Pages

June 1, 2013

මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!




               සවස් වන්නට ප්‍රථම පුංචි දෝණියා නහවා හොඳින් ඇගේ කොන්ඩයද පිස දැමුවේ රෑ වන විට පිණි වැටි ඇය යලි අසනීප විය හැකි නිසාවෙනි .මීට දෙදිනකට ඉහතීද දෝණි  රෑ වන විට ගොරෝද්දේ අදිමින් අපහසුවෙන් නිදන්නට විය.



" සුදු මැණික..... , අපි මොනාද ඇඳන් යන්නේ පැටියෝ ? "


"මෙන්න මේ රෝස පාට ගවුම ." ඒ වන විට මා අත තිබු ගවුම පෙන්වමින් ඈ කීවා ය .


 ඇයට ඒ ගවුම අන්දවා මා කුස්සියට ගියේ ඉතුරුව ඇති යමක් ඇත්නම් සතෙකුට කන්නට පහල ඇති බංකුවෙන් තැබීමටය.


මා කාමරයට විත් ඇඳුම් ඇඳ  නැවත සාලයට එන විට ඈ සතුටින් අපි දැන්ම යනවාදැයි ? මෙන් බලා ඉඳ හුරතල් වෙමින් මා සමීපයට ආ වාය ..

මා ඇයවද වඩාගෙන ඉතුරු අඩුම කුඩුම ටිකද එක් අතකින් ගෙන දොරගුළුද දා නිවසින් පිට විය.


යන්තමින් කරුවල වැටීගෙන එයි , ඒත් සමගම දැල්වීමට පටන් ගන්නා වෙසක් කූඩු දකින දෝණි

" ආන් බලන්න තාත්ති අර " යැයි සිඟිති අත දිගු කරමින් ලස්සන කූඩුවක් දකින විටම  මට පෙන්වයි .

" හ්ම්ම්ම් "  රථයේ වේගය තවත් ටිකක් අඩු කර  මාද ඒ දෙස බලයි .


කෙමෙන් කෙමෙන් වෙසක් කලාපය ඇති පෙදෙසට අප ඇතුළු විය , තද බදය අස්සෙන් ඉඩක් ඇති තැනක රථය නැවැත්වූ මා පුංචි දෝණිය සමග මහ වීදිය දෙසට ඇවිද ගියෙමු.


රෝස පැහැ ගවුමකින් සැරසුන මගේ පුංචි කිරිල්ලිය  ටික දුරක් යන විට තාත්ති වඩා යැයි කියමින් මා උරයට පැන්නාය ..


 අද මගේ කුරුළු පැටියා ඉතාම සතුටිනි , මග දෙපස  ඕනෑකමින් බලමින් සෑම දෙයකම රසය විඳගනිමින් තාත්ති තාත්ති යැයි කියමින් ඉගිලෙන්නට තරම් මිහිරකින් ඈ තනි  වෙයි.


නැවත " තාත්ති අර " යැයි ඈත ඇති යමක් පෙන්වයි ..

"  තාත්ති තාත්ති අරක කොහොමද කරන්නේ " ... තවත් ප්‍රශ්නයකි


ඕක රත්තරන් මෙහෙමනේ ...... කියමින් මා  එය ඇයට තේරෙන ලෙස විස්තර කරයි


මේ ගෙවෙන්නේ ඇගේ තේරුමින් ගෙවෙන දෙවන හෝ තෙවන වෙසක් උත්සවයයි , ගිය අවුරුද්දට වඩා මේවර වැඩි මිහිරක් ලබන්නේ, ප්‍රශ්න ගොඩාක් ඇසෙන්නේ එහෙයිනි .


" පුතාට බොම්බයි මොටයි අරන් දෙන්නද තාත්ති ...? "



ඒත් සමග මාද මගේ පුංචි කාලයට දිව ගොසිනි ..තාත්ත සමග බයිසිකලේ වෙසක් බලන්නට
ආ හැටි ....

තාත්තගේ අතේ එල්ලෙමින් සෙනග මැද්දේ අතරමන් වේයැයි බියෙන් තව තවත් ඔහුට තුරුළු
වූ අන්දම ......




  " හා තාත්ති " යැයි මගේ පුංචි කුරුළු පැටියා කියන තෙක්ම ඒ සිහිනෙන් මා අවදි වූයේ නැත .

" මගේ දෝණිම ගන්නවද තාත්ති සල්ලි  දෙන්නම් ? හා......ද ? " පර්ස් එකෙන් මුදල් ගත් මා ඈ අත තැබීය ..


ලොකු බැලුම් බෝලයක් තරම වූ බොම්බයි මොටයි ගුලියක් අතැතිව ඈ දිව ආවාය ..

මටද විටින් විට සිඟිති අතින් කෑල්ල කෑල්ල කඩා කවමින් මගේ උරය අනික් අතින් බදා ගනිමින්, වෙසක් කූඩු බලමින්, සිනා සෙමින් අපමණ සැහැල්ලුවකට මා පත් කරමින් ඈ හිඳියි..


" ඉන්නකෝ අපි තොරණ පැත්තට යමු මොනවා හරි කාල , මන් පුතාට තොරණ පෙන්නන්නම්.  හා......ද සුදු මැණික ? "


" හා තාත්ති .." මගේ උරයට හිස තබා නිදා හුන් ඇය පවසයි ..



රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අයිස් ක්‍රීම් එකක්ද අරන් දී ( ඔව් ඔව් හොඳ නැහැ කියල දන්නවා ඒ උනාට ඉල්ලද්දී නොදී ඉන්න පුලුවන්ද ) තොරණ දෙසට මාත් දෝණියත් ඇවිද ගියාය ..


" අනේ තාත්ති තව ලඟට යන් "
" ඒක හරි ෂෝයි "

තොරණෙ විස්තර ප්‍රචාරක කුටිය අසලට මා ගියේ එහි හුන් කවි කියන ඈයන්ද පෙන්වීමේ අරමුණෙනි .

ඒ දසුන දෝණිගේ හිත තදින්ම සොරා ගෙන තිබිණි ..

" ඇයි තාත්ති එයාල කවි කියන්නේ ? "

 " තොරණ බලන්න එන අයට පින් සිද්ද වෙන්නනේ රත්තරන් "


එක් එක් පුද්ගලයන් එන, යන  සැටිත් , කිවිඳියන් කවි කරන සැටිත් , රබාන වයමින් විරිඳු කියන සැටිත් ඈ අසාවෙන් බලා හිඳිනා නිසා මා ඇය බිමින් තැබුවේය .

ටික වෙලාවක් බලා සිටි  ඈ විරිඳු කියන මහතෙකු ලගට ගොස්


" මාමේ මාමේ, මේ දහය ( මා බොම්බයි මොටයි ගැනීමට දුන් මුදලින් ඉතුරුව ඇයට ලැබුණු මුදල් ) ඇති වෙයිද දිව්‍ය ලෝකේ ඉන්න මගේ චූටි  අම්මිට පින් සිද්ද වෙන්න කවියක් කියන්න ? " යැයි ඇසුවාය ..


එතැන සිටි සියල්ලන්ද කර කියා ගත නොහැකි විය ..


ඒ වදනින් එතෙක් වේලා ඒ දෙස බලා  සිටි මගේ ඇසින් කඳුළු කැට කඩා වැටෙන්නට විය ..



පුංචි මැණිකව වඩා ගත් මා එතනින් පිට විය ...ටික වේලාවකින් මුළු පළාතම දෙවනත් කරවමින්

මෙන්න මේ කවිය ඇසුනි ...









රෝස මලක හැඩට ගුණැති සමන් මලක් පිපුණා
මාමේ මාමේ කවි කියන්න ලොකුද මුදල ඕනා ?
දිවිය ලෝකේ ගිය මෑණිට සෙත් පතන්න ඈ මෙහි අද ආව
පුංචි මලේ කඳුළු ඉනුවා නුඹේ ඒ හඬ ඇසිලා!




ඇතිවූ  දුක නිසා දෝණිය තුරුළු කරන් හැඬු මා හට එතැන් සිට පුරා පැයක් පමණ යන තෙක් මගේ පුංචි රෝස මලත් ,සමන් මලත් වෙනුවෙන් ගැයූ කවි සිහිනයක් මෙන් අද
අමතකව ගොසිනි .. 







මට අමතකව ගිය, අප වෙනුවෙන් ගැයුණු ඒ  කවියක් මෙහි ලියා තබනට ඔබට හැකි වේද ?






. .


පෙර ලිපියක්:අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන් ( කැපකිරීම් , පරිත්‍යාගය සමග) :     

  

80 comments:

  1. මොනව ද මම මේ කියවන්නේ?

    ඇයි මගේ හිත මෙච්චර සංවේදී වෙන්නෙ?

    මම හිතන කිසි දෙයක් ඇත්ත නෙමේ නේද?

    මිත්‍රයා??????

    ඔව් ඒක ලස්සන හිතට වදින නිර්මාණයක් විතරයි. එහෙමම වුනාවේ.

    ReplyDelete
    Replies
    1. සහන් දැන්නේ දැක්කේ පුඅවත් පතක දැක්ක දෙයක් නේද? ඒත් මම මේක කියන්නේ නැහැ දැන්ම.

      Delete
    2. ඔබේ උතුරා යන මනුස්ස කම ගැන ගොඩක් තේරුම් ගත්ත
      වේද මහත්තය මන්.එක මොහොතෙන් ඔබ වෙන්න ඕනේ
      යුතු කම කළා..ඔබට පින්....

      Delete
  2. මේකනම් නිර්මාණයක් පමණක්ම වේවා.....

    ReplyDelete
    Replies
    1. වැඩිය කියන්න තරම් දෙයක් හිතාගන්න බෑ,,අන්තිමට මටත් හිතුනේ නලින් අංකල් කියලා තියන දේමයි.. :(

      Delete
    2. නැහැ නලින් ශම්මි නංගි මේක නිර්මාණයක් විතරක් නෙවේ.
      මේ ලංකාවේ උන දෙයක් .අදටත් ඒ තාත්තයි දුවයි
      එයාලගෙම ලෝකේ...

      Delete
  3. කීවත් වගේ හෝ ගාලා කඳුලු ආව නෙව :-(

    ReplyDelete
  4. මීට දෙදිනකට ඉහතීද දෝණි රෑ වන විට ගොරෝද්දේ අදිමින් අපහසුවෙන් නිදන්නට විය.

    ගිය අවුරුද්දට වඩා මේවර වැඩි මිහිරක් ලබන්නේ, ප්‍රශ්න ගොඩාක් ඇසෙන්නේ එහෙයිනි .

    " හා තාත්ති .." මගේ උරයට හිස තබා නිදා හුන් ඇය පවසයි ..


    ඔක්කොමත් හරි , ඒත් මේ ටිකෙන් නම් සැකය වැඩි වෙනවා. මට ඉකි ගැහුනා සහන් ඇත්තටම

    ReplyDelete
  5. මේ පෝස්ටුවේ මුල් කොටස කියවන විට මට මතක් වුණේ මගේ අම්මයි තාත්තයි පොඩි කාලේ මාව වෙසක් බලන්න එක්කං ගියපු හැටි.......
    ඒත් මේ කතාවේ අවසානයනම් නෙතට කඳුලක් ගෙන එන අවසානයක්...

    ReplyDelete
    Replies
    1. ඔයා ගැන සතුටුයි මල්ලි ළමයි ලපටි ඉන්න අයටත්
      තේරුම් ගන්න බැරි දේවල් තාම O / L කරන ඔයා තේරුම් අරන් තියෙනවා.
      ගොඩක් පින් ...

      Delete
  6. කියන්න බැරු තරම් සංවේදී සිදුවීමක් සහන්.
    මම් මේල් එකක් එව්වා අර උඩ තියෙන silentsahan@gmail.com එකට. පොඩ්ඩක් බලාපියෝ.

    ReplyDelete
  7. මේක හදවත් අමාරු තියෙන අයට කියවන්න හොඳ නෑ. ෆට්ට. නලීන් අයියා කියුවා වගේම මේක නිර්මාණයක් පමණක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. gayan malli oyage comment ekatath me dema thamayi
      kiyanna thiyenne...

      ඔයා ගැන සතුටුයි මල්ලි ළමයි ලපටි ඉන්න අයටත්
      තේරුම් ගන්න බැරි ඔයා තේරුම් අරන් තියෙනවා.
      ගොඩක් පින් ...

      Delete
  8. සහන් අයියේ මෙ ලියල තියන එක පුදුම සංවේදියි>.
    ආදරේ සෙනෙහස උතුරල දොර ගියත් ලිපියෙ මුල හරියෙ

    //ටික වෙලාවක් බලා සිටි ඈ විරිඳු කියන මහතෙකු ලගට ගොස්
    " මාමේ මාමේ, මේ දහය ( මා බොම්බයි මොටයි ගැනීමට දුන් මුදලින් ඉතුරුව ඇයට ලැබුණු මුදල් ) ඇති වෙයිද දිව්‍ය ලෝකේ ඉන්න මගේ චූටි අම්මිට පින් සිද්ද වෙන්න කවියක් කියන්න ? " යැයි ඇසුවාය ..//

    මෙ ටික කියවල ඉවර උනා විතරයි කදුලු පිරිල ඇස් වලට වැටිලත් ඉවරයි.. සත්තයි මට ඇඩුනා :'(

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඒ වගේම පින් ඔයාට මේ දේ දැක්ක ගමන්
      ඔයා කල දේ ගැන ..ඔයාගෙත් හදවතේ සුවඳ අඳුන ගත්ත
      සමී මල්ලි... .

      Delete
  9. ඇහුනු බව සහතිකයි ..
    රුපියල් දහයේ පොඩි කවිය ..
    දිවිය ලෝකෙටම ...
    ඊට ටික වෙලාවකට පස්සේ ..
    කඩන් වැටුන ..
    පොද වැස්ස සාක්කියි ..
    චූටි අම්මිත් ..
    කඳුලු හැලුව බව ..
    දෝනිගෙ කවියට ... !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝස් හිතට දැනෙන දේ කීවට ..

      Delete
  10. මම මුකුත් නොකිය යනවට මෙදා පාර නම් සහන්ගෙන් ගුටි කන්න වෙනවා... හි හි...

    කියන්න ජාති තියෙනවා බං.. ඒත් නොකිය ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.. ඒක නිසා කියෙව්වා කියන්න මේ සටහන තියනවා...

    ReplyDelete
    Replies
    1. //ඈ කීවේය . - කීවා ය //
      //ආවේය .. - ආ වාය//
      //ඇවිද ගියාය - ඇවිද ගියෙමු//

      මේ ව්‍යාකරණ වැරදි ටිකත් හදපන් කොල්ලෝ..... තව කීපයක් තිබ්බා.. ඒත් ඒවා එච්චරම අවුලක් නෑ වගේ... මං පළවෙනි පාර නොදැක්කා වගේ ගියා... ඒත් ඔන්නොහෙ ආයිත් ඇවිත් කියන්න ඕනේ කියලා හිතුවා...

      Delete
  11. මචං මේක නිර්මාණයක්ම විතරක්ද ?, උබ මෙයිට ඉස්සර ( බ්ලොග් ලියන්න ඉස්සර ) ලියපු දේවල් කියවලා තියෙන නිසා පොඩි සැකයක් ආව මේක ඇත්තක්දෝ කියලත් , කොහොම උනත් නිර්මාණයක්ම පමණක් වෙනවනම් මම කැමැතියි ...

    ReplyDelete
    Replies
    1. \\\\උබ මෙයිට ඉස්සර ( බ්ලොග් ලියන්න ඉස්සර ) ලියපු දේවල් කියවලා තියෙන නිසා////

      හැම දෙනාම වෙනුවෙන් මන් මෙන්න මේ දේ අනුමත
      කරලා නිකන් ඉන්නවා...

      පුද්ගලිකව මගෙන් දුක සැප විමසු මිනිස් සිත් ඇත්තන්ට
      ගොඩක් පින් කියන්න විතරයි තියෙන්නේ මට..
      මතු ජාති ජාති ඔවුන් අතරම පමණක් මාව ඉපදේවා !

      Delete
    2. //හැම දෙනාම වෙනුවෙන් මන් මෙන්න මේ දේ අනුමත කරලා නිකන් ඉන්නවා...//

      අනේ මන්දා සහන්.... ඔයා වයන්ගයෙන් කියන සමහර දේවල් තේරුම් ගන්න හරි අමාරුයි..... මොනවා වුනත් මේක ඇත්තක් නොවේවා කියල හිතනවා.....

      Delete

    3. ඔය ප්‍රශ්නෙට මන් උත්තර දෙන්නේ කොහොමද සමනලී .
      මට පුළුවන් නම් මේල් එකක් දාන්න මේ පැටලුම ලිහන්නම් .
      ඒ කොහොම උනත් ඔයාගේ මනුස්ස කම තියෙන වචන
      වලට පින් ...

      Delete
  12. හ්ම්.. හරිම හැඟුම් බර ලිවිල්ලක් බං.. මේ වචන දෙක තුන ලියන්නත් මට සෑහෙන වෙලාවක් ගියා.

    ReplyDelete
    Replies

    1. එක තමයි චන්දන මිනිහෙක්ගේ වේදනාවක්
      තේරුම් ගන්න මිනිහෙක්ම වෙන්න ඕනේ..

      Delete
  13. උඹ අතින් මේ වගේ පෝස්ට් ලියවෙයි කියලා මම හිතුවෙ නෑ. මමත් කියෙව්වා කියලා විතරක් ලියන්නම් මචං.

    ReplyDelete
    Replies
    1. මෙහෙම දේවල් හන්ගන්ම ඉන්න එකද කරන්න
      ඕනේ ?

      Delete
    2. මේක අත්තක් නෙමේ නේද අයියේ ? :o

      Delete
    3. මෙන්න මේ පොස්ට් බලන්න නිහඬ සිතුවිලි .... ඔයාට පැහැදිලි වේවි .........

      ළන් වීමක මිහිර ..!

      Delete
  14. ප.ලි. නොදැක්කනම් මටත් ඇඬෙනවා. ඒත් මේ කාගේ හරි අත් දැකීමක්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ මහ පොළොවේ වෙන දේවල් මේ ..

      Delete
  15. ප.ලි.පුවත් පතක දුටු සිදුවීමක් ඇසුරින් ලියවුනෙකි.

    හම්මේ මේ කොටස දාපු එක කොයි තරම් දෙයක්ද . .

    ReplyDelete
  16. හරිම සංවේදී සිදුවීමක්...

    ලස්සන රතු රෝස මලක හිතේ ගින්න දුටුවා
    දිව් සෙස් හිමි මෑණියන්ට පිං දෙන්නට හැදුවා
    අනේ අම්මේ ඔබ කොතනද කිය කිය ඇය ඇහුවා
    මේක දැකපු මගේ නෙතටත් කඳුළු බිඳක් ඉනුවා

    CSK LANKA

    ReplyDelete
    Replies

    1. ගොඩක් ස්තූතියි මල්ලි ..අර උඩ මල්ලිලා දෙන්නට
      කියපු දේ ඔයාටත් එහෙමම කියනවා .මන් හිතන්නේ මිනිස්සු
      ලොකු වෙන්න වෙන්න තමයි අමනුස්සයෝ වෙන්නේ...

      Delete
  17. ඇත්ත සිද්ධියක් නෙමෙයි කිව්ව හින්දා හිත හදාගන්නවා ඔන්න. හරිම සංවේදී කතාවක් සහන්. ඒ උනාට අර පින්තුරේ ඉන්න ලස්සන පොඩි කෙල්ල කවුද?

    ReplyDelete
  18. සංවේදී සටහනක්. නිර්මාණයක් පමනක් වේවා කියලා පතනවා !

    ReplyDelete
  19. මොනව කියන්නද මන්දා . ඊයේ කියවල ගියාට මුකුත් කිව්වේ නැත්තේ ඒ හින්දයි. මොකටද පොඩි දරුවාගේ පින්තුරයක් දැම්මේ .

    ReplyDelete
  20. කතාව කියවගෙන ආවේ බයකින්...කොයි වෙලාවෙ හරි මොකක් හරි නරක දෙයක් වෙයිද කියල හිතුන නිසා. කියන්න දෙයක් හිතාගන්න බෑ..ඇත්තටම ඒ තරම්ම සංවේදී නිර්මාණයක් සහන්.

    ReplyDelete
    Replies

    1. අන්න ඒක තමයි චම්ස් තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ එක
      සීමාවක් තියෙනවා , එතනින් එහාට මිනිහෙක්ගේ හිත හදන්න
      සුන්දර වචන වලට බැහැ .ඒ මිනිහ ඉවරයි .ඒක හැමෝම
      තේරුම් ගන්න ඕනේ .මොකද ගොඩක් පිරිස මුකුත් නොදැන
      කට මැද දොඩවන්න විතරයි දන්නේ ...
      ඒ උනාට ආයේ කතා කරන්න දෙයක් නැති නැති සිදුවීම් වෙනවා
      මේ ලෝකේ ..

      ඔන්න ඔය ඇත්තයි මට කියන්න ඕනේ...

      Delete
  21. කොමෙන්ට් දෙක තුනක් ලියලා මැකුවා. මට තේරෙන්නේ නැති නිසා මම එහෙම අහන/ කියන එක උඹට කොහොම දැනෙයිද කියලා. මම මෙහෙම කරන්නම් මම මේකත් කියෙවුවා කියලා විතරක් කියන්නම් හැමදාම මෙහෙම දේවල් ලියපු දවසට.

    ReplyDelete
  22. නැහැ නැහැ සරත් අයියේ කිසිම දෙයක් මකන්න එපා..ජාති වාදී වගේ නැති අනික්
    ගොඩක් දේවල් එලියට එන්න ඕනේ .මෙතන ඕනේ දෙයක් කියන්න , එහෙම නැත්නම්
    මගේ මේල් එකට එවන්න..මන් මේ ලිවිල්ල කරනවා.මොකද මේවා තව තව හංගන්
    ඉන්න ඕනේ නැහැ අපි.නේද ?

    කොච්චර නම් ඇත්ත වැළලිලා ඇත්ද පස් වලට ?
    ඒ වගේම කොච්චර ඇත්ත සුදු පිරුවටින් වහල ඇත්ද ?

    ඒ නිසා කියන්න ..දැන් නොකීවොත් ආයේ ඔයාට අවස්ථාවක්
    එන්නේ නැහැ ....

    karunakarala hama dema kiyanna....

    ReplyDelete
  23. මම නැති උනොත් මගේ පොඩිත්තිටයි එයාගේ තාත්තටයි ඔහොම වෙයි දෝ හිතුන අනේ මේකට අඬුන. සවේදී නිර්මාණයක්.

    ReplyDelete
    Replies

    1. හ්ම්ම්ම්ම්ම්ම්ම් මටත් දුකයි මෙහෙම දේවල්
      ලියන්න උනාට .ඒ උනාට මෙහෙම දේවල් තව
      හංගන් ඉන්නේ මොකටද ? කාට හරි දැනගන්න
      මන් මේවා ඔක්කොම ලියල තියනවා...

      Delete
  24. වෙන මොකට නැති වුනත් තනිවෙච්ච පොඩි උන් ගැන අහන දකිනකොට නම් කඳුලු එනව.. මේ සිද්දිය ඔයාට/අපිට අපි දන්න කෙනෙකුට නොවෙච්ච දෙයක් නිසා අපි හිත සනස ගත්තට ඇත්තටම මේකට මූන දෙන තාත්තල අම්මල කොච්චර මේ ලෝකෙ ඉන්නවද? අම්මයි තාත්තයි දෙන්නම නැති පොඩි දරුවන් ගැන... ඒ දරුවන්ගේ හිත්වල මොන දුකක් ඇද්ද? නාකි අපි මේ සීනීබෝල දේවල් වලට කලකිරිල හෙන ටෝක්ස් දෙන එක විකාරයි කියල මට හිතෙනව මෙන්න මේවගේ දේවල් දකිනකොට..

    ReplyDelete
  25. \\\ඒ දරුවන්ගේ හිත්වල මොන දුකක් ඇද්ද? නාකි අපි මේ සීනීබෝල දේවල් වලට කලකිරිල හෙන ටෝක්ස් දෙන එක විකාරයි කියල මට හිතෙනව මෙන්න මේවගේ දේවල් දකිනකොට.. ///


    ඒක තමයි පැතුම් දරුවෙක්ගේ කඳුළු වත් තේරුම් ගන්න බැරි
    තැනක අපි ඉන්නේ.

    හේතුව ?

    අහ් ඒ අපේ පොඩි එකා නෙවේනේ.

    මට නම් කාගේ දරුවත් දරුවා .මෙතන 100% මට එළිපිට කියන්න බැරි
    දේවල් තියෙනවා පැතුම්.ඒ උනාට මට නම් දැන් තව තව මේ බොරුව සුදු
    රෙද්දෙන් වහන් ඉඳල ඇති වෙලා .ඔයා හරියටම තේරුම් ගත්ත පැතුම් .
    අනුන්ගේ කඳුළු දැනෙන්නේ නැහැ , මොකද අපේ ඇහෙන් නෙවේනේ ආවේ..

    ReplyDelete
  26. Replies
    1. ow sanjaya , mehema dewal nam
      katawath enna honda naha...

      Delete
  27. කඳුලක් කියන දේ ඇහැකින් උනන්නේ ..තමන්ගේද අනුන්ගේද කිය නඑක මත නෙවෙයි...ඒ තමන්ට දැනෙන පරාසයයි...අපිට තව කෙනෙක්ගේ දුකක් දැකල ඇහැට කඳුලක් එනවා නම්..අපි සංවේදී මිනිස්සු..ඒත්..අද ඉන්න ගොඩක් අය රුපවාහිනියේ මෙගා කතා වල ඉන්න නළු නිළියන්ගේ වෙන්වීම් වලට හඬා වැටුනත්..තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න කෙනෙක් ගේ දුකට හඬන්නේ නැහැ..අපේ ලෝකය දැන් අන්න ඒ වගේ වෙලා...වරද කොතනද මට හිතාගන්න බැහැ...

    නමුත් සහන්...මට පතන්න තියෙන්නේ එකම ඒක දෙයයි..ඒ මෙවන් වේදනාවක් දරාගෙන ඉන්න ඒ තාත්තටත් දෝණිටත්...හිතේ ගිනි නිවෙන දවසක් වේවා කියලා...ඒ දෝණි ලොකු දැරිවියෙක් වෙලා..තාත්තවත් බලාගෙන...ලස්සන ගමනක් යනවා නම්...ඊට එහා මම නම් වෙන මොකුත් පතන්නේ නැහැ....

    ReplyDelete
  28. \\\රුපවාහිනියේ මෙගා කතා වල ඉන්න නළු නිළියන්ගේ වෙන්වීම් වලට හඬා වැටුනත්..තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න කෙනෙක් ගේ දුකට හඬන්නේ නැහැ..අපේ ලෝකය දැන් අන්න ඒ වගේ වෙලා...වරද කොතනද මට හිතාගන්න බැහැ...////

    මේ දේ නම් තදින් හිතට දැනුන කළු සුදු .මේ දේවල් වලට කියන්න නම්
    වචන නැහැ මා ළඟ.ආටෝපේ නේද ඒ තියෙන්නේ ? තමන් සංවේදී කියල
    පෙන්නනවා..ඒත් ඇත්තට දෙයක් වෙද්දී හැංගෙනව හොර රහසෙන් .මේ
    එකට කාල හිටපු මිනිස්සුම එහෙම කරද්දී තමයි උහුලන්න බැරි .



    \\\නමුත් සහන්...මට පතන්න තියෙන්නේ එකම ඒක දෙයයි..ඒ මෙවන් වේදනාවක් දරාගෙන ඉන්න ඒ තාත්තටත් දෝණිටත්...හිතේ ගිනි නිවෙන දවසක් වේවා කියලා////
    ඔයාගේ කරුණාවන්ත වචන වලට ගොඩක් පින්..
    ඔයාටත් ඔයාගේ පවුලටත් වාසනාවන්ත ජීවිතයක් ප්‍රර්ථනා කරනවා..


    \\\\.ඒ දෝණි ලොකු දැරිවියෙක් වෙලා..තාත්තවත් බලාගෙන...ලස්සන ගමනක් යනවා නම්...ඊට එහා මම නම් වෙන මොකුත් පතන්නේ නැහැ..../////

    ඇත්තටම ඊට එහා වෙන මුකුත්ම ඕනේ නැහැ .ඒ දේ හොදටම ඇති..
    තව තවත් දෛවය හරස් නොවුනොත් හොඳයි ..

    ReplyDelete
  29. දැනුයි මේ පොස්ට් එක දැක්කෙ.. කියන්ඩ වචන නෑ. උපරිම සංවේදීයි.. කියාගන්න දෙයක් එන්නෙ නෑ. ඒ කතාවෙ අනාගතය සුන්දර වේවායි පතන්නම්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සනත් ඔහොම වෙන්නේ ඔයා පපුවක් තියෙන
      කෙනෙක් නිසා..එහෙම අය නැති අද ලෝකේ ඔයාල වගේ
      අය ඉන්න එක ගැන ගොඩක් සතුටුයි..
      මේ කතාව කියෙව්වම පපුව රිදුනා නේද ?
      එත් ගොඩක් අයට ඔහොම වෙන්නේ නැහැ ...


      ස්තූතියි දැනෙන හැංගීම කිව්වට, ඒ වගේම පැතුමට ගොඩක් පින්...

      Delete
  30. උඹ සමහරවිට දන්නවා ඇති මම මේ ලිපිය දවස් කීපයකට කලින් කියවපු බවත් මේ ලිංකුවක් මගේ බ්ලොගේ දාල තිබ්බ බවත්. ඒත් මම කමෙන්ට් කලේ නෑ. අද මම මේක කියෙව්වේ තුන්වෙනි වතාවට. ඒත් මම කමෙන්ට් කරන්නේ නෑ මේ ලිපිය ගැන. මගේ දුවගේ වයස අවුරුදු 2යි කියල විතරක් කියන්නම්.

    දවස් ගාණකට කලින් ස්කයිප් එකට එව්ව රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපං පුළුවන්නම්.

    ReplyDelete
  31. හරි මචන් මන් බලන්නම් .මන් සෑහෙන කාලෙකින් ස්කයිප් ලොග් උනේ නැහැ.
    මොනවා වෙලාද දන්නේ නැහැ ඒ පැත්තේ.මන් ඉවසල ඉවසල බැරිම තැන මේ
    දැම්මේ මචන්.මොකද සමහර දේවල් තියෙනවා රෙද්ද කඩලම පෙන්නන්න
    ඕනේ දේවල් .

    ඒකයි මන් මේ පෝස්ට් එක අයින් කරන්නැත්තේ .බ්ලොග් වලින් ලෝකේ වෙනස්
    කරන්න මට ඕනේ නැහැ , ඒක උබටත් තේරෙනවා ඇති.ඒත් බන් මෙහෙම හරි
    අපි පණිවිඩයක් දෙන්න ඕනේ නේද මේ හිත් පිත් නැති මිනිස්සුන්ට ...
    අනිත් දේ මන් හොදට බැලුව මචෝ , මේ කතාවට සමහරුන්ගේ

    ......................


    ඕනේ නැහැ අල්ලලා දාන්න..ඒත් උබේ හිතේ සුවඳට පින්..
    උබෙත් උබේ චූටි මැණිකගේත් පවුලේ හැමෝටමත් වාසනාවන්ත
    අනාගතයක් ප්‍රර්ථනා කරනවා ...

    ගොඩක් පින් ඔය වචන වලට...

    ReplyDelete
  32. නිශ්ශබ්දව නිබඳව ශෝකය අපේ තනියට හිටියත්
    දුක ඉහිලීමේ සීමාවන් ඉක්ම ගියා..

    සහන් එලියක් සොයා අරමුණක් නැති ගමනක යෙදෙමි,
    මෙලෝ උපන් කිසිම සත්වයෙකුට
    දුකක් ප්‍රාර්තනා නොකරන අපටම ඇයි මේ?
    ලෝකය නෙක පාට පාටවලින්
    නෙක සුවඳින්
    නෙක ආදරයෙන්
    ග්‍රහණය කරනා වයසේ පසුවන
    ඔබ සුදු චූටි දුවණිය ලඟ
    ආදරයේ ස්පර්ශයේ ස්මරණය තබා වෙන් වූ ආදරිය,
    ඇයි මෙතරම් ඉක්මනින් ගියේ ?
    අදත් මගෙන් ඇහුව
    අපි දෙන පින් අරගෙන
    අම්ම කවදද සෙල්ලම් බඩු අරගෙන එන්නෙ කියල.

    මට තවදුරටත් මේක දරාගන්න බෑ රත්තරන්,

    ඔබ සතුටින්ද?

    ReplyDelete
  33. මටත් හිතාගන්නත් බැහැ තව තව
    දරගන්නත් බැහැ බතී.ඇත්තටම මන්
    දන්නේ නැහැ එක දිගට අඬනවා මිසක් ..
    මගේ හයිය ඉවර වේගෙන යන්නේ....
    ඔබට පින් වචනයක් කීම ගැන .......

    --

    ReplyDelete
  34. අනේ මන් දන්නේ නැහැ සහන් ඔයාගේ පොස්ට් මගේ බ්ලොග් රෝලේ උප්දටේ වෙන්නේ නැහැ. අද අපහු manually ඇද්ද කළා. ෆොලොවෙර් එකකුත් දැම්ම දැන් බලමු.

    මේ පොස්ට් එකට මට කොමෙන්ට් කරන්න අමාරුයි සහන්. ඉතාම සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි පුළුවන් තරම් කාලයක්
      මගේ හයියෙන් උහුලන් ඉන්නවා අයියේ..
      වෙන මොනවා කරන්නද ...
      ස්තූතියි ඔයාගේ වචන වලට...

      Delete
  35. මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා..මේ ඔව්.. මම අඬනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් මොනවා කරන්නද අප්සරා..
      ජීවිතේ තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ
      වෙනවා සමහරුන්ගේ....

      Delete
  36. සහන්... මගේ ලිපියට දැම්ම කමෙන්ට් එකෙනුයි මේ පැත්තට ආවෙ.. අර තාත්තගෙ නිසල දේහයත් එක්ක 02 වෙනිදා බලංගොඩ ගිය අපි අවසන් කටයුතුත් ඉවර වෙලා එද්දි ඊයෙ රෑ 12 යි.... අම්මගෙයි, දූල හතරදෙනාගෙයි කදුළු වැළපීම් එක්ක ගෙවුණු මේ දවස් දෙක දරා ගන්න එක හරිම අමාරු දෙයක් උණා...
    ඒ අතරෙ මේ කතාව ඇස්වලට කදුළු ගෙනාවා...
    මේ ලිපියයි... කමෙන්ට්ස්වලට දීල තියෙන පිළිතුරුයි බැලුවම හිතෙනවා... මේ පත්තරේක ගිය කතාවක් විතරක්ම නෙමෙයි කියල... ඔබත් ජීවිතේ බොහෝ දේ දරාගෙන ඉන්න බව දැනෙනවා... ඒ දරා ගැනීමේ ශක්තියට නිමාවක් නොවේවා කියල මම ප්රාටර්ථනා කරනවා..
    අද දරා ගැනීමේ කඳුළු හෙට සැනසුම් සුසුමක්, සැනසුම් සිනාවක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. ඔයා ගොඩක්ම කාලේ ගෙවන්නේ පුංචි දරුවෝ එක්ක නිසා තවත් සංවේදී වෙන බව තේරෙනවා මේ පෝස්ට් එක එක්ක තරුරිසි...අනේ මන්දා අම්මා ඉල්ලලා අඬන දරුවෙක් දිහා නම් බලන් ඉන්න බැහැ..එච්චරයි මම දන්නේ ..දැරුවා නිසාම ජීවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා තරුරිසි..මේ වචන ටික කිව්වට ගොඩක් පින් ඔයාට..

      Delete
  37. හ්ම්ම්ම්

    චූටි අම්මි දිවිය ලෝකේ නෙමෙයි ඉන්නෙ මයෙ හිතේ....

    කොහොම උනත් හිතට තදේට දැනුන
    වචන ටිකක්.

    අදාල චරිතය කියවනව නම් මේක.
    ජීවිතේ ඔහොම තමා ඉතින් ලැබීම් නොලැබීම් වගේම
    සමහර දේවල් වලට අපිට කැපකකරන්න වෙන දේවල වටිනාකමත් ගොඩක් වැඩියි.
    ඉතින් ඕවට මූන දෙන එක තමා ඉතින් ජීවිතේ.

    කොහොම උනත් මම පුද්ගලිකව ගොඩක් දුරට හිතලා ගතිපු තීරනයක් ගැන සතුටු හිතුනා මේක කියෙවුවම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා මේ වෙනුවෙන් වචනයක් හෝ කීම ගැන...සමහර දේවල් වලදී පුදුම අසරණයි..ඒවා කියාගන්න බැහැ..කිව්වත් වැඩකුත් නැහැ...කෙසේ හෝ ජීවත් වීම ඇර වෙන කරන්න දෙයක් නැහැ කියලා දන්නවා ... දරුවගේ හිතේ ඇති වුණු හිස් තැන වහන්න පුළුවන් හැම දේම කරන්නයි ඕනේ.. එයාට වයස 20 වගේ වෙනකම් ගොඩක් ලෙන්ගතුව ඉන්න ඕනේ...අම්මගේ අඩුව පුරවන්න බැහැ කියලා දන්නවා , ඒත් පුළුවන් තරම් ආදරය උණුහුම දෙනවා..ඒකෙන් විතරයි පුළුවන් එයාව ජීවත් කරවන්න...

      ස්තූතියි ඔබට ..මා සමග පුද්ගලිකව කතා කරන්න යමක් ඇත්නම් කරුණාකර මේල් මගින් හෝ ස්කයිප් මගින් අමතන්න..ඒ වගේම ඔබේ අද්දකීමත් බෙදා ගන්න හැකි විදිහට...

      Delete
  38. මේ ලිපිය මම දැනුයි කියවල ඉවර කළේ.මම බෙහෙවින්ම කම්පනයට පත් කළ ලිපියක්.ඇසට කදුළු ආපු නැති ටික විතරයි.ඒත් මගෙ සිතේ ඇතිවුන ශෝකාකූල බව තව දවසක් දෙකක් යනතුරු පවතීවි.

    මේවගේම ටික දිනකට පෙර මාව කම්පනයට පත් වුනා තරුණ බ්ලොග්කරුවෙකුගෙ මරණය ගැන ලිපිය කියෙව්වට පස්සෙ.ඔහුගේ නිවුන් සොහොයුරාගෙ මරණය ගැන කවි පන්තියක් ලියල ඊට පස්සෙ ලිපිය ඔහුගෙ අවසානය.ලිපි දෙකේම කොමෙන්ට් කියවගෙන යනකොට පුදුම ශෝකාකූල බවක් ඇතිවුනා.ඒත් මට දැන් ඊටත් වඩා දුකයි මේක කිවෙව්වට පස්සෙ.කොහොමටත් මම හුගක්ම සංවේදියි.මේ තාත්තගෙයි දුවගෙයි කතාව මට විටින් විට මතක් වෙමින් මගෙ හිත පාරවාවි.පුදුම හිස් බවක් දැනෙනවා.අනේ අර පුංචි දුවට මතක් වුන දේ නේද? පවු දෙයියනේ

    නැව් ගමනාගමනය ගැන අළුත්ම ලිපියට ඓතිහාසික කරුණු ගැන කොමෙන්ට් එකක් දාන්නයි හිතුවෙ.මේක බැලුවෙ අහම්බෙන්.මට දැන් වෙන කොමෙන්ට් දාන්න මානසිකත්වයක් නෑ.දැන් හිත හදාගන්න බෑ.මම කොහොමත් කදුල ඇස අද්දර තිබෙන කෙනෙක්
    මම නම් හිතන්නෙ විරහවේදනාව ,ඒ කියන්නෙ ප්‍රියයන්ගෙන් වෙන්වීම තරම් දුකක් මේ ලෝකෙ නෑ කියලයි.

    ReplyDelete
  39. " මාමේ මාමේ, මේ දහය ( මා බොම්බයි මොටයි ගැනීමට දුන් මුදලින් ඉතුරුව ඇයට ලැබුණු මුදල් ) ඇති වෙයිද දිව්‍ය ලෝකේ ඉන්න මගේ චූටි අම්මිට පින් සිද්ද වෙන්න කවියක් කියන්න ? " යැයි ඇසුවාය ..//
    මට මේ වාක්‍ය දෝංකාරයක් වගෙ ඇහෙනවා සහන් .ඒකයි ආයෙත් කොමෙන්ට් කළේ.ඔබටත් දුවටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.ඔබේ ජීවිතේ දුක් තනිවම විදදරාගන්න එපා.ඒව අපිටත් දීල බෙදා හදා ගන්න.බ්ලොග් ලෝකෙ කොයි තරම් සංවේදී මිනිස්සු ඉන්නවද කියල මට හිතුනෙ උඩ කොමෙන්ට් කියවන කොට.
    ඔබ වගෙ සාර්ථක පුද්ගලයෙක් මෙහෙම ආර්ථිකව වැටුන එක මට ප්‍රහේලිකාවක්
    ඇය ඔබෙන් වෙන්වුන අනුවේදනීය කතාව කොහොමද?

    ReplyDelete
  40. හිතට දැෙනන සංෙව්දී කථවක් . අහම්බෙන් දැක්ෙක්. මටත් පුංචි දු පැටිෙයක් ඉන්ෙන්. ජිවිතය හරි පුදුමාකාරයි.

    ReplyDelete
    Replies
    1. ෙලාෙක් අපි දන්නාවට වඩා ෙගාඩාක් සංෙව්දී මිනිස්සු ඉන්නවා.ෙම් ලිපිය කියවනෙකාට ඒ් බව දැෙනනවා.

      Delete
  41. මාරයි සහන්, මාරයි.... වෙන වචන එන්නෙ නෑ ලියන්න.

    ReplyDelete
  42. මව් සෙනෙහසේ වටිනකම උපන් දවසෙ ඉදින් මැරෙන තුරාවට අමතක වෙන්නෙ නැහැ.
    මම හිතන්නෙ ජීවත් වෙන මව ගැන හිතනවාට වැඩියෙන් දිව්‍යලෝකේ ඉන්න අම්මා ගැන අපි හිතන තරම් දුක්වෙන් තරම් කියන්න වචන නැතුව ඇති.
    අම්මා ජීවත් වෙන කාලේ මට දැනුනේ නැහැ අමම මගේ ජීවිතයට මේ තරම්ම අවැසි බවක්. අම්ම නැතීව ජීවත් වීම ජීවිතය ගෙවා ගැනීම මේ තරම්ම් අමාරු බවක්

    ReplyDelete
  43. අනේ මන්ද සහන් ..අද තමයි මේ පෝස්ට් එක දැක්කේ.
    කඳුලු නවත්ත ගන්න කොච්චර උත්සහ කලත් බැරිඋනා.
    අපේ "ඇවිද්ද පය" ලියන සුදීකටත් මේ සමාන ජීවිත අත් දැකීමක් තමයි තියෙන්නේ.
    ඒක නිසා අඩුම ගානේ මේ තාත්තටයි දුවටයි හිත හදාගත හැකියි මේ විදිහට දයිවය කුරිරු උන තවත් තාත්තල දුවල ඉන්නව කියල.

    ReplyDelete
  44. ඉඳලා හිටලාවත් අනිත්‍යය මෙනෙහි කරන්නට මෙවැනි දෑ වැදගත් වෙනවා. ඒ පරමාර්ථය ඉෂ්ඨවී ඇති බව පාඨක අදහස් වලින් පෙනෙනවා. ආවොත් යන්නට වෙනවා. නෑවිත් යන්නව නොහැකිය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  45. දෝණි හරිම හැඩයි.... මේක ඔයාගේම අත්දැකිමක් නෙවි වෙන්නැති කියල හිතනවා.

    ReplyDelete
  46. මේ ගැන වචනයක් හරි කියපු සියලු දෙනාටම ස්තූතියි....මම මේ බ්ලොග් එක පටන් ගන්න හේතු උනෙත් මගේ ජීවිතේ තිබුණු සමහර සිදුවීම් අමතක කරගන්නයි... මේ බ්ලොග් එකේ ඇති දේවල් බොහෝමයක් හිතට සමීප දේවල් ......

    ReplyDelete
  47. ශාන් ..................................................................

    ReplyDelete
  48. දෛවයේ තවත් එක් සරදමක්. ආවොත් යන්නම ඕනේ තමයි, ඒත් ඕනේවටත් වඩා කලින් යන එක............
    අනේ මෙහෙම තනිවීමක් හතුරෙකුටවත් වෙන්න එපා.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !