සින්ඩිය සදහා ඇතුලත් වීම අදාළ බ්ලොග් එකෙහි ඇඩ්මින් විසින් සිදුකල යුතු බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා http://www.syndi.wikasitha.com යොමුව භාවිත කරන්න. ස්තුතියි. :)

    ReplyDelete
  41. කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන් කිවුවළු.. ඕක අපේ රටට එනකොට විදිලි බිල අහස උසට තියෙයි.. එතකොට ඉතිං කොහෙද ලාබයක්..

    ReplyDelete
  42. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ......

    නන්දා මාලිනියගේ මි ගීතය මතක් උනා.

    ReplyDelete
  43. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ....

    නන්දා මාලිනියගේ ගේ ගීතය මතක් උනා.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !