දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

January 20, 2013

අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන් ( කැපකිරීම් , පරිත්‍යාගය සමග තව මෙව්වා ගොඩක් )


ෂෙරිල් යනු ඇත්තෙන්ම පිරිමි සිත් මත් කරවන රූපයකින් හෙබි වයස අවුරුදු
19 පමණ වන දගකාර යුවතියකි. මේ නිසාම ඇයට තම ආදරය පතා එන පෙම්වතුන් 
ගෙන් නම් අඩුවක් නොවිණි .නමුත් මේ සියල්ලන් පසෙකට කර ඇය ශාන්ගේ අත
ගත්තේ ඇත්තෙන්ම ශාන් යනු දක්ෂ, කඩිසර, නිර්භීත  ඇයගේම වයසේ පසුවු තරුණයෙක් නිසාය.

මෙහි ක්‍රියාත්මක වන ගීතය සමග ඔබට මෙම පෝස්ටුව කියවීමට හැකි නම් කෘතඥ වෙමි .

***************************
 
*****************************



දෙදෙනා අතර ඉතා නොබෝ කාලයකින්ම ආදරය දළු ලමින් වැඩිණි , ඒ හා සමානවම ශාන්
කල  කී ව්‍යාපාරද සාර්ථකත්වයේ ඉහලටම යමින් තිබිණි .ඔහු ව්‍යාපාරයේ අති දක්ෂයෙකි .
හරියටම ඉලක්කය බලා ප්‍රවිෂ්ඨ වී , ජය කිරුල අතැතිව ඉවත් වීම ඔහුගේ ක්‍රමයයි .


එම ක්‍රමය ෂේරිල්ද වටහාගෙන තිබිණි ,එසේම තමාද ඔහුගේ එක් ජයග්‍රහණයක් වූ බව ඈ
හොදාකාරවම දැන සිටියාය.


වසර දෙකකට පසු ඔවුන් විවාහ ජීවිතයට වැද අඹු සැමියන් සේ තමන්ගේම කැදැල්ල්ලක පදිංචියට
ගියේය.මේ වන  විට මොවුන්ට මුදල් අතින් අගහිගයක් නොවුයේ දෙදෙනාගේම සහයෝගයෙන්
ව්‍යාපාර කටයුතු කරගෙන යාමයි. ශාන්ගේ වෙහෙසකර දිවියට ඇය විටක යෙහෙළියක් වීමටත් ,
විඩාවට සිත් තැවුලට පත් වන විට මවක මෙන් ආලය පිදීමටත් ෂෙරිල් කිසි විටක මැළි නොවීය .
විටෙක මහා ප්‍රතාපයෙකු මෙන් අන්‍යන්ට විධාන පනවන ඔහු තුල ජීවත් වන හුරතල්
අහිංසකයා ඈ හොදින් පිළිගත්තේය, ලැමට තුරුලුව නිදනට හැරියේය .



මෙලෙස  කාලය කෙමෙන් කෙමෙන් ඇදී ගියේ අඳුරු යුගයකටය .ශාන් පාවාදීමකට හසු විය.
ඒ වන විටත් ඔහුට ගැලවෙන්නට බැරි ලෙස ඔහුගේ හයිය අහවර වී ගියේය .ව්‍යාපාරයෙන්
ව්‍යාපාරය ඔහු නවතමින් ,ඉවත් වෙමින් බර සැහැල්ලු කර හැරියේය ..එහෙත් එයද ප්‍රමාණවත්
නොවීය .අවසන  කෑම බීම වත් සපයා ගැනීම මොවුනට ප්‍රශ්නයක් වන මට්ටමට ශාන් ඇදවැටිණි .


පෙර තම අති සුකොපබෝගී ජීප් රථයෙන් නිවසට පැමිණෙන විට කිරිල්ළියක මෙන් මිදුලට
දිව ආ
තමා මුළු ලොවටත් වඩා
ආදරය කල ඒ සුන්දර කිරිල්ලිය,


අද කුසට අහරක් නැතිව සුදු මැළි වූ මුහුණින් යුතුව

" පරිස්සමෙන් ගිහින් එන්න රත්තරන් "

යනුවෙන් ශාන් නිවසින් පිටවන විට කියූ අයුරු ඔහුට තබන පා  පියවරක් පියවරක් ගානේ
 සිහියට නැගෙන්නට විය .


මේ වන විට ශාන් ගේ මිතුරෙකු වූ  විසල්  තම මිතුරා පත්ව ඇති තත්වය වටහා ගෙන සිටියේය .
ඔහු හැකි පමණ ශාන් මේ සිත් තැවුලෙන් මිදවීමට කටයුතු කළේය . මුදල් අත මාරු පවා සිදු විය .
ඒ මුදලින්

 තම කිරිල්ලියගේ කුස පිරවීම ඇර අන් යමක් ශාන් නොකළේය .



මිතුරා නිවසටද  පැමිණ කරුණු වටහා දෙයි , ෂේරිල්ද ඔහු හා එක්ව ශාන්ගේ හිත සැනසවීමට නොයෙක්
දේ පෙළගස්වයි .


**නමුත් සිදුව ඇති සියල්ල දන්නේ ඔහු පමණි **



ඔහු ඇත්තෙන්ම වැටී අවසානය .කල හැකි කිසිවක් ඔහුට හිතා ගත නොහැකි ලෙස වැටී අවසානය.
ෂෙරිල් ඉදිරියේ ඔහු තව තවත් අසරණ වෙයි.




" මගේ ෂෙරිල් කෙල්ල එයාගේ කඳුළු හංගන් පපුවෙන් වැලපෙනවා " ඇස් පියා ගන්නා සෑම විටම
 තදින්ම ඔහුට වද දෙන්නට වන්නේ මෙයයි ..



පෙර දිනක තම මිතුරා නොවන්නට ඇයට උපන් දිනට පුංචි ගවුම් කෑල්ලක් හෝ දීමට නොහැකිව
යනවා නොවෙදෝයි දැනෙන විට ,

තම පපුව මත ඒ වන විටත්  පුංචි දෝණියක මෙන් බඩගින්නේ නිදන ඇයව දකින විට,

කඳුළු පිරුණු නෙතින් යුතුව තුරුළු කර ගනු විනා ඔහුට වෙන කල හැකි යමක් නැති බව දැනෙන විට ,


මේ අහිංසකයාට
තවත් ඉහිලුම් නොදෙන්නේය ..

" මගේ පැටියෝ මට සමාවෙන්න " යැයි හඩමින් ඔහු මුළු රෑම එදා  ශේරිල්ගේ ඇකයෙහි හිස තබා
 ඉකි බින්දේය ..


ආදරයෙන් මුසපත්ව , දගකාර යව්වනයෙන් යුතුව ගෙවූ අනේක රාත්‍රීන් හි, සිහිනෙකින් හෝ
 නොපැතූ දෙයක් අද ඔවුන්ගේ රාත්‍රිය වෙළා  අවසානය.....


ඇයටද මේ ලෙස හඬන තම සිඟිත්තා දකින විට තව තවත් වාවා ගත නොහැක.දිගු කාලයක්
තිස්සේ ඉහිලු බර





මේ ලෙස ඔවුන්ගේ රැය පහන් කළේය...


January 13, 2013

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

( මෙම ලිපිය අවසානයේ ඔබට සමස්ත රටක පාලන ව්‍යුහය ගැන අවබෝදයක්
ඉතා සරල ලෙස ගත හැකිය, එනිසා දේශපාලනය ගැන උනන්දු නොවූවද
මෙය කියවන්න.)




          පසු ගිය ලිපියෙන් අග්‍ර විශ්චය ධූරය හා සම්බන්ද නීති රීති ගැනද මෙම ලිපියෙන් අග්‍ර විශ්චය බල තල ගැනද ,එම බල තල අඩපණ වූ විට රටකට ඇති විය හැකි අරාජික තත්වය හැකි තරම් කෙටියෙන් සාකච්චා කරමි .

             ඊට පෙර පළමු ලිපිය නොකීයවුන් පළමු ලිපිය කියවීමටද , පළමු ලිපිය කියවූවන් එහි කමෙන්ට් තීරුවද කියවා සිටින්න .මන්ද පළමු ලිපියේ කමෙන්ට් මගින් විශාල ලෙස අග්‍ර විනිශ්චය ධූරය ගැන අවබෝදයක් ලැබිය හැකි කරුණු ඉදිරිපත් වී තිබෙනවා.එම ලිපියට කමෙන්ට් කල සියලු දෙනාටද එහි ගව්රවය හිමි විය යුතුයි.

01.අනික් සිවිල් වැසියන් තමා ඉදිරියෙහි කෙසේ හැසිරිය යුතුද යන්න;
02.සිවිල් වැසියන් ඉදිරියේ තමා කෙසේ හැසිරිය යුතුද යන්න;
i .තම පුද්ගලික ජීවිතය කෙසේ ගත කල යුතුද යන්න .
ii .තම රාජකාරි ජීවිතය කෙසේ ගත කල යුතුද යන්න .
යන කරුණු පෙර ලිපියෙන්ද



දෙවියන් වහන්සේට හු කීමට තරම් ආරෝවක් ඇති වන්නේ කිමද ?
01.තම පටු අරමුණක කටයුතු කරගැනීමට දෙවියන් ඉඩ නොදීමද?
02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට
03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට
04.දෙවියාට මනු ලොව එපා කරවීමටද?
05.ඔහු චුත කිරීමට
06.ඔහු චුත කර මනු ලොව දේවත්වය ලැබුමටද?
06.දෙවියා අඩපණ කර,දෙවියන් වත් කැමති නැති උවමනාවන් භාව්තීස්ම කර ගැනුමටද?
07.දෙවි අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?
යන කරුණු මේ ලිපියෙන්ද සාකච්චා කරමි


                 අප රටේ සමස්ත ජන සමූහය පාලනය වන්නේ වත්මනයේ මූලිකවම ආයතන 3 ක එකමුතුවක් මගිනි. ඒ දැනට වසර 600 පමණ පෙර, ඒ දක්වා එතෙක් පැමිණි රාජාණ්ඩු ක්‍රමයත් , ඉන්පසු මෑත ඉතිහාසයේ ඇති වූ ආණ්ඩුකාර ධූරය හා එහි සබැඳී පරිපාලන කටයුතුත් , ඒ මගින් විකාශනය වූ වත්මන් පාර්ලිමේන්තු ක්‍රමය මගිනි .(ආණ්ඩුකාර ධූරය , එංගලන්ත රාජාණ්ඩු , තේසවලමෙයි නීති ව්‍යුහය ගැන සියලු විස්තර පසු ලිපියකින් විස්තර කරමි, එය තේරුම් නොගෙන මේ කිසිත් තේරුමට නොහැකිය)


01.විධායකය
02.ව්‍යවස්ථා දායකය
03.අධිකරණය

                විශාල ජන පිරිසක් එක් රොක් වී තම අයිතීන් , යුතුකම් , නව වැඩපිලිවෙත් ගැන කෑ කෝ ගැසීම වෙනුවට සමාන අදහස් දරන්නන් එකමුතු වී , උන්ගෙන් එකෙක් , සමූහයේ නියෝජිතයා වී , සමූහයා වෙනුවෙන් පෙනී සිටීමට ඉදිකරගත් ආයතනය 02.ව්‍යවස්ථා දායකය ලෙසද

                 එහිදීද ඇති විය හැකි අක්‍රමිකතා වලක්වා ලීම පිණිස ඇති කරගත් තනතුර 01.විධායකය (ගරු අග්‍රාමාත්‍ය ධූරයද , අති ගරු ජනාධිපති ධූරයද) ලෙසද

                 ඒක මතිකව සම්මත කරගත් නීති රීති සමූහය , සියල්ල එක ගොන්නකට ගෙන , එකින් එක විමසා බලා , කිසිදු ලෙසකින් කිසිවකට යට නොවී ක්‍රියාත්මක කරන්නාවූ ආයතනය 03.අධිකරණය ද වේ ..

    (ඉහත ගොනු කර ඇත්තේ අතිශය සංකීර්ණ ක්‍රියාවලී රැසක මූලික මුහුණුවරයි.මෙහි අභ්‍යන්තරයේ තවත් අනු , ප්‍රති අනු කොටස් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි.ඒ පිළිබඳවද පසු ලිපි වලින් කරුණු ගොනු කරන තෙක් අද ලිපියට ඉහත කරුණු සිහි තබා ගන්න ) .........

     මේ සා විශාල ලෙස පුළුල්ව පරිනතව වැඩුණු ක්‍රමවේදයක් භාවිතා කරන්නේ රටෙහි ජීවත් වන සෑම මිනිසෙකුටම , ජීවියෙකුටම, සම්පතකටම අගතියක් නොවී , සෑම දෙනා හට සර්ව සාදාරනය ඉටු කල යුතු නිසාවෙනි ; අප ගෝත්‍රික යුගයෙන් මනුෂ්‍ය යුගයට පැමිණ ඇති නිසාය.


         ජනතා නියෝජිතයන් සියලු දෙනා ඒක රාශී වී කටයුතු මෙහෙයවන පාර්ලිමේන්තුව සතුව රටෙහි හුවමාරු වන සියලු මුදල් පරිපාලනය ,නීති සම්පාදනය , රාජ්‍ය සේවක / ආයතන / ආරක්ෂක / පරිපාලනය, අන්‍ය විදේශ සමග පවත්වන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයේ සිට ඔබගේ නිවස කිට්ටුව හන්දියට ලයිට් එකක් දැමීම දක්වා අයිතිය - කල හැකිය - ඇතුලත්ය.

               දැනට වසරකට රු ලක්ෂ 1000 ඒවා 1500 පමණ වන මුදලක් , 225 හෝ 240 වැනි පුද්ගලයන් පිරිසකට පරිපාලනයට ගත හැකි නම්ද ඒ මුදල් සියල්ල රටෙහි ජීවත් වන සියලු ජනතාවගේ මුදල්දනම්ද ඉහත කී 240 කට පමණ සීමා වූ පිරිස ඉතා කල්පනාකාරීව දිවි හිමියෙන් අනික් සියලු ජනයා වෙනුවෙන්

01.ඒ මුදල් රැක ගත යුතුය.
02.ඒ මුදල් මනාව යෙදවිය යුතුය
03.ඒ මුදල් සතයක් හෝ අන් සතු නොකර රැක ගත යුතුය
04.ඒ මුදල් වලින් රට තවත් දියුණුව කරා සියල්ලන් වෙනුවෙන් ගෙනිය යුතුය
05.ඒ මුදලින් ඉතුරුවක් මතු අහේනියකදී ප්‍රයෝජනයට වෙන් කල යුතුය .
06.ඒ මුදලින් අත්තනෝමතික , ප්‍රෝඩාකාරී ක්‍රියා සුළු පිරිසකගේ වින්දනයට නොකළ යුතුය


               පරිපාලන සම්බන්දව කටයුතු කිරීමේදී මහ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සැපයීමත් , ඔවුනගේ එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමට අවශ්‍ය දේ සම්පාදනයට ආයතන පිහිටුවීමත් , ඒ ආයතන නඩත්තුවත් , සේවක මඩුල්ල පරිපාලනයත් ඉහත මුදල් ක්‍රමවත්ව යෙදවීම තුලින් කල යුතුය.

ආරක්ෂක    සේවා , අංශ
සව්ක්‍ය සේවා , අංශ
අධ්‍යාපන සේවා, අංශ
ප්‍රවාහන සේවා , අංශ
ප්‍රජා සේවා , අංශ
යටිතල පහසුකම්
හඳුනා ගත් නව සේවා

          ආදිය කල යුතුය .ආරක්ෂාව සම්බන්දව මුල් තැන උක්ත කී ආයතන තුන සාමුහිකත්වයෙන් කල යුතුමය.මන්ද රට වෙනත් ආක්‍රමණයට අසු වුවහොත් ඉහත සදහන් කිසිදු කරුණක් තව දුරටත් වලංගු නොවනු ඇත .එනිසා බොහෝ සෙයින් ඊට මුල් තැන දිය යුතුමය.එය දෙවැනි වන්නේ රටෙහි ආහාර පිලිබඳ ගැටළුවක් ඇති වූ අවස්ථාවක පමණි, හාමත් වූ ජනතාවකට ආරක්ෂාවකින් පලක් නැත. තම ආරක්ෂාව සපයා ගත නොහැකි අවස්ථාවක දීර්ග කාලයක් තිස්සේ විශ්වාසය ගොඩ නැගී ඇති වෙනත් සහෝදර රටක පිහිට පැතීම කල යුතුය.( එය වෙනම විෂයකි ) රටෙහි ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යංශය මගින් අති විශාල කරුණු ගොන්නක් ඉටු වේ .එයට ඇති තරම් මුදල් , සම්පත් යොමු කල යුතුය .සොල්දාදුවන් බඳවා ගැනීම , අවි අයුධ යුධ නැව් , ගුවන් යානා , ලබා ගැනීමේ සිට අති විශේෂිත හැකියාවන් දක්වන පුද්ගලයන් රාජ්‍ය චර පුරුෂ සේවයට බඳවා ගැනීම දක්වා එයට ඇතුලත්ය . ( චර පුරුෂ සේවා හි යම් අවබෝදයක් පමණක් ලැබිය හැකි ලිපියක් පසුව ඉදිරිපත් කරමි, එය වෙනම විෂයකි ) මෙවැනි පසුබිමක් දරණ ආරක්ෂක අමාත්‍යංශය ඒ නිසා අතිශය රහස්‍ය හා විස්වාස වන්තව පිහිටුවීම අත්‍යවශ්‍ය වේ.නැතිනම් ඇතැම් විට මෙම ධූරය දරන්නා හට අවි බලයෙන් රටෙහි සියලු තැන් එක් රැයකින් අඩපණ කර සමස්ත පාලනය අතට ගැනීමට හැකිය. (මනාව වැඩුණු චර පුරුෂ සේවා හැකියාව ඇති මොලකාරයෙකුට වුවද එවැන්නක් සැලසුම් කල හැකිය .)එනිසා මෙම ධූරයද විවස්ථාපිත නොවූවද බිහිසුණු බලයක් ඇති තැනකි .


                   ඉන්පසු සව්ක්‍ය අධ්‍යාපන ප්‍රවාහන හා වෙනත් සියලු සේවා රටෙහි ජීවන ගුණාත්මක භාවය ඉහල නැංවීම පිණිස භාවිත කල යුතුය.එහිදී නව ආයතන පිහිටුවීම , පවතින ආයතන පරිපාලනය හා සේවක පිරිස් බඳවා ගැනීමේදීද මනාව සුදුස්සන් පමණක් පිහිටුවා , සුදුස්සක් පමණක් කල යුතුමය . නැතිනම් කාර්තු කීපයකදී දශක ගණනාවක වැඩ පිළිවෙල හැඳි ගෑවී සෝදා පාලු වීම වැළක්විය නොහැක.ඉහත 240 වැනි පිරිසට බලය පවරා ඇත්තේ මෙවැනි ක්‍රියා අති සමූහයක් පාලනයටය.එසේ නොමැතිව අන් කිසිවකට නොවේ.


              ඉහත දක්වා ඇත්තේ ඉතා කෙටියෙන් පාර්ලිමේන්තුවක බලයෙන් රටක පාලන ක්‍රමවේදයයි .මෙයද අස්ථාවර මට්ටමකට පැමිණීමක් ඇති වූ විට මෙතෙක් යුක්ති ප්‍රකාරව පැමිණි ක්‍රමවේදය හා සංසන්දනය කර තීරණයක් දීමත් , නව ප්‍රශ්නයක් පැමිණි විට නීතියට අනුකූලව ඒ මත පමණක් පිහිටා කරුණු විශ්ලේෂණය කර තීන්දුවක් දීමට ගරු අධිකරණයට බලය පවරා ඇත.එහි උත්තරීතර පුද්ගලයා ගරු අග්‍රවිනිශ්චය කාර තුමා වේ.



              අධිකරණයට යටත් කල නොහැක්කේ අති ගරු ජනාධිපති ධූරය පමණි . ඒ ඇර අන් සියල්ල එම ධූරයට හිස නැමිය යුතුය.එය ඉදිරියේ අන් කිසිවක් නැත. පාර්ලිමේන්තු සාමාජිකයන් මගින් ගන්නා තීරණ තීන්දු , විධායකය මගිනුත් , මේ සියල්ල යලි අධිකරණය ඉදිරියේත් විශුද්දී කරණය වන නිසා ඉතා නිරවුල්ව , පිරිසිදුව , විනිවිද පෙනෙන ආකාරයට සංවිදානය වී ඇත.කිසිවෙකුට අත්තනෝමතික ලෙස හැසිරීමට මේ මගින් ඉඩ හැකි පමණ අහුරා ඇත. ඉහත මා සදහන් කල පරිදි අති විශාල මුදල් ප්‍රමාණයකුත් , අති විශාල බලයකුත් මේ 240 පමණ වන පුද්ගලයන් පිරිසක් අත වේ .


                           නමුත් මොවුන් සියල්ල ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ තැනක ඇති විය හැකි තත්වය ඔබට මේ වන විට වැටහිය යුතුය. සියලු මුදල් , බලය , ජනයා හිතු මතේ පාලනය කිරීමට පුද්ගලයන් කීප දෙනෙකුට හැකිවනු ඇත.එයින් නැවත රට රාජාණ්ඩු ක්‍රමයකට ගෙන යාම ඉතා පහසුවෙන් කල හැකිය.සියල්ල පාලනයට එක් පුද්ගලයෙකු පමණක් අවැසි, ඒකාධිපතිත්වයක් ඉතා පහසුවෙන් මේ සියුම් තැන් වල දුර්වල කම් හඳුනා ගන්නෙක්ට පිළිවන.යුධ ශක්තිය නගා ගත් පසු නැවත එවැන්නෙක් යටපත් කිරීම දෙවියන්ටවත් කල නොහැක. ..

              මෙතෙක් රටක සමස්ත පාලන ක්‍රමවේදය මා කෙටියෙන් අද ලිපියේ අරමුණට අවශ්‍ය වන පරිදි ගෙනහැර දක්වා ඇත . මෙහි මා දෙවියන් යනුවෙන් පවසා ඇත්තේ කවුරුන්දැයි දීර්ඝව පෙර ලිපියෙන් කරුණු දක්වා ඇත. මේ කරුණු ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු ඔබටම සපයා ගත හැක . පහත ප්‍රශ්න කියවා නැවත ලිපිය කියවූ විට පිළිතුරු ඔබ ඉදිරියේ මැවෙනු ඇත , මා නවතිමි .


03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට
මෙහි හොඳ දෙවියෙකු යනු කවරෙක්ද?
i. එනම් එකිනෙකාගේ ඉල්ලීම් මත වෙනස් වන , එකිනෙකාගේ
සුහදත්වය මත වෙනස් වන සැමට එකක් නොවූ දේවත්වයද ?

02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට
i.එවැනි දේවත්වයකින් කිනම් පුද්ගලයන් දේවාශිර්වාදය ලබාවීද ?
ii .දේව උදහසට ලක් වන්නන් හට කුමක් සිදු වේද ?

07.දෙවි අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?
i .එවැනි බලයකින් සිදු කිරීමට හැකි , එවැන්නක් නොමැතිව කල
නොහැකි කරුණු මොනවාද ?



නැවත පෙර කරුණ



           මොවුන් සියල්ල ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ තැනක ඇති විය හැකි තත්වය ඔබට මේ වන විට වැටහිය යුතුය. සියලු මුදල් , බලය , ජනයා හිතු මතේ පාලනය කිරීමට පුද්ගලයන් කීප දෙනෙකුට හැකිවනු ඇත.එයින් නැවත රට රාජාණ්ඩු ක්‍රමයකට ගෙන යාම ඉතා පහසුවෙන් කල හැකිය.සියල්ල පාලනයට එක් පුද්ගලයෙකු පමණක් අවැසි , ඒකාධිපතිත්වයක් ඉතා පහසුවෙන් මේ සියුම් තැන් වල දුර්වල කම් හඳුනා ගන්නෙක්ට පිළිවන.යුධ ශක්තියද නගා ගත් පසු නැවත එවැන්නෙක් යටපත් කිරීම දෙවියන්ටවත් කල නොහැක. ..





  ප.ලි.  ආර්ථික , ආරක්ෂක , නීති , සමාජ ප්‍රතිපත්ති ගැන කාලය සීමිතව ඇති පරිදි ඔබට ලිපි ඉදිරිපත් කරමි. දැනට පල වන්නේ ප්‍රති උත්තර දීමට මා සිටිය යුතු කරුණු පමණයි.ඉදිරියේ මා අවැසි නොවන ලිපි මෙම බ්ලොග් අඩවිය තුල ස්වයන්ක්‍රීයව බොහෝ විට ඉරිදා දිනය තුල පලවෙනු ඇත.මෙහි ඇති කරුණු කියවා අන්‍යන්ද හැකි පමණ දැනුවත් කරන්න. ඔබගේ දුවා දරුවන් මතු දිනෙක යහපාලනය අගයන රටක ජීවිතය ගෙනියනු වස් , දැන්ම දෙමව්පියන්ට යුක්ති සහගත සේ හැසිරෙන්න.නියමුවන් යානය හැර ගියද , ගමනාත්යට ඔබ යා යුතුය. .

January 10, 2013

ගල් කොල්ලෝ ( අවවාදාත්මක සිනා කතාවක් )

             

           පාසල් සමයේ වූ රසවත් සිදු වීමක් නැවත මතක් වූ.නමුත් දැන් මේ සිදුවීම ගැන සිතන විට බොහෝ පාඩම් ගත හැකි බව වැටහේ... තිසරගේ රඟහලේදී දැකපු සිද්දියකින් තමයි මේ දේ මට මතක් උනේ. ඒ වගේම පේට්‍රියට් ලොක්කගේ නංගි බබාගේ පෝස්ට් එකේ ගියපුවත් මේකට සම්බන්දයි වගේ ....



               මේ දේ උනේ අපි සාමාන්‍ය පෙළ කරන කාලේ හරි 9 වසරේ ඉද්දි හරි. අපිට තිබ්බා රෑ ගණිත පන්තියක් .විබාග කාලෙට හවස 4 වගේ ඉඳන් රෑ 10 වගේ වෙනකම් තියෙනවා. එකෙ විවේකය දෙනවා රෑ 7 ට විතර මොනවා හරි ගෙදර ගිහින් කාල එන්න.සමහර දාට නොකා ඉන්නවා, සමහර දාට කඩේකින් කනවා , සමහර දාට කාගේ හරි ගෙදරකින් කනවා..hehe.

         දවසක් සෙට් එකම ඉන්ටවල් එකේ අපේ ගෙදර ආව, සංග්‍රහ භුක්ති විඳලා ආපහු යන්න පිටත් උනා ක්ලාස් එකට .ඔහොම යද්දී අපිට හිටිය පොදු සතුරෙක් "ලැම්බට් වවුලා"protest.. ලක්ෂාන් තමයි ඇත්ත නම , තව ලකී , ලකියා වගේ නම් තිබ්බට අපි ඒකත්චන්දයෙන් භාවිතා කරේ ලැම්බට් වවුලා , ඒකට අපි අතර තිබ්බ ඔරොප්පුව මූලික උනා.


          ඉතින් අපි තීරණය කරා ලැම්බට්ගේ ප්‍රන්තෙ මැද්දෙන් අපේ ගමන යොදා ගන්න.spy.මොකද මිනිහගේ සුව දුක් බැලීමේ අවශ්‍යතාවයක් තදින් තිබ්බා අපිට ඒ වෙද්දී.dont. ( ලැම්බට්ගේ ප්‍රන්තෙයි , මගේ ප්‍රන්තෙයි තමයි ඉතා කිට්ටුම ප්‍රාන්ත දෙක.)angry1.

        අපි සෙට් එක දැන් ඔන්න හෙමින් හෙමින් කිට්ටු කරනවා අපේ පුස් බයිසිකල් වල.සමහරු ඩබල් දාල, සමහරු සෙල්ෆ් ඩ්‍රයිව් .hehe1.

          නිකම්ම නිකම් හු පාරක් දාල එන්න කැමති උනේ නැහැ ගොඩක් දෙනෙක්protest. .ඒ නිසා 4/5 චන්දෙන් වගේ ගල් පෝරියල් එකක් ලම්බට්ගේ ගෙදරට සම්මත උනා.shy.

            ඕක දීල එනින් ගමන් අපිට කඳට දැනෙන්න ගත්තා අමුතු කික් එකක්banana. , ගල් කික් එකක්chili..එකේ ප්‍රතිඵලයක් විදිහට

January 6, 2013

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) ...

කරුණාකර මෙහි කමෙන්ට් තීරුව කියවීම අමතක නොකරන්න .

      
  
            ඕනෑම රටක වගකිවයුතු , අනෙක් මහජන සේවා හා සම්බන්ද නොවූ  ලෙස ස්ථාපනය වූ,  රටෙහි අනික් වැසියන්ගෙන් මිදුණ,   ගරු කටයුතු  තනතුරු ඇත. ඒ අතලොස්ස  අතරින් ප්‍රධානතම තැන ලබා ගනුයේ අග්‍ර විනිශ්චය කාර ධූරයයි. අග්‍ර විනිශ්චය ධූරය යනු මිනිස් ලෝකයේ වර්තමාන කාලයෙහි ජීවත් වන අපට, දෙවියන් වහන්සේගේ යුක්තියත් , රජෙකුගේ බලයත් එක්  තැන් වන ලොව ඇති එකම ධූරයයි.

      එහි ඇති වටිනාකාම , ගාම්භීරත්වය ආරක්ෂා කිරීම පිණිස එම ධූරය පත් කිරීමේ සිට එහි ධූර කාලය අවසන් කිරීම දක්වා පවතින සියලු ක්‍රියා දාම අනික් රැකියාවන්හි ඔබ අප දකින සියල්ලට වඩා වෙනස්ය. එය එසේ නොවන්නට එහි ඇති බලය වෙනෙකුගේ පාපතර ක්‍රියා සමූහයකට ආශීර්වාදයක් නොවීම වලකනු බැරිය.එහෙයින් ධූරයෙහි පිහිටවූ පසු ඔහු / ඇය වෙනත් කිසිවෙකුට ස්වායක්ත නැත. තම වේතනය තීරණය කිරීමේ සිට ඇති මහත් ක්‍රියා සමූහයකට ඔහු යටත්ය.
ඒ මොනවාද ?


01.අනික් සිවිල් වැසියන් තමා ඉදිරියෙහි කෙසේ හැසිරිය යුතුද යන්න;
02.සිවිල් වැසියන් ඉදිරියේ තමා කෙසේ හැසිරිය යුතුද යන්න;

පවා ඔහුගේ / ඇයගේ තීරණය මත සිදු විය යුතුය.එම ධූරය හොබවන්නා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවියන් වහන්සේ හා සමානය . ඔහුට රිසි සේ සමාජයේ  හැසිරිය නොහැක.මෙහි මූලික අංග දෙකකි .

එකින් එක ගෙන බලමු.


i .තම පුද්ගලික ජීවිතය කෙසේ ගත කල   යුතුද යන්න .
ii .තම රාජකාරි ජීවිතය කෙසේ ගත කල යුතුද යන්න .

             ''තාත්තේ අද අරෙහි යමු '' කී විට පුංචි පුතු කරට ගෙන එලි බැසීමට රටක අග්‍රවිනිශ්චය ධූරයට බැරිය. 
තම දු දරුවන් , අඹුවන් තව දුරටත් ධූරය දරන්නාට අඹුවන් වත් දරුවන් වත් නොවේ.මහප්පලා , බාලම්මලා ඔහුට නැත.මහ මගදී හමු වූ පාසල් මිතුරෙක් හා  දොඩමලු වීමට නයිතිකව ( IME fault ) ඔහුට නොහැක .ගත කරන පුරා වසර 12 තෙක්ම එය මෙසේම විය යුතුය.කිසිදු අයුරකින් වෙනෙකුගෙන් තේ උගුරක් හෝ පරිහරණයට ඔහුට නොහැක.
ඒ තම පුද්ගලික ජීවිතයෙන් ඔහු කරණ කැප කිරීමය . 

              දෙවැන්න නම් රාජකාරීමය වශයෙන් 
 මගේ වේතනය ප්‍රමාණවත් නොවේ යයි හඬමින් වෙනත් අයවලුන් පසු පස යා යුතු නැත.තම වැටුප තමාට තීරණය කිරීමට හැක .ඒ අන් කිසිවක් නිසා නොව දෙවියන් වහන්සේව මනු ලොව තුල හිගන්නෙකු කර , අනෙකෙක් ඉදිරියේ දෙවියන් දණගස්සවා ගැනීමට හැකිනම් ඔහුගේ දේවත්වයෙන් මනු ලොවට  ඵලක් නොවන නිසාය.මෙහි අති මහත් අරුතක් අන්තර්ගත වුවත් චේදය මීට වඩා දික් කල නොහැක.ඒ  ඕනෑම කෙනෙක් දන්නා පරිදි පවතින ආර්ථික තත්වයන් මත පුද්ගලයෙකු වක්‍රව අඩපන කිරීමට වේතනයට  හැකි නිසාය.
             ඔහුට රාජකාරීමය වශයෙන් වෙනත් කිසිදු නිලයක් , තලයක් හා සුහදත්වයක් රාජකාරීමය අවශ්‍යතා සඳහා පැවැත්විය නොහැක. "අසවල් ගොණුව තත් දිනට ලබා දීම සඳහා කාරුණික වන්න " යනුවෙන් වෙනත් තනතුරක් මත යැපීමට ඔහුට අවශ්‍ය නැත .අග්‍ර විනිශ්චය ධූරය ලොව  සියල්ලට ඉහලින් පවත්නා නිළයයි.එහෙයින් ඔහුට රාජකාරීමය දැන හැඳිනුම් කම්ද නැත.
ඒ තම රාජකාරී ජීවිතයෙන් ඔහු කරන කැප කිරීමය .



               ඉහත 
01.අනික් සිවිල් වැසියන් තමා ඉදිරියෙහි කෙසේ හැසිරිය යුතුද යන්න; හා නැවත සලකා බලමු. ඔහු මේ ලොව තනි පුද්ගලයෙකි; කිසිදු දෙයකින් ඔහු හා බැඳීමට කිසිවෙකුට බැරිය.ඔහුගේ දූ දරුවන්ට අසවලා මගේ  පියා , මව යැයි හඳුන්වා දීමට නොහැක.ඔහුගේ කාලාත්‍රයාට මේ මාගේ කාලාත්‍රයා යැයි හැඳින්වා දිය නොහැක. මේ කාරණය තේරුමට  සංකීර්ණ නම් පහත  උදාහරණය බලන්න ...

හිතන්න මගේ තාත්ත කොහේ හරි රටක අගවිනිසුරු කියල..
එයාගේ නම ( name ) AAA කියමු. මට දැන් AAA ගැන අයිති නැහැ..
එයා මගේ තාත්තත් නෙවේ..මට කොහේ වත් AAA වෙනුවෙන් පෙනී
ඉන්නත් බැහැ.කොටින්ම AAA කියලා කව්රුත් මගේ ජීවිතේ නැහැ.
ඒ උනාට මගේ තාත්ත ඉන්නවා, ඒත් එයා AAA නෙවේ..
ඒ පුද්ගලික ජීවිතය තුල ඔහු හා අයිතිවාසිකම් කීමට ඔහුගේ පවුලේ අයට ඇති හැකියාව හා නොහැකියාවයි.
 
හිතන්න දක්ෂ අවංක නිළධාරියෙක් ඉන්නවා , විශාල වශයෙන් රාජකාරීමය
ජීවිතයේදී හමුවෙනවා ; කාලයාගේ ඇවෑමෙන් සොරකමකට චෝදනා ලබනවා .
එදාට චෝදනා ලත් තැනැත්තාට " මෙච්චර කල් ළඟ හිටපු මගේ අවංක කම
ගැන සර් දන්නවා නේද, මාව බේරලා දෙන්න" යනුවෙන් අගවිනිසුරු හමුවේ
පැවසිය නොහැක.
ඒ රාජකාරීමය ජීවිතය තුල ඔහු හා සාමාන්‍ය සිවිල් තනතුරු දරන්නෝ  හැසිරිය යුතු ආකාරයයි .



               එවන් අති සංකීර්ණ  කැප කිරීමක් මධ්‍යයේ මේ ධූරය දරන්නාට රාජකාරී කිරීමට සිදු වන්නේ මනස නිරවුල්ව , අතිශය නිරවුල්ව තබා ගනිමින් රටෙහි ඇති ප්‍රශ්න කෙරෙන ප්‍රශ්න කෙරෙහි බැලීමටය.වෙනත් කිසිදු දෙයකින් තොරව තීන්දුවක් ගෙන තම බලයෙන් මුදා හල යුතුය.ඒ  තම හස්තය මත ජීවත්වන ලක්ෂ 200 කගේ ජීවිතය සුරැකිය යුතු නිසාවෙනි ;
ලක්ෂ 200 කට ඔහුගේ බලය බලාත්මක වන නිසාවෙනි.ඉඳීන් මෙවැනි ගරු කටයුතු , මනු ලොව දෙවියන් වැනි රජෙකුට තම ධූරයෙහි හිඳිනා විටදීම කිසියම් කෙනෙකු හූ කීමට පෙළඹේ නම් ඒ ගැන සොයා බැලිය යුතුය .මන්ද දෙවියන් වහන්සේට හු කීමට තරම් ආරෝවක් ඇති වන්නේ කිමද ?


01.තම පටු අරමුණක කටයුතු කරගැනීමට දෙවියන් ඉඩ නොදීමද?
02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට

03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට
04.දෙවියාට මනු ලොව  එපා කරවීමට
ද?
05.ඔහු චුත කිරීමට
06.
ඔහු චුත කර මනු ලොව දේවත්වය ලැබුමටද?
06.දෙවියා අඩපණ කර,දෙවියන් වත් කැමති නැති උවමනාවන් භාව්තීස්ම කර ගැනුමට
ද?
07.දෙවි  අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?


  ඉහත සඳහන්  කාරණා කීපයක්  ගැන පමණක් මේ ලිපියෙහි දෙවැනි ලිපියට මත්තෙන්  සලකා
බලමු.


03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට 
 මෙහි හොඳ දෙවියෙකු යනු කවරෙක්ද?
i.  එනම් එකිනෙකාගේ ඉල්ලීම් මත වෙනස් වන , එකිනෙකාගේ
සුහදත්වය මත වෙනස් වන සැමට එකක් නොවූ දේවත්වයද ?

02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට
  i.එවැනි දේවත්වයකින් කිනම් පුද්ගලයන් දේවාශිර්වාදය ලබාවීද ?
ii .දේව උදහසට ලක් වන්නන් හට කුමක් සිදු වේද ?     


 07.දෙවි  අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?
i .එවැනි බලයකින් සිදු කිරීමට හැකි , එවැන්නක් නොමැතිව කල
නොහැකි කරුණු මොනවාද ?



මේ සියලු කාරණා ගැන පසු ලිපියකින් කතා කරන තෙක්
කරුණාකර දෙවියන්ට හු නොකියන්න ,
 හු කීමට ඉඩද නොතබන්න ..නොඑසේනම් ඔබට , අපට
දෙවියන් යැයි කියා
 මින් මත්තට යාමට , දණින් වැටීමට
 දෙවියෙකු හෝ ඉතුරු නොවණු ඇත! 





ප.ලි .කාලයක් මුළුල්ලේ එමින් සිටිනා ගමන් මග තේරුමට අපහසු නම් පහත
ලිපි කියවා නැවත මෙය කියවන්න
01.මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)
02.වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!
http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili