දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 28, 2013

පුද්ගල මිළ තීරණය වීම | Value and the Price





              කෙනෙක්ගේ මිළ තීරණය වෙන්නේ කොහොමද ?ජනප්‍රියත්වය , හැකියාව , දක්ෂකම , රූපය , බලය , ස්ත්‍රී පුරුෂ භාවය fucking.වගේ දේවල් අනුව. තව අනෙක හේතු තියෙනවා. එහෙත්  සෑම විටම මෙසේ මිළක් ලබාගත හැකිද ?hehe1.


           උත්තරය බැහැ යන්නයි. මම පැහැදිළි කරන්නම්. දන්නවා නේද මයිකල් ඈන්ජෙලෝ , Leonardoda Vinci | MichelangeloBuonarroti | Vincent van Gogh | Pablo Picasso | Salvador Dali | René Magritte | Franciscode Goya | Frida Kahlo
Claude Monet | Henri Matisse | Rembrandt van Rijn | Andy Warhol | Georgia O'Keeffe | Wassily Kandinsky | Edvard Munch | Gustav Klimt |   ඔන්න ඔය වගේ ගොඩක් පිරිසක් ඉන්නවනේ. දැන් මේ අයගේ චිත්‍රයක් අලෙවි වෙන්නේ බර ගාණකට . ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් මිළ තීරණය වෙනවා.fear.




          ඔබ දැකලා නැද්ද ඒ වගේ චිත්‍ර අඳින්න පුළුවන් අය අද සමාජයේ . . ? මොනාලිසාගේ චිත්‍රය සබැහින් දැකපු ඕනෙම කෙනෙක් කට වහ ගන්නවා " අනේ මොකටද නිකන් පරණ කුණු අවුස්සන්නේ " කියලා shy.. මොනලිසාගේ පිංතූරෙට වඩා ලස්සන පින්තූර නිකම්ම නිකම් ගූගල් කරත් එනවා.නමුත් ඒ කිසිවෙකුට බැරි උනා මොනාලිසා තරම් මිළක් ලබාගන්න. hehe1.




          මම මේ ළඟදී දැක්කා මිලියන ගාණකට අලෙවි වූ චිත්‍රයක්. අර රේඛා මේ රේඛා භාවාත්මකලු. ඒකත් නිකන් අර " රජ්ජුරුවන්ට මහපු රෙද්ද " වගේ. හැමෝම පේනවා පේනවා කිව්වට දැකපු එකෙක් නැහැ. shy.බැරි වෙලා හරි කව්රු හරි ඇත්ත කිව්වොත් උගේ බෙල්ල ගහලා යනවා. ඉතින් හැමෝම බොරුවට " ශා නියමයි රජතුමනි " කියනවා. අන්තිමට හැමෝම හෙළුවෙන්. රජා ඇත්තටම රෙදි නැතුව හෙළුවෙන්. අනිත් පිරිස රෙදි ඇඳන් හෙළුවෙන්. hehe1.



   
             පිචර් ස්ටාර්ලා ගැණත් කතාව ඔහොමයි. ශාරුක්ට වඩා ලස්සන කොල්ලෝ නැද්ද ? මේ කිව්වේ ඉන්දියාවේ. ස්ත්‍රී පාර්ශවය ගැන නම් කියන්න ඕනේ නැහැ මොකද අපේ එක්කෙනත් එහෙනේ. .upset.ජැකී චෑන්ට වඩා දක්ෂ සටන් ශිල්පීන් නැද්ද ? පුද්ගලිකව මම මගේ දෑහට දැකලා තියෙනවා පුදුම දක්ෂ නින්ජා සටන් ශිල්පීන්. ඔවුන්ගේ පවුල් ඉතිහාසය වසර 800 තරම් පැරණියි. kitta.හිතාගන්න බැරි තරම් වේගවත් ලෙස පහර එල්ල කරනවා. එක තත්පරයට පහර 2 ක් 3ක් පවා එල්ල කරනවා.



              ඒත් සත්‍ය තමයි ශාරුක්ලා ඉන්නේ එක්කෙනයි. ජැකී චෑන්ලා ඉන්නේ එක්කෙනයි. ඔවුන් තරම් මිළක් අනිත් අයට ලැබෙන්නේ නැහැ. කොච්චර දක්ෂ උනත් මිළක් ලැබෙන්නේ නැහැ. මට ජැකීට වඩා ස්පීඩ් ෆයිට් කරන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. මම ශාරුක්ට වඩා ලස්සනයි කිව්වට වැඩක් නැහැ. පයිසෙකට ගණන් ගන්නේ නැහැ. බස් වියදම වත් ලැබෙන්නේ නැහැ. hehe1.



             දොස්තරලා , ප්‍රොක්ටලා නෙවේ එංජිනේරුවෙක් උනත් ඔච්චර තමා. ඔන්න එන්ජිනේරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සීනියර් . අනිත් එක්කෙනා ජුනියර්. සීනියර් ඉංජා හිතනවා මෙහෙම " මට වඩා ජූනියර් කෙනෙක් ලක්ෂ 10 ක් පඩි ගන්නවා නම් අඩුම තරමේ මට ලක්ෂ 12 ක් වත් ඕනේ". අනේ එහෙම කිව්වට බැහැ. ඒක ඒ මිනිහගේ ලැබීම ආයුබෝවන්. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් කිව්වා හේ කාටවත් කාගෙවත් ලොකු කම් වලින් වැඩක් නැහැ.teeth1.



            ඔන්න ඔහොම සීනියර් ඉංජිනේරුවා බොරුවට ගණන් ඉස්සීම නිසා එයාට ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. ටික දවසකින් වේලිලා වේලිලා පාන්ඩක වෙලා යන්න පටන් ගන්නවා. වැඩේ මාරාන්තික වෙද්දී මිනිහා කැමති වෙනවා ලක්ෂ නෙවේ රුපියල් 15,000 ට වැඩ කරන්න. රුපියල් ආයුබෝවන් රුපියල්. කරුමේ කියන්නේ  මේ වෙලවෙදි තවත් දෙයක් වෙනවා .smoke.



 ****


               සීනියර් ඉංජෙක් 15,000 ට  සෙට් වෙනවා නම් මොන රෙද්දටද ලක්ෂ 10ක්  දීලා දැන් ඉන්න ජුනියර් ඉංජා තියන් ඉන්නේ කියලා කොම්පැණියේ ලොක්කගේ ටිකිරි මොළේට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ ජුනියර් ඉංජගේ කැරියර් ලයිෆ් එකට හෙණ හත වදිනවා. ඔව් ඒක ගෙඩිය පිටින්ම මැළවීලාම යනවා.shy. ඔන්න ඔහොමයි අරූ ඇතුළට ගිහින් මූ එළියට එන්නේ. එළියට එන්නේ නෙවේ ආයුබෝවන් විසික් වෙන්නේ අන්න ඒ සිස්ටෝන් එකට. roll.


 ****


             ටික කාලයක් යද්දී සීනියර් ඉංජා ගණන් උස්සනවා. එයා කියනවා මට ඩොලර් මිලියන 2.5 ක් ඕනේ , නැත්නම් මම අයින් වෙනවා කියලා. මම අච්චරයි මෙච්චරයි . මට දැන් මේ ගාණට බැහැ. අරහේ මෙහෙමයි මෙහෙ මෙහෙමයි වගේ කතන්දර ගොඩයි. සෙල්ලම් නැහැ මූ දැන් ඩොලර් වලින් ගණන් කියන්නේ. කොම්පැණියේ මුදලාලිට තරු පේන්නේ දැන් තමයි. තනිකරම කතන්දර ගොඩයි අපේ කතන්දරයා වගේ.bicycle.


 ****



               ජූනියර් ඉංජා ගණන් හදනවා. ගණන් හදලා කියනවා " සෑර් , ඩොලර් මිලියන 2.5 ක් නිස්කාරණේ ගෙවන වෙලේ  මට රුපියල් ලක්ෂ 4 ක් දෙන්න. මම සෑර්ට එක අවුරුදු 3 න් මූලික ප්‍රාග්ධනය මෙන් 4 ගුණයක ශුද්ධ ලාභයක් අරන් දෙන තැනට කොම්පැණිය ගේනවා  " කියලා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

  • ඩොලර් මිලියන 2.5 රුපියල් බවට = 2.5 X 135 = රුපියල් මිලියන 337
  • රුපියල් මිලියන 337 න් ඉහළ පැලැන්තියේ නිවාස සංකීර්ණයක් හදන්න සැළසුම් කරමු. ( ලක්ෂ 3370 )
  • ඉඩමට = ලක්ෂ 850 ( මේ ප්‍රමාණය ඇති පර්චර්ස් 68 කට වැඩි ඉඩමක් කොළඹින් ගන්න )
  • ඉදිකිරීම පළමු අදියර = ලක්ෂ 1380 ( මේ මුදල ඇති වෘත්තීමය රහස් දන්නා කෙනෙකුට වැඩේ ගොඩ දාන්න. ඒවා ඕනේ නැහැ නෙව බ්ලොග් එකට )

එකිනෙකට අනුබද්ධව සැකසු නිවාස 65 කින් සමන්විත නිවාස සංකීර්ණයක් සාදා නිම කිරීමට මේ මුදල් ප්‍රමණවත් .

( මතක තබා ගන්න අපිට තාමත් ලක්ෂ 1100 ඉතුරුයි. )

           එක් නිවසක් මසකට රුපියල් 39,000 සිට කුළි පදනම මත දුන්නොත් අවමය වශයෙන් මසකට ලක්ෂ 25 ලැබෙනවා. එහෙත් වෙනත් පහසුකම් වැඩි කිරීම මගින් මසකට ලක්ෂ 35 ක් පමණ මුදලක් ලබා ගත හැකියි. ( ඒවා රහස් )


           වසර 3 ක් අවසානයේ ලැබෙන මුදල් = ලක්ෂ 1200 යි. වැය කළ මුදලට ආසන්න මුදලක් ලැබෙමින් පවතිනවා. මතකනේ තව ලක්ෂ 1100 ක් ඉතුරුයි කියල.. අන්න ඒකෙන් තමයි සියල්ල වෙනස් කරන්නේ. ඒක තුරුම්පුවක්. ඒ තුරුම්පුව ගැන හිතාගන්න හරි ලැබෙන්නේ "සහන්" සේවය ලබා දෙන ආයතනයට විතරයි.


                ඕවා මේවා වෙලා එද්දී නිකම්ම තනතුරු , තානාන්තර කාගේ කාගේත් වෙනස් වෙනවා. දොට්ට වැටුණ අය ආයතනයේ හිමිකරුවන් බවට පත් වෙද්දී ; දොට්ට දාපු අයගෙ දුකෙන් පුන් යන්න පටන් ගත්තේ එදා ඉඳන් තමයි. මයි ෆුට් ! fuck.



           අන්න එහෙමයි තමන්ට මිළක් ලබා ගන්නේ ලැබෙන්නේ . මගේ ගාණ මෙච්චරයි මෙච්චරයි කිව්වට කිසි කෙනෙක් ගන්නේ නැහැ. ශාරුක්ට , ජැකී චෑන්ට , මොනාලිසාට මිළ තීරණය උනේ අන්න එහෙමයි. තේරුණාද ..? spy.




වසර කීපයක් පැරණි පෙළපතක මතක : අද්මිරල් ෆර්නැන්ඩස්

උපාලි විජේවර්ධන

ප්‍රහාරක ගුවන් නියමුවෙකුගේ අද්දැකීම්

රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය

චන්ද්‍රිකා නිෂ්පාදනය කරන ආකාරය

රුපියල් ලක්ෂ 330 ක් පමණ වන සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා කාරය 




           ප. ලි . මේ දවස් වල මම පෝස්ට් 6 ක් විතර ලියලා තියෙන්නේ.ඒත් තාමත් ඒවා දැම්මේ නැහැ. සමහර ඒවගේ පොටෝ ලැබුණේ නැහැ මට තාම , සමහර ඒවගේ නීතිමය ගැටළු ටිකක් තියෙනවා ක්ලියර් කරගන්න ඕනේ. මම පෝස්ට් දාන්න කැමති අඟහරුවාදාට. අඟහරුවාදා වෙනකොට සම්පූර්ණ කරගන්න බැරි වෙන පෝස්ට් ඉබේම සතියක් කල් යනවා. ඕක තමයි පසු ගිය සති කීපය පුරාම උනේ .. bath.




මෙන්න මේ චිත්‍රය ඇඳපු කෙනාව හරියටම කිව්වොත් හිතාගන්න බැරි තෑග්ගක් දෙනවා ...!

November 26, 2013

හෙළ කුරුල්ලනේ වීරෙ මල්ලියේ... ගිය තැනකින් වරෙල්ලා....චාර්ල්ස් පුතා ගිහිල්ලා....



හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ගිය තැනකින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
මාජ්ජ සාකච්ඡා වල - හවසට දොර මඬලාවල ...
වීර පුරන් අප්පු වෙන්න කැහැපට කවලා....
චාර්ල්ස් පුතා එන්න කළින් - උන් හිටි තැන් නැති වීලා....
ඇඳපු සරම් කලිසම් වල මැද්දෙ ගිහිල්ලා....

හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ඇඳන් යටින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
කැමරන්ලා යන වටේට - ජේම්ස් පැකර් ගිනි සැරේට...
සුද්දන්ටත් නඩු දාන්න - වන්දි ඉල්ලලා.....
ගොම්මන්පිල එන්න කළින් - වේල්ස් කුමරුවා ඇවිල්ල...
උන්ට පාර අමතක වී - මං මුලා වෙලා......

හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ගිය තැනකින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )

කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
චාර්ල්ස් කුමාරයා දිවයිනෙන් නික්ම ගිය පසුව නා පිරිසිදු වී, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බස්නාහිර දිසාව බලා, සියල්ලෝම එක්ව ගායනා කිරීම යහපති..


https://www.facebook.com/Battaa.lk/posts/454437988011257

FB ගිණුම් ඇති අය මේ මල්ලිගේ පේජ් එකට ගිහින් සහයෝගයක් දීලා  එන්න..

නැවක ගත කළ සුන්දර අද්දැකීමක් ගැන ශානු ඉතාලියේ සිට ලියලා තියෙනවා... බලන්න මෙතනින් ගොඩ වෙලා...අමොරෙල්ලා වෙත ගැසු බල්ටිය

November 13, 2013

චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama



http://obeth-mageth-addakeem.blogspot.com/2013/11/channel-4-drama.html




               " බාලචන්ද්‍රන් සිදුවීමෙන් " පසු චැනල් 4 මාධ්‍ය ආයතනය ගැන බොහෝ දෙනා දැනගන්නට ඇති . එම ආයතනය සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වූයේ LTTE හිතවාදී ලෙසය. මානව හිමිකම් සැසියක් පැවැත්වීමට නියමිත සෑම විටකම ඔවුන්  කලේ මහා ගින්නක් ඇවිලිය හැකි අයුරින් ගින්දර සහ පුළුන් එක් කිරීමය.


               දේශප්‍රේමී , දේශහිතෛෂී , දේශද්‍රෝහී යනාදී ලෙස ලේබල් අලවා ගත් සියලු දෙනාද එම ගින්නට පිදුරු එක් කරන්නට ගියේ නිරුවතින් නොව ; තම තම නැණ පමණට තමා විසින්ම මසා ගත් ඇඳුම්ද ඇඟලාගෙනය.


               ප්‍රශ්නය ඇත්තේ එතැනය. විකට ඇඳුම් සංදර්ශනයක සිරිය නංවමින් මහා විගඩමක් අප දුටුවෙමු. නිරුවතින් විකට ඇඳුම් සංදර්ශන සඳහා සභාගී විය නොහැකි බැවින් බොහෝ දෙනා පණ කඩාගෙන මිමි ගන්න , රෙදි හොයන්න , රේන්ද අල්ලන්න , බෝරිච්චි මහන්න , වාටි මහන්න , බෝත්තන් අල්ලන්න , ෆිටෝන් කරන්න පෙළඹෙන ආකාරය ගියවර දුටුවෙමි. ඇතැම් අය ෆයිනල් ප්‍රොඩක්ට් එක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ආකාරයද  දුටුවෙමි. කෙසේ හෝ ඉස්තරම්ම ඩෙඟාවක් නැටුවෙමු.


                දැන් එළඹ ඇත්තේ එහි දෙවන වටයයි. මෙවර චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක  සැසිය ආවරණය කිරීමටය.



දැන් මොකක්ද වෙන්නේ ?


  • 01. ඔවුන්ට ඒමට වීසා ලබා දී ඇත. එසේ නොදුනහොත් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් විය හැකි බැවින් එසේ කර ඇති බව මා මුළින් සිතුවෙමි.( නමුත් මට වැරදී ඇත. ලිපිය අවසානයේදී පැහැදිළි වේවි )
  •  02. ඔවුන් පැමිණි පසු ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සංවර්ධනය , නැවත පදිංචි කිරීම් වැනි දේවල් දැක ගැනීමට ඔවුනට හැකි වෙතැයි සිතුවෙමි.
  • 03. ශ්‍රී ලංකා ආණ්ඩුව සහනශීලී ආණ්ඩුවක් බව ඔවුන්ට පසක්ව යනු ඇතැයි සිතුවෙමි.
  • 04. මහත් වෙහෙසක් දරා LTTE ත්‍රස්තයන්ගෙන් රට මුදාගත් හේතුව චැනල් 4 කණ්ඩායමට පසක් කර දීම සඳහා රජය ක්‍රියාමාර්ග ගනු ඇතැයි සිතුවෙමි.
  • 05. සියල්ල හොඳින් සිදු වී, චැනල් 4 කණ්ඩායම මිතුරන් ලෙසින් පිටව යනු ඇතැයි සිතුවෙමි.



අන්තිමට උනේ මෙච්චරයි .


  • 01. චැනල් 4 කණ්ඩායම පැමිණි  දින සිට මේ රටට සාපයක් වුනු මංගල සමරවීර , වික්‍රමභාහු වැනි පුද්ගලයන් හා එක් වන්නට ඉඩ දී ඇත.
  • 02. ශ්‍රී ලංකාව විනාශ කර හෝ බලය ලබා ගැනීමේ බල තෘෂ්ණාව ඇති අය හා එක් වන්නට ඉඩදී ඇත.
  • 03. චැනල් 4 කණ්ඩායමට  උතුර බලා පිටත් වීමට නිසි පරිදි ආරක්ෂාව සහ පහසුකම්  සළසා නැත.
  • 04. චැනල් 4 කණ්ඩායම එක් එක් බංකොලොත් ඇම්බැට්ටයන් හා එක්ව උතුරට ගොස් ඇත.
  • 05. උතුර බලා යාමට සැරසුණු එම ගමන අනුරාධපුරයේදී දේශප්‍රේමී ශ්‍රී ලංකා රජයයේ ඇම්බැට්ටයන් විසින් නවත්වා ඇත.
  • 06. ශ්‍රී ලංකාව අගතියට පත් කලාවූ "චැනල් 4 කණ්ඩායමට" අමතක නොවන පාඩමක් දේශප්‍රේමීන් විසින් උගන්වා ඇත.


දැන් වෙන්නේ මෙච්චරයි .


  • 01. චැනල් 4 එකෙන් කියයි මුළු ලෝකෙටම ශ්‍රී ලංකාවේ හෙළුව.
  • 02. අපිට උතුරට නෙවේ අනුරාධපුරයෙන් එහාට අඩියක් යන්න දුන්නේ නැහැ.
  • 03. අපි දන්නේ නැහැ උතුරේ තත්වය.
  • 04. අපිට රූපගත කරන්න ඉඩක් දුන්නේ නැහැ.
  • 05. ශ්‍රී ලංකාවට පය ගැසූ මොහොතේ සිට කුඩම්මාගේ සැළකිලි විතරයි ලැබුණේ.
  • 06. මාධ්‍ය වේදීන්ට මෙහෙම නම් සළකන්නේ අපිට හිතාගන්න පුළුවන් මේ රටේ දෙමළ ජනතාව විඳින දුක.
  • 07. ශ්‍රී ලංකාව යනු තුච්ච මිනිසුන් ජීවත් වන රටක්.





  ඉහත පණිවිඩය නෙවේද දැන් යන්නේ ලෝකෙට ..?  බෙන්ස් වලින් රවුම් ගැහුවට වැඩක් තියේද  චෝගම් චෝගම් කිය කියා ?




ඇයි මෙහෙම වෙන්නේ ?




             වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඌරහේ මාළු ඌරහේ පිටේ තබා කැපීමයට. ආණ්ඩුව මෙවර සිදු කරන්නේ  " චැනල් 4"කණ්ඩායමත් "ආණ්ඩු විරෝධී" කණ්ඩායමත් එක්ව ඇති බව ITN තුළින් පෙන්නා තවත් එක් විගඩමක් සිදු කර "සුදු හුණු" ගා ගැනීමය.


               එහෙත්  ඔවුන් අනුගමය කර ඇති  ක්‍රමය මගින් සිදු  වන්නේ මහත් වූ විනාශයක් සහ තව තවත් රට අපකීර්තියට පත් වීම පමණයි.

සුදු හුණු යැයි සිතා වසුරු ඇඟ තවරා ගැනීමක් නොවේද මෙය ?


November 12, 2013

මා පෙම් කළ ඈ... who is she ....?




පැටියෝ රෑ වෙන ගමන් යන්න එපා                         - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ ඇඟ පේන ඇඳුම් අඳින්න එපා                    - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ කටහඬ බර කරලා කතා කරන්න එපා        - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ හැම කෙනාවම ලං කර ගන්න එපා           - හ්ම්ම්ම්ම්ම්ම්



ඊට පස්සේ





බබා අර මිනිහා මට කරදර කරන්න ආව                - හ්ම්ම්ම්

බබා අර මිනිහා නරක විදිහට බලන් ඉන්නවා        - හ්ම්ම්ම්

බබා අර මිනිහා ඉන්න දෙන්නේ නැහැ                  - හ්ම්ම්ම්

බබා අර මිනිහා ඇඟටමයි එන්නේ                       - දැන් ඒකට වැරදි කාරයත් මමද?




ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ ?රෙද්ද ....


November 8, 2013

ගඩොලක කතාව 02 father's love ( පියෙකුගේ ආදරය )

ගඩොලක කතාව 01 සඳහා චාර්මිගේ බ්ලොගයට ගොඩ වෙන්න. .

ගඩොලක කතාව 03 father's dreams ( පියෙකුගේ හීන )



             මේ කතාව මට කිව්වේ මගේ ගුරුවරයෙක්. ඔහු පේරාදෙණිය සරසවියෙන් බිහි වූ එංජිනේරුවෙක්. වචනය පාවා නොදෙන සැබෑ මනුස්සයෙක්. ඇතැම් දීර්ඝ පාඩම් මධ්‍යයේදී අපිව මෙල්ල කරගන්න බැරි උන දවසක සර් කිව්වා ,

" මේ අහපල්ලා. උඹලා දන්නවද මගේ කතාව. උඹලා දන්නවද දරුවෙක්ව අඩියක් උඩින් තියන්න ගිහින් අඩි ගාණක් පොළොව යට වැළලුනු  මනුස්සයෙක් ගැන "


                       අපි දැනගත්තා සර්ගේ මූඩ් වෙනස් වීමත් එක්ක භයානක දෙයක් වෙන්න යන බව. කේන්ති ගියාම මොහොතක්වත් ප්‍රමාද නොකර  " පලයන් පරයා පන්තියෙන් එළියට " කියලා එළවන්න ඔහු පසුබට වෙන්නේ නැහැ.

සර් කතාව පටන් ගත්තා. . . . .  .  .   .   .    .      .



                    මන් ඉපදුණේ පොළොන්නරුවේ. මගේ තාත්තට ඉඩම් කෑල්ලක්  තිබුණේ නැහැ පැළක් අටවගන්න වත්. මාවයි මගේ නංගියි මල්ලිවයි අම්මවයි ජීවත් කලේ ගඩොල් රස්සාවෙන්. අනුන්ගේ පෝරණු වල වැඩට ගිහින් කීයක් හරි හවසට හොයන් එනවා. ගෙදර එනින් ගමන් හාල් ටිකකුයි පොල් ගෙඩියකුයි අරන් එනවා.


              හාල් ටිකෙන් රෑට කන්න බතයි ; පොල් ගෙඩියෙන් සම්බෝලෙකුයි හදාගන්නවා. ඒ බත් වේල තමයි අපි 5 දෙනාම කන්නේ.

             රෑට නිදාගන්න කලියෙන් නංගිව ඔඩොක්කුවට අරන් මාවයි මල්ලිවයි දෙපැත්තෙන් තියාගෙන ඔලුව අත ගගා ටිකක් ඉන්නවා.

          නංගි එහෙමම තාත්තගේ ඔඩොක්කුවේ නිදාගන්නවා. නංගිව වඩාගෙන ගිහින් පැදුරෙන් තියලා  අපිටත් කතා කරලා " පුතේ උඹලත් නිදාගනිල්ලා නංගිව බලාගෙන " කියලා ඔලුව අත ගානවා.

 උදේට ඇහැරෙනකොට තාත්තා පේන්න නැහැ. ගඩොල් රස්සාවට ගිහින්.



             කාලයක් යද්දී අපිට ගමේ මුදලාලිගෙන් ඉඩන් කෑල්ලක් ලැබුණා. ඒකෙ අපේම කියලා වරිච්චි මැට්ටෙන් ගෙයක් හදාගත්තා අපි. ඒ ගෙදර තමයි අපේ ජීවිතේ හැම දේම ලියවුණේ.


                 කාලයක් යද්දී පුංචි බඩවල් ලොකු වෙන්න ගත්ත නිසා වෙන්න ඇති තාත්තා අපේ ඉඩන් කෑල්ලෙම ගඩොල් කපන්න පටන් ගන්න ඇත්තේ.


         මගේ අම්මත් හරි හරියට මහන්සි වෙන්න ගත්තේ ඊට පස්සේ කියන දේ මට දැනුණා. මට විතරක් නෙවේ මගේ පුංචි නංගිගේ හිතටත් ඒ දේ දැනෙන්න ගත්ත නිසා වෙන්න ඇති පුංචි අතින් මැටි ගුලි කර කර අච්චුවෙන් තියන්නේ. මොන තරම් සැරට අව්ව තිබුණත් නංගි නෙවේ අයින් උනේ.

මන් දැකලා තියෙනවා නංගි ගිණි අව්වේ ඉඳගෙන වැඩ කරනවා දකීද්දී තාත්තට දාඩිය වෙනුවට කඳුළු එන හැටි .

"මගේ සුදු මැණිකේ අව්වෙ ඉන්න එපා රන් කැටේ" කියලා නංගිව වඩාගෙන ඉඹිනවා තාත්ත.

මමයි මල්ලියි පුළුවන් හැම වෙලේම තාත්තා එක්ක ගඩොල් රස්සාව කළා. රෑට බත් කාලා ඉවර වෙලා පොත් වල ගණන් හදනවා. නංගිත් අපි එක්ක අකුරු ලියනවා හිනා වේවි.

              කාලයක් ගියා මේ විදිහට. ගඩොල් වල  අඩි 10 ක් විතර යටට කැපුනම ඊළඟ කණ්ඩියෙන් පස් කපන්න ගන්නවා. ඉඩමේ කට්ටියෙන් කට්ටිය ගඩොල් කැපුනා. පෝරණුවෙන් පෝරණුව පිච්චුණා. අපිත් පංතියෙන් පංතිය විභාග පාස් කරා.


                 මන් පේරාදෙණිය කැම්පස් එකට තේරුණ දවසේ තාත්තා එක දිගට ඇඬුවා දවසම. "පුතේ උඹ පලයන් . වියදම ගැන උඹ හිතන්න එපා" කියලා කී පාරක් නම් තාත්තා කිව්වද කියලා අදටත් මතකයි. හැම නිවාඩුවටම මන් ගමේ ආවා. ආව වෙලාවේ ඉඳන් ගඩොල් රස්සාවට තාත්තට උදව් උනා. කුප්පි ලාම්පු පත්තු කරගෙනත් වැඩ කරා මන් .


         කැම්පස් එකෙත් කාලයක් ගෙවුණා මේ විදිහටම. ටෙලිග්‍රෑම් එකක් ඇවිත් තිබුණයි කියලා හදිස්සියේම ගමට යන්න කියලා පණිවිඩයක් ඇවිත් තිබුණා දවසක් .

                ගමට ගියාම දැක්කේ අපේ ගෙදර තිබුණ තාත්තගේ මළ කඳ. අඩුම තරමේ තාත්තගේ මිනිය වත් පොළොව මට්ටමේ  තියාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ අපිට. අඩි 12 ක් විතර ගැඹුරටම හාරලා වළක් වෙලා තිබුණු තැනකයි තාත්තගේ මිණිය තිබුණේ.  සමාජයේ අපිව එක අඩියක් උස්සන්න තාත්තා අඩි 12 ක් පොළොව යට වැළලිලා හිටපු හැටි දකිද්දී තාමත් ඉවසන්න බැහැ.

             උඹලා දන්නවද මළ ගෙදරට ආව මිනිස්සු එහා ඉවුරේ ඉඳන් එබිලා බලන්නා වගේ ඉඳලා හැරිලා යද්දී එන වේදනාව... ? නංගිට දැනුණ වේදනාව ඔහුල ගන්න බැරුව මගේ අතේ එල්ලිලා කියපු දේ උඹලා දන්නවද ?








නිමි !



Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය ) 


ඔබේ පියා ජීවතුන් අතරද ? එහෙනම් මේ මොහොතේම ඔහුට ඇමතුමක් අරගෙන හිතේ තියෙන ආදරය කියන්න. ඔහු මේ ලෝකෙන් යන්න කළින් හිතේ තියෙන හැම දේම කියලා හිත නිදහස් කරගන්න ...

 මන් මේ කියන හේතුවේ සත්‍ය අසත්‍ය තාවය මෙතන වැටෙන කමෙන්ට් වලින්ම තේරුම් යයි ඔබට ....

November 6, 2013

ලෝකාශ්වාදයේ පළමු අද්දැකීම කෙබඳුද ? You showed me how to do.



                  මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ලිංගික එක්වීමක මිහිර අත්දැක ඇත. සත්වයන්ගේ ලිංගික ක්‍රියාකාරකම්  සහ මනුෂ්‍යයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අතර  යම් යම් වෙනස් කම් ඇතැයි සලකති. ඊට හේතු වශයෙන් දක්වන්නේ වන සත්වයන් ලිංගික එක් වීම් හි නිරත වන්නේ හුදෙක් ප්‍රජනනය සඳහා පමණක් බවත් , මනුෂ්‍යයන් ලිංගික ඇසුරක පහස ලබන්නේ හුදෙක් ප්‍රජනනය පමණක් නොවන බවත් පවසමිනි. ( අනේ මාව නම් අල්ලගන්න එපා මේවට .මන් නෙවේ ඕක කියන්නේ )

            කාන්තාවක් හා පුරුෂයෙක් අතර ඇති වන බැඳීම ලිංගික ඇසුරක් දක්වා යෑමට නම් තවත් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතුය. ආදරය සහ සෙනෙහස , විවාහ බලාපොරොත්තුව , එකිනෙකා සමග යහන් ගත වීමට අවශ්‍ය මානසික වටපිටාව මේ අතරින් ප්‍රධානය. සිප වැළඳ ගැනීම් , තුරුළට ලං කරගැනීම , ස්පර්ශය , සහකරුගේ සරාගී ඉරියව් රස විඳීම තුළින් ලබන මිහිර මිහිපිට වෙන යම් දෙයකින් ලබාගත නොහැකියි.






         බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට කාන්තාවක සහ පුරුෂයෙකු අතර ඇති වන බැඳීම තරම් සසරට ඇද දමන  බැඳීමක් මේ ලොව වෙන නැහැ. මේ බැඳීමට ලක් වූ තරුණ සිතක හැගීම් කෙසේ ඇතිද ? ඒ අතරිනුත් පළමු ලිංගික එක් වීම කෙසේ වනු ඇතිද ?

November 2, 2013

( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය පෝස්ටුවේදී විශ්ව රංගනාත් සහ silent sahan අතර වූ කතා බහ..........




මන් කලින් දැමු

අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...?  කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක..

              පොස්ට් එකේදී අපේ හිතවත් විශ්ව රංගනාත් හා මා අතර තාක්ෂණික සංවාදයක් ඇති වුණා සියලු දෙනාම දකින්න ඇති.. ඉතින් මා ඔහු හා ස්කයිප් මගින් සම්බන්ධ උනා. මේ එහි ප්‍රතිඵල . මා ඔහුට විස්තර කළ සියල්ල බ්ලොග් පිටුවක් මගින් අන්තර්ජාලයට මුදා හල නොහැකි බැවින් හඬ පටය නිකුත් කරන්න බැහැ.

මා රංගගේ දුටුව විශේෂම දේ තමයි ඔහු සාවදානව අසා ඉන්නවා. ගැටළු ඇති තැනක් ආවොත් ප්‍රශ්න කරා " සහන් අර දේ කොහොමද වෙන්නේ  " කියලා.


අපේ කතා බහ පුද්ගලික එකක් වූ නිසා ඔහු සමග පුද්ගලිකව පැවසිය හැකි දෑ මා විස්තර කළා..

සියල්ල හොඳින් සාමකාමීව විසඳුනා...




මගේ පහු ගිය පෝස්ටුවේ මාගෙන් ප්‍රශ්න අසා ඇති සියලු දෙනා හට මා මේ පෝස්ටුව තුළින් පිළිතුරු දෙමි...ඒ නිසා හිත කළබල කරගන්න එපා...

නිහතමානී අය එක්ක ඕනෙම දෙයක් කතා කරලා විසඳා ගන්න පුළුවන් බව තේරුම් ගිය තවත් අවස්ථාවක් නිසා මෙසේ බ්ලොග් ගත කරන එක හොඳයි කියලා හිතුණා..


මොකද හැම තැනම තියෙන්නේ වළි වල බැක් ෆයර් විතරනේ...මේ තියෙන්නේ ඒකෙ අනික් පැත්ත.... ( ගොඩක් අයට මේක තමයි ඉවසන්න බැරි )

_____________________

               

                  සංවාදය වෙනුවෙන් පොස්ට් එකක් කරලා නේ. බ්ලොග් වලදී සහ අනෙක් තැන්වලදී සංවාද අත්‍යවශ්‍යයි. මම බොලොග් කියවන්නේ වැඩ කරන අතර කම්මැලි කම මගහරින්න. සංවාද කරන එක මගින් කම්මැලි ගතිය යනවා නේ. මම කොහොමත් මට මට දැනෙන විදියට පරස්පර දෙයක් දැක්කොත් කෙලින්ම අහනවා. හරි පිළිතුරක් එනකම් නවතන්නේ නැහැ. සහන්ගේ ලිපි වල යමක් කියන්න ගියාට තවත් එකක් වහන ගතියක් තියෙනවා මීට පෙර පළවූ ලිපියේ සහන් සහ මා අතර දිගු වාදයක් ගියා එයට හේතුවත බොහොම පොඩි දෙයක්. සහන්ගේ එහි සඳහන් සියලු කරුණු සත්‍ය වුවත් විචාරක මහතාගේ පිළිතුරකට සහන් දුන් පිළිතුරයි මට ගැටළුවක් වුයේ.


                මම telecommunication හෝ electronic ක්ෂේත්‍රයට සම්බන්දවූ කෙනෙකු නොවුනත් මට ඇතිවුයේ මගේ සාමාන්‍ය දැනුම සමග අනුගත නොවූ ගැටළුවක්. එනම් කුඩා චන්ද්‍රිකාවේ සුර්ය කෝෂවල ප්‍රමාණය හා සලකන කල එය මගින් උත්පාදනය කරන ශක්තිය සමග නොගැලපෙන ධාරාවක්. ඒ ගැන කොහොම මම ප්‍රශ්න කලත් සහන් මල්ලේ පොල් කතාවෙන් මාරු. මට හිතුනා මොහු තවත් පොර වෙන්න බ්ලොග් ලියන්නෙක් කියලා. මහලොකුවට කරුණු ලිවුවට පැහැදිලි කරන්න දන්නේ නැති කෙනෙක් කියලා ඒක නිසා සජ්වී ලෙස කතාකරලා බලන්න skype මගින් සම්බන්ද වුනා. 

                     එතකොට තේරුනා මොහුගැන කල උපකල්පන වැරදි කියලා මෙන්ම ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා. පැය 2 විනාඩි 30 කතා කළා. ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. සහන් කෙලින් සමහර දේ නොකියුවට ඔහු මරණය ලඟට ගොස් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් කියලා නම් තේරුනා ඒ වගේම ක්ෂේත්‍ර කිහිපයක දැනුම සහිත කෙනෙක්. අවුරුදු ගණනාවකට පසු පන්තියකට ගියා වගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන අග සිට මුලටම අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි දැනුමක් ලැබුනා. 


                   එම කරුණු මේ බොලොග් එකේ ලියන්න කියලා මම ඉල්ලනවා. මට කියපු ටික ලියන්න ලිපි 10 වත් මදිවෙයි. එමගින් මට ඇතිවූ ගැටලුවට පිළිතුර ලැබුනා. ඒ වගේම චන්ද්‍රිකා සැළසුම් කරන ආකාරය. ඒවා හදන විදිය ගැනත් හොඳ අවබෝදයක් ගත්තා මෙතන නොදාපු පින්තුර කිහිපයක් සමගම. ඒ වගේම චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්. මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි. ඒ වගේම සහන්ගේ එක ගුණයක් දැක්කා. එනම් මම කොතරම් තර්ක දැම්මත් ඒවායින් ඔහුට අපහාස වුවත් ඔහු නොකියන දේ නොකියන බව. කොහොමත් මේ බ්ලොග් එකෙන් අපි නොදන්නා රහස් ගොඩක් එලියට එයි. අර ඇන්ටනා ගැන ලිපිය ලියන්න අමතක වුනාද?

____________________




මෙන්න මේ වගේ කතා කරලා ප්‍රශ්න විසඳගන්න අනිත් අයත් පුරුදු උනා නම් අහවරයි නෙව...








http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili