දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

September 2, 2013

හිට් 50,000 / පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඔක්කෝම Happy Birthday To Me !


බ්ලොග් එක ගැන


                  මම මේ බ්ලොග් එක පටන් ගන්න හේතුව උනේ මගේ සැටලයිට් සම්බන්ධ පාඩම් මාලාවේ ඉතුරු කොටස් ටික පළ කිරීමත් , පුද්ගලිකව මම ලබපු අද්දැකීම් කීපයක් ලියා තැබීමත් විතරයි. එහෙම දේකට හරි බ්ලොග් එකක් ආයේ පටන් ගන්න කියලා මට බල කරලම කිව්වේ මගේ හිතවතෙක් . " මම කියනවට සහන් පටන් ගන්න " කියලා එයා බල කරා. ඒ කාලේ මමත් හිටියේ ගොඩක් දේවල් අතැරලා දාලා. ඉතින් ඕනේ එකක් වුණාවේ කියලා පටන් ගත්තා. FB වගේ දේවල් වල මම හිටියේ නැහැ.එවැනි දේට මගේ එදා ඉඳන්ම කැමැත්තක් තිබුණේ නැහැ, මට එවැනි දේවල් වලින් කිසිම සතුටක් නැහැ. බොරුවට හනේ පනේ කියන දේවල් වලට මම ආසම නැහැ. ඉතින් සැටලයිට් ගැන පෝස්ට් තුන හතරක් මේ බ්ලොගේ දාලා නිකන් ඉන්නයි හිතන් හිටියේ.


                        ඔන්න ඔහොම මේ බ්ලොග් එක පටන් අරන් ඉද්දි මම අනිත් අයගේ බ්ලොග් වලටත් ගියා. මොනවා හරි දෙයක් දැක්කොත් මමත් මගේ අදහස කිව්වා, අදහසක් කියන්න කාලය තිබුණා FB වැනි විකාර වලට නොයන නිසා. මගේ අඩි සටහන් දිගේ මුළින්ම හිරු ආව මගේ බ්ලොග් එකට. අයියෝ සල්ලි වගේ ඒ කාලේ මෙලෝම දෙයක් නැහැ මේකේ බලන්න. නිකන්ම නිකම් කළු පාටට අඳුරු ගුහාවක් වගේ දෙයක් තිබුණේ. ඊට පස්සේ නලින් අය්යා , සයුරි ,රෙහානි , සිරා කොලුවා එහෙමත් ආව. දැන් මට විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ ඇයි මෙලෝම දෙයක් නැහැ එන කෙනෙක්ට බලන්න මගේ බ්ලොග් එකේ. ඉතින් උඩින්ම දැම්මා තවම මේ බ්ලොග් එක Testing යන්නේ කියලා. ඔන්න ඔහොම ජාමේ බේරන් උන්නා.

ඒත් මේ සෙට් එක එනවා , අපි හෙමීට පටන් ගමු කියනවා , බ්ලොග් රෝල් වලට දාමු කියනවා , සින්ඩි වලට දාමු කියලා සිරා කොලුවා කියනවා , සයුරි ඇවිත් හොඳට පෝස්ට් එකේ කරුණු හාරලා ප්‍රශ්න කරනවා , හිරු ඇවිත් ලොකු ලොකු සංවාද ගෙනියනවා , රෙහානි ඇවිත් දිගටම කරන් යමු කියලා සහයෝගය දෙනවා , නලින් අය්යා ඇවිත් පුදුම සහයෝගයක් දුන්නා පටන් ගත්තු දා ඉඳන්ම ( ඒත් මට නලින් අය්යව තේරුම් ගන්න , එයා තුළ ඉන්න මනුස්සයව තේරුම් ගන්න කාලයක් ගියා. ඒ ගැන මම කණගාටු වෙනවා. මේ වගේ මොහොතක හරි ඒක කියන්න ඕනේ. හරිම හිත හොඳ මනුස්සයෙක් තමයි අපේ නලින් අය්යා කියන්නේ ) විශේෂෙන්ම කියන්න ඕනේ කතන්දර කාරයා නොහොත් බ්ලොග් සක්විති තමයි මුල්ම කමෙන්ට් එක දැම්මේ මගේ බ්ලොග් එකට. පළමු ගැම්ම  කකාගෙන් තමයි.


                     මේ විදිහට කට්ටිය එන්න ගද්දි මම හොරෙන් දාලා අයින් වෙනවා කියලා හිතන් උන්නු දේවල් දාන්න බැරි තත්වයක් ආව , ඒ කියන්නේ තදබල දේශපාලන කරුණු , මගේ පුද්ගලික ජීවිතයට අදාළ කරුණු වගේ දේවල් . මම හිතාගත්තා මේ බ්ලොග් එකේ නම් දේශපාලනය ගැන බිංදුවක් වත් දාන්නේ නැහැ , මගේ පුද්ගලික දේවලුත් නොදා ඉන්නවා කියලා හිතාගත්තා. ඔහේ මොනවා මොනවා හරි පොඩි පොඩි දේවල් කර කර කාලේ ගෙවුණා. ඒ අතරේ තමයි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධව දෝෂාභියෝගයක් ආවේ. දැන් මට ඉන්නම බැහැ හිර කරන්. දහ අතේ බැලුවා මොකද කරන්නේ කියලා , මම එක එක දේවල් ලියපු සියලු තැන් ඒ වෙද්දී නවත්තලා ඉවරයි. දැන් ඉතුරු මේ බ්ලොග් එක විතරයි. ඉවසලා බැරිම තැන මම මේකේ දැම්මා ඒ සම්බන්ධව ලියපු පෝස්ට් එක. ඒ පෝස්ට් එක මාතලන් ලොක්කා දැකපු හැටියේ silentsahan පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා අඳුනගත්තා . බඩු මාට්ටු. යාන්තන් ඒක ශේප් කරා. මුකුත් උනේ නැහැ වගේ මම හිටියා සුපුරුදු විදිහට පොඩි පොඩි දේවල් දදා. ( හැබැයි ඒ වෙද්දී සයුරි දැනගෙන හිටියා silentsahan කියන්නේ පිටින් පෙන්නන අවුරුදු 20-25 කෙනා නෙවේ කියලා )


                       ඔහොම කාලේ ගෙවුණා . තව තව දේවල් රටේ වෙද්දී ඊට සම්බන්ධ පෝස්ට් මම දැම්මා. රටේ දේශපාලනයේ අනාගතය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැටහීමක් දෙන පෝස්ට් , දේශපාලන කුහකත්වය එලි කරන පෝස්ට් එහෙමත් දැම්මා. මේ වෙද්දී අපේ වෙද මහත්තයත් දැනගත්තා මම කව්ද කියන දේ. දැන් ඉතින් බළලා ගලේ පහරළා ඉවරනේ. ආයේ හැංගි හොරා කරන්න දෙයක් නැති නිසා මම හිතාගත්තා දිගටම බ්ලොග් එකක් විදිහට කරනවා කියලා. මම ලියපු පෝස්ට් වලින් සතුටු වෙන මුල්ම පෝස්ට් එක තමයි "අකුණ " . ඒකට ගොඩක්ම ප්‍රතිචාර තිබුණා සහ අපේ අටම් ලොකු සහයෝගයක් දුන්නා ඒ පෝස්ට් එකට. ඒ පෝස්ට් එකේ අකුරු ගණන එක් ලක්ෂ විසි දාහක් විතර තිබුණා වගේ මතකයි. ඊට පස්සේ මම ලියපු ඒවගෙන් ගොඩක් ප්‍රතිචාර තිබුණේ උපාලි මෝටර් රථ සමගම 1960 දී විනාශ කරපු හැටි ගැන ලියපු එක. ඒ පෝස්ට් එකටත් ගොඩක් ප්‍රතිචාර තිබුණා ප්‍රසිද්දියේ සහ පුද්ගලිකව මේල් මගින්. මගේ පවුලේ අයගෙන් මේ දේවල් එළියට එන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මම හිතාගත්තා දේශපාලනය තුළ සිදු වෙන පහත් දේවල් ගැන සාමාන්‍ය චන්දාදයකයන්ට දැනගන්නත් එක්ක ලියනවා කියලා. මොකද මම හොඳටම දන්නවා silentsahan කියන කෙනා මරුණානම් කවදාවත් උපාලි මැස්ඩා ආයතනයේ රහස් ගැන කිසි කෙනෙක් එලි කරන්නේ නැහැ. උපාලි සතු ආර්ථික දැනුම , තාක්ෂණික දැනුම , දේශපාලන දැනුම , අනාගතය දැකීමේ හැකියාව , මිනිස්සු දිනාගැනීමේ හැකියාව , නායකත්වයේ හැකියාව , පෞරුෂය ගැන මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ.දැනට ජීවතුන් අතර ඉන්න එවැනි දක්ෂයන් වත් රැකගන්න ඕනේ කියන හැගීම මේ රටේ මිනිස්සුන්ට ඇති කරන්න ඕනේ. අදටත් ඉන්නවා උපාලිගේ හය්ය හත්තිය තියෙන මිනිස්සු මේ ලංකාවේ. එවැනි අය කවදා හෝ මේ රට ගොඩගැනීම සඳහා ඉදිරියට යවන්න ඕනේ. ඔවුන් පසු පස පෙළ ගැහෙන්න ඕනේ.


                        ඔය විදිහට පටන් ගත්ත බ්ලොග් එක තුළ අද වෙද්දී එක එක පෝස්ට් තියෙනවා. සරළ විනෝදාත්මක පෝස්ට් සහ වෙනත් දේවල්. සරළ පෝස්ට් දාන්න හේතුව තමයි එක දිගට වෙහෙසකර මාතෘකා වලින් පෝස්ට් වැටුණොත් බලන අයට නීරස වෙන්න පුළුවන් බරපතල වැඩි වෙලා. මොකද සමහර අය දේශපාලනයට කැමති නැහැ ,එක්කෝ තාක්ෂණයට කැමති නැහැ නැත්නම් විනෝදයට කැමති නැහැ , එහෙමත් නැත්නම් ආගමික දේවල් වලට මනාප නැහැ. ඔය හේතුව නිසා නිතරම විවිධත්වය අවශ්‍යයි බ්ලොග් එහෙකට. ( කොහොමත් මම කැමතිම නැති දෙයක් තමයි දේශපාලනය. ඒ උනත් මාව නිරායාසයෙන්ම ඇදිලා යනවා එවැනි දේවල් වලට ඇඹලයා වගේ) අද වෙද්දී ගොඩක් දෙනෙක් ඉන්නවා මෙහෙට එන යන.


silentsahan ගැන


                         මෙහෙමයි මම පවුලේ එකම ළමයා. අම්මා තාත්තා ඇර වෙන සහෝදර සහෝදරියෝ කව්රුත් නැහැ. මගේ ලොකු තාත්තලාගේ , කුඩප්පලාගේ ළමයි මට වඩා අවුරුදු 30 විතර වැඩිමල්.
අය්යලා කියන අය තාත්තලා වගේ.ඉතින් කොහොමත් මම තනියම හැදුණේ.  හැබැයි රජෝ එයාලගේ පද වලට මම නෙවේ නැටුවේ එදා ඉඳන්. මම ගියේ මගේම අඩි පාරේ.මගේ මී මුත්තලා අහුන්ගල්ලේ අය. ඒ කාලේ ඉඳන් මගේ පවුලේ විස්තර පරම්පරාවෙන් එනවා. ඒකෙ රහස තමයි අපි ගෙනියන්නේ පෙළපත් නාමය විතරයි. පවුල් නාමය ගෙනියන්නේ නැහැ. ඒ කියන්නේ කුඩප්පගේ දරුවොත් දරුවෝ , ලොකු අප්පගේ දරුවොත් දරුවෝ. අරයගෙ ළමයා මෙයාගේ ළමයා කියලා වෙනසක් තිබුණේ නැහැ. (ප.ලි.  වැරදි අවබෝධයක් ගන්නවා එහෙම නෙවේ එක ගෙයි කෑම වගේ දේවල් එක්ක පටලන්. මෙතන තියෙන්නේ කාගේ දරුවත් දරුවා කියන හැගීම මිසක් වෙන දෙයක් නෙවේ ) මගේ තාත්තා මට කියලා තියෙනවා ඉස්සර එයාගේ පුංචි අම්මා එයාලටත් තුරුළට අරන් කිරි දීලා තියෙනවා කියලා රත්මලානේ ගෙදර එක්කන් ආව වෙලාවට. මගේ අත්තම්මත් එහෙමයි . තමන්ගේ දරුවෝද තමන්ගේ නංගිගේ දරුවෝද කියලා වෙනසක් නැහැ, කාගේත් දරුවා දරුවා. ඒ ආච්චිගේ ( තාත්තගේ පුංචි) පුත්තු තමයි ලංකාවේ මුල්ම ගුවන් නියමුවෝ උනේ. ඔහොම එකටම හැදුන මගේ පවුලේ අය මේ වෙද්දී ලංකාවේ නැහැ. ව්‍යාපාර ,දේපළ , ගෙවල් දොරවල් , වහලා දාලා ගිහින්. අද වෙද්දී ඉන්න අයත් එකිනෙකා අඳුරන්නේ නැහැ. මුණුබුරන්ගේත් මුණුබුරෝ එකිනෙකා පාරක දැක්කත් දන්නේ නැහැ. බොහෝ අයට අඳුනගන්න ඕනේ කමකුත් නැහැ. එක එක විදිහට පිල් බෙදිලා. පැණි වරකා ගහටත් හෙණ ගහනවා කියන්නේ නිකන්ද කියලා මමත් නිකන් ඉන්නවා ඉතින්. ( මගේ තාත්තට , ලොකු තාත්තලාට මේ වෙනස දරන්න අමාරුයි . එකට හිටපු අය දස අතේ විසිරෙද්දී , දකින්න නැති වෙද්දී , මරණෙකටවත් නැති වෙද්දී එයාලට හරි දුකයි . අද වෙද්දී ලොකු තාත්තලත් ජීවතුන් අතර නැහැ. ගොඩක් රහස් එයාල එක්කම වැළලිලා ගිහින් )


silentsahan මුස්ලිම්ද ?


                  නැහැ .මගේ පරම්පරාවෙන්ම අපි සිංහල බෞද්ධ මිනිස්සු. අවුරුදු 380 විතර ඉතිහාසයක් තියෙන පරම්පරාවක් අපේ පවුල.මට මුස්‌ලිම ලේබලේ වැදුණේ මම elakiri.com එකට ජාතිවාදය හෙළා දැකලා ලියපු පෝස්ට් නිසා. මට එදා ඉඳන්ම පේන්න බැරි දෙයක් තමයි ජාතිවාදය. යාන්තම් දෙමළ LTTE ප්‍රශ්නේ විසඳගත්තා විතරයි මුස්ලිම් මිනිස්සු එක්ක පැටලෙන්න යනවා හරක් වගේ. අවුලක් තියේ නම් ඒක ඒ තාලෙට විසඳගන්න ඕනේ. නැතුව ඉන්ටනෙට් එකෙන් කෑගහලා වැඩක් නැහැ " තම්බි හැත්ත කපන්න ඕනේ " කියලා. එවැනි හරක් පෝස්ට් දැම්මේ shenil කියලා අවුරුදු 17 ක මෝඩ හරකෙක්. මිහිහගේ වැඩේ කොහෙන් හරි මොකක් හරි උස්සන් ඇවිත් ගොන් වැඩක් කරන එකයි , මෛත්‍රී බුද්ධ සාසනේ ගැන උමතුවකින් හිටපු ප්‍රසිද්ධම හාමුදුරුවන්ගේ විකාර ප්‍රමෝට් කිරීමයි. එවැනි පෝස්ට් වැටෙද්දී මම ඒවට කතා කරලා තියෙනවා. silentsahan ඉද්දි මිනිහට මුකුත් කරන්න බැරි උනා. මම සියලු ත්‍රෙඩ් අයින් කරා. ඒවගේ තරහට මිනිහා කිව්වා මම මුස්ලිම් කියලා. මම සතේකට ගණන් ගත්තේ නැහැ අවුරුදු 18 ක් වත් නැති එකෙක් කියන කතා. පස්සේ පස්සේ මා ගැන අනේක බොරු බ්ලොග් වල , නෙට් එකේ දාලා තිබුණා. මගේ නෝනා දාලා ගිහින්ලු , මම මුස්ලිම්ලු , මම මානසික ලෙඩෙක්ලු :D , මට ඒඩ්ස්ලු , මම ගෑණු දූෂණය කරන කෙනෙක්ලු , මම මිනිමරුවෙක්ලු මට වයස 50ලු , ආයෙම කියනවා මට වයස 20 ලු වගේ පරස්පර කතා. අදට උනත් ගූගල් කරාම එන්නේ ඒ දේවල්. ඊ මේල් කවිකාරි කියලා හිටපු ගොන් අම්මන්ඩිත් ඒවා හොයලා පෝස්ට් එකක් දාලා තිබ්බා මා ගැන. තව තව නයි පනික්කියෝ ඇවිත් මා ගැන ගොඩක් දේවල් කියලා තිබුණා පහු ගිය කාලේ.

            මගේ ඇත්ත නම , ඉන්න රට , වයස වත් නොදන්නා අය මගේ මුළු ජාතකේම හොයාගෙන තිබුණ හැටි දැක්කම මට පුදුමයි:P ඔන්න ඔහොමයි ඕවගේ ඇත්ත නැත්ත මිත්‍රවරුනි.


                මම මුස්ලිම්ද නැද්ද කියන දේ ගැන මේ බ්ලොග් එකේම සහ වෙනත් තැන් වල මම බෞද්ධ දහම ගැන ලියපු දේවල් දැනගන්න පුළුවන්. අදට උනත් මගේ හුස්ම වැටෙන්නේ ත්‍රිපිටකයට පින් සිද්ද වෙන්න.


ඒ නැතත් මම මුස්ලම් නම් අවුල්ද ? හැම දෙමලම ප්‍රභාකරන් වගේද ? හැම මුස්ලිම් කෙනාම ඔසාමා වගේද ? ජාතවාදය නම් පැතිරෙන්න දීලම බැහැ. අන්තර්ජාලය තුළ ආගමික / ජාතීන් අතර වෛරය පැතිරීමට මම තදින්ම විරුද්ධයි. ජාතියම වළපල්ලට ගියේ 48 දී මුග්ධ මනුස්සයෙක් කරපු දෙයක් නිසා. තවමත් ඒ වැරැද්ද නිවැරදි වෙලා නැහැ 2/3 තිබිලත්. දැනුත් බලයේ ඉන්නේ මුග්ධ මිනිස්සු කියලා ඔප්පු කරන්න ඒ හොඳටම ඇති. සියලු දෙනාට ඕනේ හිඟන්නාගේ තුවාලේ වගේ ප්‍රශ්න ඇදි ඇදි යනවා බලන්න. සාමාන්‍ය මිනිස්සු විදිහට අපි තේරුම්ගන්න ඕනේ යථාර්තය මේකයි. මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා වැඩක් නැහැ, ශ්‍රී ලාංකිකත්වය ගැන විතරයි හිතන්න ඕනේ. සියලු දෙනාම මිනිස්සු.


               පොඩි කාලේ ඉඳලා මම තනියම හිතනවා මා වටා වෙන දේවල් ගැන. ඒ කිව්වේ දේශපාලනය , ආර්ථිකය , තාක්ෂණික කරුණු වගේ දේවල් ගැන. එවැනි දේවල් අතර අන්තර් සම්බන්ධතාවන් දකින්නත් පුරුදු උනා මම පොඩි කාලේ ඉඳන්ම. ඒ විදිහටයි මම විවිධ දේවල් ගැන සොයා බලන්න පුරුදු උනේ.


ස්තූතියි කතාව පළමු අදියර.

           කාලයත් සමග බ්ලොග් එක වටා බොහෝ දෙනෙක් එකතු උනා. මම සියලු දෙනා ගැන මම දරණ අදහස ලිව්වා.ඒක වෙනම පෝස්ට් එකක් විදිහට දාන්නම්. නැත්නම් පෝස්ට් එක දිග වැඩි වෙනවා. ඉහත නම් සඳහන් කරේ බ්ලොග් එකට ආව මුල්ම 10 දෙනා ගැන වගේ. ඊට පස්සේ 250 විතර පිරිසක් අඳුනගන්න ලැබුණා. අද වෙද්දී ෆලෝ කරන අය 175 ඉන්නවා. සියලු දෙනාටම බොහොම ස්තූතියි..



                  අද තමයි මගේ උපන් දිනේ. මට සුබ පතපු මනෝජ් , drakiyaa , නදිනිටත් බොහොම ස්තූතියි. ඉදිරියේදී ස්තූති කතාව දෙවෙනි අදියර තුළින් හැමෝටම වන් බයි වන් ස්තූති කරනවා මම. හැබැයි පුතෝ ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් නිසා හරිම භයානකයි. එක්කෙනෙක් හරි මග ඇරුණොත් වසලා හමාරයි. ඉතින් බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ දෙයක් ඒක.


                  මම මේ වගේ ස්තූති කරලා පෝස්ට් එකක් දාන්න හිටියේ පෝස්ට් 50 ක් දාපු වෙලාවේ. මට ඒක කරන්නත් බැරි උනා. කොහොම කොහොම හරි අන්තිමට පෝස්ට් 58 විතර දැන් දාලා තියෙනවා. ෆලෝ කරන අය 175 ඉන්නවා. හිට් 49,000 ගණන් යන්නේ. මගේ උපන් දිනෙත් අල්ලලා අද මේ පෝස්ට් එක දැම්මා.








ඉස්සරම නම් මම හිට්ස් බලන් ලිව්වෙම නැහැ. ඒත් පස්සේ තේරුණා හිට්ස් සහ කමෙන්ට්ස් වලින් තමයි ජීවය දෙන්නේ බ්ලොග් එහෙකට කියලා.. මට කමෙන්ට් එකක් දාපු , බලන්න එක පාරක් හරි ආව සියලු දෙනාටම ස්තූතියි...





                   ඇත්තටම සියලු දෙනාම මතක් කරලා ස්තූති කරන්න ඕනේ, ඒ උනත් ඒක කරන්න ගිහින් එක නමක් හරි මග ඇරුණොත් හොඳ හිත් නැති වෙනවා. වෙන මොනවත් ඕනේ නැහැ මගේ ප්‍රියම්භිකාවගේ උපන් දිනේ තියෙන්නෙත් සැප්තැම්බර් 01 . (එයාගෙයි මගෙයි උපන් වෙලාවල් අතර වෙනස තියෙන්නේ හරියටම පැය 21යි.) හැමදාම මට එයාගේ උපන් දිනේත් අමතක වෙනවා , මගේ උපන් දිනෙත් අමතක වෙනවා. එතකොට තේරෙනවනේ මේවගේ බරපතලකම් ..!










මේ ඉන්නේ මගේ අම්මා . උපන් දිනේ දා ඉතින් අම්මව මතක් කරන්න එපැයි. මේ පින්තූරේ ගද්දි අපේ අම්මටත් දැන් මගේ වයසමයි.




02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements"

ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.".


රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .".


ළන් වීමක මිහිර .".

142 comments:

  1. සුභම සුභ උපන් දිනයක් පතනව ඔයාගෙ අම්මට සහ ඔයාට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි සුබ පැතීම ගැන. අපේ අම්මගේ උපන් දිනේ තියෙන්නෙත් සැප්තැම්බර් වලමයි. එයා සැප්තැම්බර් 22 . මගේ ජීවිතේ ගොඩක් දෙනෙක් සැප්තැම්බර් වල ඉපදුණ අය..

      කොටින්ම බ්ලොග් වලින් හම්බුන අයත් ගොඩ දෙනෙක් සැප්තැම්බර්. මනෝජ් සැප්තැම්බර් 03 ( හෙට.ඕකත් මට අමතක වේවි ඔන්න ) , ශිරන්ත සැප්තැම්බර් , පැතුම් හේරත් සැප්තැම්බර් .මේ වගේ තව කීප දෙනෙක් ඉන්නවා..

      සුබ පැතීම ගැන නැවතත් ස්තූතියි මල්ලි..

      Delete
    2. සමාවෙන්න ඕන යාලුවා.. ඔයාගෙ ප්‍රියම්භිකාවගෙත් එදාම නේද.. අමතක උනා... මෙන්න එයාටත් සුභම සුභ උපන් දිනයක් වේවා...

      Delete
    3. ඔව් ඔව් මල්ලි එයා මට වඩා පැය 21 ක් වැඩිමල් ..:) අක්කා කෙනෙක්..:) මම එයාට පෙන්නන්නම්කො ඔයාලා හැමෝගෙම සුබ පැතීම්...රිප්ලයි පරක්කු උනාට සමාවෙන්න ඕනේ..

      Delete
  2. ශුභ උපන් දිනක් වේවා!
    පමා වූවට කමා කරන්න.

    මා පොස්ට් 300+ ගණනක් ලියලත් හිට්ස් 70000, ඔබ 58ට 50000යි අනර්ඝයි
    ඒ පිලිබඳවත් ශුභ පැතුම්
    Dayal bathee

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බතී උපන් දින සුබ පැතීම ගැනත් , බ්ලොගයට සුබ පැතීම ගැනත්. ඉස්සරම නම් මම හිට්ස් බලන් ලිව්වෙම නැහැ. ඒත් පස්සේ තේරුණා හිට්ස් සහ කමෙන්ට්ස් වලින් තමයි ජීවය දෙන්නේ බ්ලොග් එහෙකට කියලා.. මට කමෙන්ට් එකක් දාපු , බලන්න එක පාරක් හරි ආව සියලු දෙනාටම ස්තූතියි...

      Delete
  3. අනං මනං අමතක කරලා දිගටම ලියහං

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අටමෝ ඔහේ ලියනවා ඉඩක් ලැබුණ වෙලාවට. කියවන්න කව්රු හරි එන බව දන්න නිසා හිතට පොඩි මෙව්වා එහෙකුත් තියෙනවා. ඒ මෙව්වා එක හරි වටිනවා බ්ලොග් එකක අයිතිකාරයෙක්ට .. බොරුද මම කියන්නේ ..?

      Delete
  4. නියමයි සහන් ගොඩක් සතුටුයි. අනාගතයට සුභ පතනවා හදවතින්ම. ඔබ පළකරපු පොස්ට් වලින් ඇත්තටම ලොකු සේවයක් උනා සමාජෙට.ඉදිරියටත් ඔබේ දායකත්වය බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොරේ. ඔයාලා දෙන සහයෝගය නිසා තමයි මම මහන්සි වෙලා පෝස්ට් ලිව්වේ. මගේ සමහර පෝස්ට් වල අකුරු ප්‍රමාණය ලක්ෂේට වැඩියි. කොච්චර අමාරු උනත් මම ලියන්නේ ඔයාලා බලන්න එන නිසා. මහන්සිය අහක ගියේ නැහැ කියලා දැනෙද්දී සතුටුයි.. නැත්නම් ඉතින් මේවා පෙන් එහෙක දාගෙන බෙල්ලේ එල්ලන් ඉන්න පුළුවන්නේ බ්ලොග් එකේ නොදා.. නැද්ද ..? ( ඒ උපමාවේ කොපි රයිට් අපේ මාතලන් ලොක්කගේ )

      ඔබේ සුබ පැතීම ගැන ඉතාම සතුටුයි මොරේ..දිගටම එන්න මේ පැත්තේ.

      Delete
  5. සුබම සුබ උපන්දිනයක් වේවා........
    කරදර තැවුල් නැති සිතට සැනසුම ගෙනෙන වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනයක කරනවා ඔබට.

    සහන් මා දැනන් හිටියේ ඔබේ උපන් දිනේ හෙට කියලයි. ඒ ගැන යමක් හෙට මගේ බ්ලොගයේ කරන්න සිටින විටයි මෙය දකින්නේ.
    ඔබට සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට නලින් අය්යව තේරුම්ගන්න බැරි උනා මුලදී. මම හිතුවේ තමන්ගේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න එන කෙනෙක් කියලා .. මොකද මේ බ්ලොග් ලෝකයේ ප්‍රසිද්දම නැට්ටට හිමිකම් කිව්වේ නලින් අය්යනේ .. :D

      පස්සේ තමයි තේරුණේ ඔයා සියලු බ්ලොග් කියවන බව අකුරක් නෑර. ඒ වගේම සියලු දෙනා සමග සමගියෙන් ඉන්න බවත් තේරුම් ගියා. ඊටත් පස්සෙයි නලින් අය්යාගේ ඇතුලේ ඉන්න මනුස්සයව මම දැක්කේ. නලින් අය්යව තේරුම්ගන්න කාලයක් ගියා කිව්වේ ඒකයි. කොහොම හරි කමක් නැහැ දැන් දන්නවනේ මිනිස්සු කව්ද කියලා. ඒකම මදැයි නලින් අය්යේ.

      නලින් අය්යා කරපු හැම උපකරයකටම ස්තූතියි . ඒ දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ මට අය්යේ..කරපු කියපු සියලු දේට පින් අය්යේ..

      Delete
  6. සහන් මල්ලිට සුභ උපන්දිනයක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. සුබ පැතීම ගැන බොහොම ස්තූතියි කෙන්ජි අය්යේ. බ්ලොග් ලියන සියලු දෙනාට ලොකු ගැම්මක් දෙන කෙනෙක්නේ කෙන්ජි අය්යා කියන්නේ. ඕනෙම කරදරයකදී දඩ බඩ ගාලා එහෙට මෙහෙට කෝල් දීලා සෑහෙන මහන්සියක් වෙන කෙනෙක් ඔයා. කරපු කියපු සියලු උදව් උපකාර වලට ස්තූතියි අය්යේ..

      Delete
  7. ඔබට සුබ උපන් දිනයක් සහ අනෙක් සියලුම මංගල කාරණා වලට ත් මගේ සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!! මේ ඩිනවල බිසී වැඩියි. ලිපිය පස්සෙ කියවන්නම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙදමහත්තයා ඔබේ සුබ පැතීමට. හදවතින්ම එන වචනෙක තියෙන බර මම දන්නවා හොඳටම. එදා ඉඳන් කොච්චර වැඩ තිබ්බත් මේ පැත්තට ගොඩ වෙලා යන කෙනෙක් ඔබ තුමා. ඒ වගේම ඔබ තුළ ඉන්න මනුස්සයා මම හඳුනන් ඉන්නේ. කරපු කියපු සියලුම උදව් උපකාර වලට බොහොම පින් වෙදමහත්තයෝ.. හැකි සෑම විටකම එන්න මේ පැත්තේ..

      Delete
  8. උබට සුභ උපන් දිනයක් මචන්.උබෙ පරන ලිපි ටිකක් කියවන්න ඔන.විශෙෂයෙන් උපාලි ගෑන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත් සුබ පැතීම ගැන. ඔව් විවේක වෙලාවට හෙමීට පහු ගිය පෝස්ට් ටික කියවන්න. නිකම් උඩින් පල්ලෙන් හරි බලන්න විනාඩි 10 ක් වැය කරලා.. ඉඩ ඇති වෙලාවට නැවත එන්න දමිත්..

      Delete
  9. අඩේ සහන්, උඹත් ශ්‍රේෂ්ඨ සැප්තැම්බරයෙ ඉපදිච්ච පොරක් එහෙනම්. :) දාපන් මචං පහක්. :) මමත් සහන්ලගෙ අම්මගෙ උපන්දිනේට ආසන්නයෙ දවසක.

    සුබ උපන්දිනයක් සහන්, මම හදවතින්ම සුබ පතනවා.

    සහන් පෙනෙන තරම් ම තරුණයෙක් නෙවි කියල හැඟීමක් මටත් ඇතිවෙල තිබ්බා පහුකාලෙ දැකපු දේවල්වලින්. ඒ වගේම ඔය කවිකාරි අක්කගෙ බ්ලොගේ වෙච්ච දේත් මම එදා දැක්කා. මට මතකයි සහන්ගෙ කමෙන්ට්ස් ටිකට අන්තිමට කවිකාරි අක්කා කියනව මහත්තයෝ ඔහේ මගේ බ්ලොග වනසල කියල. ඕවා ඔහොම තමයි. මිනිස්සු එක එක විදියයි, හිතන පතන හැටි අවබෝධකරගන්න හැටි වෙනස්. ඒත් අපි කවුරුත් මිනිස්සු. මමත් මේ බ්ලොග්අවකාසෙදි මිනිස්සු හඳුනගත්තා, අදහස් හුවමාරු කරගත්තා, මත ගැටීම් තිබුනා වාද විවාද කළා, සමහරු ඇනෝ ඇවිත් අපහාස කරා, සමහර වෙලාවට තරහ යනව, සමහර වෙලාවට හිනහ යනවා, ඒ ඔක්කොම එතනින් ඉවරයි. ඉක්මනින්ම අමතක කරලා දානවා. ආයෙ ඒව ගැන හිත හිත ඉන්න ගියොත් පොළොවෙ පයගහල ජීවත් වෙන්න බැරිවෙනවා.

    සහන් ඔයා ගැනම ලියන්න ඕන කියල පහුගිය දවස්වල කිය කිය හිටියෙ, මේ ඒ ලිපියද.

    ReplyDelete
    Replies
    1. \\\අඩේ සහන්, උඹත් ශ්‍රේෂ්ඨ සැප්තැම්බරයෙ ඉපදිච්ච පොරක් එහෙනම්. :) දාපන් මචං පහක්. :) මමත් සහන්ලගෙ අම්මගෙ උපන්දිනේට ආසන්නයෙ දවසක. \\\

      බොරුද මම කිව්වේ මගේ ජීවිතේ හම්බුණ බොහෝ අය සැප්තැම්බරයේ කියලා. ඔන්න පහළ ප්‍රසන්න අය්යත් ඒක සනාථ කරලා තියෙනවා :P තව බලමු කීයක් ඉඳීද කියලා..

      \\\\සහන් පෙනෙන තරම් ම තරුණයෙක් නෙවි කියල හැඟීමක් මටත් ඇතිවෙල තිබ්බා පහුකාලෙ දැකපු දේවල්වලින්.\\\

      DDT හිතන්නේ මට කීයක් ඇති කියලද ..? :D

      \\\ මට මතකයි සහන්ගෙ කමෙන්ට්ස් ටිකට අන්තිමට කවිකාරි අක්කා කියනව මහත්තයෝ ඔහේ මගේ බ්ලොග වනසල කියල.\\\

      මෙහෙමයි ඔය කවිකාරිගේ සිද්දිය ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි , මට එදා නොසෑහෙන්න කේන්ති ගියා. පස්සේ බලද්දී තවත් වැඩ දිග්ගැස්සෙන දෙයක් එයා කරලා තිබුණා බ්ලොග් පෝස්ට් සහ ඇනෝ කමෙන්ට් දමමින්. අද වෙද්දී එයාගේ බ්ලොගේ වැහිලා , ඒත් මම ඉන්නවා. පිස්සු විකාර මිනිස්සු.. මට එයාට කියන්න තියෙන්නේ තමන්ගේ වයසට ගැළපෙන වැඩ කරන් ඉන්න කියන දේ තමයි දරුවන්ගේ නම්බුව හරි රැකගෙන. තමන්ගේ ස්ත්‍රී අවයව ඉවත් කරපු බව පවා ප්‍රසිද්දියේ තමන්ගේ බ්ලොග් එකේ දාපු කෙනෙක්ට මොනවා කියන්න බැරිද වෙන මිනිහෙක් ගැන DDT..

      හැබැයි ඔය සිද්දියෙන් පස්සේ මට ගොඩක් වාසි ලැබුණා. :D ගොඩක් දෙනා මගේ බ්ලොග් එකේ ස්ථීර පදිංචි කාරයෝ උනේ එදායින් පස්සේ.

      \\\සහන් ඔයා ගැනම ලියන්න ඕන කියල පහුගිය දවස්වල කිය කිය හිටියෙ, මේ ඒ ලිපියද.\\\
      ඔව් ඔව් DDT.මේ ඒ ලිපිය තමයි..


      උපන් දින සුබ පැතීම ගැනත් , බ්ලොගයට සුබ පැතීම ගැනත් , ජීවිතයට සුබ පැතීම ගැනත් , සහෝදරයෙක් වගේ ලඟින් ඉන්න ඕනේ තැනදී ලඟින් ඉඳීම ගැනත් බොහොම ස්තූතියි DDT. මම මාරයියගේ බ්ලොග් එකේදී කරපු ආරාධනාව නිසානේ DDT ආවේ මේ පැත්තේ. එදා ආව එක ගැන බොහොම ස්තූතියි. මා ගැන වැරදි වැටහීමක් තිබ්බා නම් මේ වෙද්දී ඒ දේවල් ඉවත් වෙලා ඇති කියලාත් මම හිතනවා ..දිගටම එන්න DDT බ්ලොග් එක පැත්තේ..DDT ගේ කමෙන්ට් එක සෑහෙන්න වටිනවා සියලුම බ්ලොග් හිමියන්ට..


      Delete
    2. >>DDT හිතන්නේ මට කීයක් ඇති කියලද ..?<<

      හෙහ් හෙහ් .. සහන් දන්නවනේ, මඤ්ඤං කෙලින්නෙ නැති සිහිකල්පනාවෙන් ඉන්න කිසිම වෙලාවක මම ඔය වගේ ප්‍රශ්නවලට නම් උත්තර දෙන්න යන්නෙ නෑ. අනෙක මට වැඩිමල් කියල හිතුනට දැක්කනේ මම උඹ මචං ටයිප් එකෙන් තමයි තාමත් කතාව. සාමාන්‍යයෙන් මම මට වැඩිමල් කියල දන්න අයට අයියා අක්ක කියල තමා අමතන්නෙ, මමත් ඉතිං දාසයි මාසෙ ගැටය නෙවි නෙව, අර අපේ සත්ගුණවත් සිරා නම් ඔන්න මට වැඩිය චුට්ටක් නාකි උනාට ඌත් මචං, ඌට අයියා කියල ලියනකොට මටම හිනහයි. සමවයසෙ හරි වයසින් අඩු වගේ නම් ඉතිං උඹ මචං බං තමයි. වයස ගැන මගේ සැලකිල්ල ඉතිං ඔච්චරයි.

      සමාවෙන්න, සහන්ගෙ ප්‍රියම්භිකාවගේ උපන් දිනේටත් බ්ලොග් එකටත් සුබපැතුම් එක්කිරීම මට මඟෑරිලා. ඉතිං ප්‍රමාදවී හෝ ඇයටත් සුබ පතන ගමන් සහන්ගෙ බ්ලොග් එකටත් සුබ පතනවා තවත් බොහෝ කල් අපත් සමඟ රැඳී ඉන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල.

      අර මුස්ලිම් කතන්දරේ ගැනත් මුකුත් කියන්න බැරි උනා. ගනන් ගන්න දෙයක් නෑ, එහෙම බැලුවම ඉතිං මමත් මුස්ලිම්. මමත් ජාතිවාදය, ආගමික අන්තවාදය ප්‍රතික්ෂේපකරනවා විතරක් නෙවි පිළිකුල් කරනවා. එදාහිටන් හිටපු ජාත්‍යාලෙ තිබුනු අයට පින්සිද්ද වෙන්න රට අවුරුදු සියගානක් පස්සට ඇදන් ගිහිපු දසක තුනක යුද්ධයක් මේ යන්තම් ඉවර උනා විතරයි. යුධ ආතල් එක නැතුවම බැරිද මන්ද මේ මිනිස්සුන්ට, තවත් පාරක් ඔය පටන් අරන් තියෙන්නෙ ගිනි තියන්න. ඇත්ත, ප්‍රශ්න තිබෙනවා. ඒත් ඒවා විසඳගන්න ක්‍රම තිබෙනවා. රාජතාන්ත්‍රිකව විසඳිය යුතු ප්‍රශ්න සරම කරට ගත්තු මැද මුලනෙ වලව්ව ඉස්සරහ ඉන්න චන්ඩි විසඳන්න යාමෙන් අපේ රටට ජාත්‍යන්තරව මුහුන දෙන්න වෙල තියෙන ප්‍රශ්නවලට හපන් දැන් රට ඇතුලෙ ඇවිලිල තියෙන ඒව. නිකමට බලන්නකෝ අර රතුපස්වල මිනිස්සුන්ට බොන්න වතුර නැතුව හිටියා, වගකිවයුතු එවුන් පැත්ත පළාතෙ ගියේ නෑ. බලන්නකො බෝ ගහක්, පල්ලියක් මුල් වෙච්ච ප්‍රශ්නෙකට ක්‍ෂණිකව තොග ගානට මැති ඇමතිල මැදිහත්වෙල පස්ස කැඩිච්ච කඩියො වගේ අරහෙට මෙහෙට දඟලන අපූරුව. ඒකෙන්ම පේනවා මේව පිටිපස්සෙ ඉන්නෙ මොකුන්ද උන්ට ඕන මොනවද කියල. ඒ උනාට රටේ බහුතරයක් හිතන් ඉන්නෙ වෙන ඒවා. පුදුම ඇන්දිල්ලක්. හිට්ලරුත් හිටියනම් පුදුම වෙයි මෙහේ ඉන්න ගොබෙල්ස්ලගෙ වැඩ දැක්කනම්.

      >>මා ගැන වැරදි වැටහීමක් තිබ්බා නම් මේ වෙද්දී ඒ දේවල් ඉවත් වෙලා ඇති කියලාත් මම හිතනවා <<

      නෑ සහන්, වැරදි වැටහීමක් තිබුන කියන එක ඇත්ත නෙවි. මම ඒ ගැන කියන්න හිටියට ඒකත් මට මඟෑරිලා. ඇත්තටම උනේ මට සහන්ව තේරුම්ගන්න බැරුව මම බලාසිටියෙ. සහන් මාරයියගෙ බ්ලොග් එකේදි ඔය විදියට ආරාධනාවක් කරන්න කලිනුත් මම ඇවිත් කියවල තිබුනට කමෙන්ට් කළේ නෑ.

      >>DDT ගේ කමෙන්ට් එක සෑහෙන්න වටිනවා සියලුම බ්ලොග් හිමියන්ට.<<

      මම එච්චර පොරක් නෙවි බං, මම බොහොම පොඩි මිනිහෙක් (ශරීරෙ සූට්ටක් ලොකු උනාට :)) ස්තූතියි සහන්.

      Delete
  10. සුබ පැතුම් සහන් උපන්දිනේට වගේම හැම දේකටම.
    එහෙනං සහනුත් සැප්තැම්බර් සෙට් එකේ. මගේ උපන්දිනෙත් මේ මාසෙම තමයි. :D

    පෝස්ට් එක කියවන්න ආයෙ එන්නං. මේ එයට සුදුසු වෙලාව නොවේ.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ තවත් බිනර මලක්. අපි සියලු දෙනා බිනර මළීලා..:P

      රයිට් හෙමීට නිදහසේ කියවන්න එන්න ප්‍රසන්න අය්යේ.. බ්ලොගේට ඇවිත් දෙන සහයෝගයට බොහොම ස්තූතියි අය්යේ ..දිගටම එන්න..

      Delete
    2. පුද්ගලයෙක් ලියන දේ වල්පල් නොවී වැදගත් දෙයක්නං ඒ මනුස්සයගෙ ජාතිය, ජන්මය ආගම හොයන්නැතුව ලියන දේ කියන දේ තේරුම්ගන්න එක තමයි කරන්න ඕන. ජාතිවාදය, ආගම්වාදය කියන දේට මාත් තදින්ම විරැද්ධයි. ඒත් නිකං ෆේස්බුක් ස්ටේටස් දාල බොරු වීරයෙක් වෙන්න අවශ්‍යතාවයක් නෑ.

      බ්ලොග් ලෝකෙ අනුන්ට උදව් කරන මිනිස්සු වගේම ඊර්ශ්‍යාකාරයො, කැපිලිකාරයොත් ඕනතරං ඉන්නව. කවුරුහරි හොඳින් ලියන කෙනෙක් දැක්කොත් ඒක ප්‍රමෝට් කරල ඒකට උදව් කරන්න, අලුතින් ලියන්න පටංගත්ත කෙනෙක්නං ‍හොඳ නරක පෙන්නල දෙන්න කට්ටිය මේකෙ ඕනතරං ඉන්නව. ඒ වගේම කෙනෙක්ගෙ හැකියාව දැකල ඒක දරාගන්න බැරුව කුණුහරුප කියන කට්ටියත් ඉඳහිට මතුවෙනව. ඒවට වැඩි පැවැත්මක් නෑ කියන එක ඔප්පුවෙලා ඉවරයි.

      සහන් මල්ලිගෙ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සරවප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා.

      Delete
  11. මුලදී මුලදිනම් මාත් සමහර පොස්ට් වලදී සහන එක්ක කොක්ක දාගත්තා.සුබම සුබ උපන්දිනයක් වේවා.....

    ඒක නෙමෙයි මචන් ඇත්තටම උබ කවුද ????? මට නිකන් කොයිල් වගේ.....

    අර ඊ මේල් නැන්දටනම් පොඩි අස්පට් එකක් තියෙනවා මං හිතන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සංවර්ධනේ ගැන කතා කරන්න ගිහින් සහ මූල්‍ය පරිහරණය ගැන කතා කරන්න ගිහින්නේ අපි කොක්ක දාගත්තේ. පස්සේ ඉතින් තේරුම් ගියා මම කියන දේ හසරැල්ට. හසරැල් බිසී නිසා නිතර පේන්න නැහැ නේද මේ ටිකේ ? ඒ උනත් දවසට විනාඩි 15 ක් හරි බ්ලොග් පැත්තේ රවුමක් දාලා එන්න ..

      උපන් දින සුබ පැතීම ගැන බොහොම ස්තූතියි හසරැල්. දිගටම එන්න විවේක වෙලාවට..

      Delete
  12. සුබ උපන්දිනයක් වේවා !

    SilentSahan කියන්නෙ මුස්ලිම් එකෙක්ද, දෙමළද, සිංහලද - කළුද, සුදුද , උසද , කොටද, මිටිද, අහවල් එක මොන වගේද කියන එක නෙවෙයි මට නම් වැදගත්.. ඒකා කියන්නෙ මොනවද ? සම්මත රාමුවෙන් පිට ඉඳගෙන හෝ තුළ ඉඳගෙන පෙන්වන්න උත්සාහ කරන දර්ශණය මොකක්ද, ඒකෙන් සමාජයට හෝ මට වැඩක් වෙනවද, නැත්නම් මට උගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවද කියන එක විතරයි මට අවශ්‍ය..
    කොටින්ම බ්ලොගින් කියන වර්චුවල් ලෝකෙ ඇතිවන හඳුනා ගැනීම සැබෑ ලෝකෙට ගෙනියන්නවත් මට ඕන නෑ. මොකද Keyboard input වලින් සම්පූර්ණ ස්වායක්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඔහු/ඇය සැබෑ ජීවිතය තුල..

    ReplyDelete
    Replies
    1. \\\අහවල් එක මොන වගේද කියන එක නෙවෙයි මට නම් වැදගත්..\\\

      මෙන්න මේකට නම් මට හිනා ගියා යසිත්. මේක වැදගත් නැහැ කියලා කියන්න එපා යසිත් සෑහෙන්න වැදගත් දෙයක් මේක. :P


      \\\ සම්මත රාමුවෙන් පිට ඉඳගෙන හෝ තුළ ඉඳගෙන පෙන්වන්න උත්සාහ කරන දර්ශණය මොකක්ද, ඒකෙන් සමාජයට හෝ මට වැඩක් වෙනවද, නැත්නම් මට උගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවද කියන එක විතරයි මට අවශ්‍ය.. \\\\

      සෑහෙන්න හොඳ වියත් වදන් පෙළක් යසිත්. ඇත්තටම මොනයම්ම හෝ පුද්ගලයෙක්ගෙන් අපි යමක් ගත යුත්තේ මේ ක්‍රමයට. අරයා මෙයා වැඩක් නැහැ , හරය විතරයි ගන්න ඕනේ.

      උපන් දින සුබ පැතීම ගැන බොහොම ස්තූතියි යසිත්.. දිගටම එන්න බ්ලොග් එකට සහ පහු ගිය පෝස්ට් ටිකත් බලන්න උඩින් පල්ලෙන් හරි..

      Delete
  13. සුබ පතමි
    සොදුරු දිගු ගමනකට ජය පතමි...

    ReplyDelete
    Replies
    1. උපන් දින සුබ පැතීම ගැනත් , බ්ලොගයට සුබ පැතීම ගැනත් ස්තූතියි වර්ෂා.. ඔයාගේ වැඩ කටයුතු දැන් කොහොමද ..?

      Delete
    2. එයාට මේ දවස්වල කවි සිතුවිලි මෝදු වෙනවලු.. පව් අහිංසකී

      Delete
    3. එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..!

      Delete
  14. යකෝ අද උඹේ උපන්දිනේ ද මල්ලියා... සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ සැප්තැම්බර් 02 තමයි මගේ උපන් දිනේ. උපන් දිනේට එක එක විදිහේ තෑගී තමයි ලැබුණේ මේ පාර ..:P

      Delete
  15. සහන් අයියාට සුභ උපන් දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..ජීවිතේ අමතක කරලා දාන්න ඕන අමිහිරි සිදුවීම් අමතක කරලා අනාගතේට ශක්තිමත්ව මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා...

    බ්ලොග් ලොව දිගු ගමනකට ආසිරි පතනවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි ඔයාගේ සුබ පැතීමට. බ්ලොග් ලෝකෙන් මට මුණගැහුණු යාලුවෝ නිසා මම ගොඩක් සතුටු වුණු තැන් තියෙනවා. ඔයා මුල්ම කෙනෙක් මේ බ්ලොග් එකේ. ඔයා මුළින්ම දාපු කමෙන්ට් එකත් මට තාම මතකයි.

      ඔව් රෙහානි බොහෝ දේවල් මම අමතක කරලා ඉන්නේ. ඒත් සමහර දේවල් තියෙනවා ලිං කටින්ම එළියට එන්න ඕනේ වගේ වෙච්චි. ඒවට මුහුණ දෙන්න වෙනවා කොච්චර අමතක කරන්න හැදුවත්.

      දිගටම එන්න රෙහානි . ඔයාටත් ඔයාගේ මහත්තයටත් සුබ පතනවා මම වාසනාවන්ත ජීවිතේකට..

      Delete
    2. මම අද දන්නේ රෙහානිත් සැප්තැම්බර් ඉපදුණ කෙනෙක් කියලා.. දැන් බලද්දී බාගෙට බාගයක් බ්ලොග් ලියන අය සැප්තැම්බර්නේ..

      Delete
  16. මේක මේ අපේ චන්දන මට මේල් එහෙකින් එවලා තිබුණේ.. අනිත් අයටත් දකින්න මෙහෙම දානවා...

    සහන්,

    සුබ උපන් දිනයක් වේවා දෙන්නටම..!! ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලත්
    බ්ලොග් එක ඔස්සෙ තව තව වැදගත් ඉසව් වෙත අපව ගෙන යන්නට හැකියාව, ශක්තිය
    ලැබේවා.. කියලත් මං ප්‍රාර්ථනා කරනවා!!

    (මගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අන්තිම අඩාල වෙලා. අමාරුවෙන් පේජ් එක
    ලෝඩ් කර ගත්තත් කමෙන්ට් එකක් දා ගන්න බෑ. ඉතින් ඒක හදා ගන්න කල් මට ආයෙ
    බ්ලොග් වලට කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ. මේ මේල් එක එවන්නෙත් විනාඩි 15 ක්
    විතර උත්සාහ කරලයි...)

    ReplyDelete
    Replies
    1. @ චන්දන

      ඔයාගේ සුබ පැතීම ගැන බොහොම ස්තූතියි.මට චන්දනව මුණගැහුනේ සරත් අය්යාගේ සරාගේ ලෝකයේදී. එදා ඉඳන් දිගටම අපි දෙන්නා මිත්‍රයෝ විදිහට ඉන්නවා. හිත හොඳ කෙනෙක් කියන දේ දැනිලා තියෙනවා මට. ජන ජීවිතය සම්බන්ධ කතා ලියන්න උපරිම හැකියාවක් තියෙන කෙනෙක් බව තේරුණ නිසයි මම චන්දනට " නිධානෙ කතාව " ලියන්න දුන්නේ. ඒක නියමෙටම චන්දන කරා. මතකද මම කිව්වා මට ඒක දකින්න ඕනේ කියලා .. ඒ ඉල්ලීම ඉෂ්ඨ කිරීම ගැන බොහොම ස්තූතියි චන්දන..

      දිගටම ලියන්න , කවදා හෝ පොත් කීපයක් සාර්ථක විදිහට එළිදක්වන්න පුළුවන් කෙනෙක් ඔයා..සුබ පතනවා චන්දන..

      Delete
    2. @ යසිත්

      මම මචන් සැප්තැම්බර් 02. මගේ එක්කෙනා සැප්තැම්බර් 01. ඒ නිසා දෙන්නටම සුබ පතලා එකපාර.. උඹ හිතුවේ මොකක්ද ..?

      Delete
    3. හුටා... මං හිතුවෙ තාම මලකඩ කකා තනිකඩය වගේ ඇති කියලා :)

      Delete
  17. සහන් ඔයාට ලස්සනම ලස්සන සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා පතනවා. අහම්බෙන් වගේ නෙත ගැටුණු කමෙන්ටුවකින් එහි තිබුණු හරවත් බව නිසාම මෙහි පැමිණි මට ඔබගෙ සැබෑ වටිනාකම සැනකින් අවබෝධ වුණා. ඇත්තටම කමෙන්ට් කරන්න හැකියාවක් ඒ කාලේ නොතිබුනත් ඔයා දාන දාන පෝස්ට් ඔක්කොම වගේ කියෙව්වා.සැබෑ උගත්තු කියන්නෙ මට නම් ඔබ වැන්නෝය සහන් මන්ද සහතික මිටි ගනන් තිබුනත් ප්‍රායෝගික බවක් නැත්නම් උන් පුස්සන්ය යන්න මගේ හැගීමයි.
    සැබෑ ලෙසම කටුක යථාර්තය දකින අග්‍රගන්‍යය ලිවීමෙ කෞෂල්‍යකින් හෙබි නුබ වැනිවුන් මා හට නම් උතුම් පුරුෂයෝය. ඔබ වැන්නවුන් තවත් මෙහි පහළ විය යුතුය.
    තමන් මහන්සියෙන් උගත් දැනුම නොමසුරුව සරලව පැහැදිලි කරමින් රටේ හෙට දවස ලස්සන කරන්න ඔයාගෙ වටින කාලයත් මහන්සියත් යොදමින් මෙ දරන වෑයම ඉක්මනින්ම මල්ඵල ගැන්වේවා!!
    ඔබට තියන කරදර අපළ දුරුවෙලා පැහැබර අනාගතයක් ලැබෙන්න ඕනි!!
    ඔයාටත් ඔයාගෙ සිගිති දූ ටත් ගෙදර අයටත් ජීවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා!!
    (මගේ උපන් දිනේත් මුලින් සිහිපත් කලාටත් ගොඩක් ස්තුතියි හොදේ)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. මම ඔයාව දැක්කා මගේ බ්ලොග් එකේ ෆලෝ කරලා තියෙනවා. මම ස්තූති කරලා මේල් එකකුත් එව්වා වගේ මතකයි . මනෝජ් එක්ක කතා කරපු වෙලාවේ හොඳටම තේරුණා රට ගැන ලොකුම හැගීමකින් ඉන්න බව. අද රටට ඕනෙත් එහෙම මිනිස්සු මනෝජ්. රෑ 12 / 1 වෙනකම් කතා කරපු දේවල් මට තවම මතකයි . එදා කතා කරපු මාතෘකා සම්බන්ධවත් මම පෝස්ට් කීපයක් ලියන්නම් ලබන සතිය දිහාට. දැනට ලැබිලා තියෙන කාලයෙන් ඉවර කරන්න ගොඩක් දේ තියෙනවා. පෝස්ට් දාලා නිකම් ඉන්නත් බැහැනේ. අනිවාර්යෙන් මම ඉන්න ඕනේ කමෙන්ට් වලට උත්තර දෙන්න.

      මම එදා ඉඳන්ම පොතේ දැනුමෙන් එහාට ගිය කෙනෙක්. " ඕක වෙන්නේ මෙහෙමයි " කියලා ගුරුවරයා කිව්වට එතනින් මම එහාට හිතනවා " ඇත්තටම ඕක එහෙමද " කියලා. රාමුවෙන් එළියට එන්නම ඕනේ මනෝජ් සත්‍ය දකින්න නම්. සත්‍ය කියන දේ රාමු කරලා හංගලා තියෙන්නේ එක එක අයගේ උවමනාවට.

      බ්ලොග් කියලා දෙයක් ලෝකෙට ලැබීම ගැන ගොඩක් සතුටුයි මට. එහෙම නොවෙන්න මෙතන තියෙන කිසිම ලිපියක් පත්තරේක නම් පලවෙන්නේ නැහැ. ( ඉර හඳ වගේ ෂුවර් ) මගේ ජීවිතෙත් ප්‍රශ්න කීපයකින් වෙලීගෙන යද්දීයි මම නැවත බ්ලොග් එක පටන් ගත්තේ. ලොකු හයියක් උනා මෙතනින් මුණගැහුණ ඔයාලා වගේ අය.

      දිගටම ඔයාලගේ උදව් උපකාර ඕනේ කරනවා මනෝජ්. කමෙන්ට් එකක් දාලා ගියත් ලොකු සතුටක් ඇති වෙනවා හිතට. අපි රහත් වෙලා නැහැනේ.:P

      මම වෙලාවක අර විස්තර ටික එවන්නම්. මේ ටිකේ මම ඉන්න තැන ඒ විස්තර නැහැ. ගෙදර ගියාම එවන්නම්.. සියලු දේට පින් මනෝජ් ඔබ කරපු...


      Delete
  18. ඔහොමයං..! ජය වේවා..!
    සුබ උපන්දිනක් වේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වීයෝ. වී පවුලේ රාජකාරි වැඩි කාලෙක උනත් මේ පැත්තේ ඇවිත් යාම ගැන බොහොම ස්තූතියි.. වීයගේත් වී පවුලට සුබ පතනවා මම... දිගටම එන්න මේ පැත්තේ..

      Delete
  19. උබ විස්වාස කරන එකක් නැහැ මට අමුතු සතුටක් දැනිල ඇස් දෙක තෙත් වුනා කියල අද මම ලක්ෂ හතරක හිට්ස් සමරනවා. උබ පනස් දහ සමරනවා. ඒ එක්කම බර්ත් ඩේ එක. මම මගෙ මුල්ම කාලේ පෝස්ට් දහයක් විතර කියවල මේ පෝස්ට් එක බලන්න ආවෙ. අමාරුවෙන් ගොඩ දාගෙන ආපු හැටි. ආසාවෙන් තාම ලියන හැටි. වැටි වැටි නැගිටින හැටි. මේ හැම දේම ජීවිතේ මචං. ලියපං. නොනැවති ලියනව නම් සතුටක් ඉතිරි වෙනව කියල මතක තියා ගනින්.

    අමිහිරි තැන් අමතක නොකර හයියක් කර ගනින්. මම ජීවිතේ අමිහිරි තැන් මතක් කර කර තාමත් සතුටින් විදවනවා මචං.

    අම්මගෙ පොටෝ එක ලස්සනයි.

    උබට ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. මං සෑමගේ ම් වගේ කම්න්ට් එකක් දැක්කමයි :)

      Delete
    2. සැමා කියන දේ සියලුම බ්ලොග් හිමියෝ ස්ථීර කරාවි. බලන්න පිරිස එන නිසායි බ්ලොග් එකක් දිගින් දිගටම ලියන්න පෙළඹෙන්නේ. මේ වෙද්දී නම් මම පෝස්ට් ලියන්නෙම බලන්න පිරිස එන නිසා. වෙන කිසිම හේතුවක් නැහැ.
      \\\අමිහිරි තැන් අමතක නොකර හයියක් කර ගනින්. මම ජීවිතේ අමිහිරි තැන් මතක් කර කර තාමත් සතුටින් විදවනවා මචං. \\\

      වැදගත් අවවාදයක් මචන්. එක හෙලා පිළිගන්නවා ..

      ස්තූතියි මචන් අම්මා ගැන කියපු දේට. එයා තරුණ කාලේ හරිම ලස්සනයි . ඒ වගේම සැර පරුෂ කෙනෙක්. එක දෙයක් දෙපාරක් කියන්නේ නැහැ පළමු ගමනින්ම වැඩේ ඉවර කරනවා මිසක්. දැන් නම් අසනීපෙන් ඉන්නේ.

      සුබ පැතීම ගැනත් දීපු අවවාදයටත් ස්තූතියි සැමෝ..ඉඩක් ඇති වෙලාවට දිගටම එන්න..

      Delete
    3. @ සැමි

      හදවත මෝදු වෙලා තියෙන වෙලාව නෙව ..

      Delete
  20. සුභ පැතුම් සහන්..දිගටම ලියන්න..ලිවීමේ ශෛලිය දියුණු කරගන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ.. ඉස්සර නම් මම ඔහේ ලිව්වා මොකාද එකා වගේ. ( ඒත් මගේ ක්‍රමේටම ලියපු ඒවා අඳුනගන්න පුළුවන් ඉස්සර උනත් ) දැන් නම් ටිකක් සැළකිල්ලෙන් ලියනවා හැංගි හොරා නැතුව.

      ඉඩක් ඇති වෙලාවට දිගටම ඇවිත් යන්න එන්න රූ..

      Delete
  21. සුභ උපන්දිනයක් සහන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගජින් උපන් දින සුබ පැතීම ගැන.. මේ ටිකේ වැඩිය පේන්න නැත්තේ ඇයි ..?

      Delete
  22. සුබ උපන්දිනයක් සහන්.ඒ වගේම ප්‍රියම්බිකාවටත් අම්මටත් සුබ උපන්දිනයක්.50වෙනි පෝස්ට් එකට මතක් කරලම සුබ පතන්න ඕන උනත් වැඩ වැඩිකම නිසා අමතකම වෙලා ගියා.ඒකටත් සුබ පැතුම්.

    කියන්න අමතක වෙනව තව ටිකෙන්.මගෙ උපන්දිනෙත් සැප්තැම්බර්.

    ~Saji~

    ReplyDelete
    Replies
    1. 50 වෙනි පෝස්ට් එක මමත් අමතක කරා හිතලම වගේ සජි. සමරන්න කියලා දෙයක් තිබ්බේ නැහැ වගේනේ ඒ වෙද්දීත් .

      උපන් දිනේ ඇතුළු සියලුම දේවල් අල්ලලා පෝස්ට් එකක් දැම්මා. බ්ලොග් එකට ආව අයට ස්තූතියක් මම කරන්න ඕනෙමනේ සජි. කව්රුත් ආවේ නැත්නම් ඇත්තටම මේ බ්ලොග් එක ඉබේම නැවතිලා..

      ඔයත් සැප්තැම්බරයේ ඉපදුණ කෙනෙක්ද ..? මෙතනම ඉන්නවා 6 දෙනෙක් විතර නේද ..? බොහොම සතුටුයි ඒ ගැනත්..ඒකෙත් විශේෂයක් තියෙනවා කියලා මම කිව්වේ කළින්ම..

      දිගටම එන්න සජි බ්ලොග් එකට.. ඔයාල එන එක සතුටක් මට..

      Delete
  23. සුබ පැතුම් සෑම සියළු දේටම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාර්මි සුබ පැතීම ගැන. මේ පළමු පැමිණීම නේද ? සාදරයෙන් පිළිගන්නවා..දිගටම මේ බ්ලොගයට ගොඩ වෙලා යන්න එන්න..

      Delete
  24. මා, මේ අඩවිය ඇසුරු කරන්නට පටන්ගත්තේ විශේෂයෙන්ම තාක්ෂණය සම්බන්ධ ලිපි කියවීම සඳහායි. මා සිතාසිටියේ මෙය ඉතා පැරණි අඩවියක් කියායි. එයට හේතුව ඔබේ රචනා විලාශයේ තිබුණු යම් යම් සාධනීය ලක්ෂණ නිසයි. මේ ලිපියෙන් ඔබ කරතිබෙන ආත්ම කථනයද අගය කරමින් තවත් ඉදිරියට යන්නට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමණි ඔබේ ඇගයීමටත් සුබ පැතීම ගැනත්. මම මේ බ්ලොග් එක හැදුවේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල වගේ. මටත් මතක නැහැ හරියටම. ඔහේ පටන් ගත්ත ඒවනේ ඉතින්. පස්සේ තමයි වත්තේ හතර මායිම් හොයන්න ගියේ. ඒක වෙනම කතාවක් .. :D

      මමත් කැමති තාක්ෂණික පෝස්ට් ලියන්න තමයි. කාලයක් තිස්සේ draft වලට පෝස්ට් 8 ක් විතර හිර වෙලා තියෙනවා . සුළු සුළු අඩුපාඩු ටිකක් විතරයි සම්පූර්ණ කරන්න තියෙන්නෙත්. මම ඒ ටික ඉක්මනට ඉවර කරලා දාන්නම්.

      silentsahan ගැන පැතිරෙන ආරංචි වලට මම මෙතෙක් උත්තර දීලා නැහැ. පස්සේ පස්සේ වැඩේ නුහුරටම යන බව තේරුණ නිසයි මේ විදිහට මා ගැන විස්තරයක් කිව්වේ. අනිත් එක බ්ලොග් එකට එන යන අයත් දැනගන්න කැමති ඇති සහන් කියන්නේ කව්ද , මොනවටද බ්ලොග් එක ලියන්නේ , අරමුණ මොකද වගේ කාරණා. ( හොරෙක්ද , මංකොල්ල කාරයෙක්ද කියලා හරි දැනගන්න එක වටිනවනේ අද කාලේ වෙන දේවල් වල හැටියට )

      ඔබේ පැමිණීමත් , වචනත් මට හය්යක් විචාරක තුමණි. ඉඩක් ඇති වෙලාවට නිතර ඇවිත් යන්න එන්න..

      Delete
  25. කෙනෙක් ගැන දැනගන්න ඔහු පුද්ගලිකව දැනගැනීම අවශ්‍ය නැහෑ.. ඔබේ ලියවිලි තුලින් මම ඔබව දකිනවා. ඒ දකින පුද්ගලයාට මම ගරු කරනවා. සමහර විට මගෙ අදහස් ඒ සමග ගැලපෙන හින්දා වෙන්න ඇති.. ඔබට සුබ උපන් දිනයක් වේවා. . සත්‍යය තිත්තයි.. ඒ සත්‍යය එලියට ගෙනෙන්න ඔබට දිරිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. \\\සමහර විට මගෙ අදහස් ඒ සමග ගැලපෙන හින්දා වෙන්න ඇති..\\\

      බොහෝ වෙලාවට මේ සිද්දිය නිසා තමයි දිගටම රැඳීම හෝ වෙන් වීම වෙන්නේ. ඉස්සර ආව සමහර අය දැන් එන්නේ නැහැ , ඉස්සර නාව සමහර අය දැන් දිගටම එනවා. හේතුව සරත් අය්යා කියපු දේ තමයි බොහෝ විට..

      \\\\කෙනෙක් ගැන දැනගන්න ඔහු පුද්ගලිකව දැනගැනීම අවශ්‍ය නැහෑ.. ඔබේ ලියවිලි තුලින් මම ඔබව දකිනවා. ඒ දකින පුද්ගලයාට මම ගරු කරනවා.\\\\

      බ්ලොග් ගැන කතා කරද්දී නම් අය්යේ ඔයා කියන දේ හරි. අපි ලං වෙන්නේ පෝස්ට් වලට. ආදරේ කරන්නේ අදහස් වලට. නැතුව බාහිර රූපෙට , තනතුරු වලට , සමාජයේ බලපුළුවන්කාර කමට නෙවේනේ.. එහෙම බලද්දී අවංක ලං වීමක් නේද ..?

      සරත් අය්යාගේ සුබ පැතීමට බොහොම ස්තූතියි සහ එය හය්යක් මට...

      Delete
  26. සුබ උපන්දිනයක් වේවා සහන්.ඔබ කියා ඇති දේ ඇත්ත තමයි.මම නොවරදවාම එන බ්ලොග් එකක් තමයි ඔබේ බ්ලොග් එක.මම මුලින්ම තේරුම් ගත්ත එකක තමයි ඔබ එසේ මෙසේ කෙනෙක් නොවන බව.බ්ලොග් ලෝකයේ මාතලන් වගේම රජවැඩකාරයෙක් බව.හුඟක් කාරනා වලදි ඔබ රාමුවෙන් පිට පැනලා සුන්දර විදියට තර්ක කරනවා බලන් ඉන්න ආස නිසයි මම නිතරම මෙහෙ එන්නේ.ඔබ දිගටම බ්ලොග් ලෝකයේ රැදී එය බබලවනු ඇතැයි මම විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැමට මිතුරු ඔබේ සුප පැතීම ගැන. ඔබ ගැනත් පහු ගිය කාලේ විශාල කතා බහක් ගියා. දැන් තත්වය සමනය වෙමින් යන බව තේරෙනවා. හොඳ බ්ලොග් ලිපි තුලින් ආයෙම අපි අතරට එන්න සැමට මිතුරු..

      මම මොනවා හරි දේකට කතා කරන්නේ වැඩේ නුහුරටම යන බව දැක්කම විතරයි. හැබැයි වැඩේට බැස්සොත් වැඩේ ගොඩ දාලමයි එන්නේ. :D සමහර වෙලාවට ඔහේ බලන් ඉන්නවා.. (

      දිගටම එන්න සැමට මිතුරු මගේ බ්ලොගයට..ඔබට තියෙන ඕනෙම අදහසක් කියන්න මේ බ්ලොගය තුළ.. පූර්ණ නිදහස තියෙනවා ...

      Delete
  27. Replies
    1. ස්තූතියි කසුන් සුබ පැතීම ගැන. බ්ලොග් එක බලන්න එන ඔයාලා සියලු දෙනාටම ස්තූතියි..

      Delete
  28. මම හැමදාම කියනවා වගේ silentsahan කියන්නේ මටනම් ගුප්ත චරිතයක්

    හැපී බර්ත් ඩේ හැමෝටම.. සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. silentsahan කියන්නේ මායකාරයෙක්.අවුරුදු 12 කට කළින් මිය ගිය කෙනෙක්.මේ ජීවත් වෙන්නේ එයාගේ ආත්මය.බොරැල්ල කනත්තේ තියෙනවා මෙයාගේ මිනි වළ.මිය ගිය ආත්මයකට බ්ලොග් එකක් කරන්න බැහැ තමයි.පිළිගන්නත් බැහැ කියලා දන්නවා.ඒත් සත්‍ය හංගන්න බැහැ.

      Delete
    2. සදාතනික තාරුණ්‍යයේ රහස් කල්කය තියෙන නිසා හැමදාම වයස 25 පෙනුමෙන් ඉන්නවා.ඒත් මෙයාට වයස දැන් අවුරුදු 430 ටත් වැඩි.හැමදාම රෑට බොරැල්ලේ කනත්තට එනවා මෙයා.මම මේ කියන්නේ බොරුවක් නම් සොහොන්පල්ලගෙන් අහන්න.

      Delete
    3. හැම පෝයටම කනත්තට එන සුදු ලස්සන මහත්තයා ගැන දැනගන්න ආවේ කිව්වොත් සේරම ටික කියාවි.ටික ටික කනත්ත මැද්දෙන් තමන්ගේ මිනි වල දිහාට ඇවිදගෙන ගිහින් පැය 3 කට පේන්නේ නැතිව යනවා.ආයේ එන්නේ රත්තරං පාටට දිළිසෙන ලොකු මැණික් ගලක් අරගෙන.නාගලෝකේ සහ මනුස්ස ලෝකේ අතර දොර ඇරෙන්නේ මැණික් ගලට මන්ත්‍ර වලින් ජප කරාම.මෙයා මනුස්සයෙක් නෙවේ.යන්ත්‍ර මන්ත්‍ර දන්න නාගයෙක්.මහණ වෙන්න බැහැ නාගයන්ට.ඒ නිසා මනුස්ස ලෝකෙට ඇවිත් බුද්දාගම ඉගෙන ගන්නවා.

      Delete
    4. පැතුම් උඹ ඉවරයි මචන්.උඹෙන් පන්න පන්න පලි ගනී දැන්.උඹ නිසා ඔක්කෝම රහස් පිට උනා.ඉක්මනට ගම රට අතැරලා පලයන්.නැත්නම් උඹට නාග සාපෙන් ගැළවෙන්න බැහැ.මතක තියාගනින් කල්පයක් පින් කරපු දුටුගැමුණු රජතුමාත් මැරුවේ නාගයෝ.මොන දෙවියෙක්ටවත් නාගයන්ගේ සාපෙන් ගැළවෙන්න බැහැ.පණ බේරාගෙන පළයන් පැතුම් ඉක්මණට මේ රටෙන් පිටවෙලා.කෝකටත් අඳු කොළ මිටක් පිරිත් කරලා ළඟ තියාගන්න. මොකක් හරි උනොත් මට කෝල් කරන්න

      0718844125

      සිරිල් සමරසේකර

      Delete
    5. නාගයන්ට මහණ වෙන්න බැහැ කියලා මාත් අහලා තියෙනවා.කව්රු හරි දන්න කෙනෙක් කරුණාකරලා ඇත්ත නැත්ත තෙරුම්කරලා දෙන්න.

      Delete
    6. පොළොන්නරුවේ නාගපත්තිනි දේවාලයක් තියෙනවා.එතනට ගිහින් සමාව අරන් බාරයක් වෙන්න.නැත්නම් පෝය 7 ක් ගෙවෙන්න කළින් නාග කන්‍යාවෝ 7 දෙනෙක් ඇවිත් විෂ දෂ්ඨ කරයි.දෙවෙනි පාරට ගහන්නේ විෂ බහින්නේ නැතිම වෙන්න.ඒකෙන් බේරෙන්න බැරි උනා දුටුගැමුණු රජතුමාටත්.අදටත් නාගයෝ ඉන්නේ පළිගන්න බලාගෙන.දැන්ම යන්න පත්තිනි දේවාලෙට.පාරක තොටක ගියත් කා එක්කවත් කතා කරන්න එපා.නාගයන්ට පුළුවන් හිතෙන හිතෙන විදිහට වෙස් මාරු කරගන්න.නාග කන්‍යාවෝ දිව්‍යංගනාවන් වගේ ලස්සනයි.කිසිම කෙනෙක් එක්ක කතාවට වැටෙන්න එපා.

      Delete
    7. ෂෙහ් ! අරාබි නිසොල්ලාසෙම මෙතන දිගෑරලනේ. සමහර විට ඔන්න ඩ්‍රැකීට අළුත් කතාවක් ලියන්න පුළුවන් වෙයි මේ ටිකෙන්.

      මටත් සීන් එකට එන්ටර් වෙන්න බැරිවෙයිද බං. මට දැන් ඇති වෙලා 2500 න් කාලා, මෙහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි බං මැරෙන එක. හැබැයි පෝය 7 ක් වැඩියි බං, බැරිද දවස් 7 න්.

      Delete
    8. කවුද අප්පා මේ නාග උම්මන්තක ඇනෝ? නාග කන්‍යාවක් හම්බ වෙලා මෙව්ව කරලා වරු හතෙන් මළත් කමක් නෑ අෆ්ෆා..... බැයිද අපිටත්.....?

      Delete
    9. හරි හරි බය වෙන්න දෙයක් නැහැ . ඔන්න මම සාපය අයින් කරා . පැතුමට බය වෙන්න දෙයක් නැහැ . මම පිළිගන්නවා මම නාගයෙක් කියලා. දැන් තවත් හංගන්න දෙයක් නැහැ නෙව . :P

      නාගයෝ ගැන අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙහෙමයි . නාගයන්ට තමන් කැමති රූපයක් මවා ගන්න පුළුවන් . හැබැයි

      01. ආහාර ගද්දි තමන්ගේ නියම ස්වරූපෙට එන්න ඕනේ . ( අනිත් අයගේ ඇස් වහලා කෑම ගන්න පුළුවන්නේ. )
      02. නින්දට වැටෙද්දී ඉබේම නියම ස්වරූපෙට පත් වෙනවා . ( හැංගිලා නිදා ගන්න පුළුවන් , නැත්නම් නිදානොගෙන ඉන්න පුළුවන්නේ )
      03. ලිංගික එක් වීමකදී නියම ස්වරූපෙට එන්න ඕනේ . ( ඒක කොහොමත් කාමරේක දොර වහන්නේ කරන්නේ )

      ඔන්න ඔය අවස්ථා ඇර අනිත් සියලු දේ මනුෂ්‍ය වේශයෙන් ඉද්දි කරන්න පුළුවන් . ස්වභාවිකවම නාගයෝ කියන්නේ ඍර්ධි බල ඇති අය . මනුෂයන්ට වඩා බලවත් . ධාරණ ශක්තිය බොහොම වැඩි උනත් අසුර නිකායට අයත් අය නිසා ධර්මය අවබෝධ කරන්න නම් බැහැ . භික්ෂූන් ඉදිරියේ පෙනී සිටීමට මැලි කමක් දක්වනවා ආවට ගියාට. තදින් කිපෙනවා , පළිගන්න පෙළඹෙනවා. තමන්ගේ ස්වාමියාට වරදක් කරපු අයගෙ පවුල් පිටින් විනාශ කරන්න නාගකන්‍යාවෝ පෙළඹෙනවා. දුටුගැමුණු රජතුමාට උනෙත් එහෙම දෙයක් .( දුටුගැමුණු රජතුමා කියන්නේ මෛත්‍රී බුදුන්ගේ අග්‍රශ්‍රාවක වීමට පෙරුම් පුරන කෙනෙක් සහ අනිවාර්යෙන්ම ඒ තනුතුර ලබනවා. එහෙම කෙනාටත් නාගයෝ එක්ක හැප්පෙන්න බැරි උනා. තේරෙනවනේ බලසම්පන්න බව නාගයන්ගේ )

      දෂ්ඨ කරන්නේ මෙහෙමයි

      මරණය සඳහාම දෂ්ඨ කිරීම :- විෂ නගින හෝරාවකදී දෂ්ඨ කළොත් විෂ බහින්නේ නැහැ ( හෝරාව නම් අහන්න එපා ). නියත මරණය . පසළොස්වක පෝයට අසන්න දවසක පිට කොන්ද , බෙල්ල පිටුපස බල නහරට දෂ්ඨ කළොත් කිසිම වෙදෙක්ට , දෙවියෙක්ට , ඍර්ෂි වරයෙක්ට බේරන්න බැහැ.

      බොරුවට දෂ්ඨ කිරීම :- කකුලේ බත් කෙන්ඩ උඩින් විෂ ඇතුළු නොවෙන්න / යන්තන් ටිකක් ඇතුළු වෙන්න ගැහුවට මැරෙන්නේ නැහැ . දෂ්ඨ කරපු තැන තුවාල වෙනවා විතරයි විෂ ඇතුළු වෙන්නේ නැහැ . හරිම සරළයි . ( මෙහෙම කරන්නේ බය කරන්න හෝ අනතුරු අඟවන්න . ඒත් අනතුරු අඟව අඟවා නම් ඉන්න සිරිතක් නැහැ )

      මනුලොව වර්ෂ වලින් වසර 500 කට වඩා ආයුෂ තියෙනවා නාගයන්ට. ( පරමායුෂ 120 යි කිව්වට ඒ ප්‍රමාණයම ජීවත් වෙන අය නැහැ වගේ තමයි මේකත්. )මේ වගේ විස්තර තියෙනවා නාගයෝ ගැන . බොහොම සාමකාමීව ජීවත් වෙන භයානක පිරිසක් තමයි නාගයෝ කියන්නේ . නයාට ගහලා පොල්ල වරැද්ද ගන්න එපා කියන්නේ නෙවේ.

      ඔන්න සියලුම දෙනාට පොදුවේ උත්තර දුන්නා . :P


      Delete
    10. ඈ බං සහන්, උඹ ඒ ගමන නාගයො ගැන පර්යේෂණ පත්‍රිකා ලියනවද.

      ‘නාගීනා‘ බලපු දවස්වල නම් ඔය ගැන හෙන උනක් තිබුනා. කාලෙත් එක්ක හිමීට උන බැස්සා. කොහොමටත් ඒ දවස්වල කට්ටියට ‘ශ්‍රී දේවි‘ උනක් තිබුනා සැරටම.

      Delete

    11. @ DDT

      නාගයෝ ගැන මිත්‍යා කතාත් තියෙන එකේ වෙලාවක ඇත්ත නැත්ත ලියලා තියන එක හොඳයි කියලා හිතුණා මේ දේවල් දැක්කම. තඩි මුචලින්දයෙක් අරින්න බැරි වෙන එකක් නැහැ drakiයවත් අල්ලන් අපිට .. නේද මචෝ ..?

      Delete
    12. පණ බේරාගෙන පලයන් පැතුම්.උඹේ පස්සෙන් නාගයෝ පන්නනවා.ජීවිතේට ආදරේ නම් මෝඩයෙක් නොවී පලයන්.

      Delete
    13. කිසිම කෙනෙක් කියන දෙයක් අහන්න එපා.දැන් වත් පලයන් නාගපත්තිනි දේවාලෙට.ගිහින් බාර වෙයන් ජීවිතේ බේරලා දෙන්න කියලා.පලයන් යකෝ මේ තරන් කියන්නේ හේතුවක් ඇතුව.නාගයෝ කියන්නේ මිනිස්සුන්ව වශී කරන ජාතියක්.රැවටෙන්න එපා කව්රු මොනවා කිව්වත්.

      Delete
    14. මාත් කියන්නේ බාරයක් වෙන එක හොදයි.

      Delete
    15. උඹලට කියන්න මචංල මේක දැක්කම මට මතක් උනේ ඉස්සර සීන් එකක් තිබුනා, ඔන්න කාගෙ හරි නමට ගෙදරට ලියුමක් එනව. ඒ ලියුමෙ තියෙන්නෙත් ඔන්න ඔය වගේ තමන් ශාපෙකට අහුවෙල ඉන්නවය මේක තමන්ගෙ අත් අකුරෙන් 21 දෙනෙක්ට ලියල තැපල් කරන්නෙයි කියල. අර පිරමිඩ් වගේ. එහෙම නොකරපු අයට පවුල් පිටින් විනාශවෙල යන්න උනා කියල බය හිතෙන සීනුත් ඒකෙ තියෙනවා. අපි 7 පන්තියෙ විතර ඉද්දි යාළුවෙක් දවසක් හම්බවෙල මගෙන්ම බයිසිකලේ ඉල්ලගෙන ගියා ලියුම් මිටියකුත් අරන් පෝස්ට් ඔෆීස් එකට යනවය කියල. මෙන්න දවසකින් දෙකකින් මටත් එනව අර ජාතියෙ ලියුමක්. ඒ දවස්වලට අරූ හංග හංග මොනවද ලියනවත් මම දැකල තිබුනා. කිසිම කතාවක් නෑ මම ඒ ලියුමම උගේ නමට තැපැල් කළා. ඌ ඒව විශ්වාස කරන නිසානේ එහෙම එවුවෙ. ඕන්නම් ආයෙ 21 ක් ලියන්නෙ නැතෑ. :)

      Delete
    16. අම්මෝ මං නයි ගැන නං නයි අරින් නෑ. චන්දන නං ඇරලා තියෙනවා මං දැක්කා.

      Delete
    17. මෙතන මේ ටෙලිෆෝන් නොම්බරයක් දාලා තියෙනවා. ඒ මනුස්සයා මට මේල් එකක් එවලා තියෙනවා මෑණියන්ට ස්තූතියි කරලා. අනේ මන්දා උඹලගේ වැඩ.

      Delete
  29. සුභ උපන් දිනයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා උපන් දින සුබ පැතීම ගැන.. දිගටම එන්න..

      Delete
  30. සයිලන්ට් සහන් .... මම ආදරය කරන තවත් "මනුස්සයෙක්" මං ඔබේ හැම ලිපියක්ම කියවලා තියෙනවා, පුළුවන් හැම වෙලාවකම කොමෙන්ටුත් දැම්මා. මෑත කාලයේ නම දිගටම හැම එකටම කොමෙන්ට් කළා. කියෙව්වා. මම අඩු ගානේ උඹ සිංහලද දෙමල ද තියා මොනවගේ රුපයක් තියෙන කෙනෙක්ද කියලවත් හිතලා නෑ. එත් උඹේ දර්ශනයට මම ගරු කරනවා සහ ආදරය කරනවා. සුබ උපන්දිනයක් වේවා දෙපලටම...

    (මාගල් මුදියන්සේ කියලා නම දාපු එකාටත් තෑග්ගක් දෙන්න වටිනවා )

    ReplyDelete
    Replies
    1. ඇයි ‘ඉවෝන්‘ කියන නම දාපු එකාට තෑග්ගක් දෙන් නැතැයි?

      Delete
    2. ඔව් යකෝ එකටත් එකක් දෙන්නොන ....!

      Delete
    3. බොහොම ස්තූතියි ඉවෝන් සියලු ලිපි පුළුවන් විදිහට කියවීම ගැන. බ්ලොග් එකක් ලියන කෙනෙක්ගේ සතුට තමයි තමන් ලියපු සේරම ටික තව කෙනෙක් කියවනවා දැකීම.. :)

      බ්ලොග් එකේ ට්‍රැෆික් බලද්දී මම දැකලා තියෙන සමහර අය එක ලිපියක් කියවන්න ලින්ක් එකක් හොයන් එනවා.ඊට පස්සේ තවත් ලිපි 3 ක් වත් බලලා තමයි යන්නේ. ( කලාතුරකින් කෙනෙක් පෝස්ට් 10 විතර බලනවා . )

      \\\එත් උඹේ දර්ශනයට මම ගරු කරනවා සහ ආදරය කරනවා\\\\

      මම ගොඩක් වෙලාවට සදාරණත්වය ගැන හිතනවා ඉවෝන්. මට පාඩුවක් උනත් නැතත් මම සදාරණත්වය ගැන හිතලා කතා කරනවා . දේශපාලනය වේවා , සමාජීය කරුණක් වේවා මම හැසිරෙන්නේ එහෙමයි. සමහර අයට මාව තේරුම්ගන්න බැහැ . මගේම ළඟ උන්නු අයට මාව තේරුම්ගන්න බැරි උනා. පිට මිනිස්සු මට ආදරෙයි මගේම අයට වඩා ප්‍රගීත්..ඔන්න ඕකයි තත්වය.. බලමුකෝ කවදා හෝ සියලු දේ නිවැරදි කරගන්න..

      \\\\ සුබ උපන්දිනයක් වේවා දෙපලටම...\\\

      බොහොම ස්තූතියි ප්‍රගීත් සුබ පැතීම ගැන. මම එයාට කියන්නම්කො ඔයාල හැමෝම සුබ පැතුවා කියලා..එයත් සතුටු වේවි මේවා දැකපු දාට..


      \\\(මාගල් මුදියන්සේ කියලා නම දාපු එකාටත් තෑග්ගක් දෙන්න වටිනවා )\\\

      සමහර පෝස්ට් මචන්ලා වචන එකෙන් දෙකෙන් ඉවර කරන්න බැහැ. මගින් නැවත්තුවොත් ආයෙම පටලගන්නවා කමෙන්ට් වලින්.. ඒ නිසා ඔක්කෝම එක පාර ඉවර කරලා පෝස්ට් එක හදනවා.. අන්තිම කාලේ දාපු පෝස්ට් වල අකුරු 50,000 ට වැඩි වුණේ ඒකයි..

      Delete
  31. සුභ පැතුම් සහන්... ජීවීතය ගැන බැඳීම් අඩුකරගන්න. එතකොට ජීවීතේ සරළයි, සැහැල්ලුයි, නිස්කලංකයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්. මොනවා උනත් දුකේදී කඩාගෙන බිඳගෙන ළඟ ඉන්න කෙනෙක් ඔබ.. ඒකට බොහොම පින්..පෘථග්ජන අපේ සමහර බැඳීම් තියෙනවා මාතලන් මැරෙන්නම ඕනේ හිතින් අයින් වෙන්න නම්.. කොච්චර මොනවා කරත් හිත් වලින් අයින් වෙන්නෙම නැහැ. මම දැන් අවුරුදු 8 විතර තිස්සේ කරන්න තියෙන හැම දේම කරා.. තවත් නම් ප්‍රශ්නෙන් ඉවත් වෙලා ඉන්නේ නැහැ. දෙකෙන් එකක් බේරගන්න ඕනේ..

      සුබ පැතීමටත් මේ තාක් කරපු සියලු උදව් උපකාර වලටත් බොහොම ස්තූතියි මාතලන්.. දිගටම උදව් ඕනේ..

      Delete
  32. සහන්.....ඔක්කොටම ඉස්සෙල්ලා සියලුම කටයුතු වලට සුභ පැතුම්.මේ ලිපියත් අනිත් හැම එකකටම වඩා වෙනස් සහ රසවත්.නීරස ආර්ථික කටයුතු සම්බන්ධ ලිපි රස වුනේ සහන් ගෙන්.සහන්ට ජයක්ම වේවා!!!!!!!!!
    සහන්.....තව දවස් තුනකින් මගෙත් උපන් දිනේ. මෙම්බර් ඔෆ් සෙප්ටෙම්බර් කිව්වලු නේද?

    ReplyDelete
    Replies
    1. \\\ලිපියත් අනිත් හැම එකකටම වඩා වෙනස් සහ රසවත්.නීරස ආර්ථික කටයුතු සම්බන්ධ ලිපි රස වුනේ සහන් ගෙන්.\\\

      මේ වෙද්දී එක එක මට්ටම වල අය මගේ බ්ලොග් එකට එනවා අය්යේ. දැන් මට පුළුවන් එක එක විදිහට දේවල් ලියන්න. ඒ කිව්වේ තාක්ෂනය ගැන පෝස්ට් ලියන්න පුළුවන් ඒවට ආස අයට. දේශපාලනය ගැන පෝස්ට් ලියන්න පුළුවන් ඒවට ආස අයට. කැමති අය ආසාවෙන් බලයිනේ.. ඒත් ඉස්සර නම් සියලු දෙනාට ගැළපෙන විදිහට ලියන්න උත්සාහ කරා බ්ලොගයට ආව ගිය අය සීමිත නිසා.. දැන් නිදහස තියෙනවා ඕනේ දෙයක් ලියන්න විවිධ පිරිස් එන නිසා..

      ආර්ථික ලිපි උනත් සාම්ප්‍රදායීක රටාවෙන් එළියට ඇවිත් ලිව්වේ සියලු දෙනාටම පණිවිඩය යන්න ඕනේ නිසා. කියන්න සතුටුයි ඒ ලිපි කීපය හැමෝටම තේරුණා .. මේ බ්ලොග් එකේ සාර්ථකම උන පෝස්ට් කීපය උනෙත් ඒ පෝස්ට් ටික..

      \\\සහන්.....ඔක්කොටම ඉස්සෙල්ලා සියලුම කටයුතු වලට සුභ පැතුම්.තව දවස් තුනකින් මගෙත් උපන් දිනේ. මෙම්බර් ඔෆ් සෙප්ටෙම්බර් කිව්වලු නේද?\\\


      ස්තූතියි ස්තූතියි අරූ අය්යේ ජීවිතයට සුබ පැතීම ගැන. ඒ කියන්නේ අද නේද ඔයාගේ උපන් දිනේ ...ඔයාටත් සුබම සුබ උපන් දිනයක් වේවා අරූ අය්යේ.. දැන් බලද්දී බ්ලොග් ලියන අය බොහෝ දෙනෙක් සැප්තැම්බර් වල ඉපදුණ අය..මෙතනම ඉන්නවා 9 දෙනෙක් විතර.. මගෙත් පුද්ගලික ජීවිතේ අයගෙන් 60% කට වඩා අය සැප්තැම්බර් ඉපදුණ අය..!

      දිගටම එන්න මේ බ්ලොගය පැත්තේ අය්යේ..

      Delete
  33. සුභම සුභ උපන්දිනයක් සහන් අයියේ :) තව දිගු ගමනක් යන්න සුභ ප්‍රාර්ත්නා කරනවා .. ඇත්තටම අර පැතුම කිව්ව වගේ ටිකක් ගුප්ත බවක් නැතුවාම නෙමේ.. අර දෝනි ගැන ලියපු දේ. ඊටත් පස්සෙ අර අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් කියල ලියවුනු ලිපියත් සත්‍ය හා අසත්‍ය අතර දෝලනය කෙරෙව්වා මාව.. මොනව උනත් ඔබ දක්ශයෙක්.. ඊටත් වඩා හිත හොද සහෘදයෙක් :)

    ReplyDelete
    Replies

    1. මේ බ්ලොග් එකේ තියෙන බොහෝ දේවල් පුද්ගලිකව මට සම්බන්ධ දේවල්. http://obeth-mageth-addakeem.blogspot.com කියලා url දැම්මෙත් ඒකමයි. පස්සේ හිතාගත්තා පුද්ගලික දේවල් ලියනේ නැහැ කියලා. ඒත් හිර කරන් ඉන්නම බැරි අවස්ථා වලදී පෝස්ට් වැටුණා සමී..

      ඔයා මතක් කරපු එක හොඳයි .. අද්මිරාල් ගැන පෝස්ට් එකේ ඉතුරු කොටස් draft වල තියෙන්නේ.. ඒ ටික පෝස්ට් කරන්නත් ඕනේ වෙලාවක.. ඒවා බලන්න එන්න මල්ලි..

      \\\සුභම සුභ උපන්දිනයක් සහන් අයියේ :) තව දිගු ගමනක් යන්න සුභ ප්‍රාර්ත්නා කරනවා\\\

      උපන් දින සුබ පැතීම ගැනත් ජීවිතයට සුබ පැතීම ගැනත් බොහොම ස්තූතියි මල්ලි.. ඔයාලගේ වචන මට හය්යක්.. දිගටම එන්න..

      Delete
  34. මළා.. මට අමතක උනා.... සොරි ඈ.... ඊයෙ පෙරේදා කොම්පීතරේට නිවාඩු දීලා තිබ්බ... තාම බ්ලොග් ලිස්ට් එක කියෝලා ඉවරකරගන්න බැරි උනා...

    සුබ උපන්දිනයක් වේවා..... !

    අනේ මේ ඔය එක එකා කියන මඟුල් ගැන ලියන්න මේකෙ තියෙන ඉඩ නාස්ති කරගන්න එපා සහන්... වෙන වැඩකට ඇති දෙයක් ලියන්න...

    ReplyDelete
    Replies

    1. \\\අනේ මේ ඔය එක එකා කියන මඟුල් ගැන ලියන්න මේකෙ තියෙන ඉඩ නාස්ති කරගන්න එපා සහන්... වෙන වැඩකට ඇති දෙයක් ලියන්න... \\\

      මේකනේ හිරු වැඩේ දුර දිග යවන්න දෙන්න හොඳ නැහැනේ. ඒ නිසයි මම සිද්දිය පැහැදිලි කරේ.. නිහඬවම ඉන්න එකත් ඇඟට ගුණ නැහැ..


      \\මළා.. මට අමතක උනා.... සොරි ඈ.... ඊයෙ පෙරේදා කොම්පීතරේට නිවාඩු දීලා තිබ්බ... තාම බ්ලොග් ලිස්ට් එක කියෝලා ඉවරකරගන්න බැරි උනා... \\

      ඒකනේ මම බැලුවා ඉන්නම ඕනේ මනුස්සයා නැත්තේ මොකෝ කියලා.. හිරු , නලින් අය්යා , සයුරි , සිරා නොහිටින්න මේ බ්ලොග් එක ඒ කාලෙම නැවතිලා .. ඕනේ තැනක ඒ දේ කියන්න ඕනේ

      එදා ඉඳන් දෙන උදව් වලට බොහෝම ස්තූතියි හිරු...!

      Delete
  35. සුභ උපන්දිනයක් වේවා...
    අපිත් සැප්තැම්බර් ඉපදුන කොල්ලෝ තමයි මල්ලි ...:D
    දින දෙකක වෙනසක් ...

    ReplyDelete
    Replies
    1. මුන් ටික ඒ පාර බොරුවටත් සැප්තැම්බර් කියනවද කොහෙද ..

      ( පස්සේ හරි කමෙන්ට් එක දාන්නම් චමියෝ ..)

      Delete
    2. ස්තූතියි චමියෝ උපන් දින සුබ පැතීම ගැන.. චමිටත් සුබම සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා මම.. දැනට 9 විතර ඉන්නවා සැප්තැම්බර් අය.. තව ඉන්නවද බලමු අපි..

      Delete
  36. සුබම සුබ උපන්දිනයක් වේවා සහන් (අර ඩීඩීටී කිව්වා වගේ වයස මොකක් උනත් මටත් වෙන නමක් කියන්න හිතෙන්නේ නෑ :).

    ඇත්තටම ඔයාගේ බ්ලොග් එක ගැන සෑහෙන සතුටක් දැනෙනවා. මේ තරම් කෙටි කාලයකදී ලොකු දියුණුවක් ලබා ගත්ත බ්ලොග් එකක්. ඒකෙන්ම තේරෙනවනේ අන්තර්ගතය කොයි තරම් වටිනවද කියන එක.

    මටත් සහන්ව මුලින්ම හමු උනේ අර කියපු වලිය අස්සේ තමයි. වලි වලට හොට දාන එකත් නරකම නැහැ බලාගෙන ගියාම :) ඒක නිසානේ මටත් මෙච්චර හොඳ බ්ලොග් එකක් සහ මනුස්සයෙක් ගැන දැනගන්න ලැබුනේ.

    තවත් දෙයක්..තමන්ගේ උපන්දිනේ දවසේ අම්මාව මතක් කරන අය මම දැකලා තියෙන්නේ අතලොස්සයි. ඇත්තටම උපන්දිනේ වැඩි බරක් ලැබෙන්න ඕනේ අම්මට නේද? අම්මා කෙනෙක්ට කවදාවත් දරුවන්ගේ උපන්දින අමතක නොවෙන්නේ ඒ නිසා. ඒ තමන් උතුම් මව් පදවිය ලබපු දවස නිසා...

    ReplyDelete
    Replies
    1. \\\සුබම සුබ උපන්දිනයක් වේවා සහන් (අර ඩීඩීටී කිව්වා වගේ වයස මොකක් උනත් මටත් වෙන නමක් කියන්න හිතෙන්නේ නෑ :).\\\

      නැහැ නැහැ අපි ටික එකම වයස් වල ඉන්නේ සයුරි..වැඩි වෙනසක් නැහැ..

      \\\ඇත්තටම ඔයාගේ බ්ලොග් එක ගැන සෑහෙන සතුටක් දැනෙනවා. මේ තරම් කෙටි කාලයකදී ලොකු දියුණුවක් ලබා ගත්ත බ්ලොග් එකක්. ඒකෙන්ම තේරෙනවනේ අන්තර්ගතය කොයි තරම් වටිනවද කියන එක. \\\

      මගේ බ්ලොග් එකේ එදා ඉඳන්ම 18+ කතා තිබ්බේ නැහැ. ලින්ක් එක දැම්මෙත් නැහැ වෙන බ්ලොග් වල. මම පටන් ගත්තේ කොහොමද කියලා ඔයා හොඳටම දන්නවනේ සයුරි.අද වෙද්දී 50,000 පේජ් වීව්ස් තියෙනවා දකිද්දී හරිම සතුටුයි.. කව්රු කව්රු හරි බලලා නේද කියලා හිතෙනවා නිදි මරන් ටයිප් කරපු දේවල්..

      \\\මටත් සහන්ව මුලින්ම හමු උනේ අර කියපු වලිය අස්සේ තමයි. වලි වලට හොට දාන එකත් නරකම නැහැ බලාගෙන ගියාම :) ඒක නිසානේ මටත් මෙච්චර හොඳ බ්ලොග් එකක් සහ මනුස්සයෙක් ගැන දැනගන්න ලැබුනේ. \\\

      මට අදටත් මතකයි මම සයුරිට කියපු දේ එදා.. එදා නම් මට පුදුම විදිහට කේන්ති ගියා ..මොකද මන්දා ..:)


      \\\තවත් දෙයක්..තමන්ගේ උපන්දිනේ දවසේ අම්මාව මතක් කරන අය මම දැකලා තියෙන්නේ අතලොස්සයි. ඇත්තටම උපන්දිනේ වැඩි බරක් ලැබෙන්න ඕනේ අම්මට නේද? අම්මා කෙනෙක්ට කවදාවත් දරුවන්ගේ උපන්දින අමතක නොවෙන්නේ ඒ නිසා. ඒ තමන් උතුම් මව් පදවිය ලබපු දවස නිසා..\\\\

      සයුරි මතු කරපු කාරණාව හරිම වැදගත්. කිසිම වාදයක් නැහැ එක හෙලා පිළිගන්නවා. මම නම් මෙහෙම මගේ අම්මව මතක් කරලා ලිවීමක් ලිව්වේ පළමු වතාවට සයුරි. මම අම්මට වඩා එකතු තාත්තට. මම ලියපු බොහෝ දේවල් ලියවිලා තියෙන්නේ මගේ තාත්තා ගැන.. පුද්ගලිකව මට නම් ලෝකෙම මගේ තාත්තා...!

      සයුරිට කරපු කියපු හැම උදව්වකට බොහොම ස්තූතියි සහ දිගටම එන්න මගේ බ්ලොග් එකට...ඔයා හිරු එහෙම නොවෙන්න කිසිම විදිහකින් " අකුණ , උපාලි , ආර්ථිකය , ගුවන්යානා , කඹුරු ඉකෙයා " වගේ පෝස්ට් ලියවෙන්නේ නැහැ.. ඒ සියලු පෝස්ට් වල ගෞරවය ඔයාලටයි හිමි...

      Delete
    2. /නැහැ නැහැ අපි ටික එකම වයස් වල ඉන්නේ සයුරි..වැඩි වෙනසක් නැහැ..//

      අයි නෝ අයි නෝ...හැබැයි එකම වයසේ නම් නෙමෙයි :))

      තව එකක් කියන්න අමතක උනා...ඔයාගේ අම්මා හරිම ලස්සන කෙනෙක්.

      Delete
    3. \\\\අයි නෝ අයි නෝ...හැබැයි එකම වයසේ නම් නෙමෙයි :))\\\\

      ඇත්ත ඇත්ත එකම වයසේ නෙවේ.. ඔයා ජීවිතේට විස්වාස කරන්නේ නැහැ මගේ ඇත්ත වයස කිව්වත් .. :)))

      \\\\තව එකක් කියන්න අමතක උනා...ඔයාගේ අම්මා හරිම ලස්සන කෙනෙක්. \\\

      ස්තූතියි සයුරි ගොඩක්.. ඉස්සර එයාට වුනු රස කතා එහෙමත් මට කියලා තියෙනවා. ඔයා දන්නවද එයාව බඳිද්දී අපේ තාත්තට වයස 40 ට කිට්ටුයි..අම්මා මුලින් බඳින්න ඉඳලා තියෙන්නේ දෙමළ කෙනෙක්ව.අම්මගේ තාත්තා කැමති වෙලාම නැහැ. ඒ සිද්දියෙන් පස්සේ ඒ අන්කල් ගැන තියෙන්නේ දුක් බර කතාවක් සයුරි..

      අන්තිමට මටත් උනේ ඒ විදිහම දෙයක්. අපේ අම්මා එදා මට කිව්වා " පුතා තමන් දෙයක් කළොත් ඒක දරුවෙක්ගේ පිටින් හරි යනවා " කියලා..( සමහර විට අහඹුවක් වෙන්න ඇති. ඒත් වැඩ වරදින්නම රිටර්න් එක ලැබුණා මට )

      මම මේ කතාව කිව්වේ බලන කෙනෙක්ට හරි පාඩමක් ඉගෙන ගන්න..කරත්ත රෝදේ වගේ මේවා කැරකෙනවා.. හැබැයි කරත්ත රෝදෙන් තැලෙන්නේ පොඩි වෙන්නේ අලුත් අය.

      Delete
  37. Replies
    1. ස්තූතියි අය්යේ..ඔබේ පැමිණීමත් සතුටක් මට... ඉඩක් ඇති වෙලාවට නැවත එන්න ජෝති අය්යේ..

      Delete
  38. හැම දෙකටම සුභ පතනවා මචෝ 1න්ම ...... මගේ බ්ලොගට කොමෙන්ට් දාපු 3වෙනියා ඔයා දීල තිබ්බ උපදෙස් අදටත් මතකයි ...."නැට්ට හලපන් මචන් ටිකක් කල් යනකම් ..." ඔන්න ඔහොම .......

    ReplyDelete
    Replies
    1. \\\"නැට්ට හලපන් මචන් ටිකක් කල් යනකම් ..." \\\

      මෙතනින් අදහස් කළේ නැට්ට add කරන්න කියලා හරිය ...? නැතුව නැට්ට remove කරන්න කියලා නෙවේ .. ස්තූතියි රාළ සුබ පැතීම ගැන.. ඉඩක් ඇති වෙලාවට මේ පැත්තට ඇවිත් යන්න එන්න..

      Delete
  39. ටිකක් ප්‍රමාද වුනත් සහන්ට සුබ උපන් දිනයක් කියල පතනවා

    ReplyDelete
    Replies
    1. කිසිම පරක්කුවක් නැහැ හැලප අය්යේ.. මේ මාසේ ඉවර උනත් සුබ පැතීම බාර ගන්නවා මම.. ඒවා යුතුකම් නෙව.. මොකද මේ උනහපුළුවෙක් වගේ මූණත් තහඩුවක් හයි කරන් කරන්නේ ..?

      Delete
  40. සමාවෙන්න මිත්තරයා උපන් දිනේට සුභ පතන්න පරක්කු උනාට...මට පහුගිය දවස් වල සහන්ට හොදටම අසනීපයි කියලා අටමා කිව්වා...මම මාධ්‍ය ආයතන වල ඉන්න මගේ යාලුවො හරහා හොයලා බැලුවා සහන් කියන නම තියෙන කෙනෙක් පාලක මැදිරියක සේවය කරනවද කියලා...මොනවා උනත් නැවතත් බ්ලොග් අවකාශය තුල දකින්න ලැබීම පිළිබද සතුටුයි...සිරාගෙ කාමරය තුල ලියවෙන දේවල් බොහොම අවංකව විවේචනය කරලා කමෙන්ට් කරන කෙනෙක් විදියටයි මම සහන්ව හදුන්වන්නෙ...මට ඔබේ වයස ගැන ඇත්තටම තවමත් පැහැදිලි අදහසක් නැහැ...ජය !

    ReplyDelete
    Replies
    1. මම කිව්වට පස්සේ සහන්ට බැනලා බලු කතා කියලා ඇනෝ කමෙන්ට් දැම්මේ ගම්පහ සිරා රට යන්න කලින් නිතර අපේ ගෙදර සිරා ආවා මගෙන් සල්ලිත් ඉල්ලුවා දවසක් මගේ පපුවත් අත ගෑවා සිරා

      -ඊ මේල් කවිකාරි-

      Delete
    2. ඕවා දැක්කට මට තරහා යන්නෙ නෑ..බං...තව ලියහං...මම කිසි දෙයක් කියන්නෙ නෑ...

      Delete
    3. ස්තූතියි සිරා සොයා බැලීම ගැන සහෝදරයෙක් වගේ. අටමත් හිත හොඳ මනුස්සයා කියලා එදා ඉඳන්ම තේරුණා මට. මම මේ බ්ලොග් එකට ඇවිත් ඔහේ මොනවා හරි පෝස්ට් කරන්නේ උඹලා බලන්න එන නිසා. හිට් 50,000 තියෙනවා දකිද්දී නම් සතුටුයි මට. අමාරුවෙන් ලියපුවා අඩුම ගානේ එක 100ක් වත් දකින්න ඇතිනේ කියලා හිතෙනවා.. සිරාටත් බ්ලොගක් තියෙන නිසා මේ සතුට කොහොමද කියන දේ සිරා හොඳටම දන්නවනේ..

      එදා ඉඳන් දීපු සහයෝගයට බොහොම ස්තූතියි සිරා... දිගටම ඇවිත් යන්න එන්න..

      Delete
  41. සුභ පැතුම් මචං . . තව තවත් හරබර වටින ලිපි යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා ඇගයීම ගැනත් ලිපි ප්‍රචාරය කරන්න සහය දීම ගැනත්.. දුකා සප් එක දීපු කලින් පෝස්ට් එක 150 විතර අතරේ ගියා FB හරහා.. දිගටම ඇවිත් යන්න එන්න දුකා..

      Delete
  42. සුබ පැතුම් අයියා.. මමත් බ්ලොග් වලට ගොඩක් අලුත් මගේ හිතේ මාස දෙකක් වගේ ඇති. උදව් කලේ සමී අයියයි , සුදු මහත්තයයි, නලීන් අයියයි, රෙපා මහත්තයයි... මේ තමයි මගේ ගුරුවරු. සමී අයියා තමයි ජාලේ ඉද්දි උඹට මේක හරියන්නේ නැහැ වරෙන් බ්ලොග් වලට කියලා ඇදලා ගත්තේ. සුදු මහත්තයා තමයි මිත්‍රයා.. නලීන් අයියාට මම බොහොම ගරු කරනවා. එයාගේ වචන බොහොම ශක්තියක්.. රෙපා අයියා නම් සුපිරි. සතියකට සැරයක් මම නොවරදව කතා කරනවා.
    ඔය මගේ ගුරුවරු නෙව. මට දැනෙනවා ඔයාට දැනෙන සතුට. බ්ලොග් එකක් කියන්නේ ජීවිතේ. පුංචි දෙයකින් උනත් හිත රිදෙනවා මටනම්. ඔයාටත් එහෙම ඇති. මං ඉන්නෙත් තවම මාතලන් අයියගේ සින්ඩියේ. මං ඒවා ගැන දන්නෙත් නැහැ. අඩුගානේ add වෙන්නවත්...
    එක හුස්මට මුල ඉඳන් කියෙව්වා. මග අරින්නේ නැතුව. දවස් දෙහෙකින් මේ පැත්තට එන්න වීම ගැන කනගාටු වෙනවා. අසනීප නිසයි සුබ පැතුම් ඒ දවසෙම එකතු කරන්න බැරි උනේ..
    මං ඔයාගේ මේ කියවන තුන්වෙනි පොස්ට් එක. මං ඔයා ගැන දන්නේ නැහැ. හැබැයි පොස්ට් එකෙන් ගොඩක් දේ ඉගන ගත්තා අයියා..
    අපි හරි දේ ලියනවානම්, අපේ අදහස් හරි නම්, ඒක අපේ හෘද සාක්‍ෂිය දන්නවානම් ලෝකයා මොනවා කිව්වත් අපිට මොකද ?
    මානයෙන් ඉදිමුණ මිනිස්සු ඕනෑ දෙයක් කරාවි. ඔයා ඔයාගේ ගමන යන්න. පහු වෙලා උනත්.... ඔයාට සුබම සුබ උපන් දිනයක්.. !
    ඒ වගේම ඔයාගේ ප්රියම්භිකාවට ත්.. ඔයාට, එයාට, ඔයාගේ අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා.... !!!


    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. අලුත් බ්ලොග් වලට උදව් කරන බොහෝ අය ඉන්නවා මල්ලි. අලුතෙන් ලියන්න එන අය අඩුයි, දිගටම බ්ලොග් එක අප්ඩේට් කරන අය ඊටත් අඩුයි.. ඔයත් නවත්තන්න එපා දිගටම ලියන්න..

      මගේ බ්ලොග් එකේ තියෙන අනිත් පෝස්ට් ටිකත් පුළුවන් හැටියට බලන්න විනාඩි 10 ක් වැය කරලා..

      \\\අපි හරි දේ ලියනවානම්, අපේ අදහස් හරි නම්, ඒක අපේ හෘද සාක්‍ෂිය දන්නවානම් ලෝකයා මොනවා කිව්වත් අපිට මොකද ? \\\

      සීමාව ඉක්මවලා බොරු පැතිරෙද්දී තවත් නිහඬව ඉන්න හොඳ නැහැ මල්ලි.. නියපොත්තෙන් කඩන්න ඕනේ එක නියපොත්තෙන් කඩන්න ඕනේ..

      \\\ පහු වෙලා උනත්.... ඔයාට සුබම සුබ උපන් දිනයක්.. !
      ඒ වගේම ඔයාගේ ප්රියම්භිකාවට ත්.. ඔයාට, එයාට, ඔයාගේ අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා.... !!!\\\\


      කිසිම පරක්කුවක් නැහැ මල්ලි.. මගේ පවුලේ සියලු දෙනාට සුබ පැතීම ගැන බොහොම ස්තූතියි මල්ලි.. මම එයාලටත් පෙන්නන්නම් මේ කමෙන්ට්..එයාලා සතුටු වේවි මටත් වඩා.. ( දන්නැද්ද ගෑණු උදවියනේ )


      Delete
  43. සමාව අවසර පරක්කු වුනාට සහන්. ඔයාගෙ ගොඩක් පෝස්ටුත් මඟ ඇරිලා මට. ශක්තිමත්ව අනාගතයට මුහුණ දෙන්න හැකි සුබම සුබ උපන්දිනයක් වගේම අනාගතයකට මගෙනුත් පමා වෙලා හරි ආසිරි. ඒ වගේම බ්ලොගයටත්. වටිනා වගේම හරවත් පෝස්ටු රැසක් ඉදිරියේත් මේ අඩවියේ පලකරන්නට ඔබට ශක්තිය ධෛර්යය...

    ReplyDelete
    Replies
    1. කිසම පමාවක් නැහැ රතී..ඕනෙම වෙලාවක සුබ පතන්න.. ඔයා ඉස්සර ඉඳන්ම මගේ බ්ලොග් එකට ආව කෙනෙක්..මට හොඳටම මතකයි ඔයාව. මම හිතන්නේ ඔයාට පෝස්ට් 30 ක් විතර මග හැරිලා.. උඩින් පල්ලෙන් හරි බලන්න ඒවා වෙලාවක් ලැබුණොත්..

      දිගටම එන්න රති ...

      Delete
  44. ශුභ උපන් දිනක් වේවා!
    ඔබ පළකරපු පොස්ට් වලින් ඇත්තටම ලොකු සේවයක් උනා සමාජෙට.
    ඉදිරියටත් ඔබේ දායකත්වය බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇල්බන් සුබ පැතීම ගැන.. ඔයා මීට කලින් කමෙන්ට් කරපු එකට මම රිප්ලයි කරන්න උනෙත් නැහැ. ස්මවෙන්නේ ඕනේ ඒකට.. පුළුවන් නම් මට මේල් එකක් එවන්න...පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඔබ එක්ක..

      බ්ලොගයේ පෝස්ට් ඇගයීම ගැන බොහොම ස්තූතියි .. තව ඉස්සරහට ආර්ථිකය ගැන පෝස්ට් දෙකක් විතර , මේ රටේ විදුලි සංදේශ ක්ශේත්‍රය ගැන පෝස්ට් එකක් දෙකක් එහෙමත් දාන්න ඉන්නේ..ඒවා බලන්නත් එන්න ඇල්බන්..පැමිණීම සතුටක් මට..

      Delete
  45. සුබම සුබ උපන් දිනයක් වේවා සහන්.

    අදයි මම බ්ලොග් එක පැත්තේ ආවේ... මතක තිබුනා උපන් දිනය සැප්තැම්බර් 01 බව...
    ඒ උනත් සැප්තැම්බර් 01 දා අමතක උනා ඔබේ උපන්දිනය එදා බව.සමාවෙන්නේ ඕනේ ඒකට.....

    කොහොමද අසනීප තත්වය? අමාරුවෙන් උනත් ගොඩක් දේවල් ලියන එක අගය කරනවා...
    තමන්ගේ සෞක්‍ය තත්වය ගැනත් ටිකක් හිතන්න...
    නිරෝගී වේවා...සුවපත් වේවා...

    ReplyDelete
    Replies
    1. ශිරන්තත් උපන් දිනය සමරන්නේ සැප්තැම්බර් 13 නේද ..? ඔන්න දැන්ම මම සුබ පතනවා.. නැත්නම් මට සුබ පතන්න අමතක වෙනවා.. පරක්කු උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ සුබ පැතීමනේ වටින්නේ..

      අසනීප තත්වය නම් එතරම් ගුණයක් නැහැ.. ඒ උනත් ඔහේ ලියනවා පුටුවේ වාඩි වෙලා ඉන්න පුළුවන් වෙලාවට.. ඔයාගේ ප්‍රාර්ථනයට බොහොම පින් ශිරන්ත.. මේ ලෙන්ගතු කම මට වටිනවා..

      Delete
  46. පමාවී එන සුබ පැතුම.....

    අදයි..සහන් ව හොයා ගත්තේ කාලෙකට පස්සේ....

    ඔයාටත්..ඔයාගේ ප්‍රියම්භිකාවටත්..සුබම සුබ උපන් දිනයක් වේවා...

    මේ පොස්ටුවේ කියවෙන සමහර දේවල් මට නම් තේරුම් ගන්න බැහැ..ඒ මම බ්ලොග් සමාජයට ඒ තරම් හුරු නැති නිසා වෙන්න ඇති..
    ඔයා ඇත්තටම කවුද කියන එක මටත් හිතට ආව ගැටළුවක්..ඒ වුනාට ඒ ගැටලුව ගැටළුවක් කරගන්නට මම උත්සහ කලේ නැහැ සහන්...
    මොකද ඔයා ටිකක් අමුතු..හුඟක් සුන්දර මනුස්සයෙක් බව තේරුණා නිසා...

    යහපත් වූ සෞඛ්‍ය තතවයකින් ඉදිරියට යන්නට හේතු වාසනා වේවා...

    ReplyDelete
    Replies
    1. කිසිම පමාවක් නැහැ අක්කේ.. සුබ පැතීම තමයි වටින්නේ දිනේ නෙවේ. ඔව් මම මාසයක් විතර අසනීප වෙලා උන්නා . ඒ දවස් වල බ්ලොග් පැත්තේ එන්න උනේ නැහැ මට..
      \\\මේ පොස්ටුවේ කියවෙන සමහර දේවල් මට නම් තේරුම් ගන්න බැහැ..ඒ මම බ්ලොග් සමාජයට ඒ තරම් හුරු නැති නිසා වෙන්න ඇති..\\\

      ඉස්සර වෙච්චි සිද්දි කීපයක් ගැන ඔය කියලා තියෙන්නේ. අද වෙද්දී ඒ බ්ලොග් නැහැ:P ඉතින් පෙන්නන්න වත් විදිහක් නැහැ..:D

      මම ඉතින් ඔහේ පැත්තකට වෙලා ඉන්නවා අක්කේ.. ජීවිතේ පොඩි පසු බෑමක් වෙන දෙයක් මට උනා.පුළුවන් තරම් ඒ වැරැද්ද නිවැරදි කරගන්න හදනවා.

      ඔයාගේ ප්‍රාර්ථනාවට බොහොම පින් මේ වචන මට හය්යක් අක්කේ...

      Delete
  47. සෑහෙන දවසකින් අදයි බ්ලොග් ටිකක බලල කොමෙන්ට් එකක් දෙකක් දැම්මේ .. එත් මේක දැක්‌කේ නෑ .. උදේ අර කලින් පොස්ට් එක බලල වෙන මොකක් දෝ වැඩක් නිසා දිගටම බලන එක මිස් උනා .. සුබ උපන්දිනයක් වේවා කියල කියන්නම් ටිකක් පරක්කු වෙලා හරි ... ඔබ දෙපොළටම ... සහන් කවුද කියන එක ගැන මම නිකමට වගේ හිතල බලපු වෙලාවල් තියෙනවා ..හැබැයි මට මොකුත් තේරුම් ගන්න බැරි වුණා ... මට තේරිච්ච එකම දේ මට සෙට් වෙන විදියේ ගති ගුණ තියෙන.. මට වඩා සිරා පොරක් කියන එක ... මට සහන් එක්ක කතා බහ කරලා යාලුවෙක් විදියට ඉන්න ඕනේ වුනේ එච්චරයි ... ඔය අසනීප තත්වේ ටිකක් හොඳ කරගෙන මෙන්න මෙහෙම හැමදාම ඉමු.. "ඉන්න ඩිංග ජිවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී"

    ReplyDelete
  48. සෑහෙන දවසකින් අදයි බ්ලොග් ටිකක බලල කොමෙන්ට් එකක් දෙකක් දැම්මේ .. එත් මේක දැක්‌කේ නෑ .. උදේ අර කලින් පොස්ට් එක බලල වෙන මොකක් දෝ වැඩක් නිසා දිගටම බලන එක මිස් උනා .. සුබ උපන්දිනයක් වේවා කියල කියන්නම් ටිකක් පරක්කු වෙලා හරි ... ඔබ දෙපොළටම ... සහන් කවුද කියන එක ගැන මම නිකමට වගේ හිතල බලපු වෙලාවල් තියෙනවා ..හැබැයි මට මොකුත් තේරුම් ගන්න බැරි වුණා ... මට තේරිච්ච එකම දේ මට සෙට් වෙන විදියේ ගති ගුණ තියෙන.. මට වඩා සිරා පොරක් කියන එක ... මට සහන් එක්ක කතා බහ කරලා යාලුවෙක් විදියට ඉන්න ඕනේ වුනේ එච්චරයි ... ඔය අසනීප තත්වේ ටිකක් හොඳ කරගෙන මෙන්න මෙහෙම හැමදාම ඉමු.. "ඉන්න ඩිංග ජිවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් උපන් දින සුබ පැතීම ගැන ..පරක්කු උනාට අවුලක් නැහැ..

      \\\මට තේරිච්ච එකම දේ මට සෙට් වෙන විදියේ ගති ගුණ තියෙන.. මට සහන් එක්ක කතා බහ කරලා යාලුවෙක් විදියට ඉන්න ඕනේ වුනේ එච්චරයි ..\\\\

      ඒක ඇත්ත පැතුම් .. ඔයා රට යන්න කලින් අපි පැය ගණන් කතා කරලා ඇති.. ඒ උනත් කිසිම දාක ඇති වෙලා හරි , කතා කරන්න දේවල් නැති වෙලා හරි නැහැ. දන්නෙම නැතුව පැය දෙක තුන කතා කරලා හම්බුනාම..

      \\\ඔය අසනීප තත්වේ ටිකක් හොඳ කරගෙන මෙන්න මෙහෙම හැමදාම ඉමු.. "ඉන්න ඩිංග ජිවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී" \\\

      අපි බලමුකෝ පැතුම් . මගෙත් උවමනාව ඒක තමයි.. අපි බලමු පුළුවන් දෙයක් කරලා.. ස්තූතියි පැතුම් එදා ඉඳන් එනවට බ්ලොග් එක පැත්තේ..දිගටම එන්න..

      Delete
  49. දවස් 6 ක පමාවක් .... සමව අයදිනවා ඒ ගැන "නිශ්ශබ්ද සහන්"
    ඒ වගේම ,, ඔබටත් , ඔබගේ මවටත් , ප්රියම්භිකාවටත් සුබ උපන්දිනයක්.......

    ඉදිරියටත් හරවත් ලිපි ලිවීමට හැකියාව ලැබේවා කියල ප්‍රර්ථනා කරන්නම්....
    මමත් ජාතිවාදය පිළිකුල් කරනවා තදින්ම .....

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නැහැ විදුර පමා වීම ගැන.. හිතින් එන සුබ පැතීම නෙව වටින්නේ.. මම එයාටත් පෙන්නන්නම්කො මේ සුබ පැතුම්.. එයත් සතුටු වේවි ගොඩක්.

      ස්තූතියි ලිපි ඇගයීම ගැනත් ඔයාට. ඉස්සරහටත් පොඩි පොඩි පෝස්ට් ටිකක් ලියන් යනවා ආර්ථිකය ගැන , ශ්‍රී ලංකාවට ගැළපෙන පණිවිඩ ජාලයක් ගැන විස්තර කරලා.. ඒවා බලන්නත් එන්න ඉඩ තියෙන විදිහට...

      Delete
  50. Replies
    1. බොහොම ස්තූතියි යාලුවා සුබ පැතීම ගැන.. දිගටම එන්න හැකි වෙලාවට..

      Delete
  51. I am reading your older posts... Yesterday I got printed your post on Sri Lanka's economy and distributed among some people... They asked from me "What we have to do for this?"

    If there is an answer with a post please put a link.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වෙනුවෙන් අපිට කල හැකි දේ ගැන ඉදිරියේදී පෝස්ට් 5 ක් විතර පළ වීමට නියමිතයි.. ඉදිරි ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකාවට උචිත විදුලි සංදේශ ව්‍යාපෘතියක් ගැන. ඒ කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම විදුලි සංදේශ කටයුතු සඳහා.. දැනටම ලියමින් ඉන්නේ..

      තව දවස් 2 කින් වගේ දානවා .එන්න බලන්න..


      බොහොම ස්තූතියි මිතුරන් අතරේ බෙදා දීම ගැන යාළුවා.මෙහි ඇති ඕනෙම දෙයක් ප්‍රින්ට් කරලා අනිත් අය අතරේ බෙදා හරින්න. මේවා දකින්න ඕනේ පිරිස බොහොමයි.. මම ඉන්නේ තව මාස 3 කින් විතර සියලුම ලිපි ටික ඉවර වෙලා සති අන්ත පත්තර වල මාස තුනක් පුරා add දාන්න මෙම බ්ලොගය ගැන. එතකොට රටපුරා පැතිරෙයි මේ පණිවිඩය.. මේ සියල්ලට ඔබේ සහය ඕනේ මට.

      Delete
  52. අනිවා... අපි එහෙම කරමු....සහයෝගය දෙනවා ඕන වෙලාවක....

    මම සෙනසුරාදා දිහාට අමතන්නම්කො,,,අපි කතා කර ගත්ත විදිහට....

    add එක දාන්නනම් පස් මහා බැලුම් බලන්න සහන්.....

    ReplyDelete
  53. මුලින්ම සුභ උපන්දිනයක් වේවා කියල පතනවා. පරක්කු වුනත්. සුභ පැතීමට දිනයක් අදාළ වෙන්නේ නැහැනේ ඔයාගේ උපන් දිනේ අමතක කලත් වයිපරේගේ එක අමතක කරන එපා භයානක ප්‍රථිපල දෙන වැඩක් ඒක. හික් හික් හික්

    ReplyDelete
  54. මම ආවෙ නැති අතරෙ ගොඩක් දේවල් වෙලා නේද? ඔබට සුබ උපන්දිනයක් ඔබේ බිරිඳටත් ඇතුලුව. අවංකවම කියනව නම් පහුගිය දිනවල ඔබ ගැන සමහර දේ කියවල මට ප්‍රස්න ගොඩාක් හිතේ ඇතිවුනා.ඒත් මම ඔබෙන් ඇහුවෙ නෑ.ඔබම ඒ ගැන පැහැදිලි කරල දැමූ එක හොඳයි. කෙනෙක් හොඳ නම් එයාගෙ ජාතිය, කුලය, ආගම ප්‍රස්නයක් නෑ නේද?අපි අපේ අදහස් හුවමාරු කර ගන්නවා එකිනෙකාව දිරිමත් කරනවා. ඔබ මගේ බ්ලොග් එකට ප්‍රසිද්දියක් දුන්නා.ඔබ කොහොමත් අනුන් වෙනුවෙන් කැප වෙන්න කැමති කෙනෙක්. ඒකට ඔබට ස්තූතියි.


    ඔබේ සියලු වැඩ කටයුතු සාර්තක වේවා. සියලුම ප්‍රස්න වලට මූන දීමට හැකියාවලැබේවා.

    ඉතුරු පොස්ට් පස්සෙ කියවන්නම්.

    ReplyDelete
  55. Hello, for all time i used to check webpage posts
    here early in the morning, for the reason that i
    love to gain knowledge of more and more.

    My weblog - Funny Cat Vine

    ReplyDelete
  56. Hello my loved one! I want to say tha this posst is amazing, nice written and come with approximately all significant infos.
    I'd like to see more posts like this .

    My web-site; musica gratis ()

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili