දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 30, 2012

මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)



              48 සිට අරයා හොඳයි , නෑ මෙයා හොඳයි , එක්කෝ මෙයාට වත් දෙනවා ,වැඩක් නැහැ මේ ඔක්කොම එකයි අපේ වැඩක් බලාගෙන ඉන්න එකයි හොඳ කියන පසුබිමේ සිට ලියමි.

මගේ පියා එදා සිට අප දේශපාලනයේ නිරත වූ පහත නම් සහිත සමහරුන් ඉතා භක්තියෙන්ද, සමහරුන් ගැන විවිද මතද දරයි.

       බණ්ඩාරනායක මහතා 56-59 , මැතිණිය 60-64 70-77 , D.S. සේනානායක 48-52 , කොල්වින් ,D.B. ජයතිලක , F.R. සේනානායක , ඩඩ්ලි 52 65-70 , sir ජෝන් කොතලාවල 53-56 , N.M පෙරේරා 31 ,64 සභාග රජය rajaya , සමගි පෙරමුණ 70-77 .*පීටර් කේනමන් , S.A. වික්‍රමසිංහ , කොල්වින් , ෆිලිප් / ලෙස්ලි / විවියන් / කුසුමා /රොබට් ගුනවෝර්දන , හෙක්ටර් කොබ්බැකඩුව, S.A. ගුණසිංහ , චෙල්වනායගම් , ෆීලික්ස් ඩයස් , T.B ඉලංගරත්න , C.P. ද සිල්වා , R.S. පැල්පොල , I.M.R.A. ඊරියගොල්ල , ජයවීර කුරුප්පු , විමලා විජේවර්ධන , R.S. පෙරේරා , අනිල් මුණසිංහ ,මහජන පක්ෂය හා පුරෝගාමීන් , විජේවීර , විජේ


    ( මෙහි නම් සදහන් නොවුණු තව 250 පමණ පිරිසක් හා පක්ෂ / කණ්ඩායම් ඇති නිසාත් ,මාගේ පොස්ටුව නම් ලැයිස්තුවක් කල නොහැකි නිසාත් පොදුවේ මේ පිරිස හා ඔවුනගේ සමකාලීනයන් ගැන මතකය අවදි කර පහත දේ හට අවදානය යොමු කරන්න)



ඇත්තෙන්ම මොවුන් සියලු දෙනා දුගී දුප්පත් ජනයා වෙනුවෙන් පෙනී සිටීම ඒකායන
අරමුණ කරගත්තවුන්ද ?


01.ඔවුන් එසේ නම් අපට මෙසේ වූයේ ඇයි ?
02.එසේනම් ඔවුන් කලේ කුමක්ද ?
03.අපේ සීයලා ,තාත්තලා කලේ කුමක්ද ?
04.වර්තමානයේ සිටිනා පාලකයන් කරන්නේ කුමක්ද ?
05.අපේ තාත්තලාගේ පුතුන් වන අප කරන්නේ කුමක්ද ?..






 


උත්තර මෙසේ විය යුතුය.එනම් සියලු පාලක ප්‍රජාව ජනතාව වන අප හට
වෙනෙකක් පෙන්නා වෙනෙකක් කළාහුය. අපද ඔවුන් පෙන්නු පාරෙහි පැමිණ ඇත.



ඔවුන් සැබවින්ම කල දෙය කුමක්ද ..


                 නිදහස ලබා ගැනීමේ සිට ඒ හා සමගාමීව සිටිය වුන්ට අප කෘතඥ ( IME fault )විය යුතුය.එහෙත් එයින් පසු ඔවුන් සියල්ල සිදු කල එකම දෙය ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා කල ක්‍රියාකාරකම් පෙළක් පමණි.එයට අවශ්‍ය වටපිටාව ඔවුන් සකසා ගත්තේද ජන සේවය යන වචනයට මුව වෙමිනි.එකල ඔවුනට අවශ්‍යව තිබුනේ තම පෙළපත , පවුලේ ගරුත්වය , තම නාමය කීර්තිමත් අයුරින් පවත්වා ගැනීම වැනි අවශ්‍යතාවයන්ය.එනිසා කම් නැත ( එසේ කියමු ). මන්දයත් ඔවුන් සතු මහා පරිමාන වතු, ඉඩම් , දේපල , වෙස්සන්තර රජු පරිද්දෙන් ප්‍රදානය කිරීම වැනි කටයුත්තකදී කෙලෙස ඔවුනට දොස් නගම්ද ?

          

                    වැරදුනේ එතනය! ඔවුන් සියල්ල කර ඇත්තේ සමාජයේ කැපී පෙනීමටය .ඒ එදා අවශ්‍යතාවය.අපි ඒ කාලේ එහෙමය. එහෙත් යටින් දුවනා කුහකත්වය කෙසේ නම්යට කල හැකිද ? පුද්ගලිකව පාලනය වූ වතු , කර්මාන්තායතන , වෙනත් දේපල , සමාගම් රජයට පවරා ඒ සියල්ලෙහි ව්‍යුහය වෙනස් කර ජනකාමී ලේබලය ඇලවීමෙන් සිදු වූයේ කිසිවක් නොව කෙටි කාලයකින්( රාජ්‍යක් වශයෙන් සලකු විට ) පාලනයට අපොහොසත් කමින් පාඩු ලබා බැරිම තැන අඳුරු ගුහා බවට පත් වීමයි. මීළඟ රජයේ මුවාවෙන් ආ පිරිස කලේද ඉතුරුව ඇති මහා පරිමාන රාජ්‍ය දේපල සමූහයට ජනතා ලේබලය මුවාවෙන් තම හෙංචයියන් පිරවීම පමණි.තව තවත් ජනතාවගෙන් පිරී ගිය රාජ්‍ය අංශය/සංස්ථාව/මණ්ඩලය ; අහෝ ඊළඟ ජනහිතකාමී ආණ්ඩුවෙන් විසුරුවා හැරෙයි.



දැන් සිදුව ඇත්තේ කුමක්ද ?



         බොරු ජනහිත කාමීත්වයක් මවා පෑමට කල සියල්ල නිසා අසරණ වූයේද 
සැබෑ අසරණ ජනතාව පමණි.නමුත් පාලකන් තවම නිදල්ලේය. දිගින් දිගටම සිදු වූයේ මෙවැනි ක්‍රියා දාමයන්ය. මෙවැනි ක්‍රියා වලින් එදා වැළකී සිටියානම් අද අප රට තුල  මහා පරිමාන පව්ද්ගලික( IME fault) පලනාධිකාරි අංශයකින් සවිමත් වූ සමාගම් රාශියක් හා ඒ වටා එක් රොක් වී ජීවිතය සරි කරගන්නා රැකියා මඩුල්ලක් බිහි වනු ඇත.

             එහෙත් එහෙම කරන්නට බැරිය . ආණ්ඩුව පැත්තකය . කොහෙවත් යන උන් ලොක්කන් වී, ජනතාව ස්වාදීන පිරිසක් වන නිසාවෙනි.මා පැවසු එදා දේශපාලන කුහකත්වය එයයි.එනිසා වහාම ඒ සියලු දේපල පණත් හරහා ආණ්ඩුව මගින් පාලනයට ගෙන, සියල්ල විනාශ මුඛයට ඇද දැම්මේ ඒ කුහකත්වයයි. නමුත් රජයක් වශයෙන් සැබවින්ම කල යුත්තේ කුමක්ද ?අනාගත දියුණුවක් දැකිය හැකි අංශ වලට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම විනා , ඒ අංශ තම රෙද්ද අස්සට ඔබා ගැනීම නොව.දරන්නට බැරි බරක් දරන විට රෙද්ද ගැලවෙන බව ඔවුනට පසක් නොවූයේ මා ඉහත සදහන් කල කුහකත්වයෙන් දෑස් අඳ වූ නිසාය..



මේ සියල්ල මෙසේ ගොනු කල හැකිය ...


       උඩ බලා කෙල ගසන්නෙක් " ආන්න මගේ කෙල පාර "යැයි උජාරුවෙන් කියා පසුව ඒ කෙල පාරම මුහුණට පතිත වු විට ඇඳ සිටි අමුඩය ගලවා මොහුන පිසදා ගැන්මක් වැනිය.



දැන් නැවත පෙර සදහන් කල ප්‍රශ්න කීපයක් සලකමු.



04.වර්තමානයේ සිටිනා පාලකයන් කරන්නේ කුමක්ද ?
05.අපේ තාත්තලාගේ පුතුන් වන අප කරන්නේ කුමක්ද ?



         අද වන විටද සියල්ල ඒ පරිදිමය.එහෙත් ඒ මුහුණුවරින් දැන් බොහෝ සේ විකාශනය වූ දේවල් සමුදායක් මැද අප අතරමං වී ඇත.වර්තමානයේද එදා තිබූ සමාජයේ කැපී පෙනීමේ අවශ්‍යතාවයම එලෙසින්ම පවතී.එහෙත් දැන් අප දියුණුය. හැම දේම ප්‍රතිසංවිධානය වී ඇත.එදා මෙන් අප පල් මෝඩ නැත.දන් දීමේ ආදීනව හොදින් තේරුම් බේරුම් කර ගෙන ඇත. එදා තම පුද්ගලික ධනයෙන් දේශපාලනය කලාවූ අයවලුන් දැන් කරන්නේ දේශපාලනයෙන් තම කැපී පෙනීම වර්ධනය කර ගැනීමට වඩ වඩා තම ගොඩට දෑ එක්හාසු කරගැනුමැයි.දැන් සිදු කරන්නේ රාජ්‍ය දේපල තම පුද්ගලික උවමනා එපා කම් මත පුද්ගලික පරිහරණයට ගැනීමයි.සියලු රාජ්‍ය ක්‍රියාකාරකම් සිදු කරනුයේ පුද්ගලික උවනමනාවන්ට යටත්වය.මෙය මොන තරම් උඩු දුවා ඇතිද කිවහොත්

 "අප්පච්චි මට පොලොව වටේ යවන්න සෙල්ලන් චන්ද්‍රිකාවක් ඕනෑයි "
ඉල්ලා සිටීම වැනි දෙයක් වුවද ඉටු විය හැකිය.එය මනාව ජනතාවාදී ලේබලයෙන් දැවටී එන විට අපටද කම් නැත.



 ඒ ඇයි?

          මේ සියල්ල අපගේ අවශ්‍යතාවය සදහා මහත් පරිශ්‍රමයෙන් ඉටු කෙරෙන ක්‍රියාදාමයක්
විනා, පුද්ගලික ආශාවන් මත පදනම්ව ක්‍රියාවට නොනැගු ලෙස ඒවා භව්තීස්ම වී අප වෙත පැමිණෙන නිසාවෙනි.සැමදාම වූයේ මේ රටේ දුප්පත් අඩු දැනුමැති එකා රවටා තම අභිමතය ඉටු කරගැන්මය. විටෙක අභිමතය ජනතාවට සමීපය , විටෙක ජනතාව අභිමතය කරපින්නාගෙන
" හා දැන් ඇති , උබලා ගෙවල් වලට පලයල්ලා " 

         කියනකම් යාම සිදුවේ.තේරුම් ගත යුතු එකම දෙය නම් අභිමතය අභිමතය අභිමතය යැයි පුන පුනා කියන මේ දෙයයි,අන් කිසිවක් නොව දේශපාලනය කරනාවුන්ගේ කුහකත්වය පමණි.ජනතාව රවටා තම පුද්ගලික ආශාවන් ඉටු කර ගැනීමට මාන බලන, එදා සිට මේ වනතුරු එක් එක් ජනතාවාදී මුහුණු තුලින් හමු වන ක්‍රියාකාරකම් වලට අප තවත් අසු වනවාද?

කිසි සේත් නැහැ, එහෙත් දැන් කල හැක්කක් නැත.කල හැකි එකම දෙය නම් ඔබගේ පුතාටද
" සීයලා ආව පාරේම යමල්ලා බොලව් " කියා ඔවුන්වත් ඇදගෙන ඉතුරු ටිකත් යාමද ?




සියල්ල සම්පිණ්ඩනය කර අවසානයට එමු.


                  දැන් අප සිදු කරන්නේ එදා කෙල පිසීමට ගැලවූ අමුඩ ලේන්සුවට මල් මෝස්‌තර ,රේන්ද ,බෝරිච්චි , බතික් වැනි නොයෙක් විසිතුරු දේ එක් කරමින් සැණකෙළියේ හොදම අමුඩ ලේන්සු හිමි කරු වීමට උත්සාහ කිරීමයි..උත්සාහය අගනේය , එහෙත් තවද හෙළුවෙන්ය! අපගේ දූ දරුවන් මෙයට තව තව විච්චූරන එක් කරන්නට පෙර සරම් කඩමල්ලක් හෝ ඇඳ ගත යුතුය.නැතිනම් අපගේ දූ දරුවන් වසා ගැන්මට හෝ හෙළුවක් ඉතුරු නොකරනු ඇත!



ප . ලි. මෙයටම සම්බන්දිත පෙර ලිපි     වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?

ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරු

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) ...

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.

02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?

ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !

අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch .

Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.

මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

53 comments:

  1. හම්ම්.. ඔය දේශපාලන ඉතිහාසය ගැන මට නම් නම්, කාල වකවානු මතක හිටින්නෙම නෑ.. ඉතිහාසය කියන්නේ මට කතාවක් විතරයි... ඒ කතාවට අනුව මාත් ගොඩක් දුරට අනුගමනය කරන්න උත්සාහ කරන්නේ ඔය අන්තිමට රතු පාටින් කියපු දේ තමයි.. ඒත් තාමත් මගේ කියලා දේශපාලන මතයක් ඉදිරිපත් කරන්න දෙයක් හිත ඇතුලේ තිබ්බට, ඒක ඉදිරිපත් කරන්න තරම් දැනුමක් නෑ කියලා මට හිතෙන්නේ.. සහන් ඒ ගොඩක් දේවල් පැහැදිලිව ලියලා තියෙනවා...

    මේක මම තේරුම් අරගත්තා වැරදිද කියලත් හිතෙනවා.. මොනවා උනත් ඔය පුටුවලට යන කිසිම කෙනෙක් තමන්ට මිස රට ගැන හිතලා වැඩ කරන්නේ නෑ කියන එක මේ වෙනකොට ඕනේ කෙනේකට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා... උන් අපිට රවටට්නවා නම් අපි උන්ව රවට්ටන්න හෝ අපි නොරැවටී ඉන්න තුරැම්පු කීපයක් අතේ තියාගන්න එකයි ජනතාව හැටියට අපි කරන්න ඕනේ කියලා මම හිතන්නේ... ඒත් ඒක වලක්වන්න උන්ම ගහපු ගැටේ තමයි මේ පක්ෂ දේශපාලනය.. ඕන්න ඔය ටික තමයි මගේ දේශපාලන මතය මං හිතන්නේ... ( ඒ ඇරෙන්න තව දේවල් කීපයක් සාමාන්‍ය ලාංකිකයෙක් හැටියට තියෙනවා.. නමුත් ඒ ටික ඒ තරම් වැදගත් නෑ කියලා හිතනවා..)

    ReplyDelete
    Replies
    1. නැහැ හිරු ඔයා හරියටම මන් කියන දේ අල්ලන් තියෙනවා..ඒ නිසාමයි තුරුම්පු
      කියන දේ මතු උනෙත් ඔයාගෙන්.මන් ඒක ගැනත් ඉස්සරහට කතා කරනවා ලිපි
      වලින් .තාම මන් මේ කවි කතන්දර දදා ඇද ඇද ඉන්නේ දේවල් ටිකක් වෙනකම් .
      ඒ ටික වෙනකම් මේ දේවල් එලියට ආවට බැහැ.මම මේ ගොඩ නගාගෙන එන්නේ මහා
      බරපතල කාරණා ටිකක් සරලව.මගේ කලින් පොස්ට් එක උනත් එහෙමයි, ඒත් එතැනදී
      මන් ඉදිරිපත් කරපු විදිහ වෙනස්, සීමිත පිරිසක් ඉලක්ක කර ගන්න වෙනස් ක්‍රමයක්
      පාවිච්චි කරා.

      ඔතන හිරු තුරුම්පු ටික එදා ඉඳන් අපි අතේ තිබ්බේ නැහැ.අපි තුරුම්පු ටික දීලමයි
      බූරු අත පටන් ගත්තේ.දැන් කට්ටිය දන්නවා අපි තුරුම්පු දීල වැඩි වෙලා ඉන්න බව..
      දැන් අත් කීපයක්ම සෙපෝරු වෙලා ඉන්නේ හිරු..මට සැක මේ පාර අත දින්නා කියල
      අපිට ටූනමන්ට් එක දිනන්න පුළුවන් වේවිද කියන දේ..ඒත් එහෙමයි කියල වැඩේ අත
      ඇරලම දාල එහෙම ගියොත් බූරු පිටියෙන් නැගිටින්න වත් කෙනෙක් ඉතුරු වෙන එකක් නැහැ.

      ඉන්න මන් පස්සේ මේ කමෙන්ට් එකේ ඉතුරි ටික දාන්නම්...හදිසි වැඩක් තියෙනවා යන්න...

      Delete
  2. Politics gana nam katha karala wadak na:( Oya Rathu patin kiyala thiyena tika gana math hithanawa....

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි කුමාරි, මගේ සීයලාගේ ඉඳන් අපේ පවුලේ අය
      දේශපාලනය කරා නිදහස් පාක්ෂිකයෝ අපි පවුල් පිටින්ම. ඒත් ඒ සීයලාගේ
      මුණුබුරෝ ඔක්කොම දරන්නේ දැන් ඔයා කියපු මතය.මේ ලිපිය උනත් මගේ
      තාත්ත දැක්ක නම් " මේ මොකක්ද මේ දාල තියෙන්නේ තමුන් ? " කියල දොස් කියනවා.
      එයාල හිතන් ඉන්නවා එයාල හරි කියලා , අපි හිතන් ඉන්නවා අපි හරි
      කියල කුමාරි.ඒ උනාට වෙලා තියෙන දේවල් ගැන හිතුවොත් මොනවත්
      හරි නැහැ.කව්රුත් වරද පිළිගන්නෙත් නැහැ.හැමෝම හරි , ඒ උනාට
      වැරදිලා.අපි තාත්තලට බනිනවා , තාත්තල අපිට බනිනවා, අපේ පුත්තුත් කරන්නේ
      ඔය ටිකම තමා මේ දේවල් මෙහෙම ගියාම.
      මන් නම් ඒකට හිත හදන් ඉවරයි ඔහේ මෙහෙම ලිපියක් දෙකක් ලිව්වට..
      ස්තූතියි කුමාරි මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කරලා යනවට ..
      ඔයා ඊ මේල් සබ්ක්‍රිප්ෂන් දාල නේද තියෙන්නේ ?නැත්නම් මේ දේ ඔයාට
      යන්නේ නැහැ...

      Delete
    2. මමත් එකඟයි. එව්ව ගැන කතා කරන එකත් මෝඩකමක් වෙන තරමට දැන් දේශපාලනය අගාදයකට ගිහින්

      Delete
  3. දේශපාලකයෝ කෙසේ හැසිරුණත් අපට වැරදුනේ අපේ රටට ගැලපෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගාගන්නට අප අසමත් වූ නිසයි.අප හැමෝම යැපෙන්නන් මිසක නිෂ්පාදනයට දායක වන්නෝ නොවෙයි.කෙටියෙන්ම කිව්වොත් අප කම්මැලියෝ. අනුන්ගේ නිෂ්පාදන මත යැපෙන්නෝ. එතැනයි අපට වැරදුනේ.

    ReplyDelete
    Replies
    1. නලින් මන් කියපු කිසිම දෙයක් ඔයාට තේරිලා නැහැ බන්.
      ////දේශපාලකයෝ කෙසේ හැසිරුණත් අපට වැරදුනේ අපේ රටට ගැලපෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගාගන්නට අප අසමත් වූ නිසයි////

      ඔතන දේශපලකෝ කෙසේ හැසිරුනත් කියල ඔයා කියන්නේ නැහැ
      මන් කියපු කාරණා ටික තේරුණා නම් ...



      /////අප හැමෝම යැපෙන්නන් මිසක නිෂ්පාදනයට දායක වන්නෝ නොවෙයි//////

      ඔයා කාරණාව ගැන තමයි මන් පුන පුනා කියන්නේ.ඒත් ඔයා දකින්නේ
      හරි පැත්තෙන් නෙවේ."ගෙදර බත් මුට්ටියේ බත් නැත්තේ ඇයි බොල ගෑනියේ"
      කියන එකයි ඔයා කියන්නේ ..
      ඒත් මන් කියන්නේ උයන්න හාල් ගේන්නේ නැත්තේ ඇයි මිනිහෝ කියන ඒකයි ..
      කව්ද හරි ? හිතන්න බලන්න...

      Delete
    2. ඔබ හරි මම ඔබේ අදහස හා එකගයි. ඒත් මම කිව්වේ අප කවදා හෝ හැදෙන්න නම් නිෂ්පාදන ක්‍රියාවලියක පුරුක් බවට පත් විය යුතුය යන්න පමණයි.මට හරි පැත්ත නොපෙනුනා නොවෙයි.
      මේ අගනා පෝස්ටුවට තුති.

      Delete
  4. කොහෙන්ද බං උඩ තියන කාටුන් කෑල්ල

    ReplyDelete
    Replies
    1. මේක මචන් මට හම්බුනේ රජිත් කියල මගේ යාළුවෙක්ගෙන් EK එකේ..
      ගූගල් වල donkey tail.gif ගැහුවොත් එනවා ...මේකට ගැලපෙනම රූපේ මට
      නම් හම්බුණ..ස්තූතියි ලක්මාල් ඇවිත් කමෙන්ට් කරලා ගියාට..උබේ බ්ලොග්
      රෝලෙන් මට ගොඩක් ට්‍රැෆික් එනවා..ඒකටත් ස්තූතියි...

      Delete
  5. ඔබ කරුණු ගොනු කරන හැටි ඉතාම අගෙයී. මුල මැද අග ඉතාම පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමී අගය කරාට.මන් පොඩි කාලේ ඉඳල මගේ තාත්ත, මාමල ලොකු ලොකු තාත්තලා එක්ක
      කතා කරනවා මේවා ගැන.ඒ අතරේ මට තේරුණා මේ අය අපිට නොදැනී හෙමීට
      එයාලගේ මත සුදු හුණු ගාල දෙන බව.එදා ඉඳන් නෑ ඒක එහෙම උනානම් මෙහෙම
      වෙන්නේ කොහොමද කියා කියා මම හිතුවා , උත්තර හෙව්වා , වැඩි දුර මේවා ගැනම
      ඉගෙන ගත්තා.ඔහොම තමා කාලේ ගෙවුණේ.අන්තිමට මචන් කියන්න තියෙන්නේ
      මේ මොනවත් වැඩක් නැහැ බන් කියන දේ තමයි.ඒත් ඔහේ හිතුනම ලියනවා..
      ස්තූතියි මචන් ආවට ඇවිත් කමෙන්ට් කරලා ගියාට...

      Delete
  6. උඹේ රයිටින් ඉට්ටයිල් එකට මම පට්ට ලයික්. අලුත්ම ආරක්. මේ ළිපි පත්තරවලට යොමු කරපන්. විශේෂයෙන් විකල්ප පත්තර වලට. කරුණු ගැන 100% එකඟයි... නමුත් මින් ඉදිරියට.......?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලේ.අනේ බන් මට දැන් ඔක්කොම එපා වෙලා තියෙන්නේ බන්.
      මන් දේශපාලනය අත ඇරියේ 2008 දී.එදා ඉඳන් මන් කාලයක් යනකන් TV
      එක වත් බැලුවේ නැහැ.ඒ තරම් එපා උනා බන්.කොටින්ම මට මාවත් එපා උණා.
      අපිත් සුදු හුණු ගාගෙන හිටියට ඇත්තටම සුදුද ?
      මාත් මචන් මේ ලියන්නේ මගේ බඩ කට පිරිලා ඉන්න නිසානේ.බඩ කට වේලෙද්දි
      කිසිම කෙනෙක්ගේ සමාජ ආලය( සියලු සංකල්ප / මත / වාද ඇතුලත් කරන්න ) තියෙනවද
      බන්.දැන් උබම බලපන් මේ අපි අවට ඉන්න අයගෙන් මහා සමාජ ආලය පිරි අය ,
      පොඩ්ඩ වැරදුන ගමන් කියන්නේ " අපි මේ තැනට ආවේ අපේ මහන්සියෙන් , උබලත්
      වැඩ කරපල්ලා " කියලනේ ..ඔන්න සමාජ ආලයේ ඇත්ත.මන් පැහැදිලිවම ඒක හෙලා
      දකිනවා මාතලේ.ඊට වඩා හොද නැද්ද මේ මුකුත් නැතුව බල්ලෝ මරල හරි බඩ කට
      පුරෝ ගන්න එක ? එතන කුහකත්වය නැහැ නේද මාතලේ ප්‍රබලයා හා දුබලයා
      කියන දේ ඇර ? ( ඕක තේරෙන්නේ උබට විතරයි )

      මගේ මතය නම් ඒ දේ හොදයි බොරු සුදු හුණු ගාපු සමාජ ආලයට වඩා..

      ///නමුත් මින් ඉදිරියට.......?//////

      මේකට උපකල්පනය කරන්න පුළුවන් ටික මන් ඉස්සරහ ලිපි වලින් විස්තර ඇතුව දාන්නම්..ඒත් කෙටියෙන් මට හිතෙන්නේ බන්
      අපි මේ ආව පාරේම යයි මචන්..මොනවත් වෙනස් වෙන එකක් නැහැ..සීග්‍රයෙන් ඇති නැති පරතරය වැඩි වේවි, ඇති පිරිස අනෙකා
      යට කරගන්නත්/සමාජ පැලැන්ති දෙකක අවශ්‍යතාවයත් මතු කරාවි .
      නැති පිරිස ඇති ගොඩට පැන ගන්නත්/ඒ සදහා ඕනෑම දෙයක් ඉටු කරන්නත් , මුල අමතක කරන්නත් පෙළඹේවි ..
      ඉන්දියාවක් බිහි වෙනු ඇත ...

      බොහොම ස්තූතියි මාතලේ මේ පැත්තේ එනවට , අනික උබත් සෑහෙන්න බරක් අදිනවා මේ බර කරත්තේ .ඒක ගැනත් ස්තූතියි..
      ඒ වගේම ට්‍රැෆික් ලබා දීම ගැනත් ස්තූතියි .. ( ජෙනුයින් රීඩර්ල )

      Delete
  7. වටිනා කියන පොස්ටුවක් අයියේ....ඔයාගේ ලිවිල්ලනම් සුපිරියි.....වැදගත් ලිපියක්....අදමයි ආවේ අයියගේ බ්ලොගයට...ඒත් හැමදාම එනවා අනිවා.....

    ReplyDelete
    Replies

    1. නැහැ දසුන් ඔයා මීට කලින් ඇවිත් තියෙනවා .
      කමෙන්ට් කරලත් තියෙනවා.අවට ස්තූතියි දිගටම එන්න.

      Delete
    2. හුටා... මමත් කියන්න ගියෙ අදමයි ආවෙ කියල... එක්කො ඕනෙ නෑ

      Delete
    3. @ පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ

      නෑ මචන් මන් නිතර බ්ලොග් එක වෙනස් කරා පහු ගිය
      ටිකේ.උබ කියන්නේ මට වත් මගේ බ්ලොග් එක හොයාගන්න
      බැරිව යනවා වෙලාවකට.. :D

      Delete
    4. ඒ මොකෝ අෆ්ෆා.. පාර වැරදෙනවද ?

      Delete
  8. දේශපාලනයට ඔය කියන කුහකත්වය, කාට හෙන ගැහුවත් තමන්ගේ බඩ වඩා ගැනීම, බොරැව, මුලා කිරීම කායන දේවල් කවමදාකවත් නැති වෙන් නැ කවුරැ ආවත්. ජනතාව තේරැම් ගත්තා වුනත් ඔවුනුත් මේ අතරෙදි දෝලනය වෙනවා දෙපැත්තකට. මොකද නායකත්වයට පත්වෙනකම් විතරයි ධාර්මික රඟපෑම. ඉන් පස්සේ වෙන්නේ...බොහොම කුජීතයි ඒ ගැන කතා කරන එකත්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන් මන් ඉන්නේ ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තු දෙන්
      කියන තැන.ඒත් නිකන් ඉන්න බැරි කමට මෙහෙම දේවල් එනවා.
      වෙලාවකට හිතෙනවා අපි නිකන් හිටිය ඇති කියල , ආයෙම හිතෙනවා
      මොනවා හරි කරන්න පුළුවන් කාලේ කරන්න ඕනේ නේද කියල..
      දෙගිඩියාවෙන් පසු වෙමි..
      ස්තූතියි මචන් අවට මේ පැත්තේ..මන් හිතන්නේ උබට මන් කලින් දාපු
      පොස්ට් දෙක තුනක් මිස් උනා..පහු ගිය කාලේ පේන්න නොහිටියේ ඇයි .

      Delete
  9. බලේ තියෙන කොට මොළේ නැහැ, මොළේ තියෙන කොට බලේ නැහැ

    ReplyDelete
    Replies

    1. ඇත්ත බන් .ස්තූතියි මේ පැත්තේ ආවට.
      දිගටම එන්න ..

      Delete
  10. මේ ලියන ක්‍රමේ බ්ලොග් වලට සීමා කරන එක අපරාධයක් සහෝ.
    විශිෂ්ට ශෛලියක්.

    ReplyDelete
  11. මාගලක් දිග ඇරිය වගේ, ටිකක් කියවන්නත් අමාරුයි. template එකේ පොඩි වෙනසක් කලොත් නරකද ?

    ReplyDelete
    Replies

    1. ඒ කිව්වේ මචන් පළල අඩු වැඩි කරන්නද ?
      පළල අඩු කොලොත් තව ස්ක්‍රෝල් කරන්න වෙනවා
      බලනකොට.හරි මන් වෙනස් කරන්නම්...

      Delete
    2. සහන්
      පල්ලෙහාට ස්ක්‍රෝල් කරන එක එච්චර අවුලක් නෑ... ඒත් වාක්‍ය දිග වැඩි උනාම දිගට කියවගෙන යන්න අමාරුයි... පළල වැඩි උනාම තියෙන අවුල ඒකයි.. පොතක් කියවනවා වගේ නෙවෙයි නේ.... මේ template එක හොඳයි.. ඇහැට අමාරුවක් නෑ.. මේක වෙනස් නොකරනවා නම් හොඳයි...

      Delete
    3. හරි එහෙනම් මන් පළල තව ටිකක් අඩු කරන්නම්..:)
      විජෙට් ලයින් දෙකයි පොස්ට් එකයි එන විදිහට...
      ස්තූත්යි කියපු එක ගැන හිරු. ඒ උනාට මේකේ මේ තියෙන
      කළු පාට පටි 3 ( උඩම තියෙන හෙඩින් එක එක්ක තියෙන්නේ හරස් පටි 3 )
      අයින් කරගන්න තේරෙන්නේ නැහැ.හරිම කරදරයක් ඒක හිරු..
      ඇත්තටම ඒක නැත්නම් මේක මගෙත් හිතට ඇල්ලුවා...

      Delete
    4. අර පරීක්ෂණ මට්ටමෙන් කතන්දරේ තියෙන කෑල්ලද.. ඒක බැක්ග්‍රව්ඩ් ඉමේජ් එකක් නෙවෙයිද.... කලින් ඉඳලම තිබ්බනේ.. මං හිතන්නේ මොකක් හරි ගැජට් කෑල්ලක් වෙන්න ඕනේ.. මාත් මේ RSS එකක් දාන්න කියලා බැලුවා.. තේරෙන්නේ නෑ අප්පා... තාම හිතනවා.. මේ තියෙන ටිකටත් කෙළ උනොත් එහෙම.. හි හි

      Delete
    5. තාම පරීක්ෂණ කියල තියෙනText ටික නෙවේ හිරු .. ඒක යටින් තියෙන්නේ
      අඳුරු පාටට හුරු ගතියක් ..ආන්න ඒක තමා අයින් කරගන්න බැරි..මාතලන් ඉන්නෙත්
      මේ ටෙම්ප්ලේට් එකේ නිසා එයා දන්නවා ඇති අයින් කරන විදිහ ..


      අපෝ මට නම් උන RSS. මන් ඊයේ නිකමට test පොස්ට් එකක් දැම්මා ,
      බලද්දී ඔක්කොම බ්ලොග් රෝල් වල තියෙන්නේ මගේ orginal පොස්ට් එක
      නෙවේ අර test පොස්ට් එක..පස්සේ ටෙස්ට් පොස්ට් එක delete කරත් මගේ බ්ලොග් එකෙන් ,
      බ්ලොග් රෝල් වලින් අයින් උනේ නැහැ ටෙස්ට් පොස්ට් එක.අන්තිමට උනේ ගොඩක් දෙනා
      empty පොස්ට් එහෙකට ගියා අර එක ඔරිජිනල් පොස්ට් එක පැත්තක තියෙද්දී ..
      ඔයා නම් නිකමට වත් ටෙස්ට් වලට පොස්ට් දාන්න එපා .

      Delete
    6. @silentsahan
      @හිරූ ...
      දෙන්නටම කියන්නෙ, මේ ගැන හෙල්ප් එකක් එහෙම ඕනෙ නම් අහන්න. ලොස් නෑ කියල දෙන්නම්.

      මගෙ බ්ලොග් එකෙත් බ්ලොග් වලට හෙල්ප් තියෙනව. තාම feed ගැන නම් දාන්න හිතුවෙ නෑ. ඉල්ලුමට සැපයුම මේ දවස් වල. :)

      අවුලක් නම් මේල් එකක් එවන්න.

      Delete
    7. @පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ

      මන් හිතුවේ බ්ලොග් රෝල් වලත් syndi වල වගේ පොස්ට් කීපයක්
      එකවිට පේනවා ඇති කියල..බ්ලොග් රෝලක පෙන්නේ එක බ්ලොග් එහෙකින්
      එක පොස්ට් එකයි at once.දැනට හරි syndi විදිහට තියෙන්නේ ලාංකීය, සිංහලය ,
      google reader විතරයි .ඒ උනාට බ්ලොග් එහෙකට ජෙනුයින් readerla එන්නේ
      සහෝදර බ්ලොග් කරුවන්ගේ බ්ලොග් රෝල් වලින්. මන් හිතන්නේ ඒ අය
      syndi code එහෙකට යනවා නම් හරි බ්ලොග් රෝල් කෝඩ් එක වෙනුවට ..
      උබට හැකි නම් ඒ ගැන ලිපියක් දාන්න .මට නම් මේ ටිකේ වෙලාව නැහැ ...

      Delete
  12. අළුත් තාලයක්. ඇත්තටම මේ විදිය බ්ලොග් එකකට එහා ගිය තැනකට ගැලපෙනව. මගේ සුබ පැතුම්

    ReplyDelete
  13. අමුඩෙට අණ්ඩ දාල හෝ බෙරගන්න වෙනවා , අමුඩේ නැතිවෙනවට වඩා අවම වශයෙන් ඒක හොඳයි

    ReplyDelete
    Replies
    1. මට නං පෙන තෙක් මානෙක අන්ඩයක් දාගන්න වත්
      හරි හමන් රෙදි කෑල්ලක් පෙන්නේ නැහැ බන් ...
      අනිවා හොදම නිරුවතට තෑගී හම්බෙයි ...

      Delete
  14. ඔබ ඉතාම බැරෑරුම් ඉසව්වකට අපව ගෙන යනව.

    ඇත්ත,
    පැරණි ගරු කටයුතු නායකයින් අවංකව කටයුතු කලේ නම් අද පවතින බුද්ධියට නිගා කෙරෙන ශෝකාකූල දුප්පත් තත්වය උදා නොවනු ඇත.

    ඉතින්
    වර්තමානයේත් එලියක් පේන තෙක්මානයේ නොමැති නිසා ඔබට දෙමාපිය පරම්පරාවක හා ඔබගේම අත්දැකීම් හෘද සාක්ශියෙ උරගල මත තබා අවලෝකනය කරන විට අතීත නායකත්වයන් ගැන යම් අපුලක් ඉපදෙනු කෙසේ වලකම්ද?

    ඒත්
    එය කල යුත්තේ අපිට මොනව කරල තිබුනත් අපේ දෙමාපියන් මත වරද පටවනව වගේ නොවේ.

    මාගේ විදග්ධ මොල කලඳට පේන හැටියට

    ඔබගේත් දෙමාපිය පරම්පරාවේ අත් දැකීම් තැබිය යුතු උරගල හෘද සාක්ශිය නොවේ.
    ඒ ඒ යුගවල දේශීය හා විදේශීය ඓතිහාසික දේශපාලන තත්වය නැමැති උරගලේය. ලංකාවේ ඉතිහාසය නැමැති ආලෝක දහරාව (ටෝච් එක )හොඳට එල්ල කල යුතුය.

    ReplyDelete
    Replies
    1. මෙතන බතී මහත්තයෝ වෙලා තියෙන්නේ දැන් අපේ ඇට මස් වලටම
      රිංගල ඉවරයි දේශපාලනය කියන්නේ කීයක් හරි හම්බකරන් තමන්ගේම
      කියල හෙන්ච්චයියෝ ටිකක් හදාගෙන රජ කාලේ ඇමති කෙනෙක් වගේ
      ඉන්න පුළුවන් කියල.ඔබ තුමා ගියත් , මන් ගියත් අපි කව්රු ගියත්
      ඔය දේ නොකර ඉඳි කියල මන් හිතන්නේ නැහැ. ඒත් මන් හිතනවා
      විධායක බල තල හිමි ජනාධිපති වරකට පුළුවන් රටේ ආකල්ප
      වෙනස් කරලා ඕනේ හැටියට ඕනේ පාරක ගෙනියන්න..ඒත්
      ප්‍රශ්නේ තියෙන්නේ බතී මහත්තයෝ අඩුම තරමේ නාම යෝජනා
      ලබන්නත් සෑහෙන්න කියුම් කෙරුම් ටිකක් කරලා තියෙන්න ඕනේ..
      ඒ කියුම් කෙරුම් ඔක්කොම ටික මන් හිතන්නේ අපි බලාපොරොත්තු වෙන
      (වැසියන් වශයෙන් ) දේට අයිති නැහැ.

      අනිත් දේ සද්දේ නැති අහිංසක , ප්‍රතිපත්තියක් ඇති මිනිහෙක්ට මේ අපි උනත්
      චන්දෙ දේවිද ? අපේ කළු ජීවිතේ වැඩ කරගන්න පුළුවන් මිනිහෙක්ට නේද
      අපි උනත් චන්දෙට වැඩ කරන්නේ? ඒකයි මහත්තයෝ බතී , මේකට විසදුමක්
      නැත්තේ.

      ලින්ක් එක හොයන් පැමිණ අදහස් කියල ගියාට ස්තූතියි ..

      Delete
  15. Replies
    1. ස්තූතියි සමීර ..නැවත එන්න ..
      ලබන්නා වූ අවුරුද්ද සුබ නව වසරක් වේවා

      Delete
  16. ශාන්,
    මම මේ අයව පුද්ගලික නම් වලින් තොරව ඔවුන්ගේ අදහස හා මතවා ද අනුව විවේචනය කරන්නම්.

    1. පරණ සමාජවාදීන් - මගේ මතය ඔවුන් මේ රටට කළ කිසිවක් නැහැ. ඔවුන්ගේ එකම පරමාර්ථය වූයේ එංගලන්තෙදි ඉගෙන ගත් කාල් මාකස්, එංගල්ස් මේ රටට ආදේශ කිරීමයි. වැඩ කරන ජනතාව රවටමින් සිට සංවෘත ආර්ථික ක්‍රම තුලින් රටේ සාරය විනාශ කලා. හොදම දේ ඔවුන්ගේ දේශනාව තුළ තිබූ දෑ ජනතාවට කිසි දිනක ඔවුන් බලයේ සිටිත්දී ලබා දුන්නේ නැහැ. නතිකරම න්‍යායට කොටු වී සිටි පිරිසක්. රට යා යුතුව තිබූ මඟ බොහෝ හරස් කළා.

    2. නවීන සමාජවාදීන් - රුසියාව සහ චීනයේ ආකර්ශනයෙන් නෙත් අඳ වී ගිය කොටසක්. විප්ලවයට මුල් තැන දුන්නත් පුදගලිකව මේ බොහෝ නායකයන් ඇසුරු කර ඇති මට නම් මොවුන්ගේ ආකරශනය ඉතාම කෙටි කලකදී ඉවත් කර ගන්න වුනා. හෙතුව අන්තවාදී වීම, ජාතිවාදී වීම සහ තම මතයම නිවැරදි බව පිළිගැනීම, අන් මත නොඉවසීම. අනෙකාගේ ශ්‍රමය අගය නොකිරීම. ජනතාව තමන්ගේ විප්ලවය කරතබාගෙන යාම අනිවාර්‍යයෙන්ම කළ යුතු බව සිතීම ආදිය මොවුන්ගේ නොදියුණුම ලක්ෂන වුනා.

    3. ධනවාදී යූ. ඇන්. පී නායකයන් - අතීතයේ නායකයන් යමක් කිරීමට උත්සාහ කළ බව පෙනෙනවා. ගොවි ජනපද ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය, පසු කාලීනව ජේ. ආර්. මෙරට දේශපාලකයෙක් විසින් නිදහසින් පසු පාවෙමින් තිබූ ආර්තිකයට තාර්කික වෙනසක් ඇති කිරීම. අදටත් ඊට විකල්පයක් සොයා ගැනීමට පාලකයන්ට නොහැකි වීම උදාහරන වනවා. වර්ථමාන අඳ බාල නායකයන් පක්ෂයත් රටත් විනාශ කරනවා කියන එක මා කිව යුතු නැහැනේ.

    4. වමට සිග්නල් දමා දකුණට හරවන නිසි ප්‍රතිපත්තියක් නැති පක්ෂ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි මේ පක්ෂ නිසා ජනතාව රැවටෙනවාට වඩා යමක් වනවා යැයි මා සිතන්නේ නැහැ. මහින්ද ගෙන් පසු මේ පක්ෂයටත් යූ. ඇන්. පියට වූ දේම තමා.

    ReplyDelete
    Replies

    1. ඇත්තටම මගේ මුළු පොස්ට් එකේම අරමුණ ඔබ තුමාගේ කමෙන්ට්
      එකේ තියෙනවා වේද මහත්තයෝ .හැම දේම ඇතුලත් .ඔබ තුමා 01. යටතේ කියපු ටික
      තමා මගේ මේ ලිපියේ අරමුණ උනේ.මොකද ඒ කාරණාව තේරුම් ගන්නකම්
      මේ මුකුත් කතා කරලා වැඩක් නැහැ. එදා බහුතරය කරේ එංගලන්තයේ ගිහින්
      ඉගෙන ගෙන ආව මත වාද සියල්ල මේ රටේ ක්‍රියාත්මක කිරීම .
      සුද්ද නිදහස දුන්නට වැඩක් නැහැ , එංගලන්ත මත වාදමයි ක්‍රියාත්ම උනේ.
      අසවලා කලින් කිව්වා ඒ නිසා මෙය හරි . කාල් මාක්ස් කිව්වා , අපි කරා .
      ලෙනින් කිව්වා අපි කරා ..ඔන්න ඔය දේම තමා එක එක මුහුණු වලින් අපි අතරට ආවේ.

      කව්රු හරි කියපු නිසා සියලු මහා පරිමාන වතු , සමාගම් රජයට පවරා ගත්ත.
      අන්තිමට වැඩ වැරදුනා , මොකද " කව්රු හරි" කෙනා ඒ ගැන එතනින් එහාට
      කියල නැහැ.ඔන්න ඕකයි සරලවම මේ සිද්දි සමුදාය.
      අන්තිමට වැරදි වහගන්න වෙන දෙයක් මුවාවෙන් ( ජනතාවාදී මුවාවෙන් )
      එනවා ..ඕක ගැන අපි වැඩි දුරට ඊළඟ පොස්ට් කීපයේම කතා කරමු මහත්මයා.
      අනිත් කරුණු ටිකත් මන් ඒ එක්කම කතා කරන්නම් ...
      ස්තූතියි ආවට, ඇවිත් වැදගත් දෙයක් කමෙන්ට් කරාට..
      ඔබ තුමාට ලබන්නා වූ නව වසර සියලු කටයුතු මල් මල්ඵල ගැන්වෙන
      වාසනාවන්ත නව වසරක් වේවා....

      Delete
  17. පම්පෝරි ගහන නෝන කෙනෙක් ගෙ බ්ලොග් එකක තිබුන කොමෙන්ට් එකක් පස්සෙ තමා මේ බ්ලොග් එකට ආවෙ.
    ලස්සනට තාර්කිකව කරුණු ඉදිරිපත් කරල තියනව.දිගටම එන්න හිතාගෙන bookmark කලා.

    ReplyDelete
    Replies
    1. @ gayanmm

      බොහොම ස්තූතියි ගයාන් මහත්මයා මාව තේරුම් ගැනීම ගැන.
      මට කාවවත් යහ මාර්ගෙට ගන්න ඕනේ නැහැ , ඒත් ඔයාටම
      තේරෙන්නැතිනේ එතන උන සිද්දි මාලාව.අපි ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ
      ආඩම්බර විය හැකි දේවල් තියෙන්න පුළුවන් ,ඒත් තව කෙනෙක්ව තලා
      පෙලා " අපිට වඩා ඔබලාට මොනවද තියෙන්නේ , මෙන්න බලන්න අපේ
      කියුම් කෙරුම් , අපි ආශ්‍රය කරන්නේ මෙහෙම අය , අපි යන්නේ මෙහෙම
      තැන් වලට "වගේ දේවල් දාන්නේ නම් මානසික අසහනය නිසා ඒ ස්ත්‍රිය .
      මට නෝනා කෙනෙක් කියලවත් කියන්න හිතෙන්නේ නැහැ මොකද
      පුතෙකුයි අම්මෙකුයි වත් කතා කරන දේවල් ලෝකෙටම කියනවා
      " මගේ බොක්ක ගලවලා තියෙන්නේ , මගේ කිලි නැහැ " කියල .
      ඕනෑම කෙනෙක්ට තේරෙනවා මොන තරම් මානසික රෝගයක්
      තියෙන කෙනෙක්ද කියල ඒ ස්ත්‍රිය.පිළිකුල් ගයාන් ඒ හැසිරීම අන්තිම .
      තව ලැජ්ජත් නැතුව ඒවා කිය කියා උඩ බලන් කෙල ගහගන්නවා ,
      නඩු දානවලු.නඩු දැම්මට නම් කමක් නැහැ , මොකද මගේ නඩුව මටම
      කතා කරන්න පුළුවන්..

      බොහොම ස්තූතියි ගයාන් මහත්මයා මේ පැත්තේ ආව එකට .මන් මේ බ්ලොග්
      එක පටන් ගත්තේ ඇත්තටම දේශපාලනය , නීතිය , යහපාලනය වගේ
      මාතෘකා කතා නොකර සරල කවියක් සින්දුවක් දාල නිදහසේ තියෙන බ්ලොග්
      එකක් කරන්න .ඒත් අග විනිසුරු ප්‍රශ්නෙදි මන් ලිපියක් ලිව්වා හිත එකග
      කරගන්න ඕනේ නිසා.ඒ විදිහටම තමා මේ ලිපියත් ලිය උනේ.නමුත් දේශපාලන
      බ්ලොග් එකක් නම් නෙවේ මේක.
      නැවත වාරයක් ස්තූතියි ගයාන් මහත්මයා මෙහි ඒම ගැන , නැවත එන්න ..
      ලබන්නා වූ නත්තලත්, අලුත් අවුරුද්දත් ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.

      Delete
  18. අනේ සමාවෙන්න ඕන අයියේ...ඇත්තමයි අමතක වෙලා මට ආවා කියලා...හැබැයි හැමදාම එනවා දැන්නම් මම...හරිද?

    ReplyDelete
  19. මට මතක් වෙන්නේ සහන් මම අසම කරන නාට්‍යය පරාක්‍රම නිරිඇල්ල මතාගේ "සෙක්කුව". ඔහු මේ කුණු දේශපාලනය ඉතාම නිවැරදිව ඉදිරිපත් කළා.

    "බැඳපන් කිරි පුස්සා......."
    "බැඳපන් අපේ පැණියා......."

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යේ..ඇත්තටම ඔයා ඔය කියන දේ තමයි සත්‍ය මේ සියල්ල පිටුපස තියෙන...

      ස්තූතියි අදහස් කීම ගැන..නැවත එන්න ඉඩක් ඇති වෙලාවට....

      Delete
  20. උඹගේ බ්ලොග් එක ආයිත් අලුතින් හමු වුනේ එල එල එල.
    ඉහත හිටපු දේශපාලකයන්ගේ නම් ලිස්ට් එක ගැන මගේ අදහස නම් ජේ ආර් ජයවර්ධන හැරුණු කොට අනෙක් අය දේශපාලකයන් නොවන බවයි.(ප්‍රේමදාස යම් තරමක් දුරට) මේ නායකයන් සියල්ල දේශපාලනය හැර අනෙක් සියලු දේ කර ඇත.
    මට අනුව ජූනියස් රිචඩ් ජයවර්ධනගෙන් පසු තවමත් අපිට දේශපාලනය කරන ජනාධිපති කෙනෙක් නොමැත.
    දේශපාලනය කිරීම හැර අන් සියල්ල කරන දේශපාලකයන් සිටින රටේ දේශපාලනය කරන නායකයෙක් බිහි වේද?
    මම එතෙක් බලා සිටිමි.
    දේශපාලකයන් වෙනුවට ජේ ආර් ගෙන් න් පසු ලංකාවේ දේශපාලනය කරන්නේ පී බි ජයසුන්දර වැනි නිලධාරීන් , මහා බැකුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල වැනි ආයතනයි.
    මීළඟ ජනාධිපති විය යුත්තේ කවුද? 3 වැනි පාරටත් ඉල්ලන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේ මියක් කඩන්නේ අත ලෙව කන්නයැ?

    ReplyDelete
    Replies





    1. \\\ඉහත හිටපු දේශපාලකයන්ගේ නම් ලිස්ට් එක ගැන මගේ අදහස නම් ජේ ආර් ජයවර්ධන හැරුණු කොට අනෙක් අය දේශපාලකයන් නොවන බවයි.(ප්‍රේමදාස යම් තරමක් දුරට) මේ නායකයන් සියල්ල දේශපාලනය හැර අනෙක් සියලු දේ කර ඇත.////

      ඔය කතාව නම් සහතික ඇත්ත උදිත මේ රටේ මිනිස්සු එක එක්කෙනා කියපු දේවල් අහල
      කලේ ජයවර්දන මහත්තයට බනින එක..නමුත් එතුමා තමයි මේ රට එදා තිබ්බ නැවත ආපස්සට
      යන වැඩවසම් යුගය නිමා කරේ.මොකද සිරිමාවෝල කරේ තනිකර රාජාණ්ඩු ක්‍රමයට
      මිනිස්සුන්ව පාලනය කිරීම..

      හැබැයි සුදු හුණු ගාගත්ත යස අගේට.සිරිමාවොලගේ මිනිස්සුන්ට කතා කරන විදිහ උනත්
      දන්නවා ඇතිනේ උබ බන් බොලන් කියල...

      හැබැයි ලෝකෙට , එයා මේ රට ගලවාගත් මව..ඒ මවගේ වැඩ නම් දන්නේ නැහැ ගොඩක් දෙනෙක් ..


      කොහොම හරි ඔය හැම දේම ඩිංගක් හරි , හරි මාර්ගෙට ගත්තේ ජයවර්දන මහත්තයා .ඔයා දන්නවද
      උදිත මගේ නැන්දා කෙනෙක් දවසක් තදින් එතුමාව විවේචනය කරා..මන් හේතු ඇහුවා ..

      ගත්ත ගමන් කියන්නේ විවෘත ආර්ථිකේ ගෙනත් රට කෑවා ලු ..මන් තව තව ඇහුවා ..
      ඔතොකොට කියනවා , ගම වල හිටපු අහිංසක කෙල්ලන්ව රස්සා වලට ඇරලා රට විනාස කරාලු ..
      මන් තව තව ඇහුවා ....


      ඔතොකොට කියනවා එයාගේ හොදම යාලුවත් ඒ වැඩෙන් එයාට නැති උනාලු...

      කොහොමද වැඩේ ?????????????

      කොහෙවත් ඉන්න කෙල්ලෙක් නැති උනත් රාජ්‍ය නායකයට බනිනවා , එතුමා කරන
      වැඩ පිළිවෙල තේරුම් නොගෙන....


      ඔන්න ජයවර්ධන මහත්තයට බනින හේතු..ඔයාට උනත් පෙනෙයි එතුමාට බනින හැමෝම කියන
      එකම කතාව විවෘත ආර්ථිකේ ගෙනත් මේ රට විනාස කරාලු..ඊට එහා දෙයක් ඇහුවොත් එන්නේ
      අර වගේ උත්තර ....


      ඉතින් කොහොම තේරුම් කරන්නද උදිත තව..

      \\\මට අනුව ජූනියස් රිචඩ් ජයවර්ධනගෙන් පසු තවමත් අපිට දේශපාලනය කරන ජනාධිපති කෙනෙක් නොමැත./////

      100% ekagai uditha..


      \\\දේශපාලකයන් වෙනුවට ජේ ආර් ගෙන් න් පසු ලංකාවේ දේශපාලනය කරන්නේ පී බි ජයසුන්දර වැනි නිලධාරීන් , මහා බැකුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල වැනි ආයතනයි.
      මීළඟ ජනාධිපති විය යුත්තේ කවුද? 3 වැනි පාරටත් ඉල්ලන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේ මියක් කඩන්නේ අත ලෙව කන්නයැ? ///


      ඔය දේවල් ටික මන් හොදටම පැහැදිළිව කිව්වා මගේ
      වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

      දැන් තනිකර නිකන් වට මේසයක් වගේ බාර් එහෙක..
      මචන් අරකට මොකෝ බන් කරන්නේ කිව්වොත් ...

      " අහ් පොඩ්ඩක් හිටපන් මන් ළඟ නියම මිනිහෙක් ඉන්නවා
      වැඩේ කරගන්න " කියල හොද බල්ලෙක් සෙට් කරනවා...

      බල්ලා ලව්වා බලු වැඩේ කරගන්නවා ..ඔන්න පාපතර දේශපාලනය ..
      දැක්කනේ පහු ගිය කාලේ ගැන ..


      ඔබ අනිවාර්යෙන් මගේ මේ පොස්ටුව කියවන්න....
      වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!
      රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) ...
      අනිත් දේ ජනමාද්‍ය වේදීන් , ෆ්‍රෙඩ්රිකා හැසිරුණ හැටි කොහොමද ?
      සරත්ගෙන් පලි ගන්න ගිහින් අන්තිමට වැඩ වැරදුන හැටි දැක්කනේ..
      නියම බැළලියෙක් විදිහට කොස් ඇට බෑව්වා බල්ලන්ට ...

      මේවා ගොඩ ගන්න බැහැ උදිත , නින්දිතයි..ගොඩ ගත්තත්

      " තෝ මොන මගුලටද අපිව ගොඩ ගත්තේ " අහයි...


      \\\උඹගේ බ්ලොග් එක ආයිත් අලුතින් හමු වුනේ එල එල එල.////

      මා මාස කීපයක සිට ඔබගේ පැමිණීම දුටුවා පාරේ වේගෙන් දුවන් එනවා..( R--D R----R )
      ඔබගේ අදහස් ඉතා වටිනා කොට සලකමි උදිත..හැකි සෑම විටකම එන්න..
      අදහස් සම විය යුතු නැහැ , වාදය අවශ්‍යත් නැහැ , නමුත් අදහස් ඉතාම
      වටිනවා.මොකද මේ දේවල් කවදා හෝ අන්තර්ජාලයේ රැඳෙවී , අපි නැතත්
      අපෙන් පසු පෙළ ඉදිරියට ගෙන යාවි..අහිංසක විප්ලවයක් අරඹා තැබීම
      එදාට වටීවි....!

      Delete
  21. ඔබ සඳහන් කළ පරිදිම මේ රටේ වාමාංශිකයන් කල වැඩක් නැහැ. මමත් පුරුදු පාරේ ගෙදරින් නිකන් ලැබෙන දේශපාලන හුරුව නිසා කාලයක් හිතටත් ගෙදරටත් මැදිව ජීවත් වුනා. ඒත් පසු කාලීනව ලැබූ සමාජ අත්දැකීම් අනුව ලංකාව පාලනය විය යුත්තේ ප්‍රජාතාන්ත්‍රික සමාජ තලයක කියල පැහැදිලි වුනා. ඇත්තටම ජේ.ආර්.ජයවර්ධන නියන්නේ ප්‍රායෝගික නායකයෙක්. වැරදුන තැන් තිබුනත් (ජනපති නාමයෝජනා ප්‍රේමදාසට දීම වැනි. මෙහි ප්‍රථිපල තාමත් අපි විඳිමින් සිටිමු.) තමන් හොරකන් කරන්නෙ නැතිව වැඩක් කල නාය‍කයෙක්.

    නැවතත් ඔබගේ බ්ලොගයට ඒමට තරම් වැඩදායි නිසා නිරතුරුව පැමිණෙමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සාගර මහත්මයා දිගටම හැකි වෙලාවට
      එන්න .

      ඔබ දන්නවාද අපි ඒ කාලේ ඉඳන් නැහැ වගේ රැවටුනා.
      අදටත් එහෙමයි.

      විටක ප්‍රජචන්ත්රවාදයේ නාමෙන්
      විටක සමානතා නාමෙන්
      විටක සමාජවාදයේ නාමෙන්

      ඔහොම ඔහොම ලොකු ලිස්ට් එකක් කියන්න
      පුළුවන් කියන්න ගියොත් නම් .


      කොහොම හරි සාගර මහත්මයා අපිට ඉතුරු වෙන්නේ
      ඇඳි වත විතරයි තව අවුරුදු 20 කින් වගේ..සියල්ල වෙන වෙන
      අයට සින්න වේවි...

      Delete

  22. @ mahason pilliya

    ඔබ උපාලි මැස්ඩා ලිපියට දැමු කමෙන්ටුව LOAD MORE වෙත පිවිස බලන්න.. කමෙන්ට් ගණන 200 ඉක්මවා ඇති හෙයින් ඔබේ කමෙන්ටුව දිස් නොවේ.. මා පිළිතුරුද එක් කර ඇත..

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili