දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 28, 2012

දේව භක්තිය... Aesop's Fables.



 පලි . මගේ තාත්ත මට පුංචි කාලේ අරන් දීපු පොතක් මේක .මේ පොත අද තියෙන්නේ මා ඉගෙනගත්   විදුහලක පුස්තකාලයේ.නමුත් වසර 20 එහා ගියද මේ මතකයන් අදද මා රස විඳින හෙයින් මෙසේ පල   කරමි.ආදරණීය තාත්තාත් මෙසේ මතක් කරමි...

           එක්තරා සමයක ජීවත් වූ පුද්ගලයෙක් ඉතා දැඩි ලෙස දෙවියන් ඇදහීමට පෙලඹවී සිටියේය . මොහු උපයන මුදලෙන් බොහෝ කොටසක් වියදම් වූයේ මොහුගේ මෙම ක්‍රියාවටය .දිනක් මොහු හමුවට පැමිණි දෙව් තොමෝ
" මා හිතවත ඔබ උපයන මුදලින් ඔබගේ දුවා දරුවන් පෝෂණයට යමක් කරන්න.දැනට මේ ලැබෙන ගරු සැලකිලි මා හට ප්‍රමාණවත් " යනුවෙන් පවසා දෙව් තොමෝ පිටව ගියේය..

          දින කීපයකට පසු තවත් දිනෙක බූරුවෙකු පිට තබා දේව පිළිමය නගරයේ වීදි සංචාරය කරවූයේ දේව භක්තිය නිසාමය .දිනෙක රාත්‍රී යාමයේ දෙවියන් ඔහු හමුවට පැමිණ සිටියේය..


" එම්බල මුලාවට පත් වූ තැනැත්ත , තා මේ අයුරින් දිගින් දිගටම හැසිරුණ හොත් තොපගේ දේව භක්තියම තා විනාශය කරා ගෙනයනු ඇත.එදිනට තා දොස් නගන්නේද මටමය! " යනුවෙන් පවසා දෙව් තොමෝ පිටව ගියේය...







පලි . මගේ තාත්ත මට පුංචි කාලේ අරන් දීපු පොතක් මේක .මේ පොත අද තියෙන්නේ මා ඉගෙනගත් 
විදුහලක පුස්තකාලයේ.නමුත් වසර 20 එහා ගියද මේ මතකයන් අදද මා රස විඳින හෙයින් මෙසේ පල
 කරමි.ආදරණීය තාත්තාත් මෙසේ මතක්
කරමි...

16 comments:

  1. හිකිස් මට ඔයාගේ කමෙන්ට් එක දැක්කම හිනා ගියා
    හොදටම හිරු...:)))))))

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇත්තනේ බං.. වෙන මොනා කියන්නද.... හි හි

      Delete
    2. ඒක තමා හිරු මාත් දැන් 7, 8 වංගියක් මේක
      කියෙව්වා ..ඔයා කියපු දේ ඇර මේ කතාවට
      වෙන කියන්න කිසිම දෙයක් නැහැ..විහිළුවෙන්
      කියවන් ගියාට නිකන්ම අවසානයට එද්දී හිනාව
      අන්තරස්දහන් වෙනවා...

      Delete
    3. ඊසොප් කියන්නෙ පුදුම මනුස්සයෙක්. වචන 10කින් පුලුවන් මහා පනිවිඩයක් ලෝකෙට දෙන්න. විශේශත්වෙ හරිම කෙටියි... මම ඊසොප් ගෙ උපමා කතා කියල පොතක් කියෙව්වා පොඩි කාලෙ. ඒකෙ තිබුනු කතා කෙටියි. මම ඒකට කැමති නැ. මට ඕනි උනේ දිග කතාවක් කියවන්න. ඒත් ඒ පොතේ තිබුනෙම පුන්චි කතා, ඒ දව්ස වල එච්චර රසයක් දැනුනෙ නැති උනාට පස්සෙ කාලෙක නං ඒවයෙ සෑහෙන වටිනාකමක් දැනුනා :)

      Delete
  2. Replies
    1. ඔව් ඔව් සයුරි වෙන්න ඕන වෙන්න ඕන...:D
      වැරදි තැන් මට කියන්න.මොකද ඒ පොත නැහැ මා ළඟ.. :(

      Delete
  3. ඇත්ත සමී ඒක ඇත්ත ඉසොප් දක්ෂ වචන දෙක තුනෙන්
    කනට ගහන්න.දක්ෂ නීතිඥයන්ට අත්‍ පොතක්.ඒත් මේකට
    වටිනාකමක් දෙන අය දැකල නැහැ.පොඩි කලේ ඉඳන් මගේ පුරුද්ද
    නම් පොඩි වත් කතන්දර පොත් කියවන්නේ නැහැ .ඒවට
    ආස නැහැ .sandy දවසක් මට ann දුන්නා A / L කරන කාලේ.ඒක තමා ජීවිතේටම
    කියවපු පොත ඒ ජාතියෙන් .( හැබැයි ඊට පස්සේ ann 4 ට එනකම්
    කියෙව්වා ඉල්ලගෙනම :D:D ) මේ ඉසොප්ගේ කතා නම් අසාවෙන්
    කියෙව්වා .එක හුස්මට පොත ඉවරයි .ඒත් දවසට 8 පාරක් විතර
    ඔය පොත බලනව ඉස්සර :D ..ඒකෙ රූප එහෙම තාම මතකයි
    බන් මට ,මට චිත්‍ර අඳින්න පුළුවන් නම් අඳිනවා....මේ හැම
    කතාවක්ම මන් දාන්නේ මගේ මතකෙන් .මොකද පොත නැහැ දැන් මා ළඟ.

    ගොඩක් ස්තූතියි මචන් ඇවිල්ල පුංචි තප්පර දහයක් වැය කරලා
    යනවට හැමදාම... :D

    ReplyDelete
  4. හ්ම්ම්... ගොඩක් අය ඔහොම තමා.... කරන්නන් වාලේ කරනවා.... ලෝකෙට පේන්න....ඇතුල හිස්......

    ReplyDelete
  5. ඔයාගේ කතාව නම් ඇත්ත සමනලී.ආයෙම ගස් ගල්
    වන්දනා කරන්න පටන් අරන්.දේවාල පස්සේ පවා කොච්චර
    යනවද.මන් නම් අද්දැකීමෙන් කියන්නේ භූත බලවේගවලින්
    කරන්න පුළුවන් මහා විසාල දෙයක් නැහැ.( බලගතු අය ඇති ,
    එත් ඒ අය එන්නේ නැහැ අනේ මේ අපේ දුක් ගැන හොයන්න )
    ඒ උනාට මේ උපමාවෙන් නම් කියන්නේ
    දෙවියෝ ගැන වත් දේව විස්වාස ගැන නම්
    නෙවේ . වෙලාවක එන්නකෝ.... හොදද ?

    ReplyDelete
  6. මම නම් ඉතින් දෙවියන්ට උනත් ඕනවට කොරන්න යන එකෙක් නෙමේ. ජය වේවා....!!

    ReplyDelete
    Replies
    1. හපෝ ඔව් මාත් එහෙමයි..දෙවියෝ ඇති මේ ලෝකේ .
      ඒත් අපේ දුක් අහන්න නම් එන්නේ නැහැ කියලනම්
      තෙරුම් අරන් ඉන්නේ යාළුවා ..ස්තූතියි අවට මේ පැත්තේ...
      නැවත එන්න ...

      Delete
  7. ආ... සහන් අයිය දැන් කතන්දර කියන්නත් පටං අරන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් අනු කතන්දර දෙක තුනකුත් දාන්න එපැයි ඉතින් ඔහේ.
      මොකද පහු ගිය ටිකේ පෙන්න නො හිටියේ..?

      Delete
  8. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා නොවැ කියන්නෙ...

    ReplyDelete
  9. අනිවා අනිවා බන් ..දැන් පෙනුම කොහොමෙයි ?
    ඒත් මේකේ අර උද තියෙන කළු පාටට හුරු පටි ටික
    අයින් කරගන්න බැහැ බන්..ඔක්කොමත් හරි
    මුක්කම නරකයි වගේ දෙයක් මට උනේ සිරෝ ..:(

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili