දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

February 25, 2013

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch .

.මුල් අදියර.
      දැන් බලන්න මේ රටේ ඉස්සර ඉඳම්ම වගේ ටික ටික උනේ වැඩේ වරචස් වේගෙන එද්දී ළඟම පුද්ගලයට බෝලේ පාස් කරගන්න ට්‍රයි කරණ එක..අනේ ඒ අහිංසකයා කැච් එක මිස් කරගන්නැතුව අල්ලගත්තොත් දැවී යන්නේ පිති කරු නෙවේ , කැච් එක අල්ලගත්තු මිනිහා..

etc etc etc etc etc Sf , Shirani , NSB chairman etc eyc etc etc etc etc etc  >>>>>>>>>> (kabral ) next?
හැබැයි ඔතොකොට අපි කියන්නේ " තොප්පිය හරි නම් දාගන්න එකයි " කියල නේද ?

                 ඉතින් ඔය වගේ අනන්ත සෙල්ලන් , වචන පෙරලි අපි දානවා .පොඩි කාලේ සෙල්ලන් ගෙදර වැලි බත් උයන කාලේ ඉඳල .ඒ පුරුද්දට මන්ද ලොකු වෙද්දීත් ඒ තියරිම දාන්නේ .

                මේ දේවල් වල ප්‍රශ්නේ තියෙන්නේ රටක් විදිහට යන ගමනකදී උනත් අපි කිසිම හිරිකිතක් නැතුව මේ දේවල් අනුගමනය කිරීම.මේ දේවල් රාජ්‍ය මට්ටමට ආවේ පැහැදිලිවම 94 වගේ පස්සේ .ඊට කලින් තිබ්බ ඔලුව අත ගාල උම්මා දීල කනට ගැසීම ගැන මෙතැන ඇති. ඒ නිසා මන් 94 වගේ පස්සේ උන ටික විතරයි අද කියන්නේ..

                      කට්ටියම දන්නවනේ " ම " යන්න .අන්න ඒ පුද්ගලයා තමයි අමුවෙම්ම පිරිමි චීත්ත අඳින කලාව රජයට හඳුන්වා දුන්නේ.මොකද ප්‍රධානම තැන කාන්තා පාර්ශවයේ කෙනෙක් හිටපු නිසා වෙන්නැති ඒ කාලේ .මල් මල් චීත්ත වලට ගෑනු ආසනේ .ගෑනුන්ට ආස පිරිමිත් ඒ කාලේ චීත්ත ඇන්ඳා ඉතින් . කොහොම හරි අපේ දත් දොස්තර , මේල් , වගේ අය විටක පඩික්කම් වල කෑම බෙදා ගැනීමේ කලාවත් ( ඕන කුණු ගොඩක පුංචි රස කෑල්ලක් හොයන් රස කර කෑම ) , ගෙඹි සිස්ටම් එක ( වාසියට ඒ පැත්තට මේ පැත්තට පැනීම ) වගේ දේවල් දියුණු කරා , ඒ වගේම ඒ වගේ නින්දිත වැඩ බෞතීස්ම කරා රාජ්‍ය මට්ටමට උනත් ඒ දේවල් ගැලපෙන බවට ශාක්ෂි ඇතුව ඔප්පු කරමින්...

කොහොම හරි අපේ දිවංගත ගාමිණි මහත්තයත් ලස්සනට හොර ලිපි ලේඛන කලාව
තුලින් කඩිනම් ගසා කෑම් ක්‍රමය හඳුන්වා දීලත් තිබ්බනේ..

ඔහොම ඔහොම 2002 පහු කරා ටික ටික , 2004 ත් පහු කරා..


ඊට පස්සේ උන ඒවා කියන්නම ඕනෙද ?



කිසිම ලැජ්ජාවක් නැතුව අම්මව උනත් විකිණීම .
විකුණලා මම නෙවේ කීම ..




 


------------------------------------------------------------------------------------------


.හොඳම ටික.






හිතන්න රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුලුවන්ද මේ විදිහට .
දැන් වෙන්නේ වැටත් නියරත් ගොයම් කන එක නෙවේද ?
දැන් අල්ලන්න ඕනේ හැම තැනම අල්ලලා ඉවරයි.ඒ කියන්නේ





වැට
නියර
වී ටික කොටන මෝල්
කුඹුරට වතුර එන වතුර පාර
පොහොර ටික
බිත්තර වී ටික
ඔය එක එක ගොජිරි බජිරි වලට ගහන තෙල් බෙහෙත්
කුඹුරේ සින්නක්කර ඔප්පුව


 
-------------------------------------------------------------------------------------------

.අන්තිම ටික.






ඔක්කොම ඉවරයි...දැන් අපිට මොකද ?

තාම දේශීය පාරම්පරික වී වර්ග එක එක තැන් වල තියෙනවා
කියල පහු ගිය ටිකේ මන් දැක්කා.මොකද කියන්නේ
එක කන්නයක් වත් වපුරමුද කේක් වලට යන්න කලින් ..?



නැත්නම් ආයෙම බෝලේ පාස් කරමුද අපේ ළඟම ඉන්න එකෙක්ට ? හැබැයි මේ පාර නම් පිටියේ සියලු දෙනාම දැවී යනවා කැච් එක ඇල්ලුවොත් !



දැන් වත් පයින් යමුද බූරුවෝ පිටේ දුවන්නැතුව ..?
ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති වලට දැන් වත් යන්න ඕනේ. අපිට හඳ අල්ලන්න යන්න බැහැ කියල දැන් වත් තේරුම් ගන්න ඕනේ.

February 22, 2013

****අර ප්‍රශ්නේදී අපි කුමක් කල යුතුද ?මානව දයාව , බුද්ධිය , කලබල වීම . සියලු බ්ලොග් වැසියන් වෙත!| For a better SL!

මෙතන මන් නම් ගම උනත් කියන්න කැමති නැහැ , මොකද ඒකත් අනවශ්‍ය
අවදානයක් දෙන නිසා..ඒ උනත් ඊයේ අපි කෙලිම්ම පුකෙම ගහගත්තනේ
අහක ගිය ඊතලේ .ඉතින් තව මේකේ රවුන් කරන්න දෙයක් නැහැ..

ඒ පින්තූර දකිද්දී " කව්ද , කාගේද , කින්ද මන්ද නැතුව පපුව කුඩු උනා "
ආයේ ඒකෙ කතා දෙකක් නැහැ ..

හැබැයි ආන්න ඒකම තමයි කව්රු නමුත් ඔය රූප එලියට දාපු අයගේ අරමුණ
වෙලා තිබ්බෙත් . අපේ හදවත තුලට කිඳා බැසීම .හිතන්න ඒක ඒ විදිහටම උනා
නේද ?

ඒක දැක්ක වෙලේ ඉඳන් " මොන බල්ලා මේවා කරත් , මුන්ට හෙණ හත ගහන්න
ඕනේ කියල හිත කිව්වා නේද ?"


ඒත් හිතන්න මෙච්චර කාලෙකට නාපු මෙච්චර කාලෙකට නාපු වීඩියෝ එකක් ආවේ කොහොමද කියල දැන් එක
පාරට මේ මානව හිමි කම් සැසි අස්සේ ..








 -----------------------
හැමෝම දන්නවා ඇති කෙල්ලෙක්ගෙ ගවුම උඩ ගියත් හද්ද පිටිසර ගමක , ඒක කොළඹ
එනවා..කොළඹ එක ගමට යනවා..

එහෙම රටක හිතනවද මේක මීට කලින් අපේමම ලීක් නොවී එක පාරට ප්‍රන්සෙන් මතු
වෙන්නේ කොහොමද කියල ඩිංගක් ?

ශ්‍රී මහා බෝදියට කොටි ගහපු එකත් මෙතන ඉන්න ඕනේ කෙනෙක් බලල ඇති.VHS
යුගයේ ඒවා තිබ්බේ..ඒත් ඒවත් අපි බැලුව නේද ? ඒ BTooth , වලින් අරන්ද ?
net එකෙන් අරන්ද ?

නැහැනේද ?


ඒ නිසා එක පාරට මේ අහක යන ඊතලේ තිය ගැනීමෙන් වෙන්නේ මේවා එලියට දාපු
මිනිස්සුන්ගේ අරමුණම ඉෂ්ට වීම තමයි.වැඩේ කියන්නේ කෙලිම්ම තියාගත්තා
ගොඩක් දෙනෙක් මේක නිකම් බොළඳ මොන්ටිසෝරි පාර්ට් එකක් දාල.ඒ විතරක් නෙවේ
බුදු දහම , සදාචාරය ශිෂ්ටාචාර වගේ මානව හිත කාමී ඔක්කොම පටලන් විකාර නැතුව..

හැබැයි කට්ටියට ඕනේ නැහැ හොයන්න මේ වීඩියෝ ආවේ කොහෙන්ද , මොකටද එව්වේ,
හරියට මානව හිමිකම් සැසි තියද්දි මේවා එන්නේ කොහොමද , එවීමේ අරමුණ මොකක්ද වගේ.

මේ බොරු ආටෝප කාරයෝ දන්නේ ලෝකෙට පේන්න අඬන්න විතරයි ..ඒකත් හේතුවක්
ඇතුව නෙවේ රැල්ලට ..ලස්සනට එක පෙලට කට්ටිය සූ ගාල අඬනවා දැක්කා .

ඔය ගොන් පාර්ට් එක වහගන්න කෙලිම්ම පාවිච්චි කරේ මනුස්ස කම කියන වචනේ..
අනේ ඇත්තට පින්තූරයක් දැක්ක ගමන් මනුස්ස කම බේරෙනවා නම් එතන ගැටළුවක් .
මොකද ඒ රැල්ලට එන මනුස්ස කමක් මිස සැබෑ මනුස්ස කමක් නෙවේ..


අපේ මරයියගේ " ඔක්කෝම හරි..අපි වැරදියි..." දී කට්ටිය පුදුම විදිහට බොරුවට නිදා ගත්තා .
කොච්චර සත්‍ය තේරුම් කරන්න හැදුවත් අර මනුස්ස කම පෙන්නීමේ පුහු ගොන් පාර්ට්
එක ගොඩක් දෙනෙක් දැම්මා ..ඒ අතර මේ කියන දෙය පසුව ගොඩක් දෙනා තේරුම් ගත්ත.
සමහරු අවංකව , නිහතමානීව ඒ බව පිළිගත්තා ( සමහරු දිගටම බොරුව කරා ).

එතැනදී සහෘද මාතලන් මගෙන් දීර්ග වශයෙන් ප්‍රශ්න , කිරීම් , කරුණු කීම උනා ..
එතන සියල්ල අන්තර්ගත නිසා ඒ සම්බන්දව ඔහුවත් දැනුවත් කර මේ ලෙස එහි දෙබස්
මෙයට ඇතුල් කරනවා , තවත් ටයිප් කිරීමට වෙහෙස නිසා..( 100% ohuta dun pilithuru newe, anik aya wenuwen dun pilithuruda athulath)

----------------------------------------------------------------------------------------------


  1. මට නම් ඕවට කියන්න තියෙන්නේ මොන්ටිසෝරි කතා කියල.
    මේ කොහෙවත් ඉන්න පොඩි එකෙක් දැක්ක පලියට නහින්න
    හදල බොරු ආගමික හැදියාවයි, සදාචාරයයි පෙන්නන්න හදන
    ගොන් වහන්සේලා ගැන දුකයි..ඒ වගේම මේ වගේ මිනිස්සු නිසා
    තමයි 83 එක හුලන්ගෙන් ෆෝර්ම් වෙලා මුළු අවුරුදු ගානක් තිස්සේ
    ආව වැඩපිළිවෙල එක රැයෙන් කන්නේ..
  2. බොරු පඩ ෂෝ බෞද්ධයෝ කියන කතාව මෙතනට අදාළ නැහැ .මෙතන අපි
    ඉන්නේ යුධ්ධෙක .මාත් පන්සල් වලට යන්නේ නැහැ , මල් පූජා කරන්නේ නැහැ.
    ඒක මන් කෙලින්ම මගේ ප්‍රොෆයිල් එකෙත් දාල තියෙනවා..
  3. ඒ නිසා ඕක මට නම් අදාළ නැහැ.ඒ වගේම මට සුදු හුණු ගාගන්න ඕනෙත් නැහැ
    මෙතන පින්තූරයක් දැක්ක පළියට " සීවරම් දෙවියනේ මේවට හෙන හත ගහන්න
    ඕනේ මොන බල්ලා කරත් " කියල..
  4. අනේ යුද්ධයක ඇති වෙන තත්වෙයි , ගෙදර ගෑනි එක්ක හුරතල් වෙන
    තත්වෙයි අඳුන ගන්න බැරි ලාමක මනසකින් කතා කරන අය එක්ක
    මේවා කතා කිරීම නිෂ්ඵලයි...
  5. පුදුම සුචරිතවදියෝනේ බන් උබල..
  6. එක පිංතූරෙන් කට්ටිය ෆෝර්ම් වෙලා..
    ..


  7. මචන් nawam මට මෙතන මගේ පුද්ගලික ජීවිතේ දේවල් කියන්න
    බැහැ , ඒත් මමත් කවදාවත් සිංහල , දෙමළ , මුස්ලිම්
    කියන කෝණෙන් මේ ප්‍රශ්න දිහා බැලුවේ නැහැ..
  8. නමුත් මන් ඉතාම වගකීමෙන් කියනවා ඔවුන් එසේ නැහැ..
    කුමන මොහොතේ හෝ වාඩුව ගැනීමට ඔවුන් සිටින්නේ..
    ඒ නිසා අපිටත් අපේ මෛත්‍රී කෑල්ල ගලවන් ඉන්න වෙනවා..
    නැත්නම් ජුන්ඩක් තරම් දෙයක් වත් ඉතුරු වෙන්නේ නැහැ..
  9. ප්‍රභාගේ මූලාරම්බය කොහොම උනත් , අන්තිමට ඔහු හිටියේ
    වියරු වැටිලා .දෙමල සිංහල මුස්ලිම් ඕනේ කෙනෙක් මරල තමන්ගේ
    ගමන යන තැනක..
  10. එනිසා ප්‍රභාකරන් සමග ඇති වූ දෙයක් දෙමල සිංහල ආරවුලක් නෙවේ..
    ත්‍රස්තවාදය අතර ගැටුමක් විතරයි..
  11. දැන් ඒ ගැටුම යාන්තන් ඉවරයි ( දරුණුම අවස්ථාව ) , ඉතුරු ටිකත්
    කොහොම හරි ඉවර කරන් යද්දී අනවශ්‍ය මෛත්‍රී දේවල් පටලවන්න
    එපා..
  12. මාව මැරුවොත් මිනිස්සු 1000 ගානක් ජීවත් වෙන්න වරම් ලබනවා නම්
    pls එක පාර මා මරන්න ..
    Delete
  13. මට උඹ ගැ ලැජ්ජයි සයිලන්ට් සහන්... මේ හැඟිම්බර ළිපි ලියන පුද්ගලයාමද. කෝ ඔයාලගෙ මනුස්සකම..
    Delete
  14. මගේ මතය හා මං හිතන විදිය ලිව්වට පස්සේ එයින් එහාට ඒ ගැන දක්වන ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න තරං දෙයක් නැහැ කියලා හිතන හින්ද මං කරන්නේ අනිත් අයගේ අදහස් කියවන එක විතරයි. ඒත් මාතලංගෙන් මට අහන්න එකම එක ප්‍රශ්නයක් තියෙනවා.
  15. දරුවෙක් ඉන්නම ඕනනං දරුවෙක් මරන එක ගැන දුක හිතෙන්න හෝ එහි වරදක් දකින්න... මාතලංගේ කවුරුවත්ම හිරේ නැති හින්දද හිරකාරයින්ට වෙඩි තියලා දැම්මට අවුලක් නැහැ කියන තැනට මාතලං ගියේ... ඒකෙයි මේකෙයි වෙනසක් නැහැ වගේනං අවුලක් නැහැ. :D
  16. අනිත් අය මොන අදහස දැරුවත් මට කිසිම ප්‍රහ්නයක් නැහැ.. ඒත් හිරකාරයෙකුගේ අයිතීන් වෙනුවෙන් නැති මාතලංට කොහොමද මෙතනදී විතරක් මානව දයාව පහල උනේ.. අන්න ඒකයි මට තියෙන ගැටළුව.
  17. ඒ ඇති...
    Delete
  18. මචන් මාතලන් මෙතන තියෙන්නේ දරුවෙක් ගැන ප්‍රශ්නයක් නෙවේ.
    දරුවෝ කාගේ උනත් දරුවෝ.මෙතන වෙන්නේ පොඩි හුරතල් ළමයෙක්
    පෙන්නලා ගන්න මහා විසාල කෙමනක් ..
  19. මේක බන් තව ලක්ෂ ගානකගේ ජීවිත ගැන ප්‍රශ්නයක් බන්..මන් මෙතන
    අහිංසාවාදිය වගේ
  20. " කව්රු කරත් ඕවට නම් හෙණ ගහන්න ඕනේ " කියලද කියන්න ඕනේ ?
  21. නැත්නම් මෙතන අපේ ඇහෙට වැලි ගහල කරන විගඩම එලි කරන එකද
    කරන්න ඕනේ???
  22. මටත් පුළුවන් එහෙනම් "යකෝ මටත් දරුවෝ ඉන්නවා " කියල
    කියන්න ..ඒත් මෙතන තියෙන්නේ බන් වෙන දෙයක්..
  23. මෙච්චර කාලෙකට පස්සේ එකපාරට ප්‍රබාගේ පුතා..මෑණියන්ගේ වස්තරේනේ
    බන්..
  24. පොඩ්ඩක් හිතපන් උබම දන්නවා , උබ රිසාන ගැන පෝස්ට් දාද්දි කී දෙනෙක්
    පණ දෙන්න , ආණ්ඩුක්‍රම විවස්තාව වෙනස් කරන්න, සංදේශ යවන්න හිටියද ?
  25. ඒත් රු 100 දෙන්න කෙනෙක් හිටියද ? මෙතනත් තියෙන්නේ මාතලන්
    බොරු සෙනෙහස මවා පෙන්නීමක් මේ පුහු මිනිස්සුන්ගේ ..
  26. අන්න ඒක තේරුම් ගන්න ..මට නම් ඔහොම ඕනේ නැහැ .ඔතනදි
    මන් ඉන්නේ පියෙක් විදිහට අපෙන් අයුතු ප්‍රයෝජන ගන්න නොදී..

  27. ඕවට අහු උනොත් විනාසයි ..අපේ හදවතින් අයුතු ප්‍රයෝජන ගන්න
    දෙන්න හොඳ නැහැ.ඔය දරුවා මට හදාගන්න දුන්න නම් මන්
    ( මගේ අම්ම තාත්ත පල්ලා ) හදා ගන්නවා..හැබැයි එක එකාට
    උඩ දදා ආතල් ගන්න දෙන්නේ නැහැ ...!
    Delete
  28. @ මාරේ
    හිරකාරයන්ගේ මානව අයිතිය රකින්න ඕන ඒක ඇත්ත. ඒත් එතන ත්‍රස්තවාදයක් පටන් ගත්තයින් පස්සෙ අවි අත දරාගෙන ඉන්න උන්ට වෙඩි තැබීමේ වරදක් මා දකින්නේ නෑ. එහෙත් මීගමුවේ ධිවරයින් මරණ එක. කටුනායක රොෂේන් මරන එක මම අනුමත කරන්නේ නෑ. අනෙක සිර කාරයන් හා දරුවන් අතර වෙනස වැටහීමට ඔබට දරුවෙක් සිටිය යුතුයි.
  29. කෙසේ වෙතත් උදිත සඳහන් කලාක් මෙන් අපේ වැඩි දෙනෙක් තිරිසනුන් බව ඔප්පු කිරීම ගැන උඹට ස්තූතියි මාරේ...
    Delete
  30. @ silentsahan
    උඹට බොරු කාරයෝ සයිලන්ට් සහන්.. උඹලා මනුස්සයෝ නෙමෙයි.. මේ ෆොටෝ එකෙන් වාසි ලැබෙන්නෙ ඇයි. ඒක උඹ මගෙන් නෙමෙයි උඹේ හදවතින් අහපන්.. උඹත් ප්‍රභාත් අතර වෙනසක් නෑ. මට මේ දරුවට වෙඩි තියා මරපු සොල්දාදුවා ගැන ප්‍රශ්ණයක් නෑ. මට ප්‍රශ්ණය තියෙන්නේ අනික් උන් ගැන.
    Delete
  31. hiks මචන් මාතලේ ඔහොම කතා කරන්න එපා .
    මගේ හිත පෑරෙනවා ..
  32. මචන් තේරුම් ගනින් මේ දරුවට හනේ හපොයි කීමෙන් මට
    මගේ චරිතයට සුදු හුණු ගාගන්න ඕනේ නැහැ..
    මෙතන තියෙන්නේ බන් මානසික යුද්දයක් .
    අපේ පපුකැහුත්ත අවුස්සලා ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම
    කපන්න යන්නේ බන්..
  33. උබේ කේන්තිය යනකම් බැනපන් , අනික් අයත් එහෙම කරන්න..
    ඒත් මට කියන්න තියෙන්නේ මේ දේවල් ගැන අපි බොළඳ වෙලා
    බැහැ ..
  34. උබ ඕනේ දෙයක් කියපන් මන් අහන් විතරක් ඉන්නම්..
    Delete
  35. මානසික යුද්දේ ගැන උඹට වඩා හොඳට මම දන්නවා. මහින්ද මහත්තයට තියා යුද්ධයට සම්බන්ධ වූ කිසිවකුට හෝ එදිරිව එන ක්‍රියාමාරගයකදි අප රට වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ ගැන කිසිඳු සැකයක් නෑ. අවසානයට මට එක දෙයක් කියපන්. උඹට පුළුවන්ද මේ දරුවට වෙඩි තියන්න...?
    Delete


  36. \\\මානසික යුද්දේ ගැන උඹට වඩා හොඳට මම දන්නවා.///
    ඒ බව පේනවා මාතලේ ..:P
  37. \\\\මහින්ද මහත්තයට තියා යුද්ධයට සම්බන්ධ වූ කිසිවකුට හෝ එදිරිව එන ක්‍රියාමාරගයකදි අප රට වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ ගැන කිසිඳු සැකයක් නෑ.///
  38. ඒකත් පේනවා ...:P
  39. \\\අවසානයට මට එක දෙයක් කියපන්. උඹට පුළුවන්ද මේ දරුවට වෙඩි තියන්න...?///
    ---------------------------------------------------------
    {මාතලන් තදින් වෘතීය පරිසරය එක්ක බැඳුන කෙනෙක්ට
    පහල අයට තදින් නියෝග පැනවීමටත් , ඉහල
    නිළධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමටත් බැදී සිටිනවා
    ලැබූ පුහුණුවෙන් ..
  40. එවැන්නෙක් චර පුරුෂයෙක් පමණයි.ඔවැනි මෙහෙයුමකට සුදුසු කම් ලබන්නේ එහෙම අය පමණයි..}
  41. ---------------------------------------------------
  42. 01. මන් ඔව් කිව්වොත් ඔබ එකක් කියයි..
    02.නැහැ කිව්වොත් " එහෙනම් කලින් කිව්වේ " කියයි..
  43. 03. යුධ හමුදාව ගැන සම්බන්ද කිරීමම නුවනට හුරු නැහැ..
  44. 04.මට මෙතන සුදු චරිතයක් වෙන්න ඕනේ නැහැ .
  45. 05. i ඔය ළමය මට දුන්නොත් මන් මරන්නේ නැහැ , හදා
    ගන්න ඉල්ලනවා දෙන කෙනාගෙන් ..
    ii .මටත් මේ ලෝකේ කාත් කව්රුත් නැත්නම් අර ළමය
    එක්ක මාත් වෙඩි කාල මැරෙනවා..
    Delete
  46. වැල්වටාරම් ලිව්වාට මම අහපු ප්‍රශ්නයටත් පිළිතුරු දීම ගැන ස්තූතියි. ඒ ඇති. සදාම් හුසේන් එල්ලා මරන දවස්වල මම හිටියේ ඊශ්‍රායලයේ. ඔවුන් සදාම්ගේ පරම හතුරෝ. එහෙත් ඒ මරපු ක්‍රමය සාධාර්නයි කියන කිසිම යුදෙව්වෙක් මට හම්බ උනේ නෑ. ඔවුන් එය හෙලා දැක්කා. සමහර උන් පැවසුවේ එක වෙඩි පහරින් මරා දමන්න තිබුනා කියායි. යුද්ධය කියන්නේ එකක්. මනුෂ්‍යත්වය කියන්නේ තව එකක්.
    Delete
  47. \\\\වැල්වටාරම් ලිව්වාට මම අහපු ප්‍රශ්නයටත් පිළිතුරු දීම ගැන ස්තූතියි. ඒ ඇති. ///
  48. ඔයා මගේ හිත එන්න එන්න පාරන්නේ ඇයි මෙහෙම ? :D
  49. \\\\යුද්ධය කියන්නේ එකක්. මනුෂ්‍යත්වය කියන්නේ තව එකක්.//
  50. පැහැදිළිවම .යුද්ධය කියන්නේ එක එක මුහුණුවරින්
    එන දෙයක් .මාරාගෙන මැරෙන තත්වය වැනි
    අති බිහිසුනම තත්වය එන්නේ " මානසික යුද්ධයේ "
    ප්‍රති ඵල නිසා..
  51. ඒ නිසා මාතලන් මා මේ ගැන මීට වඩා කතා කරන්නේ නැහැ.
    මොකද කියල හිතා ගන්න පුළුවන් නම් හිතාගන්න..
    මෙතනත් වෙන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියන්න
    ඒමක් මචන්..
    ඒ නිසා මාළු කපන්න ඌරු පිට නම් දෙන්න එපෝ...


මා ඉහත කියා ඇත්තේ අපි මනුස්සකම පටලවා නොගැනීමටත් , යුද්ධයක ඇති
කූඨ උපක්‍රම වලට අපි අසු විය නොයුතු බවත්ය ..

මෙතන මන් පැහැදිලිවම කියනවා ඔය දරුවා මට දුන්නොත් මන් හදා ගන්නවා..මගේ
දෙමව්පියන්ගේ නාමයෙන් මා දිව්රනවා, ඒ වගේම ඔහු සමග මරු තුරුලට යන්න උනත් මා සූදානම්..

හැබැයි වැදගත්ම දේ ඒ දරුවා හදාගන්න දුන්නොත් එක එක මිනිස්සුන්ට බොරු වාසි ගන්න
එයාව පාවිච්චි කරන්න ඉඩ නම් දෙන්නේ නැහැ..

නැතුව " මේ බලන්න මන් තමයි අහවලාගේ අහවලා හදන්නේ "කියල ලකුණු දාගන්න නම්
නෙවේ..මොකද අමතක කල යුතු නැහැ ඔහු වටා එක් විය හැකි බලවේග ..අනිවාර්යෙන්
" යකෝ තොගේ අහවලාට , අහවල් එක කරපු සක්කිලි හැත්ත එක්ක තෝ ඉන්නේ "

කියල ඔය දරුවාගේ ඔලුවට දානවම තමයි අනාගතේදී..ඒ නිසා දෙයක් කරන්න ඕනේ සෑහෙන්න
වගකීමෙන් .නැතුව හනේ පනේ ශෝක් බබා කියල වඩාගෙන ගෙදර එන තාත්තෙක් නෙවේ
silentsahan කියන්නේ ..


හරි මෙතැනදී මට සහ අනික් ගොඩක් මේ ප්‍රශ්නේ තුලදී කියපු දෙයක් තමයි ජාති වාදී කියල..
නමුත් මා මතක් කර දිය යුතුයි මාතලන්ගේ
රිසානා දුව මරා දමයි - RIZANA NAFEEK EXECUTED
මේ පෝස්ට් එකේදී ගොඩක්
දෙනෙක් ආණ්ඩුව වෙනස් කරන්න , සංදේශ යවන්න , සියලු විදේශ ශ්‍රමිකයන් නැවත
කැඳවන්න හිටියා ..

ඒත් මන් මෙහෙම යෝජනාවක් ගෙනාවම ..

..
  1. මෙතන මාතලන් මිනිස්සුන්ගේ කුහකත්වය හොදටම
    පැහැදිලි වෙනවා..මන් ඔබේ කලින් පොස්ටුවේම සදහන්
    කළා රිසානාගේ ජීවිතය වෙනුවෙන් අපිට කල හැකි
    දෙයක් නැහැ කියල.අපිට කල හැක්කේ රසනගේ පවුලේ අයට
    කුසට පාන් කෑල්ලක් හෝ වැටෙන තැනට කටයුතු කර , හිසට
    කාමර දෙකක් හෝ අටවා දී මේ දුක් බර අවස්ථාවේ ඔවුන් අසල
    සහෘදයන් සේ ළඟ සිටීමයි.
    ඔවුන් මේ අවස්ථාවේ ඇත්තේ අවුරුදු කීපයක් තිස්සේ ආ මිරිගුවේ
    මධ්‍යස්තයේ ..එයින් ඉවතට අපි ඔවුන් රැගෙන එමු...

    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..
    ඒ දේ කරමු එකා වන්ව 2013 නව අරමුණ කරගෙන .
    නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...


    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..




  2. ReplyDelete


    Replies
    1. ඇත්තටම අපි ඒ දේ කරමු... මදක් බලා සිටිමු... වත්මන් දේශපාලන වාතාවරනය තුල, රිසානා අමතක වීම සුළු දෙයක්.. මට මේක මේ රටටවූ විශාලම අපකීර්තිය. මහා ලොකුවට බාල වයස්කාර කොටි පැටව් ගැන කතා කලාට මැති ඇමතිවරු කන්නෙත් පොඩි ලමයින්ගෙන්...
      Delete
    2. මොකටද උන්ට ගෙවල් දෙන්නේ. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?


////නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...


එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
වචනයක් ප්‍රමාණවත්////




කෙස් පැලෙන , කෙරෙන්නේ නැති දේවල් පැත්තක තියල
අපි එක්කෙනෙක් රු 100 දාමුකෝ කලින් මාතලන්ගේ පෝස්ටුවේ
කතා කර ගත්ත ගිණුමකට ..ලියන අයයි , කියවන අයයි එකතු
උනොත් 2000 වගේ පිරිසක් ඇති ..

100 x 2000 = 200,000 Rs.
200 x 2000 = 400,000 Rs
යන්තන් හරි දෙයක් කරන්න ඒ ඇති හොදටම.

ආණ්ඩු ක්‍රම විවස්තාවයි , ඇමතිලයි , විදේශ ප්‍රතිපත්තියි
වෙනස් කරන්න ඕනේ නැහැ .අරයට මෙයාට සංදේශ යවන්න
ඕනෙත් නැහැ..

මන් කලිනුත් කිව්වා වගේ මහ දේවල් ගැන නොහිත පොඩි දෙයක්
කරමු.මගේ 200 රු දාන්න ගිණුම් අංකයක් දෙන්න ....
ReplyDelete
Replies
  1. පොඩ්ඩක් ඉවසපන්... හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නවා....
    Delete
  2. මොකටද උන්ට ගෙවල් දෙන්නේ. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?













--------------------------------------------------------------------------------------------------------


88665668
.


ට කිව්වේ උබට පිස්සුද මචන් ඔවුන්ට ගෙවලුත් හදල දෙන්න යන්නේ කියල..ඒ කිව්වෙත් අද ඔය මහාමානව හිතවාදී ලේබලය අලවන් ඉන්න අයමයි .( මේක මාතලන් dewa , දුකා , දුමි etc
ඇතුළු පිරිසට නම් අදාළ නැහැ .) ඉතින් ඔන්න ඔහොමයි මේ සෙල්ලමේ හැටි..

තව මේ තියෙන්නේ මන් එදා ඉඳන් ජාති වාදයට විරුද්දව කතා කරපු ඒවගෙන් බොහොම
ටිකක් .( මොකද මන් මගේම වෙනත් අඩවි වල ජාතිවාදය දැඩි ලෙස පිළිකුල් කරලා
තියෙනවා..මෙතන කීපයක් දාන්නේ silentsahan නමින් ඇති කීපයක් පමණයි )

හලාල් සහ ජාතිවාදය

.



මන් මෙතන මේ සිරාගේ පෝස්ට් එහෙකට මම දාපු කමෙන්ට් එකක්
මේ දාන්නේ..හැබැයි සිරා දෝෂ දර්ශනයට ලක් කිරීමක් නම් නෙවේ .
නමුත් අද ලිපියේ උක්ත මාතෘකාවට කඳුළු සලන 90% පමණ පිරිස
ඔවුන් කැති ගෑ යුතුයි යන ලෙස දැඩි ජාති වාදී අදහස් දරන බව එතනට
ගියොත් නම් පෙනෙයි..අද ඒ අයම සම්පූර්ණ සුදු අය වෙලා හැබැයි....

e wagema kiyanna one Sira ape me baalage siddiya sambandawa
kathaa baha yaddi ethana hitiye naha..ithin ohu me kisima dekata 
sambanda naha..ohuge postuwe athi mage comment uputa ganeemak 
pamanai...




මචන් සිරා උබේ පොස්ට් එක සම්පූර්නෙනුත් ඇතැම්
අයගේ කමෙන්ට් දළ වශයෙනුත් කියෙව්වෙමි ..ලිපියේ
හරය ගැන විවාදයක් නැහැ ..හලාල් ලේබලයකට මුවා
වී කරන වංචාව ගැන කරුණු කිව්ව එක හොදයි..මෙතන
තියෙන ප්‍රශ්නේ මචන් දෙපැත්තේම අය ඉන්නවා තමන්ගේ
ජාතිය පමණක් සිටිය යුතුයි කියන මතය දරන..දෙපැත්තේම
අය කරන්නේ පැරණි පොත් පත් , උදෘත , ලේඛන ගෙනහැර
පාමින් තම මතය සනාථ කරගැනීම...අන්තිමට දෙපැත්තෙන්ම
ජනතාව කුපිත කර ලේ විලක් කර හෝ තමන්ගේ පහත් අරමුණ
කරා යන එක..
මේක මචන් දෙපැත්තෙන්ම කරනවා.දෙපැත්තෙන්ම..හැබැයි රජෝ
දැන් බළලා ගලේ පහරල ඉවරයි..දැන් අනිවාර්යෙන් හත් පොලේ
ගාගන්නවා.ඒ ගාගැනීම තමා අපි අද දකින්නේ...


හැබැයි ඉතින්
මේ විනාසේ වෙද්දී නම් මාත් නිරායසෙන්ම සිංහල පිලේ..ඒත්
සටනට එන්නේ අනිත් පිලේ උන් මරන්න නෙවේ මගේ උන් බේරගන්න..


බේරන් දැන් වත් දෙවියනේ කියල ජීවත් වෙන්න..



අපි රණ්ඩු උනා ඇති..



පුදුම විප්ලවයක් කරලා අන්තිමට වැටිලා තිබ්බ ගිනි පුපුරු ටික
යන්තන් අළු යට ගහගත්තේ...මන් අළු යට ගහගත්තේ කිව්වේ
හේතුවක් ඇතිව..මන් කියන හැම වචනයක්ම කියන්නේ හේතුවක් ඇතිව..

කලින් අව්ළුන ගින්නේ ගිනි පුපුරු තාම තියෙනවා..ඒවා ගැන
කව්රුත් දන්නේ නැහැ ...මචන් අවුරුදු 20,22 වගේ දෙමල කොල්ලෝ හැම එකාම
ඉන්නේ ගේම පටන් ගන්න බලන් .හැම එකාම..හැම එකාම කියන්නේ
හැම එකාම...ඒ අස්සේ තව නයෙක් රෙද්ද අස්සට රිංගල ඉවරයි දැන්..එහෙන්
සරම ගිනි ගන්නවා මෙහෙන් ඉතුරු උන සරන් පඩන්ගුවට නයෙක් රිංගල..
මචන් උබ දන්නවද විශේෂ පුහුණුව ලබපු ( ) අය තාම 300 අසන්න පිරිසක් ඉන්නවා මේ 6----km ඇතුලේ..
හරි අමාරුයි හොයන්න.මුළු දුරකථන ජාලයම , * ටිකම අවුරුදු ගානක ඉඳන්
එකතු වෙනවා මේ අය හොයන්න.මේ අය ක්‍රියාත්මක උනොත් , තව තව
සාමාජිකයෝ හැදුවොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.



ඒ නිසා එකකින් බැට කන අතරේ තව දෙයක් එකතු උනොත් දරන්න බැහැ.
ඒත් ඒක කරගත්ත සාර්ථකව දෙපැත්තේම අන්තවාදී පිරිස...
මගේ අම්මා ඉතාම තද, අවංක , ස්වාදීන කෙනෙක් .මට මතකයි මාත් aggressive
වෙලා පොඩි කාලේ ඉන්න වෙලාවක මට එයා කිව්වා
'' පුතා දන්නවද අපේ අය කරපු දේවල් ? ඔයා ඔය දගලන්නේ අපිට
ඒ අය කරපු දේවල් ටික danagena විතරනේ .ඉන්න මන් ඔයාට ඒ ටිකත් කියන්නම්
කියල.."
මචන් ඒ ටික ඇහුවම මගේ කේන්තිය නිවුණා .මට තේරුනා මේවා තනි අතෙන්
වැදුන අත්පුඩි නෙවේ බව..අම්ම කෙනෙක් විදිහට මගේ අම්ම හැමදාම මාව
හරි මාර්ගයේ තිබ්බා.ඒ කියන්නේ වැරැද්ද වැරැද්ද විදිහටත් , හරි දේ කාගේ
උනත් හරි විදිහටත් දකින්න ඉගැන්නුවා...
ඒ දේවල් මන් මෙතන නොදැ ඉන්නම් තව මේක දිග්ගැස්සෙනවා ..

ඉතින් මචන් මන් කියන්නේ මේ දේවල් තව ඇවිලෙන්න දෙන්න හොද නැහැ.
ඒත් ඇවිලිලා ඉවරයි.ඒ පිරිසත් ආර්ථික පැත්ත එක්ක හෙමීට මඩකලපුවෙන්
2 වන ජාතිවාදී යුද්දය පටන් ගත්ත දාට මෙතන ඉන්න සියල්ලේ පැමිණීම සිද්ද
වේවිද මචන් ?අපි අපිට මොනවද හදන් තියෙන්නේ ? අපි හදන් ඉන්නේ නිකන්
අරයගෙ මෙයාගේ කතා අහන් ෆෝර්ම් උන 20, 22 කොල්ලෝ ටිකක් විතරයි.
ගින්න අවුලන්න නියම පිරිස..83 උනෙත් මේකමයි..ඒත් ගින්න නිවන්න 20, 22
අය එන්නේ නැහැ.ඒ නිසා අපි වැඩිහිටියෝ විදිහට පුදුම පරිස්සමෙන් මේවා කතා
කරන්න ඕනේ මචන්...
උබට දොසක් කිව්වා නෙවේ හොදද ?ඒත් අපි කව්රුත් නොදන්න මහ අවුලක්, ගින්නක් ,
නයෙක් හැදෙමින් ඉන්නේ...


( අනේ මන්ද මේවා මාත් ඉතින් මේ පිලේ. ඒ කිසි සේත් සිංහල
කම වත් බොදු කම වත් පෙන්නීමට නෙවේ හැබැයි.
ආයෙත් කියන්නේ
මේ විනාසේ වෙද්දී නම් මාත් නිරායසෙන්ම සිංහල පිලේ..ඒත්
සටනට එන්නේ අනිත් පිලේ උන් මරන්න නෙවේ මගේ උන් බේරගන්න..
බේරන් දැන් වත් දෙවියනේ කියල ජීවත් වෙන්න.. )

අම්ම කියපු සම්පූර්ණ කතාවම අවශ්‍ය කෙනෙක්ට බලන්න
ඕනේ නම් දාන්නම් ...


silentsahanDecember 14, 2012 at 1:44 PM
@ Dayal bathee
ඔව් බතී මන් දාන්නම්කො වෙලාවක මගේ බ්ලොග් එකේ..
ඒත් CR පිටු 8 වගේ කතාවක්.තව මගේම හමුදා සේවයේ
ඉන්න අය කීප දෙනෙක්ගේත් කතා දාන්නම් මගේ අද්දකීමුත්
එක්ක පව්ද්ගලික..මොකද යුද්දේ දිනන්න වැඩ කරපු හැම
කෙනෙක්ම තමන්ගේ ක්ෂේත්‍රයෙන් දායක උනේ දෙමල අය මරන්න
නෙවේ.දෙමල ජාති වාදය මැරීම විතරයි.ඒ හවුලේ අය අද විවිද
තැන් වල..ඒත් ඒ වැඩපිළිවෙල නිසයි යුද්දේ නිමා කරගත්තේ..
එතැනදී සිංහලු දිනලත් නැහැ , දෙමල අය පරද්දලත් නැහැ..
පරද්දුවේ ජාති වාදය විතරයි ..
ස්තූතියි බතී මේ කාරණාව තේරුම් ගත්තට..මන් හිතන්නේ ඔබ වැනි
පරිනත බුද්ධියක් ඇති අය තරුණ පිරිස අයට මග පෙන්නන්න ඕන..
මන් බ්ලොග් එකේ දාන්නේ
පේපර් එකේ නොයන article විතරයි.මන් සැබෑ ජීවිතේ ඕන තරම්
මේ රට වෙනුවෙන් වැඩ කරලා තියෙනවා.ඒ නිසාම ඇති උන දේවල්
 වල ප්‍රති ඵල නිසා  මගේ ජීවිතෙත්
මන් ඉතාම නුදුරේ අවසන් කරනවා..

354


හැබැයි එදත් මට මේ අය කිව්වේ උබට පිස්සුද මචන් මුන්ට අනුකම්පා කරන්නේ
කියල..

ඔන්න මගේ හැටියි , මේ බොරු සුචරිත වාදියන්ගේ හැටියි..මන් හැමදාම වෙන්න ඕනේ
දේ වෙනුවෙන් තනියම බර ඇද්ද.එදා මට ජාති වාදියෙකු නොවීම වෙනුවෙන් දොස්
කියපු අයම , අද වෙනත් කතාවක් කියනවා ???






පුතෙකු වෙනුවෙන් කඳුළු සලනවා .ඒත් ඒ ඇත්තටම කඳුළුද ? නැත්නම් පාට වතුරද ?

-------------------------------------------------------------------------------------------



---------------------------------------------------------------------------------------------------------------



මන් මෙතෙක් නොකියූ කතාවක් ඩිංගක් කියන්නම් පසුවට කතා කරන්නම් වෙන ලිපියකින් .
මාත් ආදරේ කලේ , ඔය කියන ජාතියේ සම්භවය ඇත්තෙක්ට . එයාගෙයි මගෙයි උපත් වල
වෙනස තියෙන්නෙත් හරියටම පැය 21 . එයාගේ රූපෙන්ත් මන් වගේමයි .හැසිරීම් , කතා බහ ,
සිතන පතන විදිහ හැම දේම එකයි .
අපි දෙන්නා හම්බුනෙත් හරි අමුතු විදිහට .
එයාට වයස 12 වගේ ගත්ත එකක්
..
දවසක් එයයි මායි ID එක බැලුව හරියටම XX246X45XX එනවද කියල බලන්න
( 500 add වෙලා ) එයා මගේ surname එක ID එකෙන් කියෙව්වේ හරි අමාරුවෙන් .
මොකද එයාට සිංහල බැහැ .එවෙලෙයි මට තේරුනේ ශශුට එයාගේ ID එකවත්
කියවන්න බැහැ( අපහසුයි ) නේද කියල .. මිනිහෙක්ට ඒ මිනිහගේ හැඳුනුම්පත වත්
එයාට තේරෙන විදිහට දෙන්න තරම් බැරි කුහක තුප්පහි තැනක ඉඳන් නේද මේ අපේ
මිනිස්සු ප්‍රබාගේ පුතාට නහින්නේ බොරුවට ලෝකෙට පේන්න ?


එදා නම් මන් ශශුව බදාගත්තා දුකෙන් එයා මගේ ID එක කියවපු හැටි දැකල
අසරණව. පොලිසියේ කෙනෙක් දකිද්දී බය වෙලා මගේ පිටිපස්සට වෙන හැටි

( dan kiyanna epa koti kiyala .) ,
චෙක් පොයින්ට් එකක් දකිද්දී අත් බෑගයේ තියෙන සනීපාරක්ෂක තුවා පවා
ඇද ඇද එලියට ගන්න හැටි මන් දැකල තියෙනවා පුදුම අපහසුතාවට එයා පත්
වෙමින් .

තව දවසක් මන් ඇහුවම ඔයා දන්නා සිංහල සින්දු මොනවද කියල එයා කිව්වේ
" හා හා හරි හාවා "

" ah wait wait kanna there is another song wait ok.....

ah I got it

Lasana lasana maga adariyaa ,

whats that song kanna ? also have tamil verses in that song kanna ..

"ලස්සන ලස්සන මගේ ආදරියේ , මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ " කියන සින්දුවද
ඇහුවම ඔව් කිව්වා..

හා හා හරි හාවා දන්නේ කොහොමද ඇහුවම කිව්වේ පුංචි කාලේ ඉගෙනගෙන
තියෙනවලු..

අනික් සින්දුව එයා සනීපාරක්ෂක තුවා පෙන්නද්දී කියන සින්දුවක්ලු ...!
( තැන , ස්ථානය , පුද්ගලයෝ
නම් නොකර ඉමු අපි )



හිතන්න ඔබේ පෙම්වතියගේ , බිරිඳගේ සනීපාරක්ෂක තුවා සහිත
බෑගය හන්දියක් හන්දියක් ගානේ ලෝකෙට පෙන්න පෙන්න යද්දී ඔබට
කොහොමද දැනෙන්නේ ? ඇයට කොහොමද දැනෙන්නේ ?


අහ් දැන් කරුණාකරලා කියන්න එපා ජාතියේ ආරක්ෂාවට කියල හොඳද ?
මතකනේ අපි කතා කරන්නේ හදවත් ගැන ..අද මාතෘකාව හදවත් ගැන ..

තව

ඔය වගේ අනන්ත දේවල් වෙලා තියෙනවා.ඒ හැම දේම මන් කියන්නේ නැහැ .මන්
මේ ජාතිවාදය ඇවිලීම ගැන දිගටම දේවල් ටිකක් දාන්න ඉන්නේ..ඒත් හදිස්යේ ඇති උන
දෙයක් නිසා මේ ටික දැම්මේ .

අනික් දවසේ මන් දාන ඒවට කියන්න දේවල් නැති වේවි..
හරියටම කට්ටියට මගේ මේ පෝස්ට් එකේදී උනා වගේ..ඒ නිසා ඔය ජාති වාදී
ප්‍රශ්නේ ගැන මෙතන ඉන්න හැම එකාටම වඩා විඳපු කෙනෙක් silentsahan
කියන්නේ .ඒත් මන් මගේ දුක , වේදනාව ලෝකෙට පෙන්නන්නේ නැහැ .
.

මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

.

මගේ මේ පෝස්ට් එකේදිත් ඔය බොරු සුචරිත වාදියෝ කිසිම කෙනෙක්
හිටියේ නැහැ .නිකන් ශේප් උනා විතරයි, සමහරු ඇයි ෆොටෝ දැම්මේ
ඇහුවා , වැරදියි කිව්වා ඕව දාන එක ..මන් මේවා කියන්න නෙවේ හිටියේ
නමුත් මේ දෙබිඩි මිනිස්සුන්ගේ වැඩ එක වෙලාවකට උහුලන්නම බැරි නිසයි
දැම්මේ.නමුත් එදත් අදත් අත්තෙම්ම ගුණ සුවඳ තියෙන අය ඉන්නවා..ඒ අය
මන් අදුනනව හොදට.. ( මට ඒ කිසි කෙනෙක් අමතකත් නැහැ , නම් නොකියන්නේ
පසුවට පෝස්ට් කීපෙකින් ඒ අය ගැන කියන්න ඉන්න නිසා .සමහරු ජීවිතේට දැකල නැහැ ,
ඒත් හොයන් ආව ළඟටම .)

ඉස්සරහට මන් දාන දේවල් වලට ඒ නිසා දොස් කියන්න එපා.


මෙතන කමෙන්ට් දාන්න කලින් කරුණාකරලා මෙන්න මේ පෝස්ට් එක බලල
ඉන්න...මගේ පුද්ගලික දුකත් , හදවත ගැනත් , ලිපියේ උක්ත කරුණ ගැන මන්
බොරු සෝබන මවා නොකර දරණ මතයත් තේරුම් යාවි..
බොරු සෝබන වලින් ප්‍රශ්න විසදන්න බැහැ ...

නැවතත් කියන්නේ ...
අනික් දවසේ මන් දාන ඒවට කියන්න දේවල් නැති වේවි..

හරියටම කට්ටියට මගේ මේ පෝස්ට් එකේදී උනා වගේ..ඒ නිසා ඔය ජාති වාදී
ප්‍රශ්නේ ගැන මෙතන ඉන්න හැම එකාටම වඩා විඳපු කෙනෙක් silentsahan
කියන්නේ .ඒත් මන් මගේ දුක , වේදනාව ලෝකෙට පෙන්නන්නේ නැහැ .







ප.ලි. මෙහි කමෙන්ට්, පොස්ටු උපුටා දැක්වීමේදී කකා , මාතලන් , උදිත , මාරයා ,
සිරා,  වැනි සහෘදයන්ගේ නම් ගම්ද සටහන් වී ඇත.මට තිබ්බා XXXX වගේ හිස් තැන් තියන්න ,
නමුත් එය එසේ කරා නම් මීට වඩා අපහසුවක් වන නිසා ( කව්රු කාට , කොහේදී කියපුවද යන්න )
ඉවත් නොකලෙමි..ඉතින් එහි නම් ගම් සටහන් වූ පලියට ඔවුන් මේ කිසි දෙයකට ඍජු
චෝදනාවක් ලබන්නේ නැහැ . පුද්ගලිකව ඔවුන් ඉලක්ක කර ලියු කිසිවක් මෙහි නැත.
ඔවුන් හා යෙදුනු කතා බහ අදාළ පොස්ටුවේ සටහන් වී ඇත...මෙයින් පසු හෝ අප වෙනස්
විය යුතුයි යන්න සිතීමට ඉඩ සලසන ලිපි පෙළක මූලාරම්භය පමණි...Shall I enter my arena ?
.


  • පැහැදිළිවම .යුද්ධය කියන්නේ එක එක මුහුණුවරින්
    එන දෙයක් .මාරාගෙන මැරෙන තත්වය වැනි
    අති බිහිසුනම තත්වය එන්නේ " මානසික යුද්ධයේ "
    ප්‍රති ඵල නිසා..




  • මෙතනත් වෙන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියන්න
    ඒමක් ..
    ඒ නිසා මාළු කපන්න ඌරු පිට නම් දෙන්න එපෝ...


  • February 19, 2013

    ලැම්බට් වවුලා | A Funny Story .

                    හැමෝටම මතක ඇතිනේ ගල් කොල්ලෝ එකේ හිටපු ලැම්බට් වවුලව.මේ කතාවත් මිනිහ ගැන තමයි .මේක වෙද්දී අපි 8, 9 වගේ ඇති. ඔය සිංහල වගේ පාඩම් වලදී අපි පන්තියෙන් එළියට ගිහින් තමයි පාඩම කරන්නේ ..
                     හැමෝම දන්නවා ඇතිනේ ඕකේ තියෙන රහ .මැඩම් මැද්දේ අපි වටේ..ඔහොම ගියපු දවසක පාඩම ඉවර වෙලා ආයෙම අපි පන්තියට යන්න සූදානම් උනා..මන් වැඩිය පඳුර වටේ තලන්නැතුව කියන්නම්කො ..



    ප.ලි .My Next post මීළඟ කතාව සින්දුවක ඉතිහාසය "මන් හැමදාම ජීවත් වෙන්න ආස කරපු" ලස්සන දූපතක් ගැන බැඳුන San pedro වල ...
            
    සූදානම් උනා කිව්වට මහා අමුතු දෙයක් නැහැ , "ආයුබෝවන් ළමයි" කිව්වම පොතත් අරන් පන්තියට යන්න තියෙන්නේ ..

                      එදා මැඩම් ආයුබෝවන් කිව්ව හැටියේම අපේ ලැම්බට් වවුලා කරේ එක පාරට කඩාගෙන බිඳගෙන දිව්වා පොතත් අරන් ..





         අපිත් බැලුවා මොකෝ මේ සීන් එක කියල..




    මේක බලන් හිටපු මැඩමුත් " ලක්ෂාන් " කියල කතා කරා..

                   දුවන ගමන්ම පොර ආයේ පිටිපස්ස බැලුව විතරයි ඒ එක්කම තිබ්බ කොන්ක්‍රීට් කණුවේ පටෝන් ගාල වැදිලා සිහි නැතුව වැටුනා ..

                අපිට මැරෙන්න හිනා සීන් එකට, අපි හිනාව කාගෙනම ලැම්බට් වවුලා දිහාට දිව්වා.



    දුවල මිනිහව කෙලින් කරලා ඇහුව " යකෝ උබට මොකද උනේ " කියල ..

    ලැම්බට් වවුලා ගත්ත කටටම කෙඳිරි ගගා කිව්වේ නැද්ද





     

    " මචන් කූල් එකක් බිව්වොත් හරියයි " කියල...
     


    February 13, 2013

    Happy Valentine's Day My Love!

    කඳුළු පිසදා  සනසමින්
    නිදනට උකුල දුන් ,
    "පැටියෝ අපි කොහොම හරි මේ
    දේවල් එක්ක ජීවිතේ ගෙනියමුයි " සනසමින්
    ලැමට තුරුළු කර ගත්
    " ඔයාට මන් ඉන්නවනේ " යැයි කියමින්
    දිවි මගට සවිය දුන්
    මෙතුවක් කල් වුවද මේ සා විසාල ගමනක්
    එන්නට දිරිය දුන් , මව් අහිමි මට මවක උන්
    අදද කවියක් අප වෙනුවෙන් ලියා තබනට
    මිහිරි මතක දුන්,
    මගේ ඒ පුංචි කිරිල්ළියේ නුබට පින්..!





    Mon amour, u ne mourra jamais dans mon coeur, je vais aimer, aimer et mourir, par le nom de notre amour.

    February 9, 2013

    Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.




    හිතවත ,

            දැනට මාස කීපයකට පමණ පෙර සිට අප දිගින් දිගටම මෙලෙස මුණ ගැසුණා . මීට පෙර
    මෙතරම් ලඟින් අප දැන හැඳින නොසිටියත් , මේ හමුවීම් සමග අප බොහෝ ලන් වූවා .මා මෙලෙස පැමිණීමට හේතු වූයේ මා නික්ම යෑමට පෙර කල නොහැකිව තිබු , ඉතුරු කර යා යුතු  දෙයක් මා සතුව පැවති නිසයි . මුලින් මුලින් සිතට තදින් වද දුන් කාරණාවක් මත මෙවැන්නක් කල යුතුයැයි මට එදා සිටම වැටහුණා , ඒ මීට වසර 8 කට පමණ පෙර සිටයි. එදා සිට මා බොහෝ තැන් වල සටහන් තබා ඇත්තෙමි , ඒ සියල්ල එක් තැනකට ගැනීමේ අරමුණින් මාගේ මෙම අවසාන එකතුව සකස් කිරීමට සිත් වූ නමුත් , පසුව එවැන්නක් අනවශ්‍යයි හැඟෙන්නට වූ හෙයින් ඒ සියල්ල අත් හැර දැමූවා .


                ඉතා විශාල ලෙස දුරස්ථ භාවයක් ඇති දේ එක් කිරීම ඇතැමෙකු අපහසුතාවයට පත් වීමට හේතුවක් වන නිසා එසේ නොකරමි. ඒ ආකාරයෙන්  විසිරුණු සටහන් කෙදිනක හෝ අන් කෙනෙකු යා කරනු ඇත. එයින් එකිනෙක යා වන තැන් දැක ඔවුන් විසින්ම එහි ඵලද නෙලා ගනු ඇත... එයට මා අවශ්‍ය නොවනු ඇත , මාගේ සහෘදයන් ඒ කාර්ය ඔවුනොවුන් වෙනුවෙන් ඉටු කර ගනු ඇත .



               වසර ගණනක අද්දැකීම් එක් රැයකින් , දිනකින් , මසකින් ගොනු කල නොහැක. කෙටියෙන් පැවසිය හැකි බොහෝ දෑ  මේ වනවිටත් පවසා ඇත.එහෙත් ඒද කාලානුරූපව අනුන් ගැන  අනුන්ට ලියු දේ පමණි .මා ගැන මා පැවසු දේ කොහිද ?


                   එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ අරමුණින් පටන් ගත් දෙයද , අද මෙලෙසව අනුන් වෙනුවෙන්ම ලිය වෙන්නේ ඇයි දැයි නොදනිමි . ඒ මා හට තව කාලය ඇති නිසාද ? මා මීටත් වඩා සිටිය යුතුද ? එසේ නම් මා වෙනුවෙන් වෙහෙසෙන්නේ කවදා සිටද ?


                අද වන විට පිළිතුරු තදිම්ම දැනී තිබේ. ඒ අනුව තීරණයක් / තීන්දුවක් ලැබී මේ සටහන තබමි . මෙතෙක් කල් අවසානය තෙක් සිටි ඔබට බොහෝ තුති.මේ සටහන නොදකින ඇත්තන්ද සිටි , කිසිදා නොදකින ඇත්තන්ද සිටි .ඔවුන් වෙනුවෙන් හැකි පමණ මා මේ බව දැනුම් දීමට උත්සාහ දරා ඇත . උත්සාහය මල්පල නොගැන්වීම මාගේ වරදක්ද ? මා පමණටත් වඩා උත්සාහ කර ඇති නිසා මෙවන් මොහොතක තව තවත් ඒ ගැන වෙහෙසීමට නොහැක .

            ඇතැම්හු ප්‍රෝඩාකාරී මායාවක් සමග අප වෙත පැමිණි ඇත්තෝහුය , ඇතැම්හු ඇත්තෙන්ම මානුෂීය ලෙන්ගතු කමින් පැමිණියවුන්ය. දෙපාර්ශවයටම මා එක සේ සලකා ඇත .එහෙත් අද මෙවැන්නකින් ඒ සියල්ලන්ම ඇමතීමට සිදු වීම අදද මට පෙහේළිකාවකි .



              මා ඉතා දිගු කාලයක සිට සටහන් තබා ඇති නිසා මෙවැන්නක් තැබීමද මට වෙහෙසක්ය , එහෙත් මෙලෙස මා සමු ගැනීමද සටහන් කළ බැවින් මට තව තවත් සිතීමට අන් දෙයක් නැත. සියල්ල පියවරෙන් පියවර අත් හරිමින් පැමිණි මා අද අවසන් සටහනද තබමින් 100% කින් නිදහස් වෙමි. මින් පසු මා අලුතින් සටහනක් තැබීමක් ගැන බලාපොරොත්තුවක් නොතබන්න.




                         එහෙත් මා නොමැතිව ටික දුරක් යාමට ඇවැසි යම් යම් දෑ කීපයක් ඔබේ සහයෝගයෙන් පසු ගිය කාලයේ එක් කර ගැනීමට හැකි වූවා. එනිසා ඒ සියල්ලෙහි අයිතිය ඔබට පවරමි . මා නැතිවද ඒවා ඔබේ මෙන් පරිහරණය කරන්න . එහි ඇති කරුණු මාගේ හැසිරීම් දන්නා අයවලුන් සමග විසදන්න .පෙර මෙන් ඔබට ඉඟි දීමට මා මතුවට සිටිනු නැත .


                මා සමග මෙම ගමන යාමට පැමිණිනි හෘදයාංගම මිතුරෙක් ඇත , මතු දිනක ඔහු තද බල අපහසුතාවයට පත් විය හැකි නිසා මා අදින් ඔහුවද නිදහස් කරන්නේ මෙසේ ඔබ සියල්ලන්ගෙන්ම සමු ගැනීම සටහන් කරමින් .



              තව තවත් දේ කීමට ඇති මුත් නොපවසමි , මන්ද පෙර මග ඒමට ඒවා බලා සිටි. නිළ සමු ගැනීම මෙයින් සටහන් කරමි! පෙර මෙන් ප්‍රති උත්තර දීමට මා නැති වුවද , අමනාප නොවන්න .ඔබේ අදහස් කෙදිනක හෝ මා දකීවි යැයි සිතා අදහස් පල කිරීමද කිරීමද කරන්න ..!පසු ගිය සටහන්ද හැකි පමණ කියවන්න, මෙය එකම ලිපියක විසිරුණු චේද පමණි .




    ඔබේ අදහස් කෙදිනක හෝ මා දකීවි යැයි සිතා අදහස් පල කිරීමද කිරීමද කරන්න ,මන්ද අදහස් ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැකි නිසාවෙනි .
    juste me prendre dans votre cœur, je vivrai pour toujours et avec les souvenirs. .............



    M. Shermiya Fernandezqe
    pas xx/x de route l'école
    montage Lavinie
    Sri Lanka




    M.Shermiya Fernandezqe
    pays de rêve
    xx, rue de Rivoli-Saint-Honoré
    xx008 Rennes





    February 7, 2013

    Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණු අමුත්තාගේ රහස !|



               වේලාව සවස 6 පසු වෙමින් පවතී .එදින ඉරිදා දිනයක් නිසා මාද විවේකයක් ලැබුමට වෙරල සමීපයේ ඇති කුඩා බංකු කීපය දෙසට යන්නට උණුසුම් කබාය ඇඟ ලා පිටත් උනෙමි .


           සවස් වරුවම තම පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කල බොහෝ දෙනා අඳුර වැටීමත් සමග දිනයේ ගෙවුණ මිහිරියාව සමග තම නිවෙස් වලට යාමට සැරසුණ ගමන්ය , ඇතැමෙක් දැනටමත් පිටත් වී ඇත .

    බොහෝ දෙනා මා ඉදිරියට පැමිණෙන්නේ ඒ මතකයන් වලින් බිඳක් , ඇබින්දක් හෝ මා හටද තිලිණ කරමිනි .

    " අනේ අම්මි , හෙටත් එනවා නේද අපි "

    "හෙට තව ටිකක් කලින් එමුද තාත්ති "

    ඒ කුඩා දරුවන්ය ..





       මා ඔවුන් ආ දෙසට මේ යන්නේ ඇයි ? ඔවුන් පිටව ගිය තැනකට මා යන්නේ ඇයි ? ඔවුන්ගෙන් හිස් වූ තැනකට මා යන්නේ ඇයි ?








    පිළිතුරු මා දන්නේද නැත.




    " හ්ම්, හ්ම්ම්ම්ම්ම්ම්ම්  ඔහොම යමුකෝ ඉස්සරහට " ( ඒ මාගේ සිත )


    කෙමෙන් කෙමෙන් වෙරල දෙසට ඇති පටු පාර දිගේ මා ගමන් ගත්තේ ඉහත සිතුවිළි සමගිනි .


    මේ වන විට සවස 6. 35 පමණ වී ඇති නිසා කළුවර වීම ඇරඹි ඇත.


    " හ්ම්, හ්ම්ම්ම්ම් උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ටක් හෝ ගත යුතුය " නැවතත් මාගේ සිත ...




    " නැත්නම් කොහොමද මේ පාළුව දරන්නේ " ගොට්ට හිස් කරමින් බංකුව මත හිඳීමේ
    කැමැත්තෙන් මාගේ සිත .....


    " මොනවද සර් බැලුවේ , මේකෙන් දෙන්නද " වියලි මිරිස් සමග ඇති බැදුම් දෙස බලා සිටි මගෙන් හේ විමසයි ...


    වෙළෙන්දාද දිනය නිමා කරමින් පැමිණ, මට අවසන් ගණු දෙනුව  කරමින් පිටව ගියේය...


    "හ්ම්, හ්ම්ම්ම්ම්ම්  වාඩි වෙලාම කනවා " ගොට්ට උණුසුම් කබායේ සාක්කුවකට දමා ගනිමින් මා .....




    කෙමෙන් කෙමෙන් පරිසරය හිස්ව යයි , අඳුර පිරෙයි....




    " ඔහ් හෝ ...... හරි පුදුමයකි , සැනසීමකි ... අමුත්තෙක්! " ඈතින් එහා කෙලවරේ බංකුවක තනියම වාඩි වී කෙනෙකු හිඳිනු දුටු මට කියවිණි ....




               වයස 50, 60 පමණ වියේ පසු වූ ප්‍රසන්න පෙනුමක් ඇති මහත්මයෙකි . ඇත්තෙම්ම තරුණ වියේ මොහු නම් හැබැවටම හැන්ඩියෙකු විය යුතුමය ....

                     බොහොම වැදගත් ඇඳුම පැලදුම , තියුණු ඍජු බැල්ම ..තවමත් තාරුණ්‍යයේ පසු වන්නෙක්ම විලසින් මවෙතට තියුණු බැල්මක් හේ හෙලීය!




    " ඉහි , මහ් මහ් මම මෙහ් මෙහ් මෙතනින් වාඩි වෙන්නද මහත්මයා "  කර කියා ගත නොහැකි දෙයක් වූ තැන මට කියා උනි ..




    " අනේ කමක් නැහැ මිත්‍රයා , මට සතුටක් ඒක .කරුණාකරලා වාඩිවෙන්න " ඉතා සදාචාර සම්පන්නව , මිත්‍රශීලීව මවෙත අසුනට ආරාධනා පිළිගන්වමින් හේ පැවසුවේය ...




    " මන් ශර්මි , ඉන්නේ මේ කිට්ටුව . නිකන් ඔහේ ඇවිදින්න ආව මහත්මයා "




    " හ්ම්ම්ම් මාත් හරි කැමති තැනක් මිත්‍රයා මේ . මා නමින් මිගයිල් . කැමති නම් ඔබ
    ඒ නමින් මා අමතන්න "

    මවෙතට අත දිගු කරමින් මිත්‍ර ශීලී සිනාවක් පෑවේය ... ඔහුගේ බාසා හුරුවද ඔහුගේ රූපයද හැසිරීමද හරි වෙනස්ය ....



    " ඇත්තම තමයි දෙවියනි " මේ අමුත්තා මා නොයෙක් වර මෙහිම දැක ඇති බව මට අමතකව ගියාද , නැතිනම් උද්යෝගය නමැති දේ නිසා සිහයට නො ආවේද ???


    කටහඬ ද මින් පෙර අසා නැත්ද එසේත් නැති නම් කොහේදී අසා ඇතිද???


    ඔහුගේ බාසා හුරුවේ එක් විශේෂයක් මට ඒ වන විටත් දැනෙමින් තිබෙන්නට විය.

    එය මෙන්න මෙයැකයයි නිශ්චිතව කීමට මා අපොහොසත් නමුත් එවැන්නක් ඇත ...එයද සොයා ගත යුතුය ...








    සැහැල්ලුවෙන් හැසිරු නමුත් ඒ බොහොම බර අතක්.තියුණු ලෙස මුවින් එළියට පනින වචනද ....


    සැබැවිම්ම මේ නම් දැනගත යුතුම පුද්ගලයෙකි ....


    " ඉතින් මිගයිල් මහත්මයා ඔබ මෙතනට ඇවිත් බොහෝ වෙලාද ? " ඉහත සිතිවිලි සමග තෙරපෙමින් මා.



    " ඔව් සවස 4 පමණ සිට මා මෙහි රැඳුනා . බොහෝ දෙනා සතුටින් කල් ගෙවණු බලා සිටියේ ගොඩක් සතුටින් මගේ මිත්‍රයා "



    " ඉතින් මහත්මයා දැන් ඒ කව්රුවක්කත්ම නැහැනේ . ආපසු යන්නේ නැහැද ඔබ " අමුත්තෙක්ගෙන් නොහොබිනා ප්‍රශ්නයක් ඇසු බව අද මට තේරුණත් , එදා මා අතින් එලෙස ප්‍රශ්නයක් පිට විණි .



    "හ්ම්ම්ම්ම්ම් නැහැ මිත්‍රයා මා තව ටික වෙලාවක් ඉන්නයි අදහස " හිස් මුහුද දෙස ගැඹුරු කල්පනාවකට වැටෙමින් මිගයිල්



    " ඉතින් ඔබ , දූ දරුවන් සමග අනික් ඉරිදාත් එන්න , එදාට මෙහෙම දැනෙන එකක් නැහැ " මෙවැනි තුට්ටු දෙකේ පඬි කතා කීම ගැන මා අද ඉතා කණගාටු වෙමි . ( පාඨක ඔබද සමාව දෙනු ඇතැයි සිතමි )



    " අහ් මෙන්න ගන්න ඔබත් ටිකක් " උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ට මතක්ව එය කබායෙන් පිටතට ගනිමින් මා


    " මට එක්කන් එන්න කෙනෙක් නැහැ මිත්‍රයා! " හිස් මුහුදේම ගිලෙමින් ඔහු


    ඔහු එය කීමත් සමග ගොට්ට මා අතින් ගිලිහිණි ...



    " එපා ඒ දේ ගැන තව දුරටත් හිතන්න , අපි දෙන්නටම මේක සෑහේවි " ඔහුගේ අනික් පසින් තිබු කුඩා මල්ලෙන් විවර නොකලව තිබු තවත් උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ටක් මවෙතට දිගු කරමින් මා අස්වසා ලමින් ඔහු දයාබරව කීවේ පියෙකු මෙනි...




    ඇත්තේම්ම මා මේ කල විනාසය කුමක්ද ?







    මගේ වදනින් ඔහුගේ සිත පෑරුණේ නොවේද ?







    එහෙත් ඒ බව සඟවා ලමින් ඔහු මාවම මේ සනසනවා නොවේද ?








    ඔහු ඇත්තෙම්ම උණු වන හදවතක් ඇත්තෙක් විය යුතුයි නේද ?







    පව් අහිංසකයා , උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ටක් කන්න කියල හිතන් ගත්තට කන්න පිරියක් නැහැ ....







    එහෙම ගත්ත දේ මා එක්ක බෙදා ගමුද අහනවා....







    දෙවියනේ ඇයි මේ වගේ මනුස්සයෙක්ගේ හිත මන් අතින් තවත් පෑරුණේ ....






    මුහුදේ රළ නැගෙන හඬ ගිගිරුම් මෙන් ඇසෙන්නේ , ඈතින් ඇති පහන් කණුවේ එළිය සමග මේ අමුත්තාගේ ජීවිතයේ රහස එළි කරමින්ද ?





    " අනේ සමාවෙන්න මහත්මයා ඔබේ හිත රිදවන්න අදහස් කලේ නැහැ මම " තව තවත් අපහසු තාවයට පත් වෙමින් මම .





    " අනේ මන් එහෙම හිතන්නේ නැහැ මිත්‍රයා , අපි ඩිංගක් වෙලා කතා කරමු ඔබට විවේක තියේ නම්. එය මටත් සැහැල්ලුවක් "







    ඉතා සුහදව මවෙතට උණුසුම් ධාන්‍ය බැදුම් ඇසුරුම කඩා පිළිගන්වමින් ඔහු කියා සිටියේය ....



    ප.ලි . ඔබට විවේකයක් ඇතිද අමුත්තා සමග පිළිසඳරේ යෙදීමට ?
    හැකිනම් ගීතය සමග නැවත වරක් කියවන්න,මීළඟ කොටස ගැන එහි ඉඟියක් ඇත ....


    This is an automated post , Shermie Fernandez    for    http://obeth-mageth-addakeem.blogspot.com
    http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

    සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

    මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili