දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )






රජස්!

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

January 3, 2014

වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per Ounce



                   රත්‍රන්( යනු එදා සිටම ලෝකයේ ඉහළ වටිනාකමක් ගත් ලෝහයකි. බුදු උපත වූ සමයේ පවා රත්‍රන් භාවිතය තිබු බවට සාධක ඕනෑ තරම් ඇතිය. එසේම මුදල් ලෙසින් රන් කහවණු භාවිතා වූ බවටද සාධක ඇත. සුදත්ත සිටුවරයා ජේත කුමාරයාගෙන් ජේත උද්‍යානය මිළට ගෙන ඇත්තේ මුළු මහත් උද්‍යානයම "පාහේ" ( 100% ම නොවේ ) රන් කහවණු වලින් වැසී යන සේ ආවරණය කරමිනි. ( සුදත්ත සිටුවරයා ගැන ප.ලි. මගින් හෝ කමෙන්ට් මගින් කරුණු ටිකක් ලියන්නම්.  )


 රන් වලට මෙතරම් ආකර්ෂණයක් (වටිනාකමක්) හිමි වූයේ ඇයි?


                 අපි යමු  අතීතයට. දිදුලන ගතියෙන් යුක්ත වීම රන් ලෝහයේ ස්වභාවය වේ.  ස්වර්ණාභරණ නිපදවීම සඳහා මේ ගුණය හොඳින් ගැළපේ. රන් වන් පාටින් දිදුලන මාලයක් , ඔටුන්නක් , පළදින්නට අකමැති කව්ද ? මේ නිසා පුරාණයේ සිටම රන් ලෝහයට මනුෂ්‍ය ආකර්ෂණය ( ඉල්ලුම ) නොඅඩුව ලැබිණි. මිසරයේ රජ දරුවන් අතර විශාලතම සහ පැරණිතම රන් ගබඩා තිබී ඇති බවට සාධක පිරමීඩ කැණීම්වලින් සොයා ගෙන ඇත. ඒ පවුම් 100යය 200 යෙන් නොව කිලෝ ගණනිනි. ඈත අතීතයේ සිටම රන් වෙනුවෙන් ගොඩ නැගුණු ආකර්ෂණය අඩු වූවාද වැඩි වූවාද ? අපි සොයා බලමු.




රන් වෙනුවෙන්  හිමි වූ ආකර්ෂණය කෙබඳුද?


             අතීතයේ සිටම රන් ලෝහයේ ද්‍රව්‍යමය අගය බෙහෙවින් වැඩි වූ නිසා දුප්පතුන්ට රන් පරිහරණය කිරීමේ අවස්ථා අඩු විය.විශාල රන් ආභරණ ප්‍රමාණයකට සහ රන් කහවනු/පවුම්/කාසි ප්‍රමාණයකට හිමි කම් දැරීමට හැකි වූයේ නිතැතින්ම රජවරුන් , සිටු වරුන් ,පොහොසත්  වෙළෙන්දන්  වැනි පිරිසකටය. ඔවුන් තම භාණ්ඩ අලෙවි  කිරීමේදී රනින් සෑදු කාසි හෝ රන් කැබලි වටිනාකම වෙනුවෙන් හුවමාරු කරගෙන ඇත. සේද මාවත සම්බන්ධ  වෙළඳ පුරාවෘත කියවීමීදී භාණ්ඩ වෙනුවෙන් රන් කාසි හුවමාරු වූ  සැටි ගැන අවබොධයක් ඔබට ලැබිය හැක.


                 " ගවයන් 10 දෙනෙකුගේ මිළ මෙපමණ වේ " යයි ඒ කොතැනවත් ස්ථීරව සඳහන් කර නැත. අද තිබු මිළට වඩා වෙනස් මිළක් ඊයේ තිබී ඇත. අදට වඩා වෙනස් මිළක් හෙට තිබෙනු ඇත. ක්‍රි.ව. 1100 පමණ වන විට බ්‍රිතාන්‍ය තුළදී විධිමත් ආකාරයෙන් කාසි නිපදවා ඇත.( මෙයට මීටත් වඩා ඉතිහාසයක් ඇති වුවත් නිශ්චිතවම ලේඛන ගතව ඇති තැනකින් ආරම්භය ගනිමු. ක්‍රි.පූර්ව කාලයේ සිට නොයෙක් කාසි හුවමාරු වෙලා තියෙනවා. ) ක්‍රි. පූර්ව යුගයන් වලදී  "භාණ්ඩ-භාණ්ඩ"  හුවමාරුව , "භාණ්ඩ-මුදල්" හුවමාරුව   ගැන වෙන දවසක කතා කරමු...!



වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි. ( වැඩි වූ හැටි )



               මෙහි මිළ දක්වා ඇත්තේ රත්‍රන් අවුන්සයක් සඳහායි. අවුසයක් යනු ග්‍රෑම් කොපමණද යන්න ගැන වැටහීමක් ලබා ගැනුමට මෙය බලන්න. ඖෂධ ,රසායන ද්‍රව්‍ය , රන් වැනි දේ මැනීමේදී එකිනෙකට වෙනස් අවුන්ස ලෝකය පුරා භාවිත කරන බව සළකන්න. මෙම සටහනේ ඇති රන් මිළ දක්වා ඇත්තේ International troy ounce වළින් පමණි ! ( A kilogram bullion bar contains 32.15074657 troy ounces. )



______________





1800 සිට අද දක්වා රත්‍රන් මිළ අඩු වැඩි වූ ආකාරය බලන්න .






1791                19.39 US$
1800                19.39 US$
1810                19.39 US$
1820                19.39 US$
1830                19.39 US$
1840                20.67 US$
1850                20.67 US$
1860                20.67 US$
1870                27.49 US$
1880                20.67 US$
1890                20.67 US$


1900                   20.67 US$
1910                   20.67 US$
1920                   20.67 US$
1930                   20.67 US$
1940                   35.00 US$
1950                   35.00 US$
1960                   35.00 US$
1970                   54.00 US$
1980                 614.00 US$
1990                 384.00 US$


2000                    270.00 US$
2010                  1227.00 US$
2011                  1900.00 US$
2014                  1200.00 US$


The End
_____________




ප.ලි.

 දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම  ලියන් යන ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )


                 මම මෙතන දානවා මිණුම් කීපයක්. මේවා ගැන ඉගෙන ගන්නම වෙනවා ඉස්සරහට යන්න නම්. එකිනෙක අතර ඇති වෙනස්කම් හඳුනාගන්න. මෙතන දාළා තියෙන්නේ පොඩ්ඩයි. බැංකුකරණය සහ මූල්‍ය කටයුතුවලදී අදටත් මේවා භාවිතා වෙනවා ඉතාම තදින්. ඒ ඒ රටවලින් ආ වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීමේදී මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්න වෙලා තියෙනවා ඉස්සර . අදටත් රත්‍රන් බිස්කට් නමින් ඔබ අතර ප්‍රසිද්ද රන් කැබලි  ,රත්‍රන් බාර් වල ගනුදෙනු වෙන්නේ මෙවැනි ඒකක වලින්. රත්‍රන් හොන්ඩර වලින් තැන්පත් කරන සේප්පු වල ග්‍රේන් 5 ක් අඩු උනත් විශාල පාඩුවක් විය හැකි නිසා තිතටම ගණන් හදනවා සේප්පුවට දාලා වහන්න කළින්. නැවත සේප්පු කුටියක්  විවෘත වන  දාට එකම ග්‍රේන් එකක් වත් අඩු වෙන්න බැහැ. වාණිජ බැංකුවක ප්‍රධාන ශාඛා සේප්පු පද්ධතිය  භාර ප්‍රධානීන්ට මේ සියල්ල ගැන අවබෝධයක් තිබිය යුතුයි. එංගලන්තයේ , ස්විස් බැංකු වල එහෙම කාමර ගණන් විහිදෙන සේප්පු පද්ධතියක් තියෙන්නේ. තමා භාරයේ ඇති සේප්පු තුළ අසවල් බරින් අසවල් පරිමාවෙන් යුතු දෑ මෙපමණ ගණනක් තිබේ යැයි ඔහු දැනුවත් විය යුතුයි. { මීට අමතරව රහස් සේප්පු ක්‍රමයක්ද තියෙනවා ඇතැම් වාණිජ බැංකු වල . රහස් කුටි තුළ  තියෙන්නේ මොනවාදැයි  හෙළි කිරීමට   බැංකු  ප්‍රධානීන් බැඳී නැහැ උසාවියට ඇර. එවැනි කුටියක් විවෘත කිරීමට නම් හිමිකරු ( හෝ බලය පැවරූවෙක් ) පැමිණිය යුතුයි. ඔහු එන තෙක් විවෘත කරන්න බැහැ. ඔහු නාවොත් සදාකාලිකවම එම කුටියේ දොර වැසී යනවා. බැංකු හිමිකරුගේ තීරණය අවසන් තීරණය වේ ! }  . ලංකාවේදී උනත් තත්වය මීට සමානයි. විශ්වාස කළ නොහැකි මට්ටමේ දේපළ ප්‍රමාණයක් මේවායේ අඩංගු වෙනවා . ඩොලර් බිලියනය ගුණ කිරීම බිලියනය වැනි ගණන් වලින් වටිනාකම් තක්සේරු වෙන්නේ. ලංකාවේදී උනත් තත්වය මීට සමානයි.

________________________________


කැරට් 24 රන් යනු  100.00% ක් රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( වාණිජමය වශයෙන් 99.98% අගය පිළිගන්නවා. කැරට් 24 රන් බිස්කට් එකක් කටින් හැපුවොත් දත් පාර හිටිනවා බිසක්ට් එකේ. ඒ තරම් මෙළෙක් පිරිසිදු රත්‍රන් .  )

කැරට් 22 රන් යනු  91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( මේක කටින් හපන්න බැහැ තදයි)

කැරට් 22 රන් යනු  91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 18 රන් යනු  75.00% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 14 රන් යනු  58.50% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 10 රන් යනු  41.70% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 6 රන් යනු  25.00% ක් ( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
=============================
ක්‍රාත් කියන්නේ මැණික් , මුතු වැනි දේවල් මනින්න ගන්න මිනුමක්. ( පුංචි පුංචි රන් කොටස් මැනීමටත් ගන්නවා. ක්‍රාත් සහ කැරට් යනු දෙකක්. සේප්පුවට දාන්න කළින් ඒ සියල්ලෙහි බර මනිනවා ක්‍රාත් වලින් )

ක්‍රාත් 1 = 200 mg
_________________________________
කිලෝග්‍රෑම් 1ක් යනු රාත්තල් 2.2046213 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )

__________________________________

රාත්තල් 1 ක් යනු කිලෝග්‍රෑම් 0.45359243 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )

____________________________________
 සාමාන්‍ය බර කිරුම් මිණුම් වලදී ට්‍රෝයි ! ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

ඩ්රෑම් 16         = අවුන්ස 1
අවුන්ස 16      = රාත්තල් 1
රාත්තල් 14    = ස්ටෝන් 1
ස්ටෝන් 2      = කාර්තු 1
කාර්තු 4          = හොන්ඩර 1
හොන්ඩර 20  = ටොන් 1 යි ( කිලෝ 1000 යි )

ග්‍රෑම් 1             = ග්‍රේන් 15.43
අවුන්ස 1        = ග්‍රෑම් 28.35 ( අවර්දුපුවා ! )
අවුන්ස 1        = 31.1035 ( ට්‍රෝයි ! )

රාත්තල් 56     = තුක්කු 1
තුක්කු 2          =  හොන්ඩර 1
හොන්ඩර 5    = පාරම් 1
පාරම් 4          = ටොන් 1 ( කිලෝ 1000 යි )

රාත්තල් 26.25 = තුලම් 1
____________________________________
ස්වර්ණාභරණ  කර්මාන්තයේදී ට්‍රෝයි !

ග්‍රේන් 24         = පැන්ස බර 1 ( මුදල් පැන්සය නොවේ )
පැන්ස බර 20  =  අවුන්ස 1
අවුන්ස 12      = රාත්තල් 1
____________________________________
ස්වර්ණාභරණ  කර්මාන්තයේදී අවර්දුපුවා !

ග්‍රේන් 437.5     = අවුන්ස 1
අවුන්ස 16       = රාත්තල් 1
____________________________________
සිංහල ස්වර්ණාභරණ මිනුම !

මංචාඩි 12 = පගෝදි 1
මංචාඩි 42 = රුපියල් බර 1 ( මුදල් රුපියල නොවේ )
මංචාඩි 28 = රන්පවුම් බර 1 ( මුදල් රන් පවුම නොවේ )
_________________________________


-----------------
-----------------
-----------------
_________________________________
මුදල් හුවමාරුව ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

පාදීම් 4         = පැන්ස 1 ( මුදල් පැන්සය )
පැන්ස 12     = සිලිම් 1
සිලිම් 20       = පවුම් 1 ( රන් පවුම් නොවේ. මේක වෙනම පෝස්ට් එකක් තරම් දිගයි.  )
සිලිම් 2         = ප්ලෝරීම් 1
සිලිම් 5        = ක්‍රවුන් 1
සිලිම් 21      = ගිනි 1
________________________________
මුදල් හුවමාරුව ( පුරාණ එක්සත් ජනපදය )

මිල් 10     =සත 1
සත 10     = ඩයිම් 1
ඩයිම් 10   = ඩොලර් 1
________________________________
මුදල් හුවමාරුව ( ප්‍රංශ  )

සෙන්ටයිම් 100 = ෆ්‍රෑන්ක් 1
_______________________________
ගැනුම් ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

12 හේ ගොඩක්  =  දුසිම් 1
20 හේ ගොඩක්  =  ස්කෝර්  1
දුසිම් 12              = ග්‍රොස් 1
_______________________________


 දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම  ලියන් යන ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )



01. හොඳට බලන්න ක්‍රි.ව. 1800 සිට 1900 දක්වා රන් මිළ වෙනස් වූ ප්‍රමාණය. ඒ වසර 100 සඳහාම රන් අවුන්සයක මිළ වෙනස් වී ඇත්තේ "ඩොලර් 1 ක්" වැනි ප්‍රමාණයකින් පමණයි. ( මෙහි සඳහන් කළ ඩොලර් 1ක  මුදල ගැන විශේෂ අවධානයක් යොමු කරන්න . inflation යන මාතෘකාවෙන් පසුව කතා කරමු )



02. ක්‍රි.ව 1900 සිට 2000 දක්වා රන් මිළ වැඩිව ඇති ආකාරය බලන්න. ඒ වසර 100 තුළදී රන් අවුන්සයක මිළ ඩොලර් 250 ක පමණ මිළක් දක්වා වැඩිව ඇත.


03.  ක්‍රි.ව 2000 සිට 2010 දක්වා වසර 10 තුළ මිළ වැඩිව ඇති ආකාරය බලන්න. ඩොලර් 1000 කට ආසන්න අගයකින් මිළ වැඩිව ඇත.




ඉහත 01 02 03 අවස්ථා වලදී රන් මිළ විවිධ අගයෙන් වැඩි වීමට හේතුව කුමක්ද ?


01. අඩු පරිභෝජනය හේතු වූවා වන්නට පුළුවන්. ( ක්‍රි.ව 1800 යුගයට සාපේක්ෂව රන් පරිභෝජනය 2000 යුගයේදී අතිශයින් වැඩිය. )

02. කාර්මික විප්ලවය සමග ඇති වූ සමාජ පෙරළිය සහ ආර්ථික පෙරළිය නිසා රන් පරිභෝජනය ටික ටික වැඩි වීම. ( රත්‍රන් ලෝහය යොදාගෙන නොයෙක් ආකාරයේ ව්‍යාපාර බිහි වීම. උකස් ගැනීම ඇතුළු මූල්‍යමය ව්‍යාපාර පවා ඇතුලත් කරන්න ).

03. ලෝකය තුළ ඉතා සීග්‍රයෙන් රන් වෙනුවෙන් වෙළඳපොළක් හිමි වීම. ( ක්‍රි.ව 1800 දී මගේ මිත්තණිය සතු වූවාට වඩා වැඩි රන් පවුම් ගණනක් අද මගේ දුවණියට හිමියි. ලෝකය පුරා රන් මුල් කරගත්  කාර්මික/ස්වර්ණාභරණ/මූල්‍ය ක්ෂේත්‍රයන්ට අදාළව කර්මාන්ත බිහි වීම )




              දැක්කද ඉල්ලුම වැඩි වෙන්න වැඩි වෙන්න මිළ ගුණෝත්තර විදිහට වැඩි වෙන හැටි. මම කළින් ලිපියේදී සඳහන් කළ විනිමය අගය සම්බ්න්ධ කළු කුහරයේ ස්වභාවය මතකද? අන්න ඒ වගේම දෙයක් මෙතන වෙන්නෙත්. මේකත් එක්තරා විදිහක කළු කුහරයක්. දැන් බලමු මෙයින් කරන්න පුළුවන් දේවල් ටිකක්. හොඳට මතක තියාගන්න මේ දේවල් ලියන්නේ මගේ ඊළඟ ලිපියට වටපිටාවක් හදන්න විතරයි.


AAA.


ක්‍රි.ව 1800 දී රත්‍රන් අවුන්ස 1000 ක් හිමිව තිබු පවුලක් ගැන සිතන්න. එහි එවකට වෙළඳපොළ වටිනාකම
1,000 X 19.39 USD = 19,390.00 USD


ක්‍රි.ව 1900 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 20.67 USD = 20,670.00USD


ක්‍රි.ව 1950 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 35 USD = 35,000.00 USD


ක්‍රි.ව 2000 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 270 USD = 270,000.00 USD


ක්‍රි.ව 2010 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 1227 USD = 1,227,000.00 USD


ක්‍රි.ව 2011 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිළ )
1,000 X 1900 USD = 1,900,000.00 USD



ක්‍රි.ව 2014 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( 2014 ජනවාරි 2 වන දිනට මිළ )
1,000 X 1217 USD = 1,217,000.00 USD



           ක්‍රි.ව. 1800 දී පෙට්ටගමක ඩොලර් 19,390.00 ක් තිබ්බා කියමු සල්ලි නෝට්ටු විදිහට . එම නෝට්ටු වල අද අගය කීයද ? අදත් ඩොලර් 19,390.00 ම තමයි ( ඒවා කාවෝ කාල තිබ්බේ නැත්නම් ). හැබැයි ඒ පෙට්ටගමේ රන් පවුම් 1000 ක් තිබ්බා නම් අද වෙළඳපොළ වටිනාකම කීයද ? 1,217,000.00 USD ! ( රුපියල් 164,295,000.00 .....   රුපියල් ලක්ෂ 1600 )



මේ විදිහට හිතලා හම්බෙන "හැම සතයකින්ම" රන් පවුම් එකතු කිරීමෙන් පළක් තියේද ?



ඇත්තෙන්ම නැහැ. එයට හේතුව තමයි,

i. ඇතැම් කාල වලදී වසර 10 ක් 15 ක් වැනි කාලයකට වුවද රන් මිළ වෙනස් වෙලා නැහැ. මිලියන ගණනක මුදලක් වැය කර නිකරුනේ ලෝහ කැබලි ටිකක් මිළදීගෙන සේප්පුවක දමාගෙන සිටීමෙන් පළක් නොවිය හැකියි. එහි ආරක්ෂාව සහ යට කළ මුදලට සාපේක්ෂව ලැබෙන ලාභයක් නොවිය හැකියි.

ii .ඇතැම් කාල වලදී මිළ සීග්‍ර ලෙස අඩු වෙලා තියෙනවා ඔබට පෙනෙන්න ඇති. රන් අවුන්සය 1900 USD ට ( විකිනු අය නොව ) මිළට ගත් අය ගැන ඔබ සිතන්නේ කුමක්ද ? වසර තුනක සිට ඔවුන් දැඩි පාඩුවක් ලබනවා. නමුත් දීර්ඝකාලීනව සැළකුවහොත් විශාල පාඩුවක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් කවදා හෝ එහි පළ නෙලාගනීවී ( රන් මිළ වැඩි වූ දිනක.එය කවදා වේවිද කියන්න කාටවත් බැහැ.)

iii.ලෝකය යුද්ධයන් පැවති කාල තුළදී රන් මිළ වෙනස් වී ඇති බවට ඉතිහාස සාධක ඇත. මීළඟ ලෝක යුද්ධය කවදා වේවිද කියන්න කිසිවෙක් දන්නේ නැහැ.

iv. ලෝක ආර්ථික කඩාවැටීම් වූ කාලයන් තුළදී රන් මිළ අඩු වෙනවා. ලෝක ආර්ථික කඩාවැටීමක් නැවත කවදා වේවිද කියන්න කාටවත් බැහැ.

v. තාක්ෂණ දියුණුව සමග නව රන් ආකාර / සංචිත සොයා ගන්න ලැබුණොත් රන් මිළ අනිවාර්යයෙන්ම අඩු වේවි.

vi. පෘතුවිය තුළ ඇති මිනිසාට ලඟා විය හැකි මට්ටමේ ඇති රන් සංචිත ප්‍රමාණය අවසන් වෙමින් යනවා නම් කුමක් වේවිද ? අනිවාර්යයෙන්ම රන් මිළ වැඩි වේවි. ( බොර තෙල් සංචිත ටිකත් තව වසර 100 කට වඩා නැහැ කියලයි ඔපෙක් සංගමය කියන්නේ )

vii. රන් මිළ ගැන කෙටි කාලීන අනාවැකි කියන්න කාටවත් බැහැ. ( දීර්ඝකාලීනව සැළකීමේදී නම් මිළ වැඩි වේවි. 2020 පමණ වෙද්දී අවුන්සය ඩොලර් 2500 ට ලඟා වේවි කියලයි දැනට ගණන් මිණුම් හදලා තියෙන්නේ.)





"වෙන දෙයක් වෙච්චාවේ සහන්" කියලා රත්තරන් ටිකක් අරන් තියාගත්තා නම් හොඳයි කියලා හිතෙනවද ?





      

                         ඔබ සතු සියලු දේපළ රන් බවට හරවන්න එපා. ඔබ සතුව කෝටි 10 ක මුදලක් ඇති නම් හොඳම ආයෝජන උපදෙස තමයි ඒවා වෙනස් වෙනස් ක්ෂේත්‍රයන් තුළ ආයෝජනය කරන්න. කෝටියක් හෝ දෙකක් බැංකුවක තැන්පත් කරන්න. ලක්ෂ 170 ක විතර රත්තරන් මිලදීගැනීමට පුළුවන්. හොඳ මැණික් ගල් ටිකක් අරන් තියාගන්න පුළුවන් ලක්ෂ 8 ක් විතර වියදම් කරලා. තදාසන්න පෙදෙසකින් හොඳ ඉඩම් කට්ටි දෙකක් තුනක් අරන් දාන්න තව ලක්ෂ 200 විතර වියදම් කරලා. තව ලක්ෂ 100 විතර යොදවලා හොඳ වගාවක් පටන් ගන්න. වගාව කියන්නෙත් හොඳම හොඳ ආයෝජනයක්. ගොඩේ වැඩ කියලා අතහරින්න එපා.

                ඔබට ව්‍යපාර කිරීමට සිත් පහළ වෙලා නම් බය නැතුව ලක්ෂ 100 ක් හෝ 150 පමණ යොදවමින් ඔබේ ව්‍යාපාරයේ පළමු අදියර පටන් ගන්න. ( මෙය වෘත්තීමය උපදෙසක් නොවන බව සළකන්න. දළ අවබෝධයක් ගැනුමට පමණි. ) සාර්ථකත්වය මත එහි අනාගතය ඔබ තීරණය කරන්න. මුදල් කියන දේ නැවත නැවත ඉපයෙන්නේ පෙට්ටගම් වල හිර වෙලා තියෙද්දී නෙවේ.ඔබේ සේප්පුව තුළ ලොවට හොරෙන් ලක්ෂ 1600 ක් තිබුණ කියලා වැඩක් තියේද ඒ මුදල් එළියට එන්නේ නැත්නම් ? LTTE සංවිධානය සතුවත් රත්‍රන් පවුම් ( මෙට්‍රික් ටොන් නෙවේ හොඳද? පටල ගන්න එපා ! ) කීපයක්  තිබ්බා කියලා රට්ටු කියනවා. අපි නම් දන්නේ නැහැ ඇත්ත නැත්ත!



NOTE : - මෙතෙක් කතා කළ සියලු දේවල් අයත් වෙන්නේ පුද්ගලික මට්ටමෙන් සිදු වන ආයෝජන ගැන වැටහීමක් ගැනීම සඳහා පමණි. මහා පරිමාණ මුදල් සංචිත පරිපාලනය සහ රාජ්‍ය මුදල් පරිපාලනය කියන විශයන් වලදී මීට වඩා වෙනස් ක්‍රම අනුගමනය කරනවා. ඒ මාතෘකාව තුළදී නම් රත්‍රන් වෙනුවෙන් පරිච්ඡේද සිය ගණනක් වෙන් වෙලා තියෙනවා. ඒ ඒ ආයතන/රටවල් සතු රන් සංචිත ප්‍රමණය , ආර්ථික අවපාත වලදී රත්‍රන් සංචිත යොදාගනිමින් කරන්න පුළුවන් දේවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වලදී. ඉඩක් ලැබෙන විදිහට ඒ ගැනත් කතා කරමු ඉදිරි ලිපි වලින්. නැවත කියන්න තියෙන්නේ මහා පරිමාණව ලාභය ලෙස බිලියන ගණනින් මුදල් එකතු වෙන තැන් වලදී ඒ මුදල් රත්‍රන් බවට පත් වන බවයි. බිලියන ගණනින් වෘත්තීමය විදිහට රත්‍රන් ආයෝජනය කරන හැටි ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. ලෝකයේ රිදී මිළ , ප්ලැටිනම් මිළ , විදේශ මුදල් වල අගයන් ගැන , විනිමය අනුපාත තීරණය වීම ගැන , පෙග්ඩ් සහ හෙඩ්ජ් කිරීම වැනි දේවල් එකින් එක විස්තර කරගෙන යන ලිපි පෙළක් මේ. අද ලිපියේ අරමුණ inflation කියන දේ ගැන කතා කරන්න වටපිටාවක් හැදීම (සුළු අවබෝධයක් දීම) පමණයි.


-----------------            ක්‍රි.ව. 1800 දී තිබු ඩොලර් 1ක්ද වටින්නේ අද ඩොලර් 1ක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී තිබු රන් පවුමක්ද වටින්නේ අද රන් පවුමක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී ඩොලර් 1කට කරන්න පුළුවන් දේ අද ඩොලර් 1කට කරන්න පුලුවන්ද ? ක්‍රි.ව. 1800 දී  ඩොලර් 1ක් උපයන්න දරපු වෙහෙස සහ අද ඩොලර් 1ක් උපයන්න දරන්න ඕනේ වෙහෙස වෙනස්ද ? සමානද ? එසේ ඉපයූ ඩොලරයෙන් කරන්න පුළුවන් දේවල් සමානද ? අසමානද ?


සල්ලි පොඩ්ඩක් ගෙනිහින් බඩු ගොඩක් ගෙන ඒමද ලේසි ?
සල්ලි ගොඩක් ගෙනිහින් බඩු පොඩ්ඩක් ගෙන ඒමද ලේසි ?
කාටද ලේසි ?




ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේවා...! නව වසරේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා..!



සහන් !

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01

..

103 comments:

  1. ඔබටත් එසේම වේවා.....
    ඊයක් විද්දා ........

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දේ නැහැ බැහැ කියන එක හරි නැහැ..ඒත් මට ඔය කියන විදිහේ ඊයක් ලැබුණේ නැහැනේ කෙන්ජි අයියේ ...

      Delete
  2. මොන රත්තරන්ද සහන් !!!

    මාසෙ අන්තිම වෙද්දි හොම්බෙන් යන්නෙ !!

    මගුලක් කතා කරනවා..!

    ReplyDelete
    Replies
    1. බඩට නොකා හරි කීයක් එකතු කරා නම් වටිනවා නේද ..?

      Delete
  3. සහන්ටත් සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගජින්.. ඔබටත් ඔබේ පවුලේ අයටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා..මොකද දැන් වැඩිය පේන්න මෙව්වා මෙව්වේ ..? ( තේරෙනවනේ අලුත් අවුරුද්දේ අර වචන කියන්න මෙව්වා කියලා )

      Delete
  4. වටින ලිපියක් සහන් .. ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් තියෙන අයට. දෙදාස් පහේදී විතර රත්‍රන් බුල් මාර්කට් එක පැද්දා දෙදාස් එකොළහ වෙනකං පස්සේ බබල් එක පිපිරෙයි කියල බයේ අයින් උනා. ඩොලර් 2000 පැන්නොත් බබල් එක පිපිරෙයි කියල බය හිතුනා. ඒත් පට්ට ලාභයක් ලැබුනා. (මගේ ආර්ථික තත්වයේ හැටියට.. අපි ඉතින් ඔයාල වගේ බිලියනයර්සලා නෙවේ නේ .. :P ) ආයි හොඳ අවස්තාවක් දැන් ලැබිල තියෙනවා මුදල් ආයෝජනයට. Wink.. Wink ... ;)

    ReplyDelete
    Replies
    1. කෝ මනුස්සයෝ මට අලුත් අවුරුද්දට සුබ පැතුම් ...? :p

      මම නම් රන් පසු පස ගියේ නැහැ සොහොනේ.. මම ගියේ CSE .. දැනට වසර 4 කට විතර කළින් සියලු සම්බන්ධකම් අත්හැරියා නිළ වශයෙන් .. ( නැත්නම් මිනි වලටත් හෙණ ගහන මට්ටමක් තිබ්බේ )

      තව පොඩි ඉඟියක් දෙන්න බලන්න මට ..? කීපයක්ම හිතේ කරක් ගහනවා ...

      Delete
    2. සුබ පැතුම් නං ඔය හැමෝම දෙන්නේ .. මං නොදුන්නා කියල මක්ක වෙනවයි ? :P

      රත්‍රන් වල මේ කඩා වැටීම තාවකලිකයි කියල තමා හිතන්නේ. ආයි බවුන්ස් බැක් වෙයි. දෙසැම්බර් අන්තිම සුමානේ ඉඳල ආයි නගින්න පටං ගත්ත. කොහොම උනත් අනිත් ක්ෂේත්‍ර වල බුල් මාර්කට් එක 2015 - 2016 වගේ වෙනකං තියෙයි. එව්වා වැටුනේ නැහැ නේ මේ වගේ.

      කොහොම උනත් ඔක්කොම වගේ සේක්ටර්ස් දැනට ඕවර් ප්‍ර්යිස්ඩ් ... රත්‍රන් , පතල් ක්ෂේත්‍ර ඇරුනහම.... එක හින්ද එතෙන්ට මුදල් ටිකක් දැම්ම නං ගොඩ යයි කියල හිතනවා. ( GLD ETF , Mining ) ... ඒ ආයෝජකයන්ගේ පැත්තෙන්.. සාමාන්‍ය කට්ටියටත් මාර්ක් අප් නැතිව රන් මිල පමණක් ගෙවල අඩු මිලට පවුම් කීපයක් ගන්න පුළුවන් නම් මාස කීපයකින් වැඩි මුදලකට දෙන්න පුළුවන් වෙයි.


      මට හිතෙන්නේ 2008 රිසේෂන් එක සමනය කරන්න ආණ්ඩු වලින් ආර්ථික වලට කරපු මුදල් පොම්ප කිරීම නිසා ඇති වෙච්ච උද්ධමන තත්වය නිසා රත්රන් මිල ඉහල ගියා කියල. (inflation hedge) . වැරදි නං නිවැරදි කරන්න.

      මෙයා කියන ඒවා ගැන මොකද හිතන්නේ:
      Gold - Fundamental, Cyclical, Portfolio, Behavioral, and Technical Analysis

      Delete
    3. \\\\\\\සුබ පැතුම් නං ඔය හැමෝම දෙන්නේ .. මං නොදුන්නා කියල මක්ක වෙනවයි ? :P\\\\\\\

      එහෙම හිතන්න එපා බොල.. ළූණු බිකත් බඩට හරිය ..? :P


      \\\\\\\\\\\රත්‍රන් වල මේ කඩා වැටීම තාවකලිකයි කියල තමා හිතන්නේ. ආයි බවුන්ස් බැක් වෙයි.\\\\\\

      අනිවාර්යෙන්ම සොහොනේ... හැබැයි කෙටි කාලීන අවදානම දරන්න හැකි විය යුතුයි රන් වෙළඳපොළට පිවිසෙන අය... අනිවාර්යෙන්ම 2020 වෙන තෙක් අල්ලන් ඉන්න හයියක් තියෙන්න ඕනේ.ස්ටොක් වල day trading ටයිප් එකට gold බිස්නස් කරන්න ගියොත් නම් මිලියන ගණනින් හිර වේවි දරුණු පාඩුවක් එක්ක...

      \\\\\\\කොහොම උනත් ඔක්කොම වගේ සේක්ටර්ස් දැනට ඕවර් ප්‍ර්යිස්ඩ් ...\\\\\\\\\

      අන්න හරි සොහොනේ..මේක තේරුම් ගත්තා නම් ආයේ කතා කරන්න දෙයක් නැහැ මාර්කට් එක ගැන... දැන් තියෙන්නේ bear යුගයක් ... බුල් යුගය ඉවරයි... ආයෙම බුල් යුගය ඒවි 2020 වගේ වෙද්දී.. ( ඒක නම් බුල්ද inflation මන්දා... ! අන්තිමට ඇති දෙයක් නැති වෙන්නත් පුළුවන්..දෑතේ වීරියෙන් දෙයක් කරා නම් එකක් කියලා හිතෙන්නත් පුළුවන් එදාට )

      \\\\\රත්‍රන් , පතල් ක්ෂේත්‍ර ඇරුනහම....( GLD ETF , Mining )\\\\\\\

      අන්න හරි සොහොනේ..දෑතේ වීරියෙන් කරන කියන දේවල් වලට යොමු වීම තමයි දැන් කරන්න ඕනේ... භෞතික නොවන වටිනාකම් සියල්ල( මම කියන වටිනාකම් මොනාද කියන්න දන්නවනේ ? ) නගින්න පුළුවන් ඉහළටම නැගලා තියෙන්නේ.. එවැනි බබල් වල එල්ලිලා දිව්‍ය ලෝකේ ගියපු කාලේ අහවර වේගෙන එන්නේ... අලියගේ නැට්ට අල්ලන් ඉන්න එකාට අත ඇතෑරුනොත් අපි සේරම පෝලිමට තුනටිය පන්න ගන්නවා... මේක තව උඩ යන්න කළින් ශේප් වෙන්න ඕනේ ඔයාලා අපි වගේ සත වලින් ආයෝජනය කරන අය.... නැත්නම් සියලු දේපළ මකර කටට යෑමක් වෙන්න පුළුවන්... සොහොනේ දිවිත්ව පුරවැසිභාවය හිමි අයෙක් නම් මෙහෙන් ඉඩන් කට්ටි කීපයක් අරන් දාන්න.. gold වලට වඩා ලාභයක් හිමි වේවි ...



      \\\\\\\\\\සාමාන්‍ය කට්ටියටත් මාර්ක් අප් නැතිව රන් මිල පමණක් ගෙවල අඩු මිලට පවුම් කීපයක් ගන්න පුළුවන් නම් මාස කීපයකින් වැඩි මුදලකට දෙන්න පුළුවන් වෙයි. \\\\\

      මේක කරන්න ඕනේ පොකැට් මනි වෙනුවෙන් කරන දෙයක් විදිහට හිතලා මිසක් මහා පරිමාණයෙන් නෙවේ.. ලොස් උනත් ලොස් එක කන්න බලන් කරන දෙයක් කරන්න... සොහොනෙට මම පොඩි මජර වැඩක් කියන්නම් ... ආශා ෆිXX එකෙන් CXX එන්න ( නීතිමය විශුද්ධිකරණය ලබා ගන්න හැටි මම කියන්න ඕනේ නැහැ නෙව ) .. අදටත් දවසේ ගතමන්ට් එක හොයන්න පුළුවන් 20K ( K means K ) වලින් විතර... වැඩිය කන්න යන්න එපා.. 10 to 20 K වලින් නවතින්න ......

      \\\\\\\\\\මට හිතෙන්නේ 2008 රිසේෂන් එක සමනය කරන්න ආණ්ඩු වලින් ආර්ථික වලට කරපු මුදල් පොම්ප කිරීම නිසා ඇති වෙච්ච උද්ධමන තත්වය නිසා රත්රන් මිල ඉහල ගියා කියල. (inflation hedge) . වැරදි නං නිවැරදි කරන්න.\\\\\\\\\

      01මෙන්න මේක කතා කරන්නම ඕනේ දෙයක් නිදහසේ ... !
      02බේල් අවුට් කීපයක් උනා ලෝකය පුරා ,
      03බොහෝ මුදල් ඒකක වල විණිමය අගයන් කෘතීමව පාලනය කරා ,
      04ලෝකය පුරා එක එක ක්ෂේත්‍රයන්ට අදාළව හෙජ්ඩ් කිරීම සිය ගණනින් සිදු උනා අපි දන්නෙත් නැති !

      05යුරෝපයයේ බොහෝ මුදල් ඒකක පෙග්ඩ් කරා "යුරෝව" නමින් ,

      06කෘතීම/වංචනික ලෙස මුදල් වල අගය පාලනය කරා ,

      07කෘතීමව අගයන් පාලනය කරද්දී මුදලක් සතු වටිනාකම කොහෙට හරි සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. ( කව්රු හරි "අහ්හ් අපි පාලනය කරා" කියලා හිතන් ඉන්නවා නම් එය බොහෝම වැරදියි.. පීඩන බෝම්බයක් හැදෙන බව ඔවුන් තේරුම් ගන්නඕනේ ..කවද හෝ එය උච්චතම අවස්ථාවට එන බව තේරුම් ගන්න ඕනේ. රුසියාවත් කඩන් වැටුන එකේ යුරෝව මොකක්ද ..? තාම උනේ නැහැ..බලන්නකෝ 2040 විතර වෙද්දී )

      08 ලෝකය පුරා අති විශාල මුදල් ප්‍රමාණයක් කෘතීමව මැවුනා .. ( භෞතික ලෙසත් භෞතික නොවන විදිහටත් )

      09 එසේ මැවුන මුදල් කොහෙටද ගියේ ..? නැවත නැවත ආයෝජනය උනා භෞතික නොවන තැන් වල ( බබල් තුළ )..ඉතුරු මුදල් වලින් තව තවත් සම්පත් මිළදී ගත්තා මිනිස්සු..අධික පරිභෝජනය උනා තමන්ට හිමි නැති මවා ගත් මුදල් මත... අන්තිමට වෙමින් යන්නේ මොකක්ද කියලා පැහැදිලිනේ ..?( බොරතෙල් ටික ඉවර උන ගමන් සියලු සෙල්ලම් අහවරයි ... න්‍යෂ්ඨික කතා අරවා මේවට රැවටෙන්න එපා.. අපි ඉන්නේ තාම 2000 මිසක් 3000 නෙවේ )



      ඔය වගේ හේතු බොහෝ ගණනකගේ එකතුවක් මේ අද භුක්ති විඳින්නේ සොහොනේ... දැන් බළලා ගලේ පහරගෙන ඉවරයි... තව ටික දවසකින්( 2018 දී විතර ) තමන්ගේ අත් දෙකෙන්ම අසූචි ගොඩ වහන්නත් යාවි... ( 2040 වෙද්දී හත් පොලේ ගා ගනී )

      ඔය වීඩියෝව මම බලලා අදහසක් කියන්නම් පස්සේ ...දැන් ඉන්නේ කාර්යාලයේ සොහොනේ...

      Delete

    4. සොහොනේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි මේ කරන්නේ inflation නමැති රැවුල ගිණි අරන් ඉද්දි appreciation නමැති සුරුට්ටුව පත්තු කිරීම

      Delete
  5. සෑහෙන්න වටින ලිපියක් සහන් අයියේ.. අතීතේ රන් එකතු කරපු හැටි කියද්දී මතක් වුනේ ලගදි බලපු The Hobbit ෆිල්ම් එක.. ඒකේ මකරෙක් හැංගිලා ඉන්නෙත් රන් කාසි යටනේ..

    කාලයත් එක්ක ගනන් වැඩි වුන හැටි දැක්කම ඉතින් ඇයි රත්තරං ඔය හැටි ගනන් කියල තමයි අහන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් එහෙම දේවල් දකිද්දී හිතෙන්නේ නැද්ද " අනේ මටත් මෙහෙම දේපළක් හිමි කරගන්න තියේ නම් " කියලා අර කකා කිව්වා වගේ ..?

      දිනේෂ් මල්ලිත් පුළුවන් විදිහට රත්‍රන් පවුම් දෙක තුනක් හරි අරන් තියාගන්න.. හදිස්සියට උකස් තියන්න හරි ප්‍රයෝජනවත් වේවි... දැන් කොහොමද අසනීප තත්වය ඔයාගේ ...? ඔයාට සහ මදාරට සුබ නව වසරක් වේවා ...!

      Delete
  6. දැනටත් බ්‍රිතාන්‍ය සතුව විශාල රන් කුට්ටි ප්‍රමාණයක් භූ ගත ගබඩාවක තැන්පත් කොට ඇතැයි කියන කතාව සත්‍යක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කිසිත් නොදනිමි කෙන්ජි අයියේ.. බ්‍රිතාන්‍ය රජ පවුල සතු ( සත්‍ය ) දේපළ , රහස් තොගය ගැන අපි වගේ අයට හිතන්නත් බැහැ.. වසර 1000 ක් පමණ තිස්සේ ලෝකයෙන්ම එකතු වූ රත්‍රන් මුතු මැණික් කොච්චර ඇතිද ...? ( බොරු ගණන් නම් අනන්ත පෙන්නලා ඇති ලෝකයාට .. මම මේ කිව්වේ සත්‍ය ලෙසම ඇති දේපළ ගැන )

      Delete
    2. @ කෙන්ජි &සහන්......ඒක භූගත කරලා තියෙන්නේ අපේ ෆ්ලැට් එකේ යට. අපි උඩ පනින කොට යට තට්ටුවේ රත්තරන් හෙලවෙනවා ඇහෙනවා. : D

      Delete
    3. කිව්වට පස්සේ මාත් කරලා බැලුව.. මගේ රත්තරන් ටිකක් යස අගේට හෙලවෙනවා දැනෙනවා ... :)

      Delete
  7. 1970 ඉදලා 1980 දක්වා අවුරුදු 10 ක කාලය ඇතුලේ සීඝ්‍ර වැඩිවීමක් වෙලානේ. විශේෂ හේතුවක් තියනවාද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එකට් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා.. 1950 දශකයෙන් පස්සේදී තමයි ලෝකය රාජාණ්ඩු / යටත් විජිත "මානසිකත්වයෙන්" හරියටම මිදෙන්න ගත්තේ.. ලෝකයේ හැමෝම රජවරු සිටුවරු වගේ දේපළ සොයාගෙන ගියේ ඒ කාලේදී .. මුදල් හෙව්වොත් සැප සම්පත් ඕනේ හැටියේ ලබන්න පුළුවන් බව අවබෝධ වෙන්න පටන් ගත්තේ ඒ කාලේ..

      ඔය ගමෙන් උපරිම අවස්ථාවක් තමයි 1965 සිට 1985 දක්වා තිබුණේ.. තට්ටු පිට තට්ටු ගෙවල්. විශාල වෙළඳ මන්දිර .. විනෝද උයන් . රති සුව සඳහා විශාල වෙළඳපොළක් .. වගේ දේවල් බිහි උනේ ඒ කාලේ.. ඉතින් රත්‍රන් වෙනුවෙන් ගොඩ නැගුනු ඉල්ලුම ඉතාම වැඩි..

      ( මම මේ කියපු දේවල් බලන්න ඕනේ වර්තමානයේ සිට අතීතයට ගොස් නෙවේ... අතීතයේ සිට වර්තමානය වෙත එන්න ..)

      Delete
  8. මුලදී අපිත් රත්හරන් හැදෙව්වා..,රත්තරන් ගන්න අදහස අපි ටිකකට අතෑරියා..මුලදී අපි හිතුවේ රත්තරන් හොඳ ආයොජනයක් කියලා...කාටද කියන්න පුලුවන් ඉතින් මිල පහත නොවැටේවි කියලා....ඉතින් අපිත් වගා කටයුතු වලට බැස්සා :D ,ඇත්තටම කැපවීමක් තියනවා නම් ඒක හොඳ ආයෝජනයක්..

    හොඳ ලිපියක්...

    ReplyDelete
    Replies
    1. සේප්පු තුළ සිදු වන ආයෝජනයට වඩා අනිවාර්යෙන්ම වටිනවා වත්තේ පිටියේ වෙන ආයෝජනය රෙහානි.. ඒ නිසා වගාවන් වලට යොමු වීම ඉතාම අගය කරමි.. ( හැබැයි ඔබට ලැබෙන ලාභයෙන් 15 % ක් වත් උද්ධමනයට ඔරොත්තු දෙන ලෙස සුරැකිව තබන්න.. )

      අපේ මාම ගැන ඔයාට කියලා ඇතිනේ මල්වල හන්දියේ . එයාගෙත් තේ වත්තක් තියෙනවා..දැන් ඒක පාලුවට ගිහින් .අපරාදේ හොඳට ලාභ තිබ්බ වත්ත.. මම නම් ඒවා ගැන කටක් අරින්නේ නැහැ..අන්තිමට ඥාතිකමුත් අහවර වෙන වැඩ නෙව..

      Delete
  9. ඇයි රත්තරන් ඔය හැටි ගණන් කිව්ව ලු. :-D

    ReplyDelete
    Replies
    1. අනේ මගේ රත්තරන් නම් හරිම ලාබයි .. දෙන්නද ..:P

      Delete
  10. රත්තරන් ගැන රත්තරන් ලිපියක්,

    ජය ෙව්වා!!!

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි CJ.. සුබ නව වසරක් වේවා..!

      Delete
  11. සුබ නව වසරක් වේවා සහන් !
    මාත් ලඟකදි ඉදන් බලන්නේ රත්තරන් චේන් පොටක් කරට දාගන්න. කොයි ඉතින් දන්න කියන කෙනෙක් එක්ක එපය යන්ඩ !
    රත්තරං ඇයි ඔච්චර ගනන් කියලා තමා අන්තිමේදි අහන්ඩ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධු..අපිට කේක් ලැබේද මේ වසරේදී වත් ...........?????????????????????????

      මම නම් කියන්නේ තව අඩු වෙව්යිද වැඩි වෙයිද කියලා නිම්ති බලන්නේ නැතුව ගන්ඩ!

      Delete
  12. බලං ගියාම කෙල්ලොන්ට රත්තරං කියන එක සම්පූර්ණ වැරදියිනේ...:D, ප.ලි. කොටස ඉතාම වැදගත් ... සහන්ට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්.. මට ඉවාන් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ නෙව..කේක් කාපු එක්කෙනෙක්ද ...? කේක් කන්න බලන් ඉන්න එක්කෙනෙක්ද ...? දරුවෝ තුන් හතර දෙනෙක් ඉන්න අප්පෙක්ද ..? උඹ කව්ද ඉවාන් ... :D

      Delete
    2. ඕකා ගල් ආඳේක් මචන් ඒ කිව්වේ ආරංච් හැටියට ගල් වැලි සීමාන්ති එක්ක වැඩ කරන එකෙක් ..... අනික් එවුන්ට කතා හදන්න නොම්මර 1 ...... තව ගොඩක් තියෙනවා මතක් වෙන වෙලාවල් වලට මෙතන දාන්නම්
      (ඉවාන් ඇද්ද බොට)

      Delete
    3. ඇරු සයිමා ඇරු !!

      ඕක ගෑනු හොරෙක් / බේබද්දෙක් /වනචරයෙක් තව මතක් වෙන ඒව කියපල්ලා තැටිය රත් වෙලා !!!
      හුරේ !!!

      Delete
    4. මමත් දැන් ඉවාන්ට ඇමක් දාගෙනයි යන්නේ, ඕකා මොකෙක්ද බලන්න, කෙන්ජිගෙ ආගමනය සමරන්න වෙලාවක් සෙට් කර ගන්න කියලා..!

      ඇම ගිල්ලොත්, රිසල්ට් එක ඔන් ද වේ...! එතකන් ඉවසපන් මල්ලිලා..!

      Delete
    5. ඇඩෝව් ......කව්ද ඩො චන්ඩි.......මැලේ, නිව්ස් පේපරේ...ඇල්බා .......උඹලා කන්නයි හදන්නේ අරී......යූ ඩෝන්ට් නෝ හූ මීයා ..........! හැබැයි මට මැලේ ගැන සැකයි මාමත් මේ ඔකාව හොයන ගමන්....පත්තරයෝ මම ඇල්බන් අයියාවනම් හොයනවා හෝ ගාලා නුගේගොඩ ඒරියා එකේ ..අහුවෙද්දෙන්කෝ...

      Delete
  13. බැලූ බැල්මට සතියක් විතර අධ්‍යයනය කරන්න කරුණු තියෙනවා. කෝකටත් හෝඩියේ ඉදලම යන එක නොදන්න අයට ගොඩක් වටිනවා. දිගටම ලියන්න.
    ඔබට වගේම යන එන සැමටම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශිරෝෂන් ... මම ලබපු නිවාඩුව දැන් ඉවරයි..වෙනදා වගේ මට කාලයක් නැහැ දැන්.. ඒ නිසා අලුත් පෝස්ට් වැටෙන එක ටිකෙන් ටික අඩු වේවි ...

      නව ආසිරි පැතුමට ස්තූතියි රන්දික ...........!

      Delete
  14. සෑහෙන්න වටින ලිපියක්.... කැරට් 24 රත්තරන් ආභරණ හදන්න නොගන්නෙත් මෘදු නිසා නේද?
    සුභ නව වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. ඔව් අශාන් ... කැරට් 24 න් වළල්ලක් හැදුවොත් සති තුනක් යද්දී හැඩය වෙනස් වෙනවා.. මාස තුනක් යද්දී කණගාටු දායක තත්වයක් උදා වෙනවා..

      Delete
  15. ගොඩක් වටිනා තොරතුරු ගොඩක් තියෙනවා. රන් පවුම කියන්නේ ග්‍රෑම් 8 කියන කතාව ලියවෙලා තිබුනා නම් තවත් ප්‍රයෝජනවත්.
    සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්.

    මම නවක බ්ලොග් කරුවෙක් මම දැනට ලියා ඇති ලිපි දෙක.
    අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව
    අපි කප් ගැසුවේ sex වලින් පමණද?
    මගේ බ්ලොග් එකට අවේ නැති අය පැමිණ අදහස් දක්වා සහය පළකරන්න.
    ජය වේවා. රන් ලැබේවා.

    ReplyDelete
  16. සහන් ඔබට සුබ නව වසරක් වේවා.. බොහෝ වෙහෙසක් අරන් ලියන ලද ලිපියක්. ඔබට ස්තුතියි. නොදත් බොහෝ දැ මේ ලිපියත් සමග හදාරමින් ඉන්නවා දැන්.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ... නරකද කෙල්ලෝ දෙන්නගේ කරට මාල පොටවල් දෙකක් හැදෙව්වොත් සල්ලි එකතු කරලා...?

      Delete
  17. ඇයි රත්තරං ඔච්චර ගනං!
    උඹට‍ සුභ අලුත් අවුරුද්දක් වේවා!

    //සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) // හීනියට කින්ඩියකුත් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මට මේකට දාන්න මාතෘකාවක් නැතිව උන්නේ.. ඉතින් ලොකු සෑර්ව මතක් වෙන්නත් එක්ක ඔය නම තෝර ගත්තා ...

      Delete
  18. මේ දවස්වල රන් මිල දිගින් දිගටම පහළ යනව නේද සහන්.
    ඔබට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප අයියේ ... තව පහළ යාවි මීළඟ වසර තුළත්.. හැබැයි අනිවාර්යෙන්ම 2020 වෙද්දී නම් අවුන්සය ඩොලර් 2000 ට යාවි..ඒ නිසා බය නොවී ගන්න මුදලක් යහමින් එකතු වෙන වෙලාවට ..

      හැලපේ අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට සුබ නව වසරක් වේවා..!

      Delete
  19. සයිලන්ට් ලොක්කාට සුභ නව වසරක් වේවා!
    රන් වලට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ චීනෙන් හා ඉන්දියාවේන්. ගිය අවුරුද්දේ චීන්නු සැහෙන්න ප්‍රමාණයක් රන් මිලට ගන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බඩු .. නැද්ද අලුත් අයිටම් එහෙම .. ගාන ප්‍රශ්නයක් නැහැ...! ඉන්දියාවේ ඇතැම් කුළ වල දීග යන මනමාලිගේ මුළු පපුවම රනින් වහන්න ඕනේ.. මංගල රැයට යන්නේ ඒ සියලු ආභරණ එක්ක.. ඒ විදිහට බලද්දී ඉන්දියාව සහ චීනය තුළ අති විශාල රන් පරිභෝජනයක් තියෙනවා..

      ලංකාවේ අයත් වසරකට රන් පවුම් මිලියන 12 සිට 27 ක් විතර ආනයනය කරනවා..ඒ ගැන මම විස්තර මීට කළින් ලියපු පෝස්ට් වල දාලා තියෙනවා.. රන් පවුම් මිලියන වලින් ගේන රටක් අපිත්.. !

      Delete
    2. \\ඉන්දියාවේ ඇතැම් කුළ වල දීග යන මනමාලිගේ මුළු පපුවම රනින් වහන්න ඕනේ.\\

      මල කෙලියයි.. සයිස් 30 වගේ පපුවක් තියෙන කෙල්ලෙක් හිටියොත් මනමාලිගෙ පවුල ගොඩ. සයිස් 40 වගේ පපුවක් තියෙන කෙල්ලෙක් හිටියොත් මනමාලයාගේ පවුල ගොඩ.

      Delete
    3. මනමාලයා ගොඩ යන සිස්ටෝන් එකක් කියන්න..!

      Delete
  20. සහන් ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...! මොකක් හරි ආයෝජන වැඩක් කරන්න කාලෙක ඉඳන් අදහස් නම් තියෙනවා... තේ වගාවක් පටන් ගත්තා.. ළඟ ඉන්නේ නැතුව කරන්න බෑ... රත්තරන් ගොඩ ගහගන්න (පවුමක් 2ක් විතර) හිතුවත් මොකුත් කලේ නෑ.... 2020 දී ගණන් යනවා නම් දැන් අරන් දාන එක පාඩු නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවේ ,පවුමක් දෙකක් නම් අරන් දාන්න කියලා...දැන් ලංකාවේ පවුමක් කියක් විතර වෙනවාද?

      Delete
    2. ස්තූතියි පැතුම් ඔබේ පැතුමට.. මගේ එදා ඉඳන් හිතවතෙක් නෙව ... තේ වලට නම් ඔයා ළඟ ඉන්නම ඕනේ... ලාභ හොයන්න කරනවා නම් ගොඩක් වෙහෙසෙන්න ඕනේ.. වසර 5 ක් විතර ඒ මත්තෙම නැහෙන්න ඕනේ සියලු දේවල් පැත්තකින් තියලා ..

      ආසාවට තේ කරනවා නම් කරන්න .. කිසි ප්‍රශ්නයක් නැහැ රට්ටු පෝසත් වේවි ඔයාගේ සල්ලි වලින් ..!
      ________________________________________

      ගජින් & පැතුම්

      දැනට 22 පවුම යන්නේ 40 - 56 ට වගේ...කොහොමත් 30 ට නම් අඩු වෙන එකක් නැහැ.. ඒ නිසා තව අඩු වෙනකම් කියලා ඉන්න එපා...

      Delete
  21. ආ ලොක්කා

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඈ !!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා ....!

      Delete
  22. සහන් මලයට සුභම සුභ නව වසරක් වේවා! රත්තරන් ගැන රත්තරන් ලිපියක්. හැබැයි රජෝ මම ප.ලි. වලින් පස්සේ කියෙව්වේ නෑ. මොකද ආර්තික විද්‍යාව මට නයාට අඳුකොළ වගේ.
    කෙසේ වෙතත් උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. හැහ් ඒකනේ මම මේවා ගැන ලියන්නේ නැත්තේ වැඩිය ... මම දන්නවා කට්ටිය අකමැති බව මෙවැනි දේවල් වලට .. චන්දන අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට සුබම සුබ නව වසරක් වේවා ....!

      Delete
  23. රත්‍රන් කිසිම විටෙක වෙනත් (බොහෝ විට) වෙනත් රසායනිකත් එක්ක ප්‍රතික්‍රියා කරනව අඩුයි.ඒකත් හෙතුවක්නෙ. විශේෂයෙන් ඔක්ෂිජන් එක්ක එකතුවෙලා ඔක්සයිඩ් හදන්නෙ නැහැ..ඒ කියන්නෙ මලකන්නෙ නැහැ.

    රත්‍රන් දැන් සෑහෙන මිල බැහැලනෙ.

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඕබටත්..!

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\
      රත්‍රන් දැන් සෑහෙන මිල බැහැලනෙ.\\\

      හෑ ...?

      වීයා ඇතුළු වී පවුලටම සුබ නව වසරක් වේවා .....!

      Delete
    2. පවුමක් රු10,000කින් පමන අඩුයි නේද..? බැංකු නම් දෙන්නෙ පවුමකට 24,000ක් විතර.

      Delete
    3. පුංචි පහේ බැංකු වලට කරකියාගන්න දෙයක් නැති උනා වීයා රන් මිළ බහින්න බහින්න... බොහෝ බැංකු වල International, Treasury & Investment අංශයෙන් ගත්ත තීරණයකට අනුව උකස් ගැනීම පවා ඇතැම් දින වල සීමා කරා.. මුදල් හුවමාරුව මම දැනුවත්වම නවත්තපු දින තිබුණා.. දැනට උනත් මිලියනයට වැඩි ගනුදෙනු කරද්දී බැංකුවේ ප්‍රධාන ශාඛාවෙන් විමසීමක් කරනවා බොහෝ බැංකු වල...

      Delete
  24. 2013 අවුරුද්ද පටන් ගන්නකොට රත්‍රන් මිල US $ 1700 විතර උනා.ජූලි මසෙ වෙනකොට ඒක US $ 1200 විතර අඩු වුනා.එහෙම වෙන්න ග්‍රිසියේ ආර්ථික අවපාතය ලොකු බලපෑමක් කලා.ඒ ග්‍රිසියේ මහ බැන්කුව රත්‍රන් ටොන් 2000ක් විතර(මෙ ගාන මීට වඩ වැඩි මිසක් අඩු නැ.)එක සැරෙටම ලොක රත්‍රන් වෙලඳපලට නිකුත් කීරිම.


    මෙහෙම එලියට දාපු රත්‍රන් වලින් වැඩි හරියක් මිලට ගත්තේ ඉන්දියවයි,චිනෙයි.ඉන්දියව රත්‍රන් ගත්තේ අභරණ හදන්න..


    චිනෙත් රත්‍රන් ටොන් 2000ක් විතර එකතු කරන කතාවක් තිබුනා.එත් ඇමරිකවේ ණය කේස් එක නිසා ඒක නැවතිලා ගියා.එහෙම එකතු කලානම් ආයෙත් US $ 1700/1600 විතර යන්න තිබුනා.

    හැබැයි අපෙ මහ බැන්කුවේ මෙ අවුරුද්දේ ප්ලැන් එකේ විදියටනම් රුපියල තවත් ශක්තිමත් කරන්නයි හදන්නේ(ඩොලර් එකට සාපෙක්ශව )එහෙම උනොත්නම් රත්‍රන් මිල තවත් අඩුවෙයි...අපේ රටේ...



    ////( බොර තෙල් සංචිත ටිකත් තව වසර 100 කට වඩා නැහැ කියලයි ඔපෙක් සංගමය කියන්නේ )////මෙකට ඇමරිකාවේ තියෙන තෙල් සන්චිත ඇතුල් වෙලා නැනෙද???(ඇමෙරිකාවේ තියෙන තෙල් සන්චිත මුලු ලොකෙටම දෙනවනම් අවුරුදු 10ට විතර ඇති කියලයි කියන්නේ.)

    ඒ වගේම රුසියවේ දැනට හොයගෙන තියෙන පරිභෝජනයට ඇරගෙන නැති තෙල් සන්චිතය ඔපෙක් රටවල දැන් තියෙන සන්චිතයට වඩ වැඩියිලු..

    ඇන්ටාටික් මහද්විපේ තෙල් තියෙනවද දන්නේ නැ තාම.මොකද ඇන්ටාටික් මහද්විපේ වාණිජ කටයුතු සදහා ගවේශණ කටයුතු කරන්න පුලුවන් වෙන්නේ 2044න් පස්සේ නිසා..

    එහෙම තෙල් තිබුනොත් ඔය වසර 100 සමහර විට 200ක් වෙන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. \\\\\\\2013 අවුරුද්ද පටන් ගන්නකොට රත්‍රන් මිල US $ 1700 විතර උනා.ජූලි මසෙ වෙනකොට ඒක US $ 1200 විතර අඩු වුනා.එහෙම වෙන්න ග්‍රිසියේ ආර්ථික අවපාතය ලොකු බලපෑමක් කලා.\\\\\\\\

      ඔයා මේ කතා කරන්නේ බබල් වැලිවි එකක් ගැන... ඒ නිසා තියරි ඇප්ලයි කරන්න බැහැ බබල් වැලිව් වලට ...ක්‍රි.ව. 2000 දී රන් මිළ බලන්න..එතනට තියරි ඇප්ලයි කරාමයි 2013 දී ඩොලර් 1500 ට වැඩි මිළක් හැදුනේ ... දෙපාරක් තියරි ඇප්ලයි කරන්න බැහැ එකම ගාණට ...

      \\\\\\\\\.ඒ ග්‍රිසියේ මහ බැන්කුව රත්‍රන් ටොන් 2000ක් විතර(මෙ ගාන මීට වඩ වැඩි මිසක් අඩු නැ.)එක සැරෙටම ලොක රත්‍රන් වෙලඳපලට නිකුත් කීරිම.\\\\\\\\\

      මෙන්න මේ ප්‍රමාණය නිවැරදි වෙන්න ඕනේ මල්ලි ටොන් 114 විදිහට.. ටොන් 2000 නෙවේ ..! ඩොලර් බිලියන 5.8 මුදලක් රට ඇතුළට ගන්නයි ඒ දේ කලේ... ස්විස් මහ බැංකුව තුළත් රත්‍රන් ටොන් 2000 ක් නැහැ...

      \\\\\\\චිනෙත් රත්‍රන් ටොන් 2000ක් විතර එකතු කරන කතාවක් තිබුනා.එත් ඇමරිකවේ ණය කේස් එක නිසා ඒක නැවතිලා ගියා.එහෙම එකතු කලානම් ආයෙත් US $ 1700/1600 විතර යන්න තිබුනා.\\\\\\\\

      මේකත් නිවරදි වෙන්න ඕනේ තව.. රජයක් විසින් රන් මිළට ගැනුම කරන්නේ අනවශ්‍ය විදිහට bid ප්ලේස් කරලා නෙවේ.. බයින් ඔර්ඩර්ස් ෆිල් වෙන්න ඇරීම තුළිනුයි රත්‍රන් ගන්නේ..නැතුව සෙලින්ග් පැත්තෙන් ගන්නවා නෙවේ... සෙලින් පැත්තෙන් ගද්දි විතරයි මිළ ඉහළ යන්නේ..

      \\\\\\\\\\\හැබැයි අපෙ මහ බැන්කුවේ මෙ අවුරුද්දේ ප්ලැන් එකේ විදියටනම් රුපියල තවත් ශක්තිමත් කරන්නයි හදන්නේ(ඩොලර් එකට සාපෙක්ශව )එහෙම උනොත්නම් රත්‍රන් මිල තවත් අඩුවෙයි...අපේ රටේ...\\\\\\\\

      අනේ අපි කතා නොකර ඉමු මේ ගැන...


      \\\\\\\\\\මෙකට ඇමරිකාවේ තියෙන තෙල් සන්චිත ඇතුල් වෙලා නැනෙද??\\\\\\\\\

      කල්හාන් මම ඔය වසර 100 කතාව කිව්වේ අනික් පැත්තේ වාසියට බොහෝම ඉඩක් තියලා.. හරි නම් තව වසර 40 කට ප්‍රමාණවත් තරමට වත් බොර තෙල් නැති බවයි කියන්නේ ලෝකය පුරාම .. ( ඔපෙක්ද , රශාද , බිග් ඇපල්ද කියන දේ අදාළ නැහැ ඒකට ) ... එම වසර 40 ක කාලය තමයි මම තවත් වසර 60 ක් විතර අතින් දාලා කිව්වේ.. ඇත්ත කතා කලොත් තව වසර 15 ක් වෙද්දී කණගාටුදායක තත්වයක් උදා වෙනවා... පෝසත් අය න්‍යෂ්ඨික ශක්තියට යාවි ...? ඒත් එදා වේල නැති රටවල් වල අය ...? සියලු රටවලට එක රයෙන් න්‍යෂ්ඨික යුගයකට යන්න බැහැ.. බොරතෙල් සංචිත ටික ඉදිරි වසර 50 වගේ තුළදී නැති උනොත් සියලු සෙල්ලම් ඉවර වේවි ...

      ඇන්ටාක්ටිකාව තුළ වත් තිබ්බොත් හොඳයි ...!

      Delete
  25. සහන් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක්!රත්තරන් මන් ආසම නෑ ඕංංංං.......

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ශානු ඔයාටත් මහත්තයටත් ... ( ඔන්න ඔහේ කැස්පර් කොලුවවත් මතක් කරා කියන්න මම ) ..රත්තරන් චේන් පොටක් හදන්න දැන්ම ඉඳන්..කවදා හරි දුවෙක් ලැබුණ දාක එයාගේ බෙල්ලේ දාන්න පුළුවන් නෙව ..... අහක යන්නේ නැහැ ශානු ....

      Delete
  26. එහෙනම් ඒකයි රත්තරන් ඔච්චර ගණන්.

    සහන් ඇතුලු පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා. අලුත් අවුරුද්දෙ බ්ලොග් එකේ නමත් ටිකක් වෙනස් වෙලා වගේ..නෙ :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා චම්ස් ...... ඔව් මම මේ බ්ලොග් එක වෙනුවෙන් යොදවපු කාලය ඉවරයි දැන්.. ජොබ් එකත් එක්ක කළින් තරම් මට විවේකයක් එන්නේ නැහැ මින් පස්සේ චම්ස්.. ටික ටික අභාවයට යාවි මගේ බ්ලොග් එක ...

      Delete
  27. හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි සහන්. ඔබට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා විචාරක මහත්තයෝ ........ නරකද අර රුපියල් 11 න් රත්තරන් ටිකක් අරන් දැම්මොත් .......?

      Delete
  28. රත්තරන් ලිපියක්,ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා....!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මනෝජ් ඔබටත් පවුලේ සැමටත් ... අපිට කේක් කන්න පුළුවන් වෙන තැනට වැඩ කරන්න ඕනේ හරිය ...........?

      Delete
  29. ගිය මාසේ හම්බවෙච්ච කෝටි දහයෙන් මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර හිටියේ.වෙලාවට මේක දැක්කේ.ඉස්තූතියි සහන්!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කෝටි දහයයි මගේ දහයයි කකාගේ දහයයි දාලා අපි බිස්නස් එකක් කරමු !

      Delete
  30. මම දන්නා විදියට හොඳම රත්තරන් කියල හඳුන්වන්නේ ඩුබායි රත්තරන්. නමුත් මෙහෙ කඩේකට ගිහින් දෙයක් ගනිද්දී ග්‍රෑම් එකකට රුපියල් 2000ක වගේ හැදුම් කුලියක් අය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔහේ ඉතින් බීම බෝතලේටත් අධික මිළක් ගෙවන්න එපැයි කෝරළේ .. හොඳම දේ තමයි ඉන්දියා යන වෙලාවට එහෙන් පොඩ්ඩ පොඩ්ඩ රත්‍රන් ගෙන ඒම . ( රේගු නීති ගැන හොයල ඉන්න මුළින්ම ..නැත්නම් කොහෙවත් යන නඩුවක් ඔයාට වැටෙයි නීති විරෝධී රත්‍රන් ගෙන යාමට උත්සාහ කරා කියලා )

      කෝ මට නව අවුරුදු සුබ පැතුම් ........?

      Delete
    2. අඩේ මට ආර්ථීක විද්‍යාව ඔලුවට ගහලා ආව කාරණෙත් අමතක වුනා සුභම සුභ නව වසරක් වේවා!!!!!! කිරියෙන් පැණියෙන් යුතු මෙවැනි පොස්ට් තව තවත් ලිවීමට ලැබේවා.

      Delete
  31. රත්තරනේ උබ පොඩියක් අහක බලන තුරු ඉදලා ..... හොරැහින් මට ඉඟි කරනවා ඔබේ ලගම යාලු මිත්‍රයා ...... මොකද අනේ එහෙම උනේ ?????????
    රත්තරන් ගණන් නිසාද

    ReplyDelete
    Replies
    1. රත්තරන් වලට මිනිස්සු ආත්මය උනත් පාවා දෙනවා රාළේ ...

      Delete

  32. රත්තරන් වටින සහන් ගෙන් රත්තරන් ගැන රත්තරන් තොරතුරු ටිකක් ..... ඇත්තටම මාර වටිනවා. ඔබටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක්ම වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් සුබ පැතුමට... ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ... මම මේ ලිපියෙන් වටපිටාව හැදුවේ උද්ධමනය ගැන කතා කරන්න ..ඊළඟ පෝස්ට් එකෙන් මීට වඩා කරුණු ටිකක් ලියනවා උද්ධමනය ගැන.. මේ ගැන තව දේවල් ටිකක් කියන්න තියෙනවා..ඒත් අලුත් අවුරුද්ද නිසා අපි ඒවා දින කීපයකට විතරක් අමතක කරමු නේද ...? ( මන් කිව්වේ අර පොඩි මල්ලිලා 3 දෙනා ගැන )

      ඉතින් කොහොමද අලුත් අවුරුදු විස්තර ...?

      Delete
  33. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා රත්තරනේ. :P

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා ඔබට ....

      Delete
  34. සහන් අයියටහ්, ගෙදර අයටහ් සුබ නව වසරක් වෙවා.හොඳලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් මල්ලි ඔයාට.. මේ ගැනම තව පෝස්ට් කීපයක්ම ලියවෙනවා..අනිවාර්යෙන්ම ඒවා බලන්න එන්න. .. මොකද මෙවැනි මාතෘකා එක් බ්ලොග් ලිපියකින් ලියලා ඉවර කරන්න බැහැ.. සංකල්ප කීපයක් එකට කතා කළ යුතු මාතෘකා නෙව...

      Delete
  35. 2014 වසර පුරාම ගත සිත වත සියල්ලම බොහොම සතුටින්, සැහැල්ලුවෙන් පවතින්නට පතනවා..

    රත්තරං ගැන කථා කරද්දි ජාත්‍යන්තර වෙළද පොලේ රන් මිළ හසුරවන කුප්‍රකට බලවේග වල අත්තනෝමතික වෙළද උපක්‍රම නිසාත් රන් මිළ සීඝ්‍රයෙන් උච්චාවචනය වී ඇති බව තමයි මගේ අදහස. ලංකාවෙ බැංකු පද්ධතිය තුල විශාල මුදලක් මුදල් වලින් ඉතිරි කරනවාට වඩා රන් වලින් ඉතිරි කරන එක තවමත් ලාභයි කියලයි මට හිතෙන්නෙ...මොකද හිටි ගමන් බැංකු බංකොලොත් වන නිසා. වගාවට ඇත්තටම මමත් කැමතියි...මම හිතාගෙන ඉන්නෙ වියළි කලාපයට බරවෙලා ඒ පැත්තට ඔබින ආකාරයේ වගාවක් කරන්න..වගාව ඵලින් බර වෙද්දි හිතටත් සතුටක්...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සිරා..!

      පුතාගේ ප්‍රොජෙක්ට් එකකට අපි විවිද එළවලු වැව්වා. මේ දවස් වල ඉන්නේ තට්ටු නිවාසෙක බැවින් ඒ සෑම දෙයක්ම කලේ පෝච්චි වල. අන්තිමට වෙච්ච මහන්සිය සහ දරපු වියදම බලත්දී ඒ ගානෙන් 10% ක පමන වියදමකින් අපිට හම්බවුන පළදාව සුපර් මාර්කට් එකකින් ගන්න තිබ්බා. මන් දන්නෙ නැහැ අපි සුලුවෙන් කල බැවින්, ඒ ප්‍රතිපලය හම්බවුනද කියල.

      ඒත් එකෙන් කියන්නේ ගෙවතු වගාව අසාර්තකයි කියලා නේද?

      Delete
    2. සිරාගේ වගාකිරීමේ අදහස හොඳයි . හැබැයි ලාභ ඉපයීම කොහොම හරි කරනවා කියලම කරන්න ඕනේ. නිකන් ආවට ගියාට බටු ගස් දෙකයි වට්ටක්කා වැලය් හිටවලා බැහැ. පොහොර ගහන්න ඕනේ ඇට්ටි පිටින් හැලෙන්න. වල් තෙල් ඉහින්න ඕනේ පැණි බේරෙන්න. :D

      ඇත්තමයි සිරෝ සහ ඇල්බන් අය්යේ උඹලා අපිලට නම් ඔය කරුමාන්තේ හරි යන්නේ නැහැ. හිතේ ආසාවට පර්චස් 3ක් විතර වගාවක් දැම්මට මහා පරිමානෙන් කරන්න හයියක් සහ දැනුමක් නැහැ අපිට... කන්න දෙකක් කරද්දී පණ ගිහින් ඉවරයි බන්.. මමත් ගොටුකොළ පාත්තියක් දාලා කොරගත්ත සන්තැසිය මතකයි නෙව...

      Delete
    3. උඹට වියලි කලාපෙ කරන්න කියාපු වගාවක් තියනවා..
      පොලිසියෙන් තමා කේස් බං !!

      Delete
    4. පෝච්චියක හීනියට ...!

      Delete
    5. ඒ වගාව ගැන තමයි පත්තරයො මම කිව්වෙ...මොකද කියන්නෙ හීනියට සෙට් වෙමුද ගල් කටස් එකකුත් අරගෙන....

      Delete
    6. මම නං එක පයින් කැමතී සිරෝ !!!

      අක්කරයක් දාගත්තනං ඇති රටවල් වල දුක් විඳින්න ඕන නෑ !!

      Delete
  36. ප්‍රිය සහන් මහතා වෙත

    මම සැමට මිතුරු.මට සයිට් එක සමබන්ධ පොඩි ප්‍රශ්න වගයක් වෙලා වහන්න වුනා.ඒක කළේ වේදනාවෙන්.නමුත් වෙන විකල්පයක් තිබුනේ නෑ.අනේ මහත්මයා මට නැවත සයිබරයට එන්න අත දෙන්න.ඔබගෙනුයි නලින් ගෙනුයි විතරයි මේ ඉල්ලීම කරන්නෙ එදිනෙදා ජීවිතය

    ඔබට ජය

    ReplyDelete
  37. 2014 වසර සහන්ට සහ පවුලේ සැමට නිරෝගිමත්, වාසනාවන්ත වසරක් වේවායි පතමි.

    රත්තරන් මිල ඉහල පහල යන එකෙන් වඩාත්ම විදවන්නෙ රත්තරන් උගසට තියාගෙන ණය දෙන බැ0කු. 2011/2012 රුපියල් 55,000/- ට පවුම යනකොට, බැ0කු වලින් රන්ණයට පවුමට උපරිම රුපියල් 42,000/- ක් දුන්නා.

    2013 වෙද්දී රුපියල් 55,000/- ගිය පවුම 39,000/- ට බැස්සා. දැන් රන්ණයට පවුමට දෙන්නේ රුපියල් 28,000/-.

    හිතන්න ඔබ රුපියල් 42,000/- ක් සහ පොලිය දී බේරා ගතයුතු (සම්පූර්ණ මුදල රුපියල් 52,000/- ක් ) පමන වන මාලයක් ඔබට කඩෙන් රුපියල් 40,000/- කට පමන මිලදී ගත හැකියි. පරණ මාලය වෙනුවට ඔබට අලුත් පන්නයේ මාලයක් ලැබෙන අතර, රුපියල් 12,000/- ක් පමන ඉතිරියක්ද වෙනවා. අන්තිමට බැ0කුවට ඉතිරි වෙන්නේ පාඩුවක් සහ විකිනෙන්නෙ නැති රත්තරන් තොගයක් පමනි.

    රත්තරන් හා කොටස් වෙළදපොල සමග ගණුදෙනු කිරීම කියන්නේ, දැලිපිහියෙන් කිරිකනවා වැනි වැඩකි. කනක0 රසය, නමුත් කොයි වෙලාවේ දිව කැපෙයිදැයි නොදනියි.

    අනර්ග ලිපියක් සහන්.

    ReplyDelete
    Replies
    1. බැංකු ක්ෂේත්‍රයේ මහත්තයෙක්ම කියද්දී අපිට එකතු කරන්න දෙයක් නැහැ නෙව... අගනා පැහැදිළි කිරීමක් ඇල්බන් අයියේ ...!

      {\\අන්තිමට බැ0කුවට ඉතිරි වෙන්නේ පාඩුවක් සහ විකිනෙන්නෙ නැති රත්තරන් තොගයක් පමනි.\\

      දීර්ඝ කාලීනව බැලීමේදී නම් පාඩුවක් වෙන්නේ නැහැ.නමුත් ප්‍රධාන ශාඛාව විසින් ශාඛා කළමනාකරු වෙත දැනුවත් කිරීමක් කරනවා උකස් ගැනීම සීමා කිරීමට/නතර කිරීමට. ශාඛාව සතු ණය ප්‍රමාණය මත මේ තීන්දු තීරණ අහසට පොළොව වගේ වෙනස් වෙනවාමයි හොඳද ?.. මේකෙම ඊළඟ පෝස්ට් එකත් බලන්න එන්න අයියේ.. දාහක් දේවල් අස්සෙයි මේ ලියන්නේ.. }

      Delete
  38. ගොඩක් interesting ලිපියක් සහන්. Impressive research and conclusions.
    ඒත් marathon රන් වගේ. මේ වෙලාවෙ මට බලන්න පුලුවන් Short Distance රන් තමයි (රන් ගෑන වුනත්)
    Ranwali නෑ වගේ පේනව (දෑනට)

    ReplyDelete
    Replies
    1. අයියෝ ප්‍රා ජේ පහසු බසින් ඕනේ දෙයක් කියන්න මගේ බ්ලොග් එකේ... මේකෙම ඊළඟ ලිපිය බලන්නත් එන්න ප්‍රා.. ඒකෙත් තියෙනවා පොඩි වංචනික ධර්ම ටිකක්..

      Delete
  39. http://sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389069604964

    ReplyDelete
  40. http://sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389069604964

    ReplyDelete
    Replies
    1. තොරතුරට ස්තූතියි මචන්.. මම ලියපු ඒවා මටම එනවා මේල් හරහා... :D

      http://sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389069604964

      Delete
  41. සහන්ටත් පවුලේ සැමටත් රත්තරන් වගේ වසරකට ආසිරි!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා අරූ අය්යේ...!!!

      Delete
  42. Suba nawa wasarak wewa !!
    raththaran lipiyakne :) matanam thama ayojanaya karanna tharam ithuruwak na ithin. api thama students la newa.

    Aaa kalin lipiyata daala thibuna comment eka dekka sahan. mama ea gana liyanawada nadda kiyala hitha hitha hitiye. balamuko liyanna...

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා සයුරි ඇතුළු පවුලේ සියලු දෙනාටම.... ඉඩක් ඇති විදිහට ලියන්න සයුරි අධික ශීත ගැන ලිපියක් .. සියලු දෙනා අසාවෙන් බලාවි ...!

      Delete
  43. සුබ අලුත් අවුරුද්දක් වේවා සහන්...
    අලුත් අවුරුද්දේ අද තමයි මේ පැත්තේ ආවේ......

    මේ අවුරුද්දේ හොද ලිපි ලියන , වලි නැති, මෝඩයොත් එක්ක වාදයට යන්නේ නැති අවුරුදක් වේවා...

    මම මේ ඇත්තටම හිතන් හිටියේ රත්තරන් ගන්න එක තමයි හොදම ආයෝජනය කියලා.
    බලන් යද්දී එකෙත් හිතන්න දේවල් ගොඩක් තියෙනවනේ .....

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili