දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 30, 2012

වසර සීයක් ආපස්සට|මාගේ පුතුගේ පුතුට හෝ සෙවණක් දිය හැක් වේද මට ?


නිදහසටත් පෙර සිට ලාංකික අසරණ පන්තියේ මිනිසා
සහ ඔහුගේ පුතු අලලා මා අතින් වන් වන් සීරෝ
අඩවියට ලියවුනෙකි.ඉතා කෙටි ලෙස වචන සීයක් පමණක්
අන්තර්ගත වන පරිදි වූ නිර්මාණයකි. එහෙයින් බොහෝ දේ අත්
හැර , සමස්තය පමණක් ඉතිරිව ඇත.විවේකීව හිඳී නම් පමණක්
කියවන්න.





වසර සීයක් ආපස්සට


      
සුදු අප්පොලාගෙන් බේරෙන්නට අපමණ වෙහෙසක්
ගත්තෙමි.මහා එකෙකු නොවුවද, මහා එවුන් පසු පස දිව්වෙමි,
 "
එහෙයි"කියා බරද දැරීමි.ටිකෙන් ටික ඔවුන් පසු පසම ගොස්
නොදුටු ලොවක් දුටීමි.


 

"තෝ මන් එනකම් හිටු"


අවනතව සෙරෙප්පු කුට්ටම ලඟට හුන් මම  බලා උන්නෙමි.
තවත් බොහෝ දෑ එහේ  මෙහේ  යනෙනු දුටීමි.
වේගය වැඩිය,හරි හැටි තේරුම අපහසුය.එහෙයින් බිම බලා,
මහන්සියට සෙරෙප්පු කුට්ටම ලඟම ඉඳ, යුතුකමට මෙන්
එහි වූ මඩ ඇබින්ද පිසදා යලි එහි හැඩ බැලීමි.

අගනේය . පිසදැන්ම අගනේය..

 

"යමව් බොලා, අඳුර එන්ටත් ලගයි"

 

"එහෙමයි , හීන් කොල්ල නිදන්ට මත්තෙන් ගියහැක්
උනෝතින් ඌ ආසාවෙන් අහන් ඉඳි නොවැ" බිළිඳු  පුතු
මතකයට ආ  මා තනිව සිතයි.



දින සති ගෙවී ගියේ අප හුන් අඩ අමතකවය.
අනෙක් අඩ එදා මෙන්ම මටත් පුතුටත් බොහෝ දුරය...

 

කම් නැත , මා එදා සිටි තැන
පාවහන් යුගලක් අද ඔහුගේ තනිය මකනු ඇත.
ඔහුගේ බිළිඳු පුතු, මා අත මාගේ තනිය මකනු ඇත.

දෙවියනි ඔබ මැවූ ලොව හරි සරලයි...

මාගේ පුතුගේ පුතුට හෝ සෙවණක් දිය හැක් වේද මට ?




ප.ලි. සීය කල දේ මුණුබුරත් කරනවා, සීයට වඩා සමහර දේවල් දියුණු උනාට ,
දෙන්නම කරන්නේ එකම දේ..

සීය පිහ දැම්මේ සෙරෙප්පු , මුණුබුරාට පිහදාන්න වෙන්නේ
සපත්තු .ඒ අතින් මුණුබුරාගේ ලෝකේ දියුණුයි..

(ඔහු පාවහන් පිසදාන ලෝකය දියුණුයි!

තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය| A little girl,dreaming about her mom.

නව වසරේ විවාහ වීමට සිටින , හා හා පුර කියා දෙමව්පියන්
වීමට සිහින දකින සියලු දෙන වෙනුවෙන් ඉදිරිපත් කරමි..

පාට පාට සාලි ඇඳන් අම්මි එක්ක එකතු          වෙලා
හප් හප් කිය කිය මන් බෝනික්කට අකුරු         කළා
පුංචි  මල්ලි එනවා කියා අම්මි මගේ කීව           නිසා
බැලුවා මන් බංඩි දිහා කොහේදැයි මේ චූටි         බබා




පුංචි දෝණියක් තමන්ගේ මව අනුකරණය කරමින් ,
ඇය හා ලෙන්ගතුව ජීවිතය දැකීමට නිතර උත්සාහ
ගනී.අනාගතයේදී තමාද මවක් වීමට සිටින නිසාදෝ
පුතණුවන් කාර් අතර වීරයන්ව තරඟ ජය ලබන විට,
සෑම දුවණියක්ම බෝනික්කන් රැසකට මවක් වේ.


This is an automated post
Shermie Fernandez   for   www.obeth-mageth-addakeem.blogspot.com

මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)



              48 සිට අරයා හොඳයි , නෑ මෙයා හොඳයි , එක්කෝ මෙයාට වත් දෙනවා ,වැඩක් නැහැ මේ ඔක්කොම එකයි අපේ වැඩක් බලාගෙන ඉන්න එකයි හොඳ කියන පසුබිමේ සිට ලියමි.

මගේ පියා එදා සිට අප දේශපාලනයේ නිරත වූ පහත නම් සහිත සමහරුන් ඉතා භක්තියෙන්ද, සමහරුන් ගැන විවිද මතද දරයි.

       බණ්ඩාරනායක මහතා 56-59 , මැතිණිය 60-64 70-77 , D.S. සේනානායක 48-52 , කොල්වින් ,D.B. ජයතිලක , F.R. සේනානායක , ඩඩ්ලි 52 65-70 , sir ජෝන් කොතලාවල 53-56 , N.M පෙරේරා 31 ,64 සභාග රජය rajaya , සමගි පෙරමුණ 70-77 .*පීටර් කේනමන් , S.A. වික්‍රමසිංහ , කොල්වින් , ෆිලිප් / ලෙස්ලි / විවියන් / කුසුමා /රොබට් ගුනවෝර්දන , හෙක්ටර් කොබ්බැකඩුව, S.A. ගුණසිංහ , චෙල්වනායගම් , ෆීලික්ස් ඩයස් , T.B ඉලංගරත්න , C.P. ද සිල්වා , R.S. පැල්පොල , I.M.R.A. ඊරියගොල්ල , ජයවීර කුරුප්පු , විමලා විජේවර්ධන , R.S. පෙරේරා , අනිල් මුණසිංහ ,මහජන පක්ෂය හා පුරෝගාමීන් , විජේවීර , විජේ


    ( මෙහි නම් සදහන් නොවුණු තව 250 පමණ පිරිසක් හා පක්ෂ / කණ්ඩායම් ඇති නිසාත් ,මාගේ පොස්ටුව නම් ලැයිස්තුවක් කල නොහැකි නිසාත් පොදුවේ මේ පිරිස හා ඔවුනගේ සමකාලීනයන් ගැන මතකය අවදි කර පහත දේ හට අවදානය යොමු කරන්න)



ඇත්තෙන්ම මොවුන් සියලු දෙනා දුගී දුප්පත් ජනයා වෙනුවෙන් පෙනී සිටීම ඒකායන
අරමුණ කරගත්තවුන්ද ?


01.ඔවුන් එසේ නම් අපට මෙසේ වූයේ ඇයි ?
02.එසේනම් ඔවුන් කලේ කුමක්ද ?
03.අපේ සීයලා ,තාත්තලා කලේ කුමක්ද ?
04.වර්තමානයේ සිටිනා පාලකයන් කරන්නේ කුමක්ද ?
05.අපේ තාත්තලාගේ පුතුන් වන අප කරන්නේ කුමක්ද ?..






 


උත්තර මෙසේ විය යුතුය.එනම් සියලු පාලක ප්‍රජාව ජනතාව වන අප හට
වෙනෙකක් පෙන්නා වෙනෙකක් කළාහුය. අපද ඔවුන් පෙන්නු පාරෙහි පැමිණ ඇත.



ඔවුන් සැබවින්ම කල දෙය කුමක්ද ..


                 නිදහස ලබා ගැනීමේ සිට ඒ හා සමගාමීව සිටිය වුන්ට අප කෘතඥ ( IME fault )විය යුතුය.එහෙත් එයින් පසු ඔවුන් සියල්ල සිදු කල එකම දෙය ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා කල ක්‍රියාකාරකම් පෙළක් පමණි.එයට අවශ්‍ය වටපිටාව ඔවුන් සකසා ගත්තේද ජන සේවය යන වචනයට මුව වෙමිනි.එකල ඔවුනට අවශ්‍යව තිබුනේ තම පෙළපත , පවුලේ ගරුත්වය , තම නාමය කීර්තිමත් අයුරින් පවත්වා ගැනීම වැනි අවශ්‍යතාවයන්ය.එනිසා කම් නැත ( එසේ කියමු ). මන්දයත් ඔවුන් සතු මහා පරිමාන වතු, ඉඩම් , දේපල , වෙස්සන්තර රජු පරිද්දෙන් ප්‍රදානය කිරීම වැනි කටයුත්තකදී කෙලෙස ඔවුනට දොස් නගම්ද ?

          

                    වැරදුනේ එතනය! ඔවුන් සියල්ල කර ඇත්තේ සමාජයේ කැපී පෙනීමටය .ඒ එදා අවශ්‍යතාවය.අපි ඒ කාලේ එහෙමය. එහෙත් යටින් දුවනා කුහකත්වය කෙසේ නම්යට කල හැකිද ? පුද්ගලිකව පාලනය වූ වතු , කර්මාන්තායතන , වෙනත් දේපල , සමාගම් රජයට පවරා ඒ සියල්ලෙහි ව්‍යුහය වෙනස් කර ජනකාමී ලේබලය ඇලවීමෙන් සිදු වූයේ කිසිවක් නොව කෙටි කාලයකින්( රාජ්‍යක් වශයෙන් සලකු විට ) පාලනයට අපොහොසත් කමින් පාඩු ලබා බැරිම තැන අඳුරු ගුහා බවට පත් වීමයි. මීළඟ රජයේ මුවාවෙන් ආ පිරිස කලේද ඉතුරුව ඇති මහා පරිමාන රාජ්‍ය දේපල සමූහයට ජනතා ලේබලය මුවාවෙන් තම හෙංචයියන් පිරවීම පමණි.තව තවත් ජනතාවගෙන් පිරී ගිය රාජ්‍ය අංශය/සංස්ථාව/මණ්ඩලය ; අහෝ ඊළඟ ජනහිතකාමී ආණ්ඩුවෙන් විසුරුවා හැරෙයි.



දැන් සිදුව ඇත්තේ කුමක්ද ?



         බොරු ජනහිත කාමීත්වයක් මවා පෑමට කල සියල්ල නිසා අසරණ වූයේද 
සැබෑ අසරණ ජනතාව පමණි.නමුත් පාලකන් තවම නිදල්ලේය. දිගින් දිගටම සිදු වූයේ මෙවැනි ක්‍රියා දාමයන්ය. මෙවැනි ක්‍රියා වලින් එදා වැළකී සිටියානම් අද අප රට තුල  මහා පරිමාන පව්ද්ගලික( IME fault) පලනාධිකාරි අංශයකින් සවිමත් වූ සමාගම් රාශියක් හා ඒ වටා එක් රොක් වී ජීවිතය සරි කරගන්නා රැකියා මඩුල්ලක් බිහි වනු ඇත.

             එහෙත් එහෙම කරන්නට බැරිය . ආණ්ඩුව පැත්තකය . කොහෙවත් යන උන් ලොක්කන් වී, ජනතාව ස්වාදීන පිරිසක් වන නිසාවෙනි.මා පැවසු එදා දේශපාලන කුහකත්වය එයයි.එනිසා වහාම ඒ සියලු දේපල පණත් හරහා ආණ්ඩුව මගින් පාලනයට ගෙන, සියල්ල විනාශ මුඛයට ඇද දැම්මේ ඒ කුහකත්වයයි. නමුත් රජයක් වශයෙන් සැබවින්ම කල යුත්තේ කුමක්ද ?අනාගත දියුණුවක් දැකිය හැකි අංශ වලට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම විනා , ඒ අංශ තම රෙද්ද අස්සට ඔබා ගැනීම නොව.දරන්නට බැරි බරක් දරන විට රෙද්ද ගැලවෙන බව ඔවුනට පසක් නොවූයේ මා ඉහත සදහන් කල කුහකත්වයෙන් දෑස් අඳ වූ නිසාය..



මේ සියල්ල මෙසේ ගොනු කල හැකිය ...


       උඩ බලා කෙල ගසන්නෙක් " ආන්න මගේ කෙල පාර "යැයි උජාරුවෙන් කියා පසුව ඒ කෙල පාරම මුහුණට පතිත වු විට ඇඳ සිටි අමුඩය ගලවා මොහුන පිසදා ගැන්මක් වැනිය.



දැන් නැවත පෙර සදහන් කල ප්‍රශ්න කීපයක් සලකමු.



04.වර්තමානයේ සිටිනා පාලකයන් කරන්නේ කුමක්ද ?
05.අපේ තාත්තලාගේ පුතුන් වන අප කරන්නේ කුමක්ද ?



         අද වන විටද සියල්ල ඒ පරිදිමය.එහෙත් ඒ මුහුණුවරින් දැන් බොහෝ සේ විකාශනය වූ දේවල් සමුදායක් මැද අප අතරමං වී ඇත.වර්තමානයේද එදා තිබූ සමාජයේ කැපී පෙනීමේ අවශ්‍යතාවයම එලෙසින්ම පවතී.එහෙත් දැන් අප දියුණුය. හැම දේම ප්‍රතිසංවිධානය වී ඇත.එදා මෙන් අප පල් මෝඩ නැත.දන් දීමේ ආදීනව හොදින් තේරුම් බේරුම් කර ගෙන ඇත. එදා තම පුද්ගලික ධනයෙන් දේශපාලනය කලාවූ අයවලුන් දැන් කරන්නේ දේශපාලනයෙන් තම කැපී පෙනීම වර්ධනය කර ගැනීමට වඩ වඩා තම ගොඩට දෑ එක්හාසු කරගැනුමැයි.දැන් සිදු කරන්නේ රාජ්‍ය දේපල තම පුද්ගලික උවමනා එපා කම් මත පුද්ගලික පරිහරණයට ගැනීමයි.සියලු රාජ්‍ය ක්‍රියාකාරකම් සිදු කරනුයේ පුද්ගලික උවනමනාවන්ට යටත්වය.මෙය මොන තරම් උඩු දුවා ඇතිද කිවහොත්

 "අප්පච්චි මට පොලොව වටේ යවන්න සෙල්ලන් චන්ද්‍රිකාවක් ඕනෑයි "
ඉල්ලා සිටීම වැනි දෙයක් වුවද ඉටු විය හැකිය.එය මනාව ජනතාවාදී ලේබලයෙන් දැවටී එන විට අපටද කම් නැත.



 ඒ ඇයි?

          මේ සියල්ල අපගේ අවශ්‍යතාවය සදහා මහත් පරිශ්‍රමයෙන් ඉටු කෙරෙන ක්‍රියාදාමයක්
විනා, පුද්ගලික ආශාවන් මත පදනම්ව ක්‍රියාවට නොනැගු ලෙස ඒවා භව්තීස්ම වී අප වෙත පැමිණෙන නිසාවෙනි.සැමදාම වූයේ මේ රටේ දුප්පත් අඩු දැනුමැති එකා රවටා තම අභිමතය ඉටු කරගැන්මය. විටෙක අභිමතය ජනතාවට සමීපය , විටෙක ජනතාව අභිමතය කරපින්නාගෙන
" හා දැන් ඇති , උබලා ගෙවල් වලට පලයල්ලා " 

         කියනකම් යාම සිදුවේ.තේරුම් ගත යුතු එකම දෙය නම් අභිමතය අභිමතය අභිමතය යැයි පුන පුනා කියන මේ දෙයයි,අන් කිසිවක් නොව දේශපාලනය කරනාවුන්ගේ කුහකත්වය පමණි.ජනතාව රවටා තම පුද්ගලික ආශාවන් ඉටු කර ගැනීමට මාන බලන, එදා සිට මේ වනතුරු එක් එක් ජනතාවාදී මුහුණු තුලින් හමු වන ක්‍රියාකාරකම් වලට අප තවත් අසු වනවාද?

කිසි සේත් නැහැ, එහෙත් දැන් කල හැක්කක් නැත.කල හැකි එකම දෙය නම් ඔබගේ පුතාටද
" සීයලා ආව පාරේම යමල්ලා බොලව් " කියා ඔවුන්වත් ඇදගෙන ඉතුරු ටිකත් යාමද ?




සියල්ල සම්පිණ්ඩනය කර අවසානයට එමු.


                  දැන් අප සිදු කරන්නේ එදා කෙල පිසීමට ගැලවූ අමුඩ ලේන්සුවට මල් මෝස්‌තර ,රේන්ද ,බෝරිච්චි , බතික් වැනි නොයෙක් විසිතුරු දේ එක් කරමින් සැණකෙළියේ හොදම අමුඩ ලේන්සු හිමි කරු වීමට උත්සාහ කිරීමයි..උත්සාහය අගනේය , එහෙත් තවද හෙළුවෙන්ය! අපගේ දූ දරුවන් මෙයට තව තව විච්චූරන එක් කරන්නට පෙර සරම් කඩමල්ලක් හෝ ඇඳ ගත යුතුය.නැතිනම් අපගේ දූ දරුවන් වසා ගැන්මට හෝ හෙළුවක් ඉතුරු නොකරනු ඇත!



ප . ලි. මෙයටම සම්බන්දිත පෙර ලිපි     වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

December 28, 2012

වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!



           මා මෙන්ම ඔබද අකමැතිම මාතෘකාවක්, නමුත් අමතක කර අපට පලා යා නොහැකි නිසා මේ ටික සටහන් කරමි ඉතා කෙටියෙන්.සුප්‍රසිද්ද ගොයන් කොලේ කතාවත්; පාරට තාර දමා ගැනීමේත්, කොල්ලාට රස්සාවක් හොයා ගැනීමේ පරමාර්ථයෙන් කතිරය ගැසූ සියලු දෙනාම මෙයට දායක වී ඇත..
( පසුබිම් බිම් කතා සියල්ල දන්නා වුන්ගේ සාභාගීත්වය පමණක් සෑහේ..)

                මා කෙටියෙන් සියලු දේ පවසමි.ගොයන් කොලේ සිද්දිය ගැන රෝම ලන්දේසි පොත් කට පාඩන් කරන කාලයේ පටන් සියලු දෙනාම මහත් උජාරුවෙන් විශ්මිතව " ෂඃ පුදුම දක්ෂයෝ නේද " යනුවෙන් කීවා පමණි.ඇත්ත වසන් කර ඇස් පනාපිට අහිංසකයන් තවත් අසරණ කර පැන යද්දී කිසිම කෙනෙකු

01. ගරු _______ හිතා මතා නොමග යැවීම
02.ගරු _______ තුමා හෑල්ලුවට ලක් කිරීම
03.වචන පෙරලි මගින් ___ වෙනතක යැවීම
04.අහිංසක( ඔප්පු කල නොහැක්කක් ) පුගලයෙකුගේ වහර වටහා නොගැන්ම
05.සම්පූර්ණ මෙතෙක් __ විභාගය නිරර්ථක ලෙස වෙනත යැවීම
06.ඉහත කරුණු සියල්ල සමගින් තහනම් නියෝග ඉදිරිපත් නොවීම

ගැන කතා  කලේ නැත.කල එකම දෙය " සියල්ල සාක්ෂි මත පදනම් බව "
පැවසීම පමණි,එමගින් තව තවත් ඉහත වැරදි සියල්ල ඉබේම තම ආයුධ
ගොන්නට එක් කරගැනීම පමණි.
අතිශය දරුණු ක්‍රියා කීපයක් භව්තීස්ම වූයේ එලෙසිනි.ගැටලුවක්ද නැත .
ඈ අඳ ගැහැණියකි.අපගේ හෙළුව දක්නට ඈට නොහැක.
මෙතෙකින් පළමු කොටස අවසන්!


දෙවන කොටස .....

 
     එදා (48)සිට අපට සිදු වූයේ , අප සිදු කලේ, කරන්නට දිරි ගැන්වුණේ මහා ඒජන්ත හාමුදුරුවෝ වැන්නවුන්ගේ දේශපාලන කණ්ඩායමට බත් බලයන් වීමටය..ඒ ඇර අප දන්නා, අපට කියා දුන් දේශපාලනයක් නැත..ටිකෙන් ටික මේ තත්වයම වැඩි වූවා පමණි..

      ටික ටික "  කොල්ලට මේ පාරවත් රස්සාවක් හාමුදුරුවනේ , අපේ මුද්දර පොත,ජනතා කරණය , වැඩි තැනින් අඩු තැනට........ etc ( including 77, 83, 89)   >>>>> ගමට ලයිට් , තාර ,  දක්වා දිගු වූවා පමණි..දේශපාලන  දැනුම, මෙහි සබැ වටිනාකම , මෙහි ඇති බලය..... etc ගැන දැනුවත් වීමක් සිදු නොවීය.දේශපාලන බලය ඇත්තවුන් හැමදාම මහ ඒජන්ත වරුන්ය .අනිකුන් ඔවුන්ගේ බත් බැලයන්ය..මහ ඒජන්තවරුන් ගානට තෝරා බේරා බත් බැලයන් නියමිත ස්ථානයන් හී රදවා ඇත.ඒ ඔවුනගේ උන්නතියට පමණය.

           වරප්‍රසාද ලත් බත් බැලයන් සිදු කරනුයේ මහ ඒජන්තටත් හපන් ක්‍රියා දාමයකි..මක් නිසාද යත් ඔවුන් සාමාන්‍ය බත් බැලයන්ගෙන් යැපෙන්නවුන් නොවීම නිසාවෙනි.වරප්‍රසාද ලත් බත් බැලයන් කිසිදු ගැටලුවකින් තොරව මහ ඒජන්තස්වරූපයෙන්ම පෙනී සිටී..

තුන් වන කොටස ...

 
                   වරප්‍රසාද ලත් බත් බැලයන්  ඉඳ හිට සැබෑ මහා ඒජන්ත හමුදුවන්ටත් ඉහලින් යන්නට තැත් කරයි.ඒ කුමන හෝ කරුණක් නිසා තමන්ද අහිංසක බත් බැලයන් බව අමතක කර සිටින නිසාවෙනි .. (හේතුව වෙනත් කරුණක් නිසා සදහන් නොකරමි  ) බත් බැලයන් යනු බත් බැලයන් පමණි.දවටා ඇති සරුව පිත්තල ඉවත් කල පසු අහිංසක බත් බැලයන්ගේත් ඔවුන්ගේත් වෙනසක් නැත.. එහෙත් අවසනාවක මහත නිල් නරියාට සිදු වූ දෙය  

දැන් අතුරු  කතා සියල්ල එක් කර අවසාන කතාව පවසමි..

01.සැබෑ ලෙස අසාධාරණයක් වූ විට දැන් පමණක් කිමද මේ වෙනද නොතිබු
පෙරලියක් ?

02.දැන් පමණක් කිමද නිරුවත පෙන්වීමට තහංචියක් ?
03. ඈ අඳ ගැහැනියකි, ඒ නිසාම නිරුවත පෙන්වීමෙහි වරදක් නැති
බව අපටම කියා දුන්නේත්  , අප ලවා නීති විභාග පිටු ගණන් ලියවූයේ
කව්රුන්ද ?

04.ඒ සත්‍යම ඔබට වලංගු නොවන්නේ මන්ද ?
05. ඒ එහි නිරුවත අතරින් රිංගු විට සැබෑ සත්‍ය යට යන නිසාද ?
06.මීට ඉහත අන්ත අසරණ උන් දුකින් හඬා වැටෙන විට දෑස් නො ඇරුනේ කිමද ?
07. ඔබ අඳ නිසාද ?
08.දැන් දෑස් ඇරුනේ මෙතෙක් කල් ඔබ කල බොරුව  නිසාද ?
09.මේ ඔබගේ වාරය නිසාද ?
10.අසරණයන් හා එක්ව දැන් ඉන්නට නොහැක්කේ ඇයි ?
11.ඔබ හට එය පිළිගත නොහැක්කේ ඇයි ?
12.ඔබ අසරණ වන්නට කැමති නැත්තේ ඇයි ?
13.අනුන් අසරණව හඬා වැටෙන විට දෑස් බැඳ සිටි පටිය දැන් ගලවා
ඇත්තේ ඇයි ?
14.ඉහත වැරදි ගැන දැන් කතා කරන්නේ ඇයි ?


අවසානය ..

 
      ඔබද බත් බැලයෙක් පමණි , අපද බත් බැලයන්ය.එහෙත් අපගේ ගොඩට එන්නට ඔබට ඉඩ දිය නොහැක .නිල් නරියාගේ කතාව සත්‍ය බව පමණක් මතක් කර මා දෑස් පියා කන්ද වසා ගමි...!
දක්ෂම සිසුවාටද ගුරු ගව්රවය රැක්මට නොහැක .ආමෙන්!

දේව භක්තිය... Aesop's Fables.



 පලි . මගේ තාත්ත මට පුංචි කාලේ අරන් දීපු පොතක් මේක .මේ පොත අද තියෙන්නේ මා ඉගෙනගත්   විදුහලක පුස්තකාලයේ.නමුත් වසර 20 එහා ගියද මේ මතකයන් අදද මා රස විඳින හෙයින් මෙසේ පල   කරමි.ආදරණීය තාත්තාත් මෙසේ මතක් කරමි...

           එක්තරා සමයක ජීවත් වූ පුද්ගලයෙක් ඉතා දැඩි ලෙස දෙවියන් ඇදහීමට පෙලඹවී සිටියේය . මොහු උපයන මුදලෙන් බොහෝ කොටසක් වියදම් වූයේ මොහුගේ මෙම ක්‍රියාවටය .දිනක් මොහු හමුවට පැමිණි දෙව් තොමෝ
" මා හිතවත ඔබ උපයන මුදලින් ඔබගේ දුවා දරුවන් පෝෂණයට යමක් කරන්න.දැනට මේ ලැබෙන ගරු සැලකිලි මා හට ප්‍රමාණවත් " යනුවෙන් පවසා දෙව් තොමෝ පිටව ගියේය..

          දින කීපයකට පසු තවත් දිනෙක බූරුවෙකු පිට තබා දේව පිළිමය නගරයේ වීදි සංචාරය කරවූයේ දේව භක්තිය නිසාමය .දිනෙක රාත්‍රී යාමයේ දෙවියන් ඔහු හමුවට පැමිණ සිටියේය..


" එම්බල මුලාවට පත් වූ තැනැත්ත , තා මේ අයුරින් දිගින් දිගටම හැසිරුණ හොත් තොපගේ දේව භක්තියම තා විනාශය කරා ගෙනයනු ඇත.එදිනට තා දොස් නගන්නේද මටමය! " යනුවෙන් පවසා දෙව් තොමෝ පිටව ගියේය...







පලි . මගේ තාත්ත මට පුංචි කාලේ අරන් දීපු පොතක් මේක .මේ පොත අද තියෙන්නේ මා ඉගෙනගත් 
විදුහලක පුස්තකාලයේ.නමුත් වසර 20 එහා ගියද මේ මතකයන් අදද මා රස විඳින හෙයින් මෙසේ පල
 කරමි.ආදරණීය තාත්තාත් මෙසේ මතක්

December 26, 2012

විවාහක පිරිමින් ප්‍රසිද්දියේ විවාහය නීරස බැව් පැවසීමත් , ස්ත්‍රීන් එසේ නොකිරීමත්...




           මන් මේක පොඩි කාලේ ඉඳන් දැක්ක දෙයක්.මේක කතා කරන්නේ පොදු මධ්‍යස්ථ තැනක  ඉඳගෙනයි. එකිනාගේ පුද්ගලික අද්දැකීම් නෙවේ මන් කියන්නේ පොදු තත්වය.ගොඩක් වෙලාවට කව්රු පිළිගත්තත් නැතත් ළමයි දෙන්න තුන් දෙනා හැදීගෙන එද්දී විවාහක කාන්තාව මත පැටවෙන බර වැඩියි.හැම පැත්තෙන්ම.ඒ කියන්නේ ගොඩක් පැති වලින් .මහත්තයව සනසපු කෙනා ඊළගට දරුවන්වත් සනසන් හැම දේම උහුලන් ඉන්නවා..ඒත් මහත්තුරු ලොක්කෝ වගේ බස් හෝල්ට් ගානේ හිටන් කියන්නේ අලුත බැඳපු , හරි බඳින්න ඉන්න කොල්ලෙක්ට "හපෝ උබත් අමාරුවේ වටෙන්නද යන්නේ " යනුවෙන් මහ උජාරුවෙනි.ඉස්සර පොඩි කාලේ ඉඳන් තිබ්බ දෙයක් මෑතකදී ආයෙම මතු උනේ කතාවක දැක්ක දෙයක් නිසා..ඒ උනත් කව්රු පිළිගත්තත් නැතත් බිරින්දෑ වරුන් එසේ  කියනවා අඩුය.කියුවොත් කියා සිටින්නේ ඇත්තටම තමන් විඳින දුක් ගැහැටක් මිස බස් හෝල්ට් ගානේ ,ඔපිස් ගානේ , පොළවල් ගානේ ,සූදු පොළවල් ගානේ ,පත්තර , සම්මුක සාකච්චා , බ්ලොග් ගානේ උදාන වාක්‍ය නම් නෙවේ...

මේක මන් ලිව්වේ මධස්තව ( ඒ ඇර මාත් ඔය දේ කර තිබේ..) ඒත් එහෙම කරන්නේ ඇයි කියා සිතිය යුතුය..පොදුවේ ගත්කල ළමයි ලපටි සිටින පවුලක බිරින්දෑ ගෙන් සිදුවන දෙයින් සියයට කීයක් සැමියා විසින් කරන්නේ දැයි විමසුවහොත් උත්තරය කෙසේ වනු ඇතිද?

ආර්ථික ශක්තිය ගොඩ නැගීම
පවුලට ආරක්ෂාව සැපයීම
කෑම පිසීම
ඇදුම්  සේදීම
ගේ දොර සුද්ද පවිත්‍ර කිරීම
ළමයි ලපටි ගැන සෙවීම
උන්ට කන්න දීම
උන්ව නෑවීම
උන්ගේ ඇඳුන් හේදීම
ඉස්කෝලේ යැවීම
ගෙදර වැඩ කරවීම
පන්ති යැවීම
කඩේ යෑම
පවුලේ එකමුතුව පවත්වා ගැනීම( මේක නම් සංකීර්ණ වෙනවා ගෑනු වැඩි වෙද්දී.අම්මයි දුව උනත් )
පිටස්තර ආක්‍රමණ වලට මූණ දීම
අසල්වැසි සම්බන්දතා පවත්වාගැනීම
සමාජ සම්බන්දතා පවත්වාගැනීම
ඥාති සම්බන්දතා පවත්වා ගැනීම
ළමයි ලපටි වැඩිහිටි වෙන්න ඕන දැනුම දීම
ඒ ළමයි ඇති කරගන්න සිද්දි වලදී මැදිහත් වීම්
 

මේ වගේ මග අරුණු දේවලුත් දාල හිතන්න බලන්න ටිකක් ..
යාලුවන්ගෙනුත් අහල බලන්න   .



හිතල අවංක උත්තරයක් දෙන්න බලන්න...මොකද ඕව එකක් වත් ඉබේ වෙන්නේ නැහැ ..ඉබේ වෙනවා කියල හිතනවානම් ඉතින් ඒ කියන්නේ
විවාහය ගැන දැනුමක් නැති කම.... 

December 25, 2012

විභාග ශාලාව ...



ටක් ටක් පැන්සලක් වැටුණි බිම
කිසිවෙක් ඇත්ද දකින එය 
නැත්නම් කෙනෙක් ඇහිඳ දෙන 
පේපරේ නුඹ නාඬ   ඉඳ..!



December 24, 2012

අදහනු බෑ හා පැට්ටේකි මා




සුදු බෝලේ කෝ මගේ රන් කැටි
අම්මි ආව හනික වැඩ ඇරී
ලඟ තියල හදට හරි හැටී
වස පොවලා නුඹ ගිය හැටී! 




ඕකෙන් කියවෙන්නේ වැඩ ඇරුන ගමන් තමන්ගේ
පෙම්වතා ලඟට ඇවිත් , එයාව පපුවට තුරුල් කරන්
චූටි හා පැටියෙක්ව එයාගේ අම්ම හුරතල් කරනවා
වගේ හුරතල් කර කර වස පොවපු පෙම්වතියක් ගැන
..

December 23, 2012

ඈ අහිමි ඔහු


I am learning about blockquotes
නෙතුද       හඬවයි
ගතද            රිදවයි
සුළඟ        පමණයි
ඈ  අහිමි        නුඹට


December 22, 2012

රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය


                     

                
මෙතනින් තමයි සියලුම පාලන කටයුතු වෙන්නේ .එක්‌ එක් ආයතනයෙන් ආයතනයටසමහර දේවල් වෙනස් වෙනවා . නමුත් ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරීත්වය මෙහෙමයි සිද්ද වෙන්නේ.මෙතන සදහන් වෙන්නේ වාණිජ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් කෙටියෙන් .මීට අමතරව මේ ටිකම වෙන විදිහකටකරන්න පුළුවන් කියල සමහර අයට හිතේවි . එහෙම හිතුනොත් කමෙන්ට් කරන්න ඇයි වාණිජ ආයතනයකට එහෙම කරන්න බැරි කියන දේ විස්තරව පොස්ට් එකකින් දාන්නම් .


විකාශනයට නියමිත වැඩසටහන් නියමිත වෙලාවට ප්‍රචාරය සදහා යොමු කිරීම , සියලුම සම්ප්‍රේෂණ කටයුතු වල ගුණාත්මක භාවය ගැන නිරන්තර අවදානය යොමු කිරීම .සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වෙත ප්‍රධාන තරංගය යැවීම > චන්ද්‍රිකා විකාශනය සදහා චන්ද්‍රිකාව වෙත , රටෙහි යම් යම් ස්ථාන වල පවත්වාගෙන යනු ලබන ප්‍රති විකාශන මධ්‍යස්ථාන , අන්තර්ජාලය හරහා විකාශනය සැපයීම ,සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පාලනය ( නියමිත අවසරලත් frequency range එක පවත්වා ගැනීම ,නියමිත ප්‍රභලත්වය පවත්වා ගැනීම , හදිසි අවස්ථාවක විකාශනය නැවත්වීම වගේ )විකාශන වන වැඩසටහන් වල රූපරාමු අවශ්‍ය පරිදි වෙනස් කම් වලට භාජනය කිරීම ,වෙළද දැන්වීම් ප්‍රධාන වැඩසටහන් හා සම්බන්ද කිරීම , ප්‍රධාන studio හි පරිපාලන කටයුතු සිදු කිරීම , වැඩසටහන් ගබඩාව පාලනය කිරීම , පිටස්තර වැඩසටහන් ආයතනය වෙත ලබා ගැනීම චන්ද්‍රිකා මගින් විකාශනය වන වැඩසටහන් ලබා ගැනීම හා එම වැඩසටහන් නැවත විකාශනය සදහා සැකසීම , වෙළද දැන්වීම් ගබඩා ගත කිරීම් , program schedule එකට අනුව සියලු වැඩසටහන් , සියලු රූප රාමු ගැලපීම , ශබ්ධ පරිපාලනය වගේ දේවල් තමා මූලිකවම මෙතනින් වෙන්නේ . ඒ ඇර අනිත් හැම දේම කරන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම TV channel එක ගෙනියන්න පුළුවන් මෙතනට අනිත් හැම තැනකම බිඳ වැටුනත් රූපවාහිනී ආයතනයේ .එත් පහසුවට හරි පුහුණුවක් නැති අය වැඩට ගන්න වෙන නිසා ගොඩක් ලගදී පටන් ගත්ත ආයතන වෙන වෙනම කොටස් වලට තමා මේක කරන්නේ .ඒකයි මන් මුලින්ම කිව්වේ පටගන්න එපා මන් මෙතන කතා කරන්නේ වාණිජ මට්ටමෙන් විකාශනයකරන ආයතනයක professional ප්‍රධාන පාලක මැදිරියක ක්‍රියාකාරීත්වය මිසක් video mixer එකකුයි camcorder ටිකකුයි , lap top එකකුයි තියාගෙන කරන දේවල් ගැන නෙවේ.

December 20, 2012

දික්කසාදයෙන් ඈ ලැබූ සැනසීම!


උහුලනු බැරිව තව තව නෙක වේදනා
හිත දැඩි කර යන්නෙයි අද සැමිගෙන් වෙන් වෙලා
අහෝ නොසිතුව දෙයකි දැන් ඇත පෙළ ගැස්සිලා
මූසල ගෑනි පල අහකට කිම තව නෙත් අයා






මේවත් ඉතින් මන් ගෙදර ගෙනාපුවා තමා
  වෙන තැන වල කමෙන්ට් විදිහට දාපු... 
දික්කසාද උන ගෑනු ළමයෙකුට මෙහෙම කරන්න එපා පව්...

Merry Christmas and Happy New Year Greetings 2013!





ලබන්නා වූ නත්තලත්, අලුත් අවුරුද්දත් ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
  ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල  ගැන්වෙන , පැහැබර
අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.  
Shermie Fernandez

December 10, 2012

ඔබත් බණ ටිකක් ඇහෙද්දී , දකිද්දී හෙමීට පැත්තකට වෙන කෙනෙක්ද?



මාත් එහෙමයි , ඒකයි මේක ලියන්නේ .බොරුවට පිටු පුරවන්නැතුව කෙලින්ම කියන්නම් " තමුසේ අන්‍ය ආගමික බටහිර ගැත්තෙක් මේක කන්න ආපු" කියලකිව්වට කමක් නැහැ . දැන් වත් බොරු දේශ ප්‍රේමය , සිංහල ගැති  කම බල්ලට දාල කෙලින් හිටියම ඇති. ඔතොකොට ගානට බුද්ධාගමත් රැකිලා , රටත් මොනවා හරි ඇත්තටම හොද පැත්තකට යයි.

             ඉස්කෝලේ එකේ ඉඳන් ඉගැන්නුවා, දහම් පාසල් ගියා ලස්සන කතන්දර ඉගෙන ගත්තා.6, 7 වගේ වෙද්දී ටික ටික තරග , අනන් මනං ඒකෙත් පොලින් ගැහුනා . අපිත් දහම් පාසල් යන්නේ කථික තරගෙට , දහම් දැනුම තරගෙට , සමස්ත ලංකා කියල තව මොකක් හරි එහෙකට .අන්තිමට ධර්මයක් නම් ඉගෙන ගත්තේ නැහැ , ඉගැන්නුවෙත් නැහැ . උගන්නන්න හිටියේ එක්කෝ ලතා ටයිප් අය්යල නැත්නම් හැරීම දැහැමි අක්කල , නැත්නම් එක දාගන්නදගලන ඇන්ටිලා ටිහකුයි අන්කල්ලනම් අඩුයි මේ වගේ බොරු වැඩ වලට ආව.අරකෙන් අය්යලයි අක්කලයි ගත්තොත් එයාලත් මන් කලින් කිව්වා රේස් එකේ දුවල මුල් පෙළෙම හිටිය අය . ඉතින් කොහෙද එයාල ලග මානව දයාව?බුද්ධ ධර්මයෙන් අපිට දෙන අනුන් පරයා පෙළ නොගැසෙව් කියන පණිවිඩේ ? අර ඇන්ටිලා ගැන නම් කියන්න දෙයක් නැහැ දහම් දැනුමක් දෙනවා  නෙවේ මහා මෙරක් අපි කරනවා කියල පෙන්නිල්ලක් ඇර ..අපිට කොහෙද ඉගැන්නුවේ බුද්ධාගම කියන්නේ හිත නිවන , නිවාගන්න තියෙන දහමක් කියල ? සූත්‍ර 18,000 තියෙනවා ,එත් අපි දන්නේ

 රාහුල ඉපදුන දවසේ සිදුහත් කුමාරයා ගියා , ආයේ එද්දී යශෝදරා පන්සලට යැව්වයි ,මට නම් සත පහක අමුතු දෙයක් , පණිවිඩයක් ඇවිත් නැහැ ඔය කතාවෙන් " අහ් එහෙනම් ඒක උනේ එහෙමයි" ඇර ..

 වටු කුරුල්ලෝ ටික එකතු වෙලා වැද්දට ගේම දීපු හැටියි, ( උබලටත්  සෙට් උනොත්  ඕන ගේමක් දෙතෑකි වගේ , ගොඩක්පොඩි හින්ද ගේම් දීල ගන්න ඒවා නොතිබ්බ හින්ද හොදයි  )

වදුරෝ ටික ස්ට්‍රෝ  හදන් වතුර බීපු හැටියි ( මට නම් තව එක කතාවක් විතරයි ළමයින්ට නින්ද යනකම් කියන )

December 2, 2012

ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා ...! Happy New Year..!








සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ , සියළු පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරුණු  නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!





ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා ...!


Nash / Silentsahan / Ranga .





December 1, 2012

නැති වීමක් සම්බන්ධ සුට්ටන් මෙව්වා එකක් සමග නව බ්ලොග් අඩවි 3 ක් .. Did you find him..?



             ඔන්න මේ කතාව මට මතක් උනේ අපේ සරත් ලංකාප්‍රිය අයියගේ අතුරුදහන් වීම ගැන පෝස්ට් එකේ කමෙන්ට් කියවද්දී.. රජ පැටියා අහලා තියෙනවා මෙහෙම


ඒ මාසයක් නැතිවෙලා හිටියද? මම දන්තෙන් නෑ ^_^laugh.


මගේ කතාව මෙහෙමයි ,


           දවසක් මම මගේ යාළුවෙක් එක්ක ගමනක් යන්න පිටත් උනා මෝටර් බයික් එකේ. යනින් ගමන් මිනිහා මට කියනවා .

" බලපන් සහන් , ඊයේ මගේ හෙල්මට් එක උස්සලානේ එකෙක් " කියලා..

" නෑ...! කව්ද මචන් හොරකම් කරලා තියෙන්නේ.....?  " මට ගත්ත කටටම කියවුණා.

ඊට පස්සේ පොර මගේ මූණ දිහා බලන් ඉඳලා මෙහෙම ඇහුවා .


" හොරකම් කරපු එකාව දන්නවා නම් මම මෙහෙම ඉන්නවද යකෝ " කියලා
roll.
_________________________________________________________

ප.ලි. බ්ලොග් රෝලට දාගන්න බ්ලොග් ටිකක් ...


01.මෙන්න මේ බ්ලොග් එක අපේ ගජින් සහෝදරයගේ.. මෙතන තියෙනවා බ්ලොග් කරණය ගැන ලියපු සංවාදයට බඳුන් විය යුතු හොඳ පෝස්ට් එකක්

02.මෙතන තියෙනවා හොඳම අධ්‍යාපනික වටිනාකමක් ඇති බ්ලොගයක් . අපේ මහේෂ් මහත්තයා තමයි කරන්නේ. නින්දෙන් ඇවිදීම , පරිගණකය භාවිතයේදී සැලකිලි මත් විය යුතු සෞඛ්‍ය කරුණු ගැන වෘතීමය දැනුමක් ගන්න පුළුවන් හොඳම තැනක් ...


03.මෙන්න මේකටත් අනිවාර්යෙන් යන්න . හේතුව තමයි දැනට සිංහල සමාජශීලී බ්ලොග් කරණයේ ඉන්න පැරණිතම සාමාජිකයයි මේ ඉන්නේ. වෙන කව්රුත් නෙවේ අපේ බිත්තියා.ඔහු 2010 ,2011 ,2012 ලියු සටහන් වෙන වෙනම ගොස් බලන්න . නිකමට ක්ලික් කරන්න , ගොඩක් දේ තියෙනවා කියවන්න.


කැමති අය ඒ පැත්තේ ගිහින් , ෆලෝ එකක් , කමෙන්ට් එකක් දාල සපෝර්ට් එකක් දීලා එන්න...
http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili