දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 26, 2012

විවාහක පිරිමින් ප්‍රසිද්දියේ විවාහය නීරස බැව් පැවසීමත් , ස්ත්‍රීන් එසේ නොකිරීමත්...




           මන් මේක පොඩි කාලේ ඉඳන් දැක්ක දෙයක්.මේක කතා කරන්නේ පොදු මධ්‍යස්ථ තැනක  ඉඳගෙනයි. එකිනාගේ පුද්ගලික අද්දැකීම් නෙවේ මන් කියන්නේ පොදු තත්වය.ගොඩක් වෙලාවට කව්රු පිළිගත්තත් නැතත් ළමයි දෙන්න තුන් දෙනා හැදීගෙන එද්දී විවාහක කාන්තාව මත පැටවෙන බර වැඩියි.හැම පැත්තෙන්ම.ඒ කියන්නේ ගොඩක් පැති වලින් .මහත්තයව සනසපු කෙනා ඊළගට දරුවන්වත් සනසන් හැම දේම උහුලන් ඉන්නවා..ඒත් මහත්තුරු ලොක්කෝ වගේ බස් හෝල්ට් ගානේ හිටන් කියන්නේ අලුත බැඳපු , හරි බඳින්න ඉන්න කොල්ලෙක්ට "හපෝ උබත් අමාරුවේ වටෙන්නද යන්නේ " යනුවෙන් මහ උජාරුවෙනි.ඉස්සර පොඩි කාලේ ඉඳන් තිබ්බ දෙයක් මෑතකදී ආයෙම මතු උනේ කතාවක දැක්ක දෙයක් නිසා..ඒ උනත් කව්රු පිළිගත්තත් නැතත් බිරින්දෑ වරුන් එසේ  කියනවා අඩුය.කියුවොත් කියා සිටින්නේ ඇත්තටම තමන් විඳින දුක් ගැහැටක් මිස බස් හෝල්ට් ගානේ ,ඔපිස් ගානේ , පොළවල් ගානේ ,සූදු පොළවල් ගානේ ,පත්තර , සම්මුක සාකච්චා , බ්ලොග් ගානේ උදාන වාක්‍ය නම් නෙවේ...

මේක මන් ලිව්වේ මධස්තව ( ඒ ඇර මාත් ඔය දේ කර තිබේ..) ඒත් එහෙම කරන්නේ ඇයි කියා සිතිය යුතුය..පොදුවේ ගත්කල ළමයි ලපටි සිටින පවුලක බිරින්දෑ ගෙන් සිදුවන දෙයින් සියයට කීයක් සැමියා විසින් කරන්නේ දැයි විමසුවහොත් උත්තරය කෙසේ වනු ඇතිද?

ආර්ථික ශක්තිය ගොඩ නැගීම
පවුලට ආරක්ෂාව සැපයීම
කෑම පිසීම
ඇදුම්  සේදීම
ගේ දොර සුද්ද පවිත්‍ර කිරීම
ළමයි ලපටි ගැන සෙවීම
උන්ට කන්න දීම
උන්ව නෑවීම
උන්ගේ ඇඳුන් හේදීම
ඉස්කෝලේ යැවීම
ගෙදර වැඩ කරවීම
පන්ති යැවීම
කඩේ යෑම
පවුලේ එකමුතුව පවත්වා ගැනීම( මේක නම් සංකීර්ණ වෙනවා ගෑනු වැඩි වෙද්දී.අම්මයි දුව උනත් )
පිටස්තර ආක්‍රමණ වලට මූණ දීම
අසල්වැසි සම්බන්දතා පවත්වාගැනීම
සමාජ සම්බන්දතා පවත්වාගැනීම
ඥාති සම්බන්දතා පවත්වා ගැනීම
ළමයි ලපටි වැඩිහිටි වෙන්න ඕන දැනුම දීම
ඒ ළමයි ඇති කරගන්න සිද්දි වලදී මැදිහත් වීම්
 

මේ වගේ මග අරුණු දේවලුත් දාල හිතන්න බලන්න ටිකක් ..
යාලුවන්ගෙනුත් අහල බලන්න   .



හිතල අවංක උත්තරයක් දෙන්න බලන්න...මොකද ඕව එකක් වත් ඉබේ වෙන්නේ නැහැ ..ඉබේ වෙනවා කියල හිතනවානම් ඉතින් ඒ කියන්නේ
විවාහය ගැන දැනුමක් නැති කම.... 

30 comments:

  1. දාන්න 5ක්..

    කසාද ජීවිතය තුල හෝ වේවා සාමාන්‍ය සමාජය තුල හෝ වේවා කාන්තාවට තියෙන වගකීම් වැඩියි. හරි හම්බ කරලා පවුලේ ආර්ථිකයට පිරිමියාගෙන් ලැබෙන සහයෝගය වගේම ඊට වඩා යමක් බිරිඳගෙන් පවුලට සිද්ධ වෙනවා..

    පෝස්ටුවේ සඳහන් වෙන්නෙ රැකියාවක් නොකරන බිරිඳක් ගැන. රැකියාවක් කරන බිරිඳක් නම් තවත් අමතර කරුණු කාරණා මේකට එකතු විය යුතුය.

    කාන්තාවන්ට තමන්ගේ පවුල් ජීවිතය හුඟාක් වටිනවා ( හැමෝටම නෙමේ උනත් බහුතරයක් කාන්තාවන්ට ) මැසිවිලි නැතුව ගෙදර සියළු දේ ඈ අතින් සිද්ධ වෙන්නෙ ඒ නිසයි. කසාඳය මොන තරම් නිරස උනත්..දරුවන් වෙනුවෙන්වත් මේ සියළු දේ මැසිවිල්ලකින් තොරව කරන කාන්තාවෝ ඕනෑ තරම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි මාත් ඕක දැකල තියෙනවා..ඒ නිකන් මහ බොරු
      ලොකු කමක් පෙන්නන්න අපිත් හෙන පොරවල් ඩෝ වගේ
      පෙන්නන්න බඳින්න ඉන්න අයට කියනවා ..ඒත් පොර ටෝක්
      දීල අන්තිමට ගෙදර නෝනා හදපු දෙයක් කාලා එයා හෝදලා
      නමල තිබ්බ සරම ඇදන් දොයිය බබා වෙනවා..ආයෙම උදේට
      ඔපිස් එකේදී පොර ටෝක් දෙනවා.
      මට ඕක හිතට වැදුනේ ගොඩක්ම මේ ලගදි දයා අල්විස්
      ඉන්න කතාවක එයා කියනවා බඳින්න ඉන්න කෙනෙක්ට
      " කරුමයක් ගෙවන්න තියෙනවනම් ඒක වලක්වන්න බැහැනේ "
      කියල ..විහිළුවක් කරන්නේ බඳින්න යන කෙනෙක්ට..
      ඒත් ඔය විහිලුව කවදාවත් ගැහැණු පාර්ශවයෙන් ඇහිලා නැහැ ..
      ඒකයි මන් මේක ගැන හිතුනේ...ඇත්තටම ඔය කියන තරම් කරුමයක්
      තියෙන්නේ , ගෙවන්නේ කව්ද ? පිරිමිද ගැහැණු උදවියද ?
      කරුමේ කරුමේ කිය කිය වැඩිපුර මැසිවිලි ගේන්නේ කව්ද ?

      ඇත්තටම අවංකව ගැහැණු පිරිමි දෙන්නගේ කාර්ය ටික ගැන
      හිතුවොත් මධ්‍යස්තව අරහෙම බස් හෝල්ට් ගානේ , හන්දි
      කියන්න ඕන කව්ද ?

      ඔව් ලිහිණි ඔයා කිව්වා වගේ සල්ලි , ආර්ථිකය මොනවා තිබ්බත්
      පවුල පවුලක් කරන්නේ බිරිඳ වෙන කෙනා.ඒ වගේම නුහුරට යද්දී
      ගොඩාක් තැන වල උහුලන් හරි පාරට ගන්න හදන්නෙත් බිරිඳ ...
      ඒත් අර විහිලුව විහිළුවටවත් කියවෙනවා නම් අඩුයි ..
      රස්සාවක් කරන කෙනෙක් නම් තව තවත් බරපතලයි.වැඩ ඇරිලා ආව
      වෙලේ ඉඳන් අර මන් කියපු ලිස්ට් එකෙන් කීයක් කරනවද මහත්තුරු
      TV එකේ දෝෂාභියෝගෙට උත්තර හොයද්දි..

      මන් මේ කිව්වේ පොදුවේ හොදද ? එකිනෙකාගේ පුද්ගලික අද්දැකීම්
      එක්ක මේවා වෙනස් වෙනවා අනිවාර්යෙන්ම...ස්තූතියි කමෙන්ට් කරාට
      ලිහිණි ...

      Delete
  2. ම්ම්ම්.. මං නම් මුකුත් කියන්නේ නැ අද... ඇයි බන් උදේ ඉඳන්ම මේ විකරයක් නට නට ඉඳලා මාගල් කොටන්න බෑ.. මටත් එක්ක ඔය ළිහිණියා කියලා තියෙන්නේ...

    මට ඉතිං ඔය ගොඩක් දේවල් ගැන අත්දැකීම තාම නෑ.. දැනට නම් ඇත්තටම මම ඉන්නෙ ගොඩක් නිදහසේ.. ඒක නිසා.... ඒත් ඇත්තටම කියනවා නම් ඔය දුක් ගැනවිලි කිසි දවසක හිතේ තියාගෙන ඉන්නේ නෑ.. කෙළලා අරිනවා අපේ මහත්තයට... එයාට සමහර වෙලාවට කේන්ති යනවා.. හැබැයි එයා දන්නවා මං හිතේ තියාගෙන ඉන්නවට වඩා කියලා දාන එකෙන් ඒ ප්‍රශ්නෙ එතනින්ම ඉවර කරනවා කියලා...

    ඔය කියන අනිත් පිරිමි එක්ක බැලුවම ඕනේ තැනක මට නම් කියතෑකි අපේ මහත්තයා රත්තරං කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු මේ බ්ලොග් හරහා පුදුම සමාජ කතිකා යනවා..
      මේවා මේ කව්රුත් සල්ලි දීල දම්ම ගන්න දේවල් නෙවේනේ.
      මිනිස්සුන්ගේ සැබෑ හැගීම්..අනික මන් හිතන්නේ නැහැ මේ
      වගේ විවෘතව අපි මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කරයි කියල..
      කාට හරි මේවා බලන්න ඉතුරු වේවිනෙ.ගොඩක් මන් දැක්ක
      හැංගිලා තියෙන ප්‍රශ්න , ඒත් සැඟවිය යුතු නැති දේවල් මේ ඉන්න
      2000 වගේ පිරිස කතා කරනවා.මන් හිතන්නේ අපේ පස්සෙන් එන
      පොඩි අයට ගූගල් කරපු ගමන් ඔයාල , ලිහිණිලා, මාරයා , මාතලන් මේ හැමෝම
      මොනවා හරි දෙයක් ඉතුරු කරලා තියෙනවා.මොකද අපි මේවා අහගන්න
      කෙනෙක් නැතිව කොච්චර ලත උන තැන් තියෙනවද නේද ?
      අපි මේ මාගල් හදල සතුටක් ලැබුවට ඒවගෙන් මන් හිතන්නේ කාට
      හරි දෙයක් ඉතුරු වෙනවා...
      ස්තූති හිරු ඔයාගේ කමෙන්ට් එකට..

      Delete
  3. දැන් නම් මේකට මං උත්තර බඳින්න ඕන නෑ. මගේ බ්ලොග් ලොකයේ යාලුවෝ දෙන්නෙක්ම ඉතා හොඳ උත්තර දීල තියනවානේ සයිලන්ට්.

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් වෙන්නේ මේ වෙලාවේ ගෙදර හින්ද නේ..හැක්

      Delete
    2. කට කට ඉතුරු ටික හෙට ඔපීසියේදී බැරිය...

      Delete
  4. අනේ බං ඕකට දෙපැත්තක් තියෙනවා. මිනිස්සු විවිධාකාරයි. ගැහැණිය උහුලන බර පිරිමියාට උහුලන්න බෑ. ඒවගේම පිරිමියා තරං ප්‍රශ්න වලින් ලිස්සන එකෙක් තවත් නෑ. ගොඩක් පිරිමි ගැනිට බයේ තමා කරන ටිකත් කරන්නේ.. බොහොම ටිකයි ගෑනි ගැන හොයල බලන්නේ.. ඒ වගේම සරුවපිත්තල පුයර බබා ගැනුත් ඉන්නවා. එතකොට හැමදේම කරන්නේ පිරිමියා තමා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දේශකයෝ දෙපැත්තේම ගන්න දෙයක් නැති
      ගති ගුණ තියෙන අය ඉන්නවා..පියරු බබීලාගේ සිට
      හම්බ කරන හැම සතේම වියදන් කරන බේබද්දන් දක්වා
      මේක ඇතුලත්..මන් මේ කිව්වේ මැද හරියේ ඉන්න පිරිස
      ගැන මචන්...මන් දන්න අන්කල් කෙනෙක් ඉන්නවා එයා
      තමා ගෙදර ඔක්කොම වැඩ ටික කරන්නේ..පුත්තු තුන් දෙනාට
      කන්න උයන්නෙත් එයා..ඇන්ටි තමා ලෝඩ් ...
      ස්තූති මේ පැත්තේ අවට දේශකයෝ...

      Delete
  5. ඇත්ත තමා කතාව. ගැහැණු කෙනෙක් ඔහොම එකක් විහිළුවටවත් කියනවා මමත් අහල නෑ. බලනකොට වැඩිපුර එහෙම කියන්නත් ඕන ගෑනුම තමා. පිරිමියා දුක් විඳින තැනුත් නැතුව නෙමෙයි. ඒත් ඒවා බොහොම අතලොස්සයි. සේරටමත් වඩා පිරිමි කෙනෙක්ම මේ වගේ දෙයක් ගැන කතා කරපු එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක ගැන හිතුනේ ඒකයි සයුරි කවදාවත් බැඳපු ගෑනු කෙනෙක්
      බඳින්න ඉන්න ගෑනු ළමයෙක්ට අපෝ කසාදෙ වදයක් කියල විහිළුවෙන්
      වත් කියන්නේ නැහැ..කසාදෙ කටු ගෑවුන කෙනෙක් උනත් කියන්නේ
      හොදින් ඉන්න බලන්න කියල විතරයි...
      ඒ වෙනස හින්දයි තව මේ ගැන කල්පනා කරේ..බලද්දී දුක් ගැනවිලි කියන්න
      ඕන කව්ද කියන දේ තේරුණා.ithin thawa mokata hangan innawada kiyala damma..
      ස්තූති මේ පැත්තේ අවට සයුරි...

      Delete
    2. මම නම් කියනවා.. අපේ කෙල්ලන්ට පැහැදිලි කරලම.... යාලු වෙලා ඉන්න කාලේ මොනවා කිව්වත්, කළත්, බැන්දට පස්සේ තමයි හැමෝගෙම වෙස් ගැලවෙන්නේ කියලා... ඒක නිසා විසඳගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් බැදලා හදා ගන්නවා කිය එක බොරු වැඩක්.. එ‌ෙහම කෙනෙක්ව වෙනස් කරන්න බෑ.. ඒක නිසා එක්කො ඒ වැරැද්ද ඉවසගන්න තමන් හිත හදා ගන්න, නැත්නම් අතෑරලා දාන්න කියලා මම කියනවා....

      ගොඩක් කෙල්ලො, කොල්ලන්ගේ තියෙන වැරදි බන්දට පස්සේ හරි යයි කියලා හිතනවා.. ඒත් හරි ගියේ නැත්තම් ළමයෙක් හදා ගත්තම හරි කියලා හිතනවා.. ( වටේ පිටේ ඉන්න අම්මණ්ඩිලත් ඒකට උඩ ගෙඩි දෙනවා..) අන්තිමට කෙල්ලට වෙන්නේ මොන වැරැද්ද තිබ්බත් හිතේ තද කරගෙන කසාදේ බේරගන්නයි , දරුවන්ගේ අනාගතේ හින්දයි ඉවසගෙන ඉන්න...

      Delete

    3. ඇත්ත ඇත්ත හිරු ඇත්ත.මේ මාතෘකාව අවංකව කතා
      කලොත් අපේ පිල පරාදයි.හැබැයි දෙපාර්ශවයේම ඉන්නවා
      හරියට විවාහය කියන දේ අදුන නොගත්ත අය .ඒකමයි මන්
      මුලදීම කිව්වේ මන් කතා කරන්නේ මැද්දේ ඉන්න අය ගැන
      විතරයි මේ පොස්ටුවෙන් කියල.
      ඔයා ඔය කියන දැනුවත් කිරීම ගැන තමා මාත් කිව්වේ හිරු..
      ඒ කියන්නේ පවුල් ජීවිතේ ගෙනියාගෙන ඉන්න වැදගත් වෙන
      කරුණක් මිස , අනික් ස්ත්‍රිය අධයීර්ය ( IME fault ) වෙන
      දේවල් කියන්නේ නැහැ විවාහය සම්බන්දව විවාහක ගැහැණු
      කෙනෙක්..මන් කියපු ඒ මග පෙන්වීමම තමා ඔය කරන්නෙත් ඔයා..
      ( තේරුනාද මන්ද :D ) මොකද අපේ පුංචි කියනවා මට ඇහිලා
      තියෙනවා වෙන අක්ක කෙනෙක්ට
      "මනුස්සය උළු අස්ස පැන්නට පස්සේ අපිට අයිති නැහැ ,
      ඒත් උළු අස්සෙන් මෙහා ඉද්දි දෙවියෙක්ට වගේ සලකන්න " කියල...

      ඒ වගේ කතා වල හිතන්න දේවල් ගොඩක් තියෙනවා..

      Delete
    4. ඇත්තම කියනවා නම් සහන් කෙල්ලෙක්ව කසාද බඳින එකෙන් අධෛර්ය කරලා වැඩක් නෑ ලංකාවේ.. මොකෝ නොබැද ඉන්න බෑ නේ.. ඒක ඊට හපන් කරුමයක්... කරන්න තියෙන එකම දේ වැරැද්දක් වෙන්න යනවා නම් වලක්වන එක විතරයි...

      මේ ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන්... වැඩක් නෑ...

      කොල්ලෙක්ට බඳිනවා කියන්නෙ හරි පොඩි දෙයක්.. එයාලගේ ජීවිතේ වෙනසක් වෙන්නේ පොඩියට... ඒත් කෙල්ලෙක්ට බඳිනවා කියන්නේ පුදුමාකාර බරක්... කෙල්ලො හැම පැත්තෙන්ම හිර වෙනවා.. කසාදේ, ළමයි, සහෝදර සහෝදරියෝ, අම්මලා තාත්තලා, නෑයෝ ඔක්කොම මැද්දට හිර උනාම දැනෙන පීඩනේ කියන්නේ දරා ගන්න පුදුමාකාර අමාරු දෙයක්.. එතකම් පවුලේ හිටිය පොඩි කෙල්ල, එකපාරටම වැඩිහිටියෙක් වෙලා වගේ දැනෙනවා.. වගකීම් ගොඩක්, බලාපොරොත්තු ගොඩක් තමන් මත තියෙනවා දැනෙනව.. මතක් වෙනකොටත් ඇඬනවා දැන් ඒ කාලේ මට දැනුන විදිය....

      Delete
  6. ගැනු හැමදේම හිතේ තියාගෙන ඉන්නව කියන්නෙ නෑ..

    ආදරෙයි කියල කියන්නෙ නෑ මුලදි හේතේ තියාගෙන ඉන්නව වගේ කසාද බැන්ඳට පස්සෙ අපොයි මොන මගුලටද මන් මේ අමාරුවෙ වැටුනෙ කියන එකත් හිතේ තියාගෙන ඉන්න එක තමයි කරන්නේ

    "ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ" හී හී

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන් උබ කියන කතාවත් සෑහෙන ඇත්ත..
      ගොඩක් දේවල් හිතේ හංගන් ඉන්නවා..ඒ කියන්නේ
      ඕපදූප වැටෙන දේවල් නෙවේ මෙහෙම හංගන්නේ..
      ගොඩක් වෙලාවට ඇතුලාන්තය හංගනවා ගැහැණු උදවිය..
      එයාල හිතින් දකින ලෝකය වටපිටාවෙන් හොයාගන්න
      උත්සාහ කරනවා..බැරි උනත් ඒක ඉවසන් ලැබුන ලෝකෙ
      බාර ගන්නවා..

      Delete
  7. මන්දා තේරුම ගැනීම සහ ගරු කිරීම කියන සාධක වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මචන්..එක කෙනෙක් තේරුම් ගද්දි
      අනික් කෙනත් ඒක තේරුම් ගන්නවනම් හරි..
      ගරු කිරීමත් එහෙමයි..ඔය දේ ඒකපාර්ශවිකව
      උනොත් ඊට වඩා විනාසයක් නැහැ ..
      ස්තූතියි මචන් මේ පැත්තේ අවට..

      Delete
  8. ආසියාතික ගැහැණු උදවිය සහ බටහිර ගැහැණු උදවිය අතර පොඩි වෙනසකුත් තියෙනවා හැබෑවටම. පොඩි නෙමෙයි ලොකු. ඒ කිව්වේ අපේ රටේ ගැහැනු අය හැම දේම ඉවසාගෙන ඉන්නවා තමන්ගේ පවුල රැක ගන්න ඕන නිසා. මමත් ඒක අත් විඳලා තියෙනවා සමහර තැන්වලදි. මොකද තමන්ගේ දරැවන්ගෙන්, මහත්තයගෙන් පිලිසරණක් නොවෙන තැනකදි ඇය ඇත්තටම අසරණ වෙනවා. හැම දේම දාලා එන්නේ ඇය තමන්ගේ ගෙදර අද පටන් මේ යැයි කියාගෙන. නමුත් අවසානෙදි අසාධාරණයක් සිද්ද වෙන්නෙත් ඇයටමයි. මම කියන්න හැදුවේ ඒ අයගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට එයාලා වටේ ඉන්න පවුලේ හා සමාජයේ බලපෑම කොච්චරද කියලයි.

    ReplyDelete
    Replies

    1. ඔව් බන් උබ කියන දේට ආයේ අමුතුවෙන් කියන්න මුකුත් නැහැ..
      100% හරි ...ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට රතී ...

      Delete
  9. උඹේ කථාව ඇත්ත මචන්... බොහෝ කුටුම්භ වල වේලාසනම අවදි වී අවසානයටම නින්දට යන චරිතය තමයි කාන්තාව... මේ මේ කාර්යයන් කාන්තාවම කල යුතුයි කියන පටු මානසිකත්වයේ මම නම් නෑ... හැම වෙලාවකම බිරිදට සහයෝගය දෙන්න කැමතියි... එහෙව් මට තාම බැදගන්න එකෙක් සැට් උනේ නෑ බන්...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      ඕක තම මචන් ජීවිතේ හැටි ..දැන් බලපන් මුල ඉඳන්ම
      කුප්ප අදහසකින් ලං වෙන දෙන්නෙක් සාර්ථකව උවමනා
      එපා කම් පිරිමහගෙන ඉන්නවා..
      ඒත් කවද්ද සිරා ලව් ( 100% නැ කියනවා නෙවේ ) එකක් කරන
      කෙනෙක්ට ගානට හරි ගියේ.මන් නම් sashuge සිද්දියෙන්
      පස්සේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත බන්.පොඩි කාලේ ඉඳන්
      ගෑනු ළමයි පස්සේ නොගිය මට වැරදුනෙත් ගෑනු ළමයි නිසා
      මේ තරම්.දැන් නම් නිදහස් ජීවිතයක් ගෙවනවා බන්.ආයේ
      හනේ පනේ කතා වලට මගේ ලෝකේ ඉඩක් නැහැ.
      ( හැබැයි මේ ලෝකේ පිවිතුරු ආදරේ කියල දෙයක් තියෙනවා ,
      ඒක මන් නැහැ කියන්නේ නැහැ කවමදාවත් )
      මාතෘකාවට අදාල නොවුනත් කිව්වා ඉතින් ගෙදට්ට ආව
      වෙලාවේ...
      උබේ කමෙන්ට් එකේ තියෙන ජීවිතේ ඉස්සර ඉඳන්ම ලංකාවේ
      අම්මලාගේ තිබුණා.මගේ තාත්ත එයාගේ අම්ම ගැන කියල
      තියෙනවා සෑහෙන්න විස්තරයක්.දැනටත් ඔය දේ තියෙනවා මචන්
      ඒත් අපේ දරුවන්ගේ කාලේ වෙද්දී තියේද මන්ද ..
      කොහොම උනත් සිරෝ උබල අපි තමා යන්තන් හරි ඔය හැම මානුෂික
      ගුනධර්මයක්ම විඳින අවසාන පිරිස...
      ස්තූතියි මචන් කමෙන්ට් කරලා ගියාට...

      Delete
  10. Dewani paratath awa onna:)
    Oaya kiyana kathawa hariyata hari. Gedara Hama wagakeemak ma e vidiyatama karanna gahaniyak puduma wadayak, dukak vindinne. Welawakata man hithanawa hamwelema uyanawa, gedara wada karanawa. Magé mey ratey Mage asalwasi bandapu kanthawan ta kochchara vivekaya thiyenawada kiyala.
    E unata Dan issara wage nemei godak pirimi birinda ta gedara wada walata udawu karanawa:)

    ReplyDelete
  11. බොහොම ස්තූතියි දෙවෙනි පාරටත් ආවට කුමාරි..
    ඔව් ඒක ඇත්ත කුමාරි දැන් බලන්න ඉන්දියාවේ හැදිලා
    පස්සේ වෙන රටකට ආව පවුල් අනික් දේවල් වෙනස් උනත්
    යටින් හැසිරීම් තමන්ගේ මව් රටේ ජීවන රටාවම තමා..ඒ උනාට
    දෙවෙනි පරම්පරාව වෙනස් , ගොඩක් විට ඒ වෙනස දරන්න බැහැ.
    OS එක එකක් , software වෙනස් වගේ දෙයක් වෙන්නේ..
    ඇත්තට බිරිඳ කියන දේ අහගෙන ගරු කරගෙන එයාගේ උවමන
    එපා කම් ඉටු කරගෙන ඉන්න හස්බන්ඩ් කෙනෙකුයි . හස්බන්ඩ්ගේ
    දුක් ගැටළු එයාගේ උවමනා එපා කම් හොයල බලන බිරින්දකුයි
    වෙන්න බැරි නැහැනේ..ඔය ටික ප්‍රයෝගික සීමාවෙන් කරන්න බැරි
    නැහැනේ.ඒත් නොවෙන තැනුත් ගොඩයි ..නිදහසට කියන්නේ
    රස්සාව , ආර්ථිකය , සමාජ වටපිටාව වගේ දේවල් .මන් අහන්නේ
    පවුලක් නැතුව රස්සවකුයි , සල්ලියි , සමාජයේ මහා ඉහල තැනකුයි
    මොකටද ?
    මන් දන්නේ නැහැ කුමාරි මට නම් හම්බුනේම ඔය දෙවෙනි ගොඩේ අය.
    මේ දේවල් මාතෘකාවට කෙලින්ම සම්බන්දයක් නැති උනත් කියන්න
    හිතුනේ පවුල් ජීවිතේ ගැන කතා කරන නිසයි....
    ස්තූතියි කමෙන්ට් කරලා සුබ පතල ගියාට..ඔයා මේ කමෙන්ට් බලන්න
    ආයේ එනවා නේද ? ඔයා කමෙන්ට් කරද්දී Email subscription දැම්මේ
    නැත්නම් මේවා මග ඇරෙනවා...
    පුළුවන් වෙලාවට ආයේ එන්න එහෙනම්..

    ReplyDelete
  12. සම්පුර්ණ ඇත්ත, බොහෝ පිරිමි හිතන්නේ බිරිඳ වැඩකාරියෙක් කියල. ඉස්සර සිංහලයෝ කසාද බැඳීමක් ගැන කතා කලේ නැහැ ඒ කාලේ කීවේ සහේට ගේනවා කියලයි. සහේට ගේනවා කියන්නේ තමාගේ වැඩ පල බෙදා හදා ගෙන සහයෝගයක් දෙන කෙනෙක් කැන්දාගෙන එම මිසක් සියලුම වැඩ ටික බිරිඳ පිට පැටවීමක් නෙවේ. ඒ කාලේ ිනිස්සු කසාද බැන්දේ නැති උනාට බැඳිලා හිටියා. අද වෙන්නේ මහා ලොකුවට උත්සව අරගෙන නීතියෙන් බැන්දට දෙන්නා බැඳිලා නැති එකයි.

    ReplyDelete
    Replies

    1. @ Ayilas A
      දැන් මේ ජීවිතේ සංකීර්ණයි . ඒ දේ හින්දම අපි හිතන්නෙත්
      මහා බර දේවල් , ඒත් සරලම දේවල් අමතක වෙලා.එතන
      තමා වරද . ඉස්සර මට මතකයි මායි අම්මයි තාත්තයි
      ගොඩක් දවස් වලට ( මාසෙකට සැරයක් වගේ ) පැටිස් , රෝල්ස් , පෑන් කේක් වගේ
      දෙයක් හදාගෙන නිදහසේ ඉන්න පුළුවන් තැනකට ගිහින් තේ ටිකක්
      බීල එනවා..ඔතොකොට මට අවුරුදු 8, 9 වගේ ඇති..ඒවා මට මගේ
      ළමයින්ට කරන්න ලැබෙයිද දන්නේ නැහැ .මගේ ළමයිට
      මන් කාපු පැටිස් වෙනුවට ඉංග්‍රීසි කෑම ලැබේවි .ඒත් මන් විඳපු
      මානසික ලස්සන එතන තියෙනවද ?

      ඔය වගේ දෙයක් ඔතන තියෙන්නේ යාළුවා.අපිට සම්පත් දැනුම
      අතින් ඉහලට ගියාට ලබන්න තව ගොඩක් දේවල් තියෙනවා..
      අපේ සීයලාගේ කාලේ ඒ අයට තිබ්බ දේකුත් නැහැ , ඒත් දරුවොත්
      හදන් , පවුල් ජීවිතෙත් ගෙවන් ඔහේ හිටියා.මොන බැඳීමකුත් නැහැ ..
      ඒත් හැමදේම හොදින් සිද්ද උනා..
      ස්තූතියි හොයන හොයන මේ පැත්තට ආවට...දිගටම එන්න ...

      Delete
  13. පිරිමියෙක් තමන් එතෙක් විඳපු ආර්තික මානසික නිදහස උකස් තියලා කසාද බඳින්න හදන්නේ (ගෙදර අයගේ බල කිරීම්, සමාජයේ බල කිරීම් මොනව තිබබ්ත්) දැන් ඉතිං ජීවිතේ වෙනස් විදිහකට පවත්වගෙන යන්න ඕන කියන උවමනාවෙන් කියල මම විස්වාස කරනවා.

    ඒත් ගෑනු කෙනෙක්ට ඒක වෙනස්.

    සමජයේ හා ගෙදර බලපෑම් පිරිමි කෙනෙක්ට වඩා වැඩී නමුත් ඊට අමතරව ගෙදර අම්මල තාත්තලගේ බලපෑමෙන් මිදිලා තමන්ගෙම ආධිපථ්‍යයකට කෙනෙක්ව හෝ දරුවන් ලැබුනු පසු හැමෝම අයත් කර ගන්න ලැබෙන එක එහෙම බැලුවාම ගෑනු අය අම්මා තාත්තා යටතේ හිටියාට වඩා බොහෝම උසස් විදිහකට ජීවත් වෙනවා කසාදයන් පස්සේ.

    රැකියාවක් කරන ගමන් ගෙදර දොරේ ළමයින්ගේ වැඩ අරව මේවා මොනවා තිබ්බත් ඒවා ඒ අය හැදුනු ගෑනු ලෝකේ මහා ලොකු වැඩ නෙමේ (ඩොක්ටර් ප්‍රියන්ග සිල්වාගේ ගැහැනු ලොව පිරිමි ලොව කියවන්න)

    එහෙම බැලුවාම වැඩ කන්දරාවක් කල උනත් අනෙක් අයට මිනිහට ළමයින්ට තමන්ගේ චන්ඩි පාර්ට් දාගෙන ඉන්න ලැබෙන එක නිසාම ගෑනුන්ට විවාහ ජීවිතේ ගැන චෝදනා අඩුයි.

    ඒත් නිදහසේ හම්බකරපු එකෙන් කාලා බීලා අම්ම තාත්තා එපා කියපු දේවල්ම කර කර සෙල්ලක්කාරව හිටි පිරිමින්ට හැම එකටම නීති දාන්න හදන බිරිඳක් (ගෑනි හිතන්නේ නියම බිරිඳක් කියන්නේ එහෙම අයට කියලා) ලබුනාම (අම්මල එපා කිව්වම එපා කියපු දේ කලාට ගෑනි එපා කිව්ව දේ කලොත් පවුල කැඩිලා ළමයි අතරමන් වෙන තරම් දේවල් වෙන්න පුලුවන් නිසා ගොඩක් පිරිමි ඒ නීති ඉවසනවා)

    එහෙම බැලුවාම අපෝ උඹ ත් අමාරුවේ වැටෙන්නද හදන්නේ කියලා පිරිමි කියන එක සර්ව සාධාරණයි

    ReplyDelete
  14. පෝස්ටුව වගේම ඒ හා බැඳුනු කොමෙන්ට් ටිකත් කියෙව්වා...ගොඩක් වැදගත්..එකිනෙකට ප්‍රති විරුද්ද අදහස් ගොඩක් තිබුනා..මේක හරියට කාසියක දෙපැත්ත වගේ...
    සමහර වෙලාවට හිතෙනවා..නිහඬව හැමදේම දරාගෙන ඉන්න කාන්තාවක් වීම හොඳයි කියලා..මොකද තැන තැන තමන් ගේ පවුල..ස්වාමියව විවේචනය කලාම..ඊ ළඟ දවසේ අසන අය එකට ප්‍රචාරය දෙන්නේ තවත් ලුණු ඇඹුල් එකතු කරලා...උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩ කිරීමෙන් තවත් අසරණ වෙන්නේ කාන්තාවමයි...
    මේ දෙවිදියේම මිනිස්සු ගැහැණු ඉන්නවා...
    කොහොම වුනත් හරි වැදගත් සංවාදයක්...

    ReplyDelete
  15. \\\\\එකිනෙකට ප්‍රති විරුද්ද අදහස් ගොඩක් තිබුනා..මේක හරියට කාසියක දෙපැත්ත වගේ...
    සමහර වෙලාවට හිතෙනවා..නිහඬව හැමදේම දරාගෙන ඉන්න කාන්තාවක් වීම හොඳයි කියලා..මොකද තැන තැන තමන් ගේ පවුල..ස්වාමියව විවේචනය කලාම..ඊ ළඟ දවසේ අසන අය එකට ප්‍රචාරය දෙන්නේ තවත් ලුණු ඇඹුල් එකතු කරලා...උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩ කිරීමෙන් තවත් අසරණ වෙන්නේ කාන්තාවමයි.../////


    ඔය ටිකෙන් අර කෙල ගසා ගැනීම ගැන කිව්වම තමයි මටත් හොදම දේ
    මතක් උනේ..මොකද අද මන් මේ ඉන්න තත්වෙට වග කියන්න ඕනෙත්
    මන් ආදරේ කල කෙනාගේ " මෝඩ " , " බොළඳ " , වගකීම් විරහිත "
    වැඩයි , ගෙදර ගිනි පිටට දීමයි...

    ඔයා වගේ හිතන පතන එක මනුස්සයෙක් එයාගේ සේවා ස්ථානයේත්
    හිටිය නම් අද අපිට මෙහෙම වෙන්නේ නැහැ..එයා වැඩ කලේ වයිශ්‍යාගාරයක්
    වගේ තැනක..ඒ කියන්නේ බැංකුවක් ...

    බොරු අටෝප කාරයෝ පිරුණ , බොරු එක්ස්කියුස් මි චරිත පිරුන තැනක ..
    මේ දේ මන් කිව්වේ බොරු ආටොපේ පස්සේ යෑමේ ඵල විපාක කියන්නයි...

    ගෙදර ගිනි නම් පිට දෙන්න හොදම නැහැ..ගෙදර අළු වෙලා යනවමයි...
    ගොඩක් ස්තූතියි කළු සුදු දැනෙන අදහස් කිව්වට ...

    ඔයාගේ කමෙන්ට් එකෙන් හැංගුන තව වැදගත්ම කතාවක් එලියට ආව..
    උඩ බලන් කෙල ගහගන්න හොදම නැහැ , කෙල ගොඩක හිටියත්....

    ReplyDelete
  16. බැන්දට පස්සේ තේරෙයි අමාරුව....

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili