දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

January 20, 2013

අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන් ( කැපකිරීම් , පරිත්‍යාගය සමග තව මෙව්වා ගොඩක් )


ෂෙරිල් යනු ඇත්තෙන්ම පිරිමි සිත් මත් කරවන රූපයකින් හෙබි වයස අවුරුදු
19 පමණ වන දගකාර යුවතියකි. මේ නිසාම ඇයට තම ආදරය පතා එන පෙම්වතුන් 
ගෙන් නම් අඩුවක් නොවිණි .නමුත් මේ සියල්ලන් පසෙකට කර ඇය ශාන්ගේ අත
ගත්තේ ඇත්තෙන්ම ශාන් යනු දක්ෂ, කඩිසර, නිර්භීත  ඇයගේම වයසේ පසුවු තරුණයෙක් නිසාය.

මෙහි ක්‍රියාත්මක වන ගීතය සමග ඔබට මෙම පෝස්ටුව කියවීමට හැකි නම් කෘතඥ වෙමි .

***************************
 
*****************************



දෙදෙනා අතර ඉතා නොබෝ කාලයකින්ම ආදරය දළු ලමින් වැඩිණි , ඒ හා සමානවම ශාන්
කල  කී ව්‍යාපාරද සාර්ථකත්වයේ ඉහලටම යමින් තිබිණි .ඔහු ව්‍යාපාරයේ අති දක්ෂයෙකි .
හරියටම ඉලක්කය බලා ප්‍රවිෂ්ඨ වී , ජය කිරුල අතැතිව ඉවත් වීම ඔහුගේ ක්‍රමයයි .


එම ක්‍රමය ෂේරිල්ද වටහාගෙන තිබිණි ,එසේම තමාද ඔහුගේ එක් ජයග්‍රහණයක් වූ බව ඈ
හොදාකාරවම දැන සිටියාය.


වසර දෙකකට පසු ඔවුන් විවාහ ජීවිතයට වැද අඹු සැමියන් සේ තමන්ගේම කැදැල්ල්ලක පදිංචියට
ගියේය.මේ වන  විට මොවුන්ට මුදල් අතින් අගහිගයක් නොවුයේ දෙදෙනාගේම සහයෝගයෙන්
ව්‍යාපාර කටයුතු කරගෙන යාමයි. ශාන්ගේ වෙහෙසකර දිවියට ඇය විටක යෙහෙළියක් වීමටත් ,
විඩාවට සිත් තැවුලට පත් වන විට මවක මෙන් ආලය පිදීමටත් ෂෙරිල් කිසි විටක මැළි නොවීය .
විටෙක මහා ප්‍රතාපයෙකු මෙන් අන්‍යන්ට විධාන පනවන ඔහු තුල ජීවත් වන හුරතල්
අහිංසකයා ඈ හොදින් පිළිගත්තේය, ලැමට තුරුලුව නිදනට හැරියේය .



මෙලෙස  කාලය කෙමෙන් කෙමෙන් ඇදී ගියේ අඳුරු යුගයකටය .ශාන් පාවාදීමකට හසු විය.
ඒ වන විටත් ඔහුට ගැලවෙන්නට බැරි ලෙස ඔහුගේ හයිය අහවර වී ගියේය .ව්‍යාපාරයෙන්
ව්‍යාපාරය ඔහු නවතමින් ,ඉවත් වෙමින් බර සැහැල්ලු කර හැරියේය ..එහෙත් එයද ප්‍රමාණවත්
නොවීය .අවසන  කෑම බීම වත් සපයා ගැනීම මොවුනට ප්‍රශ්නයක් වන මට්ටමට ශාන් ඇදවැටිණි .


පෙර තම අති සුකොපබෝගී ජීප් රථයෙන් නිවසට පැමිණෙන විට කිරිල්ළියක මෙන් මිදුලට
දිව ආ
තමා මුළු ලොවටත් වඩා
ආදරය කල ඒ සුන්දර කිරිල්ලිය,


අද කුසට අහරක් නැතිව සුදු මැළි වූ මුහුණින් යුතුව

" පරිස්සමෙන් ගිහින් එන්න රත්තරන් "

යනුවෙන් ශාන් නිවසින් පිටවන විට කියූ අයුරු ඔහුට තබන පා  පියවරක් පියවරක් ගානේ
 සිහියට නැගෙන්නට විය .


මේ වන විට ශාන් ගේ මිතුරෙකු වූ  විසල්  තම මිතුරා පත්ව ඇති තත්වය වටහා ගෙන සිටියේය .
ඔහු හැකි පමණ ශාන් මේ සිත් තැවුලෙන් මිදවීමට කටයුතු කළේය . මුදල් අත මාරු පවා සිදු විය .
ඒ මුදලින්

 තම කිරිල්ලියගේ කුස පිරවීම ඇර අන් යමක් ශාන් නොකළේය .



මිතුරා නිවසටද  පැමිණ කරුණු වටහා දෙයි , ෂේරිල්ද ඔහු හා එක්ව ශාන්ගේ හිත සැනසවීමට නොයෙක්
දේ පෙළගස්වයි .


**නමුත් සිදුව ඇති සියල්ල දන්නේ ඔහු පමණි **



ඔහු ඇත්තෙන්ම වැටී අවසානය .කල හැකි කිසිවක් ඔහුට හිතා ගත නොහැකි ලෙස වැටී අවසානය.
ෂෙරිල් ඉදිරියේ ඔහු තව තවත් අසරණ වෙයි.




" මගේ ෂෙරිල් කෙල්ල එයාගේ කඳුළු හංගන් පපුවෙන් වැලපෙනවා " ඇස් පියා ගන්නා සෑම විටම
 තදින්ම ඔහුට වද දෙන්නට වන්නේ මෙයයි ..



පෙර දිනක තම මිතුරා නොවන්නට ඇයට උපන් දිනට පුංචි ගවුම් කෑල්ලක් හෝ දීමට නොහැකිව
යනවා නොවෙදෝයි දැනෙන විට ,

තම පපුව මත ඒ වන විටත්  පුංචි දෝණියක මෙන් බඩගින්නේ නිදන ඇයව දකින විට,

කඳුළු පිරුණු නෙතින් යුතුව තුරුළු කර ගනු විනා ඔහුට වෙන කල හැකි යමක් නැති බව දැනෙන විට ,


මේ අහිංසකයාට
තවත් ඉහිලුම් නොදෙන්නේය ..

" මගේ පැටියෝ මට සමාවෙන්න " යැයි හඩමින් ඔහු මුළු රෑම එදා  ශේරිල්ගේ ඇකයෙහි හිස තබා
 ඉකි බින්දේය ..


ආදරයෙන් මුසපත්ව , දගකාර යව්වනයෙන් යුතුව ගෙවූ අනේක රාත්‍රීන් හි, සිහිනෙකින් හෝ
 නොපැතූ දෙයක් අද ඔවුන්ගේ රාත්‍රිය වෙළා  අවසානය.....


ඇයටද මේ ලෙස හඬන තම සිඟිත්තා දකින විට තව තවත් වාවා ගත නොහැක.දිගු කාලයක්
තිස්සේ ඉහිලු බර





මේ ලෙස ඔවුන්ගේ රැය පහන් කළේය...



  


To be continued  ......

66 comments:

  1. හරිම අනුවේදනියයි....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද නලීන් හැම දේම හැම දාම
      හොඳින් වෙන්නේ නැහැ .වරදින දාට මිනිහෙක්ට
      වරදිනවා වැටෙන්න වැටෙන්න ...

      මේකේ මීළඟ කොටස එනවා..ඉවර නැහැ ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. සිංදුවත් එක්කම කතාව යන නිසා හරිම දුකක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ගයාන් මල්ලි ටිකක් හෙමීට කියෙව්වොත් හැම
      වයලීන් පාර්ට් එකක් උනත් යන්නේ කතාව එක්ක.
      මේක ලියපු කෙනා නිසා මට ඒක නොදැනුනත් , පලවෙනි
      පාර අහද්දී නම් අප්සට් ගියා මාවත් ..
      ස්තූතියි මේ පැත්තේ ආවට ..නැවත එන්න ..

      Delete
  3. කතාව සංවේදීයි.

    මේ සින්දුව තියෙන චිත්‍රපටය බලලා තියෙනවා. හරිම ලස්සන සින්දුවක් වගේම චිත්‍රපටයත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි මාත් හරිම කැමති ෆිල්ම්
      එකක් මේ සින්දුව තියෙන ෆිල්ම් එක .
      ඒත් ලගකදී ( අවුරුදු 8 විතර )
      බලල නැහැ.මේ ෆිල්ම් එක හදල තියෙන්නේ
      1975 රංග පාන නිළිය ලක්ෂ්මි .දරුවෙක් එක්ක
      තනි වෙන සිදුවීමක් නේද වෙන්නේ අන්තිමට ?
      මේ සින්දුව ඇහීමත් එක්ක මාව නම් ලොකු අතීතෙකට
      යනවා...
      අමතක කල යුතු අතීතෙකට ...

      ස්තූතියි ඇවිත් ගියාට ..
      ( ඔයා මගේ කලින් පෝස්ට් එක
      දැක්කද? හිනා යන එකක් )

      Delete
  4. ගීතය නම් මල් හතයි. මම ආසම ගීතයක්.
    ජූලී...... හෝ ... අයි ලව් යූ............
    කතාවට ගැලපෙන් ගීතය ඔබ තෝරාගෙන තිබෙනවා.
    ජූලී....ම් ..ම්.. ම්.. ජූලී ලව් යූ.......

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි වේද මහත්තයා මන් මේ දවස් 4 තිස්සේ
      මේ සින්දුව අහනවා එක දිගට .ඒ තරම් කැමතියි.මේක
      auto-play කරන්න player එකක් නැති නිසයි මේ තරම්
      ප්‍රමාද උනෙත් පෝස්ට් එක.අනිත් දේ මේ සින්දුවේ එකම
      මෙලඩි එකට යන රෙකොර්ඩින්ග් ගොඩක් තියෙනවා.
      සමහර ඒවා මේ දැන් play වෙන එකේ තරම් හිතට දැනෙන්නේ
      නැහැ.ඉතින් ගොඩක් මහන්සි වෙලා තමයි මේ හැම දේම
      එකතු කරගත්තේ පෝස්ට් එහෙකට ...
      ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට වේද මහත්තයෝ...

      Delete
  5. මගෙ සිංදු ලිස්ට් එකේ හැමදාම තියෙන සිංදුවක්... (මම ඔය සිංදුව කිය කිය ජූලීඊඊඊඊ... අගෝස්තූඌඌඌ කියල රැප් එහෙමත් කරනව හිටපු ගමන් හි හී හී.. )කතාවේ ඉතිරි ටිකත් බලලම ඉමු...

    ReplyDelete
    Replies
    1. මට මේ අගෝස්තු සීන් එක මීටර් කරගන්න සෑහෙන
      වෙලාවක් ගියා නෙව .:)
      කිෂෝර් කුමාර් කියන වර්ෂන් ගොඩක් තියෙනවා.
      මාත් 12 විතර අහල තමයි මේකම තෝර ගත්තේ පැතුම්.
      මට ඉහල නියෝග ලැබිල තියෙනවා මේ පෝස්ට් එක
      disable කරන්න කියල.. මීළඟ කොටස ප්‍රශ්නයක් වේවි ..
      බලමු අපි පැතුම් ..මේ පැත්තේ එන එක ගැන ස්තූතියි
      ගොඩක් ඒ වගේම හිතට හයියක් මට ...

      Delete
  6. It may be one of the last posts in this blog ...

    මේක කවුරුවත් දැකලා නෑ වගේ.

    මේකට මගේ තදබල විරෝධය!

    ඉහලින් නියෝග?

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පෝස්ට් එක අයින් කරන්න කියල දැනුම් දීමක් ආව .
      දැන් ඉතින් මේක අයින් කරා කියල අතීතය වෙනස් වෙන්නේ
      නැහැනේ .මේ දේවල් මිනිස්සු දැනගන්න ඕනේ , කමක් නැහැ
      මන් වෙනසක් කරන්නම් පුළුවන් විදිහට .මේ කතාවේ " මැද ටික "
      ඒ නිසා වෙනසක් වේවි.


      ඒ කොටස දැකල නැත්තේ බටහිර කුමත්‍රණයක් නිසා
      වෙන්න පුළුවන් කියලයි මගේ අදහස ..:D


      ඔව් ඩුඩ් අයියේ මන් ටික කාලෙකට විවේකයක් ගන්නවා.
      මන් දැනට ගොඩක් පෝස්ට් ලියල ලියල schedule කරනවා
      ඉරිද දවසට ගොඩක් විට මන් නැතිව උනත් පෝස්ට් වැටෙන්න.
      මන් සමහර දේශපාලන
      වගේ පෝස්ට් කලින් දැම්මේ ප්‍රති උත්තර දෙන්න මන් ඉන්න ඕනේ
      නිසා.ඒ නිසා ඉදිරි දින කීපයේ තව දේශපාලන පෝස්ට් ටිකක්
      වැටේවි.


      ඊට පස්සේ ආයේ ඒවා නැහැ .දිගටම නොර්මල්
      පෝස්ට් තියෙන්නේ සාමාන්‍ය ජීවිතේ අද්දැකීම් වලින් හැදුන
      මන් ඕනේ නැති පෝස්ට් ඔක්කොම ටික පස්සේ වැටේවි.
      ඔයාල ඒවා බලන්නකෝ මන් නැති උනාට කමක් නැහැ ...
      ගොඩක් ස්තූතියි හැම දේම , හැම අකුරක්ම විමසිල්ලෙන්
      බලනවට ඩුඩ් අයියේ .

      Delete
    2. හොඳයි, ඒක කෙටි විරාමයක්ම වේවා.

      Delete
    3. ///හොඳයි, ඒක කෙටි විරාමයක්ම වේවා. ///
      දෙවියනි ඔබ මැවූ ලොව හරි පුදුමයි ..!

      Delete
    4. මටත් එක miss උනා මොනා උනත් ලිවිල්ල නවත්තන්න එපා

      Delete
  7. ඔබේ ජීවිතයට සම්බන්ධ සැබෑ සිදුවීමක් ගැනද ඔබ මේ ලියන්න ආරම්භය ගත්තෙ ? දුක්බරයි වගේ

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද මන්ද සිරා , නමුත් මෙහෙම දෙයක් ලියන්න
      මට හිතුණා .ඒක ලියල තියෙන එක හොඳයි.කාටහරි වැඩක් වේවිනෙ...
      කොහොම නමුත් මේ දේවල් වලින් ඉගෙන ගන්න පාඩම් තියෙනවා
      ජීවිතේ ගෙනියද්දි..ඒ වගේ කතා කීපයක්ම මන් දානවා ..
      එක එක තැන් එක එක විදිහට සම්බන්ද කරලා..පැටලුමක් එක්ක
      තියෙද්දී හොඳයි නේද එකම සිද්දියක් කතා ගොඩක් අස්සෙන් ?

      Delete
  8. හ්ම්ම්. වක්‍රාකාරව හෝ සහන් අයියගෙ ජීවිතේට සම්බන්දයි කියල නම් තේරෙනවා. දුක හිතෙනවා. හ්ම්ම්, ඊලඟ කොටසත් දාමුකො ඒනම්.

    ReplyDelete
    Replies

    1. එහෙම හිතෙන්න හේතුව කියන්න බලන්න
      මට සමී ? මන් මේක සම්පූර්ණයෙන් ලියල ඉවරයි..
      ඒත් දාන්න එපාලුනේ .මේකත් අයින් කරන්න
      වෙන පාටක් තියෙන්නේ.

      Delete
    2. අනේ බම්බු ගහගන්ඩ කියලා උඹ දාපං බං, මේ බ්ලොග් එක උඹගෙනේ

      Delete
  9. මට සිංදු අහන ගමං කතාව කියවන්න බෑ අප්පා..
    ඒ පාර සිංදුව වහලා කතාව කියෝලා ආයේ සිංදුව ඇහුවා...
    පට්ට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරියා හිතට දැනෙන දේ කිව්වට..
      නැවත එන්න .මේ කමෙන්ට් මට වටිනවා ගොඩක්....

      Delete
  10. සහන්, කොච්චර ආදරේ උනත් වැටීම ගැන නොපැවසූ දෙයක් තියෙනවා. ඉතිරි කොටස බලමු... ඉරිදා වෙනකං ඉන්න ඕනද???

    ReplyDelete
    Replies
    1. ////කොච්චර ආදරේ උනත් වැටීම ගැන නොපැවසූ දෙයක් තියෙනවා. ////

      **නමුත් සිදුව ඇති සියල්ල දන්නේ ඔහු පමණි **

      ඔය දේ නිසාද එහෙම කිව්වේ නැත්නම් හිතට දැනෙන වෙන
      දෙයක්ද දේශා ? ලබන ඉරිදා නෙවේ ඊටත් ටික දවසක් යාවි..
      අනුමැතිය අරන් , හිස් තැන් පුරවල ( කපා හැරුණු ඒවගේ )
      හදල ගද්දි ...
      ස්තූතියි මචන් කමෙන්ට් කරාට ...

      Delete
    2. ////කොච්චර ආදරේ උනත් වැටීම ගැන නොපැවසූ දෙයක් තියෙනවා. ////
      මේකට තමා බං...

      Delete
  11. හ්ම්ම්...අනේ මන්දා සහන් සින්දුවත් එක්කම කතාව කියවනකොට හිතට මාර දුකක් දැනෙනවා.... අනික මේ කමෙන්ට් ටික කියවනකොට හිතුනා මේක ඔයාටත් සම්බන්ධයිද කියලත්. හැමෝගෙම ජිවිත වල දුක් මුසු තැන තියෙනවනේ ඉතිං.....මොනා කරන්නද අප්පා.....

    ඉතුරු ටිකත් දාන්න .නැත්තන් කියවපු අපිට මෝල් වගේ තියේවි කතාවේ භාගයක් විතරක් දැනගෙන.....

    විරාමයක් ගත්තටනම් කමක් නෑ... හැබැයි පුළුවන් වෙලාවට මොනාම හරි ලියන්න.....

    ReplyDelete
    Replies
    1. ////ඉතුරු ටිකත් දාන්න .නැත්තන් කියවපු අපිට මෝල් වගේ තියේවි කතාවේ භාගයක් විතරක් දැනගෙන..... ///

      හොඳයි සමනලී මන් දාන්නම් කතාව ඉතුරු ටිකත්
      එහෙනම් ටික ටික පුළුවන් වෙලාවට..


      ///විරාමයක් ගත්තටනම් කමක් නෑ... හැබැයි පුළුවන් වෙලාවට මොනාම හරි ලියන්න.....///
      ගොඩක් ස්තූතියි සමනලී ඔහොම කියද්දී ලොකු හයියක් දැනෙනවා
      හිතට මගේ..මන් ලියනවා සමනලී දිගටම .ඒ දේවල් සති දෙකකට
      වගේ සැරයක් පල වේවි..පුළු පුළුවන් වෙලාවට ඇවිත් බලල
      කමෙන්ට් එකක් දාල යන්න ..මන් ආපු වෙලාවට සතුටු හිතෙයි
      මට ගොඩක් ඒවා දැක්කම ...

      Delete
    2. ///අනේ මන්දා සහන් සින්දුවත් එක්කම කතාව කියවනකොට හිතට මාර දුකක් දැනෙනවා.///
      හ්ම්ම්ම්ම් මේක මුලින් කියවද්දී මටත් සෑහෙන්න අප්සට් .
      මේ සින්දුව එක්ක ඔළුවම ඇවිස්සෙනව දුකෙන් කතාව
      කියවල ඉවර වෙද්දී ..

      ////අනික මේ කමෙන්ට් ටික කියවනකොට හිතුනා මේක ඔයාටත් සම්බන්ධයිද කියලත්. හැමෝගෙම ජිවිත වල දුක් මුසු තැන තියෙනවනේ ඉතිං.....මොනා කරන්නද අප්පා.....///

      සමහර දේවල් ගැන එහෙම හිතෙන්න පුළුවන් නම් තමයි ,
      දුකම එක්ක ඉපදුන අයගේ ජීවිත එක සමානයි පුංචි පුංචි
      වටපිටාවේ තියෙන දේවල් අයින් කලාම ..
      තේරෙන්නේ නැහැ කරන්න ඕනේ දෙයක්.
      හැම දේම හිස් ඒ දේත් එක්ක එලියට එන දේවල් මේ සමනලී ..

      ගොඩක් ස්තූතියි ඔය වචන වලට ...

      Delete
  12. උඹ දන්නවනේ සහන්... මට මේවට කියන්න දෙයක් එන්නේ නෑ කියලා... “හැම අකුරක්ම” කියෙව්වා කියලා කියන්නම්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු මන් දන්නවා , ඒ වගේම ගිල්ටි
      ෆීලින්ග් එහෙකුත් එන බව දන්නවා..ඒත්
      ඔයාගේ වරදක් නැහැ බින්දුවක් වත්.මේ දේ මගේ
      කැමැත්තෙන් වෙන දෙයක්නේ..දුක් වෙන්න එපා කවමදාවත් ....

      Delete
  13. මචං කලින්දවසක කියපු කතාවේ ආරම්භය වත්ද මේ. පහුගිය දවසක නිර්නාමික කොමෙන්‍ටුවක් මගේ පොස්‍ටුවට වැටිලා තිබුනා. මොකක්දෝ හේතුවකට මේ කතාව කියවද්දී මට ඒක මතක් උනා. කොමෙන්‍ටුව කියවලා ආයිත් ඊයක් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් සරා අයියේ මේ ඒ අවසානයේ ආරම්භය තමයි සමහර දේවල්.ඒ වගේම
      එකම කතාවකුත් නෙවේ .කතා කීපයක් ලියල තියෙන්නේ..
      මොකක්ද ඒ කමෙන්ට් එක ? මොන වගේ දෙයක්ද සරා අයියේ..?

      Delete
  14. ඉක්මනටම දෙවෙනි කොටස දාන්න සහන් . .

    ලස්සනට ලියලා තියෙනවා . . .

    දෙවෙනි එක ඉක්මන්ටනටම ඕනේ . .

    උඹේ කලින් පෝස්ට් එකකට මම දාපු කෝම්න්ට් එකට නිවාඩු පාඩුවේ උඹට හිතෙන දේ කියපන් . . කිව්වොත් මට මැසේජ් එකක් එවපන් මචන්

    ReplyDelete
    Replies
    1. අනිවා සුබා මන් දාන්නම් .තව කොටස් දෙකකට මේක වැටේවි .
      කඩුවේ නැත්නම් දිග වැඩි වේවි කියවන්න ..ඉන්නකෝ අදම අරකට
      රිප් එකක් දාන්නම්..ඇත්තටම මචන් මට ඒකට කියාගන්න දෙයක් නැතිව
      ගියා.උබ දීල තියෙනවා කට වැහෙන්නම ...

      Delete
    2. අඩෝ උඹ ඇයි මට සුබා කියලා කිව්වේ? අපි සයිබර් අවකාෂේ නෙමේ හාබෙවට දන්න කියන අයද? (මට සුබා කියලා කියනෙන මගේ හොඳම යාලුවෝ විතරයි . . හික් හික් හික් ඒකයි එහෙම ඇහුවේ.) හිටු ආයේ හොයලා බලන්ට . . උබේ මූනු පොතේ නම දීපන් මචෝ.

      Delete
    3. ශ්ශ්ශ්ශ්ශ්ෂ් ......මන් හොරෙක් ...
      හැමෝගෙම හොරකම් දන්න ...
      හැංගිලා යන්න දස්ස...

      මේ ජීවිතේම වංචාවක් සුබා .අපි තව තව
      රැවටෙනවට වඩා හොඳයි නේද ඔහේ ඉන්න
      එක හිත් හදන් ?
      හිත් කියන දේවල් තියෙන්නේ සනසගන්නයි ,
      හදා ගන්නයි විතරයි මචන් සුබා ..
      වෙන දෙයක් නැහැ .



      මේ මුකුත් නැහැ මුකුත් නැහැ.
      හැම දේම හිස් හැම දේම හිස්..

      bhul gaya sab kuch
      yaad nahi ab kuch
      හැම දේම හැම දේම අමතකයි....

      Delete
  15. කතාවේ මුල ලස්සනයි. අගත් මෙහෙම ඇති නේද? ඒක නොදා ඉන්න එපා. කවුද අප්පා ඔය නියෝග දෙන්නේ ? :) මොනවා උනත් මේක සහන්ට මේ විදියටම උනා වෙන්න බෑ. බැඳපු කෙනෙක් ගැනනේ මේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ////බැඳපු කෙනෙක් ගැනනේ මේ තියෙන්නේ...////

      ඒකනේ ඔයාට විතරයි තේරුණේ සයුරි :D.මැද කොටස ටිකක් විතර හිතන්න
      දෙයක් තියෙනවා..අන්තිම ටික කියවද්දී සමහර විට දැනේවි ආදරය කරද්දී
      ඒ ආදරේ එක්කෝ ඕනේ නෑ ..
      කියවලම බලන්නකෝ....

      Delete
  16. හරිම ලස්සනට කතාව ගලපලා තියෙනවා සහන්. පසුබිම් සංගීතය කතාව තවත් හිත ඇතුලටම කිඳා බස්සනවා. අමුතු දුකක් හිතට දැනෙන්නේ.
    හරියට නිකන් "මටත් මෙහෙම දෙයක් වුනොත් මට කොහොම දුක හිතෙයි ද..." කියන හැඟීම කතාවේ මද ඉඳන් මගේ හිතේ දෝංකාර දුන්නා.
    මේ සහන් ගේ කතාව මද කියලාත් මට හිතෙනවා. එහෙම නෙමෙයි නම් මේ තරම් ලස්සනට මේක මගේ හිතට වද්දන්න, සහන් පුදුමාකාර දක්ෂ කතුවරයෙක්. කොටින් ම මේක කියවපු වෙලාවේ ඉඳන් කවරදාකවත් මෙහෙම දෙයක් කොල්ලෙක් ට වෙන්න එපා කියලයි මම ප්‍රර්ථනා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ////හරිම ලස්සනට කතාව ගලපලා තියෙනවා සහන්. පසුබිම් සංගීතය කතාව තවත් හිත ඇතුලටම කිඳා බස්සනවා. අමුතු දුකක් හිතට දැනෙන්නේ.
      හරියට නිකන් "මටත් මෙහෙම දෙයක් වුනොත් මට කොහොම දුක හිතෙයි ද..." කියන හැඟීම කතාවේ මද ඉඳන් මගේ හිතේ දෝංකාර දුන්නා.///
      ඇත්තටම එහෙම දෙයක් දැනෙනවා නම් මට ඒ ඇති.මටත් ඕනේ උනේ
      රෑ නිදි යහනේ බිරිඳ එක්ක තමන්ගේ හැම දුකම බෙදා ගන්න කොල්ලෙක්ගේ
      හැන්ගීම් විස්තර කරන්න මචන්..මොන තරම් පිට ලෝකෙට ලොක්කෙක් උනත්
      තමන්ගේ බිරිඳ ළඟ ආදරෙන් දරුවෙක් වගේ වැටෙන කෙනෙක්ගේ හැන්ගීම
      විස්තර කරන්න ඩිංගක් හරි.

      එහෙම කෙනෙක් පාරට වැටීම තමයි මන්
      ***රථයෙන් නිවසට පැමිණෙන විට කිරිල්ළියක මෙන් මිදුලට දිව ආ ****
      ***ශාන් නිවසින් පිටවන විට කියූ අයුරු ඔහුට තබන පා පියවරක් පියවරක් ගානේ***

      කියන දෙයින් පෙන්නුවේ ...



      එහෙමත් වෙලා මේ විදිහට වෙද්දී කොහොමද දරන්නේ ?

      ****අද කුසට අහරක් නැතිව සුදු මැළි වූ මුහුණින් යුතුව

      " පරිස්සමෙන් ගිහින් එන්න රත්තරන් "****

      මේ හැම දේම උහුලන් ඉද්දි ඉස්සර ආදරෙන් ගෙවුණ රාත්‍රීන්
      වෙනුවට

      *****පෙර දිනක තම මිතුරා නොවන්නට ඇයට උපන් දිනට පුංචි ගවුම් කෑල්ලක් හෝ දීමට නොහැකිව
      යනවා නොවෙදෝයි දැනෙන විට ,

      තම පපුව මත ඒ වන විටත් පුංචි දෝණියක මෙන් බඩගින්නේ නිදන ඇයව දකින විට,

      කඳුළු පිරුණු නෙතින් යුතුව තුරුළු කර ගනු විනා ඔහුට වෙන කල හැකි යමක් නැති බව දැනෙන විට ,*****



      කොහොමද උහුලන්නේ මිනිහෙක් ...?මට කියාගන්න ඕනේ උනෙත්
      මේ ටික තමයි .ඒ දේ තේරුම් ගත්තට පින් මචන්..මොකද මේ දුක
      මන් දන්නවා හොදටම .සෑහෙන්න විඳලා තියෙනවා..ඒක මචන්
      දැනෙනවා නම් දැනෙන්නේ මේ විදිහටම ලෝකේ දකින කෙනෙක්ට
      විතරයි..රෑ යහන කියන්නේ පුදුම තැනක් මචන් හදවත් වලට...



      ඒ යහනට හෙණ ගැහුවම කොහොමද උහුලන්නේ ?


      ////කොටින් ම මේක කියවපු වෙලාවේ ඉඳන් කවරදාකවත් මෙහෙම දෙයක් කොල්ලෙක් ට වෙන්න එපා කියලයි මම ප්‍රර්ථනා කරන්නේ.////

      අනිවාර්යෙන්ම කිසිම කෙනෙක්ගේ පවුල් ජීවිත විනාස කරන්න
      හොඳ නැහැ .කවදාවත් ගෙවන්න බැරි පාප.....
      ස්තූතියි හැම දේම තේරුම් ගන්න උත්සාහ කිරීමට .
      උඩින් නොදැනෙන දුකක් මේකේ තියෙනවා..මේ
      දේත් එක්ක මාත් යනවා මචන්...

      Delete
    2. කතා නායකයා නොවුණට, කතා නායකයාගේ පවුලේ වැඩිමහල් දියණියගේ හොඳම යාළුවා (පසුකාලෙක ආදරවන්තයා) විදිහට මම ත් ඔය අත්දැකීමට මුහුණ පාලා තියෙනවා, මචන්.
      ඒ අඳුරු මතකය ඇත්තටම භයන්කාරයි!

      ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමදිරියට ත් බයයි කියනවා වගේ, අපි බොහොම පරිස්සමෙන් තමයි මිනිස්සුන් ව දැන් ආශ්‍රය කරන්නේ.
      ඇත්තටම පුද්ගලික වාසියක් හෝ මොන දෙයක් හින්ද හරි පවුලක් ඔය තත්වෙට ඇදලා දාන පුද්ගලයෙක් ට කිසිම දවසක හරි යන්නේ නැහැ.

      දෙවෙනි කොටස එනකන් මග බලන් ඉන්නවා මචන්.

      Delete
    3. මන් මේක දාල හිතුවා එක්කෝ මේක යට ගහනවා කියල.
      ඒත් ඔයාල වගේ අය දකිද්දී හිතෙනවා මෙහෙම දේවල්
      දැම්මට මොකද කාගේ හරි ජීවිත අඳුරු වෙන්න කලින් බෙරෙවිනේ
      කියල..ඒ නිසා පුංචි පුංචි වෙනස් කම් ටිකක් එක්ක ඊළඟ ටිකත්
      දාන්නම්..

      අද වෙද්දී මන් දන්නවා මේ ලෝකේ දෙවියෝ *** ( ඒ අය පලිත් නැහැ මේවට )
      කියල නම් පිරිසක් නැති බව.ඒක නම් හොදටම විස්වාසෙන් කියන්න පුළුවන්..
      ඒ උනාට වයිරයක් නැහැ ..අදටත් මන් ත්‍රිපිටකය කියවනවා හිතුනම ...

      Delete
  17. කතාව නම් හරිම සංවේදීයි අයියේ... ගොඩක් දුක හිතුණා මට... හැමෝටම හිතෙන දේ මටත් හිතෙනවා, මේක අයියගේම කතාවක්දෝ කියල තමයි.. ඒත් නිර්මාණකරුවෙක්ට ඕන දෙයක් තමාගේ කරගෙන ලියන්න පුළුවනි..

    {පහල තියෙන්නෙ මගේ බ්ලොග් ඔයා දාපු කමෙන්ට් එකට මං දාපු රිප්ලයි එක. ආයෙමත් ඔයාට කියවන්න දැම්මේ.. රිපීට් කිරීම වෙනුවෙන් සමාවෙන්න}

    අයියෝ අයියා... වැඩිය ඒ ගැන හිතන්න එපා හොඳේ... මම බොහොම හිමින් ගමනක් යන්නෙ මේ... ඉතින් හැමෝටම පොඩි පොඩි අතපසුවීම් වෙනව තමයි... ඇයි ජීවිතේ අවුල් ජාලාවක් වෙලා තියෙන්නෙ කියල මම අහන්නෙ නෑ.. ප්‍රශ්න හැම එකම එකින් එක විසඳිලා සතුටින් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.. ((අනිත් එක, මම මේ කමෙන්ට් එක ඔයාගෙ අන්තිම පෝස්ට් එකෙයි මගේ ස්තුති පෝස්ට් එකෙයි දෙකේම දානවා... )) අළුතෙන් කතාවකුත් ලියන්න ගත්ත, වෙලාවක එන්නකො කියවල බැනල වත් යන්න...

    ReplyDelete
    Replies
    1. ///රිපීට් කිරීම වෙනුවෙන් සමාවෙන්න///

      අයියෝ එහෙම නීති රීති මේකේ නැහැ අනු.ඕනේ එකක්
      ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන්..අනික මේ හැම දේම
      රිපීට් තමයි අනු..එදා ඉඳන් මේ එකම දේනේ අපි රිපීට් කරන්නේ..

      ඔයා මෙහෙ එද්දී මන් ඔයාලගේ පැත්තේ හිටියේ..හි හි
      එතන කමෙන්ට් එකක් දදා ..

      ///හැමෝටම හිතෙන දේ මටත් හිතෙනවා, මේක අයියගේම කතාවක්දෝ කියල තමයි.. ///


      මෙහෙම දුකක් මන් විඳලා තියෙනවා කීප පාරක්ම.
      නමුත් 100% මේ කතාව එක්ක යන්නේ නම් නැහැ ..
      ඒ උනාට මාත් මගේ බිරිඳ වෙන කෙනාට තදින් ලන්
      වෙන කෙනෙක් අනු..අනේ මන්ද ඒක එහෙමයි..
      ඒකෙන්ම ජයග්‍රණයක් විනසයත් වෙන්න පුළුවන්
      කියන දේ දැන දැනත් මන් එහෙමයි..මට බැහැ
      අදටත් ඒකෙන් මිදෙන්න..හොඳ බිරිදක් ලබන්න
      පින් කරලා තියෙන්න ඕනේ අනු ...

      Delete
  18. සහන්, ඔයා පටන් ගත්තේ මගේ ජිවිතයට හුගක් සමීප අත්දැකීමක්.. ඔය දේම මටත් උනා සහන්... නමුත් මම නම් හිතන්නේ ඒ සිදුවීම මගේ ජිවිතයේ උන් හොඳ දෙයක් කියල. ඊට පස්සේ තමයි මම මගේ ළඟ හිටපු යාලුවෝ, නෑදෑයෝ අදුනාගත්තේ සහන්. ඒ සිදුවීමේ උන් බොහෝ හානි අදටත් බලපානවා. මොනවා උනත් මගේ හිත වට්ටන්න කිසි කෙනෙකුට බැරි උනා. හිත හදාගෙන තිබීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ සහන්.

    ReplyDelete
    Replies
    1. \\ට පස්සේ තමයි මම මගේ ළඟ හිටපු යාලුවෝ, නෑදෑයෝ අදුනාගත්තේ සහන්.///
      ඔව් අයිලෂ් මිනිහෙක් වැටෙන්න ඕනේ ළඟ ඉන්න මිනිස්සු
      අඳුන ගන්න .මට නම් සෑහෙන අද්දැකීම් තියෙනවා ඒ ගැන .
      ඇහැට රොඩ්ඩක් ගියත් පණ කඩාගෙන එන අය හොයාගන්නවත්
      නැහැ එදාට ..හරි පුදුමයි නේද ?

      මෙහෙමත් බොරු සෙනෙහසක් මවන හැටි පුදුමයි නේද ?

      \\\සිදුවීමේ උන් බොහෝ හානි අදටත් බලපානවා. ///

      මට නම් ඒ දේ එක්ක තව තව මේ දේවල් එක්ක ජීවත් වෙන්න
      ආසාවක් නැති උනා..තව තව බොරු ලෝකෙක ඉන්නේ ඇයි අපි ( මම ) ?

      \\\මොනවා උනත් මගේ හිත වට්ටන්න කිසි කෙනෙකුට බැරි උනා. හිත හදාගෙන තිබීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ සහන්.///
      මට නම් ඔය කරගන්න බැරිව ගියා අයිලෂ් .මේ වෙද්දී මගේ ඉළ ඇදිල
      ඉවරයි..හපෝ තවත් නම් බැහැ .. :(

      Delete
    2. එහෙම හිතන්න එපා සහන්.. ඕක තමයි ජීවිතය.
      මම ගොඩක් ප්‍රයෝගිකව බුදු දහම හා බැඳුන කෙනෙක්, ඒ නිසාම මම අවබෝධ කරගෙන තිබුනා නැතිවෙන දේ නැතිවෙන එක වලක්වන්න බැහැ කියන එකත්, සිදුවෙන බොහෝ දේවල් අපේ පාලනයෙන් තොරයි කියලත්. මොනවද සහන් අපිට රකින්න පුළුවන්? මේ කොමෙන්ට් එක ඔයා කියවනකොට මම ජිවත් වෙලා ඉඳීද කියලා කවුද දන්නේ. එහෙවූ එකේ වෙන මොනවා නැති උනත් මොකද.
      ජිවත් වෙන මොහොතේ සතුටින් ඉන්න ඕනේ සහන්. මේ මොහොත, මේ තත්පරය විතරයි ජීවිතය. ඉට පස්සේ එක අතීතයේ, අනිත් තත්පරය තාම ඇවිත් නැහැ.

      පුට්ටස්ස ලෝක ධම්මේහි
      චිත්තං යස්ස න කම්පති
      අසොකං වීරජං ඛේමං
      එතැන් මංගල මුත්තමං

      ඔය ටිකම ඇති හිත හදාගන්න. ඔයාට එක කරන්න පුළුවන් සහන්. මම හොඳට දන්නවා ඔය තත්වය. ඕනෙම උදවුවක් ඉල්ලන්න මේ වෙනුවෙන්.
      එකම දෙයයි කරන්න තියෙන්නේ හිත ශක්තිමත් කරගන්න එක.

      Delete
  19. ඔයාගේ පොස්ට් එක මගේ බ්ලොග් රෝල් එකේ අප් ඩෙට් උනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ ? සමහර වෙලාවට අපි manually URL එක
      add කරන්න ඕනේ බ්ලොග් රෝල්ට...
      ස්තූතියි සමීප අද්දැකීමක් බෙදා ගත්තට...මට හයියක් ඔය වචන...

      Delete


  20. මාත් ඉඩක් ලද වෙලාවට ත්‍රිපිටකය කියවනවා .එහෙම දේවල්
    වලින් තමයි ගොඩක් සමබර තාවය තියාගන්නේ..

    ඔබ කියන කාරණය සම්පූර්ණ ඇත්ත මිත්‍රයා ..
    නමුත් මෙතන ගැටලුව මිනිහෙක්ගේ සීමාව පැන්නම
    එහනින් එහාට බණ පොත වලංගු නැහැ ..අන්න එහෙම
    තත්වෙක ඉද්දි ප්‍රයෝගික ජීවිතේ ගැන ප්‍රශ්නයක් එනවා..

    හැම දේම බණ පොතෙන් විසදන්න අමාරුයි.
    ( ඔබ තුමාට දොසක් කිව්වා එහෙම නෙවේ හොදද ?
    මට ඔය වචන සෑහෙන්න හයියක් ..)

    \\\ඕනෙම උදවුවක් ඉල්ලන්න මේ වෙනුවෙන්.
    එකම දෙයයි කරන්න තියෙන්නේ හිත ශක්තිමත් කරගන්න එක. ///

    ඔව් මන් මේ බ්ලොග් එක උනත් පටන් ගත්තේ ටිකක්
    අවදානය මගේ වෙන පැත්තකට ගන්නයි..ඉතින් මෙතනත්
    ඒ දේවල්ම දාන්න එපා කියලයි මගේ ලගින් ඉන්න කෙනෙක්
    කිව්වේ..ඔන්න ඕකයි මන් මේ කතාවේ ඉතුරු ටික නොදා ඉන්න
    වෙනවා කිව්වේ ..
    අපි බලමු මිත්‍රයා , කරන්න පුළුවන් දෙයක් කරමු.මන් වැටිලා නැහැ ,
    ඒත් අත් ඇරලා වගේ දෙයක් වෙලා තියෙන්නේ ..ලොකු රැවටීම්
    ටිකක් තියෙනවා මට උන.. ඒ දේවල් එක්ක හිතෙනවා ඇයි
    ආයෙම මේ නරා වලේම කිරුළු පලන් කුමාරයෙක් වෙන්නේ
    කියල ..( මෙහෙමම පල්ලන් බැහැල නොයා )

    ReplyDelete
    Replies
    1. //ඔව් මන් මේ බ්ලොග් එක උනත් පටන් ගත්තේ ටිකක්
      අවදානය මගේ වෙන පැත්තකට ගන්නයි..ඉතින් මෙතනත්
      ඒ දේවල්ම දාන්න එපා කියලයි මගේ ලගින් ඉන්න කෙනෙක්
      කිව්වේ..ඔන්න ඕකයි මන් මේ කතාවේ ඉතුරු ටික නොදා ඉන්න
      වෙනවා කිව්වේ ..//

      ඇත්තටම එක හරිම මට හිතෙන්නේ... ඔය කතාව ඔතනින් නවත්තමු. එක වඩාත් සුදුසුයි සහන. වෙන මාතෘකා ඕන තරම් තියෙනවා.

      // ඔබ තුමාට දොසක් කිව්වා එහෙම නෙවේ හොදද ?//

      බැන්නත් මොකද බන්, මේ බ්ලොග් අවකාශයේ අපි ඔක්කොම එක පවුලක් නේ.

      Delete
  21. සංවේදී කතාවක් සහන්.. මේ සින්දුවත් මං ගොඩක් ප්‍රිය කරන එකක්..

    ReplyDelete
    Replies

    1. ස්තූතියි චන්දන කමෙන්ට් කරාට ...

      Delete
  22. මගේ සවුන් කාඩ් එකේ අවුලක් නිසා සිංදුව අහන්න විදිහක් නෑ.. ඒත් කොමෙන්ට් වලින් සිංදුව දැන ගත්තා. මමත් ආසම කරන සිංදුවක්.

    හිතට වදින්න දැනෙන්න ලියලා තියෙනවා. පුද්ගලිකව මම ඔය වගේ දේවල් අහන්නවත් දකින්නවත් කැමති නෑ. ෆිල්ම් එකක් උනත් ශෝකාන්තයක් නම් බලන්නේ නෑ. සමහරවිට ඒත මගේ දුර්වල කමක් වෙන්නත් ඇති. යතාර්ථයට මුහුණ දෙන්න තියෙන අකමැත්ත.

    කොච්චර ප්‍රශ්න තිබුනත් ලගින් ඉන්න අය ආදරෙන් ඉන්නවා නම් ප්‍රශ්නවලින් ගොඩ එන එක අමාරු නෑ. කතාව කියවලා හිතට ආපු තීරණ කොමෙන්ට් කියෙව්වාහම වෙනස් උනා. දෙවනි කොටස කියවන්නම්.

    මම මේ පැත්තට ආවමද මන්දා.

    ReplyDelete
    Replies
    1. \\\කොච්චර ප්‍රශ්න තිබුනත් ලගින් ඉන්න අය ආදරෙන් ඉන්නවා නම් ප්‍රශ්නවලින් ගොඩ එන එක අමාරු නෑ. කතාව කියවලා හිතට ආපු තීරණ කොමෙන්ට් කියෙව්වාහම වෙනස් උනා. දෙවනි කොටස කියවන්නම්.
      ////

      ඔව් බණ්ඩා තනියම යන්න බැරි තැන් වලදී අනිවාර්යෙන්ම ලඟින් කෙනෙක්
      ඉන්න ඕනේ.විශේෂෙන් ආදරේ කරන කෙනත් ඒ වෙලාවේ තනි කලොත් තදින්
      වැටෙන්න පුළුවන් ජීවිතයක් .එහෙම නොවිය යුතුයි , ඒත් එහෙම වෙද්දී වෙනවා
      නවත්තගන්න බැහැ ..

      නැහැ ඔයා මීට කලින් ඇවිත් තියෙනවා බණ්ඩා ..ආයෙත් පුළුවන් වෙලාවට
      එන්න එහෙමනම් ...
      ස්තූතියි කමෙන්ට් කරාට ...

      Delete
  23. කතාව සංවේදියි ඒත් ඒක ඇත්ත කතාවක් වෙනවට මන් කැමති නැහැ ..ඉතිරියත් ලියමු !ලිවීම නතර නොකර දිගටම ලියමු යාලු !

    ReplyDelete
  24. ලැබීම් නොලැබී එක්ක ජීවිතේ ගලාගෙන යනව...ඒ ජීවිතේ හැටි. සංවේදී කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ චම්ස් නොහිතනම පැති වලට ජීවිත
      හැරෙනවා .අනේ මන්ද මේ වගේ දේවල් කාටවත් වෙන්න එපා..

      Delete
  25. කතාවේ තවම කියවුනේ බොහොම ටිකයි..ඒත්..හිත පහුරු ගාන කොනිති ගහන සංවේදනයක් මටත් දැනෙනවා...මේක දිගටම ලියන්න....ඉල්ලීමක්...

    ReplyDelete
    Replies
    1. ඔව් කළු සුදු මේ බොහොම ටිකයි තව මීට ගොඩක් පිටිපස්සේ දේවලුයි ,
      මීට ඉස්සරහ ගොඩක් දේවලුයි තියෙනවා.මට හිතෙනවා මේක මෙතනින්
      නවත්තන්න .මොකද ගොඩක් දෙනෙක්ට මේ දේවල් දරා ගන්න බැහැ
      කියල දැනුන..

      නමුත් මගේ හිත කියන්නෙම ඔයා කිව්වා වගේ මේ දේවල් එලි කරන්න ..
      කට හරි වැදගත් වේවි, ජීවිතේට පාඩමක් වේවි....

      Delete
  26. කතාවනම් ලස්සනයි. ඒත් සින්දුව ප්ලේ වෙන්නෑ. හැබැයි මගෙත් ආසම සින්දුව (මියුසික් එක) ජූලී තමයි.

    ReplyDelete
  27. ඒ මොකද ඒ අකම් ප්ලේ වෙන්නැත්තේ ? මම මේකේ සික් ව(ර්)
    කනෙක්ෂන් ටිකත් අයින් කරා ස්ට්‍රීම් වෙන ..
    දැන් නම් කොහොම ගියත් ප්ලේ වෙන්න ඕනේ...
    බලන්න ආයේ පාරක් මචෝ...
    නැත්නම් මෙතනින් ගන්න , ඔතනින් තමයි ස්ට්‍රීම් වෙන්නේ ..

    https://sites.google.com/site/shermie-fernandez/home/Hindi%2s-%20Julie%2s-%20Bhool%20Gaya%20Sab%20Kuch.mp3

    ReplyDelete
  28. ජීවිතේ වැටීම් නැගිටීම් හැමදාම වෙනවා සහන්. අපි හැමවෙලේම වැටෙනකොට හිනාවෙන්නත් නැගිටීම් වලදී සනසුන්වෙන්නත් පුරුදු වෙන්න ඕනෙ. මම කියන්නේ අත්දැකීමෙන්. විඳින්න තියන සිය‍ළු වේදනා විඳපු අහන්න තියන හැම කතාවම අහපු මට ඒ ටික ලියාගන්න තරම් ශක්තියක්වත් ඒ දවස් වල තිබුනෙ නැහැ. ජීවිතය පරදින්නෙ තමන් නිසාම නෙමෙයි කියල නම් මම හොඳාකාරවම දන්නවා. පැරදුන වේලාවට ලග ඉන්නෙ බිරිඳ, අම්මා, තාත්තා, මගේ පවුලේම සහෝදර සහෝදරියො විතරයි කියලනම් මම දන්නවා. සහන්ටත් එහෙම වෙන්න ඇති.

    මගේම අත්දැතීමක් ඔබටත් ලැබුනෙ කොහොමද?

    මම දැන් ජීවිතය දිනපු මිනිහෙක්. උඔත් දිනපන්. මගේ සුභ පැතුම්.

    ReplyDelete
  29. සහන්. ..
    අමාරු චේද කොයි පොතෙත් තියනව මචං .
    මං උඹට සුභ පතනවා !!!!

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili