දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 10, 2012

ඔබත් බණ ටිකක් ඇහෙද්දී , දකිද්දී හෙමීට පැත්තකට වෙන කෙනෙක්ද?



මාත් එහෙමයි , ඒකයි මේක ලියන්නේ .බොරුවට පිටු පුරවන්නැතුව කෙලින්ම කියන්නම් " තමුසේ අන්‍ය ආගමික බටහිර ගැත්තෙක් මේක කන්න ආපු" කියලකිව්වට කමක් නැහැ . දැන් වත් බොරු දේශ ප්‍රේමය , සිංහල ගැති  කම බල්ලට දාල කෙලින් හිටියම ඇති. ඔතොකොට ගානට බුද්ධාගමත් රැකිලා , රටත් මොනවා හරි ඇත්තටම හොද පැත්තකට යයි.

             ඉස්කෝලේ එකේ ඉඳන් ඉගැන්නුවා, දහම් පාසල් ගියා ලස්සන කතන්දර ඉගෙන ගත්තා.6, 7 වගේ වෙද්දී ටික ටික තරග , අනන් මනං ඒකෙත් පොලින් ගැහුනා . අපිත් දහම් පාසල් යන්නේ කථික තරගෙට , දහම් දැනුම තරගෙට , සමස්ත ලංකා කියල තව මොකක් හරි එහෙකට .අන්තිමට ධර්මයක් නම් ඉගෙන ගත්තේ නැහැ , ඉගැන්නුවෙත් නැහැ . උගන්නන්න හිටියේ එක්කෝ ලතා ටයිප් අය්යල නැත්නම් හැරීම දැහැමි අක්කල , නැත්නම් එක දාගන්නදගලන ඇන්ටිලා ටිහකුයි අන්කල්ලනම් අඩුයි මේ වගේ බොරු වැඩ වලට ආව.අරකෙන් අය්යලයි අක්කලයි ගත්තොත් එයාලත් මන් කලින් කිව්වා රේස් එකේ දුවල මුල් පෙළෙම හිටිය අය . ඉතින් කොහෙද එයාල ලග මානව දයාව?බුද්ධ ධර්මයෙන් අපිට දෙන අනුන් පරයා පෙළ නොගැසෙව් කියන පණිවිඩේ ? අර ඇන්ටිලා ගැන නම් කියන්න දෙයක් නැහැ දහම් දැනුමක් දෙනවා  නෙවේ මහා මෙරක් අපි කරනවා කියල පෙන්නිල්ලක් ඇර ..අපිට කොහෙද ඉගැන්නුවේ බුද්ධාගම කියන්නේ හිත නිවන , නිවාගන්න තියෙන දහමක් කියල ? සූත්‍ර 18,000 තියෙනවා ,එත් අපි දන්නේ

 රාහුල ඉපදුන දවසේ සිදුහත් කුමාරයා ගියා , ආයේ එද්දී යශෝදරා පන්සලට යැව්වයි ,මට නම් සත පහක අමුතු දෙයක් , පණිවිඩයක් ඇවිත් නැහැ ඔය කතාවෙන් " අහ් එහෙනම් ඒක උනේ එහෙමයි" ඇර ..

 වටු කුරුල්ලෝ ටික එකතු වෙලා වැද්දට ගේම දීපු හැටියි, ( උබලටත්  සෙට් උනොත්  ඕන ගේමක් දෙතෑකි වගේ , ගොඩක්පොඩි හින්ද ගේම් දීල ගන්න ඒවා නොතිබ්බ හින්ද හොදයි  )

වදුරෝ ටික ස්ට්‍රෝ  හදන් වතුර බීපු හැටියි ( මට නම් තව එක කතාවක් විතරයි ළමයින්ට නින්ද යනකම් කියන )

කාන්තාරේ යද්දී උණ පැලයක් දැකලා මහා තීක්ෂණ ඥානයක් පහල වෙලා ලිඳක් කපපු එකයි ( නිකන් කතා විතරයි , අන්දරේගේ කතා තියෙනවා ඊට වඩා පණිවිඩ දෙන )

තව යක්කු රැලක් එද්දී බේරුන හැටියි ( ඕව ඊට වඩා හොදට G.I.JO එකේ ගියා මතක ඇතිනේ 80's  අයට  )





 පටාචාරට වෙච්ච හරි දුක හිතෙන කතාවයි , ( ඒකෙන් කොච්චර පණිවිඩයක් දෙන්න පුලුවන්ද මිනිහෙක්ගේ සේසතම නැතිවෙද්දීත් ධර්මයේ මග ගියොත් ඒවා දරාගන්නේ කොහොමද කියල, එත් අපි නම් ඇහුවේ පටාචාර හෙළුවෙන් එද්දී බුදු හාමුදුරුවෝ දැකල එක පාරට බකස් ගාල පාඩුවේ පැත්තකට උනා , ඔතොකොට රෙද්දක් දැම්ම පින්වතෙක් , ඊට පස්සේ කතාව ඉවරයි , සභා තොමෝ සතුටින් විසිර ගියා , පටාචාරට ඊට පස්සේ ඉඳන් කිව්වේ පටාචාරා මෙහෙණින් වහන්සේ කියල ..

                        දැන් අපි ලොකු මහත් වෙලා  අපිට ඔය වගේ සිද්දි  වෙද්දී අපිට උගන්නලා තිබ්බ නම් එදා පටාචාරගේ සිද්දිය වෙද්දී එයාව කොහොමද දුකින් මිදෙව්වේ, දුක දරාගන්න හැටි ඉගැන්නුවේ කියල අපිට අවුට් යන දෙයක් වෙද්දී අපි ඒවට නොවැටී මූණ දෙනවනේ.ඒවා උනේ නැහැනේ , "ඉතින් බණ මොනාද ? අපි ඉන්නේ අපේ හයියෙන්නේ " වගේ දෙයක් නෙවේද වෙලා තියෙන්නේ ?)


              අංගුලිමාල අම්ම මරන්න යද්දී බුදු හාමුදුරුවෝ ඇවිත් බණ කියල ශේප් කරන් පන්සලට එක්කන් ගිහින් මහණ කරා පස්සේ එයාට කිව්වේ අංගුලිමාල රහතන් වහන්සේ , එත් කරපු පව් වල මහත කියන්නේ  එයාට පින්වතුන් ගල් පවා සමහර දාට ගැහුවා .(ඒකෙන් තමා මහා ලොකුවට පවේ ආදීනව පෙන්නන්න හදන්නේ අපිට ධර්මය කියල දෙන්නේ ගල් ගහපු එකෙන් .) පස්සේ  දවසක් ළමයෙක් හම්බෙන්න හිටිය කෙනෙක්ට පිරිත් කියල සනීප කරා ,ඒක හරි බලගතුයි , අදටත් ඒකයි ඒක කියන්නේ ..ඔන්න ඔච්චරයි අපි නම් දන්නේ ..

In here I have embedded the player , which is playing you Anguli maala
piritha with it's highest quality. Take a listen .









ඔය කතාවේ කොච්චර පණිවිඩ දෙන්න තියෙනවද හැදෙන ළමයෙක්ට

01.  ගුරුවරයා නෙවේ මහා ඒජන්ත කිව්වත් වැරදි දේ වැරදියි ,ඒත් අපිට නම් ඉගැන්නුවේම ගුරවරයා යනු දෙවියාය ,ඔහුගෙන් තොර ලොවක් ලොවෙත් නැත, ඔහුට එරෙහි වන්නන් සියල්ලම පාපතරයෝය . ඉතින් වෙන්නෙම තව තව අන්ගුලිමාලලම , අංගුලිමාල කතාව කියන්න ගිහින්ම හැදෙන එක නෙවේද? කොහෙද කව්ද ඉගැන්නුවේ අන්ගුලිමාලට උගන්නපු ගුරුවරයා කියන මනුස්ස වේසෙන් හිටපු බල්ලා  හින්දයි අර අහිංසක කොල්ල පාදඩයෙක් උනේ , ඒ වගේ මනුස්ස වෙසෙන් අපි අතරත් පාදඩයෝ ඉන්නවා අදටත්, ඉතින්  පරිස්සනුත් වෙයල්ලා , ඒ වගේම උබලත් එහෙම අවජාතක වැඩ කරන්න එපා කියල..

02. මොන තනතුරු තාන්න මාන්න පෙන්නුවත් වැරදි දේ වැරදි ,අංගුලි මාලට ගුරු ගව්රවය පුදන්න කියලනේ මේ වැඩේ කෙරෙව්වේ,උඩින්  එකක් පෙන්නලා යටින් වෙන දෙයක් ගැහුවේ . අනේ ඕක එදා අපිට ඉගැන්නුවේ නැත්තේ ඇයි කව්රුත් ?ඕව කියල දුන්නනම් අපි මේ තරම් පපඩම් වලට රැවටෙනවද දේශ පාලන , ආදර , සහෝදර , ප්‍රේම , මානව හිතවාදී , ජාති මාමකත්වය, සිංහල කම,බුද්ධාගම වගේ එක එක වේසෙන් එන ?

03. තමන්ට ඉරිසියාවට වටේ පිටේ යාළුවො වගේ  ඉන්න උන් මොනවා හරි අංචියක් ඇදල විනාසම කරලා දානවා ඒ හින්ද පරිස්සම් වෙයන් ,වැදගත්ම දේ අනුන්ට ඉරිසියා කරන්න එපා , උබලත් ඒ වගේ බලු වැඩ අහිංසකයන්ට කරන්න එපා තමන්ට තැනකට එන්න බැරි උනාට , පුළුවන් තරම් අනික් එකට උදව් කරපන් ඒකව විනාස කරන්නැතුව වගේ ඒවා කිව්වේ නැහැනේ කව්රුත් .මේ මුළු අංගුලිමාල කතාවම දුවන්නේ මේ සිද්දිය උඩ . අනේ ඉතින් මේවා උගන්නන්නේ නෑනේ ..

04.අහල පහල ඉන්න ගෑනුන්ට පමණට වඩා වෙන්න  ලං  එපා , කොයි වෙලේ අනිත් පැත්තට තියල අබරයිද දන්නේ නැහැ ,පරිස්සන් වෙයන් , උබලත් එහෙම වැඩ කරන්න එපා , උනොත් වෙන්නේ අංගුලිමාල වගේ සිද්දියක් කියලත් කව්රුත් උගැන්නුවේ නැනේ .

05. උබලත් ගුරුවරු වෙච්ච දාට මේවා පාඩම් විදිහට ඉගෙන ගනිල්ලා කියල ඉගැන්නුවෙත් නැ .

06. වැදගත්ම දේ මුළු පුඩියම හෝල් සෙල් කැවේ අංගුලිමාල ,මේක කරපු බල්ලෝ ටිකට මොකද උනේ කියල අදටත්  මන් දන්නෙත් නෑ. පව් අංගුලිමාල ගල් පාරවල් කකා  හිටියලු. අනේ පව් එයා .

07. මුළු ලෝකෙටම වැරදි කාරයෙක් කියල හංවඩු ගැහෙද්දි ඇත්තටම උනේ මොකක්ද කියල තේරුම් බේරුම් ඇතුව හොයල , ඒ මිනිහගේ ප්‍රශ්නෙට ඇත්තටම ගැලපෙන උත්තර ටිකක්practical සීමාවෙන් හොයල දීල , ඒ මිනිහ එක්ක ටික කාලයක් ඉඳල , ඒකව ගොඩ දාලා , ඌ ඔලුව උස්සනවා බලන් ඉඳල ලබන සතුට මොන තරම්ද කියලත් කව්රුත් කියල දුන්නේ නැත්තේ ඇයි ? අපි දන්නේ අංගුලි මාල කැලේ  ඉද්දි , බුදූ  හාමුදුරුවෝ ගිහින් පොඩ්ඩක් මරුවා සමග වාසේ එකේ වගේ ඇම්බුෂ් කරලා , සතුරාව හති වැට්ටවීමෙන් මෙල්ල කරලා, ඉන් පසු බකස් ගා මෙල්ල කරා කියලනේ ..අර වගේ දෙයක් අපිට ඔලුවලට වැටිලා නැහැනේ ..

                     සෝපාකගේ සිද්දිය අපි දන්නේ හෙන දුප්පත් මෙලෝ රහක් නැති දුප්පත් ඩයල් එකක් , බුදු හාමුදුරුවන්ගේ මහා .......කරුණාව නිසා හනේ අප්පේ නිවන් දැක්කා කොච්චර ලොකු පිනක්ද, සාදු කියන්න පින්වතුනි ..දැන් ඕක අහල කව්ද දුප්පත් ළමයෙක්ව නිවන් නෙවේ පොතක් අරන් දීල තියෙන්නේ ? ආ , බා , කා ගගා යාන්තන් 6, 7 grade ඉද්දිත් ගොත ගගහ පොතක පිටු කියවන්න හදද්දී " පැටියෝ මෙහෙමයි අකුරු කියල මහ දෙයක් නැහැ , අපි මේ කතා කරනවචනම කොහේ හරි ලියල තියන්න හද ගත්ත දෙයක් මිස" කියල ඒ ළමයට අකුරු කියෙවේ...කන්න නැතුව ඉද්දි පාන් කෑල්ලක් අරන් දිව්වේ " අනේ අර ළමයට කන්න වත් තියෙනවද දන්නේ නැහැ" කියල අනිත් ළමයි අයිස් ක්‍රීම් කද්දී ආසාවෙන් බලන් ඉද්දි රු 2 අයිස් පලමක් අරන් දුන්නේ ?

.                               ..අනේ පිඬු සිටු තුමාගේ කතාවේ අපි දන්නේ මෙලෝ රහක් නැතිව අම්මෙක් අප්පෙක් නැතිව ( අහ් නෑ එච්චර දන්නෙත් නැහැ සොරි ) ඉඳල ලොකුම සල්ලි කාරයෙක් වෙලා පස්සේ බුදු හමුදුවන්ට මහා විසාලෙට දාන මාන දුන්න කියලනේ .එත් අපි දන්නවද එයා කොච්චර මානසිකව විදෙව්වද තමන්ගේ පහු ගිය අතීතෙන් ආව දායාද නිසා කියල ? ජීවිතේ කිසිම දාක තමන්ගේ අම්මා තාත්තා දාපු නම අහල නැහැ , එයා දන්නේ නැහැ තමන්ගේ නම , ජීවිතේ කිසිම දාක හිතන්න බැරි තරම් ධනයක් තිබ්බ එයාට,කරන්න දෙයක් තිබ්බේ නැහැ එයාට , මානසිකව හැමදාම විදෙව්වා තමන් ආවේ කොහෙන්ද කියල හොය හොයා. අන්තිමට බුදු හාමුදුරුවෝ තමයි පළමු හමුවීමේදීම  "සුදත්ත මෙහෙ එන්න " කියල කතා කරේ , එදා තමයි ඒ මිනිහ තමන්ගේ නම ඇහුවේ මුළු ජීවිතේටම . එහෙම මිනිහෙක්ගේ මානසිකත්වය හිතා  ගන්න පුලුවන්ද ?ඊට පස්සේ තමන්ගේ මුළු සේසතම වියදන් කරා ධර්මය වෙනුවෙන් . එත් එයාට සල්ලි හම්බුනේ කොහොමද ? එයා බැංකු කරුවෙක් , මිනිස්සුන්ට සල්ලි ණයට දෙනවා පොඩි මුදලක් නැවත අරන් පොලියක් විදිහට .ඒ මිනිහට කොච්චර සමාජෙන් බලු වැඩ උනත් බුදුන් හම්බෙන්න කලින් උනත් සමාජෙන් පලි ගත්තේ නැහැ. මෙහෙම කරද්දී අනික් මිනිස්සු මෙයාගේ හොද හිතින් ප්‍රයෝජන ගත්ත , අන්තිමට මෙයාගෙන ගත්ත ණය ගෙව්වේ නැහැ , මෙයා " කමක් නැහැ ඒ මනුස්සයට නැති නිසානේ දෙන්න බැරි " කියලා හිටියා.කවදාවත් ණය හොයන් ගියේ නැහැ . මේක දැනගත්ත අනික් කපටි කයිරාටික මිනිස්සුත් කරේ මෙයාවම හූරන් කෑවා . හිත හොද ගෑනි හැමදාම බඩින් වගේ  අන්තිමට උන දේ දන්නවද,එයා හොදටම දුප්පත් උනා . ගෙදර අන්තිමට උයන්න පුළුවන් උනේ යන්තන් කාඩි හොද්දක් ( පොලේ ගිහින් අන්තිමට ඉතුරු වෙච්ච බෝංචි නැටියි,ගෝව කෑලියි , පොලොස් පලුයි , කුණු වෙන්න ලග ළූණු කොළයි වගේ ඒවා දාල හදාගත්ත හොද්දක් ) එක්ක යව ( අශ්වයන්ට කන්න දෙන ඇට ජාතියක් ) බත් විතරයි . ඕව කිව්වද අපිට කොහොම හරි වචනේ දාල මුළු සේසතම ගන්න බලන ගනින්නාන්සේලානේ හිටියේ අපිට .ඕව අපිට එදා කියල දුන්නනම්   

                      හිතන්න බැරි තරම් යාන වාහන මොන්ටෙරෝ සපෝර්ට් , තමන්ගේ නමින් මාසෙට කෝටි ගානක් සල්ලි හම්බෙන දේවල්  තිබ්බත් තමන්ට කියල මොන බල්ලෙක් වත් නැති අය දැකල නැද්ද?එහෙම වෙච්ච කෙනෙක්ගේ මානසිකත්වය දන්නවද ?ඒ මිනිහට කොහේ ගියත් කව්රුත් නැහැ ඇත්තට . ඉන්නෙම තමන්ගේ වාසියට පන දීගෙන එන හිවල්ලු .ඒ නිසා හොරෙන් ඇවිත්  අනිත් අය දිහා බලල යන්තන් හිනා වෙලා සමහර විට එයාලට රෑ කෑම ගන්න 5 star හොටෙල් එහෙක invitation අතට දීල" plz take this for me " කියල    ගිහින් ඒ දෙන්න සතුටින් ඉන්නවා දැකල සතුටු උනත් තමන්ගේ හිස් තැන්ගැන ගෙදර  ඇවිත් රෑට අඬන මිනිස්සු නැහැ කියලද හිතන්නේ ? එහෙම අඩද්දී ගෙදර ඉන්න පූස් පැටියා විතරක් ලගට ඇවිත් ඥාව් ඥාව් ගගා  මූණ ලෙව කන මිනිස්සු නැහැ කියලද හිතන් ඉන්නේ ? හැම දේම තියෙන මුකුත් නැති මිනිස්සු දැකලම  නැද්ද ?



ඉතුරු ටික පස්සේ ලියලා දාන්නම් .  

*
*
*
*
*
*
*
*....

ඉතින් අපිට ඇවිත් නැහැනේ බුදු හාමුදුරුවන්ගේ මහා කරුණාව සාදු කියන්න .
....
                         ඔය වගේ අනන්ත කතා ත්‍රිපිටකයේ තියෙනවා මොන්ටිසෝරි යන කාලේ ඉඳල මිනිහෙක්ට ජීවිතේ හදාගන්න ගමන් ලෝකෙත් හොද තැනකට ගෙන්න තරම් හිතක් අපි ලගම හදාගන්න .එත් ඕව මොකෙක් වත් උගන්නල නැහැඅපිට. ඉස්කෝලේ බුද්ධාගම ඉගැන්නුවේ මෙලෝ රහක් නැතුව period  ටික cover කරගන්නවත් subject නොතිබ්බ ගුරු කමේ වටිනාකමවත් නොදන්නා මිනිස්සුයි ගෑනුයි .හාමුදුරුවෝ 8, 9 වසර  වෙද්දී ආවට උගන්නන්න අපි උන්නාන්සේ වඩින්න කලින් ගව් හතක් ගිහින් ඉවරයි , ආයේ අල්ලලා මෙල්ල කරන්න හිත් ඉතුරු වෙලා නැහැ ඒ වෙද්දීත් . එක්කෝ උන්නන්න්සේ ඇවිත් සුපුරුදු ලෙස ඉහත ආකාරයට පාඩම කරනවා , අනේ මන්ද උන්නාන්සේට තේරෙන්නේ නෑ ළමයෙක්ට නේද උගන්නන්නේ හෙට අනිද්දට කෝටි දෙකක් මැද්දට යන්න ඉන්න කියල .පන්තියේ ළමයි 45 කට තමා ඉලක්කය , ලකුණු 4500 (45 x 100 , ඒත් එච්චරත් නැහැ 45 x 35 වගේ තිබ්බත් ඇති වගේ , මගේ හිතේ මුන්ට මොන බණද වගේ  )දහම් පාසලේ කතාව කිව්වනේ කලින්ම . කොහොම හරි O /L  වගේ වෙද්දී නියම ගානට කබල රත් වෙනවා A / L කරලා එලියට විසි වෙද්දී තනිකර සෝ හොට් , හොට් පිටම එක්කෝ කැම්පස් නැත්නම් පිට රට msc එකට , (නැත්නම් කෙලින්ම  ජොබ්)  ඊට පස්සේ ජොබ් වලට හොට් පිට තනතුරු තානාන්තර ඉතින් කොයි වෙලේද ගින්දරද , පුළුන්ද , යකඩද ඔක්කොම දාල පිච්චිලා යනවා ..

          අපි නිවිලා කියල පෙන්නන එක හරි වැදගත් ටිකක් කඳ බඩ ඇවිත් අළු ගසා දාල එද්දී  ඉතින් ඉරිදට මල් වට්ටියක් එක්ක පන්සල් යනවා,ඔය අතරේ තමන්වම පිච්චිලා යනවා දැනෙද්දී ටික ටික නිවාගන්න තැනක් නැහැ . ඒත් ඉන්නේ පන්සලේ ඒ වෙද්දීත් , ඒත් නිවෙන්නේ නැහැ .ඇයි නිවන්න කව්රුත් කියල දීල නැහැ . ඉතින් බණ ඇහෙද්දීත් අරහන් . මොකද අහපු තරමක් අහල තියෙන්නේ බුද්ධ ධර්මය නෙවේ, ධර්මය වේසෙන් ආව වශ්‍ය වචන ටිකක් ...

8 comments:

  1. මාත් සමහර වෙලාවට බණ අහන්න නම් ටිකක් පස්ස ගහන කෙනෙක්... විශේෂයෙන් අර බුදු අම්මේ බුදු තාත්තේ ටයිප් එකේ බණ... හි හි...

    ඒත් මං පොඩි කාලේ ඉඳලම ධර්මය ළඟින් ඇසුරු කරපු කෙනෙක්.. අපේ අම්මගේ ගෙදර පන්සලත් එක්ක ලොකු බැඳීමක් තිබ්බා... ඉතිං ඒ හාමුදුරුවරු, මෙහෙණින් වහන්සේලා අමුතු උනේ නෑ.. නමුත් පස්සෙදි එහෙම උනා.. ඒ ‌තේරෙන කාලෙදි.. එතකොට පන්සලෙන් ඈත්වෙලා...

    දහම් පාසල් ගියේ නම් විභාග වලට ලියන්න නෙවෙයි.. පන්සලට ගියාම හිත හරි සහැල්ලු නිසා.. මම 10 වසරට වෙනකම්ම දහම් පාසල් ගියා...

    ඔය ජාතක කතා බණට කියන‌ෙකාට නම් මම ඇත්තටම නැඟිටලා යනවා... ඕවා තියෙන්නේ ත්‍රිපිටකයේ නෙවෙයි.. ජාතක කතා පොතේ... ජාතක කතා පොත පස්සේ කාලෙක ලියවිච්ච පොතක්.. ඒක මේ සිද්ධියක් විස්තර කරන්න අතිශයෝක්ති මවලා පෙන්නුව සුරංගනා කතා පොතක් වගේ එකක්.. නමුත් ඒක ලියවුනේ ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ බුද්දි මට්ටමට හරි යන්න.. කියවන්න බැරි මිනිස්සුන්ට හාමුදුරුවොත් බණට කියන කතා වලින් තමයි ධර්මය තේරුම් කරලා දුන්නේ.. ජාතක කතා බණට කීමේ ආරම්භය ඒකයි කියලා මම හිතන්නේ...

    නමුත් දැං ජාතක කතා බණට කියලා වැඩක් නෑ කියලා මාත් හිතනවා... ගොඩක් හාමුදුරුවරු එදිනෙදා ජීවිතේ ප්‍රශ්න බණේදි කතා කරනවා.. ඕක පටන් ගත්තේ සෝම හාමුදුරුවෝ.. මම සෝම හාමුදුරුවන්ව ළඟින් ආශ්‍රය කරලා තියනෙවා... මිනිස්සුන්ට සුරංගනා කතා කියලා වැඩක් නෑ කියන එකයි උන්වහන්සෙගේ අදහස උනේ...

    මම නම් පෞද්ගලිකව දහම් පාසලේ පාඩම් කියලා දෙනවට විරුද්ධයි... ඒකේ තියෙන්න ඕනේ විනය හැදීම... කණ්ඩායම් හැගීම් ඇති කිරීම, ළමයින්ට හිතට සැහැල්ලුවක් දෙන වැඩ කටයුතු කිරීම... මොකද ඉස්කෝල වල මැරිලා මැරිලා දහම් පාසලට ආවමත් පාඩම්ම කරවනවා නම් ළමයට පුදුම මානසික පීඩනයක් එන්නේ.. හැබැයි ඒහෙම උනාම අම්මලගේ හිතට හරි නෑ... ගෙදර වැඩ දෙන්නේ නෑ.. හෙට පෝය නිසා අද අපි පන්සලේ කොඩි වැල් දැම්මා කිව්වම අම්මා ළමයට බනිනවා... නමුත් ළමයා සතුටින් ඒක කරන්නේ...

    ගොඩක් ළමයින්ව අම්මලා දැන් දහම් පාසල් යවන්නේ නෑ නේ.... යැව්වත් අර කැම්පස් යන්න එකතු වෙන ළකුණු ටික ගන්න උවමනාව විතරයි තියෙන්නේ.. .

    මම මුලින් කිව්වා වගේ බණ අහනවා අඩුයි.. ඒත් බඳින්න කලින් මම ඕනේම වෙලාවක ධර්ම සාකච්ඡා වලට නම් සහභාගී උනා... ගොඩක් හාමුදුවරු දැන් නම් ඔය ජාතක කතා බණට කියන එක නවත්තලා තියෙන්නේ... ජාතක කතාවකින් උදාහරණයක් අරන් කාලෙට ගැලපෙන බණක් කියන්න උත්සාහ කරනවා...

    පන්සල් ගිහින් අනුන්ට පේන්න සෝබන වැඩ කරන එකේ ඇත්තටම තේරුමක් නෑ තමන්ට අවශ්‍ය නැත්තම්... ඇත්තටම මේ තරඟය නිසා මිනිස්සු රොබෝලා වෙලා ඉන්නේ.. තරඟයෙන් එළියට එන්න තියෙන එකම මඟ ධර්මය... එකත් දැං තරඟයක් වෙලා..

    ReplyDelete
  2. ඔව් dr බුද්ද ධර්මය කියන්නේ පුදුම විදිහට මිනිහෙක්ට පිහිටක් ගන්න පුළුවන්
    දේවල් ගොඩාක් හැංගිලා තියෙනවා , මන් ඒවා කියන්න කැමතිත් නැහැ ඇත්තටම
    ඒව අහල වැඩකුත් නැහැ කියල වැඩකුත් නැහැ අද කාලේ . මොකද දැනටමත් අපි දන්නවනේ
    උඩින් පවා යන්න පුළුවන් කියල . ඕවා හින්ද හිතෙන්නෙම මේක ඔක්කොම දාල ගිහින් කැලේ
    ඉඳන් කරන්න ඕනේ දෙයක් කියලනේ .එත් ඊට පහල තියෙන දේවල් අපිට උගන්නලාම නැහැ .
    ඉතිං අපි මොනවද කරන්නේ ? අනේ මට නම් තෙරුනෙම නැති කාලයක් තිබ්බා . මොකක් හරි
    කිව්වොත් උඩින් යන්න තරම් බණ ටිකක් අහගන්න ලැබෙනවා . එත් කෙල්ල දාල ගිය වෙලවටවත්
    හිත හදන්න දෙයක් කියන්න බැහැ ප්‍රයෝගික සීමාවේ ඉඳන් . " දැන් මේකනේ ළමයෝ බලන්න නන්ද
    කුමාරයා , එයත් දැන් ඔහොම හිතුවා , දිව්‍ය ලෝකේ එක්කන් ගියාම තේරුම් ගත්තා .රහත් උනා "

    ඔහොම දෙයක් ඇර වෙන දෙයක් කව්ද කිව්වේ ?ඕව බණද dr ? නන්දට කරන්න පුළුවන් උනා නම් ඇයි ඔයාට බැරි කියනවා.මොකද අපි නන්දල නෙවේ .හැමෝටම එකම පටිය දාල බැහැ .ඒකයි සූත්‍ර 18,000 තියෙන්නේ . නැත්නම් " අනේ පුතේ මේක දුකයි , දුක් ගොඩා......ක් මගේ අප්පේ ....... එන්න අමා මෑණි බුදු රජාණන් වහන්සේ ලගට " ආවම " මේකනේ නන්ද බලන්න , ........" කියල ආයෙම එකම දේ ..අඩුම තරමේ ඒ කතාව මුල ඉඳන් කියලවත් දීල නැහැනේ .නන්දව එක පාරට ගෙනල්ල , ඒ අහිංසකයව දිව්‍ය ලෝකේ ගෙනිහින්හොල්මන් කරලා , ජනපද කල්‍යානිව බඳින දවසේ මහා අපහසුතාවයකට පත් උන එක සෙල්ලමක් කියලයි හිතන්නේ ගොඩක් අය .මන් කියන්නේ බණ කියන උදවිය .ඔයාම දන්නවනේ ගෑල්ලමයෙක් ( sponsored by මාතලන් ) විදිහට කොහොමට තියේවිද එහෙම දෙයක් උනොත්.ඕව නිකන් හයියෝ ඕව මොනාද වගේනෙ අපි ඉගෙන ගත්තේ . එත් අපිට ඇත්තටම ඕව වෙද්දී නන්ද මතක් උනාද කොල්ලන්ට ? ජනපද කල්‍යනිව මතක් උනාද ගෑල්ලමයිට ? ඇයි ඒ නිකන් බයිලනේ dr ඔහොම සුරඟන කතාවක් කියල පුලුවන්ද බඳින දවසේ මනාලයා අවේ නැති ගෑල්ලමයෙක්ගේ හිත හදන්න . එත් සූත්‍ර පිටකයේ තියෙනවා මහා විස්තරයක් මේක ගැන , ජනපද කල්යානිත් පිස්සු වැටිලා විලාප තිය තියා නන්දව හොයන් ගිහින් තියෙනවා ,එහෙම යද්දී බුදු හාමුදුරුවෝ කියල තියෙනවා " නන්දව උදුර ගන්නේ නැහැ ඔයාගෙන් ළමයෝ , එයා ඉස්සරහට රජ කම බාර ගන්න ඉන්න කුමාරයෙක් , විවාහයට කලින් එයා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙන නිසයි එයා මා එක්ක පන්සලට ආවේ , ඔය දරුවත් අනාගත රාජ මහේශිකාවක් විදිහට ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න ඕනනේ දරුවෝ ඒවාට ඩිංග ඩිංග හුරු වෙන්න , හිත එක පාරටම ඔක්කොම දැන් ඉතින් ඉවරයි කියල කඩා වට්ට ගන්න එපා , අනාගත රැජිනක් විදිහට මූණ දෙන්න කියල තමා ඒකට පෙරහුවක් විදිහට මේක බාරගන්න" කියලයි එයාවත් මේ දේට ටික ටික හිතට හයිය දීල භාවනාවට හිත යොමු කරේ ..

    නැතුව එක පාරට " අහ් ආවද , අන්න නන්ද මා එක්ක සුපිරි රවුමක් දැම්මා පට්ට කෑලි ටිකක් දැකල පොර පිස්සා වගේ දැන් ඉන්නේ ,ඔයාව නිකන් නාටු වැදිරියෙක් කියලත් මට කිව්වා ". ඊට පස්සේ ජනපද කල්‍යාණි " තොට මාව එපා නම් මටත් තෝ දහස් වාරයක් එපා ( ඉතා ප්‍රසිද්ද වාක්‍යක් ලංකාවේ ) මන් මිනිස්සු දහයක් එක්ක යනවා හිටපන්කෝ " වගේ දෙයක්නේ අපි දැනන් හිටියේ . ඒක තමා අපිට ඕව වෙද්දී දෙලෝ රත් උනේ .නන්ද නෙවේ බුදුන් වත් මතක් නොවුනේ.


    ඔන්න ඕකයි වෙනස ඔයත් කියන මාත් කියන dr . ඇයි මන්ද අපිට තේරෙන ටික බණ කියන අයට නොතේරෙන්නේ .ඇත්තටම ඔයා හරි සෝම හාමුදුරුවෝ කරේ හරියටම ප්‍රශ්න වලට මූණ දීල ඒවගෙන් බේරිලා, අනික් අයවත් ගොඩ දාන ක්‍රමවේදය . ඒක තමා නියම බුදු දහම .නැතුව සාදු සාදු කිය කියා වටේ යන එක නෙවේ.. ඔයාල අපි මේ බ්ලොග් සංගමේ අති බහුතරය මේ ඇත්ත තේරුම් ගත්ත අය . ඒක ගැන නම් පුදුම සතුටුයි dr ..මන් නම් හිතන්නේ අපිට මහා දෙයක් කරන්න බැහැ , එත් අපේ දරුවන්ටවත් හරි සැනසීම දෙන එක කරන්න පුළුවන් අම්මල තාත්තල විදිහට ..මන් ගොඩක් සතුටුයි හොද කට තියෙන කොල්ලෝ ටිකකුයි ගෑල්ලමයි ටිකකුයි මේ බ්ලොග් සමිති ටිකේ ඉන්න එක .ස්තූතියි ඉක්මන් ප්‍රතිචාර වලට dr , මං පොස්ට් එක දාල ඉවරවෙන්නත් ඉස්සර කමෙන්ට් කරලා තිබ්බේ ...

    ReplyDelete
  3. පෝස්ට් එකේ අකුරු පොඩි වැඩියි අප්පා.... මේ background එකත් කලු වැඩියි.. තව ටිකක් වෙනස්කම් කරලා ඇහැට ලේසි වෙන විදියක් හොයන්නකෝ.. මම කමෙන්ට් එක දම්මේ පෝස්ට් එක දාලා ඉවරයි කියලා හිතලනේ.. හි හි...

    ඔය ඔය කියන විදියට බණ කියන හාමුදුරුවරු ඉන්නවා... මං අහලත් තියෙනවා... ඒත් සමහර විට සෝම හාමුදුරුවොත් එක්ක වගේ තර්ක කරන්න බැරි නිසා මං ෂේප් වෙලා එනවා.. හි හි..

    මම නම් දැං ඒ තරම් පන්සල් යන්නේ නෑ.. ටික කාලෙක ඉඳලා මට පන්සල් එපා වෙලා ඉන්න නිසා... නමුත් ඉතිං මට තේරුම් ගන්න පුළුවන් හරිය තේරුම් ගන්න මට පන්සල් යන්න ඕනේ නෑ... ඉඳලා හිටලා මල් ටිකක් අරං අපේ මහත්තයවත් ඇඳගෙන පන්සලකට ගිහින් එනවා... පෝයට නම් නෙවෙයි... සතියේ දවසකට.. පන්සල නිස්කලංක දවසට... සෙනඟ වැඩි, සද්ද වැඩි, නීති වැඩි තැනක් මට පන්සලක් වගේ දැනෙන්නේ නෑ...

    ReplyDelete
  4. ඔව් මාත් මේ bachground එක හිතට හරි නැති නිසයි තාම පෝස්ට් එකක්වත් නොදැම්මේ හරියට.මට ඕනේ ඉක්මනට load වෙන, වැඩිය වැඩ කැලි නැති එකක් . මේකේ ඉන්න ගෑල්ලමයට හිම ඕනේ කිව්වා , එත් හිම වැටෙද්දබ්ලොග් එක slow වෙනවා .ඉතින් මේ ගෑල්ලමයව යවන්න ඕනේ .මගේ හිත ගිය තව පික් එකක් තියෙනවා background එකට , එත් ඒක දැම්මම මගේ පපුවත් එක්ක පිච්චිලා යනවා .. ඒ නිසා ඒක දාන්නත් බැහැ . එත් මට ඕනේ ටිකක් නිවී හැනහිල්ලේ එන කෙනෙක්ට ඉන්න පුළුවන් background එකක් .. එහෙම එකක් තෝරලා දාන්න ඕනේ හරියටම match වෙන .මොකද සමහර අය ඉන්නවා හපෝ කියල එක පාරින්ම අර බ්ලොග් එකට යන්න බැහැ කියල කියන slow වැඩි කම, වැඩ කෑලි වැඩි කම ,බලන්න අමාරු style නිසා වගේ.. ඒ ඔක්කොටම හරියන එකක් තමා ඕනේ මට...



    තව මන් මේකේ width එක වැඩි කලේ ගොඩක් බ්ලොග් වල ඉඩ නිකන් අපරාදේ .පොඩි අඟල් 3 වගේ පිටු ගණන් පුරවලා , එත් දෙපැත්තේ අගල් 7 විතර ඉඩ නිකන් .මන් එකක දිග මැන්න අඩි 4 දිගයි scroll කරන් පහලට එද්දී .හිකිස් ..මේකේ ගෑල්ලමයාගේ background එකත් pure black , ඉතින් embed කර වගේ එයාව පෙන්න නම් බ්ලොග් එකේ background එකත් pure black දාන්න ඕනේ .ඔතොකොට බලන්න අමාරුයි නම් තමා . එක්කෝ ගෑල්ලමය නැත්නම් මගේ බ්ලොග්එක ..

    ReplyDelete
    Replies
    1. width එක වැඩිකරාම කියවන්න ටිකක් අමාරුයි වගේ නැද්ද.. මට නම් එහෙමයි.... හෑල්ලක් වගේ පේනවා.. හි හි... මම නම් ඒක නිසාමයි මගේ එකේ අර පොඩි සයිස් එකකට දාලා තියෙන්නේ..ඊටත් මං ඔය මඟුල් ගැන තාම වැඩිය දන්නේ නෑ නේ...

      ඔවු.. ගැජට් වැඩි උනාම නම් යන්නත් එපා වෙනවා.. හැමෝම පොඩි පොඩි කනෙක්ෂන් නේ තියාගෙන ඉන්නේ... පපුවත් පිච්චිලා යන විදියේ ඒවා නං දාන්න එපා.. හි හි. කලු පාට උනාම ඇස් වලට අමාරුයි.. එක්කෝ ටින්ට් එකක් දාන්න... ම්ම්ම් Transparent කරලා වගේ... හිම නම් එපා.... හයියෝ...

      Delete
  5. ඔව් අකුරැ හදා ගත්ත නම් පට්ටමයි සයිට් එක. ඔනන ෆලෝව් කරා මමත්..හැමදම එනවා දැන්..

    ReplyDelete
  6. සොරි හැමෝටම මම දැනුයි මේ අකුරු පොඩියි පොඩියි කියන කතාවමොකක්ද කියල... මොකද මේ පොස්ට් එකේ මම normal දැම්මේ ..ඔතොකොට ඉබේම FF dflt වලට යනවා මගේ හිතේ ..IE වලින් බැලුවමයි වැඩේ තේරුනේ බලන්න බැහැ පොඩියි කියල..කලින් ඒවගේ මම manually 20px වලට හැදුවා , එත් editing tab එකේ font size දාන්න නැහැනේ ඒකයි මේ අවුල ..කම්මැලි නොවී හදන්න ඕනේ , ස්තූතියි මචන් අගේ කරාට .. තාම මේ background ප්‍රශ්නෙන් මේ ඉන්නේ .. තව හැඩ හුරු කම් වෙනස් වෙන්න ඕන විදිහ කියන්න .. මොකද එන අයට බලන්න බැරි නම් මොනවා තිබ්බත් මොකටද ..

    ReplyDelete
  7. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට මේකට උදව් කරන්න කව්රුත් නැ එත් මගේ දුක ටිකක් හරි අඩුවෙන්න කියලයි මේ post එක දන්නේ මම බෞද්ද ආගමේ නෙමේ මම කතෝලික ආගමේ කෙනෙක්
    මේකයි මගේ ප්‍රශ්නය අද මගේ ගෙදර හිටපු හොදම යාළුවා නැති උනා එයා තමයි මගේ සුරතලා
    මම මෙයාට හුගාක් ආදරය කරා අද මෙයා මැරෙද්දි මට දරාගන්න බැරි ත‍රම් දුකක් දැනෙන්න ගත්තා , ඉට පස්සේ මම ඇඩුවා ඔයාලා සමහර විට හිතනවා ඇති මම කෙල්ලෙක්ද කියලා නැ මම කොල්ලෙක් උනාට මට දුක දැනෙන හදවතක් තියෙන කෙනෙක් ,, මම මේ දේට හැම තැනම උත්තර හෙව්වා , ඊටපස්සේ දැක්කේ මේ page එක මට එක පාරටම හිතුනා මේකට මේ post එක දාන්න ඕනේ කියලා , අනේ යාලුවනේ මට උදව් කරන්න මේ දුක අඩු කරගන්නේ කොහොමද කියලා (0777 35 30 41 ) මේක තමා මගේ phone no එක පුලුවන්නම් ලොකු උදව්වක් ,,,,,,, අද රැට මට මගේ යාළුවා නැතුවයි නිදා ගන්න වෙන්නේ >

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili