දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 1, 2012

නැති වීමක් සම්බන්ධ සුට්ටන් මෙව්වා එකක් සමග නව බ්ලොග් අඩවි 3 ක් .. Did you find him..?



             ඔන්න මේ කතාව මට මතක් උනේ අපේ සරත් ලංකාප්‍රිය අයියගේ අතුරුදහන් වීම ගැන පෝස්ට් එකේ කමෙන්ට් කියවද්දී.. රජ පැටියා අහලා තියෙනවා මෙහෙම


ඒ මාසයක් නැතිවෙලා හිටියද? මම දන්තෙන් නෑ ^_^laugh.


මගේ කතාව මෙහෙමයි ,


           දවසක් මම මගේ යාළුවෙක් එක්ක ගමනක් යන්න පිටත් උනා මෝටර් බයික් එකේ. යනින් ගමන් මිනිහා මට කියනවා .

" බලපන් සහන් , ඊයේ මගේ හෙල්මට් එක උස්සලානේ එකෙක් " කියලා..

" නෑ...! කව්ද මචන් හොරකම් කරලා තියෙන්නේ.....?  " මට ගත්ත කටටම කියවුණා.

ඊට පස්සේ පොර මගේ මූණ දිහා බලන් ඉඳලා මෙහෙම ඇහුවා .


" හොරකම් කරපු එකාව දන්නවා නම් මම මෙහෙම ඉන්නවද යකෝ " කියලා
roll.
_________________________________________________________

ප.ලි. බ්ලොග් රෝලට දාගන්න බ්ලොග් ටිකක් ...


01.මෙන්න මේ බ්ලොග් එක අපේ ගජින් සහෝදරයගේ.. මෙතන තියෙනවා බ්ලොග් කරණය ගැන ලියපු සංවාදයට බඳුන් විය යුතු හොඳ පෝස්ට් එකක්

02.මෙතන තියෙනවා හොඳම අධ්‍යාපනික වටිනාකමක් ඇති බ්ලොගයක් . අපේ මහේෂ් මහත්තයා තමයි කරන්නේ. නින්දෙන් ඇවිදීම , පරිගණකය භාවිතයේදී සැලකිලි මත් විය යුතු සෞඛ්‍ය කරුණු ගැන වෘතීමය දැනුමක් ගන්න පුළුවන් හොඳම තැනක් ...


03.මෙන්න මේකටත් අනිවාර්යෙන් යන්න . හේතුව තමයි දැනට සිංහල සමාජශීලී බ්ලොග් කරණයේ ඉන්න පැරණිතම සාමාජිකයයි මේ ඉන්නේ. වෙන කව්රුත් නෙවේ අපේ බිත්තියා.ඔහු 2010 ,2011 ,2012 ලියු සටහන් වෙන වෙනම ගොස් බලන්න . නිකමට ක්ලික් කරන්න , ගොඩක් දේ තියෙනවා කියවන්න.


කැමති අය ඒ පැත්තේ ගිහින් , ෆලෝ එකක් , කමෙන්ට් එකක් දාල සපෝර්ට් එකක් දීලා එන්න...

100 comments:

  1. // ඔන්න මේ කතාව මට මතක් උනේ අපේ සරත් ලංකාප්‍රිය අයියගේ අතුරුදහන් වීම ගැන පෝස්ට් එකේ කමෙන්ට් කියවද්දී.//

    ඔක්කොටම ඉස්සරවෙලා කියපන් කවද්ද සරත් ලංකාප්‍රිය අයිය අතුරුදන් උනේ කියල. උඹ ලිව්වෙ සරත් චන්ද්‍රසිරි අයියා ගැනනේ.

    ReplyDelete
    Replies
    1. හෝ ... හෝ .... උඹ මේ කියන්නෙ සරත් ලංකාප්‍රිය අයියගෙ බ්ලෙගේ එකේ තිබුනු එකක් ගැනනේ. මම ඒ පැත්තෙ ගිහින් නැති නිසා සීන් එක තේරුනේ පහුවෙලා. තේරෙන්න කියන්න එපෑයැ. එක ළඟ එක ළඟ සරත්ල දෙන්නම අතුරුදන් උනාම කාටද දෙයියනේ මතක තියෙන්නෙ. :)

      Delete
    2. DDT කියන කතාව මම පිළිගන්නවා. ඒත් මචන් සරත් ලංකාප්‍රිය අයියම" කියනවනම් එයා අතුරුදහන්ව හිටියා කියලා අපි මොනවා කරන්නද එතනින් එහාට ..?[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
    3. අනේ එයාගේ අතුරුදහංවිලි . මොකක් හරි වැඩක් බදාගන ඉදලා අපේ බ්ලොග් කියවන්ඩ බැරි වෙච්ච එක වහගන්ඩ දාපු උප්පර වැට්ටියක්ද කොහෙදහන්දා

      Delete
    4. කට කට අටමෝ... [im]http://lankawap.com/xhtml/smilies/ayyo.gif[/im]

      Delete
    5. හම්බවෙයකො මට කිරිබත්ගොඩ හන්දියෙදි..

      Delete
  2. අඩේ... ඉදල හිටලා මෙයත් කියන ගොන් කතා... හික්... හික්....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අනේ හිටපු ගමන් ඔහොම වෙනවා...[im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      Delete
  3. අඩෝ පිං ඈ කියවන්ඩ දෙයක් හොයලා දුන්නට..

    සිරාවටම කවුද බං හෙල්මට් එක ගන්ඩ ඇත්තේ ?

    මේ කවුද බං ජුලියට්...? ජුලියානගේ අක්කද නංගිද ?

    ReplyDelete
    Replies
    1. ඔය බ්ලොග් ටික එක රැයෙන් බලන්න යන්න එපා පැතුමෝ.. හෙමීට බලහන් සතියට සැරයක් වගේ...

      අදටත් ඒක හොයාගන්න උනේ නැහැ බන්..[im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      ඕක උච්චාරණය කරන්නේ මචන් " ඉජුයියෙ " කියලා...( හැබැයි ගෙඩිය පිටින් "ජු" නෙවේ හරිය ? )

      Delete
  4. හෙමිහිට ගිහින් බලන්නම්කෝ.. අර ලේ බොන එකා නෑ නේද කාලේකින්...

    ReplyDelete
    Replies
    1. අඩේ නැ නේන්නං

      Delete
    2. ඌම කිව්වනේ බන්ස් ටික දොහකට වහන් වෙනවා කියලා ...[im]http://lankawap.com/xhtml/smilies/search.gif[/im]

      Delete
  5. ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ඉඩක් ඇති වෙලාවට ටිකක් ගිහින් බලන්න ගයනි.. බ්ලොග් රෝලට දාගන්න..

      Delete
  6. අර ලිංකුවල තියන ඒවට නං ගිහින් තියනවා වගේ යි මතක. මටත් මුලින් සරත් ලා දෙන්නා පැටලුනා

    ReplyDelete
    Replies
    1. මුන් දෙන්නා හිතලමයි මේ විදිහට අපේ අහිංසක මොළ එක්ක සෙල්ලන් කරන්නේ නලින් අයියේ.. [im]http://2.bp.blogspot.com/-XSBJ7zBZKZs/UTIrT-hMYyI/AAAAAAAABAY/6B26_8Ttwj4/s1600/sad.gif[/im]

      Delete
  7. Replies
    1. හපොයි ...[im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      Delete
    2. මේ උඹේ ස්මයිලීස් පත්තු වෙන්නෑනෙ බන්..

      Delete
    3. සෙන්නා ෆයර් ෆොක්ස් වලින් ඇවිත් බලන්න..අයිලෂ් අයියත් කිව්වා ඉමෝ වැඩ නැහැ කියලා...[im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
    4. හ්ම්ම් ෆයර් ෆොක්ස් වලට වැඩ.. ඒත් අපි ඉතින් ක්‍රෝම් කොල්ලොනෙ බන්ස්..

      Delete
    5. දැන් වත් තේරෙනවද ක්‍රෝම් කොල්ලන්ට කොච්චර නම් දේවල් මිස් වෙනවද කියලා ...?[im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
    6. ඒ වුනාට මටනම් Chrome is the best...

      Delete
    7. මට නම් ෆයර් ෆොක්ස් තමයි සෙන්නා අල්ලලා යන්නේ.. ක්‍රෝම් තිත්ත උනා දවසක්.. සමයිල්ස් පේන්නෙම නැද්ද ක්‍රෝම් වල සෙන්නා ...?

      Delete
    8. ක්‍රෝම් වලයි IE වලයි දෙකේම සමයිල්ස් පෙනෙන්නේ නැහැ.

      ඒ මොනවා උනත් මමත් කැමති ක්‍රෝම් වලට. :D

      Delete
    9. නැත, නැත ක්‍රෝම් IE දෙකේම ස්මයිලීස් පත්තු වෙන්නෙ නෑ..

      Delete
    10. @ අයිලෂ් , සෙන්නා

      ඒ කියන්නේ මම මේ දාන කිසි දෙයක් පේන්නේ නැහැද ..? හයියෝ සල්ලි..

      Delete
    11. අඩේ මමත් ක්‍රෝම්. මටත් හැමදාම පේන්නෙ ඉංගිරිස් අකුරු පේ......ලියක්. ඒත් ෆයර් ෆොක්ස්වලින් ලෝඩ් කරගත්තම වැඩේ හරි. ඒත් ඉතිං දැන දැනම පරණ පුරුද්දට මමත් කෝඩ් ටික දිහා බලන් දැක්ක නොදැක්ක වගේ යනව ක්‍රෝම්වලින්. :)

      Delete
    12. ෆයර් ෆොක්ස් වලට හුරු වෙන්න කියලා මම කියනවා නෙවේ ,ඒත් මේ මහත්තුරු ටික දැන් වත් වෙනස අඳුනගන්න ඕනේ ...

      Delete
    13. හෙහ් හෙහ් .... මම ඔය දෙකම යූස් කරනවා බං. ඒත් මම බ්ලොග් බලන්න තියන් ඉන්නෙ ක්‍රෝම්. මුලින්ම ඔය කෝඩ් ටික දැක්කහම මම නිකමට නරියාගෙනුත් ලෝඩ් කරල බැලුවා. එතකොටයි දැනගත්තෙ වැඩේ අවුල් මේ ක්‍රෝමෙගෙ කියල. මම මේ කම්පනා කළේ දෙක මාරු කරනවද කියල. (IE නම් මමත් යූස් කරන්නෙ වින්ඩෝස් අළුතෙන් දැම්මම වෙන බ්‍රවුසර් එකක් බාගන්න විතරයි) :D

      Delete
    14. @ සහන්

      වෙනස දන්නවා මත්තයෝ, එත් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ.

      Delete
  8. බිත්තිය බ්ලොගය නියමයි.

    ReplyDelete
    Replies
    1. මේක බිත්තියා දැක්කොත් එයාට ගොඩක් සතුටු හිතෙයි [im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      කාලෙකින් නේද මදාරා මේ ආවේ? ඉඩක් ඇති වෙලාවට නැවත එන්න මදාරා ...

      Delete
  9. ගජින් ගේ බ්ලොග් එකට මම මේ ඊයේ පෙරේදා ගියේ. මේ පොස්ට් එකනම් බලලා නෑ. අද බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔය බ්ලොග් ටිකට එක පාර යන්න එපා සයුරි.. සතියට සැරයක් වගේ යන්න.. ගොඩක් දේවල් තියෙනවා නිදහසේ වෙලාවක් දාගෙන කියවන්න...

      ඔයා උනත් මොකක් හරි බ්ලොග් එකක් දැක්කොත් පෝස්ට් එකක් හරහා අනිත් අයවත් දැනුවත් කරන්න..

      Delete
  10. හි හි ... උයත් අහන ප්‍රශ්න සහන් අය්යේ,,බ්ලොග් 3 බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න සහන් නෙවෙයි රෙහානි ප්‍රංශ සහන්.. ප්‍රංශ සහන්. පේන්නෙ නැද්ද මේ දාගෙන ඉන්න අකුරු.. :D :P

      Delete
    2. හිටපු ගමන් ඔය වගේ දේවලුත් වෙනවනේ රෙහානි.. තව මේ වගේ කතාවක් තියෙනවා ..ඒක මම හෙමීට දාන්නම්කො... ඒකට නම් හිනා යනවා සැරටම ... [im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
    3. @ චන්දන ,

      අකුරු ටික නම් ලබන සතියේ හරිගස්සනවා චන්දන... :)

      Delete
  11. එහෙනං.. හෙල්මට් එක ගත්ත එකා දන්නව නම් මෙහෙම ඉන්නවද යකෝව්.. :D

    ඔන්න අර බ්ලොග් වලට ගියා. එකක් නම් කලින් ගිහින් තිබුනු නැති එකක්. අනෙක්වාට නම් කලින් ගොඩ වැදිල තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සිද්දි වෙනවා ඉතින් සාමාන්‍ය ජීවිතේදී චන්දන..:) ඉන්ටර්නෙට් එකේ සර්ච් කරද්දී ගොඩක් සිංහල බ්ලොග් එනවා චන්දන..හරිම වැදගත් කමක් තියෙන බ්ලොග් ඒවා.. බොහෝමයක් බ්ලොග් මේ වෙනකොට නැවතිලා ... ( කමෙන්ට් , හිට් නැති වීමත් එක හේතුවක් )

      Delete
  12. ස්කුතිය ප්‍රිය මිතුර !
    ඔබ සැඟවී ඇති බ්ලොග්කරුවන් පමණක් නොවෙයි , “සොඳුරු සුව අසපුව“ වැනි “සැඟවුනු බ්ලොග් “ සොයා දෙන්නට දක්ෂ “බ්ලොග් රහස් පරික්ෂකයෙක්“ :) ..

    මගේ උත්සාහය , වැඩි පිරිසක් අතරට ගෙනයන්නට සහය දුන්නාට බොහොමත්ම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබේ බ්ලොගයේ බොහෝමයක් වෘතීය කරුණු තිබුණා මහේෂ් මහත්මයා.. ඉගෙන ගන්න සෑහෙන දේවල් ටිකක් තිබුණ ..ඒ නිසයි අනිත් අයටත් කිව්වේ මම.. විනෝදය වගේම ගුණාත්මක කරුණු වලිනුත් පෝස්ට් ලියවෙන්න ඕනේ .. වෘතීමය දැනුමෙන් බ්ලොග් පිරෙනවා නම් ලොකු උදව්වක් වේවි අනාගත සිංහල කියවන අයට..

      ඒ වගේම තමන්ගේ බ්ලොග් එකට පිරිස එනවා යනවා දකිද්දී පෘතග්ජන අපිට සතුටක් ඇති වෙනවනේ.. ඒ සතුටම ඇති වැඩි වැඩියෙන් පෝස්ට් ලියවෙන්න.. ( මන් දන්නේ නැහැ මට නම් එහෙමයි .. මේ ළඟදී ඉඳන් තමයි මටත් එහෙම උනේ[im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im])

      Delete
    2. ඇත්තෙන්ම , කෙනෙක් අප ලියූ දෙය කියවන බව දැනෙන එකම සතුටක් , ස්තුතියි ඔබට .
      ඒ එක්කම තවත් ලස්සන බ්ලොග පිටුවක් ගැන “ඔත්තුවක්“ මේ ,
      සිංහල බ්ලොග් පරිශ්‍රෙය් වෙනස්ම මාතෘකාවක් ඔස්සේ ආ , “යාමය“ බ්ලොග් සටහන ලියූ A.Wickz නම් මිතුරා , දැන් මාස පහක සිට කිසිවක් ලියැවුනේ නැහැ නමුත් නිර්මාණාත්මක උත්සාහයන් කිහිපයක් ගත්තා ඔහු . මෙන්න ලිංක් එක http://amilawickramasinghe.blogspot.ca/

      ස්තුතියි ඔබට

      Delete
    3. ස්තූතියි මහත්මයා මම ගිහින් බලන්නම් මේ සයිට් එකටත්...ලින්ක් එක දැමු එක හොඳයි...

      Delete
  13. සහන් සහෝදරය කරන්නෙ පින් අතේ වැඩනෙ

    ReplyDelete
    Replies
    1. මම මෙහෙම හිටියට පින් කඳක් සිතුම්... අද වෙනකොට නම් බ්ලොග් එකක් ලියන එකෙක් විතරක්ම වෙලා..ඒක වෙනම කතාවක් .. [im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
    2. //මම මෙහෙම හිටියට පින් කඳක්//

      හැක්.. හික්... හුක්.. හූ....

      Delete
    3. @ අයිලෂ්

      [im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      Delete
  14. මම කම්පනා කරන්නේ කවුද හෙල්මට් එක ගත්තේ කියලා O.o

    ReplyDelete
    Replies
    1. අත ඇරලා දාන්න ශම්මියෝ..හෙල්මට් වලට වඩා දේවල් අපිට නැති වෙලා නැද්ද ... [im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
    2. සම්පුර්ණ ඇත්ත සහන්, බොහෝ දෙනෙක්ගේ හෙල්මට් එක තිබෙද්දී ඔලුව නැති වෙලා.

      Delete
    3. මොනවා කරන්නද අයියේ .වෙලාවකට හෙල්මට් එක මත්තේ මැරෙන්නම හිතෙනවා .. සත්‍ය අසත්‍ය තේරුම් යද්දී ඔලුව පොඩි වෙලා ඉවරයි...

      Delete
  15. ස්තුතියි...සහන් බ්ලොග් එකට ප්‍රචාරයක් ලබා දුන්නාට,
    කොමෙට්ස් ටික කියෙයුව.
    ඇත්ත කොමෙට්ස් හිට්ස් කියන්නේ ලියන කෙනාව දිරිමත් කරන දෙයක් ....දැන් වැඩ කරන ගමන් ගෙදර ගියාම උත්තර ලියන්න ඕනෙ..


    ස්තුතියි සහන් උදව්වට.

    ReplyDelete
    Replies
    1. රයිට් රයිට් එකට කමක් නැහැ මචන් විවේක වෙලාවට කමෙන්ට් එකක් දාන්න...

      Delete
  16. බිත්තියයි සුව සෙවනයි ඉතිං මං යන තැන්.. අනිකටත් ඕං අද ගියා.
    අර රජා කියල තියෙන්නෙ රජවරු උනාම හිතන හැටිනෙ..

    ReplyDelete
    Replies
    1. පැතුම් ටිකක් කරළියට no එන නිසා එයාව දන්නේ පරණ අය තමයි .. අලුත් කට්ටිය එයාව දන්නේ නැහැනේ සරත් අයියේ.. ඒ උනාට අපි ඉතින් සීනියෑරිටි එකට සළකන්න ඕනෙනේ...

      සිරාවටම රජා කියපු දේට මට නම් මැරෙන්න හිනා ගියා... [im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
  17. මම මේ බැලුවා කවදාවත් නැතුව අද උදේ පාන්දර මගේ බ්ලොග් එකට කොමෙන්ට්ස් 3-4ක් වැටිල තියෙන්නේ මොකො කියල.. සහන් ගොයියත් කරන වැඩ හැබෑටම.... :) කොමෙන්ට්ස් දාපු අයටත්..සහන්ටත් ස්තුතියි..සිරාවටම කවුද හෙල්මට් එක ගන්න ඇත්තේ? ;)

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය හෙල්මට් එක ගත්තේ නැහැ. ඔන්න මාව අල්ලාගන්න එහෙම එපා.

      Delete
    2. ස්තූතියි පැතුම් .. පැතුමට පුළුවන් වෙලාවට පෝස්ට් ලියන්න ..ඒ වගේම අනිත් අයගෙත් බ්ලොග් වලට ටිකක් යන්න ඉඩ තියෙන තියෙන විදිහට...

      Delete
    3. @ අයිලෂ්

      මේ මොකද කර පිහදාන්නේ ...?[im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
    4. කරේ වැරදිලාවත් පුහුලේ අළු ගැවිලා කියලා හිතුනා.:D

      Delete
    5. @ අයිලෂ්

      මම දන්නවා මම දන්නවා ලබ්බට තිබ්බ අතමයි පුහුලට තියන්නෙත් කියලා...[im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
  18. පහුගිය සති කිහිපය ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. දැනුත් එහමයි. ඉඩක් ලැබෙන විදියට බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක ... ගොඩක් හැංගුන බ්ලොග් තියෙනවා සෑහෙන්න අධ්‍යාපනික කරුණු තියෙන.. සුදීට උනත් එහෙම දෙයක් දකින්න ලැබුණොත් අපිටත් දැනුම් දෙන්න..

      Delete
  19. මහේෂ්ගෙ එකටනං මං ගිහිල්ල තියෙනව. බිත්තිය ගැන ලඟදි දැනගත්තෙ. අනික් එක ගැනත් බලමු එහෙනං.

    ReplyDelete
    Replies
    1. පැතුම් වැඩිය පේන්න නැති නිසා තමයි එයාගේ බ්ලොග් එක මග ඇරෙන්නේ ප්‍රසන්න අයියේ.. ඒ නමුත් එයා බ්ලොග් ලියන්නේ 2006 ඉඳන්...ඉඩක් තියෙන වෙලාවට ගිහින් බලන්න එකින් එක...

      ස්තූතියි ආවට..නැවත එන්න ප්‍රසන්න අයියේ..

      Delete
  20. සහන් ඇත්තටම ස්තුතියි මචෝ......හිටු කියලා කොමෙට් වැටෙනවා....

    ReplyDelete
    Replies
    1. ගජිනුත් පුළුවන් වෙලාවට අනිත් සෑම බ්ලොග් එහෙකටම යන්න..ඒ වගේම දවසට එක විනාඩි 30 වැය කරලා ටික ටික පෝස්ට් හදන්න.. ලිපි සැකසීමේ පාඨමාලාව සඳහා සෙන්නව අමතන්න...

      Delete
  21. එන්න සහෝ...
    මං මේ කල්පනා කලේ සහන් කරන උදව් වලට බෝතලයක්වත් දෙන්න කියලා.සහන් මොනවාද දන්නේ නැහැ බොන්නේ?

    ReplyDelete
    Replies
    1. මම දැනට බොහෝ වසර ගණනකට පෙර මත්වතුර පානය කරා. ඊට පස්සේ පාවිච්චි නොකරම හිටියා කාලයක්.අදටත් එහෙමයි .( කටට අමිහිරි නැති මොනවා හරි කමක් නැහැ මෙයා .. [im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im] )

      Delete
    2. ඈ.....කවුද මත්පැන් වතුර ගැන කියුවේ. මං මේ ඇහුවේ ක්‍රිම් සොඩා හොඳ්ද? නැත්නම් ජින්ජ්ර් බියර් එකක් බොමුද කියලා?

      Delete
    3. ගින්ජර් මේව්වා එකක් බොමු අපි...[im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im] )

      Delete
  22. අද කාලෙ මොකක් හරි නැති වෙලා පොලීසියකට හියත් ඔහොමනෙ.
    පැමිණිල්ල ලියාගෙන හොරා අහු උනොත් අපිට ඇවිත් කියන්න කියනව.......... $%#^%#^%$&^$%
    බ්ලොග් ටික නම් මටත් අළුත්

    ReplyDelete
    Replies
    1. දැන් නම් පුරුද්දට ගිහින් " හොරා හොයාගෙන එන්න " කියලා කියන එක යසිත්..

      ඉඩක් තියෙන වෙලාවට කියවන්න ගිහින්..ඉගෙන ගන්න යමක් කමක් තියෙන සයිට්..පැතුම් කියන්නේ හොඳ සොෆ්ට් වෙයාර් එන්ජිනියර් කෙනෙක් යසිත්..ඔයාටත් ඉගෙන ගන්න දේවල් තියේ එයාගෙන්..

      Delete
  23. කාලෙකින් බ්ලොග් වල වෙන දේවල් වත් හොයල බලන්න බැරි වුනා නේ. මාස 4 විතර මොකවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බන් ඒ ...? වැඩ වැඩිද නැත්නම් ඉන්ටර්නෙට් තියෙන තැනක් නැද්ද අහළ පහල ? ඉක්මණටම පෝස්ට් එකක් දාන්න අසර්.. අහ තිළිණිවත් මතක් කරා කියන්න මම ... [im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      Delete
  24. සහන් මල්ලි,පැතුම් ගෙ මැලේ වල ලිපියට මාරයා මලය දාපු කොමන්ට් එකට පැතුම් දුන්න පිළිතුරට මම දුන්න පිළිතුර.
    >>ඔබ මැලේසියාවට ඇවිල්ල තවම මාසයයි නෙ.
    කොහොමද මැලේසියාවෙ කුක්/චෙෆ් අඩුයි කියන්නෙ?
    පාර අයිනේ ලොකු කුඩ යට රිංගිට් 2.50ට ඩයමන්ඩ් හැඩයට ගොට්ට ගැසූ,ගනකම් දුඹුරු කොලේ ඔතපු බත් කාල තියෙනවද?මෝල් ඇතුලෙ තිබෙන රෙස්ටොරන්ට් වලින් රිංගිට් 25.00න් බඩ පැලෙන්න තමන් කැමති කෑමක් කන්න පුළුවන්.
    තරු හෝටල් වල රිංගිට් 50.00හෙ ඉදල ඉහලට රසවත් කෑම වේලක් ගන්න පුළුවන්.
    KL වල සමහර හොද ඉන්දියන් රෙස්ටොරන්ට් වලින් කොත්තුවක් කන්න පුළුවන් රිංගිට් 10.00ට ටිකක් අඩුවෙන්.
    රටකට ආපු ගමන් අපේ කට්ටිය නොමග යන විදියට ලියන්න එපා.<<

    ReplyDelete
    Replies
    1. හපොයි කෙන්ජි අයියේ පැතුම් හේරත් කියන්නේ බොහෝම නිවිච්චි මනුස්සයා.. බොහෝම පාඩුවේ තමන්ගේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක්... සිතාමතා ජනතාව නොමග යවන දේවල් නම් එයා කරන්නේ නැහැ...

      කෙටියෙන්ම කියනවා නම් ඇම්ඩේක් නෙවේ... :D

      මේ ඒක නෙවේ මේල් චෙක් කරන්න මම මේල් එකක් එව්වා...

      Delete
    2. .මම කොහොමත් ඔය දන්න කියන විස්තර හරියට කියන්න කියල තමයි ලිව්වෙ.
      ඔබගෙ ඊය මට ලැබී නැත .
      මම එයාට කිව්වෙ මැලේසියාවෙ හොද කුක්කෝ නැහැ කියන්නෙ කොහොමද කියන එකට.

      Delete
    3. හි හී කෙන්ජි මචන් මම ඒ කොමෙන්ට් එක දැම්මේ මාරයා ඊට කලින් දාපු එකට පොඩි ආතල් එකක් විදියට.. එහෙම නැතුව මැලෙසියාවේ කෑම සම්බන්ධව පොස්ට් එකක් ලිව්වේ නෑනේ :) ... කොහොම වුනත් ඔයා කිව්ව කෑම ජාති මම ට්‍රයි කරලා බලන්නම්.. පොඩ්ඩක් ලුණු මිරිස් ඇතුව ලංකාවේ විදියට කන්න තැනක් තම නම් අපිට සෙට් වුණේ නෑ .. ගෙදර උයල කෑවොත් මිසක්.. මම දන්න කියන විස්‌තර ලියන්න තරම් මම තාම මොකුත් දන්නේ නෑ.. ආපු මුල් සතිය ගෙවිච්ච විදිය තමා ලියල දැම්මේ .. මැලේසියාව ගැන ලියන්න මට වඩා දන්න ඕනතරම් අය මේකේ ඉන්න නිසා කොහොමත් මම ඔය වගේ දේවල් ඉස්සරහටත් ලියන එකක් නෑ...

      Delete
    4. මම මේකට පුතා කියද්දී මට මචං කියනව.
      මම කිව්ව රිංගිට් 2.50 හෙ උදේට පාර අයිනෙ ලොකු කුඩ යට විකුණන ලුනු මිරිස්,හාල්මැස්සෝ/රටකජු බැදපු බත් ගොට්ට කාල නැද්ද?
      වරක් කාල බලන්න.
      රටවල් කීපයක රසට කන්න තැන් ඕනෙම නම් මම කියාලා දෙන්නම්.
      මගේ දිවට රසය දැනෙන ආහාර තාමත් ඉස්සර වගේම ඕනෑමයි.

      Delete
    5. කෙන්ජි මාමේ සමාවෙන්න ඕනේ මචං කිව්වට.. පින්තුරයක් වත් දැකල නෑනේ .. :) කොහොමද දෙයියනේ දැන ගන්නේ.. මම මේ ඉදල හිටලා මොකක් හරි ලියල දාන එකානේ.. සොරි වෙන්න ඕනේ.. පාර අයිනේ කුඩ යට තියෙන ප්ලේස් වලින් තාම කෑවේ නෑ.. එකට කියන නම මොකක් ද? නාසි ලමක් ද? අපි එක දවසක් බ්රික්ෆීල්ඩ්ස් වල කඩේකින් නාසි ලමක් එකක් කෑව.. මට නම් එක ඇල්ලුවේ නෑ.. ලුණුත් නෑ.. මිරිසුත් නෑ.. කන්න හොද තැන් දන්නවනම් නොකිය මක් කරනවද හැබෑටම ...

      Delete
  25. මාත් යන්නං ඒ පැතිවලට. එත් අපි ගියාට උන් එන්නේ නෑනේ අපේ පැතිවලට.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා සෙන්කොලයෝ..ටික දවසක් යද්දී කට්ටිය ඒවි ඔයාගේ බ්ලොග් එකට...ස්තූතියි හැමදාම මේ පැත්තේ එනවට..දිගටම එන්න..

      Delete
  26. මේ ළඟදි දවසක මම රුපියල් විස්සෙ චොක්ලට් එකක් දෙන්න කියල ඊට පස්සෙ චොක්ලට් එකේ ගාන කීයද කියල ඇහුවා. ඒක මතක් උනා මේ හෙල්මට් කතාව කියවද්දි. හිටපු ගමන් ඔය වගේ ප්‍රශ්න ඇහෙනවනෙ ;)

    ReplyDelete
    Replies
    1. මටත් කතාවක් මතක් උනා ඒ පාර.. ඉස්සර අපිත් දෙකේ අයිස් එකක් කීයද කියලා අහනවා අයිස් අංකල්ගෙන්...[im]http://lankawap.com/xhtml/smilies/roll.gif[/im]

      චම්ස් FF අප්ඩේට් කරලා නේද ..? ස්තූතියි චම්ස් හැමදාම එන එකට මගේ බ්ලොග් එකට..දිගටම එන්න..ඒක සතුටක් මට..

      Delete
    2. //මේ ළඟදි දවසක මම රුපියල් විස්සෙ චොක්ලට් එකක් දෙන්න කියල ඊට පස්සෙ චොක්ලට් එකේ ගාන කීයද කියල ඇහුවා.//

      මට කඩයක් දාන්න හිතෙනව ඔයාලගෙ ගෙවල් පැත්තට ඇවිත්.. :D

      අපේ ගෙදරට ආපු අසල්වැසි අයියා කෙනෙක් අහනව "මල්ලි, ඉරිද සඳුද ද .." කියල.. :D :D

      Delete
    3. @සහන්: FF කියන්නෙ මොකක්ද?

      @චන්දන අයියා: :D :D

      Delete
    4. ෆයර් ෆොක්ස් චම්ස්

      Delete
    5. ඔයා කළින් හිටියේ වර්ෂන් එක 10 නේ ...

      Delete
    6. ඔන්න ඔයා මේ දැනුත් ඇවිත් ඉන්නේ..නේද ..? :P

      Delete
  27. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
  28. මොකද බන් මේ පරණ ඒවා බ්ලොග් රෝලෙ උඩට එන්නෙ ? දාහන් අලුත් එකක්..

    ReplyDelete
  29. ඔබ දුන්න ලින්ක්ස් වලට මම කලින් ගිහින් තියෙනවා. ගජින් එකට අද උදේ ගියා.ඒත් පැතුම් හේරත්ගෙ බ්ලොග් එකට කාලෙකින් ගියෙ නෑ. අද ගියා. ඔබට ගොඩක් ස්තූතිය් අලුත් අයව දිරිමත් කරල ඒවාට අත දෙනවට. මේ හැම එකටම වැය කල යුත්තෙ අපි බ්ලොග් පොස්ට් ලියන කාලය නිසාත් අනිත් අයට උදව් කරන්න යනකොට තමන්ගෙ කාලය තමන්ට නැතිවෙන නිසාත් බ්ලොග් කරන අපි ඒවාට වැය කරන්නෙ සීමිත කාලයක් නිසාත් මම ඔබේ කැපවීම ඉතා ඉහලින් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මානෙල් අක්කේ ඔබේ අදහසට.. අපි අන්තර්සහයෝගයෙන් යන්න ඕනේ ගමනක් මේ බ්ලොග් කියන්නේ..ඒ නිසයි මෙහෙම ගමනක් යා යුත්තේ..

      හැකි වෙලාවට ඇවිත් යනවට ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  30. සුව අසපුවට නම් නිතර ගොඩ වැදුනත් අනිත් බ්ලොග් නම් දැනගෙන හිටියේ නැහැ..ස්තුතියි සහන්..

    ReplyDelete
    Replies
    1. පැතුම්ගේ එක සහ ගජින්ගේ ඒවා වල ගොඩක් කරුණු තියෙනවා රූ..ඒ වගේම පැතුම් තමයි පරණම සාමාජිකයා බ්ලොග් ලෝකයේ...

      බොහෝම ස්තූතියි රූ ඇවිත් ගියාට..

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili