Pages

December 12, 2013

සිංහයෙක්ව අල්ලා ගන්නා ක්‍රමය .How-to-Catch-a-LION



                 මේක මට එව්වේ ශිරන්ත කියලා මගේ යාලුවෙක්. එයාට ලැබිලා තියෙන්නේ මේල් එකකින්. ******** පෙළට එන තෙක් තියෙන්නේ මුල් නිර්මාණය. තරු පෙළින් පසුව තියෙන්නේ මම එකතු කරපු දේවල් ටික අපේ බ්ලොග් ලියන සහ කියවන අය ගැනත් වෙනත් ලෝක ප්‍රසිද්ද අය ගැනත්.


නිව්ටන් ගේ ක්රමය:සිංහයට ඔබව අල්ලගන්න දෙන්න.. මොකද හැම ක්රියාවටම ප්‍රති ක්‍රියාවක් ඇත..

අය්න්ස්ටීන් (Einstein) ගේ ක්රමය:සිංහයා බලන් ඉන්න පැත්තට අනිත් පැත්ත වේගයෙන් දුවන්න..පරස්පර සම්බන්ධ ප්රවේගය නිසා සිංහයත් හය්යෙන් දුවන්න පටන් ගනි.. හයියෙන් දුවන සිංහයා මහන්සි වෙලා නතර වෙන වෙලාවක සිංහයව අල්ලගන්න..

Software Engineer ගේ ක්රමය :පූසෙක් ව අල්ලලා කියන්න මේක තමය් සිංහයා කියලා...කවුරුහරි කිව්වොත් නැ මේක පූසෙක් කියලා ඔබ කියන්න එහෙනම් මගේ අනිත් version එකේ මූව සිංහයෙක් හැටියට Upgrade කරන්නම් කියලා..


සරත් ෆොන්සේකා ගේ ක්රමය :සිංහයට හැමවෙලේම අනතුරු අගවන්න මම ඕන වෙලාවක ඇවිල්ලා ඔයාව අල්ලන්න පුලුවන් කියලා.. ඒ බයේම සිංහයා කල්පනා කර කර මැරිලා යාවි..

මහින්ද රාජපක්ශ ගේ ක්රමය:සුදු වැන් එකක් රෑ 2 ට විතර එවලා සිංහයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා වෙඩි තියලා දාන්න..

කරන් ජෝහර්ගේ ක්රමය:ඉස්සෙල්ලා කැලේවට ගැහෙනු සිංහයෙක්ව යවන්න.. අපේ අහිංසක සිංහයා අර ගැහෙනු සිංහයත් එක්ක ආලයට පැටලාවි.. ඒකත එක්කම තවත් ගැහෙනු සිංහයෙක්ව ආයිත් කැලේවට එවන්න තව සිංහයෙක් එක්ක....දැන් පලවෙනි සිංහයා පලවෙනි ගැහෙනු සිංහයාවය් දෙවැනි සිංහය දෙවැනි ගැහුනු සිංහයාවය් සෙට් කර ගනී.. ඒත් දෙවැනි සිංහය පලවෙනි සහ දෙවැනි සිංහාවය් ආලය කරය්.. දැන් තව සිංහයෙක්ව කැලේවට යවන්න.. මොනවහරි තේරුනාද?? නැ නේද? හරි.. හරි.. තව විනාඩි 15ට පස්සෙ කියවලා බලන්න.. ඒත් තෙරෙන්නේ නැ.. මොකද මටත් තෙරුනේ නැ..


ජොජ් බුශ්ගේ :සිංහයටය් ඔසාමා බින් ලාඩන් ටය් මොන්වහරි සමබ්න්දයක් තියනවා

ලංකාවේ පොලිසියේ මාර්ගයෙන්:මොනවහරි සතෙක්ව අල්ලගෙන අතෙන් පයෙන් ගහලා, පුලුවන් තරම් වද දීලා ඒ සතාටම පිලිගන්න සලස්වන්න ඒ සතා සිංහයෙක් කියලා..

සරත් ෆොන්සේකා ගේ ක්රමය :සිංහයට හැමවෙලේම අනතුරු අගවන්න මම ඕන වෙලාවක ඇවිල්ලා ඔයාව අල්ලන්න පුලුවන් කියලා.. ඒ බයේම සිංහයා කල්පනා කර කර මැරිලා යාවි..

මහින්ද රාජපක්ශ ගේ ක්රමය:සුදු වැන් එකක් රෑ 2 ට විතර එවලා සිංහයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා වෙඩි තියලා දාන්න..


ගෝවින්දාගේ ක්රමය :සිංහයගේ ඉස්සරහා දවස් 5ක් 6 ක් එක දිගට නටන්න..

mother තෙරේසා ගේ :මොනවහරි ලොකු අනතුරකින් සිංහයව බේරගෙන දිගටම කොල ජාති කන්න දෙන්න..

 *******


කෙන්ජිගේ ක්‍රමය : මිලි ලීටර් 750 ක් රැගෙන  කැළයට යන්න.  ඇති තරම් බොන්න. ඉතුරු උනොත් සිංහයාටත් දෙන්න.

මාතලන්ගේ ක්‍රමය : සිංහයාට එපා වෙනකම් ඔක්කෝම කවළන් කරලා ටෝක් කරන්න.

 හිරුගේ ක්‍රමය : සිංහ ධේනුවක් හොයාගන්න. ධේනුවත් සමග  සිංහයා හමු වීමට ගොස් කාන්තා අයිතිවාසිකම් ගැන සිංහයාට අවධාරණය කරන්න .

වෙද මහත්තයාගේ ක්‍රමය : ලොකු දේශපාලන කතාවක් පටන් අරන් ඌට අරිෂ්ඨයක් බොන්න දෙන්න.

කතන්දරකාරයාගේ ක්‍රමය : වැඩ වැඩ වැඩ කියලා සිද්දිය මග හරින්න. වෙන කෙනෙක් අල්ල ගත්තොත් "පව්" කියලා කියන්න .

 අරුණිගේ ක්‍රමය : ඒකීය සිංහයා ගැන අධ්‍යනය කරන්න .

උදිතගේ ක්‍රමය : මාසෙකට සැරයක් ඇවිත් සිංහයා සිටිනවාදැයි සොයා බලන්න.

තිසරගේ ක්‍රමය : මොකක් හරි බර පොතක් කියවමින් කැළේ වටේ යන්න. ඇතැම් විට සිංහයා ඔබට හමුවිය හැක.

දේශකයාගේ ක්‍රමය : මොනවා හරි කටට එන එකක් කියලා එතනම ඉන්න.


සයුරිගේ ක්‍රමය : කිමෝනාව පැත්තකින් තියලා නින්ජා සටන් ක්‍රමයට අවතීරණය වන්න.


 මහත්මා ගාන්ධිගේ ක්‍රමය :"ඔයා ආවේ නැත්නම් මම එක බත් ඇටයක් කන්නේ නැහැ" කියලා උපවාසයක් පටන් ගන්න. සිංහයාට දුක හිතිලා එන්න පුළුවන්.

ප්‍රා ජේ ගේ ක්‍රමය : ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඉංග්‍රීසි සිංහයෙක් නම් ප්‍රතිචාර දක්වාවි.


සමීගේ ක්‍රමය : උම්ම්මා එකක් දෙන්න. ( ඔතන තියෙන ලින්ක් එකෙන් යන්න. හිනා යන පෝස්ට් එකක් තියෙනවා )


අරූගේ ක්‍රමය : සියල්ල ගැන සිංහයාගේ සිත නොරිදෙන පරිදි පැහැදිළි කර දෙන්න.

ඔමාගේ ක්‍රමය : ඌ සමග චැට් කරන්න.

අටම්ගේ ක්‍රමය : වෙන්නේ මොකද කියලා බලන් ඉන්න.

සිරාගේ ක්‍රමය : ඌට ඊ මේල් යවන්න.

කැළේ ඉන්න ටාර්සන්ගේ ක්‍රමය : වැලක එල්ලිලා මරලතොනියක් දීගෙන ගිහින් සිංහයාගේ ඇඟට පනින්න .

මයිකල් නයිට්ගේ ක්‍රමය : කැළේ කඩාගෙන කාර් එකෙන් යන්න.

ශීනගේ ක්‍රමය : ඌ ඉස්සරහට ගිහින් ඇඳුම් ගලවන්න.

අනර්කලීගේ ක්‍රමය :ඌ සමග හුරතල් වන්න. සිංහයා හැපුවොත් වෙන සිංහයෙක් ළඟට යන්න.

බේ වොච් ක්‍රමය : ලස්සන ගෑණු ළමයි ටිකක් වටකරගෙන උපරිම add එකක් දෙන්න.

විමල් වීරවංශගේ ක්‍රමය : ඌට ලෙමන් පෆ් එකක් දෙන්න.

ලාල්කාන්තගේ ක්‍රමය : ලබන පාර සිංහයාව අල්ලාගන්න .

සිරිමාවෝ මැතිනියගේ ක්‍රමය : සිංහයාට කෑම නොදී ඌව කෑම පෝලිමේ යවන්න.

සුදීකගේ ක්‍රමය : ටොස් එක දාලා සිංහයා සමග ක්‍රිකට් මැච් එකක් ගහන්න.

මාරයාගේ ක්‍රමය :         ????       ???????      ?????          (හිතාගන්න බැහැ . අනේ මාරයියේ උඹම ඇවිත් කියපන්.)

පත්තර මල්ලිගේ ක්‍රමය : ඌ සමග මලක් ගහන්න.

අයිලාෂ් අයියගේ ක්‍රමය : "අනේ වැඩක් නැහැ මල්ලි.මට එපා වෙලා තියෙන්නේ" කියලා කැළෙන් එළියට එන්න.

විචාරක තුමාගේ ක්‍රමය : සිංහයාගේ ගෙදර තියෙන තැන හරියටම හොයාගන්න.


පැතුම් හේරත්ගේ ක්‍රමය : උපරිම ඩීසන්ට් පිට ඉන්න. සිංහයා සමග හිනා වෙන්න. ඌ හිනා උනොත් අතට අත දෙන්න. ඌ අතට අතත් දුන්නොත් සිංහයාව ආදරයෙන් වැළඳ ගන්න.

මගේ පස්සෙන් එන වාත ඇනෝ නෝනාගේ ක්‍රමය : සිංහයාගේ නැට්ටෙන් මයිලක් වැටෙන තෙක් බලා සිටින්න.එම මයිල අතැතිව සිංහයාට දොස් නගන්න. සිංහයා චෝදනා ප්‍රතික්ෂේප කළොත් ලෝකයටම මයිල පෙන්වා සිටින්න.

බුවා මල්ලිගේ ක්‍රමය : ඉහත ඇනෝ නෝනා සමග එකඟ වන්න.




විශ්ව රංගනාත්ගේ ක්‍රමය : කැළයෙන් එළියට ඇවිත් ටෝක් කරන්න සිංහයව ඇල්ලුවා කියලා.


නලින් අයියගේ ක්‍රමය : " හි.ක." වෙන තෙක් ඉවසන්න. ( මේක මේ ලේක් හවුස් එකේද කොහෙද තනතුරක්. අසභ්‍ය වචනයක් නෙවේ. ඔහුම ඇවිත් පැහැදිළි කරාවි. )


සයිලන්ට් සහන්ගේ ක්‍රමය : බේස් බෝල් බැට් එකක් අතැතිව සිංහයා ඉදිරියේ ප්‍රාතූර්භූත වන්න. ඌ ඉදිරියට ඒමත් සමග නාසය කැඩී යන සේ බැට් එකෙන් ගහන්න. මීළඟ තත්පර 4 තීරණාත්මක විය හැකි බැවින් අවම බලය යොදවන්න. සිද්දිය දුටු අයෙක් වේ නම් ඔවුන් වෙතද අවම බලය යොදවන්න.




ප.ලි. මට මතක් වෙච්චි අය ගැන තමයි මේ ලිව්වේ..අනිත් අයටත් මතක් වෙන ඒවා ලියන්න බලන්න ....





198 comments:

  1. හි හි... අඩේ මං කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරනවා වගේද පේන්නෙ... ? මේ කියවන වල්පලුත්... ? පිස්සු හැදෙනව... ඔන්නොහෙ කමක් නෑ.. අපි වෙනුවෙන් අපි... හ්ම්ම්...

    හි හි...

    ReplyDelete
    Replies
    1. ලිහිණිත් හිටියා නම් තකට තක ......

      Delete
  2. හි.ක.කියුවේ හිටපු කර්තෘ ද?

    ReplyDelete
    Replies
    1. බලමු නලියා ආවම කියයි .......

      Delete
    2. ඔව් ඔව්... මට ඔය හික වෙන්න බෑ. හි.ප්‍ර.ප්‍ර.ක තමා වෙන්න හැකි.

      Delete
  3. අම්මපා ආයෙනං කවදාවත් කියලා දෙන්නේ නැහැ සිංහයෝ අල්ලනහැටි සහන්ට. අපරාදේ මට ඔය ගැන පේටන්ට් බලපත්‍රයක් ගන්න බැරිවුනානේ.

    අර කාර් එක රිවස් කරන මම දැකපු පින්තූරේ නංගි පස්ස සීට් එකේ ඉඳගෙන කකුල් දෙක ඉස්සරහ සීට් එක උඩ තියාගෙන හිටියේ. එකයි රියදුරාට කණ්නාඩියෙන් වෙන වෙන දේවල් පෙනුනේ කාර් එක ඇනෙනතුරුම.

    ReplyDelete
    Replies
    1. කාර් එක නෙවේ මුළු සරුවාන්ගෙම ඇණ ගන්න හිතෙනවා ආයුබෝවන් ඒවා පෙනෙද්දී ...

      Delete
    2. ඉතිං ඒ යකා කණ්ණාඩියෙං බලාගෙන කාර් එක වලේ වැටෙනකං රිවස් කළේ ඇයි දන්නෑ??

      Delete
  4. මට ලැජ්ජත් හිතුනා මෙයා...

    මාරයා - රීඩරයෙන් සිංහයා අසුවන තෙක් එළවන්න..

    ReplyDelete
    Replies
    1. බලමු මාරයට මේ පාර වත් අහු වෙයිද කියලා .....

      Delete
  5. සයිලන්ට් සහන්ගේ ක්‍රමය : මුලින්ම සිංහයාට ගොරවන්න. සිංහයා පෙරලා ගොරවන විට නිහඬව සිටින්න. ඉන් පසු සිංහයාව අල්ලා ගන්නා ආකාරය ගැන අනිත් අයට උපදෙස් දෙන්න. එවිට සිංහයා බිය වී යටත් වනු ඇත. :D

    ReplyDelete
    Replies
    1. සිංහයට ප්‍රොජෙක්ට් එකක් ලියලා දුන්නත් හරි !!! :-):-)

      Delete
    2. ඉන්දික අයියේ ..

      අපි රෙඩි !! කැකුණ ස්ටෑන්බයි තියං ඉන්නේ :-):-)

      ඕඩරේ දුන්නනං අපි තැලුවා :-):-)

      Delete
    3. @ සෙන්නා

      හරියට හරි.. ඔන්න සාක්කි ... :D

      @ ඉන්දික

      :D

      @ පත්තරේ

      පොඩ්ඩක් හිටින් .. කුකුල්ලු ටික කඳ බඩ දාල එනකම් ... :)

      Delete
  6. සහන්ගේ ක්‍රමය - සිංහයා අල්ලාගත් පසු, ඌ පැත්තක තබා, අනෙක් සියළුම සතුන් මරා දමන්න.

    ReplyDelete
    Replies
    1. සහන්ගේ ක්‍රමය 2 ,

      සිංහයාගේ ඉන්ටනෙට් කපන්න !!

      එතකොට කොපි පේස්ට් කරන්න බැරුව ඌ බල්ල වෙනවා !!

      බල්ලා නං හිටියත් අවුලක් නෑ !!

      Delete
    2. @ පත්තරේ

      කියනකම් කල්පනාවට ආවේ නැහැ නෙව ඕකත් ලියන්න .......වැදගත්ම එකක් .....

      Delete
    3. ගානක් කියන එක හරි නෑනෙ බං .

      කල්පනා කරල බලල කීයක් හරි දියං :-):-)

      Delete
    4. හැබැයි පත්තර මල්ලියා. කීයක් ගත්තත්, මල් ගහනවා එහෙම නොවේ. බොලා මල් ගහනවා කියලා සහනයා කියන්නේ.
      පුක්, සිංහයෝනම් කී දෙනෙක් ඉන්නවාද?
      මචෝ සහන් දවසක් මම ඩයිනෝසරයෙක් වගේ එකෙක් දැක්කා. හොඳට ලං වෙලා බලපුවාම, මූ පඩි හැලිච්ච, හොරි මතු උන සුනඛ තඩියෙක්. පොඩ්ඩක් බොලාගෙත් මතකය රිවයින් කරලා බලහන් එහෙම සීන් දැකලා නැද්ද කියලා.
      ඒක නෙමේ මචෝ, මම “හොරි බල්ලා“ කියලා ගූගල් වල සර්චින් පාරක් දාපුවාම, ටුක් ගාලා වැටුනේ අපේ අගමැතිගේ රූපෙනේ.

      Delete
    5. ඒක නෙමේ මචෝ, මම “හොරි බල්ලා“ කියලා ගූගල් වල පික්චැර් විදිහට සර්චින් පාරක් දාපුවාම, ටුක් ගාලා වැටුනේ අපේ අගමැතිගේ රූපෙනේ.

      Delete
    6. \\\\\\\පොඩ්ඩක් බොලාගෙත් මතකය රිවයින් කරලා බලහන් එහෙම සීන් දැකලා නැද්ද කියලා.\\\\\\

      හ්ම්ම්ම්ම්ම් මීටර් එකට නම් එනවා... පහු ගිය ටිකේ මව් ගුණ ගැයුවා නේද හැංගිලා ...? ( මා ළඟ සාක්කි හෑව් )

      \\\\ඒක නෙමේ මචෝ, මම “හොරි බල්ලා“ කියලා ගූගල් වල පික්චැර් විදිහට සර්චින් පාරක් දාපුවාම, ටුක් ගාලා වැටුනේ අපේ අගමැතිගේ රූපෙනේ.\\\\

      කුපාඩි කොල්ලන්ගේ වැඩ නෙව ....


      Delete
    7. අඩේ බංබුව. මම වයපු මව් ගුණක් නැ. මෙන්න බඩු මාට්ටු
      හැබැයි බං තව දන්න ඇනෝවෙක් පොඩි ෂොට් එකක් බොලාගේ බොගේ දුන්නා.
      දැන් මම ඒ ගේම අතහැරිය නිසා ආයේ අදින්න කප්පනාවක් නෑ.
      මේ මාසේ ලැබුවා විතරයි ඉන්ටර්නට් එකත් කපලා බං. බිල ගෙවපු නැතිවුනාම ඉන්ටර්නට් කපනාවා නේද බං. ඒ ඉන්දා මේ දවස්වල නිකන් නෙට් එක දාගෙන නිදියනවා.

      Delete
  7. මාව කෑවා :-):-)

    සිංහ‍යාට TZR එකක් අරන් දෙන්න ..

    ඌ ඒකෙ ඉගිලෙන්න ගිහින් හැප්පිල මැරිල ගියාම
    පෝර බෑග් එකක දාගෙන ගෙදර ගේන්න පුලුවං !!!

    ඔච්චර දඟලන් නැතුව සිංහයට බ්ලොගක් අටෝල දුන්නනං ඒත් ඌ ඉවරෙටම ඉවරයි !!!

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\ඌ ඒකෙ ඉගිලෙන්න ගිහින් හැප්පිල මැරිල ගියාම
      පෝර බෑග් එකක දාගෙන ගෙදර ගේන්න පුලුවං !!!\\\\\\\\

      අපි දැනුවත්ම කී දෙනෙක් ගියාද ඔය ගමන .. තුෂාරගේ බයික්කේ හැප්පුනේ කව්ද ?

      Delete
    2. එහෙනං එහෙනං !!

      වියදම ටිකක් වැඩි උනාට බඩු ෂුව‍ර් !

      දුශා ඇන්න ඩෝං ගාල කහ ඉර උඩදිම නර්ස් කෙනෙක්ගෙ ඇඟේ :-)

      නාලක රිංගෙව්ව බයික්කෙ ත්‍රීවීල් එකක පිටිපස්සෙ කෑල්ලට

      හප්පල උංම කියද්දි ඇවිත් හිනා කාල මැරෙනව බං !

      Delete
  8. මගේ ක්‍රමය:කැලේ කපා දාන්න

    ReplyDelete
    Replies
    1. අනික් සත්තු පව් !

      Delete
    2. නෑ බං. කැලේ කපනවා කියලා අනිත් සත්තු දැන ගත්තාම උන් ඔක්කෝම සෙට් වෙලා සිංහයාව අල්ලලා දෙනවා.

      Delete
  9. u forgot d real method bro. send a fox ( u know who i mean) n it will b done.

    ReplyDelete
    Replies
    1. නරි ම ඕනෙ නෑ !!

      එල පොරක් ඉන්නවා !!!!

      Delete
    2. @ ඉන්දික

      ඒක ඇත්ත ..මට ඒ වැඩේ අමතකම උනා ..

      @ පත්තරේ

      කට කට ... :)

      Delete
  10. සුපර් මෑන්ගේ ක්‍රමය : සින්හයාව වඩා ගන්න ..

    ReplyDelete
  11. හුරේ . . .

    මතක් උනා මතක් උනා !!!

    හොඳම එක ලියල නෑනෙ බොස් !!

    " සිංහයට ස්කයිප් කෝල් එකක් ගන්න "

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ බන්.. සිංහයා හැංගෙනවා ....... :(

      Delete
    2. එහෙනං සිංහ ධේනුවක් !! :-):-)

      Delete
  12. මාරයාගේ ක්‍රමය: සිංහයා සමග බඩුවක් ගැසීමට යන්න

    සුධීක ක්‍රමය: සිංහයා ඇල්ලීමට ඩොස් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න

    අභීත ක්‍රමය: (ටක්කෙටම හරිගිය ක්‍රමය ) සිංහයා ගෙන් ණයක් ගන්න

    සහන්ගෙ ක්‍රමය:
    කැලේ පුරාවට ලින්ක් දාන්න,
    සිංහයා ආවා කියලා බොරුවට ඇනලයිස් කරලා පෙන්නන්න,
    හිට්ස් මරාගන්න බලාපොරොත්තුවෙන් සිංහයව අල්ලන් ෂෝ එකක් කරන්න,
    හිට්ස් නැති වුනාම කකා ගාව නහයෙන් අඬන්න,
    සිංහයටත් වඩා හොදට කැලේ ගැන දන්නවා කියලා කැලේ එලියෙ ඉදන් පොර ටෝක දෙන්න,
    සිංහයට සැටලයිට් ගැන උගන්නන්න,
    සිංහයට ලංකාවෙ ජීවත් වෙන්න එන්න කියන්න

    ReplyDelete
    Replies
    1. සිරාම කමෙන්ට් එක ..... :)

      Delete
    2. ඉහත ඇනෝ සමග එකග වෙමි

      Delete
    3. බුවා මචං එකඟ ඕනෙ මගුලකට මේ පත්තර මල්ලිත් එකඟයි !!!

      Delete
  13. මම සින්හයාට බයයි මල්ලියේ

    ReplyDelete
    Replies
    1. බයවෙන්ඩෙපා ලොක්කා !!

      අපි ගාව කැකුණ හෑව් !

      Delete
    2. @ දමිත්

      සිංහයව අල්ලන්නේ නැද්ද එතකොට ?

      Delete
    3. වට් ඉස් කැකුණ ?

      Delete
    4. @ ශිරන්ත

      සීරියස් ඕ ජෝක් ?

      Delete
    5. අහ්හ්... ගොට් ඉට්... ගොට් ඉට්...
      අයි වොස් සීරියස්.. නව් ගොට් ඉට්... :)

      Delete
  14. සිංහයාට සීනි කවන්න.. දියවැඩියාව හැදිලා මැරෙයි !

    ReplyDelete
    Replies
    1. ඌ තෙබු කොළ කයි සීනි බහින්න .......

      Delete
  15. සහන් ගේ ක්‍රමය:

    පොඩි මීමින්නෙක් වගේ එකෙක් අල්ලා ගන්න.
    සිංහයින් ඇල්ලීම ගැනත් අලි කොටි වලසුන් පවා ඇල්ලිය හැකි සරල ක්‍රමය ගැනත් පෝස්ට් එකක් දමන්න.
    වර්නනා කරන කමෙන්ට් වලට නිහතමානීව උත්තර දෙන්න.
    "ඔය සිංහයා අල්ලපු හැටි අපටත් කියා දෙන්න" කියන අයට අල්ලපු හැටි නිහතමානීව උගන්වන්න.
    කවුරුවත් කිව්වොත් "ඔය සිංහයෙක් නෙවෙයි" කියා, ඒ කමෙන්ට් ඩිලීට් කරන්න.
    "මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්තෙ මොකද" අහන්න.
    ස්කයිප් වලට එන්න කියන්න.
    "විශ්ව රංගනාත් නම් ඇවිත් කජු පුහුලම් කාල, ටකෙත් ගහල ගියා" කියන්න.
    ඔය මතක් වෙන කීප දෙනෙක්ට බනින්න.

    :P

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචං !!

      උඹට අපි සලකනව මදිනෙ !!

      දවසේ කොමෙන්ටුව.

      ටකේ කරේ කිව්වා !! :-):-)

      Delete
    2. අම්මට සිරි මේ ඉන්නේ මගේ රන් කඳ ... :P

      Delete
    3. දැං මගේ ප්‍රශ්නේ මේකයි ??

      """"" ඇයි මලිත් ට ගැහුවම චංචලා අඬන්නේ ? """""

      Delete
    4. පත්තරේ,විශ්ව රංගනාත් සහන්ගේ දස අවතාර් වලින් එකක් වගේ

      Delete
    5. ඔව් ඔව්

      මටත් එකවතාරයක් ඉල්ලගන්ඩ ඕනෑ :-)

      Delete
    6. සයිලන්ට් සහන් යනු විශ්ව රංගනාත් ගේම profile එකක්ම වේ එනම් මොවුන් දෙදෙනාම එක පුද්ගලයෙක්ම වේ . ඒ බව පෙනෙන සාක්ෂි බොහෝ වේ හොඳට විශ්ව රංගනාත් ගේ කමෙන්ට් බලන්න ඔහුගේ විස්තර කිරීම් වල ආකාරය සහන්ට සමානවේ. ඒ වගේම විශ්ව රංගනාත් යනු දුවෙක් සිටින පියෙකි. සහන් ද පොස්ට් වලින් පෙන්වා ඇත්තේ දුවෙක් සිටින්නෙකු ලෙසයි. ඔබ අහන්න පුළුවන් ඔවුන් එක් කෙනෙක් නම් වලි යන්නේ ඇයි. වලි යනවිට මොකද වුනේ බලන්න ආ පිරිස නැවත පැමිණේ එනම් හිට්ස් වැඩිවේ. මොහු හිට්ස් වලට කෑදර පොරකි. විශ්ව රංගනාත් නම් ඔහුගේ නියම profile එක මගින් එල්ල කල පහර ඔහුගේ සහන් නම් ප්‍රතිරූපයට හානි ගෙන දුන් නිසා තවත් පොස්ට් එකක් දමා skype කතාව දමා ජාම බේරා ගැනීමක් කරන ලදී. මේ බව ඔප්පු කිරීමට තව උදාහරණයක් නම් පසුගිය ලිපියක 1:300 ලාබය ගැන කතාකර සහන් එරී සිටින විට එය ඔප්පු කිරීම පැහැදිලි කලේ විශ්ව විසිනි. එය ඔහුට පටලැවී කල දෙයකි. කලබලේට නියම profile එක මාරු විය. හොඳින් බලන්න එහි විශ්ව කරන ලද පැහැදිලි කිරීමේ දී උදාහරණ ගත්තේ සහන් කරන ආකාරයටම වේ. භාෂා ව්‍යවහාරය හොඳින් බලන්න. විශ්ව සහ සහන් යනු දෙදෙනෙක් නම් එම ලිපිය සහ උපශාන්ත සමග ඇතිවූ වාදය යනු සහන්ට පහර දීමට විශ්වට හොඳ අවස්ථාවක් වූ නමුත් විශ්ව මගහැරියේ ඇයි. සහන්ගේ නියම නම විශ්ව රංගනාත් ම වේ.

      Delete
    7. නැහැ !!

      ඔවුන් දෙදෙනා දෙදෙනෙක් !




      Delete
    8. @ ලාස්ට් ඇනෝ

      අනේ මේවා නම් කැළේ දෙයියොම බලාගන්න ඕනේ .... :)

      01. තම්බලා කන්නද බන් හිට්ස් ...?

      02. 1:300 ගැන නම් ඔනෙම් වෙලාවක ඔප්පු කරන්න පුළුවන්. කිසිම එරීමක් නැහැ. එම පොස්ටුවේ සඳහන් සියලු ආයතන 1:300 ට වඩා ලාභ ලැබූ ආයතන . මේ දැන් උනත් නැවත කියන්න පුළුවන් .. වෙන මුකුත් ඕනේ නැහැ හැරී පොර්ටර් වැනි බුද්ධිමය දේපළ උනත් 1:300 ට වඩා ලාබ ලැබුවා. සංගීත කර්මාන්තය , ෆිල්ම් කර්මාන්තය , මෘදුකාංග කර්මාන්තය , විදුලි සංදේශ කර්මාන්තය තුළ ඕනෑම තරම් ඉහත කී ලාබය ලබන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්නකෝ 80 ගණන් වල ඇමෙරිකානු සංගීත සමාගම් ලැබූ ලාභය.

      03. සහන් සහ විශ්ව එක් අයෙක් නම් ඉහත ඔබ කියූ " සහන් එරී ඇති විටක " කතාව වලංගු නොවේ සේම රංග මට කර ඇති සියලු අපහාස වලංගු නොවේ. මා 100% ක් නිදොස් .................. :P

      04 . රංග සහ සහන් කියන්නේ නම් දෙන්නෙක්. පොඩි සමාන කමකට තියෙන්නේ රංගත් ෆිසික් ගැන උනන්දුයි ..ඒ ඇර අපි දෙන්නා දෙන්නෙක්.


      @ all

      තව කව්ද දුවලා ඉන්න තාත්තලා ..?

      Delete
    9. @Anonymous
      ලොකුවට ලියුවට උපකල්පන විතරයි නේ කෝ සාක්ෂි. පොඩ්ඩක් පෙන්වන වාද භාෂා විලාසයේ සමාන තැන්.

      Delete
    10. @ විශ්ව රංගනාත්
      ඇයි මලිත් ට ගැහුවම චංචලා අඬන්නේ ?

      Delete
    11. මේ අපිත් ඉන්නේ. මම කිව්වේ දුවලා ඉන්න තාත්තලා.

      Delete
  16. මේ මොකක්ද බොලේ මේ. ඔහොම කතාවක් කියෙව්ව මතකයි.

    මොලේ ටිකක් බුරුල් වුනා.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා මානෙල් අක්කේ ... නත්තල් සාජ්ජෙට කළින් සාජ්ජේ ......

      Delete
  17. මාරයාගේ ක්‍රමය:
    අනෙක් අය සිංහයා ගැන තොරතුරු සොයාගත් පසු ඒ ගැන පෝස්ටුවක් දමන්න.
    වටේ පිටේ අය සිංහයා අල්ලා ඌට තඩි බෑ පසු "අනේ පව්.ඔහොම කරන්න හොද නෑ යැයි පවසන්න."
    සියල්ල අමතක වීමට චිකන් කරි රෙසිපි එකක් දමන්න.

    ඔමාගේ ක්‍රමය:
    මං ආවා යැයි පවසන්න.සිංහයා ඇල්ලීමට අවශ්‍ය නැත.ඌව අල්ලන්නේ අහවල් එහෙකටද

    සහන් මේ ටික හැන්ගුවේ මොකෝ බං ??? වෙන පාටකින් දාපං.
    සයිලන්ට් සහන්ගේ ක්‍රමය : බේස් බෝල් බැට් එකක් අතැතිව සිංහයා ඉදිරියේ ප්‍රාතූර්භූත වන්න. ඌ ඉදිරියට ඒමත් සමග නාසය කැඩී යන සේ බැට් එකෙන් ගහන්න. මීළඟ තත්පර 4 තීරණාත්මක විය හැකි බැවින් අවම බලය යොදවන්න. සිද්දිය දුටු අයෙක් වේ නම් ඔවුන් වෙතද අවම බලය යොදවන්න.

    ReplyDelete
    Replies
    1. ඔතන මාරයාගේ ක්‍රමයේදී පොඩි ගැටළුවක් තියෙනවා , සිංහයාව බේරාගත් අය ගැන සඳහන් කරලා නැහැ ගූ පාර කාගෙන .. :Pකමක් නැහැ උන්ට චිකන් කරියක් දුන්න නෙව.


      නිකන් අමනුශිකයි වගේ හිතුණා බන් ... :D

      Delete
  18. සිංහයෙක් නේද ???? සිංහයෙක්නෙ....... ජාතික කොඩියේ ඉන්න එකා වගේ එකෙක්ද??? බලමුකො එහෙනම් අරිෂ්ටෙවත් දීල.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තය අඹ සෙවන පැත්තේ ගියේ නැතෙයි??

      Delete
    2. අඹ සෙවන දිහාමයි බලන් ඉන්නෙ. මූණ වහන් අස්සට රිංගන අය කොතෙකුත් පේනවා. ඉඳ හිට දැක පුරුදු මුහුණු එහෙම යන එනවා පේනවා. කෝ අපේ නෝනලා එක්ක වැඩිය බලන්න බැහැනෙ. ටිකක් දුරකින්වත් තිබ්බ නම්, මල් හතයි ඈ....

      Delete
    3. @ වේද මහත්තයා

      ලෙල දෙන්න ගනීඩ් හුළඟට ...?

      @ ඇනෝ

      අපිටත් විස්තර කියපන්කො තව ...

      @ වෙද මහත්තයා

      රස බර සිදුවීම් නැතැයි ...

      Delete
  19. මේක සිංහයෝ අල්ලන හැටි නම් නෙවෙයි.හාවෙක් අල්ලන හැටි ගැන කතාවක්.හරි හරි,සාන්ත පීතර උදවිය කලබල වෙන්න එපා.මේ උබලගේ ඉස්කෝලේ හාවෝ අල්ලන එක නෙවෙයි. :D
    ඔන්න එකෝමත් එක කාලෙක ලෝකේ හොදම පොලිසිය තෝරන තරගයක් තිබුනලු.අවසන් වටයට තේරුනේ ඇමෙරිකාවේ,එංගලන්තේ සහ ලංකාවේ පොලිසිය.විශාල කැලයකට නිදහස් කරන හාවෙක්ව අල්ලන එක තමයි අභියෝගය.

    මුලින්ම ආවේ ඇමෙරිකන් පොලිසිය
    ආව ගමන්ම ගුවන් යානා වලින් බෝම්බ දාල,හතර වටේටම වෙඩි තියල,කැලය විනාශ කරලා දැම්ම.හාවව මරල දැම්ම කියල රිපෝර්ට් එහෙකුත් දුන්න.

    දෙවෙනියට ස්කොට්ලන්ඩ්යාඩ් එක.
    රහස් පරීක්ෂකයොයි,පොලිස් කාරයෝ මහා ගොඩකුයි කැලය අස්සට යවල මාස ගානක් පරීක්ෂණ කරලා අන්තිමේට පිටු සිය ගානක රිපෝට් එකක් දුන්නලු."හාවා අතුරුදහන් වී ඇත"

    අන්තිමට ආවේ ලංකාවේ පොලිස් සෙට් එක.
    කට්ටිය මුලින්ම හොදට සප්පායම් වෙලා හිටියලු.එයින් පස්සේ කැලයට රිංගපු සෙට් එක පැය බාගෙකින් විතර වලහෙක්ව කකුල් දෙකෙන් ඇදගෙන එනවලු.
    වලහ බොහොම අමාරුවෙන් කෙඳිරිගාන ගමන් කියනවලු "මං තමයි හාවා ...මං තමයි හාවා..."

    ReplyDelete
    Replies
    1. අපේ කම ගෑවුණ කමෙන්ට් එකක් ........

      Delete
  20. //අයිලාෂ් අයියගේ ක්‍රමය : "අනේ වැඩක් නැහැ මල්ලි.මට එපා වෙලා තියෙන්නේ" කියලා කැළෙන් එළියට එන්න//

    වැරදියි... මෙන්න ක්‍රමේ

    සිංහයාට කලන්තේ හෙදෙනකල් කල් ෆොටෝග්‍රපි ගැන කියලා දෙනවා.... ඊට පස්සෙ අල්ලා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි ... මේක ඊටත් වඩා ලේසියි හැබැයි ..

      අයිලාෂ් අයියගේ ක්‍රමය 2 : සිංහයාගේ පොටෝ එකක් ගහගෙන ගෙදර එන්න .

      Delete
  21. සහන් ගේ ක්‍රමය: සිංහයාගේ IP ඇඩ්රස් එක හොයා ගන්නවා... සිංහයා ඉන්න තැන හරියටම කියනවා...

    ReplyDelete
    Replies
    1. ශිරන්තගේ ක්‍රමය : සිංහයා කියන්නේ කව්ද කියලා අහනවා. සරළව පැහැදිළි කරද්දී නිදා ගන්නවා.. සිංහයව අල්ලන්න යන්න වෙන නිසා ආයේ ඇහැරෙන්නේ නැහැ...

      Delete
  22. මේක කියෙව්වහම මට මතක් වුනා විනෝද සමයේ අමාරිස් අයියා කිඹුලෙක් අල්ලන හැටි කියල දුන්න එක. හරිම ලේසියි මොකද්ද මහත්තයෝ ගන්න ලොකු දේවල් පුංචි කරල පෙන්නන කන්නාඩියක්. අරගෙනෙ ඒකෙන් බලන්න කිඹුලව ,එතකොට ඌව පේන්නෙ හූනෙක් වගෙනෙ.ටක් ගාල නැට්ටෙන් අල්ල ගෙන උස්සල ගන්න.සමහරවිට මේ ක්‍රමයම සිංහයටත් පාවිච්චි කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. සිංහයාගේ නැට්ට කැඩෙයිද දන්නේ නැහැ හූනන්ගේ වගේ .......

      Delete
  23. සහන්ගේ ක්‍රමය - TV එකේ වයිල්ඩ් ලයිෆ් වැඩසටහනක් යනවිට ස්ක්‍රීන් එකක් කැප්චර් කරලා මේ ඉන්නේ මම අල්ලපු සිංහයා කියලා බ්ලොග් පොස්ට් එකක් දැමීම. මේ පොටෝ එක ගූගල් ඉමේජ සර්ච් මගින් බලන්න වෙන කවුරු හරි දාපු එකක් නොවන බව කියලා වරහන් කරලා යටින් ලියනවා කවුරු හරි ටෝක දුන්නොත් කියනවා හරකෝ පොස්ට් එක උඩ ඉඳලා නැවත කියවලා වරෙන් සහන්ට සිංහයෝ අල්ලන විදිය උගන්වන්න එපා කියලා.
    වැඩේ ඉවරයි අපහාසෙට බයේ කවුරුවත් කට පියාගෙන ඉන්නවා. සහන් ආතල් එකේ හිතා ගෙන ඉන්නවා මුන් ඔක්කොම මට රැවටුනා කියලා.

    විශ්ව රංගනාත්ගේ ක්‍රමය : කැළයෙන් එළියට ඇවිත් ටෝක් කරන්න සිංහයව ඇල්ලුවා කියලා. සිංහයන් අල්ලන විදිය ගුගල් මගින් ඉගෙන ගෙන ඇවිත් කොර වෙන්න ටෝක දෙනවා සිංහයෝ අල්ලන විදිය ගැන. කාටවත් අල්ලපු සිංහයා පෙන්නලා නැහැ.

    ReplyDelete
    Replies
    1. විශ්ව රංගනාත්ගේ ක්‍රමය : ඔරිජිනල් අප්‍රිකන් සිංහයෙක් හම්බුණා කියලා කමෙන්ට් කරනවා. පස්සේ අනිත් අය බනියි කියලා ආයේ නැහැ කියනවා. ආයේ කියනවා නෑ හම්බුණා කියලා.. ආයේ කියනවා ඔව් මම දැක්කා කියලා .. බලන් ඉන්න යට පිස්සු ඩබල් වෙනවා :D

      සයිලන්ට් සහන්ගේ ක්‍රමය : එන්න පෙන්නන්න කියලා සිංහයාගේ කූඩුව අරිනවා. සිංහය කනවා පින්වතුනි :P

      Delete
  24. අපිනම් කරන්නෙ සිංහයව clinic එකට ගෙන්නගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ බෙහෙත් නැහැ හෙට එන්න කියනවා. නැත්නම් අද හවස චැනලින් සෙන්ටර් එකට එන්න කියලා සිංහයව හරවලා යවනවා .

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. සහන්ගෙ ක්‍රමය :

    කවුරුවත් අහලවත් නැති, කලින් දැකලත් නැති කූඩුවක් ගිහින් තියෙනව කැලේ. සින්හයට ලොකු විස්තරයක් කරනවා මේ කූඩුව ගැන.

    සින්හයා : "මොනවා උනත් ඕක කූඩුවක්නෙ"

    සහන් : "මට කූඩු ගැන කියල දෙන්න එන්න එපා, උබ ඊයෙත් හොරෙන් මේ කුඩුවට ආවා කියලා මම දන්නවා ඩෝ"

    සින්හයා : "පිස්සුද සහන් මම අදමයි මේ පැත්තෙ ආවෙ"

    සහන් කියනවා "බොරු කියන්න එපා, උබ ඊයෙ මෙහෙ ආපු කුකී පාර මේ තියෙන්නෙ" කියල පෙන්නනවා මෙන්න මේ වගෙ එකක් "setcookie=!@#$$567667!@^&*((()&%^5#@#$$%^^^&%!@@##$988766"

    මේක සින්හයට තියා මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැහැනෙ. සින්හයා හිතනවා "එහෙනම් සුවර් එකටම ඊයෙ මම එන්න ඇති" කියල.

    ඔන්න දැන් තමයි සහන් පොයින්ට් එකට එන්නෙ

    සහන් : "ඕකනෙ කියන්නෙ ගහ දන්න අපිට කොල කඩාපාන්න එපා කියල. හොරෙන් හොරෙන් එන්නෙ නැතිව කෙලින් වරෙන් කූඩුවට"

    අන්ජබජල් වෙලා ඉන්න සින්හයා ඇතුලේ...සහන් එලියෙ.

    ReplyDelete
    Replies
    1. මේකෙ කොටස් ටිකක් අඩුයි.අයි ඉස්සෙල්ලම සහන් සින්හයට උබ ආව කීවම සින්හය කියන"----------- ---------- --------------------------- ----------======= ==== #$%%&*---=" ටික

      Delete
    2. ගමන් මගේ මගියා..

      මෙතන අන්තිමට දිනලා තියෙන්නෙ කව්ද?
      සින්හයා නොවෙයි සහන්.
      සහන් සින්හයාව අන්තිමට කූඩු කරනවා.
      පේනවනේ වෙනස.
      මගේ තරුණ කාලේ ඉදලා "motto" එක මොකක්ද දන්නවද?
      "Strong People Cannot Be Defeated"
      :) ....:)

      Delete
    3. ඇල්බන් අයිය මොලකාරය කියල අපි නොදන්නවැයි !!! :-)

      Delete
    4. @ alban අය්යේ

      සිංහයට මොනවා හිතෙයිද මන්ද .. :)

      @ මගියා

      කැළේ දෙයියොම බලාගන්න ඕනේ .....:P

      @ පත්තරේ

      බැංකු මහත්තුරු නෙව ...

      Delete
  27. ඔච්චර මරා ගන්න වෙලේ සිංහයට සිහිනැති වෙන බේතක් විදලා අල්ලාගනියව්කො යකුනේ...

    ReplyDelete
    Replies
    1. සිහි නැති කරන්න කලින් සින්හයා අදුනාගන්න ඕනී ....සිරා

      Delete
    2. @ සිරා

      හා හා වෙඩි තියන්න එපා කියන්නේ ....

      @ ඇල්බන් අයියේ

      ඒක ඇත්ත..සිංහයොම කීයක්ද ......

      Delete
  28. මොනවද බන් මේ විකාර කතා.උඹ කොච්චර ලස්සනට ලියාපු එකෙක්ද?අර්ථවත් දෙයක් ලියපන්කො.මේ කොහෙදයන ගෙම්බන්ව ප්‍රොමෝට් කරන්නෙ නැතිව

    ReplyDelete
    Replies
    1. අන්න යකා යකෙක් ගැහැව්වා වගේ කෙලින් කිව්වා....
      දැන් සින්හයින්ට උන්ගේ ලෝක වල හීන දකින්න කියලා සහන් එන්න කැලෙන් එලියට.
      අපි සහන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ සත්තු අල්ලන වැඩේ නොවෙයි.
      .........................................................

      කෝ අර ලාබෙට දුරේක්ශයක් හදන හැටි කියලා දෙන්නම්. රුපියල් 8,000/- ක් හොයා ගන්න කිව්වෙ.
      දැන් ඒ 8,000/- පොලිය වෙලා 10,000/- වෙලා.

      Delete
    2. ලබන අගහරුවාදාවත් දාමුද ඒ පෝස්ට් එක.

      Delete
    3. @ යකා

      අනිවා ...පොඩ්ඩක් හිටින් ...... මේ දෙනවා .. ස්තූතියි කමෙන්ට් එකට යකා..පළමු පැමිණීම සාදරයෙන් පිළිගන්නවා දිගටම වරෙන් .......

      Delete
    4. @ ඇල්බන් අය්යේ

      මම ඔය පෝස්ට් එක කල් යව යව හිටියේ අර සැට් ලෙන්ස් පෝස්ට් එක කම්ප්ලීට් වෙනකම් .... ඉන්නකෝ මම ලියන්න ...හැබැයි බඩු ටික ගන්න වෙන්නේ ගම්5 ඔප්ටිකල් එකෙන් ( කියවලා හදවාගෙන )...

      කඩේ ලෙන්ස් ගන්න ගියොත් වැඩේ කරන්න බැහැ ඔය ගාණට ..... කණ්ණාඩි බාස් කෙනෙක්ව දැන්ම ඉඳන් හොයාගන්න ......

      Delete
    5. යකා !!
      ඔය ඉතිං ආතල් කුඩුනේ :-)

      Delete
    6. මමත් ඔය දුරේක්ශේ දෙන කම් සැහෙන දවසක් බලාගෙන හිට්යා .... කොල්ලා සිංහයෝ අල්ලන්න කැලේ පැන්නට පස්සේ මම වැඩේ අත ඇරලා දැම්ම.. :D

      Delete
  29. ඉතින් ඔච්චර මහන්සි වෙලා සිංහයෙක් අල්ලගන්න ඕනමද සහන්? සිංහයට සිංහයගෙ පාඩුවේ ඉන්න කියල අපි අපේ පාඩුවේ හිටියනම් ඉවරනෙ :)

    ReplyDelete
  30. 1. සිංහයාට කුචි කවන්න.. ආතල් එක දරාගන්න බැරි ඌ පසු යටත් වෙනු ඇත.

    2. සිංහයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න

    3.සිංහයාට ඇන්කර් කිරිපිටි හෝ, රතුපස්වල ජලය බීමට ලබා දෙන්න.

    ReplyDelete
    Replies
    1. 01. ඤාව් කියයිද පුරු පුරු ගගා ...?

      02.බැහැ බන් කැළේ සත්තුනේ ...තේරෙන්නේ නැහැ :(

      03. කන බොන දෙයක් නම් ඉතින් කයි .... :P

      Delete
  31. සිංහයාට ප්‍රාදේශීය සභා මැතිවරණයකට ඉදිරිපත් වෙන්ඩ කියා ළණුවක් දීම.

    එතකොට ඌ එක්කෝ කාට හරි ගහලා හිරේ යනවා
    කාව හරි රේප් කරලා හිරේ යනවා
    බජට් එක පරද්දන්ඩ ඡන්දේ දීලා ආණ්ඩුවෙන්ම ෂොට් එක හම්බ වෙනවා

    සිංහයා විහින් කෙළවා ගන්නා නිසා අපේ නම කැත වෙන්නේ නැත

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\\\සිංහයා විහින් කෙළවා ගන්නා නිසා අපේ නම කැත වෙන්නේ නැත\\\\\\\\

      අනිවා ...

      Delete
  32. පට්ට කමෙන්ට් ටිකක් කියෙව්වා.....
    සහන් සිංහයන් තනන්න ෆැන්ටසියක් හදලා දීලා ඒ ආතල් එකේ කට්ටිය එනකොට යකා ඇවිත් ආතල් කුඩුකරලා දාල ගිහින්නේ. ඇල්බත් ඊට නොදවෙනියි.

    ReplyDelete
    Replies
    1. නලින් අයියට විතරයි පීඩිත අපේ දුක තේරුනේ !!

      මෙන්න මං ගනෙ දිනමිණ ක් නොමිලේ !!

      Delete
    2. අනේ නලීන් ..අපි නැහැ ඕවට.

      සහන්, පත්තර කොල්ලත් එක්ක ආතල් එකකට සෙට් වෙලද කොහෙද?

      Delete
    3. ආයෙ මොනාද ඇල්බන් අයියා !!

      අපි ගන්නව ආතල් එක සුපිරියට .

      Delete
    4. @ නලින් , ඇල්බන් පත්තරේ

      ඔන්න ළමයෙක් හිතනවා සල්ලි අච්චු ගහන මැෂිමක් හැම ගෙදරටම දුන්නා නම් හරි නේද කියලා ... ඒ ළමයට ඕක තේරුම් කරලා දෙන්න නම් උද්ධමනය කියන දේ ගැන කියලා දෙන්න ඕනේ.. උද්ධමනය කියන වචනේ ඇහෙද්දීම ළමයා කෑ ගහනවා " කරුණාකරලා ප්‍රශ්නෙන් පිට යන්න එපා තාත්තේ " කියලා..

      හැබැයි පොඩි කොල්ලා ගේම අරින්නේ නැහැ.. " මම තාත්තගෙන් කොර වෙන ප්‍රශ්නයක් ඇහුවා ..තාත්තට කට උත්තර නැති උනා " කියලා ටෝක් නම් කරනවා අනිත් පොඩි බට්ටෝ එක්ක...


      තාත්තා ඉතින් තේරුම් ගන්නවා දරුවගේ බුද්ධි මට්ටම ... ලොකු උන දාක කියලා දෙනවා ...එහෙම හොඳයි නේද ?

      Delete
  33. ඉස්සර කාලෙ එක පන්සලක ලොකුනමයි පොඩි නමයි ගමනක් යද්දි ගඟකින් එගොඩ වෙන්න තිබ්බලු. පාළමක් නැති ගඟෙන් එගොඩ වෙන්න බැරුව එතන හිටපු තරුණ ගෑණු කෙනෙක් අසරණව ඉන්නව දැකපු පොඩි නම, ලොකු නමගෙන් අහන්නෙත් නැතුවම අර ගෑණු කෙනාට උදව් කරන්න අහල උන්දැවත් කරේ තියාගෙනම එගොඩට ගියාලු. වෙච්චි සිද්ධිය ගැන තරහ ගියපු ලොකු නම ඉන් පස්සෙ දිගටම පොඩි නම එක්ක කතා නොකරම ආවලු.
    පස්සෙ පන්සලටත් ඇවිත් ලොකු නමගෙ හිත හොඳ නෑලු පොඩි නම කරපු දේට. පස්සෙ ලොකු නම මේ ගැන හිත හිත ඉඳල දවස් දෙහෙකට විතර පස්සෙ ඉන්න බැරි තැන මේ ගැන පොඩි නමට එන්න කිඅයල අවවාදයක් දෙනව කියල හිතුවලු. ඉතින් ලොකු හාමුදුරුවො පොඩි නමට එන්න කියල කිව්වලු "පොඩි නම, අර එදා ගෑණු කෙනෙක් කරේ තියාන ආව එක මොන තරම් විනය විරෝධී බික්ෂුවකට නොගැලපෙන වැඩක්ද කියල උන්නාන්සෙ දන්නවද" කියල.

    ඒක අහපු ගමන් පොඩි නම "ආ ඒකයි මේ ලොකු හාමුදුරුවො මා එක්ක මෙච්චර කල් කතා නොකලෙ. මම ඒ ගෑණු කෙනාව ගඟෙන් මෙගොඩ ගෙනල්ල තියල ආවට බලනකොට ලොකු හාමුදුරුවො තාම ඒ උන්දැව කරේ තියාගෙනනෙ" කිව්වලු.

    Grown up man..!

    ReplyDelete
    Replies
    1. මේ මොකද මේ වෙලා තියෙන්නේ ......?

      Delete
    2. ඇයි ඇම්ඩ පංසලේ නැවතුන දවසෙ ලොකු නමයි පොඩි නමයි සීන් එක ..

      අන්නඒ වගේ එකක් කියන්නකො ඉන්දික බොස් !



      Delete
    3. ඉන්දික,

      +++++++++++++

      සහන්,

      දැන් ඉතින් එහෙමවත් කරලා බලමුද?

      Delete
  34. මගේ ක්‍රමය : මෙච්චර ගොඩක් අල්ලන්න හදන සිංහයාවම මමත් අල්ලනට නොයෑම.. ඒ වෙනුවට වෙන එකෙක් ඇල්ලීම.. වෙනසකටත් එක්ක..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා දිනේෂ් අල්ලන සිංහයා ගැන .... :P

      Delete
  35. හෙහ් ....හෙහ්.... කැලේට මම යනවනම් මම 750ml මට මදි මල්ල.
    ඇල්ලිල්ල කෙසේ වෙතත් බලන්න නම් ගියා.මිලි ගණන් බිල.
    කෝ අපේ හැලප & පොඩ්ඩි.එයාල සිංහයන්ට භයද නැත්නම් අකමැතිද?

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ දෙන්නා ඕවට නැහැ නෙව......

      Delete
  36. සිංහයා දන්න සබ්ජෙක්ට් එකක් ගැන පොස්ටුවක් දාන්න , සිංහයා එකේ තියෙන එකක් වැරදියි කිව්වොත් තග දාන්න, සිංහයා දිගටම ගේමට ආවොත් සමාව ඉල්ලන්න කියන්න ,සමාව ගන්නකං කිසිදෙයක් කියන්නේ නා කියන්න ,සිංහයාගේ මුල් කොමෙන්ට් මකා දමන්න (කස්ටිය නොමග යා හැකි නිසා) ආයෙත් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න කියන්න . සිංහයාත් ඒ ගැනම පොස්ට් එකක් දැම්මොත් ....? (කරන දේ මටත් කියන්න )

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලියෝ කැකුණ අරන් මෙහෙ වරෙන් .......තලන්න චාන්ස් එකක් සෙට්වෙයි සමහර විට ...:D

      Delete
    2. ඉවාන් අයියා කැකුණ ගෙනාවා එල්ෆ් එකක් පුරෝලා !!
      තලන්ඩයි තියෙන්නෙ කකුල් කරේ තියං !
      කෝ නෑනෙ කිසිම ගෝ එකක් අයියෝ .
      කැකුණ වේලෙනවා.

      Delete
    3. කියලා වැඩක් නෑ බං ..අන්තිමයි...! කෝ මේ ඉන්දිකයා

      Delete
    4. මං කලින් පෝස්ට් එකෙත් සහන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා
      "" ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්ත‍රේද කියලා ""

      උත්තරයක් නං ලැබුනේ නෑ !

      හැබැයි මගෙ ක්මෙන්ට් මැකුවේ නෑ.

      ඒත් මදැයි !

      Delete
    5. Im here bro.

      if "sinhaya" revert back him with a post, shop around with bull shit to build u r image back

      pattara bro, get ur hammer redady now :)

      Delete
    6. පත්තර මල්ලි ස්ටෑන්ඩ්බයි බොස් !!

      දෙන්නංකෝ ගමකට !!

      Delete
    7. @ iwaan

      ඇයි බන් සිංහයෝ දෙන්නෙක් සෙට් කරගෙන දෙන්නගෙන්ම කන්න ගිහින් අන්තිමට නන්නත්තාර වෙන එක.. ඒ ක්‍රමයත් හොඳයි සිංහයෝ අල්ලන්න.. අන්තිමට මැට්ටෙන් හදපු සිංහයාත් නැහැ , ඇත්තම සිංහයාත් නැහැ :P

      ______________________________________________

      @ ඉන්දික
      දාන්න දාන්න දාන්න ..... අපිත් 9.30 පෙන්නන්න ඕනේ... දැක්කා නේද සුභාෂ් කෙලවගත්තා වරලත් QS කෙනෙක් වෙලත් ... සුබාශ්ගෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ ...


      @ පත්තරේ

      තලපන් පුතා තියලා .....

      Delete
    8. ඉවාන් +++++++++++++++++++++++++++++

      Delete
  37. සිංහයා අල්ලනවා කියලා බ්ලොග් ලෝකේ ඉන්න සේරම ටික අල්ලලා නේ. පට්ටයිනේ

    ReplyDelete
    Replies
    1. සිංහයත් අල්ලිලා...කූඩුවේ ඉඳන් ඔය කියවන්නේ ...

      Delete
    2. අටම් අයියගේ පිටුවේ දැම්ම එකම මෙතනත් දාන්න හිතුනා අයියේ. මට කලින් උඩ තව යකෙක් ඉන්නවා. මම මාස ගාණකට කලින් මේ නම දාන්න බලද්දී මෙහෙම නමක් තියනවා දැක්කේ නෑ. ඒ හින්දා තමයි නම දා ගත්තේ. කැම්පස් සින්ඩිය හින්දා තමයි blog එක ආයේ පණ ගහලා ගත්තේ. මට කලින් අනිත් යකා කොමෙන්ට් කරලා තියන හින්දා පැටලීම වලක්වා ගන්න තමයි නම පොඩ්ඩක් කෙරුවේ.

      Delete
  38. සහන්ගෙ ක්‍රමේ: සංහයට මුවෙක් පෙන්නන්න. මුවා අල්ලන්න පනිනකොට මුවා ඇදල අරගෙන ගෝනෙක් දාන්න ගෝනට පනිනකොට හරකෙක් දාන්න හරක අල්ලන්න හදනකොට සීබ්‍රාවෙක් දාන්න.....................................

    ඔය විදියට පුළුවන් තරම් සත්තු සිංහයට දුන්නත් එකෙක්වත් අල්ලගෙන කන්න චාන්ස් එකක් දෙන්නෙ නෑ. එතකොට සිංහය යන්න යනව. [මොකක්? සිංහය අල්ලන්නෙ නෑ! සිංහය පැත්තකට යනව සහන් පැත්තකට යනව. ටික දවසක් ගිහිල්ල තව සතෙක් අල්ලගන්න ට්‍රයි කරනව]

    කමෙන්ටු ටිකයි පෝස්ටුවයි නියමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රාජ් මේ පෝස්ට් එකේ තියෙන සියලු ක්‍රම වලින් සිංහයව අල්ලන්න පුළුවන් හෝ අසරණ කරන්න පුළුවන්. කොයි ක්‍රමේද වඩාත් මානුෂීය ....?

      අනේ අපහාසයක් නම් නෙවේ මට රාජ්ගේ ක්‍රමේ හිතාගන්න බැහැ.. ඒකයි පෝස්ට් එකට දැම්මේ නැත්තේ ... හිතාගන්නම බැහැ ... මට පෙනුන හැටියට නම් සිංහයව අල්ලුවේම නැහැ ... :P

      Delete
    2. නිවැරදිම ක්‍රමයට සිංහයා ඇල්ලීමයි මගේ ක්‍රමය. ඒක අතිශයින්ම අමාරුයි. නමුත් මම යන්නෙ ඒ පාරේ....... ;-)

      Delete
    3. ලිඳ ගැඹුරුයි - කඹේ කොටයි අයියලා !!!

      Delete
    4. @ රාජ්

      පොඩි JVP ලයින් එකක් තියෙනවා වගේ ඒ කතාවේ ...

      @ පත්තරේ

      බලාගෙන ලණුව අත ඇරෙයි බොලොක්කේ එක්කම .....

      Delete
  39. මගේ සිංහයා ඇල්ලීමේ කොරමය (මම මොකටද අනුන් අල්ලන ඒවා ගැන කියලා උන්ව පොර කරන්නේ)
    පියවර 1...සිංහයාට කොම හරි මගේ බ්ලොග් එකේ ලින්ක් එක යාවා එක කියවන්න සැලැස්වීම
    පියවර 2.... කාලෙට ආරංචියක් යවනවා සිංහයන්ව මලිසියා යවනවා කියලා
    පියවර 3.... බ්ලෝග කියවපු සිංහයා ඇවිල්ල බර වෙනවා මලෙසියානම් යන්න බෑ කියලා
    සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන් මාව මැලේසියා යවන්න කියලාම සිංහයා ඇවිත් කියන්නත් ඉඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දාල බලපං කෝකටත්

      Delete
    2. මට තේරුනෙත් නැද්ද මන්දා ..

      Delete
  40. නියම ක්‍රම ටික. ආවේ අදමයි මෙහෙට පෝස්ටුව දැකලා හොඳටම හිනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසු ... දිගටම එන්න සහ පැරැණි ලිපිත් කියවන්න .......

      Delete
  41. මගේ ක්‍රමයේ පටන්ගැන්ම ඔබ ලියලා තියෙන්නේ ..ඔබ හරි ඊට පස්සේ ටික වෙලාවක් ගියාම ලෝකෙට සිංහයෙක් කියලා පෙන්නන සිංහයා එයාම මහන්සියෙන් පුංචි කුඩුවක් හදාගෙන ඒක ඇතුලට වෙලා මට කියනවා මං ඔයාගේ හා පැටියා මැණික...මාව හුරතලේට ඔයා ලගම තියාගන්න කියලා එහෙමයි මං අල්ලන්නේ ... විහිළුවක් ලෙස නොගන්න

    හි හි නියමයි ලිපිය

    ReplyDelete
    Replies
    1. @ අපූර්වී

      ඕක ඉතින් හැම සිංහයටම වෙන දේනේ නෝනා ඉස්සරහ ....... මෙන්න සාක්කි ....... මා පෙම් කළ ඈ... who is she ....?

      Delete
    2. හැම පිරිමියෙක්ම සිංහයෙක් කියලද ඔබ කියන්නේ?

      Delete
    3. නැහැ නියම පිරිමි නෝනා ඉස්සරහා සිංහයා වෙන්න යන්නේ නැහැ ( හැබැයි නෝනත් දැනගන්න ඕනේ කේන්ති ඇවිස්සෙන වැඩ නොකර ඉන්න හරිද ) .. පුංචි හා පැටියෙක් වගේ හුරතල් වෙන එක තමයි කරන්නේ පුරු පුරු ගගා ...( විහිළුවක් සේ නොගන්න )

      Delete
    4. >>හැම පිරිමියෙක්ම සිංහයෙක් කියලද ඔබ කියන්නේ?<<
      හැක...හැක්... එලම වචන ටිකක් නේද සහන් මල්ල..

      Delete
    5. හා හා පැටියෝ හුලතල් වෙන්නකෝ ඉදගෙන අනිත් කවුළු මොනා කිවත් මං දන්නවා උයා සිංහයෙක් නෙමේ හා පැටියෙක් කියලා හි හි (විහිළුවක් ලෙස ගන්න )

      Delete
    6. @ කෙන්ජයියේ

      හ්ම්ම්ම්ම් එය ඉතින් ඉඳලා ඉඳලා කියනවා ඔය වගේ කතා ..

      @ අපූර්වී

      ඒකනේ අනේ .. මන් හා පැටියෙක් මන් හා පැටියෙක්... ( ඇත්තමයි මම මේ ගැන ලියපු පෝස්ට් එකකුත් තියෙනවා .. තාම දැම්මේ නැහැ... )

      Delete
    7. හෑ .

      මේ මොකද්ද යකෝ මේ :-)

      මං පොඩ්ඩක් ඈතට වෙලා ඉන්නං :-):-):-):-):-)

      ( කැමති විදියකට ගන්න . :-) )

      Delete
    8. සහන්.... මේ අපුර්විගේ කොමෙන්ට් එකට 35+ කියල දාමුද?
      පොඩි උන් බැලුවොත් එහෙම.....(විහිලුවක් ලෙස නොගන්න )

      Delete
    9. ඇයි මොකක්ද වරද

      Delete
    10. ඒකනෙ බොස් පත්තර මල්ලි ෂයිඩ් උනේ :-)

      Delete
    11. පේනවා නේද සිංහ ධේනුවක් ආවම සිංහයන්ට වෙන දේ ... ?

      Delete
  42. පූසෙක් ව අල්ලලා කියන්න මේක තමය් සිංහයා කියලා

    මේක මේ ලංකාවෙ පොලීසියෙ ක්‍රමේනේ සහන් අයියෙ :D

    අයියෝ මේ පැත්තට එනකොට හොදටම පරක්කුයි... හම්බෝ සිංහයට උම්ම දෙන්න තියාගතොත් හොදට හිටියි.. මං නං අල්ලගන්න එකෙක්ට අල්ලගන්න කියල පස්ස බලන්නැතුව දුවනවා :D ලින්කයක් දාල දුන්නට රොම්බ තෑක්න්ස් :)

    හරිම ජොලි පෝස්ට් එකක් :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමී පාර දිගේ ආවට ඔයාගේ යාළුවගේ ......

      Delete
  43. මන් අල්ලන්නෙ මෙහෙමයි...කැලෑ පත්තර ටිකක් ගහනව ගයේෂා පෙරේරා රගන පියාඹන සිංහයා චිත්‍රපටයේ රගපෑමට සිංහයෙකු අවශ්‍යව ඇත කියල..එකාට 10ක් අල්ලගන්න පුලුවන් ඈ :D

    ReplyDelete
    Replies
    1. සිංහයෝ විතරක් නෙවේ අලි කොටි වලස්සුත් එයි ඒ වගේ දේකට නම් .......

      Delete
  44. නින්ජා පුරුදු වෙන්න??? සිංහයාත් නින්ජා දන්නවානම් පමණි. නොඑසේනම් එය යුධ අපරාධ ගණයට වැටෙනු ඇත.

    ReplyDelete
  45. සිංහයින්ට කැමති නැත.මරු කමන්ට් ටික..ඈ.

    ReplyDelete
    Replies
    1. කැමති නැහැ කියා කිවේ ඉන්දිකගේ සැහැල්ලුව ගැන නෙමේ සිංහයා කියන සතා ගැනයි.

      Delete
  46. පහළ පින්තූරෙත් මරු! :-D

    ReplyDelete
  47. සිංහයාගේ ඩේටාබේස් එක Edit කිරීමෙන් සිංහයා ශාකභාක්ෂිකයෙකු නිවසේ ඇති දැඩි කළහැකි සතෙකු බවට පත්කර ගත හැකිවේ.......

    සිරාවටම ඇනෝගේ ක්‍රමයටනම් පටස් ගාල හිනා ගියා


    කෝරලේ මහත්තයා

    ReplyDelete
    Replies
    1. ආර්ථික විද්‍යා පාඩම?

      Delete
    2. රෙජිස්ට්‍රිය එඩිට් කරා නම් හරි කියලද කියන්නේ කෝරළේ .............

      Delete
    3. ඔව් ඔව් දෙවිදියම එකයි SQL ඔරකල් ටයිප් එකෙක් නම් නේ ඩේටා බේස් තියෙන්නේ හික් හික් හික්

      Delete
  48. ජාතිකත්ව / නලින් ඩි සිල්වා ක්‍රමය: සිංහයාට චතුෂ්කොටිකේ කියල දෙනවා.. ඒ අනුව ඌ සිංහයෙක් තමයි, හැබැයි නෙමෙයි, ඒත් එක්කම සිංහයෙක් තමයි සහ නෙමෙයි, සිංහයෙක් තමයි නෙමෙයි සහ නෙමෙයි නෙමෙයි කියන කාරණා හතරම උගන්නනවා.. අන්තිමට සිංහයා අහනවා මොකද්ද මේ උලව්ව කියල.. එතකොට තුමා කියනවා "මොනාද මේ අහන ප්‍රශ්න.. මේවා අහන්නද මාව මෙතෙන්ට ගෙන්නුවේ.. තමුන් දන්නවද කාශ්‍යප බුදුන්ගේ කාලෙත් මට මගේ නොවන මගේම සිංහයෙක් හිටියා" කියල. මේ මළ කච කචේ අහල සිංහයාට එපා වෙලා ඌම විහින් කූඩුගත වෙනවා.

    වාමවාදී ක්‍රමය: සිංහයාට ද්විඝටනය කියල දෙනවා. ඒ අනුව පාරිභෝගික සමාජයක් තුළ සිංහයා යන ඒකෛකප්‍රාණියා අර්ථදැක්වෙන්නේ නැති බවත්, ඇල්ලිය යුත්තේ සමස්ත සිංහයන් ගහනයම බවත්, මෙහිදී අප මතු කරන ක්‍රම විරෝධය වටහා ගැනීමට තරම් පරිණත දේශපාලන බුද්ධියක් නැති ළපටි ප්‍රතිගාමීන් පිළිබඳව කියලා පොඩ්ඩක් අඬනව.. අන්තිමට ඩෙරීඩා න්‍යායෙන් ඌව විසංයෝජනය කරනවා.

    සි.රා. ක්‍රමය: සිංහයාට කුණු බිත්තර ගහනවා. ඊට පස්සේ ඌට මළ පැනලා පස්සෙන් ආවොත් බිත්තර ගහපු එකාට අපේ ෆේස්බුක් පිටුවෙන් මඩ ගහල, අපෙයි උගෙයි සම්බන්ධයක් ලොවෙත් නැති ගාණට කතා කරනවා. සිංහයා අරුත් එක්ක ගේම බේරගනියි.

    රතුපස්වල ක්‍රමය: හමුදාවෙන් කැරලි මර්දන ඒකකය යවනව. ඒක දකින සිංහයා විහින්ම කූඩු ගත වෙනවා. (පොලිසිය ගෙනියන්න එපා ඌ මාංචු පිටින් පීනන්න යයි).

    පට්ට ලිපිය!

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය තුමාගේ ක්‍රමය නම් නියමයි .....

      වාමවාදී ක්‍රමය ටිකක් අමාරුයි වගේ නේද ..? එකෙක් අල්ලගන්නත් කලින් මුළු සිංහ ප්‍රජාවම අල්ලන්න යෑම ගැන මන් කිව්වේ ...:P

      Delete
    2. //එකෙක් අල්ලගන්නත් කලින් මුළු සිංහ ප්‍රජාවම අල්ලන්න යෑම //

      අන්න උඹට විඥ්ඥානය පහළ වුණා..! වම්මු කවදත් කොරේ ඕක නේන්නං.. :D

      Delete
    3. හොඳ වෙලාවට පැරා මේ පැත්තේ එන්නේ නැත්තේ .... :D

      Delete
  49. මමනම් කරන්නේ බැටළුවෙකුට සිංහ හමක් පොරවලා පිංතූර ටිකක් ගහලා සිංහයාව ඇල්ලුවා කියලා ප්‍රචාරය කරන එකයි...

    ReplyDelete
    Replies
    1. ඒ ඕනෙත් නැහැ චන්දන අයියේ ... ගූගල් එකෙන් පින්තූර ටිකක් හොයලා දාන්න .........

      Delete
  50. අරූගේ ක්‍රමය......සිංහයෝ නැති කැලෑවල සිංහයෝ හොයන උඹලට ඕන යෝනියක් කරගන්න කියලා ගෙදර ඇවිත් දෙකක් දාගෙන බ්ලොගක් ලියනවා.

    ReplyDelete
    Replies
    1. සිංහයෝ නැහැ කියලා කොහොමා දැනගත්තේ අරූ .......? ඇත්ත කියන්න ... :P

      Delete
    2. අරූ අයියා

      කොරහෙත් කිඹුල්ලු.ඉන්නවා ඈ !!

      Delete
  51. ඇයි සිංහයව අල්ලන්නෙ?
    මොකක්ද ප්‍රශ්නෙ?
    කෙනෙකුට අල්ලන්න ඕන උන පලියට
    අනෙක් අයත් ඒකම කරන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. එතකොට කිරිබත් කෑල්ලක් කාල යන්න වත් එන්නේ නැහැ කියලද බති කියන්නේ ...? මන් තරහයි ඔයා එක්ක ....

      Delete
  52. හෙහ් හෙහ් මම නම් සිංහයාට උගේ පාඩුවේ ඉන්න ඇරලා ... මට සිංහයව අල්ලන්න කියන එකාටත් උගේ වැඩක් බලාගෙන ඉන්න කියල .. මමත් ඔය තියෙන දෙයක් කාල මගේ වැඩක් බලාගෙන ඉන්නවා ... සිරා පෝස්ට් එකකුයි සිරා කොමෙන්ට් ටිකකුයි...

    ReplyDelete
    Replies
    1. @පැතුම්......සිංහයෝ අල්ලන්න යන කට්ටියයි, සිංහයෝ වෙන්න හදන කට්ටියටයි එහෙම වෙන්න දීලා කට්ටියක් හංසයෝ වෙලා ඉමු..

      අපිට නිදහසේ හංස ගීතය ගයන්න පුලුවන් මොකද සිංහ ගීතය කියලා දෙයක් නැති නිසා.

      Delete
    2. අපි සිංහ වංශයෙ . . !!

      ඔබ ??

      Delete
    3. මම නම් කම්මැලි වංශයෙ.... :D

      Delete
  53. සිංහයාටත් අල්ලස් නඩු දානවා

    ReplyDelete
  54. මම ඔය කියව කියව ඇවිදින බර පොතේ තියනවා ක්‍රමයක්...

    * තමනුත් සිංහයෙක් වගේ ගොරවන්න - එවිට සිංහයා බය වී යටත් වීමට ඉඩ ඇත...
    * හරි නොගියේ නම්, පූසෙක් සේ මියාව් ගාන්න, සිංහයාගේ කකුල වටේ එතෙන්න, හුරතල් වැඩ කරන්න - සිංහයාට දුක හිතී යාලු වීමට පැමිණෙනු ඇත....

    යටින් තියනවා 'අවවාදයයි' කියලා මෙහෙම....

    * තමන් කිසි විටෙක නරියෙකු බව දැන ගැනීමට ඉඩ නොතබන්න.. සිංහයාට සැක සිතුණත් දිගින් දිගටම තමා නරියෙකු නොවන බව පවසන්න.

    ReplyDelete
    Replies
    1. සැකයේ වාසිය ටික දවසකට ඔය කියන නරියට දෙමු අපි ... ඊට පස්සේ බලාගන්න පුළුවන් නරි කව්ද , බලු සිංහයෝ කව්ද , නියම සිංහයෝ කව්ද කියලා ..... කළුවව මාරපන යවලා ඉන්න එපැයි මුළින්ම .... ගැලරිය පිනවෙන්නේ එතකොටනේ .....ගැලරිය කඩන් වැටෙයි ආතල් වැඩි වෙලා ...බලාගෙන ...!!!

      Delete
  55. සැකයේ වාසිය ටික දවසකට ඔය කියන නරියට දෙමු අපි ... ඊට පස්සේ බලාගන්න පුළුවන් නරි කව්ද , බලු සිංහයෝ කව්ද , නියම සිංහයෝ කව්ද කියලා ..... කළුවව මාරපන යවලා ඉන්න එපැයි මුළින්ම .... ගැලරිය පිනවෙන්නේ එතකොටනේ .....ගැලරිය කඩන් වැටෙයි ආතල් වැඩි වෙලා ...බලාගෙන ...!!!

    ReplyDelete
  56. SilentSahanගේ ක්‍රමය සිංහයාට “බූරුවෝ” කියලා පැහැදිළි කර දෙන්න
    Sahan, I just couldn't resist saying that. මට බනින්න නම් එපෝ

    ReplyDelete
  57. සහන්ගේ කැමෝ ෆ්ලාජ් එකට හැමෝම අහු වෙලා. තමන්ගේ එක ගැන හිතනවා. මම නම් සිංහයෙක් එක්ක නෙවේ, ක්‍රිකට් දන්නේ නැත්නම් ඉංග්ලන්ඩ් කාරයෙක් එක්ක වත් ක්‍රිකට් ගහන්න යන්නේ නෑ. ක්‍රීඩාවක් කරන්න දෙපාර්ශවයම ක්‍රීඩාව හොඳින් දැනගෙන ඉන්න ඕනේ. මොකද නොන්දන්න එවුන් එක්ක මැච් ගහලා පරාද වුණොත් නෝන්ඩිය අපිටමයි.

    ReplyDelete
  58. ඔය මදැයි සිංහයො ඇල්ලුව. දාන්න අර පෝස්ටුව

    ReplyDelete
  59. පෝස්ට් දියව් !!!!

    අපිට පෝස්ට් දියව් !!!!!

    ReplyDelete
  60. හය්යො ........හිනා වෙලා පන ගියා.........උදේට කන්න ලෑස්තිවෙන්න හැදුවේ,...බඩගින්න කොහෙද ගියා..... :D :D

    පරක්කු උනා මේ පැත්තට එන්න...සමාවෙන්ට ඕනේ

    ReplyDelete
  61. කාටවත් තේරුනේ නෑ නේද උන දේ? සහන් අයියට කවෘහරි contract එකක් දීල සිංහයෙක් අල්ලල දෙන්න කියල. මු පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි පෙන්නලා සිංහයගෙන් අහනවා මොකද කියන්නෙ කියලා. සිංහයා අඩාගෙන අවිත් මුට බාර වෙනවා.

    ReplyDelete
  62. බුදු අම්මේ එක එකාගේ ක්‍රම ටික විතරක්.................
    පට්ටනේ

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !