දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 22, 2012

රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය


                     

                
මෙතනින් තමයි සියලුම පාලන කටයුතු වෙන්නේ .එක්‌ එක් ආයතනයෙන් ආයතනයටසමහර දේවල් වෙනස් වෙනවා . නමුත් ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරීත්වය මෙහෙමයි සිද්ද වෙන්නේ.මෙතන සදහන් වෙන්නේ වාණිජ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් කෙටියෙන් .මීට අමතරව මේ ටිකම වෙන විදිහකටකරන්න පුළුවන් කියල සමහර අයට හිතේවි . එහෙම හිතුනොත් කමෙන්ට් කරන්න ඇයි වාණිජ ආයතනයකට එහෙම කරන්න බැරි කියන දේ විස්තරව පොස්ට් එකකින් දාන්නම් .


විකාශනයට නියමිත වැඩසටහන් නියමිත වෙලාවට ප්‍රචාරය සදහා යොමු කිරීම , සියලුම සම්ප්‍රේෂණ කටයුතු වල ගුණාත්මක භාවය ගැන නිරන්තර අවදානය යොමු කිරීම .සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වෙත ප්‍රධාන තරංගය යැවීම > චන්ද්‍රිකා විකාශනය සදහා චන්ද්‍රිකාව වෙත , රටෙහි යම් යම් ස්ථාන වල පවත්වාගෙන යනු ලබන ප්‍රති විකාශන මධ්‍යස්ථාන , අන්තර්ජාලය හරහා විකාශනය සැපයීම ,සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පාලනය ( නියමිත අවසරලත් frequency range එක පවත්වා ගැනීම ,නියමිත ප්‍රභලත්වය පවත්වා ගැනීම , හදිසි අවස්ථාවක විකාශනය නැවත්වීම වගේ )විකාශන වන වැඩසටහන් වල රූපරාමු අවශ්‍ය පරිදි වෙනස් කම් වලට භාජනය කිරීම ,වෙළද දැන්වීම් ප්‍රධාන වැඩසටහන් හා සම්බන්ද කිරීම , ප්‍රධාන studio හි පරිපාලන කටයුතු සිදු කිරීම , වැඩසටහන් ගබඩාව පාලනය කිරීම , පිටස්තර වැඩසටහන් ආයතනය වෙත ලබා ගැනීම චන්ද්‍රිකා මගින් විකාශනය වන වැඩසටහන් ලබා ගැනීම හා එම වැඩසටහන් නැවත විකාශනය සදහා සැකසීම , වෙළද දැන්වීම් ගබඩා ගත කිරීම් , program schedule එකට අනුව සියලු වැඩසටහන් , සියලු රූප රාමු ගැලපීම , ශබ්ධ පරිපාලනය වගේ දේවල් තමා මූලිකවම මෙතනින් වෙන්නේ . ඒ ඇර අනිත් හැම දේම කරන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම TV channel එක ගෙනියන්න පුළුවන් මෙතනට අනිත් හැම තැනකම බිඳ වැටුනත් රූපවාහිනී ආයතනයේ .එත් පහසුවට හරි පුහුණුවක් නැති අය වැඩට ගන්න වෙන නිසා ගොඩක් ලගදී පටන් ගත්ත ආයතන වෙන වෙනම කොටස් වලට තමා මේක කරන්නේ .ඒකයි මන් මුලින්ම කිව්වේ පටගන්න එපා මන් මෙතන කතා කරන්නේ වාණිජ මට්ටමෙන් විකාශනයකරන ආයතනයක professional ප්‍රධාන පාලක මැදිරියක ක්‍රියාකාරීත්වය මිසක් video mixer එකකුයි camcorder ටිකකුයි , lap top එකකුයි තියාගෙන කරන දේවල් ගැන නෙවේ.

   මූලිකවම මන් කලින් කිව දේවල් ගැන විස්තර කතා කරමු , ඊට පස්සේ ඒවා ඔක්කොම එකට ක්‍රියාත්මක කරන හැටි පැහැදිලි කරන්නම්.

01. cameras ( කැමති ප්‍රමාණයක් , සාමාන්යෙන් 15 විතර තියාගන්නවා
02. lighting system
03.mics ( කැමති ප්‍රමාණයක් , සාමාන්යෙන් එක එක විදිහේ mic ජාති 50 විතර )
04.audio console ( audio mixer නෙවේ , MCS එකත් එක්ක automated වෙන )
05. Video tape Recorders ( කැමති ප්‍රමාණයක් .ඒත් අඩුම 8 වත් ඕනේ, මෙතන අපි පාවිච්චි කරනවා 17 automated දුවන්න පුළුවන් )

06. ශ්‍රේණිගතව ගතව සම්බන්ධ කරපු video switchers 4 විතර ( නිරවුල්ව live , manual , automated දුවන්න , ඊළගට වැඩ බාර ගන්න ඉන්න නිලධාරියටයි , දැනට ඉන්න නිලධාරියටයි ගැටලුවකින් තොරව shift එක බාරගන්න , නැත්නම් system එක ගන්න විනාඩි 40 විතර යනවා automated දාල තිබ්බොත් එහෙම ඔලුව අවුල් නොවී .මෙතනින් පුළුවන් වෙන වෙනම channel එකෙන් channel එකට effect program කරන්න automated යද්දී . පස්සේ පැහැදිලි කරන්නම් )

07.EFP system එක ( බාහිර විකාශන කටයුතු )
08. PPF ( computer graphics අංශය කියල හිතාගන්නකෝ , ඒත් 100% නෙවේ )
09.intercom ( අභන්තර සන්නිවේදනය කරගන්න , ගොඩක් වෙලාවට walky talky 8 විතර පාවිච්චි වෙනවා .
10.floor monitors ( මේවගෙන් තමයි අපි රූප බලන්නේ camera , VTR , MCS වලින් එන. නිකන් TV වගේ ඒත් වෙනස් ඊට වඩා.currently we have 46 )
11.preview monitors ( අර කලින් කිව්වා වැඩෙටමයි .currently we have 66)
12. Audio speakers ( සාමාන්යෙන් 10, 15 තියෙනවා කැමති ප්‍රමාණයක් ,)
13. හොද කටු තියෙන ඔරලෝසුවක් ඕනෙමයි වෙලාව බලන්න .( :D )
14.Automated video switcher ( මේක integrated විදිහට එන්නේ පිටට වෙනම පෙන්නේ නැහැ )
15.audio control room ( මෙතන තියෙනවා CD players ඒ උනාට ගෙදර පාවිච්චි කරන CD ප්ලයෙර් වගේ නෙවේ වෙනස් ඊට වඩා jog wheel තියෙන turntable තමයි පාවිච්චි කරන්නේ, Dat recorders, auxiliary audio enhancement equipment ඒ කියන්නේ live ඕන ඕන විදිහට audio වෙනස් කරන්න automated දුවද්දී program කරන්නත් පුළුවන් . මෙතනින් සම්පූර්ණයෙන් තනි Radio channel එකක් විදිහට Transmitter එකට සම්බන්ද වෙන්නත් පුළුවන් FM  Transmission වලට approval හම්බෙලා තියෙනවනම් )

16.Automated central MCS VTR system ( මෙතනින් තමයි කිසිම මනුෂ්‍ය පාලනයක් නැතුව TV channal එක සම්පූර්ණයෙන්ම දවස් 3, 4 විතර ගෙනියන්න පුළුවන් කම දෙන ප්‍රධාන උපකරණයක් .දැනට තියෙන බදු මුට්ටු වලින්  අපිට පුළුවන් එක දිගට දවස් 8 කට කිසිම කෙනෙක් නැතුව channel එක ගෙනියන්න මේ system එකෙන්. හෑ එහෙමත් කරනවද ? ඔව් TV channel එක airplane වල වගේ autopilot දානවා සමහර වෙලාවට )

17.news editing system ( මේ ටික එකටම යන්නේ )
18.Video Server( ප්‍රධානතම පද්ධතියක් සම්පූර්නයේන්ම TV channel එක automated දාන වෙලාවට )
19.Master Control Switcher ( මේක තමා ප්‍රධානතම උපකරණය මේ හැම දේම අන්තිමට පාලනය කරගෙන රූපවාහිනී වැඩසටහනක් transmitter එකට යවන.නියමිත වෙලාවට වැඩසටහන ගුවනට මුදා හැරීම , වෙළද දැන්වීම් මුසු කිරීම , flashes ගන්න එක , studio වලට අවශ්‍ය විදාන නිකුත් කිරීම , station IDs සහ audio carts දැමීම flawless transmission තිය ගැනීම , ඒ කියන්නේ channel එක black නොයවා ( TV නරබන වෙලාවට කළු පසුබිම එන එක ) තියාගන්න එක පැය 24 ම වගේ තව අප්‍රමාණ සේවයක් ඉටු කරනවා . පස්සේ වෙනම පැහැදිලි කරන්න බලන්නම් .)

20. transmitters ( මෙවගේත් ගොඩක් වර්ග පාවිච්චි කරනවා terrestrial ගහන්න , සැටලයිට් වලට යවන්න වගේ .. එක ගැන වෙනම පොස්ට් එකක් දාන්නම් පස්සේ , ඒක ගැන වෙනම කියන්න ඕනේ නැත්නම් ඔක්කොම පැටලෙනවා බලන කෙනෙක්ට .)

21.receiving systems ( මේකත් චන්ද්‍රිකා වලින් එන සිග්නල් , local microwave වලින් එන එවයි , හැම TV ආයතනයක්ම තමන් ඉන්න රටේ මේ වෙද්දී ක්‍රියාත්මක වෙන හැම channel එහෙකම සිග්නල් එක ඕනෑම වෙලාවක ගන්න පුළුවන් කම හදාගන්නේ මේකෙන් , සාමාන්‍ය TV වගේ නෙවේ professional Tuners මේ console, තව සැටලයි decoders , descramblers , crypt කරගන්න ඒවා ඇතුලත් .)

22. තව දෙයක් මෙතන නැති ඒවා ඕන තරම් තියෙනවා headphone වගේ ඒවගේ ඉඳල .ඒවා දාල නැහැ .තව මට අමතක ඒවත් ඇති මෙතන.මතක් උනොත් දාන්නම් , ඒ නිසා ඒවා මැද්දට වැටේවි .

23. අනිත් දේ තමා මෙතන තියෙන උපකරණ එකකින් එකම කාර්යකට වඩා වෙනවා සමහර වෙලාවට ඒවා integrated නිසා .ඒත් ඒ ඒ වැඩේට ඕන වෙන දේවල් වෙන වෙනම තියාගන්නවා හැම උපකරණයක්ම independent දුවන්න ඕන වෙන නිසා.නැත්නම් වෙන්නේ MCO ට automated දාන වෙලාවට මොන උපකරණ වලින් මොන මොන දේ කරනවද කියන දේ ප්‍රධාන පද්ධතියට feed කරන්න බැරි වෙනවා.එක පාරක් feed කරලා ON-AIR run කරොත් ආයේ වෙනස් කරන්න feed කරපු කෙනාම ඕන වෙනවා. හිතන්න පැය 6 කට automated දැම්මොත් ආයෙම MCS එකට අත වත් තියන්න බැහැ . ඒක මෙහෙම කිව්වට තේරෙන එකක් නැහැ . ඉස්සරහට පැහැදිලි කරනකම් .







මේක තමයි ප්‍රධාන Transmitter එක 15Kw/s බලයක් තියෙනවා .240Km දුරට earth curvature එක  එක්ක යනවා . 430 Kmවිතර පුළුවන් CD quality මට්ටමෙන්ම   Performance Parameters RF Specification   VHF UHF Rated Output Power 1KW 3/5KW 10KW 1KW 3/5KW 20KW TV System Standard PAL-D or Other System Working Frequency Range VHF I, III (Any selected channel ) 470~806MHz (Any selected channel) Video/Audio Power Ratio 10:1 PAL-D or Other System RF Output Impedance 50Ω Output Interface 7/8"Flange 15/8” Flange 31/8” Flange 7/8"Flange 15/8” Flange 31/8” Flange Frequency Stability 500HZ/ 3 months Output Power Variation +0.25dB In Band Inter-modulation ≤-52dB Adjacent Channel Ectoparasitism Output ≤-60dB Adjacent Channel Endoparasitism Output ≤-40dB





24. engineering department (මේ අය තමයි මේ හැම දේම කරන්නේ , ගොඩක් වෙලාවට MCO 4 දෙනෙක් ඉන්නවා එක විට සේවයේ .එතනින් එක්කෙනෙක් standby තමයි ඉන්නේ .කැමති නම් නිදා ගන්න උනත් පුළුවන් එයාට . ඊලග දේ තමා කැමති ඕනෙම ඇදුමක් ඇඳන් ඉන්න දෙනවා.කෑම බීම ගන්න තහනම් ඇතුලෙදි , ජංගම දුරකථන පාවිච්චිකරන්න පුළුවන්, පොත් පත්තර තහනම් , පිටස්තර පුද්ගලයන් ගෙන ඒම තහනම් ,ආයතනය සතු කිසිම , වීඩියෝවක් , වැඩසටහනක් කිසිම විදිහකින් පුද්ගලික පරිහරණයට තහනම් , පිටස්තර කිසිදු වීඩියෝවක් පද්දතියට ඇතුළු කිරීම තහනම් , අන්තර්ජාල පරිහරණය වෙන් කරන ලද පරිගණකයෙන් ඇර තහනම් , පද්ධතියට සිදු කරන වෙනස් කම් ,ලැබුන ඇමතුම් පැමිණි පුද්ගලයන් ,ඉවත් වීම් ලොග් සටහන් තැබිය යුතුයි.අධික වෙහෙසට පත් වූ බව දැනේනම් ඉහල පාලනාධිකාරිය දැනුවත් කල යුතුයි . ඔරලෝසු භාවිතය අනිවාර්යයි සාමාන්යෙන් මාසයක කාලයක් සදහා පැය 24 දුවන ආයතනයකට 12 දෙනෙක්ගේ සේවය ප්‍රමාණවත් පළපුරුදු , එත් 15 දෙනෙක් ඉන්නවා ,ගෑල්ලමයි ගන්නේ නැහැ සේවයට )


හරි මේ ටික එකතු වෙලයි TV channel එකක් බලන්න පුළුවන් විදිහට එන්නේ .දැනට මේ පින්තූර ටික බලන්න .ඉස්සරහට උපකරණයෙන් උපකරණය පාවිච්චි කරන්නේ අයි කියන දේ කියනකම් .

17 comments:

  1. මිත්‍රයා බ්ලොග් එකේ පෙනුමේ අවුලක් තියනවා. මෙය කියවන්න හතර අතට මවුසය ගෙනියන්න වෙනවා. ඒක වෙනස් කරන්න ප්‍රමාණය කුඩා කරන්න අනික අකුරු කියවන්නත් අමාරුයි.ඒවා නිවැරදි කරන්න. එවිට හොඳ බ්ලොගයක් වෙනවා මෙය. අන්තර්ගතය හරය හොදයි මං පුද්ගලිකව කැමතියි මේ බ්ලොගට.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඔව් background එකේ ප්‍රශ්නෙන් මම ඉන්නේ තවමත් ..
      මම මේ බ්ලොග් එකේ පළල වැඩි කලේ දෙපැත්තෙන් අහක යන
      ඉඩ නිසා...තද කළු පාට ගතිය අයින් කරන්න ඕනේ ...
      ස්තූති බලල විතරක් නිකන් නොයිද වෙන්න ඕන වෙනස් කම් මොනවද
      කියල කිව්වට ...

      Delete
  2. මම තාම ආධුනිකයෙක්. බ්ලොග ලියන්න අරන් මාස හතරයි. මම දැක්කා ඔයා හැම බ්ලොගකම වගේ කමෙන්ට් දාල තිබුණා. ඒත් එකෙක්වත් අදහසක් කියල ගිහින් නැ.අපි අපේ අඩවියකට ආධුනිකයෙක් හෝ ගෙන්නගන්න ලිංකුව දැම්මාම ඒකටත් කඩු අතට ගන්නවා. මේකයි සයිබරයේ ඇත්ත තත්ත්වය. ටිකක් හුරු වෙනකම්ම අනිවා ලිංකුව දාන්න. එන කෙනෙක් එයි. අකමැති නම් නොඑයි.

    ReplyDelete
  3. ඔන්න මමත් ආවා සහන් කවුද බලන්න. රූප මාධ්‍යට සම්බන්ධ කෙනෙක් වගේ? මට හිතුනේ එහෙමයි. නලින් අයියා කිව්වා වගේ මමත් කැමතියි මේකේ කළු පාට අයින් කරලා කියවන්න ලේසි විදයට හදනවනම්.

    දැනුම ලබා දෙන වැදගත් බ්ලොග් එකක්. මේ ක්ෂේත්‍රය ගැන මගේ දැනුම නම් ගොඩක් අඩුයි. දවසක් CNN නරඹන්න අවස්ථාවක් ලැබුනා. ඒත් මේ තරම් විස්තර සහිතව නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූති සයුරි මේ පැත්තේ ආවට ..ඇත්තටම මම නිශ්ශබ්ද විදිහට ඉන්න කැමති..මේක පටන් ගත්තේ මම මට උන දේවලුයි , වෙන කෙනෙක්ට වැදගත් වෙන දේවලුයි කියන්න..මේක මම කිසිම සින්ඩියකට දාන්න නෙවේ ඉන්නේ..මම මේක පටන් ගත්තේ කව්රු හරි google කරද්දී එයාව මෙතනට ගෙන්න ගන්න විතරයි...(මොකද මන් තව වැඩි කාලයක් ඉන්නේ නැහැ..)ඒකයි ලින්ක් දාන්නෙත් නැත්තේ සයුරි.මන් කැමති නැහැ අනිත් අයගේ කාලේ විනාස කරන්න එයාලට පුද්ගලික වටිනාකමක් නැති දේවල් තියෙන තැනකට එන්න කියල.මන් හිතන්නේ නැහැ මගේ බ්ලොග් එකේ මහ දෙයක් තියෙනවා කියල ලින්ක් දාල එන්න කියන්න තරන්...අතන මම ලින්ක් එක දැම්මේ විහිලුවට හොදද සයුරි?

      මම දැන් මුකුත් කරන්නේ නැහැ සයුරි .මන් ටිකක් විතර කියල තියෙනවා ඒ විස්තර About me එකේ..ගොඩක් දේවල් තියෙනවා මා ලග කියන්න..ඒත් ඒවා වැඩක් වෙන එකක් නැහැ සයුරි ලෝකෙට..සමහර දේවල් මම හිතාගෙන ආව දේවල් draft වලම හිර වෙලත් තියෙනවා...හරි කමක් නැහැ ..ආවට ස්තූති නිකන් නොයිද දෙයක් කිව්වට මේ ගැන..ඇත්තටම මම මේවට වැඩ කරපු කෙනෙක් තමයි. පස්සේ පස්සේ වෙන වෙන දේවල් වලට අත ගැහුවට.අද වෙද්දී මම මේ කිසිම දෙයක් කරන්නේ නැහැ..මතකයන් විතරයි.. පුංචිම කාලේ ඉඳන්.මට 12, 13 වෙද්දී මම මේවගේ හැම දේ ගැනම රිංගල ඉවරයි.ඉතින් මන් එහෙම උනාට මන් උනත් MCR එකට කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ මොනම හේතුව කටවත්.ඒකයි බලන්න ආස අයට ඉගෙන ගන්න දැම්මේ. ඉස්සර මාව ජීවත් කරේ මේ දේවල්.දැන් නම් මම පොඩ්ඩක් වත් මේවා දිහා හොයන්නේ නැහැ..ඔය දන්නවද මම අවුරුදු 4 විතර තාම හරියට TV බලල නැහැ කියල..? CNN කිව්වේ CNN එකෙ MCR එකද සයුරි ?කොහේ තියෙන MCR එකද ?එයාලට MCR කීපයක් තියෙනවා.අපිත් news ගන්නේ එයාලගෙන්.එහෙම තැනක ඉගෙන ගන්න කෙනෙක්ට හිතන්න බැරි තරම් දේවල් තියෙනවා...මම පුළුවන් විදිහට මේ දේවල් ගැන දානවා සයුරි ආස කෙනෙක් බලාවි කියල..

      අනිත් දේ එවෙලේ කතා කරපු විදිහට මුකුත් හිතන්න එපා.මම ගොඩක් නිහතමානී කෙනෙක්.ඒත් මට එතැනදී කේන්ති ගියා...

      Delete
    2. //මේක පටන් ගත්තේ කව්රු හරි
      google කරද්දී එයාව මෙතනට ගෙන්න ගන්න විතරයි//

      නියමයි..මමත් මගේ ටෙක් බ්ලොග් එක කරන්නේ මේ අරමුණෙන්. හැබැයි ඒක කරන්නේ මගේ ඇත්ත නමෙන්. ඒත් සිංහල බ්ලොග් එකනම් ලියන්නේ විනොදෙට වගේ. ඉන්නෙත් ටික කාලයයි නම් ඒ ටික කාලේ ඇතුලත මේ වගේ වැදගත් තොරතුරු මේකේ ලියලා තියලා යාවි කියලා හිතනවා. ඒක මේවට කැමති අයට උදව්වක් වේවි නේ.

      CNN එකේ ඇට්ලන්ටා වල තියන හෙඩ් ක්වාටර්ස් එකට තමයි මම ගියේ. MCR එක අතුලටනම් යන්න දුන්නේ නෑ. වීදුරුවට එළියේ ඉඳං කියලා දුන්නා විතරයි. ඒත් ඒ විදියට හදපු ආකෘති මදිරියක්නම් පෙන්නුවා. නිව්ස් ලැබෙන හැටි, එඩිට් කරලා අනුමත කරව ගන්න හැටි, ලයිව් තිරයට දෙන්න කලින් තවත් ස්ක්‍රීන් එකක් යොදාගෙන හැම දර්ශනයක්ම රිවිව් කරන හැටි පෙන්නුවා. හරිම සිත් ගන්නා සුළුයි.

      //අනිත් දේ එවෙලේ කතා කරපු විදිහට මුකුත් හිතන්න එපා//

      මේ කිව්වේ කවිකාරි නැන්දගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් ගැනද? මම ඒක ගැන වැඩිය හිතුවේ නෑ :) ඒ හින්දා විහිලුවකින්ම උත්තර දීලා ආවා. පස්සේ මම දැකපු කමෙන්ට්ස් වලින් තේරුනා සහන් හිතුවට වඩා වෙනස් විදියේ කෙනෙක් බව.

      Delete
    3. ඔව් dr මම ඕව පටන් ගත්තේ යෝගට් කෝප්ප වලට කම්බි ඔතාගෙන ඉඳල පුංචි කාලේ..
      මගේ අයියා කෙනෙක් තමා SLRC වල Tx බාරව ඉන්නේ.ඒත් මන් පුංචි කාලේ අරක
      මොකක්ද මේක මොකක්ද කියල ඇහුවට උත්තර නම් හම්බුනේ නැහැ..ඒත් පස්සේ මම
      NHK Senior distribution වලටම ගියා.මට මගේම කියල NHK transmission වලට
      පවා approval තියෙනවා මන් නොකලට දැන්.අනිත් දේ media එකක් කරන්න බැහැ
      ඔයාටම තේරෙනවා ඇති යම් මට්ටමකට මේවට සම්බන්ද නිසා ගොඩක් බලපෑම් තියෙනවා..
      ඔක්කොම schedule දාල onair call කරලා තියෙද්දිත් අරයා මෙයා කතා කරනවා
      වෙනස් කරන්න කියල.එහෙම කරන්න බැහැ dr මේවා.අනිත් දේ මගේ දේශපාලන අදහස්.
      හොදම දේ පැත්තකට වෙන එක.

      මම ඇත්තටම " අවාසනාවකට CNN MCR එකට කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ "
      කියල type කරලත් ආයෙම මැකුව.:D බැරි වෙලාවත් ඒ කතාව නුහුරට යාවි කියල...:D
      : ඇයි දැන් ඔයා කියන්නේ මම CNN එකට ගිහින් නැහැ කියලද " වගේ උත්තරයක් අවොත්
      එහෙම..:D

      ඔව් සයුරි එහෙම කරන්නේ පුදුම ආරක්ෂාවක් දෙන්න ඕන automated තියෙන තැනකට..
      මොකද automated program කරාම ආයේ හිතාගන්න බැහැ වැරදුනොත්.දිගටම telecast
      වෙනවා.අනිත් එක එයාල news ගහන හින්ද පුදුම වගකීමක් තියෙනවා..අනිත් දේ එක තේ
      කෝප්පයක් හැලුවොත් ඔය ඔක්කොම ඉවරයි..එක rack එකක් පෙරලුවොත් ඔක්කොම
      ඉවරයි.ඉතින් ඒ නිසා පණ වගේ MCR එක බලාගන්නවා.අනිත් දේ අලුතෙන් train වෙන
      අයට ඕන තරම් පුහුණු වෙන්න වෙනම තැනක ඉඩ දෙනවා..නැත්නම් මේ වෙලාවේ onair
      දුවන MCR එකෙන් පුරුදු කරන්න බැහැ එයාගේ අතින් වරදක් උනොත් එහෙම..
      එයාලට නම් හිතා ගන්න බැරි සල්ලි තියෙන නිසා MCR 8 විතර තියෙනවා..අනිත් දේ
      news , sport වගේ වෙන වෙනම අංශ වලටත් අපි දුවන වගේ MCS තියෙනවා..
      පුද්ගලිකව අපිට එහෙම දේක උවමනාවක් නැති උනත් හරි නිරවුල් එහෙම තැනක්..
      අපි උනත් එකම MCR එක ඇතුලේ MCR 3 ගෙනියනවා..ඒ පහසුවට..වැරද්දක්
      උනොත් ඉක්මනට channel එක black නොයවා වෙන තැනකින් transmitter
      වලට switch කරන්න පුළුවන්..ඇත්තටම අපිට TV channel 3 කුයි , radio channel
      එහෙකුයි කරන්න පුළුවන් වෙන වෙනම මේ බඩු ටිකෙන්.

      ඔව් මම සැටලයිට් ගැන, ගොඩක් transmission ගැන දේවල් දාන්න ඉන්නේ..කැමති කෙනෙක්
      බලාවි..ඒ අතරේ කවි සින්දු , කතන්දර උනත් දානවා..අනේ මම ඒවට හරි ආසයි..අදටත් මම කාටූන්
      නම් බලනවා හරිම අසාවෙන්...

      ///පස්සේ මම දැකපු කමෙන්ට්ස් වලින් තේරුනා සහන් හිතුවට වඩා වෙනස් විදියේ කෙනෙක් බව. ///
      මොන වගේ වෙනස් කමක්ද දැනුනේ ඔයාට dr ? මෙහෙමයි මම බොහොම නිහතමානියි, අනික් මිනිස්සුන්ට
      ගරු කරනවා..ඒත් ඒ එහෙම කරන්න වටින අයට විතරයි..අනික් අයව මම හෙලා දකිනවා..

      කොහොම හරි මගෙන් වරදක් අහින්සක කෙනෙක්ට උනොත් මම බය නැතුව ඕන කෙනෙක්ගෙන්
      සමාව ඉල්ලනවා නිහතමානීව..

      ඔයාව අදුන ගන්න ලැබීම සතුටක් සයුරි ..මම එන්නම්කෝ ඔයාගේ අනික් ගෙදරටත් වෙලාවක..
      මොකද දැන් මට හොදටම දොයිය මතයි..දැන් වෙලාව මෙහෙ පාන්දර 4. ඔයත් නිහතමානීව
      කතා කල නිසයි නිදි ගන්නේ නැතුව කතා කලේ මෙහෙම..

      Delete
    4. // type කරලත් ආයෙම මැකුව.:D//

      :D

      මේ කමෙන්ට් එක විතරක් ගත්තත් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා වගේ...මම මේක වහාම බ්ලොග් රෝලට දාගන්න ඕන..

      ඔයාව අඳුන ගන්න ලැබීමත් සතුටක් සහන්. ජයම වේවා !!

      Delete
    5. සයුරි, මමත් ටෙක්නොලොජීස් පැත්ත ඉගෙන ගන්න ආසයි. බැරිද ඔයාගේ ටෙක් බ්ලොග් එකේ ලින්ක් එකක් දාන්න ?

      Delete
  4. පහුගිය කාලේ කියවපු ලිපි වලින් මං ගොඩක්ම ආසාවෙන් කියවපු ලිපියක් මේක. මං හරිම කැමතියි විද්‍යුත් මාධ්‍ය ආයතන සම්බන්ධ මේ වගේ විස්තර දැනගන්න. ඉස්සර ඉඳන් මට ලොකු ආසාවක් තිබ්බ වැඩසටහන් නිශ්පාදනය, සංස්කරණය වගේ දේවල් කරන්න. ඒ උනත් අපි කැමති හැමදේම ලැබෙන්නෙ නෑනෙ. දැන් ඒක මට හීනයක්ම විතරයි. ඒ කොහොම උනත් මේ දේවල් ගැන දැනගන්න මට පුදුම උනන්දුවක් ආසාවක් තියෙන්නෙ. පුලුවන් නම් සහන් මේ විදිහෙ තවත් ලිපි ලියන්න. මේ දේවල් ගැන සරලව ඉගෙන ගන්න කැමති අයට ඒක ගොඩක් වැදගත් වෙයි. තව දෙයක්...engineering department එකට ගෑණු ළමයි සේවයට ගන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. dr හෙට මම ඔයාට rep එකක් දාන්නම් හොදද ..
      මන් දැන් නිදා ගන්න යනවා...මම මේක ගැනත් ලිපි
      මාලාවක් ලියන්න ඉන්නේ..ආස අයට බලන්න..
      ඔයාගේ ප්‍රශ්න වලට හෙට මන් උත්තර ලියල දාන්නම් ..

      Delete
  5. සොරි චම්ස් පරක්ක උනාට ..මන් ඉස්සෙල්ලම ඔය අපි පාවිච්චි කරන
    බඩු ගැන තමා දාන්න ඉන්නේ.ඊට පස්සේ ඒවගෙන් වෙන දේවල් ටික
    ඊට පස්සේ ඒවා ඔක්කොම එකට සම්බන්ද කරගන්න හැටි.ඊට පස්සේ
    ඒ දේවල් එකිනෙකට Respond කරන්න හදා ගන්න හැටි ( ඒ කියන්නේ අපිට
    පුළුවන් ප්‍රධාන පාලකයෙන් අපේ සැටලයිට් එකේ එකේ Encryption key
    එක උනත් enter කරන්න පුළුවන් තැනටම මේ දේවල් ගන්න . ඔතොකොට තමා
    දවස් 8 උනත් කව්රුත් නැතිව උනත් TV channel එක autorun කරන්න) ,
    ඊට පස්සේ කොහොමද ඉස්සෙල්ලම බීට කැම් එහෙක තියෙන දෙයක් UHF
    Transmitter එහෙකට යනකම් යන්නේ කියන දේ කියන්න..මොකද ගොඩාක් අය
    හිතන් ඉන්නේ අපි CD එකක් දාල Winamp වලින් drag n drop කරනවා වගේ
    මේවා play කරනවා කියල...
    ඊට පස්සේ පුළුවන් MCS ( multiple channel switcher ) එහෙක තියෙන දෙයක්
    UHF transmitter යවන තැනට ගන්නේ, automated VTR rack එකෙන් play
    කරන්නේ , MCS, VTR , satellite feed ,.EFP වලින් feed එන දේවල්
    එකිනෙකට switch කරන හැටි වගේ ටික කතා කරන්න..

    මොකද මේක බලන අයව කොච්චර කරත් මන් දන්නවා අර winamp සංකල්පයෙන්
    එලියට ගත්තේ නැත්නම් මේ දේවල් ඉගෙන ගන්න බැහැ.ඒකයි මන් හරියටම
    බඩු මුට්ටු වලින්ම වැඩේ පටන් ගන්නේ..

    අනිත් දේ චම්ස් ඔයා වීඩියෝ සංස්කරණ , නිෂ්පාදන ගැන කිව්වා නේද ?ඒත්
    ඔයා උනත් හිතන් ඉන්නේ මන් හිතන්නේ අර කිව්ව CD n winamp සංකල්පය නේද?
    අපි හදපු වීඩියෝ එක MCR එකේ අයට බාර දුන්නම play කරන්න පුළුවන්
    කියල...? ඒක එහෙම නෙවේ dr ඔයාල අපිට වීඩියෝ එක දුන්නට පස්සේ වෙන
    දේවල් ටික තමයි මන් මේ කියන්නේ හොදද ? වීඩියෝ සංස්කරණ වෙලත්
    ආවට පස්සෙයි මේ ටික කරන්න ඕනේ...

    මන් කොහොම හරි දාන්නම් පුළුවන් විදිහට.අර ගෑනු ළමයි ගන්නේ නැහැ කිව්වේ
    ඒ අයට බැහැ ( තලා වෙන්න එපා අලේ ) අපි දෙන target achieve කරන්න..
    හදිස්සියක් උනොත් පැය 36, 48 මේ එකම කාමරේ ඉන්න එක කරන්න අමාරුයි..
    ගොඩක් වෙලාවට එක shift එකක් ගත්තම පැය 12 විතර එක දිගට ඉන්න ඕනේ.
    රාත්‍රී වැඩ මුරය ගැන තව මහා ගැටළුවක් එනවා..:D
    එයාගේ නිදහසත් අනිත් අයගේ නිදහසත් නැති වෙනවා..මොකද මෙතන තියෙන
    පරිසරය නිසා පිරිමි අයට නිදහස් ඇඳුමක් අදින්න දෙනවා.
    MCR එක ඇතුලෙන්finger lock කරාම ආයේ අරින්න පුළුවන් කම තියෙන්නේ
    කීප දෙනෙක්ට විතරයි..ඔය වගේ සදාචාරමය දේවල් ටිකක් හින්දා තමා
    ඒ වැඩේ කරන්නේ..අනික පිරිමි ළමයි ඕනම දේකට මූණ දෙනවා , ගෑනු දරුවෝ
    අනී මොකද කරන්නේ කියල උඩ බිම බලද්දී channel එකේ ලයිසන් එක
    කැන්සල් වෙන තැනට වැඩ සිද්ද වෙලා ඉවර වෙන්නත් පුළුවන්..
    ඒ කියන්නේ MCR එකට සමහර වෙලාවට order කරනවා අරක
    නවත්තන්න , මේක දාන්න කියල..එහෙම දේවල් වලදී පිරිමි ළමයි
    හරි තීරණ ගන්න දක්ෂයි.MCR එකට ගන්නේ තද බල පව්රුශයක්
    තියෙන අය විතරයි.මොකද එතනට ප්‍රහාරයක් ආවොත් ඒක මුළු
    transmitter capacity එකටම පේනවා..මන් කෙලින්ම කියන්නම්කො
    සන්නද්ද පිරිසක් පැනල මේක දාපන් කියල තර්ජනය කලොත් මොකද
    වෙන්නේ ?MCR එක කියන්නේ හදවත මේ හැම දේම .

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වටින විස්තරයක් සහන්. නිශ්පාදනය, සංස්කරණය වගේ දේවල් වලට ආසයි කියල කියුවට මට ඒ ගැන දළ අදහසක් මිසක් ලොකු අවබෝධයක් නම් නෑ. ඔයාගෙ මේ ලිපිපෙළ මේ දේවල් ගැන ඉගෙන ගන්න කැමති අයට ලොකු උදවුවක් වේවි. මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඇයි ගෑණු ළමයින්ට MCR එකේ වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ කියන එක. හ්ම්ම්... බලන්නකො ඒකෙත් හැටි :( මොනව කරන්නද :(((
      මේ විස්තරේට ගොඩාක් ස්තූතියි සහන්...නොදන්න කරුණු ගොඩක් දැනගත්ත.
      Thank u very much once again :)

      Delete
    2. නැහැ නැහැ ඉතින් මන් මේ කිව්වේ හැම තැනම ඔහොම නැහැ .
      බය වෙන්න ඕනේ නැහැ යකා කියන තරඟ කළු නැහැ .මොකද මෙහෙම
      දේකුත් තියෙනවනේ චම්ස් සමහරු ඉන්නවා ඔහේ වැටුන නිසා වැඩ
      කරනවා, තව සමහරු ඉන්නවා පැදියක් නැතත් ඒ දේම කරන්න , දක්ෂ
      අය...මෙතැනදී ගෑනු ළමයි දක්ෂයි smooth transitions කරන්න manually
      කරද්දී ..ඒත් ඒක ඊට වඩා හොදට රොබෝ ගෑල්ලමය කරනවා..
      ඔයා ඕවා ගැන හිතන්න එපා මන් කිව්වා දේවල් ගැන හිතන්න එපා
      දුකෙන් වගේ..ඕන තරම් radio channel වල අය මුළු රැම
      තනියම ගානට හැම දේම කරගෙන වැඩසටහන් කරන්නේ..
      ඔයා ගොඩක් මේ ගැන උනන්දු හින්ද ඉතින් කොහොමවත් අමාරු වෙන්නේ නැහැ .
      මන් අර කිව්වා දේවල් ලංකාවේ ආයතන මහා ලොකුවට බලන්නේ නැහැ ..
      හොද තැනක වැඩ කරන්න ලැබේවි ඔයා ආසම දේවල් එක්ක..
      සමහරු ආසයිනේ හතර වටේම ලයිට් පත්තු වේවි ඔහොම තැනක
      වැඩ කරන්න ..හි හි ...
      දන්නෙම නැතුව ඕකට හුරු වෙනවා , ඒ උනත් ඒ අය ටිකක් පස්සේ කාලෙකදී
      unsociable අය වෙනවා.අර ජීවිතේටම හුරු වෙනවා..තේ එකක් බොන්න වත්
      එලියට එන්නේ නැහැ .එහෙම අය මන් දැකලා තියෙනවා..දෙයක් ඇහුවත් හෑ
      කියනවා විතරයි , අද මොනාද බන් රෑට කන්නේ ඇහුවොත් 11 ට ගහන ෆිල්ම් එක
      දැම්මා පොඩ්ඩක් පරිස්සමෙන් යවපන් කියනවා.. හි හි

      ඔන්න ඔහොමයි ජීවිතේ ..ඕක නවත්තන්න තමා අපි සම්පූර්ණ නිදහස දෙන්නේ.
      කැමති ඇඳුමක් අදින්න වගේ...

      මාත් පොඩි කාලේ ඉඳල හරි ආසයි චාමස් ඕවට.ඒත් පවුල් ජීවිත ගැන හිතන්න
      ඕනනේ ..ඉතින් දැන් ඕව පස්සේ පන්නන්නේ නැහැ .මන් ඉන්නේ කරවිල
      කොටුවක් කරන්න ..විහිලු නෙවේ මාසෙකට 40, 50 හොයාගන්නත් බැරි නැහැ..
      මාස තුනෙන් බඩු එනවා... වැහි කාලේ අල්ලලා මන් වැඩේට බහිනවා...

      Delete
  6. වටිනා තොරතුරු ගොඩක් ඇතුලත් බ්ලොග් එකක්.. සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් මට නම් මේකෙන්.. ජය වේවා මිත්‍රයා!!!

    ReplyDelete
  7. ඔන්න ඔබේ ඇරයුමෙන් මේ පැත්තට ගොඩවුනා. බොහොම හොඳයි. හරිම අගෙයි. මම කැමතිම විෂයයක්නේ. හමුදා පුහුණුවට අදාලව මටත් ඇමරිකානු පුහුණු උපදේශකයන් යටතේ ශි ලංකා රුපවාහිනී සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරිය ගැන ඉගෙනගන්න ලැබුනා. ඒ වගේම පිදුරුතලාගල විකාශනාගාරයේ ආරක්ෂාව භාරව සෑහෙන කලක් සේවය කල නිසා එතන සිදුවෙන බොහෝ දේවල් ඉගෙනගත්තා. විස්තර ලියන්නේ නැත්තේ බොහොමයක් රහස්‍ය ලෙස සැලකෙන තොරතුරු නිසා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. තෑංග්ස් ඔයාලා ලියලා දාපුවා අපි ඒක්සෑම් ඒකට පාඩම් කරන්න ගන්නවා. බොහම පිං අයිති වෙන්ට ඔය අැත්තන්ට.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili