දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

June 11, 2013

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?

නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මනුස්සයා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ. රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක පාන්කඩ මිනිස්සුන්ගේ ටෝක් වලට සද්දේ වහ ගන්න එකෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..


මෙම පෝස්ටුවේ මුල් කොටස මාතලන්ගේ  Vulgar Journilism පෝස්ටුව සඳහා මා යෙදු කමෙන්ටුවක් ඇසුරෙන් සැකසූවක්.මෙවැනි මාතෘකා ගැන සඳහන් කරන විට ප්‍රශ්නේ සියලු සිද්දීන් ගැන සාකච්චා නොකර එක් එක් කොන් වලින් අල්ලාගෙන කතා කිරීමෙන් පලක් නැහැ.ඒ නිසාම ලිපිය කොටස් වලට කඩා වෙන වෙනම පල කිරීමත් පලක් නැහැ.මම බොහොම තදින් විශ්වාස කරන දෙයක් තමයි ප්‍රශ්නයක් ඇත්නම් කොන් වලින් අල්ල නොගෙන, සියල්ල ගැනම එක පාර කතා කරන්න ඕනේ කියන දේ. කොන් වලින් අල්ල ගන්න ඇත්තෝ කිසිදා සත්‍ය නොදකී...

මතකද මේ යුගය ලංකාවේ ...?අපි හැමෝම බිම වාඩි වෙලා අම්මලා එක්ක TV බලපු කාලේ .


         ඉස්සර ජාතික රූපවාහිනිය තුල මොන තරම් හොඳ වැඩසටහන් ගියාද ...? සෙනසුරාදා , ඉරිදා වෙනකම් ඉන්නේ හොඳට ඔලුව පුරවා ගන්න දැනුමෙන්.ඉස්සර අපි ලෝකය ගැන දැනගත්තේ ඉරිදා සෙනසුරාදට.. ( පුද්ගලිකව මට පුංචි කාලේ ඉඳන්ම සැටලයිට් තිබ්බා ගෙදර..ඒත් ඒවට වඩා මමත් බැලුවේ ලෝකල් ප්‍රෝග්‍රෑම් ) එක පාරට වක්කඩ කැඩුවා වගේ ලෝකෙම බක්කවල් ආවේ නැහැ සහ දුන්නේ නැහැ ඒ කාලේ. වැදගත් මොළයක් ඇති , විචක්ෂණ ශීලී මනුස්සයෙක් තමයි ඒ හැම දෙයක්ම මෙහෙයවෙව්වේ.. අද කෝ ඒවා ..?



              ඔබත් හොඳින් දන්නා තව බ්ලොග් හිමියෙක් ඉන්නවා බොහෝම තදින් මාධ්‍ය එක්ක වැඩ කරපු. ඒත් අවාසනාවට ඔහු මා තරම් වත් මේ ගැන කතා කරන්න කැමැත්තක් නැහැ. ඔහු අදහසක් ඉදිරිපත් කළොත් වාසනාවක්.. රටේ අවාසනාවත් ඒකමනේ. නියම සුදුස්සෝ කතා කරන්නේ නැහැ. ඔවුන්ට ජීවිතයම එපා කරවලා බළධාරීන් විසින්..!

           ඇයි ඒ වගේ මනුස්සයෙක්ට නාළිකාවක රැඳෙන්න බැරි ...? ඇයි ඒ වගේ මිනිස්සු එළවලා ගස් බල්ලෝ ඔබන්නේ ..? එක ගස් බල්ලෙක්ගෙ බලු කතාවක් ඇති , බලු අදහසක් ඇති රටක් වළපල්ලට ගෙනියන්න. ඒක නේද අද වෙලා තියෙන්නේ ...?

             අද වෙනකොට හැමෝම මාධ්‍ය කියලා හිතන්නේ අන්තිමට ගස් බලු , පාදඩ දේවල් වලට. විශ්ව විද්‍යාලයක ජන මාධ්‍ය උපාධියෙන් බැහැ ජන මාධ්‍ය වේදියෙක්ව හදන්න. එහෙම හැදෙන අය හැසිරෙන්නේ නූතන බටහිර වෛද්‍ය වරුන් වගේමයි. අද වෙනකොට මූලික හරය අමතක කරලා වෛද්‍ය වෘතියේ..



              විශ්වවිද්‍යාලෙදි උගන්නන්න පුළුවන්
සභාවක කතා කරද්දී අත පය හොලවන හැටි විතරයි . ඉතින් එවැනි පිරිස් දන්නේ අත පය හොලවන්න විතරයි . හරවත් දෙයක් කතා කරලා  පැත්තකට වෙන්න දන්නේ නැහැ..අද නාලිකා වලට වෙලා තියෙන්නේ ඒකයි. ලස්සන බෝනික්කියෝ අත පය හොලවනවා , තොල් හොළවනවා විතරයි .හරවත් දෙයක් එන්නේ නැහැ..

               ඒත් එවැනි බෝනික්කියන්ව එලවන්න හිතෙන්නේ නැහැ. මොකද අපිට ස්ත්‍රී සුවය ඒ ඇත්තියෝ ලබා දෙනවා නොමිලේ..ඒ නිසා ඉතින් ඉරිදට උදේම TV එකේ ඉන්නේ බෝනික්කියෝ..

              වැඩසටහන් නිෂ්පාදන ගැන කතා කරත් කියන්න තියෙන්නෙම ඔය ටිකමයි. බුද්ධියක් ඇති , හරියට පොයින්ට් එකට කතා කරගන්න පුළුවන් , තමන් නිෂ්පාදනය කරන වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකයෝ හොයාගන්න මොළේ ඇති මිනිස්සු දැන් නැහැ.. ඉන්නේ ඔක්කොම එක එක්කෙනාගේ හෙන්චයියෝ.. අරයගෙ මෙයා දාගන්න හරි , මෙයාගේ අරයා දාගන්න හරි බලනවා මිසක් හරි හමන් මනුස්සයෙක්ගෙන් පලක් ඇති අදහසක් අරන් කරන වැඩසටහනක් හදන්න උවමනාවක් නැහැ...

          අන්තිමට වෙන්නේ පිට කසා ගැනීම්..ප්‍රේක්ෂකයන්ට වැඩක් තියෙනවද  එක එක්කෙනාගේ පිට කසා ගැනීම්..?




අද අපි දකින්නේ පිට කසා ගැනීම් වල ප්‍රථිපල. සියලුම වගකිව යුතු තනතුරු වලට දැන් පත් වෙලා ඉන්නේ ඔය මූලධර්මය මත ආව අය..

සරළව කිසිම දෙයක් කරන්න බැහැ.

01.හරි හමන් මනුස්සයෙක් දාල වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..

02.හරි හමන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙනත් නිවැරදි බුද්ධාගම කියන්නේ මොකක්ද කියන දේ ගැන වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..

03.උසස් පෙළ ළමයි සඳහා අධ්‍යාපනික වැඩසටහන් ටිකක් කරන්න නැහැ..

04. ගෘහණියන් සඳහා "මල් පත්තර ටයිප්" නොවන වැඩසටහන් ටිකක් කරන්න නැහැ.

05.පුංචිම ළමයි සඳහා සිබිල් නැන්දගෙන් අපි විඳපු මිහිර එන්න ළමා වැඩසටහන් පෙළක් කරන්න විදිහක් නැහැ..

06.අවුරුදු 15 / 16 අයගේ මොළ වලට සාරවත් දෙයක් දැනෙන්න වැඩසටහනක් කරන්න නැහැ..

07. 20 / 25 අයට තාරුණ්‍ය සහ වෘතීය පසුබිම් වගේ මාතෘකා යටතේ වැඩසටහනක් කරන්න නැහැ..

08.30-40 අයට සරළ වින්දනාත්මක වැඩසටහනක් කරන්න නැහැ..

09.සංගීත වැඩසටහනක් කරන්න නැහැ ඉස්සර මනෝහාරී ටයිප්.(පහු ගිය දවස් වල මහේෂ් කරා ලස්සන වැඩසටහන් ටිකක් ..අන්න ඒවගේ )

10. 31-48 වයස් මට්ටම් වල පිරිසට දේශපාලනය , කාලීන වැඩසටහන් කරන්න නැහැ ටිකක් බරපතල මාතෘකා එක්ක යන..


මේ කිසිම දෙයක් කරගන්න බැහැ..

          ඩිරෙක්ටර් බෝර්ඩ් දාල , ශෙයාර් හෝල්ඩර් අත්සන් කරලා , රේටින්ග්ස් ඇප්රූව් කරන් , මාර්කටින් ඇප්රූව් අරන් , ඇමතිගෙන් අහලා , මුදලාලිගෙන් අහලා කරද්දී මේ මොනවත් ඇප්රූව් වෙන්නේ නැහැ.එවැන්නන්ට  ඕනේ සල්ලි ... මේකෙන් කීයක් එනවද සහ රේටින්ග් කොහොමද කියන දේ විතරයි එතැනදී වැදගත්..



        වෙන එකක් තියා චැනල් බ්‍රේක් ඩවුන් එකක් ගියත් නිව්ස් බාර් එකක් දාන්න බැහැ..ඒකටත් කොහෙවත් ඉන්න අය ඇප්රූව් කරන්න ඕනේ..මේ දවස් වල රස්නේ නිසා රෑට ඉන්දියන් චැනල් පේනවා ලංකාවේ ගොඩක් චැනල් උඩ.( ඒක වෙන්නේ අයනගෝලයේ පරිවාර ස්තර වල ඝනත්වය වෙනස් වීම නිසා..එතොකොට රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න බැහැ ටාර්ගට් ඒරියා එකට.ට්‍රාන්ස්මිෂන් ජෑම් වෙනවා . ඒක වෙනම මාතෘකාවක්. )

           එවැනි අවස්ථාවක කරන්න පුළුවන් තාක්ෂණික දේවල් ගැන පැහැදිළි කිරීමක් වත් දාන්න ඉඩක් නැහැ පවතින ක්‍රමය එක්ක. ඒකට ඇප්රූව් අරන් එද්දී ඍතු මාරු වෙලා. ලබන අවුරුද්දෙත් මේ සංසිද්ධිය  වෙද්දී පුද්ගලයෝ මාරු වෙලා..එක කෝල් එකෙන් අවශ්‍ය තීරණයක් හරි විදිහට අරන් වැඩක් කරන්න පුළුවන් තත්වය මග හැරිලා..වටේ යන්න ඕනේ මේවැනි දේකට පවා..

කොටිම්ම මගේ චැනල් එකේ මට add එකක් දාන්න කොහෙවත් ඉන්න අයගෙන් මට පර්මිෂන් ගන්න වෙලා..ඔතොකොට මම කව්ද මේකේ ...?



            මේ සියලු බැඳීම් වෙනස් වෙන්න ඕනේ.. නිර්මාණයක් එළියට දාන්න හෝ හරි හමන් දෙයක් , වැඩසටහනක් ඉදිරිපත් කරන්න නම් මේ බැඳීම එක්ක බැහැ..මැණික් යට ගිහින් බොරළු මතු වෙලා තියෙන යුගයක මැණික් උප දාන්නේ කොහොමද ..?



             එක එක හාල් කෑලි අරන් පුලුවන්ද රටක ඔලු හදන්න...? දෙයක් කෙළින් කතා කරන්න එක නිවේදකයෙක් අද ඉන්නවද ..? හරි පොයින්ට් එකට ඕන දෙයක් ලෝස් නැතුව ටෝක් කරන්න පුළුවන් කෙනෙක් අද ඉන්නවද ...? හරවත් සාකච්චා ජන මාධ්‍ය තුළින් මතු වෙද්දියි මිනිස්සු ඇහැරෙන්නේ..නිදාගෙන ඉන්න පොඩි එකා ඇහැරවලා  " අන්න බලපන් ප්‍රෝග්‍රෑම් " කියලා කොල්ලව කූද්දන් එන්නේ එතොකොට ... දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා මිනිස්සුන්ගේ ඔලුවලට ඔබන්න නම් හොඳ දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ ජන මාධ්‍ය ආයතනවල.. ඉස්සර හිටපු නිවේදකයෝ කතා කරද්දී අපි කට ඇරන් කොච්චර බලා ඉන්නවද ...? අද කෝ ඒ මිනිස්සු ...? නාලිකා ප්‍රධානීන් කෝ ...? ඇයි ඒ වගේ අයව ගන්නේ නැත්තේ...? අරන් හරි හමන් ගමනක් යන්නේ නැත්තේ ඇයි ...?


             හේතුව තමයි නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මගුලා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ.රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක හිස් මිනිස්සුන්ගේ  ටෝක් වලට සද්දේ වහ ගන්න කෙනෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..


*********


              අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන කර හඳුනා ගන්න ඕනේ.නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන සහ බොහෝ දෙනෙකුට කරගන්න බැරි දේත්..


සාමාන්‍ය මට්ටමෙන් කොපමණ මුදලක් එක් මාසයක් තුල අවශ්‍යද කියන දේ මේ සටහනෙන් දැනගන්න පුළුවන්.




සාමාන්‍යයෙන් MCR එකේ current බිල
එනවා මාසෙකට ලක්ෂ 6 විතර .

ප්‍රධාන ට්‍රාන්ස්මීටර් වල බිල එනවා ලක්ෂ 35 විතර නුවර සහ කොළඹ පමණක් විකාශය කලත්.( ප්‍රධාන ට්‍රාන්ස්මීටර් එකේ AC බිලම එනවා
මාසෙකට ලක්ෂ 2  )

MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( ඒවගේ MCS 3 වත් සේවයේ යොදවන්න වෙනවා )

5kw UHF ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 165 විතර වෙනවා .

පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..

ස්ටුඩියෝ වල පාවිච්චි කරන කැමරාවක් වෙනවා ලක්ෂ 6 විතර . ( එවැනි කැමරා 9 වත් ඕනේ )

වෘතීය මට්ටමේ සැටලයිට් ඩිකොර්ඩර් එකක් ලක්ෂ 6 විතර .. ( එවැනි උපකරණ 6 වත් ඕනේ )

අඩි 12-16 විෂ්කම්භය තියෙන සැටලයිට් ඩිෂ් එකක් ලක්ෂ 15 විතර . ( ඒ වගේ ඩිෂ් 6 වත් ඕනේ ගරුත්වේ බේරගන්න නම් )





සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 350 විතර .{ මොකද 42,000Km (කිලෝ මීටර් හතලිස් දෙදාහක්) දුර යනවා සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකේ සිග්නල් එක }




ඒවට ගන්න අනිත් කළමනා ටිකට තව ලක්ෂ ගාණක් යනවා.



         ඔයාල බලන CNN, FOX, BBC , AljaZ, නිව්ස් විනාඩි 30 වෙනුවෙන් අපිට ගෙවන්න වෙනවා ඒ ඒ ආයතනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 300 විතර . ( අපි එයාලට ගෙවනවා මිසක් , එයාල අපිට ගෙවන්නේ නැහැ )



          දැනට සතු විවිධ ටෙලි නාට්‍ය , ගීත , චිත්‍රපට එකතුවේ වටිනාකම බැලුවොත් රුපියල් බිලියනයක් විතර.ඒ වගේ දෙයක් හිතු මතේ ප්ලේ කරන්න බැහැ ලයිබ්රි එකේ තිබුණ පලියට.
විදේශීය ටෙලි නාට්‍ය වෙනුවෙන් ඒවායේ භාරකාරත්වයට කෝටි ගාණක් ගෙවන්න වෙනවා විකාශන අයිතිය ලබා ගන්න.


          තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර .  රන්මිණි තැන්න හදන බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට.ඔක්කොම එකතු කර බලන්න...

      හරියට TV channel එකක් කරන්න පුළුවන් විදිහට සියල්ලම හදන්න ලක්ෂ 1500 විතර යනවා ...
සේවයකන්ගේ පඩි වලටම මාසෙකට මුළු වියදම විතරක් යනවා  ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ කරන තැනක උනත් )

         ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම් අඩුම තරමේ ඕනේ මාසෙකට ලක්ෂ 270 විතර ..( මීට වඩා වියදම් තියෙනවා බාහිර විකාශන , වැඩටසහන් , කාලීන වැඩටසහන් , වැඩසටහන් වලට එන අයට කරන ගෙවීම් , හෝටල් ගාස්තු , ඉඳුම් හිටුම් , ප්‍රවාහන , තේ කෝපි වඩේ කිරි තේ පැන්ටා වියදම් ,)

කීදාහක් හොයන්නද දැන් ...?


             සාමාන්යෙන් පුද්ගලිකව නාළිකාවෙන් නාළිකාවට , වැඩසටහනෙන් වැඩසටහනට අය කරන ගෙවීම් විවිධයි.ඒ වගේම නාළිකාව සිංහලද , ඉංග්‍රීසි කියන දේ අනුවත් වෙනස් වෙනවා..මේ මුදල හොයන්න නම් අඩුම තරමේ එක තත්පර 5 ක් සඳහා 20,000 ක මුදලක් වත් අය කරන්න වෙනවා නේද ...? ( ඒ කියන්නේ එක තත්පර 5 ක වෙළඳ දැන්වීමක් සඳහා මුදල 20,000 යි.එම වෙළඳ දැන්වීම
නැවත ප්‍රචාරය කරන්න නම් නැවත 20,000 ක් අය කරනවා )


              කෙනෙක් හිතන්න පුළුවන් එක පැයකට මිලියන 10 විතර හොයන්න පුළුවන් නේද කියලා ..? ඒත් සැමවිටම ඒක සාධාරණ නැහැ .හොයන්න පුළුවන් තැනදී කෝටි ගණන් හොයනවා..එහෙම හොයන්නේ ලාභයක් නැතිව විකාශනය වන වැඩසටහන් සඳහා.උදාහරණයක් තමයි CNN නිව්ස් විකාශනය කිරීම පාඩුයි.ඒ වෙනුවෙන් අපි ගෙවන මුදල සහ අපිට ලැබෙන මුදල අතර ඍන වෙනසක් එන්නේ.

            CNN නිව්ස් එක විනාඩි 28 විතරම තියෙනවා..අපිට ඉතුරු විනාඩි 2යි. මේ විනාඩි දෙකට කොහොමද අපි ලක්ෂ කීපයක් හොයන්නේ ...? පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි ටයිම් ස්ට්‍රෙච් කරන එක. එතොකොට පුළුවන් ප්‍රේක්ෂකයන්ට නොදැනී විනාඩි කීපයක් ඉතුරු කරගන්න .ඒත් ලයිව් නිව්ස් එකක් යවද්දී මේ ක්‍රමය පාවිච්චි කරන්න බැහැ. හොඳටම දක්ෂ ප්‍රධාන පාලක මැදිරි ක්‍රියාකරවන්නන් ඉන්නවනම් පුළුවන් චැනල් එක බ්ලැක් නොයවා දඩ බඩ ගාලා add ගහන්න...

             දැන් මේ විදිහට add ගහද්දි තව බාදකයක් එනවා .ඒ තමයි CNN නිව්ස් ප්ලේ වෙන කාලය සඳහා
ගිවිසුමක් ගහලා වෙළඳ දැන්වීම් බාර ගත්තොත්,  අනිවාර්යෙන් ඒ add ප්‍රමාණය ගහන්නම ඕනේ..නැත්නම් අදාල වෙළඳ දැන්වීම් සමාගමට පුළුවන් අපිට කිසිම ගෙවීමක් නොකර ඉන්න මුළු මාසයම සඳහා.

             බැරිවෙලාවත් CNN නිව්ස් එක විකෘති වීමක් වැනි දෙයක් ( අරක්කු බොන්න එපා >>>> අරක්කු බොන්න ) උනොත් add සහ CNN නිව්ස් අතර ටයිම් කෝඩ් නොගැලපිලා තව ගැටළුවක් වෙනවා.ඒ තමයි CNN එකෙන් අපේ විකාශන බලපත්‍රය අහෝසි කරනවා..එහෙම උනොත් ආයේ CNN නැහැ. මෙවැනි ගැටළුවක් ආවොත් නාළිකාවේ ප්‍රධාන විධායක විදිහට මොකද කරන්නේ ...?


            MCR එන්ජිනියර්ගේ වැඩ තහනම් කරන්නද ..? ඒ මනුස්සයා මොකද කරන්නේ එයාට ළඟා වෙන්න බැරි ටාර්ගට් එකක් දීලා තියෙනකොට ...? MCR වැඩ කරන අයව මල් වගේ බලාගත යුත්තේ  මේකයි..ඔවුන් තමයි නාළිකාවේ හදවත..සමහර අය ඉන්නවා එක දිගට MCR එක ඇතුලේ සතියක් විතර වැඩ කරන  අය..සූර්යාලෝකය දකින්නෙත් සතියකින් විතර බොහෝ දෙනා. දක්ෂ නිළධාරීන්ම තෝරාගන්නේ මේ නිසයි. මෙවැනි කැප කිරීම් රාශියක් මැද්දේයි මේ සියල්ල දුවන්නේ. MCR වැඩ කරන කෙනෙක් අස් උනොත් එයාගේ අඩුව පුරවන්න බැහැ නිකම්ම නිකම් කොල්ලෙක්ට මොරටුවෙන් සහතික ගොඩක් එක්ක ආව ! දක්ෂම කෙනාව තොර ගන්න වෙන්නෙත් දක්ෂයෙක්ට විතරයි ..



                අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන් කර හඳුනා ගන්න ඕනේ.තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. මිනිස්සු තරහා වෙනවා.බිරිඳ , දරුවෝ තරහා වෙනවා. පුද්ගලික ජීවිතේ විනාසම වෙනවා ..


                මෙවැනි උභතෝකෝටික ප්‍රශ්න සිය දාහක් එනවා නාළිකාවක් කරද්දී..එක්කෝ ගුණාත්මක භාවය නැත්නම් ඔහේ මොනවා හරි ගහලා කීයක් හරි හොයන් පැත්තකට වීම.වර්තමානය වෙද්දී මොන තත්වයද උදා වෙලා තියෙන්නේ කියන දේ මේ සටහන කියවන බොහෝ දෙනාට වැටහේවි.මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන ..කෙසේ හෝ යහපත් විධායක ධූරයක් යටතේ ක්‍රියාත්මක වන ඉංග්‍රීසි , දමිල සහ සිංහල වැඩසටහන් මිශ්‍රව විකාශනය වන TV චැනල් එහෙක අවශ්‍යතාවය ලංකාවට තදින් උදා වෙලා තියෙන බව නම් මේ හැමෝම පිළිගනී..




එවැනි නාළිකාවක් තුළින් කල හැක්කේ කුමක්ද ...?


                  නැවත ශ්‍රී ලංකාව තුල උසස් ගුණාත්මක වැඩසටහන් විකාශනය කරන්න පුළුවන්.. පුංචි දරුවගේ සිට වැඩිහිටියා දක්වා ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්.යහපත් ආකල්ප වලින් මනස පිරෙන්න පිරෙන්න එකිනාකට ද්වේශ කරමින් ආත්මාර්ථ කාමීව මේ යන ගමනේ වේගය අඩු කරන්න පුළුවන් කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. අවුරුදු දෙකක් විතර යද්දී ආකල්පමය වශයෙන් වෙනස් වූ ප්‍රේක්ෂකයන් පිරිසක් හැදේවි. 


දේශපාලනය , තාක්ෂනය , නීතිය , සමාජ කරුණු , සෞඛ්‍ය කරුණු , සංගීතය , රසාස්වාදය , ආර්ථිකය  ගැන නිවැරදි වැටහීමක් ඇති ජනතාවකට යන්න පුළුවන් දුර වැඩි සහ යන ඩිංග සාර්ථකයි ...!

 
Update  
මෙහි සඳහන් අක්ෂර හා භාෂාමය ගැටළු කීපයක් වෙනස් කරන ලදී ...

125 comments:

  1. හ්ම්ම්.... ඉතාමත් වටිනා ලිපියක්. නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා රුපවාහිනි විකාශනය ගැන. එත් මාධ්‍ය සදාචාරය ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. සමහර මාධ්‍යවේදීන් හිතන් ඉන්නේ උන් සර්වබලධාරී දෙවිවරු කියල. උන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියල. මම දන්නා විදිහට අපේ අවසරයකින් තොරව අපිව රුගත කරලා විකාශය කරන්න බැහැ. එත් සමහර camera කාරයෝ හරිම අශ්ශීල විදිහට ඒ වැඩේ කරනවා.අර හිමිනම ගිනිතියාගත්ත video එකත් ඒ වගේ බලු ක්‍රියාවක්. ඒ වගේම ලජ්ජා නැතුව එක banner වල ගහල රට හැමතැනම එල්ලලා හෙළ කරුමේ උන්. හැම එකාටම සදාචාරය විනය කියන දේ මුල ඉදලම උගන්නන්න ඕන.ඒක මේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා....
    අගනා ලිපියක් සහන්...!

    ReplyDelete
    Replies
    1. \\මම දන්නා විදිහට අපේ අවසරයකින් තොරව අපිව රුගත කරලා විකාශය කරන්න බැහැ. එත් සමහර camera කාරයෝ හරිම අශ්ශීල විදිහට ඒ වැඩේ කරනවා.\\

      කොහොම හරි ඔයා උසාවි ගියොත් එකම දෙයයි වෙන්නේ.ඔයාව වැරදි කාරයා වෙනවා මොරබ්බා.රූපවාහිනී ආයතනයට අපහාස කරා කියලා මිලියන ගාණක අපහාස නඩුවකට ඔයාව පටලනවා..:D

      විහිළුවක් කරේ..නමුත් ඇත්ත තත්වෙත් ඕකයි මොරබ්බා..යහපත් පාලනයක් යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයකට නම් සල්ලි පස්සේ දුවන්න වෙන්නේ නැහැ..ඉබේම වෙළඳ දැන්වීම් ලැබෙනවා..

      කවද හෝ හොඳ දැක්මක් ඇති නාළිකාවක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමු..බොහොම ස්තූතියි මොරබ්බා මේ ගැන අදහස් කීවට..

      Delete
    2. මම නම් හැමදාම කියන්නේ ජනතාව ප්‍රධාන පක්ෂ දෙකකට හැමදාම චන්දෙ දෙනවාට වඩා මේ වගේ මතවාද රැගත් බලවේග වටා එක් වෙන්න ඕන කියල. ඊට පස්සෙ යම් විදියක බලු නීති තිබෙනවානම් ඒව වෙනස් කරන්න පාර්ලිමේන්තුවෙ හඩක් නගන්න පුලුවන්.දැන් වෙලා තිබෙන්නෙ ජනතාව පල් හොරුන්ගෙ කියන කතා නොකී කතයි අහ අහ ආතල් ගන්නවා.මේ ජනමාධ්‍ය රටේ වෙන හොරමරකම් ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුවයි කරන්නෙ.මම එක කතාවක් කියන්නම් මර්වින් සිල්වා නිකමට කිව්ව මම කියපු දේ නොකළොත් ගස් බදිනවා කියල.ඒ කියන්නේ කැලනියේ ඩෙන්ගු වලින් කවුරුහරි මැරුනොත් සමුර්දිය ගස් බඳිනවා කියල.කැළැනියෙ ළමයෙක් මැරුණා,ඊට පස්සෙ ගූ වාහිනියෙන් කිව්ව මර්වින් අරහෙම කිව්ව කෝ කළාද කියල .එතනදි මර්විනුත් අසරන වෙන්න ඇති.පස්සෙන්ද මර්වින් සමුර්දියව ගස් බැන්ද,ගූ වාහිනිය ඒකටත් මාධ්‍ය ආවරනය දුන්නා.ඊට පස්සෙ මර්වින් හීනෙකින්වත් නොහිතපු විදියෙ විරෝධයක් ආවා.ඒකටත් ගූවාහිනිය මාධ්‍ය ආවරනය දුන්න.

      Delete
    3. ඔය නාලිකාව ගැන නම් කතා කරලා වැඩක් නැහැ..මට ගොඩක්ම අප්‍රසාදය තියෙන්නේ ප්‍රවෘත්ති විකාශය ගැන..ප්‍රවෘත්ති විකාශයක් තුලදී රැක ගන්න ඕනේ රීති ටික වත් ඔවුන් රකින්නේ නැහැ.. කිසිම ඝාම්භීරත්වයක් නැහැ .. නිවේදකයන් විකට ස්වරූපයකින් ප්‍රවෘත්ති කියන්නේ.. එහෙට ඇඹරෙනවා , මෙහෙට ඇඹරෙනවා ... ඕව ප්‍රවෘත්තිද ...?

      Delete
  2. මාතලන්ගෙ ලිපියෙ කොමන්ට් එකේ තියෙද්දී බැලුවෙ උඩින් පල්ලෙන්.අර ඇනෝ කෙනෙක් ලියල තිබුන විදියට මෙහෙම ලිපියක් ලෙසට පල කලාමයි වටින්නෙ.
    මට මේ ලිපිය කියවන ගමන් මැවි මැවි පෙනුන ඉස්සර අපි රේඩියෝ අහපු හැටි.මුවන්පැලැස්ස,සැමුවෙල් ලාගෙ විහිළු,ඉරිදට ගීතයෙන් ගීතය[ සමහර ඔබ අසා නැතිව ඇති] පමණක් නොව චිත්‍රපට දැන්වීමක් කියවද්දී වුනත් නොබල සිටිය නොහැකි ලෙසට උච්චාරණය කියල වැඩක් නැහැ සහන් මල්ලි.
    ඉතාමත් වටින විස්තරාත්මක වටින ලිපියක්.මහන්සියෙන් මුදල් සරි කරගත් පුද්ගලයෙක් හෝ කීප දෙනකු එවැනි විශාල මුදලක් ආයෝජනය කරන්නෙ නැහැ අවිනීතිය රජ කරන වාතාවරණයක.ජාවාරම් කරුවන්ට පමණක් රජ කල හැකි රටක අපට දැනට කල හැක්කේ,මෙවැනි ලිපි ලියමින් සංවාද ඇති කොට එම දැනුම ඉදිරි කවර දිනක හෝ ප්‍රයෝජනය පිණිස ගබඩා කර තබා ගැනීම පමණයි.

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ කෙන්ජි අයියේ ..හොඳටම මතකයි ..අම්බිගා ගීතයෙන් ගීතය..ඒවා අමතක නැහැ මට ඉරිදා හවස 4 වගේ නේ ගියේ..මා ළඟ ඇති පරණ රෙකොර්ඩින්ග් පවා..පුළුවන් විදිහට දාන්නම් මම ඒ දේවල් මතකය අලුත් කරගන්න ලැබේවි ඔයාට...එතෙක් මේ වගේ දේවල් වලින් හරි කථිකාවන් ගොඩ නගන්න ඕනේ..ඔබ වැනි අය නැවත පැරණි මතකයන් අවදි කිරීමත් වටිනවා....



      \\\මහන්සියෙන් මුදල් සරි කරගත් පුද්ගලයෙක් හෝ කීප දෙනකු එවැනි විශාල මුදලක් ආයෝජනය කරන්නෙ නැහැ අවිනීතිය රජ කරන වාතාවරණයක.ජාවාරම් කරුවන්ට පමණක් රජ කල හැකි රටක අපට දැනට කල හැක්කේ,මෙවැනි ලිපි ලියමින් සංවාද ඇති කොට එම දැනුම ඉදිරි කවර දිනක හෝ ප්‍රයෝජනය පිණිස ගබඩා කර තබා ගැනීම පමණයි.//

      ඇත්ත මේ කාලය තුල නම් කිසිම විදිහකින් නාළිකාවක් සඳහා අත ගසන්න හොඳ නැහැ..අනිවාර්යෙන් වෙන්නේ අකුළන් නිකන් ඉන්න...නමුත් මම උනත් තාම නිදි නැහැ..නිදි වගේ ඉන්නවා..හරි විදිහට සියල්ල පෙරළුනොත් ඇහැරෙන්න බලාගෙන ඉන්න තව ගොඩක් දෙනා ඉන්නවා.බිලියන ගණනක ආයෝජනක් කරන්න බැහැ ලෙහෙසියෙන්.තක්කෙටම බලලා එන්ටර් නොවුණොත් වෙන්නේ උපාලි ගිය ගමන යන්න..කොච්චර දේවල් තියෙනවද සනසන්න ...?

      එතෙක් තියෙන නිදහස් කාලයෙන් මේ වගේ දේවල් ලිය ලිය ඉන්නවා ඇර වෙන කරන්න දෙය නැහැ අය්යේ...ස්තූතියි කමෙන්ට් කිරීම ගැන..මම මේ පෝස්ට් එක දැම්මේ කමෙන්ට් බලාගෙන නෙවේ...ඔහේ මගේ බ්ලොග් එකේ තිබ්බදෙන් කියලා හිතන්..කොහොම උනත් මහන්සි නොබලා කමෙන්ට් එකක් දැමීම ගැන ස්තූතියි අයියේ..

      Delete
    2. ඒ වගේ හරවත් වැඩසටහන් වලට අදටත් හොද ඉල්ලුමක් තියෙනවා ඒවා මතකයේ රැඳෙනවා තුන්තිස් පැයේම පෙන්නන අජුත වැඩසටහන් අතරේ හොද වැඩසටහනක් මිනිස්සු නිවාඩුදා ගෙන නිදිමරාගෙන උනත් බලන්න ලෑස්තියි එත් ඒ හැමදේම විකුණගන්න පුළුවන් වෙන්නත් ඕන.මාධ්‍ය විසින් ජන මතය පාලනය කරනවා වගේම ජනමතය විසින්ද අනියමින් මාධ්‍ය ක්‍රියාකාරීත්වය තීරණය කරනවා.හරියට කලොත් දුමින්ද සිල්වා කිව්වා වගේ රට අල්ලන්න උනත් පුළුවන් ව්‍යාපාරයක් ඕක...

      Delete
    3. මම නම් හිතන්නේ මාධ්‍ය මාෆියාව තාක්ෂණ විප්ලවය හමුවේ පරාජය වේවි.ආතර් සී ක්ලර්ක් අනාවැකි කියන කාලෙ පත්තරකාරයොත් හිතුවෙ තමන් සර්වබලධාරියො කියල.සාපේක්ෂ අඩු ප්‍රාග්ධනයකින් ටී වී චැනල් කරන්න ඉදිරියේදි හැකිවේවි.බලන්න අද තාක්ෂණය නිසා අපි මේ ගස් බල්ලො අඩුතරමින් විවේචනය හරි කරනවා.දීර්ග කාලයක් මාධ්‍ය ගැන අවධානයෙන් හිටපු මට හිතේ තෙරපගෙන හිටපුව කියන්න ලැබුනෙ මේ තාක්ෂණය නිසයි.තාක්ෂනයේ දියුණවත් සමග ගස් බල්ලන්ට දුවන්න පාරවල් මදිවෙයි.හැබැයි මම එන් ජී ඕ වලින් මාධ්‍ය කාරයො ලිපි පළ කරන්නට සහ වැඩසටහන් වලට සල්ලි ගන්න එක ගැන නම් දොස් කියන්නේ නෑ.එහෙම නොගන්නෙ කවුද නඩුකරයොත් ගන්න එකේ.

      Delete
    4. @ මොරබ්බා

      \\හොද වැඩසටහනක් මිනිස්සු නිවාඩුදා ගෙන නිදිමරාගෙන උනත් බලන්න ලෑස්තියි\\

      හරියට හරි මොරබ්බා..මාත් විස්වාස කරන්නේ මේක තමයි..හොඳ වැඩසටහන් කලොත් බය වෙන්න දෙයක් නැහැ..මිනිස්සු බලනවා , වෙළඳ දැන්වීම් ලැබෙනවා..ඉතින් ඇයි බය වෙන්නේ..නමුත් මේ රේටින්ග්ස් මාෆියාවක් විසින් සියල්ල පාලනය කරනවා..

      රේටින්ග්ස් වලට වහල් නොවී ශිෂ්ඨ සම්පන්න වැඩසටහන් කරන්නයි ඕනේ..අවුරුදු 5 ක ටාර්ගට් එහෙකට වැඩ කලොත් පුළුවන් මම කියන දේ කරන්න...

      Delete
    5. @ ලිය වරුණ

      මම නම් කැමති මේ ප්‍රාග්ධන වියදම් මේ විදිහටම තියේ නම් ..එහෙම නැත්නම් වෙන්නේ හතු පිපෙනවා වගේ නාලිකා බිහි වීම..දැනට උදා වෙලා තියෙන තත්වය තවත් උඩු දුවයි එහෙම උනොත්..පොඩ්ඩක් හිතන්න බිලියනක විතර ආයෝජනයක් කරලා චැනල් එකක් කරන කෙනෙක් හැම විටම සැලකිලි මත් වෙනවනේ..ඔහේ අකුළන් යන්න වෙන විදිහේ වැරද්දක් කරගන්නේ නැහැ...

      ඒත් ලක්ෂ 10 ට 15 ට චැනල් කරන්න ගියොත් කොහොම වේවිද ...? අද එකක් වැහුනොත් හෙට තව එකක් කරන්න බලන් මිනිස්සු ඕනේ සෙල්ලමක් දාවි...

      කොහොම නමුත් ඔබ වැදගත් කාරණයක් මතු කරේ...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. තමන් කරන්නේ කියන්නේ මොකක්ද කියලා වැටහීමක් නැති විනාශ කාරී මානසිකත්ව වලින් ඉන්න අයට ඔහොම හිතෙනවා රාජ්..

      Delete
    2. රාජ් ඔතන ඇත්තටම වෙන්නේ ඔබ කියනවා වගේ ගණන් මිමි ටික බේරාගැනීම ම නෙවෙයි, ගණන් මිමි ටික බෙරුවයින් පස්සේ නාලිකාව අයිති මුදලාලියාගේ ගොඩ වැඩිකර ගැනීමයි. මේ වෙනුවෙන් මාර්කටින් එකේ ප්‍රධානියා ඕනෑ රෙද්දක් විකුනලා මුදල් හොයන්න ඇප කැප වෙලා ඉන්නවා.

      Delete
  4. සමහර වියදම් නම් කපා හරින්න පුළුවන් ඒවා මගෙ හිතේ. කොහොමත් ඕනම මහා පරිමාණ ව්‍යාපාරයක් සඳහා මුලින්ම උනත් විශාල මුදලක් ආයෝජනය කරන්නම වෙනවා. සමාන්‍යයෙන් මේ මුල් ආයෝජන, ලාබ අලාබ ගිණුමට උනත් ගන්නෙ නෑ. ලාබ අලාබ කෙසේ වෙතත් මම මතුකල අදහස ඔබ මෙතන අනුමත කරලා තියෙනවා. මොන කෝටිපතියා චැනල් පටන් ගත්තත්, උන් සබ්ජෙක්ට් එක දන්නෙ නෑනේ. ඒ වෙනුවට සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් ගන්න ඕන. එතකොට මේ වගේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරියා වෙන්න ඕන අනිවාර්යයෙන්ම මධ්‍යවේදියෙක්. අන්න ඒ මාධ්‍යවේදින් තමයි මාධ්‍ය සධාචාරය කෑවේ. විනය ගරුකවත් සල්ලි හම්බ කරන්න පුළුවන්. කෙසේ නමුත් රජය මේ වන විට ආචාර ධර්ම පද්දතියක් හඳුන්වා දෙන්න යන එකත් ළොකු දෙයක්. ඒකට මාධ්‍යවේදින් කැමති වෙන එකක් නෑ. ඒක ලංකාවේ මාධ්‍යවේදීන්ට නෙමෙයි හැම වෘත්තිකයකුටම තියෙන සනීප කරන්න බැරි ලෙඩක්. ඒ කෙසේ නමුත් මේ රට විනාෂ කිරිමේ මූලික වගකීම තියෙන්නේ, දේශපාලකයන්ට නෙමෙයි. මාධ්‍යවේදීන්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් මම මේ මූලික වියදම් ගැන දැම්මේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ වින් ඈම්ප් වලින් mp3 ප්ලේ කරනවා වගේ ලැප් ටොප් එකක් තියන් TV චැනල් කරන්න පුළුවන් කියලා.එහෙම මානසිකත්ව වලින් ඉන්න අය වැඩට ගත්තහම තමයි මේවා සිල්ලර වෙලා යන්නේ.අද උදා වෙලා තියෙන තත්වෙට වගකියන්න ඕනෙත් වගකීමක් දරන්න බැරි පිරිස් සේවයට බඳවා ගැනීමනේ..

      \\ලාබ අලාබ කෙසේ වෙතත් මම මතුකල අදහස ඔබ මෙතන අනුමත කරලා තියෙනවා. මොන කෝටිපතියා චැනල් පටන් ගත්තත්, උන් සබ්ජෙක්ට් එක දන්නෙ නෑනේ. ඒ වෙනුවට සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් ගන්න ඕන. //

      පුද්ගලිකව මගේ අදහසත් මේකයි..එතැනදී ප්‍රධාන විධායකයා පාර්ශව තුනකට වග උත්තර බඳින්න වෙනවා..

      01. හිමිකරුට .
      02. නාළිකාවේ ප්‍රේක්ෂකයන්ට .
      03. නාළිකාවේ සේවකයන්ට .

      CEO විදිහට වෙන කිසිම කෙනෙක්ට යටත් නොවෙන්න ඕනේ...එකම අරමුණකින් ඉන්න ඕනේ.බොහෝ දෙනා වරද්ද ගන්නේ මෙන්න මෙතන මාතලන්..පරිපාලනය ගැන හොඳම දක්ෂතාවයක් තියෙන්න ඕනේ.මේක ගැන පැහැදිළි කරන්න බැහැ ලේසියෙන් නෝටි සහන් නොවී...:


      \\\එතකොට මේ වගේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරියා වෙන්න ඕන අනිවාර්යයෙන්ම මධ්‍යවේදියෙක්. අන්න ඒ මාධ්‍යවේදින් තමයි මාධ්‍ය සධාචාරය කෑවේ.///

      නියමම පොයින්ට් එක මාතලන් ඇල්ලුවා..දක්ෂ ප්‍රධාන විධායක වරයෙක් සහ මාධ්‍ය වේදියෙක් එක් තැන් වෙන තැන් බොහොම අඩුයි මාතලන්..මේ ෆීල්ඩ් එකේ CEO කෙනෙක් වෙන්න නම් ඒ මනුස්සයා වයර් එකේ ඉඳන් දැනගන්න ඕනේ..කිසිම කෙනෙක්ට කනෙන් රිංගල යන්න බැරි ටෆ් මනුස්සයෙක් විය යුතුමයි..නැත්නම් බැහැ කෝටි ගණක දේපළත රැකගෙන , සේවකයෝ 100 කගේ විතර රස්සා බේරගෙන ,විනය ගරුකව සමස්ථ ප්‍රේක්ෂකයන්ගේ ඔලුව බේරන් , ලාබත් ලබන චැනල් චැනල් එකක් කරන්න..

      ජරාව විකුණන තැනකට නම් ඔය මුකුත් අවශ්‍ය නැහැ.ගත්ත දැම්මා ගැහුවා වැඩ වලට මොකටද CEO ලා


      \\\ඒ කෙසේ නමුත් මේ රට විනාෂ කිරිමේ මූලික වගකීම තියෙන්නේ, දේශපාලකයන්ට නෙමෙයි. මාධ්‍යවේදීන්ට.\\\

      මාත් අනිවාර්යෙන් විශ්වාස කරන දේ තමයි මේක..මාධ්‍ය තුළින් මැවෙන ලෝකය තමයි ක්‍රියාත්මක වෙන්නේ..අපි හොඳ දෙයක් මැව්වොත් අනිවාර්යෙන් හොඳ දෙයක් ක්‍රියාත්මක වෙනවා...නරක දෙයක් මැව්වොත් රටම විනාස වෙනවා...සෑහෙන්න ලොකු වගකීමක්...

      හරි දැක්මක් තියෙන එක චැනල් එහෙකට පුලවන් ආකල්පමය වෙනස ඇති කරන්න මේ රටට ඕනේ ..එක රැයෙන් බැහැ කියලා මම දන්නවා සහසුද්දෙන්ම ..නමුත් අවුරුදු 3 ඇතුළත පුළුවන්..

      Delete
  5. ඈ බොල... දැන් මං මොකද කියන්නේ...??? හි හි....

    මට පේන්න බැරි වැඩසටහන් ජාතියක් තමයි ඔය නුග සෙවණ ජාතියේ ඒවා... ඒවා කරන උන් හිතං ඉන්නේ ගෙවල් වල ඉන්න ගෑණු උය උය, මහ මහ, කේක් හද, ළමයි හද හද, බල බල ඉන්න ඕනේ කියලා... කාලීන දේශපාලනය ගැන එහෙම වැඩසටහනක් කරන්න උන්ට බෑ... ඉස්සර අපේ අම්මලගේ ගෙවල් වල ගෑණුන්ට මොන දේශපාලනේද කිය කිය හිටිය තැනම තමයි අපේ මේ වැඩසටහන් කරන උනුත් ඉන්නේ... දේශපාලන, කාලීන වැඩසටහන් දාන්නේ රෑ 11ට... ඒ වෙලාවට මොන ටීවීද... පිරිමින්ට නම් පුළුවන් කකුල් උඩ තියන් බලං ඉන්න... පාන්දර නැගිටලා, උයලා, බත් ගෙඩිය බැඳලා දෙනවානේ වැඩට යන්න.. මුන්ට ගෑණුන්ව මතක් වෙන්නේ කතිරෙ ගහගහන්න ඕනේ උනාම විතරයි...

    කාන්තාවන්ට ඡන්ද බලය හම්බුවෙලා දැන් දශක ගනනාවක් උනත්, අද උනත් අපේ රටේ ගොඩක් ගෑණු අය ගිහින් කතිරේ ගහන්නේ එක්කෝ ගෙදර වැඩිහිටියෙක් කියන අංකෙකට, නැත්තම් මනුස්සයාගෙන් අහලා.... දේශපාලනේ විතරක් නෙවෙයි... මං කියන්නේ දේශපාලනේ විතරක් නෙවෙයි, ගොඩක් කාලීන දේවල් වලට කාන්තාවන්ගේ සහභාගීත්වය ගන්න දන්නේ නෑ ඔය ප්‍රෝග්‍රෑම් කරන අය මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. හිරුගේ අදහස වැදගත් දෙයක්.ඒ ගැන කියපු එක හොඳයි.ගෑණු උනහම කුස්සි අම්මලා වගේ උය උය ඉන්න හොඳ නැහැ කියලා කියන්නෙත් TV වල අය..ඒ උනාට කුස්සි අම්මලගේ තැනින් ඉහලට ගන්න වැඩපිලිවෙලකුත් නැහැ ..මෙච්චර කාලෙකට වෙලා තියෙන්නේ එකම දේ කුස්සියේ සිට පැන්ට්‍රි එකට ආව එක විතරයි..කොහොම හරි තාම උයනවා කට්ටිය..


      ගෘහණියන් සඳහා සරළ මට්ටමෙන් දේශපාලන දැනුමක් එන්න වැඩසටහන් ටිකක් , සමාජ කරුණු ගැන වැඩසටහන් ටිකක් , නීති විශයන් ගැන සරළ වැඩසටහන් ටිකක් තාම නැහැ චැනල් වල..ගෘහණියන් දැනුවත් වීම වටිනවා රටේ දේශපාලන ගැන.මොකද 50% ඉන්නේ ගැහැණු උදවිය මේ රටේ..චන්ද ප්‍රතිශතයෙන් 50% .. ඔහේ වැනෙන චන්ද ටිකක් වෙලා බැහැ ඒ පිරිසගේ චන්ද..වැනෙන දේශපාලනයක් බිහි වෙලා තියෙන්නෙත් ඒකනේ හිරු...

      ඒ වගේම ඔයා දන්නවද පවතින තත්වය වෙනස් කරන්නත් අමාරු ඒකයි..දේශපාලකයෝ හිත යටින් අපේක්ෂා කරන්නේ රවට්ටගන්න පුළුවන් චන්ද දායකයෝ බිහි වීම..දේශපාලනය විසින් ඉඩ දෙන්නේ නැහැ ගෘහනියන්ට කුස්සියෙන් එළියට එන්න ...ඔයාල හැමදාම බත් තම්බනවා , මහත්තුරු ගිලලා ඔපිස් බඩ ගානවා..දේශපාලකයෝ සුර සැප විඳිනවා...


      තවත් දෙයක් තියෙනවා..ගෘහණියන් සඳහා දේශපාලන වැඩසටහන් කීපයක් කරනවා නම් අනිවාර්යෙන් සැලකිලි මත වෙන්න ඕනේ දෙයක් තමයි සරළ කම.. එක පාරට ධනවාදයෙන් පටන් ගත්තොත් කිසිම කෙනෙක් බලන්නේ නැහැ..සරළ වැඩසටහන් ටිකක් හදන්න පසුබිමක් ලැබුණොත් හොඳයි හිරු..


      රේටින්ග්ස් පස්සේ යන්නේ නැතුව , අපේ පස්සේ රේටින්ග්ස් එන TV කලාවක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමු තව අවුරුදු 3 , 4 කින් වත්...

      Delete
    2. ගෘහිණියන් සදහා දේශපාලන වැඩසටහන් "හරි අපූරුයි ගෘහිණියන්ට ස්ත්‍රීවාදී විශබීජ දාන්න මේ කතා කරන්නේ.ඔයා හිතන විදියේ ගෑනු නොවේ අපේ රටේ බහුතරය.ඒ නිසයි සමාජය රැකිලා තිබෙන්නේ.බලලා මල්ලෙන් එළියට පැන්නා ගෘහිණියන්ට දේශපාලන වැඩසටහන් කරන්න කියන කොට.බටහිර රටවල පවුල් සංස්ථාව විනාශවෙලා සමාජයේ සියලු හර පද්ධතීන් විනාශ වෙලා තිබෙන්නේ ඔය කියන දේශපාලන වැඩසටහන් නිසා තමයි.එක් අවස්ථාවක ගෘහිණියන් වර්ජනයකත් යෙදුනලු.අපිට ගබ්සා ඉල්ලීම් සමලිංගික ඉල්ලීම්,සැමියන්ට දරුවන්ට එරෙහි ව්‍යාපර බලගන්න පුලුවන් ඔහොම කළොත්.ඒ වගෙ දෙයකට එරෙහිවනම් ඕනම ප්‍රතිගාමීත්වයක් එක්ක එකතු වෙන්න රටේ ජනතාව සූදානම්.තව රටට අඩු බටහිර ස්ත්‍රීවාදී උද්ඝෝෂන විතරයි.

      Delete
    3. අයියෝ.. ඇයි අප්පා ඔයාට ගෑණියෙක් කතා කරපු ගමන් ස්ත්‍රීවාදයක් මතක් වෙන්නේ... ‌මොකක් හරි ලෙඩක් තියෙනවද..... ? නැත්තම් ඔයාට පිස්සුද....?

      දැන් මොකාද මෙතන එලියට පැන්න බළළා....?

      දැන් මෙතන දේශපාලනෙයි, ඔයා කියන ස්ත්‍රීවාදෙයි ඇති සම්බන්ධෙ මොකද්ද....? මම දන්න විදියට නම් තමන්ගේ කිරි බොන බබාව පාර්ලිමේන්තුවට අරන් ගිහින්, එයාවත් උකුල උඩ තියාගෙන තමන්ගේ රාජකාරිය කරලා එන, දේශපාලනය කරන අම්මලා ඉන්නවා වෙන රට වල.....

      ඔයාට සරල දේශපාලනය කියන එකයි, ඔයාගේ ඔය විකාර ස්ත්‍රිවාදෙයි වෙනස තේරුම් ගන්න බැරි නම් පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරලා බලන්න මොකද්ද මෙතන අපි කතා කරලා තියෙන්නේ කියලා.... ඔයා ඔය ඔලුව උඩ තියන් ඉන්න විකාර ගෑනු ටික පැත්තකින් තියලා එන්න ලංකාවේ ගෑණු එක්ක කතා කරන්න.... එතකොට කියලා දෙන්න බැරිනම් ‌කොටලා දෙන්නම් බොන්න ලංකාවේ ගෑණුන්ගේ හැටියි තියෙන ප්‍රශ්නයි ගැන....

      සොරි සහන්... මට ටිකක් කේන්තියි මේ කමෙන්ට් එක ගැන.... ඒක නිසා මගේ සුපුරුදු භාෂා විලාසය වෙනස් වෙලා .... ඒකට සමාව ඉල්ලනවා අනිත් අයගෙනුත්....

      Delete
    4. @ ලිය වරුණ

      " ගෘහණියන් සඳහා දේශපාලන වැඩසටහන් " කියලා මම අපේක්ෂා කරන්නේ පවුල් සංස්ථාව බිඳලා දාන දේවල් ගැන නෙවේ..අඩුම තරමේ චන්දය ගහන්න වටින්නේ මොන වගේ මනුස්සයෙක්ටද කියලා හරි දැනුවත් කමක් ගෘහණියන්ට දෙන්න ඕනේ නේද ...?

      මම දන්න කෙනෙක් ඉන්නවා ..එයා චන්දෙ දෙන්නේ පපුව පළල්ම කෙනාට..පාට පක්ෂ ගැන වැඩක් නැහැ එයාට..පපුව ලොකු නම් ගැහුවා කතිරේ..

      =================================

      ස්ත්‍රී වාදය පැරදවිය හැක්කේ නිවැරදි දැනුම දීමෙන් නේද ...? අන්න ඒක ගැන මම කිව්වේ..වරදවා හිතන්න එපා..මම නම් කිසිම දාක පවුල් සංස්ථාව දෙදරලා යන දේවල් ඔන් එයාර් යන්න දෙන්නේ නැහැ..

      Delete
    5. ඇයි සහන් පිං පාට පුතාලට අයට චන්දේ දෙන අම්මලා ආච්චිලා, ලස්සන තරුණ අයට ඡන්දෙ දෙන කෙල්ලෝ... මං ඉස්කෝලෙ යන කාලේ අපේ පන්තිවල හිටියා සුජීව සේනසිංහ, ඩිලාන් පෙරේරා, ජීවන් කුමාරතුංග, දුමින්ද සිල්වා සහ එකී මෙකී නොකී අයගේ පින්තූර පොකට් කැලැන්ඩර් එහෙම පැන්සල් පෙට්ටියේ දාගෙන හිටපු කෙල්ලො... උන් ඡන්දේ දුන්නේ ලස්සන උන්ට.... ඉතිං ඒ ඡන්ද බලෙන් ඇති වැඩක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න කෝ තේරුමක් නැතුව කතිරයක් ගහන්න විතරක් නම් ...

      Delete
    6. හිරු යි සහනුයි කියන කතාත් ඇත්ත තමයි.සමහරවිට මම වරදවා වටහා ගන්න ඇති ඒ ගැන කනගාටුයි.ඒක නොවෙයි මට තිබෙන ප්‍රශ්නෙ බ්ලොග් ලියන ගෑණු උදවිය මගෙ බ්ලොග් එකේ කොමෙන්ට් නොදාන එක.ඒ අය ධනාතමක වාගෙම ඍනාත්මක කොමෙන්ට් දමනවානම් හොද සංවාද ගොඩ නගන්න පුලුවන් නේද?මෙතනදි මාව නිවැරදි කළා වගේ මම නිවරදි විය යුතු තන් වලදි නිවැරදි වෙන්න පුලුවන් නේද?මම අන්තවාදියෙක් නොවෙයි.හැම දෙයක්ම සාකච්ඡාවෙන් සම්මන්ත්‍රනයෙන් විසදගන්න පුලුවන් කියා හිතන පවුල සහ සමාජ හර පද්ධතීන් රැක ගත යුතු යැයි සිතන කෙනෙක් පමණයි.

      Delete
    7. මම නම් එන්නෙ නැත්තේ මම ඒ බ්ලොග් එකේ කතා කරන මාතෘකා වලට කැමති නැති නිසා.... මොකද මම කලින් දවසක ඇවිත් බලපු වෙලාවක තිබ්බේ ඔය ස්ත්‍රීවාදය ගැන බො‌ෙහාම බරපතලව ලියපු ලිපිම විතරයි... ඒවා අපිට අදාලත් නෑ.. වැඩකුත් නෑ... තේරුමකුත් නෑ.... ඒක නිසා මං ඒ බ්ලොග් එක අතෑරියා....

      පවුල ගැන මාත් ලියපු ලිපි ගොඩක් තියෙනවා... කැමති නම් මගේ බ්ලොග් එකේ පරණ ලිපි කියවලා බලන්න... ගැහැණිය සහ පවුල කියන්නේ මාතෘකා එකක් නෙවෙයි.. දෙකක්... ගොඩක් අය පටලෝ ගන්නේ ගැහැණිය කියන්නෙ පවුල කියන එක ඔලුවේ තියාගෙන කතා කරන්න යෑමෙන්....

      හරි අපි ඒ ගැන පස්සේ කතා කරමු.... මෙතනට අදාල නෑ නේ.... හි හි...

      Delete


    8. @ liya varunaFriday, May 31, 2013 at 4:03:00 PM

      මෙහෙමයි ලිය වරුණ ඔබ හා අප අතර පහු ගිය දවස් වල වැරදි වටහා ගැනීම් ඇති උනා..අපි දෙගොල්ලන්ට දෙගොල්ල කියා ගන්න හදන දේ කියා ගන්න බැරි උනා..ඔයා කියන එක මට තේරෙන්නේ නැහැ..මම කියන එක ඔයාට තේරෙන්නේ නැහැ..

      දැන් දැන් තමයි ටික ටික ගැටළු සහගත තත්වෙන් මිදී එමින් පවතින්නේ..දැනුයි තේරෙන්නේ මෙච්චර දවසක් අපි දෙගොල්ලම කතා කරලා තියෙන්නේ එකම මාතෘකාව ගැන කියලා ( පොදුවේ අපි දෙගොල්ලම අපේක්ෂා කරන්නේ යහපත් පවුල් සංස්ථාවක් ඇති කිරීම ) ..

      01.ඔයා ටිකක් විතර බරපතල විදිහට "ස්ත්‍රී වාදය" ගැන කියද්දී අපි හිතුවේ වැරදියට ඔයා ගැන..

      02.අපි ඔයාව තේරුම් නොගෙන එක එක ඒවා කියවද්දී ඔයා හිතුවේ අපිත් "ස්ත්‍රී වාදයට" සහයෝගය දෙන පිරිසක් කියලා..

      ඔන්න ඕකයි මේ වෙච්ච පළහිලව්ව...

      ================================

      @

      හිරුFriday, May 31, 2013 at 3:12:00 PM
      හිරුFriday, May 31, 2013 at 4:25:00 PM

      නැහැ නැහැ මගේ කිසිම අමනාපයක් නැහැ..ඕනෙම අදහසක් ඕනෙම කෙනෙක්ට කියන්න හිරු..කථිකාවන් ඇති වීම නෙව වැදගත්..අනික ඔයාල වැදගත් විදිහට දෙයක් කතා කරන්න දන්න නිසා කිසිම ගැටළුවක් නැහැ..

      @ හිරුFriday, May 31, 2013 at 3:27:00 PM

      අනේ මමත් දැකලා තියෙනවා ගොඩක් ගෑණු දරුවෝ රූපෙට රැවටෙනවා..ඒත් ඒකෙ අවුලකුත් නැහැ නෙව...පිරිමි අපි දේශපාලකයන්ගේ ටෝක්ස් වලට අහු වෙනවා, ඔයාලා රූපෙට අහු වෙනවා..

      අන්තිමට බැලුවම අපි ඔක්කොම එකයි..වෙනසක් නැහැ නෙව ..

      Delete
  6. මාතලන් ගේ පෝසටුවේ ඔබේ අනගි කමෙන්ටුව මේ ආකාරයට මෙතැනට පෝස්ටුවක් ලෙස ගෙන ආ එක හොඳයි. මාතලන් ගේ පෝස්ටුවේ අපේ අදහස් කියා ඇති බැවින් යළිත් මා මෙතැන ඒ විස්තර ලියන්න යන්නේ නෑ.
    මේ අගනා වෑයමට ඔබට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ..ඔව් මම දැක්කා දීර්ඝ විදිහට ඔබත් මේ සත්‍ය හෙළි කරලා තියෙනවා...අපරාදේ ඒ දේවල් ටික මෙතනට ගේන්න තිබ්බේ අයියේ...කෝපි පේස්ට් කරාට කමක් නැහැ..එකම මාතෘකා නේ...

      Delete
  7. සහන්ගෙ පෝස්ටුවේ අගය කියල නිමක් නෑ...නාළිකාවක රඳා පැවැත්ම ගැන ගොඩක් කරුණු කාරණා මෙයින් දැනගත්තා...
    කොහොම වුනත් මගෙ අදහස නම් ගුණාත්මක භාවයත් රැකගෙන ලාබත් ලබන්න නම් විශ්වකර්මයෙකුට තමයි හැකිවෙන්නෙ කියන එක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප අයියේ...මීට වඩා දේවල් තියෙනවා ඇතුලාන්තයේ..මම මේ හෙළි කරලා තියෙන්නේ සාමාන්‍ය දේවල් විතරයි...විටින් විට ඒ දේවල් ගැන දාන්නම්..දැන් මේ ගැනත් ඇදුණේ අහම්බෙන්නේ ..නැත්නම් මම මේවා ගැන දාන්න හිටියේ නැහැ කවදාවත්...දැක්කනේ මම මුල් කාලේ කවි සින්දු දාගෙන හිටපු අපූරුව..


      \\කොහොම වුනත් මගෙ අදහස නම් ගුණාත්මක භාවයත් රැකගෙන ලාබත් ලබන්න නම් විශ්වකර්මයෙකුට තමයි හැකිවෙන්නෙ කියන එක.///

      නැහැ හැලපේ මේක කරන්න පුළුවන්..අවුරුදු 3 ඇතුළත බිලියනයක ලාබයක් දක්වා යන්න පුළුවන්..අවුරුදු 5 න් සියලු ගිණුම් ධන අගයකට ගේන්න පුළුවන්..හැබැයි ජීවිතේම කැප කරන්න වෙනවා සහ ඒකට වටිනාකමක් ලැබෙන්නත් ඕනේ..නිකන්ම නිකන් අකුළන් දොට්ට බහින්න බලන් වැඩ කරලා නම් බැහැ...කරනවා නම් කරන්න ඕනේ අවුරුදු 5 ක ටාර්ගට් එහෙකට ...

      Delete
  8. හපොයි මේක හරි පණ යන වැඩක්නෙ.. බැන බැන බලනවා වගේ ලේසි නෑ නේද ?

    හුඟක් චැනල් වල ගුණාත්මකභාවය පිරිහිලා තියෙන්නෙ ඔය තරගය නිසා වෙන්න ඇති..

    බොහොම වැදගත් ලිපියක් සහන්.. නොදන්න කරුණු බොහොමයක් දැන ගත්තා..

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා..ඔයාව MCR එකට පැය 10 කට දාල වැහුවොත් ඔයාට තේරෙයි විඳින දුක.. ඔයාල බලන හැම තත්පරයක් ගානේ මේන් ෆ්‍රේම් එකට ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ...හෙට තියෙන වැඩසටහන් සියල්ලම අද feed කරනවා..feed කරන්න වෙන්නෙත් දැනටම රන් වෙමින් තියෙන මේන් ෆ්‍රේම් එකට..

      ===========================================
      (අපි ෆිල්ම තියා ගන්නේ බීටා කැම් වල, ප්ලේ කරන්නේ VTR වල .ගොඩක් දෙනා හිතන් ඉන්නේ CD වලින් ප්ලේ කරනවා කියලා.. VTR එකක් කියන්නේ ප්‍රධාන පරිගණක පද්ධතිය හා ස්වයන්ක්‍රීයව වැඩ කරන ප්ලේයර් වලට ..VTR 1 , VTR 2 , VTR 3 ,VTR 4 , VTR 5 මේ විදිහට VTR 12 විතර තියෙනවා එකට කපල් කරලා...)
      [si="5"]
      [ce] VTR Players [/ce] [/si]


      [im]http://2.bp.blogspot.com/-GY5IfFhbU4U/ULcKPSX6WkI/AAAAAAAAANw/6G_GwxhG6eQ/s800/shermie+fernand8ez.JPG[/im]



      රාත්‍රී 10ට Star wars ෆිල්ම් එකක් ගහන්න ඕනේ කියන්න...කරන්නේ මෙහෙමයි වැඩේ..


      ෆිල්ම් එක තියෙන බීටා කැම් එක ලයිබ්‍රි එකෙන් තෝරාගන්නවා..ඊට පස්සේ සිලෙක්ට් කරනවා මොන VTR එකේද ප්ලේ කරන්න ඕනේ කියලා...VTR 1 එකෙන් , 10:00PM වෙද්දී ,Star wars බීටා කැම් එකේ 00:00:01 සිට 00:15:00 දක්වා කොටස ප්ලේ වෙන්න මේන් ෆ්‍රේම් එකට ප්‍රෝග්‍රෑම් කරනවා ..රෑ 10 වෙද්දී වෙනත් ලයින් වලින් එන AV සිග්නල් නැවතිලා ප්‍රධාන AV සිග්නල් එක VTR 1 වලට switch වෙනවා ..ඒ ටිකත් මේ ගමන්ම ප්‍රෝග්‍රෑම් කරනවා මේන් ෆ්‍රේම් එකට ...

      රෑ 10.15.00.. ට පළවෙනි වෙළඳ දැන්වීම ගහන්න ඕනේ නම් ඒ සඳහා වෙළඳ දැන්වීම් තියෙන MCS එකෙන් හෝ බීටා කැම් වලින් අදාළ වෙළඳ දැන්වීම තෝරනවා..VTR 2 එකෙන් , 10:15PM වෙද්දී , බීටා කැම් එකේ 00:22:00 සිට 00:22:10 දක්වා කොටස ප්ලේ වෙන්න මේන් ෆ්‍රේම් එකට ප්‍රෝග්‍රෑම් කරනවා .

      රෑ 10.15.10 ට දෙවෙනි වෙළඳ දැන්වීම ගහන්න ඕනේ නම් VTR 3 එකෙන් , 10:15:10PM වෙද්දී , බීටා කැම් එකේ 00:20:00 සිට 00:20:10 දක්වා කොටස ප්ලේ වෙන්න මේන් ෆ්‍රේම් එකට ප්‍රෝග්‍රෑම් කරනවා ...


      ඔය විදිහට add 10 ක් ගහනවා නම් සියල්ලම ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ...


      ඔන්න දැන් හරියට රෑ 10 ට තත්පර 10කට කළින් අපි හිටියත් නැතත් ඉබේම VTR on වෙන්න ගන්නවා ටීක් ටීක් ගාලා.අදාළ බීටා කැම් එක තත්පර 5 කට කළින් ප්ලේ වෙන්න ගන්නවා .හරියට රෑ 10 වෙද්දී AV සිග්නල් ටික අදාළ VTR එකෙන් VTR එකට switch වෙලා ස්වයංක්‍රීයවම ප්‍රධාන ට්‍රාන්ස්මීටරය දක්වා යනවා..


      සෑම විටම අදාළ වෙලාවට තත්පර 5 කට කළින් තමයි බීටා කැම් ප්ලේ වෙන්න පටන් ගන්නේ..අදාළ වෙලාව ආවම ඉබේම AV switch වෙනවා..මෙහෙම ප්‍රෝග්‍රෑම් කරාම බලන කෙනෙක්ට තේරෙන්නේ නැහැ වැඩසටහන් මාරු උනාද කියලවත්..මේ සිස්ටම් එක වැඩ නැති වෙලාවට තමයි ඩෙක් පීස් වල වගේ හරහට කළු පාට ඉරි යනවා පේන්නේ TV එකේ...


      ඔය වගේ පැය 24 සඳහාම ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ සෙන්න...මම මේ කිව්වේ විනාඩි 15 ක් සඳහා කරන්න ඕනේ ටික විතරයි...MCR වැඩ කරන අයට ලොකු මානසික පීඩනයක් යටතේ වැඩ කරන්න වෙනවා..එක දිගට tv මොනිටර් 40 විතර දිහා බලාගෙන , තත්පරෙන් තත්පරේ ප්‍රෝග්‍රෑම් කර කර ඉන්න එක ලේසි නැහැ සෙන්න්න ..
      [im]http://2.bp.blogspot.com/-WTZPhvQnjlw/ULcGZvVqqoI/AAAAAAAAANg/xIXJ--mjMqk/s800/shermie+fernandez.JPG[/im]

      දැනට අපිට පුළුවන් නාළිකාව එක දිගට දවස් 6 ක් කිසිම මනුෂ්‍ය පාලනයක් නැතුව ස්වයන්ක්‍රීයව දුවන්න ප්‍රෝග්‍රෑම් කරන්න..


      Delete
    2. අනේ බන් මට මෙලෝ දෙයක් තේරුනේ නෑ... මට තේරුන එකම දේ වැඩසටහන් දුවවන්න කලින් ප්ලෑන් කරලා සූදානම් කරලා තියන්න ඕනා කියලා.. එහෙමනම් ඔය හදිසියෙ එන ප්‍රවෘත්ති වගේ ඒවා ඩෝන් ගාලා කියන්නෙ කොහොමද ? ඒවා ප්‍රෝග්‍රෑම් කරලා තිබුන ඒවා නෙමේනෙ..!

      Delete
    3. හදිස්සි නිව්ස් එකක් ආවොත් අපි automation අයින් කරලා manually switch කරනවා VTR සහ නිව්ස් feed ... manually ගහන වෙලාවට අඩුම තරමේ 3/4 දෙනෙක් වත් ඉන්න ඕනේ MCR එක ඇතුලේ..


      automation ගහද්දි වැඩිය කට්ටිය ඕනේ නැහැ..රෑට එහෙම ගොඩක් චැනල් දුවන්නේ automation.. ඒ වගේම රෑට තමයි සිස්ටම් එකට , හෙට විකාශයට නියමිත වැඩසටහන් විස්තරය feed කරන්නේ...

      ( එක පාරට සෙන්නට තේරුම් යන එකක් නැහැ සමහර විට ...)

      Delete
    4. සහන් අයියේ, රෑට යන වැඩසටහන් ඔටෝ දානවනම් රෑට යන ලයිව් ප්‍රොග්‍රෑම්ස් පෙන්නන්නෙ කොහොමද ?

      Delete
  9. බොහෝ ස්තුතියි සහන් නොදැන හිටි වියදම් ගැන දැනුවත් කලාට.
    Tv channel එකකයි Private bus එකකයි ගමන එක වගෙයි කියල හිතුනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිකමා මේ ගැන ඇවිත් බැලුවට... ඔව් ඔබ කියන දේ හරි... මුදල් සෙවීම සහ විනය ගරුක බව ගැන ප්‍රශ්නේ තියෙන්නේ ...විනය ගරුකව මුදල් හොයන්න බැරිද ...?

      Delete
  10. තැන තැන තිබ්බ කමෙන්ට් ටික ඔක්කොම කියෙව්වා සහන්. පෝස්ට් එකක් විදිහට පළ කිරීම කාලීන අවශ්‍යතාවයක් ඉටු කරනවා. මම දැක්ක ගමන් ම ඕං ලිංක් එකක් දැම්මා මගෙ බ්ලොගේ. උඩින්ම තිබ්බ ටිකත් යථා කාලයේදී දාන්න. මේක තමයි අපිට බ්ලොග් එකකින් හරි කරන්න පුළුවන් සමාජ මෙහෙය. අපි අවදි වෙලා කෑගහන කොට අනිත් අයත් අවදි වෙයි. මුන්ට බෑ හැමදාම මේ ඇස් වහලා ගහන ගැහිල්ල කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි draki සහයෝගය දීම ගැන...අර අනිත් දේවල් ගැනත් ඉඩ තියෙන විදිහට පෝස්ට් දාන්න ඕනේ..TV චැනල් නැහැ නැහැ කියලා අඬන්න ඕනේ නැහැනේ..මේ තියෙන්නේ බ්ලොග්..තුන් හාරසීයක් බැලුවත් ඇතිනේ එක අතකට...නැද්ද ..?



      Delete
    2. අම්මප ඇත්ත. මාත් මොකක් හරි ගැන හොයද්දි මුලින්ම බලන්නෙ ගූගල් සර්ච් එකේ.

      Delete
  11. සහන් කියල තියෙනව වගේ ඉස්සර ජාතික රූපවාහිනියෙ හරවත් වැඩසටහන් ගොඩක් ගියා. අධ්‍යාපනික වැඩසටහන් ගත්තම ජපානෙ NHK එකෙන් ගෙන්නපු වැඩසටහන් මොන්ටිසෝරි වයසෙ ඉඳල උසස් පෙළ දක්වාම තිබුණ. ඒවයෙ තිබුණෙ තනිකරම ප්‍රායෝගික ක්‍රියාකාරකම්. දැන් පෙන්නන ඒව නිකං ටියුෂන් පන්ති වගේ මෙළෝ රහක් නෑ. ඒ වගේම ලංකාවෙත් ඔය සිංහරාජ වගේ වනාන්තර ගැන හොඳ වැඩසටහන් හදල තිබුණ.
    මං හිතන්නෙ ලංකාවෙ දක්ෂ අය නැතුව නෙමෙයි. නමුත් ඒ වැඩසටහන් මාකට් කරන්න බැරිනිසා බොළඳ වැඩසටහන් පෙන්නල කොහොමහරි ගාන හොයාගන්න එක තමයි දැන් කරන්නෙ.

    වැදගත් කරුණු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න අයියේ ලොකු වටිනාකමක් තියෙනවා NHK ප්‍රෝග්‍රෑම් වල . 70 වගේ ඉඳලා ලයිබ්‍රි එකේ හිර වෙලා තියෙනව ... ඒ දේවල් එළියට ගන්න නම් දාහක් දෙනා සනසන්න වෙනවා... අලුතෙන් වැඩසටහන් හදන ගමන් පරණ දේවල් වලටත් ඉඩ දෙන්න ඕනේ..අද කාලේ වෙලා තියෙන්නේ අලුත්ම ඒවා පස්සේ යන එකනේ..මම නම් තැන දෙන්නේ ගුණාත්මක භාවයට විතරයි... පරණද අලුත්ද කියන දේ වැඩක් නැහැ...සේද මාවත , ඉලෙක්ට්‍රොනික් ගැන , පුංචි පුංචි නිර්මාණ , සරළ ගණිතය , චිත්‍ර ගැන , පරිසරය ගැන , එහෙම පැය 10,000 විතර වැඩසටහන් තියෙනවා..නිකම්ම නිකම් පුස් කනවා ටේප් ...

      SLRC එකෙන් කරා මතකද පාරු ජීවිතය ගැන , පතල් ජීවිතය ගැන , නාඩගම් සම්ප්‍රදායන් ගැන, වෙද ගෙවල් ගැන , මීමුරේ ගැන එහෙම ...?

      ඔය සියලුම බීට කැම් පුස් කනවා කියන දේ විතරයි කියන්න තියෙන්නේ...

      Delete
    2. අපට වාර්තාමය වැඩසටහන් කලාවක් අවශ්‍යයි.එවන්නකට උත්සාහයක් හෝ ගත්තේ ජැක්සන් ඇන්තනි පමනයි.ඩිස්කවරි වගේ වැඩසටහන් අපට කරන්න බැරි ඇයි?

      Delete
    3. @ ලිය වරුණ

      100% ඩිස්කවරි වර්ගයේ වැඩසටහන් නම් කරන්න බැහැ..මොකද යන වියදම වැඩියි..හිතන්න මැණික් පතල් කර්මාන්තය ගැන වාර්තා වැඩසටහනක් කරනවා කියලා..

      දින 20 විතර යනවා.
      කැමරා කරුවන් 3 දෙනෙක් හෝ අනුයුක්ත කරන්න ඕනේ.
      පිටපත් රචකයෙක් ඕනේ.
      මග පෙන්වන්නෙක් ඕනේ.
      පතල් රස්සාව කරන තුන්දෙනෙක් වත් සම්බන්ද කරගන්න ඕනේ.
      මෙවැනි දේ සම්බන්ධ කරුණු දැනගන්න විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු හෝ සම්බන්ද කරගන්න ඕනේ.
      4WD වාහන දෙකක් අනුයුක්ත කරන්න ඕනේ.
      විදුලි ජනක යන්ත්‍ර ලබා දෙන්න ඕනේ.
      සහායකයන් 3 දෙනෙක් හෝ අනුයුක්ත කරන්න ඕනේ.



      ඔය සියල්ල වෙනුවෙන් මම කොච්චර මුදලක් ආයතනය වෙනුවෙන් නිදහස් කරන්න ඕනෙද ..? ලක්ෂ 5 ක් ...?

      දැනට ලංකාව තුල වාණිජව එවැනි දෙයක් කරන්න බැරි ඒකයි..නමුත් එක මාසයක් සඳහා එක් වැඩසටහනක් හෝ නිර්මාණය කිරීමට හැකියි වාණිජ ලාබයක් අපේක්ෂා නොකර..

      ඩිස්කවරි නාලිකාවට ඉන්න ප්‍රේක්ෂකයන් ගණන කෝටි ගණනක්..ඉතින් ඔවුන්ගේ අදායම් මට්ටමට අනුව නම් එවැනි වැඩසටහන් නිෂ්පාදනය කරන්න පුළුවන්..අපිට බැහැ..ඒ නිසයි අපි NHK ආයතනයෙන් මිත්‍රත්ව පදනම යටතේ වැඩසටහන් ගන්නේ...


      කෙසේ හෝ ඔබ මතු කල කාරණය බොහොම වැදගත්...ගැටළුවක් තියේ නම් නැවත අහන්න..

      Delete
  12. මමනං දැන් ටීවි නොබලන තරම් , බලන්ඩ හොද ටෙලියක්වත් තියනවද , අපි පොඩිකාලේ අධ්‍යපන වැඩසටහන්ම කීයක් තිබ්බද, මතකද අපි ආසාවෙන් බලපු ''නදි චාරිකා''එහෙම

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි අටම්..මම අවුරුදු 3 කින් විතර TV බලලා නැහැ දැන්..කිසිම දෙයක් බලන්න හිතෙන්නේ නැහැ..බ්ලොග් එකක් බලන් ඉන්න හොඳයි කියලා හිතෙනවා...මම ප්‍රසන්න අයියගේ කමෙන්ට් එකට රිප්ලයි කරන එක බලන්නකෝ..ඒකෙ තියෙනවා පරණ මතක... ඇත්තට ඒවත් නොතිබ්බා නම් කොහොම වේවිද ...?

      Delete
    2. මමත් ටී වී බලන්නේ නෑ එකම ෆෝමට් එකට ගහපු විකාර.මාධ්‍ය දැන් ක්ෂණික ආප්ප වගේ .ආප්ප ටික දැම්මට පස්සෙ කරන්න දෙයක් නැතිව උඩබිම බලනවා

      Delete
    3. අටමෝ... "හිරු" ටී වී එකේ සෙනසුරාදයි, ඉරිදයි රෑ අටට යන "සකිසඳ සුවාරිස්" මම කියනවට බලලා මෙතනම් කොමෙන්ට් එකක් දාපන්....

      Delete
    4. @ මාතලන්
      අපි බලමු අටමා කියන්නේ මොකක්ද කියලා..හැබැයි අනවශ්‍ය බලපෑම් කරන්න නම් එපා..ජන මතය විකෘති කරන්න එපා බලපෑම් මගින්...

      @ ලියා

      \\ආප්ප ටික දැම්මට පස්සෙ කරන්න දෙයක් නැතිව උඩබිම බලනවා\\\

      මට හොඳටම හිනා ගියා මේක දැකලා..:D

      Delete
    5. බලපෑම් කිරීමක් නෙමෙයි බං.. මම විඳින දෙයක් ගැන කිව්වේ...

      Delete
    6. \\\බලපෑම් කිරීමක් නෙමෙයි බං.. මම විඳින දෙයක් ගැන කිව්වේ\\\

      මම එක කිව්වේ විහිළුවට මාතලන්...ආයේ අටමට මොන බලපෑම් කරන්නද..ඕකා දෙයක් කිව්වත් කිව්වත් අහන එකෙක් නෙවේ නෙව..

      Delete
  13. ඔබේ දැනුම නම් වරිම වටිනවා. මාතලන්ගේ පෝස්ට් එකේදි ඔබ දැමූ කමෙන්ටුවත් මේ ලිපියත් එකතු වුනාම සෑහෙන වැටහිමක් එනවා. ඒ අතර මට දැන් ඔබ ගැන පොඩි අයිඩියා එකකුත් ආවා. මම ඒක වෙනම කියන්නම්.

    ReplyDelete
    Replies
    1. හි හි හපොයි ඒ අයිඩියා එක ගැන නම් කියන්න එපා..:D මම මේ දවස් වල ටිකක් වෙවෙකෙන් ඉන්නේ වෙද මහත්තයා..ඒ නිසා පෝස්ට් දැම්මා..ගොඩක් දෙනෙක් තිරය පිටු පස කතා දන්නේ නැහැනේ... එහෙන් අරන් මෙහෙන් ගහනවා කියලනේ හිතන්නේ...පොඩි පොඩි පැහැදිළි කිරීම් ටිකක් කරේ ඒකයි.. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට වෙද මහත්තයෝ ...

      Delete
  14. සහන් මහත්තයෝ මේ මේ කාරණය ඔබතුමා මතුකළ ගණන් හිලවු පිළිබඳව. මෙය ඍජුවම ඔබගේ ලිපිය හා සම්බන්ද නොවුනත් ට්‍රාන්ස්මීටර ලංකාවට ගෙන්වීමේ අයතා ක්‍රමයක් ගැන කෙටි විස්තරයක්.

    ඔබතුමා දන්නවාද සමහර නාලිකා මේ ට්‍රාන්ස්මීටර් මෙරටට ගෙන එන ආකාරය?

    තමන්ට අවශ්‍ය කරන ට්‍රාන්ස්මීටරය සිංගප්පුරුවේ තැනකට ගෙනෙනවා. ලංකාවේ ඉඳන් ඉන්ජිනියර් කෙනෙක් එහෙට යනවා. මේ ට්‍රාන්ස්මීටරය කැබලි වලට ගලවලා වෙන වෙනම කොටස් වශයෙන් පෙට්ටිවල අසුරලා, කිහිප වතාවකට ලංකාවට ගෙනාවා, අමතර කොටස් විදිහට. ඊට පස්සේ ඒ කොටස් නැවත එකලස් කරලා ට්‍රාන්ස්මීටරය හදනවා. (කාර් දෙකට කපලා ගෙනල්ල මෙහෙදී බට් කරනවා වගේ)

    මෙයින් රේගු බද්ද විගාල වශයෙන් වංචා කරනවා. මේ මොහොතේදීත් එවැනි ට්‍රාන්ස්මීටර ක්‍රියාත්මක වෙනවා. බලධාරීන් මේ ගැන කරන්නේ කුමක්ද? සියලුම නලිකා වල ඇති ට්‍රාන්ස්මීටර වල සිරියල් නොම්බර මත මේ ට්‍රාන්ස්මීටර ආනයනය කර ඇති පිළිවෙල සොයා බැලීමෙන් මේ ආකාර රේගු බදු වංචා එලිකරගත හැකි අතර, ඒ වැනි අයතා ක්‍රම මගින් එකලස් කල ට්‍රාන්ස්මීටර සඳහා විකාශන බලය පැවරු නිලධාරීන් ගැනද සොයා බලා කටයුතු කල යුතු වෙනවා.

    මහා පරිමාන ව්‍යාපාරිකයන් කරන මෙවන් මගෝඩි වැඩ වලින් රටට අහිමි වන බදු මුදල් වෙනුවෙන් ද අවසානයේ සියලු බර දැරීමට සිදුවනුයේ අහිංසක ජනතාවටය.

    ReplyDelete
    Replies
    1. ඔබ මතු කරන කාරණාව වැදගත්..සියලු නීති රීති වලංගු වෙන්නේ පුංචි මනුස්සයට විතරයි..ලොකු ලොකු ඈයො නීතියෙන් රිංගනවා..තවත් දෙයක් මෙතන තියෙනවා ඇනෝ ..ඒ තමයි දරන්න බැරි බදු ප්‍රතිශත අය කිරීම මෙවැනි දේ සඳහා.. ට්‍රාන්ස්මිෂන් ඇප්රූවල් එක ගන්න මිලියන ගාණක් රජයට ගෙව්වට පස්සේත් ඇයි ට්‍රාන්ස්මිෂන් උපකරණ වෙනුවෙන් බව පවසමින් වක්‍රාකාරව මුදල් අය කරන්නේ ..? ඇප්රූවල් තියෙන කෙනෙක්ට අවශ්‍ය කරන බඩු මුට්ටු ගේන්න දෙන්න ඕනේ නේද විශේෂිත බද්දකින් තොරව ...?

      UHF ට්‍රාන්ස්මීටර් එකක් වෙනුවෙන් බදු ලෙසට පමණක් ලක්ෂ 30 විතර ගෙවන්න වෙන එක සාදරණද ...? අපිට ට්‍රාන්ස්මිෂන් ඇප්රූවල් තියේ නම් අපිව බද්දෙන් නිදහස් කරන්න ඕනේ කියන දේයි මම කියන්නේ..මොකද අපි මාසිකව විශාල මුදල් ප්‍රමාණයක් රජයට ගෙවනවනේ..

      මම නම් දකින්නේ නාලිකා හිමි කරුවෝ පුළු පුළුවන් විදිහට මේවා කරගෙන යනවා මිසක් රජයේ මැදිහත් වීමෙන් කිසිම සහනයක් දෙන්නේ නැහැ...දුන්නොත් දෙන්නේ ඔය වගේ බදු බරක් විතරයි...

      සංනිවේදනය දියුණු කරනවා යැයි මහින්ද චින්තනය තුල පැහැදිළිව තිබුණත්, සන්නිවේදන කටයුතු සඳහා හොඳටම බාදක ඇති කරලා තියෙනවා වත්මන් රජය...අනිත් දේ තමයි TRC එක හැසිරෙන්නේ රේඩියෝ ස්කේල් එක තමන්ගේ වගේ..ජාත්‍යන්තරව පිළිගත් නිදහස් සංඛ්‍යාත වත් භාවිතා කරන්න දෙන්නේ නැහැ..

      අපිට ඒ වෙලාවට වෙනවා TRC එකට රේඩියෝ රේගිව්ලේෂන් උගන්නන්න...

      =======================================

      කෙසේ හෝ ඔබ මතු කල කාරණාව බොහොම වැදගත් ඇනෝ..සියලු දෙනාට සාදාරණ බදු ක්‍රමයක් , නීතියක් තියෙනවා නම් ඔබ සඳහන් කළා වැනි නොපණත්කම් සිදු වෙන එකක් නැහැ ...

      නැවත අදහසක් කියන්න විවෘතයි ඔබට...

      Delete
  15. අද ජීවත් වන 70-80 දශක වල උපන් (80 දශකයේත් මැද භාගය පමන වනතුරු)සුන්දර මතක රාශියක් තුල ජීවත් වන්නන්. රුපවාහිනිය ලංකාවට ආ මුල් කාලයේ වැඩසටහන් වලට අලගු තබන්නටවත් අද වැඩසටහනක් නොමැති හැටි.
    සංගීතමය - නන්දන වින්දන, මනෝහාරී,හද රැඳී ගී.........
    සඟරාමය - යාත්‍රා,කදමල්ල, 9.05 ,.........
    විනෝදාස්වාද - රොබින්හුඩ්,මංකී.....
    නාට්‍ය - ගමන,රන්මසු උයන.....
    කාටුන් - ගලිවර්, දොස්තර හොඳහිත,පිස්සුපූසා....
    නම් ලියා ඉවර කරන්නට හැකියාවක් නෑ,එදා බුද්ධිමය රසාස්වාදයක් ලබා දෙන්නට ඒ කාලයේ මාධ්‍ය හසුරුවන්නන් බොහෝ දායක වුනා,අදත් ඔවුන්ගේ අනුගාමිකයන් හිටියත් කියන දේ කරනවා ඇරෙන්නට ඔවුන්ට හඬක් නෑ, අද ඔවුන් කරන්නේ නිර්මාණ නොවෙයි රස්සාව පමණයි.

    ReplyDelete
    Replies
    1. \\\\අද ඔවුන් කරන්නේ නිර්මාණ නොවෙයි රස්සාව පමණයි.///

      මාත් මුළු පෝස්ට් එක පුරාවට කතා කරේ ඔය ගැන ඉවෝන්..ඒ මිනිස්සුන්ව සූක්ෂමව නිශ්ශබ්ධ කරවලා දේශපාලන හා වෙනත් බලවේග මගින්..ඔහේ රස්සාව කරගෙන ඉන්නවා මිසක් නිර්මාණයක් ගැන හිතන්නේ නැහැ..නිර්මාණය විකාශනය කරගන්න විදිහක් නැති බව දැන දැන නිර්මාණයකට අත ගැසීමෙන් පලක් නැහැනේ..

      ස්තූතියි ඉවෝන් ඔබේ අදහසට..නැවත එන්න...

      Delete
  16. Replies
    1. එහෙම නැතුව බැහැනේ දිලුමෝ..උඹ කාලෙකින් නේද ...?

      Delete
  17. ඔබේ දැනුම අනුව මට හිතෙන්නේ ඔබ සමාජයට විශාල බලපෑමක් කල හැකි අයෙක්.ඔබේ ලිපිය මම කිහිපවරක්ම කියෙව්වා.ඇත්තෙනම් මේ විදියෙ බ්ලොග් තිබෙනවානම් පත්තර ටී වී ඕන වෙන එකක් නැතිවෙයි කියලත් මට නිකමට හිතුනා.ඔබ බ්ලොග් කලාව උපරිමයෙන් භාවිතා කරන්නෙක්.ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ඔබ සතුටෙන් රස වින්දා නම් එය මට සතුටක් ලිය වරුණ..මොකද මේ දේවල් තව කෙනෙක් කියනවා දැකීමනේ අපේ සතුට සහ අපේක්ෂාව...සාමාන්යෙන් මගේ එක ලිපියක් 350-600 වගේ පිරිසක් නරබනවා .. ඒ නිසා ඔබ මෙහි කමෙන්ට් එකක් දමයි නම් ඔබේ කමෙන්ටුවද වෙනත් අය දකින බව මතක තබා ගන්න..බ්ලොග් කියන්නේ හොඳ වේදිකාවක් අදහස් කියන්න...

      නිතර පැමිණෙන්න කියලා ආරාධනා කරනවා ඔබට ...මා සමග පමණක් නොව මෙහි එන අන් අය සමගද සාකච්චා වලට මුල පුරන්න පුළුවන් ඔබට...

      Delete
    2. නරබනවා????

      Delete
  18. මාධ්‍ය ගැන මගේනං තියෙන්නේ සෘණාත්මක දැක්මක් තමයි.මිනිස්සුංව ගොබ්බ කිරීමේ ව්‍යාපාරයේදී දේශපාලකයින්ගේ එකම ආයුධය තමයි මාධ්‍යය.මිනිස්සුංගේ චින්තන ශක්තිය බිඳ වට්ටලා මොට්ට රැළක් බවට පත් කළේ මාධ්‍යය.මිනිස්සුංව සමාජයත් එක්කම වඩා විශිෂ්ඨ තැනකට ගෙනියන්ඩ හැකියාවක් තියෙද්දි ඒ දේ නොකර මිනිස්සුංව මෝඩ කරලා උංගේ මඩි තර කර ගත්තු සෙට් එකක් විදිහටයි මම මාධ්‍යය දකින්නේ.මම වැරදි වෙන්ඩ පුළුවං ඇ.....

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ඔබ 100% හරි..මම මේ පෝස්ටුව දැම්මෙත් ඔබ කියනා කරුණු ගැන හෙළි කරන්නමයි...දිනුක එක්ක එකඟයි මම...

      Delete
    2. කොහොමද මම කිව්ව දේ.... මේ තමයි... ඇත්ත....

      Delete
  19. රේටින්ග්ස් වලින් එක ගන්න දගලනකන් මේ මාධ්‍යය සදාචාරය ඇති වෙන්නේ නෑ ශාන් ..මොකක් හරි වැඩසටහනකින් හරි ,චිත්‍රපටියකින් හරි කොහෙන් හරි ආකර්ෂණයක් දිනාගත්ත කෙනෙක් ඉන්නවනම් එයාව තමයි ඊළගට නිවේදනයටත් තෝරා ගන්නේ ..මොකද අර වැඩසටහනට ආකර්ෂණය කරගන්න .එහෙම නැතුව ලොකු දැනුමකින් පරිපුර්ණ කට ඇති පුතෙක් හෝ දුවෙක් නෙවෙයි .ඒ නිසා අර ඔබ කිවුවා වගේ බෝනික්කෝ ටිකක් තොල් සොලවනවා විතරයි ...මේ තාක්ෂණික දේවල් නම් මම දැනගෙන හිටියේ නෑ ..හරවත් ලිපියක් ,,,,ස්තුතියි ඔබට මෙවැනි ලිපියක් බලන්න සැලැස්සුවාට !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෙතන ගැටලුව රෙහානි..හරවත් දෙයට වඩා ආටෝපෙට තමයි මුල් තැන ලැබෙන්නේ අද..පුද්ගලික නාළිකා නම් කමක් නැහැ කියන්න ..ඒත් මෙතන ගැටලුව තියෙන්නේ ජාතික නාලිකාවත් මේ ක්‍රමයම අනුගමනය කිරීමනේ...අලුත් අලුත් සංකර දේවල් ආවට කමක් නැහැ ..නමුත් යම් සීමාවක් ඇතුව..

      පරණ නිවේදකයන් සේවයට ගන්නත්,පැරණි වැඩසටහන් නැවත ප්‍රචාරය කරන්නත් තියේ නම් ලොකු සතුටක් මට...ස්තූතියි රෙහානි මේ ගැන මහන්සි වෙලා අදහස් කීම ගැන ...නැවත එන්න ...

      Delete
  20. මචන් උබේ ලිපිය මම නොදන්නා කරුණු හෙන ගොඩක් කියල දුන්නනේ බන්.මේ ගැන ටිකක් විස්තර ඇතුව පස්සේ වෙලාවක හිමිට තව ලිපි ටිකක් දාන්න.අසයි කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගමන් මගේ මගියෝ මේ දේවල් ආසාවෙන් කියැවීම ගැන.මගේ කැමැත්තක් තිබ්බේ නැහැ මේ දේවල් ගැන ලිපි ලියන්න..පුද්ගලිකව මම මේ දේවල් හිතින් අමතක කරමින් ඉන්නේ..ඒත් ඇති වන තත්ව එක්ක ලියන්න හිතුණා..මගේ සහෘද බ්ලොග් මිතුරන්ද මට උපදෙස් ලබා දුන්නේ මෙවන් දෑ ගැන ලියන්නයි..මුල් කාලේ නම් මම ඔහේ පුංචි රස කතා දමමින් හිට්යේ...

      හොඳයි මම ඉදිරියේදී මේ සම්බන්දව තව ටිකක් ලියන්නම්..ඔබේ පැමිණීමත් අදහස් දැක්වීමටත් බොහොම ස්තූතියි...නැවත එන්න ඇති විට..

      Delete
  21. බොහොම වැදගත් ලිපියක්. ජාතික රූපවාහිනියේදී අපේ හමුදාවේ තෝරාගත් පිරිසකට මේ සම්බන්ධව විශේෂ අධ්‍යයනයක් කරන්න ලැබුනා. මම කොළඹ MCR එක සහ Tx Station එකත්, පිදුරුතලාගල Tx Stn එක මුළුමනින්මත් අධ්‍යයනය කරලා තියනවා. හැබැයි ඔබ කියා තිබෙන අර තිත්ත ඇත්ත අද තමයි ඇහුවේ. මේ ලිපිය සති අන්ත පුවත්පතක පලකරනවානම් බොහොම වටිනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එසේ නම් ඔබටත් රජයේ යුධ හමුධා ඉහළ නිළධාරියෙක් ලෙස මෙම ක්‍රියාවලීය සම්බන්ධ තොරතුරු ගැන වැටහීමක් ඇති...ඇතැම් විට අප මුණ ගැසීත් ඇති..කෙසේ හෝ මට උවමනා වී තිබුණේ මෙහි අභ්‍යන්තරයේ පවතින කතා මාලාව එළි කිරීමයි...මට දැනට ඉඩක් ඇත්තේ මේ බ්ලොගය තුල පමණයි..ඉදිරියට මෙයටද කණ කොකා හැඬිමට ඉඩ ඇත.

      ඔබගේ ඇගයීමට ඉතාම ස්තූතියි මහත්මයා ...ඒත් මේ දේවල් පත්තර වල නම් පල කරන එකක් නැහැ..නිකම්ම පොඩි කරලා විසි කරාවි යැව්වත්...කොහොම උනත් ඔබේ අදහසට බොහොම ස්තූතියි...ඉඩක් ඇති විට නැවත එන්න මහත්මයා ..

      Delete
  22. සහන්ගෙ ලිපිය කියවද්දි මතක් උනේ පොඩි කාලෙ අපි ආසාවෙන් බලපු වැඩසටහන් ටික. ටෙලිනාට්‍ය, කාටූන්, සංගීත වැඩසටහන්, ඒ හැම දෙයක්ම බැලුවෙ ලොකු කැමැත්තකින්. දැන් නම් ටීවී බලන්නෙම නැති තරම්. බැලුවත් බලන්නෙ ඒ කාලෙ ගිය ඔය වගේ වැඩසටහනක නැවත විකාශයක් විතරයි.

    අනිත් අතට මේ සඳහන් කරල තියෙන තියෙන විදිහට රූපවාහිනී ආයතනයකට දරන්න වෙන වියදම ගැන හිතද්දි ගුණාත්මක භාවය අඩු වෙන ඒකත් පුදුමයක් නෙවෙයි. කිසිම ආයතනයක් පාඩු පිට දුවන්න කැමති නෑනෙ. ඉතින් ගුණාත්මක බව අමතක කරල මාකට් කරන්න පුලුවන් දේවල් වලට මූලිකත්වයදීමක් සිද්ධ වෙනව.
    කොහොම උනත් ප්‍රේක්ෂකයින් හැටියට අපිට නම් ඒ කාලෙ බලපු වැඩසටහන් වගේ වැඩසටහන් දැන් නැති අඩුවනම් සෑහෙන්න දැනෙනව.

    ReplyDelete
    Replies
    1. මේ ගැටලුවට ප්‍රධාන හේතුව මුදල් චම්ස්.මුදල් පස්සේ පැන්නීම තමයි වරද..හිතන්න මොකක් හෝ සංකර වැඩසටහනක් විකාශයට බාර ගත්තා කියා..එක් වරම අධික වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් ලැබෙන්න ගන්නවා..අදායම් තත්වය මිලියන කීපයකින් ඉහළ ගියහොත් , ඉන්පසු දිගටම ප්‍රචාරය කරන්නට බාර ගන්නේ එවන් වැඩසටහන් ...

      චම්ස් මේ විශයන් ගැන උනන්දු බව දන්නවා..මට කියන්න ඔබ දක්ෂකමක් , කැමැත්තක් දක්වන්නේ කුමන කාර්යන් සඳහාද ...?

      ඔබ දෙවන වරට කමෙන්ටුවකට පිළිතුරු දීමට මැලි බව දන්නවා..එහෙත් අවසාන ප්‍රශ්නයට පිළිතුරක් අපේක්ෂා කරමි...

      Delete
  23. සහන් රූපවාහිනී ක්ෂේත්‍රයේ කුමන කාර්යයකට සම්බන්ධවද සේවය කරන්නෙ...සෑහෙන කාලයක සිට බ්ලොග් අවකාශය තුල ආශ්‍රය කලත් ඔබේ පුද්ගලික ජීවිතය පිළිබද අවබෝධයක් නෑ...

    මේ ලිපිය තුලින් ඔබ අප නොදන්නා කරුණු ගනනාවක්ම දැනුම් මට්ටම ඉහළ නංවා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කර තිබෙනවා. ස්වර්ණවාහිනිය දැන් ඉතාමත් අයහපත් මූල්‍ය තත්වයක තියෙන බව ප්‍රසිද්ධ රහසක්...ඒ නාලිකාවෙ නම ගිණි තබා ගැනීම එක්කත් කියවුනා...මෙවැනි විටෙක නාලිකාවකට සමාජය අනුමත කරන ක්‍රමවේදයක් ඔස්සේ ගොඩ එන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මම දැන් නම් මේ සියලුම දේවල් වලින් ඉවත් වෙලා වසර කීපයක් වෙනවා සිරා..මේ ගැන කතා කරන්න කිසිම දාක අපේක්ෂා කලෙත් නැහැ...ඒත් ඉවසන් ඉන්න බැරිම තැන් වලදී මම මේ වර්ගයේ ලිපි ඉදිරිපත් කරා...

      ඒ ඇරෙන්න මම කැමති උනේ මේ බ්ලොගය තුල සරළ විනෝදාත්මක දේවල් පල කරන්නයි...කෙසේ හෝ වෙන තැනක් නැති නිසා මේ වර්ගයේ ලිපි කීපයක් මම ඉදිරියටත් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා..නොවැරදීම සිරා එන්න ඒ ලිපි වලට...

      \\\\\ *********** දැන් ඉතාමත් අයහපත් මූල්‍ය තත්වයක තියෙන බව ප්‍රසිද්ධ රහසක්...ඒ නාලිකාවෙ නම ගිණි තබා ගැනීම එක්කත් කියවුනා...මෙවැනි විටෙක නාලිකාවකට සමාජය අනුමත කරන ක්‍රමවේදයක් ඔස්සේ ගොඩ එන්න පුලුවන්ද ?\\\\


      පුළුවන් සිරා පුළුවන්..යහපත් ප්‍රධාන විධායක ධූරයක් යටතේ වෙනසක් කිරීමට ඔවුන් කැමති නම් විශාල ලාබයක්ද ලබමින් ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන්න පුළුවන්...එහෙත් එවැන්නක් ඔවුන්ගෙන් කිසිදා බලාපොරොත්තු වෙන්න බැහැ සිරා... ( අපිට උගන්නන්න තමුන් කව්ද වගේ මතයක ඉන්නේ ඔවුන් )


      Delete
  24. ඔන්න මමත් ආවා ඔයාව බලල යන්න. ඇත්තෙන්ම සහන් ඔයාට හුඟක් ක්‍ෂේත්‍රයන් ගැන අවබෝධයක් තියෙනව කියල මට හිතෙනව. පහුගිය කාලෙ ඔයාගෙ කමෙන්ට් හැම බ්ලොග් එකකම වගේ දැක්කත් සහන්ව අවබෝධකරගන්න බැරිව මම නිහඬව බලන් හිටියෙ, ඒත් දැන් මට හිතෙනව සහන් හොඳ මනුෂ්‍යයෙක් කියල. මම ඔයාගෙ මුලින්ම බලපු ලිපිය අකුණු ගැන ලියපු එක. මම නොදන්න හුඟක් දේවල් ගැන අවබෝධයක් ලැබුනා. මුලින්ම ඒ ගැන ස්තූතියි ඔයා දන්න දේවල් අපි එක්ක බෙදා හදාගන්නවට. ඔයාගෙ ඔක්කොම ලිපි ටික කියවන්න ඕන කියල හිතාගත්තා, ඉඩ ලැබෙන හැටියට.

    ටීවී චැනල් ගැන නම් කතාකරල වැඩක් නැහැ. මමත් දැන් අවුරුදු 2-3 ක ඉඳන් ටීවී බැලිල්ල නවත්තල තියෙන්නෙ. ඔය ගෙදර සාලෙන් යන එන ගමනට දකින ටික විතරයි. හොඳයි කියල හිතෙන වැඩසටහනක් ගැන දැනගත්තත් බලන්නෙ වීඩියෝ එක නෙට් එකෙන් හොයා ගෙන. ඒක කොයි තරම් සැහැල්ලුද කියල මට දැන් වැටහෙනව. මිනිස්සු ටීවී බලන්නෙ යම් වින්දනයක් ලබන්න, විවේකය ගතකරන්න. දැන් ටීවී බලන මිනිස්සුන්ගෙ ලේ කුපිත වෙනව විතරයි, මොකටද තියෙන ලේ ටිකත් නරක් කරගන්නෙ. ඒත් අපි පොඩි කාලෙ රූපවාහිනිය සමඟ බැඳුනු සුන්දර මතකයන් කොච්චර තියෙනවද, සතියෙ දවස්වල අද වගේ පැය 24 විකාශයක් තිබුනෙ නෑ, මට මතක තිබෙන කාලෙ හැටියට හවස 4.30 ට විකාශය පටන්ගත්තෙ. රෑ 8 ට ප්‍රවෘත්ති යන කොට ගෙදර අය පොඩි අපිව නිශ්ශබ්ද කරල ප්‍රවෘත්ති බලපු හැටි, එතරම් ගම්භීරත්වයක් තිබුන එහි. ඒත් අද සමහර නාලිකාවල ප්‍රවෘත්ති විකට ෂෝ එකක්. ඕනවට වඩා රාජපාක්‍ෂික වෙන්න ගිහින් ජාතික රූපවාහිනියෙත් ප්‍රවෘත්ති බල්ලෙක් බලන්නැති තැනට පත්වෙල. ඒ දවස්වල රෑට ගෙදර කවුරුත් එකතු වෙල ටීවී එක වටේ ඉඳන් ටීවී බලපු හැටි මට තාමත් මතකයි, අද කිසිම තැනක දෙමාපියන් ළමයි එකට ඉඳන් එහෙම ටීවි බලන්නැතිව ඇති මගේ හිතේ. සමහර වැඩසටහන් එහෙම බලන්න සුදුසුත් නෑ, එකිනෙකා අපහසුතාවයට පත්වෙනව. මහ විකාර කාලයක්, අපි මේ පහුකරන්නෙ.

    ReplyDelete
    Replies
    1. තොපි සාටකේ එක්ක සරම ඇන්දම...දකුණෙ අපේ එකා කියලා ඡන්දෙ දිපු මරා හින්දනෙ බොල අපිට දැන් ටීවී බලන්න බැරි වෙලා තියෙන්නෙ...බලන් ඉන්න අප්පිරියයි...මරාට කට්ටිය පෝලිමේ දෙන්න යන්න නින්දිත දර්ශන...ඊළග සැරෙත් මරාටම ඡන්දෙ දීලා බලයට ගෙනෙන් දකුණෙ මෝඩ මී හරක්...

      Delete
    2. හැබෑට .... මම අදනේ අනේ දන්නෙ මරා දින්නෙ දකුණෙ ඡන්දවලින් විතරයි කියල. මෑන් ඉල්ලුවෙ ප්‍රාදේශීය සභාවකට, පළාත් සබාවකට නෙවි බං, ජනාධිපතිවරණයකට. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදි මුළු රටේම ඉන්න හරක්ට පෝලිමේ ගිහින් කතිරෙ ගහන්න පුළුවන් ඕන හරකෙක්ට. දැන් එතකොට ඔය හති ඇර ඇර සැරෙන් සැරේ රට පුරා තියන පලාබබා ඡන්ද එහෙම උන්නැහෙගෙ පක්ෂෙ දින්නෙ මම හිතන්නෙ දකුණෙ හරක් පෝලිමේ ගිහින් ඒවැයි ඡන්දෙ දමපු නිසා වෙන්නෝනි. සමහර විට මරාව එපා.....ම වෙල හිටියත් ආණ්ඩුවෙ දූරදර්ෂී ගමන් මග ගැන පැහැදිල ඒ පළාත්වල හරක් ඡන්දෙ දුන්න වෙන්නත් පුළුවන්.

      අනෙක ඇනෝ සත්තලනෙ කවුද ඔයාට කිව්වෙ මේක විනාශ කරේ මරාය කියල. උන්නැහෙගෙ පස්සට පයින් ගහල වැඩකට නැති ඇමතිකමක් දීල පැත්තකට කරල තිබ්බ කාලෙත් වැඩේ නරක අතට හැරිලනේ තිබුනෙ. ඇනෝ බබා දන්නෙ නැත්නම් දැන් ඔය විපක්ෂෙ යූඇන්පියෙ විරාජමානව ඉන්න දකුණෙ මාතර මංගල උන්නැහෙ ඉස්සර මාධ්‍ය ඇමති විදියට ආණ්ඩුවෙ මාධ්‍ය මඩ ෆැක්ටරි කරල තිබුනෙ. එයාට ඡන්දෙ දුන්නෙත් දකුණෙ හරක්ම තමා බං. දැන් පක්ෂෙ මාරු කරලත් ඒ වගේ වැඩකරපු මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නෙත් අනෙක් පැත්තෙ හරක්. ඔළු ගෙඩිය ඇතුලෙ ජිල් බෝලයක් විතර මොළ ගෙඩියක් තියෙනව නම් දැන් උඹට තේරෙන්න ඕන මෙතන ප්‍රශ්නෙ වෙන එකක්ය කියල.

      උඹ මගේ කමෙන්ට් එක යටින් ඔය කතාව කියපු නිසා මේක කියන්නෙ, මට ඡන්ද බලය ලැබුනට පස්සෙ ඡන්ද කීපයක්ම තිබුනත් මම ඔය එකෙක්ටවත් ඡන්දෙ දුන්නෙ නෑ, ඉස්සරහටත් දෙන්න බලාපොරොත්තුවක් නෑ, මොකද ඡන්දයක් දෙන්න තරම් වටින එකෙක් දැන් ඡන්දෙ ඉල්ලන්නෙ නැති නිසා.

      Delete
    3. @ DDT

      මුළින්ම ස්තූතියි මගේ ආරාධනාව පිලි අරන් මෙහි ආවට DDT...මෙහෙමයි DDT මම සමහර දේවල් වලදී ටිකක් විතර වෙනස් අදහස් දරනවා..සහ ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා..කීප දෙනෙක් මාව වරදවා වටහා ගත්තා පහු ගිය කාලේ..ඒකයි උනේ..මම වෙලාවකට සරළ කමෙන්ට් සහ සීරියස් කමෙන්ට් කරනවා..ඒ නිසාත් සමහර අයට මාව අඳුන ගන්න බැහැ...

      ඇත්තටම මම කැමතියි සරළව ජීවත් වෙන්න.සරළ දෙයක් කතා බහ කරලා ඉන්න..නමුත් අපිට සෑම විටම එහෙම ඉන්න බැහැ නේද..? දැන් මගේ මේ පෝස්ට් එක බලන්න..එතැනදී මම කතා කරපු දේවල් සියල්ල ඇත්ත සහ බරපතළ මාතෘකා..මේවා කතා නොකරත් බැහැ ...ඒ වෙලාවට මාව අඳුන ගන්න බැරුව යනවා ගොඩක් අයට...

      කෙසේ හෝ කමක් නැහැ දැන් මම ගැන පුංචි හරි වැටහීමක් තියෙනවනේ ...ඒක වැදගත්...


      ඉස්සර SLRC ට්‍රාන්ස්මීටර් on කරන්නේ 1.30 ට වගේ..2 විතර වෙනකම් කලර් පාස් ගහලා 2.30 වෙද්දී පටන් ගන්නවා..අඩු විකාශන කාලයක් තිබ්බත් හැම දේම හොඳින් කෙරුනා ඒ කාලේ..අද වෙද්දී පැය 16 විතර් ගහලත් බලන්න හරි හමන් දෙයක් නැහැ..අපි දොස් දොස් කිය කියාම ඉඳලා හරි යන්නේ නැහැ..එක්කෝ පටන් ගන්න ඕනේ පුළුවන් අය එකතු වෙලා..එහෙම පටන් ගනිද්දී මොන මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ කියන දේයි මම මේ පෝස්ට් එකෙන් කතා කරේ...

      මම හිතුවට වඩා ගොඩක් දෙනෙක් අදහස් කියලා තිබුණා සහ ඒ හැම අදහසක්ම මටත් වැදගත්..මෙහෙම කතා බහ කරන්න මට වෙන අවස්ථාවක් එන්නේ නැහැ..ඒ නිසා මෙතන වැටෙන හැම කමෙන්ට් එකක් ගානේ මම බොහොම සැලකිල්ලෙන් කියවනවා සහ උත්තර දෙනවා...

      කොච්චර වැඩ රාජකාරී එක්ක උනත් පෝස්ට් එක බලලා වැදගත් අදහසක් කියලා යෑම ගැන ස්තූතියි DDT...ඉඩක් ඇති වෙලාවට දිගටම එන්න...

      Delete
  25. කෙටියෙන්ම කිව්වොත් ලංකාවේ දේශපාලනය හැම තැනකම උඩුදුවලා පිළිකාවක් වගේ.එච්චරයි.

    ReplyDelete
    Replies
    1. පුළු පුළුවන් විදිහට දෙයක් කරන්න ඕනේ අපි මංජු..ඒකයි මේ හැම දේම කරන්නේ..නිකම්ම ඉන්නවට වඩා ඒක වටිනවනේ...

      Delete
  26. දැන් බලන්න සහන් මෙතන ඉන්න කවුරුවත් ඔයා එක්ක වාදයකට නොආවේ මෙතන ඔයා මතු කරන කාරණා වල බැරෑරුම් කම සහ සත්‍ය සියලු දෙනා දකිමින් එකඟ වෙමින් සිටින නිසා. ඇත්තටම හොඳට සල්ලි විසි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔය කියන පැරණි ආකෘතියේ දේ වලට මාකට් එකක් තියෙන බව පේනවා. අපි දේශපාලනිකව විවිධ අදහස් දරන්නන් වුණත් රුපවාහිනියේ නිතර නරඹන්න අපේ රුචිකත්වය දේශපාලනයට ගිල ගන්න දෙන්න අපි සුදානම් නෑ. ඒ කියන්නේ ප්‍රවෘත්ති වගේ දේවල් වල ප්‍රවෘත්ති දකින්න කොයි කෙනත් කැමතියි. දැන් සියලු දේ රැල්ලක් සහ වට්ටෝරු ගත වෙලා. එක් අයෙක් මුල පුරනවා අනෙක් අය පෙරහරේ යනවා. සමහරවිට මුලින් කරන කෙනකාට පාඩුවක් අත් වුනත්, පස්සේ බහින අය ඵල නෙලනවා. මේ වගේ බංකොලොත් tv කලාවක් තමයි අපේ රටේ තියෙන්නේ. මම දැන් පිටරට චැනල් බලන්න අරන් අවරුදු 2කට වඩා වැඩියි. වෙන මොනවා කරන්නද ? හබැයි ඩයලොග් එක කරපු දේ කරන්න පුළුවන් හොඳට සල්ලි තියෙන කෙනෙක් වැඩේට බැස්සොත්. නැත්නම් විද්වතුන් පිරිසක් ඉහල තැන් වලට අරගෙන කොටස් නිකුතුවකින් මේ වැඩේ කර ගන්නත් පුළුවන්. ඔයාට ඕනෙම නම් කරන්න ඕනේ දේ මම මේල් කරන්නම්. මෙතන ඒක දැම්මොත් කෙනෙක් ඒකෙන් චාන්ස් එක ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉතිං මහජන බැංකුවේ ඉදන් ආණ්ඩුවට කඩේ යන කෙනානෙ අපි දකුණෙ කිය කියා...තොපේ බැංකුව බිමට සමතලා වෙනකං තොපි දන්නෙත් නෑ මරා සල්ලි හොරකම් කරන විදියට...ඔය මූසල පවුල නැත්නම් ලංකාව සුර පුරක්...

      Delete
    2. මේ සත්‍ය සමග උරණ වෙලා වැඩක් නැහැ සුදීක..මම එළි කරේ මේ සත්‍ය..මේවා මම මෙහෙම නිර්නාමිකව ඇවිත් කිව්වොත් මිස මම කියන්නෙත් නැහැ සාමන්‍ය ජීවිතය තුළදී..මොකද මේවා අභ්‍යන්තරේ ගොඩක් ලොකු මාෆියා තියෙනවා..එක රැයෙන් ඒ මාෆියා සියල්ල පරදන්න බැහැ..කාලයක් යනවා..ඒ වගේම තද හිතක් තියෙන මනුස්සයෙක් ඕනේ මේ ගමන යන්නත්..ඒකයි මම හැම වෙලේම කතා කරන්නේ අවුරුදු 3 හෝ 5 ක ඉලක්කයක් ගැන.

      සුදීක කියන සැටලයිට් චැනල් දෙන වැඩේ නම් සාර්ථක නැහැ ලංකාව වගේ පොඩි ප්‍රේක්ෂක පිරිසක් ඉන්න රටකට..ඉස්සර CBN එක පටන් ගත්ත ක්‍රමේට ගිය නම් අද මීට වඩා තැනකට එන්න තිබුණා..නමුත් ඩයලොග් එකෙන් ගත්තට පස්සේ පාලනය වෙනස් උනා..එතැනින්ම ඉවරයි..දැනට උනත් අරන් යන්නේ GSM එකේ හයියෙන් මිසක් ස්වාධීන ආදායමකින් නෙවේ...

      \\නැත්නම් විද්වතුන් පිරිසක් ඉහල තැන් වලට අරගෙන කොටස් නිකුතුවකින් මේ වැඩේ කර ගන්නත් පුළුවන්. ඔයාට ඕනෙම නම් කරන්න ඕනේ දේ මම මේල් කරන්නම්. මෙතන ඒක දැම්මොත් කෙනෙක් ඒකෙන් චාන්ස් එක ගන්න පුළුවන්.\\\

      සුදීකට ඉවරයක් තියෙන වෙලාවක මට කතා කරන්න..මම ඉන්නවා ස්කයිප් වල..silentsahan තමයි ID එක..ඇත්තෙන්ම මුල් පුටු වලට පත් වෙන්න ඕනේ සුදුස්සෝ නැති කම නිසයි චැනල් එකක් අසාර්ථක වෙන්නේ...

      එතනදි CEO විදිහට ලොකු වගකීමක් තියෙනවා නොගැළපෙන අය හතර මායිමේ වැද්ද නොගන්නත් , නියම ගරු කටයුතු පුද්ගලයන් ඒ සඳහා පත් කරන්නත්...

      කොටස් නිකුතුවක් සඳහා මගේ නම් කැමැත්තක් නැහැ සුදීක..තනි පාලනයක් තියෙන්නේ ඕනේ..ඩිරෙක්ටර් බෝර්ඩ් එක ශෙයාර් හෝල්ඩර්ලගෙන් පිරුනොත් නම් වැඩක් කරන්න බැහැ..ඩිරෙක්ටර්ලා අනවශ්‍යයි..මගේ නම් කිසිම කැමැත්තක් නැහැ...

      හිමි කරු ..
      ප්‍රධාන විධායක ... ඇරෙන්න කිසිම කෙනෙක් අනවශ්‍යයි පාලනයට...මේක මගේ ක්‍රමය සුදීක..මොකද මම දන්නවා අද්දැකීමෙන් අනවශ්‍ය මිනිස්සු පටල ගත්තහම වෙන දේවල් ව්‍යාපාරයක් කරද්දී...

      කොහොම නමුත් අපි මේ ගැන කතා බහ කරමු හෙමින් සීරුවේ..බොහොම ස්තූත්යි සුදීක කාලේ කැප කරලා අදහස් කීවට...නැවත එන්න...

      Delete
  27. මම නම් කියන්නේ තමන්ට දිරවන වැඩසටහනක් බලලා tv එක off කරානම් කිසි ප්‍රශ්නයක් නෑ කියල... මොනාවුනත් සහෝදරයා අර MCR eka ඇතුලෙ වෙන සිද්දි ටික දාපු එකනම් පට්ට... මාත් හිතන් හිටියේ Laptop එකකින් TV Chanel එකක් කරන්න පුලුවන් කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජය මේ ගැන බලන්න ආවට...පුළුවන් වෙලාවට මගේ අනිත් තාක්ෂණික පෝස්ට් ටිකත් බලන්න ..ඒවගෙත් ඔයා ආස කරන විදිහේ දේවල් ඇති ..ඉන්නකෝ මම වෙලාවක වීඩියෝ එකක් දාන්න MCR සහ ට්‍රාන්ස්මීටර් එක්ක...එතකොට මීට වඩා අවබෝධයක් ගන්න හැකි වේවි ඔයාට...

      දිගටම එන්න සංජය එහෙනම් මීට පස්සේ...

      Delete
  28. මේ පාරත් බොහොම පරක්කු උනා ලිපිය කියවන්න. මේ වගේ එකක් උඩින් පල්ලෙන් කියවලා තේරුමකුත් නැති නිසා හරියට කියවලම කමෙන්ට් එකක් දාන්න හිතුවා.

    ඇඩ් දාන එකට අපි බැන්නට දැන් බලනකොට එහෙම නොකලොත් ආයතනය බංකොලොත් වෙනවා. පුදුම තරඟයක් තමයි. එතකොට අපි පුංචි කාලේ ගියපු වැඩසටහන් වල මේ තරම් ඇඩ් නොගියේ ඒ කාලේ මේ දේවල්වලට ගිය වියදම අඩුයිද?

    ඇඩ් ගැහිල්ල කෙසේ වෙතත් වැඩසටහන් ගුණාත්මක අතින් පිරිහිලා කියන එකනම් පැහැදිලියි. ප්‍රවෘති ටික පවා කියන්නේ මොඩිෆයි කරලා, රොක් කරලා හරි කැත විදියකට.

    ReplyDelete
    Replies
    1. කිසිම පරක්කුවක් නැහැ සයුරි..මේක කියවන්න අවා එකම ඇති..සමහර අය දවසක් දෙකක් පරණ පෝස්ට් කියවන්නෙත් නැහැනේ..add වලින් තමයි සියල්ල රඳා පවතින්නේ සයුරි..කඩන්න බැරි add ටිකක් හදා ගන්නම වෙනවා චැනල් එකක් කරද්දී .නැත්නම් වෙන්නේ අනවශ්‍ය අවදානමක් ගන්න..

      එහෙමයි කියලා මුදලාලිට උවමනා හැටියට චැනල් එක කරලත් බැහැ..අද වෙද්දී ගොඩක් චැනල් වැඩ කරන්නේ මුදලාලිට ඕනේ විදිහටනේ...

      \\\එතකොට අපි පුංචි කාලේ ගියපු වැඩසටහන් වල මේ තරම් ඇඩ් නොගියේ ඒ කාලේ මේ දේවල්වලට ගිය වියදම අඩුයිද? \\\

      ඉස්සර SLRC , ITN දිව්වේ රජයේ භාණ්ධාගාරයෙන් ..පස්සේ තමයි ලාබ ලැබීම සඳහා වැඩසටහන් නිෂ්පාදනය කරන්න ගත්තේ සයුරි..ඔයාල අපි 8 වසර , O/L වගේ වෙනකනුත් සියල්ල හොඳින් උනා ..ඊට පස්සේ තමයි විනාස උනේ...

      \\\ප්‍රවෘති ටික පවා කියන්නේ මොඩිෆයි කරලා, රොක් කරලා හරි කැත විදියකට. \\\

      ඔයා දන්නවද සයුරි මාධ්‍ය රීතියට අනුව අඩුම තරමේ නිව්ස් රීඩර් කෙනෙක් වෙන කිසිම දේකට ගන්නේ නැහැ, එයාගේ නිවස , දුරකථන අංක , වෙනත් පුද්ගලික දේවල් හෙළි කරන්නේ නැහැ ..එවැනි කෙනෙක්ව බලාගන්නේ හරි පරිස්සමට ගාම්භීරත්වය ආරක්ෂා වෙන්න..

      ඒත් අද වෙද්දී නිව්ස් රීඩර්ලා මෆට් ගාණටම වැටිලා..

      ගොඩක් ස්තූතියි සයුරි මගේ බ්ලොග් එකට අනිවාර්යෙන් එන යන එක ගැන..දිගටම එන්න සයුරි...

      Delete
  29. parakku unaata kisima prashnayak naha sayuri..mage offline sinhala wada naha..mama heta reply karannam oyage comment ekata hodada sayuri..prakku unaata prashnayak naha poddak wath...

    ReplyDelete
  30. හම්මෝ.... ලිපියයි කමෙන්ට් ටිකයි කියෙව්වා... දැන් නම් හරි මහන්සියි වගේ..... :)

    හරිම හරවත් ලිපියක් සහන් අයියේ (අද සිට අයියා යැයි අමතමි.කමක් නෑනේ.)
    නොදන්නා දේවල් හුගක් ඉගෙන ගත්තා. හිතන තරම් කොයි දේත් ලේසි නෑ නේද බලන් යනකොට.

    මාත් මේ ලගදි ලයිව් වැඩසටහනක් බලන වෙලාවේදී කල්පනා කර කර හිටියා මේ වැඩේ කොහොමෙයි කරන්නේ කියලා. කැමරා 2ක තුනකින් ගන්න කෑලි පට් පට් ගාලා එවලේම මරු කර කර (අපිට නොදැනෙන්න) දෙන්නේ කොහොමද කියල.

    වැඩසටහන් ගැන කතා කලොත් නම් හරවත් වැඩසටහන් හරිම අඩුයි බලන්න තියෙන.මං නම් වැඩිය ට්.ව්. බලන්නේ නෑ. ඒත් ආස කරන වැඩ සටහන් දෙක තුනක් තියෙනවා ඒවා නම් බලනවා. ඇඩ් නම් පේන්න බෑ. සමහර වැඩසටහන් යනකොට ඒකට වඩා යන්නේ ඇඩ්. ඒත් දැන් තමා තේරුනේ ඒ මිනිස්සුත් ජාමේ බේරා ගන්න තමා ඒ වැඩේ කොරන්නේ කියල. ඒත් ඉතිං බලන අපිත් පවුනේ නේද?

    අයියා චැනල් එකකද වැඩ කරන්නේ. ඇත්තටම අයියගේ දැනුම ගැන මාර සතුටුයි.මට හිතා ගන්න බෑ. ඔයා හැම විෂයක් ගැනම වගේ අපුරුවට කතා කරනවනේ. දිගටම ලියන්න මේ වගේ අපි නොදන්නා කරුණු ගැන. හරිම වැදගත් ඉස්සරහට මේවා කියවන අයටත්....

    ReplyDelete
    Replies
    1. ඈ...බොල........ කෝ.... මට රිප්ලයි??? :-/

      Delete
    2. ( ඔයාට රිප්ලයි කරන්න පරක්කු උනේ ඔයා මේල් සබ් දාල තියෙනවනේ..ඉතින් ඕනේ වෙලාවක මම දාන රිප්ලයි බලන්න පුළුවන්නේ මේල් එක හරහා..මේකේ කමෙන්ට් දකින්න ඔයාව තියාගන්න ඕනේ නිසයි ටිකක් පරක්කු උනේ ..නැත්නම් මෙයා අන්සබ් දාල ඉගිලිලා යනවා :P )

      ඔයාගේ නිහතමානී කමටනේ අයියා කියන්නද ඇහුවේ, කමක් නැහැ සමනලී අයියා කියන්න කැමති නම්..කැමති නම් නමින් කතා කරන්න.නිහතමානී කමට මම ගොඩක් සලකන කෙනෙක්...මනුස්සයෙක්ට ගරු සරුවක් ඇතුව කතා නොකරන අයට කවදාවත් ඉහළට යන්නත් බැහැ සමනලී.. ( හැබැයි හැමෝටම ඔලුව පාත් කරන්නත් හොඳ නැහැ හොඳේ ..? )

      \\\\මාත් මේ ලගදි ලයිව් වැඩසටහනක් බලන වෙලාවේදී ..................... ............ ........... ...........\\\\\

      අන්න ඒ දේවල් වෘත්තීය මට්ටමෙන් කරන්න උවමනා නිසයි කෝටි ගාණක උපකරණ පාවිච්චි කරන්නේ..කොලිටි එක තියාගන්න උවමනා නිසයි මෙතරම් මුදලක් වැය වෙන්නෙත්..ඔයා කියන්නේ වීඩියෝ මැනුවෙල් ස්විච් කරද්දී දෙන්නෙක් විතර ඉන්නවා ඕඩියෝ ලයින් වල ස්විචින් නොයිස් එක මියුට් කරන්නම.. ( සරළව කියනවා නම් පට් පට් ගාලා කැමරාවෙන් කැමරාවට මාරු කරද්දී " චඃ චඃ " ගාලා සද්දේ එනවා මාරු වෙන..ඒක නවත්තන්න වෙනම දෙන්නෙක් ඉන්නවා )

      අද වෙද්දී මම කිසිම කිසිම කිසිම දෙයක් බලන්නේ නැහැ..මීට අවුරුදු 4 ක වගේ ඉඳන් මම බලන එක අඩු කරා..දැන් බලන්නෙම නැහැ...මගේ රසවින්දන අඩු වෙලාද කොහෙද ..

      add නම් උවමනයි සමනලී..එක දිගට add ලැබෙන ජනප්‍රිය වැඩසටහන් වලදී වෙන්නේ සියලුම add බාර ගැනීම..දැන් ක්‍රමේ ඒක.. (එවැනි දේවල් තමයි වෙනස් විය යුත්තේ..නමුත් සල්ලි වලට බොහෝ දේවල් යට වෙනවා නෙව )


      \\\අයියා චැනල් එකකද වැඩ කරන්නේ. ඇත්තටම අයියගේ දැනුම ගැන මාර සතුටුයි.මට හිතා ගන්න බෑ. ඔයා හැම විෂයක් ගැනම වගේ අපුරුවට කතා කරනවනේ. දිගටම ලියන්න මේ වගේ අපි නොදන්නා කරුණු ගැන. හරිම වැදගත් ඉස්සරහට මේවා කියවන අයටත්....\\\

      දැන් නම් මම කිසිම දෙයක් කරන්නේ නැහැ සමනලී..හැමදේකින්ම අයින් වෙලා කෙටි නිවාඩුවක් ගත්තා.ඒ කිව්වේ අවුරුදු 2 විතර කාලයක් යනකම් මම නිවාඩු..2013 දෙසැම්බර් වලින් පස්සේ මම නැවත රාජකාරි පටන් ගන්නවා..එතෙක් ලැබෙන නිවාඩුවෙන් තමයි මේ බ්ලොග් එක කරන්න හිතුවේ.. ගොඩක් තාක්ෂණික දේවල් දාන්න පුළුවන් උනත් නොදා ඉන්නේ කට්ටියට නීරස වෙන්න පුළුවන් නිසා ..

      ඒත් දැන් දැන් පේනවා සාමාන්යෙන් මේ වගේ දේවල් වලටත් කැමති අය ඉන්න බව..ඉතින් මම ඉස්සරහට තාරකා විද්‍යා පාඩම් ටිකක් , පෘතුවියේ ඉඳන් සඳට , ඉරට ඇති දුර මනින හැටි , ඒවගේ බර මනින හැටි වගේ දේවල් ගැන පෝස්ට් කීපයක් දාන්න ඉන්නේ...ඔයා එන්න ඒවා බලන්න..

      ඔයාගේ විභාග වැඩ කොහොමද දැන් ...?

      Delete
    3. //මේකේ කමෙන්ට් දකින්න ඔයාව තියාගන්න ඕනේ නිසයි ටිකක් පරක්කු උනේ//
      අහ්හ්.... අවුලක් නෑ... අවුලක් නෑ.... මට නිකන් ඕක හිතුනා. අයියා එක පාරකුත් ඔහොම කලා අර වාහන ලිපියේ... ඒත් මං බැලුවේ ඔක්කොමල කමෙන්ට් කරලා ඉවර වෙලත් මොකෝ මට රිප්ලයි නැත්තේ කියල.දැන් හරියෝ.... :)

      මේ වගේ දේවලුත් ඉදල හිටලා හරි දාන්න.ඒවටත් ආස අය ඉන්නවා. අනිවාර්යයෙන් වෙලාවේ හැටියට එනවා බලන්න..... :)

      Delete
  31. ඔන්න මමත් මේ පැත්තේ ආවා. හිතන්න දෙයක් තියන ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි මුල්ම වරට ආවට..ඉඩක් ඇති විටක දිගටම එන්න ...

      Delete
  32. පොස්ට් එක කියවල ගොඩාක් කල් වුනාත් අදයි කොමෙන්ට් කලේ. මේ තාක්ෂනය ගැන සහ ඒවායේ මිල ගණන් ගැන පොඩි හෝ අදහසක් තිබුනේ නැහැ.

    ස්තුතියි මචං විස්තරේට ඒ වගේම කමෙන්ට් වලත් තවත් විස්තර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මුළින්ම මචන් සොරි පරක්කු උනාට කමෙන්ට් වලට රිප්ලයි කරන්න..මම මේ මිළ ගණන් ගැන දැම්මේ සරළ අවබෝදයක් ගන්න ඕනේ නිසයි ..මීට වඩා සංකීර්ණයි සැබෑ තත්වය..ගොඩක් අය මෙවැනි තාක්ෂණික පෝස්ට් බලන්නත් ආස නිසා ලිව්වා..මහන්සි නොබලා කමෙන්ට් වලට් රිප්ලයි කරන්නේත් ඒකයි මම..කව්රු හරි ආස කෙනෙක් දෙයක් කියවල යාවිනේ ...

      ස්තූතියි මචන් ඇවිත් කමෙන්ට් කරාට...දිගටම එන්න..

      Delete
  33. මේවා නම් ඉතින් අපි නොදන්නා දේවල් ..කියෙව්වට එතරම් ඔළුවට ගියෙත් නැහැ . දැන් ඉන්ටර්නෙට් තියෙන නිසා ටීවී එක මතම යැපෙන්නේ නැහැනේ . මන් නිවාඩුවට ගිය වෙලාවේ දුටු දේවල් එතරම් ප්‍රිය නොවූ නිසා බැලුවේ නැහැ . හැබැයි කේබල් ටීවී ගන්න බැරි මිනිස්සුන්ට වෙන විකල්පෙකුත් නැහැ . අනේ මන්දා මන් නොබලන න්සිආ විවේචනයත් අතහැරලයි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දී ලිපිය කියවීම ගැන..මේ ගැන උනන්දු වෙන අයටත් ලින්ක් එක දෙන්න හැකි විටකදී..මොකද වෙන කිසිම කෙනෙක් නොකියන දේවල් මම හෙළි කරලා තියෙනවා මාධ්‍ය ආයතන ගැන...

      මටත් බලන්න හිතෙන්නෙම නැහැ..මම බ්ලොග් වල කාලය ගත කරන්නේත් ඒකයි..


      \\\අනේ මන්දා මන් නොබලන න්සිආ විවේචනයත් අතහැරලයි ඉන්නේ\\\

      මාත් එහෙම තමයි බින්දී..මතකද ඔයාගේ වෙබ් සයිට් එකෙත් මම මුනිවත රැක්කා..ඒ තරම් මට නම් එපා වෙලා ඉන්නේ මේ මාතෘකාව..නමුත් ඕනේ එකක් වෙන්න මේ පෝස්ට් එක දැම්මා..( මේ පෝස්ට් අයින් කරන්න කියලා කියන පිරිසකුත් ඉන්නවා ..)

      කෙසේ හෝ බොහෝම ස්තූතියි බින්දී මේ ගැන අදහස් කීම ගැන..ඉඩක් ඇති විටක නැවත එන්න..

      Delete
  34. මේකේ තියෙන තාක්ෂණික දේවල් නම් මෙච්චර ලේසියෙන් පහසුවෙන් දැන ගන්න වෙන තැනක් කොහෙවත් ඇති කියල මම නම් හිතන්නේ නෑ.. මේ දැනුමෙන් වැඩක් නොගෙන ඉන්න එක නම් හෙන අපරාදයක් සහන්..

    අනිත් කරුණු ගැනත් සෑහෙන්න එකඟයි.. මට හිතෙන්නේ මේ කාලේ ලෝකෙ යන විදියට ලංකාවෙනුත් ඔය දැන් තියෙනවට වඩා දෙයක් ටී.වී චැනල් වලින් බලන්න/පෙන්නන්න වෙන එකක් නෑ.. රියැලිටි ෂෝ හැම රටේම වගේ තියෙනවා.. මෙගා නාට්ටිත් ඒ වගේම ඇති.. කොරියාවේ තිබ්බ ඒවා ලංකාවේ පෙන්නන්නේ අපිට කලින් ඒව එහෙ තිබ්බ නිසානේ.. හැම දෙයක් ම විකිනෙන මේ කාලේ වෙළඳ දැන්වීම් නැතිව පාරෙ යන්නත් බෑනේ..

    පරණ දේවල් හොඳයි කිය කිය අලුත් දේවල් විවේචනය කරන එක එච්චර තේරුමක් නෑ නේද?මෙන්න මේක බලන්න්කෝ http://www.youtube.com/watch?feature=player_embedded&v=vhBFjrn_0Bw#! ඒ කාලේ ගිය ඇඩ්ස් ගොඩක් තියෙනව.. හික්...අපිව විකිණීමේ ආරම්භය...

    ඔයා කියන දේ 100% ඇත්ත හැබැයි ඕක පටන් අරන් වැදගත් සමාජයට වැඩදායි වැඩසටහන් කලත් බලන්න කට්ටිය නැති වෙයි.. මොකද බහුතරයකගෙ මානසිකත්වය අපි හිතන තරම උසස් නෑ.. ඒ කියන්නේ මිනිස්සූ මෝඩයි කියන එක නෙවෙයි ගොඩක් අයට ඕනේ සරල රසවින්දනයක්... තත්වය එතරම් වැදගත් නෑ.. ඕක මිනින්න මේ ඉන්ටර්නෙට් පව්ච්චි කරන උසස් රැකියාවල්(සාපේක්ෂව)කරන කිහිප දෙනෙක්ගෙ අදහස් වලින් බෑ මට නම් හිතෙන්නේ... ටිකක පාරට බැහැල ගමේ ගොඩේ ඇවිදල බලන්න ඕනේ...කොහොම වුණත් ඔය වගේ වැඩකට අත ගහනවනම් ඔයා තමයි සුදුසුම කෙනා.. හොඳ ප්ලෑනක් ගහල පටන් ගන්න.. අපි ප්‍රොග්‍රෑම් බලනවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් මුළින්ම..මමත් තාක්ෂණික දේවල් සහ වෙනත් කරුණු එක්ක පෝස්ට් එකක් ලියන්නෙත් බලන අය විවිධ දේවල් වලට කැමති නිසා..ඒ වගේම දෙයක් දැක්කමත් ආසාවක් ඇති වෙනවනේ පැතුම්.. ( හැංගිලා තියෙන ආසාවන් ) ඒ හේතුව නිසයි මගේ බොහෝ පෝස්ට් වලදී මම අමතර දේවල් ගැන කරුණු ටිකකුත් සඳහන් කරන්නේ...

      වෙළඳ දැන්වීම් නම් ඕනෙමයි පැතුම් නාළිකාවක් දුවන්න නම්..ප්‍රධානතම අදායම තමයි වෙළඳ දැන්වීම්..වැඩේ තියෙන්නේ මහා විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කරමින් දුවන් ආයතන වල නිෂ්පාදන වියදම වැඩි.එකම කාර්යට 6 , 7 දෙනෙක් ඉන්නවා..ඉතින් විශාල මුදලක් හොයන්න ඕනේ ඒ සියල්ල නඩත්තු කරන්න නම්...( ඒ වගේම
      too many cooks spoil the broth
      වෙනවනේ ..) හරි සංකීර්ණයි නාළිකාවක පරිපාලනය ...

      \\\\\\ඔයා කියන දේ 100% ඇත්ත හැබැයි ඕක පටන් අරන් වැදගත් සමාජයට වැඩදායි වැඩසටහන් කලත් බලන්න කට්ටිය නැති වෙයි.. මොකද බහුතරයකගෙ මානසිකත්වය අපි හිතන තරම උසස් නෑ.. ඒ කියන්නේ මිනිස්සූ මෝඩයි කියන එක නෙවෙයි ගොඩක් අයට ඕනේ සරල රසවින්දනයක්... තත්වය එතරම් වැදගත් නෑ.. ඕක මිනින්න මේ ඉන්ටර්නෙට් පව්ච්චි කරන උසස් රැකියාවල්(සාපේක්ෂව)කරන කිහිප දෙනෙක්ගෙ අදහස් වලින් බෑ මට නම් හිතෙන්නේ...\\\\

      ඔයා මේ කතා කරන කාරණය හරිම වැදගත් දෙයක් පැතුම්..නිශ්චිතවම අසවල් ඕඩියන්ස් එක කියලා බේරා ගැනීමක් කරන්න බැරි ඒකයි..ලංකාවේ බහුතර දුවන්නේ සරළ රස වින්දනය මත හෝ ඊටත් පහල..ඉල්ලුම වැඩි එවැනි නිෂ්පාදන වලට..වෙළඳ දැන්වීම ලැබෙන්නේ එවැනි වැඩසටහන් වලට..මෙතැනයි ප්‍රශ්නේ තියෙන්නේ...පුද්ගලිකව මම හිතන දෙයක් තමයි නාළිකාවක් විදිහට එක මාසෙකට ලක්ෂ 150 හොයන්න ඕනේ නම් , අනුගමනය කරන්න ඕනේ පැයෙන් පැය ගණන් බැලීමක් සහ බල්ක් ප්‍රෝග්‍රෑම් අදායම ගැන..මුළු නාලිකාවේම බර අදින්න අදායමක් හොයා ගත්තට පස්සේ පුළුවන් වෙනත් නිර්මාණ ගැන හිතන්න..( හැබැයි සල්ලි වලට වහල් වෙන්න හොඳ නැහැ ..වෙන්නේ නැත්තෙත් ඒකමයි )

      මගේ ක්‍රමය නම් මූලික අදායම පියවුනාට පස්සේ නිර්මාණ වලට ඉඩ දීම..දීර්ඝ කාලීනව පුළුවන් නිර්මාණ , උසස් වැඩසටහන් තුලින්ම අදායමක් ගන්න..එක පාරට , එක රැයෙන් යන්න ගියොත් නම් බැහැ...

      \\කොහොම වුණත් ඔය වගේ වැඩකට අත ගහනවනම් ඔයා තමයි සුදුසුම කෙනා.. හොඳ ප්ලෑනක් ගහල පටන් ගන්න.. අපි ප්‍රොග්‍රෑම් බලනවා.. :)\\\

      ඒ වගේම දැඩි ස්ථාවරයක ඉන්න ඕනේ අසවල් ගණයේ වැඩසටහන් ප්‍රචාරය කරන්නේ නැහැ කියලා..අරයා මෙයා කිව්වට වචනේ වෙනස් කරලා බැහැ..ඒ නිසයි මම කිව්වේ නාළිකාවේ ප්‍රධාන විධායක සාමාන්‍ය ජනතාවට නිරාවරණය වෙන්න හොඳ නැහැ..කොටිම්ම CEO විදිහට ඉන්නේ කව්ද කියන දේ වත් කිසි කෙනෙක් දැනගන්න හොඳ නැහැ .. ( මම කිව්වේ අදාල නැති මිනිස්සුන්ට නිරාවරණය වෙන්න හොඳ නැහැ )

      පටන් ගැන්මක් ගන්න නම් තව දේවල් ටිකක් තියෙනවා පැතුම් හරිගස්සා ගත යුතු...ඒ කියන්නේ හරි දසාවක් එන්න ඕනේ..දැන් යන්නේ හෙනහුරු මහ දසාව නෙව.. ( තේරෙනවනේ මම නොකියා කිව්ව එක ) අපි බලමු කොළඹ නුවර වත් ගහන්න පුළුවන් මට්ටමට එන්න..අයිලන්ඩ්වයිඩ් නම් ගහන්න බැහැ සෑහෙන්න ලොකු බරක් අදින්න වෙනවා ..( අදායමට සාපේක්ෂව වියදම වැඩියි )

      ස්තූතියි පැතුම් ඔයාගේ වටිනා අදහස් වලට..ඒ වගේම ඔයාල වගේ අය තමයි මෙවැනි නාලිකා වල තනතුරු දරන්නන් විදිහට පත් විය යුත්තේත්..නිකන් ආතල් කාරයෝ අරන් බැහැ වගකීම් සහගත රැකියා , තනතුරු වලට...

      නැවතත් ස්තූතියි මෙහි පැමිණීම..දිගටම එන්න පැතුම් ඉඩක් ඇති වෙලාවට...

      Delete
    2. මට ඉතින් ඔය වගේ තැනක කරන්න පුළුවන් එකම සහ හොඳම තනතුර තමයි කා.කා.ස. අන්න ඒකට කවදහරි කාව හරි ඕනේ උනොත් මම එනවා.. මොකද වෙලාවට තේ එක, වෙලාවට ඔය අවශ්‍ය කරන එක එක කෑලි බෑලී, හදිස්සියකට කඩේට යන්න වගේ විස්වාසවන්ත කෙනෙක් නැති වුනොත් ඔය මොකා හිටියත් තැනක් හරියට දුවන්න බෑ... විහිලුවක් නෙවෙයි ඇත්තටම ... ඊට පස්සෙ බැරියැ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන ඉහල යන්න.. හික්ස්...

      මේ ඒක නෙවෙයි උඩුගම්බලා පීන්න්න ට්‍රයි කරන මේ වගේ වැඩ වලට අත ගහන්න හොඳම කාලේ තමයි ඔයාට දැන් තියෙන සෙනසුරු මහදසාව.. මොකද ඔය හෙනම සුභ නැකැත් බලල පටන් ගත්ත ගොඩක් තැන් වල සිද්ද වෙන්නේ අන්තිම නරක දේවල් නේ.. නිකමට මාරයගෙනුත් පොඩ්ඩක් අහල බලන්න මම කියන දේ...

      කොහොම හරි ඔය හිතේ තියෙන දේවල් පටන් ගන්න කියලයි මම නම් කියන්නේ.. නැත්නම් කවදා හෝ කවුරු හෝ මොකුත් නොකර නිකන කට්ටියම වංසෙ කබල් ගගා මේකත් කියව කියව ඉඳියි..

      Delete
    3. \\\\මට ඉතින් ඔය වගේ තැනක කරන්න පුළුවන් එකම සහ හොඳම තනතුර තමයි කා.කා.ස. අන්න ඒකට කවදහරි කාව හරි ඕනේ උනොත් මම එනවා.. \\\

      මේ විදිහට කවදාවත් හිතන්න එපා පැතුම්..ඔයා ලංකාවේ මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉන්න හොඳම දක්ෂයෙක්නේ..ඒ නිසානේ ඔයා අද ඔෆර් වලට ගිහින් පිටරටක වැඩ කරන්නේ...දක්ෂ මිනිස්සුන්ව හඳුනා ගන්න ඕනේ පැතුම්..නිසි ඇගයීම් ලැබෙන්නත් ඕනේ දක්ෂයන්ට , වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා " අහ් දැන් වැඩ කරන්න " කියලා අවස්ථාව දෙන්නත් ඕනේ...මගේ ප්‍රතිපත්තය ඒකයි...( වැඩ කරන්න බැරි අයට යන්න පුළුවන් )

      \\\මේ ඒක නෙවෙයි උඩුගම්බලා පීන්න්න ට්‍රයි කරන මේ වගේ වැඩ වලට අත ගහන්න හොඳම කාලේ තමයි ඔයාට දැන් තියෙන සෙනසුරු මහදසාව.. \\\

      ඒක හැබෑව පැතුම්..දුක් විඳගෙන බර අදින්න කියාපු කාලේ තමයි සෙනසුරු ඒ රාෂ්ඨක , සහ දශාවන්..මම තුලා ලග්නේ..මේ කාලේ පංච මහා පුරුෂ යෝගේකුත් යෙදිලා තියෙන්නේ පොතේ හැටියට නම්...:) ඒත් බලමු මට වෙන වෙන අපල ටිකක් තියෙනව් පැතුම්.ඔයා දන්නවනේ විස්තරේ ඉතින්..

      ( අනිත් දේ මම දැන් ටිකක් කම්මැලි වගේ මෙහෙම දේවල් ඔලුවේ තියන් වැඩ කරන්න පැතුම්..)


      \\\කොහොම හරි ඔය හිතේ තියෙන දේවල් පටන් ගන්න කියලයි මම නම් කියන්නේ.. නැත්නම් කවදා හෝ කවුරු හෝ මොකුත් නොකර නිකන කට්ටියම වංසෙ කබල් ගගා මේකත් කියව කියව ඉඳියි.. \\\

      ඒකත් හැබෑව ...


      Delete
  35. මෙහෙමයි...ඒ ලෙවල්ස් කරන කාලේ ඉඳන් ප්‍රෝග්‍රම් එකක් හරි ෆිල්ම් එකක් හරි ඇඩ් එකක් හරි ටීවී එකේ යද්දි ඒකෙ තාක්ශණික පැත්ත කොයි වගේද කියල හිතන්න උත්සහ කලා.ඒ කාලෙ නම් වැඩි දෙයක් තේරුනේ නෑ.කැම්පස් එකේදි ඔය වගේ දේවල් ගැන උනන්දුවක් තියෙන යාලුවො ටිකක් මට හිටියෙ. එයාලගෙන් කැමරා කෝණ, එඩිටින්ග් සහ අනෙකුත් තාක්ශණික දේවල් ගැන සරල අවබෝධයක් ලැබුනා. ඒ අය ෂෝර්ට් ෆිල්ම්ස් හදද්දි ගිහින් මාත් ඒ දිහා බලාගෙන ඉන්නව:) ඒ ඇරෙන්න ඔය ක්ශේත්‍රයේ මට හැකියාවක් තියෙන්න කොයි අංශයෙන්ද කියල බලන්නවත් අවස්ථාවක් ලැබිල නැති නිසා එහෙම හැකියාවක් තියෙනවද කියන්නවත් මං දන්නෙ නෑ. අද වෙද්දි අනිත් වැඩත් එක්ක ඒ දේවල් ගැන ඉගෙන ගන්නවත් ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නවත් මට කාලයක් නෑ. ඒත් මේ වගේ තාක්ශණික දේවල් ගැන කියවන්න නම් කැමතියි :) ඇත්තටම ස්තූතියි සහන් මේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට.....

    ( මේ කමෙන්ට් එක කලින් කමෙන්ට් එකේ රිප්ල්යි එකක් විදිහට දාන්න හැදුවට හරි ගියේ නැති නිසා මෙහෙම දැම්මෙ :) )

    ReplyDelete
    Replies
    1. නැහැ මට තේරුණා චම්ස් මේ වගේ දේවල් වලට සම්බන්ද වෙලා වැඩ කරන්න කැමති කියලා..ඒකයි දෙවෙනි වර ඇහුවේ ඔයාගෙන්..අනිත් දේ නාළිකාවක් තුල බොහෝ රැකියා අවස්ථා තියෙනවා..එකක් තමයි මානව සම්පත් කළමනාකරණය කියන දේ , එය උපරිම මට්ටමෙන් තියෙන්න ඕනේ..ඒ වගේම නාළිකාව සහ පිට ලෝකය යා කරන සම්බන්ධක ජාලයත් කාර්යක්‍ෂමව තියෙන්න ඕනේ.. මම හිතන්නේ චම්ස් ඒ වගේ දේවල් වලටත් කැමැත්තක් තියෙනවා..

      ස්තූතියි චම්ස් ආයෙම ඇවිත් උත්තර කියලා ගියාට..( කිසි ප්‍රශ්නයක් නැහැ චම්ස් ඕනෙම තැනක ඕනෙම කමෙන්ට් ගාණක් දාන්න..ඒ වගේම මම විතරක් නෙවේ මෙතනට එන අනිත් අය එක්කත් කතා බහ කරන්න..ඕනෙම දේකට නිදහස තියෙනවා මගේ බ්ලොගයේ...)

      Delete
  36. මේ පෝස්ට් එක කීප වතාවක් කියෙව්වා. වටිනා ලිපියක්.

    …මේ වෙනකොට ටී වී බලන්නෙ නෑ මං. අර DDT වගේ යන එනකොට ටී වී දකිනව විතරයි.

    ගත යුත්තක් තිබෙන, රස විඳිය හැකි වැඩසටහන් ප්‍රචාරය වෙනවා නම් මිනිස්සු නිදිමරාගෙන හරි බලනවා. ඒත් ඒ තත්වයට ගන්න ටික කාලයක් යයි.. මොකද මේ වෙනකොට මිනිස්සු හුරු කරල තියන්නෙ හර සුන් වින්දනයකට නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන මේ ලිපිය කියවීම ගැනත් , කමෙන්ට් කිරීම ගැනත්...මාතලන්ගේ පෝස්ට් එක නොවෙන්න ජීවිතේට මම මේවා ගැන නැවත කතා කරන්නේ නැහැ කියලා හිතන් උන්නේ..ඒත් බැරිම තැන ලිව්වා..ඒත් බලපු අයත් කමෙන්ට් වලින් සෑහෙන දේවල් ගැන අහපු නිසා මමත් මහන්සි නොබලා උත්තර ලිව්වා..අඩුම තරමේ ගූගල් හරහා එන කෙනෙක්ට හෝ මේවා දකින්න ලැබෙවිනේ චන්දන...

      බලමුකෝ අපි චන්දන ඉස්සරහට..චන්දනත් මේ වගේ දේවල් වලට හරි උනන්දුයි නේද ...? මට කියන්න බලන්න චන්දන කැමති මොන මොන වගේ අංශ වලාටද මේ ක්ෂේත්‍රයේ ...? උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා...

      Delete
    2. //මට කියන්න බලන්න චන්දන කැමති මොන මොන වගේ අංශ වලාටද මේ ක්ෂේත්‍රයේ // කැමති වැඩසටහන් ගැන නේද ඇහැව්වෙ..?

      මං හුඟක්ම කැමති ඩිස්කවරි වගේ වැඩසටහන් වලට. ටෙලිනාට්‍ය නම් කොටස් දිගට යන්නෙ නැතුව පහලවෙන් විස්සෙන් නැත්නම් පනහකින් විතර ඉවර වෙන ඒව. තාක්ෂණික දේවල් ගැන... ක්‍රීඩා වලින් ගත්තොත් එකම දේ නැතුව විවිධ ඒවා.

      තව අපේ සහ වෙනත් රටවල ඉතිහාසය, පුරාවිද්‍යාව වගේ විෂයයන්. ඔන්න ඔහොම තමයි..

      Delete
    3. නැහැ චන්දන මම ඇහුවේ මේ වගේ ආයතනයක සේවය කරන්න ලැබුණොත් මොන වගේ දේවල් වලටද කැමති ...? මම චම්ස්ගෙන් අහපු වගේ පිළිතුරක් ඕනේ...

      Delete
    4. ඔහ්... මං හිතුවෙ වැඩසටහන් ගැන..

      ඒකට කොහොමද උත්තර දෙන්නෙ.. ඔය ක්ෂේත්‍රයේ තියන අංශ ගැන ලොකු අවබෝධයක් නැති නිසා හරියට යමක් කියන්න බෑ.. පොදුවේ තාක්ෂණික දේවල් ගැන නම් උනන්දුවක් තිබුන. ඒත් ඉස්සර වගේ නෙවෙයි, දැන් දැන් ඒ උනන්දුව ටිකක් සීමා වෙලා කියල මට හිතෙනව.

      Delete
  37. මේක නම් බුක් මාර්ක් කරලා තියාගන්න වටින් ලිපියක් මචං, මගේ අදහස් කියන්න දැන් වෙලාවක් නෑ සහන් ආයෙමත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ රතු...පුළුවන් වෙලාවට නිදහසේ බලන්න...ඒකයි අවශ්‍ය..මේ පෝස්ට් එක හරියට කියවන්න නම් නිදහස් ඔලුවක් තියාගෙන වැඩේට බහින්න ඕනේ..සබ්ජෙක්ට් එකට ආස කෙනෙක්ට ගොඩක් දේවල් මේ පෝස්ට් එක තුල තියෙනවා..උඹ දන්න කියන තව අයටත් ලින්ක් එක දීපන් රත්තො...

      Delete
  38. දැන් දැන් ඔයා ලියන පෝස්ට් ගොඩක් බරපතල වැඩි වගේ අප්පා මට නම් :(

    ReplyDelete
    Replies
    1. අනේ මාව නම් අල්ලගන්න එපා ශම්මියෝ [im]http://lankawap.com/xhtml/smilies/legi.gif[/im], මේකට සම්පූර්ණ වැරදි කාරයා මාතලන්[im]http://lankawap.com/xhtml/smilies/spy.gif[/im]..එයා නිසා තමයි මගේ අතින් මෙහෙම පෝස්ට් එකක් වැටුණේ... [im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      ඉන්නකෝ මම නොර්මල් පෝස්ට් එකක් දෙකක් දානවා ,මුහුදු කොල්ලකාරයෙක්ගේ කතාවක් ගැන . ඒ වගේම මගේ ඇනිවසිරි එකත් ළඟ ළඟම එනවා [im]http://lankawap.com/xhtml/smilies/play.gif[/im]..ඒකට ඔයා එන්නකෝ මතක ඇතුව.. :)[im]http://lankawap.com/xhtml/smilies/wakeup.gif[/im]

      Delete
  39. අපිට පෙන දේට වඩා නොපෙනෙන දේවල් කොච්චරක් තියෙනවාද කියලා හිතුනා මේක කියෙව්වාම...
    කොහොම උනත් බන් මටනම් හිතෙන්නේ මේ විදියට චැනල් පවත්වන් යන්න අමාරුනම් මොකටද උන් මේවා පවත්වාගෙන යන්නේ...?

    අනිත් එක බන් සැටලයිට් t.v වල සහ අනෙක් t.v වලයි වෙනස මොකක්ද....?

    ReplyDelete
    Replies
    1. \\\අපිට පෙන දේට වඩා නොපෙනෙන දේවල් කොච්චරක් තියෙනවාද කියලා හිතුනා මේක කියෙව්වාම...\\\

      ඒ නිසාමයි මනෝජ් මම මේ දේ ගැන ලිව්වෙත් සාමාන්‍ය මට්ටමෙන් හෝ විස්තර කරලා...තව දෙයක් තියෙනවා, ඒ තමයි මම බ්ලොග් එකේදී මේවා ගැන විස්තර කරාට , සැබෑ ජීවිතේදී නම් කිසිම කෙනෙක්ට MCR එක ඇතුළට එන්න දෙන්නේ නැහැ..තනිකර තහනම් කළාපයක් කරලා තියෙන්නේ..ඉතින් බ්ලොග් එකේ විතරයි මේවා දැම්මත් මම දාන්නේ..


      \\\කොහොම උනත් බන් මටනම් හිතෙන්නේ මේ විදියට චැනල් පවත්වන් යන්න අමාරුනම් මොකටද උන් මේවා පවත්වාගෙන යන්නේ...?\\\

      ගුණාත්මක භාවයෙන් පවත්වන් යාමයි අමාරු මනෝජ්..සල්ලි වෙනුවෙන් පවත්වන් යන්න පුළුවන් හරිම පහසුවෙන්..අයිලන්ඩ්වයිඩ් ගහන ආයතනේකට පුළුවන් අඩුම 20M හොයන්න gross profit එක..

      \\\අනිත් එක බන් සැටලයිට් t.v වල සහ අනෙක් t.v වලයි වෙනස මොකක්ද....?\\\

      සැටලයිට් ගහද්දි පුළුවන් dedicated ප්‍රෝග්‍රෑම් කරන්න..සාමාන්‍ය domestic ට්‍රාන්ස්මිෂන් කරද්දී නම් බැහැ ඒ වගේ දෙයක් කරන්න..

      Delete
  40. mathakaya aluth una.anek karuna nam nodanna wisayhak gana awabodayak laba gaththa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි..දෙයක් ඉගෙන ගත්තා නම් සතුටුයි මට...නවතා එන්න..

      Delete
  41. මිනිස්සු බොහෝ දේ හරිම පහසුවෙන් විවේචනයට ලක් කරනවා. ඒත් යමක් කිරීමට කෙතරම් කැප කිරීමක් කලයුතුද? වෙහෙසක් දැරිය යුතුද? මෙතරම් වෙහෙසක් දරා සිදු කරන දෙයින් අලාභයකුත් නොලබා වඩා අගනා දයක් ලබා දිය හැකි නම්? යහපත් සමාජයකට දොර‍ටු විවර කළ හැකි නම්!!!
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික් කියන දේවල් වලට එකඟයි මම...බලමු අපි ඉස්සරහට වෙනසක් වේවි..මැණික් කැමති වර්ගයේ වැඩසටහන් මොනවද කියලා ටිකක් කියන්න බලන්න...

      Delete
  42. කෝ අනේ මම මේ ලිපියට දාපු කොමෙන්ට් එක..ඒක නැහැ නෙව...තුන් හතර පාරක් කියවල ඔලුවට අරන් දාපු කොමෙන්ට් එක..කොහේ ගියාද මන්දා..කමක් නැහැ..සහන්...මම මේ ලිපිය කියෙව්වා....මෙතනින් එහාට....කතාකරමු...මම එව්වා ලින්ක් ඒක ඔස්සේ බලන්න වෙලාවක් නැති වෙන්න ඇති නේද...එකට කමක් නැහැ..ඉඩ තිබුනොත් ඔන්න ඔහේ නිකම් කියවන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ස්පෑම් ගොඩේ නම් තිබුණේ නැහැ අක්කේ..ඉන්න මම බලන්නම් ආයේම..නැහැ නැහැ මම එනවා ඒකට..නිදහසේ සියල්ල බලා එකින් එකට කමෙන්ට් එකක් දාන්න ඕනේ නිසයි ඉන්නේ..පහු ගිය කාලේ මාව පොඩ්ඩක් මාර්ගෙන් පිට ගියා...ඒකයි පරක්කුවට හේතුව...ඉන්නකෝ මම එන්නම්...

      Delete
  43. සහන්, MCR එකට පිට අයව ගන්න නැත්තේ ඇයි?
    ආරක්ෂාව නිසාද? ඔය rating දෙන්නේ කවුද වෙනම company එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිකමා ආරක්ෂාවට තමයි..කිසි කෙනෙක් කිසි දෙයක් දැනගන්න ඕනේ නැහැ MCR එකේ සිද්ධ වෙන දේවල්.එහෙම උනාම කරදරයි.අරයා මෙයා එනවා ඇතුළට , උගන්නන්න එනවා , උපදෙස් දෙන්න එනවා..ඕව දුර දිග ගියාම හිසරදයක් වෙනවා..ඒ නිසා ඇතුළත් වීමට වසර තියෙන්නේ කීප දෙනාටයි ..

      අනිත් දේ ත්‍රස්තවාදී ගැටළුවක් ආවොත් " අනේ මම නම් දන්නේ නැහැ මේවා වැඩ කරන හැටි "කියලා බේරෙන්න පුළුවන්නේ ..

      රේටින්ග්ස් වලට ඉන්නවා එක එක සංවිදාන..වෙළඳ දැන්වීම් සමාගම් එක්ක සම්බන්ධතා ඇති අය..S. නෙල්සන් වගේ විකාර .. ගොඩක් නාලිකා ප්‍රධානීන් එවැනි අයට යට වෙලා ඉන්නේ...

      ස්තූතියි නිකමා අදහස් දැක්වීම ගැන...තව ගැටළුවක් තිබ්බොත් අහන්න...

      Delete
  44. මෙම කේෂත්‍රය අපිට ටියුබ් බල්බ වැනිය. නමුත්, එය දන්නා සිංහලෙන් අපට පැහැදිලි කළාට සහ කරුණු දැක්වූවාට තුති. නමුත්, කෙතරම් තාක්ෂණය දියුණු වුවද අයිටීන් සහ ජාතික රූපවාහිනී වැඩසටහන් සංස්කරණය කරන්නන් සහ මෙහෙයවන්නන් අතර සුදුසුකම් නොලත් අය සිටිනවා නොවේද. මට දිනය මතක නැත, නමුත් 2005 වසරේ හෑන්සාඩ් එකක එක් එක් ශ්‍රෙණිවලට එම කාලයේ බඳවාගත් අයගේ අධ්‍යාපන සුදුසුකම් තිබිණී.

    ReplyDelete
  45. සහන්, මුලින්ම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ කතිකාවක් ඇති කරන්න පුළුවන් ලිපියක් ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම නොදන්නා කාරනා පිළිඹඳ වටිනා තොරතුරු ඉදිරිපත් කිරීම ගැන.

    ඒ වගේම ඔයාගේ ඉදිරි ගමන ගැන පොඩි ඉඟියකුත් එනවා රිප්ලයි දිහා බැලුවම. ඒ ගැනනම් කියන්න තියෙන්නේ නොදන්න දේවල් ගැන තමන් ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකර පාරට බැහැලා බලන්න කියන එක. (ඔයාගේ ප්‍රධාන අදහස ගැන නෙවෙයි) ඔයා හිතලා තියෙනවා මේකෙ තාක්ෂණික පැත්ත අඩුවෙන් කතා කරන්න ඕනි කියලා. ඒ අපිට නොතේරෙයි කියලා බයට. ඒත් ශම්මි විතරයි නොක්කදුවක් කියල තියෙන්නේ. අපේ රටේ වැදගැම්මකට නැති වැඩසටහන් දාන්නෙත් හරබර එව්වා තේරුම් ගන්න මොලයක් නැති හරක් ඉන්නේ කියලා. ඔයත් ඒ ගනයට (වැරදි තීන්දු ගන්නා) වැටීම ගැන තව පොඩ්ඩක් හිතලා බලන්න.
    අනික තමයි රේටින්ග්ස් දෙන කිසිම ආයතනයක කිසිම කෙනෙක් මට හෝ දන්නා කියන කෙනෙකුට හමුවී නැති බවත් කියන්නම ඕනි. එතකොට ඔව්වයෙන් 100% ජනමතය පෙන්නුම් කෙරෙනවද? අඩුම ගානේ 50%ක් වත්.

    -------
    නෙට් භාවිතා කරන අයගෙන් බහුතරයක් ටීවී එකෙන් ඈත්වෙලා. මමත් අවු.10ක් විතර එහෙමයි. චන්දන, DDT වගේ අහම්බෙන් බලන්නේ. හොඳ ප්‍රෝග්‍රෑම් එකක්නම් නින්ද යනකන් බලනවා. (ඔක්කොම වැදගත් සංගීත, දේශපාලන හෝ වාර්තා එව්වා රෑ 10න් පස්සෙනේ..) හොඳ වැඩසටහන් වලට රේටින්ග්ස් අඩුයි කියලා මතයක් තියෙනවා.
    ඔතනදි මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ඔයාගේ, (එක්කෙනෙක්ගේ නමක් දැම්මොත් දෙන්නෙක් තරහා වෙන නිසා නම් නොදා ඉන්නම්) පොස්ට් කියවන්න පරක්කු වෙන්නේ නිදහස් වෙලාවක බලන්න. අනික්වා ලොකු ගැඹුරක් නැතුව උඩින් පල්ලෙන් අතගාගෙන යන්න පුළුවන් එව්වා. ඔය පස්සේ නිදහසේ බලන්න පහසුකමක් ටීවී එකේ නෑ. (පියෝ ටීවී, නෙට් ඇරෙන්න) හත නවය කියන්නේ ඔය වගේ එව්වා නිදහසේ බලන්න හොඳම වෙලාව. ඒත් ඒ වෙලාව ටෙලිනාට්‍ය වලින් අල්ලලා.

    ජාතික රූපවාහිණිය ඉදිරිපත් කරන වැඩසටහන් (දේශපාලනික, පුවත් හැර) සාපේක්ෂව ඉහල තත්ත්වයෙන් තියෙනවා. නෙට් පරිහරණය කරන හැමෝම බැන්නත් නෙට් එකේ වැඩියෙන්ම බලපු, බලන කතා වෙන්නෙත් 6.30-7.30 කතාව ඇතුළු එව්වා. එහෙම වෙන්නේ ඒවා 2.50 කතා ගනයට අයත් නොවීම. එහෙනම් ඇයි මේ 2.50 මෙගා පස්සේ රියලිටි පස්සේ යන්නේ? හැමෝම ටීවී එකට බනිද්දිත් ඇයි රියලිටීම පෙන්නේන්නේ. එදාවේල මෙගා ම පෙන්නන්නේ. මේකට හේතුව ජනතා සිතුම් පැතුම් නොදන්න පිරිසක් රේටින්ග්ස් හැදීම. මාකටින් කියන්නේනම් බල්ලෝ මරලා හරි සල්ලි හොයන සෙට් එකක් නිසා ඒ ගැනනම් කතා කරලා වැඩක්ම නෑ.

    ----
    මොනවා උනත් සහන්, උඹලා අපි වගේ තාක්ෂණික පැතිවල (ක්ෂේත්‍ර කීපයක උනත්)ඉන්න අය මාකටින් වල උන් හැසිරෙන හැටි හොඳට දන්නවා. ඒ නිසා උන්ව දැන හැඳින ප්‍රයෝජන ගත්තොත් උඹේ ඉදිරි ගමන 100%ක් සාර්ථක වෙයි.

    ReplyDelete
  46. SilentSahan මේ ලිපියට බොහොම ස්තුතියි.
    කියන්න හිතට ආපු දෙවල් comment අතරේ කතාබහ වෙලා තියෙන නිසා කියන්න දෙයක් නෑ. දිගටම මේවගේ දැනුවත් කිරීම් සහිත ලිපි ලියන්න කියලා ඉල්ලා සිටිනවා.
    ස්තුතියි නැවත වරක්....!
    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
    රෝලකට අලවගෙන බ්ලොග් ලිපි කියවන විදිහ දැනගෙන තවම මාස 3ක් විතර. ඒකයි මෙච්චර පරක්කු. අද ඉඳං මේකත් දිගටම උලා කන්නං. මගෙ බ්ලොග් එකේ comment කරලා පාර කිව්වාට තුති...
    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
    SilentSahan පොඩි ප්‍රශ්නයක් තියෙනව. මේ ලිපිය පල කලේ 2013 ජුනි 11 කියලා ලිපියෙ මුල තියෙනව. එතකොට මැයි 30 ඉඳං comment වැ‍ටුනෙ කොහොමද කියලා මට තෙරෙන් නෑ. කොහොමද එහෙම උනේ...?????????

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili