දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

September 21, 2013

ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරු

දීර්ග විස්තර අනවශ්‍යයි.කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.


01.ගන්න අපේක්ෂක ලැයිස්තුව.
02.බලන්න ඉන්න මිනිස්සු ටික.
03.මැරයො , කටවාචලයෝ , හොරු ඉන්නවද බලන්න.
04.ඒ නම් ටික කපන්න.
05.ඉතුරු නම් ටික කටපාඩම් කරන් ගිහින් ඒ අයට චන්දෙ දෙන්න.




මුළු ලයිස්තුවේම නම් ටික කපන්න උනොත් මොකද කරන්නේ ?







                  කලබල වෙන්න දෙයක් නැහැ.යන්න ඔබේ චන්ද දමන ස්ථානයට.චන්ද පත්‍රිකාව අරන් ඔබේ අකමැත්ත ප්‍රකාශ කරන්න.චන්දෙ දෙන්න හරි හමන් පුද්ගලයෙක් නැහැ කියලා නිකම් ඉන්න එපා.ඔබ ඔබේ චන්දය දැම්මේ නැති උනොත් වෙනත් කෙනෙක් වංචා සහගත ලෙස ඔබේ චන්දය පාවිච්චි කරාවි.ඒ නිසා කටුගාන්න හරි චන්දෙ දාන්න.


               හරි හමන් විදිහට ඉගෙන ගත්ත , වැදගත් , නිහතමානී මනුස්සයෙක් ඉන්නවා නම් චන්දය දෙන්න.එයා දිනන්න ඕනේ නැහැ.ඒත් චන්දෙ දෙන්න.අඩුම තරමේ එවැනි මිනිස්සුන්ට චන්ද 100ක් හරි දෙන්න මිනිස්සු ඉන්නවා කියලා පෙන්නන්න!


87 comments:

  1. අනිවාර්යෙන් සහන්.කෙටි උනත් හරිම වටිනවා මේ සටහන.

    ReplyDelete
    Replies
    1. දීර්ඝ පැහැදිලි කිරීම් යන අතරේ මේ වගේ පොඩි පොඩි දේවලුත් කියලා තියන එක හොඳයි මනෝජ්.. නැත්නම් පාඩමම අපතේ යන්න පුළුවන්..

      Delete
  2. සහන් අපේ රටේ මිනිස්සුන්ගේ රෝවින්ග් ඇබිලිටි එක ඉතාමත් අඩුයි කියලා මම කොහේදෝ අහලා තිබුනා , ඒ කියන්නේ අනවශ්‍ය දේ විසිකිරීමේ හැකියාව ඉතාම අඩුයි, එක තමයි අදත් කැඩුණු බිඳුණු කුණුගොඩවල් වලින් ගෙවල් පුරවාගෙන ඉන්නේ,
    ඉතින් මේ පට්ට හොර , තක්කඩි ,අසමජ්ජාති ,කුජීත දේශපාලුවෝ කොයි තරම් එපා වුනත් උන්වම හැමදාම දිනවන්නේ එකයි. හොඳ මිනිහෙකුට ඡන්දේ දීලා ඒ මිනිහා පැරදුනොත් චන්දෙ විසිකරා කියලා හිතෙනවා . ඉතින් විසි කරන්න කැමති නැති නිසා පරණ කුණුගොඩවල්ම තියන් ඉන්නවා.
    අනික අපේ රටේ ඡන්දය කියන්නේ දීර්ඝ දේශපාලන සමාලෝචනයක අවසාන ප්‍රතිපලය නෙවෙයි. දේශපාලකයා ඔහුගේ නිල කාලය පුරාවටම කරන සියලුම දේවලින් ඡන්දය දින කීපයේදී ඔහු ස්වායත්තයි. ඒ දින කීපය තුලදී දෙන ටකරං ප්‍රමාණය, අරක්කු බෝතල් ප්‍රමාණය, කෑම වේල් ප්‍රමාණය ,පොත් ප්‍රමාණය, තාර දාන පාරවල් ගාන වගේ බොහෝ නොවැදගත් සාධක මත තමයි ඡන්ද දායකයා තීරණ ගන්නේ,
    ඉතින් මුළු කාලය පුරාවාම බැන බැන ඉඳලා අර ටික දිහා බලාගෙන අලුත් බෝතලේකට පරණ අරක්කුම දාගෙන බොනවා

    ReplyDelete
    Replies
    1. මුල් වාක්‍යය throwing ability (ත්රෝවින්ග් ඇබිලිටි) ලෙස නිවැරදි විය යුතුයි සමාවෙන්න

      Delete
    2. ඉවොන්ගේ කමෙන්ට් එකට එකෙම්ම

      ++++++++++++++++++++++++++++++++++++

      කිවයුත්ත ගානට මිම්මට කියලා තියෙනවා...

      Delete
  3. අපේ උන් ඡන්දේ කටු ගානවා කියන එක දන්නෙත් නෑ. ඒ කියන්නේ, එක එකාට කතිර නොගහා, මුළු ඡන්ද පත්‍රිකාව හරහට කතිරයක් ගහන්න. නැත්නම් හැම තැනම කතිර ගහන්න. නිකන් ගෙදරට වෙලා උන්නාම, තමන්ගේ සිවිල් අයිතිවාසිකමයි නැති වෙන්නේ. අනික මොකා කිව්වට් ඒ ඡන්ද ප්‍රමාණය කෙලින්ම යන්නේ පවතින ආන්ඩුවට මනාපයි කියන එකට.

    ReplyDelete
    Replies
    1. \\\\අනික මොකා කිව්වට් ඒ ඡන්ද ප්‍රමාණය කෙලින්ම යන්නේ පවතින ආන්ඩුවට මනාපයි කියන එකට.\\\\

      පවතින ආණ්ඩුවට අකමැති බවයියි යනුවෙන් වෙනස් වෙන්න ඕනේ මගේ හිතේ...


      අනිවාර්යෙන්ම කටු ගාන්න ඕනේ කුසීතකමට ගෙදට්ට වෙලා නොයිඳ ...

      Delete
    2. නෑ කැමතියි කියන එක. ඒ කියන්නේ එයාලට මොකා උන්නත් ප්‍රශ්ණයක් නෑ කියන එකනේ. ඒ කියන්නේ මේ ආන්ඩුවට කැමතියි කියන එක.

      Delete
    3. මේ පවතින තත්වය යටතේ නම් ආණ්ඩුවට විරුද්ධ කුමන පක්ෂයකට හෝ ඡන්දය පාවිච්චි කලයුතුයි කියන එකයි මගේ මතය. කුරුටු ගෑමකට නොගොසින්.

      Delete
    4. අනිවාර්යෙන් අරූ විය යුත්තේ එයයි.

      Delete
    5. \\\\ ඒ කියන්නේ එයාලට මොකා උන්නත් ප්‍රශ්ණයක් නෑ කියන එකනේ.\\\

      ඒක හැබෑව...

      @ අරූ

      ඔව් මොකාට හෝ දිය යුතුයි විරුද්ධ පක්ෂයේ..ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ගෙදට්ට වෙලා ඉන්න අය ගැන අරූ..ලංකාවේ චන්ද වලින් 12% විතර අහක යනවා ඒ විදිහට..

      Delete
    6. @ මනෝජ්

      කාට හෝ චන්දෙ දෙන්න යනවා නම් අවුලක් නැහැ ගෙදරට වෙලා නොයිඳ ..

      Delete
  4. මුල ටික කියෝගෙන එනකොට ආපු ප්‍රශ්නේ මේකෙම තියන එක හොඳයි...මාත් කියන්න හැදුවේ එහෙම එවුන් නෑ කියලා :D

    වටිනා සටහනක්..

    ReplyDelete
    Replies
    1. නැහැ කියලා නිකම්ම ඉන්න එපා.. චන්දය පාවිච්චි කරන්න... කටු ගාන්න හරි යන්න රෙහානි..

      Delete
  5. ඡන්ද අයිතිය ගැන හිතලා ගෙදර ගියේ නෑ මේ පාර නම්. පලවෙනි වතාවට මේ පාර නොදා ඉන්න බැලුවේ. කොහොමත් ගෙදර ගියාමත් තාත්තාගෙන් වදේ අරකාට දාපන්, මිනිහා අපේ එකෙක්. ඔය වෙලාවට මට නම් මලත් පනිනවා. මම වෙනදා හා හා කියලා ගිහින් කොහෙවත් නැති අහිංසකයෙකුට දෙනවා. දෙපාරක් විතර රජතුමාගේ දෑත් ශක්තිමත් කරලත් දුන්නා. මේ පාර විභාගේ වැඩ පිටින් දාලා නොගොහින් හිටියා.

    ReplyDelete
    Replies
    1. මම මේ දැක්කමයි රජ තුමාට චන්දෙ දීපු කෙනෙක් ... මොකද ගොඩක් අය දැන් කියන්නේ " අනේ අපි නම් දන්නේ වත් නැහැ එයාව " කියලනේ..

      ලබන පාර උදේම ගිහින් හරි හමන් කෙනෙකුට තමන්ගේ චන්දය පාවිච්චි කරන්න කළු පූසෝ... මේ රටේ පාවෙන චන්ද ප්‍රතිශතය බොහොම වැඩි.. 26 % කටත් වඩා වැඩියි...

      Delete
    2. ඇයි මම... හෙට ඡන්දයක් තිබුනත් රජතුමාට තමයි ගහන්නේ...

      Delete

    3. ඔන්න ඕකට තමයි කියන්නේ එකට කෑවට බොක්ක වෙනස් කියලා ..:)

      Delete
    4. මෙහෙමයි සහන්. ඔය එකෙක්වත් රටට වැඩ කලේ නෑ කරන්නෙත් නෑ. කරත් කරන්නේ ගානක් එන දෙයක් මිස වෙන දෙයක් නෙමෙයි. දැන් ඉන්න පොලිටික්කන්ට සාපේක්ශව ඉන්න හොඳම නායකත්වය මේකා. මම කැමති නෑ මගේ ඡන්දය පරදින එකෙකුට දෙන්න. බලවත් විකල්පයක් ආපු දවසට ඌට දෙනවා.. ඒ කියලා මෙයාලගේ වැඩ පිලිවල අනුමත කරන්නේ නෑ.. කලින් දුන්නේ ෆොන්සේකාට.. හැබයි හොඳ වෙලාවට බලයට නොආවේ.. ඒ තමයි මම පැරදුන කෙනෙක්ට ඡන්දය දුන් මුල් වතාව.. පැහැදිලියිනේ...

      Delete
    5. මම 10:23:00 AM කමෙන්ට් එක දැම්මේ සීරියස් නෙවේ මාතලන්.. මාත් දන්නවා අද පත්වෙලා තියෙන තත්වය.. නිරායාසයෙන්ම ලොක්කට තමයි බොහෝ දෙනෙක්ගේ චන්ද වැටෙන්නේ.. හේතුව තමයි වෙනත් විකල්පයක් නැති කම... අර රනිල් කියන මනුස්සයට මේ වින්නැහිය නොතේරෙන හැටි අම්මපා.. මට වෙලාවකට පුදුම ආවේගයක් එන්නේ.. දයාසිරි වගේ මිනිස්සුත් නැති කරගත්තා මෝඩ වැඩ නිසා ..

      සජිත් ලොක්කත් ගියපු දාක ඉවරම තමයි..සජිත් යන එකක් නැහැ පක්ෂේ දාලා... කෙසේ නමුත් සජිත්ගේ පැමිණීම තව තවත් කල් නොයා යුතුයි..සජිත් ඉතාම ඉක්මනින් පැමිණිය යුතුයි නායකත්වයට..අන්න එදාට මමත් සජිත්ගේ පිළේ.. සමහර විට මාතලන්ලා අපි හම්බවේවි සැබහින් එවැනි දවසක..

      ____________________________

      ජෙනරල් ගැන නම් කියන්න තියෙන්නේ නාව එකම හොඳයි.. ආව නම් එහෙම මේකේ ඉන්න හම්බෙන්නේ නැහැ.. දේශපාලන දැනුමක් නැති අයට බැහැ රටක් කරන්න ... ( හැබැයි මාත් දුන්නේ එයාට තමයි වෙන දෙන්නම කෙනෙක් හිටපු නැති නිසා )

      Delete
    6. වැඩේ හරි නේ සහන්...

      මාතලන් කියූ දෙයක් කවදාවත් වැරදිලා නැත.. ගලේ කෙටූ අකුරු මෙන් පැහැදිලිය..

      Delete
    7. සහන් ගේ තීරණේ මෙහෙම නම් මේ බ්ලොග් පොස්ට් එක ලිව්වා එකේ තේරුම මොකක්ද? අග මුල පැටලෙන්නේ නැති බ්ලොග් ලියපු සහන්ට මාතලන් ගේ බ්‍රේන් වොෂ් එක වැඩ කරපු විධිහ හරිම කුජිතයි. ලිව්වා පොස්ට් ටික කොමඩ් එකේ ෆ්ල්ෂ් කරා වගේ වැඩක් .

      ඔයාම හිතල බලන්න ඔය ඉහලින් දීල තියන උපදෙස් පිළිපදිනවද කියල ?
      "හරි හමන් විදිහට ඉගෙන ගත්ත , වැදගත් , නිහතමානී මනුස්සයෙක් ඉන්නවා නම් චන්දය දෙන්න.එයා දිනන්න ඕනේ නැහැ.ඒත් චන්දෙ දෙන්න.අඩුම තරමේ එවැනි මිනිස්සුන්ට චන්ද 100ක් හරි දෙන්න මිනිස්සු ඉන්නවා කියලා පෙන්නන්න!"
      ඉතිං කාටදැ මෙව්වා කියන්නේ .

      Delete
    8. සහන් ට අනුව සජිත් ප්‍රේමදාස "හරි හමන් විදිහට ඉගෙන ගත්ත , වැදගත් , නිහතමානී මනුස්සයෙක්" ඉගෙන ගත්ත එක හරි කියමුකෝ කෝ එතකොට නිහතමානී කම? කෝ වැදගත් කම ?

      Delete
    9. @ ගයාන්

      මම 10:23:00 AM සහ ඊට අදාළ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ සීරියස් නෙවේ කියලා කිව්වනේ.. පොඩි දෙයක් අල්ලගන්න එපා මෙහෙම. කවදා හරි සංවිදානය වෙලා අලුත් පක්ෂයක් සඳහා අඩිතාලම දාගන්නකම් සජිත් වැනි කෙනෙක්ගේ සහය ගන්න එකේ වරදක් නැහැ ගයාන්.. එහෙම නැත්නම් මැතිවරණයක් සඳහා හොඳට සංවිධානය වුනු නව පක්ෂයක් ලෙස ඉල්ලුම් කරන්න ඕනේ..

      නව පක්ෂයක් පිහිටුවීම අසීරු නම් තියෙන එකම විකල්පය තමයි මම කියලා තියෙන්නේ සජිත් ගැන .. සජිත්ගේ ආණ්ඩුවක ප්‍රමාණවත් බලතල එක්ක නියෝජනයක් ලැබීමත් යම් තරමක ජයක් නෙවේද ගයාන් ..?

      Delete
    10. ඒක එහෙමනම් අර කියන නිහතමානී උගත් අපේක්ෂකයාට චන්ද 100ක් වත් ලැබෙන්නේ නෑ නේද? කවුරුත් චන්දෙ කටුගාන එකකුත් නෑ ,
      සහන් මෙච්චර කාලයක් දිනන පාර්ශවයට ජැක් ගැහුව හැමෝම එහෙම කරේ තමන්ගේ මොකක් හරි උවමනාවක් ඉෂ්ට කරගන්න හිතාගෙන තමයි එත් එයාලටත් උනේ එක්කෝ සපත්තු ලෙවකකා හොරකමට දායක වෙන්න එහෙම නැත්නම් තවත් ඒකාධිපතියෙක් බිහිකරපු දුක දරාගෙන අකුලාගෙන ගෙදර යන්න.

      සජිත් දැන් ඉන්න උන් වගේම එකෙක් නොවෙයි කියන්න ඔයාට පුලුවන්ද?

      Delete
    11. ගයාන්

      මම මේ ගැන වෙනම ලියන්න හිටියේ..ඒත් ගයාන් අහපු නිසා මෙතනම කියන්නම්.. දැනට ලංකාව තුළ ඇති වෙලා තියෙන තත්වෙට විසඳුමක් ලෙස නව වැඩපිළිවෙලක් අවශ්‍යයි. එසේම තමන්ගේ අරමුණ වෙනුවෙන් අවුරුදු 6 ක් වත් අන්ත දුකක් විඳින්න ලෑස්ති වෙලා ඉන්නත් ඕනේ ඒ පිරිස. ශ්‍රී ලංකාව වෙනුවෙන් හරි හමන් දැක්මත් ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයක් , සුදුසු අපේක්ෂකයෝ ටිකක් , මූල්‍ය හය්ය , නීති හය්ය , අධ්‍යාපන හය්ය ඇති පිරිසක් උවමනයි. රට පුරා කෙරෙන දැණුවත් කිරීම් මාලාවකින් පස්සේ මහ මැතිවරණෙට ඉල්ලුම් කරන්න ඕනේ.. මන්ත්‍රී ආසන 3 ක් ආවත් ඇති ගයාන් පළමු ගමනින්.. එතන ඉඳන් ඔලුව උස්සගන්න පුළුවන්.

      හැබැයි ගයාන් මේක මේ කියන තරම් ලේසි නැහැ.. ගොඩක් බලවේග ඒවි හැප්පෙන්න.. විටක තුත්තිරි ගහ වගෙත් අනික් විට පොල් ගහක් වගෙත් ඉන්න ඕනේ.. මැර තර්ජන , නීති ගැටළු , මූල්‍ය ගැටළු ඒවි.. ඒවට මුහුණ දෙන්න ඕනේ.. මට කියන්න එවැනි දෙයක් වෙනුවෙන් ඔබ සහය දෙන්න සූදානම්ද ...?

      Delete
    12. සහන් ඔය කියනදේම නේද ප්‍රජා පක්ෂය තුලින් ෆොන්සේකා කරන්න ට්‍රයි කරන්නේ. ප්‍රතිපලත් ධනාත්මකයි නේ.

      Delete
    13. මට ගැටලුව තියෙන්නේ ඔවුන් සතුව හරි දැක්මක් තියෙනවද කියලා අය්යේ... මට පේන්නේ මහින්ද එක්ක ඇරියස් කවර් කරන්න හදන දෙයක් කියලා මිසක් රට වෙනුවෙන් යන ගමනක් නෙවේ මූලික පරමාර්ථය විදිහට එතන තියෙන්නේ...


      මම කියන්නේ කා එක්ක වත් ගේම ඉල්ලන්න යන්න ඕනේ නැහැ රටට වැඩක් කරනවා මිසක්. මහින්දට වැඩේ දෙන්නවත් , අලින්ට වැඩේ දෙන්නවත් ඕනේ නැහැ..මට නම් කා එක්ක වත් ඇරියස් නැහැ ...

      Delete
    14. සහන් ඇරියස් කවර් කිරීම වෙන ඇජෙන්ඩා එකක් කියලා හිතපන්කෝ. නමුත් උඹ ගයාන් එක්ක කතාකරන දේ තමයි ෆොන්සේකා දැන් පරිනත දැක්මක් එක්ක සමහර සාකච්ඡා වලදී කියා සිටින්නේ.

      Delete
    15. ෆොන්සේකා වර්තමානයේ කියන කරන දේවල් වල වෙනසක් තියේද කියලා මම හරියටම දන්නේ නැහැ අය්යේ.. ( ශ්‍රී ලංකාවේ නාලිකා බලන්න ක්‍රමයක් නැහැ මට ) කව්රු උනත් කමක් නැහැ රටේ ආර්ථිකය සහ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන කෙනෙකුයි/පක්ෂයකුයි ඕනේ.

      මහින්ද වේවා රනිල් වේවා සජිත් වේවා ජෙනරාල් වේවා අලුත් කෙනෙක් වේවා කව්රු කරත් මම සහයෝගය දෙනවා අය්යේ..


      ( පරණ මූණු ටිකත් එක්ක මෙවැනි ගමනක් යන්න පුළුවන් වේවිද...? )

      Delete
    16. පරණ එවුන්ගේ මාණසිකත්වයත් එක්ක නම් අඩියක්වත් පෙරට බොරු තමයි.

      Delete
    17. කොල්ලෝ සහන් උඹ හිතුවද මට ඩෝප් කියලා..........

      Delete
    18. සහන් මේ ගමන යන්න අමාරුයි හැම හොරා එක්කම එකඟ වේවි. තමන් මතයක් වෙනුවෙන් පෙනී ඉන්නවනම් මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන්නේ නැතිව දිගටම එක defend කරන්න ඕනේ එහෙම නැතිව වේලාවෙන් වෙලාවට මතය වෙනස් උනාම (නොදැනීම වෙන්න පුලුවන් ) අපි කියන දේ වල විශ්වසනීය බව අඩු වෙනවා. හරියට මාතලන් බඩු ගැහිලි ගැන ආඩම්බරෙන් කතා කරලා එහෙම යාලුවන්ව ෆෝම් කරලා, ස්ත්‍රී දුෂණ හෙලා දැකලා පොස්ට් දානවා වගේ.
      වෙනසක් අවශ්‍යයි කිය කිය පරණ දේවල්ම බදාගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?

      Delete

    19. ගයාන් පක්ෂයක් පිහිටුවීම කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවේ.. මම මේ බ්ලොග් එක තුළින් දැනට කරන්නේ අදහස් ලියා තැබීම විතරයි. නව පක්ෂයක් පිහිටුවීම කියන දේ කරන්න ඕනේ ඉතාම සංයමයෙන් නේද ...? එක පාරට සති 4 න් පක්ෂයක් හදලා වැඩක් නැහැ .. උපන් ගෙයිම මැරිලා යාවි.. ඒ නිසා සෑහෙන කාලයක් අරන් කල යුතු දෙයක් ඒක.. එතෙක් අපි මේ විදිහට අදහස් ලියා තබමු.. අපි නැතත් අපෙන් ඉදිරි පරපුර ඉදිරියට යාවි...!


      මට කියන්න නව වෙනසක් වෙනුවෙන් පෙළ ගැසීමක් වෙන දාකට ඔබ එන්න සූදානම්ද ...?

      Delete
    20. පෙළ ගැහිල ටිකක් කල් වෙනවා කැමති නම් ඔබත් එක් වෙන්න
      http://www.youtube.com/watch?v=cWLu62MHRz0
      මට පැහැදිලි කරලා දෙන්න මෙතුමාගේ තියන නොසුදුසු කම මොකක්ද කියලා.

      Delete
    21. ////සජිත් ලොක්කත් ගියපු දාක ඉවරම තමයි..සජිත් යන එකක් නැහැ පක්ෂේ දාලා... කෙසේ නමුත් සජිත්ගේ පැමිණීම තව තවත් කල් නොයා යුතුයි..සජිත් ඉතාම ඉක්මනින් පැමිණිය යුතුයි නායකත්වයට.//////
      සජිත් යනු රනිල්ටවත් මහින්දටවත් විකල්පයක් නොවේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නව යුගයක් නව පෙරලියක් අලුත්ම අලුත් මතවාදයක් ඒ රික්තකය පුරවන්න සජිත්ටවත් බැහැ ජවිපෙටත් බැරි වෙයි කිසිම සාම්ප්‍රදායික දේශපාලන ධාරාවකට බැරි වෙයි.ෆොන්සේකාගේ පක්ෂයේ ප්‍රගතිය පෙන්වන්නේ ඒ අලුත් බලාපොරොත්තුවයි එත් ඒ හිස්තැන දීර්ගකාලීනව පොන්සේකටවත් පුරවන්න පුළුවන් එකක් නෙමෙයි...

      මාතලන්ගේ අදහසට මා පුදුම උනා කොහොමත් මේ මොහොතේ කරන්න ඕනා මහින්ද රෙජීමය ශක්තිමත් කරන්න කිසිම දායකත්වයක් නොදෙන එකයි.හැකි තරම් විපක්ෂවලට උදව් කරන එකයි.

      දේශපාලන පක්ෂයක් පිහිටුවීම කල් ගතවන දිගු ගමනක්. මමත් කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ හිටපු නිසා කියන්නේ හොඳම දේ සරත් පොන්සේකාගේ පක්ෂයට සහය දීලා ඒ පක්ෂයට මතවාදී පදනමක් හදාගන්න උදව් කරන එක නමුත් ඔහුගේ චරිතය එතරම් දේශපාලනික නැහැ වගේම අනතුරු දායකයි.

      අපිට කරන්න පුළුවන් හොඳම දේ සහන් බහුජන බලවේගයක් ගොඩනගන එක. නිදහස් මතධාරී බ්ලොග් කරුවන් විද්වතුන් එකතු කරගෙන. එය මගින් දිනෙක ලාංකීය දේශපාලනයට ප්‍රභල බලපෑමක් කරන්න පුළුවන් වේවි

      Delete
  6. Replies
    1. ලබන පාර මේ ක්‍රමේට චන්දෙ දෙන්න..

      Delete
  7. ඕන ටික කෙටියෙන්ම කියල තියෙන්නෙ.
    ඔය විදියට බලල චන්දෙ දෙනවනං අවලංගු වෙන චන්ද තමයි වැඩියෙන්ම ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි හෙමීට හදමු අහක යන චන්ද වලට වටිනාකමක් ලැබෙන විදිහේ ක්‍රමයක්..

      Delete
    2. මමනම් කරන්නෙ ස්වාධීන කණ්ඩායමකට කතිරෙ ගහන එක. මොකද ඒවගෙ අපේක්ෂකයොවත් ඒවට කතිරෙ ගහන්නෙ නෑනෙ. එතකොට එය වලංගු චන්දයක් වෙනනිසා පලවෙනි දෙවෙනි තැන් වලට එන පක්ෂවල ඡන්ද ප්‍රතිශතය අඩුවෙනව. වැඩක් නැති උත්සාහයක් වෙන්න පුලුවන්. නමුත් ප්‍රධාන පක්ෂ වල ඡන්ද ප්‍රතිශතය එක දදමයකින් හරි අඩු කරන්න ලැබෙනවනම් හිතට සතුටුයි

      Delete
  8. චන්දය ලැබීමට සුදුස්සන්ගේ උපමාන criteria කීපයට එකඟයි,
    අර ජවිපෙ මන්ත්‍රී තුමා කියල තිබුන වගේ ඒ අයගෙ අරක්කු බොන්න බත් කන්න, හැබැයි ඡන්දෙ අපිට දාන්න කියල.

    විමල් ඇමති තුමාම කීව.
    හොරු මංකොල්ලකාරයන්ට ඡන්දෙ දෙන්නේ ඉන්දියාවෙ මිනිස්සු නොවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ජාතික මට්ටමෙන් හරි වැඩපිළිවෙලක් ගෙනියන්න ඕනේ බති .. හරි හමන් අපේක්ෂකයෝ 50 විතර ඇතුළත් කරලා මේ ක්‍රමය සමග හැප්පෙන්න පුළුවන් ක්‍රමයක් හැදුවොත් හරි..චන්ද දෙන්න අය ඉන්නවා..

      Delete
  9. මා නම් කියන්නේ මේ මැතිවරණ ක්‍රමය වැරදි බවයි.මේ ක්‍රමායෙන් නිවැරදි ජනමතය පිළිබිඹු වෙන්නේ නෑ.මැරවරයන්ගේ වාචාලයන්ගේ හොරුන්ගෙ කැමැත්තයි පිළිඹිඹු වෙන්නේ.ජනමතය සූරාකෑමක් මෙතන වෙනවා.විකල්ප මැතිවරණ ක්‍රමයක් ගැන මම ලිපියක් ලියන්නම්.
    කෙටියෙන් කීවොත් මැතිවරනය ප්‍රකාශයට පත් කළ දා සිටම ජනමතය සූරාකනවා.ඡන්ද පොල අවට පවා මැරවරයන් ඉන්නවා.පොලීසියට දිස් කියන්න බෑ.තීරණාත්මක ඡන්දෙකදී ඒ කියන්නෙ 1977,1994,2001,2004 වගෙ අවස්ථාවල සමහර පොලිස් කාරයො කෙළින් සිටීවි.එහෙම නොවන හැම විටකම මැතිවරන නීතිය උල්ලංඝනය කෙරෙනවා.

    භූගෝලීය පදනම මත ක්‍රියාත්මක වෙන මැතිවරඇණ් කොට්ටාස ක්‍රමය මුලින්ම වෙනස් කළ යුතුයි.මෙය යල් පැන ගිය අදහසක්.
    ඉතිරි ටික මගෙ ලිපියෙ දාන්නම්.සාරාංශයක් මේකෙ කොමෙන්ට් එකක් ලෙස දාන්නම් පසුව.

    ReplyDelete
    Replies
    1. සැමට මිතුරුගේ සියලු අදහස් සමග එකඟයි...

      Delete
    2. තව දෙයක් දැනට අපි විඳින මේ විකාරය ඇති කලේ ජේ ආර් ... මේකට වගකියන්න ඕනේ ජේ ආර්..

      Delete
    3. ජේ ආර් ඇති කලාට... නැති කරනවයි කියන එකෙක්වත් නැති කරන්නේ නෑ නේ.. අපේ උන් කැමති කොලෝනියල් පීරියඩ් එකට කලින් යුගයට...

      Delete
    4. මේක නැති කලොත් කාටවත් නටන්න හම්බෙන්නේ නැහැනේ .. ඒ නිසා කව්රුත් මේ ක්‍රමය නැති කරන්නේ නැහැ ... දියසෙන් කුමාරයම එන්න ඕනේ ඉතින්... :(

      Delete
  10. ඉතාමත් කාලෝචිතයි සහන්...

    ReplyDelete
  11. එයා ල දීපු කොලය පෙට්ටියට දාල,අපේ කොලේ එයාලට දුන්නම තමයි බොසා,
    මාස දෙකක් නදවෙන්න කාපු අන්තිම කෑමේ සුපියල් දා අපේ අටට එන්නෙ.
    ඇයි...................ඔයාට....පාන්...ද...?

    ReplyDelete
    Replies
    1. 750 ඇක්ටිව් වෙලා ඉද්දි නේද දැම්මේ ..?

      Delete
  12. නියමයි සහන් .සම්පුර්නයෙන්ම එකගයි.ඉවාන් කියපු ටිකත් මරු.හැබැයි ඔය ඔක්කොටම කලින් ලන්කාවෙ මිනිස්සුන්ට චන්දය කියන්නෙ මොකක්ද කියල තෙරුම් කරන්න වෙනව.අපෙ මිනිස්සු එකෙ වටිනාකම දන්නෙ නැ.තමන් වෙනුවෙන් තිරන ගන්න බලය පවරනව කියන එක මිනිස්සුන් තෙරුම් ගන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. \\\හැබැයි ඔය ඔක්කොටම කලින් ලන්කාවෙ මිනිස්සුන්ට චන්දය කියන්නෙ මොකක්ද කියල තෙරුම් කරන්න වෙනව\\\\

      අන්න හරි දමිත් මෙන්න මේ කතන්දරේ තාම මිනිස්සු තේරුම් අරන් නැහැ... ඒකයි මේ ගැටලුව...

      Delete
  13. දකුණු පලාතෙ ඉන්න මම මීට කලින් අපිට තිබුනු ඡන්ද 3කට වඩා වැඩියෙන් ක‍ටු ගෑවා...ඒත් ඒක මෝඩකමක්. අනිවා තමන් ඉතාම අප්‍රසාදය පලකරන පැත්තට විරුද්ද පැත්තට ඡන්දය දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. 01. ගෙදට්ට වෙලා නිකන් ඉන්නවට වඩා හොඳයි කටු ගාලා හරි එන එක..

      02. චන්දෙ දාන්න කොහොමත් යන කෙනෙක් නම් අනිවා විරුද්ධ පක්ෂෙකට චන්දෙ දාලා එන්න ඕනේ... මම කරන්නෙත් ඒක..වීයගේ අදහස එක්ක එකඟයි..

      Delete
  14. ඇත්තටම මේක කියවන ගොඩක් දෙනෙක් චන්දේ දාන්න නැ.. කම්මැලිකම හෝ කලකිරීම වෙන්න පුළුවන්.
    නමුත් එයාල කරන්නේ ලොකු වැරද්දක්..
    හැම අවුරුද්දෙම ප්‍රකාශිත චන්ද ගණන සියයට 60 ක ආසන්න මට්ටමේ පවතිනවා.
    ඉතිරි ය මේ චන්දය එපා වූ පිරිස හෝ විදේශගත ව අයයි.

    අපි හිතමු සියයට 20 ක පිරිසක් කියල.. මෙයාලට තමයි මේක වෙනස් කරන්න පුළුවන්..
    එන්න, හිතන්න චන්දය පාවිච්චි කරන්න.

    රටක හෝ පළාතක පාලක පක්ෂය දැන ගත යුතුයි,මිනිස්සුන්ගේ පණිවිඩය.

    පණිවිඩය : උබලා වැරදි කරොත් අපි උබලව බලයට පත් කරන්නේ නැ. අපි උබලව බලයට පත් කරන්නේ හොරකම කරන්න,දුෂණය කරන්න, පරිසරය විනාශ කරන්න නෙවෙයි... රටට වැඩ කරන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා යාලුවා ප්‍රතික්ෂේපිත චන්ද ප්‍රමාණය හැමදාම 17% - 26% වගේ. ඒ විදිහට අහක යන ටික හොඳටම ඇති ආණ්ඩුවක් පෙරළන්න.. අපි ඉලක්ක කරන්න ඕනේ අහක යන චන්ද ප්‍රමාණය...

      හරි වැඩපිළිවෙලක් එක්ක එන පක්ෂයකට සාර්ථක ගමනක් යන්න ලැබේවි කියලා මම හිතනවා..වැදගත් අදහසක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි යාළුවා..

      Delete
  15. ප්‍රතික්ශේප කරන ඡන්ද ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙනවා කියන කතාව ඇත්තද?

    ReplyDelete
    Replies
    1. බොරු....! ඡන්ද දායක්යෝනම් එන්න එන්නම ප්‍රතික්ෂේප වෙනවා, තව ටික දවසකින් ඡන්ද දායකයෝ ඡන්දපොළට නොයාම 99% විතර ප්‍රකාශිත ඡන්ද තියෙයි.

      Delete
    2. ඔව් අරූ දැනට 27% විතර ප්‍රතික්ෂේප වෙනවා .. තව භාවිතා නොකළ චන්ද එක්ක ගත්තම 30% කට වඩා චන්ද අහක ගිහින්..

      ඉවෝන් කියපු දේ පොඩ්ඩක් පැහැදිලි මදි..

      Delete
    3. මම කිව්වේ මේ ක්‍රමය ඇතුලේ චන්ද දායකයා වැදගත් නෑ, මිනිස්සු චන්දය දුන්නත් නොදුන්නත් ,අවශ්‍ය අය අවශ්‍ය විදිහට චන්දය දාගෙන

      Delete
  16. Replies
    1. ඉදිරි චන්ද වලදී මේ ක්‍රමය පාවිච්චි කරන්න තිලංග..

      Delete
  17. ඔයා කියපු ලිස්ට් එක කපන්න ගියොත්..ඡන්දෙ දෙන්න එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියලා ෂුවර්...

    ReplyDelete
  18. ඔයා හරි සහන් . නමුත් ගැටලුව වෙන්නෙ හොදයැයි කියන පුද්ගලයා වුනත් තේරි පත් වුවද ඔහුට සාධාරණව හා ස්වාධීනව කටයුතු කිරීමට අවස්තාවක් නොමැති වීමයි. මේ

    නියොජන ක්‍රමය නිසා පක්ෂය තුල නායකත්වයට අවනතව ක්‍රියා කල යුතුයි. හොද වේවා නරක වේවා එක පයින්ම කැමති විය යුතුයි. මොන පක්ෂයේ වුනත් නායකත්වය

    විවෙචනය කලොත් ඌට සොරිම තමයි. ඒක බිම් මට්ටමෙ ඉදන් විධායකය දක්වා පොදුයි. ගම් වැසියෙක් ප්‍රා . සභා මන්ත්‍රී විවේචනය කලොත් පසුදා සිට ඔහුට සමෟද්ධි

    සහනාධාරය නැති කරයි. පළාත් මන්ත්‍රී කෙනෙක් නම් ඊලග පාර ටිකට් එකද පා.ම. විසින් අහිමිකරයි. පා.ම. ටත් ඒකමය. පක්ෂය තුලින් යන තෙක් කෙනෙහිලි කම්ය.
    හොදයැයි කීමටවත් එකෙක් නැති අතර එන හොද එකා ද නරක අයෙක් බවට පත් කරමින් හොද මිනිසුන් බිහිවන තිබිරි ගෙවල්ද අවහිර කර ඇත.

    ජන්ද දායකයො ගැන කියනවනම් / ---- හැම රැස්වීමකටම , හැම උද්ඝොෂනයකටම යනෙන එක පිරිසක් ඉබේම නිර්මානය වෙනවා. ඒ කියන්නෙ කඩේ යන සෙට් එක. උදා ..

    එක ගමක් ගත්තොත් බිම් මට්ටමෙ ප්‍රබල සාමාජිකයෙක් ගෙ පුතෙකුට රජයේ රැකියාවක් දුන් විට ( මෙකත් දෙන්නෙ සාධාරනව නෙමෙයිනෙ පක්ෂයට කල සේවයනෙ

    එකම සුදුසු කම) වටේ සිටින සියල්ලන්ම තම දරුවන්ට රැකියා ලබා දී ලස්සන අනාගතයක් ලබාගනු වස් මන්ත්‍රී හෝ ඇමති වටා පෙල ගැසෙයි. ඔහු හෝ ඇය වෙනුවෙන් ජයඝෝෂා නගයි. මන්ත්‍රී කිරීමට ඇත්තේ උද්ඝෝෂනයට පිරිස ගෙන්වීමට බස් රථ කිහිපයක් යැවීය පමණි. (ආණ්ඩුවෙ නම් ඒකටත් යවන්නෙ ලංගම බස් නෙ ) එහෙම බලන කොට සහනුත් මමත් ඇතුලුව හැම‍ කෙනාටම කඩෙ යන්න වෙනවා.

    ඇයි * දරුව 1 වසරට දාන්න * පාලම් බෝක්කු හදා ගන්න * රැකියාවට මාරුවක්/උසස් වීමක් ගන්න *ගෙදරට/ගමට ලයිට් ගන්න * සමෟද්ධි සහනාධාරය හදා ගන්න * පාරට තාර දාගන්න *විදේශ රැකියා (කොරියන් යන්න ) වගේ වැඩ සදහාත්

    මීට අමතරව * වරදක් ඇතුව රිමාන්ඩ් කලොත් එලියට ගන්න වගේම නිකරුනෙ රිමාන්ඩ් කලත් ගුටිනොකා බේරෙන්න * තම ව්‍යාපාර දියුණුවට (සැබෑ ආදායම් බදු නොගෙවමින් සිටීමට / කසිප්පු පෙරීම, ගංජා ප්‍රවාහනය, මත් කුඩු විකිණීම වැනි දේ පොලිස් බාධාවකින් තොරව කරගෙන යන්න / බාර් පොමිට් එකක් ගන්න) * බස් රථයට රූට් පෝමිට් එක ගන්න. (මම දන්න යාලුවෙක් හෙල්මට් නැතුව ගිහින් පොලිසීයෙනුත් දඩ නොකා බෙරිලා ආවා ප්‍රා.ස. මන්ත්‍රී මගෙ යාලුවෙක් කියලා)

    වගේ දේවල් ගොඩාක් දේවල් වලට දේශපාලුව නැතිවම බැහැ. කොයි මිනිහටත් ජීවත් වෙන්න නම් මෙ කියපු අවශ්‍යතාවයන් සපුරා ගන්න වෙනවා. එහෙම බලන කොට තම දියණිය දූෂනය කල මන්ත්‍රී වෙනුවෙනුත් අසරණ පියාට ජයඝොෂා නගන්න වෙනවා. තිත්ත ඇත්ත ඕක තමයි සහන් .

    ඔයා කිව්ව වගේ ජන්ද දායකයට කරන්න තියෙන්නෙ ජන්ද කොලය කටුගාන එක තමයි.
    රට වලපල්ලටම යවන කෙහෙම්මල

    ReplyDelete
    Replies
    1. මම කෙටි කමෙන්ට් එකක් දැම්මා කිඉයල හිතන්න එපා..මනෝජ් ඔයාගේ කමෙන්ට් එකත් එක්ක මට කියන්න දෙයක් නැහැ.. නිරුත්තර වෙන්නම ඔයා කියලා තියෙනවා.. උඩ ඉන්න ඉවෝන් , ශිරන්ත , ඔයා දාපු කමෙන්ට් ටික එක්ක මේ පෝස්ට් එක සම්පූර්ණයි...!

      \\\\ඔයා කිව්ව වගේ ජන්ද දායකයට කරන්න තියෙන්නෙ ජන්ද කොලය කටුගාන එක තමයි.
      රට වලපල්ලටම යවන කෙහෙම්මල\\\\\

      ++++++++++++++++++++++++++++++

      Delete
  19. අද වෙනකල් චන්දෙ දාලත් නැහැ දාන්න අදහසකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා කෝරළේ.. අනිවා චන්දෙ පාවිච්චි කරන්න..

      Delete
  20. වෙනසක් විය යුතු බව අන්ධයෙක් බිහිරෙක් ගොලුවෙක් වන කෙනෙකුට පවා පැහැදිලි ඇතැයි සිතමි. මා විසින් භාවිත කෙරුන වචන LESS ABLE අය වරදවා තේරුම් ගන්න එපා. මෙය අවස්තාවක් කරගන්න. බොහෝ දේ වෙනස් වන්නේ නිමේෂකයකිනි. එය වඩාත් හොඳ විය හැක. නැත්නම් වඩාත් නරක විය හැක. මීටත් වඩා තව නරකක් අවශ්‍යයදද/

    ReplyDelete
    Replies
    1. මම මුලින් හිතුවේ අරූ මේ කියලා තියෙන්නේ සඳරුගේ රාළහාමි පෝස්ට් එකට අදාළ දෙයක් කියලා..අරූ කියන කතාව ඇත්ත.. මේ සත්‍ය රටේ අනිත් අයත් තේරුම්ගන්න ඕනේ...

      Delete
  21. මේ මහත්තයා කොහේ යන ගමන්ද ...?

    ReplyDelete
  22. හැබැයි සහන් ඔය හරි හමන් විදිහට ඉගෙන ගත්ත , වැදගත් , නිහතමානී මනුස්සයා ඉල්ලන්නේ මොන පස්සෙන්ද කියල බලන්ට එපාය.මටනම් මේ මැතිවරණ ක්‍රමයම විහිළුවක්...

    ReplyDelete
    Replies
    1. මම එහෙම කියන්නේ මැතිවරණයක් පවත්වන්න කලින් රටක තියෙන්න ඕන මුලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ටික හරියට ක්‍රියාත්මක වෙන්න ඕන.ජනතාවට තොරතුරු නිවැරදිව සම්ප්‍රේෂණය වෙන්න ඕන. පොලිසියත් පෝස්ටර් අලවන කාලේ මේක තවත් එක දේශපාලන කානිවල් එකක් විතරයි .මෙව්වා ගැන ලියල වැඩක් නැ අපරාදේ මහන්සිය...

      Delete
  23. අලුත් පස්සක් ඕනේ වෙනවා වැඩේට.. දැනට තියෙන පස්ස එක්ක බැහැ.. බෝර් වෙලා වැඩියි...

    ReplyDelete
    Replies
    1. බෝර් වෙලා වන වෙලා පනුවෝ ගහල තියෙන්නේ මේ system එකම. හැමෝම කපටි කමින් ගොඩයන්න බලන්නේ. මිනිස්සුත් බලනවා කාට හරි හොරගෙඩියෙක්ට කඩේ ගිහිල්ල වාසියක් අරන් මේ ක්‍රමය ඇතුලේ පැවැත්මක් හදාගන්න.
      කපටි මිනිස්සුන්ට කපටි පාලකයෝ.
      ඔන්න බහුතරය .ආයේ චන්ද මොනාටද අපිට අපි කොහොමත් සුළුතරය නොවැ...

      Delete
    2. \\\කපටි මිනිස්සුන්ට කපටි පාලකයෝ.
      ඔන්න බහුතරය .ආයේ චන්ද මොනාටද අපිට අපි කොහොමත් සුළුතරය නොවැ... \\\\

      මෙන්න මේකට විසදුමක් දුන්නු දාකට මේ ගැටලුව විසදෙයි මොරබ්බා.. කපටි විදිහට ගහපු ගැට එකින් එක එළි කරාම මිනිස්සුන්ගේ ඇස් ඇරේවි...

      Delete
  24. මන්නම් කියන්නේ මාතලන් කියන එකමයි...අපිට විකල්පයක් තියේද?

    ReplyDelete
    Replies
    1. එපා එහෙම කියන්න එපා.. විකල්පයක් නැති නම් අපි විසින් විකල්පයක් හදමු ...

      Delete
  25. මුළු ලයිස්තුවේම නම් ටික කපන්න උනොත් ඒ ලිස්ට් එකේ ඉන්න ලොකුම පාතාලයා ඉස්සරහින් අකමැතියි කියල කතිරයක් ගහන්න...

    ReplyDelete
    Replies
    1. හරියන්නේ නෑ හරියන්නේ නැහැ යසිත්.. ඌට චන්දෙ දැම්මා කියලා හිතයි එහෙම කලොත්..

      Delete
  26. මේකයි වැඩේ, මේ දේශපාලන ක්‍රමය යටතේ බලයට එන්න ලේසි වෙන්නේ සල්ලි තියෙන හොර මැරකම් කරන්න පුලුවන් අයියලාට මිසක් උගත්-බුද්ධිමක් අයට නෙවෙයි. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නෑ අපේ ඡන්දය කටු ගානවා ඇරෙන්න. ඒ වගේම අපි උගත් කියලා කියන්නේ එක්කෝ උපාධි ලොකු ගනනක් පාස් කරලා එන ආචාර්ය මහාචාර්ය කට්ටියට එහෙමත් නැත්තන් නීති විශාරදයින්ට.
    ඒ වගේ අයටත් අපි ඡන්දය දීලා තියෙනවා අතීතයේදී නමුත් සැලකිය යුතු වෙසක් උනේ නෑ. දැන් පාලක පක්ශයේ වගේම විපක්ෂයේත් ඔය මම කිව්වා වගේ උගත් බුද්ධිමත් අය ඉන්නවා නේ. ඒ අය උනත් දැනට තියෙන දේශපාලන ක්‍රමය යටතේ ගඟ ගලන අතට යනවා මිසක් අලුත් දෙයක් ගැන හිතන්නේ නෑ. මෙතන වෙන්නේ ඕන දේශපාලනය කියන එක සල්ලි උල්පතක් වෙන එක නවත්තන එක. එතකොට මුදලාලිලා, කුඩු රජවරු එහෙම දේශපාලනයට එන එක නතර වෙයි. මොකද උන්ට ගතමනාවක් හොයාගන්න බෑ නේ. ඊට පස්සේ ඇත්තටම රටට වැඩක් කරන්න පුලුවන් පිරිසක් අපිට තෝරා පත් කරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  27. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම ඉතුරු කොටස් දෙන්නේන කවදද සහන් අයියෙ

    ReplyDelete
  28. මමනම් කරන්නෙ ස්වාධීන කණ්ඩායමකට කතිරෙ ගහන එක. මොකද ඒවගෙ අපේක්ෂකයොවත් ඒවට කතිරෙ ගහන්නෙ නෑනෙ. එතකොට එය වලංගු චන්දයක් වෙනනිසා පලවෙනි දෙවෙනි තැන් වලට එන පක්ෂවල ඡන්ද ප්‍රතිශතය අඩුවෙනව. වැඩක් නැති උත්සාහයක් වෙන්න පුලුවන්. නමුත් ප්‍රධාන පක්ෂ වල ඡන්ද ප්‍රතිශතය එක දදමයකින් හරි අඩු කරන්න ලැබෙනවනම් හිතට සතුටුයි

    ReplyDelete
  29. තව දෙයක් තියෙනවා. හුන්ගක් වියදම් කරන අයට සහ එක එක දෙවල් බෙද දෙන අයට චන්දෙ දෙන්න එපා. මොකද එයාල එ වියදම් කරපු දෙවල් හොයන්න කොහොමත් හොරකන් කරනවා

    -wish-

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili