දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

August 28, 2013

02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.



                   මීට පෙර කොටස තුළින් පුද්ගල ආර්ථිකය සහ රටක ආර්ථිකය ගොඩ නැගෙන ක්‍රමය සහ ණය ලබා ගැනීමේදී සිදුවන ක්‍රියාදාමයන් ගැනත් , දිගින් දිගටම ණය ලබා ගත් විට සිදු වන හානිය ගැනත් කරුණු කතා බහ කළා. පළමු කොටස කියවා නැතිනම් අනිවාර්යෙන් එම කොටසත් එහි කමෙන්ට් ටිකත් කියවා සිටින්න. මේ එහිම දෙවන කොටස නිසා පෙර ලිපිය හා සම්බන්ධවයි සියලු කරුණු ගොඩ නැගී ඇත්තේ.


පටුන 

01. විදේශ ණය ගැනීම.
02. ණය ගැනීමෙන් පසු සිදු වන අහිතකර බලපෑම්.
03. අහිතකර බලපෑම් යට ගසන ආකාරය.
04. ණය මුදලත් + යට ගැසීමට වැය වූ මුදලත් නිසා සිදු වන දේ.
05. මූල්‍යමය කළු කුහරයක් නිර්මාණය වන ආකාරය.



01. විදේශ ණය ගැනීම.

පළමු උදාහරණය


         පළමු කොටසේදී අපි ණය මුදලක් ලබා ගත් විට ඔබේ සැබෑ වටිනාකමට සිදු වන ක්‍රියාදාමය ගැන සාකච්චා කරා. ඒ ගැන වැඩිදුරට දැන් කතා කරමු.ඔබ සතුව ලක්ෂ 100 ක දේපළ ඇත්නම්, එම දේපළ ඇපයට තබා ලක්ෂ 30 ක් ණයට ගත් විට,

මිහිපිට ඔබ සතු දේපළ හි වටිනාකම = ලක්ෂ 100 ( ණය වීමට ප්‍රථම )
ලබා ගත ණය මුදල = ලක්ෂ 30
ණය ගෙවන තුරු ඔබට නීතියෙන් අයිති දේපළ ප්‍රමාණය = ලක්ෂ 70
පොළිය සමග ඔබ නැවත ගෙවිය යුතු මුදල් ප්‍රමාණය = ලක්ෂ 40 පමණ විය හැකිය ( + or - )
ඒ අනුව ඔබට නීතියෙන් හිමි දේපළ හි වටිනාකම = ලක්ෂ 60


          දැක්කද ලක්ෂ 30 ක් ණයට ගත් ඔබට එම ණය පියවන තුරු නීතියෙන් හිමි වටිනාකම ලක්ෂ 60 ක් දක්වා පහළ ගොස් ඇති බව.  පළමු කොටස තුළදී මේ ආකාරයටම ලබා ගත් ණය මුදලක් මත  මූල්‍ය ප්‍රයෝග කිරීමෙන් ලක්ෂ 60 ක් මුදලක්  ලක්ෂ 500ක් සේ  මවා පෙන්වන හැටි ඉදිරිපත් කරා.

 පිට රටකින් ණය ගැනීමේදී සිදු වන්නේ කුමක්ද?


ණය වීමට ප්‍රථම අවස්ථාව

බලන්න AAA රටෙහි වත්කම් ප්‍රමාණය සහ BBB රටෙහි වත්කම් ප්‍රමාණය සමානයි.


ලක්ෂ 30 ක් විදේශයන්ට ණය වූ පසු අවස්ථාව




බලන්න AAA සතු සැබෑ වටිනාකම අඩු / හිස් වී ඇති බවත් එම වටිනාකම BBB විදේශයන්ට ගලාගෙන ගොස් ඇති බව.



තව තවත් ණය වීමේදී සිදු වන දේ



AAA සතු සැබෑ වටිකම දිගින් දිගටම පිට රටට හෑරී හෑරී ඇදි යන සැටිත් , BBB මත ඒ වටිනාකම ගොඩනැගෙන ආකාරයත් .




අන්තිමේදී


AAA ඇතුල සම්පූර්ණ හිස්. පිට වාටිය විතරයි තියෙන්නේ හෙළුව බේරගන්න. AAAගේ සියලු රීරි මාංසය BBB වෙත ගොස් හමාරයි.



               තේරුණාද මුදලක බර සහ වටිනාකම ගොඩ නැගෙන ආකාරයත්, එන්න එන්න රටෙන් එළියට මුදල් යන විටත්, ණය ගන්නා විටත් මුදලේ අගය අඩු වෙන විදිහ. සල්ලි ලොකුවට තිබුණට වැඩක් නැහැ. ඒ මුදල් බර නැහැ. සැහැල්ලුයි. ඇතුල හිස්.



02. ණය ගැනීමෙන් පසු සිදු වන අහිතකර බලපෑම්.





AAA සතු රුපියලක බර සහ BBB සතු ඩොලරයක බර සමාන කරමු.( විනිමය අනුපාත තරාදිය )



               දැක්කද රුපියලේ බර අඩු වී ඇති නිසා එක ඩොලරයක් වෙනුවෙන් ගෙවන්න ඕනේ රුපියල් ගණන වැඩි වී ඇති බව. හිතන්න ඔබට ට දකුණු අප්‍රිකාවෙන් රත්තරන් පවුමක් මිල දී ගන්න ඕනේ කියලා. රත්තරන් පවුමක මිල ඩොලර් 10ක් යැයි සිතමු.

             i. ඩොලර් වලින් රත්තරන් මිළ දී ගනියි නම් ඩොලර් 10ක් ගෙවා ඔබට රත්තරන් පවුමක් කෙළින්ම මිළදී ගන්න පුළුවන්.

            ii. එහෙත් රුපියල් වලින් රත්තරන් පවුමක් මිලදී ගන්න ගියොත් ඔබට රුපියල් දහයක් දී රන් පවුමක් ගන්න බැහැ. මොකද රුපියල හිස් . ඩොලර් 10 ක බරට සමාන කරන්න නම් රුපියල් 100 පමණ ඕනේ.



ඊට පස්සේ වෙන දේ


                රුපියල් 100 ක් නැවත පිට රටට ගියා කියන්නේ අපේ රටේ මුදල් තවත් අඩු වුණා කියන දේ. ඒ කියන්නේ තවත් මුදලේ බර අඩු වුණා. ඊළඟ පාර රත්තරන් පවුමක් මිල දී ගන්න නම් රුපියල් 110 ක් විතර ගෙවන්න වෙනවා. පේනවද එන්න එන්න වලටම යන හැටි ගොඩ එන්න බැරුව?


                 මම මේ උදාහරණ තුලින් පැහැදිලි කරේ විදේශ විනිමය අනුපාතයන් හැදෙන ආකාරය ගැන ඉතාම සරළව. මේ සිදුවීමේදී තව කරුණු 12 ක් විතර එකිනෙකට බැඳිලා තමයි රටක අවසාන විදේශ විනිමය අනුපාතිකය හැදෙන්නේ. ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු. ( දැන්ම හදිස්සි වෙන්න ඕනේ නැහැ ){{{මේක තමයි රටක විදේශ මුදල් අතර ගලා යාම , ඒ මත නාමිකව වටිනාකමක් }}}}}




අපේ රටේ උද්ගතව ඇති තත්වය අනුව විදේශ විනිමය අනුපාතිකයට ඉදිරියේදී කුමක් වේවිද..?



              ඉහත උදාහරණ තුලින් ඔබට පැහැදිළි වෙන්න ඇති රටෙන් එළියට මුදල් යන විට මුදලේ අගය අඩු වෙන බවත්, BBB නම් වූ රටෙහි මුදල් වල අගය/බර වැඩි වන බවත්. ඒ කියන්නේ කාලයක් යන විට ඩොලර් 9ක් ගෙවා රන් පවුමක් මිළදී ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. තවත් කාලය යන විට ඩොලර් 8 ක් ගෙවා රන් පවුමක් ගන්න තරම් ඩොලරය ශක්තිමත් වෙනවා. කාලයාගේ අවෑමෙන් ඩොලර් එකක් දී රන් පවුමක් මිළදී ගන්න තරම් ඔවුන් ශක්තිමත් වෙනවා.


                  ඒත් අපිට වෙන්නේ එන්න එන්න ඩොලරයට සාපේක්ෂව අපේ මුදල හෑල්ලු වෙනවා, ඒ අතරේම ඩොලරයේ අගය එන්න එන්න වැඩිත් වෙනවා , සියල්ල අවසානයේ රුපියල් 500 ගෙව්වත් රන් පවුමක් මිල දී ගන්න බැරි තැනට එනවා. ( සුද්දගේ කාලේදී රන් පවුම
කීයද ? රන් පවුමක් කීයද දැන් ? තේරෙනවද වැඩේ බරපතල කම ඔබට. )


රටෙන් එළියට මුදල් යන ක්‍රම

i. අපි එක වසරකට ඩොලර් බිලියන ගණනින් මුදල් ගෙවමින් බොරතෙල් ආනයනය කරනවා. සියලු බොරතෙල් අළු දූවිලි වෙලා යනවා , මුදල් පිච්චෙනවා. ඒ මුදල් නැවත එන්නේ නැහැ. ( බොරතෙල් ගේන්නම වෙනවනේ පිට රටින්. මන්නාරමේත් තියෙනවලු. හම්බුනාද කොහෙද නේද ? ITN එකේ නම් එහෙම කිව්වා )

ii. වාහන , කාර්මික නිෂ්පාදන , නට් බෝල්ට් , යකඩ වැනි ලෝහ , ඉලෙක්ට්‍රොනික් උපකරණ වැනි සියලු දේ පිට රටින් ගේන්න වෙනවා. රුපියල් බිලියන , ට්‍රිලියන ගණනින් මුදල් පිට රටට ඇදිලා යනවා.

iii. තව ඉඳිකට්ටේ ඉඳලා මිදී ගෙඩිය දක්වා සියලු දේ අපි ගේන්නේ පිට රටින්. එක අවුරුද්දකට අපි කෝටි 300 විතර ඇපල්ම ගේනවා. කිරි පිටි වලට හිතන්න බැරි මුදලක් යනවා. මේ සියලු දේවල් අපිටම හදාගන්න පුළුවන් කම තියෙද්දී නේද මෙහෙම හැසිරෙන්නේ අපි ...?

රට ඇතුලට මුදල් එන ක්‍රම

i. ලංකාවේ ගෘහසේවිකාවන් පිට රට වැඩ කරලා එවන මුදල්.

ii. ලංකාවේ පිරිමි පිට රට දාඩිය මහන්සිය යොදවලා වැඩ කරලා එවන මුදල්.

iii. ලංකාවේ වාහන නිෂ්පාදන වලින් අපි හොයන මුදල්.

iv. ලංකාවේ කාර්මික නිෂ්පාදන වලින් අපි හොයන මුදල්.

v. එන්ජිනේරු නිෂ්පාදන වලින් හොයන මුදල්.

vi. කෘෂිකාර්මික නිෂ්පාදන වලින් අපි හොයන මුදල්. ( ලැජ්ජා නැතුව තේ පොල් රබර් ගැනම තාම කියන්න එපා )

vii. වෛද්‍ය සේවා වලින් අපි හොයන මුදල්.

viii. ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවියෙන් අපි හොයන මුදල් .

ix. සංචාරක කර්මාන්තය හරියට කලොත් හොයන්න පුළුවන් මුදල්.

x. කැසිනෝ වලින් අපි හොයන මුදල් බදු ලෙස. ( පරදින හැම සතයක්ම පිට රටට පොම්ප වෙනවා. මතකනේ ඉහත පැහැදිලි කිරීම් අනුව සල්ලි පිටට යන කෙමනවල් අටවන්න හොඳම නැති බව )

xi. මේ ආකාරයේ අනේක විධ ක්‍රම වලින් අපෙන් මුදල් එළියට යනවා. ( රට ඇතුලට මුදල් එන පෝලිමේත් දාල තියෙන්නේ රටෙන් එළියට මුදල් යන ඒවනේ සහන් කියලා මට කියන්න එපා. ඒක මගේ වරදක්ද ? )


               දැක්කද අපෙන් පිට වන මුදල් ප්‍රමාණය වැඩියි ඇතුල් වන මුදල් ප්‍රමාණයට වඩා. එන්න එන්න රුපියලේ අගය අඩු වෙන්නේ මේ හේතුව නිසා. එහෙම අඩු වෙන්න අඩු වෙන්න ගුණෝත්තර විදිහට*** රුපියලේ අගය තවත් අඩු වෙනවා. ( මිනිහෙකුට කෙළ වෙද්දී පෝලිමට කෙළ වෙනවා කියන්නේ මේකයි. හොඳම උදාහරණය රුපියල ; ශ්‍රී ලංකික අභිමානය රැගත් රුපියල. දැක්කද අපේ අභිමානය සැහැල්ලු වෙලා තියෙන තරම)



03. අහිතකර බලපෑම් යට ගසන ආකාරය.


ආර්ථික ප්‍රයෝග තුළින් සත්‍ය වසන් කිරීම ( නොහොත් සෙප්පඩ විජ්ජාවේ දෙවන කොටස )


                මේ වෙද්දී ඔබට පැහැදිලි ඇති දැනට ලංකාව මුහුණ පාල ඉන්න තත්වය. දැන් බලමු ආර්ථික ප්‍රයෝග ගොඩනගන හැටි ගැන. ( මෙහි මුල් කොටස මෙතනින් කියවන්න අනිවාර්යෙන් )

ඔබට මිහිපිට ඇති මුදල = ලක්ෂ 100
සෙප්පඩ විජ්ජා දැමීමෙන් පසු ගොඩනැගු වටිනාකම = ලක්ෂ 500
ලෝකයට ණය මුදල ලක්ෂ = 400


හිතන්න ඔබ ලෝකයට බොරු කරමින් ගොඩ නැගු මුදල් වලින් මෙවැනි දේ කරා කියලා,

i. ලස්සන ගෙයක් = ලක්ෂ 150
ii. මොන්ටෙරෝ එකක් = ලක්ෂ 150
iii. කොටස් වෙළඳපොළේ රඟන රැඟුම් = තවත් ලක්ෂ 80 විතර
iv. සුපිරි හෝටල් වලින් කෑම බීමට යන වියදම = ලක්ෂ 10යි මාසෙට
v. සුපිරි සෙල්ලම්/කැසිනෝ/කාර් රේස්/සැටලයිට් වලට යන මුදල් = ලක්ෂ 100
vi. යාලුවෝ එක්ක ආතල් ගන්න යන මුදල් = ලක්ෂ 20යි මාසෙට


                    ඔබව පිට ලෝකෙට සුපිරි සල්ලි කාරයෙක් විදිහට නේද පේන්නේ. ඔබටම කියලා ආශ්චර්යමත් ලස්සන මාළිගාවක් , සුපිරි ප්‍රවාහන පහසුකම් සහිත මොන්ටේරෝ හයි වේ , මහා විශාල කඩ සාප්පු වලින් ගන්න බඩු භාණ්ඩ , විච්චූරණ වැඩ/ඔටුණු/කිරුළු , මහ පොර වගේ සැටලයිට් වැඩ කිඩ , රේස් කාර් අයිටම් , රුසියන් කෑලි .හප්පේ කොහොමද සැප. පුදුම ආශ්චර්යමත් ජීවිතයක් නේද ..?

ඒත් ඇත්ත තත්වයට අනුව නම්


               ඔබ අනුන්ගේ සල්ලි වලින් සෝඩා බෝතලයක් බිබී යන මෝඩ කොල්ලෙක් විතරයි. ඒක බොන්නෙත් නැහැ පෙණ ටික පුම්බ පුම්බ ඉන්නවා විතරයි ලෝකෙට පෙන්න පෙන්න. ( සෝඩා ටික බිව්ව නම් බඩට හරි අල්ලනවා ළූණු බිකත් බඩටනේ කියලා )


ආර්ථික ප්‍රයෝග තුළින් සත්‍ය වසන් කිරීම 02 අදියර


                 ණයට ගත් මුදලින් කරන විච්චූරණ විගඩම් / කෑම බීම ( ටික දවසකින් වසුරු ) ,මොන්ටේරෝ , සැටලයිට් අයිටම් මෙහෙ පිරිලා. ඔබ ඒවා උඩ දදා පෙන්නනවා ලෝකෙට. ඒත් මතකනේ ඔබට සැබෑ ලෙසම ඒවා අයිති නැති බවත් , ඔබ ලෝකෙට ලක්ෂ 400 ක ණය කාරයෙක් බවත් , බිරිඳගේ යට ඇඳුම් විකුණුවත් මේ ණය ගෙවන්න බැරි බවත්. ඒවා අමතක කරන්න එපා හොඳද සල්ලි කාරයා වගේ ලෝකේ ඉස්සරහ රැඟුවට ?


හැම වෙලේම නැති එකා රඟනවා කියන්නේ මේකයි.


              තමන්ට අයිති නැති දේවල් වලින් රඟන ගමන් AAA කරන්නේ BBB ගේ වැරදි හොයන එක. AAA ණයට බඩු අරන් එතනින් නොනැවතී   BBB ළඟ දේපළ නැති බව උජාරුවෙන් කියනවා. ඒත් මතකනේ AAA සතු දේපළ BBB වෙත පොම්ප වී අවසාන බව ? TV නිව්ස් වල පැය 24 ම යන්නේ ලෝකයේ අනිත් රටවල් ආර්ථිකමය අතින් කඩාගෙන වැටෙන බවත්, ඒ සියල්ල හමුවේ ශ්‍රී ලංකාව ආර්ථිකමය අතින් නැගී සිටින බවත් නේද ?   අපි නගිනවා , අනිත් අය වැටෙනවා. කාට කියන්නද මේවා ඉතින් ?








04. ණය මුදලත් + යට ගැසීමට වැය වූ මුදලත් නිසා සිදු වන දේ.


              AAA සතු සියලු දේපළ හි වටිනාකම නීතියෙන් අයිති BBBටයි.විදේශ විනිමය ගලා යෑමේ න්‍යායන්ට අනුව AAA විසින් රුපියල් බිලියන වලින් වත්කම් පෙන්නුවත් , ඩොලරයට සාපේක්ෂව රුපියල් බිලියනයක ඇති වටිනාකමක් නැහැ. එක ඩොලර් 10 යට අපේ රුපියල් බිලියනයම යට වෙන බව ඔබට තේරුම් යනවා ඇති විදේශ මුදල්හි බර මණින තරාදියට දැමු විට.



ඇත්තට මුහුණ දෙමු


                දැක්කද මේ රටේ මොන තරම් අධිවේගී මාර්ග , ගුවන් පාලම් , අසාර්ථක ගුවන්තොටුපළවල් , සැටලයිට් ප්‍රොජෙක්ට් වගේ ලොකු ලොකු අයිටම් බැස්සුවට ඒවගේ ඇති වටිනාකම නැති බව? අයිටම් වල සියලු වටිනාකම් BBBට සම්ප්‍රේෂණය වෙලා ඉවරයි AAA වෙත ලැබෙන මොහොතෙම. අපි මේ උඩ දදා ස්වයං වින්දනයක් ලබන්නේ හුලන් පුරවලා පුම්බපු හිස් බැලුම් බෝල ගොඩකින්.

                   මෙන්න මේකයි ඇත්ත තත්වය ණයට ගත් මුදල් වලින් ප්‍රයෝග කරන්න ගිහින් වැරදුනහම. කොච්චර ලෝකෙට බොරු කරත් අපිට විදේශ විනිමය තරාදියෙන් බේරෙන්න බැහැ. එතනින් අහු වෙනවාමයි අපේ නිරුවත.( මෙතනින් ගැළවීමට කරන උප්පරවැට්ටිය  ගැන මීළඟ පෝස්ට් එකෙන් සවිස්තරව )


මේ වන තෙක් කරපු කතා බහ තුළදී ඔබට

විදේශ විනිමය අනුපාතිකය යනු කුමක්ද යන්න,
විදේශ විනිමය අනුපාතිකයක් අවශ්‍ය ඇයිදැයි යන්න,
රටකින් වෙනත් රටකට මුදල් ගලා යන හේතු ගැන,
එලෙස මුදල් ගලා යෑම සමග මුදලේ අගයට වන විපර්යාසය ගැන,
මුදලේ බාහිර වටිනාකමත් , එහි ගැබ් වූ වටිනාකමත් ගැන,
සීග්‍ර ලෙස මුදල් පිටතට ඇදි ගොස් වැඩේ ආශ්චර්යට ගියොත් වෙන විනාශය ගැන,
ටික ටික අති භයානක තත්වයක් උදා වෙමින් පවතින බව,


                  යන කරුණු ගැන පැහැදිලි විය යුතුය. මම මෙතන උදාහරණ ගෙන හැර දක්වමින් ඉතාම සරල ලෙස පැහැදිලි කරේ විදේශ විනිමය අනුපාතිකය යනු කුමක්ද කියන දේ ගැන. රටෙන් රටට මේ විදිහට මුදල් සංසරණය වීමේදී සංකීර්ණ ගණිත සූත්‍ර සහ ලෝක ආර්ථික විද්‍යා න්‍යායන්ට ( සාධක 12ක් විතර බලපානවා ) අනුවයි අවසාන මුදලේ අගය තීරණය කරන්නේ රටෙන් රටට. මේ ලිපි මාලාවේ මීළඟ අදියරේදී ඒ සියලු දේවල් ගැන මම කියන්නම්. දැනට මේ ටික ගැන විතරක් හිතන්න. විදේශ විනිමය ප්‍රයෝග තුළින් ලෝක ආර්ථිකය තුළදී කරන්න පුළුවන් වැඩ බොහොමයි. ඒ වැඩ ගැන කතා කරනවා ඉස්සරහට. පියවරෙන් පියවර යමු හදිස්සි නොවී. මෙතන මහා ලොකු ආර්ථික විද්‍යා පාඩමක් කරන්න අවශ්‍ය නැහැ. මිනිස්සු තේරුම් ගන්න ඕනේ ටික සරළව ඉදිරිපත් කිරීම විතරයි  කරන්නේ. ඒ නිසයි සම්ප්‍රදායික නීරස ආර්ථික විද්‍යා පාඩම් වලින් බැහැරව රටක ආර්ථිකය , ලෝක ආර්ථිකය ගැන කතා කරන්නේ. මම හිතන්නේ සියලුම දෙනාට මෙතෙක් කතා කරපු අකුරක් අකුරක් ගානේ පැහැදිළියි. ආර්ථික විද්‍යාවේදී විනිමය අනුපාතිකයන් ගොඩනැගෙන ආකාරය  පැහැදිලි කිරීම  වෙහෙසකර කටයුත්තක්. එය එතරම් සංකීර්ණ ගණිත සූත්‍ර එක්ක බැඳුනු දෙයක්.  3 වෙනි කොටසේදී විනිමය ගැන තවත් දේවල් කතා කරන්න පුළුවන්. දැනට මේ තේරුම්ගත්ත ටික හොඳටම ඇති.





දෙවන කොටසට යන්න කලින් කරුණාකරලා විනාඩි 5 ක වත් විවේකයක් ගන්න. 












විදේශ විනිමය ගැන තව දුරටත්*


           එක රටක බොරතෙල් නැති නම් වෙනත් රටකින් ගේන්වා ගත යුතුයි.ලෝකයේ හැම රටකම පාහේ බොරතෙල් නැහැ. මැදපෙරදිගට අයත් රටවල් කීපයක තමයි විශාල වශයෙන් බොරතෙල් සංචිත තියෙන්නේ. ඉතින් ලෝකයේ බොහෝ රටවල මුදල් මැදපෙරදිග කලාපයට ඇදෙනවා අවුරුද්දකට ට්‍රියන ප්‍රකෝටි ගණනින්.එන්න එන්න ඔවුන්ගේ මුදලේ අගය ශක්තිමත් වෙන්න ගන්නවා මේ හේතුව නිසා.





             එහෙත් මැදපෙරදිග කලාපයේ කෘෂි වගාවන් , සත්ව නිෂ්පාදන , කාර්මික නිෂ්පාදන හිඟ කම නිසා වෙනත් රටවලින් එම සේවා මුදල් ගෙවා ලබා ගත යුතුයි. ඉතින් නැවත මෙහෙන් එහෙට යන මුදල් ටික එහෙන් මෙහෙට ඇවිත් සමාන වෙනවා. විනිමය අනුපාතිකයන්හි අගය අතර වෙනසක් වෙන්නේ නැහැ. තත්වය එසේ උනත් අධිකව සිදු වන බොරතෙල් පරිභෝජනය නිසා මැදපෙරදිග කලාපයට අධික ලෙස මුදල් ගලාගෙන එනවා. පිට වන මුදලට සාපේක්ෂව ඇතුල් වන මුදල් ප්‍රමාණය බෙහෙවින් වැඩි නිසා ටික ටික ඔවුන්ගේ මුදලේ අගය ශක්තිමත් වෙනවා.

             මේ වන විට කුවේට් ඩිනාර් එකක් රුපියල් 467 කට සමාන වෙන තත්වයක් තියෙන්නේ. බොරතෙල් බැරල් එකක් අද වෙද්දී (Aug 27, 2013 ) කුවේට් ඩිනාර් 28 ක් විතර වෙනවා. එලෙසම ශ්‍රී ලංකාවේ අයත් කුවේට්හි රැකියා වල නිරත වෙමින් වැටුප් ලබා ගන්නවා.  ශ්‍රී ලංකාව විසින් කුවේට් රජ්‍යටට සේවා සපයනවා සේම කුවේට් රාජ්‍ය විසින්ද ශ්‍රී ලංකාව වෙත භාණ්ඩ  ( බොරතෙල් ) සපයනවා.

බොරතෙල් බැරල් එකක් මිළදී ගන්න ගෙවිය යුතු මුදල = රුපියල් 13,076 පිට වේ

සේවා සැපයීම වෙනුවෙන් කුවේට් ඩිනාර් එකක් ලැබේ නම් = රුපියල් 467 ලැබේ

            කෙනෙක් හිතන්න පුළුවන් රුපියලේ අගය එන්න එන්න අඩු උනොත් කුවේට් ඩිනාර් 28 ක් මාසෙට පඩි ලැබෙන ශ්‍රී ලාංකිකයෙක්ට රුපියල් වලින් ලැබෙන පඩිය වැඩි වෙනවා නේද , ඉතින් එන්න එන්න අපිට වාසියි නේද කියලා.ඒත් එහෙම උනොත් බොරතෙල් බැරල් එකක් වෙනුවෙන් ගෙවන්න වෙන රුපියල් ප්‍රමාණය 14,000 / 15,000 විතර වෙන්න පුළුවන්. නැවත වක්‍රාකාරව ඔබ හම්බ කරපු සල්ලි ටික ආයෙම කුවේට් රාජ්‍යට ගිහින් නේද ඒ කියන්නේ වාහනේට තෙල් ගහද්දි..? ලක්ෂ ගණන් පඩි අරන් ලක්ෂ ගණන් වලින් ගෙවීමක් විතරයි ඔබ කරලා තියෙන්නේ. ඉස්සර පෙට්රෝල් ලීටරේ රුපියල් 30යි. අපේ පඩිය 5,000යි. අද පෙට්රෝල් ලීටරේ 160යි පඩිය 20,000යි. ඉතින් ලොකු පඩියක් ගත්තට නාමිකව වැඩක් තියේද...?


හොඳින් බලන්න පෙට්රෝල් මිල 5 ගුණයකින් වැඩි උනත් අපේ පඩිය වැඩි වෙලා තියෙන්නේ 4 ගුණයයි. ඒ කියන්නේ අදායමට වඩා වියදම වැඩි වෙලා කියන එක. අය වැය සමාන කරන්න නම් ණය ගන්න වෙනවා. ණය ගත්තම වෙන දේ ,ණය අරන් සෙප්පඩ විජ්ජා කරාම වෙන දේවල් ගැන පළමු කොටසේදී සහ මේ ලිපියේ මුල් කොටසේදී කතා කරා අපි. තේරෙනවා නේද වෙන වෙනම සාකච්චා කරපු සියලු දේ එකිනෙකට සම්බන්ධ වෙන හැටි ?

                  මෙහෙම වෙන්න හේතුව තමයි කුවේට් රාජ්‍යයට සේවා සැපයීම වෙනුවෙන් අපිට ලැබෙන මුදල් ප්‍රමාණයත් , කුවේට් රාජ්‍යයෙන් බොරතෙල් ගැනීම වෙනුවෙන් වැය කරන මුදල ප්‍රමාණයත් සමාන නොවීම. රටෙන් එළියට යන මුදල වැඩියි. එන්න එන්න කුවේට් ඩිනාර් 1 ක් 500 ට / 600 ට / 700 ට යාවි.මාසේ මුළු පඩියම වියදම් කරත් බොරතෙල් බැරල් එකක් වත් ගන්න බැරි තැනට පත් වේවි. බොරතෙල් ගන්න බැරි උනා කියන්නෙම මුළු ආර්ථිකයම ඉවරයි. ( බොරතෙල් අත්‍යාවශ්‍යයි රටකට )

05. මූල්‍යමය කළු කුහරයක් නිර්මාණය වන ආකාරය.


                    රටට ගේන සෑම දෙයක් සඳහාම ඉහත තත්වය පොදුයි. බොරතෙල් , නට් බෝල්ට් , අර්තාපල් , බී ළූණු , සීනි , කිරිපිටි , රෙදිපිළි , ප්ලාස්ටික් බඩු , ඉලෙක්ට්‍රොනික් බඩු , TV , රේඩියෝ , ශීතකරණ , රථවාහන , අමතර කොටස් , මිදී ,ඇපල් ,දොඩම් ඉඳීකට්ටේ සිට උපත් පාලන කොපුව ගෙන්වීම දක්වා මුදල් එළියට යන්න යන්න අපේ මුදලේ අගය බාල වෙනවා. බාල මුදලකින් වටිනාකම ගෙවද්දී වැඩි වැඩියෙන් රුපියල් වැය වෙනවා. වැඩි වැඩියෙන් රුපියල් වැය වෙන්න වෙන්න ගුණෝත්තර ලෙස නැවත රුපියල බාල්දු වෙනවා. තේරෙනවද බරපතලකම් මේ යන විදිහටම ඉස්සරහට ගියොත් ?


 
මතක තබා ගන්න අපි විදේශ ණය අරන් තියෙන්නේ රුපියල් වලින් නෙවේ.



              අපි ණය අරන් තියෙන්නේ ඩොලර් , යුරෝ ,පවුම් වැනි විදෙස් මුදල් ඒකක වලින්. ණය ගෙවිය යුත්තේත් එම විදෙස් මුදල් ඒකක වලින්. එක ඩොලරයක ණයක් ගෙවන්න නම් දැන් අපිට රුපියල් 133 ඕනේ. එක යුරෝවක ණයක් ගෙවන්න නම් රුපියල් 177 ඕනේ. එක පවුමක ණයක් ගෙවන්න නම් රුපියල් 207 ඕනේ. එක කුවේට් ඩිනාර් එකක ණයක් ගෙවන්න නම් රුපියල් 467 ඕනේ. ( මතකනේ හෙජින් වැනි ගිවිසුම්? ඒවට ගෙවන්න වෙන්නේ 1:300/400 න් )


                බිලියන 4000 ණය ප්‍රමාණය ගෙවා නිම කරද්දී අපිට මොනවා වෙලා තියේද ? රුපියල කීයට බහීද ..? දැනට තියෙන තත්වය අනුව අපි ණය ගෙවන්න ගෙවන්නත් යන්නේ වලෙන් වලටමයි කියලා පැහැදිලි ඇති ඔබට. ණය ගෙව්වත් ශ්‍රී ලංකාව විනාශ වෙන මට්ටමක ඉද්දි රටේ පාලකයෝ ණය ගෙවන්නෙ තව තවත් ණයටම සල්ලි අරන්. නැතුව අපේම නිෂ්පාදන පිට රටට විකුණලා එන ලාබෙන් නෙවේ. ණය අරන් කරන්නෙත් ජාතිය විනාශ කරන අසාර්ථක ව්‍යාපෘති. මම ඉහත පෙන්නලා දුන්නනේ ගුවන් පාලම් අරවා මේවා හදලා බැලුම් උඩ ඇරියට වැඩක් නැති බවත් , ඒ සියලු දේහි වටිනාකම පිට රටට පොම්ප වී අවසාන බවත්. සැබෑ ලෙසම රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ බැලුම් උඩ යනවා මිසක් TV එකේ. අන්තිමට බොරතෙල් ටිකක් ගේන්න වත් සල්ලි නැති වෙන මට්ටමටම අවොත් මොකද කරන්නේ ? ආර්ථික ප්‍රපාතයක් ඇවිත් බොරතෙල් බැරලය රුපියල් ලක්ෂ 2කට විතර ගියොත් මොන දෙයියන්ටද කියන්නේ ? සියලුම රොකට් ස්වයං වින්දන , මොන්ටේරෝ ස්වයං වින්දන , අධිවේගී ස්වයං වින්දන , ගුවන් තොටුපල ස්වයං වින්දන , කාර් රේස් ස්වයං වින්දන ඉවරයි නේද ? අඩුම තරමේ පුළුවන් කාලෙක සදාචාරාත්මක ලෙස ස්වයං වින්දනයේ යෙදෙන්න වත් ලිංගය ඉතුරු වේවිද මේ කරන ස්වයං වින්දනයේ හැටියට ?


         මෙච්චර දෙයක් වෙලා තියෙද්දී තව මොනවද මේ මිනිස්සු කියවන්නේ සිහින ලෝක ගැන ? වහාම නින්දෙන් අවදි වෙන්න. අනිත් මිනිස්සුන්වත් නින්දෙන් ඇහැරවන්න. හැබැයි බොරුවට නිදාගෙන ඉන්න අය නම් ඇහැරෙන එකක් නැහැ කොච්චර කීද්දුවත් ...!


දැන් ඔබට ,


පසුගිය ලිපියේ මුල් කොටස තුලින් :- පුද්ගල ආර්ථිකය සහ රටක ආර්ථිකය ගැන  කරුණුත්,

පසුගිය ලිපියේ දෙවන කොටස තුලින් :- 
 i. දේශීය ණය ගැනීම් ගැන කරුණුත්,
                                       
ii. ණය පිට ණය ගනිමින් කරනා මෝඩ ක්‍රියා ගැනත් වැටහීමක් ඔබට ලැබෙන්නට ඇති.

අද ලිපියේ මුල් කොටසෙන් :-
 i. විදේශ ණය ලබා ගත් විට සිදුවන හානිය ගැන අවබෝධයක්.
 ii. විදේශ විනිමය අනුපාතයන් යනු කුමක්ද යන්න.
 iii. විනිමය අනුපාත පහළ ගිය විට ඇති වන තත්වය ගැන.
iv. තව තවත් පහළ ගියහොත් ඇති වන භයානක තත්වය ගැන.
v. දිගින් දිගටම විදේශ ණය ලබා ගැනීම තුලින් රට තුළ කළු කුහරයක් හැදෙන හැටි සහ සියලු මුදල් පිටතට ඇදි යන ආකාරය ගැන අවබෝධයන් ලැබී ඇත .



මීළඟ ලිපිය තුළින් :-
i. මෙච්චර දෙයක් වෙලා තියෙද්දී තව තවත් වලටම යන මුග්ධ ආර්ථික ප්‍රතිපත්ති හඳුනගමු.
ii. දැනට අනුගමනය කරන මුග්ධ ලෝක ආර්ථික ප්‍රයෝග
iii. ප්‍රශ්නය උඩු දුවන ආකාරය
iv. මහ බැංකු වාර්තා තුළින් පෙන්වන සෙප්පඩ විජ්ජා
v. TV එකේ පෙන්වන ගොබෙල්ස් ආර්ථික විද්‍යාව ( කොටස් වෙළඳපොළ නමැති මායාව , රොකට් , හීන ලෝක ... ... ... )
vi. සියලු බොරු වල සැබෑ නිරුවත
vii. දැන් පවතින කළු කුහරයට විසදුමක් දිය හැකිද ?
viii. දිය හැකි නම් ඒ මොනවාද ?
ix. විදේශ විනිමය තුලනය වීමේ ක්‍රම
x. අපිට ඒවා කරන්න පුලුවන්ද ?
xi. අපි කවද්ද ගොඩ යන්නේ ?

                           කලින් ලිපියේදීමම ලින්ක් කරේ FB වල auto share වෙන විදිහට. ඒත් මේ පාර ලින්ක් කරන්නේ මේ බ්ලොග් එකටම ලින්ක් වෙන විදිහට. ලින්ක් ටික කොපි කරලා දන්න කියන හැමෝටම දෙන්න. හතුරෙක්ට උනත් නොදී ඉන්න එපා. ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් අය ප්‍රින්ට් අවුට් අරන් අනිත් අයට බෙදලා දෙන්න , කට වචනෙන් කියන්න පුළුවන් අය කට වචනෙන් කියන්න , පුද්ගලිකව මේල් එකෙන් ලින්ක් එක යවන්න පුළුවන් අය එහෙම යවන්න. මේ පෝස්ට් එකේ තියෙන කරුණු යන්න ඕනේ අන්තර්ජාලය භාවිතා නොකරන අයටයි , රටේ සාමාන්‍ය මිනිස්සු අතරටයි. ඒ නිසා අන්තරජාලයෙන් එළියට මේක ගෙනියන්න.

වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch

ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?

මෙම ලිපියේ පළමු කොටස

ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ දේශප්‍රේමීන්

  රටට ගේන සෑම දෙයක් සඳහාම ඉහත තත්වය පොදුයි. බොරතෙල් , නට් බෝල්ට් , අර්තාපල් , බී ළූණු , සීනි , කිරිපිටි , රෙදිපිළි , ප්ලාස්ටික් බඩු , ඉලෙක්ට්‍රොනික් බඩු , TV , රේඩියෝ , ශීතකරණ , රථවාහන , අමතර කොටස් , මිදී ,ඇපල් ,දොඩම් ඉඳීකට්ටේ සිට උපත් පාලන කොපුවත් රුසියානු කාන්තාවන් ගෙන්වීම දක්වාත් මුදල් එළියට යන්න යන්න අපේ මුදලේ අගය බාල වෙනවා. බාල මුදලකින් වටිනාකම ගෙවද්දී වැඩි වැඩියෙන් රුපියල් වැය වෙනවා. බිලියන 4000කට අධික ණය මුදලේ බරත් , භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩි වැඩියෙන් රුපියල් වැය වීමත් සමග ගුණෝත්තර ලෙස නැවත රුපියල බාල්දු වෙනවා. තේරෙනවද බරපතලකම් මේ යන විදිහටම ඉස්සරහට ගියොත් !


ප්‍රතිචාර දැක්වීමේදී ඔබ ගැන සුළු ඉඟියක් සටහන් කරමින්  නිර්නාමික පහසුකම  භාවිතා කරන්න.

103 comments:

  1. මම හිතන්නේ ඊළඟ ළිපිය වඩාත්ම සාර්ථක ළිපිය වෙයි කියා...

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩ දැම්මේ ස්පෑම් එකෙන්. ඊළඟ එකත් ලියන්නේ ආර්ථික විද්‍යා වචන හරඹ දාල සත්‍ය වහන හැටි ගැන මාතලන්. මේවා ප්‍රින්ට් කරලා හරි කමක් නැහැ දන්න කියන අයට දෙන්න..

      Delete
    2. මාතලන් ඇත්ත කියහන් උඹට තේරුණේ නැහැ නේද

      Delete
    3. ලංකාවේ පාලකයන් ගන්නා නය ආයෝජනයෙන් කරන බොහොමයක් ව්‍යාපෘති අසාර්ථක සහ දිඝකාලින වශයෙන් රටේ නිෂ්පාදනය නැංවීම සඳහා මෙහෙයක් නොකරන බවට ඔබ දැක්වූ අදහසට එකඟ වෙනවා.

      ඔබ ස්වයං වින්දනය යන පදයට දැඩි ලෙස ලොල් බවක් පෙන්නුම් කරන්නේ අසීමිතව අනවශ්‍ය ආකාරයෙන් එය බොහෝ ස්ථාන වලට බලෙන් රිංගවීමට දරන උත්සාහයෙන්. එය යම් පමණක ළදරු (childish ) උත්සාහයක් බවත් එවැනි පද අනුචිත ලෙස භාවිතා නොකරම කිවීමට ඇති දෙය වුර්තියමය ආකාරයෙන් දැක්වීමට ඔබට අනාගත පොස්ටු වලින් හැකි වේ යයි සිතමි. එය කියවන අපටත් පහසුවක් වේවි.

      දැන් බලමු ඔබ දැක්වූ කරුණු සම්බන්ධයෙන් ....

      ආර්ථික විද්‍යාව සහ රාජ්‍ය පාලනය ගැන කිසිවක් නොදන්නා උදවිය ඇවිල්ල මෙතන ඔබට හුරේ දමා ගිය පමණින් ඔබ පෙන්වීමට උත්සාහ කරන දෙය සම්පුර්ණයෙන් යතාර්ථවාදී බව කීමට අපහසුයි


      ප්‍රාග්ධනය අවම රටක් වශයෙන් ලංකාව තම යටිතල පහසුකම් (වරාය , බලාගාර , ගුවන් තොටුපොල , මාර්ග සහ පාලම් ) සංවර්ධනය සඳහා නය ආධාර ලබා ගැනීම කිසිසේත්ම වැරදි දෙයක් ලෙස මා හට නොපෙනේ. එසේ විදේශ ණය නොගෙන එවැනි දේ කල හැකි මාර්ගයක් පෙන්වා දෙන්නේ නම් ඔබ මෙහි දක්වා ඇති විවේචන වලට යම්කිසි අගයක් ලැබේවි.

      අසීමිත ලෙස නය ගැනීම සහ ඒවා ගෙවාගැනීමට නොහැකිව default වීම ලෝකයේ රටවල් රාශියක සිදුවී ඇති දෙයක්. මේ යන විදියට ලංකාව ත් ඒ තත්වයට පත්වේවි තව දශකයකින් පමණ. එවිට ඒ රටවල රාජ්‍ය පාලනයට නය දුන් රටවල් විසින් යම්කිසි ආකාරයක අ ත පෙවීමක් කර තමන්ගේ අලාභය පියවා ගැනීමට උත්සාහ කරනවා. නමුත් එසේ වූ වෙන රටවලට නොමැති , ලංකාවට ඇති විශේෂ දෙයක් තිබෙන බවත් අමතක නොකළ යුතුයි. ඒ නම් ඉන්දියානු සාධකයයි.

      කෙසේ වුවත් ඇත්ත ප්‍රශ්නය ඇත්තේ ණය ගැනීමේ හෝ හයි වේ , ගුවන් තොටුපොල ආදී ඔබ උපහාසයෙන් දක්වන සන්වර්ධන ව්‍යාපෘති සඳහා එම නය ආයෝජනය කිරීමේ නොව නාස්තිය සහ දුෂණයේ බව ඔබ දක්වා නොතිබීම කනගාටුවට කාරණයක්. ප්‍රධාන කාරණය වූ එය හංගා ගැසීම මගින් ඔබ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් දක්වන ආකල්පය ගැන සැක මතුවීම වැළැක්විය නොහැකියි.

      Delete
    4. @ මහසෝන් පිල්ලිය

      \\\ඔබ ස්වයං වින්දනය යන පදයට දැඩි ලෙස ලොල් බවක් පෙන්නුම් කරන්නේ අසීමිතව අනවශ්‍ය ආකාරයෙන් එය බොහෝ ස්ථාන වලට බලෙන් රිංගවීමට දරන උත්සාහයෙන්. එය යම් පමණක ළදරු (childish ) උත්සාහයක් බවත් එවැනි පද අනුචිත ලෙස භාවිතා නොකරම කිවීමට ඇති දෙය වුර්තියමය ආකාරයෙන් දැක්වීමට ඔබට අනාගත පොස්ටු වලින් හැකි වේ යයි සිතමි. එය කියවන අපටත් පහසුවක් වේවි.\\\

      මේ ඔවදන ඉතා නිහතමානීව බාර ගන්නවා.. මම සමහර වචන දානවද නොදානවද කියලා කීප විටක් කල්පනා කරා. වර්තමාන රජයේ ඇතැම් ක්‍රියා නිර්වචනය කිරීමට අසභ්‍ය / තරමක් අසභ්‍ය වචන යොදාගන්නම වෙන තත්වයක් දැන් තියෙන්නේ. ඒ ගැන කණගාටුව.. නමුත් ඉදිරියේදී මෙවැනි ලිපි වලට භාෂා භාවිතය ගැන සැළකිලිමත් වෙන්නම්. ඔබේ ඔවදන ඉතා ඕනෑකමින් අගයමි...


      \\\ආර්ථික විද්‍යාව සහ රාජ්‍ය පාලනය ගැන කිසිවක් නොදන්නා උදවිය ඇවිල්ල මෙතන ඔබට හුරේ දමා ගිය පමණින් ඔබ පෙන්වීමට උත්සාහ කරන දෙය සම්පුර්ණයෙන් යතාර්ථවාදී බව කීමට අපහසුයි\\\

      මේ ලිපි පෙළක් මිසක් තනි ලිපියක් නෙවේ. ඔබේ මට්ටමට ගැළපෙන කොටස් ඉදිරියේදී එනවා. මට තියෙන ගැටලුව තමයි ඔබ වැනි අය ඇයි මේ ප්‍රශ්න ගැන නොලියන්නේ සරළව ? මේ රටේ මිනිස්සුන්ට අපි " පොර ටෝක් " දීමෙන් පලක් නැහැ බර වචන දාලා .. අන්න ඒ දේ ථෙරුම්ගත යුතුයි ඔබ.


      \\\\ප්‍රාග්ධනය අවම රටක් වශයෙන් ලංකාව තම යටිතල පහසුකම් (වරාය , බලාගාර , ගුවන් තොටුපොල , මාර්ග සහ පාලම් ) සංවර්ධනය සඳහා නය ආධාර ලබා ගැනීම කිසිසේත්ම වැරදි දෙයක් ලෙස මා හට නොපෙනේ. එසේ විදේශ ණය නොගෙන එවැනි දේ කල හැකි මාර්ගයක් පෙන්වා දෙන්නේ නම් ඔබ මෙහි දක්වා ඇති විවේචන වලට යම්කිසි අගයක් ලැබේවි. \\\\

      බලන්න මගේ ලිපි පෙළේ පටුන දෙස හොඳින්.. ඔබ කියන කරනා ඉදිරි කොටස් වලට ඇතුළත් වෙනවා.. මේ සියල්ල තනි ලිපියකින් කරන්න බැහැ..


      vii. දැන් පවතින කළු කුහරයට විසදුමක් දිය හැකිද ?
      viii. දිය හැකි නම් ඒ මොනවාද ?
      ix. විදේශ විනිමය තුලනය වීමේ ක්‍රම
      x. අපිට ඒවා කරන්න පුලුවන්ද ?
      xi. අපි කවද්ද ගොඩ යන්නේ ? ( සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති වලට පිවිසීම )



      \\\\අසීමිත ලෙස නය ගැනීම සහ ඒවා ගෙවාගැනීමට නොහැකිව default වීම ලෝකයේ රටවල් රාශියක සිදුවී ඇති දෙයක්. මේ යන විදියට ලංකාව ත් ඒ තත්වයට පත්වේවි තව දශකයකින් පමණ. එවිට ඒ රටවල රාජ්‍ය පාලනයට නය දුන් රටවල් විසින් යම්කිසි ආකාරයක අ ත පෙවීමක් කර තමන්ගේ අලාභය පියවා ගැනීමට උත්සාහ කරනවා. \\\\

      ඔබත් මාත් එකම දෙයක් කියන්නේ. ඒත් ඔබ මා හා එකඟ නොවීමේ අපේක්ෂාවෙන් වෙනත් වෙනත් දේ ගොඩගසනවා සත්‍ය වහන්න.. ඔබේ පහත ප්‍රකාශයෙන්#### මා මේ උපුටා දක්වන දේ හොඳින්ම පැහැදිලි වෙනවා..

      \\\ නමුත් එසේ වූ වෙන රටවලට නොමැති , ලංකාවට ඇති විශේෂ දෙයක් තිබෙන බවත් අමතක නොකළ යුතුයි. ඒ නම් ඉන්දියානු සාධකයයි.\\\\

      ඇයි ඉන්දියාව ඇවිත් මොකද කරන්නේ අපිට ..? වැඩ වරදිද්දී ඔය මොන සාධක වත් නැහැ. ලෝකේ කොහෙවත් රටක් කාගෙවත් පවකට කරගහන්නේ නැහැ . බොරුවට විදේශ තාන්ත්‍රික මට්ටමින් සාකච්චා වට පැවත්තුවට. අන්න ඒක මතක තියාගන්න.




      ###කෙසේ වුවත් ඇත්ත ප්‍රශ්නය ඇත්තේ ණය ගැනීමේ හෝ හයි වේ , ගුවන් තොටුපොල ආදී ඔබ උපහාසයෙන් දක්වන සන්වර්ධන ව්‍යාපෘති සඳහා එම නය ආයෝජනය කිරීමේ නොව නාස්තිය සහ දුෂණයේ බව ඔබ දක්වා නොතිබීම කනගාටුවට කාරණයක්.###

      ###ලංකාවේ පාලකයන් ගන්නා නය ආයෝජනයෙන් කරන බොහොමයක් ව්‍යාපෘති අසාර්ථක සහ දිඝකාලින වශයෙන් රටේ නිෂ්පාදනය නැංවීම සඳහා මෙහෙයක් නොකරන බවට ඔබ දැක්වූ අදහසට එකඟ වෙනවා.####

      ඔබේ ඉහත ප්‍රකාශ දෙක ගැන නැවත වරක් සිතා බලන්න මහසෝන් පිල්ලිය...!


      ඉඩක් ඇති විටක නැවත එන්න. ඔබේ අදහස් කියන්න. හැබැයි නිරර්ථක දේ සඳහා ගොඩනගන තර්ක වලට මාගෙන් පිළිතුරු නොලැබෙන බව මතක තබාගන්න.. ඒ ඇර ඕනෙම අදහසකට විවෘතයි..

      Delete
    5. කිවයුතු දේ , ලිවිය යුතු දේ බොහොමයක් ඇත. නමුත් ඒ කා වෙනුවෙන් ද යන්න මට ඇති ප්‍රශ්නයයි. ලංකාව මේ තත්වයට පත්වුයේ සහ තව දුරටත් අරාජිකත්වයේ ගොහොරුවට ඇදී යමින් පවතින්නේ කා නිසාද ?.

      දැන් මෙතන කොමෙන්ටු නිරීක්ෂණය කරන්න. සමාජයයේ මිනිසුන් සමග කතා කරන්න. ඔවුන් සියලු දෙනාම උසස් , දේශප්‍රේමී අදහස් වලින් යුක්ත බව ඔබට පෙනේවි. අල්ලසට , දුෂණයට , මැර දේශපාලනයට විරුද්ධ ඉතාමත් යහපත් අදහස් වලින් යුක්ත මිනිසුන් ලෙස පෙනේවි. රටේ යහපත පිණිස ඕනෑම කැපකිරීමක් කල හැකි මිනිසුන් ලෙස පෙන්වාවි. නමුත් යතාර්ථය කෙතරම් ඒ පෙන්වන දෙයට පටහැනිද ?

      යථාර්තය නම් ලංකාවේ මිනිසුන් යම්සේද .. උන්ට ගැලපෙන ලෙස පාලකයන් සහ රාජ්‍ය තන්ත්‍රය සකස් වී ඇත යන්නයි. කෙතරම් මේ ආකාරයේ ලිපි ලියුවත් උන්ට ගානක් නැත. කියවා "එල" කියා ගොස් තමන් කරන දෙයි ම නියුක්ත වෙනවා විනා වෙන කිසිවක් උන් අතින් නම් සිදු නොවේ.

      ඔබ මේ අත්විඳින්නේ ලංකික කුහක, ආත්මාර්ථකාමී , ගෝත්‍රික මිනිසුන් ගේ ස්වභාවයි.

      "ලෝකේ කොහෙවත් රටක් කාගේවත් පවකට කර ගහන්නේ නැහැ "
      තමන්ගේ ඉන්ට්‍රෙස්ට් වලට හානියක් වේ නම් වෙන රටවල් අන් රටවල කටයුතු වලට ඇඟිලි ගැසීම මානව ශිෂ්ටාචාරයේ මුලද පැවතුනි. අදද පවතී. ඉන්දියානු සාධකය අවතක්සේරු කල සහ නොසලකා හැරි සියල්ලන්ටම අවසානයේ වුයේ නොසිතු මොහොතක පු* මසා ගෙන අයින් විමටය. මේ ගැන වැඩි දුර කතා නොකරමු.

      කෙසේ වුවත් සත්‍යය මෙයයි. ලංකාවේ මිනිසුන්ට කිසි කලක සංවර්ධිත රටක් බවට ලංකාව පත් කර ගැනීමට උවමනාවක් තිබ්බේ නැත. කොටින්ම කිවහොත් ලාංකිකයන්ට තමන් ලාංකික බව හෝ එකතුවී දියුණුවිය යුතු බවට වත් හැඟීමක් තිබුනේ නැත. ක්‍රිකට් පිටියේ උලුප්පන ජාතිකත්වය එහිම තබා පිටවෙන මේ මිනිසුන්ට නිදහස ලබා 60 වසරක් ගෙවී ගියත් තවමත් ජාතික ප්‍රතිපත්තියක් වත් නැත්තේ මේ නිසාය. ජාති වශයෙන් , ආගම් වශයෙන් , කුල වශයෙන් , පළාත් වශයෙන් ,ආර්ථික වශයෙන් (නිර්ධන , ධනපති ) , පක්ෂ වශයෙන් බෙදී සිටින සහ ඒ වෙනුවෙන් කීප සැරයක් යුද වැදුණු එම මිනිසුන්ට තව දුරටත් අවශ්‍ය වන්නේ තම කුලකයේ interests ආරක්ෂා කර ගැනීම විනා අන් කිසිවක් නොවන බව දැනටත් පෙනෙන්න ඇත. ලංකාවේ මිනිසුන් තමන් ලාංකිකයන් ලෙස නොසිතන තාක් මෙය මෙසේම පවතිනු ඇත.

      පිළිතුරු සැපයුවාට ඉස්තුතියි. නැවත හමු වෙමු

      Delete
    6. "ඔබේ ඉහත ප්‍රකාශ දෙක ගැන නැවත වරක් සිතා බලන්න මහසෝන් පිල්ලිය !"

      සිතා බැලුවෙමි. මට වරදක් වී නැත. කරුණු අඩු නිසා ඔබ තේරුම් ගත ක්‍රමයේ අඩුවක් ඇත. එය ඔබේ වරදක් නොවේ.

      නාස්තිය සහ දුෂණය යනු එකකි. එය යහපාලනයක් නොමැති කම නිසා වන්නකි. නිරර්ථක දිඝකාලිනව ප්‍රයෝජනයක් නොලැබෙන ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය යනු අනිකකි. එය සිදුවන්නේ පාලකයන් හට මගපෙන්විය හැකි දීර්ඝ කාලින ආර්ථික දැක්මකින් යුතු බුද්ධිමතුන් ගේ නැති කම නිසාය. නැතිනම් මොවුන් තවදුරටත් ලාංකීය දේශපාලන සන්ධර්භය තුල දැකිය නොහැකි නිසාය.

      Delete
    7. \\\\\කිවයුතු දේ , ලිවිය යුතු දේ බොහොමයක් ඇත. නමුත් ඒ කා වෙනුවෙන් ද යන්න මට ඇති ප්‍රශ්නයයි. ලංකාව මේ තත්වයට පත්වුයේ සහ තව දුරටත් අරාජිකත්වයේ ගොහොරුවට ඇදී යමින් පවතින්නේ කා නිසාද ?.\\\\

      බත් පැකට් එකට , ගේ ඉස්සරහට ලයිට් එකක් දාගන්න , කොල්ලට රස්සාවක් හොයාගන්න , අරක්කු බෝතලේට , රැල්ලට , ඔහේ ගහන්නන් වාලේ කතිරේ ගහපු ඔබ අපි සියලු දෙනාම නිසා.. ( මහසෝනා නම් ඉන්නේ F---- C---- වල උනාට SL නේ උපත )

      \\\\\\දැන් මෙතන කොමෙන්ටු නිරීක්ෂණය කරන්න. සමාජයයේ මිනිසුන්................... .......... ...... ... නමුත් යතාර්ථය කෙතරම් ඒ පෙන්වන දෙයට පටහැනිද ?\\\\\\

      මම ඒක පිළිගන්නවා 100% ..සියළු දෙනාම ඉන්නේ සුදු රෙදි පොරවන් .. ( සහන් පවා )


      \\\\ඔබ මේ අත්විඳින්නේ ලංකික කුහක, ...... .............. ................ ......... ............... ලංකාවේ මිනිසුන් තමන් ලාංකිකයන් ලෙස නොසිතන තාක් මෙය මෙසේම පවතිනු ඇත. \\\\\

      මාත් කියන්නේ මේ ටික තමයි..හැබැයි රටේ මිනිස්සුන්ට ඇත්ත නැත්ත තෙරුම්කරලා දෙන්න පුළුවන් උන දාට වෙනසක් වේවි.. සුළු හෝ උත්සහයක් ගමු..

      උපාලිගේ පෝස්ට් එකේ ඔබ දැමු කමෙන්ටුවට මම පිළිතුරු එක් කළා. එහි කමෙන්ට් 200 ඉක්මවා ගොස් ඇති නිසා LOAD MORE වෙත පිවිසෙන්න.. අපි නැවත හමුවෙමු.. ඔබ වැනි අයෙක් සමග කතා කරන්නට ලැබීම සතුටක් .. නැවත එන්න..

      Delete
    8. @ මහසොහොන් (Give me a short answers only )
      1. ඔබ කියන අපට ඇති *ඉන්දියානු සාධකය* කුමක්ද ?
      2 .*ලංකාවේ මිනිසුන් තමන් ලාංකිකයන් ලෙස නොසිතන තාක් මෙය මෙසේම පවතිනු ඇත.*
      එසේ සිතවීමට ඔබ කියන විසදුමක් හෝ යෝජනවක්?
      3.*නාස්තිය සහ දුෂණය යනු එකකි. එය යහපාලනයක් නොමැති කම නිසා වන්නකි.*
      මේ යන විදියට යහපාලනයක් ඇතිවන්නේ ද ? (මෙලෙස ලිපියක් ලිවිම ද යහ පාලනයක් ඇතිවීමට පුංචි හෝ උදව්වක් නොවේද ?)

      මනොජ්

      Delete
    9. @ සහන්, වෙබ් පිටවක මුලික කාර්යය කුමක්ද ? තත්පර කීපයක් ඇතුලත ලෝඩ් වීම. පිටුවකින් පිටුවකට ඉක්මනින් යා හැකි වීම. තමන් පලකල සියලු දේ වදයක් නොවී පාටකයන්ට access කල හැකි වීම. නමුත් ඔබගේ සයිටය සකස්කිරීමේ ඇති දුර්වලතාවයන් නිසා මේ මුලික කරනා කිසිවක් හරි හැටි සම්පුර්ණ වී නොමැත. සමහර අවස්ථා වල මෙය ලෝඩ් වීමටම තත්පර තිහකටත් වඩා ගත වේ. (20MB fiber Link ).

      1. උපාලි ගේ ලිපියේ කොමෙන්ටු මා හට ලෝඩ් නොවේ. ඒ නිසා කියවිය නොහැක.
      2. කිසිදු දෙයක් කොපි පේස්ට් කල නොහැක. කොටු කොටු එයි.

      @මනෝජ්
      1. ඉන්දියානු සාධකය - ලංකාව ලෝක බලවතෙකු වූ ඉන්දියාවට 32 km නුදුරින් පිහිටා තිබීම.
      මේ නිසා ලංකාව සම්බන්ධයෙන් ලෝක තලයේ සිදුවෙන සියල්ලේම අවසාන තීරණය ඇත්තේ ඉන්දියාව සතුව වේ.

      ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් ගන්නා කවර ආකාරයේ තීරණයකදී (සාධාරණ / අසාධාරණ ) වුවත් ලෝකය සිටින්නේ ඉන්දියාව පැත්තේ මිස ලංකාව පැත්තේ නොවේ.

      2. මෙයට සාමකාමී , ප්‍රජාතාන්ත්‍රික , ජනතාවාදී විසඳුමක් නැත. චීන ආර්ථික , දේශපාලනමය මොඩලය යම් පමණකට සාර්ථක විය හැක.

      3. මේ යන විදියට යහපාලනයක් කිසිසේත්ම ඇති නොවේ. යහපාලනයක් ඇතිවිය හැක්කේ යම්කලක ලංකික දේශපාලන සහ ආර්ථික තලයේ සිදුවෙන මැල්තුසියන් මොඩලයේ විනාශයකින් ( Malthusian catastrophe) පසු අවදියකයි. එයට තව දශක කීපයක් ගත විය හැක.

      Delete
    10. @ මහසෝනා

      ලෝඩ් වීමට පමා වන්නේ වෙබ් අඩවිය සෑදීමේදී හෝ ගැජට් එක් කිරීමේදී වූ දෝෂයක් නිසා නොවේ. බොහෝ පෝස්ට් වල අකුරු ලක්ශේ පැනලා තියෙනවා.. කමෙන්ට් සමග මහා ගොඩක් පේජ් එක බරයි.. ඒ නිසයි ලෝඩ් වෙන්න පමා වෙන්නේ.. ( ඇත්තටම කිව්වොත් render වෙන්නයි පමා වෙන්නේ.. ) ඒකට මම ඔප්ෂන් එකක් දීලා තියෙනවා මොබයිල් වර්ෂන් එකේ ලින්ක් එකක් උඩින්ම සඳහන් කරලා.. මේ තියෙන්නේ ඒ ලින්ක් එක .. ඒකෙන් ගිහින් බලන්න.. මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

      මේ තියෙන්නේ මගේ බ්ලොග් එකේ එම්ප්ටි පේජ් එහෙක ලින්ක් එකක් මෙතනට ගිහින් බලන්න වේගය

      මේ තියෙන්නේ මගේ බ්ලොග් එකේ වැඩ කරන පේජ් එහෙක ලින්ක් එකක් මෙතනට ගිහින් බලන්න වැඩ කරන පෝස්ට් එහෙක වේගය

      පෝස්ට් වල විශාලත්වය නිසා රෙන්ඩරින් වෙන්නේ පහු වෙලා.. ඒකට කරන්න දෙයක් නැහැ මහසෝනා..ඉන්ටර්නෙට් වේගය බලපාන්නේ නැහැනේ ඒකට..

      _____________________________________________________________

      උපාලිගේ පෝස්ට් එක සම්පූර්ණයෙන් ලෝඩ් වන තුරු සිටින්න.. කමෙන්ට් සියල්ල අවසානයේ ඇති " ලෝඩ් මෝර් " ඔබන්න. ලෝඩ් විය යුතුය.. ( එහෙම එන්නෙත් නැත්නම් මෙතනට සාකච්චා කරමු උපාලි ගැන )..

      කිසිම ස්ක්‍රිප්ට් එකක් හෝ ගැජට් එකක් දමා මෙහි කොපි පේස්ට් බ්ලොක් කර නැහැ. ඕනෙම දෙයක් කොපි කරන්න පුළුවන් පටන් ගත් දා සිටම..මන් හිතන්නේ ඇපල්-සිංහල ප්‍රශ්නයක්..

      ___________________________________________________________

      මහසෝනා ඔබ මනෝජ්ට කියා සේ ඉන්දියානු සාධකය නම් කිසිම විදිහකින් පිළිගන්න බැහැ.විශේෂෙන් 01 ...

      Delete
    11. @ All
      මහසොහොන් කියන
      ***යහපාලනයක් ඇතිවිය හැක්කේ යම්කලක ලංකික දේශපාලන සහ ආර්ථික තලයේ සිදුවෙන මැල්තුසියන් මොඩලයේ විනාශයකින් (Malthusian catastrophe) පසු අවදියකයි. එයට තව දශක කීපයක් ගත විය හැක.***
      මෙ කථාව මට නම් තේරුමක් රහිත එකක් ලෙසයි පෙනෙන්නෙ. එක එක රටවල මිනිස්සු විවිධාකාර නිසා , සංස්කෘති වෙනස් නිසා , එක රටක වුන දේ අපේ රටටත් වෙයි කියලා හිතන්න බෑ ,
      එ වගේම චීන ආර්ථික , දේශපාලනමය මොඩලය අපට හරියයි කියන්නත් බෑ. (මොන මොඩලය උනත් කමක්
      නැ නීතිය හරියට සමානව තියනවා නම් ) චීනය තුල ලොකුවට නිෂ්පාදන වෙනව . ඒවා පිටරට
      වලටත් යවනව ඒ හින්දා ඒ රටට සල්ලි එනව . අපි මොනවද හදන්නෙ , ??? කෝ රට තුලට සල්ලි එන වැඩපිලිවෙලක් ????

      ඉන්දියායව වුනත් සහන් කිව්ව වගේ අපට කරන සෙතක් නෑ උන් බලන්නෙ උන් ගෙ වාසිය පමනයි. (TVS ,BAJAJ,
      TATA ,DIMO LANKA වගේ කබල් වාහන අපිට දෙන්න පුලුවන්නේ) තමිල්නාඩුවේ ඉන්න දේශපාලුවො බෙරිහන්
      දෙනවා මහා ලොකු කතා කියලා.. උනුත් ලංකාවේ වගේම මැරයෝ නළුවෝ , කුඩ්ඩෝ දූෂකයො ම තමයි. මනාප
      පොරයක්ම පමණයි.

      අනේ මන්ද සහන් මහසොන් ලියන කෙනා වගේ ගොඩක් උගත් අය හින්දා තමයි කෙල වෙන්නෙත් කවදාහරි අපට . උන් කරන වැඩේ මෙවිදියට කතා කරන කොට මොකක් හරි තර්කයක් ගේනව (උදා *-මැල්තුසියන් මොඩලයේ විනාශයකින්_)තමන් පොරක් කියලා පෙන්නන්න. ඇත්තටම සාමාන්‍ය අපි දන්නේ නෑනේ ඒව .එයාලා කොහොමහරි ලංකාව ගොඩදාන ක්‍රමයක් කියන්නෙ නැතිව ලොකු බයිලා නම් ගහනව. නිකන් කිංඩියට වගේ, තව දශකයකින් අපි කන්න නැතුව මැරෙයි කියලා නම් හිතෙනවා මට යහ පාලනය ඇතිවිම කෙසේවෙතත් ,

      Delete
    12. @ ඇනෝ
      මනෝජ් ඉල්ලුවේ කෙටි පිළිතුරුය. එම නිසා කෙටි පිළිතුරු දුන්නෙමි. ඔබට එම කෙටි පිළිතුරු තේරෙන්නේ නැත්නම් මා අත ඇති වරද කුමක් ද ?

      සහන් , ඔබ ට ඉන්දියාව සම්බන්ධයෙන් මා පැවසූ දෙය පිලි ගත නොහැකි නම් එයට කරුණු ඉදිරිපත් කල යුතුය. "මම පිලි නොගනිමි" යන්න බාල ගනයේ දේශපාලකයෙක් අවලමේ ගොස් හසු වූ විට "මම එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමි" යනුවෙන් පැවසීමට දෙවෙනි නොවේ. ;)

      ලංකාවේ මිනිසුන් ඉන්දියාව කියා සිතන්නේ තමිල්නාඩුව සහ පාරේ රීමයි. ඉන්දියාව , ලංකාව සම්බන්ධයෙන් තිරයෙන් ඉදිරිපස සහ පිටුපස සිට පිළිපදිනා විදේශ ප්‍රතිපත්ති මේ ස්ටීරියෝ ටය්ප් මානසිකත්වයෙන් යුතු කෙනෙකුට නම් කිසි කලක අවබෝධ කර ගත නොහැක. මා ඒ ගැන විස්තර කිරීමටද නොවෙහෙසෙමි.

      මේ පැහැදිලි කිරීම ඇනෝට ...
      මල්තුසියන් විනාශයකින් පසු අවදිය - මේ යන ක්‍රමය තව දුරටත් ගොස් , අන්තිමේදී රට හපයක් වී , විදෙස් අ ත පෙවීම් උග්‍ර වී , කන්න නැති වී (ලංකාවේ මිනිස්සුන්ට තේරෙන එකම දේ ) මිනිසුන් හාමතේ පාරට බැස ක්‍රමය පෙරලා දැමීම. බොහෝ කොට මින් පසු ඒකාධිපති පාලන තන්ත්‍රයක් බිහි විය හැක.

      එම ක්‍රමයේ උවමනාව අනුව ආර්ථික දියුණුව ඇතිවීම හෝ නැතිවීම විය හැක. බොහෝ ආසියානු රටවල් තම ආර්ථික දියුණුවේ මුල් කාලයේදී ඒකාධිපති පාලන තන්ත්‍ර පවතී රටවල් වෙති. මෙය අවබෝධ කරගත් ජේ . ආර් විධායක ජනපති ක්‍රමය බිහි කරේ එබැවිනි.

      චීන මොඩලය (Capitalism with Chinese Characteristics) - මොළ ශෝධනය සහ ඒකාධිපති දේශපාලන රාමුවක් තුල කම්කරු ශ්‍රමය සහ සම්පත් සුරා කෑම මගින් ආර්ථික බලය නැංවීම.

      ධනපති කාර්මික ආර්ථික ක්‍රමයක මුල අවදියේ දී ශ්‍රමය සුරා කෑම , පරිසර දුෂණය (රතු පස් වල වැනි ) වැළැක්විය හැකි නොවේ. අද චීනයේ සිදුවී ඇති පරිසර දුෂණය කියා නිම කල නොහැකි තරම් ය. දිවා කාලයේ මීටර් 20-30 ක් වත් දුර නොපෙනෙන පරිදි ඇතැම් නගර විෂ සහිත ගල් අඟුරු දුමෙන් වැසි ගොසිනි. වගා බිම් වලින් සංක්‍රමණය වූ මිලියන සිය ගණනක කම්කරු ශ්‍රමිකයෝ ඉතා අවම මිලකට මුහුදුබඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වල තම ශ්‍රමය සුරා කෑමට ඉඩ දෙති. ලෝකයේ ඕනෑම කාර්මික දියුණුවක් අපේක්ෂා කරන රටකට මෙය පොදු වේ. ඒකාධිපති පාලන ක්‍රමයක් අවශ්‍ය වනුයේ මේ ශ්‍රමිකයන් සහ ජනතාව ගේ නැගිටීම අවි බලයෙන් මර්ධනය කිරීම උදෙසාය.

      නමුත් ලංකාවට මේ ක්‍රමය උචිතද ? නැත.
      නමුත් ඒ ගැන මගේ අදහස් දැක්වීමට ප්‍රථමයෙන් සහන් මතු ඒ ගැන පලක්රිමට බලාපොරොත්තු වන ලිපිය කියවීමට කැමැත්තෙමි.


      තවත් දෙයක් ඇනෝ. ලංකාවට කෙල වී ඇත්තේ උගතුන් නිසා නොව නුගතුන් විසින් උගතුන් ට ඇති ද්වේශය නිසා බලයට පත් කල නුගත් , අවස්ථාවාදී , දේශපාලන හිඟන රැලක් විසින් රට දශක කීපයක් තිස්සෙන් අයාලේ ඇදගෙන යාම නිසාය. මේ අයාලේ ඇදගෙන යාම බලා සිටීමට බැරි හර්දය සාක්ෂියක් ඇති , උගත් කමක් ඇති සියලු දෙනාම රට හැර යාම නිසාය. ලංකාව දැන් නුගතුන් , මැරයන් සහ කාලකන්නින්ගේ කෙලි බිමකි. ඔබ පැතු ලංකාව ඔබ අභිමුඛයේ පහල වී ඇත! . සතුටු වන්න!
      LOL

      Delete
    13. @ මහසෝන්

      මුළින්ම බලන්න ඕනේ අසභ්‍ය වචන භාවිතය අඩු කරගන්න. " ස්වයංවින්ධනය " කියන වචනේ උහුලගන්න බැරි මේ මහත්තයා කියන ඒවා ඊට හපන්.

      ඉන්දියාවක් ගැන කතා කරන්න දෙයක් නැහැ. මම මුළින්ම කිව්වා කව්රුත් කාගෙවත් පවකට කරගහන්න එන්නේ නැහැ. හිස් තර්ක ගොඩ නගන්න එපා 32km වගේ. මම මුළින්ම කිව්වනේ හිස් තර්ක වලට මම උත්තර දෙන්නේ නැහැ. ආයේ ඉන්දියාවක් ගැන කියවන්න එපා.


      ඔබ ගැන දුකයි. බොහෝ දේ දන්නා බව පෙන්වීමට දරණ උත්සාහය නිරර්ථකයි.. එච්චරයි..අර මොඩල් මේ මොඩල් කොහෙද තිබ්බේ ප්‍රභාකරන් ගහන වෙලාවේ..? යන්තම් සිංහල කොල්ලෝ තමයි හැම දේම විසඳුවේ.. පොත් පත් පැත්තකට දාලා ප්‍රායෝගික ලෝකයට එන්න. ප්‍රායෝගික විසදුම් දෙන්න. හෑලි අනවශ්‍යයි..

      Delete
    14. @සහන්
      ඔබ ගේ පිළිතුරු දීමක් බලාපොරොත්තු නොවුනි. ඒ ඔබට මේ සම්බන්ධයෙන් ඇති අවබෝධයේ තරම ගැන මට කෙමෙන් සැක සංකා මතු වූ බැවිනි. එ නිසා ඔබගෙන් තාර්කික, තාත්වික පිළිතුරක් අපේක්ෂා කිරීම මා නොකලෙමි . එය ඔබගේ අවසන් පිළිතුරෙන් සනාත වන ලදී .

      තවමත් අන්තර්ජාතික තලයේ ඇදී ඇදී යන තව වසර කීපයකින් නැවත පණ පොවා නැගී එන අන්තර්ජාතික ගැටලුවක් වූ , ඉන්දියාව ඇතුළු තවත් බලවත් රටවල් කීපයක කිරි පෙවීමෙන් නිෂ්පාදනය වූ ද්‍රවිඩ ඊලාම් ප්‍රශ්නය නිකම්ම නිකන් "ප්‍රභාකරන් ගැහුවා !" "අපේ කොල්ලෝ තනියම ගහල දිනුවා " වැනි බාල බොළඳ මොන්ටිසෝරි වාක්‍යකට ලඝු කරන ඔබ වැනි අය සමග සංවාදයක් ගෙන යන්නේ කෙසේ දැයි මට නම් කිසි සෙත් තේරුම් ගත නොහැක. කාලය නාස්ති නොකරමින් මෙයින් නවතිමි.
      තෙරුවන් සරණයි.

      Delete

    15. මට නම් හරි හිනා. ඉන්දියාව අපිට 32 km ළඟ නිසා අපි දිහාම බලන් ඉන්නවා ඇති නේද ..?
      එතකොට එකට පූට්ටුම වෙලා තියෙන කාශ්මීර් ප්‍රශ්නේ තාමත් ඇදෙන්නේ ඇයි දන්නේ නැහැ නේද ..?
      පකිස්ථානය එක්ක තියෙන ප්‍රශ්නෙටවත් හරි හමන් විසදුමක් දීගන්න බැරුව ඉන්න ඔහේගේ ඉන්දියාව අපි වෙනුවෙන් මොනවද කරන්න ඉන්නේ ?

      තමිල්නාඩුවේ ඉන්න මෝඩ රැළ කියන දේවල් අනුව මධ්‍යම ආණ්ඩුව වැඩ කරයිද ?

      අමතක කරන්න එපා තමිල්නාඩු දේශපාලකය නඩය කියන්නෙත් මෙහෙ වගේම බූරු රැළක් කියන දේ. නළුවොයි , නිළියොයි , කුඩු කාරයොයි , මුඩුක්කු කටවල් තියෙන උනුයි එහෙ රජ කරන්නේ. ස්ටේජ් වල දෙන ගොන් ආතල් සැබෑ ලෝකය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

      ස්ටේජ් වල කියන කතා සහ නිළ වශයෙන් ගන්න තීන්දු තීරණ ගැන මීට වඩා ඉගෙන ගන්න. ප්‍රායෝගික දේශපාලන සන්ධර්භයට එන්න. A/L දේශපාලන විද්‍යා පාඩමෙන් රටක දේශපාලනය කරන්න බැහැ.

      අනික ගණන් ගත්තා කියමු .. මොනවා කරන්නද ? යුධ ප්‍රකාශ කරන්නද ..? ආර්ථික සම්භාදක දාන්නද ..? මේ 2.50 සිද්දි වලට ආර්ථික සම්භාදක දාන්න බැහැ.. ඒවා නිකන් ජෝක්.. ( එහෙම බැලුවොත් ලෝකේ කොච්චර රටවල් තියෙනවද ආර්ථික සම්භාධක එකිනෙකාට දාගන්න ඕනේ )

      _____________________________________________________


      \\\තවමත් අන්තර්ජාතික තලයේ ඇදී ඇදී යන තව වසර කීපයකින් නැවත පණ පොවා නැගී එන අන්තර්ජාතික ගැටලුවක් වූ , ඉන්දියාව ඇතුළු තවත් බලවත් රටවල් කීපයක කිරි පෙවීමෙන් නිෂ්පාදනය වූ ද්‍රවිඩ ඊලාම් ප්‍රශ්නය නිකම්ම නිකන් "ප්‍රභාකරන් ගැහුවා !" "අපේ කොල්ලෝ තනියම ගහල දිනුවා " වැනි බාල බොළඳ මොන්ටිසෝරි වාක්‍යකට ලඝු කරන ඔබ වැනි අය සමග සංවාදයක් ගෙන යන්නේ කෙසේ දැයි මට නම් කිසි සෙත් තේරුම් ගත නොහැක.\\\\

      මෙතන මොන්ටිසෝරි කතා කියන්නේ මම නෙවේ ඔබ. කෝ දේශපාලන විසදුමකින්ද යුද්ධේ ඉවර උනේ ..? යුධමය වශයෙන් විතරයි විසදුනේ. අන්තර්ජාතිකව කියන බයිලා ගැන මාත් දන්නවා. වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන භූමිකාව තුළින් අන්තර්ජාතික ප්‍රශ්න වලට නිසි අයුරින් උත්තර නොලැබෙන බවත් මම දන්නවා. රතුපස්වල වැනි සිද්දීන් වලින් වෙන අවාසියත් දන්නවා. කෝ ඒ උනත් අපිට කෙරුවද ඔය ජාත්‍යන්තරයෙන් ? නිකන් යන්න මෙයා යන්න තේ කෝප්පේ කිඹුල්ලු නොසොයා ..

      ඔයිට වඩා මහා අර්බුද වලට මුහුණ පෑව රටවල් ඉන්නවා ඕනේ තරම්. නිකන් මේ ඉන්දියන් සාධකයක් ගැන තවත් කියන්න එපා මහසෝනා.


      Delete
    16. @ මහසෝන්

      ලංකාවෙන් පැනගත් උගතකු හැටියට ඔබ ගැන සතුටුවෙන්න පුලුවන්.නමුත් ඔබ ලාංකිකයො දෙස බලන ආකාරය නම් සෑහිමකට පත්
      වෙන්න බෑ. මුල අමතක කරලා මුලට හිනා වෙන එකත් සම හරක් ගෙ සිරිතක් වන හෙයින් ඇති අමුත්තකුත් නෑ , අවංකව හිතන්න ඔයාට
      ඔයා දැන් ඉන්න රටේ තියන වරප්‍රසාදයි ඔහේ මුල් පදිංචිකරුවෙකුගෙයි වෙනස, ඔයා වගේ අය කවුද කියලා
      මෙන්න මේ වීඩියොව බැලුවම තේරේවි.

      /-/-/-/- ගුවන් තොටුපොල ආදී ඔබ උපහාසයෙන් දක්වන සන්වර්ධන ව්‍යාපෘති සඳහා එම නය ආයෝජනය කිරීමේ නොව නාස්තිය සහ දුෂණයේ බව ඔබ දක්වා නොතිබීම කනගාටුවට කාරණයක්-/-/-/-/-

      මහසෝන් මොන දේ කලත් අන්තිමට තැලෙන්නෙ එක පිරිසක් ඒ එදා වේල අමාරුවෙන් හම්බකරන් කන අසරණ මිනිසුන් , මෙය ලියන
      මමත් ,ඔබත් ,සහනුත් යම් ආර්ථීක ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන තියනව. හිතන්න ඒ අසරණයින් ගැනත් , සතයකුදු නාස්තිය සහ දුෂණයෙන් තොරව කලත් නැව් නොමැති වරායවල් , ගුවන්යානා නැති එයාර්පෝට් , විදුලිය ජනනය නොවන බලාගාර ඵලක් නෑ නේද ?අසරනයින් නේද ඒ ගත් ණය පොලියත් සමග ගෙවිය යුත්තෙ????? මුලින් රටක ජනතාව ආර්ථිකව සුරක්ෂිත විය යුතුයි.

      ඉන්දියානු සාධකය ගැන නම් පිලිතුරු දීමටද අප්පිරියා නිසා ඔබම එය අවබොධ කරනු වස්
      මේ විඩියෝව බලන්න මේක කියන්නෙ ඉන්දිය ඇමති කෙනෙක්

      අවසානයට කියන්න තියෙන්නෙ සහන් කිව්වා වගෙ රටේ මිනිස්සුන්ට ඇත්ත නැත්ත තෙරුම්කරලා දෙන්න පුළුවන් උන දාට වෙනසක් වේවි.. සුළු හෝ උත්සහයක් ගමු.. ඔයත් ඔය විදියට නැතුව දන්න හැමෝටම මේ ලිපිය බෙදා දෙන්න (ලැජ්ජ වෙන්න එපා හොදේ )

      Delete
    17. මේ කථා කරන දේ වල අගය තේරෙන්න වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනා...

      Delete
  2. ලිපි දෙකම කියෙව්ව සහන්.....ගොඩක් සරලව ඉද්‍රිපත් කරන්න අරන් තියෙන උත්සහයට ස්තූතියි....

    රජ්ජුරුවෝ මහ බැංකුව වගේ තැන් වලට පීබී ජයසුන්දර වගේ පොරවල් දාල ඉලක්කම් වලින් විජ්ජා පෙන්වනවා...

    ඒ වගේම පෙට්‍රොලියම් එකට ඩි මෙල් වගේ නට් ලූස් පොරවල් දාලා ඩොලර් බිලියන් ගනන් ඇන ගන්නවා.මිහින් ලංකා කියලා එකක් හදල්ලා වදු මුදල් ටොන් ගනන් හිතවතුන්ගේ පොකට් වලට යවනවා.

    ලංකාවට තියෙන් එකම සම්පත මානවා සම්පත විතරයි...ඒත් අවනීතීය, ක්‍රමය බිද වැටීම නිසා ඒ මානව සම්පත රට හැර යනවා.....ඉතුරු වෙන කොන්ද පන නැති ගොම ර්ටි නිලධාරීන් හා දේශපාලුවන් ගන්න බූරූ තීරන හින්දා රට අගාධෙට යනවා...

    අපි ඉක්මනට මැරෙන්නේ නෑ..අපි මැරෙන්නේ හෙමින් හෙමින්...මොකද අර ගන්න බූරූ තීරණාක්‍රියාත්ක වෙන්නේත් මහ බූරූ විදිහට හිනදා...ඒතකං මිනිස්සු හීන දකිවී......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මයියෝ කියවීම ගැන. මම මෙතන උනත් කියලා තියෙන යථාර්තය වෙන ඕනෙම කෙනෙක්ට ගණන් මිණුම් වලින් " බොරු " කියලා පෙන්නන්න පුළුවන් ..

      ඒත් මයියෝ සරළවම කිව්වොත් ණයට ගත්ත දෙයක් ණය ගෙවා නිම කරනකම් අපිට අයිතිද ? අයිති වගේ රඟපෑවට , පාවිච්චි කරාට ඒවා අපේද ? ණයට ගත්ත මුදලින් ඵලදායක වැඩක් නොකර බීලා , කුඩු ගහලා නාස්ති කරාම තත්වේ තවත් දරුණු වෙනවා නේද ? අනේ මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් ඇති.

      ඊළඟට මම ශ්‍රී ලන්කන් එයාර් ලයින් , මිහින් එයාර් වගේ ආයතන වල මූල්‍ය වාර්තාව ඉදිරිපත් කරන්නම්. ඒවා බැලුවම තේරෙයි සියලුම දේවල් ගැන. බිලියන ගණන් වලින් පාඩු පිට පාඩු. ඒ සියලුම මුදල් ණයට ගත්ත දේවල්. ණය ගෙවන්නත් ඕනේ , පාඩු පියවන්නත් ඕනේ.

      තවමත් මේ දේවල් තේරුම් නොගන්න අය ඉන්නවා ආර්ථික විද්‍යා ගණන් මිණුම් පෙන්නලා.. මය්යට පුළුවන් පුළුවන් හැටියට මේ පෝස්ට් මිතුරන් අතරේ බෙදාහරින්න..

      Delete
  3. මම ඉස්සර හිතාගෙන හිටිය ණය තියෙනවා නම් වැඩිපුර සල්ලි අච්චු ගහල එක පාර ගෙවල දාන්න පුලුවන් නේද කියල. අද තමයි එහෙම නොකරන්නෙ ඇයි කියල තෙරුනේ. විද්‍යා විෂයණ් වලින් AL කලා මිසක් ආර්ථික විද්‍යාව වගේ විශයන් ගැන කිසිම අවබෝධයක් තිබුනෙ නැහැ. මේ ලිපි දෙකම ගොඩක් වටිනව අපි වගේ අයට. ගොඩක් ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. මටත් තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒක

      Delete
    2. @ all

      මේ ඉන්නේ අපේ කකා නෙවේ.වෙන කෙනෙක්. ඒ නිසා පරණ කෝන්තර මෙතන පිරිමහන්න එපා. මේ ඉන්නේ අලුත් කෙනෙක්..

      @ කතන්දර

      දිගටම එන්න යාළුවා. ඇවිත් කියවන්න. සියලුම පෝස්ට් ටික කියෙව්වට පස්සේ තේරේවි විනිමය අනුපාත තීරණය වීමට බලපාන සාධක. අද පෝස්ට් එකේ ඇතුළත් වෙන්නේ මූලිකම දෙයක් විතරයි අවබෝධය පිණිස. මෙතනින් එහාට තව දේවල් තියෙනවා.

      @ සයුරි

      ඇත්තටම කතා කරොත් සයුරි කණගාටුවට කරුණ ආර්ථික විද්‍යාවෙන් මාස්ටර්ස් කරපු අයත් යථාර්ථ නොදකින එක. බොරුව සහ යථාර්තය දකින්න නම් සිහිකල්පනාව තියෙන්න ඕනේ. නිකම්ම නිකම් වචන හරඹ කරලා වැඩක් නැහැ. මටත් ඕනේ නම් පුළුවන් වචන හරඹ කරන්න . ඒත් ඒවා කරලා වැඩක් නැහැ සත්‍ය දකින්නේ නැතුව.. ගොඩක් ස්තූතියි සයුරි අදහස කීම ගැන. නිදහසේ පෝස්ට් එක කියවන්න ඔයා..





      Delete
  4. ඇයි පහුගිය කාලෙ IMF එකෙන් ලෝන් ගහල මහා භාණ්ඩාගාරය පුරවල කිව්වෙ අපි දැං සමෘද්ධිමත් කියල... ලංකාවෙ බහුතරයක් හරක්ට ඕක තේරෙන්නෙ නෑ.. තේරුම් ගන්න ඕනකමකුත් නෑ.. ගොඩක් වැදගත් මේ වගේ පැහැදිලි කිරීමේ ලිපි ලියවෙන එක.. වෙන කවුරුවත් මේවට අත දාන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies

    1. අන්න ඒකනේ යසිත් කියන්නේ ණයට ගෙනාව දෙයිනුත් කරන්නේ බොරුව කියලා. අල්ලපු ගෙදර මනුස්සයගෙන් ණයට සල්ලි ඉල්ලන් තමන්ගේ පොකට් එක පුරවන් ඉඳල හරියනවද ? සරළවම මේ දේත් තේරෙන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ගේ උපාධි වලින් වැඩක් නැහැ. බොරුවට ගණන් හැදුවට තේරුමක් තියේද ඔච්චර සරල දෙයක් තේරෙන්නේ නැත්නම්..


      මම දිගටම ලියන්නේ මේ ක්‍රමේට යසිත්. මොකද ආර්ථික විද්‍යා දේශනා වැඩක් නැහැ. ශ්‍රී ලංකාව මුහුණ පාල ඉන්න තත්වය විතරයි තේරුම් කරන්න ඕනේ. දිගටම එන්න. ඒ වගේම දන්න කියන හැමෝටම ලින්ක් එක දෙන්න..

      Delete
  5. සහන් ......මෙය මාගේ ජීවිත කාලය තුල ලැබූ විශිෂ්ටතම ආර්ථික විද්‍යා පාඩමයි. මෙය නැවත නැවත කියවා ඔලුවට දමා ගැනීමේ වායමේ නිරත වෙමින් සිටිමි. ස්තුතියි.
    ප.ලි. - ප්‍රවේශමෙන් රාජ උදහසට ලක්විය හැක . මන්ද යත් පුරුදු කල රාමුවට පිටතින් සිතන උන් දේශද්‍රෝහීන් බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඉවෝන් මට ඕනේ ආර්ථික විද්‍යා පාඩමක් කරන්න නෙවේ. මුදල් පරිපාලනය ගැන කරුණු කියන්න , අක්‍රමවත් මුදල් පරිපාලනය සහ මූල්‍ය ප්‍රයෝග ගැන කරුණු කියන්න විතරයි. ඉතින් මම පැහැදිලි කරන ක්‍රමය වෙනස්. මේ දේවල් ටික තේරුම් කරාට පස්සේ පුළුවන් සම්මත , සම්ප්‍රදායික ආර්ථික විද්‍යා පාඩම පටන් ගන්න.

      අවකලනය කරන්න කලින් එකතු කිරීම අඩු කිරීම ගැන කියලා දෙන්න එපැයි. ( හැබැයි සමහරු ඉන්නවා අවකලනය පුළුවන් උනාට 1+1 බැහැ . එවැනි අය හඳුනාගන්න ලේසි. හැමවෙලේම කියවන්නේ බර වචන :D )

      දිගටම එන්න ඉවෝන්..පුළුවන් තරම් අනිත් අය සමග බෙදාගන්න මේ ලින්ක්.

      ප.ලි. රාමුවෙන් පිටට හිතන්නම ඕනේ ඉවෝන්. ලොකු පිරිසක් ඉන්නවා රාමුවෙන් පිටට එන්න කැමති. මගපෙන්වීමක් විතරය් දෙන්න ඕනේ.

      Delete
  6. කියන්න වචන නැහැ සහන් බහුතරයක් අන්ධ වෙලා ඉන්න රටේ මේව කියවල කම්පා වෙලා ආයේ උන්දලටම කතිර ගහන මිනිස්සුනේ ඉන්නේ මේ රටේ මිනිස්සුන්ව තේරුම් ගන්න එක තරම් අමාරු වැඩක් තවත් තියෙනවද

    ReplyDelete
    Replies
    1. මොරේ කියන කතාව ඇත්ත. ඒත් මේ ටිකේ මට ආව මේල් තොගෙන් තේරෙනවා කොච්චර පිරිසක් ඉන්නවද කියලා මේවා ගැන දැනගන්න කැමති. එක රැයෙන් ඉවර කරන්න බැහැ මචන්. හැබැයි අවුරුදු 3 ක් විතර යද්දී මිනිස්සු තේරුම් ගනීවි. එතෙක් කරන්න පුළුවන් දේවල් කරමු.

      Delete
  7. //නින්දෙන් අවදි වෙන්න. අනිත් මිනිස්සුන්වත් නින්දෙන් ඇහැරවන්න//කොහෙද බං කුකුල් කොටුවල මිනිස්සු ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ කූඩුව ළඟට ගිහින් ඇහැරවමු. එකා දෙන්නා හරි ඇහැරෙයි. ඒ සද්දෙට තව අය ඇහැරෙයි මචන්. ස්තූතියි උඹ ආවට උදිතයෝ..

      Delete
  8. සහන්, ලිපි දෙකම කියෙව්වා... රටේ තියන විච්චූර්ණ දැකලා අපි දැන් ආශ්චර්ය කරා යනවා කියලා හිතාගෙන ඉන්න කට්ටියට වෙන්නේ මොකද්ද කියලා ඉතා හොඳින් පැහැදිලි කරලා තියනවා.

    ණය අරගෙන මොකද කරන්නේ කියන දේ මගහැරලා ණය ගැනීම කියන්නේ එහෙම් පිටින්ම වැරදි දෙයක් වගේ හැඟෙන ආකාරයෙන් ලියලා තිබීම ගැන එකඟ වෙන්නෙ බැහැ. පුද්ගල ආර්ථිකය ගත්තත් සමහර දේවල් ණය ගන්නේ නැතුව කරන්න බැහැ. මිනිහෙකුට ගෙයක් හදාගන්න බැහැ ණයක් ගන්නේ නැතුව. ප්‍රශ්නය තියෙන්නේ ණය ගැනීමේ ම නෙමෙයි. මූල්‍ය පරිපාලනයේ.

    ReplyDelete
    Replies
    1. තිසර,


      නිවැරදි මූල්‍ය පරිපාලනය කියන දේ වැදගත්කම මොළේට වදින්න ඕනේ නිසයි මෙහෙම ලියන්නේ. ණය අරන් කරන්නේ මොනවද කියලා පේනවනේ. ඒ නිසා මේ වගේ ණය ගන්නම හොඳ නැහැ. නැහැමයි.නිෂ්පාදන ක්‍රියාවලීය ශක්තිමත් වීමක් වෙන්නේ නැහැනේ ණය අරන් කරන ව්‍යාපෘති වලින්.ආතල් විතරනේ ගන්නේ. ලෝකයේ වෙනත් රටවල නම් වෙන්නේ තිසර කියන දේ තමයි. ඒත් ලංකාවේ වෙන්නේ ණය අරන් ලෝකෙට පේන්න නාඩගම් නැටීම.

      ( පස්සේ සම්පූර්ණ කමෙන්ට් එකක් දාන්නම්. )

      Delete
    2. තිසර මීළඟට දාන එක නෙවේ ඊළඟට දාන පෝස්ට් එකෙන් මම තව සුළු පැහැදිලි කිරීමක් කරන්නම්.. ණය ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ ( හරි හමන් දේකට ) . මම ණය ගන්නවට පොඩ්ඩක් වත් විරුද්ධ නැහැ ( හරි හමන් දේකට ).

      දිගටම එන්න තිසර ..

      Delete
  9. ස්තුතියි. ආර්ථික විද්‍යාව ගැන මටත් දැනුමක් නැහැ. නමුත් මේ ලිපියෙන් ඉතා සරල ලෙස කරුණු පෙන්වාදී තිබෙනවා කාටත් තේරුම් ගත හැකි ලෙස.
    මැණික්

    ReplyDelete
    Replies
    1. අන්න හරි මැණික් මටත් ඕනේ ඒකයි. සරළව මේ ටික හරි තේරුම් ගැනීමයි වෙන්න ඕනේ. නැතුව බර වචන සෙල්ලම් දැම්මට කිසිම කෙනෙක්ට වැඩක් නැහැ. තේරුමක් නැති ගොන් පාර්ට් තවත් දාල වැඩක් නැහැනේ මැණික් මෙච්චර දෙයක් වෙලා ඉද්දි..

      දිගටම එන්න මැණික් .. අනිත් අයටත් බලන්න කියන්න..

      Delete
  10. //? අඩුම තරමේ පුළුවන් කාලෙක සදාචාරාත්මක ලෙස ස්වයං වින්දනයේ යෙදෙන්න වත් ලිංගය ඉතුරු වේවිද මේ කරන ස්වයං වින්දනයේ හැටියට ? //

    හප්පට සිරි...

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් ඔය දේ පරිස්සම් කරගන්න අය්යේ.. දෙක තුනක් තියෙනවා කියලද අයිලෂ් අය්යේ?

      Delete
  11. ස්තුතියි සහන් , මේ ලිපිය සියල්ලම කියවන්න වුනේ නම් නැහැ , ඉඩක් ලද විගසින් ආයෙත් ඇවිත් කියවනවා , ඒත් ඊට ඉස්සර මේ ලිපිය මගේ බ්ලොග් එකට අදාල කණෟඩායම තුල ෂේයා කරනවා , හේතුව මේ ඇත්ත හැමෝම දැන ගත යුතු නිසා .
    නැවතත් , මේ වෙනුවෙන් වන වෙහෙසට මගේ ගෞරවය ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් මහත්මයා ඉඩක් ලද විට ඇවිත් කියවන්න සම්පූර්ණයෙන්ම . ඔබේ හිතවතුන් සමග මේ සියල්ල share කරගන්න . මොකද සියලු ශ්‍රී ලාංකිකයන් මේවා දකින්න ඕනේ..

      Delete
  12. What you are trying to say s not to a thing. Te question is what is our strategic development plan ???? is it working for Sri lanka or its is just consumption of goods??

    Kathandara I am soory about you as when I knew you long time ago you sees to have a better understanding of both econamics and politics. Can any body go back to closed door systems ? no.

    I shall better polimic in sinhalese in near future.

    ReplyDelete
    Replies
    1. අපි දැනට මුහුණ පාල ඉන්න තත්වය තේරුම් නොගන්නකම් " ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ප්‍රතිපත්ති කෙසේ විය යුතුද " කියන මාතෘකාව ගැන කතා කරන්න බැහැ.

      ඒ නිසා හෝඩියේ ඉඳලම යන්න වෙනවා . පස්සේ පුළුවන් උපාධියට අවශ්‍ය විදිහට කරුණු කතා කරන්න. උඩ ඉන්නේ " කකා " නෙවේ. වෙන අලුත් කෙනෙක්. ඒ නිසා ඔහුව දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් පලක් නැහැ.

      ඒක තමයි සිංහල ඉගෙන ගන්න එක වටිනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කතා කරද්දී ..:D

      දිගටම එන්න .. පැමිණීම වටිනවා.

      Delete
  13. පලවෙනි ලිපිය කියෙව්වයින් පස්සේ මේක එනකම් බොහොම ආසාවෙන් හිටියේ. ඇත්තටම පැහැදිලි කිරීම බොක්කටම වදිනවා. මේ තරම් සරලෙට කියලා දුන්නත් අපේ රටේ ගොඩක් උන්ට මේක තේරෙයිද කියලා නම් කුකුසක් තියෙනවා. බඩට නැතත් ලුණු කැඳ ටික - ඇඟට ඕනෙමයි විල්ලුද කියන ආර්ථික ක්‍රමයක අපි සුපිරියටම එරිලානේ ඉන්නේ.

    අපි අනිත් උන්ගෙන් ණය අරන් උගන්ඩාවට වතුර ගන්න ණය දෙන එක හරිම ෂෝක් නේද?

    ReplyDelete
    Replies
    1. මම මුල ඉඳන්ම කිව්වා වගේ මේ පෝස්ට් ටික ලියන්නේ සරළව තේරුම්ගන්න පුළුවන් විදිහට. ඔයාටම තේරෙන්න ඇතිනේ මේ රටේ කොච්චර ආර්ථික විද්‍යාව ගැන මහ ලොකුවට කියවන්න අය හිටියත් මෙච්චර දෙයක් තේරුම්ගන්න / තෙරුම්කරන්න කෙනෙක් නැහැ. ලොකු ලොකු වචන දාල මිනිස්සු රවට්ටනවා.. මම කරන්නේ පිරුවට අයින් කරලා නිරුවත පෙන්වීම.

      \\\අපි අනිත් උන්ගෙන් ණය අරන් උගන්ඩාවට වතුර ගන්න ණය දෙන එක හරිම ෂෝක් නේද? \\\

      කොහොමද අපේ නිරුවතේ තරම් සඳුනිමා ..? ශෝක් නේද ..?

      Delete
  14. හැම රටක්ම මොනයම් හෝ ආර්ථික කටයුත්තකට ණය ගන්නවා. ගත්තත් ආපසු ගෙවීමේ හැකියාව මතයි සහනදායී ණයයි ගන්නේ. නමුත් සමහර දියුණු වෙමින් පවතින රටවල් 'පොළී මුදලාලිලාගෙන්' ණය ගන්නවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. අද අපේ රටත් ඒ ඝණයට වැටී ඉවරයි. දේශීය නිෂ්පාදනය, අපනයනය අඩුවෙලා, ආදායම් අඩුවෙල, විදේශ සචිත අඩුවෙලා...ඒ නිසා දේශීය සහ විදේශීය ණය වැඩිවෙලා. මෙතනින් බලන්න පුළුවන් ලෝකයේ හැම රටකම විදේශ ණය ප්‍රමාණය. නමුත් ආශ්චර්යයකට, අපේ රටේ දත්ත නෑ...!

    ReplyDelete
    Replies
    1. \\\\නමුත් සමහර දියුණු වෙමින් පවතින රටවල් 'පොළී මුදලාලිලාගෙන්' ණය ගන්නවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. අද අපේ රටත් ඒ ඝණයට වැටී ඉවරයි. දේශීය නිෂ්පාදනය, අපනයනය අඩුවෙලා, ආදායම් අඩුවෙල, විදේශ සචිත අඩුවෙලා...ඒ නිසා දේශීය සහ විදේශීය ණය වැඩිවෙලා.\\\

      අනේ මෙන්න මේ ටික තේරුම්ගත්තා නම් හොඳටම ඇති. තව කතා කරන්න දෙයක් නැහැ කැන්ඩියන් .. ( EK ඉන්නවා නේද ? ) දිගටම එන්න කැන්ඩියන්. දන්න කියන හැමෝටම share කරන්න pvtly...

      Delete
    2. මෙන්න ලින්ක්ස්...පුළුවන් වෙලාවක බලන්ට අපේ රටේ කෙරුවාව..

      http://data.worldbank.org/sites/default/files/ids-2013.pdf
      http://www.ips.lk/talkingeconomics/2013/05/sri-lankas-external-stability-foreign-debt-and-export-earnings/

      Delete
  15. හැම රටක්ම මොනයම් හෝ ආර්ථික කටයුත්තකට ණය ගන්නවා. ගත්තත් ආපසු ගෙවීමේ හැකියාව මතයි සහනදායී ණයයි ගන්නේ. නමුත් සමහර දියුණු වෙමින් පවතින රටවල් 'පොළී මුදලාලිලාගෙන්' ණය ගන්නවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. අද අපේ රටත් ඒ ඝණයට වැටී ඉවරයි. දේශීය නිෂ්පාදනය, අපනයනය අඩුවෙලා, ආදායම් අඩුවෙල, විදේශ සචිත අඩුවෙලා...ඒ නිසා දේශීය සහ විදේශීය ණය වැඩිවෙලා. මෙතනින් බලන්න පුළුවන් ලෝකයේ හැම රටකම විදේශ ණය ප්‍රමාණය. නමුත් ආශ්චර්යයකට, අපේ රටේ දත්ත නෑ...!

    ReplyDelete
  16. මෙහෙම ලිව්වට මුකුත් හිතන්න ඒපා.අර මොකක්ද එක කටේ ඇතිල්ලුවත්,මොකක්ද එක කෙලින් වෙන්නේ නැති මිනිස්සු කොටසක් රටේ ඉන්නේ.කොච්චර කිව්වත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අරු ඔබ කිව්වා නේද ඔබේ යාලුවෙක් සත්‍ය තේරුම්ගත්තා කියලා මේ පෝස්ට් ටික බැලුවට පස්සේ ? ටික ටික මිනිස්සු තේරුම්ගැනී අරු.. 40% දෙනා තේරුම්ගත්තා කියන්නේ හොඳටම ඇති අරු.. ඔයාගේ යාලුවට මේ කොටසත් බලන්න දෙන්න..

      Delete
  17. මේ දේවල් ඇත්තටම මට බර වැඩියි.. කලින් ලිපිය ආයෙ කියවන්න ගත්තත් ම්හු.,. :(
    මේ ලිපිය නම් බෝම සරලව අපි වගේ මෙලෝ හසරක් නොදන්න එවුන්ටත් පැහැදිලි කොරල දිල තියනවා.
    ඒත් මට හා හොදයි කියනව ඇරෙන්න අදහසක් දෙන්න තරම් දැනුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා මල්ලි. හැම දේම සරළව තේරුම්ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්නේ ඒකයි. අනිත් අයටත් ලින්ක් එක දෙන්න..

      Delete
  18. මගේ කොමෙන්ටුව නැත...

    ReplyDelete
  19. මේ උත්සාහයට ස්තුතියි සහන්...

    ReplyDelete
    Replies
    1. චන්දන දන්න කියන අයටත් ප්‍රින්ට් කරලා හරි මේ දේවල් බලන්න දෙන්න ..කියවලා නිකම් ඉන්න එපා..

      Delete
  20. මමනම් ඉතින් ප්‍රින්ට් කරලා දෙනවනේ ....

    මට ප්‍රශ්නයක් තියෙනවා.... නොදන්නා කමට අහන්නේ.....
    ජපන් යෙන් එක 1.39 අද වෙද්දී .... එත් ඇමෙරිකන් ඩොලර් එක 135.7

    ජපන් යෙන් එක අඩු වෙන්න හේතුව කොයි වගේ එකක්ද ? ජපානය කියන්නේ පොහොසත් G 8 රටක් ....

    ReplyDelete
    Replies
    1. ඕනෙම රටක මහ බැංකුවට පුළුවන් තමන්ගේ රටේ මුදලේ අගය කෘතීමව රඳවා තබා ගන්න. ඒ කියන්නේ එක රැයෙන් රුපියල = ඩොලරය කරන්න පුළුවන්. ( එක රැයෙන් කිව්වට එක රැයෙන් බැහැ :D )

      හැබැයි එහෙම කලොත් අනිත් පැත්තට මොකද වෙන්නේ .. කුවේට් ඩිනාර් 28 පඩි ගන්න කෙනෙක්ගේ පඩිය කොහොම වේවිද ..? ඉතින් හිතුමතේ මහා පරිමාණ ලෙස මුදලේ අගය වෙනස් කරන්නේ නැහැ. ඉබේම මිල තීරණය වෙන්න දෙනවා මිසක්.

      ජපානය 60 ගණන් වල වගේ ඉඳලා යෙන් එකේ අගය පාලනය කරා ආර්ථිකය නගාසිටුවීමට අවශ්‍ය පියවරක් විදිහට. අපනයනය කිරීම් තුළින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්නයි , ඒ කාලේ සිදුවුණු ආර්ථික කෙනෙහෙළි කම් වලට මුහුණ දෙන්නයි. ජපානය හොඳටම දියුණු උනා 80 ගණන් වල අග භාගය වෙනකොට. ඊට පස්සේ උනේ රට තුළ අධිකව වටිනාකමක් ගොඩ නැගීම. ඒ කියන්නේ එක පර්චර්ස් 10 ඩොලර් මිලියනයට වගේ නැග්ගා. ( සත්‍ය අගයට වඩා 30 ගුණයක විතර නාමික අගයක්. ) අද වෙනකොට එයාලගෙත් හීනේ එළි වෙලා තියෙන්නේ යාලුවා.

      G8 එකේ හිටියට දරුණු ආර්ථික කඩා වැටීමක ඉන්නේ ජපානය. හැබැයි බය වෙන්න දෙයක් නැහැ එයාලා කර්මාන්ත අතින් ස්වයංපෝෂිතයි. මහා අවුලක් වෙන්නේ නැහැ අපිට වගේ.

      ජපානය ගැන කෙටියෙන් කිව්වොත් :-

      01. සංවර්ධනයේ ධන පැත්තට දරාගත නොහැකි වේගයකින් ගියා.
      02. ඒ වේගය මතම අධික වටිනාකමක් නාමිකව ගොඩ නැගුණා.
      03.ගොඩනැගුණු නාමික අගයන් මත තව තවත් ආයෝජන සිදු උනා.
      04. අද වෙද්දී නාමික අගයන් නිෂ්ප්‍රභා වෙමින් යනවා. ( ඩොලර් මිලියනයට ගිය පර්චර්ස් එක දැන් ඩොලර් ලක්ෂෙට ගන්නවත් කෙනෙක් නැහැ. එවැනි දේපළ උකස් ගත්ත බැංකු , පුද්ගලයන්ටත් කරගන්න දෙයක් නැහැ. සියලු දෙනා හිර වෙලා )

      05. අධික වේගයෙන් සංවර්ධනය යෑමේ ආදීනව ඉගෙන ගන්න හොඳම රටක් ජපානය.




      ජපාන ආර්ථිකය ගැන මෙන්න මෙතනින් බලන්න "
      ඇත්තටම මොකක්ද ජපාන ආර්ථිකේ අවුල?
      ". .. මමත් විස්තරයක් කියලා තියෙනවා ඔතන..

      Delete
    2. ගොඩක් ස්තුති...

      Delete
    3. මටත් තිබුණ ප්‍රශ්නයක් ඇනෝ මිත්‍රයා අහලා තියෙන්නේ ස්තුතියි දෙන්නටම.

      Delete
  21. ඔන්න අද තමා කියවල ඉවර කරන්න ලැබුනේ...කොටසින් කොටසනෙ බැලුවේ. මේ ලියලා තියන සරල විදිය නිසා ගොඩක් දේවල් පැහැදිලි වෙනවා. ඇත්තටම මම ආර්ථික විද්යාවනම් 0 ක් දන්නෙ නැහැ. ඒත් හැම කෙනෙක්ම දැනගත යුතු විශයක් නේද මේක. ලිපියේ තිබුන සමහර දේවල් මම පොඩි කාලේත් හිතලා බැරිම තැන අත ඇරලා දාපුවා. මෙහෙම සරලව ලියන එක බොහොම වටිනවා..

    ReplyDelete
    Replies
    1. සයුරි ආර්ථික විද්‍යාව ගැන බින්දුවක් වත් නොදැන හිටපු හින්දම හොඳයි. ආර්ථික විද්‍යාව දන්නවා යයි කියන අය අග මුල පටලන් තියෙන්නේ. ඒ මිනිස්සුන්ව ගොඩගන්න බැහැ.

      ඊට වඩා ලේසි බින්දුවක් වත් නොදන්නා අයට ටික ටික තේරුම් කරලා දීලා ගොඩ දාන එක. ආර්ථික විද්‍යාවේ මූලික හරය තෙරුම් නොගෙන කොච්චර " දළ දේශීය , ප්‍රාග්ධනය " අරක මේක කියෙව්වට වැඩක් නැහැනේ . . .


      සයුරි එදා ඉඳන් දන්නවනේ මගේ ක්‍රමය වෙනස් බව. ඒ වගේම මගේ ක්‍රමය හොඳටම අල්ලන් ඉන්න කෙනෙක් ඔයා මුල ඉඳන්. දිගටම එන්න බ්ලොග් එකේ ලිපි කියවන්න. පෝස්ට් ටික ඉවර වෙද්දී අනිවාර්යෙන්ම හොඳම දැනුමක් ලැබිලා තියේවි.

      ( අවසාන පෝස්ට් වලදී සම්ප්‍රදායීක ආර්ථික විද්‍යාව ගැන කරුණු කියන්නම්. ඊට පස්සේ සියල්ල සම්පූර්ණයි. දළ දේශීය , ප්‍රාග්ධනය , වෙළඳ ශේෂය etc etc )

      දිගටම එන්න සයුරි..( බිග් ඇපල් වල ඉන්න අයටත් ලින්ක් යවන්න . අඹ ගෙඩිය ගැන දැනගන්න ආස ඇතිනේ එයාලා )

      Delete
    2. http://demonocracy.info/infographics/usa/world_debt/world_debt.html

      මෙන්න මේක බලන්න.ණය ගෙවීම සඳහා අච්චු ගහන්න ඕනේ මුදල් ප්‍රමාණය ගැන වැටහීමක් ගන්න පුළුවන් ඉතාම සරළව..

      Delete
  22. සරල පැහැදිලි කිරීම සාර්ථකයි..! ඉතා හොඳින් වැටහෙනව. ඒ වගේම අපි ගැනම කනගා‍ටුවක් ඇතිවෙනව.!!

    මේ වගේ ලිපි කියවන,කමෙන්ට් කරන අය අඩු ඇයිද මන්දා..!!!

    ReplyDelete
    Replies
    1. මේවා ටිකක් දේශ----- පෝස්ට් ගණයටනේ වැටෙන්නේ වීයෝ. රට ගැන ඇත්තටම අමාරුවක් තියෙන අය විතරයි කතා කරන්නේ.

      හැබැයි බොහෝ දෙනා ලින්ක් එක තමන්ගේ මිතුරෝ අතරේ බෙදාගෙන තිබුණා.කමෙන්ට් නොකලට දැනට පේජ් වීව්ස් 12,000 විතර තියෙනවා ආර්ථිකය ගැන ලියපු පෝස්ට් වලට. කාලයත් සමග තව පිරිසක් ඒවි.මතකද වීයා කිව්වා පපුවත් හිර වෙන්න ආව කියලා ? මේ ලිපිය කියෙව්වට පස්සේ තත්වය කොහොමද ..?

      පළමු වෙඩි මුරය මෙසේ තියමු වීයෝ. . . අපි බලමු රටේ අනාගතය බේරගන්න.

      Delete
  23. මේකට අර හරක් වෙදා ආවේ නැද්ද. වෙදාගෙන් බෙහෙතක් අහගන්න තිබුණා

    ReplyDelete
  24. විදේශ රැකියාවක් කරන කෙනෙකුට රුපියලේ අගය පහළ යෑමෙන් වාසි අත්වෙන බව පේනවා. ඒක ඇත්තටම වාසි දායකද? නැත්නම් ව්‍යාජ වාසියක්ද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට නම් අවාසියි වගේ , මොකද ඩොලරය වැඩිවීම නිසා ලැබෙන

      රුපියල් ගාන වැඩි වුනත් අපිට වියදම් කරන්න වෙන මුදල වැඩියි.(උදා සිමෙන්ති

      වලට , තෙල් වලට , පිටින් ගෙන්වන දේවල් යකඩ වගේ දේවල් වලට )

      Delete
    2. @ හරි

      පහළ ගණන් මිණුම් ටික හදලා බලන්න ..

      පිට රටින් ගේන දේවල් ටික

      01. පෙට්‍රල්
      02. ඩීසල්
      03. ගෑස්
      04. කිරිපිටි ( උදේට බොනවමනේ )
      05. අර්තාපල්
      06. සීනි
      07. ළූණු
      08. සැමන්
      09. සොසේජස්
      10. ඇඳුම්
      11. TV , රේඩියෝ , ෆ්‍රිජ් etc etc
      12. විදුලිය ( විදුලිය වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ බොරතෙල් වලින් )
      13. වාහන , වාහන අමතර කොටස්
      14. ප්ලාස්ටික් බඩු සහ එදිනෙදා ඕනේ කරන හැන්ඳේ සිට ගෑස් ලිප දක්වා
      15. සිමෙන්ති
      16. යකඩ
      17. ඇතුළු හැම දේම පිටරටින්



      ලංකාවෙන් ගන්න දේවල්

      01. හාල් ( ඒකත් කාලෙකට පිට රටින් )
      02. පොල්
      03. තව කීපයයි අපේ රටේ හදන්නේ

      දැන් හරීම කියන්න රුපියල නගින එකද හොඳ ? බහින එකද හොඳ ..

      @ මනෝජ්

      හොඳ පැහැදලි කිරීමක් ..පෝස්ට් එක හොඳට තේරුම් අරන් කියලා පේනවා..දිගටම එන්න ..

      Delete
  25. හැබෑටම අර චීනෙන් හදවලා යවපු චන්ද්‍රිකාවට මොකද දන්නේ නෑ වුනේ ? මං හිතුවෙ ඒක චීනේ ඉදන් ලංකාව
    උඩට ඇවිත් සිග්නල් ටිකක් හරි වැඩිකරයි කියලා. බාග වෙලාවට මගදී කැඩුනද දන්නෙ නෑ ,මොකද ඒකත් MADE
    IN CHINA නේ (හී. හි.)
    මෙච්චරටම රට හිරවෙලා තියද්දීනෙව මිනිස්සු බිල්ලට දීලා බේබිලා චූන් කරන්නේ,
    ඇත්තටම ඔය චන්ද්‍රිකා යවන වෙලාවෙ ඒ සල්ලි වලින් මහවැලි පැත්තේ (H) ගොඩවෙලා තියන වැවක් වත් හාරල
    දුන්න නම් හොද නැද්ද ඒ මිනිස්සු අහස දිහා බලන් ඉන්නෙ සැටලයිට් එනකන් වත් මත්තලට ප්ලේන් එනකන් වත් නෙමෙයි වැස්ස එනතෙක් . ඒ ආවත් වතුර රදවාගන්න විදියක් නෑ වැව් ගොඩවෙලා හින්දා ,රැදෙන වතුර ටිකත් ඇළ පාරවල් දිගේ ගලා යන විට කාන්දු වෙන හින්දා ගොඩක් අපතේ යනවා .
    ඇත්තටම සහන් පෝස්ට් එක නම් ගොඩක්ම පැහැදිලියි සරලයි . ඒත් මම වගේ අයට තේරුනාට මේවා Econ කරපු අයට තේරෙනවා මදි වගේ මට හිතෙනවා .මොකද එයාලා උගත් න්‍යායාත්මක (Theoretical) කාරණා වලින් මුළා වෙලා. (මගෙ මලයත් ජපුරේ ඒකයි) මොන තරම් ඉගෙන ගත්තත් තම දැනුම ප්‍රායොගිකව යොදවන්න බැරි නම් ඵලක් නෑනෙ. (රටේ කරුමෙ වෙන්න ඇති )

    ReplyDelete
    Replies
    1. \\\හැබෑටම අර චීනෙන් හදවලා යවපු චන්ද්‍රිකාවට මොකද දන්නේ නෑ වුනේ ?\\\

      ඒක ගැන මම ලියපු එකක් තියෙනවා. මම මේ බ්ලොග් එකට දාන්නම් වෙලාවක. මොකද මගේ වෘතීමය ෆීල්ඩ් එකනේ.ගොඩක් විස්තර කතා කරන්න පුළුවන් අපිට. මුළු රටේම සන්නිවේදනය හරියට කරන්න පුළුවන් ක්‍රමයක් මම ඉදිරිපත් කරනවා. ඒක බලන්න එන්න මනෝජ් අනිවාර්යෙන් ඔයා..

      \\\\ඇත්තටම ඔය චන්ද්‍රිකා යවන වෙලාවෙ ඒ සල්ලි වලින් මහවැලි පැත්තේ (H) ගොඩවෙලා තියන වැවක් වත් හාරල
      දුන්න නම් හොද නැද්ද ඒ මිනිස්සු අහස දිහා බලන් ඉන්නෙ සැටලයිට් එනකන් වත් මත්තලට ප්ලේන් එනකන් වත් නෙමෙයි වැස්ස එනතෙක් . ඒ ආවත් වතුර රදවාගන්න විදියක් නෑ වැව් ගොඩවෙලා හින්දා ,රැදෙන වතුර ටිකත් ඇළ පාරවල් දිගේ ගලා යන විට කාන්දු වෙන හින්දා ගොඩක් අපතේ යනවා .\\\\


      මෙන්න මේවා තමයි නියම අදහස් මනෝජ්.. වැවක් හදන්න මහා ලොකු මුදලක් යන්නේ නැහැ. අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ සේරම ටික " යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව " සතුයි.. ඕනේ කරන්නේ එන්ජිනේරුවෝ 50 / 60 ක් සහ ඩීසල් විතරයි රියදුරන් එක්ක. අපි වෙලාවක ගණන් මිණුම් ටික හදමු තේරුම් ගැනීමේ පහසුව සඳහා..


      \\\මේවා Econ කරපු අයට තේරෙනවා මදි වගේ මට හිතෙනවා .මොකද එයාලා උගත් න්‍යායාත්මක (Theoretical) කාරණා වලින් මුළා වෙලා.මොන තරම් ඉගෙන ගත්තත් තම දැනුම ප්‍රායොගිකව යොදවන්න බැරි නම් ඵලක් නෑනෙ. (රටේ කරුමෙ වෙන්න ඇති )\\\\

      හරියට හරි මනෝජ්. ඒක තමයි ප්‍රශ්නේ. මම රාජ්ට කිව්වෙත් මේකම තමයි..කොච්චර විභාග පාස් කරත් වැඩක් නැහැ වැඩර් කෙනෙක් නොවී..

      දිගටම එන්න මොනොජ්.. ලොකු හය්යක් ඔයාල වගේ පිරිසක් මේ බ්ලොග් එක වටා ඉන්න එක..



      Delete
  26. අපිට තියන්නේ පික්පොකට් ආර්ථිකයක්.එදා වේල ටුවර්ස් වාගේ එකක්,කාලකණ්නි,සංවේදී නායකයෝ රට පාලනය කරන්නේ මුළු රටෙම ඉන්නේ හරක් කියලා හිතගෙනනේ.

    සහන් හුගක් වටිනවා මේ වැඩේ.දිගටම ලියමු.
    තනි නැහැ සහන් අපිත් ඉන්නවා උඹත් එක්ක.

    ReplyDelete
    Replies
    1. \\\අපිට තියන්නේ පික්පොකට් ආර්ථිකයක්.එදා වේල ටුවර්ස් වාගේ එකක්\\\\

      +++++++++++++++++++++++++++++

      තව කියන්න දෙයක් නැහැ මනෝජ්.. මම මේ හරිම අමාරුවෙන් මහන්සි වෙලා පෝස්ට් එක ලියන්නේ කියවන්න ඔයාල එන නිසා . නැත්නම් මම ලියලා වැඩක්ද ..? මේ පෝස්ට් එකේ අකුරු 36,000 පැනලා ඇති. කොච්චරක් අමාරු උනත් ඉතින් ලියනවා. ඔයාල මේ දේවල් තේරුම් ගන්නවා නම් ඒ ඇති.

      දිගටම එන්න මනෝජ්.. දන්න කියන හැමෝටම ලින්ක් යවන්න..

      Delete
  27. අපේ වගේම ඇමරිකාවෙත් මේ වගේම කේස් එකක් වෙනවා කියලා මේ ඩොකියුමෙන්ට්‍රිය බැලුවම පේනවා.ඔන්න සහන් පුලුවන්නං බාලා බලන්ඩ.

    click here

    ReplyDelete
    Replies
    1. මම උඩ සයුරිට දීලා තියෙන ලින්ක් එකෙත් " ණය වාර්තාව " තියෙනවා. ලෝකේ හැම රටක්ම ණයයි , හැබැයි ණය අරන් ඒ මිනිස්සු කරන්නේ හරවත් වැඩසටහන්.

      අපි කරන්නේ බැලුම් බෝල උඩ ඇරීම.එතනයි වෙනස දිනුක.. යාලුවන්ටත් මේක බලන්න දෙන්න ..

      Delete
  28. ස්තුතියි සවිස්තරාත්මක ලිපියට! ලිපියේ සරල බව සෑහෙන්න වැදගත් තේරුම් ගන්න!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබිත් .. මේ පළමු පැමිණීම නේද ? සාදරයෙන් පිළිගන්නවා.. දිගටම එන්න සහ අනිත් අය එක්කත් බෙදාගන්න මේ කරුණු..

      Delete
  29. ආයේ කියන්න දෙයක් නෑ ඕන මෝඩයෙකුට තේරෙන්න කියල තියනව ලිපි දෙකම. ආර්ථික විද්‍යාව නොදැනගැනීම ගැන නං සතුටු වෙනව ගොඩක්. මොකද දැනගත්තොත් බන්දුල ගුණවර්ධන ලොක්ක වගේ වෙයි නේද මාත්?

    ReplyDelete
    Replies
    1. \\\ආර්ථික විද්‍යාව නොදැනගැනීම ගැන නං සතුටු වෙනව ගොඩක්. \\\

      එකෙන්ම රාජ්..එහෙම උනාම වෙන්නේ පොතෙන් ගණන් හදන එක විතරයි. ප්‍රයෝගික ලෝකෙට එන්නේ නැහැ..කොච්චර කෙළ වෙලා හිටියත් ගණන් හදලා පෙන්නනවා වැඩර් වගේ. ගණන් වලින් වැඩක්ද රාජ් රීම් එකෙන් යද්දී...?


      \\\මොකද දැනගත්තොත් බන්දුල ගුණවර්ධන ලොක්ක වගේ වෙයි නේද මාත්?\\\

      එහෙනම් 2500ට මාසයක් කන හැටි අහගන්න තිබුණා..:D ඔන්න ආර්ථික විද්‍යාව ප්‍රයෝගික ජීවිතේට ලන් කරගත්ත මිනිස්සු දෙන උපදෙස්..

      Delete


  30. සහන්
    මමත් දන්න අයට කියනවා.ඒ වගෙම අපේ උන්දෑටත් කියවන්න දෙනවා මොකද එයා ආර්තික විජ්ජා (කොලඹ) එක්කෙනෙක්. තේරුම් ගනීද දන්නෙ නෑ.


    ReplyDelete
    Replies
    1. ලිපිය බෙදා ගැනීම ගැන නම් ස්තූතියි යාලුවා.. අනිත් යෝජනාව නම් එච්චර පලක් වෙන එකක් නැහැ, කොච්චර කිව්වත් තේරුම්ගන්නේ නැහැ ඒ අය. එයාලව බ්‍රේන් වොෂ් කරලා ඉවරයි.. දළ දේශීය කතා අහලා මට ඇති වෙලා දැන් යාලුවා..

      දිගටම එන්න අනිත් ලිපිත් බලන්න. දන්න කියන හැමෝටම කියවන්න දෙන්න...

      Delete
  31. රෝසී උගන්වයි පවුලක් හදන හැටි
    අහගමු පබාගෙන් ආලය කරන හැටි
    දයාසිරි ගයයි කොළ නිල් මාරු තැටි
    ලාබෙට නිවන් යමු මර්වින් කියන හැටී

    දේශප්‍රේමෙ උගනිමු අපි විමලේගෙන්
    හොර පුසෙකු වගේ නිදනට රනිලුන්ගෙන්
    ණය පිට ණය මතින් ඉදිවන සිහින බලන්
    රෙද්දේ ගියත් ගොය්යෝ අපෙ බෙට්ට කෙලින්!

    ReplyDelete
  32. ඔයාගේ බ්ලොගේ කරන පලවෙනි කමෙන්ට් එක මේක,,,ඒත් මම මේ බ්ලොගේ තියන ගොඩක් පෝස්ට් එකිනෙකා අතර හුවමාරු කරලා තියනවා අඩුම ගානේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලවත් නොදන්න අය අතර පවා,,,ඒ ඔයා ඉතාමත් නොතේරෙන දේවල් සරලව පැහැදිලිව ලියන නිසා....
    ඔය මැදපෙරදිගන් එන අපේ සේවකයන්ගේ සල්ලි වලින් අපේ රටේ ආර්ථිකයේ ලොකු කොටසක් ඇදගෙන යනවා කියනවා නේ,,,එම මුදල් එන්නේ නීත්යානුකූලව,,,ඒත් මේ යුරෝපා රටවලින් අපේ අය ගෙනියන මුදල් රුපියල් වෙන්නේ පුද්ගලික මුදල් හුවමාරු මධ්යස්ථාන වලින්,, විශේසයෙන් රණ් භාන්ඩ අලෙවිසැල් වල තමා ඔය දේ ගොඩක් සිදු වෙන්නේ,,,මම අහලා තියනවා ඔය ගොඩක් විදේශ මුදල් හොර පාරෙන් අපේ රටෙන් පිටට යනවා කියලා...ඒ දේ වලිනුත් අපේ ආර්ථිකයට ලොකු පාඩුවක් නේද වෙන්නේ....ඔය වගේ තැන් වලට රජය ඉඩ දීලා තියෙන්නේ මොකෝ

    ReplyDelete
    Replies
    1. \\\ඒත් මම මේ බ්ලොගේ තියන ගොඩක් පෝස්ට් එකිනෙකා අතර හුවමාරු කරලා තියනවා අඩුම ගානේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලවත් නොදන්න අය අතර පවා,,,ඒ ඔයා ඉතාමත් නොතේරෙන දේවල් සරලව පැහැදිලිව ලියන නිසා....\\\\


      බොහොම ස්තූතියි ඩිලාන් බ්ලොගයට ගොඩ වීම ගැනත් , අනිත් අය අතර ලින්ක් බෙදා ගැනීම ගැනත්. මම දැකලා තියෙනවා ඩිලාන් එනවා. මුලදී මම හිතුවේ සිත්තාරවී එනවා කියලා. එක දිගට පෝස්ට් කියව කියව ඉන්නවා දැකලා තියෙනවා ඔයා.. ඒ ගැන සතුටුයි ඩිලාන්..


      \\\ඒත් මේ යුරෝපා රටවලින් අපේ අය ගෙනියන මුදල් රුපියල් වෙන්නේ පුද්ගලික මුදල් හුවමාරු මධ්යස්ථාන වලින්,, විශේසයෙන් රණ් භාන්ඩ අලෙවිසැල් වල තමා ඔය දේ ගොඩක් සිදු වෙන්නේ,,,\\\

      ඩිලාන් මේ කියන්නේ මුන්ඩියර් ක්‍රමය ගැන නේද ..?

      \\\මම අහලා තියනවා ඔය ගොඩක් විදේශ මුදල් හොර පාරෙන් අපේ රටෙන් පිටට යනවා කියලා...ඒ දේ වලිනුත් අපේ ආර්ථිකයට ලොකු පාඩුවක් නේද වෙන්නේ....ඔය වගේ තැන් වලට රජය ඉඩ දීලා තියෙන්නේ මොකෝ \\\

      ඔය දේවල් වෙන්නේ හොරෙන් ඩිලාන්.. මේ ක්‍රමේදී ලංකාවට කොච්චර මුදල් එනවද , ලංකාවෙන් කොච්චර මුදල් එළියට ගියාද කියලා බලන්න ක්‍රමයක් නැහැ. ශ්‍රී ලංකා රජයට පාඩුවක් වෙනවා තමයි. ඒත් මේ ක්‍රමය යටතේදී රුපියල් බිලියන ගණන් මුදල් එහෙට මෙහෙට යන්නේ නැහැ. ඒ නිසා ලොකු අවුලක් නැහැ.. මේකේ ක්‍රමය වැඩ කරන්නේ මෙහෙමයි.

      01. ඔයා ඉන්නේ ඉතාලි
      02. ඔයාගේ පවුලේ අය ඉන්නේ ලංකාවේ
      03. මගේ නියෝජිතයෙක් ඉන්නවා ඉතාලි
      04. මම ඉන්නවා ලංකාවේ

      05. ඔයා මගේ ඉතාලි නියෝජිතයාට යුරෝ වලින් සල්ලි දීලා කියනවා " මේ සල්ලි ලංකාවේ ඉන්න මගේ අම්මලාට යවන්න " කියලා ..

      06. මගේ ඉතාලි නියෝජිතයා මට කෝල් කරලා කියනවා " ඩිලාන් මට යුරෝ 1000 දුන්නා. ඒ වෙනුවට රුපියල් වලින් ඩිලාන්ගේ අම්මලාට සල්ලි ගෙවන්න " කියලා ..

      07. මම කරන්නේ ඩිලාන්ගේ අම්මලාට රුපියල් වලින් සල්ලි දෙනවා..

      08. මම සහ මගේ නියෝජිතයා අතර සල්ලි හුවමාරු වෙන විදිහ ජිල්මාර්ට් එකක්.. කොහොම හරි අන්තිමට ඩිලාන්ගේ අම්මලාට රුපියල් ලැබිලා.. එච්චරනේ වෙන්න ඕනේ ...


      ඔන්න ඕකයි ක්‍රමය.. මුදල් වලින් මුදල් මවන්න පුළුවන් ඩිලාන්.. මගේ නම් එතරම් විරුද්ධත්වයක් නැහැ එවැනි දේවල් වලට. මොකද බදු වශයෙන් රජය අපෙන් ගන්න සල්ලි විනාශ කරද්දී අපි මොකටද බදු ගෙවන්නේ බඩට නොකා ..? ( නීතියෙන් තහනම් මේ ක්‍රමය ) ආණ්ඩුවේ ලොක්කොම තමයි මුන්ඩියර් සෙල්ලමේ ඉහළින්ම ඉන්නේ...

      රිප්ලයි පරක්කු උනාට සොරි ඩිලාන්..මේ ටිකේ වැඩ වැඩි උනා මට..


      Delete
  33. අසූව දශකෙ යෙන් එක සත පහලවට තියෙද්දි ලංකාව ජපානෙන් ගත්ත යෙන් ණය මුදල් දශක දෙකකට පස්සෙ ගෙවනකොට අද ගෙවන්නෙ කීය ගනනෙද ? කියල වෑඩක් නැ සහන්.. රජ්ජ සේවෙ හිටි හින්දා මං අත්දු‍ටු දේ..

    ReplyDelete
    Replies
    1. ඕවා කතා කරලා වැඩක්ම නැහැ සරත් අය්යේ..ඒ උනාට කතා නොකර ඉන්න ඉන්න ප්‍රශ්නේ උඩු දුවනවා. ඒ නිසායි මෙහෙම හරි ලියන්නේ. දැන් නම් නිකම් ඉඳලා බැහැ සරත් අය්යේ.. මේ නාඩගම් තව තව නැටුවොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ...

      කොච්චර වැඩ තිබ්බත් මේ වගේ දේකට අදහසක් කියලා යාම ගැන බොහොම ස්තූතියි සරත් අය්යේ.. දිගටම එන්න..

      Delete
  34. දිගටම කරගෙන යන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා හැකි පමණ අනිත් අය සමග බෙදාගන්න ..

      Delete
  35. සහනෝ.....මචං උඔගෙ බ්ලොග් එක මට සෙට් උනේ අහම්බෙන් ටෙලිකමිනිකේෂන් ගැන හොයපු දවසක එදා තිබ්බ සැටලයිට් පෝස්ට් කියෙවුවට පස්සෙ මට ආපහු මේ බ්ලොග් එක මතක් උනේ උඔ වෙන කාගෙ හරි සයිට් එකකම කමෙන්ට් එකක් දාලා තියෙනවද දැකල....

    සහන් කියන නම දැක්ක ගමන් උඔගෙ බ්ලොග් එක මීටර් උනා.... මචං මම හිතං හිටියෙ උඔ දන්නෙ ටෙලිකමිනිකේෂන් ගැනයි ඉලෙක්ටොනික් & ඉලෙක්ට්‍රික් විතරයි කියල...බලං ගියාම උඔ නොදන්න දෙයක් නෑ බන්....

    උඔගෙ ලිවීමේ ශෛලිය නං ෆට්ට ෆට ෆට මේ ඉකොන් පෝස්ට් එක එලටම තේරෙනව බන්ස්....ෆට්ට සරලයි...

    දිගටම ලියහං...එලම කිරි.... (y) (y) (y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි ඇගයීමට මචන්.. මම මුළින්ම මේ බ්ලොග් එක පටන් ගත්තේ සැටලයිට් සම්බන්ධ පෝස්ට් කීපයක් ලියන්න තමයි. පස්සේ ඒ වැඩේ එහෙමම යටපත් උනා.. දැන් බලද්දී සැටලයිට් ඇර වෙනත් දේවල් තමයි මේකේ පිරිලා තියෙන්නේ..:)

      මම මෙහෙම හිටියට දේශපාලනයට තදින් ඇලුම් කරනවා. හිටපු හැටියේ දේශපාලන පෝස්ට් වැටුණේ ඒකයි.. තව ඉතින් ඔය පොඩි පොඩි දේවල් කරනවා විවේක තියෙන හැටියට... ඒවා ගැනත් බ්ලොග් එකේ දැම්මා...

      ආර්ථික විද්‍යා පෝස්ට් ටික මම ගොඩක් මහන්සියෙන් හැදුවේ ඕනෙම කෙනෙක්ට තේරෙන විදිහට මචන්..නැත්නම් කිසිම තේරුමක් වෙන්නේ නැහැ නෙව. පුළුවන් නම් මේවා යාලුවෝ සහ දෙමව්පියෝ අතරේ බෙදලා දෙන්න... එයාලට කියවන්න ඉඩක් හදලා දෙන්න...

      දිගටම එන්න මචන්.. කකුළෙන් අදින සමාජයක මෙහෙම වචනෙන් හරි සහයෝගයක් දෙන ඔයාලා මට සතුටක් ...

      Delete
  36. යෙස් යෙස්....උඔගෙ පෝස්ට් වල ලින්ක් මම ෆේස්බුක් වල ෂෙයා කලා...තව යාලුවන්ටත් බෙදල දුන්න....

    ආ සහන්...අර 300% බද්දකට කාර් ගේන්න උනේ ඇයි කියන පෝස්ට් එකේ කමෙන්ට් ලෝඩ් වීම නං ෆට්ට පරක්කුයි වගේ...

    සහනා මේ මගේ අදහස මචං....මට හිතෙනවා මැතිනිය ඉරිසියාවට හරි කාර් ලංකාවෙ හදන එකට බකට් එක ගැහුව එකෙං ටිකක් හරි හොඳක් උනා කියල...

    1 එහෙම ලංකාවෙ අඩුවට කාර් ගන්න තිබ්බ නං අපි මීටත් වඩා නන්නත්තාර වෙන්න තිබ්බ බන් ඒ මොකද අපිට ලොවත් නැති ගානට පිටරට තෙල් ටික ඕනිවෙන නිසා...ඒනං ලංකාව මීටත් කලින් ලොසේ ලොස් ලොස් ඇන්ජලීස් වෙනව :D

    2 ඒ වගේම බන් පරිසර දූෂනේ....විස වායු අනික වාහන වලින් අයින් කරන කොටස් නිසා වෙන පරිසර හානි...අනික ඉවක් බවක් නැතුව පරිසරයට මුදා හරින එන්ජින් ඔයිල්.....

    ඒ වගේම මම උඔට ආරාධනාවක් කරනව fully electric වාහන ගැන සුපිරි පෝස්ට් එකක් ලියන්න...මම fully electric වාහන වලට මහපට ඇඟිල්ල උස්සන එකෙක් නිසා...

    ජීවිතේට පාවිච්චි කර නැති උනත් පෞද්ගලිකව Tesla Model S , Nissan Leaf , Rimac Concept One කියන වාහන වලට පුදුම විදියට කැමති

    බැටරි තාක්ෂණය ගැන...මෝටර් ගැන... නවතම බල මූලාෂ ගැන (කන්සෙප්ට් උනත් කමක් නෑ) මොකද බැටරි කියන්නෙ තවමත් ලොකු බලයක් රඳවල තියාගන්න පුලුවං දෙයක් නෙවේ නිසා... ඔන්න ඔය වගෙ කරුණු ලියල හොඳ පෝස්ට් එකක් ලියන්න පුලුවං නං ලොකු උදවුවක්....

    අනික උඔ අලුත් අලුත් දේ වලට කැමති නිසා මම මේ පොඩි කතාවක් එක්කම මේ ලින්ක් එක දෙන්නං....මමත් ඉස්සර පුදුම විදියට මායා බන්ධන රසිකයෙක් වෙලා හිටිය...එකෙ මකර රජ දහන කතාවෙ තිබ්බ ක්‍රිස්ටල් තාක්ෂණයෙන් බලය නිපදවීමට මම පුදුම විදියට ආස කලා...මම මීට ගොඩ කාලකෙට කලින් දැක්ක රාවණ ගෘප් එකේ අය වගයක් මෙහෙම ක්‍රිස්ටල් තාක්ෂණයෙන් අතිශය ලාභදායී අති විශාල විදුලිය නිපදීමක් ගැන කියල තිබ්බ...පස්සෙ මම මේ ලඟදි දැක්ක බටහිර සයන්ටිස්ල වගයක් ඒක කරන්න යන කතාවක්....

    http://www.wired.co.uk/news/archive/2011-04/15/magnetic-solar-cells

    මේක කියවල බලල උඔගෙ අදහසත් කියපංකො......

    මම මේ කියපුව දිහා බලල මාව පිස්සෙක් ගානට දාවිද දන්නෙ නෑ උඔ :P

    ReplyDelete
    Replies

    1. මැතිනිගෙ පෝස්ට් එක ගැන


      ලෝඩ් වෙන්න වෙලා යන්නේ නම් ඒක සෑහෙන ලොකු පෝස්ට් එකක් නිසා මචන්.. මන් හිතන්නේ අකුරුම දැන් 165,000 ට වැඩියි එතන. බද්ද ගැසීමෙන් අපිට දීර්ඝ කාලීනව අති විශාල පාඩුවක් වෙනවා.

      01.පොඩ්ඩක් හිතපන් 1960 ඉඳලා මේ රටේ වාහන නිෂ්පාදනය උනා නම් රුප්යල් බිලියන කීයක් ලංකාවට ඉතුරු වෙනවද ?

      02.රුපියල් බිලියන කීයක් මේ අවුරුදු 50 පුරාවට ලාබ විදිහට හොයන්න තිබ්බද ?

      03.කී දාහකට නව රැකියා බිහි වෙන්න තිබුනද ?

      04.කී දෙනෙක් ලොරි , බස් , ගොඩමඩ වාහන , ට්‍රැක්ටර් , ඩෝසර් අරන් තමන්ගේම ව්‍යාපාර පටන් අරන්ද ?

      05.වක්‍ර රැකියා අවස්ථා කීදාහක් හැදෙනවද ?

      06.රුපියල් ලක්ෂ 5 ට වගෙත් හොඳ ලොරියක් ගන්න තියේ නම් තමන්ගේම ස්වයන් රැකියාවක් පටන් ගන්න කී දෙනෙක්ට අවස්ථාව හැදෙනවද ?

      07. රටේ භාණ්ඩ හා සේවා අඩු මිලට ලබාගන්න පුළුවන් උනා කියන්නෙම රටේ සංවර්ධනය ඉක්මන් වෙනවා කියන එක නේද ..?


      ඉහත වාසි එක්ක බලද්දී අපිට යන්න පුළුවන් දුර වැඩියි...පරිසර දූෂණය වෙන්නේ නැහැ අලුත් වාහන ප්‍රමිතියකට අනුව ධාවනය කරද්දී.. පරණ හුචක්කු දුවද්දියි වායු දූෂණය වෙන්නේ මචන්. ( fuel to air ratio එහෙ මෙහෙ වෙද්දියි කාබන්ඩයොක්සයිඩ් වෙනුවට කාබන්මොනොක්සයිඩ් පිට වෙන්නේ. ඒ වගේමයි අමු කාබන් පිට වීමත් වෙනවා , සාමාන්‍ය වහරේදී දැලි විදිහට එළියට එන්නේ ඒවා )

      _____________________________________________


      අලුත් පෝස්ට් ලිවීම ගැන


      මාත් ආසම මාතෘකා ටිකක් තමයි ඔය. ඒත් තවම හරි කාලයක් ආවේ නැහැ ලියන්න.. මොකද එවැනි ලිපි ආසාවෙන් බලන අයත් ඉන්න ඕනෙනේ ඔයාලා වගේ..කියවන්න අය ඉන්නවා නම් මම ලියන්නම් ...ස්තූතියි අදහසක් දීම ගැන...

      නවතම බල මූලාශ්‍ර ගැනත් ලියන්නම ඕනේ..මගේ ඔලුවේ සෑහෙන කාලයක් තිස්සේ එවැනි දේවල් වැඩ කරනවා ...තාම ලියන්න අවස්ථාවක් ආවේ නැහැ.. මම එවැනි ලිපි ලියන්න කැමති එකම පෝස්ට් එකක් විදිහට.. කොටස් කරලා ලිව්වට වැඩක් නැහැ... ඒ නිසා එකම පෝස්ට් එකක් විදිහට ලියන්න ( හැකි තාක් කරුණු ) කරුණු එකතු කරමින් ඉන්නේ...

      පොඩ්ඩක් බලන්න මගේ අකුණ පෝස්ට් එක... ඒක තුළදී මම පොඩ්ඩක් අලුත් බලශක්ති ප්‍රභව ගැන කියලා තියෙනවා...මායාබන්ධන ගැනත් ඒකෙ ඇතුළත් ... අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ ශක්තිය විසිර යාම ගැන වෙනත් කරුණු


      මම අනිවාර්යෙන් ඔය ලිපිය කියවන්නම් මචන්..ඒ ගැන මම ලිපියක් ලියන්නම් අනිවාර්යෙන්ම....ස්තූතියි මෙහෙම මහන්සියෙන් කමෙන්ට් එකක් දැමීම ගැන.. පුළුවන් නම් ප්‍රොෆයිල් එකක් හදාගන්න මචන්.. ඒක ලේසි අදහසක් කියද්දී..


      Delete
  37. හපොයි සහන් මයෙ නම පුරසිද්ද කරන්ට නං කැමති නෑ නොව o.O

    සහන් හරි....රැකියා සීන් අරව මේව ඔක්කොම හරි... ලාභයත් හරි කියමු මචං.... තෙල ගන්නෙ වෙන්නෙ අරාබිකරෙං නෙ බන්.... ඔය උඔ කියපු වාහන අඩුවට අරං ඉතුරු උන ලාභ කුට්ටිය අර අරාබිකරේට කුඩු උනාට පස්සෙ අපිට ඉතුරු වෙන්න සල්ලියක් තියේවිද මචං....

    උඔට හිතෙන්නෙ නැද්ද අද ලංකාවෙ තියෙන වාහන ප්‍රමාණය 3-4 ගුණයකින් වැඩි වෙලා තිබ්බ නං අපි අරාබියෙන් කොච්චර තෙල් ගන්න වේද බන්....

    අනික බන් තෙල් එන්ජින් වාහන වල කාර්‍යකෂතාවය ගොඩක් අඩුයි නේද..අනික මම කලින් කියල කිවුව වගේ ලුබ්රිකන්ට් ඔයිල් පිරිසරයට බැහැරකිරීම නිසා වෙන පරිසර හානි...

    අනික මචං අපේ උන් සල්ලි තිබ්බත් එන්ජිම පුපුරලම යනකං වාහනේ වැඩගනියි... :D පරිසරටෙ කෙලවෙනව කියල දුකක් නෑ එන්ජින් නඩත්තු හරියට කරන්නෙ නෑ


    මම ඒ අකුණු පෝස්ට් එක ගැන කලින් කියෙවුව මචං...ඒකෙ අර ද්‍රැව වෙන්කරල අධික ශක්තියක් නිපදවීම ගැන වෙන්න ඕනි සහන් කියන්න හැදුවෙ....

    සහන් මේක අතුරු ප්‍රශ්නයක්.... ටයර් පරිසරයෙදි ස්වාභාවිකව දිරල යනවද? අනික රබර් වල්කනයිස් කරනකොට පරිසර හානි වෙන්නෙ නැද්ද?

    අනික තමයි මම දැක්ක සහන් බ්ලොග් ලිවිල්ල නවත්තන්න යන කතාවක්..... මට ඒ සීන් එක හරියට තේරුනෙ නෑ...මොකක්ද ඒ කියල තිබ්බෙ....තව පෝස්ට් 30 ක් විතර ලියවෙයි ඊට පස්සෙ බ්ලොග් ලිවිල්ලට සමු දෙනව කියල තිබ්බෙ..... o.O

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් තියෙනවනේ බන් අපි එදා ඉඳන්ම සුපිරි වාහන පවිච්ච්චි කරන්න හුරු වෙලා උන්න නම් අද වෙද්දී නීට් එකට වාහන පාවිච්චි කරන ජාතියක් වෙන්න තිබ්බා.. අලුත්ම තාක්ෂණික ක්‍රම , පරණ එන්ජින් ඔයිල් බැහැර කිරීමේ ක්‍රම එහෙමත් අපි නූලට භාවිතා කරන ජාතියක් වෙන්න තිබ්බා.. ඒ කාලේ ඒ ගැම්ම ගත්තා නම් අද ලෙසටම කට්ටිය වාහන පාවිච්චි කරනවා වෙන්න පුළුවන් නේද ..? මම කියන්නේ ආකල්පමය වශයෙන් අපි මීට වඩා වෙනස් වෙලා එහෙනම්....



      \\\උඔට හිතෙන්නෙ නැද්ද අද ලංකාවෙ තියෙන වාහන ප්‍රමාණය 3-4 ගුණයකින් වැඩි වෙලා තිබ්බ නං අපි අරාබියෙන් කොච්චර තෙල් ගන්න වේද බන්....\\\

      අපේ රටේ රථවාහන නිෂ්පාදනය වැනි දේවල් උනා නම් අපේ මුදලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහළ අගයක් වෙන්න තිබ්බා. ඒ කියන්නේ අඩුම තරමේ " ඩොලර් 1 = රුපියල් 35 " මට්ටමට එන්න තිබ්බා නේද ..? අනිත් එක වාහන අරන් මිනිස්සු නිෂ්පාදන කරනවනේ.. ඒවගෙන් මුදල් ඉපයීමක් වෙනවනේ .. ඉතින් ආර්ථිකය ශක්තිමත් වෙනවා.. රුපියල බහින්නේ නැහැ..මම මේ පෝස්ට් එකෙත් කියලා තියෙන්නේ ඒ ගැන.. ( අඩුම තරමේ මේ තරම් බහින්නේ නැහැ )


      \\\\අනික මචං අපේ උන් සල්ලි තිබ්බත් එන්ජිම පුපුරලම යනකං වාහනේ වැඩගනියි... :D පරිසරටෙ කෙලවෙනව කියල දුකක් නෑ එන්ජින් නඩත්තු හරියට කරන්නෙ නෑ\\\

      ++++++++++

      \\\සහන් මේක අතුරු ප්‍රශ්නයක්.... ටයර් පරිසරයෙදි ස්වාභාවිකව දිරල යනවද? අනික රබර් වල්කනයිස් කරනකොට පරිසර හානි වෙන්නෙ නැද්ද?\\\

      ඒවා දිරන්න සෑහෙන කාලයක් යනවා. අඩුම තරමේ අවුරුදු 25 ක් වත්. දිරනවා කිව්වට 100% දිරීමක් වෙන්නේ නැහැ.. පරිසර හානි නම් කොච්චර කරත් වෙනවා මචන් කාර්මික නිෂ්පාදන නිසා..කාර්මික අපද්‍රව්‍ය බැහැර කරන්න ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් ඕනේ.. ( මොනවා තිබ්බත් ඕවා හරියට කරන්න බැහැ නේද ප්‍රයෝගික මට්ටමට එද්දී ? )

      \\\\අනික තමයි මම දැක්ක සහන් බ්ලොග් ලිවිල්ල නවත්තන්න යන කතාවක්..... මට ඒ සීන් එක හරියට තේරුනෙ නෑ...මොකක්ද ඒ කියල තිබ්බෙ....තව පෝස්ට් 30 ක් විතර ලියවෙයි ඊට පස්සෙ බ්ලොග් ලිවිල්ලට සමු දෙනව කියල තිබ්බෙ..... o.O\\\

      මම ටිකක් ඉන්නේ අසනීපෙන්. ඒ නිසාමයි නිවාඩු අරන් මේ විදිහට නිදහසේ ඉන්නේ අවුරුදු දෙකක් විතර ඉඳන්.. ඒ නිවාඩුව අවසන් වෙනවා මේ දෙසැම්බර් වලින්.. ඉතින් ඊට පස්සේ මට මේවා ලියන්න කාලයක් ලැබෙන එකක් නැහැ... ඒ වගේම මගේ අසනීප තත්ත්වෙත් හොඳ නැහැ...මීට මාස දෙකකට වගේ කලින් ඔලුව උස්සන්න වත් බැරි මට්ටමට අසනීප උනා.. හොඳටම අමාරු වේගෙන එන්න කලින් ඉක්මණට මේ ආර්ථික විද්‍යා පෝස්ට් ටික ඉවර කලේ..මට හොඳටම අමාරු උනොත් එහෙම මේවා ඉවර කරන්න වෙන්නේ නැහැනේ ...



      Delete
    2. \\මම ඒ අකුණු පෝස්ට් එක ගැන කලින් කියෙවුව මචං...ඒකෙ අර ද්‍රැව වෙන්කරල අධික ශක්තියක් නිපදවීම ගැන වෙන්න ඕනි සහන් කියන්න හැදුවෙ....\\\

      මේක මචන් දැනට අපිට මේ ප්ර්තුවිය තුළ කරන්න බැහැ. ඒ කියන්නේ දැනට කන්සෙප්ට් එකක් පමණයි...අනිත් එක මේ ක්‍රමය සාර්ථක උනා කියන්නේ දැනට අපි දන්න භෞතික විද්‍යා මූල ධර්මත් වෙනසකට ලක් වේවි .. මම විස්වාස කරන විදිහට මේක සාර්ථක වෙන එකක් නැහැ අපේ ජීවිත කාලය තුළ..

      ක්වොන්ටෝම් බලශක්ති උත්පාදනයේම තව phase එකක් විදිහටත් මේක සළකන්න පුළුවන්.. (ශූනත්වයේ පවත්නා ශක්තිය ගැන තමයි මේ අවස්ථා දෙකේදීම කතා කරන්නේ. නමුත් ක්වොන්ටම් ෆිසික්ස් සහ මේක පටලගන්න එපා.. තනිකර වෙනස් වූ මාර්ග වල යන්නේ හරිද. )

      Delete
  38. hah.... සහන් කියන කතාව සමග එකඟ වෙමි.....

    හදන්න පුලුවං නං හොඳම දේ තමා කාර් වෙනුවට anti-gravity වාහන... ඒකත් ඉතිං අපි ජීවත් වෙලා ඉන්න කාලෙ එන එකක් නෑ වගේ... :'(

    මොකක්ද සහන්ට ඔය කියන තරං බරපතලව තියෙන අසනීපෙ.....කිවුව විදියට නං අතිශය බරපතලයි වගේ.... :O

    ReplyDelete
  39. අවුරුදුදකට කිට්ටු කාලයක් තිස්සේ බ්ලොග්ස් කියවන මට අද තමයි අර්තවත්ම බ්ලොග් ඒක කියවන්න ලැබුනෙ කියන සතුටින් යුතුවයි මේ කමෙන්ටුව දමන්නේ. හරියටම කියනවනම් තරහ වෙලා හිටපු ගැහැනු ලමයගෙන් කෝල් ඒකක් ලැබුනම අැතිවෙන අාකාරයේ හැගීමක් හිතට දැනෙනව. අද සිකුරාදා, නිවාඩු දවසේ උදේ වරුවම කලේ ඔබේ පෝස්ට් දෙකයි කමටන්ට්ස් ටිකයි කියවපු ඒක විතරයි. හිතට ලොකු සහනයක් දැනෙනවා මෙතෙක් කල් සොයපු දෙයක් හමුවුනහම වගේ.

    දයාල් බතී ගේ පෝස්ට් ඒකට දාලා තිබුනු කමෙන්ටුවේ තිබුණු ලින්ක් ඒකෙන් තමයි හොයා ගත්තේ. අැත්තටම ඔබේ උත්සාහය කාලීන අවශ්‍යයතාවයක්. දැනටත් ප්‍රමාද වැඩිද කියලත් හිතෙනවා. අපේ, අාර්ථිකය හැසිරෙන අාකාරය පිලිබද අැති දැනුම අල්ප නිසා දේශපාලනඥයින් අපව මොනතරම් ගොනාට අන්දවනවාදැයි පැහැදිලි වන්නේ දැනුයි. මේ රජය ගෙනයන වැඩපිලිවෙල පිලිබදව මම කොහොමත් හිටියේ අසතුටින්. නමුත් ඒය අාර්ථිකමය අතින් මෙතරම් බරපතල හා හානිදායක බව වැටහුනේ ඔබේ පෝස්ටුව කිවීමෙන් පසුවයි. කරුනු ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඔබ ගෙන තිබූ උත්සාහය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රටේ රාළ... මමත් ඔබව නිතර දකිනවා W3 එකට එනවා.. මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා ඔබ තුමාව මුළින්ම. මම හිතන් ඉන්නේ මේ විදිහේ පෝස්ට් කීපයක් ලියන්න ආර්ථිකය , සංවර්ධනය ,,, නව ව්‍යාපෘති ගැන එහෙමත් ඇතුළත් කරලා..තවම මට වෙලාවක් ලැබුණේ නැහැ ඉවරකරන්න...


      ඔබට හැකි නම් අනිත් ලිපිත් කියවන්න... ( විනෝදශීලී සරළ පෝස්ට් උනත් ඇති..නැත්නම් එක දිගට බරපතල ඒවම දැම්මම කට්ටිය එන්නේ නැහැ. ) මගේ සේරම ලිපි ටික ලියල ඉවර උනාට පස්සේ පොඩි වැඩක් කරන්න ඉන්නේ රටේ සියලු දෙනා අතරට මේ පණිවිඩය ගෙනියන්න ...

      එතෙක් ඔබලාත් දන්න කියන අයට මෙහි ලින්ක් එක ලබා දෙන්න... හැකි පමණ අනිත් අය සමග බෙදාගන්න... මම දයාල්ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මෙත් ඒ පරමාර්ථයෙන්...

      Delete
  40. අද තමා මම මේ ලිපිය දැක්කේ සුපිරි :)

    ReplyDelete
  41. උබනම් සුපිරි බන්... බයවෙන්න එපා අපි ඉන්නව ඔයත් එක්ක දිගටම වැඩේ කරගෙන යමු... මේ ලිපියෙන් ලබාගතු අවබෝදයනම් කවඩාවත් ලබගන්න බෑ.. මම maths කරන්නෙ අපෙ කොමස් කරන පොරවල් ටිකක් කොමස් ක්‍රමේට මට මේ රටේ ආර්තික වර්දනය ගැන පම්පෝරියක් ගැහුව.. උබ හිටියෙ නැත්නම් මට බැරිවෙනව එයාලගෙ ක්‍රමේටටම කියල දෙන්න.. හෙට දෙන්නම් ගේම.. ඔබට ජය

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili