Pages

July 14, 2013

Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.



              මීට වසර කීපයකට පමණ පෙර විකිලීක්ස් නැමැත්තාත් , 2013 මැයි මස පමණ එඩ්වර්ඩ් ස්නොර්ඩන් නැමැත්තාත් විසින් යම් ආන්දෝලනාත්මක කරණු රැසක් එළි දරව් කරණු ලැබූවා. මීට පෙරද ලෝක ඉතිහාසයේ මෙවැනි පුද්ගලයන් විසින් යම් යම් කරුණු ආන්දෝලනාත්මකව ඉදිරිපත් කර තිබෙනවා.


             ලෝකයේ සෑම රජ්‍යකයම පාහේ රාජ්‍ය චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ. විවිධ මුහුණුවරයන්ට ආරූඪ වෙමින් , විවිධ අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වේ. සුළු අවබෝධයක් ගැනීමට පහත උදාහරණ සළකන්න.

i. ජනාධිපති ආරක්ෂක අංශය.

              රටක රාජ්‍ය නායකධූරයට එක් රැයකින් පත් වීමට නොහැක. කාලයක් මුළුල්ලේ සිදු වන්නා වූ ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලය ලෙස එවන් තනතුරක් හිමි වේ. ඒ සා විශාල කාලය තුල තමන්ගේ ආරක්ෂක නිළධාරීන් විය යුත්තේ කව්රුන්දැයි ඔහුට හෝ ඇයට තීරණය කල හැක. ජනාධිපතිධූරයේ බලතල හිමි වූ සැණින් එම නිළධාරීන් හා එක්ව තම ආරක්ෂක පවුර ජනාධිපතිවරයා විසින් සකසා ගනී.( හමුධා කුමන්ත්‍රණයකදී බොහෝ විට මෙහි නිළදරුවන්ට දරුණු ඉරණමක් අත් වේ )

ii. යුධ හමුධාපති ආරක්ෂක අංශය.

              වසර 25 ක පමණ යුධ පිටිය පිලිබඳවත් , දක්ෂතම නිළධාරීන් ගැනත් අවබෝධයක් ඇති පුද්ගලයෙකුට තම ආරක්ෂකයන් විය යුත්තේ කව්රුන්දැයි තෝරා ගැනීම සංයමයෙන් යුතුව කළ හැකිය.( මෙය එතරම් සිල්ලරට නොසලකන්න ) මෙම අංශය යුධහමුදාපති අණට පමණක් කීකරු වේ. වෙනත් කිසිවෙකුට මෙල්ල නැත. අවශ්‍ය ඕනෑම මොහොතක උපරිම වෙඩි බලය භාවිතා කරයි.


iii. මෙයට අමතරව වෙනත් අවශ්‍යතා මත විවිධ චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ.


a. ත්‍රස්තවාදය වැලැක්වීම පිණිස ක්‍රියාත්මක චරපුරුෂ සේවයන්.

             මෙය ක්‍රියාත්මක වන්නේ යුධහමුධාපතිවරයාගේ අධිකාරිය යටතේය. කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව ක්‍රියාත්මක වේ. යුධහමුදාපති අණට පමණක් කීකරු වේ. දැඩි යුධමය වාතාවරණයක් පවතින වකවානුවක් තුළදී මෙම ජාලය බූවල්ලෙක් මෙන් සක්‍රීය වේ. මෙහි ගොදුරක් වන ඕනෑම කෙනෙකුට යුධහමුධාවෙන් ගැලවුමක් නොමැත.


b. රටෙහි සිවිල් අපරාධ වැලැක්වීම සඳහා වන තොරතුරු ජාලය.

             මෙය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ අනුදැනුමට යටත්ව පොලිස් විශේෂ ඒකකයන් මගිනි. බොහෝ අවස්ථාවන්හීදි වත්මන් අපරාධ රැල්ලත් සමගින් සක්‍රීය වේ. එනම් සිවිල් අපරාධයන් වැඩි වන කාලසීමාවන්හීදී ඉතා තදින්ද , නැවත තත්වය සමනය වෙමින් යෑමත් සමග නිශ්ශබ්ධ මුහුනුවරකට ආරූඪ වෙමිනි.

c. ජනාධිපතිවරයා නම් කරණු ලබන විශේෂ මෙහෙයුම් සඳහා.

            මෙවන් දෑ බොහෝ විට සිදු වන්නේ පුද්ගලික උවමනාවන් ඉටු කරගැන්ම සඳහායි. දේශපාලන පළි ගැනීම්, වෙනත් රාජ්‍ය නායකයන් ගැන කරුණු සෙවීමට , විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් හා ගණුදෙනු කිරීමට වැනි අවශ්‍යතා.

d. විශේෂ හේතු මත ක්‍රියාත්මක චරපුරුෂ සේවයන්.

             මෙවැනි ජාලයන් ක්‍රියාත්මක වන්නේ විදේශ ආක්‍රමණයක් එල්ලව පවතින අවස්ථාවක් තුළදී රටෙහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීම පිණිසය. සෝවියට් සමූහාණ්ඩුව , ජර්මනිය , අයර්ලන්තය , චීනය , ඊශ්‍රායලය , ඉරානය වැනි රාජ්‍යන් වෙනුවෙන් මෙතෙක් පැවති/පවතින බිහිසිණුම චරපුරුෂ සේවා සපයයි.



                  ඉහත දක්වා ඇත්තේ රජයක් සතුව පවතින ඔත්තු සේවා සහ චරපුරුෂ සේවයන් ගැන ඔබට සරළ අවබෝධයක් ලබා ගත හැකි පරිදි සිදු කෙරුණු පැහැදිළි කිරීමකි. මෙම පද්ධතීන් ක්‍රියාත්මක වන්නේ බොහෝ විට ස්වාධීනවය. එනම් ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝග වෙනත් ආරක්ෂක අංශයකට වලංගු නැත. වෙනත් ආරක්ෂක අංශයක නියෝග යුධහමුදාපති ආරක්ෂක අංශයට වලංගු නැත. ඒ ඒ ආයතන ආරම්භවීමේදීම තම සීමාවන් , තමන් යටත් විය යුත්තේ කාටද , යටත් නොවිය යුත්තේ කාටද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දේ.

            සියලුම දෑ නියෝග මත පමණක් සිදු වේ. කිසිදු මානුෂීය සීමා මායිමක්  නොමැතිව අණට පමණක් මෙම ආයතන ක්‍රියාත්මක වේ.


දැන් ඉහත උක්ත කථානායකයන් ගැන විමසා බලමු.



               ඉහත විස්තර කියවූ ඔබට මෙවන් දෑ ගැන යම් වැටහීමක්
දැන් ලැබී තිබිය යුතුය. මෙම ජාලයන්හි කාර්යභාරය බොහෝ ක්ෂේත්‍රයන් පුරා විහිද පවතින්නකි. ප්‍රධානවම රහසිතගත ආකාරයෙන් තොරතුරු එක් රැස් කිරීම , ඉලක්කයන් හඳුනාගැනීම , මෙහෙයුම් සකස් කිරීම , මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා චරපුරුෂයන් යෙදවීම සිදු වේ.

එවන් අවස්ථා වලදී විවිධ ආකාරයේ පුද්ගලයන්ගේ සේවය ලබා ගැනීමට සිදු වේ. (උදාහරණ ලෙස පමණක් මේවා සළකන්න.)

i. චන්ද්‍රිකා ඇමතුමක් වැනි දෙයකට සවන් දීමට නම් විදුලි සංදේශ තාක්ෂනය ගැන නිපුණත්වය දරණ කෙනෙකුගේ සහය ලබා ගැනීමට සිදු වේ.



මේ දිස් වන්නේ චන්ද්‍රිකා පණිවිඩ ස්කෑන් කිරීමට භාවිතා කරන උපකරණයක්. 0.5MHz - 25GHz  පරාසයේ ඕනෑම ආකාරයකට මොඩිව්ලේට් කරන ලද  රේඩියෝ තරංග ග්‍රහණය කරගැනීමටත් , ටෙරා බයිට් කීපයක පැකට් ට්‍රේස් කිරීමටත් හැකියාව ඇත. ( එහෙන් දාල මෙහෙන් ගත්තා නෙවේ  )




ii. ත්‍රස්තවාදී කල්ලියක ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් ලැබීමට නම් මුළු සන්නිවේදන ජාලයම පීරිය යුතුය. වසර ගණනාවක සිට ඉලක්කගත පුද්ගලයන්ගේ පුද්ගලික හැසිරීම් නිරීක්ෂණය කල යුතුය. ඒ සඳහා දක්ෂ නිළදරුවන්ගේ සහය ලබා ගත යුතුය.

iii. ගරිල්ලා සටන් පවතී නම් එයට අවේනික වූ සන්නිවේදන ජාලයක් ස්ථාපනය කළ යුතුය. එවන් ජාලයක ග්‍රහණයට හසුවන ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ත්‍රස්තවාදී නායකයෙකුගේ භෞතික පිහිටීම් ග්‍රිඩ් මැප් එකක් තුළ ලබා ගෙන ප්‍රහාරයන් ක්ෂණයෙන් දියත් කිරීමට නම් අති දක්ෂයන් සේවයේ නිරත විය යුතුය.


iv. හඳුනාගත් ඉලක්කයන්ට පහර දීම සඳහා සිත් පිත් නැති, අණට පමණක් කීකරු රොබෝවරුන් සේවයේ යෙදවිය යුතුය.


            මෙයාකාරයෙන් සළකන විට බොහෝ ක්ෂේත්‍රයන් පුරා මෙවැනි චරපුරුෂ සේවයන් ව්‍යාප්ත වේ. විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණත්වයක් දරණ සුළු පිරිසක් මගින් මේ සියල්ල පාලනය කෙරේ.


*****************




             දැන් ඔබට චරපුරුෂ සේවයක් යනු කුමක්ද හා එවන් සේවයන්හි නිරත වන්නන්නන් ගැන සුළු හෝ අවබෝදයක් ලැබී තිබිය යුතුය. මීළඟ ලිපි තුළින් අපේ කථානායකයන් ගැන කරුණුත් , ඔවුන් කිනම් ක්ෂේත්‍රයන්හි නියැලුණු පුද්ගලන්ද යන්නත් , ලොව පුරා විහිද සිටින චරපුරුෂයන් මෙසේ කරුණු හෙළි කරන්නේ මන්ද යන්නත් ගැන වැටහීමක් ඔබට ලැබිය හැකි වනු ඇත.



imaklklges.jpeg


Update : අක්ෂර දෝෂයන් සහ වාක්‍ය කීපයක් වෙනස් කර ඇත. ( කරුණු ඉවත් කිරීමක් සිදුව නැත )


imaklklges.jpeg



දෙවෙනි කොටස

90 comments:

  1. ප්‍රංසෙත් එහෙමද බං..

    කොහොම උනත් උඹට අතැරිච්ච සීන් ගොඩක් තියේ..

    ReplyDelete
    Replies
    1. තිස් දාහ පැන්නුවට සුභ පැතුම්..!!! ලැජ්ජ වෙන්න එපා බං.. හැක්

      Delete
    2. අපි හෙමීට ඒවා අල්ල ගමු නේද ...? ස්තූතියි ස්තූති සුභ පැතීම ගැන...

      Delete
    3. මොකද මේ උඹ රගපාන්නේ.. හැක්...

      Delete
    4. විහිළුවක් මෙයා කරේ... ගණන් ගන්න එපා.

      Delete
    5. 30000 ට මගෙනුත් සුභ පැතුම්.. බ්ලොග් ලෝකේ හිත හොඳ මනුස්සයෙක් ඔබ... (Y)

      Delete
    6. ස්තූතියි මොරබ්බා සුබ පැතීම ගැනත් අගය කිරීම ගැනත්. ඉස්සර නම් මම හිතුවේ හිට් කවුන්ටර් එක දාන්නේ නැහැ කියලා..ඒත් දැන් හිතෙනවා ලෝකේ යන අතට මාත් යන්න ඕනේ කියලා.. අනිත් දේ මේකට කව්රු කව්රු එනවද කියලා රට්ටු දැනගන්න එපැයි මොරබ්බා.. පාළු ගෙයි වළන් බිඳීමක් වෙලත් බැහැ නෙව..

      නැවත වරක් ඔබට ස්තූතියි අගය කිරීම ගැන..

      Delete

    7. >> ප්‍රංසෙත් එහෙමද බං.. <<

      - ඇයි දේශකයා මෙහෙම අහන්නෙ ?
      - උඹ ප්‍රංශෙද ඉන්නෙ ?
      - මටත් එහෙම හිතුනා දවසක් මොකද උඹ දීපු ලින්ක් එකක් අග .fr කියලා තිබුන හින්දා. අහපු එකට උත්තර නෑ ?
      - දැන් බ්ලොග් එකේ අකුරුත් ප්‍රංශ වෙලා.. ?
      - පාරෙ ඉන්න ඇන්ටිලා ගැන ලියපු ලිපියෙදිත් කියවුනා හිම වැටෙන රටක ඉන්නෙ කියලා. අහපුවම කිව්වා නෑ ඉන්නෙ ලංකාවෙ කියලා ?
      - හැබැයි මාරයට කිව්වා ටයිම් ඩිෆරන්ස් එකක් ගැන ?
      - උඹත් ස්පයි කෙනෙක්ද ?

      :D :D

      just kidding ah... :D

      Delete
    8. >>මට චන්චලාව මතක් උනා මේක දකිද්දී :P<<


      -ඕකා දොඩවන ඒවා ගණන් ගන්න එපා. අපි අතර කිසිම සම්බන්ධයක් නැහැ.:P
      -නැහැ.
      -මම දුන්නනේ බන් එදා.
      -මේ වෙනකොට මේ සයිට් එක දුවන්නේ ප්‍රංශ කෙනෙක් යටතේ සෙන්නා ඩොමේන් වෙනස් කිරීමක් සඳහා.එයාගේ පහසුවටයි භාෂාව වෙනස් කරේ.(දින කීපකින් හරි).
      -ඔව් ඉන්නේ ලංකාවේ.
      -මම හදිසි ගමන් බිමන් කීපයක යෙදුනා ඒ දවස් ටිකේ.(සෙන්නට වගේ)
      -හපෝ නැහැ.


      :D :D

      Its ok machan... :D

      Delete
    9. ස්පයි කෙනෙක් කවද්ද අනේ ඔව් මං ස්පයි කෙනෙක් කියලා කියුවේ....

      Delete
    10. ඒකනේ ගජින් මේ සෙන්නා අහන ඒවා බලන්නකෝ...

      Delete
  2. චරපුරුෂ සේවයත් බෙල්ල ගහලා යන සේවයක්නේ..:(

    //ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝග වෙනත් ආරක්ෂක අංශයකට වලංගු නැත. වෙනත් ආරක්ෂක අංශයක නියෝග යුධහමුදාපති ආරක්ෂක අංශයට වලංගු නැත. ඒ ඒ ආයතන ආරම්භවීමේදීම තම සීමාවන් , තමන් යටත් විය යුත්තේ කාටද , යටත් නොවිය යුත්තේ කාටද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දේ// ඒඋනාට මටනම් හිතෙන්නේ අපේ ඔය ඔක්කොම චරපුරුෂ සේවා වලට අණදෙන්නේ ආරක්ෂක ලේකම්වරය විතරයි වගේ.

    ReplyDelete
    Replies
    1. //ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත // අඩේ ඒ උනාට මගේ E mail subscribe වැඩ කරන්නේ නැහැනේ..:)
      ඇයි දන්නේ නැහැනේ ඒහෙම වෙන්නේ සහන් අයියේ..?

      Delete
    2. මනෝජ් මතු කරලා තියන කාරණාවෙ ලොකු පණිවිඩයක් තියෙනවා .. ( දැන් රට යන්නේ කොතැනටද කියන දේ ගැන. වන් මෑන් ශෝ ගැන අහලා ඇති නේද ඉස්සර ආත්මා ලියනගේ එහෙම කරේ...)

      මනොජ්ගේ කමෙන්ට් එකට මේ ලිපි ටික අහවර වෙද්දී නියම පිළිතුරක් හම්බෙවී..අපි එතෙක් නිද්‍රාශීලීව ඉමු නේද ?

      ස්තූතියි මචන් මේ වගේ දේකට කමෙන්ට් එකක් දැමීම ගැන.

      Delete
    3. මේ සයිට් එකට විතරද එහෙම වෙන්නේ ? නැත්නම් පොදුවේ හැම සයිට් එකේම ඊ මේල් සබ් එන්නේ නැද්ද ?

      01. ස්පෑම් ෆෝල්ඩර් එකේ බලන්න .
      02. මේල් එකවුන්ට් කීපයක් තියේ නම් ඒ එකවුන්ට් චෙක් කරලා බලන්න .

      ඔන්න ඔය ටික කරලා බලන්න මනෝජ්..බොහෝ විට හරියාවි... ( මේ සයිට් එකේ නම් මේල් සබ් වැඩ කරනවා .මම දැන් චෙක් කරා )

      Delete
    4. බොහෝම ස්තූතියි සහන්.මේල් ටික ඔක්කොම ස්පෑම් ෆෝල්ඩර් එකේ තිබුනා...:)

      Delete
  3. සයිලන්ට්,, ඔබේ කතාව හරි. රටක සන්නද්ධ සේවයේ නායකයා තමයි ජනාධිපති. ආරක්ෂක ලේකම් වග කියන්න ඕන ජනපතිට. ඒවගේම ආරක්ෂක ලේකම්ට වග කියන්න ඕන ත්‍රිවිධ හමුදාධිපති.එතකොට හමුදාධිපතිවරු තුන්දෙනා( ආමි,නේවි,එයාර්ෆෝස්) වග කියන්න ඕන ත්‍රිවිධ මුදාධිපතිට.ඒ ඒ හමුදාවල ඊලගට ඉන්න ප්‍රධානීන් වග කියන්න ඕන තමන්ගෙ හමුදාධිපතීන්ට. සන්නද්ධ සේවාවක් හෝ චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියා පිලීවෙත ඒකයි.ජනාධිපති ආරක්ෂක අංශය කියන්නේ වෙනමම ඒකකයක්.ඒක සමහරවිට මෙහෙයවන්නෙ හමුදාමය නොවන පුද්ගලයෙකු වෙන්න පුළුවන් නමුත් බොහෝදුරට එහි රාජකාරි කරන්නෙ හමුදාමය පුහුණුවක් ලැබු අය යන්න මගේ හැගීමයි.

    ReplyDelete
    Replies
    1. \\\\ඔබේ කතාව හරි. රටක සන්නද්ධ සේවයේ නායකයා තමයි ජනාධිපති. ආරක්ෂක ලේකම් වග කියන්න ඕන ජනපතිට. ඒවගේම ආරක්ෂක ලේකම්ට වග කියන්න ඕන ත්‍රිවිධ හමුදාධිපති.එතකොට හමුදාධිපතිවරු තුන්දෙනා( ආමි,නේවි,එයාර්ෆෝස්) වග කියන්න ඕන ත්‍රිවිධ මුදාධිපතිට.ඒ ඒ හමුදාවල ඊලගට ඉන්න ප්‍රධානීන් වග කියන්න ඕන තමන්ගෙ හමුදාධිපතීන්ට.\\\\


      ඔව් රටක සාමාන්‍ය ආරක්ෂක ව්‍යුහය මේක තමයි. ඒත් ලෝකයේ සියලු රටවල් සඳහා මේ ක්‍රමය වලංගු නැහැ. රාජ්‍ය නායකයාගේ තීරණ මත යම් යම් දෑ වෙනස් විය හැකියි.. ඒකාධිපතිත්වයක් ක්‍රියාත්මක වන ස්ථානයක නම් තත්වය බොහෝම වෙනස් ..

      \\\\සන්නද්ධ සේවාවක් හෝ චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියා පිලීවෙත ඒකයි.\\\

      මෙතැනදී මිත්‍රයා සාමාන්‍ය සන්නද්ධ සේවා සහ චරපුරුෂ සේවයන් කියන්නේ දෙකක්.. චරපුරුෂ සේවයන් වල ව්‍යුහය නම් එකිනෙකට වෙනස්.. කව්රු , කාට කොහේ ඉඳන් සේවය කරනවද කියන්න කව්රුත් දන්නේ නැහැ.


      \\\\ඒක සමහරවිට මෙහෙයවන්නෙ හමුදාමය නොවන පුද්ගලයෙකු වෙන්න පුළුවන් නමුත් බොහෝදුරට එහි රාජකාරි කරන්නෙ හමුදාමය පුහුණුවක් ලැබු අය යන්න මගේ හැගීමයි.\\\\

      ඔව් මේ සියලු ස්ථානයන්හි සේවයේ යෙදෙන්නේ දරුණු ලෙස යුධ පුහුණුව ලැබූ අය. මම මේ ලිපියෙන් මේ කොටසෙන් ආරම්භයක් පමණයි ගත්තේ මෙවැනි ක්‍රියාකාරකම් ගැන. අද පෝස්ට් එක තුල සියල්ල ඇතුළත් කර නැහැ මිත්‍රයා.. ඉදිරි ලිපි වලින් ඒ ගැන කතා කරන්න පුළුවන් වේවි අපිට...

      අනිත් දේ තමයි මම අවධානය යොමු කරන්නේ චරපුරුෂ සේවය ගැන විතරයි මේ ලිපි මාළාව තුළ. වෙනත් යුධමය ඒකක , රෙජීමයන් ගැන අපේ සහෘද බ්ලොග් හිතවතෙක් කරුණු එළි කරන නිසා. ( ඔහුගේ නම සඳහන් නොකරන්නේ ඔහුට පුද්ගලිකව ගැටළුවක් විය හැකි නිසා.. හැමෝම දන්නවනේ කෙනාව )

      Delete
  4. බුද්ධි අංශ නොහොත් චරපුරුශ සේවාව රජ කාලෙ ඉඳලම යුද්ධ කටයුතු වල වදගත් සාධකයක් .පලමු හා දෙවනි ලෝක යුද්ධය අතර කාල සීමාවේ තමයි විධිමත්ව සන්විධානයඋන ඔත්තු සේවා කරලියට අවේ.ඇමරිකාවේ CIA වගෙම රුසියාවෙ පස්සෙ කාලෙක ඔත්තු සේවා ක්‍රියාත්මක වුනේ රට රටවල තාක්ශනය සොරාගන්න.මොකද විද්‍යාත්මක සොයාගැනීම් කරනවට වඩා එවා සොරකම් කරගන්න එක වාසි දායකයි.දැන් ඔත්තු සේවා ක්‍රියාත්මක වෙන්නේ වැඩි වශයෙන් අන්තර්ජාල හා අධි තාක්ෂනික චන්ද්‍රිකා හරහා.මේ අතර චීනය විශේෂ අධිමානසික හැකියාවන් ප්‍රගුන කල විශේෂ ඒකක පවා යොදාගන්නවා ඔත්තු බැලීමේ කටයුතු සඳහා(උන් භාවනා කරලා ඔත්තු බලන්නේ ).
    **** හබැයි ඒ අය විපක්සේ කට්ටියයි තමන්ගේ පිලේ කට්ටියයි කරපු හොර මැරකම් බඩු ගහපුවා හොර අඹුවො ගැන වගේ ජල්තරවල ලිපිගොනු එකතු කරන එක නෙමෙයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. උබේ බ්ලොගයේ මට ප්‍රංස වචන පෙන්නේ මොකද සහන් ප්‍රංස චරපුරුසයෙක්ද මංදා :D

      Delete
    2. පොඩි හේතුවක් නිසා ටික දවසකට භාෂාව වෙනස් කරන්න වෙලා තියෙනවා මට මොරබ්බා.
      ____________________________________________________


      මොරබ්බා,

      ඔබ සඳහන් කර ඇති පරිදිත් , මගේ මේ ලිපියේ සඳහන් කර ඇති පරිදිත් විවිධ අවශ්‍යතා සඳහා මෙවැනි අංශ ක්‍රියාත්මක වෙනවා. එක්කෝ ජාතික ආරක්ෂාව වෙනුවෙන් , නැත්නම් ත්‍රස්තවාදය වෙනුවෙන් , එක්කෝ තාක්ෂනය සොරා ගන්න , එක්කෝ ඔත්තු බලන්න etc etc ..

      අපිට හිතාගන්න බැරි දේවල් තව තියෙන්න පුළුවන්. මොකද මෙවැනි ඒකක ක්‍රියාත්මක වෙන්නේ ඉතාම ස්වාධීනව. කිසිවෙක් කිසිවක් දන්නේ නැහැ. මගේ ලිපියේ සඳහන් කර ඇති විවිධ ක්ෂේත්‍රයන් ගැන වෙන වෙනමම ඉදිරි ලිපි වලින් කරුණු කියනවා මම ..

      \\\හබැයි ඒ අය විපක්සේ කට්ටියයි තමන්ගේ පිලේ කට්ටියයි කරපු හොර මැරකම් බඩු ගහපුවා හොර අඹුවො ගැන වගේ ජල්තරවල ලිපිගොනු එකතු කරන එක නෙමෙයි කරන්නේ\\\

      වැඩක් නැහැ කතා කරලා.. පහත් දේශපාලන අදහස් ඇති අය විසින් ගරුත්වය කෙළෙසනවා සියළුම නිළ වල. එක් වරම පුපුරා යෑම් ඇති වෙන්නේ ඒ නිසයි මොරබ්බා. ඉදිරියේදී පැහැදිළි වේවි ඔබට...

      කෙසේ නමුත් ඔබට බෙහෙවින් ස්තූතියි පැමිණීම ගැනත් , අදහස් පැවසීම ගැනත්.ඉඩක් ඇති විටක නැවත පැමිණෙන්න.

      Delete
  5. අඩු පාඩු නම් බොහෝමයි.. ඒත් අපේ රටේ මේවා ගැන කතා නොකරන තරමට ඇඟට ගුණයි...

    ReplyDelete
    Replies
    1. අඩු පාඩු නම් බොහොමයි කිව්වේ මේ පෝස්ට් එකේද මාතලන් ? මේක සරළව ටික ටික පැහැදිළි කරන්න පටන් ගත්ත පෝස්ට් මාළාවක් . ඒ නිසයි සීමිත කරුණු ටිකක් ගැන පමණක් එක ලිපියකට ඇතුළත් කරේ. දීර්ඝ ලිපියක් ලිව්වොත් බරපතල වැඩි වේවි කියලා දැනුණා මාතලන්.. ( මම දීර්ඝ ලිපිත් ලියලා තියෙනවනේ )

      මෙවැනි දේවල් ගැන කියන්න වෙනවා මාතලන් අස්සයා පැනලා යන්න කලියෙන්. තව අවුරුදු 5 යන්න කළින් අස්සයා පැනලා යනවා...

      Delete
    2. නෑ නෑ.... පෝස්ට් එක ගැන නෙමෙයි. ලංකාවේ චර පුරුෂ සේවය ගැන..

      Delete
    3. ඕව ගැන කතා කරලා වැඩක් නැහැ මාතලන්.සියලු දෙනාම දැඩි කලකිරීමෙන් ඉන්නේ. ( ඉන්නවට ඉන්නවා )

      Delete
  6. ඊශ්‍රාලයේ රහස් ඔත්තු සේවාව දෙවැනි ලෝක යුද්දේ ඉවර වෙලා සිරා ගේම් ටිකක් දුන්න එකම ඇති චර් පුරුෂ ජාලයක් කොච්චර ප්‍රබලද කියන එක ඔප්පු කරන්න

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දක්ෂයන් හා අණට පමණක් ක්‍රියාත්මක වන පිරිසකගේ හැසිරීම් හොඳටම ප්‍රබලයි. හිතාගන්නත් බැරි දේවල් ඔවුන් කරනවා කල් යල් බලලා.

      ස්තූතියි බ්ලැක් පූමා මේ ගැන අදහස් කීම ගැන..ඉඩක් ඇති වෙලාවට නැවත එන්න.

      Delete
  7. ඔය චර පුරුෂයින් ගැන තියෙන ෆිල්ම් වල එහෙම පෙන්නන විදිහට ඒක බොහොම අන්තරාදායක දේවල් වලට මූණ දෙන්න වෙන රැකියාවක්.

    සහන්ගෙ බ්ලොග් එකෙන් ප්‍රංශ වචන ටිකක් ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ ;)

    ReplyDelete
    Replies
    1. තව දවස් 6 කින් වගේ නැවත ඉංග්‍රීසි වලට ගන්නවා චම්ස්...ඊට පස්සේ ගැටළුවක් වෙන එකක් නැහැ...

      ඔව් අනිවාර්යෙන්ම මරණ සහතිකය අත්සන් කරාට පස්සේ තමයි රාජකාරියට බඳවා ගන්නේ.( මම කිව්වේ ෆිසිකලි වෙන දෙයක් නෙවේ.සෑම වෙලේම තමන් දැනගන්න ඕනේ තමන් මරණයට නියමිත කෙනෙක් බව.) ලෝකයේ වෙනත් රටවල නම් අවුරුදු 14 වගේ ඉඳන් යුධ මානසිකත්වයක් එක්ක තමයි මෙවැනි අයව හදන්නේ. 100 % රොබෝවරු විදිහටයි ජීවිතේ ගෙවන්නේ ඔවුන්.

      මෙවැනි අයගේ එක එක මට්ටම් තියෙනවා චම්ස්. බිම් මට්ටමේ නිළයන් සහ ඉහළ මට්ටමේ නිළයන්. බිම් මට්ටමේ නිළයන් වලට ගන්නේ අති දරුණු ගරිල්ලා පුහුණුවක් තියෙන අය. වසරෙන් වසර එන්න එන්න දක්ෂයෝ වෙනවා. තව ඉස්සරහට බලමුකෝ අපි තොරතුරු කියන්න ලැබේද කියලා..

      බොහෝම ස්තූතියි ඇවිත් කමෙන්ට් කරාට චම්ස්.. දිගටම එන්න මගේ බ්ලොගයට..

      Delete
  8. 30000ට සුභ පැතුම්!
    විස්තර දැන ගන්න ආස මාතෘකාවක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතුම් සුබ පැතීම ගැන.. ඔව් තව ලිපි ටිකක් මේ ගැන ලියන්න ඉන්නේ..ඒවත් බලන්නකෝ..

      Delete
  9. Replies
    1. මොකද යකෝ මේ ප්‍රංස? @!#$$%^%)_&**_)(*_(_((_)_)(_)%$%$^$^_%

      Delete
    2. බය වෙන්න දෙයක් නැහැ.. සට සට ගාලා හතර අතේ වෙඩි තියන්නයි තියෙන්නේ අයියේ..

      ඉන්න ඉන්න දවස් දෙක තුනකින් හරිගස්සනවා මේ භාෂා ගැටලුව...බොහොම ස්තූතියි අයියේ ඇවිත් කමෙන්ට් එකක් දාල යනවට හැමදාම ...

      Delete
  10. අමුතුම ආරක පෝස්ට් එකක් සහන්. දේශපාලන හේතු මත අපේ දිගු දුර විහිදුම් ඒකක වගේම බුද්ධි සේවාවන්හි දක්ෂයන් කියක් අපට අහිමි වුණාද?

    මට නං හිතෙන්නෙ තාක්ෂණය පැත්තෙන් ඔබ ඉන්නෙත් එවන් රටකට වටින චරපුරුෂ සේවාවකට නියම සුදුසු තත්ත්වයක කියලයි.(විහිලුවට)

    ReplyDelete
    Replies

    1. මුළින්ම ඔබේ පැමිණීමටත් අදහසටත් ස්තූතියි නලින් අයියේ.

      මෙවැනි සේවයන් වල පිහිටෙන් පහත් දේශපාලන අදහස් ඇති මිනිස්සු කරන වැඩ ගැන කියන්න ඕනේ නලින් අයියේ. දඩ බල්ලෙක්ගෙ රාජකාරිය තමයි ස්වාමියාගේ අණට කීකරු වීම. ඒත් සිතාමතා ස්වාමියා විසින් දඩ බල්ලව මරලා දානවා නම් කොච්චර යුක්ති සහගතද ..? දඩ බල්ලගේ එක දත් පාරෙන් ස්වාමියාව කීතු කීතු කරන්න පුළුවන්.. ඒත් හික්මීමෙන් ඉන්නවා එසේ නොකර..

      හැබැයි සීමාව ඉක්මවා ගිය තැන නම් කිසිම සමාවක් හම්බෙන්නේ නැහැ... අණෙන් මිදුණ දඩ බල්ලෙක් හරිම භයානකයි නලින් අයියේ..විටක හා පැටියෙක් වගේ කල් මරන්නත් , අවස්ථාව ආව හැටියේ කඩා පනින්නත් හොඳට පුහුණු වෙච්ච කෙනෙක් තමයි දඩ බල්ලෙක් කියන්නේ..

      තමාගේ ස්වාමියා තමාම වූ දඩ බල්ලෙක් කෙසේ වේවිද ? දඩ බල්ලන් රැසකගේ නායකත්වය දරපු කෙනෙක්ට පිටින් ගියා කියන්නේ විහින් වස කෑමක්...එවැනි මෝඩයොත් අද රජ වෙලා ඉන්නවා දේශපාලනයේ පිහිටෙන්!

      Delete
  11. CIA, MOZAD, KGB, RAW --------- ශ්‍රී ලංකා රහස් ඔත්තු සේවයේ නම කුමක්ද ??

    ReplyDelete
    Replies
    1. ඒකත් රහසක් බං.

      Delete
    2. අනේ මාව නම් ඕවට අල්ල ගන්න එපා..

      ( දැනට නම් ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව හොඳම බුද්ධි අංශ ක්‍රියාත්මකයි. අති දක්ෂයන් සේවයේ ඉන්නවා.ඒ වගේම පොලිස් විශේෂ ඒකකත් තියෙනවා සිවිල් අපරාධ ගැන විමසිලිමත් වෙන. මේවා රහස් නෙවේ . රටේ ඕනෙම කෙනෙක් දන්න දෙයක්නේ..මාත් ඉතින් ඒක රිපීට් කරා සෙන්නා. )

      හැබැයි ඉතිහාසයේ පාහර වැඩක් උනා දේශපාලන බලය ඇති නිවටයන් ටිකක් නිසා( මීට වසර 12 කට පමණ පෙර ). ඒවටම උඩ ගෙඩි දෙන සාමාන්‍ය ජනතාවක් ඉන්න මෙවැනි නින්දිත රටක ජීවත් වීමත් ලැජ්ජාවක්..

      ( මේක සෙන්නා එක්ක අමනාපෙකින් කිව්වා නෙවේ මම )

      Delete
  12. චර පුරුෂයන්, ඔවුන්ගෙ ක්‍රියාකාරකම් ඇතුලත් පරිවර්තන පොත්, චිත්‍රපටි එහෙම බලන්න මම හුඟක් කැමතියි. ලෝකෙ හුඟක් අයට ඒ ආශාව තියෙනව වෙන්න ඕන, නැත්නම් ජේම්ස් බොන්ඩ් එහෙම ඔච්චර ජනප්‍රිය වෙන්න හේතුවක් නෑනේ.

    තව පටන් ගත්තා විතරනේ. ඉදිරි ලිපි ටිකත් බලලම වැඩිදුර මොනවත් කතා කරමු.

    ඕන් 30000 ට මගෙනුත් සුබ පැතුම් ! ඉක්මනින්ම ලක්‍ෂපතියෙන් වේවා!

    ReplyDelete
    Replies
    1. සුබ පැතීම ගැන බොහෝම ස්තූතියි DDT.ලක්ෂෙ පනින්න නම් අඩුම තරමේ තව මාස 14 වත් යාවි බන්. එතෙක් කල් මම ඉන්න එකක් නැහැ බොහෝ විට..කෙසේ උනත් ප්‍රාර්ථනාවට බොහෝම ස්තූතියි.. ඇත්තටම උඹල සෙට් එක නිසා පොඩි ෆිට් එකක් හිතට තියෙනවා.. ( අපි පෘතග්ජනයෝ නෙව )


      හැංගිලා තියෙන දේවල් අවුස්සලා බලන්න හැම වඳුරු කුලයේ සතෙක්ම ආසයිනේ DDTයෝ... මේකට එකම හේතුව ඒකයි.. මේ ලෝකේ දැනට මිලියනයක් විතර චරපුරුෂයන් ඇති. ඒත් ඉතින් ඒ සියලු දෙනාම අවස්ථාව එනකම් ඉන්නවා..කවදාවත් නො එන අවස්ථාවක් වෙනුවෙන් බලන් ඉන්නවා..ඕක තමයි ඇත්ත කතාව..

      අන්තිමට කාගෙවත් පදේකට නටපු බල්ලෙක් විතරයි...

      Delete
  13. විස්තරය ගැන නම් මට ගැටළුවක් නැත.එහෙත් රටක අරාක්ෂාව වෙනුවෙන් යොදවන චර පුරුෂයන් තෝරා ගැනිමේදී විශේෂ අවදානයක් දැක්විය යුතුය.එහෙම නුනහොත් රට විශාල අවදානමක වැටේ.යුධ සමයේ සිංහලයින් පවා රට පවා දෙන තත්වයට පත් උනා.සල්ලි වලට කැදර කමේ යුද රහස් ත්‍රස්තවාදීන්ට ලබා දුන්නා.අවුරුදු දෙකෙන් තුනෙන් ඉවර කර ගන්න තිබු යුද්ධයක් අවුරුදු 30 ක් දක්වා ගියේ අපේ දුර්වල කම් ඉතාමත් ඉක්මනින් ඔවුන් ග්‍රහනය කර ගත් නිසා.

    ReplyDelete
    Replies
    1. ගයනි කියලා තියෙන දේවල් වලට නම් හේතුව පහත් දේශපාලන හේතූන්. නැතුව නිළධාරීන්ගේ වැරදි නෙවේ. නියමිත පරිදි අණ ලැබිය යුතුයි ගයනි ක්‍රියාත්මක වෙන්න නම්. දක්ෂ ලෙස අණ ලැබීමකින් විතරයි සාර්ථක මෙහෙයුමක් කරන්න ලැබෙන්නේ..

      ස්තූතියි ගයනි අදහස් කීවට මේ ගැන..නැවත එන්න ඉඩක් ඇති වෙලාවට..

      Delete
  14. මේ ක්ෂේත්‍රය ගැන මම දන්නා දෙයක් නැති තරම්. මේ ලිපියෙන් සුළු හරි අවබෝධයක් ලැබුනා. අර මනෝජ් කියපු කතාව ගැන තමයි මාත් මේ කල්පනා කරේ...

    ReplyDelete
    Replies
    1. සහන් බ්ලොගර් තීම් එකට වෙන මොකක් හරි language එකක් දාගත්තද?

      Delete
    2. මනෝජ් කියපු මොන කතාවද සයුරි ? ලේකම් ගැනද , නැත්නම් බෙල්ල ගැනද ?

      ඔව් ටික දවසකට වෙනස් කරන්න උනා..ලබන සතිය වෙනකොට නැවත ඉංග්‍රීසියට ගන්නවා ...

      Delete
  15. ඇමරිකාව ඔත්තු සේවා අතින් ඉහළම තැනක සිටී. අද ඔවුන් මුහුන දෙමින් සිටින්නේ අල් කයිඩා හරහා එන මුස්ලිම් ත්‍රස්තවාදයටයි. මුස්ලිම් ත්‍රස්තවාදයේ බිය ජනක බව වටහාගත් ලොව එකම රටත් ඇමරිකාවයි. අනෙක් රටවල් මේ මුස්ලිමුන්ට අනුකම්පා කරත් උන්ගේ කුරිරුකම වටහාගත් උන් දැන්ම අඩපන කළයුතුයැයි ක්‍රියාත්මක එකම රට ඇමරිකාවයි.
    මෙවන් තත්ව යටතේ Edward Snowden හා Wikileaks ගැන අප අනාවැකි කියන්නට යාම අනුවනකමකි.
    එනිසා මෙසේ සිතමු. ඇමරිකා යුද රහස් ලොවට හෙලිකල මුන් දෙන්නාම ජාති ද්‍රෝහියන්ය. අර අපේ රටේ බුද්දි අංශ පාවා දුන් එවුන් වගේ.
    නැතිනම් මේ බුද්දි මෙහෙයුම්වල කෙල පැමිනි ඇමරිකාවේ තවත් ඇමක් ද විය හැකිය. හොද සංවාදයක් සඳහා නිමිත්තක් නිශ්ෂබ්ද මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම ගැන ස්තූතියි සෙන්කොලයා. ඔතන පොඩි පරස් පර ටිකක් තියෙනවා සෙන්කොලයා..ඒක ගැන කියන්නම තමයි මම මේ පෝස්ට් එක ලිව්වේ..ඊළඟ කොටසෙන් ඒ ගැන කියන්න ලැබේවි...ඒකටත් එන්න අනිවාර්යෙන්..

      Delete
  16. සහන ලියලා නෑනේ ලෝකේ ප්‍රාථමිකම චර පුරුෂ සේවය ගැන... අර සිංදුවකින් කියන්නේ "චර පුරුෂයෝ දැන් මා වටලා ...යන එන හැමතන් මුර දාලා...//" කියලා. ඒ කාලේ අම්මලාගේ තාත්තලාගේ චර පුරුෂ සේවයට අහු වෙන්නේ නැතුව ලව් කරන්න , හොරෙන් ගඟේ නාන්න යන්න, හොරෙන් ඇඩල්ස් ඔන්ලි ෆිල්ම් බලන්න, හොරෙන් සිගරට් එකක් බොන්න දෙන ගේම කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඉවෝන්..අපේ අනිත් බ්ලොග් වල නම් සෑහෙන්න එවැනි චරපුරුෂ වැඩ ගැන තියෙන නිසා මම ඉතින් ඒවා ගැන ලිව්වේ නැහැ..කොහොම උනත් දැන් " චරපුරුෂ" කියලා ගූගල් කලොත් එන්නේ මේ පෝස්ට් එක...

      ස්තූතියි ඉවෝන් මේ පැත්තේ හැමදාම එන එක ගැන..දිගටම එන්න..

      Delete
  17. හොඳ ලිපියක්. විකිලීක්ස් අඩවියේ මූලිකයාගේ නම ජුලියන් අසාන්ජ් නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් තීර්ථ යාත්‍රිකයෝ ..එහෙම කියනවා හැමෝම..ඒත් ඉතින් කව්ද දන්නේ ඇත්ත නැත්ත..හැමදේම ටෙලිනාට්‍යක් වෙන්නත් පුළුවන්..

      Delete
  18. අපේ රටේ එක යුද්දයක් ඉවර උනේ අර විදිහට ජීවිත පූජාවෙන් හමුදාපති ‍රැකපු සෙබලුන් නිසා නේද සහන් ? ඒත් කවුද අද ඔවුන් ගැන කතා කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඕක ගැන කතා කරන්න බැහැ සරත්. ගරුත්වය කෑවා. විනාසම කරලා දැම්මා .. මට කියන්න තියෙන්නේ එච්චරයි.. සමහරු විහින් කා ගත්ත.. අනිත් මිනිස්සුන්වත් විනාස කරා ..

      මම මේ නොකියා කියන දේ තේරුම්ගන්න .( කෙටි කමෙන්ට් එකක් දැම්මා කියලා හිතන්න එපා )

      Delete
  19. බොහොම හොඳයි, බොහොම හොඳයි. හොඳ කාලීන මාතෘකාවක් ඔබ පටන් අරන් තියනවා. මේ මාතෘකාව ඔස්සේ ලියන්න කරුණු සප්ත මහා සාගරේ වගේ තියනවා. ලෝකයේ කොයි රටෙත් ඔත්තු බැලීමේ සේවා අඩු/වැඩි වශයෙන් තියනවා. කිසියම් රාජ්‍යයකට ජාතික ඔත්තු සේවයක් නැත්නම් ඒ රාජ්‍යයට වැඩිකල් පවතින්නට බැහැ. ඔත්තු බැලීමේ අතීතය ක්‍රිස්තු පූර්ව යුගයෙනුත් ඈතට යනවා. කොපමණ නවීන යන්ත්‍ර තිබුනත් තවමත් 100% විශ්වාසය තැබිය හැක්කේ ඔත්තුකරුවන් වෙත පමණයි. මා හිතනවා ඉදිරි ලිපි (මටනම් ලිපි හතරකින්වත් ලියන්න පුළුවන් වෙයිද මන්දා) වලින් ඔබ මේ ක්ෂේත්‍රයේ සෑම කොටසක්ම ආවරණය කරයි කියා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි විචාරකතුමණි. මම හැම දේ ගැනම නම් ලියන්නේ නැහැ.ඉස්සෙල්ලම ඒක කියලා ඉන්න එක හොඳයි කියලා හිතුණා. මට ඕනේ මෙවැනි චරපුරුෂයන්ගේ ජීවිත ගෙවෙන හැටි ගැන එළි කරන්න විතරයි.. අරයගෙ මෙයාගේ අණ නිසා ජීවිත වෙනස් වීම ගැන ලියන්නයි ඕනේ. ඒ වගේම මෙවැනි සේවා වලට මුවා වෙලා පහත් තුට්ටු දෙකේ දේශපාලකයෝ කරන වැඩ ගැන කියන්නයි ඕනේ..

      රටේ සාමාන්‍ය ජනතාව ඒවා ගැන දැනුවත් වෙන්න ඕනේ..


      ( මා මග අරින කොටස් ඔබට සුදුසු යැයි හැඟෙ නම් පමණක් විස්තර කරන්න. මගේ අරමුණ නම් දේශපාලන නිරුවත හෙළි කිරීම විතරයි . එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ .රොජර් සෝ ෆාර් ඕවර් )

      Delete
    2. සහන්, පුළුවන් වුනොත් 'මාතා හරි' ගැන ලියන්න. අන්න අරෙහෙ කෙන්ජිට කියලා තියනවා ඔයා මම 'නිලලත් බලධාරියා' කියලා. ඒ කියන්නේ 'බලලත් නිලධාරියා'. යකෝ, ආමි එකේ 'බලලත් නිලධාරියා - Warrant Officer' කියන්නේ මට වඩා බොහොම පහල නිලයක කෙනෙක්. අහු වෙයන්කෝ උඹ මට :D :D :D

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. " මාතා හරි " ගැන නම් මම වැඩි යමක් දන්නේ නැහැ.. :( ඔබට හැකි නම් ඒ ගැන ලියන්න ඉඩක් ඇති විටක..
      _______________________________________________________


      සමාවෙන්න ඕනේ සමාවෙන්න ඕනේ සිතාමතා ඔබට වෙඩි තිබ්බා නෙවේ විචාරක. මා වෙඩි තැබූ මාර්ගයේ ඔබ සිටි බව මීටර් උනේ නැහැ මට. :P

      ඇහුවට මුකුත් හිතන්න එපා , ගොඩක් තුවාලද ? [im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      Delete
    4. " තෙල් බෙදන්නගේ ප්‍රංශ දුව " නේද ?

      Delete
    5. ඔව් ඔව් එයා තමයි. මේ මොකද ප්‍රංශ භාෂාව වැටෙන්නේ? ඉංග්‍රීසි තියෙන්න ඕනේ තැන්වල?

      Delete
    6. විචාරකතුමනි ඔබ එන මොහොතේ මා දමා තිබු කමෙන්ටුවක් ස්පෑම් වී තිබු බව සොයාගත්තා.. දැන් තමයි not ස්පෑම් කරේ.. ඒ නිසා නැවත කමෙන්ට් ඔබට මා එක් කල පිළිතුරු දම්වැල කියවන්න ..

      Delete
  20. විකිලික්ස් යනු පුත්ගලයෙක් නොවේ. එය ලොකයේ සෑගවි අති රහස් එලියට දෙන අයතනයකි. එහි ප්‍රදානියා ජුලියන්ග් අසාන්ග් වන අතර ඔහු දෑනට ලන්ඩන්වල එඣ්වඩොර් එම්බසි එකෙ පොලිටිකල් අස්යිලම් බලපොරොතුවෙන් සිට්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඇනෝ.. ඇත්තටම ඇත්තද , මුළාවක්ද කියන්න කව්රුත් දන්නේ නැහැ..

      Delete
  21. ආරක්ෂක අංශවල විස්තර ගැන නම් ඉතිං අපේ විචාරක තුමාගෙන්ම තමා ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්.
    කොහොමත් සහන් මල්ලි හොද පටන් ගැම්මක්.කාටත් වැදගත් ලිපි පෙලක් වෙයි.
    ඔබ ඉතින් සිංහල බ්ලොග් අවකාශයෙ සැබෑ වෙනසක් දකින්න ආස පුද්ගලයෙක් නොවැ.
    මොකක්ද බං උඹේ මේ මර ලතෝනිය.>>එතෙක් කල් මම ඉන්න එකක් නැහැ බොහෝවිට<<කියන එක.
    මොකද බොටත් බ්‍රා එහෙකින් බෙල්ල ගැට ගහල මැරෙන සීන් එකක් සෙට් වෙලාද?
    හැම තිස්සෙම මල අදෝනා නැතිව දිගටම ලියපන්.උඹ වගේ දයාබර සොයුරෙක් අප අතර සිටිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරකතුමානේ අපේ නිළලත් බලධාරියා මෙවන් දෑ ගැන. මම ආවරණය කරන්නේ වෙනම දෙයක්.


      ඔය අනිත් ප්‍රශ්නේ ගැන කතා කලොත් නම් කියන්න තියෙන්නේ මෙහෙම දෙයක් කෙන්ජි අයියේ. මම බ්ලොග් වලට ආවේ අසනීපයකට ලැබුණ විවේක කාලයක් නිසයි, ඒ ලැබුණ විවේකෙන් දෙයක් කරන්න හිතුවා. ඉක්මණටම මේ ගෙවෙන ජීවිත රටාව වෙනස් වේවි මගේ..එහෙම වෙනස් කරන්න ලැබුණොත් ටිකෙන් ටික බ්ලොග් එකෙන් ඈත් වේවි..එතකම් මම දිගටම සියලු දෙනා සමගම ඉන්නවා...
      මම මේක දැන්ම කියන්නේ එක පාරට මාව මිසින් උනොත් ගණන් ගන්න එපා කියන්නයි..

      Delete
  22. චරපුරුෂ සේවාව ගැනත් එහෙනම් ඉදිරියේදී අපිට ඉගෙන ගතහැකි... බලමුකෝ... බලමුකෝ....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනළි දිගටම එන්නකෝ ඉඩක් ඇති විදිහට ඒවා ගැන සමහර දේවල් ඉගෙන ගන්න පුළුවන් වේවි ඔයාට.

      Delete
  23. කියවුවෙමි.. අනෙක් ලිපිත් කියවමුකො.

    අර සැටලයිට් ගැජමැටික් එක මරු නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඊළඟ ඒවා ටිකත් බලන්නකෝ චන්දන..සාමාන්‍ය අවබෝදයක් ඒවි ඔයාට..තාක්ෂණික දේවල් නම් විස්තර කරනවා මම..තාක්ෂණයට මුවා වෙලා කරන වැඩ ගැන තමයි රටේ සාමාන්‍ය මිනිස්සු දැනගන්න ඕනේ.. ස්තූතියි ආවට චන්දන..දිගටම එන්න..

      Delete
  24. මේ චර පුරුෂ සේවය ගැන හදන ෆිල්ම්ස් බලන්න මම හෙන ආසයි. මේ මාතෘකාව ගැන දැක්ක පලවෙනි ලිපියද මන්ද මේක.. අපට හෙන සිරා වීර චරිත වගේ පෙනුනට මෙහෙම රස්සාවල් කරන අයගෙ ජිවිත හරිම දුක්ක දායකයි නේද ගොඩක් වෙලාවට

    ReplyDelete
    Replies
    1. අන්න හරි පැතුම් මෙවැනි අයගේ පුද්ගලික ජීවිත අන්තිම ඛේදාන්ත . කව්රුත් දන්නේ නැහැ පීඩනය හිස මත පැටවෙන. අවුරුදු ගාණක සැලසුම් , ජීවිත කීපයක වගකීම එක්කෙනෙක් මත පැටවෙද්දී එන පීඩනය දරන්න අමාරුයි..

      දිගටම ඉන්නකෝ..පුළුවන් විදිහට පෝස්ට් ටිකක් දාන්නම් ..ස්තූතියි වැඩ රාජකාරි මැද්දේ මේ පැත්තේ ආවට පතුම්..දිගටම එන්න.. අර කතාවත් ඉක්මනටම දානවා හොඳද ..? ( ඔන්න මෙතනම උත්තර දුන්නා මම )

      Delete
  25. 30,000 ගැන සුබ පතනවා ඒත් සහන් වගෙ ප්‍රවීන බ්ලොග් කාරයෙක් මීට වඩා දුර ගොස් ඉන්න ඕන කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මම මේ බ්ලොග් එක පටන් අරන් ලොකු කාලයක් නැහැනේ සැමට මිතුරු..ඒකයි ලොකු හිට් ප්‍රමාණයක් නැත්තේ.. සුබ පැතීම ගැන බොහෝම ස්තූතියි මිත්‍රයා..ඉඩක් ඇති වෙලාවට නැවත එන්න...

      Delete
  26. මේවා ගැන කතාකරන නිදහසත් තව ටික කාලෙකින් නැතිවෙලා යයි . මෙවන් රටක මතු නොඉපදේවා .

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත වයලීනෝ.. ඒ නිසයි දැන්ම මේවා පබ්ලිෂ් කරලා තියන්න හිතුවේ..යන්න ඕනේ තැන් වලට ගිහින් ඉවරයි නෙව ඊට පස්සේ..

      Delete
  27. 30000ට මගෙනුත් මෙව්ව එකෙන්ම මේකක් ඈ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මෙව්වා මට දීම ගැන බෙහෙවින්ම මෙව්වා උනෙමි තරුවෝ.. දිගටම මා එක්ක මෙව්වා කරන්න... :D

      Delete
  28. 30000 ට සුබ පැතුම්....
    කෙටි පොස්ටුවක් ලෙස ලියන එකේ හොඳක් මම දකිනවා..මොකද සමහර දීර්ඝ ඒවා...(තමන්ගේ විෂය පථයෙන් බැහැර ) කියවද්දී තේරුම් ගැනීමේ අපහසුතා එන නිසා....

    මේ දේවල් වුනත්..මට නම් ඇත්තටම අලුත් දැනීම් සම්භාරයක් ලබාදුන්නා..
    ස්තුතියි සහන්...

    ReplyDelete
    Replies
    1. මේ වගේ මාතෘකා ලියන්නේ ටික ටික අක්කේ..එක පාරට ගොඩක් දේවල් කියලා බැහැ..වටහා ගැනීම අමාරු වෙන්න පුළුවන් ..සුබ පැතීමට ස්තූතියි ..දිගටම එන්න අක්කේ..

      Delete
  29. තවත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වගේ. ඉතුරු ටික එනකල් බලගෙන ඉන්නවා. 30,000 ! කමෙන්ට්ස්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිල් මානෙල් අක්කේ..මේ ටික ලියලා ඉවරකරගන්න ලැබේද දන්නෙත් නැහැ මට.. මේ ඇවිල්ලා හිට්ස් 30,000 ...

      ස්තූතියි අක්කේ ආවට , ඉඩක් ඇති විටක නැවත එන්න..

      Delete
  30. උඹට කමෙන්ට් නොකලට මම හැමදම ඇවිත් බලනවා බං.. වෙනද වගේම ඉස්මොලේට යනකම් හිතන්ඩ වෙන මාතෘකාවක්..ලංකවේ int එක ගැන නම් කියන්නේ, මීට වඩා තාක්ෂණික දැනුමක් හා තාක්ෂණික දියුණුවක් ඒ අංශවලට ලබාදිය යුතුමයි. ගොඩක් කරුණු ඉහලින් අනාවරණය වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රති මේල් සබ් දාල නේද ඉන්නේ ..? දැනට උනත් ගොඩක් තාක්ෂණික දේවල් ශ්‍රී ලංකාව සතුයි රති.. පහු ගිය සිවිල් යුද්ධය සඳහා වෙනම තාක්ෂණික අංශ අලුතෙන් එකතු කරා..

      අපි බලමුකෝ ටික ටික තව කරුණු ගැන කතා කරන්න..

      Delete
  31. මේ තියන්නේ පළවෙනි කොටස..විකිලීක්ස් ගැන තව ටිකක් ලිවුවා නම් හොඳයි කියලා හිතෙනවා සහන්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රූ විකිලික්ස් ගැන සහ එඩ්වර්ඩ් ගැන විතරක් දවසක ලියන්න ඕනේ..ඒත් තාම ඒ දෙන්නා සැබෑ ලෙසම කව්ද කියන දේ පැහැදිළි කරන්න පුළුවන් තැනට පෝස්ට් මාළාව ඇවිත් නැහැ..ඒ නිසයි ඒක පරක්කු කරේ මම..

      ස්තූතියි රූ මේ වගේ පහු ගිය පෝස්ට් පවා ඇවිත් කියවන එකට ..ඉඩක් ඇති විටක නැවත එන්න..

      Delete
  32. ලංකාවේ ඔත්තු සේවය SIS - State intelligence service (රාජ්‍ය බුද්ධි සේවාව ) දැනට පොලිස් ඒකකයක් ලෙස ක්‍රියාත්මක වුනත් Army,navy ,Air force බුද්ධි අංශ වල සංකලනයක් මෙය. රට තුළද ලොකය පුරාද මෙමගින් බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.....මෙහි සුප්‍රකටම මෙහෙයුම වනුයේ කුමරන් පද්මනාදන් (K.P) නම් ත්‍රස්ථවාදියා අල්ලාගැනීමට විදේශ රටක ක්‍රියාත්මක කල මෙහෙයුම වේ.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !