දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 28, 2012

වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!



           මා මෙන්ම ඔබද අකමැතිම මාතෘකාවක්, නමුත් අමතක කර අපට පලා යා නොහැකි නිසා මේ ටික සටහන් කරමි ඉතා කෙටියෙන්.සුප්‍රසිද්ද ගොයන් කොලේ කතාවත්; පාරට තාර දමා ගැනීමේත්, කොල්ලාට රස්සාවක් හොයා ගැනීමේ පරමාර්ථයෙන් කතිරය ගැසූ සියලු දෙනාම මෙයට දායක වී ඇත..
( පසුබිම් බිම් කතා සියල්ල දන්නා වුන්ගේ සාභාගීත්වය පමණක් සෑහේ..)

                මා කෙටියෙන් සියලු දේ පවසමි.ගොයන් කොලේ සිද්දිය ගැන රෝම ලන්දේසි පොත් කට පාඩන් කරන කාලයේ පටන් සියලු දෙනාම මහත් උජාරුවෙන් විශ්මිතව " ෂඃ පුදුම දක්ෂයෝ නේද " යනුවෙන් කීවා පමණි.ඇත්ත වසන් කර ඇස් පනාපිට අහිංසකයන් තවත් අසරණ කර පැන යද්දී කිසිම කෙනෙකු

01. ගරු _______ හිතා මතා නොමග යැවීම
02.ගරු _______ තුමා හෑල්ලුවට ලක් කිරීම
03.වචන පෙරලි මගින් ___ වෙනතක යැවීම
04.අහිංසක( ඔප්පු කල නොහැක්කක් ) පුගලයෙකුගේ වහර වටහා නොගැන්ම
05.සම්පූර්ණ මෙතෙක් __ විභාගය නිරර්ථක ලෙස වෙනත යැවීම
06.ඉහත කරුණු සියල්ල සමගින් තහනම් නියෝග ඉදිරිපත් නොවීම

ගැන කතා  කලේ නැත.කල එකම දෙය " සියල්ල සාක්ෂි මත පදනම් බව "
පැවසීම පමණි,එමගින් තව තවත් ඉහත වැරදි සියල්ල ඉබේම තම ආයුධ
ගොන්නට එක් කරගැනීම පමණි.
අතිශය දරුණු ක්‍රියා කීපයක් භව්තීස්ම වූයේ එලෙසිනි.ගැටලුවක්ද නැත .
ඈ අඳ ගැහැණියකි.අපගේ හෙළුව දක්නට ඈට නොහැක.
මෙතෙකින් පළමු කොටස අවසන්!


දෙවන කොටස .....

 
     එදා (48)සිට අපට සිදු වූයේ , අප සිදු කලේ, කරන්නට දිරි ගැන්වුණේ මහා ඒජන්ත හාමුදුරුවෝ වැන්නවුන්ගේ දේශපාලන කණ්ඩායමට බත් බලයන් වීමටය..ඒ ඇර අප දන්නා, අපට කියා දුන් දේශපාලනයක් නැත..ටිකෙන් ටික මේ තත්වයම වැඩි වූවා පමණි..

      ටික ටික "  කොල්ලට මේ පාරවත් රස්සාවක් හාමුදුරුවනේ , අපේ මුද්දර පොත,ජනතා කරණය , වැඩි තැනින් අඩු තැනට........ etc ( including 77, 83, 89)   >>>>> ගමට ලයිට් , තාර ,  දක්වා දිගු වූවා පමණි..දේශපාලන  දැනුම, මෙහි සබැ වටිනාකම , මෙහි ඇති බලය..... etc ගැන දැනුවත් වීමක් සිදු නොවීය.දේශපාලන බලය ඇත්තවුන් හැමදාම මහ ඒජන්ත වරුන්ය .අනිකුන් ඔවුන්ගේ බත් බැලයන්ය..මහ ඒජන්තවරුන් ගානට තෝරා බේරා බත් බැලයන් නියමිත ස්ථානයන් හී රදවා ඇත.ඒ ඔවුනගේ උන්නතියට පමණය.

           වරප්‍රසාද ලත් බත් බැලයන් සිදු කරනුයේ මහ ඒජන්තටත් හපන් ක්‍රියා දාමයකි..මක් නිසාද යත් ඔවුන් සාමාන්‍ය බත් බැලයන්ගෙන් යැපෙන්නවුන් නොවීම නිසාවෙනි.වරප්‍රසාද ලත් බත් බැලයන් කිසිදු ගැටලුවකින් තොරව මහ ඒජන්තස්වරූපයෙන්ම පෙනී සිටී..

තුන් වන කොටස ...

 
                   වරප්‍රසාද ලත් බත් බැලයන්  ඉඳ හිට සැබෑ මහා ඒජන්ත හමුදුවන්ටත් ඉහලින් යන්නට තැත් කරයි.ඒ කුමන හෝ කරුණක් නිසා තමන්ද අහිංසක බත් බැලයන් බව අමතක කර සිටින නිසාවෙනි .. (හේතුව වෙනත් කරුණක් නිසා සදහන් නොකරමි  ) බත් බැලයන් යනු බත් බැලයන් පමණි.දවටා ඇති සරුව පිත්තල ඉවත් කල පසු අහිංසක බත් බැලයන්ගේත් ඔවුන්ගේත් වෙනසක් නැත.. එහෙත් අවසනාවක මහත නිල් නරියාට සිදු වූ දෙය  

දැන් අතුරු  කතා සියල්ල එක් කර අවසාන කතාව පවසමි..

01.සැබෑ ලෙස අසාධාරණයක් වූ විට දැන් පමණක් කිමද මේ වෙනද නොතිබු
පෙරලියක් ?

02.දැන් පමණක් කිමද නිරුවත පෙන්වීමට තහංචියක් ?
03. ඈ අඳ ගැහැනියකි, ඒ නිසාම නිරුවත පෙන්වීමෙහි වරදක් නැති
බව අපටම කියා දුන්නේත්  , අප ලවා නීති විභාග පිටු ගණන් ලියවූයේ
කව්රුන්ද ?

04.ඒ සත්‍යම ඔබට වලංගු නොවන්නේ මන්ද ?
05. ඒ එහි නිරුවත අතරින් රිංගු විට සැබෑ සත්‍ය යට යන නිසාද ?
06.මීට ඉහත අන්ත අසරණ උන් දුකින් හඬා වැටෙන විට දෑස් නො ඇරුනේ කිමද ?
07. ඔබ අඳ නිසාද ?
08.දැන් දෑස් ඇරුනේ මෙතෙක් කල් ඔබ කල බොරුව  නිසාද ?
09.මේ ඔබගේ වාරය නිසාද ?
10.අසරණයන් හා එක්ව දැන් ඉන්නට නොහැක්කේ ඇයි ?
11.ඔබ හට එය පිළිගත නොහැක්කේ ඇයි ?
12.ඔබ අසරණ වන්නට කැමති නැත්තේ ඇයි ?
13.අනුන් අසරණව හඬා වැටෙන විට දෑස් බැඳ සිටි පටිය දැන් ගලවා
ඇත්තේ ඇයි ?
14.ඉහත වැරදි ගැන දැන් කතා කරන්නේ ඇයි ?


අවසානය ..

 
      ඔබද බත් බැලයෙක් පමණි , අපද බත් බැලයන්ය.එහෙත් අපගේ ගොඩට එන්නට ඔබට ඉඩ දිය නොහැක .නිල් නරියාගේ කතාව සත්‍ය බව පමණක් මතක් කර මා දෑස් පියා කන්ද වසා ගමි...!
දක්ෂම සිසුවාටද ගුරු ගව්රවය රැක්මට නොහැක .ආමෙන්!

21 comments:

  1. තාක්ෂණික ගැටළුවකින් මෙම පොස්ටුව දෙවරක්
    ඵල වීම නිසා මෙම කමෙන්ටු මෙසේ පල කරමි...
    originally posted at   





    හිරු8:03 PM, December 16, 2012

    ///( පසුබිම් බිම් කතා සියල්ල දන්නා වුන්ගේ
    සාභාගීත්වය පමණක් සෑහේ..)///

    මදෑ කොලා... දැං ඉතිං දන්නේ නැති ( මේ කියලා තියෙන අපබ්‍රංසේ තේරුම් ගන්න බැරි ) අපි මක් කොරන්නද.. දන්න කට්ටිය කතා කරනවා බලං ඉන්නවා ඇරෙන්න....
    අඳ ගැහැණිය සහ දේශපාලනේ කතාව විතරක්ම තේරුනා මං හිතන්නේ.. ඒත් මේ කියන්නේ මොකද්ද කියලා නම් තේරෙන්නේ නෑ සහන්.....




    silentsahan9:23 PM, December 16, 2012

    ඔතන හිරු නීතිමය බාදක කීපයක් තියෙනවා වගේම
    අවුරුදු ගානක නීති පොත් අවුස්සන්න වෙනවා..
    ආයේම නීති විද්‍යාල බැංකු උඩ යන ( කිසිදා උත්තර නැති ) තර්ක
    කන්දරාවක් අදින්න වෙනවා..මට කියාගන්න ඕන ටික කියන්න
    ඒ ටික අදාළ නැහැ .( ඒත් මේ සියල්ල තියෙන්නෙත් ඒව උඩ )
    මෙතන මහ විකාරයක් තියෙන්නේ හිරු..
    ඒකයි මන් අරහෙම දාල තියෙන්නේ.

    මට කියන්න මොන වගේ තැන්ද නොතෙරුනේ කියල 1 by 1...



    silentsahan8:52 PM, December 16, 2012

    කෙලින්ම කියනවා නම් උත්තරීතර උත්තරීතර උත්තරීතර
    කිය කියා සුදු හුණු ගාපු අයට අද වැඩ වැරදී ඇති බව,
    දැන් ඉහමොළ ගිණි අරන් නීති පොත් පෙරලන බව,
    අප සියලු නිරුවත දකින බව,
    අඳ ගැහැණිය ඉදිරියේ නිරුවත් වීමට නිර්ලැජ්ජිත ලැජ්ජාවක් ඇති වී ඇති බව,
    මන්ද යත් අඳ ගැහැණිය සැබෑවටම අඳ නැත..

    ReplyDelete
  2. අනේ.... :(
    ම්හු.. තේරෙන්නෑ සහන් :(

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සමී නීතිය එක පිරිසකට
      එක විදිහකටත් , තව පිරිසකට තව විදිහකටත්
      තියෙන්නේ ඇයි කියල අහල තියෙන්නේ..
      වැඩේ කියන්නේ මේ පාර වැරදුනේ ගුරුන්න්නාන්සේට ...

      Delete
  3. ඇස් වහන් හිටියාට තමන්ට කෙලවෙන කොට තමයි කාගෙත් ඇස් ඇරෙන්නේ!

    ReplyDelete
  4. ඒක තමා කකෝ .ඇස් වහන් ඉද්දි වහන් ඉන්නෙත්
    විලි ලැජ්ජාවක් නැතුව..කෙල වෙද්දී නීති පොත් පෙරලන්නෙත්
    විලි ලැජ්ජාවක් නැතුව.ඔහොම අයට ඔහොම වෙව් වේවි
    ගියහම වත් මේක ඉවරයක් වේවිනෙ.

    ReplyDelete
  5. සමාජයේ එදා සිට අද දක්වා විකාශනය කෙටියෙන් දක්වලා... මේ ටෙස්ටින් මගුල අයින් කරලා නොපෙනෙන අකුරු පෙනෙන් අකුරු බවට පත් කරලා මේක හැමෝම යන එන බ්ලොගක් කරපන් ලගදිම...

    ReplyDelete
  6. ඔව් බන් මට තාම හිතට හරියන ටෙම්ප්ලේට් එකක්
    හම්බුනේ නැහැ ..මාත් ඒකයි මේ වඳුරා ගෙවල් හදනවා
    වගේ ඉන්නේ..ස්තූතියි මචන් කමෙන්ට් කරාට siro.

    ReplyDelete
  7. blogger ඒවා අවුලක් නෑනෙ බන්... මම පාවිච්චි කරන්නෙත් එහෙම එකක් ටිකක් වෙනස් කරගෙන...

    ReplyDelete
  8. මට ඕන ඉක්මනට ලෝඩ් වෙන , වැඩිය ගැජමැටික්ස්
    නැති එකක්...මේක හොදයි වගේ නේද බන්..

    ReplyDelete
  9. අඩේ මේ සයිලන්ට් සහන්ගේ අඩවියද?
    මම මේ හොය හොයා හිටියේ.

    ReplyDelete
  10. ඇයි බෝල ඒ ? උබ අදමනේ ආවේ ..
    සාදරයෙන් පිලිගන්නවා nishanayo...

    ReplyDelete
  11. තේරුනේ නැහැ ආයිත් කියවල බලන්නම්. මේ කියල තියෙන්නේ අග විනිසුරු ප්‍රශ්නය ගැන නම් මට කියන්න තියෙන්නේ කැහි ගෑණි වගේම තමයි හොටු ගෑණි ගත්තත් අඳ ගැහැණිය ගැන මට නොතේරේ. ලංකාවේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි නව ව්‍යවස්ථාවක් සැදිය යුතුයි කියන තැනයි මම ඉන්නේ. අග විනිසුරු ඉන්නේ මෙතනින් පහල නේ.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනස මේ දැන් උනත් කරන්න පුළුවන් උදිත.
      නීතිමය අවශ්‍යතා ඔක්කොම ටික තියෙනවා.
      ඒත් සමස්තයක් වශයෙන් කරන්නේ නැහැ .
      bugfixing කිරීම කරන්නේ පුද්ගලික උවමනා
      එපා කම් මත.අර කැහි ගෑනි උදාහරණෙ
      හරියටම ගැලපෙනවා ..එත් මට පෙන්නේ
      දැන් නම් ඔය මොන ගෑනියෙක් වත් ඕන නැහැ,
      ඕන එකම දේ හැම ගෑනිගෙන්ම නිදහස් වෙන්න...

      Delete
  12. අලේ.......මගෙ අම්මෝ....... මෙලෝ හසරක් තේරුනේ නැතියෝ........

    ReplyDelete
  13. ඉතින් හරි යාන්ත්රිකයෝ ඔය මන් කියපු කිසි දෙයක්
    අවශ්‍ය නැහැ ජීවත් වෙන්න..
    ඔය දේවල් ඕන ජීවත් වෙද්දී අපි කරන හරි
    වැරදි දේවල් ගානට කිරල මැනලා මොන පැත්තටද
    දාන්නේ කියල තීරණය කරන්න වෙන දවසට ...

    ඕක ගැන හිතන්න එපා බන්.තව මාස දෙකකින් විතර
    තේරේවි උබටම TV බලද්දී ..
    ස්තූතියි මේ පැත්තේ අවට යාන්ත්රිකයෝ ...
    මන් තේ එකක් වත් හැදුවේ නම් නැහැ .උබ තේ බොන්නේ නැහැනේ ???

    ReplyDelete
  14. හෝ හෝ ඔබ නීතිඥයෙක් ?

    ReplyDelete
  15. මම මේ පිළිබඳ දැක්ක නිර්මාණාත්මකම බ්ලොග් ළිපියයි මේ....

    සුපිරියි ඇර වෙන කුමක් කියම්ද....?

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු මේවා ඉතින් අවිනීතියේ
      දායාදම තමා ඉතින් අපි පාඩන් කරපු බංකු වල...
      ( මේ ලිපිය දාද්දි මගේ බ්ලොග් එක
      සින්ඩි වල තිබ්බේ නැහැ මාතලන් ..
      යන්න ඕන තව කීප දෙනෙක්ගේ ඇහැ
      ගැටුනේ නැහැ ඉතින්..)
      ස්තූතියි මේ පැත්තට ආවට සාදරයෙන් පිලිගන්නවා
      පළමු පැමිණීම...

      Delete
  16. සහන් අයියේ උගත්තුන්ට වෙන්නේ මේ තියෙන සමාජ ක්‍රමේ හැටියට කසිප්පු කාරයන්ට හරක් හොරුන්ට ඔලුව නවන්න තමයි

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili