දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

May 15, 2013

ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !

.
            අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ලංකික ශ්‍රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්‍රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් ඒ සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.පසු ගිය දිනෙක අපේ බ්ලොග් සක්විතිගේ   #ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe # මෙම බ්ලොග් සටහන දුටු විට මට මේ සියල්ල මතකයට නැගුණා.   පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්‍රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා පරිහරණය ගැන සමාව අයදිමි, මන්ද මෙය සිල් රෙද්ද උස්සා හෙළුව මතු කර පෙන්වීමේ ලිපියකි. මටත් නෝටි සහන් ලේබලය වදින බව දැන දැනත් මා මේ රෙද්ද උස්සන්නේ අන් කිසිවකට නොව අප දැන් වත් මෙවැනි විනාශයන් ගැන දැනුවත් විය යුතුය. අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්‍රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්‍රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත්‍ර වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ " ශ්‍රී ලාංකික සැබෑ දේශ ප්‍රේමියාගේ " උත්සාහයේ තරමත් " ශ්‍රී ලාංකික දේශ ප්‍රේමයේ සිල් රෙද්දට මුවාවෙන් " සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය.




          1957 පමණ වන විට උපාලි විජේවර්ධන මහතාත් ඒ මහතාගේ ඥාති සහෝදරෙයෙක් වන රන්ජිත් විජේවර්ධන මහතාත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වන්නේ ආර්ථික විද්‍යාව සඳහා උපාධි පාඨමාලාව හැදෑරීමටය.උපන් දා සිට ව්‍යාපාරික මනසකින් හෙබි උපාලි මහත්මා නිතර කල්පනා කිරීමට පෙළඹුනේ එංගලන්තයේ / යුරෝපයේ මෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක කල නොහැකිදැයි සිතමින්.එවැන්නක් ක්‍රියාත්මක කල හැකිනම් අසල්වැසි ඉන්දියාව වෙතින්ද ඇණවුම් ලබා ගෙන විශාල ලෙස මෝටර් රථ නිෂ්පාදනය කල හැකි බව ඔහුට ඒ වන විටත් වැටහෙමින් තිබූවක්.


          මෙයට අඩිතාලම් දමා ගැනීමට ඔහු පළමුව පිවිසෙන්නේ වර්තමාන රෝලන්ඩ් සමූහය ලෙස ක්‍රියාකරන බ්‍රිතන්‍ය මෝටර් රථ සමූහයේ විධායක නිලධාරීන් හමු වීමෙනි.එවකට ඔහුගේ මෙම උත්සාහයේ ඇති අනාගත වටිනාකම් දැකීමට එම නිලධාරීන්ද අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙය ක්‍රියාවට නැංවීමට නොහැකි විය.කෙසේ හෝ උපාලි , රන්ජිත් සොහොයුරන් උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුව සිය රට පැමිණේ.


           ඉන් පසු රන්ජිත් ඔහුගේම පවුලේ ව්‍යාපාරයක් වූ ලේක් හවුස් ආයතනයටද උපාලි ලිවර් බ්‍රදර්ස් ආයතනයටද බැඳි වෘතීයන් අරඹයි. මෙම කාල වකවානුව තුල උපාලි නැවතත් බ්‍රිතන්‍ය මෝටර් රථ හවුල නොහොත් රෝලන්ඩ් ආයතනය වෙත පිවිසෙන්නේ තම උවමනාවන් සඳහා වාහන කීපයක් මිලට ගැනීම සඳහායි.මේ සෑම විටකම ඔහු තදින් සිදු කරන්න නම් වාහන නිෂ්පාදනයේ අගසිට මුලට කරුණු අධ්‍යනය කිරීමයි.කෙසේ හෝ ඔහු ඇණවුම් කරන ලද වාහන කීපයක එවකට ශ්‍රී ලංකා ලේලන්ඩ් නියෝජිතයන් හරහා ඔහු වෙත ලබා දීමට කටයුතු සලසයි.
.
. .
      මේ අතර තුර උපාලි මහතාගේ මිත්‍රයෙකුට අයිතිව තිබූ රස කැවිලි නිෂ්පාදනය කරන ආයතනයක් පාඩු ලබමින් වසා දැමීමට යන බවක් දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඔහු එය මිලට ගැනීමට කටයුතු කරයි.තමා එංගලන්තයේදී දුටු පරිදි නවීන තාක්ෂනයෙන් හෙබි යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත කම්හලක් බවට ඔහු එය පත් කරයි. නොබෝ දිනකින් එම ව්‍යාපාරය සීග්‍ර ලෙස ලාබ ලබන්නක් බවට පත් වන්නේ අදද අප හට " ඩෙල්ටා " රසය මුවගට මතක් කර දෙමින් .

          නිවැරදි අනාගත දැක්ම තුළින් කාලාන්තරයක් යන තෙක් ස්ථාවර ව්‍යපාරික ගමනක් යා හැකි බව ඔහු ඔප්පු කර පෙන්වන්නේ එමගිනි.ඉන්පසු ඔහු තවත් මෙම ව්‍යපාරය පුළුල් කිරීමේ අරමුණින් ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් සමු ගැනීමට තීරණය කරයි.ඒ කැන්ඩෝස් චොකලට් ආයතනය මිළ දී ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූ කාර්ය බහුල කම නිසාය.අද වන විට මලයාසියාව , සිංගපූරුව , තායිලන්තය වැනි රටවලද නිෂ්පාදනාගාර ක්‍රියාත්මකව පවතී.

.
.
             එලෙසම ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වගෙනු යනු ලබන උපාලි සමූහයේ නිළ ව්‍යාපාරික හවුලද මෙහදී සඳහන් කල යුතුමය.මන්ද ශ්‍රී ලාංකික වෙනත් ව්‍යපාරිකයන් සමගද ඔහු ඉතා හොඳින් පුද්ගල සම්බන්ද තාවයන් පවත්වා ගත් ව්‍යාපාරිකයෙකි.


           ඔහු ඉන් පසු පිවිසෙන්නේ එවකට ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතී ව්‍යපාරික ක්ෂේත්‍රයක් වන ඉලෙක්ට්‍රොනික් රේඩියෝ දෙසටය. ජපානයේ ඩේන්ෂි යුනික් ආයතනය සමග ඒකාබද්ධව ඔහු මුල් වරට රේඩියෝ එකලස් කිරීමේ වැඩසටහනක් අරඹයි.ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගත්තේද ශ්‍රී ලංකාවෙනි.විදෙස් පුහුණුව නොමිලේ ලබා දීම , ඉහළ වැටුප් තල ඇති කිරීම වැනි සේවක ප්‍රසාදය වැඩි කරගත හැකි ක්‍රමද ඔහු අනුගමනය කලේ භාණ්ඩයේ ගුණාත්මක බව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට උවමනා බැවිනි. ඔහුගේ මෙම ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාවද ඉතා ඉක්මණින් ජනතා ප්‍රසාදය හිමි කරගනිමින් අලෙවි වාර්තා බිඳ දමමින් භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් බවටද පත් විය.
11111111111

              මේ සියල්ල කෙසේ වුවද ඔහුගේ එකම අපේක්ෂාව වූයේ මෝටර් රථ තාක්ෂණයට පිවිසීමයි.එම නිසාම ඔහු මැස්ඩා ආයතනය සමග සම්බන්ධ වී තම ව්‍යාපාරික අපේක්ෂාවන් පිලිබඳ සාකච්චා අරඹනවා .දීර්ඝ ලෙස කෙරුණු ව්‍යාපාරික හමුවීම් මගින් 1965 පමණ වන විට මැස්ඩා ආයතනයෙන් යහපත් පිළිතුරු ලබා ගැනීමට උපාලි මහත්මයාට හැකියාව ලැබෙනවා.මුල්ම ගිවිසුමට අනුව වාහන එකලස් කිරීමට පමණක් ඇති කරගත් ගිවිසුම් මත කර්මාන්ත ශාලාව හෝමාගම ආරම්භ කරනවා.මෙහි අති නවීන පින්තාරු ඒකකයක් , ස්වයං ක්‍රීය ලෙස ටෝක් ගණනය වීම් සිදු වී ඇණ සවි වීමේ උපාංග වැනි දේ පවා සවි වෙනවා. ( torque කැල්කිව්ලේෂන් කියලා කියන්නේ ඇණ මුරිච්චි තද කරද්දී යොදන්න ඕනේ නියමිත කෝණික පීඩනයට .ඒක වෙනම කතාවක් .ඒත් හිතන්න අපි මේ කතා කරන්නේ 1965 ලංකාවේ වෙච්ච දේවල් ගැන . කොච්චර දියුණුවක්ද ඒක. මේක වැරදුණොත් ක්‍රෑන්ක් ශාෆ්ට් බෙයාරින් එහෙම ඉක්මනට සවුත්තු වෙනවා.ඒවා වෙනම කතා )


              මූලික අධියර විදිහට වාහන 100 ක් එකලස් කිරීම සඳහා එංජින් , චැසි , රෝද , වින්ඩ්ස්ක්‍රීන් , විදුලි උපකරණ ආදී සියල්ල ගෙන්වනවා මුල්ම නැව් බහාලුම් මගින් ජපානයේ සිට.{එහෙත් මේ වන විට වාහන 100 සඳහා ආසන කවර , කුෂන් , ආසන සැකිළි ගෙන්වා තිබුණේ නැහැ.මේ බව දැනගත් එවකට රජයේ පාලකයන් තුරුම්පුවක් ලෙස මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා...( විස්තර පසුවට ) }


( මෙවකට පැවති රජයන් ගැන වැටහීමක් නැත්තන් මෙය පරිශීලනය කරන්න මෙවැනි තවත් විස්තර මෙම පෝස්ටුවේ ඇත. මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...
60 මාර්තු unp රජය ආසන එකකින් ජය .ජාතික ආණ්ඩුව නොබෝ දිනකින් බිඳවැටුණි.
60 ජුලි මැතිවරණයෙන් සිරිමාවො පත් වූවා .
64 දෙසැම්බර් වනතෙක් මෙම සභාග රජය පැවතුණා..
65 දී ආවා unp ජාතික ආණ්ඩුව
70 ජුලි නැවතත් මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ .
72 ජන රජ ව්‍යවස්ථාව එළි දැක්වුණා .ස්වාදීන කොමිසම් වල බීජ පළවුණේ එවකට.
77 දී ජේ ආර්...)


....

             උපාලි මැස්ඩා මෝටර් රථය සඳහා ඇණවුම් ලබා ගැනුමට උපාලි මහතා පුවත්පත් දැන්වීම පළ කරනවා.ඔහුගේම ඥාතීන් සතු වූ ලේක් හවුස් ආයතනය ඒ සඳහා ඉතා හොඳ ප්‍රචරයක්ද ලබා දෙනවා.

         ඔන්න දැන් ටික ටික මහ ජනතාව පැමිණ විමසීම් කරන්න ගන්නවා . සාම්පල් කෝ කියලා අහනවා .අපිට බලන්න ඕනේ කියනවා වාහනේ .

              සම්පූර්ණ ලෙස වාහනය 100 එකලස් කිරීමට හිඟව තිබු ආසන සැකිළි , කවර , කුෂන් රැගත් නැව කොළඹ වාරායට පැමිණෙනවා.ඔන්න මේ අවස්ථාවේදී අති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලක් දේශ ප්‍රේමි ආණ්ඩුව කරළියට පැමිණ ඉතා විශාල සහනයක් ලබා දෙනවා .ඒ තමයි ආසන රැගත් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී රටින් නෙරපීම.කිසිම දෙයක් ගොඩ බෑමට අවසර ලැබෙන්නේ නැහැ.උපාලි මහතා මේ පිළිබඳව හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මීට දින කීපයකට කළින් මෝටර් රථ පිලිඹද ශ්‍රී ලංකා රාජතාන්ත්‍ර වාදී ආණ්ඩුවේ නීති රීති වෙනස් වී ඇති බවය.
.....
...
             එනම් සීට් ආනයනය තහනම් කර ඇති බවය.මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා..

             තත්වය මෙසේ වෙද්දී කෙසේ හෝ සාම්පල් මට්ටමෙන් පෙන්වීමට අංග සම්පූර්ණ රථ කීපයක අවශ්‍ය තාවය දැඩි ලෙස පැණ නගිනවා.ඒ සඳහා වාහන කීපයක් ගෙන්වීමට කටයුතු කර , වාහන වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී දේශ ප්‍රේමි ලක් රජය දෙවන සහනයද ලබා දෙන්නේ නොසිතු විරු අන්දමින්.


.

.
                 එනම් මීට දින කීපයකට උඩදී එංජින් ධාරිතාවය 1500 ට වැඩි වාහන කිසි සේත් ගෙන්වීමට අවසර නැති බවට නීති සංශෝධනය වී ඇති බව දන්වමිනි. උපාලි මැස්ඩා රථයේ ධාරිතාවය 1600 කි.

                උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ )

             සීට් නිර්මාණය කිරීමේදී හැඩය සහ සැකිල්ලට මිණුම් ලබා ගෙන ඇත්තේද මේ රථ මගින්.

              මෙතරම් බාධක මැද නිෂ්පාදන වූ පළමු උපාලි මැස්ඩා රථ පෙළ වෙළඳ පොලට මුදා හරිනවා.ඒ රුපියල් 18,000 ක මුදලකට.වෙළඳ පොළට නිකුත් කර සීමිත කාලයක් තුළදී සියලු රථ අවසන් වනවා පමණක් නොව ඉහළ ලංසු වලට ඇණවුම්ද ලැබෙන්නේ මිළ 22,000 සිට 29,000 දක්වා ඉහළ යමින්.


               දෙවන වාහන 100 ද නිර්මාණය හා නිෂ්පාදන මේ බාධක මැද්දේ සිදු කිරීමට උපාලි මහතා ක්‍රියා කළේය.එහෙත් නොසිතු විරු ලෙස යළිත් ඔහුට සනහයක් දීමට ලක් මැතිණියගේ රජය ක්‍රියා කළේය.

                       එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )
..
             එහෙත් එදාද පිට කොන්ද තිබු දේශපානඥයින් සිටි නිසා සිදු වෙමින් පවතින පාපතර ක්‍රියාවට විරෝධය පෑම සිදු විය.කෙසේ හෝ මැතිණිය , ප්‍රවාහන ඇමති විදේශ ගමනකට සභාගි වූ අවස්ථාවක එවකට උප ඇමති ධූරය හෙබවූ මහත්මා මෙම රථ ලියාපදිංචියට අවසර දීමට කටයුතු කළේය. සමගිව පෙරමුණ ගත් ආණ්ඩුවේ පාපතර ක්‍රියාවන් එසේ විය.එහෙත් අද පවා බොහෝ දෙනා සිතා සිටිනුයේ ලක් මව ගොඩ ගත් මහා බලය නම් මේ සභාග රජයන් , සමගියෙන් පෙරමුණ ගත් බලයන් බවය.

             කෙසේ හෝ නැවත වාහන ලියාපදිංචිය සදහටම අහෝසි කර දමමින් උපාලි මැස්ඩා ආයතනය සදහටම විනාශ කර දැමීමට ජාතියේ මව එක පෑන් පහරින් කටයුතු කළාය.

             උපාලි විජයවර්ධන මහතාගේ පරම්පරාව සතු සියලු දේපල රජයට පවරා ගනිමින් , පළි ගනිමින් , එකින් එක විනාශ කරමින් 1970 සිට 77 දක්වා කටයුතු සිදු වුනි.එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දේශ ප්‍රේමය මුවාවෙනි .මා ඉහත දක්වා ඇත්තේ ඇස් පනාපිට සිදු වූ දේවල්ය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගනිමින් තම හෙන්චයියන් එකා පිට එකා පුරවමින් සිදු කල ක්‍රියාවන් වල අරුත අද අප අත්විඳිති. පුද්ගලිකව ක්‍රියාත්මක වන තම සතුරෙක්ගේ ආයතනයක් දුටුවහොත් සිදු කරන්නේ දේශ ප්‍රේමයට මුවා වෙමින් එම ආයතනය විනාශ කර දැමීමයි. ජාතික පුවත් පත් කොමිසම එවැනි ධූෂිත , පාපතර සිල් රෙද්දකි.එයට මුවා වී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනුණි. ඉන් එහාට කතා කළහොත් ඔහු දේශ ද්‍රෝහියෙක් වනු නියතය. මේ රටේ එදා සිට ක්‍රියාත්මක වූ සත්‍ය මෙයයි.මා මීට ඉහතදීද
මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමුවැන්න ). පොස්ටුවෙන් මේ ගැන දීර්ඝව කරුණු එළි කර ඇත.


              කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා. එලෙසම කොළඹ ආර්ථික කොමිසම පත් කරමින් නව ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන්නේ උපාලි මහතාව එහි සභාපති ධූරයේ පිහිටුවමින්.වර්තමානයේද ආයෝජන මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පවතින්නේ එදා උපාලි මහතා ඇති කළා වූ එම ආයතනයයි.
..
                   උපාලි මහතා ක්‍රිස්ටල් සිකුරු නමින් සබන් නිෂ්පදානායතනයක් , තුරඟ තරඟ , පුවත් පත් ආයතනයක් , සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නේ මේ ලැබෙන නිදහස සමගයි. එළෙසම ෆියැට් සමාගම සමග ගිවිසුම් වලට එළෙඹේමින් ඔහු නැවත මෝටර් රථ නිෂ්පාදනයට පිවිසෙන්නේ එහි ඇති වටිනාකම තේරුම් ගනිමිනි.එහෙත් එම උත්සාහය පෙර වූ තරම් සාර්ථක නොවීය .මන්ද අඩු මිළට පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවෘත ආර්ථිකය මත හැකි වූ බැවිනි. එහෙත් එවකටද 34,000 සිට ඉහළ මිලට වාහන 500 සාර්ථකව විකිණීමට ඔහු සමත් විය.( ඇතැම් විට 70,000 වන තෙක් ලංසු ලැබී ඇත .)
..
.
            කෙසේ වුවද උපාලි මහතාගේ ගමන ඔහුගේම ලඟින් උන් අය පවා ඉවසුවේ නැත.සිව්ල් ගුවන්ගමන් ඇති කිරීමට ඒ මහතා තුල දැඩි අධිෂ්ඨානයක් තිබු නිසා පුද්ගලික ගුවන් යානා කීපයක් ඔහු පුද්ගලික වියදමින් ගෙන්වීමට කටයුතු කළේද මේ වකවානුවේදීය . ඔබ 70 පසු සිංහල චිත්‍රපටි වල දුටු ගුවන් යානා සියල්ලේ හිමි කරුද උපාලි මහත්මා වෙයි.ඔහු සතුව ආසන 18 කින් සමන්විත හෙලිකොප්ටර් යානාවක්ද ලියර් වර්ගයේ ජෙට් යානාවක්ද පැවතුණා තම පුද්ගලික පරිහරණය සඳහා.
පැයට කිලෝ මීටර 850 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි ලියර් ජෙට් ගුවන් යානාව. නියමුවන් ඇතුළත්ව 10 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 6 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 2800 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1967 . වත්මන් මිළ රුපියල් ලක්ෂ 4800 පමණ .
.
.
පැයට කිලෝ මීටර 242 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි හෙලිකොප්ටර යානාව. නියමුවන් ඇතුළත්ව 20 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 12 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 830 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1975 .එක් තටුවක දිග මීටර් 15 , දළ වශයෙන් අඩි 50ක් පමණ .එන්ජිම මෙගා වොට් 1.6 ක බලයකින් සමන්විතයි, එනම් අශ්ව බල 2250 පමණ . ඉන්ධන සහ භාණ්ඩ රහිත මුළු බර ටොන් 6 හමාරයි . වත්මන් මිළ රුපියල් ලක්ෂ 8800.
.

             එලෙසම ඔහු පාරම්පරික ලෙස දැඩි ලෙස බුදු දහම සමග ජීවත් වූ අයෙක් . ඔබ දැක ඇති කැළණිය විහාරයේ අනර්ඝ බිතු සිතුවම් . 



.
   .










..
කැළණිය විහාරයේ බිතු සිතුවම් ඇඳි ඒ මහා සිත්තරා සෝලියස් මෙන්ඩිස් මැති තුමා . ඔහුට නිවන් සුව අත් වේවා ...! වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ .
..


                 පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත. එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි.




****************************

              දොන් ඇලෙක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුයිස්‌, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්‌, දොන් චාල්ස්‌, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට්‌ උසස්‌ තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්‌සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක්‌ විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.

                සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්‌, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්‌තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.

                 පස්‌වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක්‌ අයෙකි. .
විශේෂ ස්තූතිය ශාන් වික්‍රමසිංහ මහත්මාට
****** *************************

                   කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන
උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති.නොදන්නා අයට කමෙන්ට් මගින් ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.

                මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා.
..
....


                 ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.


විශේෂ ස්තූතිය ධම්මික ආටිගල , ලලිත් ජයවර්ධන , ශාන් වික්‍රමසිංහ , මගේ පියා ( silentsahanගේ පියා ) . 



ප.ලි.

                 පියාගේ දැඩි විරෝධය මත publish බොත්තම එබුවෙමි.මන්ද ප්‍රෝඩාකාරී රැවටීම් ගැන මෙසේ හෝ කරුණු එළි කල යුතුය.එසේ නොවන්නට මගේ දරුවන් මගේ මිනි වලටද සාප කරණු ඇත...! ඔබේ දරුවන් ඔබේ මිනි වලටද සාප කරණු ඇත...!

මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද


වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!
 රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර...
 රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)
බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catc...
 රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය.

*****************



             වෙහෙර හැර ආරම්භ කරන ලද වාහන එකලස් කිරීමේ ආයතනයටද එවැනි සහන ලබා දී අඩපණ කර විනාශම කර දැමීය.2002 අවධියේ ඇති කෙරුණු වාහන පෑස්සුම් ආයතනයද සහන ලබා විනාශම විය.





                ආචාර්ය ලෝරන්ස් පෙරේරා සතු මයික්‍රෝ ආයතනයද යාන්තමින් සහන / අසහන වෙමින් ඇදගෙන යයි .ළඟදීම සම්පූර්ණ සහනය ලැබීමටද හැකිය. එම ආයතනය 2006 වකවානුව තුලදී මෙරටදීම දුම්රිය මැදිරි එකක් ලක්ෂ 65 වැනි මුදලකට නිෂ්පාදනයට ඇති ශක්‍යතාවය පෙන්වා ඇත.එහෙත් එවැනි ආයතන වල නිෂ්පාදන තුට්ටුවකට ගණන් නොගෙන ප්‍රකෝටි ගණන් මුදල් යටි මඩි ගැසීමේ අරමුණින් විදේශ සමාගම් වලට කොන්ත්‍රාත් ලබා දීම සිදු වේ. මැදිරියක වටිනාකම ලක්ෂ 45 ක් නම් එහි අත යට මුදලම ලක්ෂ 200 පමණ වේ.අත යට මුදලට පමණක් භාණ්ඩයේ වටිනාකම මෙන් 4 ගුණයක් වැය වී ඇත.

                    ලංකාවේ බදු මුදල්ද මෙලෙසම වේ. භාණ්ඩයේ සැබෑ වටිනාකම රුපියල් 10 නම් අපට එය මිළට ගැනීමට සිදු වන්නේ රුපියල් 22 පමණ වූ පසුවය.ඉතුරු රුපියල් 12ම වැය වී ඇත්තේ මෙවන් නින්දිත පුද්ගලයන්ගේ අධූරදර්ශී වැඩ වලටය.රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වැය කල යුත්තේ සැබෑ වටිනාකම රුපියල් 10 ක් වන භාණ්ඩයක ගුණාත්මක භාවය තවත් වැඩි දියුණු කිරීමට මිස එම කර්මාන්තය විනාශ කිරීමට නොවේය . එහෙත් 48 සිට සිදු වූයේ බදු මුදල් වලින් සැබෑ ශ්‍රී ලාංකික ශක්තිය විනාශ කිරීමයි. විනාශය සිදු කර එය දේශප්‍රේමී සළුවෙන් වසා ගැනීමට දරණ වෑයමේදී තව තවත් මුදල් අවශ්‍යයය .එම මුදල්ද ලබා ගැනීමට නම් භාණ්ඩයේ බදු මුදල තවත් වැඩි කල යුතුය. එවිට රුපියල් 10 යේ භාණ්ඩයක මිළ රුපියල් 40 / 50 ඉක්මවීම වැළක්විය නොහැකිය.

                   ළඟදීම රුපියල් 10 යේ භාණ්ඩ කර්මාන්තශාලා සහන දරා ගැනීමට නොහැකිව වැසි යනු ඇත .පෙර රාජාණ්ඩු සමයේ මෙන් එවිට අඹුවගේ අවයවයටද බදු ගැසීමට සිදු වීම වැළක්විය නොහැක්කේමය ...!




                   ඉන්දියාවේ අශෝක් මහත්මා බ්‍රිතාන්‍ය ලේලන්ඩ් ආයතනය සමග එක් වී ආරම්භ කරණ ලද ආයතනය අද වන විට ඉන්දියානු රජයේ ආධාර උපකාර මැද අශෝක් ලේලන්ඩ් නමින් අති සාර්ථක ගමනක් යමින් ඇත.ඔබ අද ලංකාවේ  දකින සියලුම පුද්ගලික බස් වලින් 80% වඩා නිපදවා ඇත්තේ එම සමාගමේ. එහිම තව දිගුවක් වන ලංකා අශෝක් ලේලන්ඩ් යනු එම ඉන්දියානු සමාගමයි. බ්‍රිතාන්‍ය , ජපන් සමාගම් හරහා අතර මැදියන් නොමැතිව ඍජුව වාහන නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව එදා විනාශ කර නොදමන්නට අද අප ඉන්දියාවට වාහන අපනය කිරීමට පවා ශක්තියකින් සමන්විත වීමට හොඳටම ඉඩ තිබෙනු ඇත.එහෙත් වර්තමානයේ වුවද සිදු වන්නේ අප ඉන්දියාවෙන් වාහන ගෙන්වීමකි. සුසුකි මරුටි , ටාටා , ඩිමෝ , බජාජ් , TVS වැනි සියලු ආයතන ආරම්භ වූයේ එලෙසිනි. ( ඉඩක් ලැබුණොත් ඒ ගැනද මතු ලිපියකින් ) . පුද්ගලිකව මේ ලිපිය ලියන මාද ජපාන NHK ආයතනයේ විකාශන අයිතිය ශ්‍රී ලංකාව තුල ලැබූ අයෙකි.එහෙත් පැවසීමට ඇත්තේ නැවතත් ,








  මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානයත්  සමගින්  විනාශ වී යමින් . ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි වෙනුවට වස කැවී මිය ගොසිණි...!








වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!



මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)



රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය



රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)



බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch



ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?



ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy

02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.

"ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?".

220 comments:

  1. රෙදි ගලෝලනෙ බන්.. මමත් මේ කියවනකම් හිතන් හිටියෙ අනේ දේශප්‍රේමි මැතිණිය කියලා. උන්දැට අනුව ඒ කියන්නෙ අල බතල විතරයි ලංකාව ඇතුලෙ වවාගෙන කන්න ඕනා. කාර් වැව්වොත් දේශද්‍රෝහී.. මාර සහන තොගයක්නෙ දීලා තියෙන්නෙ. එයාගෙ දෝණියන්දත් මයික්‍රො එකට ඔය වගේම සහන දුන්නා මතකයි..

    උපාලි විජේවර්දන කියන්නෙ මමත් බොහොම ප්‍රිය කරණ චරිතයක්. ඒ වගේ අය නැතිකම හෝ නැති කරණ කම නිසා තමා අද ලංකාව මෙතන තියෙන්නෙ. ඇත්තටම ඉන්දියාව වාහන ක්ශේත්‍රයෙන් අද කොච්චර දියුණුවක් ලබලා තියනවද !

    කාටද මේවා කියන්නෙ බන්..!! බල්ලොත් එක්ක බෑ.

    (මේකද අර කියපු ලිපිය ? )

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා මම මේ තරම හරි දැම්මේ මගේ පියාගේ විරුද්ධත්වය මත . මේවා තමයි ඔය පිරිස කලේ එදා ඉඳන් සෙන්නා .මම කළින් මේ දේවල් ගැන ලියද්දි සෙන්නා මාව එතරම් දන්නේ නැහැ.ඒ නිසා මම මීට කළින් දාපුවා නිවාඩු වෙලාවක බලන්න.සම්පූර්ණ අපිව රවට්ටපු එක කරේ සෙන්නා එදා ඉඳන් මේ ලංකාව තුල.48 සුද්දා මේක දෙද්දී මෙහෙම නැහැ.සුද්දට අයිති වෙලා තිබ්බා නම් අපි යහතින් ඉන්නවා . මේ බොරු සිල් රැකිල්ල නිසානේ මෙහෙම එහෙටත් නැති මෙහෙටත් නැති අවුල් ජාලාවක් උනේ...

      දැන් බලන්න අපි රැකපු දේශීයත්වයකුත් නැහැ , රටක් වශයෙන් ගියපු ගමනකුත් නැහැ..
      ස්තූතියි සෙන්නා ප්‍රභල අදහස් ප්‍රකාශ කිරීම ගැන.

      ( නැහැ සෙන්න .මේක නෙවේ.මේක ලිය උනේ අර ලිපිය මගින් නවත්තලා දාල. ලබන බැද්දට වගේ ඒ ලිපිය එවන්නම් . ගෝලීයකරණය ගැන ඒක ලියවෙන්නේ )

      Delete
    2. //සුද්දට අයිති වෙලා තිබ්බා නම් අපි යහතින් ඉන්නවා . මේ බොරු සිල් රැකිල්ල නිසානේ මෙහෙම එහෙටත් නැති මෙහෙටත් නැති අවුල් ජාලාවක් උනේ...//
      මගෙත් අදහස මේක තමයි සහන්..!

      Delete
    3. අනිවාර්යෙන්ම වීයෝ අපි දැන් වත් මේ බොරු සෝබන අත ඇරලා දාල සත්‍යට මූණ දෙන්න ඕනේ.අපේ දරුවන්ටවත් ඇත්ත නැත්ත පෙන්නන්න ඕනේ.එහෙම නොවුනොත් ළමයි ටිකත් අවුල් ජාලාවක තනි වෙනවා අපි වගේම...

      Delete
  2. මේ මනුස්සය ගැන මෙච්චර විස්තරයක් අදමයි දැන ගත්තේ.. මාත් හිතන් හිටියේ ලෝකේ පළමු වැනි කාන්තා එක්කෙනා හරි හොඳ කෙනෙක් කියලනේ... මට හිතෙන හැටියට මේ අවුල අපේ ජාන වලින්ම එන දෙයක්.. ඒ කියන්නේ දැන් ඉන්න ලොක්කන්ට බැනල වැඩක් නෑ.. එයාල කරන්නෙත් කලින් අය කරපු ටිකම තමා.. මේකට බැනුම් අහන්න නියම පුද්ගලයා රාවණා ද විජය ද කියල මම දන්නේ නෑ.. හැබැයි මුල්ම ජානේ තිබිච්ච අවුලක් වගේ මට හිතෙන්නේ...

    මේව ලියල දාල තියෙන එක කවදාක හෝ කාට හෝ වැදගත් වෙලා.. කවදාක හෝ කවුරු හෝ මේක වෙනස් කරයි.. එතකම් අපි ඉතින් බලා ඉමු.. අපේ වැඩක් බලාගෙන... සහන් මේක ඇතුලේ වෙනම ලියන්න ඕනෙ කියපු දේවලුත් පුලු පුලුවන් වෙලාවට ලියල දාන්න..

    ReplyDelete
    Replies
    1. \\\මට හිතෙන හැටියට මේ අවුල අපේ ජාන වලින්ම එන දෙයක්.\\\

      හරියට හරි පැතුම් .මේක තමයි අපේ ගතිය.එදා ඉඳන් උනේ මේක.සමහර විට කුවේණි කියන ගෑණි රටක් වටින ගෑණියෙක් වෙන්න ඇති.ඒ මනුස්සයගෙන් ගන්න ඕනේ ටික අරන් , චිප් කියලා එළවලා දාන්න ඇති.හදන්න බැහැ පැතුම් මේ ජාතිය. පුළුවන් තරම් ඉස්සරහට යන්න බලන්නේ තමන්ට උඩින් ඉන්න කෙනාගේ බෙල්ල කපලා මිසක් තමන් පළවෙනිය වෙන්න දක්ෂ කම් හදාගෙන නෙවේ. ඉතින් සමස්ථ ජාතියක් වශයෙන් යන්නේ ආපස්සට.

      දක්ෂයා වළපල්ලට , දුෂ්ඨයා ඉස්සරහට , සමස්තය ආපස්සට .

      ///මේව ලියල දාල තියෙන එක කවදාක හෝ කාට හෝ වැදගත් වෙලා.. කවදාක හෝ කවුරු හෝ මේක වෙනස් කරයි.. ///

      ඔව් පැතුම් ඒකයි මමත් මෙහෙම දේවල් ගැන එළි කරන්නේ. මේ දේවල් පවුල් පවුල් අතර එහෙට මෙහෙට හැංගි හැංගි තිබ්බා හොඳටම ඇති.අඩුම තරමේ අපේ දරුවෝ හරි දැනගන්න ඕනේ සීයලා ආච්චිලා කරපු තුප්පහි වැඩ ගැන.ළමයි හරි මේවා හරිගස්සයි අපිට බැරි උනත්.නිවැරදි මග පෙන්නීමක් ලැබුණ දාකට එයාල යාවි ගමනක් . 48 සීයල යන්න නුදුන්නු ගමන එයාල හරි යාවි ...

      \\සහන් මේක ඇතුලේ වෙනම ලියන්න ඕනෙ කියපු දේවලුත් පුලු පුලුවන් වෙලාවට ලියල දාන්න.. ///

      ඔව් පැතුම් දැනටත් මම එහෙම කීපයක් ලියාගෙන යනවා.මම ඉතින් පරතරයක් ඇතුව සමහර දේවල් ලියන්නේ.එක දිගට එකම මාතෘකාවෙන් යද්දිත් නීරස වෙන නිසා.

      ස්තූතියි පැතුම් මොන තරම් වැඩ තිබ්බත් මගේ බ්ලොග් එකට ගොඩ වෙනවට මෙහෙම.ඒ වගේම කියන්න ඕනේ දේවල් එක හෙලා කියන එකටත් ගොඩක් ස්තූතියි.මොකද මේවා දැන් වත් අපි එළිපිට කතා කරන්න ඕනේ.මෙහෙම අදහස් කීම ගැන බෙහෙවින්ම ස්තූතියි පැතුම්...
      ඉඩක් තියෙන වෙලාවට නැවත එන්න...

      Delete
  3. මැතිනිය ටිකක් වලව් මානයෙන් ආඩම්බරවූ කාන්තාවක්නේ. එයාව අල්ලේ නැටෙව්වේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක. ආචාර්ය එන්.එම්.පෙරේරා පෙන්වා දුන් ආර්ථික න්‍යාය විකෘති ලෙස සමාජ ගතකලේ ෆීලික්ස්. එයට හේතුව තව ටික කලක් ගියානම් එන්.එම් අගමැති වෙන එක කිසිම ජගතෙකුට නවත්තන්න බැරිබව ෆීලික්ස් දැක්කා. ඒ නිසා පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා. එන්. එම්. ගේ න්‍යායේ තිබුනේ ආනයන සීමාකර දේශීය නිෂ්පාදන වර්ධනය කිරීමයි. නමුත් ෆීලික්ස් ඒවා එලියට දැම්මේ 'හාල් පොලු මිරිස් පොලු' හැටියටයි. අන්තිමට මිනිස්සුන්ට සමගි පෙරමුණු ආණ්ඩුව එපාවුනා. එන්.එම්.ට දේශපාලනය එපාවුනා. ඉතා දිග විස්තරයක් කෙටියෙන් කිව්වේ. උසස්පෙළ හදාරන සිසුන් ලෙස එදා අපි මේවා අත්වින්දා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. \\\මැතිනිය ටිකක් වලව් මානයෙන් ආඩම්බරවූ කාන්තාවක්නේ. ///

      ඔව් පැහැදිළිවම ද්වේශ සහගතව තෝ , බැල්ලි , බල්ලා , හිඟන හැත්ත , වශයෙන් ජනතාව ඇමතු රත්වත්තේ ලේ ඇත්තියක්.ජනතාව බඩගින්නේ පෝලින් වල බල්ලන් මෙන් අසරණ කල කාන්තාවක් . මෙහෙම කෑම පෝලින් වල මිනිස්සුන්ගේ ආත්ම ගෞරවයට හානි කරපු , කෙලෙසපු අය කොහොමද ජාතියක් සමෘදිය කරා ගෙනයන්නේ ...?

      සම්පූර්ණ වලව් මාන්නෙන් ඇස් අඳ වූ පුද්ගලයන් රැසකගේ බලු පොරයක් තමයි 48 සිට අප දුටුවේ.

      \\\එන්. එම්. ගේ න්‍යායේ තිබුනේ ආනයන සීමාකර දේශීය නිෂ්පාදන වර්ධනය කිරීමයි.///

      ඔතන තියෙන්නේ විචාරක මහත්මයා විශාල විදිහට කතා කල යුතු දෙයක්. එංගලන්තේ විශ්ව විද්යාල වල තියරි එහෙමම ලංකාවේ ක්‍රියාත්මක කිරීම. ඒවාට භාජනය වෙන්න පාවිච්චි කරපු පරීක්ෂනාගාර මීයෝ ටික තමයි ලංකා ජනතාව. ඒ නිසයි කිසිම හිර හිරිකිතක් නැතුව මිනිස්සු කෑම පෝලින් වල බලු කරේ.ඔබත් ඒ අද්දැකීම් ඇත්තෙක් නිසා මම මේ කියන දේ හොඳින් වැටහෙනවා ඇති. මගේ ගෙදර තිරිසන් සතෙක්ටවත් මම ඔහොම සලකන්නේ නැහැ.

      ඒත් ඉහත කී පුද්ගලයන් සමස්ථ ලංකාවම නිවට කරා හාල් සේරුවකට...! ඔන්න අපි පාවිච්චි කරපු ආර්ථික නගා සිටුවීමේ වැඩ. රස්සාවට යන්න නෙවේ මිනිස්සු එලියට බහින්නේ හාල් හුන්ඩුවක් ගෙන්නන. ඒකට වරුවක් ඉවරයි. ඒක උයන් කාල ඉවර වෙද්දී දවස ඉවරයි...!ඔන්න අපි පාවිච්චි කරපු ආර්ථික නගා සිටුවීමේ වැඩ.

      ස්තූතියි මහත්මයා අදහස් ප්‍රකාශ කිරීම ගැන බෙහෙවින්.ඔබේ පැමිණීම ඉදිරියටත් අපේක්ෂා කරනවා මම...

      Delete
    2. රොබර්ට් නොක්ස් කීවා දුක් කරදර ඉවසීමත් බඩ ගින්න ඉවසීමත් යෝදයන්ගේ ගුණයක් කියලා එදා සිංහලුන් අත පාලා ඉල්ලගෙන කන්න ලජ්ජා උනා කියලා. එදා නිකන් දෙන දෙයක් වත් ගන්න හිත හදාගන්න බැරි උනා තමන්ගේ ආත්ම අබිමානේ හින්දා. එත් මේ සිදුවීම් වලින් පස්සේ ලංකාවේ මිනිස්සු අද ඉන්නේ වඳ සැත්කම කරගත්තු එවුන් වගේ. වෙලාවකට හිතෙනවා නේද අපි අවාසනාවකට අද්යාපනේ ලැබුවේ කියලා. නැත්නම් මේ කිසි දෙයක් නොදැන මේ හැමදේම අපේ කරුමේ කියලා හිත හදා ගෙන ඔහේ ඉපදිලා මේ අවලම් හැත්තට සුර සැප විඳින්න කඹුරලා මැරිලා යන්න තිබ්බ.

      Delete
  4. mamath hithagena hitiye e nona hitiyanm rata meeta wada issarahata yai kiyala. palaweni ekkenage samahara weda denagana hitiyat me kathawa mama ahalawat thibune ne. Lankawa kawadawat diyunu wei kiyala mata nm hithanna amarui. maha ekage sita podi eka dakwama horakm karanawa. Lankawe loku wyapara okkoma deshapaluwo athe. un hithanne rate anagathe newei edineda labaya witharai.
    palaweni kattiya karapuwata wipaka kawadahri lebei kiyala hithana eka witharai ithuru wela thiyenne.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මිත්‍රයා තේරුම් ගන්න ඕනේ.මම ලියපු " මීළඟ ජනාධිපති ලියමන බලන්නකෝ.." ලොකු විස්තරයක් එතන කියලා තියෙනවා. සම්පූර්ණ රැවටීම උනේ එදා ඉඳන්..පෙන්නුවේ වෙන එකක් කරේ වෙන එකක්. අපිත් පෙන දේට රැවටිලා යනවා.ගියාම තියෙන්නේ වෙන එකක්..

      ඒත් හිත හදලා එවන නිසා ආයේ යනවා එන්න කිව්වම..ආයේම අඬාගෙන ගෙදර එනවා..ආයේ ගෙදට්ට පණිවිඩේ එව්වම ආයේ යනවා. ඔහොම ඔහොම මේ යන ගමන නවතින්න ඕනේ..නැත්නම් පාරෙමයි මිත්‍රයා..

      ඔබට ස්තූතියි මිත්‍රයා අදහස් කීම ගැන.ඉඩක් ඇති වෙලාවට නැවත එන්න . ඒ වගේම ගූගල් බ්ලොග් ප්‍රොෆයිලයක් හදා ගන්න වීනාඩි කීපයක් වැය කරලා.ඒක වටිනවා අදහස් කියද්දී...

      Delete
  5. අතිශයින්ම ඉතා වැදගත් මතෘකාවක් සහිත ලිපියක්.කාර් පමණක් නොවෙයි ලැම්බර්ටා නමින් ඉතාලි යතුරු පැදියක්ද ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙනවා.බලන්න දුර දක්නා නුවනක් නොමැති දේශපාලුවන් එදා මෙදා තුර ලංකාවට කලේ අපරාධයන් නොවේද කියලා.කව්ද? කවද්ද හොඳ දෙයක් කලේ.මේවා අහන අපේ ලේ රත්නොවී තියේද? තරුණ පරම්පරාව රටට ගොඩාක් ආදරෙයි.මේ හිවල්ලු කරන වැඩ නිසා බුද්ධිමතුන්ට රට එපා වෙලා රට දාලා යන තත්වයක් උදාවෙලා තියෙන්නේ.එදා මෙදා තුර දුම්රිය සේවයට ගැලපෙන දේවල් කරලා නැහැ.නොගැලපෙන එන්ජින්,කෝච්චි පෙට්ටි,ගොඩාක් කැලෑවල ගාල් කරලා තියෙන්නේ .දෙමටගොඩ ගාල් කරලා තියෙන්නේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි.
    කිසිදාක දේශීය නිර්මාණ ශිල්පීන්ගේ දක්ශතාවයන්ට අතදීලා නෑ.නව නිර්මාණකරුවන් අගයලා නෑ.තම රටේ දේවල් අගයන්නේ නැතිව කොහොමද ආස්චර්යක් කරා යන්නේ.බහුභුත තමා.

    ඇත්තෙන්ම මෙවන් ලිපියක් ගොඩාක් මහන්සියෙන් ලියු ඔබට ස්තුතියි...

    ඉදිරියට තවත් මෙවැනි ලිපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. \\\\\\අතිශයින්ම ඉතා වැදගත් මතෘකාවක් සහිත ලිපියක්.කාර් පමණක් නොවෙයි ලැම්බර්ටා නමින් ඉතාලි යතුරු පැදියක්ද ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙනවා.///

      ඔව් මමත් මේ පෝස්ට් එකට ඇතුළත් කරපු නැති තව දෙයක් තියෙනවා ඒ තමයි ඇල්බා ක්ලැසික් ත්‍රී වීල් එක ගැන..ඒක ගැන වෙනම ලියන්න ඉන්නවා මම. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මිත්‍රයා ලංකාවේ උපන් ගෙයිම විනාශ කරපු සිතා මතා.

      \\\කවද්ද හොඳ දෙයක් කලේ.මේවා අහන අපේ ලේ රත්නොවී තියේද? //

      ඇත්ත මෙහෙම රැවටීම් උන බව දකිද්දී නම් මොන තරම් ආවේගයක් එනවද කියලා මට තේරෙනවා.නමුත් මේක තමයි එදා ඉඳන් උනේ. බැරිම තැන අත ඇරලා දාන එක තමයි ගොඩක් දෙනා කරන්නේ මිත්‍රයා.ඒත් කොහොම හරි පුළුවන් විදහට දෙයක් කරන්න වෙන තැනක දැන් අපි ඉන්නේ..


      \\\නොගැලපෙන එන්ජින්,කෝච්චි පෙට්ටි,ගොඩාක් කැලෑවල ගාල් කරලා තියෙන්නේ .දෙමටගොඩ ගාල් කරලා තියෙන්නේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි.///

      ඒ යකඩ කඳන් දකිද්දී නම් පුදුම දුකක් හිතෙන්නේ.එක්කෝ ඒ දේවල් මිනිස්සුන්ට ගලවන් යන්න දෙන්න ඕනේ.නිකන් දිරනවට වඩා ඒක හොඳයි.ටොන් කීදාහක් වැස්සට දිරනවද ...? රේල්වේ යකඩ කියන්නේ ඉස්තරම් යකඩ . කිසිම වටිනාකමක් නැතුව ඔහේ දිරවනවා.ඇමතිලා එක බැගින් එක මාරුවෙනවා..ඒත් එක පීල්ලක් වත් වැඩක් ඇති විදිහට මාරු උනේ නම් නැහැ.


      \\\කිසිදාක දේශීය නිර්මාණ ශිල්පීන්ගේ දක්ශතාවයන්ට අතදීලා නෑ.නව නිර්මාණකරුවන් අගයලා නෑ.තම රටේ දේවල් අගයන්නේ නැතිව කොහොමද ආස්චර්යක් කරා යන්නේ.බහුභුත තමා.///

      ආනයනික ආශ්චර්යක් කරා අපි යන්නේ.දේශීයත්වය මුවාවෙන් හැබැයි යන්නේ.වියදමත් වැඩියි ඒ නිසාම.අන්තිමට ඉතුරු වෙන්නේ කපපු පීත්ත පටි ටිකක් විතරයි.


      ස්තූතියි මිත්‍රයා .ඔබේ අදහස් ගොඩක් වටිනවා .මෙහෙම නොබියව කතා කිරීමම වටිනවා ගොඩක්. අපි මෙහෙම හරි මේ දේවල් කතා කිරීම තුළිනුයි තව කෙනෙක් මේ දේවල් ගැන දැනුවත් වෙන්නේ...

      ස්තූතියි නැවත එන්න ඉඩක් ඇති වෙලාවට....

      Delete
  6. බොහොම බරසාර ලිපියක්.හොඳ පැහැදිලි අදහසක් දක්වලා තිබුණත් මේ ක්‍රමේ වෙනස් කරන්ඩ විදිහක් තියෙනවද?ඕක අපේ විතරක් තියෙන අවුලක් නෙමෙයි.ධනවාදයේ සැබෑ මුහුණුවර ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනුක අදහස කීම ගැන. ඔතන ධනවාදය කියන්නේ එකක් , කුහකත්වය කියන්නේ තව දෙයක් දිනුක.අනික් රටවල කුහකත්වය තිබ්බේ අඩුවෙන්.ඒකයි ඒ ජාතීන් දියුණු උනේ. හිතන්න එංගලන්තේ ලේලන්ඩ් , රෙනෝල්ට් , වගේ කොම්පැණි පටන් ගද්දිම රැජිණ ඒවා තහනම් කරා නම් කොහොම වේවිද අපිට මේ තියෙන අස්ස කරත්ත හොඳටම ඇති , වැඩිත් එක්ක කියලා..

      ටොයෝටා වේවා , අන් සියලුම ආයතන ටික ටික ආවේ ඉස්සරහට රජයේ ආශීර්වාදය ඇතුව. බුගාටි , ෆෙරාරි , පොර්ශේ වගේ අය අද මොන තරම් තැනකද ඉන්නේ. අඩුම තරමේ වහනයක් ගන්නත් පෝලිමේ ඉන්න ඕනේ. ( ඒක වෙනම කතාවක් )

      ස්තූතියි දිනුක අදහස් කීම ගැන...නැවත එන්න...

      Delete
  7. නොදැන සිටි කාරණා බොහොමයක් දැනගත්තා ස්තූතියි සහන්...කෙටියෙන් කියනවා නම් මේවා හෙන ගහන අපරාධ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා .සිරාට මතකද ඔයාගේ පරණ පත්තර පෝස්ට් එක ...? මරණයක් ගැන එහෙම ලිය උනේ. එදා කතා කරන්න බැරි උන දේවල් තමයි මේ.පේනවා නේද තරම ...?

      ස්තූතියි සිරා අදහස් කීවට නොභියව. කියන්න ඕනේ දේ එළිපිට ඔහොම කියන අය තමයි ඕනේ අද. විශේෂෙන් වර්තමානයේ.

      Delete
  8. දැන්ගන්න බොහොම කැමැත්තෙන් හිටපු විස්තරයක් ආයෙත් අමු හෙළුවෙන්ම දැන ගත්තා. ඇත්තටම උඹ සහන් ද නැත්නම් ශාන් ද?

    මැතිණි සහ චන්ද්‍රිකා අතර ලොකු වෙනසක් දකින්න බෑ. පුහු මානයෙන් පුදුම ඉදිමීමක් තිබ්බ දෙන්නෙක්. එයාලගේ පුහු මානය රටේ අභාග්‍යයට හේතු වීම ගැන වගකියන්න කවුරුත් නැති නිසා විග්‍රහ කරල වැඩක් නෑ. ඔය රැවටීමම වෙනත් ස්වරූපයෙක් සිද්ධ වෙන මේ කාලේ ඒ රැවටීම් වලටත් ගෙඩි පිටින් අදින ජනමනයා ගැන කවර කථාද?

    ReplyDelete
    Replies
    1. මට ශාන් කියලා කියන්නකෝ සහන් කියන එක හරි නැහැ වගේ නම් .

      මැතිනි තරම්ම නම් තිබ්බේ නැහැ.හැබැයි ඉතින් අම්මට වඩා නම් චන්ද්‍රිකා හොඳයි. ( සැලකිය යුතුයි: මෙය සාපේක්ෂ ප්‍රකාශයක් බව සළකන්න )

      මේ තියෙන්නේ එක මනුස්සයෙක්ට කරපු අපරාධයක් විතරයි පේට්‍රියෝ. අනිත් දේවල් ගැන ලිව්වොත් ***** **** ******. මුළු රටම විනාස කරා වලව් මාන්නෙන් නටන්න ගිහින්.මුළු රටම තමන්ගේ බූදලේ වගේ ඔය පිරිස පාවිච්චි කරේ. හැබැයි මචන් දෙපැත්තේම මිනිස්සු එහෙමයි . ඒකත් අනිවාර්යෙන් කියන්න ඕනේ මෙතැනදී.

      හැමෝම කරේ පාට පස්ස හදන් දේශප්‍රේමය මුලට දාගෙන ආණ්ඩු බලය ගන්න දඟලපු එක.මට නම් කියන්න තියෙන්නේ අපරාදේ සුද්දව එලවා ගත්තේ. මෙහෙම අපි අපේ උන්ගෙන්ම විනාස වෙනවට වඩා සුද්දාගෙන් නැතිබංග උනා නම් අහවරයි..
      [si="5"]
      [ma]
      කිඹුලා කනවා ඉවසතෑකි , කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැහැ මෙහෙම ....
      [/ma]
      [/si]

      Delete
    2. බලාගෙන යනකොට සුද්දාගෙන් විනාස වුනා කියන්නත් බෑ.
      මෙච්චර කාලෙකට හරි හමන් පාරක්වත් තියෙනවද අපි හදපු.ඔක්කොම සුද්දගේ කාලේ එව්වනේ.සුද්ද ආවේ නැත්නම් අපි තාම වලව් කාරයොන්ට බැලමෙහෙවර කම් කර කර ඉන්නවා.
      සුද්ද එන්න කලින් තිබුන කාලේ හොඳයි කියල කට්ටිය කෑගැහුවට අනේ මටනම් ආවට පස්සේ තියෙන කාලේ හොඳයි.

      Delete
    3. අනිවාර්යෙන්ම ප්‍රමුධි ... අපි සියලු දෙනා විසින් පිළිගන්න ඕනේ සත්‍ය මේක තමයි. දැන් වත් බොරුවට මේ සංස්කෘතියක් ගැන කියව කියව ඉන්නේ නැතුව හරි හමන් පිරිමි වගේ රට හදන්න ඕනේ...

      ඒ වැඩපිළිවෙල බටහිරට , දේශියද කියලම් වැඩක් නැහැ.... සුද්දගෙද , චීනගේද , ජපනගේද කියලත් වැඩක් නැහැ...

      Delete
  9. කඩතිරයෙන් වැසුණු සත්‍යය කොච්චර කටුක ද.. කියවද්දී දැනෙන දේ විස්තර කරන්න වචන නෑ. ඒ වගේ මිනිස්සුන්ට අත දුන්න නම්, අත දෙන්න බැරි නම් වල කපන්නේ නැතුව හිටිය නම් අපි අද රටක් විදිහට කොච්චර ඉස්සරහින් ද ඉන්නේ.

    සාමාන්‍ය ජනතාව මේවා අවබෝධ කර ගන්න කල් ඔය තත්ත්වයන් වෙනස් වෙන එකක් නෑ. ඒත් ඒක කවදා වෙයි ද..

    මේ ලිපිය ලිව්වට ස්තුතියි කියන්නේ නෑ මං. මොකද ඒ වචනේ මදි මේ ලිපිය අගය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත චන්දන .මට හොඳටම තේරෙනවා.මොකද චන්දන උනත් අලුත් අලුත් දේවල් හදන්න පුංචි කාලේ ඉඳන් මහන්සි උන කෙනෙක් බව මන් දන්නවා.චන්දන වගේ කෙනෙක්ට මෙහෙම ලිපියක් දකිද්දී ලොකු ආවේගයක් එනවා. මෙහෙම ආයතන අද තිබ්බා නම් චන්දනලා වගේ අය තමයි ඒවගේ එන්ජිනේරුවෝ . ඒත් මේ රටේ ආණ්ඩු වලට රිංගපු කුහක මිනිස්සු චන්දනලගේ ගමන තේරුම් ගත්තේ නැහැ.

      මම දැකලා තියෙනවා චන්දනත් තනියම අමාරුවෙන් දේවල් හොයන් ඉගෙන ගෙන අලුත් දේවල් කරන්න හදනවා.පුංචි කාලේ මාත් එහෙමයි.දැන් නම් කිසිම දෙයක් කරන්නේ නැහැ.මම දැන් ඉන්නේ මට කිසිම විදිහකින් අදාළ නැති ක්ෂේත්‍රයක . අපිට අදාළ ඒවා කරන්න ගියොත් වෙන්නේ විහින් නහින්න . හරියට උපාලි මහත්තයට උනා වගේම .

      ඒත් රටක ඉන්න දක්ෂ මිනිස්සු මෙහෙම පස්සට යනවා කියන්නෙම රට ආපස්සට යනවා කියන එක නෙවේද ...?

      මටත් අන්තිමට කියන්න තියෙන්නේ චන්දන කියපු ටිකම තමයි...
      [si="5"]
      අත දෙන්න බැරි නම් වල කපන්නේ නැතුව හිටිය නම් අපි අද රටක් විදිහට කොච්චර ඉස්සරහින් ද ඉන්නේ [/si]

      Delete
  10. උපාලි වියෙයවර්ධනව මැරුවා.ඉබේ මැරුණා නෙවේ.මැරුවා.

    ReplyDelete
  11. [si="5"]

    සියලු දෙනා හට කෙරෙන නිවේදනයයි . මෙම පෝස්ටුව ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න . තත්පර 4 වැනි කාලයක් තුලදී ලෝඩ් වනු ඇත.
    [ma]
    එදිනෙදා ජීවිතය | : ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !". [/ma]

    [/si]

    ReplyDelete
  12. ඔයා මුලින්ම මෝටර් රථ නිෂ්පාදනයක් ගැන කියලා පස්සේ ආනයනයක් ගැන කියනවා. මෙතන ටිකක් පරස්පරයි නේද ? අනිත් එක ජෙට්, හෙලිකොප්ටර් ගෙනාවේ මේ රටේ සුළු මහජනතාවට සේවයක් කරන්නද? එතුමාගේ ටොෆි නිෂ්පාදන නම් වරදක් නෑ. සහන් ඔයාගේ වයස කීයද ? මේවා දැක්ක වගේ කියන්න අඩුම ගානේ ඔයාට වයස 60ක් වත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කාගේ හෝ දේශපාලන අවශ්‍යතාවක් ඉටු කරන ඉත්තෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. mahatyage nama mokkada ? හැ න් ගෙ න් නේ නැ තුව නමින් එන්න

      Delete
    2. ඇනෝ සහෝදරය,සහන්ගේ >>මීළග ජනාධිපති විය යුත්තේ කව්ද ?විය හැක්කේ කව්ද<<ලිපිය කියවා බලන්න.එතකොට ඔබට අවබෝධයක් ලැබෙයි.

      Delete
    3. යාලුවා ඔහු යටින්ම දාල තියෙනව මෙය කිහිප දෙනෙකුගේ සන්යෝජයක් කියල...අනික ඔහුගේ පියා ඔහුට කරුණු කියල දීල තියෙනව.. උඩින් පල්ලෙන් බලන්නෙ නැතුව ඔක්කොම කියවන්න සහෝදරයා....

      Delete
    4. නෙදකින් මේ පීචං නපුංසක ඇනෝ...තෝ ඇනෝ අපිටත් ලැජ්ජාවක්...හරියට කියවපියකො මෝඩ මූසලයො...තෝ රජාට ගොට්ට අල්ලන බත් බැලයෙක් නේද ?

      Delete
    5. @ පළමු ඇනෝ

      \\\ඔයා මුලින්ම මෝටර් රථ නිෂ්පාදනයක් ගැන කියලා පස්සේ ආනයනයක් ගැන කියනවා. මෙතන ටිකක් පරස්පරයි නේද ? \\\

      ***ඉන්දියාවේ අශෝක් මහත්මා බ්‍රිතාන්‍ය ලේලන්ඩ් ආයතනය සමග එක් වී ආරම්භ කරණ ලද ආයතනය අද වන විට ඉන්දියානු රජයේ ආධාර උපකාර මැද අශෝක් ලේලන්ඩ් නමින් අති සාර්ථක ගමනක් යමින් ඇත.ඔබ අද ලංකාවේ දකින සියලුම පුද්ගලික බස් වලින් 80% වඩා නිපදවා ඇත්තේ එම සමාගමේ. එහිම තව දිගුවක් වන ලංකා අශෝක් ලේලන්ඩ් යනු එම ඉන්දියානු සමාගමයි. බ්‍රිතාන්‍ය , ජපන් සමාගම් හරහා අතර මැදියන් නොමැතිව ඍජුව වාහන නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව එදා විනාශ කර නොදමන්නට අද අප ඉන්දියාවට වාහන අපනය කිරීමට පවා ශක්තියකින් සමන්විත වීමට හොඳටම ඉඩ තිබෙනු ඇත***

      මේ පේනවද මම කිව්වා අනාගතය ගැන මෙහෙම දේවල් වල ...? ඒ වගේම මම කිව්වා දැක්කද

      ***මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා.****

      ඒ කියන්නේ උපාලි මහත්තයා එන ඕනේ දේකට ඔට්ටුයි.අනිත් දේ තමයි මිත්‍රයා කිසිම කෙනෙක්ට පළමු ගමනින් සම්පූර්ණ කාර් එකක් හදන්න නිෂ්පාදය කරන්න බැහැ.ඇණ මුරිච්චියේ ඉඳන් කොටස් 5000 විතර තියෙන භාණ්ඩයක ඒ කොටස් 5000 ම නිෂ්පාදනය කරන්න බැහැ පළමු ගමනින්. ඒකයි වාහන එකලස් කරලා පස්සේ ටික ටික 70% දක්වා හෝ නිපදවන්න පෙළඹෙන්නේ . අනිත් දේ තමයි ජපාන ටොයෝට ආයතනය උනත් තමන්ගේම වෙනත් රටවල තියෙන නිෂ්පාදන ආයතන වලට පවා ජපානේ හදපු දේවල් අරිනවා අදටත් එකලස් කිරීම සඳහා.

      අනිත් දේ තමයි මිත්‍රයා ඔහොම වල කපන්නම හදද්දී කොහොමද නිෂ්පාදනය තියා එකලස් කිරීම වත් කරන්නේ ?

      අහ අනිත් දේ තමයි මයික්‍රෝ ආයතනය උනත් මුළින් එන්ජිම පවා ගෙන්නුවේ ප්‍රංශයේ ඉඳන්.පස්සේ පස්සේ තමයි මෙහෙ හදන්නේ.ඒත් තවමත් 100% දේවල් ලංකාවේ හදන්නේ නැහැ.ඔබට ව්‍යාපාර ගැන වැටහීමක් නැහැ මිත්‍රයා.ඒකයි ඔය වගේ ප්‍රකාශ කරන්නේ..

      \\\අනිත් එක ජෙට්, හෙලිකොප්ටර් ගෙනාවේ මේ රටේ සුළු මහජනතාවට සේවයක් කරන්නද? එ////

      ගුවන් යානා අංගනයක් හැදුවම ඒකෙ ඇති වෙන රැකියා යන්නේ කාටද ....? උපාලි මැස්ඩා එකේ රැකියා කරේ ලංකාවේ අය. ඒවා ගත්තේ ලංකවේ අය. උපාලි යුනික් එකේ වැඩ කරේ කව්ද , ඒවා ගත්තේ කව්ද ..? ඔක්කොම ලංකාවේ අය.

      ඩෙල්ටා එකේ වැඩ කරන්නේ කව්ද ? ඒවා රස බලන්නේ කව්ද ...?
      කැන්ඩෝස් එකේ වැඩ කරන්නේ කව්ද ...? ඒවා රස බලන්නේ කව්ද ...?

      ඉතින් ඒ වගේ තමයි.ශ්‍රී ලංකානු ගුවන් නැවියෝ පවා ඕවගේ වැඩ කරා.මගේ මාම කෙනෙක්.ඒ කියන්නේ silentsahanගේ තාත්තගේ පුංචිගේ පුතා ඕවගේ වැඩ කරපු පයිලට් කෙනෙක්. ලංකාවේ මුල්ම පයිලට් ලාගෙන් කෙනෙක්. අන්තිමට වැඩ කරේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ.ඔහු දැන් මෙරට නැහැ .මම කිව්වනේ පවුල ගැන ලොකු විස්තරයක්.

      \\\\සහන් ඔයාගේ වයස කීයද ? මේවා දැක්ක වගේ කියන්න අඩුම ගානේ ඔයාට වයස 60ක් වත් වෙන්න ඕනේ. \\\

      මම ලිපියේ කියලා තියෙන සමහර තොරතුරු ගත්ත හැටි.පවුල් විස්තර පවුල් වලිනුත් , 48 සිට නීති රීති වෙනස් වීම් , එක එක සංශෝදන ගැන ගැසට් , හැන්සාඩ් වලින් අරන් බලන්න .මෙතන තියෙන කිසිම දෙයක් බොරු නෙවේ.ලේක් හවුස් එක අරන් නැද්ද ..? ජන සතු කිරීම් උනේ නැද්ද මේ රටේ ...? මම කළින් ලිපි වල පැහැදිළිව කියලා තියෙනවා ඒ දේවල් ගැන. කරුණාකර ඒ දේවල් බලන්න.

      \\\එහෙම නැත්නම් කාගේ හෝ දේශපාලන අවශ්‍යතාවක් ඉටු කරන ඉත්තෙක් වෙන්න ඕනේ. ///

      මට කිසිම කෙනෙක්ගේ ඉත්තෙක් වෙන්න ඕනේ නැහැ.මම එදා ඉඳන් තනි මිනිහෙක්.මම කව්ද කියන දේත් ඔය ලිපියේ අවසාන චේද 3 වගේ තියෙනවා මිත්‍රයා.


      ඔබේ මේ විමසීම ගැන කිසිම අහිතක් නැහැ මිත්‍රයා.ඕනෙම දෙයක් කියන්න.මොකද දැන් වත් අපි මේවා ගැන කතා කරන්න ඕනේ.අනිත් දේ පුද්ගලිකව මා එක්ක කතා කරන්න උවමනා නම් silentsahan කියන ස්කයිප් ID එකෙන් කතා කරන්න . මම මගේ සැබෑ ස්වරූපෙන් පෙනී ඉන්නවා ඔබ ඉදිරියේ.

      අහ අහිතක් හිතන්න එපා නැවත එන්න ඕනෙම විටක.

      Delete
    6. @ Damiika Wijesinghe

      මගෙන් නෙවේ නේද ඇහුවේ මිත්‍රයා ..? ඔබට මගේ නම දැනගැනීමට අවශ්‍ය නම් පුද්ගලිකව විමසීමක් කලොත් පුළුවන්.

      ඔබ විමසන්නේ ඇනෝ ගැන නම් :- කමක් නැහැ .එහෙම හරි අදහස් ප්‍රකාශ වීම වටිනවනේ ධම්මික මහත්මයා.

      Delete
    7. කෙන්ජි අයියාටත් , ජීවිතය සුන්දරයි මල්ලිටත් , මගේ ඇනෝ මිත්‍රයාටත් ස්තූතියි මෙවන් දෑ වෙනුවෙන් වචනයක් හෝ වැය කිරීම ගැන. මෙහෙම දෙයක් තමයි අවශ්‍ය . හැමෝම සහයෝගෙන් නොහිටපු එකනේ උනේ එදා ඉඳන්. දැන් වත් මේ දේවල් වෙනස් වෙන්න ඕනේ ටික ටික හරි. ස්තූතියි ඔබ සියලු දෙනාට.

      Delete
  13. ජනතාවට හාල් පොලු දාල ෆීලික්ස් ගෙ පනාගොඩ ෆාම් එකට නම් හාල් මිටි ගනන්ලු ගෙනිච්චෙ.
    ඉතාමත් වටින විස්තරාත්මක ලිපියක්.ඔබගෙ එක පරණ ලිපියක් කියෙව්ව.අනිත් ටිකත් හිමින් කියවනව.
    ලෝරන්ස් මහත්තයට අමුගොමය ගෙ ඉදලම කුඩම්මාගේ සැලකිලි.එයාට අලව්ව පැත්තෙන් ඉඩමක් දුන්නෙ කොතලාවල ලොක්කද කොහෙද.
    කවදා පායයිද මේ රට ට................................................................................................................................

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියනවා ෆිලික්ස් රටේ මිනිස්සුන්ට පොලු දාල තමුන්ගේ අස්සයන්ට තිරිගු රටින් ගෙන්නුවා කියලා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒක තමයි.අඩුම තරමේ තීරු බද්දෙන් වත් නිදහස් වෙන්න ඕනේ දේවල් ටික නිදහස් නැහැ.ඔතන කෙන්ජි අයියේ ලොකු කතා ටිකක් යටින් තියෙනවා. සරළව කියනවනම් මේ රටේ ඇතුලේ හදන වාහනයකට excise duty ගහන්න බැහැ.ඔතොකොට ලංකාවේ හදන වාහන පුදුම විදිහට අඩු මිළකට වෙළඳ පොළට එවන්න පුළුවන්.

      ඒත් එහෙම උනොත් කොහමද බිලියන ගාණක තීරු බඩු අදායම හොයන්නේ ආණ්ඩුව ....?

      සර්පයා දුටුවාද ආනන්ද ....?
      ඔයාම දන්නවා ඇතිනේ 98 මේක් එක තියෙන මොන්ටේරෝ එකක් ජැපැන් වල ඩොලර් 12k.කාටද ඉතින් කියන්නේ.නැවට ලක්ෂ දෙකක් දැම්මත් ලක්ෂ 20 ට මොන්ටේරෝ එකක් ගේන්න පුළුවන්. ඒත් මෙහෙ කීයද 98 එකක් ...? අඩුම 54 වගේ.

      ================================================

      ස්තූතියි කෙන්ජි අයියේ ඒ දේවල් ඉඩක් ඇති විදිහට බලන්න ..අනිත් දේ මොබයිල් වර්ෂන් එකෙන් බලන්න ..මම ලින්ක් එක උඩ දීලා තියෙන්නේ..තත්පර 3න් ලෝඩ් වේවි හැම පෝස්ට් එකම...

      ස්තූතියි අදහස් කීම ගැන.ඒ වගේම තව තව කරුණු එකතු කරන්න ඔබත් දන්නා මේ වගේ...

      Delete
  14. කොහොම හරි දැන් බලනකොට ලංකාවේ හිටියයි කියන එකම දේශපාලකයෙක් වත් රටට වැඩක් කරලා නෑ නේ.. තියෙන ටිකත් නැතිබංගස්තාන කරලා මිසක්... එහෙම එකේ ජන්දෙ දිදී අපි මුන්වම තවත් පත් කරනවානේ...

    ReplyDelete
    Replies
    1. කතා කරලම වැඩක් නැහැ හිරු.මේ හිරුගේ කෙටිම කෙටි කමෙන්ට් වලින් එකක් මේ වගේ පෝස්ට් වල.ඇත්ත මේවා කොහෙන් පටන් අරන් කොහෙන් කෙළවර කරන්නද කියලා හිතාගන්න බැහැ. කතා කරනවානම් පැල් බැඳන් කතා කරන්න ඕනේ. නැත්නම් නිකා ඉන්න ඕනේ. ඒ තරම් කලකිරෙනවා මේ වගේ දේවල් දකිද්දී.

      ඇත්තටම මේ මිනිස්සු කරන්නේත් ඒකමයි හිරු.මිනිස්සුන්ගේ කටවල් වැහෙන තැනට මිනිස්සුන්ව පත් කිරීම ... එයාලා දිනුම් හිරු ...

      Delete
  15. බොහොම හොඳයි මේවා ලියපු එක. ජය ශ්‍රී වගේ එදා ඉපදිලාවත් නැති අයගේ දැන ගැනීම පිණිස. එයාලා සුර සැප විඳිද්දි, ජනතාව ගිඟන්නන්ගේ හිඟන්නෝ බවට පත් කලා. යැංකි ඩිකී ගැන කතාවටනම් එකඟ වෙන්න බෑ. එජාපය ආවයින් පස්සෙ උපාලි මාර විදියට දියුණු උනා. හෙලිකොප්ටර් එක බාන්න ගේ හදනකන් ඒක බෑවේ අපේ ඉස්කෝලේ පිට්ටනියේ. පස්සේ ගේ අළුතෙන් හැදුවා. අනික අද වෙනකන් මොනවා උනාද දන්නෙ නෑනේ. අනතුරක් උනාද. අතුරුදහන් උනාද කියන්න ජෙට් එක තියා මිනීයක්වත් හම්බ උනේ නෑ. මේ පිටිපස බොහෝ කතා තිබුනා. එකක් තමයි අපේ රටේ දේශපාලඥයන්ගේ ගේමක් කියන එක. මොකෝ ඒ වෙනකොට දෙවිනුවරින්ද කොහෙද දේශපාලනයටත් ඇවිත් හිටියේ. ඒ එජාපයෙන්. අනික මැලේසියාවේ බිස්නස් කාරයන්ගේ වැඩක් කියන එක. තව කතාවකුත් ගියා ඒකනම් අද බොරු බව ඔප්පු වෙලා ඉවරයි. ඒ තමයි එයා හැංගුනා කියන එක. ඒ කියන්නේ පුද්ගලයෙක් වසර හතක් තිස්සෙ අතුරුදන් වෙලා උන්නොත් එයාගේ ණය ගිවිසුම් අහෝසි වෙනවා කියන ජනප්‍රිය කතාව.

    කොහොමත් මේ ආන්ඩුව කරන්නෙත් දේශීය ව්‍යාපාරිකයින් නැති කරන එක තමයි, ලලිත් කොතලාවල නැති කරලම දැම්මා. කුමාර් දේවපුරලා ඉවරයි. දැන් තටමන්නේ දයා ගමගේට ගේම දෙන්න. එහෙම කලත් කමක් නෑ එයාලත් රටට අළුත් ව්‍යාපිරකියින් හන්දුන්වලා දෙවනම්. හන්දුන්වා දෙනවා. ඒ කැසිනෝ කාරයෝ, රේන්ද බිස්නස් කාරයෝ, කුඩු කාරයෝ, කැරෝකේ කාරයෝ. නිෂ්පාදකයනම් නැති කරලම දායි. සඟ වෙද ගුරු ගොවි කම්කරු වන්ට පුළුවන්ද පාලනයක් ගෙනියන්න. ඒකට ඕන මැනේජර්ලා, කළමනාකරුවෝ, නිර්මාණකරුවෝ. ළෝකය දකින මිනිස්සු. මම දැක්කා කොල්ලෙක් හදලා තියෙනවා හුලං බලෙන් යන කාර් එකක්. ඒ ඇති මේ රටට දියුනු වෙන්නේ. ඒත් මාෆියාවන් වැඩ කරන්නේ වෙන විදියකට. මේ ගැන ලස්සන නිර්මාණයක් ලියලා තිබුනා ඇල්කේමියා. ඒක මෙතනින් බලන්න.

    http://alchemistsdiary.wordpress.com/2013/05/11/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD-%E0%B6%9A%E0%B7%99/

    කෙසේ නමුත් ඉතා වැදගත් ළිපියක් ලියුවාට බොහොම ස්තූතියි. මේ උඹගේ ඉස්ටයිල් එකකියලා මම දන්නවා. ඒත් අතුරු කතා සහ පින්තූර අඩු කරානම් අපේ බයිට් ගාන ඉතුරු වෙනවා. රට කාපු මහ බන්ඩා ගැනත් ලියපන්....

    ReplyDelete
    Replies
    1. මාතලන් ගොයියෝ. උපාල් විජේවර්ධන දේශපාලනයට ආවේ දෙවිනුවරින් නෙමේ. කඹුරුපිටියෙන්.දෙවි නුවරින් ඉල්ලුවේ රොනී ද මෙල් පනිද පිල්. තාමත් උපාලිට කඹුරුපිටියේ තැනක් තියෙනවා මම හිතන විදිහට.එහේ ශ්‍රවනාගරෙය තියෙන්නෙත් උපාලිගේ නමින්.

      Delete
    2. මාතලන් , හැකිනම් මේ ලිපිය ඔබගේ සින්ඩියේ දමන්න.....

      Delete
    3. පොඩ්ඩක් ඉන්න මාතලන් ඉක්මණින් පිළිතුරු දමන්නම් ....

      @ මොරබ්බා

      මා වෙනුවෙන් කළ ඉල්ලීමට බෙහෙවින් ස්තූතියි..ඇත්තටම මතලන්ගේ සිංඩියෙන් දැනට 300 අධික පිරිසක් ඇවිත් තියෙනවා..මේ දේවල් මිනිස්සු දකින්නයි ඕනේ.ඇත්ත නැත්ත එළිවෙන්නේ ඒ විදිහටයි ...
      ඔබට ස්තූතියි මිත්‍රයා..

      ඇනෝ සහ මාතලන් වෙත පසුව පිළිතුරු දෙන්න එන්නම්...

      Delete
    4. දිය මතුපිට රබර් බෝල……………………… කෙටි විද්‍යා ප්‍රබන්ධය".



      “මම තමුන්නාන්සෙ මේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට බඳව ගත්තෙ ජනාධිපතිතුමියගෙ උවමනාවට මිසක් මට උපදෙස් ගන්න නෙවෙයි… මට උපදෙස් ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා… තමුන්නාන්සෙගෙ පර්යේෂණයෙ ප්‍රතිඵල ඕන කෙනෙකුට පෙන්වගන්න… මට ඔය පර්යේෂණයෙන් ලාභයක් නෑ.. මට ලැබෙන්නෙ පාඩුවක් විතරයි… මම තමුන්නාන්සෙට කිවුවෙ නෑනෙ ඔය පර්යේෂණය කරන්න කියලා.. තමුන්නාන්සෙ පත් කළේ අමාත්‍යංශයට උපදෙස් දෙන්න…. මේ පර්යේෂණය ඕකට අදාල නෑ…”

      “එහෙම කියන්න එපා ඇමතිතුමා.. මේ නිසා රටට කොච්චරක් කියලා සල්ලි ඉතිරි වෙනවද ?”

      “රටට සල්ලි ඉතුරු කරලා කාටද හලෝ හරි ගියේ ?

      සම්පූර්ණයෙන් කියවීමට ඉහත ලින්ක් එක භාවිතා කරන්න...

      Delete
    5. උඹ ශාන් වික්‍රමසිංහගේ පුතාද...?

      Delete
    6. මාතලන්ගේ කමෙන්ට් එක සහ ජය ශ්‍රී මගෙන් අහපු දේවල් වලට වෙනම උත්තර පෝස්ට් එහෙකින් දානවා.මොකද තව පෝස්ට් එකකින්ම කතා කරන්න ඕනේ දේවල් ටිකක් එතන තියෙනවා...ඒ වගේම අනිත් ඇයගේ සභාගීත්වයත් වැදගත් මේ දේව වලට...

      අන්තිමට අහපු ප්‍රශ්නෙට නම් උත්තරේ නැහැ කියන එක...( තව දෙයක් කියන්න ඕනේ ඒ ගැනම ..නමුත් ඒක කිව්වොත් ලොකු ප්‍රශ්නයක් එනවා.. )

      Delete
  16. බොහොම වැදගත් ලිපියක් මචන්.. මම දැන ගෙන නොහිටපු දේවල් ගොඩාක් දැනගත්තා... අනික අපිට කටක් ඇරල කියන්න පුලුවන් අපේ රටේත් ජෙට් සහ හෙල්කොප්ටර් අයිතිකරුවන් හිටිය වග,...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල්ලි මේ තරම් දීර්ග ගමනක් යන්න පුළුවන් මිනිහෙක්වයි විනාස කරේ තමන්ගේ පුද්ගලික වාසියට.මෝඩ කමට රටක් වටින කෙනෙක්ව විනාස කරා. මේ අදත් වෙනවා එහෙම දේවල් මේ රටේ. තමන්ගේ වාසියට එක රැයෙන් මිනිස්සු මාරු කරන ලෝකයක අපි ඉන්නේ.

      අම්මලා පුත්තුන්ව පාවලා දෙනකොට අනිත් ගෑණු මොනවා නොකරයිද ....?

      උපාලි මහත්තයගේ ගුවන් යානා ටික අද තිබ්බා නම් එතනම බිලියන 100 විතර ... අද රටේ සමස්ථ මුදල් සංසරණයම උනත් කීයද එහෙම බලද්දී ...?

      රත්තරන් සංචිත වත් නැහැ අපිට එච්චර දැන්..

      ස්තූතියි මල්ලි අදහස් කීම ගැන වගේම මා වෙනුවෙන් පෙනී ඉඳීම ගැනත්...
      ඉඩක් ඇති වෙලාවට නැවත එන්න මල්ලි...

      Delete
  17. වැදගත් ලිපියක් සහන්... නොදැන හිටි කාරණා ගොඩක් දැන ගත්තා... හැමදාම රග දැක්වෙන්නෙ එකම නාටකයනේ... මේ බව තේරුම් ගත්ත අයට, වෙනස් කරන්න ඕන කියල හිතල වැඩ කළ අයට සිද්ධ උණේ ජීවිතෙන් වන්දි ගෙවන්න.. නැත්නම් රට දාල යන්න....

    මේ රටේ උගත්කමටවත්, දක්ෂකමට, අවංකකමටවත් තැනක් නැහැ සහන්.. තාවකාලික වාසි වෙනුවෙන් වැඩ කරන අය මිස රටට ආදරෙන් වැඩ කරන අයත් නැහැ...

    ReplyDelete
    Replies
    1. \\\මේ රටේ උගත්කමටවත්, දක්ෂකමට, අවංකකමටවත් තැනක් නැහැ සහන්.. ///

      අන්න ඒකනේ තරුරිසි මේ රටට මෙහෙම උනේ එදා ඉඳන්.ගමනක් යන මනුස්සයෙක්ව දැක්කොත් කරන්නේ කොහොම හරි ඒ මිනිහව විනාස කරලා දාන එක.පස්සේ අත පිහදාගෙන >>>>> ලොකූ මල් වට්ටියක් අරන් පන්සල් යනවා .. TV වල පෙන්නවා ඒක මුළු රටටම... අපිත් ඉතින්

      " හනේ හරිම හොඳ මනුස්සයෙක් නේද " කියලා සැනසෙනවා..

      මේ රටට හරියන්න නම් අපි සේරම ටික මැරිලා ඉපදෙන්න ඕනේ තරු රිසි..පෙට්‍රියට් කිව්වා වගේ කවදාවත් ආයේ දන්න කියන කෙනෙක්ට " ආයුබෝවන් " කියන්න එපා ...!

      කොහොමත් මේ යන ගමන තව අවුරුදු 8 කට වඩා යන්න බැහැ..අනිවාර්යෙන් ලංකාව වෙන රටකට සින්න වෙනවා ...ස්තූතියි තරුරිසි අදහස් කීවට ඇවිත්...ඉඩක් ඇති වෙලාවට නැවත එන්න...

      Delete
  18. නියම ලිපියක් සහන්. උපාලි විජේවර්ධන හොඳ ව්‍යාපාරිකයෙක් කියල දැනගෙන හිටියත් නොදන්න කරුණු ගොඩක් මේ ලිපියෙන් දැනගත්ත.
    ඔය වගේම කරපු තවත් මෝඩ වැඩක් තමයි ඕපනායකට එනකල් තිබුණ දුම්රිය මාර්ගය වහල දාපු එක.

    ඇත්තටම ජපානේ වගේ රටවල්වල මේ තත්වය නැති හින්ද තමයි ඒ රටවල් දියුණුවට පත්වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //ඔය වගේම කරපු තවත් මෝඩ වැඩක් තමයි ඕපනායකට එනකල් තිබුණ දුම්රිය මාර්ගය වහල දාපු එක//
      ඇයි ප්‍රසන්න ලොක්කෝ කොළඹ දුවපු ට්‍රොලි බස් නැවැත්තුවේ London වල ඒවා දුවන එක නැවැත්තුවා කියලා

      Delete
    2. ගොඩක් ස්තූතියි ප්‍රසන්න අයියේ අගය කිරීම ගැන.ඒ වගේම ඔයාගේ කරුණු එකතු කිරීමත් ගොඩක් වටිනවා.ඉස්සර නැන්දලාගේ දිහා යද්දී හිතනවා ඇයි මේ කෝච්චි පාර වහලා කියලා.ඔතොකොට අපේ තාත්ත කියන්නේ

      " ඒවා ඉතින් කරන්න බැරි නිසානේ වහලා තියෙන්නේ . තමුන් කට වහන් ඉන්නවා " මාත් ඉතින් හා කියලා නිකා ඉන්නවා.දැන්නේ තේරෙන්නේ මේ කට්ටියගේ කෙරුවාව. සුද්දා ගියාට පස්සේ එක සිල්පර කොටයක් දාල නැහැ. ඒ උනාට දේශීය සම්පත් ගැන කතාව කට්ටිය...


      @ නිකමා

      දන්න කියන හැම දේම කියන්න .නිකන් හිත් වල ඉතුරු වෙන්න ඉඩ දෙන්න එපා.ඔය වගේ දේවල් ගැන බ්ලොග් වලින් හරි කිව්වේ නැත්නම් ආයේ වෙන කියන්න තැනකුත් නැහැ .ඔයාට චැනල් එකක් තිබ්බත් මේවා කියනවා බොරු බ්ලොග් එහෙක ඇර. ඒ නිසා කියන්න මිත්‍රයා.

      Delete
  19. ගොඩාක් වැදගත් ලිපියක් සහන්, දැන් මේ වගේ විස්තර දැන්ගන්න හම්බවෙනවා අඩුයිනේ.. මම දැක්ක මේ ලගදි මොකක් හරි වෙබ් අඩවියක, උපාලි මහත්මා මැලේසියාවේ ඉන්න කතාවක් ප්‍රචාරය උනා, එතුමා කැන්ඩොස් ආයතනයේ කොටස් ඉල්ලන බවටත් පලවුනා.
    මැතිණිය නම් අර කියන්නා වගේ වලව් මානයෙන් උදම් උන තැනැත්තියක් තමයි. ඒ වගේම තමයි දුවත්.

    ReplyDelete
    Replies
    1. kandos ආයතන නම් දැන් කොටස් වලට කඩල ගන්න නැතුව ඇති.මම කිව්වේ තව කොටස් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බොත් තමයි පුදුම . ( ලැයිස්තු ගත සමාගමක් නොවුණත් කොටස් වී හමාරයි ඒ කාලෙම)

      මම නම් හිතන්නේ නැහැ ආයේ උපාලි මහත්තයා තියා එයාගේ කිසිම දෙයක් නැවත ඒවි කියලා නදිනි .දැන් අවුරුදු 30ක්ම වගේ වෙලානේ.කොහේ හිටියත් මේ ලෝකේ නම් නෙවේ ඉන්නේ කියලා විස්වාසයි. ඒ මනුස්සයාගේ ජීවිතේ ඉතුරු උනා නම් නදිනිලට පිට රට යන්න වෙන එහෙකුත් නැහැ.ගියත් යන්න වෙන්නේ අපේම ගුවන් යානයක.

      මැතිණි ගැන තව දේවල් තියෙනවා කියන්නම ඕනේ.එතරම් දේවල් කරා එතුමිය ඔයාල අපිට.මොනවා කරන්නද.අපිට ආදරේටනේ මේ ඔක්කොම කරලා තියෙන්නේ.එයාලගේ පුත්තු එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් , මෙහෙ බයියන්ගේ පුත්තු කොස් පොළොස් තම්බනවා...

      කමක් නැහැ කමක් නැහැ රට නගා හිටවන්නනේ නදිනි මේ ඔක්කොම.ඉවසන්න පුරුදු වෙන්න . පොළොස් තුළින් විමුක්තිය උදා වෙනකම් අපිට.


      ස්තූතියි නදිනි එක හෙලා නොබියව අදහස් කීම ගැන.මෙහෙම අය තමයි ඕනේ.සතුටුයි ඔයාලා ගැන අවංකවම.

      Delete
    2. බණ්ඩාරනායක කැවෙත් ගැරෝප්පුවෙන්.

      Delete
  20. //උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ ) //



    මෙන්න මේ කොටස ඉතාම වටිනවා. අපිට කවදවත්දියුනු වෙන්න බැරි මේ වගේ හිතන්නේ නාසි නිසා. ඉරිසියාව පිරිලා. ත්‍රි විල් වල ගහගෙන යන්නේ

    "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව"

    නමුත් ඕක ගහගෙන යන උන්ගේත් ඉරිසියාව පිරිලා.

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ එදා ඉඳන් තිබ්බේ රාජාණ්ඩු.ඒත් ඒ මිනිස්සු ගෝත්‍රික නැහැ අයියේ.අපි එදා ඉඳන් ශිෂ්ඨ ඉතිහාසයක් තිබ්බ මිනිස්සු.ඒත් අපි ගෝත්‍රිකයි.ළඟ ඉන්න එකාට කොන්ද කැඩෙන්න ගහලා ඌ කකා ඉන්න එක උදුරන් කනවා.ඒක කාල ඉවර උනාම කන්න දෙයක් නැහැ.

      කෑම හොයන් ආව එකත් තුනටිය පැනලා මැරිලා...

      බඩගින්නේ මැරෙන්න වීම තමයි අවසාන උරුමය අපි වගේ ගෝත්‍රික මිනිස්සුන්ට..අර මාතලන් මගේ පෝස්ට් එක ගැන සින්ඩියේ දාල තිබ්බ පින්තූරේ නියමෙට ගැලපෙනවා...
      ස්තූතියි අය්යේ වැඩ රාජකාරි තියෙද්දිත් මෙහෙම අදහස් කියලා යන්න ඒම ගැන..

      [im]http://1.bp.blogspot.com/-XpQ90FYoo6Q/UZH901JDrII/AAAAAAAAI7c/-QJBHB8wJB8/s1600/Paleo-Diet.jpg[/im]

      Delete
  21. පෙර රජ දවස වැව් දාගබ් ගණන් කොට
    ගල් කණු අතර හපකරමින් බුලත් විට
    ඇවිදින විටත් නිදියන් දු පුතුන් ලද
    මගේ රට තමයි ලෝකේන් උතුම් රට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඇනෝ ගැළපෙනම කවිය මේ දාල තියෙන්නේ. අපි එදා ඉඳන් කරේ වැව් බන්ට් උඩට වෙලා වැව් ගැනයි , රළ පනාව ගැනයි කියව කියව හිටපු එක.සුද්දෝ ඒ අතරේ හඳටත් ගියා..

      අපි තාම වැව් බන්ට් උඩ සුද්දන්ට ගල් කණු පේන්න පේන්න.ඔන්න ඕකයි අද තත්වේ.කුලියට චන්ද්‍රිකා නම් ගන්නවා ලෝකෙට පේන්න.ඉන්නකෝ ඒ ගැනත් ලියන්න මන් වෙලාවක.

      ස්තූතියි මිත්‍රයා අදහස් කීම ගැන .නැවත එන්න.....

      Delete
  22. මේක රත්තරන් වටින post එකක් සහනෝ අපේ රටට මෙහෙම උනේ එදා ඉදලම මිනිස්සුන්ගේ තිබුන කුහක කම් ඉරිසියාවල් මාන්නක්කාරකම් නිසා මහා ලොකුවට ලෝකෙන් තුම් රට අරක මේක මුතු ඇටේ කියා කියා හැම එකාම තමුන්ගේ බඩ වඩාගන්න එක තමයි කලේ TV වලින් පත්තර වලින් ඉතිහාසේ ගැනයි මිනිස්සු ගැනයි ඉගෙන ගන්න මෝඩ හැතිකරයක් ඉන්න රටක මේවා එක අතකට මහා ලොකු දේවලුත් නෙමෙයි .හැම එකාගෙම පපු කැවුතු කුණු වෙලා සැරවා ගලනවා මහලොකුවට බුද්දගමයි දේශප්‍රේමෙයි කියා කියා මරාගන්න හිඟන බල්ලෝ රංචුවක් මුන් ඔක්කොම මේක මම FB එකෙත් දානවා . මේ ලිපිය හැමදාම උබේ බ්ලොගයේ තියන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මොරබ්බා අගය කිරීමටත් , ෆේස් බුක් වලින් ප්‍රචාරයක් ලබා දීම ගැනත්.මට දැනට ෆේස් බුක් හරහාත් 250 විතර ඇවිත් තියෙනවා ගත උන පැය කීපෙට.මේ දේවල් වලට සහය දීම ගැන ස්තූතියි ඔබට ගොඩක්.

      ඔබේ කමෙන්ටුවේ සඳහන් හැම දේම ඇත්ත.මමත් මෙහෙම දේවල් එළි කරන්නේ මේ මිනිස්සු බොරු සළු වලින් වහ ගත්ත පාපතර ක්‍රියා තවත් සඟවන්න හොඳ නැහැ රටට ආදරේ නම්.ඔබ සියලු දෙනාම මෙහෙම දෙන සහයෝගය මට ගොඩක් වටිනවා...

      ඔබට නැවත ස්තූතියි..ඒ වගේම මම ඉස්සරහට ලියනවා මේ රටට කොහොමද නිවැරදිව විදුලි සංදේශ ක්‍රමයක් හදා ගන්නේ කියන දේ ගැන සම්පූර්ණ පෝස්ට් එකක්.සංනිවේද චන්ද්‍රිකා ගැන පවා මම ලියනවා ඒකෙදි.ඒ දේවල් බලන්න එන්න ඉඩක් ලැබුණොත් ...

      Delete
    2. අනිවා සහෝ.... මේ ලිපිය තරම් මෑත කාලයේ මා කම්පනයට පත් කල ලිපියක් නැති තරම්.
      දිගටම ලියන්න මේවා කවදාහරි අනාගත පරපුරත් කියවයි.
      දිගටම ලියන්න....... නිදහසේ ලියන්න........ බිය නොවී ලියන්න...... (Y)

      Delete
    3. බොහොම ස්තූතියි මොරබ්බා .. ඔබ මතලන්ගෙන් කල ඉල්ලේම නිසා මේ ලිපිය 2000 වගේ පිරිසක් අතරට ගියා... ඔබටත් මතලන්ටත් බෙහෙවින් ස්තූතියි.. ඒවගේම ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉදිරියටත් අවශයි ..මේක තනිව මට කරන්න බැහැ..හැමෝගෙම සහය ඕනේ....නැවත වරක් ඔබට ස්තූතියි..දිගින් දිගටම ඉන්න මේ දේවල් සමග...

      Delete
  23. සහන්
    සමහර අවස්ථාවල මා ඔබ ගැන වැරදි වැටහීම් පවා ඇතිකරගෙන ඇත්තෙමි. ඒ ඔබගේ සමහර කලබල කාරී හැසිරීම් හේතුවෙනි නමුත් මෙම ලිපිය මනරම්ය. මෙය ලිවීමට ගත් මහන්සිය ගැන මම ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. HEREINAFTER I consider we are blood brothers. WAY TO GO SAHAN.

    ReplyDelete
    Replies
    1. උදිත මා මිත්‍රයා ,

      මෙහෙමයි ඔබ දැකලා ඇති මම විටක විනෝදශීලී ලෙසත් තවත් විටක තදින් අදහස් ප්‍රකාශ කරන විදිහත්.මම චරිතයක් පවත්වන් නොයෑමයි( maintain ) ඒකට හේතුව උදිත. ඔබ දැකලා ඇති w3 එකේදී මම හැසිරෙන විදිහට වෙනස් කතන්දරගේ සැහැල්ලු පෝස්ට් එහෙකදී.

      පසු ගිය කාලයේ ඔබ , අප සියලු දෙනා අතර මත ගැටීම් උනා.ඒක ගැන ඔබට මතක ඇති.මම ඉතින් වෙලාවකට ඉන්න විදිහ එක්ක මා ගැන වැරදි වැටහීම් ඇති වෙන්නත් පුළුවන් තමයි.ඒක ගැන මම සමාව ඉල්ලනවා. නමුත් සහන් තුල ඉන්නා සැබෑ පුද්ගලයා තමයි අද ඉන්නේ උදිත.

      කෙසේ හෝ එකිනෙකා හඳුනා ගැනීමයි වැදගත් වෙන්නේ. ඈත් විය යුත්තන්ගෙන් ඈත් වීමටත් , ලංව ඇසුරු කිරීමට උචිත පුද්ගලයන් හා එක් වීමටත් හැකි වෙන්නේ මේ විදිහට සිදු වන සැබෑ හඳුනා ගැනීම් තුළින් . එහෙම නේද උදිත...?

      ඔබව සහෝදරත්වයෙන් වැළඳ ගනිමි මින් මතු උදිත ...!

      Delete
  24. සහන් මම පළමුව ඔබට ආචාර කරමි. මගේ ඒ ආචාරය පිළිගන්න. ඔබේ හොදම ලිපියයි මේ. මේ සියල්ල සත්‍යයි. මම දන්නා තරමින් සුසුකි ආයතනය ද පළමුව තමන්ගේ දකුණු ආසියාතික නිෂ්පාදන ලංකාවේ ඇරබීමට උත්සාහ කළා. අපේ උතුම් මැතිණියගේ රජයේ ආනුභාවයෙන් ඒකත් ඉන්දියාවට ලැබුනා. අපි මෙහෙමයි.

    උපාලි මගේ විරුවෙක්. මම 5 හෝ 6 වන පංතියේඩී තමයි උපාලි අතුරුදන් වූයේ කුඩා මමත් එදා මහත් සේ දුක් වුනා. ඒ මම ඒකාලේ දන්න ඩෙල්ටා ටොෆියේ අයිතිකාරයා විදියට හිතල. නමුත් අද කනගාටු වෙන්නෙ මහා විරුවෙක් නැතු වූ එකට.
    ලංකාවේ හැටි සහන් .

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි වෙද මහත්මයා බෙහෙවින්ම.මේ ගැන මම වටපිට කරුණු එක්කම සඳහන් කාලේ බරපතල කම දැනෙන්න ඕනේ නිසා. උපාලි කියලා වාහන හැදුව කෙනෙක් හිටියා.එයා මැරුණා කියලා සිල්ලරට කතාව අවසන් කරන්න බැහැ මේ තරම් දේවල් අදටත් වෙද්දී.ඒ නිසයි මම මෙහෙම දීර්ඝව ලිව්වේ. මේ ගැන තව දුරටත් කතා කරන්න උවමනයි . මොකද රටක් විදිහට ගමනක් යන්න නම් අපි මේ තත්වෙන් මිදිය යුතුමයි. මෙහෙම ලිපි දැක්කම හරි ටික ටික අපේ වැරදි අපිට අඳුන ගන්න ලැබෙනවා වෙද මහත්තයා.ඒ නිසයි දැඩි විරෝධය මැද උනත් මේ ලිපිය publish කලේ මම.

      ඔබ මේ දේවල් විඳි සමකාලීනයෙක් නිසා දැනෙන ආවේගය වැඩියි.මට ඒක දැනෙනවා. ඇත්තටම මොන තරම් පාප චේතනාවක් තියෙන්න ඕනෙද මෙහෙව් විනාශයක් කරන්න නම්. මේවටද අපි බලය දුන්නේ ...?
      පරමාධිපත්‍ය කියන්නේ මේකටද වෙද මහත්තයෝ..............?

      Delete
  25. හොඳ සටහනක් සහන්. කොහොමත් ඔය ජාතියේ මව්තුමීලා ආපහු කලඑලි බහින හැඩක් තමා තියෙන්නෙ. ඒක නිසා මේවා ප්‍රසිද්ද වෙන එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චාර්මි අදහස් නියෝජනයට . ඇත්ත අපි සරපයා හඳුනා ගෙන ඉන්න ඕනේ.මීට පෙර සර්ප දෂ්ඨනයට ලක් උන අය ගැන එළි කරාම මතුවට ප්‍රයෝජනයි.

      බොහොම ස්තූතියි චාර්මි.

      Delete
  26. අගේ ඇති ලිපියක් සහන්.. ඒත් මේවා කිවුවා කියලා වැඩක් නෑ.. වැඩක් නෑ කියලා නොකියත් බෑ.. අපේ බුද්ධිමත් ජනතාවගේ පරමාධිපත්‍යයේ අසිරි විඳ විඳ.. නියම දේශ ද්‍රෝහීන් විදිහට මේ වගේ කෙලිං කතා කරන එක ගැන.. කට පියාගෙන ඉන්න දේශද්‍රෝහියෙකු විදිහට මං ඔබව අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුර මහත්මයා . ඇත්ත දැන් නම් තව රකින්න සීලයක් නැහැ. එහෙම කියලා සිල් බිඳගෙනත් බැහැ. සිල් රැකුණා කියලා අන්තිමට වැඩකුත් නැහැ.මොකද අපි කරන්නේ ...? රැක්ක සීලේ තව රකිනවද ...? සිල් රෙද්ද ගලවල එළියට එනවද ...?

      බොහොම සීරුවට යන්න ඕනේ ගමනක් විජේකෝන් මහත්මයා මේ. අන්තිම දන් වේල අද ඉතුරු. වැඩිම උනොත් තව වේල් දෙක තුනකට වඩා නැහැ...

      මොකද කරන්නේ අපි ...?

      Delete
  27. ඇත්තමයි සහන් නොදන්න කතා ගොඩක් දැනගත්තා...දැන් නම් මේ ගැන ලිවීමෙන් වැඩක් නෑ තමයි...ඒත් ප්‍රමාදවෙලා හරි මේ ගැන අන් අය දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි හැලප අයියේ. මේ දේවල් පවුල් අතර යට ගැහුණ දේවල් එහෙට මෙහෙට මෙච්චර කාලයක්.මේ දේවල් මුළු රටේම මිනිස්සු දැනගන්න ඕනේ.නැත්නම් මේ බොරු සිල් ගැනිල්ලේ තරම මිනිස්සු දකින්නේ නැහැ.ඒකයි මේවා මෙහෙම දැම්මේ ..

      ඔබට ස්තූතියි අයියේ..

      Delete
  28. පළමුව ඔබෙන් සමාව අයදිනවා ඔබේ සමහර ලිපි උඩින් පල්ලෙන් කියවා අතහැර යාම ගැන; මොකද සමහර ලිපි වල අන්තර්ගතය සහ ශෛලිය සිත් නොගැනීම නිසා. විශිෂ්ට ලිපියක්! මේ බොහෝ කරුණු ගැන මා දන්නේ උඩින් පල්ලෙන්. ඒ නිසාම ලිපිය කියවන අතරම වටින් ගොඩින් මා විමසීමක් කළා; අමනාප වෙන්නෙපා, බ්ලොග් ලිපිවල තියෙන හැමදේම දුටු සැණින් විශ්වාස නොකිරීම මගේ සිරිතක්. ඔබ කී බොහෝ දේ (මගේ මෑණියන්ගේ පරම්පරාවට අයත්) වෙනත් අය තහවුරු කළ බවත් කියන්න ඕනේ.

    මේ දේ බෙදාගැනීම ගැන ඔබටත්, පාර පෙන්නීම ගැන මාතලන්ටත් ස්තුතිය!

    ReplyDelete
    Replies
    1. \\\\පළමුව ඔබෙන් සමාව අයදිනවා ඔබේ සමහර ලිපි උඩින් පල්ලෙන් කියවා අතහැර යාම ගැන; මොකද සමහර ලිපි වල අන්තර්ගතය සහ ශෛලිය සිත් නොගැනීම නිසා.///

      මේක ගැන අහිතක් නැහැ මිත්‍රයා. මොකද මම මේ බ්ලොග් එක පවත්වන් යන්නේ තද බල දේශපාලනික , තාක්ෂණික , නීතිමය මුහුණුවරකින් නෙවේ. විටක ඉතාම විනෝදශීලී පෝස්ට් , සරළ පෝස්ට් මම දානවා ඒකාකාරී බව නැති කරන්න.එසේ නොවෙන්න බලන අයට නීරස වෙනවා බ්ලොග් එක. නැත්නම් මේකත් තවත් එක් w3 එකක් කරන්න මට පුළුවන්.ඒත් එහෙම අවශ්‍ය නැහැ.මාතලන් කියනවා වගේ කුණුහරප සමග දැනුම..!

      මම පුංචි කාල ඉඳලා කැමති නැහැ හැම වෙලේම මවා ගත්ත බොරු ඒජන්ත ස්වරූපයට. නිදා ගන්න ගියත් සීරුවෙන් නිදා ගන්න එක විහිළුවක්නේ තහනම් වචන. විනෝද වෙන වෙලාවට විනෝදයත් , සීරියස් වෙන වෙලාවට සීරියස් වීමත් තමයි අවශ්‍ය. මගේ මීට ආසන්නතම පෝස්ට් 3 ම මම කලේ සරළ විනෝදය සඳහා. මොකද මාර්තු සිට මම තදින් ඔලුව බර වෙන දේවල් කීපයක් පිට පිට දැම්මා. ඒ බර නැති කිරීමට තමයි සරළ විනෝදශීලී දේවල් එකතු කරන්නේ. අනිත් දේ මට සුහදව අනිත් අය හා කතා බැහැ කරන්නත් අවස්ථාව ලැබෙන්නේ සරළ පෝස්ට් තුළින්. ඔබ බලන්න මම ඒ දේවල් වලට උත්තර දෙන විදිහ සම්පූර්ණ වෙනස්.


      දැන් මේ පිටටම මම දානවා ගෝලීයකරණ ගැන පෝස්ට් එකක් ලොකු බරක් තියෙන.ඊළඟට ලංකාව තුල විදුලි සංදේශ ජාලයක් හදන්න පුළුවන් ක්‍රමය ගැන දානවා .හොඳටම ඔලුවට බර එන්න මම ඒ ටික ලියන්නේ. ඊට පස්සේ නැවතත් විනෝදශීලී පෝස්ට් කීපයක්...

      මේ සියල්ල එක්ක ඉඳීමයි වැදගත් තහනම් වචන...

      \\\\\මේ බොහෝ කරුණු ගැන මා දන්නේ උඩින් පල්ලෙන්. ඒ නිසාම ලිපිය කියවන අතරම වටින් ගොඩින් මා විමසීමක් කළා; අමනාප වෙන්නෙපා, බ්ලොග් ලිපිවල තියෙන හැමදේම දුටු සැණින් විශ්වාස නොකිරීම මගේ සිරිතක්. ඔබ කී බොහෝ දේ (මගේ මෑණියන්ගේ පරම්පරාවට අයත්) වෙනත් අය තහවුරු කළ බවත් කියන්න ඕනේ. ////

      නැහැ නැහැ කිසිම අමනාපයක් නැහැ.ඒ වගේම ඔබේ අවංක භාවයටත් ස්තූතියි තහනම් වචන.මේ දේවල් හැන්සාඩ් වලත් ඒ විදිහටම තියෙනවා.පුළුවන් කමක් තියේ නම් ඒවා හොයන් බලන්න.ඔයාට තේරෙයි මේ මිනිස්සු මොන තරම් දේවල් කරලා තියෙනවා කියලා අපිට පොළොස් මාළු කන්න කියලා...

      අපි පොළොස් මාළු කෑවා ඇති තහනම් වචන.පොළොස් තම්බ තම්බ හිටියට වැඩක් වෙන්නේ නැහැ වගේ තව.48 ඉඳන් ඕකමනේ කරේ අපි.

      \\\\මේ දේ බෙදාගැනීම ගැන ඔබටත්, පාර පෙන්නීම ගැන මාතලන්ටත් ස්තුතිය! ///

      ඇත්තටම ඔව් මේ වෙද්දී 500 පසු කරමින් තියෙන්නේ ඔහු හරහා පැමිණි පිරිස.මේ දේවල් වලට සහයෝගය දීම ගැන ඔබ සියලු දෙනාට ස්තූතියි...

      Delete
    2. ඇත්ත! එදා පොලොස් මාළුව, අද මත්තල. ලිපියක් ලියන්න හිතයි "පොලොස් මාළුවෙ සිට මත්තල කරා" කියල..

      Delete
    3. අන්න හරි තහනම් වචන.මේ පිටටම ලියන්න.හොඳට තැටිය රත් වෙලා තියෙන්නේ . මාතලන් පාන් වලින් , අපේ රජා රේ ගැන , පේට්‍රියා මාළු ලෑල්ලෙන් , උදිත A9 වලින් , බුවා ෆිල්ම් වලින් , ඇලා , වෙද මහත්තයා , කෙන්ජි කමෙන්ට් වලින් හොඳට ගැම්ම අරන් තියෙන්නේ මේ වෙලාවේ.ලියන්න තහනම් වචන ... ලියන්න ...!

      Delete
    4. මේ ආරම්භය: "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ"

      මේ රටේ ජනතාවට පෙති දෙකක් ඕනේ ය. එකක් චූං පෙත්ත ය. ඕක බිව්වාම රටේ ජනතාව වයින් කරාපු චීන බෝනික්කන් වගේ චූං වී නැගිට මරහඬ තලන්නෝ ය. අනික නිදිපෙත්ත ය. ඕක බිව්වාම ප්‍රශ්න සියල්ල අමතක වී යන්නේ ය. ඔය පෙති දෙකෙන් තොරව මේ රටේ ජහමනයා හට ජීවිතයක් නැත්තේ ය. "රජ්ජුරුවෝ" මේ කිසිම දේකට මැදිහත් නොවී කිරිසප්පයා වාගේ තිරෙන් පිටුපස සැඟවී සිටී. පාතාල කල්ලියක ගෝලයෝ ටික සිය එදිරිවාදියාව හතරමං හන්දියක සිටුවා අසූචි වලින් නැහැව්වාට පසුව, කල්ලියේ ලොක්කා ඇවිත් සරමෙන් අරූගේ මුහුණේ අසූචි පිසදැමීම මීට වඩා තාර්කික ය.

      Delete
    5. ස්තූතියි තහනම් වචන...ඉන්න මම එන්නම් ...දිගටම ඉන්න මේ දේවල් එක්ක...ඔබේ නියෝජනය බෙහෙවින් වටිනවා....ඒ කියන්නේ හොඳටම වටිනවා...

      Delete
  29. මේ ලිපියට මගෙන් විශේෂ ස්නිපට්ටුවක් යොදන්නම්!

    ReplyDelete
    Replies
    1. මේ දේවල් වලට සහයෝගය දීම ගැන ඔබ සියලු දෙනාට ස්තූතියි තහනම් වචන.මේ විදිහට ජනතාව දැනුවත් කිරීම ලොකු ගමනක් යන දාක රුකුලක් වේවි.කවදා හෝ කාට හෝ ... නේද ..?

      Delete
    2. අනිවාර්යයෙන්ම. අද අපේ රටේ මිනිස්සු ඉන්නේ නිර්වින්දනය වෙලා.. මේ පැරැණි කතා එළියට අදින්න පුළුවන් එක්කෙනෙක් හෝ සිටිය යුතුයි..

      Delete
    3. ඔව් තහනම් වචන . මේ දේවල් ගැන හරි හැටි අවබෝදයක් නැතුව අපිට ගමනක් යන්න බැහැ..හරි හැටි අවබෝදයක් දුන්නොත් මේ මිනිස්සු හරි පාරේ යාවි..

      Delete
  30. රෙද්දේ රෙවෙන්න දීලා නේද ....

    මචන් මම ඇනලයිස් ඇනෝ .

    ReplyDelete
  31. අපේ රටේ ඉන්නේ මහා ජරාම ජාතියක් එකෙක් හැදෙනවා බලන් ඉන්න බෑ , කාලකන්නි දේශපාලුවෝ ගැන මතක් කරන කොට ඇගේ ලේ පිච්චෙන ගතියක් දැනෙනවා , මේවා ගැන දැනුවත් කලාට සහන් අයියට බොහොම ස්තුතියි මං දැනගෙන හිටියේ උපාලි ෆියට් එක ගැන විතරයි , මයික්‍රෝ කම්පැනි එකටත් මුල් කාලේ සෑහෙන බාධක ආවා නේ , එකත් ලංකාවේ රෙජිස්ටර් කරන්න අවසර ගත්තේ බොහොම අමාරුවෙන්නේ , ලංකාවේ කව්රු හරි අලුත් දෙයක් හොයා ගත්තොත් කවදාවත්ම එයාට ඒකෙන් ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ නෑනේ අවසානෙට දුක විතරයි ඉතිරි වෙන්නේ , අපේ ලංකාවේ බුද්ධිමතුන්ට කවදාවත් නිසි තැන නම් ලැබෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉමල්ක මෙහි ආවට කරුණු කියන්න.මුළින්ම හැදුවේ මැස්ඩා කාර් එක. ඒකට වෙච්ච දේ කිසිම කෙනෙක් දන්නේ නැහැ.ෆියැට් එක නිකන් නැති උන විදිහට තමයි රට පුරා මිනිස්සු දන්නේ.නමුත් ඊට කළින් මොන තරම් යුද්ධයක් උනාද කියලා ගොඩක් දෙනා දන්නේ නැහැ.

      ඔයා ඔතන සඳහන් කරපු අනිත් ආයතනය ගැනත් කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා.ඒත් මට පොඩි බාදාවක් තියෙනවා . නමුත් සත්‍ය තමයි ඒකත් නිකම්ම නිකන් කාර් සේල් එකක් විතරයි කියන එක.

      ඔයා මෙකනිකල් එන්ජින්යර් කෙනෙක් විදිහට ජීවිතේට අලුත් දෙයක් නම් හදන්න එපා පණට ආදරේ නම්.ඒක තමයි මේ මුළු පෝස්ට් එකේම ආදර්ශය ඉමල්ක. එහෙම දෙයක් හැදුවත් කවදාවත් පණට ආදරේ නම් කමර්ශලි හදන්න නම් එපා.

      හැම දේම පිට රටින් ගෙන්න ගෙන්න දේශීයත්වය ගැන කතා කරාට වැඩක් තියේද ඉමල්ක.අඩුම තරමේ ඔයා කළින් කියපු ආයතනේටවත් නිදහසේ එකලස් කිරීම සඳහා බඩු මුට්ටු ගේන්න දෙන්නේ නැහැ. තීරු බද්දට වහල් වෙච්ච තුට්ටු දෙකේ ආණ්ඩුවක් මේක එදා ඉඳන්. වාහන පිට රටවලට විකුණලා ගන්න පුළුවන් අදායම ගැන හිතන්නේ නැහැ.තීරු බද්ද එනකම් ඉන්නේ රට නගන්න ...


      ස්තූතියි ඉමල්ක අදහස් කීවට මෙහෙම .නැවත පුළුවන් වෙලාවට එන්න...

      Delete
  32. සහන්ගේ මම කියවපු දිගම ලිපියද මන්දා.... නමුත් එක හුස්මට කියෙව්වා.... මොකද කිව්වොත් මං නොදන්නා දේවල් ගොඩක් මේ ලිපියේ තිබුනා... ඔය කාලවකවානුවේ ඉතිං අපි හිටියේ ඉස්සර ආත්මේ නොවැ....

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් සමනලී .මම හිතලම ඔයාට් කමෙන්ට් කරන්න පරක්කු උනේ ඔයාව තියාගන්න ඕනේ නිසා පෝස්ට් එකේ කමෙන්ට් දකින්න.මොකද කමෙන්ට් වලින් ඔයාට තව දේවල් දැනගන්න ලැබෙනවා..මම මීට කළින් ලිව්වා අකුණ ගැන පෝස්ට් එකක්.ඒක තමයි මන් හිතන්නේ දිගම එක දැනට.පුළුවන් වෙලාවක එක බලන්න එක විනාඩි 5 වැය කරලා...

      බොහොම ස්තූතියි ඔයා ගෑණු ළමයෙක් වෙලත් මේ වගේ දේකට බය නැතුව කමෙන්ට් එකක් දාන්න දෛරීය තිබුණ එක ගැන.ඒක නම් ඇත්තටම අගය කරන්නම ඕනේ සමනලී ...

      Delete
  33. උපාලි මැස්ඩා එක නැති කලේ මේ වගේ දේකින් කියලා මම දැන ගත්තේ අද! තාමත් ඒවා හොඳට දුවන වාහන නේ!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නාඩියා අදටත් ඒ දේවල් හොඳට වැඩ කරනවා. හිතන්න ඒ කාලේ ඉඳන් දියුණු වේවි ආවනම් අද අඩුම තරමේ කොරොල්ලා මට්ටමට හරි ඇවිත් අපි. සමහර විට අර උඩිම්ම තියෙන කළු කාර් එකේ මට්ටමට උනත් අපි ඇවිත්.

      අනිත් දේ තමයි උපාලි මහත්තයා කියන්නේ රේස් කාර් ලෝලියෙක්.ඒ නිසා කොහොමත් සුපිරි පන්තියේ වාහන නම් එයා හදන්න ඉඩ තිබ්බා.65 ජෙට් වලින් ගියපු කෙනෙක්නේ ...

      Delete
  34. දැනට අවුරුදු දෙකකට කලින් මාත් මේ ගැන ලිව්වා. නමුත් සහන් තරම් සවිස්තරව නොවෙයි. කවුරු හෝ විසින් ඉදිරියට ගෙන යනු ඇතැයි මා බලාපොරොත්ටු වූ පරිදිම මේ උපාලි හා ලෝරන්ස් ගැන සාකච්ඡාව සහන් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඓතිහාසික සංදර්භයෙන් වියුක්ත කොට තනිකොට තමයි සහන් උපාලිගේ මේ කතාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් ඉතිහාසය නැවත කියවන යුගයට එළඹ සිටින සිටින අප කෙසේ හෝ මේ කතන්දර කියවීම අත්‍යවශ්‍යයි.

    1948 ට පෙර හා පසුව ධනය එක් රැස් කරගෙන තිබූ ප්‍රභූ පන්තිය දුප්පතුන්ගේ ඒකරාශී වීමට මාරාන්තික ප්‍රහාර ගැහැව්වා. සිංහල භාශාව කුස්සි අම්මාගේ භාශාව බවට පත් කලා, ඉන්දියානු ද්‍රවිඩයි යයි ලේබල් ගසා චන්ද බලය අහිමි කලා. උතුරේ හා දකුණේ කුලවාදය, රැකියා යම් ආගමික කණ්ඩායමකට සීමා කිරීම, අධ්‍යාපනයට තිබුනු අසමාන අවස්තා ආදිය සමාජයේ කැකෑරෙමින් තිබූ ප්‍රශ්න, යුරෝපීයනගේ අවුරුදු 400කට අධික බලපෑම හේතුවෙන්.

    පසු කාලයේ එවැනි විස්කම් වැඩ කල ලලිත්, ගාමිනී දිසානායක වැන්න උන් මරා දැමීම හා දේශීය කර්මාන්ත මරා දැමීම, උපාලි ඝාතනයේම කොටස් බව මට හිතේ.

    ක්‍රිස්ටල් සබන් නැති කලේ බහු ජාතික සමාගමක් විසින් බව කියවේ.

    http://dayal-bathee.blogspot.com.au/2011/06/blog-post_22.html
    දයල් බතී: උපාලි ෆියට් සහ මයික්‍රො කාර්

    ReplyDelete
    Replies
    1. බතිගේ ලිපිය මම මේ කියද්දී දැක්කේ. එතන හොඳ පටන් ගැනීමක් තියෙනවා.මගේ මේ ලිපිය එහිම දිගුවක් වගේ.මම ගොඩක් කරුණු ගැන ලිව්වා.මොකද නැවත අවස්ථාවක් එන්නේ නැහැ මට මේ දේවල් ලියන්න.ඒ නිසා එක පාර ඔක්කොම ලිව්වා.මේවා ගැන උනන්දු අයට එක හුස්මට කියවන් යන්න මම ඔක්කොම ඇතුළත් කරා. ඒ වගේම ගොඩක්ම දීර්ඝ වෙන එක වළක්වා ගන්න ඕනේ නිසා තුරඟ තරඟ , රේස් කාර් තරඟ පැවැත්වීම් , කොකෝවා වෙන්දේසි ගැන , ගුවන් යානා අංගන ගැන , මලයාසියාවේ තිබුණ ව්‍යාපාර ගැන ලිව්වේ නැහැ. ඒ දේවල් එකතු කරා නම් හොඳයි කියලා හිතෙනවා .මොකද නැවත අවස්ථාවක් එන්නේ නැහැ මට.

      කෙසේ හෝ ඔබත් මේ දේවල් සියැසින් දැක්කා, අද්දැකීම් වින්දා . ඔබේ හිතෙත් මේ ගැන තියෙන අදහස මට තේරෙනවා බති.ඔබ දුක් වෙන්න එපා ලංකාව හැර ගියාට.මොකද ඔබේ දරුවෝ හරි අද යහතින් ඉන්නේ ඔබ රට හැර ගිය නිසයි.

      ඒත් ඔබ තිසර , කකා , ඇලා , රයිගම් , උදිත , කෙන්ජි , ඩුඩ් වැනි අය මෙහි නැති පාඩුව අපට දැනෙනවා...!

      මේක තමයි අන්තිම ඵලය මා මිත්‍ර බති...

      Delete
  35. සහන්ගේ බ්ලොගයේ මා කියවූ හොඳම ලිපිය මෙයයි. බොහෝ කරුණු කාරණා දැනගැනීමට ලැබුණා. ඇත්තෙන්ම පොත පතින්වත් මේ පිළිබඳ මෙතරම් විස්තර මා කියවා නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර .මට මේ දේ එක පාරට මතක් උනේ කතන්දරගේ පෝස්ට් එක නිසා.65 ජෙට් වලින් අපි ගියා නේද කියලා මටත් මතක් උනේ ඔතොකොට.ඇයි පොළොස් තම්බ තම්බ ඉද්දි ඕව මතක් වෙන්න ඉඩක් නැහැනේ තිසර.

      අපිව එදා ඉඳන් අපේ මිනිස්සුම රැවැට්ටුවා තිසර . ජන සතු කිරීමේ මහා ප්‍රෝඩාව හරහා සියල්ල විනාශ කරා රටේ පුද්ගලික අංශය. සියල්ල රෙද්ද අස්සට ඔබාගෙන ඔබාගෙන ගියා. අන්තිමට රෙද්ද කඩන් වැටෙනකම් අපි දන්නේ නැහැ.

      තිසරගේත් අදහස් එකතු කරන්න මෙතනට.ඒ අදහස් සෑහෙන්න වටිනවා...

      Delete
  36. උපාලි විජේවර්ධන කියන නම අහලා තිබුණත් එයාගේ පින්තූරයක් දැක්කෙත් අද. එයා ගැන හරියට දැනගත්තෙත් අද. මං අහලා තියෙන්නේ ප්ලේන් එකවත් එයාගේ කාලිවත් හොයාගන්න බැරි උණා කියලා. ඒක ඇත්තද? (මේකේ තියෙන්නේ ඒ ප්ලේන් එකද?) අපේ රටේ රට කරවන ඇත්තන්ට ඉහලින් යන්න ගියොත් වෙන්නේ ඕක තමා. ඔය තියරිය සැමදාටම පොදුයි.

    ඔයා කියලා තියෙන දක්ෂයින්ට අතදීමේ කතාව ගැන කියන්නනම් ගොඩාක් උදාහරණ තියෙනවා. අත් ට්‍රැක්ටරේ ඉඳන්ම.... "කැච් මී ඉෆ් යූ කැන්" ෆිල්ම් එක බලලා ඇතිනේ. මෙහෙ හිටියා එකෙක් ලෝකෙන්ම පුංචිම පිස්තොලේ හදපු එකෙක් ඌ. දන්නා විදියට අදටත් හිරේ. ප්‍රධාන බැංකුවක් හැක් කරලා කාටවත් නොරිදෙන විදියට දවසකට සතයක් විතරක් හොරකම් කරපු උන් හිටියා. ඒ වගේ අයට මොලේ තිබුණා. උවමනාව තිබුණා. උනන්දුව තිබුණා. මග පෙන්වීම විතරයි තිබුණේ නැත්තේ.

    පොලිතීන් වලින් දුවන කාර් හැදුවේ ලංකාවේ. (පොඩි පොඩි තාක්ෂණික දුර්වලතා තිබුණත් හදාගන්න තිබුණා.) ඩීසල් ලීටර් ගණන් පුච්චලා දැලි එකතු කරන්නේ ෂූ පොලිෂ් හදන්න. ඕක අපේ වාහන හිමියන්ට අමතර ආදායමක් කර ගන්න විද්වතෙක් පාර හදලා දුන්නා. මේ වගේ උදාහරණ තව කෙල කෝටියක්.

    ඒත් මට ඇත්තටම හරිම සතුටුයි.මේ පාරත් අපේ රටට ණය පාස්වෙලා.මේ රටේ හිටපු එකම ආන්දුවකටවත් එච්චර ණයක් ගන්න බැරි වෙලා. ඒ හින්දා ඒ ගැන මීඩියා කන්ෆරන්ස් තියලා පෝස්ටර් ගහලා ප්‍රවෘත්ති වල හෙඩ් ලයින් වලට දාලා කියන්න ඕනි. එහෙම නොකලොත් අපි ගුණමකුවෝ වෙනවා.

    සැරදේවා!!!

    (කමෙන්ට් බලන්න පස්සේ එන්නම්. දැන් 7.20යි. හුටා... වෙනදා මං මේ වෙලාවට ගෙදරින් එළියටත් බැහැලා.)

    ReplyDelete
    Replies
    1. \\\\ඔයා කියලා තියෙන දක්ෂයින්ට අතදීමේ කතාව ගැන කියන්නනම් ගොඩාක් උදාහරණ තියෙනවා. අත් ට්‍රැක්ටරේ ඉඳන්ම....//

      ඒ දේ කලෙත් උපාලි මහත්මයාගේ සහෝදරයෙක් වෙන කෙනෙක් තමයි අකම්. එයාගේ නමත් ඔය නම් ලයිස්තුවේ තියෙනවා. ඔව් මටත් මතකයි ඒ පොලිතීන් කාර් එක 2004 වගේ කාලේනේ ඒක හැදුවේ.මේ රටේ පාලකයෝ දන්නවා අකම් පොඩි මිනිස්සු ඔලුව ඉස්සුවොත් ඔක්කොම ඉවරයි කියන දේ.

      මොකද 48 ඉඳන් හිටපු ඔය හැමෝම කරේ තමන්ගේ අයට එංගලන්තේ අධාපනය දීමත් ගමේ කොල්ලන්ව පොල් ගස් නග්ගවන්න පුහුණු කිරීමත්.ඒ කිව්වේ අසරණ කිරීම...දිගටම පොල් ගස් බඩ ගාන බඩ වැටියේ කොල්ලෝ ටිකක් පවත්වා ගැනීම තමයි එකම අරමුණ.

      වත්මන් අයත් කරන්නේ ඒකමයි.NFS ගහනවා එක පිරිසක්.අනික් පිරිස එදා වේල නැතුව උඩ බිම බලනවා.මන් හිතන්නේ දැනට ලංකාවට තියෙන ණය ගෙවන්න නම් කිසිම විදිහකින් බැහැ.කරන්න තියෙන එකම විසදුම තමයි වාහන නිෂ්පාදනය , කාර්මික නිෂ්පාදන , ඛණිජ වැලි නිෂ්පාදන වගේ දේවල් වලින් අලුත් අදායම් ටික ටික හදාගැනීමත් , ඒ වෙනුවෙන් පිට යන විනිමය රැක ගැනීමත් >>>>>
      තව තව අපිට උහුලන් යන්න බැරි මවා පෙන්නු ආර්ථික සංවර්ධනයෙන් ඉවත් වීමත් වගේ දේවල් .

      ඒ දේවල් වලින් මන් හිතන්නේ එන්න එන්න වැඩි වෙන පීඩනය හරි අඩු කරගන්න පුළුවන් අකම්.

      හරි මචන් පුළුවන් වෙන වෙලාවට ආයේ එන්න...ගොඩක් ස්තූතියි මෙහෙම දීර්ඝ කමෙන්ට් එකක් දැමීම ගැන..ඒ වගේම මේ වගේ දේවල් වලදී අදහස් ප්‍රකාශ කිරීමත් ගොඩක් වටිනවා...

      Delete
    2. සහන්, කමෙන්ට් ටික අදනම් කියවන්න වෙන්නෙ නෑ මචන්. මගේ උඩම ඡේදේ අහපු දේටත් උත්තරයක් දෙන්න පුලුවන්ද? මොකද සපි පොඩි කාලේ අපේ තාත්තා එහෙම උපාලි මහත්මයා ගැන කියපුවා ඇහිලා තියෙනවා. ඔය අතර කටකතාත්...
      කොච්චර උණත් එතුමා අපිට නැති උනේ අපේ අවාසනාවට.

      Delete
    3. අකම්ගේ මේල් එක මට එවන්නකො..මගේ එක පහළ ඇති.ඒකට මේල් එකක් එවන්නකො..මන් විස්තරේ කියන්නම්.....

      කට කතා ගැනත් මට දෙයක් කියන්න ඕනේ.දැන් බලන්න කන්න නැතුව හිටපු මිනිස්සුවත් ජාතිය ගොඩ ගත් මවට බනිනවද ...? අන්න ඒකට තමයි වන්දි බට්ටයෝ ඉන්නේ . ඒ මිනිස්සු සැබෑ සත්‍ය විකෘති කරනවා.අදත් එහෙමනේ. දුටු ගැමුණු මහා රජ තුමාටත් නෑකම් හදන් වන්දි බට්ටයන්ගේ පිහිටෙන්.

      අන්න ඒ විදිහටම තමයි ඔය එක එක ගෑණු ජාතියේ මව උනෙත් ...දැන් පැහැදිළිද ...?

      Delete
  37. ආපහු නිදහසේ මුල ඉඳන් කියවන්න ඕන... වටින පෝස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන් ..හෙමින් සීරුවේ කියවන්න එහෙනම්....ගොඩක් ස්තූතියි පැමිණීම ගැන...

      Delete
  38. සහන්ගේ නම හුගක් බ්ලොග් වල දැක්කත් සහන්ගේ ලියුමක් කියෙව්වේ අදමයි..

    සහන් එක්ක මමත් එකග වෙනවා.මේ දේවල් ගැන ඇත්ත දන්නා අය කතා කරන්න ඕනි.රටක් සම්පුර්ණයෙන්ම විනාශ කරලා දන්න පුළුවන් එක දෙයක් තමයි ඔය "පුහු දේශප්‍රේමය"දැනුත් රට විනශය කරා වේගයෙන් ගමන් කරන්නේ ඔය "පුහු දේශප්‍රේමින්ගේ" ක්‍රියාකාරකම් නිසා.

    අම්මා,තාත්තා විරුද්ද උනත් වැරදි දේට වැරදියි කියන්න.හරි දේට හරියි කියන්න පුළුවන් වෙන්න ඕනි.නැත්නම් වෙන්නේ නිකම් නපුංසකයේක් වෙන එක.කොහොම උනත් සහන්ගේ පියාට බයක් දැනෙන්නේ ඇති තමන්ගේ පුතා හොයන් සුදුවෑන් ඒවි කියලා.
    මොකෝ මේක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උපරිමෙන් තියෙන රටක් නිසා...

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මනෝජ්.මේ කිසිම විනාශයක් වෙන්නේ නැහැ පුහු දේශප්‍රේමය නොවෙන්න.දැන් වත් මේ සිංහල බොදු බැති දේශීය අරවා මේවා අත ඇරලා හරි විදිහට මිනිස්සු විදිහට ගමනක් යන්න ඕනේ.අන්න එදාට නිකන්ම සිංහල බෞද්ධ කම ආරක්ෂා වේවි..දැන් අපි මේ කරන විහිලුව නිසා වෙන්නේ රටත් විනාශ වෙන එක වගේම සිංහල බෞද්ධ කමත් විනාශ වීම...

      මම එහෙමයි මනෝජ්.වැරදි දේට වැරදියි කීමත් , හරි දේ හරි විදිහට දැකීමත් තමයි විය යුත්ත.එහෙම නොවෙන්න නොවෙන්න අපිට සත්‍ය දකින්න බැහැ.සත්‍ය දැක්කේ නැහැ කියන්නේ මායාවෙන් එළියට එන්න බැහැ.මායාවෙන් එළියට ආවේ නැහැ කියන්නේ කවදාවත් ආලෝකය දකින්න බැහැ මනෝජ්...

      ස්තූතියි මෙහි පැමිණීම ගැනත්, නොබියව මෙවන් අවස්ථාවක අදහස් කීම ගැනත්..නැවත එන්න ...

      Delete
  39. අතිශයින්ම වටිනවා මේ ලියවිල්ල. සාවධානව කියවලාම කමෙන්ට් කරන්න හිතපු නිසා පරක්කු උනා. මේක තමයි කරන්න ඕනෙ සමාජ මෙහෙවර. ජනමතය ඇතිකරන්නයි ඕනෙ.
    ජය වේවා මචං!

    ReplyDelete
    Replies
    1. එකට කමක් නැහැ draky . නිදහසේ කියවීමයි වැදගත් වෙන්නේ. ටික ටික කියවන්න අකුරක් නෑර.ගොඩක් දේවල් තියෙනවා මම ලියලා මේ මුළු පෝස්ට් එක පුරාවටම. හෙමින් සීරුවේ බලන්න මිත්‍රයා.ඒ වගේම ඔයා දන්න කියන හැම කෙනෙක්ටම මේ දේවල් යොමු කරන්න.

      බොහොම ස්තූතියි අදහස් කීම ගැන.පොඩි හරි දේකින් තමන්ට කරන්න පුළුවන් ටික කරාම ඇති.එයයි අවශ්‍ය මිත්‍රයා...

      Delete
  40. For those who wish to contact me : silentsahan@gmail.com

    ReplyDelete
  41. KAKAGE JEE KATHA WALATA WADA MEKA HONDAI BLOG SAKWITHI KIYAGANNA AYATA WADA HONDAYA LIYALA THIYENAWA DAN DAN COMMENT WATH NA SAKWITHITA

    ReplyDelete
    Replies
    1. මේ කැපිටල් ඇනෝ අන්කල් නේද ...? මොනවා කරන්නද අන්කල් ඔහොම දාද්දි කියවන්න අමාරුයි.ඒ නිසා ඔබව වාරණයට ලක් වෙනවා බොහෝ බ්ලොග් වල...මම නම් වාරණය කරන්නේ නැහැ..

      Delete
  42. ඔබගේ බ්ලොගයට ගොඩ වැදුනේ පලමු වතාවටයි.....ඇතුලත කථන්දරය සහිත මෙවන් ලිපියක් ලිවීමට බොහො තුති...නොදැන සිටි දේ බොහොමයි....

    දෛවයේ සරදමකට මෙන් උපාලි මහතාට රිදවු අය වෙනුවෙන්ම අද දවසේ ඒ මහාතාගේ ව්‍යාපාර කඩේ යනවා.....උපාලි මහතාගේ වැන්දඹුවගේ දෙවන් විවාහය වෙල්ගම පවුලත් සමග සිදුවෙද්දී, උපාලි මහතාට සතුරුකම් කල නිදහස් පක්ශ ආණ්ඩුවක කුමාර වෙල්ගම ප්‍රවාහන ඇමති දූරය දරද්දී , දිවයින අයිලන්ඩ් අයිතිය කුමාර වෙල්ගම ඇමතිවරයාගේ සහෝදරයට හිමිවෙනවා......

    කාලය සිදුකරන විපරිතයන්....

    නැවතත් ඔබගේ ලිපියට ස්තූතිය...

    බ්ලොග් එකක් ලොඩ් වෙන්න යන වෙලාව නම් ඉතා වඩිය..මේ ගැන් යම්ක් කරොත් හොදා....

    ReplyDelete
    Replies
    1. මයියා මම පසුව අනිත් දේවල් වලට උත්තර දෙන්න එනවා..ලෝඩ් වීමේ පමාව ගැන කතා කරොත් ඒක වෙන්නේ මෙතන මෙතන පෝස්ට් 12 විතර කමෙන්ට් සහ ලොකු පෝස්ට් එකක් තියෙන නිසා.මම දීලා තියෙන මොබයිල් වර්ෂන් එකෙන් බලන්න.ඔතොකොට ලොකු ගැටළුවක් එන්නේ නැහැ..

      Delete
    2. බොහොම ස්තූති මයියා මෙහි පැමිණීම ගැනත් දීර්ඝ කරුණු දැක්වීමටත් . එතුමාගේ ව්‍යාපාර ගැන කතා කරොත් ඉතින් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.( අපි පිට මිනිස්සුනේ . එයාලට හොඳ නම් අපි මොනා කරන්නෙයි . හැබැයි මයියෝ මෙතන ඉන්න සර්පයා පේනවා නේද ඔබට ...? )

      මේක තමයි හැම දේටම වෙන්නේ මයියෝ.හොඳම දේ මරණින් මතු සියලු දේපළ අධ්‍යක්ෂක මණ්ඩලයකින් පාලනය වෙන විදිහට කටයුතු සලස්වා තිබීම.ඕනෙම ව්‍යාපාරිකයෙක් කරන්නම ඕනේ දෙයක් මේක.මේ ගැනත් හෙමීට ලියන්න ඕනේ ව්‍යාපාර දේපළ පැවරීම ගැන...

      ස්තූතියි මයියෝ කරුණු කීවට..දිගටම පැමිණීම අපේක්ෂා කරනවා මම...

      Delete
  43. සහන් උඹේ මේල් එක දැක්ක ගමන් දුවගෙන ආවේ. ඇත්තටම මචං. මේ ලිපිය ට මම උඹට ආචාර කරනවා. ලේ රත්වෙන දේශනාවකට සවන් දුන්නා වගේයි. බලපන් මචං මෙතන තියෙන විහිළුව. මැතිණියගේ ආණ්ඩුවෙ සංකල්පය දේශීය නිෂ්පාදාන දියුණු කිරීම. උපාලි ලංකාවේ මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා පෙළඹීම ඇතුලෙ තියෙන්නේත් ඒ සංකල්පයමයි. නමුත් ඒ අතරත් ගැටුම්. මේක මචං අපේ සංස්කෘතියෙ එන විකෘතියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතු.පුද්ගලිකව මම දැන් දේශපාලනයෙන් සිතා මතා ඈත් වෙලා ඉන්නේ.ඒ නිසයි මෙහෙම දේවල් ගැන ලියන්නේ නැත්තේ ඉස්සර විදිහට.ඒත් කතා කරන්නම ඕනේ තැනදී රතු මේ දේවල් ගැන කතා කරනවා.කොහොම කරත් " අනේ අපිට වැඩක් නැහැ " කියලා ඉන්න බැහැ රතු. විශේෂෙන් ජන මතය එක් තැන් වෙමින් යන වෙලාවක නම් කොහෙත්ම නිකන් ඉන්න බැහැ.මේ පාර තියෙන්නේ බොහොම තියුණු විදිහට හැසිරෙන්න ඕනේ තත්වයක්.මොකද මේ වළදන්නේ අන්තිම දන් වේල් කීපය.

      ස්තූතියි රතු නැවත එන්න...ඔබේ නියෝජනය බෙහෙවින් වටිනවා...

      Delete
  44. මම පවුල් පසුබිමෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.ඒත් මේ රටට වින කළේ මාක්ස්වාදය බවයි මම හිතන්නේ.මයික්‍රො කාර් ගැන ඔබ කියපු කතාවත් ඇත්ත.ඒ වගේම තව තව දේවල් සමහරු කියනවා.හරියටම කන්ෆර්ම් කරගන නැති නිසා කියන්න බෑ.එකම දෙයයි කියන්න තියෙන්නෙ මේ එකෙක්වත් අර්ටට ආදරේ නෑ කියල විතරයි

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි . පාරම්පරිකව දේශපාලනය කරපු පවුලක් මගේ පවුලත්. ඒත් මම මගේ පරම්පරාවේ දේශපාලන දායාද එහෙම කරපින්න ගත්තේ නැහැ.මගේ ලොකු තාත්තල , කුඩප්පල , මාමලා සියලු නෑදෑ සමූහය පෙන්නපු දේවල් වලට මන් එකඟ උනේ නැහැ.අන්න ඒකයි වැදගත්.

      තාත්ත කරපු නිසා පුතා කරන්න ගියපු එක නිසා තමයි අද ලංකාව විනාස උනේම.පිය පුතු සෙල්ලන් දේශපාලනයට උචිත නැහැ කිසි සේත්.බලෙන් නොගැළපෙන හිස් මිනිස්සු දේශපලන වීරයෝ කරලා ජනතාව ඉදිරියට පමුණුවපු නිසා තමයි ලංකාවේ ආර්ථිකය , සමාජීය දියුණුව නිකම්ම නිකම් බැලුමක් වෙලා තියෙන්නේ..

      ඔබේ නියෝජනයට බෙහෙවින් ස්තූතියි ලිය වරුණ..නැවත එන්න ..

      Delete
  45. මචන් මේ ලිපිය නම් ... කියන්න වචන නැත ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා.දිගටම එන්න ඉඩක් ලැබෙන වෙලාවට..නියෝජනය වටිනවා ගොඩක්..

      Delete
  46. අපි ඉතිහාසය කියලා දන්නේ කවුරු හරි කියලා තියන දෙයක් නැත්තම් ලියලා තියන දෙයක්. ඒ ඉතිහාසය අපිට කියලා දුන්නා මැතිනි කියන්නේ මේ රටේ පිනට පහල වුන කෙනෙක්, උපාලි කියන්නේ පිටින් බොරු බිස්නස් පෙන්නාගෙන ඇතුලෙන් ජාවාරම් කරපු කෙනෙක් කියලා. මේ විදියට හරි ඒ ඉතිහාසය පිළිබද වැරදි අවබෝධය නිවැරදි කලාට ගොඩක් පින් සිද්ධ වෙනවා.

    ReplyDelete
    Replies
    1. හේතුව තමයි වන්දි බට්ටයෝ පුමා.ඕන ජඩ තිරිසනෙක්ට අභිෂේක ලබන්න පුළුවන් රාජ කුමාරයෙක් විදිහට වන්දි බට්ටයන්ගේ පිහිටෙන්.වර්තමානයේ බොහොම තදින් වෙනවා මේ සිරි ලක් දීපේ. TV චැනල් වල නිවේදකයෝ දන්නවා සෙනරත් පරණ විතාරණ මහත්තයත් වඩා ඉතිහාසය. දුටු ගැමුණු රජ තුමාට පවා නෑකම් හදන්.ලොකු තැනට ජැක් ගහන් රට වළපල්ලට ගෙනියන මිනිස්සු තමයි අද සංස්ථා සභාපතිලා. එවැනි සංස්ථා වල අනාගතය මොකක්ද ඔතොකොට...?

      මගේ මේ ලිපිය නිසා ගොඩක් දෙනෙක් අවුරුදු 40 විතර පස්සේ සත්‍ය දැනගත්ත.තව තව දෙනාට මේ දේවල් දකින්න ඉඩ හරින්න බ්ලැක් පුමා...
      ඉඩක් ලැබෙන විටක නැවත එන්න..බෙහෙවින් වටිනවා එක වචනයක් කීමත්...

      Delete
  47. මාර පෝස්ට් එකක්නේ සහන්. මටත් රථ ගාය නෝඩුව තියෙන නිසා නිකම්ම ඇදිලා ආවා.

    ඔය උපාලි මැස්ඩා එක මම දන්නවා. නමුත් ඔය තරම් දුකසේ හදපු එකක් බව නම් මම දන්නේ දැන්. පුදුම කට්ටක්නෙ කාල තියෙන්නෙ. අපරාදේ කියන්න බෑ අපේ රටේ ඔය වගේ වැඩක් කලොත් සම්බුව ලැබෙනවාම තමයි. අර රේ විජේවර්ධන ගැන නිකං හිතලා බලමු.

    අර උපාලි ‍ෆියට් එක නම් සහන් මම හිතන්නේ ඔය සිරිමා සභාග රජය කාලේ (1971 - 1977) තමයි නිශ්පාදනය වුනේ. ඕක ඇත්තටම Fiat 128 එකනේ. UMC-FIAT 128 කියලා තමයි ලංකාවේ හැදුවේ. UMC කියන්නේ Upali Motor Company වෙන්න ඕනෙ. ඒකෙ නිශ්පාදනය නතර වුනේ 1978 විවෘත ආර්ථිකයත් සමග කියලයි විකිපීඩියාවේ තියෙන්නේ.

    ඒ හැර Reader's Digest සඟරාවේ මුල් වරට වර්ණයෙන් දැන්වීමක් පලකල ප්‍රථම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයත් ඔහුයි. ඒ කැන්ඩොස් ගැන. ඒ සඟරාව මා ලඟ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිත් දේ ගැන පසුව උත්තර දෙන්න එන්නම් හෙන්රි අයියේ.නැහැ ෆියැට් එක හැදුවේ ඊට පස්සේ.මැතිනිගේ කාලේ ඔලුව උස්සන්න හම්බුනේ නැහැ.ෆියැට් එක නැති උනේ එයාගේ මරණයත් එක්ක.උපාලි නැතුව එයා ඇද්ද බර අදින්න බැරි නිසයි ඒක වැහුණේ.අඩු මිළට used වාහන ආවත් බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න ඕනේ තරම් මිනිස්සු හිටියා ඒ කාලෙත් . මොකද වාහන 500 ගාණක් ඒ පුංචි කාලෙට විකුණුනා.මන් පස්සේ එන්නම් මුළු කමෙන්ට් එකටම උත්තර දෙන්න.

      අහ අනිත් දේ මැතිණි ලංකාවේ මිනිස්සුන්ව කන්න නැතුව පෝලින් බල බලු කරා කියලත් නැහැ නේද විකි වල ....?

      ( මේ ඔයාට කිව්ව එහෙම නෙවේ හෙන්රි අයියේ හොඳද ..? මම කිව්වේ පවතින සත්‍ය හා සැබෑ සත්‍ය අතර වෙනස )

      Delete
    2. :) ඇත්තෙන්ම විකි එකේ මහ ලොකු විස්තරයක් නෑ,සහන්. පේලි කීපයක් විතරයි තිබ්බේ.

      Delete
    3. ඒක තමයි හෙන්රි අය්යේ කියන්නේ මේ දේවල් වල තරම.උපාලි මෙතරම් හරි දුර ගියේ එයාට තිබුණා හයිය එක්ක.මේ තරම් හයියක් නැති මිනිස්සු කීදාහක් එදා සිට අද දක්වා වැලලුනාද ...? උපාලි නොහිටින්න අද මෙහෙම කියන්න වත් කෙනෙක් නැහැ උදාහරනෙකට. එහෙම උනා නම් මොන තරම් සතයක් යට යනවද ...?

      පුද්ගලික උවමනා නිසා රට විනාස කරන මිනිස්සුට කියන්න තියෙන්නේ උඩ සිරා කියලා තියෙන දේ තමයි මටත්...
      ස්තූතියි අදහස් කීම ගැන.මම දීර්ඝව කමෙන්ට් නොකළේ උඩ ගොඩක් දේවල් කියවිලා තියෙන නිසයි ..

      සනැවත එන්න.මොකද කමෙන්ට් වලිනුත් ගොඩක්ම දේ එළි වෙලා තියෙනවා...මගේ සහ අනිත් අයගේ...

      Delete
  48. බොහොම ස්තූතියි සහන්, මම නොදැනම හිටි දේවල් ගොඩක් දැන ගත්තා. අපේ වැඩිහිටියොත් කීවනේ මැතිනිගෙ ආණ්ඩුව තව කාලයක් තිබ්බනම් රට ස්වයංපෝෂිතයි කියලා... අපි නොදන්න ඒ කාලේ ගැන දැන් තමයි තේරෙන්නේ ඒක වැරදියි කියලා. බොහෝ නොදත් කරුණු කියවන්න ලැබුනා. ස්තූතියි මේ බ්ලොග් එකට.අද තමයි ආවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනිත් කොන මෙහි පැමිණීම ගැන සහ අදහස් කීම ගැන.මේ රටේ එදා ඉඳන් උනේ මවා පෙන්නු සත්‍ය හා සැබෑ සත්‍ය අතර යුද්ධයක්. රාජ්‍ය බලය පාවිච්චි කරලා හැමදාම මවා පෙන්නු සත්‍ය ජයගත්තා.

      ඒත් ඔබට තේරෙනවා ඇති දැන් වත් අපි මේ දේවල් හරි ගස්සා ගන්නේ නැතුව හිටියොත් තව අවුරුදු 8 කට වඩා ලංකාව තියෙන්නේ නැහැ.ඉක්මනටම ආර්ථිකය කඩන් වැටෙනවා.( දැනටම වෙලා ඉවරයි ) සාමාන්‍ය ජනතාව විදිහට අපි දැන් වත් රටේ ණය තත්වය , රටේ අදායම කීයද , රටේ වියදම කීයද කියන දේ වත් දන්නේ නැත්නම් මේ මුකුත් කරන්න බැහැ. බැන බැන ඉඳීම නෙවේ වෙන්නේ ඕනේ එහෙට මෙහෙට.

      මේ සියල්ල ගැන අවබෝධයක් ඇතුව හරි ගමනක් යන්න පුළුවන් සුදුස්සා තෝරා ගැනීමයි කරන්න ඕනේ. හරි සුදුස්සා තෝරාගැනීමේදී අපි සැලකිලි මත වෙන්න ඕනේ මීට පෙර හිටපු පිරිස් ගැන... අන්න ඒ පරමාර්තෙන් තමයි මම මේ ලිපිය ලිව්වේ..ඉස්සරහදි ආර්ථික වැඩපිළිවෙලක් සැලසුම් වෙන්න ඕනේ කොහොමද කියන දේ ගැන ලියනවා .පුළුවන් වෙලාවට එන්න..

      " අනේ මට වැඩක් නැහැ " කියලා අත් හරින්න එපා. . . දරුවෙක්ට හරි පාර පෙන්නන්න ඔයා මේවා ගැන දැනුවත් වෙන එක හොඳයි . වැදගත්ම දේ තමයි සම්ප්‍රදායික සුපුරුදු දේශපාලන කෝණයෙන් නැතුව පිට පාරකින් යන්න වෙන්නේ මේ පාර...වෛද්‍යා වරියක් විදිහට ඔබේ නියෝජන අවශ්‍යයි...

      Delete
  49. මේ ලිපිය අනිවාර්යෙන්ම හැමෝගෙම ඇස් ඇරවන ලිපියක්! බොහොම පින්!
    මට ගැටලුවක් තියෙන්නේ මේකයි, 77 විවෘත ආර්ථිකයෙනුත් අන්තිමට වෙන්නේ දේශීය නිෂ්පාදකයාටම කෙල වීම නොවේද? අනික් ගැටලුව තමා ඔය කියන විජේවර්දන පරපුරත් එක අතකින් මැතිනිගේ පරපුර සහ මහා රාජ පරපුටම සමානයි නේද ? අන්තිමේදී වෙලා තියෙන්නේ තමන්ගේ පරම්පරාව පුම්බා ගැනීම සහ තමන්ගේ කට්ටිය දියුණු වෙන්න උදවු කිරීම නොවේද? උදා: "කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා."
    අන්තිමේදී හැමදාම රැවටිලා තියෙන්නේ අසරණ ජනතාව.

    ReplyDelete
    Replies
    1. \\\මට ගැටලුවක් තියෙන්නේ මේකයි, 77 විවෘත ආර්ථිකයෙනුත් අන්තිමට වෙන්නේ දේශීය නිෂ්පාදකයාටම කෙල වීම නොවේද?///

      මම මේක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් මිත්‍රයා. මොකද කමෙන්ට් එහෙකින් කිව්වට තේරුමක් නැහැ.සරළව කියනවනම් 77 විවෘත ආර්ථිකය නො එන්න මිනිස්සු තාම හාල් පෝලින් වල..මට කාලය දෙන්න මම පෝස්ට් එකකින් මේ සියල්ල පැහැදිළි කරන්නම්....

      \\\\\\අනික් ගැටලුව තමා ඔය කියන විජේවර්දන පරපුරත් එක අතකින් මැතිනිගේ පරපුර සහ මහා රාජ පරපුටම සමානයි නේද ? ////////

      ***මුළු රටම විනාස කරා වලව් මාන්නෙන් නටන්න ගිහින්.මුළු රටම තමන්ගේ බූදලේ වගේ ඔය පිරිස පාවිච්චි කරේ. හැබැයි මචන් දෙපැත්තේම මිනිස්සු එහෙමයි . ඒකත් අනිවාර්යෙන් කියන්න ඕනේ මෙතැනදී.***

      මේක තමයි සත්‍ය.දෙපැත්තේම අය එකිනෙකා ගෙන පළි ගත්ත..අන්තිම,අන්තිමට උනේ ඔබ කිව්ව වගේම අසරණ මිනිහා රැවටීම.


      \\\\මේ ලිපිය අනිවාර්යෙන්ම හැමෝගෙම ඇස් ඇරවන ලිපියක්! බොහොම පින්!////
      ඔබට බොහොම ස්තූතියි මිත්‍රයා.මම ඔබේ කෙමෙන්ටුව මගින් අහපු ප්‍රශ්න වෙනුවෙන් වෙනම පෝස්ට් එකක් දානවා.මොකද ඔබේ කමෙන්ටුවේ ප්‍රශ්න කෙරෙන දේවල් හරිම වැදගත්...

      Delete
  50. අඩේ සුපිරි ලිවිල්ලක් සහන් අයිය. අදයි මමත් මේ විස්තර දැනගත්තෙ දිගටම ලියන්න. ඇත්තට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි.දිගටම එන්න ඒ වගේම මගේ පහු ගිය පෝස්ට් බලන්න දේශපාලනය ගැන..ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන් රටක පාලන ව්‍යුහය ගැන...

      Delete
  51. Replies
    1. බොහොම ස්තූතියි මලින්ද....නැවත එන්න ඉදිරි පෝස්ට් සඳහා...

      Delete
  52. හපොයි ලේ රත් වෙන කතාවක් කිව්වට මම මේ බැලුවා මොකද්ද කියලා. ලේ රත් වෙනවා නේන්නම්. මැතිනිය අරෙහෙම කරන්න හේතු උනේ ඉරිසියාවම විතරද නැත්නම් වෙන මොනවහරි පුද්ගලික හේතුත් තිබිලද? හරිම චාටර් වැඩක් නේ. රේ විජේවර්ධන ගේ පෙරසවි කොන්ක්‍රීට්, අත් ට්‍රැක්ටරයට උනෙත් ඔය වගේ දෙයක්ම නේද? ආණ්ඩුව මොකද්ද කියලනම් මට මතක නෑ.

    ReplyDelete
    Replies
    1. රේ විජේවර්ධ කියන්නෙත් උපාලි පවුලේම කෙනෙක් තමයි සයුරි.එයාව විනාශ කරෙත් සිරිමාවෝ...!



      ඔතන සයුරි හේතුව එදා ඉඳන් තිබ්බ පවුල් අතර කඹ ඇදිල්ල.මේ මිනිස්සු රාජ්‍ය බලය එක්කම නටන්න ගියාම උනේ මේ වගේ මුළු රටම විනාස වෙන සිද්ධි.
      ==========================================
      හිතන්න අපි දෙන්න ජම්මාන්තර වෛරයි කියලා.ඔයා නව නිපැයුම් කාරියක්. මම ජනාධිපති. ඔයා මොනවා හැදුවත් මම ඉඩ දෙන්නේ නැහැ ඒවා වෙළඳ පොළට එන්න.බැරිම තැන මම ඔයාව මරල දානවා මගේ කුලී හෙන්ච්චයියෝ දම්මලා.ඊට පස්සේ සයුරිගේ කරදරෙන් මම නිදහස්. මගේ කියුම් කෙරුම් දකින අයත් ඊට පස්සේ හෙමීට පල්ලන් බහිනවා...

      ( සැලකිය යුතුයි : මෙය සිතුවිල්ලක් පමණක් බව සලකන්න )
      ===========================================

      Delete
  53. දීර්ඝ වුනත් හොඳ ලිපියක්...!
    කමෙන්ට් වලින් අනිත් අය පැහැදීළිව විස්තර කරලා තියෙන නිසා අපට ලියන්න තරම් දෙයක් ඉතිරි වෙලා නැ.
    සමහරවිට ලොරන්ස් මහතාටත් මේ ටිකම වෙන්න ඉඩ තියෙනවා.මෙහේ කවදාවත් දේශිය නිශ්පාදනයකට ඉඩක් ලැබෙන්නෙ නෑ.
    ලංකාවෙ හදපු බී ටී අයි බැක්ටීරියාව - පොල් කඩන මැෂිම - පිදුරු වලින් බියුටනෝල් හදන තාක්ෂණය - සරළ ජීව වායු ඒකකය - සුළං බලයෙන් ක්‍රියාත්මකවන වාහනය.....මේ කිසිවකටත් මුන් ඉඩ දෙන්නෙ නෑ.

    *මේ බ්ලොග් එකට මම කලින් කිහිප වතාවක් ආවා.ඒත් තාක්ෂණික ගැටළු නිසා කියවීමේ උනන්දුව අඩු වුනා.(ෆොන්ට් කලර් ඇහැට ප්‍රිය නොවීම [මැජෙන්ටා වගේ වර්ණ] කමේන්ට පබ්ලිෂ් නොවී මැෂින් එක ස්ටක් වීම, තීම්ස් නිසා ලෝඩ් වීම ප්‍රමාද වීම වගේ ගැටළු...

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැන ස්තූතියි සුමිත් අයියේ.මම දැන් ගොඩක් දේවල් ඇහැට පහසු විදිහට හදලා තියෙන්නේ..තව වෙනස් වෙන්න ඕනේ දේවල් තියේ නම් කියන්න..ඒ වගේම මේ පෝස්ට් එක නම් slow වෙනවා කොහොමත් ම්මේතන සාමාන්‍ය බ්ලොග් පෝස්ට් 15 විතර කරුණු තියෙන නිසා.මන් හිතන්නේ වචන 40,000 විතර ඇති අඩුම..කෙසේ නමුත් වෙනස් විය යුතු යයි හැඟෙන දේවල් ගැන කරුණු කියන්න

      මම දීර්ඝ උනත් මේ වගේ ලිපි ලියන්නේ ආයේ කොන් ඉතුරු නැති වෙන්න.නැත්නම් මේ වගේ ලිපියක් කොටස් වලට කැඩීමේ තේරුමක් නැහැ.එක පාර මේ සියල්ල ඔලුවට ගියේ නැත්නම් බරපතල කම අවොබෝධ වෙන්නේ නැහැ.ඒ වගේම සුමිත් අයියේ මේ දේ ගැන සැබෑ උනන්දුව තියෙන කෙනා අකුරක් නෑර කියවනවා...මම ඒ නිසාමයි දීර්ඝ කමෙන්ට් උනත් දාන්නේ.මොකද මේවා කොටස් කොටස් කතා කරන්න තව අවස්ථාවක් එන්නේ නැහැ..

      මම වෙනත් මාතෘකා වලදී නම් බොහොම කෙටි පෝස්ට් දානවා..ඒත් එක විෂයක් ගැන කතා කරන තනි දේකදී දීර්ඝ පෝස්ට් තමයි දාන්නේ.එහෙම නැතුව බැහැ සුමිත් අයියේ.බර පතල දේවල් එහෙමම බරට නොදෙන්න මේවා සිල්ලර වෙනවා.අපි ජෝක් කර කර හිටියා ඇති කියන තැනයි මම ඉන්නේ මේ වගේ මාතෘකා වලදී.අනිත් දේ තමයි අපි හැමදාම සරළ සුපුරුදු තැනම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා දකින්නැති මගේ අකුණ පෝස්ට් එක.ඒක බොහොම දීර්ඝ ලිපියක් සහ විශය ගැන තදින් කරුණු කියපු ලිපියක්. අපැහැදිලි දේවල් මම කමෙන්ට් වලින් පැහැදිළි කරන නිසා මම බරපතල විදිහටම ලියනවා.පස්සේ කමෙන්ට් වලින් බර හෑල්ලු කරනවා. එහෙම නැතුව විශය ගැන ආසාවක් ඇති වෙන පිරිසක් බිහි කරන්න බැහැ. යන්න පුළුවන් දුර පේන්න පේන්න යන දුර වැඩියි...

      ඒ නිසයි මෙවැනි ලිපි ලියද්දි තදින් ලියන්නේ...ඔබේ පැමිණීම ඉදිරියටත් වටිනවා සුමිත් අයියේ...බෙහෙවින් අපේක්ෂා කරනවා ඔබව ඉදිරියට...

      Delete
  54. මරු පොස්ටුවක් පුතා ! සුදු රෙදි අන්දලා පිළිම හදන් ඉන්න ගොඩක් දෙනා එහෙම වටිනාකමක් ඇති මිනිස්සු නෙමෙයි කියල මේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ.අදටත් ලංකාවේ දේශප්‍රේමය කියන්නේ අවස්ථාවාදයට .ලංකාවේ ව්‍යාපාරික පැලැන්තියක් බිහි වෙන්න මැතිනි විතරක් නෙමේ ඊට පස්සේ ආපු ඇත්තොත් ඉඩ දුන්නේ නැහැ.අදටත් රාජ්‍ය බැංකුවලින් අයිරා අරගෙන රාජ්‍ය බලය රැකවරණය යොදාගෙන පිස්සු කෙලින ව්‍යාපාරික සුදූ කාරයෝ ටිකක් මිසක් ව්‍යවසායකයෝ පිරිසක් බිහි කරන සිස්ටම් එකක් මේ රටේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මහත්මයා.අද වෙද්දී මහා පරිමාන ව්‍යාපාරිකයෝ වෙලා තියෙන්නේ විශාල විදිහට බැංකු අයිරා ලබා ගත් මිනිස්සු..ලංකා බැංකු අයිරාවකින් ආශ්චර්යක් ලබපු අය ගැන ඔබ දන්නවා ඇතිනේ.. පුම්බපු ව්‍යාපාරිකයෝ උඩටත් ...නියම බර ඇති දක්ෂ මිනිස්සු යටටත් යැවීම තමයි අද වෙන්නේ..අවාසනාවකට ආශ්චර්යක් කරා යන මේ මොහොතේත් අපි යන්නේ ආපස්සට ...සත්‍ය මේකයි.නිකන් සිල්ලර කඩ ටයිප් ව්‍යාපාර වලින් ඔබ්බට යන්න බැහැ ලංකාව තුළ.

      සූදු කාරයෝ ගෙනත් රට සංවර්ධනය කරන්න උවමනා නැහැ හරි දැක්මක් ඇතුව පොඩි තැන ඉඳලා පටන් ගත්ත නම්....
      ඔබේ අදහස සටහන් කරාට බෙහෙවින් ස්තූතියි මහත්මයා,දිගටම ඔබේ නියෝජනය වටිනවා මෙවැනි කතා බහකට...

      Delete
    2. Boz if you know the situations about mr Harry Jayawardena, please keep a post, like to know his back ground and how he became the position of that, if you can give some great info which not getting from online, its very informative post who like to gonna business side thanks sahan

      Delete
  55. උපාලි මහත්තය වගේද දැන් ඉන්න මහත්තුරු අතේ පිච්චියක්වත් නැතුවත් අපිටම කියල ගුවන් සේවයක් හදල දුන්නේ මිහින් එයාර් කියල ..අපිට සැපට අවුරුද්දට කෝටි ගානක පාඩුවක් බදු විදිහට ගෙවන්න !

    ReplyDelete
    Replies
    1. පාඩු නැහැ කියලා පෙන්නන්න දරණ උතසහය තුලම මොන තරම් මුදල් නාස්තියක් වෙනවද මිත්‍රයා.මට මතකයි මීට අවුරුදු 4 වගේ උඩදී තිබුණ මාධ්‍ය හමුවකදී මිහින් එයාර් වෙනුවෙන් ආව මහත්තයට හිනා ගියා අතර මැදදි..මොකද ඒ මිනිස්සුම දන්නවා අපි කරන්නේ විහිළුවක් කියලා.. මේ වගේ බොළඳ පහත් තුච්ච වැඩ රටේ නායකයෙක් විදිහට කිරීම නම් හෙලා දකින්න ඕනේ.

      ඔබේ අදහස් වලට ස්තූතියි..දිගින් දිගටම එන්න ....මම දිගටම මේ දේවල් ගැන ලියනවා මීට පස්සේ..

      Delete
  56. ලියවිල්ල ඉතා අගනේය.තවත් ලියන්නට දිරි ලැබේවා .

    පාහර කලුසුද්දන්ට නොදී තවමත් සුද්දෝ රට පාලනය කලානම් අපි අවුරුදු සීයක් ඉදිරියෙන් බවනම් සක් සුදක් සේ ඉස්තිරයි. මේ කියමනට බොහෝ දේශප්‍රේමීන් මට බනීවි, ඒත් රටේ බහුතරයක් මිනිසුන්ගේ බඩ කට පුරවන්න ඔය පුහු දේශප්‍රේමයට පුහු මාන්නෙට,පුලුවන්ද? සුද්දෝ හිටියත් නිකම් කන්න දෙන එකක් නැහැ,එත් මෙතරම් මිනිසුන්ගේ රීරිමන්ශය උරා බොන එකක් නැහැ .අඩුගානේ ඉන්ග්රීසිවත් හරියට ඉගෙනගෙන පිට රටක වත් රස්සාවක් කරගෙන ජීවත්වෙන්න ඉඩ ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. මාත් අද වෙද්දී ඉන්නේ ඔය තැන සිසිර.අපි මෙතන බොරුවට දේශීයත්වයක් ගැන කිව්වට වැඩක් නැහැ ඇතුලාන්තයෙන් එහෙම වැඩපිළිවෙලක් නැතුව.ඊට වඩා හොඳයි සුද්දන්ගේ කාණු සුද්ද කරන එක..

      තමන්ගේ අම්මගෙන්ම පිළුණු බත් හිඟා කාල කණ එකද වටින්නේ , දුක් මහන්සියෙන් කණුවක් හරි සුද්ද කරලා කණ එකද වටින්නේ ...?

      ඔබේ අදහසට ගොඩක් ස්තූතියි සිසිර..දිගටම එන්න ...සියලු දෙනාගේ අදහස වටිනවා ....

      Delete
  57. අපේ පවුලත් "කැපුවත් නිල් පාට ලේ එන" පරම්පරාවක්.
    එක නිසා මේ තිත්ත ඇත්ත දැනගත්තේ අද. බොහොම පින්.
    ඇත්තටතම දැනට ලංකාවේ ඉන්න පාලකයන්ගෙන්
    ප්‍රේමදාසගේ ඇඟලුම් වලින් පස්සේ ලංකාවට ආදායමක් එන ආයෝජනයක් කලේ කව්ද?
    ??????????
    ආපහු තිත්ත ඇත්ත. "කවුරුත් නැහැ"

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඇල්බන් මෙතන තියෙන වැඩේ..අපි එදා ඉඳන් පවුල් දේශපාලනය කරා මිසක් සත්‍ය අදකින්න උනන්දු උනේ නැහැ..එතනයි වැරදුනේ..තාත්ත කියපු දේ පුතා එහෙමම ගෙනාව ඉස්සරහට..එතනයි අපිට වැරදුණේ..ඉන්න මම ඊළඟට පෝස්ට් එකක් දානවා මේ පෝස්ට් එකේ කමෙන්ට් වලින් මට ආව ප්‍රශ්න වලට...එකටත් ඔබ එන්න ..ඔබේ නියෝජනය වටිනවා බෙහෙවින්...

      Delete
  58. මට තියෙන ලොකුම දුක මේ වුන දේවල් දැනගෙන,දැන් වෙන දේවල් දැක දැක,ඒවා වැරදියි නොවිය යුතු දේවල් කියල දැන දැන ඒවා නවත්තන්න කිසිම දෙයක් කරන්න බැරි අසරණයෝ ටිකක් වගේ බලාගෙන ඉන්න වෙලා තියෙන එකට........................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රමුදි මෙතන ඇවිත් එක වචනයක් කියන්න කොන්දක් තිබීම ගැන මුළින්ම ..ඔයා ගෑණු ළමයෙක් වෙලත් මෙහෙම එඩිතරව කතා කරන්න ඕනේ තැන කතා කරාට බොහොම පින්. අද නැත්තෙත් ඔයා වගේ අය.ඒකයි මේ හිම්පිඩි සමාජයක් බිහි වෙලා තියෙන්නේ එක එක්කෙනාට පන්දන් අල්ලන. තමන්ගේ කසාද මනුස්සයා පාවා දීලා තමන්ගේ ඔෆිස් එකේ මිනිස්සු එක්ක යහන් ගත වෙන සමාජයක් බිහි වෙලා තියෙන්නෙත් ඔයා වගේ එඩිතර නැති පන්දන් සංස්කෘතිය නිසා.100% අදාළ නැහැ වගේ පෙනුණත් මෙතනට සත්‍ය ඕකයි. රට පවා පාවලා දෙන සමජයක් , ස්වාමියා , බිරිඳ පාවලා තමන්ගේ වාසියට යන සමාජයක්.

      අපි දැන් දැන් හරි ටික ටික හරි ආකල්පමය විදිහට වෙනස් වෙන්න ඕනේ ප්‍රමුධි.දේශපාලනය විසින් අපිව අඩපණ කරලා තියෙන්නේ එයාලගේ පදේට නටන්න..මේ පේනවා නේද එයාලගේ පද වලට නැතුවම වෙන දේ....? ජාතියක් විදිහට මොන තරම් පස්සට ගිහින්ද අපි ගත උන 60 වසරට ...?

      දිගටම මේ දේවල් එක්ක ඉන්න ප්‍රමුදි..ඔයා වගේ කෙනෙක්ගේ එක වචනයක් හරි වටිනවා ...අනිත් මිනිස්සුන්ට පේන්න ඔයා වගේ අය ඉස්සරහට එන්න ඕනේ...

      Delete
  59. යාන්තන් ලෝඩ් උනා බන්
    - පුරේ කොල්ලා -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි...මේක ගොඩක් දිග පෝස්ට් එකක් නිසයි මෙහෙම් ලෝඩ් වෙන්න වෙලා යන්නේ..ඉන්න තව පෝස්ට් එකක් දාන්නම්...

      Delete
  60. නිතර නාවත් ඉඳ හිටලා ඇවිත් කියවා යනවා. මෙවන් ලිපිවල අගේ අදටත් වඩා හෙටටයි. නැවත වරක් මෙවන් දෙයක් නොවන්නට.

    පෞද්ගලික තොරතුරු වලට වඩා අගනා තොරතුරු රැසක් මෙහි තිබේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිත්‍රයා...මම පෝස්ට් කීපයක් මේ දේවල් එක්කම යන දේ ගැන දානවා..ඒ සියල්ල එක්ක ඉන්න මිත්‍රයා..පුළුවන් විදිහට එන්න...ඒ වගේම මේ දේවල් ගැන ප්‍රචයත් ලබා දෙන්න....මේවා කොහොම හරි මිනිස්සු දකින්නයි ඕනේ...

      Delete
  61. ලේ රත් උනා සහන් මේ විස්තර කියෝලා...මැතිනිට නම් අපේ තත්තල තාමත් බනිනව..පෝලිංයුග ගැන සිහිකරල..!
    කලින් දැනගෙනෞන්නත්..මෙච්චර විස්තර නම් දැනගත්තෙ අද..!
    ස්තුතියි සහන්..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වීයා..වැඩ රාජකාරි තිබුණත් මේ පැත්තේ එන්න..ඔබේ නියෝජනය වටිනවා බෙහෙවින්...දන්න තොරතුරු ලියා තබන්න..කවද හෝ වැදගත් වේවි මේ දේවල්...

      නැවත වරක් ස්තූතියි...

      Delete
  62. ලිපියත් ප්‍රතිචාර සියල්ලත් කියැවූවා. මැතිණිය ෙකෙරහි ෙෙවරයත්, ජයවර්ධන /විජයවර්ධන පවුල ෙකෙරහි ඔබතුල අැති අාදරයත් ලිපිය තුල පැහැදිලිව ෙපනුනා. ෙහාදයි ඒ පැත්තක තියමු. උපාලි විජයවර්ධන මහතා ෙකෙරහි ද්ෙව්ශෙයන් ඔහු ෙග් ව්‍යාපාර වැට්ටවීමට සිරිමා රජය ක්‍රියා කෙල් යයි ඔබ කියන ෙද් සත්‍ය යයි අපි පිළිගනිමු. සිරිමා මැතිණිය ෙග් අෑවෑෙමන් බලයට පත් වූ උපාලි මහතා ෙග් ඥාති ෙජ්.අාර් ෙගන් ඔහුට ලැබුණ සහය කුමක් ද? ඔෙබ් ලිපිෙය් ද දැක්ෙවන පරිදි විවෘත අාර්ථික ප්‍රතිපත්ති තුල ෙද්ශීය ව්‍යාපාර සුරැෙක්ද, කිසිෙස්ත් ම නැත.

    පුද්ගලයන් වශෙයන් අප තුල අැත් ඉරසියාව,කුහකත්වය වැනි දුර්ගුණ ජාතියක් වශෙයන් අපට නැගිසීටීමට කරන භාදාව සුලුපටු නෑ.ඔබත් සමග මා ඒ ගැන මුලුමනින් ම ඒකඟයි.

    නමුත් (මා වටහාගත් පරිදි) සංවෘත අාර්ථික ප්‍රතිපත්ති ෙකරහි ඔබ දක්වන විෙරා්ධය හා ඒකඟවන්න බෑ.උපාලි විජයවර්ධන මහතා බදු ව්‍යාපාරිකයන් සුරක්ෂිත සංවෘත අාර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන පරිසරයක් තුලයි.ඔෙබ් ෙම් ලිපිය ම ඊට සාක්ශි සපයනවා.(ඒෙහනම් සිරිමා ෙග් කාලය් උපාලි ට භාදා වූෙය් අැයි? ඔබ මෙගන් අසාවි - ඒ අාර්ථික ප්‍රතිපත්තිෙය් වරදක්ෙනාව ඒය ක්‍රියාත්මත කල පාලකයන් ෙග් වරදක් බව මතක් කළ යුතුය).

    ජනතාව ෙපා්ලිම් වල ගාල් ෙනාෙකාට සංවෘත අාර්තික ප්‍රතිපත්ති ක්‍රයාත්මක කල හැකි වුවද ඒෙස් කිරීමට අෙපාෙහාසත් වීම සමගි ෙපරමුණු රජෙය් දුර්වලතාවයක්.

    (තාක්ෂණි ෙදා්ෂයක් නිසා අකුරු නිසි ෙලස ෙනාලිය වීම ගැන සමාවන්න)

    ReplyDelete
    Replies
    1. ජය ශ්‍රී මම ඔබේ කමෙන්ටුවට පිළිතුරු දීම වෙනම පෝස්ටුවක් ඒ සඳහාම යොදා ගන්නම්.මොකද ඔබ ප්‍රශ්න කරන සියල්ල වැදගත්.එකක් නෑර උත්තර දෙනවා...

      ඔබේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි...දිගටම ලිපි පෙළ එක්ක ඉන්න...

      Delete
  63. ඇති විශිෂ්ඨ ලිපියක්. මේ වගේ තුප්පහි නිසා මේ රට කොච්චරනම් ආපස්සට ගිහින් තියෙනවද?. දේශපාලනය කරන්න එන්නේ රට හදන්න කියල එත් උන්ගේ පැවැත්ම වෙනුවෙන් රට විකුනන්න උනත් මේ තිරිසන් නිවට රට දෙපාරක් හිතන්නේ. නැහැ.

    මේවා කොතෙකුත් ලිවුවත් පාගා ගහන බාලයෝන්ට ගානක්වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ අසර්..එහෙම කියලා මුකුත්ම නොකර ඉඳලත් බැහැ..මේවා දකින අය හරි බරපතල කම් තේරුම් ගනී කියලයි මම මේ දේ ගැන ලිව්වේ..පිළිතුරු පමා උනාට සමාවෙන්න...

      Delete
  64. විශිෂ්ඨයි සහෝ..... කොයිතරම් දෙයක්ද මේ දේවල් එළි කළ එක. මට හිතෙන්නෙ කොහොමද මේ වගේ ජරා වැඩ කරලා මුන් ට රෑ ට නින්ද යන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලහිරු මේ වෙලා තියෙන්නේ..ඕනෑම පහත් වැඩක් කරන්න පෙළඹෙනවා මිනිස්සු තමන්ගේ උවමනාවන් ඉෂ්ඨ කරගන්න...දෙපාරක් හිතන්නේ නැහැ ...

      ස්තූතියි ලහිරු අදහස් කීම් ගැන ....

      Delete
  65. මේ ලිපිය සහ ඔබේ අනිත් ලිපි වෙනුවෙන් ඔබ බොහොම වෙහෙස වෙන පාටයි, කොතරම් වටිනවද දැනුම බෙදාගැනීම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා...මේ ලිපියේ අකුරු ප්‍රමාණය දැනට ලක්ෂය ඉකමවලා තියෙන්නේ ..ඒ වගේම බොහෝම දෙනා අදහස් කියලත් තියෙනවා...ඒක හරි වැදගත්...

      Delete
  66. සමාවන්න සයිලන්ට් ..මේ ලිපිය බලන්න උවමනාව තිබ්බත් පහුගිය ටිකේ විවිධ වැඩ නිසා මග හැරුනා .

    වටිනා ලිපියක් . මැලේසියාවේ ගිය වෙලාවේ අපි ඔහුව සිහි කළා . ඇත්තටම පුද්ගලිකව එතුමා ගැන මට හුඟක් මතක තියෙනවා . කැලණිය දහම් පාසලේ සිසුවියක් ලෙස . ඒ වගේම මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හෙලේනා බාලිකාවේ . මුලින් කුමාරි බාලිකා කෙලස හැඳින්වුවා . අපි ඉන්න කාලෙමයි හෙලේනා නමින් නම් කලේ .

    ඒ කාලේ විවිධ තරග වලින් ජය ලබා දෝත පිරෙන්න උපාලි ආයතනයෙන් තෑගී ලැබූ හොඳ ළමයෙක් මන් . එතුමා අතින් තෑගී ලබන පින්තුරයක් නැතත් පසු ඒ පවුලේ වෙනත් අය තෑගී දෙන පින්තුර මා සතුයි . හරිම ප්රියමානප සිනහවක් තිබුණ මනුස්සයෙක් . දේශීය කර්මාන්ත වනසා දමන එක සංවෘත සහ විවෘත යන දෙකේදීම වුනා . අපේ බලලෝභී දෙස්පලුවන් රටට ආදරේ නැහැ . කෘෂ්කර්මාන්තයෙන් පමණක් රටක් දියුණු කරන්නට අමාරුයි . ඒවගේම විශාල කර්මාන්ත සඳහා අපේ රට සතු සම්පත්ද අවමයි . මගේ නම් පුද්ගලික අදහස අපට දියුණු වන්නට හැක්කේ සේවා සපයන රටක් ලෙස .

    ReplyDelete
    Replies
    1. මුළින්ම සමාවෙන්න ඕනේ බින්දී පිළිතුරු පමා වීම ගැන...මට මේ පෝස්ට් එක ලෝඩ් උනේ නැහැ බර වැඩි කමට..

      ඔබේ අදහස් ඉතාම වටිනවා..මොකද උපාලි මහතාව ඇහැට දැකලා , එයාල ගැන පුද්ගලිකව දන්න කෙනෙක්ගෙන් අදහසක් ඒම සෑහෙන්න වටිනවා..බොහෝ දෙනාට එවැනි අද්දැකීමක් නැහැනේ ...ඔබ මේ කියන කරුණු ගැන මා නැවත ලියන්න බලාපොරොත්තු වෙනවා බින්දී..ඇත්තෙන්ම අපිට ගැලපෙන්නේ සේවා සපයන ආර්ථිකයක්..බොරුවට දේශීයත්වයක් ගැන කතා කරලා පලක් නැහැ...

      ඔබ මේ කියන කරුණු ගැන අපි ඉස්සරහ ලිපි වලින් ගැඹුරට කතා කරමු..අනිවාර්යෙන් එන්න ඔබ ...

      පමා වී පිළිතුරු සපයන්න වීම ගැන සමාවෙන්න ඕනේ...

      Delete
  67. නොදන්නා බොහෝ දෙවල් දැනගතතා. thanks යලු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසංක...මේ දේවල් ගැන ඔබේ මිතුරන්ද දැනුවත් කරන්න...නැවත එන්න ඉඩක් ඇති වෙලාවට ..

      Delete
  68. ඇත්තටම මමත් උපාලි විජේවර්ධනයන් ගැන නොදැන හිටිය කරුණු ගොඩක් දැනගත්තා. රටක් ඉදිරියට යන්න නව නිපැයුම්වලින් ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒ වගේ දේවල් කරන අයව නිරන්තරයෙන්ම දිරිමත් කිරීමයි වියයුත්තෙ. එහෙම නොකර රටක් දියුණුකරන්න හිතනවානම් ඒක හිතලුවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මුළින්ම සමාවෙන්න චම්ස් මට පිළිතුරු ලියන්න පමා උනාට..මේ පෝස්ට් එක බර වැඩි මගේ පරිගණකයට..ලෝඩ් නොවී ගියා..මම දැක්කා චම්ස් කීප විටක් පැමිණ හැරී යනවා...

      ඔයා කියන දේවල් ඇත්ත චම්ස්..අපිට කොච්චර දැනුමක් තියෙන ළමයි හිටියත් වැඩක් නැහැ හරි හමන් වැඩපිළිවෙලක් ඇතුව ඒ දැනුම සේවයේ යොදවන්නේ නැත්නම්....අද වෙනකොට වෙලා තියෙන්නේ හරිම විහිළුවක්..විශ්ව විද්යාල වලින් එන පිරිසට කරන්න දේවල් නැහැ..ඔහේ සුළු සුළු දේවල් කර කර ඉන්නවා මිසක් බරපතල වැඩකට අත ගහන්න ඒ අයට බැහැ...

      එහෙම බරපතල දේවල් පටන් ගන්න විදිහක් නැහැ මේ සිල්ලර ප්‍රතිපත්ති එක්ක...

      ඔයාගේ අදහස් ගොඩක් වැදගත් චම්ස්..දිගටම එන්න ...මගේ ප්‍රමාදය ගැන සමාවෙන්න....

      Delete
  69. ඇත්තටම සහන්ට මේ ගැන පොතක් ලියන්ඩ තමයි තියෙන්නේ , ඔය කියපු එක හරි අපට වෙලා තියෙන්නේ......තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ අටම්..මේ හැම දේම ගැන ලියන්න ඕනේ..මම විතරක් නෙවේ ඔයාල හැමෝම ලියන්න ඕනේ..මම දන්නවා අටම් හොඳ දේශපාලන දැනුමක් , බුද්ධියක් තියෙන කෙනෙක් බව..ඒත් උඹ ලියන්නේ නැහැ...මම නම් කියන්නේ මේ වගේ දේවල් ගැන ලියන්න ...

      කමෙන්ට් කරන්න අපරක්කු උනාට සමාවෙන්න ඕනේ මචන්..

      Delete
  70. අදයි ඔබේ ලිපිය කියවූයේ. සහතික ඇත්ත. එදා විතරක් නෙවෙයි කවදත් මේ රටේ සිදුවෙන්නෙ එකම දේ. නව සොයා ගැනීමක් ගැන දේශපාලකයන් සේම මාධ්‍යය පවා හැසිරෙන්නෙ ඇල් මැරුන ස්වභාවයෙන්. කවුද මාධ්‍ය වල වීරයෝ?. නලුනිලියන් සහ දේශපාලකයෝ.
    මැණික්

    ReplyDelete
    Replies
    1. ඔව් මැණික් සම්පූර්ණ මාධ්‍ය මගින් වෙන් දේශපාලනයක් අද උදා වෙලා තියෙන්නේ..මගේ මෙන්න මේ ලිපිය බලන්න පුළුවන් වෙලාවට...මාධ්‍ය ගැන බොහෝ දේවල් ඒකෙන් මම හෙළි කරා...

      පිළිතුරු පමා වීම ගැන සමාවෙන්න ඕනේ...

      එ ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?".

      Delete
  71. ෆෝන් එක හරිගියා ...ඔයාට ගොඩාක් ස්තුතියි ශාන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය් රෙහානි...ඔයාට උදව් කරන්න ලැබීම් මටත් සතුටක්...දිගටම එන්න..

      Delete
  72. සහන්,මම අද තමයි ඔයාගෙ කමෙන්ට් ටික සේරම කියවලා ඉවර කළේ.ඔන්න මම මේල් එකකුත් දැම්මා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අටම්...මට මේකට කමෙන්ට් කරන්න පමා උනා..මොකද දැනට මේකේ අකුරු ලක්ෂයි තව දෙදාහක් විතර තියෙනවා...හොදයි මම ඒකට පිළිතුරු දෙන්නම් අටම්...නැවත වරක් ස්තූතියි අටම් මෙහි ආවට..

      Delete
  73. උපාලි කියන්නෙ ලංකාවෙ හිටපු genius කෙනෙක්.අවාසනාවකට එයාව මරල දැම්ම කියලයි මං හිතන්නෙ. නමුත් සිරිම ගැන කියල තිබෙන සමහර දේවල් ගැන මට එකඟ වෙන්න බැ. මං වැරදි වෙන්න පුලුවං. නමුත් මට හිතෙන්නෙ ඇය උත්සාහ කෙරුවෙ අපේ රට ස්වයන්පෝෂන කරන්න. නමුත් ඒක පටන් ගත්තු විදියත් ක්‍රියාත්මක කරපු හැටිත් මිනිසුන්ට උහුලන්න බැරිව ගිය. එකපාරට climax එකට ගියා. පීඩාව වැඩි වුනා. මිනිස්සු රජය ප්‍රතික්ශේප කලා. ඒ කාලෙ අපි පොඩි ලමයි. හැම ගෙදරක වගා කරන්න පටන් ගත්ත. ඇත්ත. කන්න නැතිව ගොඩක් අය දුක් වින්දා. කෘශි ආර්තිකය දියුනු හැම රටක වාගෙ මිනිස්සු මුලින් ගොඩක් කැපකිරීම් කලා නේද? මිනිස්සුන්ට දැන් කියනව ආන්ඩුවෙන් වගා කරන්න කියල. හැම සහනයක්මත් දෙනව. කෝ ඉතින් කරනවද?අපේ පැත්තෙ නම් කවුරුත් කරන්නෙ නැ. එහෙම නැතුව කොහොමද අපි self sufficient වෙන්නෙ? මම කතා කරන්නෙ වගාව ගැන විතරයි. එයාගෙ අනිත් තීරන ගැන මම දන්නෙ නැ. උපාලිට කරපු දේ නම් නින්දිතයි. ඒව ඉතින් කොමිස් මුදල් නිසා සිදුවන ක්‍රියා නේද? හැම රජයක්ම, හැම නිලදාරියෙක්ම කොමිස් මුදල් නිසා මඩිය තර කර ගන්න අය නේද? ලන්කාවෙ ලාබාලම කෝටිපතියා කවුද? ඒ කාගෙ සල්ලිද?

    ReplyDelete
  74. godaak thanx me athithaya apita kiya dunnata... me rata kawadawath hadannaba api me karanne boruwadak. ane suddage yatathe hitiyanam kochchara hodada kiyala hithenawa thawama

    ReplyDelete
  75. මුලින්ම මම කනගාටු වෙනවා මේ ලිපිය කියවන්න මෙතරම් පරක්කු වුනාට,උපාලි විජේවර්ධන යනු ලංකාවේ අනාගතය වෙනස් කිරීමට ඉපදුනු විශිෂ්ටයෙකි, නමුත් අනාගතය වෙනස් කරගැනීමට තරම් ලංකාවේ ජනයා වාසනාවන්ත නැත.
    මෙහිදී අමුතු යමක් සිදුවී නොමැත. අඥාන දේශපාලුවන් එය උපාලිගේ පුද්ගලික දියුණුවක් ලෙස දැකීම මත මෙපමණ බාධා සිදුවී ඇති බව පැහැදිලිය. මේ සංවර්ධනය අනාගතයේ මුළු රටටම කියා සිතීමට නොහැකි තරම් අපේ සියලුම දෙසපළුවන් අඳ බාලයන් බව නොරහසකි.
    රට ලෝකෙන් උතුම් රටයි, ඒත් එහි මිනිස්සු ?
    දීපාල් සිල්වාගේ "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු " ගීතය ඇසෙනවිට පාලකයන්ට මල පනින්නේ මන්දැයි වැටහෙනවා ඇත,

    ReplyDelete
  76. LIPIYA PALAKARATA OBATA GODAK PIN ... RATA HADANNA HATI KIYANA AYA ADA ADUI>>>

    ReplyDelete
  77. සහන් සහෝදරයා මේක පට්ට ලිපියක්... මේ රට පාලනය කරපු හැම එකාම ආපු ගමන් කරේ රටේ ඉන්න වැඩ්ඩො ටික ශේප් එකේ ඉවරයක් කරන එක.. මහින්දය නම් ඒක එලි පිටම කරනව නේ... අර වතුරෙන් දුවන වාහනේ හදපු සහොදරයට වෙච්ච බලු වැඩෙන් පස්සේ මම හිතාගත්තා මේ කාලකණ්ණි මිනිස්සු ඉන්න රටේ මගේ ලමයෙක්ටවත් අලුත් දෙයක් කරන්න ඉඩ දෙන්නෙ නෑ කියල... මම කියන්නේ මෙච්චරයි මේ කාලකණ්ණි මිනිස්සුන්ගෙන් අයින්වෙලා ඉතියෝපියවට ගියත් සැපයි....

    ReplyDelete
  78. ලිපිය කියවන්න කල් ගියේ පහු ගිය දවස් වල ගොඩක් කාර්ය බහුල වෙලා හිටිය නිසා , මේ වෙද්දී උණුසුම ටිකක් අඩු වෙලා තිබුනත් කමෙන්ට් නොකර ඉන්න බැරි උනා .
    විශිෂ්ට ලිපියක් සහන් කියන්න ඕනේ ටික හරියටම කියල තියනවා , වැටිලා තියන කමෙන්ට් ටිකත් ඒ තරම්ම වටිනවා . කවුරුවත්ම බාල්දි පෙරලලා නැති එක ගැනත් මට හරිම සතුටුයි ඒ වගේම බ්ලොග් ලෝකේ ඉන්න අය හැමෝම වගේ එකම අදහසකට නතු වෙලා වගේ කියලත් හිතෙනවා .
    මම මේ ලිපිය fb share කරනවා , ප්‍රින්ට් කරලා ගෙදර අයටත් පෙන්නනවා මොකද අපේ ගෙදර අයත් ටිකක් අඳුරක ජීවත් වෙන්නේ .

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ කිසිම පමාවක් නැහැ ඩොක්ටර් .ඔබේ පැමිණීම මෙවැනි සීරියස් පෝස්ට් වලදී මම තදින් අපේක්ෂා කරනවා...මේ ලිපියත් ඉවසල බැරිම තැන මගේ අතින් ලිය උන දෙයක්.මට පිළිතුරු දෙන්න පමා උනේ මේ පෝස්ට් එක සෑහෙන්න බරයි පරිගණකයට ..

      මම හෙට විතර හරි පිළිතුරක් ඔබට සටහන් කරන්නම්..දැනට මට සිංහල ටයිප් කිරීමේ ගැටළුවක් ඇවිත් තිබෙනවා කම්පියුටරය තුළ..මා ඔබ ගැන මාතලන්ගෙන් හෝ විමසා බලන්නට යන විටයි ඔබ මෙලෙස කමෙන්ටුවක් දමා තිබෙණු දුටුවේ...ඉඩක් ඇති විටක මෙයත් කියවන්න ...
      ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?"


      එසේම මෙහි ඇති ඔබ සිත් ගත් ලිපි හිතවතුන් අතර හුවමාරු කරගන්න...එය මට ගෞරවයක්...ඔබට ඉඩක් ඇති විටක සකයිප් මගින් මා ඇමතීමට හැකි නම් කරුණාකර මෙම ID එක භාවිතා කරන්න...
      skype ID silentsahan

      Delete
    2. නැහැ නැහැ කිසිම පමාවක් නැහැ ඩොක්ටර් .ඔබේ පැමිණීම මෙවැනි සීරියස් පෝස්ට් වලදී මම තදින් අපේක්ෂා කරනවා...මේ ලිපියත් ඉවසල බැරිම තැන මගේ අතින් ලිය උන දෙයක්.මට පිළිතුරු දෙන්න පමා උනේ මේ පෝස්ට් එක සෑහෙන්න බරයි පරිගණකයට ..

      මම හෙට විතර හරි පිළිතුරක් ඔබට සටහන් කරන්නම්..දැනට මට සිංහල ටයිප් කිරීමේ ගැටළුවක් ඇවිත් තිබෙනවා කම්පියුටරය තුළ..මා ඔබ ගැන මාතලන්ගෙන් හෝ විමසා බලන්නට යන විටයි ඔබ මෙලෙස කමෙන්ටුවක් දමා තිබෙණු දුටුවේ...ඉඩක් ඇති විටක මෙයත් කියවන්න ...
      ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?"




      එසේම මෙහි ඇති ඔබ සිත් ගත් ලිපි හිතවතුන් අතර හුවමාරු කරගන්න...එය මට ගෞරවයක්...ඔබට ඉඩක් ඇති විටක සකයිප් මගින් මා ඇමතීමට හැකි නම් කරුණාකර මෙම ID එක භාවිතා කරන්න...
      skype ID silentsahan

      Delete
  79. උපාලි විජේවර්ධන ජීවතුන් අතර තාම ඉන්නවා කියල පහුගිය ටිකේ හා හූවක් ගියා..... එක අත්තද

    ReplyDelete
    Replies
    1. ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන දේ ගැන මට හරියටම කියන්න දැනුමක් නැහැ මංගල...උපකල්පනයක් විදිහට බැලුවොත් නම් හිතෙන්නේ ඔහු දැන් මේ ලොව හැර ගිහින් කියලා තමයි..

      දැනට අවුරුදු 30 වෙනවා ...ඉතින් තවත් විස්වාසයක් තියන්න බැහැ නේද ...?

      Delete
  80. කාලෙකට පස්සේ කියවපු, හිතට තදින් වැදුනු පෝස්ට් එකක්. එක නිසා බුකියේ ෂෙයාර් කරලාත් දැම්මා. මමත් දැනනෙ හිටියේ උපාලි ෆියට් එක ගැන විතරයි. අද තමා දන්නේ ඊට කලින් මැස්ඩා එක හැදුවා කියලා.

    මම අහපු කථාවක් තියෙනවා රේ විජේවර්ධන මහත්තයා අත් ට්‍රැක්ටරේ හදලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශයට (මේ දෙකෙන් හරියටම මොකක්ද කියලා මතක නෑ) පෙන්නුවාම ඒ ආයතනයේ හිටපු හරක් ටික කියලා තිබුනේ අපිට ඕනේ තරම් හරක් ඉන්නවා කුඹුරු හාන්න කියලා.

    මේ ඉන්න දේශපාලන හිවල්ලුන්ගෙන් අපිට කවදා දියුණුවක් ලැබේවිද ?

    ReplyDelete
    Replies
    1. ඉතාම ස්තූති මිත්‍රයා.. ඔබේ උදව්වෙන් පස්සේ 1200 අධික පිරිසක් ඔබා හරහා ඇවිත් තියෙනවා.. ඉතාම ස්තූතියි..හැකිතාක් මේ වගේ දේවල් අනිත් අය අතරේ බෙදාගන්න...

      අපි ලිව්වට වැඩක් නැහැනේ බලන අයට යන්නේ නැත්නම්..ඒ නිසා හැම ලිපියම අනිත් අය එක්ක බෙදාගන්න...

      Delete
  81. මෙහෙම දාපු එකත් ලොකු දෙයක්...මට නම් ලොකු හිතේ අමාරුවක් තියෙන්නේ දැන් වෙන දේවල් වල හැටියට....අපිට වෙනස් කරන්නත් බෑ..මිනිස්සු එකතු වෙන්නෙත් නෑ..මේ රට කොහොම දියුණු කරන්න බැරිද...!!ලංකාවේ හැමදේම නිෂ්පද්හන්ය කරන්න පුළුවන් තරම් හැම සම්පතක්ම තියෙනවා..මේ රට මෙහෙම් උනේ මිනිස්සු නිසාමයි..අපි නිසාමයි කියල කිව්වොත් නිවරද්යි..අපිත් දැනගන්න ඕනේ හරි මිනිහෙක් පාලකයා කරගන්න....!!!
    මේ දේශපාලු කන්හිලුන් ඉන්න කන් මේ රට වලපල්ලේ....මම බුදු දහම රකින කෙනෙක් උනත් මම මේ හැම එකෙක්ටම සාප කරනවා...කුසල්වල බලය තියෙන තාක් ඔහම කුපාඩි වැඩ කාලකන්නි වැඩ කර කර ඉදපල්ලා..නරක කාලය ආවගමන් හෙන හතක්ම වැදිලා නැතිම වෙලා යන්න ඕනේ...!!!මේ රට හිතට එකගව ණය ගෙවන්නේ නැති පාලක හැත්තම.....!!

    ReplyDelete
  82. අයියේ ඔයගෙ සැටලයිට් ගැන කරපු ලිපි වල සේරම ටික මට බලන්න විදියක් හදල දෙනවද?ඒ ක ගොඩක් සරල විදියට කියල දීල තියනවවා. ඇයි ඒ ලිපි මාලාව නැවැත්තුවෙ? මම එලකිරි එකෙත් බෙලුව ඒ කෙත් ටිකයි තිබුනෙ,අනේ අයියෙ ඒ සියළුම ලිපි බලන විදියක් මට කියන්න මෙන්න මගේ ඊ මේල් එක.මට උදවුවක් විදියට.ඔයාට ගොඩක් පින්.ctdemeth@yahoo.com

    ReplyDelete
  83. "SilentSahan" කියන නම වෙනත් බ්ලොග් අඩවි වල කොමන්ටු අතරෙ දැකල තිබ්බත්, අද තමයි මෙතනට ආවේ. ඒකත්, බුකියේ කෙනෙක් මේ ලිපිය බෙදා ගෙන තිබෙනව දැකලා. අවිවාදයෙන්, මේ ලිපිය මම මෙතෙක් කියවා ඇති හොඳම බ්ලොග් ලිපි වලින් එකක් බව කියන්න පුලුවන්. මට වගේම අනිත් අයටත් ඒක දැනිල තියෙන බව කොමන්ටු ටික කියෙව්වම පේනවා. මේක මම ජාලයේ යන එන හැම තැනකම් බෙදා ගන්නවා. මිනිස්සුන්ට මේව කියවන්න පාර කියල දෙන්න ඕනි. දිගටම මේ වගේ ලියන්න. අනිවා, අද ඉඳන් මමත් මෙතනට දිගටම එනවා.

    ReplyDelete
  84. apa danuwat kirima gana behevin tuti! attha ati satiyan prkasa kirima ugat minisage krya damayak....

    ReplyDelete
  85. This comment has been removed by the author.

    ReplyDelete
  86. ඇස් අරවන ලිපියක්.. බොහොම හොඳයි....

    ReplyDelete
  87. And also he was killed by the president in afraid of loosing his power.........

    ReplyDelete
  88. වැඩවසම් කාලේ එක එක ප්‍රාන්ත වල හිමිකාරීත්වය ඇතුව හිටි ප්‍රභූ පවුල් හිටියා. අනික් ඔක්කොම ඒ පවුල්වලට අයත් සේවකයන් හෝ සේවකයන්ගේත් සේවකයන්. හැබැයි මේ ප්‍රභූ පවුල් එකාට එකා හොඳ නෑ. සමහර වෙලාවට ඩිප්ලොමැටික් ශේප්මන්ට් තිබ්බා. නැත්නම් වලි. මම මේ කිව්වේ අර රොබින් හුඩ් ටෙලි සීරීස් එකේ පෙන්නන ජාතියේ ඒවා. සමහර විට මේ කතාව පිටිපස්සෙත් එහෙම නොතිබුනා වෙන්න බෑ.
    උපාලිව වට්ටවන්න ඔහුගේම ඥාතීන් පවා උත්සාහ කලා. ඒ වගේම දේශපාලනික න්‍යාය පත්‍රයනුත් ඒ පිටිපස්සෙ තිබුනා කියලා මම අහලා තියෙනවා.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili