දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

February 2, 2013

ඔයා බැඳලද ? මන් දන්නේ නැහැ | මොකා ! ( WTF )?



                   මායි ෂේරිලුයි 89787 වලට යන බස් එක එනකම් තව අපේ යහළුවෝ ටිකක් එක්ක පාරේ අයිනකට වෙලා බලන් ඉන්නව .වෙලාව උදේ 9 ට වගේ වෙන්න කිට්ටුයි . අපි ගමනට උවමනා කරණ දේවල් ටිකත් එක්ක මෙතනට ඇවිත් දැන්
විනාඩි 20 වගේ ඇති , කට්ටියම කතා වෙන්නේ 77565 වල තියෙන බලන්න ආස හිතෙන දේවල් ගැන .

           ඔන්න ඔය අතරේ අපි බලාපොරොත්තුවෙන් හිටපු බස් එක ආව .කට්ටියම ගොඩක් උනන්දුවෙන් පොර කාගෙන වගේ නැග්ගා .මායි ෂේරිලුයි ඉතින් කොහොමත් අනිත් අයට ඉඩ දීල අන්තිමටම නැග්ගා .


              හැමෝම වගේ ජනෙල් පැත්ත අහු වෙන්න වාඩි වෙලා , ඒත් පිටිපස්සේ ඉඳන් 3 වෙනි 4 වෙනි වගේ සීට් එහෙක කෙනෙක් ඉන්නවා තනියම .අපේ කට්ටියේ කෙනෙක් නෙවේ පිට කෙනෙක් .අවුරුදු 28 වගේ පෙනුමක් තියෙන 33 ,34 වගේ කෙනෙක් .මුහුණ පුරා ලාවට වැවීගෙන එන රැවුල් ගස් , ඒක හරියට ඊයේ උදේ කපපු ගමන් ( රැවුල ඈ ) තාම කපල නැති ගාන .ඇදුම් පැළදුම් උනත් ඒ හැටි ලකයක් නැහැ .අපි දෙන්නට වෙන හරිහමන් තැනකුත් නැති නිසා අපි එතනින් වාඩි වෙන්න හිතාගෙන ලගට ගියා ..



" මහත්මයා මෙතන වෙන කෙනෙක් ඉන්නවද , අපි වාඩි උනාට කමක් නැහැද " මටත් කලින් ෂෙරිල්


" අහ්, නැහ් නැහ් කව්රුත් නැහැ ඔයාල වාඩි වෙන්න " එතෙක් වේලා ජනේලයෙන් පිටත කල්පනාවක උන් අමුත්තාගෙන්


" බබා මේක උඩ රැක් එකෙන් දාන්න " හම්මෝ උම්ම්ම්ම්ම්හ් හ්ම්ම්ම්ම්ම්

" අහ් මේකත් ඔතනිම්ම දාන්න " හම්ම්ම්ම්ම්ම්මියෝ උම්ම්ම්ම්හ්


අපගේ පමණක් නොව අනික් සියලු දෙනාගේද මෙවැනි දෙබස් දිහා ඔහු සිනාමුසු මුහුණින් යුතුව , මිත්‍ර ශීලීව බලා සිටියේය ..

         අපි වාඩි උනාට පස්සේ මේ කෙනා ආයෙම පාරක් ඔහේ ජනේලෙන් එහා පැත්ත බලාගෙන කලින් හිටපු  කල්පනාවටම වැටුන .


'" ඔයත් 76796 වලට යන්නද " නැවත මටත් කලින් ෂෙරිල්

" හ්ම්ම්ම්ම්ම් " අප දෙසට හැරෙමින් මිත්‍ර ශීලී සිනාවක් පාමින් ඔහු ..


" කෑම්පින්ද මේ කට්ටියම , ඒක හොඳයි . බලන්න ආස හිතෙන දේවල් ගොඩක් තියෙනවා 556445 වල " සුහද ලෙස අප දෙදෙනාට කරුණු පැහැදිලි කරමින් ඔහු ..


" මේ මහත්මයා කොහාටද යන්නේ , ගෙදරද " කටට උත්තර ෂෙරිල්ම දෙමින් ප්‍රශ්න කරයි ..


" ඔව් " නිකන් වෙන්න-ඇති වගේ හරිම අවිනිශ්චිත උත්තරයක් ඒක ගොඩක්, අහිංසකව කටෙන් එලියට දාගත්ත ..

            මොකද පෙනුමින් මේ කෙනා යන්නේ විනෝද ගමනක් වෙන්න බැහැ , එහෙම නම් ජනේලෙන් එහා පැත්ත බලාගෙන ඔහේ කල්පනාවට වැටෙන්නේ නැහැනේ. අතීතයක් මතක් කරමින් වගේ , ආයේම ඒකෙන් එලියට එමින් යන ගමනක් මේ ...

ඔහොම කල්පනා ටිකකට මාත් වැටුන ෂෙරිල්ගේ කකුල පෑගුවත් අර ප්‍රශ්න අහද්දී ..




" ඔයා බැඳලද මහත්මයා "
මගේ ඉවසීමේ සීමාව ආක්‍රමණය කරමින් නැවතත් ෂෙරිල්.



" මන් දන්නේ නැහැ " ෂෙරිල්ගේ ප්‍රශ්නයෙන් කේන්තියෙන් එයා දිහා බලමින් හිටපු මට, මේ උත්තරේ ඇහීමත් එක්ක ආයෙම මේ කෙනා දිහා බැලුනේ ඉබේටම ...



ඇත්තටම මේ තැනට ගන්නයි ෂෙරිල් ඒ විදිහට ප්‍රශ්න කලේ. දැන් මටත් කුකුසක් ඒ දේ ඇහීමත් එක්ක .


" ඔයා ඒකෙන් අදහස් කලේ මොකක්ද මහත්මයා " මේ පාර මන්


" මෙහෙමයි " ඔහු ඉතා දිගු කතාවකට මුල පුරමින් අපි දෙන්න පැත්තට හැරුන



" මන් බැඳපු කෙනෙක් , මීට අවුරුදු 8 කලින් .දැනට අවුරුදු 3 කලින් මාව 76577 හිර ගෙදරට නියම උනා . මගේ නෝනා මට දිගටම මට ලියුම් එව්වා හිරේ ඉද්දි ..ඒත් මට තේරුණා මේ දේවල් මන් හිතනවට වඩා දුර දිග යාවි කියල ..ඉතින් මන් එයාට කිව්වා


ළමයි දිගටම මන් ගැන ඇහුවොත් , ඔයාට එන්න එන්න කරදර ආවොත් මාව අමතක කරන්න කියල. පස්සේ පස්සේ මන් ලියන එක නැවැත්තුව එයාට .මගේ නෝනා ගොඩක් හැඩයි , ඉතින් මන් නැතිව එයාට වෙන විවාහයක් උනත් කරගන්න පුළුවන් .. "



" මේ තියෙන්නේ " එහෙම කියල එච්චර වෙලා අතේ තියන් හිටපු පුංචි පිංතූරයක් අපි දිහාට දික් කරා ...


පව් පුංචි උන් තුන්දෙනෙක් තුරුළු කරගත්ත ලස්සන ගෑනු කෙනෙක් ඒ පින්තූරේ හිටියා .
අවුරුදු ගානක් අතේ තියන් ඉඳලම ඒ පින්තූරේ අඳුරු වෙලා ..


" හැබෑමයි , ඔයාගේ නෝනා ගොඩක් හැඩයි , ඒ වගේමයි මේ පුංචි බෝනික්කෝ ටිකත් " ඒ මගේ ෂෙරිල්



" මට හදිසියේ මේ නිදහස ලැබෙන බව දැනගත්තම මන් එයාට කිව්වා , මන් එනවා ආයෙම , ඔයාට මාව බාරගන්න පුළුවන් නම් අපේ නගරයේ මැද්දේ තියෙන ලොකු ඕක් ගහ පාමුල පුංචි කොල පාට ලේන්සුවක් එල්ලන්න .ඒත් ඔයා දැනටත් මගෙන් වෙන් වෙලා නම් එහෙම එල්ලන්න එපා කියල "





" ඉතින් මන් ඇත්තටම දන්නේ නැහැ දැන් , මන් විවාහකද නැද්ද කියන්න " ඒ උත්තරයට අපි දෙන්නම ගොළු උනා ...


 .
       අපේ අමුත්තා විටක බලාපොරොත්තු ගොන්නක් තුරුලට ගනිමින්ද , ආයෙම ඒ ඔක්කොම ජනේලයෙන් එලියට විසි කරමින්ද ඒ කතාව අපි දෙන්නට විස්තර කරා .




           මේ වෙද්දීත් මේ කතාවට ඇහුම් කම් දීගෙන හිටපු අපේ යාළුවො ටිකත් පුදුම උද්යෝගෙකින් මීළඟ නැවතුමේදී වෙන්න යන දේ ගැන අපේ අමුත්තා වගේම බලන් හිටියා .


            එකම පවුලක් වෙලා මේ ටික වෙලාවට , මේ පුංචි වචන ටිකට අපි හැමෝම . ෂෙරිලුත් කියන්න බැරි තරම් උනන්දුවකින් ඉදිරිය ගැන .





















ටිකෙන් ටික බස් රථය නගරයට ළඟා වෙමින්




































බස් රථය ටිකෙන් ටික නගරයට ළඟා වෙමින්



























නගරය ටිකෙන් ටික බස් එකට ළඟා වෙමින්





















බස් එක නගරයට කිට්ටු වෙමින්






















නගරය බස් එකට ළඟා උනා ....

අපි හැමෝම විශාල ඕක් ගහ දැන් පෙනෙන නොපෙනෙන ගාන ..


ඔන්න මේ තව ටිකයි....



ඇත්තෙන්ම අපේ අමුත්තා බොහොම අහිංසකව අපගේ ඔල්වරසන් හඬ මද්‍යයේ වුවද අවිනිශ්චිතව අසරණව බලා හිඳී ..



මෙය අපට එක් සිද්දියක් වුවද ඔහුට ඔහුගේ මුළු ජීවිතයමයි .




වසර ගණනක තෙරෙපුණ අතීතයත් , ගිලගන්නට හෝ සිපගන්නට මාන බලන අනාගතයත් හමුවේ අසරණව ඔහු තනි වී හිඳියි ...





ඒ අතර තොර තෝංචියක් නැතිව කියවන , වගකීමක් නොදන්නා 20, 22 මෝඩ අම්ම්බැට්ටයන් රැළකුත් අතර ඔහු තනි වී හිඳියි ....



ඔහුගේ කතාව ඇතැමෙකුට හරි විනොදයක්ය , තවෙකුට වචන ටිකක් පමණය ...තැන තැන කුටු කුටු ගෑමට මාතෘකාවක් පමණය ...


හේ තනිව සිතයි ... ඒ බව ශාන් වන මා හට හොඳින්ම දැනේ...



"මිත්‍රයා , අපි ජීවිතේට මුහුණ දෙමු .ඔයාගේ හදවත අවංකයි , ඒ හොදටම ඇති .අනික් දේවල් ගැන හිතන්න කාරී නැහැ . දරු පැටව් ටික බලාගෙන ඔයා ඉන්න මහත්මයා .ඒ හොදටම ඇති නේද ?" මන් තුමා

" ඔව් , එච්චරයි ඇත්තෙම්ම මට ඉතුරු .. ඒ දේ මන් රැක ගන්නවා " ...



" ඉන්නවා ඉන්නවා ඉන්නවා " ඒ අපේ රැළය ...


මාත් අමුත්තාත් එක වර අසුනෙන් නැගිට රියෙන් පිටත බැලුවා .


            ඇත්තෙම්ම මගේ මිතුරා වාසනාවන්තයි , ඔහුගේ කිරිල්ලිය දු සිඟිත්තන් සමගින් ඔහු පිළිගන්නට කොල පැහෙයෙන් බැබලෙමින් නගරය මද්‍යයේ ඇති විශාල ඕක් සෙවනේ වාඩි වී සිටියි.ඒ තනිව නොව පුංචි පික්නික් එකක්ද සමගිනි ....




තම කුඩා අත් බෑගය කරට ගෙන ඔහු බස් රථයෙන් බැස ඔහුගේ අනාගතය සිප ගන්නට ගියේය ....








මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී ..
සමුගෙන ගොස් යලි හැරුනෙමි ,සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක් වී ...
.









This is an automated post , Shermie Fernandez    for    http://obeth-mageth-addakeem.blogspot.com

59 comments:

  1. ඈ...
    මාර කතාවක්නේ බං....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරියා .මේ කතාව රස වින්ද නම්
      ඒක සතුටක් මට.

      Delete
  2. කැත වැඩ බං උඹට ලියන්න පුළුවන් කම තියාගෙන සගරා කියවනවා. අම්මප තොට (සොරි ඇන්ට්පා) දෙනවා දෙකක්.. ඇයං බං අර ඕක් ගහේ මගුල් එල්ල්පු එක නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් ඒවා නොකියවා කොහොමද kopi
      කරන්නේ.. හැක් ...
      නැ නෑ ගහේ එල්ලන්නේ නැහැ , ගෙඩිය පිටින්
      ගහ පාමුල ඉද්දි .. :)

      Delete
  3. මරු කතාව. මම මේක ලියන මෙයා නෙමෙයි,
    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies

    1. ස්තූතියි මේ පැත්තේ ආවට ..ඉන්නකෝ අපි එන්නම්
      ඒ පැත්තේ..ස්තූතියි ලින්ක් එකට...

      Delete

    2. ස්තූතියි මේ පැත්තේ ආවට ..ඉන්නකෝ අපි එන්නම්
      ඒ පැත්තේ..ස්තූතියි ලින්ක් එකට...

      Delete
  4. මේක නියමයි නේ සහන්. ලියල තියන විදිහ නිසා වඩා රසවත්... අර මැද තියන ඇඩ් ටිකත් එල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන මන් මේක ලිව්වේ පොඩි දේවල්
      ටිකක් නොකියා කියන්නත් එක්ක තමයි ..
      මේ කතාවේ ප.ලි . කොටස බලන්නකෝ ටිකක් ..
      ස්තූතියි කමෙන්ට් කරාට..

      Delete
  5. අමුතුම ආරක කතාවක්නේ... අමුතුම ආකෘතියක්....ජීව්තයේ ගැඹර දකින්න කැඩපතක් වගේ... ස්තුතිය් මේ පරිවර්ථනය අපට ලබා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ .මේ දේ ලංකාවේ පරිසරය එක්ක ගැලපෙන්නේ
      නැහැ .ඒ නිසයි ඇමරිකන් කතා හුරුවටම ලිව්වේ.ලොකු අවුලක් වෙලා
      නැහැ ඒ කියන්නේ ..ස්තූතියි මේ කතාවේ යටින් දුවන සිද්දි සහ පණිවිඩය
      අඳුන ගත්තට ...ප.ලි. කොටස මන් සඟවලා තියෙන්නේ ..ඒකත් බලන්න ..
      ලොකු දෙයක් ඇතුලත් ....

      Delete
  6. හිහි..මරුනේ මේක ලියල තියන විදිය. මැදින් සයිලන්ට්සහන් කියලා ඇඩ් එහෙමත් දාල තියෙන්නේ. අර ඉලක්කම් වලින් ලියල තියෙන්නේ සිප් කෝඩ් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ අද කාලේ ඇඩ් එක නැතුව කිසි දෙයක් කරන්න බැහැ .
      ඉතින් මෙහෙමවත් දැම්මා සයුරි..ඒ වගේම සහන මිල යටතේ මීළඟ
      නිරමාණ වලට ඇඩ් බාර ගැනේ ...

      හ්ම්ම්ම් ඔව් සමහර ඒව සිප් තමයි.ස්තූතියි හැමදාම ඇවිත් කමෙන්ට්
      කරලා යනවට සයුරි ...

      Delete
  7. කවදත් වගේ කියන්නෙ ඔබ නියමයි. ඔබ මෙහිදී භාවිතා කළ උපක්‍රමය හරිම හොදයි. දිගට කියවන් යත්දි අවසානය පිළිබඳ යම් හැඟීමක් එනවා. නමුත් ඔබ අර හිස්තැන තබා ඇති පිළිවෙළත් මගදී වාක්‍ය ඛන්ඩ ලියා ඇති අන්දමත් නිසා ඒ අපේ පූර්ව හැඟීම වෙනස් වෙනවා. අවසානෙදි හිනාවක් එක්කම මෙන්න අවසානේ .....

    බොහෝම සුඛාන්තයක්. ඒකටම ගැලපෙන ගායනය. බ්ලොග් ලොවේ වෙනස් අත්හදා බැලීමක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ ඔබ තුමා හරියටම හිස පා මුලින් අල්ල ගන්නවා සරපයා.
      ඇත්තටම මට ඕනේ උනේ කාගේ හරි කතාවක් අහද්දී ඇති වන හිස්
      නිෂ්ප්‍රයෝජන උනන්දුවත් , කතා නායකයා හැමදාම වගේ අනුන්ගේ
      විකාර මැද්දේ අසරණව තනි වීමත් පෙන්නන්න කතාවක් ගොඩ නගන්න ..

      ඒ උනන්දුව ඇති කරන්න තමයි මම ඔහොම ලිව්වේ , ඇඩ් දැම්මේ මේ
      මිනිහෙක්ගේ මුළු ජීවිතෙකම අනාගතේ තීරණය වෙන්න යන මොහොතේත්.
      ඒත් අර මනුස්සය එයාගේ ලෝකෙමයි , එලියට එන්න බැහැ එයාට
      එක එක්කෙනාගේ ඔල්වරසන් ඇහුනට...

      බලන්න එයා තව තව අපහසු තාවයට පත් වෙනවා.ඔතන හොදම ටික වැටහේවි
      ඔබ තුමා ප.ලි. කොටස බලන්න ආයෙම ..

      මම ඒක සුදු පාටෙන් ලිව්වේ ..ඒ ටික පොඩ්ඩක් සිලෙක්ට් කරලා බලන්න ..
      හොදටම තේරේවි මන් කියන කොටස..

      කථා නායකයාගේ බිරිඳ එදා නෑවිත් හිටියනම් ?????????
      හුරේ දාපු අය අද කෝ ????????????????????????

      ඉතාම ස්තූතියි ඔබේ කමෙන්ටුවට වෙද මහත්තයෝ ....

      Delete
  8. හෙහ් හෙහ් බස් එක නගරයට එනකල් සෑහෙන දේවල වෙලා නේ?
    මමත් අර නගර නම් ඩිසයිෆර් කරන්න සෑහෙන උත්සාහ කලා, නමුත් ඇත්තෙන්ම ඒවා අමෙරිකන් නගරවල zip code තමයි මමත් හිතන්නෙ.
    මම අරක ලියන අරූ. :D

    ReplyDelete
    Replies
    1. කෝ බොල නැට්ට බොගේ ඩුඩ් අයියේ ? හි හි
      ජීවිතේ පළමු වතාවට නැට්ට නැතුව දක්කමද කොහෙද ..
      ඔතන පොඩි සීන් එකක් තියෙනවා, හොදට බලන්න බස් එක
      නෙවේ " නගරයයි කිට්ටු උනේ බස් එකට "

      ස්තූතියි ඩුඩ් අයියේ ඔයාලත් පවුලේ අයත් මේ දේවල් , මගේ බ්ලොග්
      වැටෙන දේවල් රස විඳිනවට ..
      මට ඒක සතුටක් ...
      ( සමහර සිප් ඇත්ත නෙවේ,සිප් දෙකයි කතාව එක්ක යන්නේ)

      Delete
    2. මම මේ මෑතකදි ඉඳලා නැට්ට ටික ටික හැලුවා. මේ නැට්ට නැතිව දාපු පලවෙනි එක නෙවෙයි. තවමත් අලුත් බ්ලොග් එකක කමෙන්ට් කරනකොට නැට්ට දානවා. ඒක එල්ලන්න හේතුව මගේ ඩෙනිමට කරපු සංක්‍රාන්තියයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් බ්ලොග් තුනක් ලිවීමයි. අලුත් බ්ලොගට ඔය ලොකු සින්ඩි වල සහයක් ලැබුනේ නෑ මුලදි ඉඳන් ඔය අපේ අපේ කොල්ලන්ගෙ සින්ඩි වලින් මිස. නමුත් දැන් නම් සින්ඩි නැතට් අවුලක් නෑ.

      Delete
    3. ඔව් අයියේ ඒක නම් ඇත්ත .නම් ඕනේ නැහැ ..මටත් ඔය දේම
      උනා..මටත් එන තරමක් කට්ටිය එන්නේ බ්ලොග් රෝල් වලින්
      තමයි..පුදුම නීතිනේ තියෙන්නේ සමහර සින්ඩි වල..සමහර ඒවගේ
      සාමාජිකත්වය ලබන්න ගවුම් රෙද්දක් ඕනේ...හැක්

      Delete
    4. එළම කතාව සහන්... මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කරන සින්ඩි කීපයක් හැරුණු විට නං දාරගන ඉන්න අර හත් පොලේ ගාගන්න මාලුවල එහෙම අපට කිසි සහයක් දුන්නේ නෑ ඒ වගෙම තමා සින්නක්කරේට සිංහල අයිතිය ලියං ඉන්න සින්ඩි කාරයත්.

      Delete
    5. සහතික ඇත්ත බං. අපි පොඩ්ඩො නිසාද, පෞද්ගලිකව තමන්ගේ අඩවිවල ජනප්‍රියත්වය අඩු වෙයි කියලද දන්නේ නෑ...අපිව මගාරින්නේ.

      Delete
  9. හ්ම්ම්.. ලියලා තියෙන රටාව හොඳයි... අර ඇඩ් ටික නම් මරු ඈ .. ;)

    ReplyDelete
    Replies
    1. ඔයාල මේක රස වින්ද කියල කමෙන්ට් එකක් දකිද්දී
      හරි සතුටුයි රෝස් ..ගොඩක් ස්තූතියි අගය කිරීමටත් ,
      ඒ ගැන කිව්වටත්...ආයේ වෙලාවක එන්න...

      Delete
  10. මාරයි.ආපු ගමන් කරකවලා ඇතැරියා වගේ. ඒ වගේ ම හැඟිම් බර ගීතයක් රසවින්දා.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  11. කෙනෙක් ගේ ජීවිතයක් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තත්පරයක් හොඳටම ප්‍රමාණවත් බව හොඳින් තේරුම් යන කතාවක් සහන්... හැම දුක්බර කතාවකම අවසානය දුක්බර විය යුතුම නැහැ. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන් ඒකා.උඹේ මේ කමෙන්ට් එකට මට
      කියන්න ගොඩක් දේ තියෙනවා..ඒත් අපි වෙනම තැනකදී
      ඕක ගැන නිරවුල්ව කතා කරමු ..හැම දේම මේ විදිහටම වේවා
      කියන එකයි මගෙත් පැතුම ...
      ස්තූතියි මචන් කමෙන්ට් කලාට ...

      Delete
  12. හරිම ලස්සන කතාවක්... අදමයි ආවේ මේ පැත්තට කියවන්න හදන්නෙ අනිත් ඒවත්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි නදිනි මගේ කලින් පෝස්ට් ටිකත් කියවන්න
      වෙලාවක එහෙනම් .එක එක දේවල් ගැන ලියපුවා ඇති.
      ඒ වගේම ටිකක් දරන්න බැරි ඒවත් තියෙනවා..ඒ නිසා මුල්
      හරිය කියවල ඉන්න ..එක පාරට කියවන්න එපා...

      එක්කෝ කමෙන්ට් කියවල ඉන්න..මොකද මට ගොඩක් මේල් ආව
      මේ දේවල් දාන්න එපා කියල 100% public ...

      Delete
    2. ගොඩක් ස්තූතියි බින්දී ඒ වගේම මටත් ඔයාගේ හැම පොස්ට් එකම දකිද්දී දැනෙන්නේ සිබිල් නන්ද ළඟ පැදුරක් එලාගෙන වාඩි වෙලා ඉන්න පුංචි ළමයි ටිකක් වගේ.ඔයාගේ හැම අකුරක් අකුරක් ගානෙම ඒක තියෙනවා ඔව් මන් ටිකක් වෙනස් එහෙකට එකක් වෙනස් පෝස්ට් කීපයක්ම දැම්ම පහු ගිය ටිකේ.ගොඩක් හොඳ ප්‍රතිචාරත් තියෙනවා.මන් මේ වෙද්දීත් පෝස්ට් 40 විතර ලියල ඉවරයි ඒවත් පුළුවන් වෙලාවට ඇවිත් බලන්න.මීට වඩා දෙයක් කියන්න බැහැ මගේ සිංහල වල ප්‍රශ්නයක් ඇවිත් චේදයක් වෙන් කරගන්නවත් බැහැ ඕහ් අසනීපෙන් උන්නද ඔයා දැන් සුව අතට නම් හොඳයි.ගොඩක් ස්තූතියි කමෙන්ට් කරාට බින්දී

      Delete
  13. වෙනස් විදිහෙ කතාවක්...ඒ වෙනස හොඳයි :) අර මැදින් දාපු ඇඩ් ටිකත් නියමයි :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චම්ස් .මේක කියවල
      සතුටක් ලැබුන නම් සන්තෝසයි මට.
      එක දිගට ටිකක් බර දේවල් වැටුන නිසයි
      මන් මේ කතාව දැම්මේ.මේකෙත් තිබ්බ බර
      අඩු කරන්නයි අරහෙම දේවල් මැදින් දැම්මේ..

      ඒ වගේම පලි. කොටස සුදු පාටින් දැම්මෙත් මේ
      කතාව සරලව විඳින අයට එහෙම විදින්න ඉඩ දෙන්න
      ඕනේ නිසයි..
      ස්තූතියි කමෙන්ට් කරාට චම්ස් ,ආයේ වෙලාවක එන්න ..

      Delete
  14. මේ වගේ රුසියානු කතාවක් කියවලා තියනවා වගේ මතකයි. අපූරු පරිවර්තනයක් කීවොත් හරිද?

    අර මැද ටික තමා ලස්සනම...:D

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි ඔයා හරි , ඒ වගේම ඒ දේ මම පලි. එකේ දැම්මා
      මුලින් .හැබැයි මුල් එකේ මෙහෙම සිද්දියක් නැහැ .නිකන්
      බැන්ද හිරේ ගියා , එද්දී ගෑනි ඉන්නවා..

      ඔහොම කතාවක් තිබ්බේ.මන් මගේ දේවල් ඇතුල් කරා මේකට .

      ඉන්නකෝ තව දෙයක් මතක් උනා (rusiyan kiyaddi) ඒකත් දාන්නම් මන් .
      ස්තූතියි මේ පැත්තේ ආවට පොඩ්ඩි , කකාගෙන් පාර අහන් ...

      Delete
    2. \\\අර මැද ටික තමා ලස්සනම...:D////
      ස්තූතියි පොඩ්ඩි , විනෝදෙටත් එක්කයි එහෙම
      දෙයක් දැම්මේ .මටත් ඒක දකිද්දී හිනා යනවා..
      එතන තියෙන සරල කමට මන් ඔක්කොටම වඩා
      ආසයි ...

      Delete
  15. මවුස් එකේ වීල් එක කැඩුනා පල්ලෙහාට රෝල් කරලා දැන් එකක් අරන් දීපිය.:)

    ඇත්තටම අමුතු අත්දැකීමක්.කියවපු මට මාර කුතුහලයක් වගේම පතුමකුත් ආව කොළ කොඩියක් එල්ලෙවා කියලා.ඒ වගේම මට තේරුණා අනිවාර්යෙන්ම කොළ කොඩිය එල්ලෙයි කියලා.මොකද එහෙම නොවුනා නම් මෙහෙම ලියවෙන්නේ නැහැ කතාවක්.

    ReplyDelete
    Replies
    1. වේගෙන් කරලා බෝලේ පන්නගත්තද නිසානයෝ ? :(
      ඔහොම ඉන්න වයිෆ් ඇත්නම් කොච්චර හොදද නේද? හිරේ නෙවේ
      අපායට උනත් යන්න ෆිට් එකක් එන්නේ..

      Delete
  16. මැදදි මාවත් හොල්මන් උනා..!

    අපිනම් නැටි දාන්නෑ බං.

    දැම්මත් මොකෝ ඉතිං නේ..!

    ReplyDelete
    Replies
    1. ඔව් වීයෝ කාගෙන් තහන්චිද ?
      කාගෙන් නීතිද ...ඔන්න ඔහේ දාන්න .
      මාත් මොකක් හරි සම්බන්දයක් තියෙන
      දෙයක් ගැන මගේ බ්ලොග් එකෙත් ලිපි තියේ
      නම් ලින්ක් කරනවා ...
      ස්තූතියි මේ පැත්තේ ආවට...ආයෙම වෙලාවක එන්න ..

      Delete
  17. හිත රිදිලා ටිකක් අප්සෙට් එකේ උන්න දවසක්...
    මේක දැක්කම හිනා ගියා...ඔයාගේ ad ටික නම් හරිම අපූරුයි...
    ඒ උනාට මේ කතාව ලියපු ආරට මම හරි කැමතියි..
    නොවෙයි කියලා හිතන් ඉන්න දෙයක්..අවිනිශ්චිත දෙයක්...වෙද්දී දැනෙන හැගීම ඔයාගේ කතාවේ තියනවා..

    ReplyDelete
    Replies
    1. @ කළු සහ සුදු

      ඔව් මටත් ඕනේ උනේ පහු ගිය පෝස්ට් ඔක්කොම ටික
      බර ඒවා නිසා මොකක් හරි ලස්සන කතාවක් කියන්න.
      ඉතින් මේක දැම්මා .තරුණ කාලේ දඟ කරන දේ එක්ක
      වෙන ඒවා පෙන්නන්න තමයි අර විදිහට ඇඩ් ටිකකුත්
      දැම්මේ..මටත් හරි ආස හිතුන ඒ ටික පස්සේ බලද්දී කළු සුදු.

      \\\.අවිනිශ්චිත දෙයක්...වෙද්දී දැනෙන හැගීම ඔයාගේ කතාවේ තියනවා../////

      ඔය දේ මතු කරන්න මට ගොඩක්ම ඕනේ උනා.එක පැත්තකින් කිසිම බර පතලක්
      තේරුම් නොගන්න හිස් පිරිසකුයි , එයාලගේ බොරු විකාර වචනයි ..

      අනික් පැත්තෙන් එක මොහොතෙන් හැම බලාපොරොත්තුවක්ම සුන් වෙයිද
      කියන හැන්ගීමයි තමා මේ කතාවේ තියෙන්නේ හරය විදිහට ..

      ඒත් සරල ආදර කතාවක් විදිහට රස විඳින්නත් පුළුවන් කැමති කෙනෙක්ට..
      ප.ලි.කොටස සුදු පාටෙන් දැම්මෙත් ඒ මිහිර විනාස කරන්න හොඳ නැති නිසා...

      ස්තූතියි කළු සුදු හිතෙන දේවල් මෙහෙම කමෙන්ට් කරනවට ..

      Delete
  18. ලස්සන කතාවක් කියවාගෙන යද්දි අර මැද්දේ ඇඩ් ටික ආවාම නම් තරා ගියා... :/
    මුනා වුනත් ලස්සන කතාව සහන්,,

    ReplyDelete
    Replies
    1. හි හි ඒ මොකද තරා ගියේ..
      ගොඩක් ස්තූතියි ශම්මි ඔයා මේකෙන්
      සතුටක් ලැබුවා නම් ...ආයේ වෙලාවක එන්න
      එහෙමනම් ...

      Delete
  19. මචං උඹේ අවුට් ඔෆ් ද බොක්ස් තින්කිං එකට මම පට්ටම ලයික්. මේ කථාවේ අර්ථය වටහා ගත්ත පිරිස සමාජයේ හරිම අඩුයි. ඒක නිසාම තමා එළිපිට කට්ටිය ගොනාට ඇදගන්නේ. ලස්සන කථාවක් ඇතුලේ කතා කීපයක්...ස්තුතියි මචං.

    ReplyDelete
  20. ඔව් මචන් පේට්‍රි ඒක තේරුම් ගන්න පිරිසකුත් ඉන්න නිසයි
    මන් මෙහෙම වහල ගහන්නේ .මන් වහල ගහන දේවල් ගැන
    ටිකක් අවදානෙන් ඉන්න | ඒ වගේම එහෙම නැති ඔහේ දේවල්
    ටිකකුත් දාන්න ඕනේ..මොකද මට දැනෙනවා අපේ දේශපාලන
    මත එක්ක , වෙන වෙන පුද්ගලික ආරෝ නිසා බ්ලොග් එක වර්ජනය
    කරනවා මොන දේ ගියත් ..මම නම් එහෙම නැහැ .මේක නිකන්
    අන්තර්ජාලයේ තියෙන පත්තර කොලයක් විදිහට සලකන්නේ ..
    පුද්ගලික ගැටුම් මේ දේවල් වලට අදාළ කර ගැනීම වැරදි ...

    හරි හරි ඒවා ඕනේ නැහැ.. පුළු පුළුවන් වෙලාවට පහු ගිය පෝස්ට්
    ටිකත් බලන්න මචෝ ...
    සුබ නිදහසක්! ( හෑ ! )

    ReplyDelete
    Replies
    1. මගේ නම් නිදහස තියෙන්නේ හිතේ මිසක්, තිරිකුණාමලේ හරි නිදහස් චතුරස්‍රයේ හරි නෙමේ.

      උඹ කියපු තත්වේ මගේ බ්ලොගටත් දැනටමත් වෙලා තියනවා. කොහොම වෙතත් නොහිතන වෙනම පැත්තක් ගැන මේ දවස්වල කරුණු එක් රැස් කරගන්නවා. බලමු ඉස්සරහට.

      Delete
  21. කියවල ගියා .කමෙන්ට් කලේ නැහැ ලෙඩ වෙලා හිටි නිසා .
    ඒ වුනාට මතක තියන් ඉඳල ආවේ කතාව සුපිරියි කියන්න .

    අමුතු වෙනසක් ඇති නිසා මන් මේ කතාවට කැමතියි . ලොකු සිද්ධියක් නොවුනත් ඔබ එය ලියා ඇති අකාරය නිර්මානශිලියි ..ජය

    ReplyDelete
  22. ගොඩක් ස්තූතියි බින්දී ඒ වගේම මටත් ඔයාගේ හැම පොස්ට් එකම දකිද්දී දැනෙන්නේ සිබිල් නන්ද ළඟ පැදුරක් එලාගෙන වාඩි වෙලා ඉන්න පුංචි ළමයි ටිකක් වගේ.ඔයාගේ හැම අකුරක් අකුරක් ගානෙම ඒක තියෙනවා ඔව් මන් ටිකක් වෙනස් එහෙකට එකක් වෙනස් පෝස්ට් කීපයක්ම දැම්ම පහු ගිය ටිකේ.ගොඩක් හොඳ ප්‍රතිචාරත් තියෙනවා.මන් මේ වෙද්දීත් පෝස්ට් 40 විතර ලියල ඉවරයි ඒවත් පුළුවන් වෙලාවට ඇවිත් බලන්න.මීට වඩා දෙයක් කියන්න බැහැ මගේ සිංහල වල ප්‍රශ්නයක් ඇවිත් චේදයක් වෙන් කරගන්නවත් බැහැ ඕහ් අසනීපෙන් උන්නද ඔයා දැන් සුව අතට hari athi නම් හොඳයි.ගොඩක් ස්තූතියි කමෙන්ට් කරාට බින්දී ..
    nawatha enna idak lada welawata...

    ReplyDelete
  23. ග්ර්ර්ර්ර්ර්ර්..... මට බොලාත් එක්ක කේන්තිත් ගියා නගරෙට යන්න අච්චර වෙලා ගත්තට..... හික්.... හැබැයි එක මරු හොදේ.....

    වෙනස්ම විදියේ ලස්සන කතාවක්....

    ReplyDelete
    Replies

    1. ස්තූතියි සමනලී මේ කතාව කියවල
      ගියාට..සොරි කමෙන්ට් කරන්න පරක්කු උනාට...
      වෙනසකටත් එක්ක මෙහෙම් දැම්මේ...

      Delete
  24. මම මේ වගේ කතාවක් කොහෙන්හරි කියවලා තියෙනවා වගේ මතකයි, මේ පරිවර්තනයක්වත් ද ? කොහ්ම වුණත් අපූරු කථාව සහෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරු .මේක රුසියන් කතාවක්..
      ඒත් මුල් කතාව මෙහෙම නම් නැහැ හොඳද ??????
      ස්තූතියි මේ පැත්තේ ආවට...නැවත එන්න

      Delete
  25. අමුතුයි!
    තව පාරක් කියවන්න ඕනෙ.

    ReplyDelete
  26. ස්තූතියි බතී මගේ මිත්‍රයා...
    බෙහෙවින් ස්තූතියි...

    ReplyDelete
  27. සිංහල බ්ලොග් ලෝකයේ මුලින්ම මාරයා කතා රසට කිව්වේ ඊට පස්සේ අටම්පහුර කතා කීමේ කලාවේ නව ප්‍රවනතාවය ඇති කලේ දැන් උඹ තමයි අලුත්ම විදිය ඉස්සර රුසියන් පරිවර්තන මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදිත මේ කතාව රස වින්දා නම්
      මගේ කලින් පෝස්ට් ටික ටිකක් සැර වැඩි
      උන නිසයි මෙහෙම කතාවක් හිතුනේ දාන්න.
      මේ කතාව ගණන් වල ඇමරිකන් කතාවක්.
      තව දේවල් ටිකක් ඇතුල් කරලා ලිව්වා.ස්තූතියි
      මගේ මිත්‍රයා අගය කිරීමට.

      Delete
  28. කලින් අහල තිබුණු කතාවක් වුණත් ඔබ ලියල තියෙන නවමු ගතිය නිසා නැවතත් කියවන්න ආස හිතෙනව සහන්

    ReplyDelete
  29. ගොඩක් ස්තූතියි අගය කිරීම ගැන හැලපයෝ ..
    ඔබ වැන්නෙක් එසේ කීමත් මට සතුටක්...
    ගොඩක් ස්තූතියි..නැවත දිනක එන්න....

    ReplyDelete
  30. ඕක් ගසකුත් කහ පාට රිබන් පටිත් සම්බන්ධ වුන මේ වගේම සිද්දියක් වුනු ඇත්තම කතාවක් තියෙනවා.
    ඒ සිදධිය ගැන කියවුනු ගීතයකුත් තියෙනවා. http://www.youtube.com/watch?v=7NCZ4l8FCFc

    ReplyDelete
    Replies
    1. ow bando me ka 80 gana wala maricam kathawak..
      mata foto ekak labune naha kaha paata, labune
      kola pata foto eka, so ehema kathawa liwwa..

      thanks machan me clip eka link karata...
      ayeth enna pulu puluwan welawata machan...

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili