දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

October 30, 2013

අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...? making of a satellite කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක.. ( මාරයාගේ බ්ලොග් එකේදී මා පොරොන්දු වූ පින්තූර ) Do Not Click if you are not interested ...! (post size is 4 mb)


               පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කරන කෘතීම චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය , විද්‍යාගාර , වෙනත් උපකරණ දැකගන්න ලැබෙන්නේ නැහැ බොහෝ විට. පහත තියෙන්නේ මුල ඉඳන් චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය දැක්වෙන සරළ පැහැදිළි කිරීම් ටිකක්. කෘතීම චන්ද්‍රිකා මූළිකවම වර්ග දෙකයි.

 i. පළමු වර්ගය = උඩ බැලුවම එකම තැන තියෙනවා වගේ පෙනෙන චන්ද්‍රිකා.

 ii. දෙවන වර්ගය = අහසේ ගමන් කරමින් තිබෙන්නා වූ සේ පෙනෙන චන්ද්‍රිකා.

              මූලික අරමුණ පණිවිඩ හුවමාරුව උනත් මේ වර්ග දෙකම හදන්නේ විවිධ කාර්යන් සඳහා. රූපවාහිනී විකාශය සඳහා දැනට චන්ද්‍රිකා 380 පමණ භාවිතා කරනවා , අන්තර්ජාල කටයුතු සඳහා චන්ද්‍රිකා 35 පමණ සේවයේ යෙදවෙනවා , කාලගුණික කටයුතු සඳහා යැයි පවසමින් චන්ද්‍රිකා 120 පමණ සේවයේ තියෙනවා මේ මොහොතේත් , යුධමය කටයුතු සඳහා කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ ..:( ඒ වගේම මොනවද කියලා හිතාගන්න බැරි අභ්‍යාවකාශ වස්තූන් 400 විතරත් තියෙනවා. :(        ගැන මම මීට කළින් පෝස්ට් දෙකක් දාලා තියෙනවා.

                   සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක ආයු කාලය අවුරුදු 15 ක් වන සේ තමයි සැළසුම් කරන්නේ. ඒ කියන්නේ එහි ඉලෙක්ට්‍රොනික් පද්ධතිය නිර්මාණය කරන්නේ අවුරුදු 15 කට ගැළපෙන විදිහට. උඩ යැව්වට පස්සේ සර්කිට් එකේ ෆේලියර් එකක් ආවොත් ආයේ හදන්න බැහැ. චන්ද්‍රිකාව බිමට ගන්න බැහැ අලුත්වැඩියා කිරීම සඳහා. අලුත්වැඩියා කටයුතු සඳහා ඉංජිනේරුවෙක් යවන්නත් බැහැ අභ්‍යාවකාශයට.  පළමු ගැම්මෙන් හදන එක හරියටම හදන්න ඕනේ. මෙවැනි තැනක වැඩ කරන සියලුම ඉංජිනේරුවන් වැඩ කරන්නේ රොබෝලා වගේ. තමන්ට පැවරුණු කාර්ය තිතටම කරන්න ඒ අය බ්‍රේන් වොෂ් වෙලා වගේ ඉන්නේ. වර්ක් ප්‍රෙෂර් එක ඉතාම තදින්ම තියෙනවා මෙවැනි තැනක වැඩ කරන අයට.


             පහත සඳහන් පින්තූර සියල්ල ලබාගත්තේ ---------- ආයතනයේ අනුග්‍රහයෙන්. තවත් මෙවැනි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තියෙනවා ඩොලර් මිලියන ගණනක් වටිනා. පුද්ගලික හේතුවක් නිසා ආයතනයේ නම එළි කරන්න විදිහක් නැහැ , රූප රාමු ලබා දීම ගැන කාර්යමණ්ඩලයට ස්තූතියි.


                චන්ද්‍රිකාවක් සැළසුම් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවේ. අපි හදන්නේ කුමක් සඳහා යොදා ගන්න චන්ද්‍රිකාවක්ද ( කාලගුණ , පණිවිඩ , යුධ ) , එහි ධාරිතාවය කොපමණද ,වසර කීයක් සඳහාද , ලෝන්ච් කරන රොකට් පද්ධතිය , චන්ද්‍රිකාවේ බර , චන්ද්‍රිකාවෙන් අපේක්ෂිත අදායම , ව්‍යාපෘතිය සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය වගේ දේවල් සැළකිල්ලට ගන්න වෙනවා.

 
                     චන්ද්‍රිකා වාණිජව නිෂ්පාදනය කරන විද්‍යාගාරයක ඉහත කියපු සෑම ආකාරයකම සැටලයිට් සහ ප්‍රොපෙලින්ග් සිස්ටම් හදනවා වෙන්න පුළුවන්.සමහර දේවල් රහසිගතව හදනවා වෙන්නත් පුළුවන්. දන්නවනේ රහස් කියන්නේ රහස්. ළඟම කෙනෙක් දන්නා රහස් කියලා ජාතියක් නැහැ මේ ලෝකේ.


                     පහත දක්වලා තියෙන්නේ මුල ඉඳන් පුංචි පහේ අඩු වියදම් සැටලයිට් එකක් හදන හැටි. මෙතන තියෙන සැටලයිට් එක තාම අභ්‍යාවකාශගත කරලා නැහැ 2013 ඔක්තෝබර් වන විටත්. තවත් මාස කීපයකින් මේක ගුවනට යවනවා.ඊට කලින් බලමු කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා..මන් මාරයාගේ පෝස්ට් එකේදී කිව්වේ දැක්කම පුදුම හිතෙයි කියලා මේ පුංචි බට්ටව.



                  මේ පොස්ට් එක හදලා තියෙන්නේ බොහෝමයක් දේ ඇතුලත් වන  විදිහට. පෝස්ට් එකේ සයිස් එක 4mb වෙනවා. එහෙම ලොකුවට පෝස්ට් එක හදන්න හේතුව තමයි මෙවැනි දේවල් ගැන සිංහලෙන් විස්තර හොයාගන්න නැති කමත් මේවට ආස අය කොච්චර දිගට තිබ්බත් කියවන බව දන්නත් නිසා. පහු ගිය කාලේ ලංකාවෙන් චන්ද්‍රිකාවක් ඇරියා ඇරියා කියලා ලොකු කළබලයක් තිබ්බා නේ. මිනිස්සුන්ව රවටනවා සීමිත පිරිසක් එකතු වෙලා ( කව්ද කියලා දන්නවනේ ) . කෙනෙක් හිතන්න පුළුවන් වෙසක් කූඩුවක් හදනවා වගේ කෘතීම චන්ද්‍රිකාවක් හදන්න පුළුවන් කියලා. මේ පහළ විස්තර කරලා තියෙන්නේ චන්ද්‍රිකාවක් හදන්න පටන් ගන්න ක්‍රියාවලියෙනුත් කොටසක් විතරයි. මේ වගේ තව පෝස්ට් කීපයක් මම දාන්නම් වෙලාව ලැබෙන විදිහට. දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ සමස්ථය ගැන වැටහීමක් ගන්න පුළුවන් පෝස්ට් එකක් පමණයි.

October 24, 2013

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S


 




                           මේ තියෙන්නේ ටෙස්ලා මොඩෙල් කාර් එකක්. මේක සම්පූර්ණයෙන්ම බල ගැන්වෙන්නේ විදුලි බලයෙන්. මම මේ පහළ පෙන්නලා තියෙන වාහනේ නම් බැටරිය  වොට් පැය 85,000 තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 210 ක්. අංශක 35 ක කන්දක ගියත් පැයට කිලෝ මීටර් 210 න් යන්න පුළුවන් , පල්ලමක ගියත් පැයට කිලෝ 210 ට වඩා ස්පීඩ් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ වාහනයේ පරිගණක පද්ධතිය මගින් ස්පීඩ් එක පාලනය කරන නිසා. ( වාහනයේ පාලන පද්ධතියට ඇතුල් වෙලා මේ වේග සීමාව වැඩි කරගන්න පුළුවන් සීමිත අවස්ථාවක් සඳහා. එහෙම කරාම නම් පැයට කිලෝමීටර් 280 කට විතර ස්පීඩ් වෙනවා. හැබැයි ඔබගේ වගකීම් සහතිකය අවලංගු වෙනවා. ඒ නිසා කරන්න නම් එපා )

         බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් කරන්න හරියටම පැයයි විනාඩි 8 ක් විතර යනවා. එහෙම කරගත්තම එක දිගට කිලෝමීටර් 415 යන්න පුළුවන් ප්‍රායෝගිකව ( 4 දෙනෙක් වාහනේ දාගෙන ගියොත් ) . නමුත් පොතේ තියෙනවා 430 විතර පුළුවන් කියලා. රෑට ගෙදර ඇවිත් චාර්ජ් එකට ගැහුවම හරි ( මන් නම් රෑට ගෙදරින් ගිහින් උදේට ගෙදර එන එක්කෙනානේ )  .උදේට චාර්ජ් වෙලා ඉවරයි. විනාඩි 30 චාර්ජ් එකකින් පුළුවන් කිලෝමීටර් 220 ක විතර දුරක් යන්න.  දැනට ප්‍රංශයේ / ජර්මනියේ නම් චාර්ජ් කරන්න තැන් තියෙනවා. කොම්පැනියේම චාරජින් පොයින්ට් වලට යනවා නම් සම්පූර්ණයෙන්ම නොමිලේ චාර්ජ් කරලා දෙනවා 2013 අවුරුද්ද පුරාම. ඒ කියන්නේ වාහනේ ගන්න විතරයි ඕනේ.. තෙල් නොමිලේ වගේ වැඩක්.. අවුරුදු 8 කට පස්සේ බැටරිය මාරු කරන්න ඕනේ. මම මේ පහළ පෙන්නලා තියෙන වාහනේ නම් කිලෝමීටර් ලක්ෂ කීයක් දිව්වත් අවුරුදු 8 ක් යනකම් බැටරිය ගැන සහතික කරලා තියෙනවා මව් සමාගමෙන්. කිලෝමීටර් ගාණ ගැන කිසිම සීමාවක් දාලා නැහැ ඒ අය. කැමති තරම් නොමිලේ දුවන්න පුළුවන් 2013 අවුරුද්ද පුරා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 35 ක් සඳහා වියදම යන්නේ රුපියල් වලින් බැලුවොත් 200 විතර. ඒකත් නොමිලේ 2014 වෙනකම්.


             මන් කිව්වනේ මේ  කාර් එක වැඩ කරන්නේවිදුලියෙන් කියලා.ඉතින් මේකට තියෙන්නේ එංජිමක් නෙවේ විදුලි මෝටරයක්. වොට් 310,000 බලයක් ( වොට් තුන්ලක්ෂ දහ දාහක බලයක්. ඒ කියන්නේ අශ්වයෝ 416 දෙනෙක්ගේ බලයට සමානයි ) තියෙන මෝටරයකින් තමයි මේක බලගන්වන්නේ. නවත්තලා තියෙන වෙලාවක වාහනේ ඔන් කරලා ෆුල් ස්පීඩ් මෝඩ් එක දාලා ඇක්සලරේටර් එක තදින් පෑගුවොත් එහෙම ස්පීඩ් එක පැයට කිලෝ මීටර 100 ට එක තත්පර 4 න් ස්පීඩ් වෙනවා.ඊළඟ තත්පර 8 ඇතුළත  උපරිම වේගය වෙන 210 ට එනවා පුංචි වොර්නින් සිග්නල් 3 කින් පස්සේ.  ඒ නිසා හරිම පරිස්සමෙන් තමයි වාහනේ එළවන්න ඕනේ සහ රියදුරු සැකසුම් හදන්න ඕනේ. නෝනට එළවන්න දෙන්න කලින් මතක ඇතුව සෙටින්ග්ස් වෙනස් කරලා දෙන්න. ( අර මම මුලින්  කියපු වෙනස් කම් කරලා ස්පීඩ් ලිමිට් එක අයින් කරන්න එපා කිව්වේ ඒකයි මම . කිසිම වෝර්නින් එකක් එන්නේ නැතුව පැයට කිලෝමීටර් 280 කට ස්පීඩ් වෙනවා තත්පර 18 විතර යද්දී . ඉතාම භයානකයි )

October 17, 2013

යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers.


කිලිනොච්චි කැලේ මැද්දේ තිබ්බේ මොකක්ද ?එතන තිබ්බේ වැලි කොට්ට 5 ක් මැද්දට පොල් ගහක් කපලා හදපු බංකර් කෑල්ලක් නෙවේ. එතන තිබ්බේ LTTE සංවිධානයේ යුධහමුධා ප්‍රධානී වේලුපිල්ලේ ප්‍රභාකරන් ලැගුම් ගත් ලැගුම් හලයි. සියලු යුධ සැලසුම් සිදු වුණේ මෙතැනයි. මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීම , සබ්මැරීන් සැදීම , ගුවන් යානා මිලදී ගැනීම , ගුවන් යාන නවීකරණයට සැලසුම් උපදෙස් ................... , .................... , නැගෙනහිර පළාත සමග ගුවන් විදුලි පණිවිඩ ලබා දීම , චන්ද්‍රිකා පණිවිඩ ලබා දීම , සියලුම ආකාරයේ විධායක යුධ අණ ලබා දීම , මුහුදු කොටි අංශයේ සැලසුම් සහ නව ඉලක්ක ගැන සැලසුම් , ජෙට් ලයිනර් නැව විනාශ කිරීමේ සැලසුම් ,................. ., ............................. , අලිමංකඩ විනාශ කිරීම සැලසුම් , යාපනය අල්ලා ගැනීමේ සැලසුම් , මහ බැංකු ප්‍රහාරයේ සැලසුම් , ඉන්දියාවේ සිට ගෙන්වන අවි සහ යුධ පුහුණවට අදාළ දේ ------------------------ , හිටපු අති ගරු ජනාධිපතිණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඝාතන සැලසුම ,

.

 පළමු රූපය




දෙවන රූපය


  • පළමු රූපය දැක්කම මොකක්ද හිතෙන්නේ ? නිකන් ගල් ගොඩක් නේද ? ගලෙන් හදපු තුවක්කුවක් නේද තියෙන්නේ ?

  • දෙවන රූපයේ තියෙන්නේ මොකක්ද ? ගල් වැලි පස් ගඩොල් වලින් හදපු බංකරයක් නේද ? බංකර් හදන්නේ ඇයි ?


                    ඔන්න ඔය ප්‍රශ්න 3 , 4 ට උත්තර දීගන්න බැරි අය කරුණාකර මෙය කියවීමෙන් වළකින්න. මොකද මේක කියෙව්වා කියලත් වැඩක් වෙන්නේ නැහැ. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න බැහැ..!



යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස.



                   දෙවන් ලෝක යුධ කාලේ සිටම යුධ අගල් , යුධ බංකර් , යුධ කඳවුරු ඉදි වීම දියුණු මට්ටමෙන් සිදු උනා. ඇතැම් බංකර් හදන්නේ සුළු අවි ප්‍රහාරයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තව. ඇතැම් බංකර හදන්නේ අත් බෝම්බ ප්‍රහාරයක් සඳහා උනත් ඔරොත්තු දීම සඳහා. එසේම තවත් බංකර් හදන්නේ බර අවි , කාල තුවක්කු ප්‍රහාර , කාපට් බෝමින්ග් , මල්ටි බැරල් , ප්‍රභල ගුවන් අවි සඳහා වුවද ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට.

යුධ බංකර්/කඳවුරු වල අවශ්‍යතාව කුමක්ද ?



             ගොඩක් දෙනා හිතන් ඉන්නවා ඇති බස් හෝල්ට් හදනවා වගේ " ආහ්හ් මෙතනත් බංකරයක් ගහමු , අතනත් ගහමු . මේක ලොකුවට ගහලා අරක පොඩි කරමු. එක්කෝ මේක ලොකුවට ගහමු " කියලා බංකර් හදනවා ඇති කියලා යුද්දෙදි. ඔබ එහෙම හිතන් හිටියා නම් සම්පූර්ණයෙන්ම වැරදි .

යුද්ධයක් පවතිද්දී යුධ සැලසුම්කරණය වෙන අවස්ථාවෙදිමයි කඳවුරු කීයක් , කොතැනක , කොහොම හැදෙන්න ඕනෙද කියලා තීරණය කරන්නේ.

  • බංකරය / කඳවුර ඉදි කරන්නේ ඇයි :- හමුදා රාජකාරි ඉටු කරගැනීමේ නිවස්නයක් විදිහට. නැතුව ගස් යට ඉටි කොළ එලන් යුද්ධ කරන්නද කියන්නේ ?
  • එතන කව්ද ඉන්නේ :- යුධ හමුදා  සොල්දාදුවන්/නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන්.( කව්ද ඉන්න ඕනේ , කව්ද ඉන්න ඕනේ නැත්තේ කියලා තීරණය කරන්නේ ඉහළ පෙළේ යුධ සැලසුම්කරණයේ යෙදෙන්නන් විසින් )
  • කී දෙනෙක් ඉන්නවද :- ඒකත් කාලානුරූපීව වෙනස් වෙන දෙයක්. ( දරුණු යුධ පවතින අවදියක සහ සාමාන්‍ය යුධ  කඳවුරු සඳහා බලපැවැත්වෙන කරුණු වෙනස් වෙනවා.)

  • මොනවද තියෙන්නේ,ඒවා ගන්නේ මොනවටද :- වැදගත්ම ප්‍රශ්නයක්. යුද්ධයෙන් යුද්ධයට , මොහොතෙන් මොහොතට වෙනස් වෙනවා. නිකම්ම නිකම් සැහැල්ලු යුධ අවියේ සිට අති ප්‍රභල න්‍යෂ්ඨික අවියක් පවා තිබෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සිවිල් වැසියෙක්ගේ සිට අති ගරු ජනාධිපතිවරයා උනත් පැමිණෙන කඳවුරක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි යම් කිසි කඳවුරක් ඉදි කිරීමේදී , ඉදි කල යුත්තේ කොපමණ ජවයකින් යුක්තවද කියන දේ තීරණය කරන්නේ. එනම් බංකරය/කඳවුර කිනම් වර්ගයේ ප්‍රහාරයක් සඳහා ඔරොත්තු දිය යුතුද යන්න.


ආවට ගියාට කඳවුරු/බංකර් හදන්නේ නැත්තේ ඇයි ?


               මේ ප්‍රශ්නේ අහපු ගමන් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ මොළයක් ඇති කෙනෙක් නම්. අපි හදපු කඳවුර සතුරන් විසින් ජීව තත්වයෙන් අල්ලාගත් විට ඇතිවන තත්වය කොහොමද ? අපි හදපු බංකරය බර අවි ප්‍රහාරයකින් වත් විනාශ වෙන්නේ නැත්නම් මොකද කරන්නේ ? ගුවන් ප්‍රහාරයකින් විනාශ කරන්නත් බැරි නම් මොකද කරන්නේ ? ඌරගේ මාළු ඌරගෙ පිටේ තියලම කැපෙනවා නේද ? අපේම ඒවගෙන් අපිටම ගහනවා නේද ? මෙච්චර දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු මහා ලොකු මානව දයාව , දැය-අනුකම්පාවක් ගැන කතා කරන්න ඒම තමයි රටේ අවාසනාව. හරියටම බලචන්ද්‍රන්ගේ සිද්දියේදී උනා වගේම. අන්තිමට කට්ටියම සද්දේ off කරන් ගියපු හැටිත් මතකයි ලජ්ජා නැතුව. " අපි මචන් බොරුවට ඇඬුවේ " කියල පස්සේ කිව්වනේ රෙදි ඇඳන්.




                      ත්‍රස්‌තවාදී කළාපයට මුහුණ ලා ඇති ඉදිරි ආරක්ෂක වලල්ල තුල ප්‍රභල යුධ කඳවුරක් හදන්න පටන් ගත්තොත් වෙන්න පුළුවන් දේ දැන් පැහැදිලි වෙමින් පවතින්න ඕනේ ඔබට. යම් කිසි විදිහකින් සතුරන් විසින් එම ප්‍රභල කඳවුර අත්පත් කරගැනීමක් සිදු වුණොත් දරුණු පාඩුවක් වෙනවා කඳවුරේ බර අවි , උණ්ඩ , යුධ සැළසුම් පවා ගබඩා කර තිබුණොත් හරක් වගේ! සියල්ල සමග කඳවුර සතුරා අතට පත් වුණොත් සියල්ල ඉවරයි නේද..?අන්න ඒ නිසා කිසිම කඳවුරක් ආවට ගියාට හදන්නේ නැහැ.



01. ඉදිරි ආරක්ෂක වළල්ල සඳහා හදන්නේ සුළු අවි , අත් බෝම්බ වැනි ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන, අව්වෙන් වැස්සෙන් ආරක්ෂාව සැලසෙන මට්ටමේ කඳවුරු. වැලි කොට්ට , අහල පහල ගහකින්ම කපා ගන්නා ලී කොට , යකඩ තහඩු වගේ දේවල් යොදා ගෙන ඉදි කිරීම් කරනවා. ඒ වගේම ඕනෑම මොහොතක කඳවුර අත්හැර පහු බහින්න පුළුවන් විදිහටයි අවි  ගබඩා කරන්නේත්. පොළේ ගිහින් සතියටම ඕනේ බඩු ටික ගෙනත් තියාගන්නවා වගේ අවි , උණ්ඩ තියාගන්නේ නැහැ එවැනි තැනක.



02. ඉදිරි ආරක්ෂක වළල්ලට කිලෝමීටර් 5 - 8 පිටුපසින් හදන කඳවුරු සාමාන්‍ය

October 12, 2013

අද කාලේ කූඹිත් විකුණන්න පුළුවන් Ants as pets ?


                   වර්ග අඩි 2X2 ප්‍රමාණයේ කුඩා කුටියක කූඹි ජනාවාසයක් ඇති කිරීමට ඔබ කැමතිද? එම කූඹින් එදිනෙදා ජීවිතය ගෙවන ආකාරය , ආහාර ගෙන එන ආකාරය , පියවරෙන් පියවර තම ජනාවාසය විශාල කරගන්නා ආකාරය ඔබටම දැක බලාගැනීමට හැකියි. පැය 24 පුරාම මොවුන් ක්‍රියාකාරීයි. මම  දැක්කේ ජර්මනියේ සාප්පුවක තියෙද්දී. කැමති වර්ග වල කූඹියෙක් අපිට තෝරාගන්න පුළුවන්. එහෙම තෝරා ගැනීම සඳහා කූඹි වර්ග 30 පමණ ඉන්නවා.


                         ඒ ඒ වර්ගයට ගැළපෙන ආකාරයට ජනාවාසය ඔබට නිම කර දීමට මෙම කූඹි සාප්පුවේ හිමිකරු සූදානම්. සමහර කූඹි ගෙවල් හදන්නේ ලී කොට අස්සේ. සමහර කූඹි ගෙවල් හදන්නේ පොළොව ඇතුලේ. සමහර අය කොළ රොඩු අස්සේ. සමහර කූඹි කන්නේ කොළ ජාති , සමහර කූඹි කන්නේ මාංශ. මාංශ භක්‍ෂක වර්ගයක් ඔබ මිලදී ගනිද්දී අවසරයක් ගන්නත් වෙනවලු. ඒ වගේම බාහිර පරිසරයට මුදාහැරීමට අවසරත් නැහැ.


                        මේ වගේ කොලනියක් යුරෝ 50 සිට ඉහළ මිළකට මිළදී ගන්න පුළුවන්. ඔබට මුලින්ම ලැබෙන්නේ එක කූඹි රැජිනකුයි එක සේවක කූඹියෙකුයි විතරයි. ඒ දෙන්නා එකතු වෙලා තමයි ටික ටික කූඹි මිලියන ගණනක කොළනිය ගොඩනගන්නේ. දවසෙන් දවස කොලනිය වර්ධනය වෙන අයුරු බලා ඉන්නත් ඔවුන්ට උපකාර කරන්නත් ඔබට පුළුවන්. ඒ කියන්නේ ආහාර , කොළ , කොලනිය සෑදීම සඳහා උවමනා කරන කළමනා එහෙම ලබා දෙන්න ඕනේ ඔබ.


                        මෙතන ඉන්නවලු ඇමරිකන් ඩෙසර්ට් ශුලුන්ප් ක්ස් ජ්හ්ස්ක් ක්ෂ්ද්ක්ඩ් වගේ නමක් තියෙන කූඹි වර්ගයක්. එක එක වර්ග වල නම් සෑහෙන ප්‍රමාණයක් කිව්වා. මට ඇහුනේ එහෙමයි. අන්න එයාලා අවුරුදු දෙකක් යද්දී මීටර් 8 ක් පොළොව ඇතුළට යන සද්ධන්ත කොලනියක් හදනවලු. ඉතින් අවුරුදු දෙකක් අවසානයේ එම කොලනිය

October 8, 2013

අකුණු සන්නායකයක් සාදා ගන්නා ආකාරය lightning-precautions 02

ඉහළට ඔසවා ඇති බටය අවම වශයෙන් අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බටයක් වත් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනිනවා. අකුණ ගැල්වනයිස් බටයෙන් එළියට පොලා පැන්නොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.


                    මම කලින් ලියපු අකුණ පෝස්ට් එක තුළදී මම පැහැදිළි කළා අකුණක ක්‍රියාකාරීත්වය . ඒ වගේම කමෙන්ට් මගින් විශාල ප්‍රශ්න ගණනක් ලැබී තිබුණා. එම ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු මගිනුත් තවත් බොහෝ දේ අනාවරණය වී තිබුණා. මෙම පෝස්ටුව ඍජුවම අකුණු සන්නායකය සැදීම සඳහා යොමුව තිබෙන්නක් බැවින් කරුණාකර ඔබ මීට පෙර අකුණ පෝස්ටුව කියවා නැතිනම් කියවා සිටින්න.



අකුණු සන්නායකය පළමු අදියර.

                 අකුණක ස්වභාවය තමයි ඉතාම ඉක්මණින් භූගත වීම ( ග්‍රවුන්ඩ් වෙන්න බලන එක ) .   ඒ වගේම අකුණක ඇම්පියර් අවම වශයෙන් 25,000 පමණද වෝල්ටීය තාවය අවම වශයෙන් වෝල්ට් මිලියන 3 පමණ අඩංගුයි. මේ අති ප්‍රභල විදුලි ධාරාව අංශක 45 කට වඩා වැඩි කෝණයක් සාදමින් ග්‍රවුන්ඩ් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ උඩු අතට හෝ දෙපසට අංශක 45කට වඩා වැඩි කෝණයක් සාදමින් තමන්ගේ ගමන් මග වෙනස් කරන්නේ නැහැ.මේ කරුණු සැළකිල්ලට ගනිමින් අපි අකුණු සන්නායකයක් ගොඩ නගමු.





               ඉහත රූපය බැලුවම තේරෙනවා ඇති  ඔසවා ඇති යකඩ බටයේ ඉහළ කෙළවර සිට පහතට අංශක 45 ක් දක්වා යන පෙදෙස අකුණකින් ආරක්ෂාවන බව. මෙහි ඇති වාසි සහ අවාසි ගැන කතා කලොත්

01. පළමුවෙන්ම කියන්න ඕනේ දේ තමයි ඉහළට ඔසවා ඇති බටය අවම වශයෙන් අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බටයක් වත් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනිනවා. අකුණ ගැල්වනයිස් බටයෙන් එළියට පොලා පැන්නොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.

02. හොඳින් බලන්න නැවත රූපය දෙස. බටයේ උස වැඩි වන විට අකුණෙන් ආරක්ෂාවන වර්ගඵලය වැඩි වන බව පෙනේද ? එනම් ඔබගේ නිවසේ පළමු මහලේ වර්ගඵලය වැඩි නම් ඔබ අනිවාර්යෙන්ම ඉහළ උසකට මෙම බටය එසවිය යුතුය. වර්ගඵලය පර්චස් 5 ක භූමි ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට අවශ්‍යනම් ඔබ කොපමණ ඉහළකට බටය එසවිය යුතුද ?

03. ගේට්ටුවෙන් ඇතුල් උන හැටියේ පොල් ගහක් විතර උස යකඩ බටයක් උස්සලා තියෙනවා දකිද්දී ඔබේ මිතුරන් ඔබට හිනා වීමටත් පුළුවන් නේද ..?








04. මම කිව්වා අකුණක ස්වභාවය තමයි ඉතාම ඉකමණින් භූගත වීමට මාන බැලීම. ඒ කියන්නේ ඔබ අකුණු සන්නායකය ලෙස යොදාගෙන තියෙන බටය විධිමත් ලෙස පොළොව හා සම්බන්ධව පැවතිය යුතුයි. වොට්(W) මිලියන 75,000 පමණ බලයක් ගැබ් වූ ධාරාවක් එක් ක්ෂණයෙන් ග්‍රවුන්ඩ් කිරීමට තරම් ඔබගේ ඇටවුම කාර්යක්ෂම විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනින එක.

05. අඩි 57 ක් විතර දිග අඟල් දෙක හමාරේ යකඩ බටයක් මුදලින් කීයක් වේවිද ? ඒක උස්සගන්න පුලුවන්ද ජනාකීර්ණ ස්ථානයක ඇති ඉඩමක් තුල? බට කපල් කරන්නේ කොහොමද ? නිකම්ම නිකම් හිටවලා තියන්න පුලුවන්ද ? කේබල් දාන්න වෙනවා නේද ? කේබල් හුක් කරන්නේ මොනවටද ? බටයේ සිට කේබල් ග්‍රවුන්ඩ් වෙන තැන තෙක් ඈන්ගල් එක අඩුම තරමේ අංශක 27 ක් වත් වෙන්න ඕනේ. අඩි 15 න් 15 ට වත් කේබල් කරන්න වෙනවා. එහෙම බලද්දී පර්චස් 5 ක ඉඩමක මේ වැඩේ කරන්න බැහැ නේද ?



අකුණු සන්නායකය දෙවන අදියර .


                      බලන්න 02 රූපය  . මෙහි ඇති ආකාරයට බට දෙකක් සහ එම බට යා වන සේ යෙදු ශක්තිමත් කේබලයක් මගින් නිවාසය සඳහා අකුණු සන්නායකයක් නිර්මාණය කර තිබෙනවා.

October 3, 2013

02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements



              මගේ කළින් පෝස්ට් එකේදි මම පැහැදිලි කරා G force තත්වය ගැන බොහෝ කරුණු. එතැනදී පැහැදිලි වෙන්න ඇති ජෙට් නියමුවෙක්ට දරුණු ලෙස මුහුණ පාන්න වෙන අනතුරු ගැන. මේ පෝස්ට් එකේදී මම කියන්නේ තාක්ෂණික කරුණුම නෙවේ . එදිනෙදා රාජකාරි අතරතුරදී ලැබෙන අද්දැකීම් ගැන. මේක නිකන් සුහද කතා බහක් විදිහට ගෙනියන එක තමයි සුදුසුම. ( තාක්ෂණික දෙයක් දැනගන්න ඕනේ නම් කමෙන්ට් වලින් ඕනෙම දෙයක් අහන්න පුළුවන්. )


ජෙට් නියමුවන්

                 ප්‍රහාරක ජෙට් නියමුවෙක්ට මුහුණ දෙන්න වෙන ප්‍රධානම ගැටළුවක් තමයි ඔහුට හෝ ඇයට රාජකාරි කරන්න වෙන්නේ තනියම. කෙටි දුර ප්‍රහාර සඳහා යොදා ගන්නා බොහෝමයක් යානා හදලා තියෙන්නේ තනි නියමුවෙක් පමණක් සේවයේ යෙදවිය හැකි ලෙසින්. තමන්ගේ අණ දීමේ කඳවුරින් ලැබෙන අණ පිළිපදිමින් ඉලක්කය වෙත ළඟාවීම කරන්න ඕනේ. ඉලක්කය විනාශ කිරීම සඳහා අණ ලැබුණු පසු අවි භාවිතා කරන්න පුළුවන්. අවි භාවිතා කිරීමේදී පිළිපදින ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. 100% එළි කරන්න බැහැ සමහර කරුණු. නමුත් සරළව මෙහෙමයි.

1. තමන් පිටත් වන්නේ කුමණ ප්‍රහාරයක්/රාජකාරියක් සඳහාද ?

                   සිවිල් උවමනාවක් සඳහා වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුහුණු ගමනක් , එවැනි විටකදී අවි භාවිතා කිරීමට අවසර නැහැ. වෙනත් ගුවන් යානයක් වෙත හදිසි පණිවිඩයක්/අනතුරු ඇඟවීම් කරන්නත් යන වෙලාවල් තියෙනවා. නීති විරෝධී ලෙස ගුවන් සීමා උල්ලංගන කරන යානයක් වෙත ක්ෂණිකව ලඟා වෙලා අනතුරු ඇඟවීම් කරනවා. බොහෝ වෙලාවට මේ ඉලක්ක ගත යානය වෙත ගුවන් විදුලි පණිවිඩ ලබා දෙනවා වහාම ඉවත් වෙන්න / ඇයි ඔබ ඉන්නේ / මග වැරදිලාද / ඉන්ධන නැද්ද වගේ දේවල් විමසමින්. ප්‍රතිචාර යහපත් නම් ගුවන් සීමාවෙන් ඉවත් වෙනකම් ඇය ( ගුවන් යානය ) පිටුපස යනවා. ඇයගේ ඉවත් වීමත් සමග නැවත කඳවුරට එනවා.

හැබැයි ප්‍රතිචාර අයහපත් නම්

             මෙතන ඉඳන් එම ගුවන් යානය සතුරු ඉලක්කයක් බවට පත් වෙනවා. කඳවුරේ අණ පරිදි සතුරු යානය වෙත ළඟා වෙනවා එහි නියමුවා සමග දෘශ්‍ය ලෙසම සම්බන්ධ වෙන මට්ටමටම. ( ඒ කියන්නේ නියමුවන් දෙන්නට දෙන්නම පේන ගාණට ලං වෙනවා. සමහර විට මේ අවස්ථාවේදී වේගය පැකිමි. 1500 පැනලා තියෙන්න පුළුවන්. උස මට්ටම අඩි 15,000 පැනලා තියෙන්නත් පුළුවන්. ) සතුරු යානයේ නියමුවාට අතින් සංඥා කරනවා වහාම ඉවත් වෙන ලෙස.





http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili