දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

June 27, 2013

තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?




            දියණිය සමග නොයෙක් වර රාත්‍රීන්හි වීදි හි ඇවිද යන්නටත් , කඩ සාප්පූන්හි ඇවිද ගොස් බඩු බාහිරාදිය ගෙන එන්නටත් සිදු වේ.ඈ ගෙදර නවතා යන්නට හැකි සෑම විටකම මා එසේ කලද රථයෙන් ගමන් ගන්නා විටකදී වුවද ඈ විමසිලමත්ව ඒ මේ අත බලයි. ඒ නොයෙක් අවස්ථාවන්හීදී නිරතුරුවම ඇයට දක්නට ලැබෙන්නා වූ දේ ගැන මාගෙන් එවෙලෙහිම ප්‍රශ්න කරන්නටද වෙයි.

              දැනට දියණිය වයස අවුරුදු 7 සීමාවෙහි පසු වුවද ඈ ඉතාම කුතුහලයෙන් ලෝකය හඳුනා ගනිමින් සිටින්ණියක්ව ඇත.ඇයගේ හැසිරීමද , ඉගෙනීමේ වේගයද බොහෝ සෙයින් වේගවත්ය.. එබැවින් මගට බැසි මොහොතේ සිට නේක විධ ප්‍රශ්න වැල් මා හා එක්ව විසඳා ගැනීමට ඇය උනන්දුය , උත්සුකය .


           විටක හිම වැටීම පිළිබඳව ප්‍රශ්න කරන ඈ තව විටක මගේ උරයට වැටි තද නින්දෙහිය.. නින්දෙන් අවදිව යලි ඒ ගැන විමසයි.. දිය බිඳිති , හිම පියළීන් බවට පත් වන්නේ යැයි මා කියූ විට " තාත්ති අපිටත් බැරිද ඒවා හදන්න " යැයි විමසා සිටි..

" පුළුවන් මගේ පැටියෝ පුළුවන්, ඒත් හිම කුණාටුවකට ඕනේ තරම් හිම හදන්න නම් දූගේ තාත්තිට බැරි වේවි " මා එසේ කියූ විට මා හා එක්ව ඇයද හුරතල් හඬින් සිනා සේ..
.hehe.

           ඇගේ ස්වභාවය මා හොඳින් අවබෝධ කරගෙන ඇති නිසා සෑම විටකදීම නගන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ඇයගේ දැනුම් තේරුම් ඇති සීමාවෙන් දීමට මා උනන්දු වෙමි. වචනයෙන් දෙකෙන් මග හැර යන්නාක් මෙන් වූ පිළිතුරු කිසි විටක නොදෙමි..
dont.


            අවදිව සිටිනා සෑම විටකම මා හා එක්ව කතා බස් කිරීමට ඈට බොහෝ මාතෘකා ඇත..හිම පියළි ප්‍රශ්නය අහවර වූ සැණින් මීළඟ ප්‍රශ්නය වලාකුළු ගැන විය හැක , එසේත් නැත්නම් පෙර දිනක දුටු යෝධ පැන්ඩාවෙක් ගැන විය හැකිය..එසේත් නැතිනම් ඒ පැන්ඩාගේ යෝධ කළු පැහැ බෝල දෙක ගැන විය හැකිය..
roll.එය කුමක් ගැන වුවද මා ඒ සියලු දෙයට මුහුණ දිය යුතුය..ඇතැම් විටක අසන ප්‍රශ්නයට පිළිතුරු දීමටත් ප්‍රථම නොදැනුවත්වම මා ඇයව සිප ගෙනද අවසන්ය..ඒ තරමටම බොහෝ ප්‍රශ්න මුවගට සිනා නංවන සුළුය ..hehe1.මගේ උරයට තුරුළුව හුරතල් හඬින් යම් යම් දෑ අසන විට , මා මගේ පුංචි කටකාර ගිරවියව සිපගෙන සිපගෙන යන වාර අනන්තය..

           මාගේ රාත්‍රී ගමන් බිමන් නිසාවෙන්
spy.බොහෝ අවස්ථාවන් හීදී ඈට වීදීන්හි සරන අබිසරු ලියන් දක්නට ලැබී ඇත. ඇයත් මාත් ජීවත් වන පරිසරය අනුව එවන් දෑ ඇගේ නෙතු ගැටීම වැළක්වියද නොහැකිය. මං මාවත් හි සරන එවැනි කාන්තාවක ඇගේ නෙතු නොගැටී සිටීමට නම් මාගේ රථය තිර රෙදි වලින් හෝ ආවරණය කර ධාවනය කිරීම සිදුකළ යුතු වේ. එවැන්නක අවශ්‍යතාවයක් මට නැත ,මන්ද කෙදිනක හෝ දියණිය මේ ගැන දැනගන්නා බැවිනි . එසේම මෙවන් දෑ ඉදිරියේදී මීටත් වඩා වැඩි වන්නා වූ නිසාද මා කෘතීමව ඇයට ලෝකයක් මවා පෑමට නොයමි..වෙනසකට ඇත්තේ ඈ ඉක්මණින් ලෝකය හඳුනා ගනිමින් සිටීම පමණකි..


              මිනිසෙකුට ජීවත් වීමට ස්ථීර වාසස්ථානයක් ඇති බවද , තද ශීතල ඇති විටක කිසිවෙක් එළි නොබසින බවද ඈ මේ වන විට හොඳින් දනී. එවැනි වටපිටාවක සීමිත පුද්ගලයන් පිරිසක් පමණක් මෙසේ එළි මහනේ සිටීම ගැන ඈ නොයෙක් වර කල්පනා කර ඇති බව මා දැනගත්තේ නොබෝ දිනකදී මගෙන් ඇසු ප්‍රශ්න මාළාවක් නිසාය..
search.


" තාත්ති තාත්ති , අර ආන්ටිලා ඇයි පාර අයිනේ ඉන්නේ "


" ඒ පුතේ නිකන් වෙන්න ඇති " ( පොලිසියේ අය වගේ රස්සාවට කිව්වොත් කතාව දුර දිග යනවා )


" එයාලට ගෙවල් නැද්ද "


" අපෝ නගරෙන් ඈතට යද්දී ඇති " ( ගෙවල් නැහැ කිව්වොත් අහයි එහෙනම් ගෙදර එක්කන් එමුද කියලා )


" එයාල මොකද කරන්නේ තාත්තේ "


" විවේකෙන් ඉන්න එන්න ඇති පුතේ " ( වෙන මොනවා කියන්නද මම )



" එයාලගේ ලොකු කුක්කු වලට සීතල නැද්ද "


             මෙවැනි මට්ටමට සංවාදය පැමිණි පසු තව දුරටත් කතා බහ වෙනතක ගෙනයෑමෙන් පලක් නැති බව තේරුම් ගත් මා , ඇයට පැහැදිළි කරන්නට තීරණය කළෙමි.


         " ඒ ඉන්නේ පුතේ පුංචි කාලේ දඟ වැඩ කරපු බබාලා . ඉස්කෝලේ යන්නේ නැතුව හිටපු නරක බබාලට ලොකු උනාම කව්රුත් රස්සාවක් දෙන්නේ නැහැනේ පැටියෝ
.. ඉතින් තාමත් එයාල නරක ළමයි වගේ විහිළු කර කර මෙහෙම ඉන්නවා... මගේ පුතා එහෙම ඉස්කෝලේ යන්නේ නැති නරක බබෙක් වෙන්න එපා ..හාද මගේ පැටියෝ ..? "

" හා තාත්ති "
( ඔන්න ප්‍රශ්නේ ඉවරයි )


        පොදුවේ ඔවුන් නරක ළමයි කොට්ඨාෂයක් ලෙස දැන් දියණිය හඳුනාගෙන ඇත. මතු දිනක ඈ මීට වඩා දෑ මෙවන් සිදුවීම ගැන ඉගෙන ගනු ඇත. එහෙත් දැනට සුළු හෝ වැටහීමක් ලබා දී තිබීම වටි යැයි මා සිතමි. නැතිනම් තව අවුරුදු කීපයකින් " තාත්ති තාත්ති , ගණිකාවක් කියන්නේ කව්ද and what is prostitution " යැයිම මගෙන් වීමසු විට තත්වය සංකීර්ණ වනු ඇත
ayyo.... ( මන්ද ඇගේ සංකීර්ණ හරස් ප්‍රශ්න කිරීමේ විධි ගැන මා හොඳින්ම දන්නා නිසාවෙනි )






මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!



ප.ලි. පෙර දිනකදී අපේ නලියාගේ පෝස්ට් එකක් තුළදී , කෙන්ජි අයියා විසින් නැගු ප්‍රශ්නයක් නිසාවෙන් මට මේ ලිපිය ලියන්නට සිත් විය..ලිපිය ලියූවද පල නොකර සිටීමට තීරණය කර සිටි අවස්ථාවේදී මා උනන්දු කර වූ මගේ මිතුරියක වන සමාධිට ස්තූති වන්ත වෙමි..!

132 comments:

  1. පොඩි ළමයි අහන ප්‍රශ්න වලට බෙල්ල බේරාගෙන උත්තර දෙන්න පුලුවන් නම් ඔහු සැබෑ බුද්ධිමතෙකි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉවෝන් අපේ මූණ රතු වෙනවා එයාල අහන ඒවට ...කොහොම හරි දරුවගේ සීමාවෙන් එයාට තේරුම් කරලා දීමයි වටින්නේ..ස්තූතියි ඉවෝන් මෙහි ආවට...ඔයා අලුත් පෝස්ට් එකක් එහෙම දැම්මොත් කියන්න..මොකද මගේ බ්ලොග් රෝලේ 300 පැනලා නිසා අලුත් බ්ලොග් දාගන්න විදිහක් නැහැ...

      Delete
    2. ලියන්නත් දාලා තිබ්බා කාලෙකට කලින් මීට සමාන කතාවක්

      Delete
    3. ස්තූතියි උවිනරන් ලින්ක් එක බෙදා ගත්තට..ඉන්න මම හෙමීට බලන්නම්..

      Delete
  2. පියෙකු ලෙස සාර්තක පිළිතුරක් ඔබ දි ඇත. මේගැන වැඩිමනක් කතා කරන්නට රැවෙලා එන්නම් දැනට මේ ඇති.

    ReplyDelete
    Replies
    1. අජෝවි අපේ වැරදි විථරධ පේන්නේ යඛෝ....

      Delete
    2. @ නලින්
      එන්න එන්න ඉක්මනට එන්න..රෑ වෙද්දී මෙතන මොනවගෙන් මොනවා වෙලා තියේද මන්දා ..ඔය පේන්නැද්ද දැනටම වෙලා තියෙන දේ ...:P

      @ දේශා

      අනේ නැහැ මට නම් කිසිම වරදක් පේන්නේ නැහැ උඹලගේ..ගෙවන මුදලට උපරිම සත්කාරය නෙව...

      Delete
    3. @ හැලපේ

      තැන්කුයි තැන්කුයි...( මට හරියට තේරුනෙත් නැහැ )

      Delete
    4. නලින් අයියා දැන් රෑ ගමන් වැඩියි,

      Delete
    5. නලින් අයියේ රැවෙලා අපේ පැත්තෙත් ඇවිත් යන්න

      Delete
    6. @ ඉවෝන් අටම්

      ඕව නම් කැත වැඩ මචන්ලා..මුළින්ම ඉල්ලුවේ මම...

      Delete
    7. එයා රෑ වෙලා ගමන් බිමන් වලට තමයි කැමති වියපත් බඹරා හි හි

      Delete
  3. ඔව් අපි අද දරුවට දෙන උත්තරය දරුවගේ මුලු ජීවිත කාලය පුරාවටම මතක හිටිනවා. තවත් එකක් පන්සලේ විහාර ගෙට බුදුන් වදින්ට ගිය පවුලක් ගැන. පුංචි දරුවා තාත්තගෙන් අහනවා සැරියුත් හාමුදුරුවෝ පෙන්නලා අර ඉන්නෙ කවුද කියලා. තාත්ත කියනවා අමම්ගෙන් අහ ගනින් කියලා. පුංචි දරුවා අම්ම ලගට ඇවිත් අම්මගෙන් අහනවා මුගලන් හාමුදුරුවෝ පෙන්නලා අම්මෙ අර කවුද ඉන්නෙ කියලා අම්මා කියනවා තාත්තගෙන් අහගන්න පුතේ කියලා......ඉතින් ඔය විදියට අර දරුවට ඔක අහන්න ගියොත් එයාගෙ ජීවිතේටවත් මුගලන් හාමුදුරුවොයි සැරියුත් හාමුදුරුවොයි දැනගන්න වෙන්නෙ නැ. අපි හැම දෙයක් ගැනම නොදන්නවා විය හැකියි නමුත් අපි ඒ අහන දේවල් දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් හරි අහල පොඩිදරුවන් අහන දේවල් වලට උත්තර කියල දෙන්න ඕන අරයගෙන් අහන්න මෙයාගෙන් අහන්න කියලා දරුවව මානසිකව වට්ටන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් වැව් ඉස්මත්ත මමත් බොහෝ විට ළමයි අහන දේවල් ගැන කියලා දෙනවා..කිසිම වෙලාවක ප්‍රශ්න මග හරින්නේ නැහැ..උත්තර නොලැබෙන වෙලාවට එයාල උත්තර හොයන් යනවා..අන්න ඒක භයානකයි ගොඩක්...

      ස්තූතියි මිත්‍රයා මෙහි එම ගැන..ඉඩක් ඇති විටක නැවත එන්න..

      Delete
  4. ටයිටල් එක දැක්කම ඉතින් මොනවත් නොලිය කොහොමද?
    පව් අනේ ඒවත් සීතලේ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ , මටත් ඉහිලුම් නැහැ මා මිත්‍ර බති සහෘදය ...

      Delete
  5. පුංචි පැටව් ඉගෙන ගන්නෙ අපි කියන දේ අහලයි. හරි හමන් පිළිතුරක් නොලැබුනොත් එයාල අසරන වෙනව. එයාලගෙ ලෝකෙ ප්‍රශ්න වලින් පිරිල. එහෙම තමයි දෙයක් දැන කියාගන්නෙ. ඒවා කියල දෙන එක අපේ යුතුකම නේ.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා චන්දිව..ඒක ඇත්ත , දැන් අපි උනත් ඕව ගැන දැනගත්තේ වෙන කාගෙන් හෝ අහලනේ..මට මතකයි ඉස්සර අපි 8 වසරේ වගේ ඉද්දි තමයි ඕව ගැන උනන්දු උනේ... හැබැයි අපේ සගයෝ මාර්ගෙන් තමයි අපි තොරතුරු සම්පාදනය කරගත්තේ..[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      අපේ කාලේ වගේ නෙවේනේ චන්දි අද ලෝකේ..මේ ළමයි කොහෙන් මොනවා ඉගෙනගෙන පහු වෙනිදට මොනවා කරන් ඒවිද මන්දා..ඉතින් නිතරම යාලුවෙක් වගේ පස්සෙන් ඉන්න වෙනවා...

      ඉඩක් ඇති විටක නැවත එන්න චන්දි, ඒ වගේම පහු ගිය පොස්ට්ටුත් ටිකක් බලන්න උඩින් පල්ලෙන් හෝ...

      Delete
  6. ළමයා දැනුම් තේරුම් ඇති වයසට පත්වේගෙන එනකොට. හැම දෙයක්ම තේරුම සහිතව කියල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. පුන්චි ළමුන්ගේ තියෙන්නේ හැමදෙයක්ම දැනගැනීමේ ආශාව කුතුහලය... පොඩි අය හරිම විමසිලිමත් ලොකු අයට වඩා, එයාලගේ ප්‍රශ්න වලට සතුටු දායක පිළිතුරු නොලැබුනොත් එයාලා පසුව වෙනත් අයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා.. ඒක නිසා නිසි වයසේදී දරුවන් දැනුවත් කිරීම දෙමාපියන්ගේ යුතුකමක්...

    ReplyDelete
    Replies
    1. චමියා ගොඩ කාලෙකින් නේද ..?අද ළමයින්ට සෑහෙන්න දේවල් තේරෙනවා බන්..අපි නම් ඔය කාලේ මෙලෝම රහක් නැහැ..ඒකට දැන් ළමයි..වෙන එකක් තියා මගේ ළඟ පුංචි ක්ලිප් එකක් තියෙනවා ----------------- ඉන්නකෝ මම එවන්නම් උබට වෙලාවක...

      \\\\එයාලගේ ප්‍රශ්න වලට සතුටු දායක පිළිතුරු නොලැබුනොත් එයාලා පසුව වෙනත් අයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා..\\\

      ප්‍රධානම ගැටලුව මෙන්න මේකයි චමි..අපි ප්‍රශ්නයක් මග අරිනවා කියන්නේ බරපතල වරදක්..අනිවාර්යෙන් මේ ළමයා වෙන අය ළඟට යනවාමයි උත්තර හොයන්..මගේ අදහස තමයි දරුවෙක්ට වයස 12 සිට 15 දක්වා කාලයේදී , ටිකෙන් ටික ලිංගික එක් වීම දක්වාම අධ්‍යාපනය දිය යුතුයි..

      වයස 14 වෙද්දී නම් අනිවාර්යෙන්ම දියණියන් ලිංගික කරුණු ගැන දැනුවත් කරලා තියන්නම ඕනේ..

      Delete
  7. පොඩි කාළේ ඉඳලම දරුවන්ගේ හිත් වලට එහෙම දැම්මම. වැරදි මිනිසුන් කොටසක් ලෙස තමයි ඉදිරි පරම්පරාවත් දකින්නේ. ඊට වඩා නරක නැද්ද.. වැඩ ඉවර වෙලා තියෙන්නේ දැන්ද කොහෙද, හස්බන්ඩ්ලා එනකන් හරි, වෙහිකල් එක අනකන් හරි ඉන්නවා කිව්වනම්. එතකොට තේරෙන දවසක එයා තාත්තා ගැන උනත් පහන් සිත් ඇති කර ගනීවී. මහ මිනිස්සු තමයි මල් කැකුළු වලට ජරාව එකතු කරන්නේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් මේ ලංකාවේ සිද්ධියක් නොවේ මං හිතන්නේ යුරෝපයේ. සහන් මේ කතාව කියන්නේ එහේ ඉන්න කාලේ වු දෙයක් මට හිතෙන්නේ. එහේ සමාජ රටාවත් එක්ක මෙහි වරදක් මම නොදකිමි.

      Delete
    2. එහේ සමාජේ තියා කොහේ සමාජේ උනත්. දරුවගෙ ඔළුවට දාලා තියෙන්නේ විසක්. අනික උගත් අයත් මේ රැකියාවේ යෙදෙන්නේ ඕන තරම්.. වෙන රටවල් ඕන නෑ.. ලංකාවෙම...

      Delete
    3. \\\වැරදි මිනිසුන් කොටසක් ලෙස තමයි ඉදිරි පරම්පරාවත් දකින්නේ. ඊට වඩා නරක නැද්ද.. වැඩ ඉවර වෙලා තියෙන්නේ දැන්ද කොහෙද, හස්බන්ඩ්ලා එනකන් හරි, වෙහිකල් එක අනකන් හරි ඉන්නවා කිව්වනම්.\\\

      ඉතින් එයාලා නෝටි ඇන්ටිලා ටිකක් තමයි මාතලන්.. එහෙම ඉන්න අයව වෙන් වෙන්ව අඳුනවනවා මාතලන් මෙයා..බාගෙට ඇඳන් හෙළුවෙන් ඉන්නේ නැහැනේ වැදගත් නැන්දලා..ඒ වගේම සරාගී ඉරියව් වලින් ඉන්නෙත් නැහැනේ ..ඒ වෙනස දරුවන්ට තේරෙනවා..

      \\\එතකොට තේරෙන දවසක එයා තාත්තා ගැන උනත් පහන් සිත් ඇති කර ගනීවී. \\\

      තේරුම් කරන්න වෙන්නෙත් අපිටමයි මාතලන්..වෙන කෙනෙක් වැරදි අවබෝදයක් දෙනවට වඩා අපිම ඒවා ගැන කියලා දීම තමයි විය යුත්තේ...

      \\\මහ මිනිස්සු තමයි මල් කැකුළු වලට ජරාව එකතු කරන්නේ..\\\

      ජරාවක් එක් කරලා නැහැ මාතලන් මෙතැනදී නම්..නෝටි ළමයි කියන දේ ඒත්තු ගැන්වීමක් තමයි කරලා තියෙන්නේ..තව ලොකු වෙනකොට කියලා දෙනවා ලිංගික ශ්‍රමිකයන් ගැන විවෘතව ..( ඒ වගේම එහි ආදීනව , මොකද මම කැමති නැහැ මගේ දුව අබිසරු ලියක් වෙනවා දකින්න.. )

      ( කොක්කට නෙවේ ඈ )

      Delete
    4. @ මාතලන්

      \\\එහේ සමාජේ තියා කොහේ සමාජේ උනත්. දරුවගෙ ඔළුවට දාලා තියෙන්නේ විසක්. අනික උගත් අයත් මේ රැකියාවේ යෙදෙන්නේ ඕන තරම්.. වෙන රටවල් ඕන නෑ.. ලංකාවෙම...\\\

      මාතලන් කියන්න බලන්න පැහැදිළි කරන්න සුදුසු විදිහ...

      Delete

    5. @ නලින්

      \\\මාතලන් මේ ලංකාවේ සිද්ධියක් නොවේ මං හිතන්නේ යුරෝපයේ. සහන් මේ කතාව කියන්නේ එහේ ඉන්න කාලේ වු දෙයක් මට හිතෙන්නේ. එහේ සමාජ රටාවත් එක්ක මෙහි වරදක් මම නොදකිමි.\\\

      මම හිතන්නේ මම දීපු උත්තරේ හැම අතින්ම ගැළපෙනවා නලින් අයියේ.

      Delete
    6. ඒක මම කොමෙන්ට් එකේම කියලා ඉවරයි.. නෝටි කියන්නේ නරක කියන් එක නේද..?

      ඒක නරක රස්සාවක්ද?

      Delete
    7. නැහැ මාතලන් නොගැලපෙන ‍රැකියාවක්..නේද..!

      Delete
    8. අනිවාර්යෙන්ම නරක රස්සාවක්..මම නම් මගේ දුව අබිසරු ලියක් වෙනවට කිසිම දාක කැමති නැහැ.. ( මම අබිසරු ලියන් හමුවට යනවද නැද්ද කියලා අහන්න එපා හොඳද ..හරි නැහැනේ...:P )

      Delete
    9. අත පය දන් දෙන එක. ලේ දන් දෙන එක, ජීවීතය දන් දෙන එක. ආත්ම පූජා, උතුම් ක්‍රියා, නිවන් දකින පින්. අසහනයෙන් ඉන්න අයගේ පිපාසය සන්සිඳවන එක, ඔවුන් සතුටු කරන එක මහා පාපයක්. මතක තියා ගන්න. බුදු හාමුදුරුවන්ගේ කාළේත්. මේක ඉතා වැදගත් රැකියාවක්. බුද්ධ චරිතය හොඳට කියවලා බලන්න. කිසිම ආගමික නායකයෙක් මේ රැකියාව හෙලා දැකලා නෑ. මරියා මැක්දලේනා ගැනත් කියවන්න. බොහොම ස්තූතියි.. ගෝත්‍රික හිතවතුනි. මගේ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

      Delete
    10. මරිය මනදලේනා යනු අභිසරුලියක් බව ඇත්තකි. එහෙත් පසුව ජේසුස් වහන්සේගේ ධර්මය අනුව ජීවිතය වෙනස්කරගෙන උතුම් කාන්තාවක් උනෙත් ඇයම තමයි.

      Delete
    11. @ෂාන් & මාතලං උඹලා දෙන්නා අහලා තියනවද අර පොඩි දරුවෙකුට ඔය ගැන කියලා දෙන්න ගිය ඩ්‍රයිවර්ටයි , ඒ දරුවගේ අම්මාගෙයිව කතාව

      Delete
    12. @ චමි

      මෙතන ඉන්නේ පොඩි දරුවෙක්..ඔයා කියන දේවල් ඔය දරුවට තේරෙන්නේ නැහැ..වයසට ගැළපෙන්න කතා කරන්න ඕනේ..


      @ මාතලන්

      වයස අවුරුදු 7 ක දරුවෙක්ට ඕව තේරෙනවද මාතලන් ...? අනේ මන්දා බන් උඹ එන්න එන්න මානසික රෝගී තත්වයකින් පෙළෙනවා වගේ..උඹට සිරාවටම මොළේ හොඳ නැදද යකෝ මේ ඉන්නේ අවුරුදු 7 ක දරුවෙක්. එයාට ගැළපෙන උත්තරයක් මම දීලා තියෙන්නේ කියලා දරුවෙක් ඉන්න , වැඩිහිටි මනසක් තියෙන , මානසික රෝගී නොවන ඕනෙම කෙනෙක්ට තේරේවි...

      මේ දරුවට වයස 14 වගේ වෙද්දී මම ගණිකා වෘතිය ගැන කියලා දෙන්නම්...


      @ අටම් උඹ කියපන් බලන්න මචන් සීන් එක අපිටත් දැනගන්න එක්ක..

      Delete
    13. හික්ස්... මානසික රෝගියා කව්ද කියලා පෝස්ට් එකේ හෙඩින් එකෙනුයි. ඔවුන්ගේ පහස ලබාගැනීම ගැන දාලා තියෙන කොමෙන්ට් එකෙනුයි කියන්න. පුළුවන්. අඩුගානේ ඔවුන්ගේ සේවය ලබා ගන්නවා නම්. ඒ ගැන ස්තූතියක් වත් කරපන්. උඹ ඔවුන්ගේ සේවය ලබාගන්න බව කීප තැනකම කියලා තිබුනා. එහෙම නම් උඹට කියන්න තිබුනා. උගත් අයත් ඔය නෝටි ආන්ටිලා එක්ක නිදාගන්න යනවා කියලා..

      Delete
    14. @ මාතලන්

      බලන්න ඔබගේ ප්‍රතිපත්තියක් නැති හැටි.

      ඔබ දැන් බුදුන්ගේ කාලය ගැන කතා කරනවා තම මතය තහවුරු කරගන්න. නමුත් කාලයට අනුව බුදුන් ගේ ධර්මය පවා වෙනස් වෙන්න ඕන කියන්නේ ඔබමයි නලින් භාෂාව පිලිබඳව යහපත් අදහසකින් වැඩක් කරන්න ගියාම එකට හරස් වෙලා ඔබ කියනවා භාෂාව කාලනුරුපිව වෙනස් වෙන්න ඕන කියලා.

      මේ රැකියාව ගැන විතරක් සදාකල් ගෞරවයෙන් සලකන්න ලෑස්තියි. ඔබ එම රැකියාව ගෞරවයෙන් සලකනවානම් ඔබගේ බිරිද, දුව, සහෝදරියන් ඒ සඳහා යොදවන්න සුදානම්ද? නැහැ නේද? මේ නිකන් බොරු තර්ක විතරයි. මෙයට තමයි ගෝත්‍රික මානසිකත්වය තියෙන්නේ. එම මානසිකත්වයෙන් පෙළෙන්නේ ඔබමයි.

      Delete
    15. @ මාතලන්
      \\\මානසික රෝගියා කව්ද කියලා පෝස්ට් එකේ හෙඩින් එකෙනුයි. \\\
      වයස අවුරුදු 7 ක දරුවෙක්ගේ ප්‍රශ්න කිරීම් ගැන වැටහීමක් නැති මිනිහෙක් එක්ක කතා කරලා පලක් නැහැ..

      \\\ඔවුන්ගේ පහස ලබාගැනීම ගැන දාලා තියෙන කොමෙන්ට් එකෙනුයි කියන්න. පුළුවන්.\\\

      උඹ කට ඉස්සර කරන්න කළින් තමයි මම ඔය ගැන අදින්න එපා කිව්වේ..මම ගණිකාවන් ඇසුරු කරන්නේ නැහැ..නමුත් එවැනි පහත් ප්‍රශ්න අහන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න නිසයි මම මුළින්ම කිව්වේ ඒවා අදින්න එපා කියලා..තේරුනාද මේ ළමයට ..? :P


      \\\අඩුගානේ ඔවුන්ගේ සේවය ලබා ගන්නවා නම්. ඒ ගැන ස්තූතියක් වත් කරපන්. \\\

      වයස අවුරුදු 7 ක දුව ඉස්සරහ ...? ඉතාම විහිලු ජනකයිනේ මාතලන් ඔයා ...:D


      වයස අවුරුදු 7 ක පුංචි දරුවෙක්ට කතා කරන්න ඕනේ විදිහ වත් නොතේරෙන මනුස්සයෙක් එක්ක කතා කරලා පලක් නැහැ...මට දුකයි මහාචාර්ය මාතලන්ගේ දරුවෝ ගැන...

      Delete
    16. මගේ දුව අම්මා සහෝදරියෝ ගැන කතා කරන්නේ. ඔහේලගේ ඒ වගේ කෙනෙක් මේ තත්වේ උන්න නම් ඔහේලා කොහොමද සලකන්නේ. අනේ නිකන් ඉන්න පින්වත් සුචරිත මහත්තුරු. හක්කේ බුදු රැස්. බොක්කෙ දඩ මස් කියන්නේ ඔහේලට තමයි..

      සහන් අවුරුදු වල ප්‍රශ්ණයක් නෑ. මම ගනිකාවෝ ගැන දරුවට කියලා දෙන්න කිව්වේ නෑ. මම කිව්වේ "නෝටි" කියලා කියපු කතාව ගැනයි. ඔබට ඕන තරම් වෙන දේවල් කියන්න තිබුනා. අනෙක් ප්‍රශ්නවලට බොරු කියන ඔබම, මේකට විතරක් "නෝටී" කියලා ඉඟියක් දෙනවා. අවුරුදු 13 දී ඔයාගෙන අහන්න එන්නේ නෑ. එතකොට යාළුවෙක්ගෙන අහලා දැන් ගනියි. නමුත් අවුරුදු හතෙදී ඔබ දුන් පිළිතුර මතක තියේවී. ඔබත් මමත් අප කිසිවකුත් මේ දේ කරන්න ඕන කියලා මේ ළෝකේ බිහිවෙන්නේ නෑ. සමාජයෙන් හෝ පවුල්පසුබිමින් හෝ ආර්ථික හේතූන් මත හෝ තවත් විවිධ දෑ හේතුවෙන් තමයි කෙනෙක් රැකියාවක් හොයා ගන්නෑ. ළෝකයේ මුල්ම රැකියාවට අගෞරව කරන්න එපා කියන ඉල්ලීම විතරයි මට ඔහේලගෙන් ඉල්ලන්න තියෙන්නේ.

      මගේ දරුවෝ ගැන සහන් දුක් වෙන්න එපා. මම ඔබේ දරුවා ගැන කතා කලේ නෑනේ. මම කතා කලේ ඔබ ගැන පමණයි. නමුත් මම නම් දරුවන්ට බොරු කියන්නේ නෑ. මිනිස්සුන්ට ආදරය කරන්න මිසක්. හෙලා දකින්න, වෛර කරන්න උගන්වන්නේ නෑ. මමත් එහෙම නෑ. එහෙම කෙනෙක් නම් මම සහන් කියවන එක නවත්තලා ගොඩක් කල්. බොහොම ස්තූතියි සංවාදයට. අයිලාස්ටත් ස්තූතියි.. නලින් දන්නවා මම කව්ද කියලා.. ඒ නිසා ඒ ගැන කළබල වෙන්න එපා..

      Delete
    17. @ මාතලන්

      ගණිකාව නීතිගත කිරීම වැනි මාතෘකා සහ වයස 7 ක දරුවෙක්ට ගණිකාව ගැන කීමයි කියන්නේ දෙකක් මාතලන්....අනිත් දේ මම මගේ දුවණිය ගණිකාවක් වෙනවට කැමති නැහැ..ඒ නිසා එයාව පොඩි කාලේ ඉඳලා එවැනි දේ වලින් ඈත් කරනවා, ඒවා නරක දේවල් කියලා කියනවා..හරිම සරළයි...සමාජ අපචාර වලින් දරුවන්ව ඈත් කිරීමයි දෙමව්පියන්ගේ වගකීම ... සමාජ අපචාර වලට අනුබල දෙන තාත්තෙක් දක්කමයිද කොහෙද මේ...:D

      Delete
    18. @ මාතලන්
      //මගේ දුව අම්මා සහෝදරියෝ ගැන කතා කරන්නේ. ඔහේලගේ ඒ වගේ කෙනෙක් මේ තත්වේ උන්න නම් ඔහේලා කොහොමද සලකන්නේ.//

      ඒ වගේ කෙනෙක් මේ තත්වේ හිටියනම් කොහොමද කියන එකට වඩා වැදගත් වන්නේ ඒ වගේ තත්වයකට කෙනෙක් පත්වීමෙන් වැලැක්වීම බව ඔබතුමාට තේරෙන්නේ නැතිද?

      ඔබ තුමා නම් ඒවගේ තත්වයකට කෙනෙක් පත්වෙනවාට කැමති ඇති, මොකද ඔබට අනුව එය ගෞරවාන්විත රැකියාවක් නිසා.

      Delete
    19. මගේ අදහස. ඔබේ දැක්මෙන් බලන්න එපා. මම කියන්නේ වෙන දෙයක්, ඔයා කියන්නේ වෙන දෙයක්. මම කියන්නේ ඔවුන් දෙස සානුකම්පාවෙන් බලන්න කියන එක පමණමයි. ඒකට මගේ පවුලේ අයයි දරුවොයි, ඔක්කෝම අල්ලගෙන වැඩක් නෑ. කරුණාකරලා ඒ රැකියාව කරන අයට ගරු කරන්න. එයත් තව රැකියාවක් පමණයි. හැකිනම් නවත්වන්න.

      Delete
    20. @ මාතලන්

      ආන්න හරි..ඔය එන්නේ නියම මාර්ගෙට..වැඩිහිටියෝ විදිහට අපි සමාජයේ වෙසෙන අබිසරු ලියන් ගැන සානුකම්පාවෙන් බැලිය යුතුයි.. නිග්‍රහ කරන්න හොඳ නැහැ..එවැනි අයව පුළුවන් තරම් එයින් මිදවීම සඳහා කටයුතු කරන්නත් ඕනේ... ( අසරණ කම නිසාම ඇඟ විකුණන් කන්න සිද්ධ වුණු අයව එයින් මුදවන්න ඕනේ..පුද්ගලිකව මම නම් එහෙම උපකාර කරපු අවස්ථා තියෙනවා..මගේ දියණිය මතු දිනක ඒ ගැන නම් සතුටු වේවි, තාම පොඩියි ඕව කියන්න )

      Delete
    21. @ මාතලන්

      මම ඔබට හෝ ඔබ ගේ පවුලේ කිසිම කෙනෙකුන් හට පුද්ගලිකව පහර ගැසීමක් කළා හෝ ඔබහේ හිත රිදවීම පිණිස මෙතනට ඔවුන් සම්බන්ධ කලා නොවේ. එසේ කල විට ඔබට ඇතිවූ සිත් වේදනාව ගැන මම ඉතා කණගාටු වෙනවා. අන් අයට ගර්හා කිරීමෙදී ඔවුන්ටද, මේ ආකාරයෙන්ම සිත්වේදනා අතිවෙන බව දැන්වත් ඔබට තේරෙනවාද?

      මෙතැන ගැටලුව වුනේ, සැම විටකම ඔබගේ මතය හා එකඟ නොවන අය වෙත ඔබ දක්වන ආකල්පය සහ එම අය වෙත සෑම විටකම ගෝත්‍රික වාදීන් වැනි ලෙස අපසහත්මක ලෙස කතා කිරීමයි.

      මිත්‍රයා, ඔබගේ හෝ වෙනත් කිසිවකුගේ මතය සැම විටම ලෝක සත්‍ය නොවන නමුත් ඒ ඒ අයට තමන්ගේ මතයන් දැරීමට මෙන්ම ප්‍රකාශ කිරීමටද අයිතියක් ඇති බව පිළිගන්න. එම මත ඔබගේ මතය සමග සමපාත නොවන අවස්ථාවන්හිදී ද ඔවුන්ගේ අදහස් වලට මෙන්ම එම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන්න.

      සමාජයේ බොහෝ දෙනෙක් ගරු නොකරන ගණිකාවන් වෙත ද ඔබ තුමා දක්වන ගරුකිරීම ඉතාම අගය කරනවා. අපද කිසිවිටක ඔවුන් වෙත අපහාසාත්මක ලෙස කතා කරන්නේ නැහැ. මේ සංවාදයේදී පවා මා ඉස්මතු කලේ ඔබ අන් අයට ගරු නොකර "ගෝත්‍රික වාදීන්" ආදී ලෙස ගර්හා කිරීමට එරෙහිව පමණක් බව සලකන්න.

      අවසන් වශයෙන් මේ සංවාදයට එක්වූ ඔබට මගේ ස්තුතිය පිරීනමනවා මිත්‍රයා

      Delete
    22. මේ කතාව ගැන post එකක් තරමටම ලියන්න දේවල් තියෙනවා.කෙටියෙන් කියනවනම් ගණිකා වෘත්තීය හෙලා දැකීම නවත්තන්න ඕන කියලයි මම කියන්නේ ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් 70% ක් පමණ තම සැමියා පිළිබද අතෘප්තිමත් ඔවුනුත් බොහෝවිට ලිංගික කාර්යය රස්සාවක් වගේ කරන්න ඕන දෙයක් ලෙස සලකා තමයි කරන්නේ ඒ තුල තමයි පැවැත්ම හදාගෙන තියෙන්නේ මේක තමා අමිහිරි සත්‍යය කොහොම නමුත් මේක පොඩි දරුවෙකුට අදාළ කාරණයක් නිසා ඔය මට්ටමෙන් නැවතීම හොදයි එත් ඊට යටින් තියෙන වීදිවල අඳුරු ජීවිත ගෙවන ගෑනුන්ගේ කතාව වෙන දෙයක්.

      Delete
    23. Mathalan is correct. I am sick of the attitude of the person who wrote this.

      Delete
    24. @ ඇනෝ 2;22PM

      මචන් රයිටර් මට ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි " වයස අවුරුදු 7 ක දරුවෙක්ට ගැළපෙන උත්තරක් දී ගන්න නොදන්න ඔබ වැන්නෙක් සමග කතා කිරීමට ගත කරන කාලයෙන් බල්ලන්ට ආප්ප අරන් දීම වටි "

      තේරුණාද ඔබට ....?

      Delete
    25. සහන්,
      ඔය 'නෝටි'ඇන්ටිල අතරේ
      1."මම පුතාට අදරෙ කරනවා වගෙම , එ ඇන්ටිලත් එයාලගෙ පුතාලට ආදෙරෙයි.ඉතින් එයාල කුක්කුඉ, හබුනුඉ ගේන්න ඕනෙ හින්ඩත් ඔහොම ඉන්නවා.
      2.ඒ ඇන්ටියෙක්ගෙ තාත්ති හොන්ඩටම සනිප නැතිවෙලා.ඉතින් එයාට බෙහෙත් ගන්න සල්ලි හොයන්න ඇන්ටි මෙතන ඉන්නවා.
      3.තව ඇන්ටියෙක්ගෙ අක්කා මැරිල, ඒ ඇන්ටි තමඉ එ බබාලටත් කන්න ඩෙන්නෙ.ඉතින් ඒ ඇන්ටිටත් සල්ලි ඕනෙ නේ.ඒ නිස ඔහොම ඉන්නවා.
      4.තවත් ඇන්ටිකෙනෙක් ආදෙරෙ කරපු කෙනා එයාව රවටලා ගමෙන් එක්කන් ඇවිත්. ඒ ඇන්ටිට අපහු ගමට යන්න බෑ.ඉතින් ජීවත් වෙන්න ඔතන ඉන්නව.
      5. ඔය ඔතන ඉන්න චුටි ඇන්ටි , ඉපදිලා තියෙන්නෙත් පාරෙ පුතේ.එයාව හදාගන්න කට්ටිය එයාට ගහන්ව, ඔතන් ඉන්න කියල.
      දවසක ඔයාට මෙන්න මේ ටිකත් කියල දෙන්න වෙවි නේද සහන්.
      මම හිතන්නෙ මාතලන් "නෝටි" කියන වචනෙ පාවිච්චි කරන්න එපා කිව්වෙ තව අවුරුදු 7 කින් උදවෙන මේ දවස ගැන හිතල.
      මොකද මේ පැහදිලි කිරිම ඔයා කරන්න කලින් දුව දැන ගත්තොත්,
      එක්කෝ දුව හිතඉ ඒ ඇන්ටිල අත්තටම නෝටි නැනේ කියලා. එහෙම හිතුවොත් හොන්දයි.
      ඒත් එයා.. ඉය්යා.. මහ ජරා ගෑනු.. කියලා හිතන එක ඉවර කලොත්.
      කොහොමද ඔයා සන්වෙදී,අනුන්ගෙ දුකට හිත උනුවෙන මනසක් ගොඩ නගා ගන්න අත්තිවාරම දමන්නෙ.

      Delete
    26. කොමෙන්ට් වලින් පෝස්ට් එකට හොද අර්ථයක් හම්බුනා ,, මාතලන් ගේ බොහෝ කරුණු එක්ක මාත් එකගයි

      Delete
  8. පොඩි උන් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක ලෙහෙසි නැහැ තමයි.මම දැකලා තියෙනවා සමහර දෙමාපියො ඔය වාගේ ප්‍රශ්ණ ඇහුවාම " පැහිච්ච ප්‍රශ්ණ අහන්න එපා " කියලා ළමයින්ට සැර කරන වේලාවලුත්.....

    සහන් මුකුත් නරකට එහෙම හිතන්න එපා......ඔය ලොකු කුක්කු ඇන්ටිලා හිටියෙ කොයි පාරේද?

    ReplyDelete
    Replies
    1. \\\පොඩි උන් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක ලෙහෙසි නැහැ තමයි.මම දැකලා තියෙනවා සමහර දෙමාපියො ඔය වාගේ ප්‍රශ්ණ ඇහුවාම " පැහිච්ච ප්‍රශ්ණ අහන්න එපා " කියලා ළමයින්ට සැර කරන වේලාවලුත්.....\\\

      මම නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ ගජින්..අනිවාර්යෙන් දරුවා අහන දේ ගැන කියලා දෙනවා එයාට සුදුසු මට්ටමෙන්..

      \\\සහන් මුකුත් නරකට එහෙම හිතන්න එපා......ඔය ලොකු කුක්කු ඇන්ටිලා හිටියෙ කොයි පාරේද? \\\
      [si="5"]
      [im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]
      [/si]

      Delete
  9. ඒ ඇන්ටිලා හැමෝම ඉස්කෝලෙ නොගිය නරක ඇන්ටිලා නෙමේනෙ.. හරියට හොයාගෙන ගියොත් හොඳට ඉගන ගත්තු ඇන්ටිලත් ඇති ඔතන..

    ළමයින්ගෙ ප්‍රශ්ණ වලට පුලුවන් තරම් ඇත්තම කියන එක හොඳයි.. දැන් ළමයි හරි බුද්ධිමත්, මොකද මංදා..

    මම හිතන් හිටියෙ සහන් ඉන්නෙ ලංකාවෙ කියලා !

    ReplyDelete
    Replies
    1. මං හිතන් හිටියේ සහන් ලංකාවේ ඉන්නවා කියලා විතරක් නෙමෙයි ,බැඳපු එකෙකුත් නෙමෙයි කියලා...බලන් ගියාම මු "_____"දරු පියෙක්...

      Delete
    2. @ සෙන්නා

      \\\ඒ ඇන්ටිලා හැමෝම ඉස්කෝලෙ නොගිය නරක ඇන්ටිලා නෙමේනෙ.. හරියට හොයාගෙන ගියොත් හොඳට ඉගන ගත්තු ඇන්ටිලත් ඇති ඔතන..\\\

      මෙහෙමයි සෙන්නා පාරවල් වල ඉන්න අය නම් බොහෝ විට අඩු අධ්‍යාපන මට්ටම තියෙන අඩු ජීවනවටපිටාවක් තියෙන අය..මේ ඉන්නේ වේස කමටමයි..නැතුව වෙන දෙයක් නිසා නෙවේ.. ( 100% පොදු නැහැ සෑම තැනටම )

      \\\\ළමයින්ගෙ ප්‍රශ්ණ වලට පුලුවන් තරම් ඇත්තම කියන එක හොඳයි.. දැන් ළමයි හරි බුද්ධිමත්, මොකද මංදා..\\\

      ඒක නම් ඇත්ත සෙන්නා ..අවුරුදු 3 වෙද්දී ස්කයිප් කෝල් එකක් ගන්න දන්නවා , හෝඩියම පුළුවන් , සිතියම් ගැන දන්නවා , භාෂා කීපයක් පුළුවන්..දැන් ළමයි දක්ෂයි ගොඩක්ම...

      \\\මම හිතන් හිටියෙ සහන් ඉන්නෙ ලංකාවෙ කියලා !\\\\

      ලංකාවේ ලංකාවේ ඉන්නේ...:P


      @ ගජින්

      \\\මං හිතන් හිටියේ සහන් ලංකාවේ ඉන්නවා කියලා විතරක් නෙමෙයි ,බැඳපු එකෙකුත් නෙමෙයි කියලා...බලන් ගියාම මු "_____"දරු පියෙක්...\\\


      හි හි එහෙම තමයි ඉතින් ඕව කියන එකත් හරි නැහැ නෙව එළිපිට...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
    3. එතකොට මම දැන් ඉන්නෙ ලංකාවෙ නෙමේද ? මොකද මෙහෙ හිම වැටෙන්නෑ බන්.. :D

      Delete
    4. @ සෙන්නා

      ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි සෙන්නා.. ඔන්න මම මෙහෙම කියන්නම්කො..මේක විදේශයකදී ලබපු අද්දැකීමක් මචන්..

      Delete
  10. නිතරම පොඩිඋන් එක්ක වැඩකරන මටත් ඔයවගේ ප්‍රශ්න වලට නිතර මුහුණ දෙන්න වෙනවා. ඒ පොඩිඋන් අහන සමහර ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න විදිහකුත් නෑ. හැබැයි ඉතින් බොරුකියන්නත් බැරි නිසා කොහොම හරි ෂේප්මන්ට් එකක් දාගන්නව. අර කතාවකුත් තියෙනවනෙ ලෝකෙ අමාරුම වැඩේ පොඩිඋන් එක්ක වැඩකරන එක කියල.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රශ්නෙදි නම් පොඩි ගැටළුවක් එනවා ශානා..මොකද තමන්ගේ දරුවෙක්ට දෙයක් කියන එක වෙනයි , පිට දරුවෙක්ට දෙයක් කියන එක වෙනයි..ඒ දරුවගේ දෙමව්පියෝ කොහොම බාර ගනීවිද කියන දේත් නිතර හිතන්න වෙනවා...

      මම නම් දැඩි ලෙස සැළකිලිමත් වෙනවා කල හොඳ පස්සෙන් එන්න පුළුවන් නිසා...ස්තූතියි ශානා මෙහි එම ගැන..නැවත එන්න ඉඩක් ලද විට ...

      Delete
  11. ඉතාමත්ම අවිවේකියි.... දවසක් මං අපේ ලොකු දුව පොඩි කාලේ පාමසියකට ගිය වෙලාවේ මේකි ප්‍රීති බොඩ් එකක් (ලංඡනය එක්ක තියෙන්නේ) පෙන්නලා මගෙන් අහනවා ඒ මොනවද කියලා.මේ කෙල්ලගේ වැඩේ පොඩිකාලේ දකින දකින හැම එකම මොකක්ද කියලා අහන එක. වටේ හිටිය එවුන් ඒ වෙලාවේ මට දාපු කින්ඩි බැල්ම මතක් වෙනකොටත් තරහයි. ආ පුතේ ඒ තිත්ත බේත් වර්ගයක් කියලා තමා මං ජාමේ බේරගත්තේ.මේ කතාව අද ඒකි දැනගත්තොත් ලැජ්ජාවේ මැරෙයි.

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න පුළුවන් ඕව ගැන..මොකද මමත් ඔහොම අහලා තියෙනවා අපේ තාත්තගෙන්...තාත්තටනම් කට උත්තර නැතුවම ගිහින් තියෙනවා ඕනේ තරම් මම අහන ඒවට...

      අපි පුංචි කාලෙට වඩා නලින් අයියේ අද වෙනකොට හරි විවෘතයි ලිංගිකත්වය කියන දේ..සාමාන්‍යයෙන් වයස 12 වෙද්දී ළමයි ස්ත්‍රී පුරුෂ අවයව ගැන දැකලා තියෙනවා සහ උනන්දුයි.. ඒවගේම ලිංගික සතුට ගැනත් අවබෝධයක් තියෙන්න පුළුවන්..

      ඒ නිසා දෙමව්පියෝ විදිහට අපි මේවා කියලා දෙන්නම ඕනේ..පිට අයගෙන් අහගන්නවට වඩා අපි මැදිහත් වෙලා කියලා දීමයි වැදගත්..යුරෝපයේ නම් මේ ගැන වයස 6 වගේ වෙද්දී මව පියාම කියලා දීම ආරම්භ කරනවා...

      Delete
  12. මේ පෝස්ට් එක කියවද්දි මට මතක් උනේම ළඟ ගෙදරක හිටිය පොඩි එකෙක්. ඒ කාලෙ එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම පුදුම අමාරුවක වැටෙන්නෙ. ඒ උනත් ඒ ප්‍රශ්න වලට පිලිතුරු නොදී මග අරින්න හිතෙන්නෙත් නෑ. ඉතින් සෑහෙන්න කල්පනා කරලා උත්තර දෙනව. දැන් එයා ඉස්කෝලෙ පාඩම් වැඩවලින් ඉස්සරහින්ම ඉන්නව. පොඩි කාලෙ ඉඳන් හැමදෙයක් ගැනම විමසිල්ලෙන් හිටිය එක ඉගෙන ගන්න වැඩ වලදි එයාට ගොඩක් උදවු වෙලා තියෙනව කියල හිතෙනව. එයා කියන හැටියට දැනටත් පන්තියේ වැඩියෙන්ම ප්‍රශ්න අහන ළමයා එයාලු :)

    ReplyDelete
    Replies
    1. සමහ ළමයි අධික විදිහට උනන්දුයි බාහිර පරිසරයේ වෙන දේවල් එක්ක චම්ස්..සමහර ළමයි එහෙම නැහැ..දෙපිරිස ගැනම අවබෝදෙන් යුතුව තමයි අපි පිළිතුරක් දිය යුත්තේ..මම නම් එක් එක් අයට පිළිතුරු දෙන්නේ ඒ ඒ විදිහට...ලොකු ළමයින්ට උනත් එහෙමයි..:P

      පුංචි කාලේ මාත් ටිකක් කටකාරයි...ඒ වගේම ඕනේ කෙනෙක් එක්ක බය නැතුව කතා කරනවා..ඒ ගතිය ඉතින් දරුවන්ටත් එන්න පුළුවන් නේද ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  13. පොඩි අයගේ ප්‍රශ්ණ ඇහිල්ලනම් එයාලට හිතට සෑහෙන උත්තරයක් ලැබෙනකම් නතර වෙන්නේ නැහැනේ.. මොනා වුනත් යාන්තම් ශේප් වෙලා උත්තර දීලා තිබුනත් අන්තිමේ හිරවෙලා ටිකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මෙහෙම නොවෙන්න මීට වඩා හිර වෙනවා...කෙසේ උනත් දැන් දූ දන්නවා එයාල කව්ද , ඇයි එහෙම උනේ කියලා ..තව ලොකු වීමත් එක්ක මීට වැඩ දේ කියලා දෙනවා..ස්තූතියි දිනේෂ් බ්ලොග් එකට ආවට ඉඩ කඩ තියෙන විදිහට ආයේ එන්න...

      Delete
  14. හප්පුච්චියේ.. පොඩ්ඩි අහලා තියෙන ප්‍ර‍ශ්ණ, හැක්, හැබැයි අදටත් මම තාත්තගෙන් රටේ නැති ප්‍ර‍ශ්ණ අහනවා, මාව එලවල වෙලාවලුත් තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. දුවනවා යන්න කියලා එලවනවද ශම්මියාවත් තාත්තා...? කොහොම උනත් ශම්මි හුරතල් දුවෙක් ඉද්දි නම් තාත්ත කෙනෙක්ට දැනෙන හැංගීම කියලා නිමක් නැහැ...ශම්මිගේ තාත්තත් ඒ සතුට හොඳින්ම ලබන හැඩයි..එහෙම නේද ...?

      අහ මගේ මේකට කළින් පෝස්ට් එක බලන්න ඔයා..ඒක හොල්මන් කතාවක්..( බරපතල කතාවක් නෙවේ...)

      Delete
    2. ඔව් ඔව්,, ^_^ මේ ළඟදිත්, මාව කොහිද එක්කන් ගිහිල්ලා, මම ගියපු වෙලාවේ ඉදන්,බඩගිනි,නිදිමතයි,කම්මැලි,ගෙදර යන්න ඕනි,අර මොකක්ද මේ මොකක්ද?අරයා කවුද?ඇයි එයා එච්චර උස, ප්‍ර‍ශ්ණ ගොඩා.....ක් ඇහුවා,පස්සෙ බැරිම තැන තාත්තා මට කිව්වා ඒ හෝල් එකේ ඈත අයිනෙම තිබ්බ පුටුවක් පෙන්නලා අන්න අතනට ගිහින් ඉදගෙන ඉන්න කියලා :D හැක්,,

      හොම්මන් කතාවක් :O හත්වලාමේ... බයයිනේ

      Delete
    3. ඒකනේ ඒකනේ මට තේරුණා ශම්මිලගේ තාත්තත් මේ අද්දැකීම හොඳටම ලබන කෙනෙක් බව..:P මම දුවලට ගොඩක් ආදරෙත් ඒකයි ඉතින්.. හරිම ආසයි දුවගේ කතා අහන්න...මිනිහෙක්ට තියෙන ලොකුම සැපතනේ දරුවන්ගේ හඬ අහන එක..ඔයා තව ලොකු වෙද්දී මම කියන කාරණා ගැන තේරේවි...


      කෝ කෝ බය නොවී බලන්න ඒක ගිහින්...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  15. මෙන්න බලන්නකෝ මගේ ලොකු කොලුවා පොඩි කාලේ මගෙන් අහපු ප්‍රශ්නයක්.

    බෙල්ලන්විල පන්සල පහුකරන් මහරගම පැත්තට එනකොට තියෙන ලොකු වතුර බටේ ලියල තිබුන (ඒ දවස්වල) අපේ පළමු ව්ධායක ජනාධිපතිට ආචාර කරලා මේ විදිහට

    " J R කැ** අපේ පූ** ඇරියා ".

    මේක දැකපු මගේ කොලුවා අහනවා "තාත්තේ මොකාටද අර කැ** කියලා ලියලා තියෙන්නේ, ඒකා මොකෙක්ද? ". ඒක අහනකොට වාහනය එතන පහුකරලා ටික දුරක් ගිහින් ඒගමන මම මෙහෙම කියල ඇඟ බේරාගත්තා.

    " කෝ කොහෙද එහෙම තියෙන්නේ , එහෙම වචනයක් නැහැ ඔයාට පෙනිලා තියෙන්නේ වැරදියට, ආයේ මේ පැත්තේ එනකොට ඕක අපි හරියට කියවල බලමු"

    ඊට පස්සේ සැහෙන කාලයක් යනකල් ඒ පැත්තේ ගියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අයිලෂ් අයියගේ උපක්‍රමය සාර්ථකයි..හැබැයි කොල්ලා පහුවදා ඉස්කෝලේ ගිය වෙලාවේ ඔය ගැන අහන්න ඇති ..යම් යම් අවස්ථා වලදී අයියගේ ක්‍රමයත් හරියටම හරි..ඒක ගැන වාදයක් නැහැ..නමුත් මම නම් ඔතන හිටියේ මම කියනවා " පුතා ඒක ටිකක් විතර නරක වචනයක් , ප්‍රසිද්ධියේ කියන්න එපා " කියලා ...


      මගේ ලොකු අම්මගේ දුවගේ පුතා වයස 5 වගේ කාලේදී ---ත කියන එක ඉගෙන ගෙන තිබ්බා..අපේ අක්කා එවෙලේම කිව්වා පුතා ඔය වචනේ කියන්න එපා , ඒක නරක වචනයක් කියලා...එදා ඉඳන් ඌ කියන්නේ නැහැ..දැන් ඌට 16 ..

      කෙසේ නමුත් අයිලෂ් අයියා මේ කියපු ක්‍රමයත් ඇතැම් අවස්ථා වලදී බොහොම ඵලදායකයි ...

      Delete
  16. ළමයින්ගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන නම් හරි පරිස්සමින් තමයි... පේනවනෙ දැන් මේ උඩ කමෙන්ට් කරල තියෙන ළමයි ටිකත් සෑහන අවුලක් හදලනෙ.... ( විහිළු හොදේ..)

    ReplyDelete
    Replies
    1. \\ළමයින්ගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන නම් හරි පරිස්සමින් තමයි... \\

      ඔයාත් දවසේ වැඩි කාලයක් බබාලා එක්ක ගෙවන නිසා ගොඩක් අද්දැකීම් ඇති දරුවෝ ගැන නේද ...? දරුවාගෙන් දරුවට වෙනස් කියන දේ වත් අපි වැඩිහිටියෝ විදිහට සලකන්න ඕනේ තරු..ගොඩක් දෙනෙක්ට ඔන්න ඔය දේවත් තේරුම් ගන්න බැහැනේ..

      \\\\පේනවනෙ දැන් මේ උඩ කමෙන්ට් කරල තියෙන ළමයි ටිකත් සෑහන අවුලක් හදලනෙ.... ( විහිළු හොදේ..)\\\\

      විහිලුවට කිව්වත් කතාව නම් ඇත්ත තරු..[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      ස්තූතියි තරු මේ ගැන අදහසක් කිව්වට ඇවිදින්..ඉඩක් ඇති වෙලාවක ආයේම එන්න...

      Delete
  17. සහන් තාත්ත කෙනෙක් කියල දන්නෙ අදනේ.

    ඔව් සහන්, පොඩි කාලෙදි අපි හැමෝටම පුදුම කුතුහලයක් තියෙන්නෙ, ප්‍රසිද්ධියෙ ඇසිය යුතු මොනවද නැත්තෙ මොනවද කියල වැටහීමක් තියෙනවය, දකින දේ ඔහේ අහල දානව. ඒකෙන් අපේ අම්මල තාත්තල අපහසුතාවයට පත්වෙන්න පුළුවන් කියල වැටහීමක් තිබුනෙත් නෑනේ. මමත් ඉස්කෝලෙ පොඩි පන්තිවල ඉද්දි ඔය වගේ ප්‍රශ්න තාත්තගෙන් අහල තියෙනව වගේ මතකයක් තියෙනව, ඊටත් පොඩි කාලෙ නම් මතක නෑ. ඒත් අපි පොඩි කාලෙ තිබුනු සමාජයට වඩා අද සමාජය හුඟක් වෙනස්. පාරකදි උනත් දකින සිදුවීම් දර්ශන ප්‍රමාණය සාපේක්‍ෂව වැඩියි. ඉදිං අද දවසෙ දෙමාපියන්ට පොඩි දරුවන්ට සමාජය ගැන කියල දීමෙදි මුහුණ දෙන්න වෙන තත්ත්වය ටිකක් සංකීර්ණයි. මොකද යම් යම් දේවල් ඔවුන්ට අවබෝධ කරවීමේදි ඔවුන්ගෙ වයසට ගැලපෙන වචන යොදා ගනිමින් පුංචි හිත් දූෂ්‍ය නොවන අයුරින් ඔවුන්ගෙ කුහුල නිවෙන අයුරින් එය කළ යුතුයි. අනික මම සිතන හැටියට බොහෝ දෙමව්පියන් අතින් වන ලොකු වැරැද්දක් තමයි තවම දරුව පොඩි එකා කියල හිතන එක. ඒක ක්‍රම කිහිපයකින් නරකට හිටින්න පුලුවන්. ඒ නිසා හැමවිටම හොඳ කල්පනාවෙන් වැඩකළ යුතුවෙනවා. කොහොමටත් පාසල් යන වයසට එළඹුනාම අපේ රටේ සිටිය/සිටින බකපණ්ඩිත අධ්‍යාපනඥයොන්ට පින්සිද්ධ වෙන්න දරුවො පොතපතින් ගුරුවරුන්ගෙන් නිවැරදිව ඉගෙනගත යුතු කරුණු යහළුවන්ගෙන්, බාහිර සමාජයෙන් ඉගෙන ගන්නවා. එහි අවසානය සමහරවිට දීර්ඝකාලීන ඛේදවාචකයක්.

    ReplyDelete
    Replies

    1. එහෙම තමයි DDT තාම කොල්ලා වගේ ඉන්නේ මොනවා කරත් අපි ...:P මචන් උඹේ කමෙන්ට් එක මෙතනට සෑහෙන්න වටිනවා...අන්තිම වාක්‍ය 4, 5 නම් මේ පෝස්ට් එකටම ගැලෙපෙනවා...පේනවනේ ඇති වෙලා තියෙන දීර්ඝකාලීන ඛේදවාචකය මෙතනම ..

      මම මචන් උඹේ කමෙන්ට් එකට වැඩි දෙයක් එකතු කරන්නේ නැහැ..තව දෙයක් කියන්න නැහැ..කට උත්තර නැති වෙන්නම උඹ කියලා තියෙනවා...බොහෝම ස්තූතියි අවබෝධයෙන් යුතුව වැඩිහිටි මනසකින් අදහස කීම ගැන...

      Delete
  18. සත්තකින්ම සහන් දැන් පොඩි උන් අත්දැකීමෙන් යමක් ඉගෙන ගන්නවට වඩා..දැනුම හඹා ගොස් ඉගෙන ගන්න තම්යි බලන්නෙ..
    ඒ කියන්නෙ අපි ඒකාලෙ ඔය දැනුම ලබාගන්න..ඕලෙවල් වෙනකන්වත් යනව..!

    මටත් ඔවැනි අත්දැකීම් එමටයි බං...වෙලාවකට තරහත් යනව..!

    ReplyDelete
    Replies
    1. අද ළමයි හරිම වේගවත් වීයෝ ...අපිට ඔට්ටු වෙන්න බැහැ දැන් කාලේ දරුවෝ එක්ක..නිතරම ළමයින් එක්කම ඉන්න ඕනේ ඒ නිසා..කොයි වෙලේ බරපතල දෙයක් කරගෙන ඒවිද කව්ද දන්නේ..දෙමව්පියෝ කියන්නේ වදන එකට විතරක් නෙවේනේ..දරුවන්ට ගුණධර්ම කියල දෙන්නත් එපැයි..වැරදි දේ වැරදි කියන්න ඕනේ...නැද්ද මන් අහන්නේ...

      මචන් කෙටි කමෙන්ට් දැමීම ගැන මුකුත් හිතන්න එපා ..උඩ කමෙන්ට් වල මම සිද්දිය කියලා තියෙන නිසයි කෙටි කමෙන්ට් දාන්නේ..

      Delete
  19. මේ කතාව මට තදින් දැනුණා. මගේ පසුබිමට ගොඩක් සමානයි මේ කතාව. අහන කෙනාගේ දැනුමේ හැටියට උත්තර දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුදීක ..මට තේරෙනවා සුදීකගේ මට්ටම...වැඩිය වෙහෙස නොකර මම නිකන් ඉන්නේ ඒකයි සුදීකව...සුදීකටත් දුවටත් වාසනාවන්ත අනාගතයක් පතනවා මම හදවතින්ම...!

      Delete
  20. ළමයි අහන ප්‍රශ්ණ වලට කොර වෙනවා තමයි. හැබැයි උපායශීලීව උත්තර දෙන්න ඕනෙ ඔය සහන් කලා වගේ.

    ReplyDelete
    Replies
    1. හේ හෙහ් හෙහ් ...මේවා බෙල්ල ගහලා යන වැඩ හෙන්රි අයියේ..ඔයාටත් හොඳ හොඳ අද්දැකීම් ඇති දෙදරු පියෙක් ලෙසත් , කටකාර ගුරුවරයෙක් විදිහටත් , එළ කිරි තරුණයෙක් විදිහටත්...එකින් එක බෙදා ගන්නවා නම් අන්තිම සතුටුයි මම...

      ස්තූතියි මේ පැත්තේ ආවට...ඉඩක් ඇති විටක නැවත එන්න...

      Delete
  21. මුලින්ම කියන්න ඕනේ සහන්, අද ලියවිල්ල පැහැදිලියි, නිරවුල්, ගලායාමක් තියනවා. මාතෘකාව මොකක් උනත්, ලියවිල්ල තුල මේ ගුණාංග තියෙන්න ඕනේ කියන එකයි මගේ විශ්වාසය.

    මටත් ඉන්නවා ටික ටික ඔය වගේ ප්‍රශ්න අහන කොලු පැටියෙක්... දැනට නම් ඌට සම්පූර්ණ බොරු නොවෙන මොනවාහරි කියලා ගැලවෙන්න පුළුවන්.. හැබැ‍යි ඉස්සරහට අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි තිසර ..මේ බ්ලොග් ලෝකේ මම කැමතිම භාෂා භාවිතය තියෙන කෙනාගෙන් ඔහොම අහන්න ලැබීමත් සතුටක්...ඇත්තටම මම මේක ලියලා 6 ,7 වතාවක් යලි යළිත් වැරදි හැදුවා, වාක්‍ය ගැළපීම කරා , චරිත ගොඩ නැගීම කරා..(වෙනදට නම් ඔහේ ලියලා දානවා..)

      ඇත්තටම තිසර අපි හොඳ භාෂා රටාවක් අනුගමනය කරන්න ඕනේ..එතකොට බලන අයට උනත් පොඩි සතුටක් තියෙනවනේ..මම නම් තිසර මොනවා ගැන ලිව්වත් බලන්නේ පුදුම ආසාවකින්..ඒ තරම් තිසරගේ පෝස්ට් ලස්සනයි..සිරාවටම ලස්සනයි..තිසර ලංකාවේ සිවිල් යුද්ධය ගැන ලියපු පෝස්ට් එක දැකපු වෙලේ මම තේරුම් ගත්තා තිසර ගැන...

      ලොකුම අපරාධයක් තමයි තිසර පෝස්ට් නොලිවීම ...!
      _______________________________________________________________

      පුංචි දරුවෝ ගැන කතා කරොත් නම් හරිම විවිධයි නේද තිසර..ඒ ඒ දරුවා ඉදිරියේ හැසිරෙන්න ඕනේ ඒ ඒ විදිහට ...මම මේ ගැන ලොකුවට කියන්න යන්නේ නැහැ , මීට උඩ කමෙන්ට් වල මගේ මතය කියපු නිසා...තිසරගේ අදහසට බොහෝම ස්තූතියි ..ඉඩක් ඇති විටක නැවත එන්න...

      Delete
  22. පොඩි අයට හැකි තරම් ඇත්ත කියා දීම තමයි සුදුසු.
    දැන් පොඩි එව්වො අපේ කාලෙට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ.
    දැන් සති 3ට වගේ පෙර මගේ පුතා(10+)සමග එලියෙ ඉන්න වෙලාවක අර බලන්නකො අර කුරුල්ලො දෙන්න මොකද කරන්නෙ කියල පෙන්නල අහනව.
    බැලුවම ගේ කුරුල්ලෙකුයි,කිරිල්ලියෙකුයි ගේමට සෙට් වෙලා.
    මමත් ඒ වගේ සීන් එකක් දැක්ක පළමු වතාව.
    කුරුල්ල කිරිල්ලිගෙ උඩට නගිනව බහිනව.ඒ වගේ හතර පස් සැරයක්.කිරිල්ලිට වගේ වගක් නැහැ.හරියට අර ඉස්සරහයි,පිටිපස්සයි ලොකුවට තියෙන ඇෆ්රිකන් එකීලත් එහෙමනෙ ඉස්සර අපි සල්ලි වලට අරන් ආවම.
    මම පුතාට කිව්ව "ඒ පුතේ එයාල මොනව හරි සෙල්ලමක් කරනව ඇති"කියල.
    කවද හරි පුතත් සෙල්ලම් ගැන දැනගත්ත දාට හිතයි තාත්ති කිව්ව කතාව ඇත්ත තමයි ඒකත් "මාරම"සෙල්ලමක් ම තමයි කියල.

    ReplyDelete
    Replies
    1. පොඩි කෙන්ජියා ගැන මට ඉවෙන් වගේ තේරෙනවා ...( ජෝක් ඈ ) ඕක කියද්දී මට බලු පූ--වක් දැක්කම තාත්තගෙන් අහපු කාලේ මතක් උනා...ඔන්න බලන්න යටපත් උන කෙලේස ඇවිස්සෙන හැටි..:D

      Delete
  23. මට නම් තාම ඔහොම සීන් වෙලා නෑ.. හැබැයි මේ ළඟදි අපේ අක්කගේ දුව මරු කතාවක් කිව්වා.. දැන් වයස 7ක් විතර ඇති.. මම මෙහෙ ඉඳන් කෝල් එක්ක දීල කතා කරපු වෙලාවක ඇහුවා ඔයා දැන් මොකද කරන්නේ කියල.. අයියල ක්‍රිකට් ගහනවා මම තමයි 4 පාරක් හරි 6 පාරක් හරි අවුට් වුණාම හරි නටන්නේ කියල.. මට මැරෙන්න හිනා..

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි කතාව ටිකක් විතර ඇඩ්වාන්ස් නේද...? දකින දේවල් ඒ විදිහටම කියනවා මේ ළමයි දැන්...අබිසරු ලියක් ගැන උනත් ඉතින් ඔච්චරයි පැතුම්...:( ගැටලුව තියෙන්නේ එතනයි, දෙමාපියෝ විදිහට හරි-වැරැද්ද කියලා දිය යුත්තේ ඒකයි පැතුම්...එහෙම නේද ...?

      බොහොම ස්තූතියි වැඩ රාජකාරි මැද්දේ උනත් මේ පැත්තේ ගොඩ වෙලා යනවට..

      Delete
  24. මම දාපු කොමන්ට් එක කෝ සහන් මල්ලියො.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න බලන්න...ස්පෑම් එකේද කියලා බලමු අපි...මට මේල් එකට ඇවිත් තිබ්බා වගේ මතකයි...ඉන්න බලමු..

      Delete
    2. රයිට් ඔන්න ගොඩ ගත්තා..දැන් බලමු කොහේට යයිද කියලා ...

      Delete
  25. මේක කියවනකොට මට මතක් වුනෙ මගේ අප්පච්චි, මේවගේ ප්‍රශ්න අහල මම කොච්චර වදදීල ඇතිද? සමහර ප්‍රශ්න ඇහුවහම කියනව "පුතේ ඔයා ලොකු උනහම විද්‍යාව හොදට ඉගෙන ගන්න එතකොට ඔය ප්‍රශ්න වලට උත්තර ලැබෙයි , දැන් උත්තරේ කියුවට ඔයාට තේරෙන්නෑ"කියල.අප්පච්චි කවදා වත් බොරු උත්තර දීල නෑ.

    අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද? ඇවිත් බලන්න

    ReplyDelete
    Replies
    1. ඒ උනත් සමහර ප්‍රශ්න වලට නම් මග අරින විදිහේ උත්තර දෙන්න හොඳ නැහැ..අනිවාර්යෙන් ළමයා වෙන කෙනෙක් ළඟට යනවා උත්තර හොයන්...මගේ බ්ලොග් එකට ආවට බොහෝම ස්තූතියි සිතුම්..පරක්කු උනාට සමාවෙන්න ඕනේ පිළිතුරු ලියන්න...

      දිගටම එන්න කියලා ආරාධනා කරනවා සිතුමට..

      Delete
  26. හැකි සෑම විටකම ළමයින් අසන ප්‍රශ්නවලට මග නොඇර ළමයාගේ වයස් මට්ටමට ගැළපෙන අයුරින් පිළිතුරු සපයන්න ඕන. නැත්තං අපෙන් අහගන්න බැරි උනා කියල ළමය ඒක අතඅරින්නෙ නෑ. ඒ වගේ අවස්ථාවක වැරදි උපදෙස් ලැබීමට ඇති අවස්ථාව වැඩියි. ඒක පසුකාලීනව සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ප්‍රසන්න අයියේ ඔයා කියන දේ හරි...මම මේ කෙටි කමෙන්ට් දාගෙන යන්නේ උඩ කමෙන්ට් වල මම සිද්දිය කියලා තියෙන නිසා හරිද ...ස්තූතියි හැමදාම මගේ බ්ලොග් එකට ගොඩ වැදිලා යනවට...දිගටම එන්න...

      Delete
  27. සහන්ගෙ චූටි දුව අහන ප්‍රශ්න කියවද්දි මට මතක් වුනා රඩ්යාඩ් කිප්ලිං ගෙ අලි පැටියා ගැන කතාව. ඒකෙ අලි පැටියා අහන ප්‍රශ්න වලට කවුරුවත් උත්තර දෙන් නෑ නෙ, පිටට තඩිබානවා විතරයි. ඒත් එයාගෙ කුතුහලය නිසා තමයි සමස්ත අලි ප්‍රජාවගෙම හොඩවැල දික් වුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මචන් ඒ කතාව බ්ලොග් එකේ දාපන් තරහ නැතුව...ඕව දැනගන්න අපි ආසයි මචන්...ස්තූතියි උඹට හැමදාම ඇවිත් අදහසක් කියලා යනවට සහයෝගයක් විදිහට..දිගටම වරෙන් පුළුවන් වෙලාවට...

      Delete
    2. මම ෙහායලා දාන්නම්. ෙම් දවස් වල ඉස්පාසුව ටිකක් අඩුයි. අනිවාර්ෙයන්ම දාන්නම් ඉදිරිෙයදි. - ඩ්‍රැකී

      Delete
  28. හැම දේම ගැන ප්‍රශ්න කරන පොඩෛ එකෙක් කියන්නේ අනාගතේ හොඳ බුද්ධිමතෙක් වෙනවා කියන එකයි.ඒ වගේ පොඩි එකෙක් අහන ප්‍රශ්නවලට 'ඒක එහෙම තමයි' කියලා උත්තර නොදී ගැලපෙන උත්තරයක් දෙන්ඩ පුළුවන්නං ඒක ඒ අයගේ බුද්ධි වර්ධනයට රුකුලක්.අපේ අම්මලා ළමයි ප්‍රශ්න අහද්දි 'කට වහගෙන මෙන්න මේක බලන්ඩ' කියලා "අභීත දියණි" දාලා දුන්නම වෙන්නේ අර පොඩි එකා මැටි වෙලා යන එක.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම සමාව ඉල්ලනවා පිලිථුරුඉ පමා වීම ගැන දිනුක..දරුවෙක් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දෙන්න ඕනේ කියන්නේ ඒකයි දිනුක..අපි උත්තර නොදුන්නොත් එයා මොට වෙන්න පුළුවන් , උදාසීන වෙන්න පුළුවන්...

      ඒ නිසා නිතරම දරුවා එක්ක කාලේ ගෙවමින් එයාව උද්දීපනය වෙන විදිහට ඉන්න ඕනේ අපි..ස්තූතියි මේ පැත්තේ ආවට මචන් , දිගටම එන්න..

      Delete
  29. මා ඉහත මාතලන් සමග තියන සංවාදය කියවූවා, ඔබගේ සටහන සමගින්. පොඩි දරුවෙකුට යම් දේවල් කියා දීමේදී සීමා කම් තියනවා තමයි. ඒත් ලොකු වෙනකොට මේවා අප කියා දුන්නත් නැතත් ඒ අය දැන ගන්නවා. ඒ ගැන වැඩිපුර ඔබට කියන්න අවශ්‍යත් නැහෙනේ සහන්. ජිවිතේ ගොඩක් වෙලාවට අපට රැකියා තෝරා ගන්න වෙන්නේ, අප කැමති නිසා නොවේ, වෙන විකල්පයක් නැති නිසා. මේ ලඟදි මෙහෙට එංගලන්තෙන් ආපු(පොඩි කාලයකට) සමාජ ක්‍රියාකාරිනියක හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන එක කාන්තාවක් ඇයගේ සරසවි අධ්‍යාපනය සඳහා මුදල් හොයාගෙන තියෙන්නේ ලිංගික පහස විකුනලා. අද ඇයට ආචාර්ය උපාධියකුත් තියනවා. මේ වගේ ගොඩක් දෙනා ඉන්නවා වුනත්, ඇය "feminist" කෙනෙකු හැටියට සටන් කරන්නේ ඒ අතීතය සැමටම කියමින්. ඇය මෙහෙදී කළ එක සාකච්චාවකදී ඉදිරිපත් කළ අදහස් මට අද ලියන්න වෙලාව මදි. බලමු සහන් වෙලාවක් ලැබුන විට. මාතලන් ඉදිරිපත් කරන අදහස් වලට මා ගොඩක් එකඟයි.

    ReplyDelete
    Replies
    1. @ raiyam

      ඔබේ කමෙන්ටුවේ මුල් කොටස මා වෙනම උපුටා දක්වන නිසා පොඩි දෙයක් කියන්නම් ඔබ මතු කල අනික් කාරණය ගැන රයිගම් ..ඔබ සඳහන් කල තරුණිය පසු කාළීනව ගණිකා වෘතියෙන් ඉවත් වුනේ ඇයි...? උපාධිය කරේ ඇයි ? උපාධියට ගැළපෙන රැකියාවක් හොයන් ගියේ ඇයි ...? එකම හේතුව ගණිකා වෘතිය ගෞරවාන්විත රැකියාවක් නොවන නිසයි.. ඔබ උපාධිය හා සංසන්ධනය කරන්නෙම ඒකනේ මෙතන " ගණිකාවකට උනත් උපාධියක් ගත හැකියි " යනුවෙන්... ඒ කියන්නෙම ගණිකාවට වඩා උපාධිධාරි වෘතියක යෙදෙන්නීය ගෞරවාන්විතයි...ඔබේ කතාව තුළම ඔබේ තර්කය බිඳ වැටෙනවා...( අනේ රයිගම් අහිතක් හිතන්න එපා..මේවා මේ කියන්නේ පුද්ගලික ආරවුල් වලට නෙවේ..ඔබ මගේ හොඳ මිත්‍රයෙක් මොනවා උනත් හරිද ..? )

      රයිගම අපි මේ ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකේ නෙවේනේ..ලෝකේ මොන රටෙත් වෛශ්‍යවකට ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිලි..මහ රැජිණගේ රටෙත් එහෙමයි , සිරි ලංකාවෙත් එහෙමයි..අපි පුද්ගලිකව වෛශ්‍යවක් දිහා මානුෂීයව බැලීම වෙනයි , සමාජ ආකල්ප වෙනයි..ඒ නිසා මම නම් මගේ දරුවාව එක හෙළා එවැනි වෘතීන් වලින් මුදවනවා ...ඒ වගේම වෙන කෙනෙක් ඒ මට්ටමට වැටෙන්න ගියත් මුදවනවා...

      ________________________________________________________________

      \\\\\ඔබගේ සටහන සමගින්. පොඩි දරුවෙකුට යම් දේවල් කියා දීමේදී සීමා කම් තියනවා තමයි. ඒත් ලොකු වෙනකොට මේවා අප කියා දුන්නත් නැතත් ඒ අය දැන ගන්නවා. ඒ ගැන වැඩිපුර ඔබට කියන්න අවශ්‍යත් නැහෙනේ සහන්\\\

      ආන්න ඒකයි රයිගම් මම මේ පෝස්ට් එක තුළින් කතා කරන්නේ..මේ පෝස්ට් එක ලිව්වේ මගේ දියණිය මගෙන් විමසු ප්‍රශ්නයක් ගැන...මගේ පුංචි අත දරුවට මට කියන්න බැහැනේ ගණිකා වෘතියේ හපන්කම් ගැන...තව ලොකු වෙද්දී මම කියනවා " පුතේ ඔය තත්වෙට පත් වෙන්න එපා , පත් උන කෙනෙක් දැක්කත් එයාට උදව් කරන්න ඒ තත්වෙන් මිදෙන්න " කියලා ...

      මේ තියෙන්නේ මම අබිසරු ලියක් ගැන ලියපු පෝස්ට් එකක් ...ඔබ බලන්නේ නැහැ කියලනම් දන්නවා ඒත් ඔන්න ඔහේ දැම්මා ලින්කුව...

      ළඳුනේ ගීතය ගැන මීට කලින් උන කතා බහක් මගේ අතින් උන ...

      පුද්ගලිකව මම කිසිම දාක එවැනි කෙනෙක්ව තලා පෙළා කතා කරන්නේ නැහැ..පුළුවන් සෑම විටම ඔවුන්ව එයින් මුදවන්න උත්සාහ කරනවා.මගේ දියණියවද එවැනි දේ වලින් ඉවත් කරනවා...හරිම සරළයි..

      බොහොම ස්තූතියි මිත්‍රයා මෙහි ඒම ගැන..ඔබේ පළමු පැමිණීම නෙව...ඉඩක් ඇති විටක ඕනෙම දෙයක් කියන්න එන්න...( මත වාදීමය පරස්පර කම් ඇති වීම ස්වාභාවිකයි නෙව ...)

      Delete
    2. http://en.wikipedia.org/wiki/Belle_de_Jour_(writer)
      http://www.abc.net.au/tv/qanda/txt/s3723150.htm

      සහන් ඉවර ඇති විටක කියවන්න පොඩි ලින්ක් දෙකක්. මා ලියුවේ Dr Brooke Magnanti ගැන.ඇය ඉගෙන ගන්න මුදල් හොයා ගන්න තමා කෝල් ගර්ල් කෙනෙක් විදිහට වැඩ කළේ. මෙතන මගේ තර්කයක් නැහැ සහන බිඳ වැටෙන්න.
      ලෝකය සංකීර්ණ තැනක් මිත්‍රයා! :)

      මේ දෙබස නිකමට කියවන්න

      MIA FREEDMAN: But let's be clear that no little girl grows up wanting to be a sex worker, thank heavens.

      BROOKE MAGNANTI: I know ones who did. I mean that’s a pat line but I actually...

      MIA FREEDMAN: Well, that’s disturbing.

      BROOKE MAGNANTI: ... know ones who did. I’m sorry that it bothers you.

      MIA FREEDMAN: So this idea that...

      BROOKE MAGNANTI: I'm sorry that your feelings make you think that you can judge somebody else's choices.

      MIA FREEDMAN: I would be disturbed if my daughter wanted to grow up to be a sex worker.

      BROOKE MAGNANTI: But you would still support her because you love her unconditionally.

      MIA FREEDMAN: Of course I would. Yeah, but I think that this idea that every woman does it freely out of choice. In some ways you say you had no choice.

      BROOKE MAGNANTI: Absolutely. But we all have no choice in some ways. Could you have been a physicist?

      MIA FREEDMAN: No

      BROOKE MAGNANTI: Could you have been an astronaut?

      MIA FREEDMAN: Maybe.

      BROOKE MAGNANTI: So you don't really have free choice. It could still happen. It could still happen.

      Delete
    3. උසාවි වාරයකදී මෙන් තර්කයක් ගොඩ නැගුවා නෙවේ මගේ මිත්‍රයා , මා උපුටා දැක්වීමට අදහස් කරේ " වෛශ්‍යවක් හා උපාධිධාරිනියක් සැසඳීම" තුළින්ම ගම්‍ය වන දේ කුමක්ද යන්නයි...

      මේ ලෝකය බොහෝම සංකීර්ණයි , අනිවාර්යෙන්ම ඔබ හා එකඟයි ..

      01.කෙනෙක් ඉන්න පුළුවන් කොපමණ මුදල් , සමාජ වත් පොහොසත්කම් තිබුණත් වෛශ්‍යාවෘතියට ඇලුම් කරන..

      02.තව කෙනෙක් ඉන්න පුළුවන් අසරණ කම මතම වෛශ්‍යාවෘතියට පත් වෙච්චි..

      03.කෙනෙක් ඉන්න පුළුවන් වෛශ්‍යාගාරයක් පවත්වා යමින් තම බිරිඳද වෛශ්‍යාවෘතියේ යොදවන.

      04.තව කෙනෙක් ඉන්න පුළුවන් වෛශ්‍යගාරයක් පවත්වා ගියද , තම බිරිඳ හා දරුවන් එයින් මුදවන ..

      ( ඔබේ දෙබස කියෙව්වම මට හිතුණේ එවැනි දෙයක්..එකම දේ තුල විවිධ පැතිකඩ තියෙනවා..ආස දේ කරන්න බැහැ වෙන්න පුළුවන් , පුළුවන් දේට ආස නැහැ වෙන්න පුළුවන්..මේගැන වෙනම කතා කල යුතුයි, ලඝු කල නොහැකියි .බොහෝම ස්තූතියි මේ සටහන බෙදා ගැනීම ගැන රයිගම්)

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. [im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      Delete
    2. කමෙන්ට් කියවලා මගෙත් ඔලුව අවුල් වෙලා.. සහන් කියලා තියෙන විදිය හරි... ළමයා හිතන්නේ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න ඕනේ කියලා, ඉගෙන ගන්නේ නැති ළමයි නරක ළමයි කියලා විතරනේ එතකොට... අනිත් දේවල් පස්සේ කියලා දෙන්න බැරියැ...

      Delete
    3. අන්න හරි හිරු..මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ මෙතන...කෙටි කමෙන්ට් දැමීම ගැන අමනාප නොවන්න මා මිතුර ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  31. මටනම් කියන්න තියෙන්නේ පොඩි එකාගේ වයසේ හැටියට සහන් දීලා තියෙන්නේ හොඳ පිළිතුරක් කියලා. ඒ දේ නොකළ යුතු දෙයක් බව ඇඟවෙන විදියට කියන්න පුළුවන් හොඳ විදිහක් මේක. ඉහතින් තිබුන සංවාදත් කියෙව්වා. මගේ පුද්ගලික අදහසනම් ඒක රැකියාවක් විදිහට අනෙක් සාමාන්‍ය රැකියා එක්ක සම තත්වයේ තියන එකක් නෙමෙයි. ඒ අයට අනුකම්පා කරන්න ඕන කියලා මාත් පිලිගන්නවා. හැබැයි මේ වයසේ පොඩි ළමයෙක්ට අඟවන්න පුලුවන්නම සරලම දේ තමයි ඒක නුසුදුසු දෙයක් කියන එක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සයුරි පොඩි ළමයෙක් එක්ක කතා කිරීම වෙනයි , ගණිකාව ගැන වැඩිහිටි අපි දරණ මතය වෙනයි..කව්රු මොනවා කිව්වත් ගණිකා වෘතිය කියන්නේ සමාජයේ පහත් සේවයක්..එහෙම නොවෙන්න මේ ලෝකේ හැමෝම ඕක කරනවනේ ලේසියෙන්ම .. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බොරු මානුශීයත්වයක් පෙන්නීමට යෑම ලෝකයා හමුවේ කියනවා " ගණිකාව දිහා සානුකම්පිතව බලන්න " කියලා ...


      ඕව කතා කරන්න බැහැ සයුරි පුහු සුචරිතවාදී මිනිස්සු එක්ක..දැක්කනේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතය පූජා කරපු කෙනෙක්ට කියපු කතාවයි ෆොටෝ වලට අඬපු හැටියි...

      ______________________________________________________

      කෙටියෙන්ම මම නම් මගේ දරුවාව සමාජයේ පහත් නින්දිත දේවල් වලින් අයින් කරනවා.ඒවට යොමු වෙන්න දෙන්නේ නැහැ..එච්චරයි..හරිම සරළයි..නැද්ද ..? [im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  32. මැනේජ්මන්ට් මිටින් වලදී ඩිර්ක්ට බෝඩ් එක අහන ඒවා මොන තරම් සරල ද කියලා මට හිතනේවා සමහර වෙලවට මගේ කොල්ලට්‍ මගෙන් අහන එවාට. අම්මෝ ඇති ඔහම හරි ජාමේ බෙර ගත්තා.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. sanjeewa mendis

      Praසන්ன

      Kenji @ Japan

      උඹලා තුන්දෙනා තමයි අපේ හොදම උත්පේරක

      Delete
    2. (උත්පේරක) කියන එක ලියලා තියනවිදිහ හරිද මන්දා

      Delete
    3. උත්ප්‍රේරක :D ඇත්තටම මොනවද බං ඒ.

      Delete
    4. ඉස්ටුටි අටමා..උබගේ ඒ කොමෙන්ටුව් මට ගව්රව්‍යක්

      Delete
    5. සංජීවගේ දුවට වයස කීයද ...? ස්තූතියි සංජීව ඇවිත් කමෙන්ටුවක් දැම්මට..දිගටම එන්න ..

      Delete
    6. මට ඉන්නේ පුතෙක්. සුදීක අය්යා, සිරා ඇතුළු බ්ලොග් ලියන ගොඩක් අය මගේ කොල්ලේවා දැක්කා "ගම්පහ" ගෙටුවේදී සිරා පොස්ට් එකක වෙනම ලියලා තියනවා මගේ පුතා ගැන

      Delete
    7. සංජීව ඔබ දැන් හොඳට සිංහල ටයිප් කරමින් පවතිනවා..දිගටම අපේ නලින්ගේ , අයිලෂ් අයියගේ , අටමගේ , සිරාගේ හිරුගේ වගේ අනිත් ඇයගේ බ්ලොග් වලත් කමෙන්ට් දාන්න..හෙමීට හෙමීට බ්ලොග් එහෙකුත් පටන් ගමු අපි..

      ඔබ වැනි අය අපිටත් ශකිතියක්...

      Delete
    8. නැතුව නැතුව ඒ හැම බ්ලොග් එකකටම යනවා. අනේ බ්ලොග් ලියන්න නම් බැහැ හැමදාම ඔයාලගේ බ්ලොග් යාලුවක් විදිහට ඉන්නම්

      Delete
  33. අවුරුදු හතේ දරුවාට සෑහීමට පත් වියහැකි සරල උත්තරයක් දැනට ඇති කියා මාත් හිතනව. ඇය ඒ උත්තරය ගොඩක් විග්‍රහ කිරීමට නොයන නිසා.

    ගනිකා වුර්තිය ගැන කියනවා නම් වැඩියෙන් සල්ලි හොයා ගන්න ප්‍රදාන ‍රැකියාවට අමතරව එය කරන අයත් ඉන්නවා. සල්ලි තිබුනත් එහි නියැලෙනවා. ඉතින් ඒ අයට අනුකම්පා කරන්න බෑ.

    ReplyDelete
    Replies

    1. \\\ගනිකා වුර්තිය ගැන කියනවා නම් වැඩියෙන් සල්ලි හොයා ගන්න ප්‍රදාන ‍රැකියාවට අමතරව එය කරන අයත් ඉන්නවා. සල්ලි තිබුනත් එහි නියැලෙනවා. ඉතින් ඒ අයට අනුකම්පා කරන්න බෑ.\\

      සල්ලි නැති කමට කිරීම සහ වේස කමට කිරීම කියන්නේ දෙකක්නේ මානෙල් අක්කේ..මාත් දෙවනි පිරිස ගැන නම් කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ...

      \\\අවුරුදු හතේ දරුවාට සෑහීමට පත් වියහැකි සරල උත්තරයක් දැනට ඇති කියා මාත් හිතනව. ඇය ඒ උත්තරය ගොඩක් විග්‍රහ කිරීමට නොයන නිසා.\\\

      ආන්න හරි ඔබ වැනි ගුරු මවක් පවා අනුමත කරනවා නම් තව කතා කරන්න දෙයක් නැහැ ..ස්තූතියි ඔබේ අදහසට නිල් මානෙල්..නැවත එන්න ඉඩක් ඇති විටක මගේ බ්ලොගයට..

      Delete
  34. පොඩි අයගෙ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම කොර වෙනවා තමයි. හැබැයි මං හිතන්නේ සහන් අයියා, පොඩි එකාගේ ප්‍රශ්නෙට ගැලපෙන පිළිතුරක් දීලා තියෙන්නේ කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සමනළියේ ඔයාලට තේරෙන ටික මේ මහත්තුරුන්ට තේරෙන්නැති එකනේ වැඩේ..එහෙම වෙන්න හේතුව ඔයා දන්නවද ...? " දී කිරට බළල්ලුත් සාක්කි " කියලා කියන්නේ .ආන්න ඒකයි...

      තව ඕනේ නම් " උණු හින්දා කන්නත් බැහැ , කිරි හින්දා බොන්නත් බැහැ " කියන කතාවත් ගන්න පුළුවන්...


      ස්තූතියි ස්තූති මගේ බ්ලොගයට ගොඩ වැදිලා යනවට එදා ඉඳන්..මගේ පනස් වෙනි ඇනිවර්සිරියටත් එන්න ඕනේ හොඳද ...?[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
    2. හුටා පොඩි වැරද්දක් වෙලා කළින් කමෙන්ට් එකේ ..

      ඒකනේ සමනළියේ ඔයාලට තේරෙන ටික මේ මහත්තුරුන්ට තේරෙන්නැති එකනේ වැඩේ..එහෙම වෙන්න හේතුව ඔයා දන්නවද ...? " දී කිරට බළල්ලුත් සාක්කි " කියලා කියන්නේ .ආන්න ඒකයි...

      තව ඕනේ නම් " උණු හින්දා බොන්නත් බැහැ , කිරි හින්දා අහක දාන්නත් බැහැ " කියන කතාවත් ගන්න පුළුවන්...


      ස්තූතියි ස්තූති මගේ බ්ලොගයට ගොඩ වැදිලා යනවට එදා ඉඳන්..මගේ පනස් වෙනි ඇනිවර්සිරියටත් එන්න ඕනේ හොඳද ...?[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  35. පොඩි උන් අහන ප්‍රශ්න......
    කවුරුත් පොඩි කාලෙ ඔහොමයි.ඔය වයසට කුතුහලය කියන්නෙ සාමාන්‍ය දෙයක්.ඉතින් අම්මල තාත්තල කොයි වෙලේ මොන විදිහෙ දෙයක් අහයිද කියලා ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ.
    සහන් දීල තියෙන්නේ ඒ අවස්තාවට ගැලපෙන නියම උත්තරයක්.පොඩි එකෙක්ට විතරක් නෙමේ,වැඩිහිටියෙක්ට උනත් අපි දෙයක් පැහැදිලි කරද්දි හිතල බලන්න ඕනා ඒ කෙනාගෙ සමාජ වටපිටාව, බුද්ධියෙ ස්වාභාවය, තේරුම්ගැනීමේ හැකියාව වගේ ගොඩක් දේවල්.එහෙම නැතුව අපි දන්න හොදම විදිහට කියල දුන්නට අහන කෙනාට නොතේරෙන්න පුලුවන්.විශේශෙන් පොඩි ලමයින්ගෙ ප්‍රශ්නවලදි.

    අනිත් එක තමයි, තමන්ගෙ දරුවගෙ විදිහ දන්නෙ තමන්.ඒ දරුවට යමක් තේරුම්කරල දෙන්න ඕන කොහොමද කියන එක තව කෙනෙක්ට කියල දෙන්න පුලුවන්කමක් නෑ."මගෙ දරුව හදන්නෙ මෙහෙමයි, ඔතන මම හිටියනම් කියන්නෙ ඕක නෙමේ,ඔයා කිව්ව විදිහ වැරදියි" කියල කෙනෙක් තව කෙනෙක්ට කියනවනම් ඒක මහම මහ විහිලුවක්.

    ~Saji~

    ReplyDelete
    Replies

    1. \\කවුරුත් පොඩි කාලෙ ඔහොමයි.ඔය වයසට කුතුහලය කියන්නෙ සාමාන්‍ය දෙයක්.ඉතින් අම්මල තාත්තල කොයි වෙලේ මොන විදිහෙ දෙයක් අහයිද කියලා ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ.\\\

      ඉතාම ස්තූතියි සජි තත්වය තේරුම් ගෙන කමෙන්ටුවක් දැමීම ගැන.මේ දරුවා හරිම කටකාරයි ඒ වගේම හුරතල්..පොඩ්ඩ වැරදුණ හැටියේ දුකත් හිතෙනවා..ඉතින් මලක් වගෙයි බලාගන්නේ..( හැම තාත්තම එහෙම තමයි ඉතින් ) . ඔය වගේ හේතු නිසා බොහොම පරිස්සමට තමයි සියලු කටයුතු කරන්නේ.

      \\\සහන් දීල තියෙන්නේ ඒ අවස්තාවට ගැලපෙන නියම උත්තරයක්.පොඩි එකෙක්ට විතරක් නෙමේ,වැඩිහිටියෙක්ට උනත් අපි දෙයක් පැහැදිලි කරද්දි හිතල බලන්න ඕනා ඒ කෙනාගෙ සමාජ වටපිටාව, බුද්ධියෙ ස්වාභාවය, තේරුම්ගැනීමේ හැකියාව වගේ ගොඩක් දේවල්.එහෙම නැතුව අපි දන්න හොදම විදිහට කියල දුන්නට අහන කෙනාට නොතේරෙන්න පුලුවන්.විශේශෙන් පොඩි ලමයින්ගෙ ප්‍රශ්නවලදි.\\\

      අනිවාර්යෙන්ම සජි අපි ඒ ඒ පුද්ගලයා ඉදිරියේදී හැසිරෙන්න ඕනේ ඒ ඒ විදිහටයි.ඔබ හරියටම තේරුම් ගෙන තිබෙනවා ප්‍රශ්නය..ඒ වගේම නිවැරදි පිළිතුරත් හඳුනාගෙන තියෙනවා..මට කමෙන්ට් බර ගාණක් වැය කරන්න උනෙත් ඔය තේ නොතේරෙන අයට තෙරුම්කරන්න..ඔබේ කමෙන්ටුව මුළින්ම වැටුණා නම් බොහොම අගෙයි..දිගටම ඔබ වැන්නේක්ගේ පැමිණීම මම අපේක්ෂා කරනවා මේ බ්ලොගයට..


      \\\
      අනිත් එක තමයි, තමන්ගෙ දරුවගෙ විදිහ දන්නෙ තමන්.ඒ දරුවට යමක් තේරුම්කරල දෙන්න ඕන කොහොමද කියන එක තව කෙනෙක්ට කියල දෙන්න පුලුවන්කමක් නෑ."මගෙ දරුව හදන්නෙ මෙහෙමයි, ඔතන මම හිටියනම් කියන්නෙ ඕක නෙමේ,ඔයා කිව්ව විදිහ වැරදියි" කියල කෙනෙක් තව කෙනෙක්ට කියනවනම් ඒක මහම මහ විහිලුවක්.\\\\

      අනිවාර්යෙන්ම සජි ඒ විහිලුව මෙතන උනා..ඔබ දකින්නත් ඇතිනේ.මෙවැනි දේවල් තේරුම්ගන්න නම් දරුවෙක් ඉන්නම ඕනේ තමන්ගේ ලෙයින් හැදුන..එහෙම නැතුව බැහැ..දරුවෙක් නොහිටියත් කමක් නැහැ මාපියත්වයට සුදුසු මනසක් තිබුණත් ඇති..එවැනි මනසකින් ඔබ දැමු කමෙන්ටුව ඉතාම වටිනවා මේ සංවාදයට..

      ඉඩක් ඇති සෑම විටකම මේ බ්ලොගයට ගොඩ වදින්න සජි, මගේ පරණ පොස්ටුත් සතියකට වරක් හෝ පැමිණ කියවන්න....මගේ මීළඟ පෝස්ටුව දාන්නේ 50 වෙනි පෝස්ටුව නිමිත්තෙන් ස්තූතිය පළ කරලා, ඉතින් එයටත් ඔබ එන්න..

      Delete
  36. හඳේ හාවෝ ඉන්නවා, පොලෝ මහී කාන්තාව ලෝකේ තියාගෙන ඉන්නේ සුළඟිල්ලේ, භුමි කම්පා එන්නේ ඇඟිල්ලෙන් ඇඟිල්ලට මාරු කරනකොට. ඒ කාලේ ඔහොම අහලා ,ස්කොලේ කියා දෙනකොට ළමයි ඩිම් වෙනවා

    ReplyDelete
    Replies
    1. අන්තිමට දාපු සින්දුව ඩවුන් කරගන්න ලින්ක් එකක් තියනම් මගේ මේල් එකට එවපන්කෝ මචෝ

      Delete
    2. උඹේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න කළින් උඹේ ආසාව ඉස්ට කරලා ඉන්නම්කො..ඉඳා ගනින් ..:P

      http://sites.google.com/site/shermiefernandez/IWShermie%20Holdings%20Udaya%20Supipunu%20Malak%20Bandu.mp3

      Delete
  37. ලංකාවෙ එහෙම දඟ වැඩ කරන ඇන්ටිල නෑලු

    ReplyDelete
    Replies
    1. ඒකනේ යසිත් කියන්නේ මේක සිරි ලංකාව... කාලෙකින් නේද මේ පැත්තේ..ඉඩක් ඇති වෙලාවට දිගටම වරෙන් කොල්ලෝ...

      Delete
  38. සහන්,
    ඔය 'නෝටි'ඇන්ටිල අතරේ
    1."මම පුතාට අදරෙ කරනවා වගෙම , එ ඇන්ටිලත් එයාලගෙ පුතාලට ආදෙරෙයි.ඉතින් එයාල කුක්කුඉ, හබුනුඉ ගේන්න ඕනෙ හින්ඩත් ඔහොම ඉන්නවා.
    2.ඒ ඇන්ටියෙක්ගෙ තාත්ති හොන්ඩටම සනිප නැතිවෙලා.ඉතින් එයාට බෙහෙත් ගන්න සල්ලි හොයන්න ඇන්ටි මෙතන ඉන්නවා.
    3.තව ඇන්ටියෙක්ගෙ අක්කා මැරිල, ඒ ඇන්ටි තමඉ එ බබාලටත් කන්න ඩෙන්නෙ.ඉතින් ඒ ඇන්ටිටත් සල්ලි ඕනෙ නේ.ඒ නිස ඔහොම ඉන්නවා.
    4.තවත් ඇන්ටිකෙනෙක් ආදෙරෙ කරපු කෙනා එයාව රවටලා ගමෙන් එක්කන් ඇවිත්. ඒ ඇන්ටිට අපහු ගමට යන්න බෑ.ඉතින් ජීවත් වෙන්න ඔතන ඉන්නව.
    5. ඔය ඔතන ඉන්න චුටි ඇන්ටි , ඉපදිලා තියෙන්නෙත් පාරෙ පුතේ.එයාව හදාගන්න කට්ටිය එයාට ගහන්ව, ඔතන් ඉන්න කියල.
    දවසක ඔයාට මෙන්න මේ ටිකත් කියල දෙන්න වෙවි නේද සහන්.
    මම හිතන්නෙ මාතලන් "නෝටි" කියන වචනෙ පාවිච්චි කරන්න එපා කිව්වෙ තව අවුරුදු 7 කින් උදවෙන මේ දවස ගැන හිතල.
    මොකද මේ පැහදිලි කිරිම ඔයා කරන්න කලින් දුව දැන ගත්තොත්,
    එක්කෝ දුව හිතඉ ඒ ඇන්ටිල අත්තටම නෝටි නැනේ කියලා. එහෙම හිතුවොත් හොන්දයි.
    ඒත් එයා.. ඉය්යා.. මහ ජරා ගෑනු.. කියලා හිතන එක ඉවර කලොත්.
    කොහොමද ඔයා සන්වෙදී,අනුන්ගෙ දුකට හිත උනුවෙන මනසක් ගොඩ නගා ගන්න අත්තිවාරම දමන්නෙ.

    ReplyDelete
    Replies
    1. බෝ පැලේ ,

      මුළින්ම අදහස් දැක්වීම ගැන ස්තූතියි. තාම දරුවට වයස 7 නේ ..මේයාට වයස 13 වගේ වෙද්දී මම කියලා දෙනවා ලිංගික කරුණු ගැන. ලිංගික අවයව , සංසර්ගය ගැන යම් මට්ටමකට (අපිටත් තිබ්බ ලොකුම ප්‍රශ්නෙනේ ), ගැබ් ගැනීම , යොවුන් ආදරය , ස්වයන්වින්දනය (අපිත් කරානේ ඕවා ),විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම වගේ දේවල් ගැන පැහැදිළිව කියනවා.

      ඕව ගැන කියලා දෙනකොට ඒ දරුවට ගණිකා සේවය ගැනත් අවබෝදයක් දෙනවා. මුදලට සංසර්ගයේ යෙදීම ගැන. එවැනි තත්වයට පත් වුණු අයගේ ජීවිත වලට උදව් කරන්න පුතේ කියලත් කියලා දෙනවා.ඔන්න ඔහොමයි වෙන්නේ. හරිම සරළයි බෝ පැලේ.. මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ..

      \\\කොහොමද ඔයා සන්වෙදී,අනුන්ගෙ දුකට හිත උනුවෙන මනසක් ගොඩ නගා ගන්න අත්තිවාරම දමන්නෙ.\\\

      මෙන්න මෙතැනදී නම් මම තද තීරණයක් ගන්නවා තාත්ත කෙනෙක් විදිහට.. මම වැටුණ වලේ මගේ දුවව වැටෙන්න දෙන්නේ නැහැ.. " පුතේ අනුකම්පාව එකක් , භූමිකම්පාව එකක් " කියන දේ නම් පැහැදිළිව මේ සහන් කියලා දෙනවා..ඒක ගැන නම් අහිතක් හිතන්න එපා මිත්‍රයා..

      මේ ලෝකය හරි ගුප්තයි..එවැනි දේවල් ගැන මම නම් මගේ දරුවාව දැනුවත් කරනවා..මොකද මගේ දරුවට වගකීම් වැඩියි .මගෙන් පස්සේ එයාට උරුම දේවල් ටිකක් තියෙනවා නිසි පරිදි වගකීමෙන් යුතුව පවත්වා ගන්න ඕනේ...( ඒක රහසක් )

      හැබැයි එකෙන් අදහස් කරන්නේ නැහැ මම යුධසෙබළියක් පුහුණු කරනවා කියලා හොඳද..මේ දරුවා ඕනෑවටත් වඩා හුරතල් , සංවේදී..( ඒ මන් නිසා )

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ..ඉඩක් ඇති විටක නැවත එන්න..පැරණි ලිපිත් හැකි වෙලාවට බලන්න .(සතියට එකක් වගේ ) ඔබේ අදහස් කියන්න..

      Delete
  39. ඔයා එවැනි උත්තරයක් දුන්න එක හොදයි ,,, පොඩි දරුවෙක් කියලා ඔයා එයාට අර මුලින් කිවුව ආකාරයේ උත්තර දුන්නනම් එයා හරි කාරණාව දැනගත්ත දාට යටි හිතෙන් ඔයාට හිනාවෙයි ... මන් එහෙම කළා ,, මන් ඉස්සර අහපු සමහර ප්‍රශ්න වලට ape තාත්තා දුන්න ගොඩක් උත්තර වැරදි බව තේරුණාම මන් හරි එක දැනගත්තම හිනාවුණා එයා හරියට කියා නොදෙන්න ඇත්තේ මන් පොඩි දරුවෙක් නිසා මොකද මන් ඒ කාලේ අහපු ප්‍රශ්න වල කෙළවරක් තිබ්බේ නැහැ ,, ඔයා දුන්න උත්තරේ හරිම මධ්‍යස්ථයි..දරුවා දවසක ඇත්ත දැනගත්තම හිතාවි මගේ තාත්තා හරිම මොළකාරයෙක් කියල ,

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ටික කියවන් අන්තිමට එද්දී මම කියපු දේට එකඟ වෙන්න වෙනවා ඔමායා... මම පැහැදිලිව කිව්වනේ දුවට වයස 12 ,14 වෙද්දී මම ඔය හැමදේම ගැන කියල දෙනවා කියලා... ඒ නිසා දැනට ඔය මට්ටමෙන් දැනගත්තම හොඳටම ඇති...

      \\\\\\දරුවා දවසක ඇත්ත දැනගත්තම හිතාවි මගේ තාත්තා හරිම මොළකාරයෙක් කියල ,\\\\\\\\\

      Yes, she will ..

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili