දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

October 30, 2013

අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...? making of a satellite කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක.. ( මාරයාගේ බ්ලොග් එකේදී මා පොරොන්දු වූ පින්තූර ) Do Not Click if you are not interested ...! (post size is 4 mb)


               පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කරන කෘතීම චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය , විද්‍යාගාර , වෙනත් උපකරණ දැකගන්න ලැබෙන්නේ නැහැ බොහෝ විට. පහත තියෙන්නේ මුල ඉඳන් චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය දැක්වෙන සරළ පැහැදිළි කිරීම් ටිකක්. කෘතීම චන්ද්‍රිකා මූළිකවම වර්ග දෙකයි.

 i. පළමු වර්ගය = උඩ බැලුවම එකම තැන තියෙනවා වගේ පෙනෙන චන්ද්‍රිකා.

 ii. දෙවන වර්ගය = අහසේ ගමන් කරමින් තිබෙන්නා වූ සේ පෙනෙන චන්ද්‍රිකා.

              මූලික අරමුණ පණිවිඩ හුවමාරුව උනත් මේ වර්ග දෙකම හදන්නේ විවිධ කාර්යන් සඳහා. රූපවාහිනී විකාශය සඳහා දැනට චන්ද්‍රිකා 380 පමණ භාවිතා කරනවා , අන්තර්ජාල කටයුතු සඳහා චන්ද්‍රිකා 35 පමණ සේවයේ යෙදවෙනවා , කාලගුණික කටයුතු සඳහා යැයි පවසමින් චන්ද්‍රිකා 120 පමණ සේවයේ තියෙනවා මේ මොහොතේත් , යුධමය කටයුතු සඳහා කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ ..:( ඒ වගේම මොනවද කියලා හිතාගන්න බැරි අභ්‍යාවකාශ වස්තූන් 400 විතරත් තියෙනවා. :(        ගැන මම මීට කළින් පෝස්ට් දෙකක් දාලා තියෙනවා.

                   සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක ආයු කාලය අවුරුදු 15 ක් වන සේ තමයි සැළසුම් කරන්නේ. ඒ කියන්නේ එහි ඉලෙක්ට්‍රොනික් පද්ධතිය නිර්මාණය කරන්නේ අවුරුදු 15 කට ගැළපෙන විදිහට. උඩ යැව්වට පස්සේ සර්කිට් එකේ ෆේලියර් එකක් ආවොත් ආයේ හදන්න බැහැ. චන්ද්‍රිකාව බිමට ගන්න බැහැ අලුත්වැඩියා කිරීම සඳහා. අලුත්වැඩියා කටයුතු සඳහා ඉංජිනේරුවෙක් යවන්නත් බැහැ අභ්‍යාවකාශයට.  පළමු ගැම්මෙන් හදන එක හරියටම හදන්න ඕනේ. මෙවැනි තැනක වැඩ කරන සියලුම ඉංජිනේරුවන් වැඩ කරන්නේ රොබෝලා වගේ. තමන්ට පැවරුණු කාර්ය තිතටම කරන්න ඒ අය බ්‍රේන් වොෂ් වෙලා වගේ ඉන්නේ. වර්ක් ප්‍රෙෂර් එක ඉතාම තදින්ම තියෙනවා මෙවැනි තැනක වැඩ කරන අයට.


             පහත සඳහන් පින්තූර සියල්ල ලබාගත්තේ ---------- ආයතනයේ අනුග්‍රහයෙන්. තවත් මෙවැනි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තියෙනවා ඩොලර් මිලියන ගණනක් වටිනා. පුද්ගලික හේතුවක් නිසා ආයතනයේ නම එළි කරන්න විදිහක් නැහැ , රූප රාමු ලබා දීම ගැන කාර්යමණ්ඩලයට ස්තූතියි.


                චන්ද්‍රිකාවක් සැළසුම් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවේ. අපි හදන්නේ කුමක් සඳහා යොදා ගන්න චන්ද්‍රිකාවක්ද ( කාලගුණ , පණිවිඩ , යුධ ) , එහි ධාරිතාවය කොපමණද ,වසර කීයක් සඳහාද , ලෝන්ච් කරන රොකට් පද්ධතිය , චන්ද්‍රිකාවේ බර , චන්ද්‍රිකාවෙන් අපේක්ෂිත අදායම , ව්‍යාපෘතිය සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය වගේ දේවල් සැළකිල්ලට ගන්න වෙනවා.

 
                     චන්ද්‍රිකා වාණිජව නිෂ්පාදනය කරන විද්‍යාගාරයක ඉහත කියපු සෑම ආකාරයකම සැටලයිට් සහ ප්‍රොපෙලින්ග් සිස්ටම් හදනවා වෙන්න පුළුවන්.සමහර දේවල් රහසිගතව හදනවා වෙන්නත් පුළුවන්. දන්නවනේ රහස් කියන්නේ රහස්. ළඟම කෙනෙක් දන්නා රහස් කියලා ජාතියක් නැහැ මේ ලෝකේ.


                     පහත දක්වලා තියෙන්නේ මුල ඉඳන් පුංචි පහේ අඩු වියදම් සැටලයිට් එකක් හදන හැටි. මෙතන තියෙන සැටලයිට් එක තාම අභ්‍යාවකාශගත කරලා නැහැ 2013 ඔක්තෝබර් වන විටත්. තවත් මාස කීපයකින් මේක ගුවනට යවනවා.ඊට කලින් බලමු කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා..මන් මාරයාගේ පෝස්ට් එකේදී කිව්වේ දැක්කම පුදුම හිතෙයි කියලා මේ පුංචි බට්ටව.



                  මේ පොස්ට් එක හදලා තියෙන්නේ බොහෝමයක් දේ ඇතුලත් වන  විදිහට. පෝස්ට් එකේ සයිස් එක 4mb වෙනවා. එහෙම ලොකුවට පෝස්ට් එක හදන්න හේතුව තමයි මෙවැනි දේවල් ගැන සිංහලෙන් විස්තර හොයාගන්න නැති කමත් මේවට ආස අය කොච්චර දිගට තිබ්බත් කියවන බව දන්නත් නිසා. පහු ගිය කාලේ ලංකාවෙන් චන්ද්‍රිකාවක් ඇරියා ඇරියා කියලා ලොකු කළබලයක් තිබ්බා නේ. මිනිස්සුන්ව රවටනවා සීමිත පිරිසක් එකතු වෙලා ( කව්ද කියලා දන්නවනේ ) . කෙනෙක් හිතන්න පුළුවන් වෙසක් කූඩුවක් හදනවා වගේ කෘතීම චන්ද්‍රිකාවක් හදන්න පුළුවන් කියලා. මේ පහළ විස්තර කරලා තියෙන්නේ චන්ද්‍රිකාවක් හදන්න පටන් ගන්න ක්‍රියාවලියෙනුත් කොටසක් විතරයි. මේ වගේ තව පෝස්ට් කීපයක් මම දාන්නම් වෙලාව ලැබෙන විදිහට. දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ සමස්ථය ගැන වැටහීමක් ගන්න පුළුවන් පෝස්ට් එකක් පමණයි.




           මෙවැනි දේවල් ගැනඉගෙන ගන්න කැමති ඔබේ හිතවතෙක් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට මෙහි ලින්කුවක් ෂෙයාර් කරන්න FB හරහා.

            මේ පෝස්ටුවේ දිග ප්‍රමාණය වැඩි කම නිසාම ඔබට කමෙන්ට් කිරීමට අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ලින්ක් එකට යන්න ඔබට කම්න්ට් කරන්න ඕනේ නම්.. එතනත් මේ විස්තරයම තියෙනවා , හැබැයි පින්තූර නැතිව.. tab දෙකකින් මේ පෝස්ට් එක කියවන්න. එතකොට ඩේටා ඉතුරු කරගන්න පුළුවන්. රයිට් එහෙනම් ඔබන්න ඉඳගෙන ..



 01







අවුරුදු ගණනක පෙර අද්දැකීම් අනුව අනාගතයට ගැළපෙන විදිහට සැලසුමක් සෑදීම බැරෑරුම් කටයුත්තක්. අනාගතය දකින්න වෙනවා , වසර 15 ක් සඳහා ගැළපෙන ධාරිතාවයක් ලබා දිය යුතුයි. යානය පෘතුවියෙන් එළියට ගියාට පසු නැවත එන්නේ නැහැ.  සරළව කිව්වොත් එහෙම , අද අපි පාවිච්චියට ගන්න තොරතුරු සන්නිවේදන ජාලය හැදුවේ මීට වසර 22 කට විතර කලින් උඩු ගුවනට ගියපු චන්ද්‍රිකා සඳහා. අදටත් ඒවා යල් පැන ගිහින් නැහැ.


 


මුල් සැළසුම් සෑදීමෙන් පසු ඇණයේ සිට සියළුම කොටස් , පරිපථ , ඇතුලත් කරන අංග , බර ප්‍රමාණය , මිළ ආදී වශයෙන් එකින් එක විස්තරාත්මකව ව්‍යාපෘති වාර්තාව හදනවා. සාමාන්‍යයෙන් කිලෝ 500 ක විතර චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවන්න ඇමරිකන් ඩොලර් මිලියන 130 සිට 300 විතර වෙන මුදලක් අවශ්‍යයි වර්තමාන මිළ ගණන් එක්ක ( රුපියල් මිලියන 17,000 විතර ) . විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළටම ඉගෙන ගත්ත ඉංජිනේරුවන් මගින් තමයි මෙවැනි දේවල් හැදෙන්නේ. විශයන් කීපයක් ගැන Phd කල අය ඉන්නවා මෙවැනි ආයතන වල. පුදුමයි වගේ පෙනුණත් ඔන්න ඔහොමයි මේ ලෝකෙට තාක්ෂනය ලැබෙන්නේ. එවැනි කෙනෙකුගේ දළ වැටුප බොහෝ විට මසකට රුපියල් ලක්ෂ 16 සිට 35 පමණ වෙන්න පුළුවන්.



එක් එක් අංශ සඳහා විශේෂඥතාවක් දක්වන අයට වැඩ පවරා දීම වෙනවා ඊට පස්සේ. එකින් එක අධීක්ෂණය කරන්නේ ව්‍යාපෘති භාර ප්‍රධාන ඉංජිනේරු වරයා , මෙහෙයුම් කලමනාකරු හෝ  ආයතනයේ ප්‍රධාන විධායක වරයා. ( Head of operations , CEO වෙන්නෙත් බොහෝ විට ඉංජිනේරුවරයෙක්. අනික් ආයතන වල වගේ අන්තිම මොහොතේ වැරදෙනකම් ඉඳලා බැනලා යන්නේ නැහැ.මුල ඉඳන්ම ඉන්නවා අවශ්‍ය සහය දෙමින් )

03
 මාස කීපයක් තිස්සේ චන්ද්‍රිකාවේ සියලු දේ නිර්මාණය කරයි.


මේ තියෙන්නේ අවසාන සැළසුම. පිටින් බැලුවම මේ වගේ පේන්නේ.



තවත් අදියර කීපයකින් පස්සේ එන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථය නිම කිරීමේ අදියරට. යානය සහ චන්ද්‍රිකාව සඳහා යොදාගන්නා සියලු කොටස් විශේෂිත පරීක්ෂණයකට ලක් කරනවා.



හැම දෙයක්ම...





>
පේනවද බෝර්ඩ් එකේ ගණකම...

ඊතලෙන් පෙන්නලා තියෙන තැන බලන්න.. සියලු ඉලෙක්ට්‍රොනික් කොටස් ටික ඔතනට දාලා පොඩි වැඩක් කරන්න යන්නේ...




=================================================

පේනවද වයර් ...? අපි හදන්නේ විශේෂ පරීක්ෂණයක් කරන්න.



මේ කුටිය ඇතුළට දාලා උෂ්ණත්වය අඩු කරනවා  අංශක ඍණ 50 දක්වා. ඊට පස්සේ එතන ඉඳන් දශමෙන් දශමය උෂ්ණත්වය වැඩි කරන්න ගන්නවා. සෑම දශමයක් ගානෙම ඉලෙක්ට්‍රොනික් උපකරණයේ ක්‍රියාකාරීත්වය මනිනවා.උදා : හයි ෆ්රීකුවන්සි  ට්‍රාන්සිස්ටරයක පරීක්ෂා කර බලනවා ෆ්රීකුවන්සි රේන්ජ් එකේ වෙනසක් වෙනවද කියලා උෂ්ණත්ව වෙනස් වීම එක්ක. ට්‍රාන්සිස්ටරයේ අවම කාර්යක්ෂමතාව වත් ලැබෙන මට්ටම් ගැන අවබෝධයක් ගන්න පුළුවන් මේකෙන්. සියලු කොටස් සඳහා මෙවැනි පරීක්ෂණයක් කරනවා.

===========================================

2

මේක පැය ගාණක් යන පරීක්ෂණයක්. අංශක දෙකක් යන්නත් පැය බාගයක් විතර යන නිසා ඉහළ උෂ්ණත්ව සටහනක් ගන්න විදිහක් නැහැ..



පරීක්ෂණයෙන් සමත් වූ ඉලෙක්ට්‍රොනික් කොටස්  පරිපථයට පෑස්සීම කරගත යුතුයි.


මේ ඉන්නේ රේඩියෝ බාස්ලා නෙවේ. ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්.




බොහෝ පෑස්සීම් කරන්නේ මනුෂ අතින්.

ටිකෙන් ටික නිමවෙන පරිපථ.






කොටසෙන් කොටස ප්‍රධාන විධායක වරයා පරීක්ෂා කරන ආකාරය. LCD එකට ඉස්සරහින් වම් පැත්තේ තියෙන්නේ පුංචි කොටසක් චන්ද්‍රිකාවක.




පරිපථ සකසන විද්‍යාගාර.









සියලු දේ වෙන්නේ මනුෂ්‍ය අතින්.




 ටිකෙන් ටික නිමවෙමින් පවතින චන්ද්‍රිකාවක් .






මේ තියෙන සියලුම කොටස් එකින් එක නූලෙන් නූලට කිරලා මැනලා හදපුවා.




ඊතලෙන් පෙන්නලා තියෙන්නේ star ට්‍රැකර් කියන කොටස. මේක අනිවාර්ය අංගයක් කෘතීම චන්ද්‍රිකාවක් සඳහා. මේ ගැන සුළු විස්තරයක් අද පෝස්ට් එකේ පහළ තියෙනවා. ඊළඟ පෝස්ට් එකකින් මෙහි අවශ්‍යතාව සහ ක්‍රියාකාරීත්වය කියන්නම්. දැන් කියන්න ගියොත් පාරෙන් පිට යනවා..





මම කියපු ආකාරයේ පුංචි කාචයක්. ලෙන්ස් ගැන කොටස තව පහළ .. හෙමීට යමු එතනට..

==================================




 මේ තියෙන්නේ අධෝරක්ත කිරණ කැමරාව සහ සාමාන්‍ය ආලෝක කැමරාවක් චන්ද්‍රිකාවට සවි කරන්න යන.




ඇතුළත ගලවලා තියෙනවිට.


සාමාන්‍ය ආලෝක කාච ..


 අධෝරක්ත ලෙන්ස් පද්ධතිය.



============================================

[[[[[
මේ තියෙන්නේ ප්‍රධාන ලෙන්ස් පද්ධතිය. 





                        
චන්ද්‍රිකාවට සවි කල පසු පෙනෙන ආකාරය . දැන් බලමු මේ ලෙන්ස් පද්ධතිය හදලා තියෙන්නේ කොහොමද කියලා. මේ සියලු ලෙන්ස් හදන්නේ ආයතනය තුළදීමයි. පහත තියෙන්නේ එම ක්‍රියාවලිය . මේ ගැන තව පෝස්ට් එකක් ලියන්න තරම් කරුණු තියෙනවා. මගේ දුරදක්නය එකේදී අපි ඒවා කතා කරමු.දැනට මේ ටික බලන්න..




ඊතලෙන් පෙන්නලා තියෙන්නේ ලෙන්ස් එක.මේ මැෂින් එකෙන් තමයි නියමිත වක්‍රතාව සහ ඔපය ගන්නේ. ( ලංකාවේ ප්‍රධාන පෙළේ කණ්නාඩි සාප්පුවකට ගියොත් ඔබට මේක දැකගන්න පුළුවන්.  )
[[[[[


දැක්කද ලෙන්ස් එකටත් මම කියපු දේ කරනවා..



ගිණි කබලක දාලා පුච්චන්න පුලුවන්ද මේ වගේ ලෙන්ස් එකක් ..?






දැන් කියන්න යන්නේ විශේෂ දෙයක්. උෂ්ණත්වය කියන දේ නිතරම වෙනස් වෙනවා අභ්‍යාවකාශ චන්ද්‍රිකාවක. දවසෙන් පැය 12 සෑම විටම සූර්යාට ඍජුවම මූණ දෙනවා. එවිට බාහිර උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 340 ට පමණ ඉහළ යනවා. අනිත් පැය 12 තුළදී බාහිර උෂ්ණත්වය අංශක ඍණ 50 ට පමණ අඩු වෙනවා. මේ හේතුව සෑහෙන පෙහෙළිකාවක්  වෙනවා චන්ද්‍රිකාවක ක්‍රියාකාරීත්වයෙදී.



දැන් බලමු මේ ගැටලුවට විසදුමක් හොයන්න.. 




මේ තියෙන්නේ අවතල කාචයක්..මෙහි ගුණය තමයි ආලෝක කිරණ දෙපසට විහිදුවාලීම. මෙකි ගුණය උපයෝගී කරගෙන අපි බලමු පොඩි වැඩක් කරන්න...



උෂ්ණත්වය වැඩි වීමත් සමග උත්තල කාචයෙන් වෙන වෙනස ; අවතල කාචයෙන් අඩු කරන්න පුලුවන්ද බලමු...




මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.. හිතන තරම් සරළ නම් නැහැ.




මේ සැළසුම හදන්න මාස 8 ක් ගිහින් තියෙනවා මුල්ම ඉංජිනේරුවන්ට. උෂ්ණත්වයට වෙනස් නොවී වැඩ කරන්න දැන් පුළුවන්..




ඇත්තම ඇත්ත කාච වලින් පෙහෙළිකාව විසඳි ඇති ආකාරය.. ...



මෙතනින් තමයි ලෙන්ස් ටිකට ජීවය ලැබෙන්නේ. ක්‍රීස් ගාලා වට 20 ක් විතර කැරකිලා  zoom වෙන හැටි බලන් ඉන්න ආසයි..



















 කිලෝමීටර් 37,000 ඈත තියෙන පත්තරක් කියවන්න පුළුවන් මේකට...






මේ තියෙන්නේ මම කියපු star ට්‍රැකර් එක ..




ස්ටාර් ට්‍රැකර් එක සවි කිරීමට ප්‍රථම පරීක්ෂා කරන ආකාරය.


=======================================================
5









ඇයි ස්ටාර් ට්‍රැකර් එකක් ඕනේ වෙන්නේ චන්ද්‍රිකාවකට ? .


හේතුව මේකයි ... චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට ගියාට පස්සේ පාර හොයාගන්නේ තරු රටා වල පිහිටෙන්.. නැතුව GPS වලින් නෙවේ. gps වැඩ කරන්නේ නැහැ පෘතුවියෙන් එළියට ගියාට පස්සේ. තරු රටා වල එකිනෙකට අනුරූප  කෝණයන් උපයෝගීකරගෙනයි චන්ද්‍රිකාව තමන්ගේ කක්ෂය නිවැරදි කරගන්නේ. මේක ස්වයංක්‍රීයව සිදු කරගන්න අවශ්‍ය පද්ධතිය  ඇතුළත් කරන්නම ඕනේ උඩු ගුවනට යවන්න කලින්. නැත්නම් මිලියන ගණනක මුළු ව්‍යාපෘතියම වතුරේ..


උඩට ගියාට පස්සේ එයා වැඩ පටන් ගන්නේ මෙහෙමයි.... ( පස්සේ විස්තර කරන්නම් මේක වැඩ කරන හැටි )
=================================



මේ තියෙන්නේ චන්ද්‍රිකාව ආවරණය කරන්න යොදාගන්න දේවල් ...( මෙය පසුව පොටුවට එකතු කරන ලද්දක් රංගට පැහැදිළි කිරීම පිණිස.. )







දැන් නම් මටත් මහන්සියි... ඒ නිසා මේ පොඩිම පොඩි ඇණේ දිහා බලන්නකෝ...








========================================

7



ඇයි මම ඇණ ගැන කිව්වේ ...?







පොඩ්ඩක් එන්න පහළට .....




             දැක්කද මේ තියෙන්නේ මොනවද කියලා ...? අභ්‍යාවකාශ රොකට්ටු තියෙන මහළ මේ. නූලෙන් නූලට කිරලා මැනලා හදන දේවල් මේ. කිසිම දෙයක් පරීක්ෂාවෙන් තොරව සවි කරන්නේ නැහැ..   ඉතාම අධික ආරක්ෂාවක් තියෙනවා. මේ වගේ තැනක පිපුරුමක් වුණොත් වෙන දේ හිතාගන්න පුලුවන්ද ? මම කළින් පෙන්නපු අකුණු ආරක්ෂණය මතකද ? දැන් තේරෙනවද අකුණු ආරක්ෂණ පවා ඕනේ වෙන්නේ ඇයි කියලා ...? රුපියල් වලින් බැලුවොත් බිලියන ගණනක දේපළ , ජීවිත විනාශ වෙන්න පුළුවන් එක ගිණි පුපුරකින්.








                   මේ වගේ තැනක වැඩ කරන්න බොහෝ අය ආස වෙන්න පුළුවන් දැක්ක ගමන්. මම කළින් දාපු ටෙස්ලා වර්ගයේ කාර් එකක් නෙවේ පුද්ගලික ගුවන් යානයක උනත් හිමිකරුවෙක් වෙන්න පුළුවන් මෙවැනි තැනක වැඩ කරන කෙනෙකුට. මාසික පඩිය මිලියනයකට වඩා වැඩියි. මහන්සියෙන් විභාග පාස් කරන්න ඕනේ. බොහෝ විට PHD කීපයක නිපුණතා ඕනේ වෙනවා වැඩ කරන්න. මොළේ උපරිමව ලෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ.   ඒත් බොහෝ අයගේ පවුල් ජීවිත අවුල් වෙලා තියෙන බව දන්නවද ? බොහෝ විට ආයතනයෙන් එළියට යන්නේ මාසෙකට සැරයක් වගේ වෙන්න පුළුවන්. චන්ද්‍රිකාවක් සම්පූර්ණයෙන්ම සාදා නිම කරන්න වසරක් විතර යනවා. ඒ මුළු කාලය පුරාම ගෙදර යන්න වෙන්නේ කීප පාරක් වෙන්න පුළුවන්. ගෙදර ගියාම ගෑණි තේ එකක් දෙන්නේ නැහැ.  කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න ඇහුවට කැමති වෙන්නේ නැහැ. මට තමුසේ වගේ කෙනෙක් එක්ක ඉන්න බැහැ ඕයි කියලා යනවා.

             සෑම ලැබීමක් වෙනුවෙන්ම අහිමි වීමක් තියෙනවා.  කිසිම කෙනෙකුට සියලු දේ ලැබෙන්නේ නැහැ ..! තමන්ට හිමි දේ ගැන සෑහීමකට පත් වීම තමයි සුදුසුම...! කෙනෙක්ට එකක් ලැබෙද්දී තව කෙනෙක්ට ඒක ලැබෙන්නේ නැහැ.



සින්දගී ඒක් සෆර් හේයි සුහානා ( zindagi ek safar hai suhana  amdaz 1971 )



         ජීවිතයේ තවත් එකම එක සිහිනයක් තියෙනවා. කවදා කොහේදී ඉටු වේවිද දන්නේ නැහැ. සඳ හිරු සමඟින් ඉගිලෙන්න ආසයි. ලෝකය පසෙකින් තියා අහස ඉක්මවන්න ආසයි .. නමුත් කවදා කොහේදී ඉටු වේවිද දන්නේ නැහැ , ජීවිතේ එක දිගට ගලනවා.. මගේ ජීවිතය ගලනවා දිගින් දිගටම.. කවදා කොහේදී සිහින ඉටු වේවිද , ඒවා ලැබේවිද දන්නේ නැහැ... අඩියෙන් අඩිය ඉදිරියටම යන්නෙමි...


                අතීත ලෝකයම පැත්තකින් තියන්න.ලෝකයා කුමක් කීවත් හිනැහෙන්න , ජීවිතය දකින්න , හිනැහෙන්න...අඩියෙන් අඩිය ඉදිරියටම යන්න...කවදා හෝ මරණය වේවි , අවසන් හුස්ම පොද වාතලයට එක් වේවි... මේ ආත්මය ශරීරයෙන් නික්ම යාවි එක් දිනක. ඒත් ඇයි ඒවා ගැන ඔබ කරදර වෙන්නේ ...? එන්න ජීවිතයේ හීන දකින්න... ජීවිතයේ තවත් එකම එක සිහිනයක් තියෙනවා. කවදා කොහේදී ඉටු වේවිද දන්නේ නැහැ.. ආත්මය ශරීරයෙන් නික්ම යාවි දිනක , එතෙක් එන්න මා සමග සිහින දකින්න..

.....
 සෑම ලැබීමක් වෙනුවෙන්ම අහිමි වීමක් තියෙනවා. . සියල්ල අවසානයේ බලද්දී කව්රුත් දිනපු අය නැහැ !

160 comments:

  1. උඹේ රත්තරන් වටින පතරංග කියවන්න ඕන තොලේ කටේ නොගාගෙන බව දන්නවනෙ මල්ලියා.
    පස්සේ එන්නම්...

    ReplyDelete
    Replies
    1. රයිට් කෙන්ජි අය්යේ පස්සේ එන්න... දන්නවනේ මේ ටිකේ මාත් වෙඩි කාපු ඌරා වගේ ඉන්නේ... :)

      Delete
    2. දෙන්නා එහෙනං දැන් සමාදානයි...බොහොම සන්තෝෂයි....

      Delete
    3. මචන් කෙන්ජි කියන්නේ කියන මගුල කෙළින් කිව්වා එච්චරයි.. ආයේ නං පචන් නැහැ.. ඕනේ වෙලාවක කියන මගුලක් තේරුම් ගන්නවා රෙද්දේ මානුෂීය මගුල් පැත්තකට දාලා..

      මන් කියපු දේ නිහතමානීව එයා පිළිගත්තා.. අන්න එහෙමයි රටට ආදරේ අය..

      ( LTTE කාරයන්ට තමයි එහෙම කරන්න බැරි ..)

      Delete
    4. සිරා & ඉවාන්

      එළ මචන්ලා උඹලා ටික හරි මෙහෙම ෆිට් එකේ රට ගැන හිතන එක ගැන සතුටුයි...

      Delete
  2. සුපිරි විස්තර ටිකක් නේ... මේ කියෙව්වේ මාත් හදිස්සියට... මේක ආයිමත් වෙනමම කියවන්න එනවා.

    ReplyDelete
  3. @ නලින් අය්යේ

    මුලින්ම කියන්න ඕනේ මේවා කිසිම දෙයක් මම හදපුවා නෙවේ.. එහෙම කිව්වම ලේසියි මේ ජංගි අස්සේ රිංගන්න එන උන් නිසා...


    මේක ඔයාට කිව්වා නෙවේ..ඔයා මාව දන්නවනේ හොඳටම..මන් මේ ටික කිව්වේ අපේ මානුෂීය සෙට් එකට....

    ReplyDelete
  4. මරු කියන්නේ නියමම විස්තරයක්.අද තමයි මුලින්ම කොටන්නේ.පරන ඒවා නම් කීපයක් බැලුවා.දිගටම එන්ඩ ඕනේ මේ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මෙතන තියෙන සේරම ටික හොරකන් කරපුවා තියෙන්නේ... එහෙම කිව්වම කෙළින්ම ඉවරයි... :)

      රයිට් දිගටම එන්න කසුප්.. පරණ පෝස්ටුත් ඉවර ඇති වෙලාවට කියවන්න... ස්තූතියි කමෙන්ටුවක් කෙටීම ගැන...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රිමු කලේ වැරදිලා මෙතන ටයිප් වෙච්ච නිසා

      Delete
    4. ඒකට කමක් නැහැ ඔමා ...........

      Delete
  5. මම හිතනවා ඇත්තටම සෑහෙන වෙහෙසක් දැනෙන්න ඇති කියලා ලිපිය ටයිප් කරලා පින්තූර සංස්කරණය කරලා ඉවර වෙනකොට. මටත් එවැනි වෙහෙසක් දැනෙනවා තාක්ෂණික කරුණු ඇතුලත් ලිපියක් ලියනකොට. පින්තූරයක් පහසුවෙන් සංස්කරණය කර ඒවාගේ ආලෝකය, වර්ණය, කැමරාවෙන් සිදුවූ වැරදි හදාගෙන අනවශ්‍ය අකුරු ඉලක්කම් ලාංඡන පින්තූරයෙන් ඉවත් කරලා කෙලින් හෝ වක්‍ර ඊතල, වෙනත් සලකුණු යොදලා කරුණු පැහැදිලි කළහැකි නොමිලේ දෙන මෘදුකාංගයක් තියනවා. මමත් මහේ අඩවියේ පින්තූර සඳහා එය පාවිච්චි කරනවා. මෙන්න ලින්ක් එක. මෙයින් මෙවැනි ලිපියකට ගතහැකි ප්‍රයෝජනය බොහොම ඉහලයි.

    http://www.snapfiles.com/downloads/photoscape/dlphotoscape.html

    අර එක පින්තූරයක තියන TDK DC - DC Converter එක Logic Gate එකක්ද? Carl Zeiss සමාගම ආඩම්බරවෙයි අර ලෙන්ස් පින්තූරේ ඒ නාම දැකලා. :D

    මේ ලැබ් එක සහ රට සෑහෙන දුරට අනාවරණය වෙනවා මුහුණු පෙනෙන පින්තූර වලින්.

    අවබෝධයෙන් යුක්තව කියවලා විශාල ප්‍රයෝජනයක් ගතහැකි ලිපියක් ලෙස ඉහලින්ම අගය කරනවා සහන්. දහදෙනෙක් මේ ලිපිය හරියට කියෙව්වොත් ඇති.

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි විචාරක තුමා දීලා තියෙන්නේ එළිපිට දෙන්න හොඳ නැති භාණ්ධයක් නෙව..මේ දවස් වල ඕවා පිවිච්චිය සපුරා තහනම් බ්ලොග් අවකාශය තුළ ...? විචාරක තුමා දන්නේ නැද්ද සීන් එක.. මන් ඒකයි මේ පරණ සිස්ටෝන් එකට තාරම ගාන්නේ..

      කෝ මොකාගේද මූණ පේනවා කිව්වේ ...? කොහෙද ? මට පොට් එක පෙන්නන්න තාර බාල්දිය උස්සන් එනකම්... :)
      ( මෙය උපහාසය පිණිස දැමු කමෙන්ටුවක් බව සළකන්න හොඳද... ඉතාම ස්තූතියි ලින්ක් එක ලබා දීම ගැන )

      __________________________________________

      නැහැ විචාරක තුමා එතන තියෙන්නේ ලොජික් ගේට් නෙවේ.. ඒකෙන් තමයි සෝලර් පැනල් වලින් එන කරන්ට් එක ඩිස්ට්‍රිබියුට් කරන්නේ මල්ටිපල් වෝල්ටේජ් අවශ්‍ය වෙන තැන් වලට.. ඔය වගේ ඒවා එකක් නෙවේ තියෙන්නේ.. ස්ටෙප් කීපයක් හරහායි ඔය TDK කන්වර්ටර් එකට සප්ලයි එන්නේ..සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 විතර තියෙනවා මේ චන්ද්‍රිකාවේ.. එච්චර ගාණක් හැන්ඩ්ල් කරන්න ඔය පින්තූරේ තියෙන කන්වර්ටර් එකට බැහැ...

      ( mage duppath pariganakayata me post eka load wenne naha.. comment karana thanata newe comment yanne )

      Delete
    2. සිංහ යන්ට එදත් ගරු කළෙමි හෙටත් ගරු කරමි. එසේම මේ සහන්ගේ උත්සාහයටද අතිශයින් කැමැත්තෙමි.

      Delete
    3. @විචාරක
      මාරයාගේ අලුතින්ම ආපු පොස්ටුවට කලින් එක බලන්න...
      @සහන්
      //විචාරක තුමා දන්නේ නැද්ද සීන් එක.. //
      අපොයි දෙයියනේ!

      @සහන්
      //සෝලාර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 විතර තියෙනවා මේ චන්ද්‍රිකාවේ//
      අයියෙ මට පොඩි අවුලක් ආපු තැනක් ඕක, අපි සාමාන්‍ය භාවිතාවේදී දකිනවට වඩා කාර්යක්ෂමතාව වැඩි පැනල් වර්ගයක්ද ඕක? සාමාන්‍යයෙන් කොච්චර විතර කාර්යක්ෂමතාවයක් තියෙන මෙව්වා එකක් ද? (ආසන්න වශයෙන් ,පොඩ්ඩක් හොයල හරි කියන්නකෝ)
      මට තාමත් හිතාගන්න බැහැ ඇම්පියර් 200ක් කිව්වහම
      ඊටත් වඩා මම හිතුවේ මේ වගේ ප්‍රොෆෙෂනල් වැඩ කරද්දී ගොඩක් විශේෂ විදිහට වෙනම ඒවා වෙනුවෙන්ම අමතර කොටස් හදන සමාගම් වලින් ගන්නවා ඇති කියල. ඒත් බලද්දී මම වැරදියි වගේ, විචාරකම කියපු සීල් කරපු TDK ඩිස්ට්‍රීබියුටර් මම හිතන්නේ සෑහෙන්න අපි අවට වෙළඳපොලේ තියෙනව...
      ඊටත් වඩා සහන් මට හරි සතුටුයි , මේ ලැබ් වල වැඩ කරන ඈයොත් වැඩි කොලිටි කන්ට්‍රෝල් පැත්ත හිතන්නේ නැති කට්ටිය වගේ :)
      මම කිව්වෙ අර පුංචි ලෙන්ස් එකක් සෙට් කරපු (පහල ඉඳන් 43 වෙනි පින්තුරේ) PCB එකේ දකුණු පැත්තෙ රෙසිස්ටර් එක පාස්සල තියෙන අපූරුව , ඇත්තමයි මම මෙව්වා හදන යක්කු ගැන හිතං හිටපු විදිහ උඩු යටිකුරු වුනා ... කොටින්ම කිව්වොත් මුනුත් අර රජ්ජුරුවන්ට රසකැවිලි හදපු හිසට පාවාඩ , පයට අර මොනවද මන්ද දාගත්තු ඩයල් නෙ!

      Delete
    4. @ විදුර

      මන් එකක් කියන්නම්..ඔය ඉන්න මානසිකවයෙන් මිදෙන්න.. කවදා හරි උඹ විනාශ වෙනවමයි උඹ යන පාරේ ගියොත්.. අනිත් දවසේ කොටියා ආවම නම් මන් එන්නේ නැහැ...

      \\\\මට තාමත් හිතාගන්න බැහැ ඇම්පියර් 200ක් කිව්වහම\\\\

      නිකන් පොටෝ දෙකක් තුනක් දැක්ක පළියට ඒකෙන් ඔක්කොම මනින්න එපා.. ඔබ නොදුටු දේ බොහෝයි...



      \\\\ඊටත් වඩා මම හිතුවේ මේ වගේ ප්‍රොෆෙෂනල් වැඩ කරද්දී ගොඩක් විශේෂ විදිහට වෙනම ඒවා වෙනුවෙන්ම අමතර කොටස් හදන සමාගම් වලින් ගන්නවා ඇති කියල. ඒත් බලද්දී මම වැරදියි වගේ, විචාරකම කියපු සීල් කරපු TDK ඩිස්ට්‍රීබියුටර් මම හිතන්නේ සෑහෙන්න අපි අවට වෙළඳපොලේ තියෙනව...\\\\\

      ඉතින් ...? මන් පැහැදිළිව කිව්වේ එවැනි දේවල් නැවත පරීක්ෂා කරනවා කියලා .. ඇයි කඩේ තියෙන ඔක්කොම බාල බඩු කියලා හිතන්නේ ..?


      \\\\ඊටත් වඩා සහන් මට හරි සතුටුයි , මේ ලැබ් වල වැඩ කරන ඈයොත් වැඩි කොලිටි කන්ට්‍රෝල් පැත්ත හිතන්නේ නැති කට්ටිය වගේ :) \\\\

      අනේ මන්දා උඹ වගේ එකෙක්...

      \\\\\කොටින්ම කිව්වොත් මුනුත් අර රජ්ජුරුවන්ට රසකැවිලි හදපු හිසට පාවාඩ , පයට අර මොනවද මන්ද දාගත්තු ඩයල් නෙ!\\\\

      උඹට ඕනේ හකුරු හදන්නද නැත්නම් පාවඩ දාගෙන ෂෝ එක ගහන්නද ....?

      \\\\\මම කිව්වෙ අර පුංචි ලෙන්ස් එකක් සෙට් කරපු (පහල ඉඳන් 43 වෙනි පින්තුරේ) PCB එකේ දකුණු පැත්තෙ රෙසිස්ටර් එක පාස්සල තියෙන අපූරුව , ඇත්තමයි මම මෙව්වා හදන යක්කු ගැන හිතං හිටපු විදිහ උඩු යටිකුරු වුනා ... \\\\\

      උඹ ඔහොම කියද්දී අපිටත් ඒක වෙනවා.. විදුර දන්නවද යටින් පාස්සන්නේ ඇයි කියලා ...? යටින් පාස්සන්නේ ලස්සන කරන්න නෙවේ . බෝර්ඩ් එකෙන් එන රෙසිස්ටන්ස් අඩු කරන්න..

      මෙතන මොනවත් ලස්සනට හදපු බඩු නැහැ ෂෝ ගහන්න.. තියෙන්නේ ඔක්කොම වැඩ කරන්න හදන බඩු විතරයි...

      උඹව හදන්න බැහැ විදුර...එච්චරයි කියන්න තියෙන්නේ...



      Delete
    5. අනේ නැහැ සහන් , මම මෙව්වා විවේචනය කළා නෙවෙයි , මම හිතාන හිටියේ අපි එදිනෙදා දකින විදිහටම මෙව්වා සිද්ධ වෙන්නේ නැහැයි කියල. මම දැකල තියෙනව මුළු ඇඟම වහගෙන ලැබ් වල වැඩකරනව. තව TV එහෙම රෙපෙයාර් කරන කඩ වල ෂර්ට් එක නැතිව දාඩිය පෙර පෙර , පාස්සනව.. ඒත් මම දැකපු විදිහම නොවුණු නිසා තමයි මම
      \\\\ඊටත් වඩා සහන් මට හරි සතුටුයි , මේ ලැබ් වල වැඩ කරන ඈයොත් වැඩි කොලිටි කන්ට්‍රෝල් පැත්ත හිතන්නේ නැති කට්ටිය වගේ :) \\\\
      \\\\මම කිව්වෙ අර පුංචි ලෙන්ස් එකක් සෙට් කරපු (පහල ඉඳන් 43 වෙනි පින්තුරේ) PCB එකේ දකුණු පැත්තෙ රෙසිස්ටර් එක පාස්සල තියෙන අපූරුව , ඇත්තමයි මම මෙව්වා හදන යක්කු ගැන හිතං හිටපු විදිහ උඩු යටිකුරු වුනා ... \\\\\
      කියල කිව්වෙ.
      ඒ වගේම ඔබ කියපු
      //ඉතින් ...? මන් පැහැදිළිව කිව්වේ එවැනි දේවල් නැවත පරීක්ෂා කරනවා කියලා .. ඇයි කඩේ තියෙන ඔක්කොම බාල බඩු කියලා හිතන්නේ ..?//
      කියන එකෙනුත් පෙනුනේ මම අදහස් කරපු දේ වැරදියට තේරුම් ගත්තු බවක්. මම ඒකෙන් අදහස් කළේ අපි නිතරම දකින දේවලුත් මේ වගේ සුපිරි ව්‍යාපෘති වලට ගන්නව නේද කියන එක. මොකද මම ඔය විත්තිය දැනගත්තේ ඔයාගේ මේ පොස්ටුවෙන්..

      \\\මට තාමත් හිතාගන්න බැහැ ඇම්පියර් 200ක් කිව්වහම\\\\
      මේකෙන් මම කිව්වේ ඇත්තටම මට හිතාගන්නවත් බැහැ කියල. නැතිව ඔව්ව ගැන හොඳට දන්න අය කියන "ඒක කොහොමද වෙන්නෙ?" කියන අවිනිශ්චිත අර්ථයෙන් නෙවෙයි ,

      ඒක නිසා පොඩ්ඩක් සලකල බලල ආපහු උත්තර ටික දෙනවද , මොකද මෙව්වා ගැන උනන්දුවක් තිබුනට කිසිම විධිමත් දැනුමක් මට නැහැ ,

      //මෙතන මොනවත් ලස්සනට හදපු බඩු නැහැ ෂෝ ගහන්න.. තියෙන්නේ ඔක්කොම වැඩ කරන්න හදන බඩු විතරයි... //
      මෙන්න මේක නං සෑහෙන්න වටින උපදේශයක් ..




      Delete
    6. @ විදුර, ඇයි උබත් න්‍යෂ්ටික ඉංජිනේරුවෙක් කිව්වා නේද , දන්නෙ නැති දෙයක් තියනව නම් වැදගත් විදියට අහන්න පොරත්වය නොපෙන්වා , දෙයක් ඉගෙන ගන්න තියන තැනක් නැති කරන්න හදන්න එපා මචෝ

      Delete
    7. කවුද මේ විදුර කියන මූසල අති පණ්ඩිතයා...මාරයට කඩේ යන්නෙ උගෙන් පුක් පාරක් වත් කාලද ? මාරයා කියන්නෙ මොන ගොනෙක්ද මී හරකො...ඒ වගේ සිකුරිටි කාරයෙක් හොදා උඹ වගේ උන්ට පට්ටි දම්මන්න......

      Delete
  6. මේ ලෙන්ස් ටික දකිද්දි මගේ 500mm- 1000mmටෙලිෆොටෝ ලෙන්ස් සිහිනය ආයි අළුත් උනා..බලමු ඒක හැමදාම හීනයක් වෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. :)

      බර ගාණක් වෙයි වෙනියෝ ... මන් කියන්නද වැඩක් ගම්පහ ඔප්ටිකල්ස් එකේ කණ්නාඩි වැඩ කරන කෙනෙක් අල්ලගන්න පුළුවන් නම් ...? ( හැබැයි හොරාට වැඩේ කරන්න වෙන්නේ )

      Delete
    2. අර දුර බලන කන්නාඩිය දානවා ද නැද්ද?

      Delete
    3. අනේ වෙනියෝ මගුලක් කතා නොකර හිටහන්. උඹ ළඟ තියෙන 400 මි.මි. එකෙන් ෆොටෝ ගත්තේ නැහැ කියලා කියලා තිබුනා නේද? ඉතින් අහවල් එකක් කොරන්නද 1000 මි.මි. එකක් ගන්න යන්නේ.

      ඔය සල්ලි වියදම් කරලා 1000 මි.මි. නිකොන් එකක් අරන් මට දීපන් බන්.

      Delete
  7. මන් හිතුව ඔයා මුලින් කියපු විදියට දිග විස්තරයක් කියලා , ,, මිට වඩා මන් බලාපොරොත්තු වුණා ශාන්...හයි ෆ්රීකුවන්සි ටෙස්ට් එකෙන් ෆේල් වුණොත් මන් දන්න විදියට ඒක කෙලින්ම අයින් කරන්න වෙනවා නේද ? ex: TF එකක් වගේ පාංගයක් මේ ෆ්රීකුවන්සි ටෙස්ට් එක ෆේල් වුණොත් කෝර් එකටම කපන්න වෙනවා නේද ,, නැත්තම් විසිකරන්න වෙනවා නේද ? ඒ වගේම චන්ද්‍රිකාවක් හදද්දී ඒකට ඕනෙකරන හැම දේම එයාලම හදනවද නැත්තම් වෙන වෙනම ගනන්වද ? අර ඇනය හදනවා දැකපු නිසයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. උපාංගයක් කියන වචනේ "උ " අකුර අඩුවෙලා අයියේ

      Delete
    2. ඔමෝ ඔයා අහලා තියෙන TF ,කෝර් කැපීමේ කතාව නිසා මම උපකල්පනය කරනවා ඔයා අහලා තියෙන්නේ හයි ෆ්රීකුවන්සි ( ට්‍රාන්සිස්ටරයක් නෙවේ )ට්‍රාන්ස්ෆෝමරයක් ගැන කියලා.. හරිද .....?

      ට්‍රාන්ස්ෆෝමරයක නම් බොහෝ විට බලන්නේ wire insulation එකට හානියක් වෙනවද කියලයි උෂ්ණත්වය වැඩි වීම සමග. ඒත් ඉතින් insulation ටෙස්ට් කලින් කරලා තියෙන නිසා අලුතෙන් කරන්නේ නැහැ.. උෂ්ණත්වය සමග wire වල වෙනස් කම් ගැනත් මීට කලින් ටෙස්ට් කරලා තියෙන නිසා ඒ පරීක්ශනේ කරන්නෙත් නැහැ ..:D

      ඔමෝ හයි ෆ්රීකුවන්සි ට්‍රාන්ස්ෆෝමර් වල කෙරුවාව ඉවරයි කිලෝහර්ස්ට් 200 වගේ එහාට.. චන්ද්‍රකා වල සංඥා පද්ධතිය වැඩ කරන්නේ අඩුම තරමින් මෙගා හර්ට්ස් 800 එහා ඉඳලා. යුධ කටයුතු සඳහා යොදා ගන්න සැටලයිට් වලට නීතියෙන් පුළුවන් ගිගා හර්ට්ස් 20 වගේ දක්වා භාවිතා කරන්න.. එවැනි හයි ෆ්රීකුවන්සි හදන්නේ සංකීර්ණ ෆ්රීකුවන්සි ජෙනරේටර්ස් යොදාගෙන.. (ට්‍රාන්සිස්ටර් ඇරේස් Transistor Arrays කීපයක උදව්වෙනුයි ෆ්රීකුවන්සි ජෙනරේටර්ස් හදන්නේ. )

      හැම ට්‍රාන්සිස්ටරයකම ඩේටා ශීට් එකේ තියෙනවා එහි ක්‍රියාකාරීත්වය ගැන . මම කියපු කුටි වලට දාලා පරීක්ෂා කරන්නේ වැඩි හොඳට. මොකද බොහොමයක් ට්‍රාන්සිස්ටර ඍණ අංශක 60 සිට ධන අංශක 160 වගේ දක්වා වැඩ කරනවා ලොකු ගැටළුවක් ඇති නොකර. මේ පරීක්ෂණ වලින් මනින්නේ පරිපථ වල ඕවරෝල් පෆොර්මර්ස්.. ( හැබැයි සමහර කොටස් නම් කෑල්ලෙන් කෑල්ල පරීක්ෂා කරනවා )

      මන් කලින් කියපු සිග්නල් ජෙනරේටර් කතාවෙන් හිතන්න එපා හයි ෆ්රීකුවන්සි ට්‍රාන්ස්ෆෝමර් යොදා ගන්නේ නැහැ කියලා චන්ද්‍රිකා වලට හරිද ...?


      \\\\\\\\\ඒ වගේම චන්ද්‍රිකාවක් හදද්දී ඒකට ඕනෙකරන හැම දේම එයාලම හදනවද නැත්තම් වෙන වෙනම ගනන්වද ? අර ඇනය හදනවා දැකපු නිසයි ඇහුවේ\\\\

      නැහැ බොහෝ ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් පිට සමාගම් වලින් ගන්නවා. දකින්න ඇති නේද TDK ආයතනයේ ලාංචනයක් ...? විශේෂිතව හදන්න ඕනේ දේවල් තමයි ආයතනය තුළදීම හදන්නේ. ඇණ එහෙම හදන්නේ ආයතනය ඇතුලේමයි. ( හැබැයි මේ තීරණ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා හොඳද .. මේක මෙසේම වෙන්නේ නැහැ ලොව පුරා සියලු ආයතන වල )

      හයි ෆ්රීකුවන්සි ට්‍රාන්ස්ෆෝමර් වගේ එකක් ඕනේ උනොත් නම් ආයතනය ඇතුලෙම හදනවා.. පිටින් ගේන්නේ නැහැ ..

      Delete
    3. දාහක් ප්‍රශ්න අහන්න තිබුණත් මේ පින්තුර ටික ගත්ත විදිය ත් සමග මා ඒ ගැන නොඅසමි. එතරම් අසිරු කටයුත්තකි ඔබ කර ඇත්තේ සහන්.

      Delete
    4. හ්ම්ම් ,, ඒ කැමරාව නම් පුදුමයි මට මගේ ආශම විෂයක් තමයි මේක shan

      Delete
    5. මන් කිවුවේ වයර් ඉන්සුලේසන් ටෙස්ට් එක නෙමේ wayindings අතර කරන එක ,, මොකද ඒක සාමානයෙන් කරන්නේ යුස් කරන්න කලින්නේ ප්‍රයිමරියයි සෙකන්ඩ්රියයි අතර ඉන්සුලේසන් එක බලන්න ,, , ඒ වගේම මන් කල්පනා කලේ ,, පොඩි උපාංගයක් පමණක් වෙන tf එකක testin ඔච්චර තියෙද්දී සහ ඒකෙ සංකිර්ණ දේවල් චන්ද්‍රිකාවක මුළු පද්ධතියම එක්ක ගද්දි ගණන් ගන්න බැරිතරම් පුංචි ,,, ඔයා කතා කරන මේ තාක්ෂණේ ගැන මට හිතාගන්න බැහැ

      Delete
    6. ඔමායා නම් TF හදන තැනක වැඩකරලා තියෙන වාගෙයි. නැත්නම් සීයලා ට උපස්ථාන කරන මේකි මේවා දන්නේ කොහොමද?

      Delete
    7. නැහැ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් කරද්දී ඉගෙනගත්තේ , මගේ ආසම විෂය මේක ,, මන් project එකක් කළා ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆොර්මර් ගැන සහ රෙසිස්ටරස් ගැන ,, සීයා බලාගන්නේ තාවකාලිකව ඒක මගේ job එක නෙමේ ,,ලගදීම සමුගනන්වා ..

      Delete
    8. ///ඔමායා නම් TF හදන තැනක වැඩකරලා තියෙන වාගෙයි. නැත්නම් සීයලා ට උපස්ථාන කරන මේකි මේවා දන්නේ කොහොමද?// විශ්ව මන් ඔයා අහපු නිසයි උත්තර දුන්නේ මිනිස්සුන්ව රැකියාවෙන් මනින්න උත්සහා කරන්න එපා ,, මිනිස්සුන්ව පහත් කරන්න එපා ..ඒ වගේම ඔබ නිතර අනුන්ගේ අඩුපාඩු දකින සහ පෙන්වන කෙනෙක් ඒක හොදයි ඒත් අඩුපාඩු පෙන්වීම සහ පෙන්වාදීම කියන දෙකේ යහපත් පැත්ත තොරාගත්තනම් හොදයි ,, අර මිනිස්සුන්ට හිනාවීම සහ මිනිස්සුන් එක්ක හිනාවීම වගේ ,, -------------මගේ කොමෙන්ට් කිරීම අවසානයි ---

      Delete
    9. මම බොහෝවිට කමෙන්ට් කරන්නේ අඩුපාඩුවක් දැක්කම හෝ වෙනත් අහන්න ගැටළුවක් ඇතිවූවිට. එක නිසා හිතන්න එපා මම අඩුපාඩු පමණක් දකින්නෙක් කියා. අඩුපාඩු ලියන්නේ බ්ලොග් එකක් වැනි බොහෝ පිරිසකට නිරාවරණය වූ මාධ්‍යක ඇති ලිපියක වැරද්දක් ඇතිවිට කෙනෙක් නොමග යාමක් වෙන්න පුළුවන් ඒ වගේම මම කැමති නැහැ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැරදි කරුණු වලින් පිරෙනවට. මිනිසුන්ට උපස්ථාන කරන හෙද සේවය මම දකින්නේ තවත් වැදගත් සේවයක් විදියට. සමාජයට ඉංජිනේරුවා ගෙන් වෙන සේවයම ඔවුන්ගෙනුත් වෙනවා. ඒක නිසා ඔබ හෙදියක් වුවත් ඉංජිනේරුවරියක් වුවත් දකින්නේ එකම විදියට.

      Delete
  8. උබ වගේ එකෙක් ගෙන් ලංකාව වැඩක් ගන්නේ නැත්නම් ඇත්තටම ජාතියක් වශයෙන් අපි කණගාටු වෙන්න ඕනා..... කොමෙන්ටුව කියවන අනෙක් අයට නොතේරුණත් මම දන්නවා සහන් ඔයාට මම කියන එක තේරෙනවා කියලා.... මොකද මේක විස්තර කරලා තියෙන දේවල්වලින්ම දන්නා අයට තේරෙනවා ඔයාගේ දැනුම කොහොමද කියලා..... (අර අකුණු සන්නායකය වගේ පොස්ට් ඇතුළුව)..... මචන් තව එකක් කිව්වට තරහ වෙන්න එපා බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නෑ... ඒ නිසා කව්රුත් කෑ ගෑහව්වට උබ කලබල වෙන්න එපා මචන්...... ටිකක් දන්නා පැත්තක් නිසා උබ මේ කියලා තියෙන දේ හොදට දැනෙනවා මචන්

    ReplyDelete
    Replies
    1. මැලේ මල්ල ,සහනය අපි කියන දේ අහන බුවෙක් නෙමේ බං....
      අපිට වෙන්නෙ මේක ලියන/කියන ඒව අහගෙන ඉන්න විතරක්ද මන්ද...

      Delete
    2. මැලයා +++++++++++++++
      කෙන්ජයියා මේ සයිබරය එපමණයි.

      Delete
    3. බුද්ධි ගලනය බොලව් බුද්ධි ගලනය !
      එකෙක් දෙන්නෙක් නෙවේ ලංකාවේ ඉන්න කෝටි දෙකට ආසන්න ගානම කෑගැහැව්වත් අපේ රටේ ඔය සිද්ධිය නවතින්නේ නැහැ මං නං හිතන්නෙ ...
      ඒ අතින් සහන් වැරදි නැහැ , සහන් මෙහෙ ඉඳන් සෙමිකන්ඩක්ටර් හදන්නද , මෙහෙ එව්වො සිලිකන් ටිකත් රට පටෝන එකේ , සහන් කොහොමටවත් වැරදි නැහැ මම හිතන්නෙ...
      මම කියන්නෙ හෙනම බොළඳ කතාවක් වෙන්න පුළුවන් , එත් ඉතින් මට හිතන හැටියට ඔව්ව අනිත් පැත්ත හරවන්න බැහැ , මේක තනිකරම චක්‍රීයයි...

      Delete
    4. @ මැලයෝ

      අනේ මචන් ඇත්තමයි මම ගෙදර ඇවිත් ඉන්නේ මේ ටිකේ.. ආයේ නම් පරණ දේවල් වලට යන්න අදහසක් නැහැ.. වෙන ජොබ් එකක් කරන්න හොය හොයා ඉන්නේ මේ ටිකේ..ලබන දෙසැම්බර් වගේ වෙද්දී මොනවා හරි වේවි.. අපි බලමුකෝ ඉස්සරහට...

      @ කෙන්ජි & නලියා

      අනේ මන්දා බන් අයියේ මේ ටිකේ මට සෙනසුරු ලබලා තියෙන්නේ.. මොනවා කරත් බැහැ මේ ටිකේ.. හොඳම දේ වහන් වෙලා ඉන්න එක බට කොළ මිටිය කකා ...


      Delete
  9. හපොයි හපොයි විචාරක තුමා දීලා තියෙන්නේ එළිපිට දෙන්න හොඳ නැති භාණ්ධයක් නෙව..මේ දවස් වල ඕවා පිවිච්චිය සපුරා තහනම් බ්ලොග් අවකාශය තුළ ...? විචාරක තුමා දන්නේ නැද්ද සීන් එක.. මන් ඒකයි මේ පරණ සිස්ටෝන් එකට තාරම ගාන්නේ..

    කෝ මොකාගේද මූණ පේනවා කිව්වේ ...? කොහෙද ? මට පොට් එක පෙන්නන්න තාර බාල්දිය උස්සන් එනකම්... :)
    ( මෙය උපහාසය පිණිස දැමු කමෙන්ටුවක් බව සළකන්න හොඳද... ඉතාම ස්තූතියි ලින්ක් එක ලබා දීම ගැන )

    __________________________________________

    නැහැ විචාරක තුමා එතන තියෙන්නේ ලොජික් ගේට් නෙවේ.. ඒකෙන් තමයි සෝලර් පැනල් වලින් එන කරන්ට් එක ඩිස්ට්‍රිබියුට් කරන්නේ මල්ටිපල් වෝල්ටේජ් අවශ්‍ය වෙන තැන් වලට.. ඔය වගේ ඒවා එකක් නෙවේ තියෙන්නේ.. ස්ටෙප් කීපයක් හරහායි ඔය TDK කන්වර්ටර් එකට සප්ලයි එන්නේ..සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 විතර තියෙනවා මේ චන්ද්‍රිකාවේ.. එච්චර ගාණක් හැන්ඩ්ල් කරන්න ඔය පින්තූරේ තියෙන කන්වර්ටර් එකට බැහැ...

    ReplyDelete
    Replies
    1. //සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200// පිළිගන්න අමාරුයි 200A කියන අගය පිළිගන්න පුලුවන්ද මේකේ තියෙන වර්ග මීටර් 1 ක විතර පැනල් එකකින්

      Delete
    2. රංග දැකපු නැති අංග ගොඩක් තියෙනවා . ඔය මන් පෙන්නුවේ පොඩ්ඩයි ..:)

      Delete
    3. අපි අහලා දැකලා තියෙන්නේ රහස් නොවූ සරල දේ විතරනේ රංග

      Delete
    4. @අපුර්වී ඔමායා
      අපි අහලා දැකලා තියෙන්නේ රහස් නොවූ සරල දේ විතරනේ රංග එක ඇත්ත ඕමයා නමුත් අපු නොදැකපු දේත් ලෝකය පිළිගන්නා මෙන්ම අප දන්නා නියම වලට අනුගත නොවේ නම් එතන ගැටළුවක්. මට 200A කියන අගය පිළිගන්න බැරි ඔය රුපයේ තියෙන චන්ද්‍රිකාවේ තියෙනේ ලොකු සුර්ය කෝෂයක් නොවේ පෙන විදියට වර්ග මීටර් 1 ක් වත් නැහැ. voltage එක 12 V වගේ කියලා හිතුවොත් 200 A දෙන්න නම් 1.4 kW වෙන්න එපාය වර්ග මීටර් 1 තිබුනත් එහෙම වෙන්න කාර්යක්ෂමතාව 100% වෙන්න ඕන. අනෙක මම හිතන්නේ නැහැ ඕකෙන් දෙන 12 V කියලා මට දැනගන්න ඕන අන්න ඒක.

      මම සහන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පැහැදිලි කිරීම මෙතන හරි විදුර අහපු තැන හරි මම පස්සේ අහපු තැනට හරි දෙන්න කියලා.

      Delete
    5. @ රංග

      උඩු ගුවනට ගියාට පස්සේ මුළු සූර්ය කෝෂ පද්ධතියම දිග හැරෙනවා. එතෙක් අවශ්‍ය දේවල් සඳහායි සැට් බොඩි එකට හයි කරන පැනල් සෙට් එක තියෙන්නේ.

      ඔයාට කියන්න බැහැ අරකෙ මෙහෙම නැහැ මේකේ මෙහෙම නැහැ කියලා.. හැම සැට් එකකම සැළසුම වෙනස්. ඒ වගේම සැළසුම හැදෙන තැන ඉඳන් උඩු ගුවනට යනකම්ම ඒක මොන වගේද කියලා බාහිර පුද්ගලයෝ දන්නේ නැහැ..එකම ආයතනයේ ඉන්න අයවත් දන්නේ නැහැ තමන්ට අවසර නැති කාමරේ වෙන්නේ මොනවද කියලා.. ඒ නිසා අර සැට් එකේ මෙහෙමයි කියලා කියන්න බැහැ ඔයාට... ( එහෙම යන්න පුළුවන් නම් ඔහු එම ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු වත් වෙන්න ඕනේ )

      විශ්ව අහලා තියෙන ඇම්පියර් ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නද ..?

      කිලෝමීටර් 35,000 විතර දුරක් රීච් කරන්න නම් ඒ ට්‍රාන්ස්මීටර් එකට කොච්චර පවර් එකක් ඕනෙද even @ 1 GHz. .. ( ඒ වගේම මේ ප්‍රශ්නයේ වැරද්දක් තියෙනවා සැට් සැළසුම් කරද්දී.. බලමු ඒක දකින්න කෙනෙක් ඉන්නවද කියල..)

      ( මම කිව්වා නම් මේකේ තියෙන්නේ ඇමිපියර් 15 යි කියලා මෙතන යන්නේ වෙනම කතාවක්.මන් දන්නේ නැද්ද අපේ අය ගැන )

      Delete
    6. සහන් ඔබගේ මේ ලිපියට පාදක වූ මේ චන්ද්‍රිකාව කුමක්ද සහ එය කරන්නේ කුමක්ද සහ එහි බොහෝ specification and

      features මම සොයාගෙන ඉවරයි. මට ඔබෙන් අහන්න කිසි දෙයක් නැහැ. ඔබ කියන තරම් රහස් එහි නැහැ. මේක ලබන මාසේ උඩ යයි. දැනට

      Launch කරන තැනට ගෙන ගිහින් තියෙන්නේ. ඔබ වැඩි විස්තර ඒ ගැන නොකියන නිසා මම මෙතන ලියන්නේ නැහැ.
      මම telecommunication engineer කෙනෙක් නොවෙයි නමුත් මට physics පිළිඹඳ හොඳ දැනුමක් සහ electronic

      යම් දැනුමක් තියෙනවා. එක නිසා ඔබ ලියපු සමහර කරුණු වල ගැටළුවක් අවා. මම ඇම්පියර් 200 කතාව මට පිළිගන්න බැහැ කොහෙත්ම එය විය

      නොහැකියි. නමුත් ඔබ මං කියපු දේ ගැන සෙවුවේ නැහැ. ඇත්තටම මම බලාපොරොතු වුනා ඔබ එය නිවැරදි කරයි කියලා.

      මුලින්ම මම ඔබ අහපු කරුණට පිළිතුරු දෙන්නම්
      //කිලෝමීටර් 35,000 විතර දුරක් රීච් කරන්න නම් ඒ ට්‍රාන්ස්මීටර් එකට කොච්චර පවර් එකක් ඕනෙද even @ 1 GHz.// මේ කරුණට පිළිතුරු දෙන්න මට විෂය දැනුමක් නැහැ නමුත් හොයලා කියන්න පුළුවන්. කිලෝමීටර් 35,000 විතර දුරක් රීච් කරන්න කියලා ඔබ අදහස් කරන්නේ භූ ස්ථාවර් චන්ද්‍රිකා ගැන. හිතන්න ලංකාවේ නම ගැවුන SupremeSat 1 නොහොත් ChinaSat 1 ගැන මේක ටොන් 5 ක් විතර බර භාණ්ඩයක් එහි 28 C-band transponders සහ 28 Ku-band transponders තියෙනවා මෙය Spacebus-4000C2 නම් ආකාරයේ එකක් එම ආකාරයේ චන්ද්‍රිකාවක සුර්ය කෝෂ මගින් 8 kW-15 kW ක්ෂමතාවයක් ලබාදෙන අතර මෙහි අන්තර්ගත Ku band transponders එකක් සාමාන්යෙන් 105W-110W පවර් එකක් සහිතයි. Ku band යනු 12-18 GHz පරාසයයි එනම් මෙම ක්ෂමතාවය සහිතව විකාශනය කරන තරංගය කට කිලෝමීටර් 35,000 යන්න පුළුවන් නේද?
      වැඩි විස්තර මෙතන ඇත.

      ඔබ මෙහි දක්වා ඇති චන්ද්‍රිකාව කිලෝමීටර් 35,000 උඩින් යන එකක් නොවේ එය ඉතා කුඩා උපකරණයක් වන අතර එය ආක්ටික් ප්‍රදේශ නිරීක්ෂණයට නිපදවා ඇති sun synchronous orbit එකක පෘතුවියට කිලෝමීටර් 600 ක් උඩින් යන එකකි. එහි සුර්ය කෝෂ වල මුළු ක්ෂමතාවය 12.6 W වන අතර එය පණිවිඩ හුවමාරුව සඳහා UHF band යොදා ගන්නා අතර එම සම්ප්‍රේෂකයේ උපරිම ක්ෂමතාවය 3 W වේ.

      විචාරක මහතාගේ හේ ගැටලුවට පිළිතුර
      මෙහි සුර්ය කෝෂ නිපදවන වෝල්ටීයතාවය regulate කිරීමට ඉහත සඳහන් TDK DC/DC converter එක යොදාගන්නා අතර එය මහින් +5 V සහ +3.3 V විභව සහිත සැපයුම් දෙකක් ලබාදේ. මේ අනුව මෙයට ලැබෙන ධාරාව ඇම්පියර් 200ක් නොව උපරිම ඇම්පියර් 2.5 පමණ වේ.

      කරුණාකර සහන් මෙවැනි ලිපි ලියන විට නිවැරදි අගයන් ලියන්න. නැත්නම් බොහෝ දෙනා මුලාවේ වැටෙනු ඇත. ඔබට අතපසු වීමක් ඇතිවූ බව පිළිගන්න. ඔබ හිතුවා නම් මම කිහිප වරක් ඇහුවේ ඇයි කියා මෙය නිවැරදි කර ගත හැකිව තිබිණි. ඔබ මුලින් කියුවේ අප නොදත් බොහෝ දේ පවතී කියා නමුත් ඒ සියල්ල අප ඉගෙන ගත නියම මගින් තේරුම් ගත හැක.
















      Delete
    7. @ රංග

      හරියට මහන්සි වෙනවා නේද ෂෝ එකක් ගහන්න තියේ නම් ...? මාත් එහෙම කරන්නද ..?

      ඔබ කියන ආර්ක්ටික් වැඩේ කරන හැටි ගැනත් මම කියන්නම් ඊළඟ පෝස්ට් එකෙන්. ඔබ සියල්ල පටලන් ඉන්නේ රංග .. නිකන් ඉන්ටර්නෙට් වීරයෙක් වීමෙන් වැඩක් නැහැ.. මුළින්ම ඒක තේරුම් ගන්න..

      මන් නිකන් බොරු බොරු ගණන් හදලා ෂෝ ගහන්නේ නැහැ කිසිම පෝස්ට් එකක. ඒක හොඳට මතක තියාගන්න.

      රයිට් දැන් එමු ඔයාට අවශ්‍ය දේට..

      \\\\මේ චන්ද්‍රිකාව කුමක්ද සහ එය කරන්නේ කුමක්ද සහ එහි බොහෝ specification and features මම සොයාගෙන ඉවරයි. මට ඔබෙන් අහන්න කිසි දෙයක් නැහැ. ඔබ කියන තරම් රහස් එහි නැහැ. මේක ලබන මාසේ උඩ යයි. \\\\

      නිකන් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් සහ ආයතනයේ ඇතුලේ වෙන දේවල් වල වෙනස වත් තේරුම් ගන්න බැරි කෙනෙක් එක්ක කතා කිරීමත් වැඩක් නැහැ..ඒ කාලේ අපරාදේ.. මන් මේ උත්තර දෙන්නේ මන් මේ වෙලාවේ කරන්න වැඩක් නැති කමට ඉන්න නිසා.. අන්න ඒක මතක තියාගන්න.. මොකද මන් උත්තර දෙන්නේ නිහතමානීව අහන ප්‍රශ්න වලට විතරයි...

      එකම හැඩේට පෙට්ටිය වගේ තිබ්බට හැම සැට් එකම එක වගේ නැහැ. ඉන්ටර්නෙට් එකේ රූප හොයලා " ආහ්හ් මෙහ්හ් තියෙන්නේ අරක " කියලා රැවටෙන්න එපා.. ඔයා මේ දේ කරන්නේ තමන් පොර කියලා පෙන්නන්න කියලා මන් තේරුම් අරන් ඉන්නේ...

      \\\\\\\\මේ කරුණට පිළිතුරු දෙන්න මට විෂය දැනුමක් නැහැ නමුත් හොයලා කියන්න පුළුවන්. \\\\\\\\\

      අන්න ඒකයි කියන්නේ රංග ඔබ කරන්නේ පටාර් ගාලා නෙට් එකේ හොයනවා..එතන මොකක් තිබ්බත් ගෙඩිය පිටින් ගෙනත් මෙතන අත අරිනවා.. දැන් මම කිව්වොත් කිලෝමීටර් 35 , 000 යි කියලා ඔයා හොයන්නේ කිලෝමීටර් 35 ,000 ට.. ඒත් ගණන වරදිනවා ඔයාගේ..මොකද කිලෝමීටර් 35,000 ට වැඩ කරන සැට් එකක් හැදුවට වැඩක් නැහැ.. අඩුම තරමේ කිලෝමීටර් 42,000 වත් දුර යන්න ඕනේ.. අන්න ඒකයි මම කිව්වේ මුලින් මන් අහපු ප්‍රශ්නයේ වරදක් තියෙනවා කියලා...මොකද ඔයා දන්නේ කිලෝමීටර් 35000 ගැන විතරයි..ඇයි එච්චර බලයක් ඕනේ වෙන්නේ කියන දේ ඔයා දන්නේ නැහැ... හොයලා කිව්වට වැඩක් නැහැ රංග පස්සේ..

      දැන් ඒකට හේතුව හොයන්න.. ඊට පස්සේ ඔයා ගෙනත් අත අරින ප්‍රශ්නෙටත් මම මේ වගේම උත්තරයක් දෙන්නම්.. ( ඒක හොඳයි බලන් ඉන්න අයගෙත් දැනුම වැඩි වෙනවනේ )

      \\\\\\\\\\\ Ku band transponders එකක් සාමාන්යෙන් 105W-110W පවර් එකක් සහිතයි. Ku band යනු 12-18 GHz පරාසයයි එනම් මෙම ක්ෂමතාවය සහිතව විකාශනය කරන තරංගය කට කිලෝමීටර් 35,000 යන්න පුළුවන් නේද?\\\\\

      නැහැ .. ඔතන නොකියූ කතා ටික ගැන මම කියන්නද දැන් නැත්නම් ඔයාටම කියන්න ඉඩ දෙන්නද ...? ( මන් මුලින් උත්තර දුන්නොත් ඔයා කරන දේ මන් දන්නවා )

      \\\\\එහි සුර්ය කෝෂ වල මුළු ක්ෂමතාවය 12.6 W වන අතර එය පණිවිඩ හුවමාරුව සඳහා UHF band යොදා ගන්නා අතර එම සම්ප්‍රේෂකයේ උපරිම ක්ෂමතාවය 3 W වේ. \\\\\


      අනේ රංග කතා කරලා වැඩක්ම නැහැ ඔබ සමග.. UHF රේන්ජ් එකේදී කිලෝ මීටර් 200 ක් දුර යන්න නම් අඩුම තරමේ කිලෝවොට් 4 ක් වත් ඕනේ.. ( දැන් ආයේ මේක ගැන හොයලා ඕනේ දෙයක් අහන්න මන් උත්තර දෙනවා ඕනෙම දේකට ) ඔබේ ප්‍රශ්නෙන්ම තේරෙනවා ඔබ බොහෝ දේවල් ගැන වැටහීමක් නැතිව කතා කරන බව.. ( හොයලා කියන්න කියන්න ඒක වැඩි වෙනවා .. වැඩේ ජෝන් බාස්ට ගියාම කියන්න එපා මන් Tx Eng කෙනෙක් නෙවේ කියලා .)

      Delete

    8. \\\\\ඉහත සඳහන් TDK DC/DC converter එක යොදාගන්නා අතර එය මහින් +5 V සහ +3.3 V විභව සහිත සැපයුම් දෙකක් ලබාදේ. මේ අනුව මෙයට ලැබෙන ධාරාව ඇම්පියර් 200ක් නොව උපරිම ඇම්පියර් 2.5 පමණ වේ. \\\\

      "ස්ටෙප් කීපයක් හරහායි ඔය TDK කන්වර්ටර් එකට සප්ලයි එන්නේ..එච්චර ගාණක් හැන්ඩ්ල් කරන්න ඔය පින්තූරේ තියෙන කන්වර්ටර් එකට බැහැ..."   
      මේ බලන්නකෝ රංග මන් ඉතාම පැහැදිළිව අපේ විචාරක තුමාට  කිව්වනේ ඔය කන්වර්ටර්  එකට සප්ලයි ( විදුලි බලය ) ලැබෙන්නේ ස්ටෙප්( අදියර ) කීපයක් හරහා. මොකද ඇම්පියර් 200 ක් හැන්ඩ්ල් ( පාලනය ) කරන්න ඕකට බැහැ ... කියලා..මට පේන්නේ ඔබ ඉංජිනේරුවෙක් කිව්වට ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කලොත් දන්නේ නැහැ නේද ...? ඒකයි මේ ගැටලුව..

      තවත් දෙයක් රංග.. මේ ලෝකේ තියෙන  TDK DC/DC converter සියල්ලම +5V නම් හරි ශෝක් නේද .. :D ඒකනේ මන් කිව්වේ ඔයා හොයන්නේ නෙට් එකේ පින්තූර . ඊට පස්සේ ඒක ගෙඩිය පිටින් අත අරිනවා මෙතන.. සබ්ජෙක්ට් එක දන්න අයට හිනා යනවා එතකොට.. මම මගේ අතේ තියාගෙන ඔය ජාතියේ
      TDK DC/DC converter ටිකක් පොටෝ ගහලා එවන්නද මේ දැන් ...? ඕනේ නම් මන් පෙන්නපු සැට් එක උඩ තියලා පොටෝ ගහලා එවන්නද ...?


       \\\\ඔබ මුලින් කියුවේ අප නොදත් බොහෝ දේ පවතී කියා නමුත් ඒ සියල්ල අප ඉගෙන ගත නියම මගින් තේරුම් ගත හැක.\\\\\

      මට තේරුණා රංග ඉගෙනගත් නියම ගැන...:)

      දැන් හොඳ ළමයා වගේ ටාර් ගාලා මන් අහපු ප්‍රශ්න වලට උත්තර හොයන් එන්න නෙට් එකෙන්..ඕනෙම දෙයක් අහන්න..ඕනෙම දේකට උත්තර දෙනවා ..


      ( මේ සංවාදය දකින අය කරුණාකරලා හිතන්න එපා මම ලොකු කමක් කතා කරනවා කියල..මන් කලින් ලියපු හැම පෝස්ට් එකකදීම කෙනෙක් මගෙන් නිහතමානීව අහන ඕනෙම දේකට මමත් ඉතාම නිහතමානීව උත්තර දෙනවා දැකලා ඇතිනේ..ඒත් "තමන්ගේ වෙනත් උවමනාවක්" සඳහා ප්‍රශ්න කරන අයට මන් උත්තර දෙන්නේ මේ ක්‍රමේට.. කලින් පෝස්ට් වලදී DDT , සෙන්නා , චන්දන , සයුරි , චම්ස් එහෙම මගෙන් පුදුම විදිහට ප්‍රශ්න අහලා තියෙනවා ..නමුත් මම කිසිම දිනක එයාලව අපහසුතාවයට පත් කරලා නැහැ.. හැම දේම සරළව කිව්වා මිසක්.. ඉතින් මාත් රංගත් අතර ඇති වෙන දෙයින් වැරදි අවබෝධයක් ගන්න එපා මා ගැන  )

      Delete
    9. සහන් මම කියපු අගයන් මම ගණන් හදලා ගත්ත දේවල් නොවේ. සියලුම අගයන් එම උපකරණ නිෂ්පාදක සඳහන් කරන දේවල්. මේ කරුණු වෙනස් වෙනවා නම් කරුණු වශයෙන් පැහැදිලි කරන්න. මට ඒ කරුණු දැනගන්න අවශ්‍යයි. එහෙම හැර ඔබ සමග වාදයක් නැහැ. මේ කරුණු ගැන වාදකරන්න මම මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නොවේ මම මුලින් ක්වූ පරිදිම. එක නිසා අනවශ්‍ය උපමා නැතිව මේ කරුණු වල ඇති සත්‍ය අසත්‍ය භාවය පැහැදිලි කරන්න.

      1 - මම භූ ස්ථාවර චන්ද්‍රිකා වල ඇති ku band transponders වල ක්ෂමතාවය 105W-110W කියලා කියුවේ අපේ බේබිගේ චන්ද්‍රිකාව නිපදවපු Thales Alenia Space සමාගමේ විස්තර අනුව
      https://www.thalesgroup.com/en/content/spacebus-4000-platform
      මෙතන ලියලා තියෙන්නේ
      Payload power up to 11,6 kW, typically 80 to 100 active channels with medium RF power (105/110W in Ku band);
      මේක කියවන්න පුළුවන් ඕන කෙනෙකුට පේනවා 105W-110W කියන්නේ එක Ku band එකක් මධ්‍යන්‍ය ක්ෂමතාව කියන දේ. ඒ කියන්නේ ඔය අගය සාමාන්‍ය කක්ෂයට තියෙන අගය වෙනත් හේතුවකට කක්ෂය මාරු කලොත් වැඩි ක්ෂමතාව ගන්න පුළුවන්. මේ අනුව භූ ස්ථාවර කක්ෂයක සිට Ku band ඔස්සේ තොරතුරු එවීමට එම ක්ෂමතාව ප්‍රමාණවත්. වෙන සමාගම් වල තොරතුරුත් වැඩි වෙනසක් නැහැ. ඒ වගේ transponders 80 ක් වගේ තියෙන එක්ක නම් ඇම්පියර් 200 වගේ ධාරා තියෙන්න ඕන එතන ගැටළුවක් නැහැ. මෙම චන්ද්‍රිකා වල 10kW හෝ 20kW වුනත් හදන්න පුළුවන් ලොකු සුර්ය කෝෂ පද්දති ඇති නිසා තියෙන නිසා. සහන් මෙම කරුණු නිවැරදිද. වැරදි නම් ඒ ඇයි.

      2 - මෙම ලින්ක් එක හරහා ගොස් http://en.axelspace.com/solution/wnisat1/ එහි විස්තර දැක්වෙන චන්ද්‍රිකාව දෙස බලන්න. මෙය පොදු platform එකක් යොදා නිර්මාණය කල දෙයක් නොවේ. custom build එකකි. එවැනි දෙකක් තිබීම අපහසුය. හැරත් මෙය ලබන මස අභ්‍යවකාශ ගතකර ලබන වසරේ මුල මෙහෙයුම් අරඹ කරන එකකි. එම කරුණ සහ පෙනුම ඔබ විස්තර චන්ද්‍රිකාවට 100% සමාන වේ. එමෙන්ම මෙම වසර අග සහ ලබන වසර මුල් කාර්තුව තුල කක්ෂ ගතකිරීමට මේ ආකාරයේ වෙනත් චන්ද්‍රිකාවක් නොමැත ඒ අනුව මෙහි දැක්වෙන්නේ ඔබ සඳහන් කල චන්ද්‍රිකාවම වේ සහන් මෙම කරුණු නිවැරදිද. වැරදි නම් ඒ ඇයි.
      මම සඳහන් කල දෙය නිවැරදි නම් 4 ට පිළිතුරු අවශ්‍ය නොවේ.
      මෙය නිවැරදි වුවද වැරදි වුවද 3 සඳහා පිළිතුරු ඔබගෙන් බලාපොරොත්තු වේ.


      3 - මම කලින් විස්තර කල wnisat1 නම් චන්ද්‍රිකාවේ එම පිටුවේ ඇති දත්ත බලන්න
      Uplink: UHF 9.6kbps
      Downlink: UHF 38.4kbps
      Power Generation: 12.6W
      Orbit: Sun-synchronous, 600km altitude, 10:30 LTDN
      පෘතුවි පුෂ්ඨ්යේ සිට කිලෝ මීටර් 600 ක සිට මෙයට UHF තරංග ඔස්සේ 12.6W වලට වඩා අඩු ක්ෂමතාවයක් සහිත transmitter එකක් යොදා සන්නිවේදනය කල හැකිද. මෙම කරුණු නිවැරදිද.(මෙම චන්ද්‍රිකාව නිෂ්පාදකයා කියන්නේ බොරුද?) වැරදි නම් ඒ ඇයි.

      4 - ඔබ සඳහන් කරන්නේ wnisat 1 ගැන නොවේ නම් මෙය පැහැදිලි කරන්න. ඔබ පෙන්වා ඇති රූපවල දැක්වෙන චන්ද්‍රිකාව දෙස බලන්න එය අසල යම් පුද්ගලයෙක් සිටින රුපය අනුව හිතන්න ඒ අනුව මෙය දිග පළල සහ උසින් 30 cm වලට වඩා අඩු කුඩා චන්ද්‍රිකාවකි එහි සැලසුම පෙන්වා ඇති රුප අනුව එහි වටේ පේන සුර්ය කෝෂ වලට අමතරව වෙනත් ඒවා නොමැත. දෙපස සහිත දෙකක් දිග හැරීමක් පමණක් සිදුවේ මෙහි සියලුම ක්ෂේත්‍රඵලය යොදා ගත්තා වුනත් වර්ග මීටර් 1 ක් නොමැත පෘතුවිය අවට සුර්ය නියතය යෙවත් එකක් වර්ගඵලයකට වැටෙන සුර්යලෝකයේ ක්ෂ්මතාවය 1.4 kW පමණ වේ දැනට නිපදවා ඇති සුර්ය කෝෂයක උපරිම කාර්යක්ෂමතාවය 30% වත් නැත. එහෙම නම් වර්ග මීටර් 1 සුර්ය කෝෂ තිබුනත් උපරිමව 420W වත් ලබාගත නොහැක. ඔබ කියන පරිදි මෙය ඇත්තේ භූ ස්ථාවර කක්ෂයේ(කිලෝමීටර් 35000 පමණ උඩින්) නම් ඔබ කියන පරිදි තොරතුරු හුවමාරුව සිදු කල හැකිද?

      මෙම කරුණු වලට අංක යොදා පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි. උපමා මෙන්ම මේක මෙහෙම නම් අරක මෙහෙමයි යන ප්‍රකාශ විද්යනුකුල නොවේ. ඉහත 1 ,2 සහ 3 හි ඇත්තේ මගේ තොරතුරු නොව අදාල උපකරණ නිෂ්පාදකගේ විස්තර වේ.

      Delete
    10. //මාත් රංගත් අතර ඇති වෙන දෙයින් වැරදි අවබෝධයක් ගන්න එපා මා ගැන // කාටවත් වැරදි අවබෝද එන්න හේතුවක් නැහැ නේ. තාක්ෂණික ගැටළු ඇසීමක් පමණයි. මෙතන වෙන පුද්ගලික අපහාස මඩ නැහැ නේ.

      Delete
    11. 01. රංග ඔයා තාමත් මම කියන දේ තේරුම් අරන් නැහැ. හරි අපි පටන් ගමු..



      \\\\\\\Payload power up to 11,6 kW, typically 80 to 100 active channels with medium RF power (105/110W in Ku band);
      මේක කියවන්න පුළුවන් ඕන කෙනෙකුට පේනවා 105W-110W කියන්නේ එක Ku band එකක් මධ්‍යන්‍ය ක්ෂමතාව කියන දේ.\\\\\\\


      ඔය තියෙන්නේ ට්‍රාන්ස්පොන්ඩර් 1 ක කැපසිටි එක. ඔය කැපසිටි එක වෙනස් වෙනවා අපි කවර් කරන ඒරියා එක අනුව.. බොහෝ සැට් වල තමන්ගේ විකාශන කළාපය අඩු වැඩි කරනවා පාරිභෝගික ඉල්ලීම මත. අඩු කළාපයකට විකාශනය කරන්නම හදන සැට් වලට විශාල බලයක් තියෙන සම්ප්‍රේෂක සවි කරන්නේ නැහැ. සැට් එක සැලසුම් කරද්දීම එවැනි දේවල් තීරෙණය කරනවා වෙන්නත් පුළුවන් , පොදුවේ හදනවා වෙන්නත් පුළුවන්. එක චන්ද්‍රිකාවක ස්පෙක් එක බලලා සියලු දේවල් ඒ මිම්මෙන් මනින්න එපා..

       \\\මධ්‍යන්‍ය ක්ෂමතාව\\\

      මෙන්න මේකෙන් ඔයා මොනවා අහනවද කියලා මට කියන්න...

      \\\\ ඒ කියන්නේ ඔය අගය සාමාන්‍ය කක්ෂයට තියෙන අගය වෙනත් හේතුවකට කක්ෂය මාරු කලොත් වැඩි ක්ෂමතාව ගන්න පුළුවන්.\\\\\

      නැහැ කක්ෂය මාරු වීම මත නෙවේ බලය අඩු වැඩි කරන්න වෙන්නේ.. චන්ද්‍රිකාවත් පෘතුවියත් අතර තියෙන කෝණය මතයි එය වෙනස් වෙන්නේ..ඉහළ කෝණයකින් සංඥා ලැබෙද්දී වැඩි බලයක් ඕනේ වෙනවා ට්‍රාන්ස්මීටරයට...

      කක්ෂයක් කිසිම දාක වෙනස් වෙන්නේ නැහැ ඔබ අදහස් කල පරිදි..( නිකන් උඩට පහළට වගේ. කක්ෂයන් වෙනස් වෙන්නේ මූවින්ග් කේපබිලිටි එක තියෙන අභ්‍යවකාශ වස්තු වල විතරයි. ඒවගේ ku band වලින් කරන්න දෙයක් නැහැ  )


      \\\\\\මේ අනුව භූ ස්ථාවර කක්ෂයක සිට Ku band ඔස්සේ තොරතුරු එවීමට එම ක්ෂමතාව ප්‍රමාණවත්.\\\\\

      ඔයා ඔහොම කියන්නේ අතන තිබ්බ නිසාද නැත්නම් අවබෝධයෙන් යුතුවද ...?

      \\\\ ඒ වගේ transponders 80 ක් වගේ තියෙන එක්ක නම් ඇම්පියර් 200 වගේ ධාරා තියෙන්න ඕන එතන ගැටළුවක් නැහැ.\\\\

      අන්න ඒකනේ කියන්නේ... මුළින්ම ඔබම කිව්ව දේවල් දැන් ටික ටික වෙනස් වෙනවා කියලා..  transponders 80 ක් වෙලා නේද දැන් ...?

      මුලින් හිතුවේ  transponders 1 යි කියලනේ... දැන් නැහැ කියන්න එපා...


      105W-110W X 80 = 8800 W ( කිලෝවොට් 8 යි.. )

      දැන් කිලෝවොට් 8 ක ට්‍රාන්ස්මීටරයක ඇම්පියර් යූසේජ් එකත් මට කියන්න ඔයාම හොයලා ..එතකොට ඔයාම කියයි " අප්පට සිරි සහන් කළින් කිව්වේ ඇත්ත නේද " කියලා ...

      \\\\\\\\\මෙම චන්ද්‍රිකා වල 10kW හෝ 20kW වුනත් හදන්න පුළුවන් ලොකු සුර්ය කෝෂ පද්දති ඇති නිසා තියෙන නිසා.\\\\

      රයිට් මේ එන්නේ ඔයාම මන් කියන තැනට....

      \\\\\මෙම කරුණු නිවැරදිද. වැරදි නම් ඒ ඇයි.\\\\


      වැරදියි.. හේතු පැහැදිලි කරා...


      Delete

    12. 02.  \\\\මෙය පොදු platform එකක් යොදා නිර්මාණය කල දෙයක් නොවේ. custom build එකකි.\\\\

      හෑ ...?

      \\\\\එවැනි දෙකක් තිබීම අපහසුය.\\\\

      රංග මේ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා කියන්න ඕනේ කතාවක් ඔයා මේ කියලා තියෙන්නේ.. එක වගේ පේන දෙකක් තියෙන්නේ බැහැ කියන්නේ කොහොමද දෙවියනේ මම එක වගේම පෙනෙන දෙකක් දාලා තියෙද්දිත් පහළම පින්තූරෙක... ? 


      \\\\\එමෙන්ම මෙම වසර අග සහ ලබන වසර මුල් කාර්තුව තුල කක්ෂ ගතකිරීමට මේ ආකාරයේ වෙනත් චන්ද්‍රිකාවක් නොමැත\\\\

      :)

      \\\\\\ඒ අනුව මෙහි දැක්වෙන්නේ ඔබ සඳහන් කල චන්ද්‍රිකාවම වේ\\\

      රංගට තව පිංතූර ටිකක් පෙන්නන්නද ... :)


      \\\\මෙම කරුණු නිවැරදිද. වැරදි නම් ඒ ඇයි.\\\\


      වැරදියි... :)හේතු පැහැදිළි කරලා තියෙනවා... 



       03. \\\\\\\පෘතුවි පුෂ්ඨ්යේ සිට කිලෝ මීටර් 600 ක සිට මෙයට UHF තරංග ඔස්සේ 12.6W වලට වඩා අඩු ක්ෂමතාවයක් සහිත transmitter එකක් යොදා සන්නිවේදනය කල හැකිද.\\\\\\\\\\


       කවමදාවත් බැහැ..   Fm රේන්ජ් එකෙන් කිලෝමීටර් 50 ක් ගහන්නත් ඕනේ වෙනවා වොට් 100 කට එහා..  UHF රේන්ජ් එකේදී අඩුම තරමෙන් වොට් 35 ක් වත් ඕනේ.. දුර වැඩි වෙන්න වෙන්න අවශ්‍ය කරන බලය ගුණෝත්තර ක්‍රමයකින් වැඩි වෙනවා.. ( අමු අමුවේ ගුණෝත්තර නෙවේ.. ඒක පැහැදිළි කරන්න ඕනේ නම් කියන්න..ඒකත් මන් කරන්නම්කො  )


       \\\\\\\(මෙම චන්ද්‍රිකාව නිෂ්පාදකයා කියන්නේ බොරුද?) වැරදි නම් ඒ ඇයි.\\\\\\\

      අර ට්‍රාන්ස්පොන්ඩර් කතාව නැවත බලන්න උත්තර පැහැදිලි වේවි...:)



       04. \\\\\ඔබ පෙන්වා ඇති රූපවල දැක්වෙන චන්ද්‍රිකාව දෙස බලන්න එය අසල යම් පුද්ගලයෙක් සිටින රුපය අනුව හිතන්න ඒ අනුව මෙය දිග පළල සහ උසින් 30 cm වලට වඩා අඩු කුඩා චන්ද්‍රිකාවකි එහි සැලසුම පෙන්වා ඇති රුප අනුව එහි වටේ පේන සුර්ය කෝෂ වලට අමතරව වෙනත් ඒවා නොමැත. දෙපස සහිත දෙකක් දිග හැරීමක් පමණක් සිදුවේ මෙහි සියලුම ක්ෂේත්‍රඵලය යොදා ගත්තා වුනත් වර්ග මීටර් 1 ක් නොමැත පෘතුවිය අවට සුර්ය නියතය යෙවත් එකක් වර්ගඵලයකට වැටෙන සුර්යලෝකයේ ක්ෂ්මතාවය 1.4 kW පමණ වේ දැනට නිපදවා ඇති සුර්ය කෝෂයක උපරිම කාර්යක්ෂමතාවය 30% වත් නැත. එහෙම නම් වර්ග මීටර් 1 සුර්ය කෝෂ තිබුනත් උපරිමව 420W වත් ලබාගත නොහැක. \\\\\

      මේ කතාව මම කියන්න ඕනේ එකක්නේ රංග...:P මේ නිසා තමයි දෙවියනේ මන්10 පාරක් විතර කිව්වේ ඔය සැට් එකේ ලොකු සූර්ය කෝෂ පද්ධතියක් තියෙනවා කියලා... ඒවා දිග ඇරෙන්නේ උඩට ගියාම... කී පාරක් කිව්වද ඔය පොඩි පැනල් සෙට් එකෙන් වැඩේ කරන්න බැහැ කියලා.. ඔයාමනේ කිව්වේ පුළුවන් පුළුවන් කියලා...


       05.. \\\\\\\උපමා මෙන්ම මේක මෙහෙම නම් අරක මෙහෙමයි යන ප්‍රකාශ විද්යනුකුල නොවේ.\\\\

      අරක මෙහෙම නම් මේක මෙහෙම උනේ කොහොමද කියලා ඔයානේ ඇහුවේ මගෙන් නෙට් එකේ රූප බල බල.. මන් කී පාරක් කිව්වද අනේ 

      මේක මෙහෙම නම් අරක මෙහෙමයි යන්න  විද්යනුකුල නොවේ"  කියලා ...:D



       _________________________

      මන් විචාරක තුමාගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ වැරද්දක් ඔයා දැක්කනේ... මන් ඒක පැහැදිළි කරානේ එතන කිසිම වරදක් නැති බව.. ඔබෙන් වී ඇති වරද පිළිගන්නා තාක් කිසිම නව ප්‍රශ්නයකට පිළිතුරු නොදෙමි...

      Delete
    13. //මන් විචාරක තුමාගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ වැරද්දක් ඔයා දැක්කනේ... මන් ඒක පැහැදිළි කරානේ එතන කිසිම වරදක් නැති බව.. ඔබෙන් වී ඇති වරද පිළිගන්නා තාක් කිසිම නව ප්‍රශ්නයකට පිළිතුරු නොදෙමි...//

      විචාරක තුමාට දීපු පිළිතුර පැහැදිලියි නමුත් මට ගැටලුව අවේ මේ පොඩි චන්ද්‍රිකාවේ පෙන්වන සුර්ය කෝෂ වලින් අමිපියර් 200 එන එක මට ගැටළුවක් වුනා ඔබ පැහැදිලි කරා ලොකු සුර්ය කෝෂ පද්දතියක් තියෙන නිසා පුළුවන් කියලා. එය කක්ෂ ගත වූ පසු දිගහැරෙනවා කියලා. එහෙම එකක් තියෙනවා නම් එය ප්‍රයෝගිකව කරන්න පුළුවන් එසේ නම් ඔබ නිවැරදියි. මම නොදන්න දෙයක් ඇහුවා මිස ඔබ වැරදියි කියුවේ නැහැ.

      ඔබ පෙන්වපු ප්‍රමාණයේ බොහෝ චන්ද්‍රිකා වල එතරම් ලොකු සුර්ය කෝෂ පද්දති නැහැ. මෙයටත් වඩා පොඩි ඒවත් තියෙනවා. එමනිසා මට අමිපියර් 200 කතාව ගැටළුවක් වීම සාධාරණයි කියලා ඔබ පිලිගන්නත් ඕන.


      සහන් ඔබ ගේ පැහැදිලි කිරීම හොඳයි නමුත් පොඩ්ඩක් මේ ඔබේ පිළිතුරු නැවත අධ්‍යනය කරමු
      භූ ස්ථාවර කක්ෂයේ සිට දත්ත එවන්න Ku band ට්‍රාන්ස්පොන්ඩර් 1 ක පවර් එක 105/110W ප්‍රමාණවත් බව ඔබ පිලිගන්නවා.
      medium power එක තමයි මධ්‍යන්‍ය ක්ෂමතාව
      මෙම චන්ද්‍රිකා වල 10kW හෝ 20kW වුනත් හදන්න පුළුවන් ලොකු සුර්ය කෝෂ පද්දති තියෙන කතාවත් හරි.

      ඉතින් ඔබ මම පළවෙනියට අහපු දේ කරුණු පිළිගෙන එය වැරදියි කියනවා.

      පෘතුවි පුෂ්ඨ්යේ සිට කිලෝ මීටර් 600 ක සිට මෙයට UHF තරංග ඔස්සේ 12.6W වලට වඩා අඩු ක්ෂමතාවයක් සහිත transmitter එකක් යොදා සන්නිවේදනය කල හැකිද.
      එය ඔබ බැහැ කියනවා නමුත් wnisat1හි නිෂ්පාදකයා එය පුළුවන් ලෙස දක්වනවා. පණිවිඩ හුවමාරුවට යොදා ගන්නා band එක මම දන්නේ නැහැ නමුත් ඉතා කුඩා චන්ද්‍රිකා පවා තියෙනවා අල්ල මත තැබිය හැකි 10cm x 10cm x 10cm ප්‍රමාණයේ ඒවා යේ තියෙන්නේ ඉතා කුඩා සුර්ය කෝෂ ඒවා වල තියෙන 3W වැනි කුඩා ට්‍රාන්ස්මීටර් මගින් පොලව සමග තොරතුරු හුවමාරු කරනවා නේ. ඔබ කියන පරිදි එය කල නොහැකියි නමුත් ප්‍රයෝගිකව එය ලෝකයේ වෙනවා.

      සමාන චන්දිකා තියෙනවා ඔබ පෙන්නපු එක 27 cm x 27cm x 27cm ප්‍රමාණයේ එකක් එම ප්‍රමාණයේ ඒවා ගොඩක් තියෙනවා cubic හැඩයේම නමුත් බාහිර තියෙන උපකරණ සහ ස්වභාවය මත අඳුනා ගන්න පුළුවන් ඒ වගේම ඉදිරි මාස කිහිපයේ යන එකක් නිසා ඕක අඳුනා ගන්න පුළුවන්. ඔබ පෙන්වන චන්ද්‍රිකාවේ නම් ඔබ හංගන්නේ ඇයි. එය ඔබ නොකියුවද ගැටළුවක් නැත ඔබ මුලින් දුන් රුප අනුව එයි සුර්ය පැනල දිගහරින ලද ආකාරය පෙන්වයි. මෙහි එයට අමතරව සුර්ය පැනල පද්දතියක් නොමැත. ඔබ පෙන්වන්නේ Low earth orbit(LEO) වල කක්ෂ ගත කරන earth obserwation චන්ද්‍රිකාවකි. එය කක්ෂය පොලවට ආසන්න එකකි.අනිවාර්යෙන් 2000 km වලට අඩුය 35000 km නොවේ.

      අති රහසිගත යුද කටයුතු වලට යොදාගන්න චන්දිකා හැර අන් සියලුම චන්ද්‍රිකා ලෝකයට රහසක් නොවේ. ඔබ මෙහි චන්ද්‍රිකාවේ නම් සහ වෙනත් කරුණු හංගන තරම් මේකේ නිෂ්පදකවත් තොරතුරු හංගන්නේ නැහැ. මම එමෙන්ම මෙම වසර අග සහ ලබන වසර මුල් කාර්තුව තුල කක්ෂ ගතකිරීමට මේ ආකාරයේ වෙනත් චන්ද්‍රිකාවක් නොමැත කියුවම ඔබ විහිළුවකට අරගෙන හිනා මාක් දානවා. නමුත් අති රහසිගත චන්දිකා හැර අන් සියලුම චන්ද්‍රිකා වල විස්තර ඕන තරම් තියෙනවා. අඩු තරමින් කක්ෂය, කක්ෂගත කරන දිනය, සහ කාර්යය පිලිම්බන්දවත්. ඔබ පෙන්වපු එකද අති රහසිගත චන්දිකා වක් නොවන බවද අමතක නොකරන්න.

      Delete
    14. \\\\\\\\පණිවිඩ හුවමාරුවට යොදා ගන්නා band එක මම දන්නේ නැහැ \\\\\\


      ඔය එන්නේ ඔයාගෙන්ම රංග.. ( තව තව ඒවා මන් කියන්න යන්නේ නැහැ..මොකද ඌරන් ඉදිරියේ මුතු දැමීමෙන් වැඩක් නැහැ .. ඔබ වැනි අය ඉංජිනේරුවන් සේ පෙනී සිරීම නොවටී .. )


      \\\\\ඔබ මෙහි චන්ද්‍රිකාවේ නම් සහ වෙනත් කරුණු හංගන තරම් මේකේ නිෂ්පදකවත් තොරතුරු හංගන්නේ නැහැ. \\\\\\

      " අනේ මෙන්න මේ කාමරේ නම් හොර වැඩක් නැහැ. මේ කාමරේ නම් බලන්න එපා " කියලා බෝර්ඩ් ගහලා තියෙනවා දැකලා තියෙනවද ?

      රංගට මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් මන් ඊළඟ පෝස්ට් එකෙන් කරන එක වැඩක් ගැන විතරක් පෙන්නන්නම්.. ඒ සැට් එකේ සිග්නල් එක එන තැනම ඉඳන් පොටෝ ටිකක් ගහලා එවන්නම්.. ඉන්නකෝ ටිකක්....

      තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ... ( මන් මේ ටික කිව්වේ ඔයා මෙච්චර දුරක් ආව නිසා.. )


      රංග මන් නම් මේ දේවල් කරන්නේ ලෝකෙට පේන්න නෙවේ. ඉංජිනේරුවකු විය යුත්තේ තම පොරත්වය සඳහා නොව , ලෝකයට වැඩක් කිරීම පිණිස පමණයි..

      ඔයාට මේ විනාඩි 5 න් නෙට් එකෙන් බලලා වැඩ කරන්න පුළුවන් නම් අවුරුදු ගාණක මහන්සියෙන් Phd ගන්න අයගෙන් වැඩක් නැහැනේ..ඔයා තව අර ඕබිට් මේ ඕබිට් ගැන කිව්වට මන් උත්තර දෙන්නේ නැහැ...

      ( හැබැයි මෙතන වැරදි කරුණු ගෙනත් අත අරින්න එපා...මම අයින් කරනවා )

      Delete
    15. //මෙතන වැරදි කරුණු ගෙනත් අත අරින්න එපා...මම අයින් කරනවා// මෙතන වැරදි කරුණු කියන්නේ කවුද කවුරුවත් සියලු දේ දන්නේ නැහැ ඔබද මමද ඇතුළුව මම මුලින්ම කියුවා මම මේ ක්ෂේත්‍රයට අදාල කෙනෙක් නොවේ මම ප්‍රශ්න අහන්නේ common sense එක අනුව කියලා. ඔබ කරන දේ පැහැදිලියි. ඔබ හොඳ ලේඛකයෙක්. ඒ වගේම ඔබ දන්න දේවල් වගේම නොදන්න දේවල් තියෙනවා ඔබට විද්‍යා ප්‍රබන්ද වගේ නම් ලියන්න පුළුවන් වෙයි. ඔබ කියන්නේ මොනවද ඔබ සියල්ල දන්නා වගේ කථා කරනවා නමුත් ඔබ දන්නේ නැහැ 500mW තරම් පොලව සමග කුඩා පවර් එකකින් තොරතුරු හුවමාරුව කරන කුඩා චන්ද්‍රිකා පවා තියෙනවා. ඔබ කියන තරම් ලොවු පවර් ඕන නැහැ තරංග එන්නේ වැඩිදුරක් රික්තය සහ තුනී වායුගෝලය හරහා. රුපවාහිනී සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණ වලට පොලව මතදී ඕන පවර් එක මත මේවා මනින්න එපා. ඔබ කියනවා වැරදි කරුණු ගෙනත් අත අරින්න එපා කියලා ඔබ පරාද වෙනවා නම් එම කරුණු වලට ඔබ මකනවා නේද මම කලින් දීපු සියලු තොරතුරු ඔබ වැනි වගකීමක් නැති පුද්ගලයෝ ලියපුවා නොවේ. නියම උපකරණ නිෂ්පාදක ගේ තොරතුරු. අන්තර් ජලය මගින් ඉගෙන ගෙන ඉන්ගිනීරුවන් වෙන්න බැහැ නමුත් නොදන්න දේ සොයන්න පුළුවන්. අපි හැමෝම දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි. යමක් ලියන කොට කරුණාකර නිවැරදි තොරතුරු දෙන්න බොරු වැල් වටාරම් නැතිව තමන්ට වරදින තැන අවන්කවම පිළිගන්න. ඔබට කරුණු ගොනුකරලා පැහැදිලි පිළිතුරක්වත් දෙන්න බැහැ. මොකද ඌරන් ඉදිරියේ මුතු දැමීමෙන් වැඩක් නැහැ .. ඔබ වැනි අය ඉංජිනේරුවන් සේ පෙනී සිරීම නොවටී මේක ගැලපෙන්නේ ඔබට මිස මට නොවේ. මම කවදාවත් අන්තර්ජාලයේ නොදන්නා අය ඉදිරියේ ඉංජිනේරුවෙක් සේ පෙනී සිට නැහැ. කිසිම තැනක කියල නැහැ නමුත් ඒ දේ හැමතැනම පෙන්නන යන්නේ කවුද මම ද ඔබද. ඔබ නොදන්නා දේගැන පවා දන්නා විදියට ලියන්නෙක්. ප්‍රශ්න කලොත් මගහැරින්නෙක්. තම පොරත්වය නංවන්න ලියන්නෙක්. වාද කරන්න පුළුවන් බුද්ධි මතුන් සමග පමණයි. ඔබ පොර වී නොදන්නා අය රවටා ආතල් ගන්න. මතක තියා ගන්න හැමදාම කොන්ඩේ බැඳපු චීන්නු මේ ක බලන්නේ නැති බව. අන්තිමට නොන්ඩි වන්නේ මම නොවේ ඔබයි. ඔබට කියලා වැඩක් නැහැ ඔබ කවදාවක් ඔබගේ වැරැද්ද පිළිගන්නේ නැහැ.

      Delete

    16. \\\\\\ඔබට කරුණු ගොනුකරලා පැහැදිලි පිළිතුරක්වත් දෙන්න බැහැ. \\\\

      හෙහ්හ් හෙහ්හ්හ් ...:)

      \\\\ඔබ පොර වී නොදන්නා අය රවටා ආතල් ගන්න. මතක තියා ගන්න හැමදාම කොන්ඩේ බැඳපු චීන්නු මේ ක බලන්නේ නැති බව. \\\\

      ඔබේ තරම මම දැක්කා රංග... දැන් ඔයා ඉන්නේ හීන් දාඩිය දාලා නේද සීන් එක නෝන්ඩි වෙලා.. පිස්සෙක් වගේ තව තව බයිලා හොයනවා.. ඒවා දාන්න දාන්න ඔයාවමයි නෝන්ඩි වෙන්නේ..බලන්න ඔබ අහපු හැම දේටම මම උත්තර දුන්නා.. කිසි දෙයක් මග ඇරලා නැහැ...

      \\\\\\ඔබ කියන්නේ මොනවද ඔබ සියල්ල දන්නා වගේ කථා කරනවා නමුත් ඔබ දන්නේ නැහැ 500mW තරම් පොලව සමග කුඩා පවර් එකකින් තොරතුරු හුවමාරුව කරන කුඩා චන්ද්‍රිකා පවා තියෙනවා. ඔබ කියන තරම් ලොවු පවර් ඕන නැහැ තරංග එන්නේ වැඩිදුරක් රික්තය සහ තුනී වායුගෝලය හරහා. \\\\\\\\\

      අම්මට සිරි..මේ මහත්තයා වායුගෝලයේ ලේයර් ටික සහ රේඩියෝ ස්පෙක් එක ගැන දන්න ටික මෙතැනින්ම තේරෙනවා.. නියම කොන්ඩේ බැඳපු චීනෙක්..හොඳ ළමයා වගේ ආයෙම සැරයක් අර ට්‍රාන්ස්පොන්ඩර් කතාව බලන්න..ඔයාම කියයි " අනේ සහන් මට වැරදුණා" කියලා ..

      ඇයි ඉංජිනේරු මහත්තයෝ මහන්සි වෙලා හයි G වලට යන්නේ .. ( ඔබ ඉංජිනේරුවකු නම් මේක තේරුම් ගන්නම ඕනේ..මේ මන් කතා කරන්නේ ටෙක්නිකල් ටර්ම්ස් වලින්. )

      මට පැහැදිළි කරන්න ඔබ සයිඩ් බෑන්ඩ් එකක ක්‍රියාකාරීත්වය සහ එයට ඕනේ බලය.. ( මේ ප්‍රශ්නේ මෙහෙම අහන්නේ බොරු වළක් එක්ක..බලමු ඔබ ඉංජිනේරුවකුද කියා )

      \\\\මම ප්‍රශ්න අහන්නේ common sense එක අනුව කියලා.\\\

      මන් ඒක හොඳටම දන්නවා රංග.. ඔබ සාමාන්‍ය පරිගණක පාඨමාලාවක් කරපු අයෙක් විතරයි..කිසි සේත්ම ඉංජිනේරුවකු නෙවේ.. ඔබ ඉංජිනේරුවකු සේ කරන කියන දේවල් වලින් ඔබේ නිරුවත පේනවා..

      තව තව අරහෙන් මෙහෙන් කොපි පේස්ට් කරන්න යන එකෙන් වෙන්නේ ඔයාව නිරුවත් වෙන එක රංග... :(

      කමක් නැහැ තව අහන්න... මන් ආසයි ඔබේ නිරුවත දකින්න...

      Delete
    17. රංග දන්නවද මේ බ්ලොග් අවකාශයේ ඕනේ තරම් මේ විශයන් ගැන දන්නා අය ඉන්නවා.. මම මේ කියන දෙයක් වැරදිලා තිබ්බොත් ඕනේ තරම් ඇනෝ වැටෙනවා මචන් අරක වැරදි කියලා...

      ඔබ මේ කරන්න යන දෙයින් වෙන්නේ ඔබව නිරුවත් වෙන එක..  අනේ මන්දා කියන දෙයක් පිළිගන්නේ නැති ඔබ කොහොම ඉංජිනේරුවකු උනාද කියලා... ඔහොම නම් බැහැ ළමයෝ...


       ඔයා අහපු ප්‍රශ්න සයුරි , සෙන්නා , චන්දන වගේ කෙනෙක් ඇහුවා නම් මම අකුරක් නෑර මන් දන්න දේවල් කියනවා.. ඒත් ඔබ වැනි අයෙක් සඳහා මම වෙහෙසෙන්නේ නැහැ.. මොකද ඔබ දැනුම එකතු කරන්නේ අනුන් පහත් කිරීම පිණිස.. 

      ඔබ ඔමායට කියපු දේ දැක්කනේ මම... " සීයලා බලාගන්න එකී මොනවද දන්නේ " කියලනේ ඔබ ඇහුවේ...පස්සේ දැක්කා නේද ඔමායා කියන්නේ කව්ද කියලා ...? අපි දෙන්නම එකම විශයට සම්බන්ධ අය.. නැතුව සීයෙක් බලාගන්න කෙල්ලෙකුයි , ගෙදර ඉන්න කොල්ලෙකුයි නෙවේ.. ඒත් අපි පෙන්නන්නේ නැහැ .. ඔහේ පාඩුවේ ඉන්නවා...

      එතැනින්ම පේනවනේ රංග ඔයාගේ හැසිරීම... තව තව කතා කරන්න එපා රංග.. ඔයාව චාර්ටර්ම වෙනවා ....

      දැන් යන්න හොඳ ළමයා වගේ... අහ්හ්හ් මේ රුපියල් 5 තියාගන්න මහන්සියට...

      Delete
    18. ඔබ සමග වාද කරලා වැඩක් නැහැ. ඔබ කොහොම කියුවත් ඔබ උපරිම technician කෙනෙක්ට එහා ගිය පුද්ගලයෙක් නොවේ දන්නා බව පෙන්වා කථා කරන බලන්න ඔබ පිළිගන්න ගමත් නැහැ ඔබ නොදන්නා දේ ඔබ දන්නේ නැහැ 500mW තරම් පොලව සමග කුඩා පවර් එකකින් තොරතුරු හුවමාරුව කරන කුඩා චන්ද්‍රිකා පවා තියෙන බව බව. මෙහෙම ඒවා ගොඩක් තියෙනවා මං කිහිපයක් පෙන්වන්නම්
      1- MaSat-1 කියන්නේ Transmission power එක 100/400 mW වන එකක් මෙතන විස්තර තියෙනවා http://en.wikipedia.org/wiki/MaSat-1

      2- Horyu කියන්නේ Transmission Power එක 1W වන එකක් http://kitsat.ele.kyutech.ac.jp/index_e_new.html

      මේවා දැනට ක්‍රියාත්මකව පවතින චන්ද්‍රිකා

      3 - තව මේක බලන්න හදමින් ඉන්න එකක් http://ww2.amsat.org/?page_id=1113 එහි Transmission Power එක 500mW
      ඔබ ඇත්තම මහත්මයෙක් නම් මේවා පහදන්න මගේ ගැන අහන්නේ නැතිව. මම මේවයේ Transmission Power එක ප්‍රයෝගික කියලා පිලිගන්නවා දැනට ක්‍රියාත්මක නිසා. ඔබට පුලුවන්නම් පැහැදිලි කරන්න ඕවා බොරු කතා කියලා. මම මුලින් කියුවා වගේ telecommunication engineer කෙනෙක් නොවෙයි මේවා පැහැදිලි කරන්න. ඒ වගේම ඔබ කියන telecommunication හා සම්බන්ද දේ මම දන්නේ නැහැ.

      ඔබ ගැටළුවක් ආවම මගහරිනවා මගේ ගැන අහලා. ඔබ සත්‍ය පුද්ගලයෙක් අනන්‍යතාව හෙළි නොකරන තාක් ඔබට අයිතියක් නැහැ මගේ ගැන කතා කරන්න. කරුණා කර ප්‍රශ්නයට අදාළ දේ පහදන්න ඔබ දන්නවා නම් මගෙන් technical terms අහන්නේ නැතිව.

      //මන් ඒක හොඳටම දන්නවා රංග.. ඔබ සාමාන්‍ය පරිගණක පාඨමාලාවක් කරපු අයෙක් විතරයි..කිසි සේත්ම ඉංජිනේරුවකු නෙවේ.. ඔබ ඉංජිනේරුවකු සේ කරන කියන දේවල් වලින් ඔබේ නිරුවත පේනවා..// නිකන් මෝඩයෙක් වෙන්න එපා මිනිහෝ අනුන් ගැන දන්නේ නැති උපකල්පන කරන්න එපා. මම කිසිම පරිගණක පාඨමාලාවක් වත් කරපු කෙනෙක් නොවේ. මම කැමති නැහැ මගේ ගැන කියන්න නමුත් මේ අන්තර්ජාලයේ මම ඉන්නේ ප්‍රසිද්දියේ කිසිවක් හංගන්නේ නැතිව. ඔබට ඕන නම් මම කවුද ඉගෙන ගත්ත තැන වගේ දේවල් සොයාගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඒ ගැන හොයලා බලන්න. මම ඔබ මෙන් හංගන්න දෙයක් ඇති කෙනෙක් නොවේ. මම දුන් සියලු තොරතුරු අතාර්කිකව බොරුය කියන ඔබ ගැටලුවෙන් ලිස්සා යන්න වෙන කතා දානවා. මම ගැන නොසොයා මේ චන්ද්‍රිකා ගැන සොයා ඇත්ත ලියන්න. බ්ලොග් ලියලා ඉංජිනේරුවෙක් කියලා පෙන්වන්නේ නැතිව IP අල්ලාගෙන මැජික් පෙන්නනේ නැතිව. සත්‍යය ලියන්න.
      පලි-
      ඔබ හොඳ පරිවර්තකයෙක් ඔබ නියම ඉංජිනේරුවෙක් නොවේ අඩු තරමේ A/L Physics යම්තාරමක් දන්න පොරක් නම් නම් අර විදුලි කාරය ලිපිය දාන කොට කෙලින්ම වෙනත් මුදල් ඒකකයකින් තිබුන ඉන්දන වියදම් රුපියල් වලට හරවන්නේ නැතිව. ලංකාවේ විදුලි අය ක්‍රමය අනුව මෙහෙ දී යන විදියට ඉන්දන වියදම සොයා ලිපිය නොලිවුවේ ඇයි. මහා ලොකුවට කථා කරන ඔබ දන්නේ නැහැ අඩු තරමින් ලංකාවේ විදුලි බල මණ්ඩලය නිවසට දෙන උපරිම ධාරාව වත්. දන්නේ නැත්නම් ගෙදර මීටර් පෙට්ටිය ළඟ තියෙන ප්‍රධාන විලයකය බලන්න. ඔබ ඉංජිනේරුවෙක් කියලා පෙන්නුවට A/L Physics යන්තම් වත් පාස් නම් ඔබ කියන්නේ නැහැ අර කාරය පැය 1 න් ආරෝපණය කරන්න පුළුවන් කියලා.

      දන්නේ නැත්නම් ඉගෙන ගන්න පොර කතා නැතිව. පුලුවන්නම් අන්තර්ජාලය හරහා හරි කරුණු හරියට ඉගෙන ගන්න.

      තේරුම් ගන්න මම නිරුවතින් දක්කින්න ඔබ ඇවිත් තියෙන්නේ නිරුවතින්ම බව.

      Delete
    19. මේක කියවන ඕන කෙනෙකුට පේනවා කවුද නොදන්න දේ ලොකුවට දන්නා වගේ කථා කරන්නේ කියලා. මොහු මම අහපු කතාව පහදන්නේ නැතිව වෙන දේ කථා කරනවා. මට අපහස කරනවා. සමහර විට මොහු තවටිකකින් අනෝ ඇවිත් මහත්මයෙක් කියලා අපිට පෙන්වයි කුණුහරුප වලින්.
      මොහුගේ විද්‍යාත්මක මත ඇති පොස්ට් හැර අන් සියල්ල හොඳයි. විද්‍යාත්මක කතා සියල්ල හොඳට හොයලා කරන කරුණු ගොනු කිරීම්. මොහුගේ ලක්ෂණය තමයි ඔහුට වැරදුන තැන පෙන්වන්නාට පහර ගැසීම.

      අපිට තියෙන්නේ මොහො සැබෑ ජීවිතයේදී ගන්න බැරි වූ දේ අතාත්වික ලෝකයක් මවා බොලොග් ලියා ගන්නා අහිංසක අතල් එකට ඉඩදෙන එකයි. පවු මෙහෙම පොරවල්.

      Delete
    20.  \\\\\\\\\\මහා ලොකුවට කථා කරන ඔබ දන්නේ නැහැ අඩු තරමින් ලංකාවේ විදුලි බල මණ්ඩලය නිවසට දෙන උපරිම ධාරාව වත්. දන්නේ නැත්නම් ගෙදර මීටර් පෙට්ටිය ළඟ තියෙන ප්‍රධාන විලයකය බලන්න.ඔබ ඉංජිනේරුවෙක් කියලා පෙන්නුවට A/L Physics යන්තම් වත් පාස් නම් ඔබ කියන්නේ නැහැ අර කාරය පැය 1 න් ආරෝපණය කරන්න පුළුවන් කියලා.\\\\\\\\\\\

      මගේ රත්තරන් ටෙස්ලා කාර් එක හදලා තියෙන්නේ ලංකාවේ ප්ලග් එකෙන් චාර්ජ් කරන්න නෙවේ... මන් කිව්වේ ලංකාවේ වෙන කතාවක් නෙවේ .. අනේ මන්දා රංග.. මේ වගේ හිස් තර්ක ගේන්න එපා.. දුක හිතෙනවා... :(


      \\\\Transmission power එක 100/400 mW වන එකක් මෙතන විස්තර තියෙනවා \\\\

      හපොයි ඒ කියන්නේ ඔයා එවෙලේ කතා කරපු කිලෝවොට් 8 කතාව දැන් ඔයාම බොරු කියනවා කියලද ...:D

      ඔයාම එවෙලේ කියපු ලොකු සූර්ය කෝෂ ඒවගේ නම් ඇති කියලා කියපු කතාවත් බොරුද ... :D

      අනේ මන්දා රංග ඔයා නම්.. :)

      \\\\ අඩු තරමේ A/L Physics යම්තාරමක් දන්න පොරක් නම් නම් අර විදුලි කාරය ලිපිය දාන කොට කෙලින්ම වෙනත් මුදල් ඒකකයකින් තිබුන ඉන්දන වියදම් රුපියල් වලට හරවන්නේ නැතිව. ලංකාවේ විදුලි අය ක්‍රමය අනුව මෙහෙ දී යන විදියට ඉන්දන වියදම සොයා ලිපිය නොලිවුවේ ඇයි. \\\\

      A/L Physics සහ රුපියල් සම්බන්ධ උනේ කවදා ඉඳන්ද ...? :D

      ඔයා ඉස්සරහට මොනවා කියයිද දන්නේ නැහැ මේ යන විදිහට... :P


      රංග ඔයාට ඇත්තටම තේරෙන්නේ නැද්ද මන් මේ කරන්නේ ඔයාව මඩවන එක කියලා ...?

      Delete
    21. \\\\\ මහා ලොකුවට කථා කරන ඔබ දන්නේ නැහැ අඩු තරමින් ලංකාවේ විදුලි බල මණ්ඩලය නිවසට දෙන උපරිම ධාරාව වත්. \\\\\\\\\

      ඔයා දන්නේ නැහැ නේද ටෙස්ලා කාර් එක හැදුවේ ලංකාවේ නෙවේ කියලා....? ලංකාවේ චාර්ජින් ගැන නෙවේ මන් කියලා තියෙන්නේ.. ප්‍රංශයේ දෙවියනේ ප්‍රංශයේ.... :D


      \\\\පුලුවන්නම් අන්තර්ජාලය හරහා හරි කරුණු හරියට ඉගෙන ගන්න.\\\\

      ඔයා වගේද :)

      අපෝ ඒ ක්‍රමේ නම් අත්හදා බලන්න හොඳ නැහැ..හොඳම උදාහරණෙ ඔයා සහ මෙතන උන දේවල්... :D

      රංග මන් පැහැදිළි කිරීම් කරන්නේ නිහතමානීව ප්‍රශ්න අහන අයට විතරයි...

      මගෙන් මේ දැන් ඕනෙම කෙනෙක් නිහතමානීව ඔබ අහපු ප්‍රශ්න සියල්ල ඇහුවොත් මම එකින් එක උත්තර දෙනවා... ඒත් ඔබ වැනි කෙනෙක්ට උත්තර දෙන්නේ නැහැ...

      රංග රංග රංග... :(

      ඔය ඉන්න පොර මානසිකත්වයෙන් මිදෙන්න.. ඔයා ඔතන ඉන්නකම් දෙයක් හරියට ඉගෙන ගන්න බැහැ...



      (මගෙන් මේ දැන් ඕනෙම කෙනෙක් නිහතමානීව ඔබ අහපු ප්‍රශ්න සියල්ල ඇහුවොත් මම එකින් එක උත්තර දෙනවා... )

      Delete
    22. //A/L Physics සහ රුපියල් සම්බන්ධ උනේ කවදා ඉඳන්ද ...? :D// මිනිහෝ තර්ක කරනවා නම් බුද්දිමත් වෙන්න මම කියපු එකේ හරය තේරුම් ගන්නේ නැතිව පුංචි පහේ දරුවෙකුටත් වඩා බොළඳ වෙනවා. මිනිහෝ A/L

      Physics සමග විදුලි ඒකක සම්බන්දවෙනවා , විදුලි ඒකක සමග රුපියල සම්බන්ද වෙනවා. අන්තිමට ඔබ ගත්ත(හීනෙන්) කාරෙකේ විදුලියට යන වියදම සමග A/L Physics සම්බන්දවෙනවා. ඔබ A/L වත් හරියට ගොඩගියා නම්

      මෙහෙම අහන්නේ නැහැ.

      //රංග ඔයාට ඇත්තටම තේරෙන්නේ නැද්ද මන් මේ කරන්නේ ඔයාව මඩවන එක කියලා ...? // මීහරකා කුබුරක් හාන විට ඌ හිතන්නේ ත් ඌ විසින් දක්කන මිනිහා මඩවනවා කියලා තමයි.

      සහන් මම උබට මුලිනුත් කියුවා උපමා උපහැරණ නැතිව නියම තාක්ෂණික කරුණු කතා කරන්න කියලා. දැන්වත් පිළිගන්න ඔබ දාපු පින්තුර වල තිබුන චන්ද්‍රකාව ඇම්පියර් 200 ක් යොදා නොගන්නා බව. මනුස්සයෝ තාක්ෂනය නොදන්න මිනිස්සුන්ට

      මැජික් පෙන්වන්න එපා.

      //ඔයා දන්නේ නැහැ නේද ටෙස්ලා කාර් එක හැදුවේ ලංකාවේ නෙවේ කියලා....? ලංකාවේ චාර්ජින් ගැන නෙවේ මන් කියලා තියෙන්නේ.. ප්‍රංශයේ දෙවියනේ ප්‍රංශයේ.... :D// ඔබගේ මේ තර්කයත් බොළඳයි. තේරෙන්නේ නැත්ද යම් සමාගමක් යමක්

      නිපදවන විට තම මවු රටට විතරක් ගැලපෙන විදියටද හදන්නේ. ඔබ භාවිතා කරන පරිගණකයත් made in Sri Lanka ද? ඔබට තේරෙන්නේ නැහැ ප්‍රංශයේ ඇති වාහන chargine point එකකදී දෙන ඉක්මනට ආරෝපණය

      දෙන්න ප්‍රංශයේ ගෘහස්ත විදුලි සපයුමටත් බැරි බව. ඔබ බලපු සඟරා වල තිබුනේ නැද්ද ඒ ගැන?

      මම මෙහෙම අහපු එකට
      \\පුලුවන්නම් අන්තර්ජාලය හරහා හරි කරුණු හරියට ඉගෙන ගන්න.\\
      ඔබ දෙන පිළිතුර
      //ඔයා වගේද :) //
      ඔවු ඉතින් අපි හැමෝම අධ්‍යාපනික ආයතන වලින් කරුණු ඉගෙන ගත්ත ට ඒවා වැඩිදියුණු කරන්න නම් අන්තර්ජාලය සහ පොත්පත් ඕන නේ. එක ලජ්ජා වැඩක් නම් නිකන් ඉන්න.

      //මගෙන් මේ දැන් ඕනෙම කෙනෙක් නිහතමානීව ඔබ අහපු ප්‍රශ්න සියල්ල ඇහුවොත් මම එකින් එක උත්තර දෙනවා... ඒත් ඔබ වැනි කෙනෙක්ට උත්තර දෙන්නේ නැහැ...// මම ප්‍රශ්න අහන්නේ නිහතමානීව තමයි. මේ ගැටුමට මුල වූ ඇම්පියර් 200 ත් එහෙම

      අහපු දෙයක්. යාළුවා දන්නේ නැත්නම් හොයලා පිළිතුරු දෙන්න. ඔබ අර තාප පරිවර්තක ස්තරයේ පින්තුරය ගෙන්වපු මචං ට[ :) ] කියලා වැඩි විස්තර හෙවුවා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ. අඩු තරමින් කිලෝමීටර් 600 විතර උඩින් යන එකකට පොලව

      බලන්න කිලෝමීටර් 35000 ක් zoom කරන්න පුළුවන් කැමරා හයි කරන්න ඕනත් නැහැ නේ. ඔබ පෙන්වන විදියට ඔබ චන්ද්‍රිකා හදපු තැනක වැඩකරපු ඉංජිනේරුවෙක් ( පෙන විදියට නම් අතුගාන ඉංජිනේරුවෙක්) නේ එහෙම නම් ඔබ දන්නේ නැද්ද භූ

      ස්ථාවර චන්ද්‍රිකා වලින් earth observation(භූ නිරීක්ෂණ කටයුතු) සාමාන්යෙන් සිදු නොවන බව. ඔබට කවුරු ගරි කියනවා ඇහුනා කිලෝමීටර් 35000 ක් උඩින් යන චන්ද්‍රිකාවක් ගැන ඔබ උපකල්පනය කරා කැමරාව කිලෝමීටර්

      35000 ක් zoom කරන්න පුළුවන් කියලා. ඔබට අර මචං ගෙන් ඇහුවා නම් දැනගන්න තිබුනා.


      //ඔය ඉන්න පොර මානසිකත්වයෙන් මිදෙන්න.. ඔයා ඔතන ඉන්නකම් දෙයක් හරියට ඉගෙන ගන්න බැහැ...// එකනම් ඇත්ත ඕන කෙනෙකුට පේනවා නේ මම මුල්ම කමෙන්ට් එකේදී කියුවා මම මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නොවන බව මම දන්නේ නැහැ. ඔබ

      චන්ද්‍රිකා හදපු ඉන්ජිනේරුව කියපු නිසා නොදන්න දේවල් ඇහුවා. ඉති ඔබට මට දෙන්න පිළිතුරු නැටි වුනාම එක එක කථා කියලා මගහරිනවා. මට දැන් පේන විදියට ඔබ චන්ද්‍රිකා හදපු ඉන්ජිනේරුවෙක් කියුවට මේ ක්ෂේත්‍රයේන් පිටත ඉන්න සාමාන්‍ය දැනුම

      අනුව ගැටළු අහපු මටවත් දෙන්න ඔබේ දැනුම ප්‍රමාණවත් නොවන බවයි. එතකොට අපිට තීරණය කරන්න වෙනවා ඔබ කවුද කියලා. ඔබ හොඳ ලේඛකයෙක් විතරයි. මවුබිම, රිවිර වගේ ආයතනයකට සම්බන්ද වෙන්නේ ඔබ වගේ අය ඒවාට හොඳයි.

      //(මගෙන් මේ දැන් ඕනෙම කෙනෙක් නිහතමානීව ඔබ අහපු ප්‍රශ්න සියල්ල ඇහුවොත් මම එකින් එක උත්තර දෙනවා... )// යමෙක් ඔබේ ගුණ වයනවා නම්, ඇති දක්ෂ ඉංජිනේරුවෙක් කියා කියනවා නම් ඔහු නිහතමානී කෙනෙක්. යමෙක් අහන ප්‍රශ්නෙට ඔබ

      පිළිතුරු දන්නේ නැත්නම්. වැරදි පිළිතුරක් ඔබ දුන්නත් එය පිළිගන්න කෙනා ඔබට පෙන්නේ නිහතමානී කෙනෙක් විදියට. මම වගේ ඔබ දුන් පිළිතුර ගැන සෑහීමකට පත් නොවී තවත් අහන විට ඔබ පිළිතුරු නොදන්න විට අන්න ඔහු කුහක අනුන් විවේචනය

      කරන නිහතමානී නොවන කෙනෙක් කියලා ඔහොම පිළිතුර මගහරින්න ඔබ දක්ෂයි. නිහතමානී කියන දේ යටින් මම කියපු විදියට define කරලා තියන්න එතකොට එහෙම අය ප්‍රශ්න අහන්නේ නැහැනේ.

      Delete
    23. උඹ මගෙන් ඇහුවා නේද ටෙස්ලා කාර් එක මගේද කියලා ...? මන් කිව්වේ මොකක්ද කියලා මතකද ...?

      " අනේ මචන් මගේ නමින් මට බයිසිකලයක් වත් නැහැ " කියලා නේද ..? දැන් උඹ මේ මොනවද කියවන්නේ ...?



      රංග උඹම කියනවා උඹ මේවා ගැන දන්නේ නැහැ කියලා.. අන්තිමට උඹම කියනවා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා..ඊට පස්සේ උඹ පාඩමත් කරන්න එනවා ලැජ්ජා නැතිව...

      උඹ දැන් මට මේවට හරියටම හරියන උත්තර දීපන්.. උඹට ඕනේ උඹ පොර කියලා පෙන්නන්නනේ..

      01. කිලෝමීටර් 10000 සඳහා 1.4Ghz වලින් හදන ට්‍රාන්මීටරයක් සඳහා අවශ්‍ය බලය. ( දැන් කියන්න එපා ඒ ගාණට ට්‍රාන්ස්මීටර් නැහැ කියල )

      02. කිලෝමීටර් 10000 සඳහා 6.4Ghz වලින් හදන ට්‍රාන්මීටරයක් සඳහා අවශ්‍ය බලය. ( මොකද මට ඕනේ උඹ කොපි පේස්ට් කරලා පොන්න කතා කියන එක නැති කරන්න )

      03. 17 db වලින් @ 8Ghz වලින් එන සිග්නල් එකක් ගන්න කොච්චර ලොකු ඇන්ටෙනාවක් ඕනෙද ?

      ඔන්න ඕවට උත්තර දියන් උඹ පොර වගේ රඟන්න එනවා නම්.. ( මොකද ඕව නෙට් එකේ නැහැ උඹට කොපි පේස්ට් කරන්න.. )

      අනේ නිකන් පලයන් බන් යන්න උඹයි මායි දන්න ටෙලිකොම් .. එහෙන් මෙහෙන් ඇහිඳගෙන එන රෙද්දවල් මෙතන අත අරින්න එපා.. නොදන්න දෙයක් තියේ නම් අහපන් ලොකු ලයින් නොදා..

      තවත් කිච නොවී පලයන් බන්..

      උඹ මොනවා ඇහුවත් මම උඹට උත්තර දෙන්නේ නැහැ..මන් කිව්වනේ කළින්..හැබැයි උඹ අහපු ප්‍රශ්නම වෙන කෙනෙක් ඇහුවොත් ඕනෙම වෙලාවක උත්තර දෙනවා...ආයෙම ඉස්කෝලේ යන්න මල්ලි.. ඊට පස්සේ එන්න.. අහ්හ් තව දෙයක් ඉරිසියාව කියන්නේ හොඳ දෙයක් නෙවේ..උඹට තියෙන්නේ ඒක ...

      Delete
    24. සහන් ඔබට සිංහල තේරෙන්නේ නැහැ නේ. මම මුලින්ම කියලා මෙතනට උඩ තියෙන කමෙන්ට් එකෙත් කියපු ටික. මම telecommunication අංශයේ කෙනෙක් නොවේ නේ. මම ඇහුවේ මගේ සාමාන්‍ය දැනීම අනුව ඔබ කියපු දේවල් වල තියෙන පරස්පර දැක්ක නිසා. ඒ ගැටළු විසඳ ගන්න. එක නිසා මම කෙලින්ම කියනවා ඔබ අහපු දේට පිළිතුරු සොයන විදිය මම දන්නේ නැහැ කියලා නමුත් මට පුළුවන් අදාළ පොතපත ඇසුරෙන් කරුණු සොයලා අදාල ගණනයන් කරන්න නමුත්. මට ඒවා කරන්න අනවශ්‍යයි. මම ඔබ වගේ පොරත්වයෙන් පිම්බුණු කෙනෙක් නොවේ මම නොදන්නා දෙයක් දන්නේ නැහැ කියලා කියන්න.

      //උඹ මොනවා ඇහුවත් මම උඹට උත්තර දෙන්නේ නැහැ..මන් කිව්වනේ කළින්..හැබැයි උඹ අහපු ප්‍රශ්නම වෙන කෙනෙක් ඇහුවොත් ඕනෙම වෙලාවක උත්තර දෙනවා// ඔබ මගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී වෙන ලයින් වලට යනවා නම් මම ඔබ සමග මෙතනින් පසු කතාවක් නැහැ.

      දැන්වත් පිලිගනින් කරපු බොරුව. නොදන්නා දේවල් කියන්න යෑම. අර පින්තුරේ වල පෙන්වලා තියෙන Micro-satellite එකට තවත් සුර්ය කෝෂ සවිවෙන්නේ නැති බව සහ එය ඇම්පියර් 200 ක් පරිබෝජනය නොකරන බව. මෙයට කෙලින් පිළිතුරක් ඔබ දෙන්නේ නැත්නම්. ඔබ විසින් වැරදි තොරතුරු දුන් බව ඔබ පිළිගන්නේ නැත. එසේනම් මේ ගැන තවත් කථා කර පලක් නැත.

      ඔබට යමක් පෙන්වන විට ඔබ බලන්නේ පෙන්වන දෙය දෙස නොව ඇඟිල්ල දෙසයි. පෙන්වන දෙය දෙස බලන්න අහපු දේට පිළිතුරු දෙන්න. මෙහි මම කළුකර ඇති දෙය ඔබ පිලිනොගනීනම් තවත් කතා නැත.

      Delete
    25. ඔබ මට ස්කයිප් ඇමතුමක් ගන්න හැදු බව දැක්කා... නැවත මට ගන්න.... මම A-Z කියන්නම් ... හැබැයි මම අනිවාර්යයෙන්ම දැනට හදන් ඉන්න පෝස්ට් එක දානවා...

      කෝල් එකෙන් පස්සේ මේකටත් උත්තර ලියන්නම් ...

      Delete
  10. එළ ..එළ...දැනුම බෙදා දුන්නට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දිගටම වරෙන් කට්ටි පනින්නේ නැතුව....

      Delete
    2. මේ සංවාදය කදිමයි....ගහ මරා ගන්නෙ නැතුව ශිෂ්ඨ සම්පන්න ලෙස පැවතෙන විවාද තමයි අපි අගය කරන්නෙ....

      Delete
  11. මම ඉතාම ආශාවෙන් මුල සිට අගටම කියවලා මිත්තරයො තුන් හතර දෙනෙකුටම ලින්කුවත් යැව්වා...මේ ලිපිය එතරම්ම වටිනවා...අපේ භාෂාවෙන් චන්ද්‍රිකාවක් ගැන මෙතරම් විස්තරයක් ජීවිතේ පළමු වරට තමයි මම කියෙව්වෙ...අපේ කොඩිය ගහලා උඩ යවපු චන්ද්‍රිකාවට ලංකාවෙන් සල්ලි ගෙව්වෙ එහි බදේ සිරිලංකා කොඩිය පින්තාරු කරනවටද ? ඒක උඩ යවනකං මොර දුන්නා...දැන් සද්ධයක් නෑ...

    ලිපිය අග හරිය සංවේදීයි නේද...මේ මිනිස්සු දිවා රෑ නොබලා මේ වැඩ කරන්නෙ පොදු මිනිස් සංහතියේම ප්‍රයෝජනය වෙනුවෙන්...ඒත් ඒ අයගෙ ජීවිත ඇතුලෙ ප්‍රශ්න...කොහොමත් අපේ සමාජයේ දොස්තර කෙනෙකු තරම් ඉංජිනේරුවෙක් පිදුම් ලබන්නෙ නෑ නේද ? ඉංජිනේරුවොත් තාත්තලා වගේ තමයි...කරන සේවයට ලොකු උපහාර උත්සව නැති නිහඩ පිරිසක්...සහන්ට මෙවැනි වටිනා ලියිවිලි බොහොමයක් කරන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා...ඔබ දැන් ලංකාවෙන් පිටද ඉන්නෙ ?

    ReplyDelete
    Replies
    1. දාඩිය පෙරාගෙන..මොලේ වෙහෙසාගෙන...ඒත් ක්ලීන් සූට් නැති..දැක්කත් අඳුනන්න බැරි පිරිසක් තමා ඉන්ජො කියන්නෙ.විශේෂයෙන් ලංකාවෙ එහෙමයි.ගොඩක් වෙලාවට නිසි ඇගයීමක්, පිලිගැනීමක්,නම්බු නාමයක් හෝනොමැති...පිරිසක් තමා.

      Delete
    2. @ සිරා & වීයා

      ලින්ක් එක අනිත් අයටත් යවපු එක ගැන ස්තූතියි සිරා...මන් හිටියේ ඒ චන්ද්‍රිකාව කොඩිය ගැන පෝස්ට් එකක් දාන්න..ඒත් පස්සේ හිතුණා මොකටද කියලා.. ආතල් කඩන්න හොඳ නැහැ නෙව බේබි හාමුගේ...

      මේ වගේ තැන් වල වැඩ කරන අයගේ ජීවිත හරි කටුකයි බන්ස්.. ඔහේ පිස්සෝ වගේ ගණන් හද හද දවසම ගෙවනවා..කෑමක් බීමක් නැහැ ... ඔන්න ඔහොමයි ජීවිතේ...

      ඊට වඩා වටිනවා මචන් උඹලා අපි මේ ඉන්න විදිහ...

      Delete
    3. කොඩියෙ සීන් එකත් අනිවාර්යෙන්ම ලියන්න...

      Delete
  12. Replies
    1. සෙන්නා දැන් අම්බානට කම්මැලි වෙලා නේද ...?

      Delete
  13. හනෙ මන්ද සහන් උබ මොන විදියෙ මිනිහෙක්ද කියල.උබට ලොකු වටිනාකමක් තියෙන්න ඔන අනිවාර්යෙන්ම.සමහරවිට උබ ඉන්නෙ වැරදි කාලෙක වැරදි තැනක වෙන්න ඇති.මොනව උනත් බොහොම ස්තුතියි මචන් අපිට මහන්සිවෙලා දැනුම බෙදන එක ගැන.වෙලාවත් ඇතිනම් මෙ පැත්තෙ ඇවිත් මොනවහරි ලියල පලයන්

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ දමිත් මන් මේ ටිකේ ගෙදර ඉන්නේ..ඉතින් විවේක වෙලාවට එක එක දේවල් ගැන ලිව්වා..එච්චරයි... තව ටික කාලෙකින් මන් නිවාඩු ඉවර වෙලා ජොබ් එකට යන්න ඕනේ...

      හරි දමිත් මම එන්නම්.. ඒත් මන් බැලුවා මොකද මේ 6 , 4 ගැන කියව කියව යන්නේ කියලා.. බලද්දී ඒකනේ මේ බ්ලොග් එකේ නම....!

      Delete
  14. ඇත්තෙන්ම සහන් උඹ කවුද..????
    වෙලාවකට බයත් හිතෙනව..නොදැක්කත්,හමුනොවුනත්...අපිට පෑහෙන්න ඇහැකි එකෙක්ද..?

    "සෑම ලැබීමක් හමුවේම....අහිමි වීමකුත් තියෙනව..." සහතිකේටම.

    පෝස්‍ටුවට අදාල නොවුනත්....., දාල තියෙන සිංදු කොහොම හොයා ගන්න පුලුවන්ද..? එම්පී 3 විදියට...?මම ඉතාම ආසා ගීත.

    මට දැනුමක් නැහැ මේ දාල තියෙන විදියට සිංදුවක් දාන්න..මා ගාව තියෙන එම්පී 3 සිංදු මේවිදියට දාන්නපුලුවන්ද..?පැහැදිලි කරන්නපුලුවන්ද...නැත්නම් ඉගෙන ගන්න තැනක් කියනවද..?( ..පස්සෙවෙලාවක උනාට කමක් නෑ)


    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්නයක් නැහැ වීයා.. මේ ටිකේ මම ගෙදර ඉන්නේ ...ඉතින් විවේකය තියෙනවා...

      මචන් ඔය සින්දුව ගන්න ඕනේ නම් මෙන්න මේ ලින්ක් එක ඔබන්න.. ටාර් ගාලා ඒවි... මන් මේල් එකක් එවන්නම් මචන් සිංදුව දාන හැටි කියලා..මොකද ඒ කෝඩ් එක කමෙන්ට් එකක් විදිහට දාන්න ගියාම ( බැරි කමක් නැහැ ) විකෘති වෙනවා..

       ස්කයිප් ඉන්නවනම් මට කෝල් එකක් ගන්න...

      Delete
    2. මේ වගේ වටින පෝස්ට් එකක් අස්සෙ ....අහපු එකකරදරයක්ද මන්දා..?( කමෙන් වලින් වෙලා තියෙන පටලැවිලි හින්දා කිව්වෙ)
      ස්කයිප් එන්න විදියක් නෑ මචං මේදවස් වල.
      මේල් එකක් නිවාඩු පාඩුවේ දාන්න ..ස්තූතියි..!!

      Delete
    3. අපෝ ..! අර උඩින්ම මං කලින් අහපු වචන ටික(30වෙනිදා)ඉල්ලාඅස්කර ගන්නවා...!
      ඇනෝ කෙනෙක් එක්ක සෙන්නා තදවෙලා ඉන්නව දැක්කම හිතුනෙ.

      සිංදුව නම්කිව්ව වගේ පට ගාල ඩවුන්ලෝඩ් උනා ස්තූතියි සහන්..!

      Delete
  15. කාලය ඉකුත්වී සේවය සැපයීම අවසන් වන චන්ද්‍රිකාවලට මොකද වෙනනේ , මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ අනේ අටමෝ පරණ මැෂින් ආයේ හැදුවට චන්ද්‍රිකා හදන්නේ නැහැ ඔය මුහුදුවලට අතාරින්නෙ ඕනේ තරම් හි හි

      Delete
    2. බලාගෙන හිටහං එකක් ඔළුව උඩට කඩා වැටෙනකං.

      Delete
    3. සමහර සැට් වෙනත් කක්ෂයකට ගෙනියනවා.. සමහර ඒවා එතනම තියෙනවා. සමහර ඒවා පොළොවට එවනවා විනාශ කිරීම සඳහා ......( අභ්‍යවකාශයේ සිට පෘතුවියට කඩා වට්ටවනවා .. ගිණි බත් වෙලා යනවා..මතකද මීර් එකට කරපු දේ..මගේ සැටලයිට් ගැන පළමු පෝස්ට් එකේ ඔය ගැන මම ලිව්වා මචන්..පුළුවන් වෙලාවකට ඒක බලන්න )

      @ ඔමා

      අටම් කියනවා වගේ ඒවා විනාශ කිරීම ගැන නම් මමත් අකමැති.. ( ඉතා විශාල වාසියක් තියෙනවා..පුළුවන් නම් කියන්න )

      @ ප්‍රසා

      එහෙම වෙන වෙලාවලුත් තියෙනවා ...

      Delete
  16. දෙයියන්ගෙ නාමෙට උබ කව්ද සහන් ??? මොකද්ද උබේ රස්සාව ?? උබේ ෆීල්ඩ් එක ??
    තෝ නම් යකෙක් බන් . අම්මප යකෙක්.
    - පත්තර මල්ලි -

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලී, සහන් කියන්නෙ කවුද කියලා හොයන එක නවත්තහන්. ඊට පස්සෙ ඌ ලියන ඒවා විතරක් බලපන්. සිංහල බ්ලොග් අවකාෂයේ හුඟක් වලි වලට මුල ලේඛනයේ අන්තර්ගතය පැත්තකට දමා කරණ ඔය ප්‍රතිරූප හැදිල්ල.ප්‍රතිරූප පිම්බිල්ල..සහන්ට අවශ්‍යයි සැඟවී ඉන්න. ඒකනෙ ඌ අන්වර්ථ නමකින් ඉන්නෙ! ඉතින් ඇයි අපි උගෙ පෞද්ගලිකත්වය හොයලා ඌට වාතයක් වෙන්නෙ..

      ~~සෙන්නා

      Delete
    2. මම පිලිගන්නවා සෙන්නො උබගෙ කතාව සම්පූර්නයෙන්ම.. මම ඌව පුම්බන්ඉන හිතන් කිව්ව නෙමේ මචන්. මේ වගේ දැනුමක් එක්ක බොහොම සාමාන්‍ය විදිහට අපි එක්ක ඉන්න පුද්ගලය ගැන පුදුමයක් ඇති උන් නිසා ඇහුවෙ. මොකෝ එහෙම උන් මේකෙ අඩු නිසා..විශය කීපයක ඉහල දැනුමක් ලබන මේ මනුස්සය ඒකෙන් වැඩක් ( අපේ රටේ උන් නම් ගන් නෑ.මෙන්න කැට ) ගන් නැද්දෝ කියන සැකය ආව. ඒකයි ඇහුවෙ..නමුත් අවසාන ප්‍රතිපලය ඌව පිම්බෙන එක තමයි.ඔබ නිවැරදියි. ස්තූතියි නිවැරදි කලාට..පුද්ගලිකව ඌ මට පොරක් බන්. ඒක පුද්ගලිකයි.මම ගරු කලේ සහන්ගෙ දැනුමට සෙන්නො..
      -පත්තර මල්ලි -

      Delete
    3. @ පත්තර මල්ලි

      මන් ගැන කිව්වොත් එක එක අය එක එක විදිහට හිතන්න පුළුවන් මචන්.. මේ බ්ලොග් අවකාශයේ ඉන්නේ මහා අමුතු අය..මන් මේ බ්ලොග් ලෝකෙට ඇවිත් වසර 4 කට කිට්ටුයි.. ( බලන්න මගේ මේ ප්‍රොෆයිල් එක හැදුණු දිනය ) ඕනෙම දෙයක් වැරදියට යන්න පුළුවන් මචන්..ඒ නිසයි මම මෙහෙම ඉන්නේ.. ඔහේ ඉන්නවා ..මේක හරි පහසුයි...

      @ සෙන්නා

      උඹ මේක හරියට තේරුම් අරන් ඉන්න එක ගැන සතුටුයි..

      @ පතතරේ


      නැහැ මචන් මට තේරෙනවා උඹ ඔහොම කියන්නේ බොක්කේ ෆිට් එකට කියලා..ඒත් මචන් මේ ලෝකේ එක මොහොතෙන් මිනිස්සු වෙනස් වෙනවා.. දැන් බලපන් සරත් මහත්තයට වෙච්චි දේ.. ලෝකෙ හොඳම යුධ වීරයට දැන් මොකද වෙලා තියෙන්නේ...

      " පූජාසනයේ ඔබ හිඳුවා " කියන ගීතය තුළ මේ සත්‍ය තියෙනවා මචන්...


      උඹට මාව දකින්න ඕනේ නම් ස්කියිප් එකෙන් කෝල් එකක් ගන්න... මන් කතා කරන්නම්... ෆිට් තමයි..හැමදාම වරෙන් බ්ලොග් එකට... ( මේ අතින්ම උඹලා මටත් ගහයිද දවසක ..................? )

      Delete
    4. හැමෝම එක මිම්මෙන් මනින්න එපා සහන්..සෙන්න කිව්ව දේට මන් ඔලුව නමනවා. ඒත් බන් හොද එකාට කට පුරා හොදයි කියන්නත් එපාද මචෝ. මේ අතින්ම උබලා මටත් ගහයිද දවසක ?? උත්තරේ ඔව්. ආ‍යෙ බොරු කියන්නෙ මොකටද..ඕනෙනම් නයාගෙ ඔලුවෙන් අල්ලගනින් නැත්නම් වලිගෙන් අල්ලගනින්.යාලු ෆිට් එක සහෝදර කමට වඩා ලොකු ඒකෙන් අම්බානක ටොපි කාපු එකෙක් මන්.

      Delete
    5. ඉහත කොමෙන්ටුව දැමූ ඇනෝ මා වෙමි.
      -පත්තර මල්ලි -

      Delete
    6. කෝ මේ පත්තර මල්ලි..වරෙන් මචන් චැට් එකක් දාන්න...

      Delete
    7. ලොක්කා . පත්තර ලෝඩ් එකට අදින් නෑ බොස් . බයික්කෙ අන්ඩ්කම්ප්‍රෙශර් :-)
      -පත්තර මල්ලි -

      Delete
    8. මටත් මේ පෝස්ට් එක ලෝඩ් වෙන්නේ නැහැ.. ඒ නිසා මේකේ තියෙන සියලුම ප්‍රශ්න ටික අලුත් පෝස්ට් එකට ගෙනියන්න වෙනවා .... පිලිවෙලක් උන එක ගැන සතුටුයි ඇත්තටම ....

      Delete
  17. http://3.bp.blogspot.com/-DwuyzGLQj5g/Um_zBQUPNkI/AAAAAAAABkA/zMandQdS9gg/s1600/1+sat++48.JPG මෙම පින්තුරහි දර්පණය යන්න කාචය ලෙස වෙනස්විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔව් අවතල කාචය ලෙස

      Delete
  18. ඔබගේ පොස්ට් එක ගොඩක් කරුණු සහිතයි ඒ වගේම වැදගත් නමුත් මට ලොකු ගැටළු දෙකක් තියෙනවා
    1- සෙල්ෂියස් අංශක 340 ට ඍණ 50 අතර උෂ්නත්ම වෙනසකට ලක් වෙනවා නම් ඉලෙක්ටොනික උපාංග සාමාන්‍ය ඊයම් වලින් පාස්සා තැබුවොත් පවතින්නේ නැහැ නේද. මෙතන රුපයේ පෙන්නේ සාමාන්‍ය බවුත් එකකින් සාමාන්‍ය ඊයම් යොදා කරන soldering එකක් නේ.
    2- අර මුලින් අහපු ඇම්පියර් 200 කතාව.

    ඔය ගැටළු දෙක පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. 01 .. ඉතාම සරළයි.. හොඳින් බලන්න රංග මම බාහිර උෂ්ණත්වය කියලා ලියලා යටින් ඉරකුත් ගහලා තියෙනවා.. අභ්‍යන්තර උෂ්ණත්වය ගැන කිසිම දෙයක් කියලා නැහැ.

      ( මන් හිතන්නේ ගැටලුව ඉවරයි ) ( අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කරන්න ක්‍රම කීපයක් තියෙනවා විශාල චන්ද්‍රිකාවක. එකක් තමයි වායුසමනය කිරීම මගින් උෂ්ණත්වය පාලනය කිරීම. උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෙරමික් තහඩු යෙදීම වගේ දේවල්. පුංචි පහේ සැටලයිට් වලට උපයෝගී කරගන්න ක්‍රම නම් ආයතනික රහස් ) ( මන් නැවත උත්තර ලිව්වේ ප්‍රශ්නෙන් පැනලා ගියා කියල කියන්න පුළුවන් නිසා )


      02. රංග උඩු ගුවනට ගියාට පස්සේ නියමිත අයුරින් ස්ථානගත වෙනවා සැට් එක.. ඊට පස්සෙයි සම්පූර්ණ සූර්ය කෝෂ පද්ධතිය දිග හැරෙන්නේ . එවිටයි මම කියපු මුළු ධාරිතාවය එන්නේ. එතෙක් අවශ්‍ය කරන විදුලිය ලබා ගැනීම සඳහායි ඔබ දැනට දුටු සූර්යකෝෂ පද්ධතිය තියෙන්නේ...

      Delete
    2. 1-ස්තුතියි සහන් module පිටින් සීතල සහ රත් කරලා performance පරීක්ෂා කරන විට මම හිතුවා ඇතුලත උෂ්ණත්වය වුනත් 250 C වත් වෙනවා කියලා. ඒවගේම චන්ද්‍රිකාවකට භාහිරින් තාපය ලැබෙන එකම ක්‍රමය වන විකිරණ තාපය අවශෝෂණය අඩු කිරීමට පිටත පුෂ්ඨය දිලිසෙන පරිදි සකස්කරනවා නේද.

      2-ඔබ පෙන්නපු තරමේ SDS4 වැනි කුඩා cubic චන්ද්‍රිකා වල ලොකු සුර්යකෝෂ පද්දතියක් නැති නිසා ඇහුවේ.

      Delete
    3. ආ මේ තියෙන්නෙ උත්තර...

      Delete
    4. 01. [im]http://2.bp.blogspot.com/-YzvrBXG3zHw/UnH4D73B5LI/AAAAAAAABoU/ZNferR3H6x0/s1600/2+sat++4.JPG[/im] ෆයර් ෆොක්ස් වලින් මේක බලන්න .. මේ තියෙන්නේ චන්ද්‍රිකාව ආවරණය කරන්න ගන්න ද්‍රව්‍ය.. මේවා ආයතනයෙන් ආයතනයට වෙනස් ක්‍රම වලට හදන්නේ..

      02. ඔබ නොදුටු දේ බොහෝයි කියන්න තමයි වෙන්නේ රංග ආයෙම..කිසිම සමාගමක් මුළු සැලසුමම පිට කරන්නේ නැහැ..

      @ විදුර

      දැන් මම දාපු ෆොටෝ එක ගූගල් ඉමේජ් වල හොයලා හම්බුණේ නැති උනොත් එහෙම හිත කලබල කරගන්න එපා.. ඔය ෆොටෝ මම කෝල් එකක් දීලා දැන් ගත්තේ " මචන් පොටෝ දෙකක් ගහලා එවපන් කියලා "

      Delete

    5. සෑහෙන්න සංකීර්ණයි සහන් මට තේරුනා මදි ,,
      ආවරණය කරන ද්‍රව්‍ය කිව්වේ , මොකක් හරි සුපිරි මට්ටමේ තාප පරිවාරකයක් ද?

      Delete
    6. බොහොම ස්තුතියි මෙවැනි රුපයක් දැම්මට. රත්රන් වලින් හදපු තුනී පටලයක්ද?

      අර මුලින් අහපු ඇම්පියර් 200 කතාව.ට පිළිතුර මම උඩ තැනක ලියා ඇත.

      Delete
    7. නෙට් එකේ මේ ගැන තිබ්බේ නැහැ නේද ...? ( හොයලා කිව්වට වැඩක් නැහැ )

      Delete
  19. ශාන් ගෙන් ඉස්සරහට අපිට දැන ගන්න ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙයි වගේ.. වටිනා විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්... ඔයාගේ බ්ලොග් එක මගේ රෝල්ට දාගන්න විදිහක් නැහැ 300 පැනලා නිසා... ඉන්නකෝ වෙන එකක් මකලා ඔයාගේ එක දාන්නම්... මන් දන්නවා මකන්න ඕනේ බ්ලොග් එක කාගේද කියලා.. :P

      කතන්දරයගේ එක මකන්න ඕනේ... :D

      Delete
  20. මේක කියෙව්වේ දෙපාරකට සහන්. ඊයේ රෑ සහා දැන් නින්දෙන් ඇහැරුණ ගමන්. මම ලෙන්ස් එක හදන විදිය දැක්ක නැෂනල් ජෝග්‍රෆික් එකේ. උඹ තද වෙන පොරක් වුණාට මේ වගේ ලිපියක් සම්පාදනය කරන්න ගියාම තියෙන සංයමය අගේ කරනවා. ඉතිං මේ මම ආසම කරන වර්ගයේ ලිපියක්. මොකද මම නිතරම ඩිස්කවරි එකේ යන How do they do it කියන වැඩසටහන බලන නිසා. මෙවැනි ලිපි බොහොමයක් ලියන්න ශක්තිය දෛර්යය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අවන්කවම මම හිතුවේ නම සුදීක මේවට ආස කෙනෙක් කියලා..කලින් කියන්න එපැයි සුදීක... කිව්වා නම් මීට කලින් අපි දෙන්නා සෙට් වෙලා නෙව.... ඩිස්කවරි වැඩසටහන් වල මේ ලෝකේ තියෙන හොඳම දේවල් පෙන්නනවා..

      කණගාටුයි කියන්න SLRC එකේ පහත් මිනිස්සු නිසා අපිට ලොකු විප්ලවයක් කරන්න තිබුන අවස්ථාවක් මග හැරුණා .... ( මන් පස්සේ දවසක කියන්නම් කතාව.. මැතිනි ගැන කිව්වා වගේ කතාවක් ඒක )

      Delete
  21. මේ පලවෙනි වතාව ,කියෙව්වේ නෑ , ෆොටො ඔක්කොම බැලුවා ,බැලුවේ ඒ ෆොටෝවල සහන ඉන්නවද කියලා බලන්න. දැනුයි කියවන්න පටන් ගත්තේ .කියවලා ඉවරවෙලා කොමෙන්ටුවක් දාන්නං

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ ඉවාන් මන් නැහැ මේවගේ.. හිටියත් මම නම් පොටෝ දාගන්නේ නැහැ.. ( හැබැයි මේ බ්ලොග් එකේ තැන් කීපයක මගේ පිංතූර සඟවා තියෙනවා.. කීප දෙනෙක් මාව දැකලා තියෙනවා... මෙතනත් එක්කෙනෙක් ඉන්නවා..තව දෙන්නෙක් එන්න ඉන්නවා )

      රය්ටි හෙමීට කියවන්න.........

      Delete
  22. මේකට නම් කමෙන්ට් එකක් නොදැම්මොත් මට මගේ හිතෙන් නිදහස් වෙන්න බැහැ. පළමුව ඔබේ උත්සහයට මගේ ප්‍රණාමය. මට නම් අද තමයි යමක් පැහැදිලි වුනේ මේ දේවල්. ඒ ඔබට පිංසිද්ධ වෙන්න. ඔබ සැබෑ දක්ෂයෙක්. මම වගේ භෞතික විද්‍යාවේ දුර්වල අයෙක්ටත් එක පාරින් තේරුම යන්න තරම් සරලව මේ ලිවීමේ හැකියාව නම් පුදුමම දක්ෂ කමක්. කවදත් සහන් වෙනුවෙන්, මගේ තිබෙන ලෙන්ගතුකම නැවැත පිළිගන්න. ස්තුතියි කියලා මේ ලිපියේ වටිනාකම නැති කරන්න මම අකමැතියි. මේ වගේ ලිපි කොච්චර ලිව්වත් මදි සහන්. අපි වෙනුවෙන් දිගට මෙවැනි දේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙද මහත්තයෝ බොහොමත්ම... ඔබේ වචන ලොකු හයියක්... මම පෝස්ට් දාන රටාව ඔබ හොඳින්ම තේරුම් අරන් ඉන්නේ..ඉතින් දැක්ක හැටියේ ඔබට තේරුම් යනවා මන් කියන දේ..

      ඒක නේද වෙන්නත් ඕනේ ....?

      නැත්නම් " අනේ සහන් මට මේවා බර වැඩියි.. මන් මේවා ගැන උනන්දු කෙනෙක් නෙවේ " කියලා හැරිලා යාමද වෙන්න ඕනේ ...?

      මන් මේ කරන්නේ සරළව දේවල් ගැන ලියා තැබීම මට පුළුවන් විදිහට... එහෙම නැතුව බර බර සමීකරණ පෙන්නලා ෂෝ ගහන එක නෙවේ.( අනිත් එක සහන් කියල කෙනෙක් නැහැනේ මේ ලෝකේ ). බලන්න ඔබ ඒ දෙයින් හරියටම පලය නෙලා ගන්න හැටි...ඇත්තටම සතුටුයි...

      මේ ලෝකේ විද්‍යාව කියන දේ යටපත් උනේ බොරු පඩ ෂෝ කාරයෝ නිසා.. ඒ අයට ඕනේ මැජික් පෙන්නන්න...මට ඕනේ මැජික් පෙන්වන්න නෙවේ විශය කරුණු කියාදෙන්න විතරයි...

      වෙනස ඕකයි... දිගටම එන්න.. ඉතාම කණගාටු වෙනවා පිළිතුරු පමා වීම ගැන...:(

      Delete
  23. ලෝකය පසෙකින් තබා ඉගිලෙන්න ඔබට කෙදිනක හෝ ලැබේවා. එදාට ඔබ අපිට තරුවක් වේවි!!!

    ReplyDelete
    Replies
    1. දෙන්නටම බොහොම පිං අවංක වචන වලට .... මට ඕනේ මගේම කියලා නෝනෙක් එක්ක මගේම කියලා පුංචි පැටව් ටිකක් එක්ක ඉන්න විතරයි ...:(

      ලොකු හීන නම් නැහැ ...:(

      Delete
  24. සහන් මිත්‍රයා. මා හැමදාමත් කී පරිදි ඔබ විශ්මිත් පුද්ගලයෙක්. "ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට සහන් දායක වුනේ නැද්ද? ඒ කියන්නේ අපේ රෝහිත බේබි සහන්ටත් වඩා දන්නවා ....හැක හැක ..ඔන්න ඔය වෙලාවට තමයි සහන් මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන්නේ , මුන් හිතන් ඉන්නේ මිනිස්සු කියන්නේ හරක් කියලා. හැබැයි අපේ මිනිස්සු හැසිරෙන හැටියට එහම නෙවෙයි කියන්නත් බෑ"

    මගේ විෂය පථය මේක නෙවෙයි ,එක නිසා මම අධි තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි කියෙව්වේ නෑ , එත් "එදිනෙදා ජීවිතය" බ්ලොගය කියවන්න පටන් ගත්තම එක වෙනස් වුනා. අධි තාක්ෂණික කරුණු ඉතාම් සරලව සහන් කියාදෙන ආකාරය නිසා අද වනවිට මා ඉතාම ආසාවෙන් සහන ගේ පොස්ට් කියවනවා.

    කියන්න ඕන අනෙක් කාරණය තමයි මේ පොස්ටුව වෙන කෙනෙක් ලිව්වානම් කියවන්න තියා බලන්න වත් හිතෙන්නේ නෑ . මොකද මෙවැනි කරුණු ලියන පුද්ගලයන් ලියන්නේ වෙන අයට තේරුම් ගන්න නෙවෙයි. පුළුවන් තරම් නොතේරෙන්න .

    දැන් ලංකාවේ පිහිටුවන්න හදන අභ්‍යවකාශ මධ්‍යස්ථානය මොනවගේ එකක්ද ? අක්කර විසිපහක් එකට වෙන් කරා කියලා මම දැක්කා . අක්කර විසිපහක් වගේ භූමියක ඔය වගේ දෙයක් කරන්න පුලුවන්ද ? ඔය කියන මිල ගණන් යටතේ අපිට අවශ්‍ය පුද්ගලයන් ලබාගන්න පුලුවන්ද? මෙහි එන ඇතැම් උපාංග ලබාගැනීමේ අවසරය හා හැකියාව අපිට තියෙනවද? අපි චන්ද්‍රිකාවක් උඩුගුවනට යවනවානම් අපේ මූලික අරමුණ වියයුත්තේ කුමක්ද?

    ReplyDelete
    Replies


    1. ප්‍රශ්නය :- ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )October 31, 2013 at 9:41:00 AM GMT+5:30

      සහන් මිත්‍රයා. මා හැමදාමත් කී පරිදි ඔබ විශ්මිත් පුද්ගලයෙක්. "ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට සහන් දායක වුනේ නැද්ද? ඒ කියන්නේ අපේ රෝහිත බේබි සහන්ටත් වඩා දන්නවා ....හැක හැක ..ඔන්න ඔය වෙලාවට තමයි සහන් මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන්නේ , මුන් හිතන් ඉන්නේ මිනිස්සු කියන්නේ හරක් කියලා. හැබැයි අපේ මිනිස්සු හැසිරෙන හැටියට එහම නෙවෙයි කියන්නත් බෑ"

      මගේ විෂය පථය මේක නෙවෙයි ,එක නිසා මම අධි තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි කියෙව්වේ නෑ , එත් "එදිනෙදා ජීවිතය" බ්ලොගය කියවන්න පටන් ගත්තම එක වෙනස් වුනා. අධි තාක්ෂණික කරුණු ඉතාම් සරලව සහන් කියාදෙන ආකාරය නිසා අද වනවිට මා ඉතාම ආසාවෙන් සහන ගේ පොස්ට් කියවනවා.

      කියන්න ඕන අනෙක් කාරණය තමයි මේ පොස්ටුව වෙන කෙනෙක් ලිව්වානම් කියවන්න තියා බලන්න වත් හිතෙන්නේ නෑ . මොකද මෙවැනි කරුණු ලියන පුද්ගලයන් ලියන්නේ වෙන අයට තේරුම් ගන්න නෙවෙයි. පුළුවන් තරම් නොතේරෙන්න .

      දැන් ලංකාවේ පිහිටුවන්න හදන අභ්‍යවකාශ මධ්‍යස්ථානය මොනවගේ එකක්ද ? අක්කර විසිපහක් එකට වෙන් කරා කියලා මම දැක්කා . අක්කර විසිපහක් වගේ භූමියක ඔය වගේ දෙයක් කරන්න පුලුවන්ද ? ඔය කියන මිල ගණන් යටතේ අපිට අවශ්‍ය පුද්ගලයන් ලබාගන්න පුලුවන්ද? මෙහි එන ඇතැම් උපාංග ලබාගැනීමේ අවසරය හා හැකියාව අපිට තියෙනවද? අපි චන්ද්‍රිකාවක් උඩුගුවනට යවනවානම් අපේ මූලික අරමුණ වියයුත්තේ කුමක්ද?


      පිළිතුර :- මම සිතාමතා ඒ අයගේ වැඩපිළිවෙලට පහර ගැහුවේ නැහැ ඉවාන්..ඒත් ඉතින් මම වෙලා තියෙන දේ කියන්නම්.. ඊට පස්සේ ඔයාට ඔයිට වැඩිය ආවේගයක් ඒවි මේ අයගේ හෙළුව දැක්කම...


      ස්තූතියි ඉවාන්..මගේ අරමුණත් ඒකමයි. තාක්ෂණයට කැමති නැති අයත් ඩිංගක් එබිලා බලන විදිහටයි මම පෝස්ට් හැදුවේ.. ඉවානුත් ඒ වගේ කෙනෙක්.. අපේ සිරා කොලුවා එහෙමත් බැහැලම සපෝර්ට් එක දෙනවා එදා ඉඳන්.. :)


      අනිවා ඉවාන් මේවා මැජික් නොකර කියා දෙන එකයි අපි කරන්න ඕනේ. ඔයා දන්නවද මට මගේම අය පවා මේවා ගැන අකුරක් කියා දුන්නේ නැහැ ඉස්සර.. පුළුවන් තරම් කපන්නමයි බැලුවේ.. ඒ දුක මන් හොඳටම දන්නවා...

      \\\\\අක්කර විසිපහක් වගේ භූමියක ඔය වගේ දෙයක් කරන්න පුලුවන්ද ? ඔය කියන මිල ගණන් යටතේ අපිට අවශ්‍ය පුද්ගලයන් ලබාගන්න පුලුවන්ද? මෙහි එන ඇතැම් උපාංග ලබාගැනීමේ අවසරය හා හැකියාව අපිට තියෙනවද?\\\\


      ලංකාවේ හදන එක ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට කියන්න තියෙන එකම දේ තමයි මේවා මැජික් නෙවේ. මේවා ඉතාම සරළව කරන්න පුළුවන්. ( ලෝන්ච් කරන ඒවා ඇර ) රුපියල් බිලියන ගණන් ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ හොඳ ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියෙන මිනිස්සු ටිකක් විතරයි. ඒ වගේම මේ සියල්ල තනි කරෙන් ඇදගෙන යන්න පුළුවන් පරිපාලනය ගැන ප්‍රවීණයෙක් ඕනේ.

      ලැබ් හදන්නත් ප්‍රකෝටිගණන් ඕනේ නැහැ. ලක්ෂ 9000 විතර යද්දී ( අපේ තරමට ) හොඳම හොඳ ලැබ් එකක් හදන්න පුළුවන්( යටි මඩි ගැහුවේ නැත්නම් ) . චන්ද්‍රිකා හදන්න ඕනේ නැහැ , අඩුම තරමේ පුහුණුවක් දෙන්න හරි හොඳම හොඳ විද්‍යාගාරයක් හදන්න . ඒ හොඳටම ඇති.. ( මගේ ඉදිරි පෝස්ට් වලදී මන් තව විස්තර කරන්නම් )



      \\\\අපි චන්ද්‍රිකාවක් උඩුගුවනට යවනවානම් අපේ මූලික අරමුණ වියයුත්තේ කුමක්ද?\\\


      ශ්‍රී ලංකාව සඳහා වාණිජ චන්ද්‍රිකාවක් අපට තවම ඕනේ නැහැ ( ඉදිරි වසර 50 ට වත් ) . කිලෝමීටර් 1000 ක් වත් දිග පළල නැති අපේ රටට අපේම කියලා චන්ද්‍රිකා ඕනේ නැහැ. ඒ මුදලින් කරන්න තව වැඩ තියෙනවා .. මන් මේ සියල්ල ගැන ඉදිරියේලියන්නම්... බ්ලොග් එක වහලා මට ගෙදර යන්න වේවිද දන්නේ නැහැ ඒවා ලිව්වට පස්සේ...

      Delete
  25. සෑහෙන්ඩ වටින ලිපියක්...
    චන්ද්‍රිකා තාක්ෂණය ගැන කිව්වහම මට මුලින්ම මතක් උනේ කඹරු ඉකෙයාව.. සහන්ට මතකද ? පහේ පංතියේ සිංහල පොතේ උන්නේ

    ReplyDelete
    Replies
    1. අම්බෝ මේ පෝස්ට් එකේ මාතෘකාවේ දිග... තනිකරම ඡේදයක් වගේ :)

      Delete
    2. මචන් මධු කඹරු ඉකෙයාව අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න වෙනවා.. මේ බලපන් මන් ලිව්ව පෝස්ට් එක එතුමා ගැන.. එතන අපේ සෙට් එකම ඉන්නවා සයුරිලා හිරුලා පැතුමලා සරත් චන්ද්‍රසිරි අය්යා එහෙම..උඹත් සෙට් වෙයන් එතනට..මෙන්න ලින්ක් එක....කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero. අහ්හ් අපේ වයස් ටිකත් අතේ මාට්ටු උනේ ඒ පෝස්ට් එකෙන්... :P

      මේ තියෙන්නේ මම ඒකට ලියපු ප.ලි. කොටස ...

      ඉස්සර සිංහල පොතේ හිටපු කඔරු ඉකෙයා නිසා සයිලන්ට් සහනුත් පුංචි කලේ ඉඳන් ඕව පස්සෙමයි ගියේ. මමත් පුංචි කාලේදී ඕව ගැන අහන්න කෙනෙක් නැතුව ඔහේ හිටියා.සමහර දාට තනියම ඕනේ තරම් අඬලත් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් නොදන්න දෙයක් නම් කියල දීල නැහැ...!dnd.

      එදා මම සිංහල පොතෙන් කියවපු ඒ ලස්සන කතාවේ තිබ්බ ධූමකේතුව කියන්නේ මොකක්ද කියලවත් මට තේරුම් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් අද මම දන්නවා ඉකෙයා-සෙකි මේ විශ්වයේ ඉන්නේ කොතනද කියල එක විනාඩි 15න් හොයන්න.

      කවමදාවත් කුහක වැඩ නම් ඉගෙන ගන්න පුංචි උන්ට කරන්න එපා .. කරත් කමක් නැහැ උන්ව නවත්තන්න ඒ 2.50 වැඩ වලට බැහැ ..!

      Delete
  26. niyama wadagath vistara dana gatta. thanks aiye. thawa liyanna deegau wewa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් මල්ලි .... දිගටම එන්න .....

      Delete
  27. මාරයි.. ඔක්කොටම වැඩිය ෆොටෝ ටික වටිනවා. ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  28. හැමදාමත් වගේ නියම විස්තරයක් සහන්. ඇත්තටම මේ වගේ සංකීර්ණ දෙයක් හදන්න ඒ මිනිස්සු කොච්චර කැපවීමක් කරනව ඇද්ද. මයිල් ගහක් වැටුණත් ඔක්කොම ඉවරයිනෙ. ඒ වගේම මේ ව‍ගේ ලිපියක් සකස් කරන්න ඔබත් සෑහෙන්න මහන්සි වෙලා තියෙනව.

    ReplyDelete
  29. සහන් අයියෙ , මම හිතාන හිටපු දේවල් ගොඩක් වෙනස් වුනා මේක කියෙව්වහම ,,,
    මේක සුපිරි පෝස්ට් එකක් ,
    ඔබට ස්තුතියි ...

    තව දෙයක් , මම නං හීනෙකින් වත් ලබන ආත්මේ හරි මේව හදන කොම්පැනියක වැඩ කරන්න ප්‍රර්ථනා කොරන්නේ නැහැ ...
    මම නං කැමති පාඩුවේ නිදහසේ ඉන්න , මම හිතන්නෙ මිලියනේක සැලරියකට වඩා මගෙ නිදහස වටිනව..
    හැබැයි පුතෝ වැරදියට හිතන්න නං එපා , දැන් ඉතින් කාට හරි උපකල්පනය කරන්න පුළුවන් (එහෙම වෙන්නත් පුළුවන්) සහන් මේ වගේ ආයතනයක ඉංජිනේරුවෙක් කියල.. හදිස්සියෙවත් එහෙම වුනොත් (ඒක සහන්ගේ හිතනේ දන්නෙ) මම වැරද්දක් කිව්වා කියල හිතනව එහෙමනෙවේ හරි??...

    ReplyDelete
    Replies
    1. මම එහෙම කෙනෙක් නෙවේ විදුර.. කවදාවත් එහෙම හිතන්න එපා...මම සාමාන්‍ය කෙනෙක්...

      Delete
  30. එකදිගටම දෙපාරක් කියෙව්වා. කියවන්න කැමති යාලුවො අතරත් ශෙයාර් කලා.

    ස්තූතියි සහන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇල්බන්... මේ ගැන තව පෝස්ට් කීපයක් වැටෙයි ඉදිරියෙදි ... ඒවා බැලුවම තේරෙයි අපි අවට වෙන දේවල් හරියටම ...........

      Delete
  31. උඹ දන්නවානෙ සහන් මට මේව ලෙබ්බෙට මන්තර වගේ කියල ඒත් ලෙබ්බෙටත් මන්තර තේරෙන විදිහට ලියන එකනම් අපුරුයි ; මට කියන්න චන්ද්‍රිකාවකින් දත්ත සම්ප්‍රේෂණය කරන්න විශාල බලයක් සහිත සම්ප්‍රේෂණ පද්දතියක් අවශ ඇතිනෙ, කොහොමද පෘතුවියට දත්ත ලබා දෙන විදිහ.

    ReplyDelete
  32. සහන්, අභ්‍යවකාශ කසළ (සිංහලෙන් අර space junk කියන්නේ ) වලින් උඩට යවන රොකට්ටුව සහ කක්ෂයේ රැදෙව්වාට පසු මේකාව ඒවායින් බේරා ගන්නේ කොහොමද?
    අලුත් කරුණු ටිකක් දැනගත්තා ඒ ඔක්කොමත් හරි මේ කතාවත් හරි //සෑම ලැබීමක් වෙනුවෙන්ම අහිමි වීමක් තියෙනවා

    ReplyDelete
  33. මම මොනවා කියන්නද කියල මේ කල්පනා කරන්නේ.... නියමයි.. පට්ට කියල දාල යන්න හිතෙන්නේ නෑ.. එකම දේ සහන් ඔයා කවුරු වුනත් .. මොනවා කරත් ඒක වැදගත් නෑ.. ඔයා දන්නා මේ දේවල් අපිත් එක්ක හැමදාම බෙදා ගන්න ඉන්න ඕනේ .. ඒ කියන්නේ ඔය අහක යන කුණු පටලව ගන්නේ නැතුව (ඉඳල හිටලා ආතල් එකට වලියක් දාගෙන ).. ෆන් එකේ ජිවත් වෙමු කියලයි මම නම් කියන්නේ.. සෞඛ්‍ය ගැන නම් ඇත්තටම සැලකිලිමත් වෙලා නාකි වෙනකම් ආතල් එකේ ඉමු..

    හැබැයි අර දුරබලන කන් අඩිය හෙට අනිද්දට දැම්මේ නැත්නම් ඔන්න මම නොකියුවයි කියන්න එපා... යවනවා උඩ.. :)

    ReplyDelete
  34. සහන් විද්‍යාව මේ තරම් දියුණු වෙන කොට දැනුම තියෙන මිනිස්සු ඒ කියන්නේ මේවා මැජික් නොවන බව දන්න ගහනය වැඩි වෙනවද? අඩු වෙනවද?

    ReplyDelete
    Replies
    1. යාලුවා මන් මෙහෙම කියන්නම් ..ඔබට ඇතැම් සංවාද දකිද්දී අහිතක් හිතෙන්න ඇති..ඒකයි මේ වගේ දෙයක් අහලා ඇත්තේ.. මම කරුණු එකින් එක පෙළගස්වන්නම් හොඳද ...

      01. යමක් පැහැදිළි කරගෙන කරගෙන ඉදිරියට යන්න නම් හොඳ පටන් ගැන්මක් ගන්න වෙනවා..

      02. පටන් ගද්දිම බර බර ගණන් සමීකරණ දාන්න ගියොත් බොහෝ දෙනාට එපා වෙන්න පුළුවන්..

      03. ඔන්න ඔය හේතු නිසා මුල් පැහැදිළි කිරීම කරන්නේ බොහොම පොඩියට ..

      04. බොහොම පොඩියට මුල ටික කියන් එද්දී අපේ ඉංජිනේරු මහත්තුරු ටිකට ඉන්න බැහැ බැහැ වගේ වෙනවා.. " ඕක මෙහෙමයි අරහෙමයි " කියනවා..

      05. ඉංජිනේරු මහත්තුරුන්ට උත්තර දෙන්න ගියාම බලන් ඉන්න අයට හිතෙන්නේ මේවා මැජික් වගේ.

      මට ඕනේ යාලුවා මේ වගේ දෙයක් හදන හැටි පියවරෙන් පියවර කියලා දෙන්න මිසක් එක පාරට විකාර සමීකරණ ටිකක් දාලා වැඩේ අවුල් ජාලාවක් කරන්න නෙවේ.. මගේ වෙනස ඒකයි.. මාව අඳුන ගත්ත අයට විතරයි මා එක්ක ඉස්සරහට යන්න පුළුවන් ... අනිත් අය මගින් නවතිනවා..

      බලන්න උඩ වැටිලා තියෙන වෙද මහත්තයගේ කමෙන්ට් එක.. මන් මෙතන බොරුවට ගණන් සමීකරණ දාලා විකාරයක් කරා නම් ඔහුට අඩුම තරමේ මේ පෝස්ට් එක ස්ක්‍රෝල් කරන් පහළට වත් එන්න හිතෙනවද ...? මන් තව අදියර කීපෙකින් පස්සේ සමීකරණ ගැන කිව්වත් දැන් ඔහු ඒවි ; මොකද ඔහුට ආසාවක් ඇති වෙලා තියෙනවා තව තව ඉගෙන ගන්න...

      ඉවාන්ගේ කමෙන්ට් එක තුළ තියෙන්නේ මන් කියපු දේට උදාහරණ... ඉවාන් කියන්නෙත් ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්.. එහෙම වෙලත් ඔහු කියපු දේ බලන්න නිහතමානීව.. අපේ සිරා කොලුවා , මැලේ රාළ ඇතුළු බොහෝ අය සාක්කි දේවි මන් කියන දේට..

      මට පොඩ්ඩක් වත් ඕනේ නැහැ මේවා මැජික් කරන්න.. මම මේවා තේරුම් කරන විදිහ විතරයි වෙනස්...

      ( හැබැයි මම උත්තර බඳින්නේ නිහතමානීව ප්‍රශ්න කරන අයට විතරයි යාළුවා )

      Delete
    2. මට මේ පෝස්ට් එක ලෝඩ් වෙන්නේ නෑ ..ලොකු වැඩි මගේ කම්පියුටර් එකට...මගේ කමෙන්ට් වෙන කෙනෙක් හරහා තමයි දාන්න වෙන්නේ බොහෝ විට ...

      Delete
    3. සහන් ගැටළුවක් ආවා අර ඇම්පියර් 200 නිසා එක ඔබෙන් ඇහුවා මට ඕන පිළිතුර අවේ නැහැ මම ටිකක් පැහැදිලි කරලා ඇහුවා මට ඕන දේ අවේ නැහැ. ඔබ කියපු නිසා මේක //මෙතන තියෙන සැටලයිට් එක තාම අභ්‍යාවකාශගත කරලා නැහැ 2013 ඔක්තෝබර් වන විටත්. තවත් මාස කීපයකින් මේක ගුවනට යවනවා.// කියලා එක අනුව මම හොයාගෙන ගියා. මෙයට සර්වසම එකක් ලැබුනා. නමුත් කරුණු ඔබ කියපු මම අහපු මම බලාපොරොත්තුවූ පිළිගතහැකි පිළිතුර එතන තිබුනා එක ඔබෙන් ඇහුවා එය වැරදිද. මෙය ඉන්ටර්නෙට් වීර් වැඩක්ද? ඉන්ටර්නෙට් එකේ තියෙන සමහර තොරතුරු වැරදියි නමුත් අපි දැනගන්න ඕන සැබෑව අඳුනා ගන්න. මම යමක් යම් තැන තිබුන පමණින් පිළිගන්නේ නැහැ මගේ සිත මගින් තර්ක කරලා බලලා තමයි බාර ගන්නේ. එතනදී මට වරදින්න පුළුවන් මම සියල්ල දත් නොවෙයි නේ. මම බලාපොරොත්තු වෙන්නේ යම් සංවාදයක් හරහා නිවැරදි අවබෝධය.

      Delete
  35. මට එක පින්තූරයක් පේන්නෙත් නෑ...මොකද මන්දා...(මේ ඔක්කොම කරන්නේ මිනිස් මොළය කියලා හිතෙද්දී පුදුමත් හිතෙනවා)

    අම්මෝ...........මේ ඉන්ජිනේරුවෝ පව් කියලා හිතෙනවා...අපි කොච්චර විනෝදෙන් ඉන්න ට්‍රයි කරනවද...ඒත් මේ අයට එයාලට කියලා ජීවිතයක් නෑ... මෙච්චර මුදල් ඉපයුවත් ඉතිං...පවුල් ජීවිතයක් නැතුව දරු මල්ලෙක්ගේ හුරතල් බලන්න නැතුව සමාජය වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක්ද කරන්නේ ... ඇත්තටම අගය කළ යුතුයි මොවුන්ව...


    අපි නොදත් කරුණු මෙහෙම තේරෙන විදියට කියලා දෙනවට ඔයාට ස්තුතියී සහන් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි... ඔයාගේ ප්‍රශ්න වලට මන් ඊළඟ පෝස්ට් එකෙන් උත්තර ලියන්නම් ..

      Delete
  36. දැනුයි බන් කියවලා අහවර කළේ..බොහොම වටිනවා.

    ඕවා දකිනකොට මට හැමදාම ඇතිවුන ප්‍රශ්නයක් තියනවා. ඒ " ඇයි අපිට බැරිවුනෙ ?)" කියලා.

    මෙහෙම හරි දැනගන්නවත් ලැබෙන එකමත් මදෑ..

    පින්තූර වල තත්ත්වයනම් බොහොම බාලයි. හිතාමතා බාල කරලද ??

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බන් මන් කීවෙ සහන් මරු පොරක් කියල. උබ මගෙ කරේ නැග්ගනෙ . හා දැන් කරෙන් බැහැපන් අම්මා ... .උරිස්ස රිදෙනවා.. :-S
      සෙන්න තරහ ගන්ඩ ඔට්ටු නෑ .
      -පත්තර මල්ලි -

      Delete
    2. අනේ තව ටිකක් වෙලා ඉන්න දීපන්කො බන්... :D

      Delete
  37. පොඩ්ඩක් හිටහන්, අහන්න හිටිය දෙයක් අමතක වුනා. ඔය විදුරයට ආපු ප්‍රශ්නෙම මටත් ආව බන්.. හැබෑටම මේ චන්ද්‍රිකා හදන්නෙත් අතින් පාස්සලද බන් ? ජපානෙ සෙල්ලම් බඩුත් හදනවලුනෙ බන් ෆුලි ඔටෝ...

    ReplyDelete
    Replies
    1. සියලු ප්‍රශ්න වලට ඊළඟ ලිපියෙන් උත්තර දෙනවා සෙන්නා...

      Delete
  38. අපේ රෝහිත උන්නැහෙත් නයට හරි චන්ද්‍රිකාවක් යැව්වනේ වැදගත් ලිපියක්

    ReplyDelete
  39. සහන් බොස්.. ඔන්න බන් මමත් පිලිවෙලක් උනා :-)

    ReplyDelete
  40. ////සහන් විද්‍යාව මේ තරම් දියුණු වෙන කොට දැනුම තියෙන මිනිස්සු ඒ කියන්නේ මේවා මැජික් නොවන බව දන්න ගහනය වැඩි වෙනවද? අඩු වෙනවද////
    සහන් සමහර කරුණු ඔබ තේරුම් ගන්නේ උඩු යටිකුරැ කරගෙන මම ඇනෝ ආවේ අන්න ඒ නිසා

    ReplyDelete
  41. සහන් ඔයාගෙ මේ උත්සාහය අගය කරනවා අපේ මිනිසුන් දැනුමින් සන්නද්ධ කරන එකට. දැනට නැතිවුනත් කවදාහරි මේ දේවල් වල ප්‍රතිඵල ලැබෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් ඔයාගේ දිරිගැන්වීමට ....... මට මේ පෝස්ට් එක ලෝඩ් වෙන්නේ නැහැ දැන්....

      Delete
  42. සෙනසුරාදා උදේ පාන්දර පැය දෙකක් එක දිගට මේක කියෙව්වා. චන්ද්‍රිකා තාක්ෂණය මට අළුත්ම අළුත් දෙයක්. කියවලා ඉවර උනාම මට එකපාරටම ආපු හැඟීම සහන් මේ වගේ ආයතනයක ඉංජිනේරුවෙක් කියන එක සහ මේ කිව්ව දේවල් වලට අමතරව සහන් තව බොහෝ දේ සඟවන බව??? මට එහෙම හිතුනේ අර රංග ඔයා එක්ක ස්කයිප් සංවාදයෙන් පස්සේ දාපු කමෙන්ට් එක නිසා. කොහොම උනත් මමත් දිගටම මේ බ්ලොග් එකට එනවා ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගන්දරයා ලිපිය කියවීම ගැන.. පැහැදිළිවම මම මෙතන කියලා තියෙන්නේ ඉතාම සුළු දේවල් ටිකක් විතරයි. අනිත් දේවල් කියන්න වෙලාවක් නැහැ වගේම බ්ලොග් පෝස්ට් වලින් පැහැදිළි කරන්නත් බැහැ ඇතැම් දේ..

      ඒ වගේම මේවා ගැනම විතරක් ලියන්න අදහසකුත් නැහැ..මොකද සීමිත පිරිසක්නේ බලන්නේ මෙවැනි ලිපියක්...අනිත් දේ තමයි මම මේ බ්ලොග් එක හැදුවේ සරළ දේවල් ටිකක් කතා බහ කරමින් ඉන්න.. දැන් බලද්දී මේ බ්ලොග් එකේ නැත්තෙත් ඒවා.. මයියොක්කා ගලවන්න ආව මන් වත්තේ හතර මායිම් හොයන්න ගිහින් වගේ වැඩක් වෙලා තියෙන්නේ..


      කෙසේ උනත් දිගටම එන්න ගන්දර... තව මාස කීපයක් යනකම් බ්ලොග් එකේ ලිපි වැටෙනවා.... පසුගිය ලිපිත් බලන්න .......

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili