දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 30, 2012

තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය| A little girl,dreaming about her mom.

නව වසරේ විවාහ වීමට සිටින , හා හා පුර කියා දෙමව්පියන්
වීමට සිහින දකින සියලු දෙන වෙනුවෙන් ඉදිරිපත් කරමි..

පාට පාට සාලි ඇඳන් අම්මි එක්ක එකතු          වෙලා
හප් හප් කිය කිය මන් බෝනික්කට අකුරු         කළා
පුංචි  මල්ලි එනවා කියා අම්මි මගේ කීව           නිසා
බැලුවා මන් බංඩි දිහා කොහේදැයි මේ චූටි         බබා




පුංචි දෝණියක් තමන්ගේ මව අනුකරණය කරමින් ,
ඇය හා ලෙන්ගතුව ජීවිතය දැකීමට නිතර උත්සාහ
ගනී.අනාගතයේදී තමාද මවක් වීමට සිටින නිසාදෝ
පුතණුවන් කාර් අතර වීරයන්ව තරඟ ජය ලබන විට,
සෑම දුවණියක්ම බෝනික්කන් රැසකට මවක් වේ.


This is an automated post
Shermie Fernandez   for   www.obeth-mageth-addakeem.blogspot.com

29 comments:

  1. ඒක හරි පුදුම වැඩක් සහන්... මට පොඩි කාලේ ඉඳලම බෝනික්කෝ පේන්න බෑ.. බෝනික්කෙක් ඉල්ලලා අඬලත් නෑ... කවදාවත් අම්මගේ සාරියක් ඇඳගෙන දඟලලා නෑ... ටීචර් කෙනෙක් වෙලා දොර ජනෙල් වලට උගන්නලා නෑ.. කොටින්ම කියනවා නම් කෙල්ලෝ සාමාන්‍යයෙන් කරනවා කියන කිසිම දෙයක් කරලා නෑ... බෝනික්කෙක් දුන්නම පැත්තකට විසි කරනවලු.. ලොකු වෙලාවත් බෝනික්කෝ පරිස්සම් කරලා නෑ... අම්මා කියන්නේ නූලට කෙල්ලෙක් වෙච්ච එකෙක් කියලා... හි හි

    හැබැයි මං කවදාවත් සෙල්ලම් බඩු ඉල්ලුවෙත් නෑ ලු.. පොත්ම තමයි ඉල්ලලා තියෙන්නේ.. මගේ ආසම සෙල්ලම් බඩුව රිසිවර් එකෙන් අල්ලලා ඇඳගෙන යන්න පුළුවන් ලේඩි බග් කෙනෙක් වගේ ටෙලිෆොන් එකක්... තව යෝ යෝ එකක් විතරයි..

    ReplyDelete
    Replies
    1. හිරුවා උඹ කෙල්ලෙක් උනාට තියෙන්නෙ කොල්ලෙක්ගෙ ලක්ෂණ...ඒ නිසා තමයි එහෙම වෙන්නෙ... ඊස්ට්‍රජන් හෝමෝනයට වඩා ටෙස්ටොස්ටොරෝන් හෝමෝනයෙ ක්‍රියාකාරිත්වය වැඩියි....

      ඊස්ට්‍රජන් හෝමෝනය තමයි ගෑණු ගති තිළිණ කරන්නෙ... ටෙස්ටොස්ටොරෝන් තමයි පිරිමි ගති ලක්ෂණ අරන් එන්නෙ....

      Delete
    2. ආව්.. ඒ කතාවට නම් ටිකක් රිදුනා බං සිරා.. හි හි...

      ඔය කිව්වට හොඳට කෙල්ලෙක් වගේ ඉන්නත් පුළුවන් ඉතිං.. ඒත් වැඩිපුර කැමති කොල්ලෙක් වගේ ඉන්න නිසා ඔය කියන කතාවේ ඇත්තක් නැති වෙන්නත් බෑ... හි හි

      Delete
    3. සිරා කිව්වේ විද්‍යාත්මක පසුබිම. ඒකේ ආයි දෙකක් නෑ.ඊස්ට්‍රජන් එන්නත් කළොත් කාන්තා ලක්ෂණ පෙන්නුම් කරන්න ගන්නවා.
      ඒ වගේම තමා හිරුවෝ ඔයා කාන්තාවන් අතර සුවිශේෂි චරිතයක් සේ අපට පෙනෙන්නේත් සිරා කී දෙය නිවැරදි නිසාම වෙන්න ඇති.

      Delete
    4. හිත රිදුනානම් සමා වෙයන්.... මම හිත රිද්දන්න නෙමෙයි...එහෙම වෙන්න පුලුවන් පසුබිම ගැන කිව්වෙ...හිරු...

      Delete
    5. එහෙම හිතන්න එපා හිරු දවසක ඔයත් ලස්සන හා පැටව වගේ
      හුරතල් පැටව ටිකකට අම්ම වේවි.එදාට ආදරෙන් එයාලව තුරුල් කරන්
      ඉඳීවි.පුංචි කාලේ මන් තනිකර ගැරිජ් බාස් කෙනෙක් , ඒත් අද එහෙම නැහැ.
      වෙනස්.මේ මන් ජීවිතේට ලියපුවත් නෙවේ.හැම දේම වෙනස් වෙනවා.සමහර
      දේවල් අපි දැනුවත්ව , සමහර දේවල් නොදැනුවත්ව.ඔයා බෝනික්කෝ අල්ලන්
      හුරතල් නොකලට බලන්න ඔයා මේ බ්ලොග් එකමුතු ඔක්කොම ටිකේ වැඩිමහල්
      සහෝදරිය වගේ.අම්මා වගේ සමහර දේවල් කියල දෙනවා අපි ටික පිස්සෝ වගේ
      රෝන් යද්දී .ඒ කියන්නෙත් මවකගේ ලක්ෂණ නෙවේද ?ඒ නිසා ඔයත් අම්ම කෙනෙක්
      තමයි .

      Delete
  2. මගේ දුව තුලින් සමහර මෙවැනි හැසිරීම් දැක ඇත. ඇය මවකගේ චරිතයට පණ නොදෙන්නේ ඇයට ඒවා දකින්න නොලැබෙන නිසාය. කුඩා කාලයේ වැඩිහිටියෙකුගේ හයි හීල්ස් දෙකක් දමාගෙන ගේ පුරා ඇවිද්දා මතකයි.

    ReplyDelete
    Replies
    1. පද පෙල ලස්සනයි බන්...ප්‍රංචි කාලෙ දරුවො කොහොමත් අනුකරණයට බරයි...ඒ නිසාම තමයි ඒ අය බහතෝරන වයසෙදි දෙමාපියො බොහොම යහපත් විදියට හැසිරෙන්න ඕනෙ...

      Delete
    2. මගේ කොමෙන්ටුව අතපසු වීමකින් සුදීක ගේ කොමෙන්ටුවට පිළිතුරක් ලෙස සටහන් වී ඇති බැව් සැළකුව මනාය...

      Delete
    3. @ සු දී ක
      ඒ මොකද ඒ ? දුක් බර කතාවක් එහෙම නෙවේනේ හේතුව ?
      ඒක නොදැන මට කියන දෙයක් කියන්න බැහැ.හිත් රිදවීමක්
      එහෙම උනොත්...

      Delete

    4. @ siraa
      ඒක ඇත්ත සිරා.ළමයි ලොකු වෙන්නේ ලොකු අය දිහා බලාගෙන.
      ළමයින්ට වයස 6, 7 වගේ වෙද්දී මන් හිතන්නේ නරක යැයි සම්මත
      වචන කියන්න හොද නැහැ වගේ දේවල් කියල දෙන්න ඕනේ.වයස 8-10
      වෙද්දී දැන් නම් මූලික ලිංගික කාරණා ගැන කියල දෙන්න ඕනේ.
      මේ හැම දේටම වඩා පුදුම විදිහට සෙනෙහස දෙන්න ඕනේ.පුද්ගලිකව
      මගෙන් නම් මගේ දරුවන්ට ඒක අප්‍රමාණව වෙනවා.ඒ ආදරේ තමයි දරුවන්ට
      අනාගතේට මූණ දෙන්න will power එක දෙන්නේ. සහ වැදගත්ම දේ
      එයාලත් කවද හරි හොඳ දෙමව්පියෝ කරන්නේ...

      Delete
  3. Mage doo athuleth inne oya kiyana dewalma thamai:) Horen balana inna Kota athi wena aadarey kiyanna wachana na.
    E unata aiyath ekka game sellam karanna patan gaththama ara mulin dutuwa keli kama hangila...:)
    Kohoma unath daruwan karana kiyana dewal ahagena inna balana inna eka watinawa:)

    Obatath pawuley sitalu denatath subama suba aluth awuruddak wewaaa:)

    ReplyDelete
    Replies

    1. ස්තූතියි කුමාරි.ඔව් දුවගේ හරි හුරතල් ගති ලක්ෂණ තියෙනවා බහ
      තෝරණ කාලේ ඉඳන්ම පුතෙකුට වඩා.මම සමහර වෙලාවට මත්
      වෙනවා ඒ හුරතලෙන්.ලෝකෙටම ආදරේ ගේන්න තමයි මන් හිතන්නේ
      දුවණිය ඉන්නේ.ඒ ආදරේ විඳින්න අපි ආසයි.ඒක හරි පුදුම combination
      එකක්.පුතෙක්ට වඩා වෙනසක් මන් දකිනවා හැම වෙලේම දුවගේ.ඇත්තටම
      ඒ හැම දේකින්ම පුදුම සැනසීමක් ලැබෙනවා මේ ජීවිතේට.මන් හරි ආසයි ඒ
      සැනසීමට.ඔයාගේ බබාලාගේ වයස් කොහොමද ? ආසයි දකින්න එයාලව...
      ඔයාටත් ඔයාගේ ආදරණීය පවුලේ අයටත් වාසනාවන්ත සතුට සාමය පිරි
      නව වසරක් වේවා කුමාරි...

      Delete
  4. පුංචි ළමයි කොහොමත් අනුකරණය කරන්න හරි කැමතියි.....
    විශේෂයෙන් ගෑණු ළමයි

    ReplyDelete
    Replies
    1. @අකීකරු හිත

      ඔව් ඒ දේවල් වලට ආදරෙන් බැඳෙනවා අපි.ඒක පුදුම දෙයක්.
      දුවෙක්ගේ උපතේ ඉඳල එයා කසාද බැඳලා යන දා වෙනකම්ම
      පුදුම සතුටක් හැම දෙමව්පියෙක්ටම.ඊට පස්සේ අතීතය සිහි කර
      කර ආයේම ඒ සතුට විඳිනවා.ඒක ගොඩක් වෙලාවට දුව දන්නේ
      නැහැ, දන්නේ දෙමව්පියෝ විතරයි..
      ස්තූතියි ඇවිත් අදහස් කියල යන එක ගැන ..නැවත එන්න ...
      ඔයාටත් ඔයාගේ ආදරණීය පවුලේ අයටත් වාසනාවන්ත සතුට සාමය පිරි
      නව වසරක් වේවා අකීකරු හිත..

      Delete
  5. කෙල්ලෝ දෙන්නෙක් ම ඉන්න මට මේ කවි දෙක හා පිංතුරය තදින්ම හිතට වැදුණා සහෝ...

    ReplyDelete
    Replies
    1. මාත් පුංචි කාලේ ඉඳල හරිම ආස කලේ දුවල දෙන්නෙක්ට නලීන්.
      බලමුකෝ ඉස්සරහට.මගේ කේන්දරේ නම් තියෙන්නේ පුත්තු දෙන්නෙක්
      සහ දුවෙක්ලු.අනිත් දේ අපේ පවුලේ පුත්තු වැඩි.මට අයියල ඉන්නවා 20 විතර.
      ඒත් අක්කල ඉන්නේ 3 දෙනයි.බලමුකෝ දුවණියකගේ හුරතල් විදින්න ලැබේද
      කියල මට...
      ස්තූතියි නලීන් ඇවිත් අදහස් කීම ගැන ...

      Delete
  6. කතා කරන්න බොහොම කැමති මාතෘකාවක් ගෙනාවට ස්තුතියි.

    මේ බොහෝ දේ හෝමෝන මතම පමණක් නෙමෙයි, ආරය, මානසික පැවැත්ම, සහ සමාජීය වශයෙන් ද ඇතිවන හුරු පුරුදු. ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන් කියන්න්නේ ගැහැනු බව සහ පිරිමි බව ඇති කරන හෝමෝන. ඒත් එක්තරා මට්ටමකට මේවා අඩු වැඩි වශයෙන් දෙපිරිසටම තිබෙනවා. ටෙස්ටොස්ටෙරෝන් පිරිමි තුල ඉතා ක්‍රියාකාරීයි. එයාලගේ මට්ටමත් වැඩියි. කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම වැඩියි.

    මනෝ කායික පුරුදු වන මේ කියන ලක්ෂන ඇති වන්නේ ස්වභාවිකවම. අපි දන්නවා බහුතරයක් ගැහැනු ළමයි ආසයි බෝනික්කන්ට ඒ එයාලගේ මනස සකස් වී ඇති ආකාරය මේ සදහා හෝමෝන, ජානමය සැකැස්ම, සමාජ පැවැත්ම, මානසික පැවැත්ම කියන සියල්ල බලපානවා. කාන්තාවක් ස්වභාවයෙන්ම සැකසී ඇත්තේ දරුවන් තැනීමට පහසු ආකාරයට. කාන්තාවකට ඒ සදහා අවශ්‍ය කායික මානසික හුරුව කුඩා කළ පටන්ම ලැබෙන්නේ මේ දේවලින්.

    පිරිමි ළමුන් කැමැති කාර්, තුවක්කු, වැනි ක්‍රියාශීලී දේට. ඒ ඒ අයගේ අනාගත පැවැත්ම වෙනුවෙන් ඉහත කී සියළු සාධක මගින් ඇති කරන සැකසීම.

    මේවා ස්වභාව ධර්මයේ අපූරු නිමැවුම්.

    සිග්මන් ප්‍රොයිඩ්ට අනුව ඊඩිපස් නිසා මවට පුතාත්, දුවට පියාත් ලෙස බැඳීම වැඩියි. එය සත්‍ය බව නම් මටත් වැටහෙනවා. මට හිතෙනවා,
    1. දියණියන් හැම විටම තම පියාව තම සැමියා හෝ පෙම්වතා තුලින් දකිනවා කියා.
    2. පුතාත් තම බිරිය හෝ පෙම්වතිය තුලින් මව දකිනවා.

    හැබැයි පුත්තු බොහෝ විට පියා තම වීරයා කර ගන්නවා. ඒත් එක්කම තමාගේ ආදර්ශය ලෙස මවව දියණිය තෝරා ගන්නවා.

    ලෝකය පුදුමයි. මිනිසා කිසිමදාක විසඳිය නොහැකි ප්‍රෙහේලිකාවක් හා සමානයි.



    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ දෙවෙනි වරට මතු කල කාරණා ටික ගැන නම් මටත් දේවල් එකතු කරන්න පුළුවන් වේද මහත්තයෝ.පලවෙනි දේ අපි පෙම්වතියකගෙන්/බිරිඳගෙන් ; අපේ අම්මාගෙන් බලාපොරොත්තු උන ආදරය සෙනෙහස රැකවරණය බලාපොරොත්තු වෙනවා.අපිට හිතට දුකක් ආවම මන් හිතන්නේ ඒකයි අපි පෙම්වතියගේ/බිරිඳගේ ඔඩොක්කුවෙන් හරි , පපුවට හරි ඔලුව තියන් ඒ දුක එයා එක්ක බෙදා ගන්නේ. පිරිමියා නිතර වීර සැඩ පරුෂ ලක්ෂණ පිටතින් පෙන්නුම් කරත් ඇතුලතින් ඔහු හරි සංවේදියි.තද කම්පනයක් ඔහුට දරන්න බැහැ, ඔහු ඒ මත්තෙම ගිහින් අවසානයේ තම මුළු ජීවිත කාලය තුලම රැස් කර ගත් සියල්ල නැති කර ගන්න පුළුවන්!නමුත් කාන්තාව එහෙම නැහැ.නිතර පාරිසරික , සමාජීය දේ එක්ක වෙනස් වීමට අනුගත වීමට හැකියාවක් තියෙනවා..

      වැදගත්ම දේ තමයි පිරිමියෙක්ගේ සහ ගැහැනියෙක්ගේ ඔය කිව්ව කාරණා දෙක ඉතාම වැදගත් අන්තර්සහයෝගීතාව තුලින් ලෝකයේ පැවැත්මට.ඉතින් මේ සියල්ල මනාව බිලිඳු වියේ ඉඳන්ම සැකසෙනවා.ඒක තමයි අපි දුවණියකගේ හුරතලයෙනුත් , පුතෙකුගේ වීර ක්‍රියා තුලිනුත් දකින්නේ.

      ඒකෙත් තියෙන ඊළඟ කාරණාව තමයි ස්වභාවිකව පියෙක් තම දුවණියටත් , දුවණිය පියාටත්;
      මවක් පුතණුවන්ටත්, පුතෙක් මවටත් වැඩි ආකර්ෂණයක් පැවතීම.ඒ හැම දේකින්ම වෙන්නේ
      අනාගතය සදහා ලක ලැස්ති වීම..

      01.දියණිය අනාගතයේදී තම පෙම්වතා තෝරාගැනීමට , විවාහ සහකරු තොර ගැනීමට
      ( " තම දරුවන්ගේ පියා වීමට සුදුස්සා තොර ගැනීමට " යනුවෙන් පැවසීම වඩා ජීව විද්යාත්මකයි ) පන්නරය තම පියාගේ හැසිරීම් , ඒ ඒ අවස්තාවේදී ඔහු හැසිරෙන අන්දම දීර්ග කාලයක් තිස්සේ අධ්‍යනයට ලක් කිරීම තුලින් ලබා ගන්නවා. ඒක එක්කෝ අපේ තාත්තත් මේ වගේ , ඒ වගේ මිනිහෙක් නම් බඳින්නේ නැහැ
      හෝ
      නොදැනුවත්වම තම පියාගේ ලක්ෂණ සහිත කෙනෙක්ටම ආකර්ෂණය වීම වෙන්න පුළුවන්..


      02.පුතණුවෙක් අනාගතයේදී තම පෙම්වතිය/බිරිඳ තෝරා ගැනීමේදී
      (තම දරුවන්ගේ මව වීමට සුදුසු කාන්තාව තොර ගැනීමේදී ) ඊට අවශ්‍ය සාදක,
      නිර්ණායක තෝරා ගන්නෙත් තම මව ආදේශ කරමින්.හැබැයි මෙතැනදී නම් පොඩි
      වෙනසක් වෙනවා.ඒ කියන්නේ මේ දේ ගැන පිරිමියෙක් වඩාත් ගැබුරට හිතන්නේ විවාහයෙන් පස්සේ.ඔතොකොට නම් පරක්කු වැඩි.හැබැයි ඒ කරණයේදී දුවණිය බොහොම බුද්ධිමත්ව ඒ තීරණ ගැනීම කරනවා. තම මව මෙන් ළඟ වැතිර බත් කටක් කවා ගැනීමේ සිට දෝෂාභියෝගයකට වුවත් මූණ දීමේ ශක්තිය ගේන්නේ පෙම්වතියගේ/බිරිඳගේ ආදරය තමයි පිරිමියෙක්ට.

      03. පියෙක් දුවණියකට ආකර්ෂණය තුලින් වෙන්නෙත් වඩ වඩාත් දුවණියකට තම පියාගේ ලක්ෂණ තේරුම් ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම.මන් 01 යටතේ කියපු හැම දේම අදාලයි.

      04. අංක 02 යටතේ මතු කරපු දේවල් ටික මෙතනට අදාලයි ..


      වේද මහත්තයෝ , මන් ටිකකින් ඉතුරු ටික එකතු කරන්නම්..
      ඔබ තුමා ඉන්න වෙලාවේ මේ ගැන ගොඩක් කතා කරන්න ඕනේ...

      Delete
  7. අපේ ගෙවල් වල ගහැනු ලමයි නෑ. ඒ හින්දා මට ගැහැනු පක්ෂය ටිකක් ආගන්තුකයි. නමුත් මේ පොස්ටුවෙන් නම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මොකද ගහැනු ලමයි සාමාන්‍යෙන් තමන්ගේ පියාට ආදරේ කරනවා කියලා තමා මං අහලා තියෙන්නේ. අම්මට එච්චර නෑ. මොකද විරුද්ධ ලිංගිකයන්ට ගැහැනු පිරිමි දෙපක්ශෙම තියෙන ආකර්ශනය. ගැහැනු ලමයි ටිකක් ඔය වැඩිහිටි ලමෙක් වෙනකම් එහෙම හිටියත් පස්සේ අම්මට ටිකක් බරයි කියලා මං අහලා තියෙනවා. පිරිමි ලමයි කොහොමත් අම්මට ආදරේ. මං කියන්නේ නෑ තාත්තා නරකයි කියලා. නමුත් කොහොම කොහොම වුනත් වයසට යන කොට දුවලා පුතාල ඔක්කොම අම්මටයි ආදරේ කරන්නේ. අහෝ දුකකි ඉරකි තිතකි. අපිත් කවදා හරි තාත්තලා වුන දවසක ඕක තෙර්‍රෙයි. :C

    ReplyDelete
    Replies
    1. අපේ පවුලේත් පිරිමි අය වැඩියි අයිරාවන.ඒ කියන්නේ මට ලොකු තාත්තල
      6 නයි , එක නැන්දයි.ඒ අයගේත් පුතාල 16 විතර ඉන්නවා ඒත් දුවල ඉන්නේ
      දෙතුන් දෙනයි.මාත් කැමති දුවෙක්ට තමා ගොඩක් .බලමුකෝ අපි තව අවුරුදු
      6, 7 යද්දී මෙතන ඉන්න හැමෝම වගේ අම්මල තාත්තල වෙලා ඉඳිනේ.

      Delete
  8. ඇත්ත තමා අපි කාර්,තුවක්කු වලට ආස කරද්දී ගැහැණු ළමයි බෝනික්කන්ට ආස ඇයි කියලා දැනුයි තේරුනේ.

    ReplyDelete
  9. ඒකනේ නිශාන් මේ හැම දේම හරි පුදුමයි.ඔහොම කියද්දී මට තව
    කතාවකුත් මතක් වෙනවා..ඒක මෙතන කියන්න බැහැ වෙන වෙලාවක කියන්නම්කො.

    ReplyDelete
  10. මම කොල්ලෙක් වුනාට පොඩි කාලේ මම ගොඩක් ආසකලේ බෝනික්කන්ට...හැබැයි ඒක ටික ටික ලොකු වෙද්දී අඩු වුනා.... හෙහ් හෙහ් හෙහ්. හේතුව දෙයියෝ දනී මං නොදනී.

    ReplyDelete
    Replies
    1. පැතුම් [සිතුම් පැතුම්] ඉතාම ලොල් සහගතයිනේ මෙයා:D
      ඒ මක්කෙයි ඒ ?මන් නම් තනිකර
      තුවක්කු , බර වාහන එක්ක හිටියේ ...
      දැන් නම් ටික ටික බෝනික්කන්ට කැමතියි මන්...

      Delete
  11. පුතාට කාර් දුවට බෝනික්කන්... ඒක තර්කයක් විතරයි 110% නිවරැදි නැහැ. පින්තූරේ දැක්කම මට හිතෙන එකම දේ නම් මේක අවශ්‍යතාවයක් හින්දා ගත්ත එකක් විනා නිදහස් පිංතුරයක් නොවන බවයි..

    ReplyDelete

  12. ඒ උනාට දේශකයෝ දුවල බහුතරය බෝනික්කෝ
    ගැන හරි උනන්දුයි නේද ?

    ReplyDelete
    Replies
    1. සහන් උඹ දැක්කේ නැත්ද බං.. මම කිව්වේ 110% ක් කියලා.. හෙහ්... 100% ක් සමහර විට... හික්... හික්...

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili