දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

September 16, 2013

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfenstein-01.




                   පසු ගිය සති කීපය පුරාම හෝම්ස් සහ මම උතුරු අයර්ලන්තයේ පරීක්ෂණ කීපයකට සභාගී වී සිටියෙමි. හෝම්ස් වඩාත් උනන්දුවෙන් එම කටයුතු නිමා කලද අයර්ලන්තයෙන් නැවත පැමිණීමට දින කීපයකට පෙර මට මෙසේ පැවසීය.


" වොට්සන් මගේ මිත්‍රයා මම නැවත පැමිණෙන්නේ හෙට නොව ඊට පසු දිනයි. අපේ මේ අයර්ලන්ත ගමනින් අපි මීට වඩා යමක් ගෙන යා යුතුයිනේ මගේ මිත්‍රයා. එහෙම නේද ? " සරදම් අයුරින් හේ පැවසීය. සමහර විට දිනය පුරාම හෝටල් කාමරයට වී සිටින මගේ අලස ඉරියව් වලට ඔච්චමක් සේ ඔහු එසේ පැවසූවා විය හැකිය.


        ලහි ලහියේ තරමක ප්‍රමාණයේ බෑගයක් ලැස්ති කරගනු ලැබුවේය. ඒ වන විටත් එතුළ කුමන හෝ පරීක්ෂණ කටයුත්තකට අදාළ බඩුබාහිර ඇති බව මට තේරුම් ගියේය.


" හොඳයි . ඔබ කියන්නේ ඔබ එන තෙක් ඔබට ලැබෙන පණිවිඩ බාර ගන්න කියලනේ ? ඒක මම කරන්නම් හෝම්ස් " උදෑසන පත්තරයේ පිටු පෙරලමින් සිටි ගමන්ම මා කීවෙමි.



               සාමාන්‍ය එළි මහන් භාවිතයට සුදුසු ලෙස සැකසු උඩුකය ඇඳුමකින් හා ඝන කැන්වස් රෙද්දෙන් මැසූ කලිසමකින් සැරසී සිටි හෝම්ස් මල්ලද රැගෙන පිටව ගියේය. ඉන් දින දෙකකට පසු හෝම්ස් නැවත පැමිණියේ කුළී රියකිනි. එයින් බැස ගත් ඔහු කඩිසර ලෙස හෝටල් කාමරයට එන බව මම කව්ලුවෙන් බලා උන්නෙමි.


" හොඳයි වොට්සන් අපි සවස 3.25 දුම්රියෙන් නැවත ලන්ඩනය බලා පිටත් වෙනවා. ගමනට සියල්ල සූදානම්ද මිත්‍රයා ? . තව ටික වේලාවකින් සේවකයෙක් පැමිණ අපේ ගමන් මලු ඉවතට ගෙනයන්න උදව් කරාවි. "





_____________________


                 එලෙස පෙර දින රාත්‍රියේ හෝම්ස් සහ මම 221B බේකර් වීදියේ  නිවසට එන විට රාත්‍රී අහාර ගන්නා වේලාවට ආසන්නව තිබිණි. අද උදෑසන සිට හෝම්ස් කාමරයට වැදී කිසියම් පරීක්ෂණයක යෙදී සිටී. මා ඔහුගේ කාමරයට ගිය විට දුටුවේ ඔහු අයර්ලන්තයේ සිට රැගෙන ආ මල්ලෙන් එළියට ගත් යම් යම් දෑ මේසය පුරා විසිරව ඇති බවකි.


" වොට්සන්, තව සුළු වේලාවකින් අප හමුවීම සඳහා තරුණ නෝනා මහත්මියක් පැමිණේවි. පසු ගිය දිනක ඇය ඒවා තිබු විදුලි පණිවිඩ අද උදේ මා පිරික්සුවා. එහි සඳහන් ආකාරයට නම් මේ තරුණ නෝනා ලොකු කරදරේකට වැටෙන්න යන හැඩයි " එසේ කියමින් ඔහු විදුලි පණිවිඩ ඇති තැන අතින් මට පෙන්වීය.






" හ්ම්ම්ම්ම් පෙනෙන හැටියට තවත් අභිරහසක් වගේ. ඔබට හිතෙන්නේ නැද්ද මේ තරුණියගේත් සම්බන්දයක් ඇතියි කියා මේ සිද්දියට හෝම්ස් " කීප වරක් ලියමන කියවීමෙන් අනතුරුව මට දැනුණේ එවන් සිතුවිල්ලක්.



                       මේ කතා බහ අතරතුර දොර සීනුව නාද කරන හඬ ඇසුණු හෙයින් මා එදෙසට ගියේ දොර විවෘත කර ඇයව පිළිගැනීමේ අපේක්ෂාවෙන්.


" සුබ මධ්‍යහනක් ඔබට හෝම්ස් මහත්මයා.මා ඔබව හමුවීමට එන බව දන්වා ලිපියක් තැබූවා. මම ෂෙරිල්. " බිය සැක නැතිව කතා බහේ යෙදුණු තරුණිය.




" සමාවන්න සමාවන්න. මා නොවේ හෝම්ස් , මා නමින් වොට්සන්. හෝම්ස් ඔබව හමුවීමේ අපේක්ෂාවෙන් රැඳී ඉන්නවා. කරුණාකර එන්න ඇතුළට "


" එන්න අසුන් ගන්න ෂෙරිල් මෙනෙවියනි. මේ ඉන්නේ මගේ සහායක මා මිත්‍ර වොට්සන්. ඔහුගේ රැඳී සිටීමෙන් අප කතා බහට බාධාවක් නැහැ. නිදහසේ ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න " ඒ හෝම්ස්



             වයස 26 ක් පමණ වන යුරෝපා ඇඳුමෙන් සැරසුණු ෂෙරිල් පැමිණ සිටියේ ඇයට අයිති වාහනයකිනි. රථයේ රියදුරු පහළ රැඳී සිටින බව පෙනෙන්නට විය.


" මා දැනට වසරකට පමණ පෙරයි ලන්ඩනයේ පදිංචියට පැමිණියේ. ඒ මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. මගේ පියාගේ හැඳුනුම්කමක් අනුවයි ආචාර්ය වික්ටර් වුල්ෆ්ගේ නිවසට පැමිණියේ. ඔහු නිතර නිවසේ ගැවසුණේ නැහැ. නිවසට ආසන්නව ඉදි කර ඇති ඔහුගේ පරීක්ෂනගාරයේයි ඔහු නිතර කල් ගත කලේ. නිවසේ වැඩ කටයුතු සඳහා මැතිල්ඩා නම් වූ කාන්තාවක් ඉන්නවා. නිවසේ ඉවුම් පිහුම් , අපස්ස් කිරීම් ආදියයි ඇය අතින් ඉටුවුණේ. මා එම නිවස බද්දට ගත්තද , මැතිල්ඩා සේවයේ තබා ගත්තේ ඇය අහිංසක එකියක් සේ පෙනුන නිසා සහ වුල්ෆ් මහතාගේ ඉල්ලීම පිටයි හෝම්ස් මහත්මයා. ඇත්තෙන්ම ඇය කීකරු සේවිකාවක්. "


" මට කියන්න ෂෙරිල් වෙනත් කව්රුන්ද ඔබ සමග නිවසේ පදිංචියට පැමිණියේ? " එවර හෝම්ස්


" බොහෝ විට මා සමග බෙකි ඉන්නවා. බෙකි කියන්නේ කුඩා කල සිටම මා හදාවඩා ගත් මගේ නැනි. ඇයගේ ස්වාමියා වන මිෂර් නිතර පැමිණ අපගේ සුව දුක් සොයා බලනවා. ඔහු නැවතී සිටියේත් එම නිවසේමයි මහත්මයා. ඔවුන් දෙදෙනාම දැන් විශ්‍රාමිකයි . ඉතින් මා සමග නිතර කල් ගෙවනවා " ෂෙරිල්


" දැන් මට කියන්න මේ වුල්ෆ් මහත්මයාගේ අතුරුදහන් වීම ගැන කරුණු " හෝම්ස්


" වුල්ෆ් මහත්මයා දැනට මාස තුනක සිට නිවසට පැමිණියේ නැහැ. ඔහු යන එන තැන් මින් පෙරද අපට දැනුම් නොදෙන නිසා ඒ පිළිබඳව අප කිසිම සැලකිල්ලක් දැක්වූයේ නැහැ . ඒත් හෝම්ස් මහත්මයා හදිසියේම පොලිස් නිළධාරීන් පැමිණ ඔහු අතුදහන් වී ඇති බවත් , ඒ ගැන මා සැක කරන බවත් දැනුම් දීමක් කළා. මේක හරිම පෙහෙළිකාවක් මහත්මයා. තව මාස 4 කින් පමණ නැවත මා ප්‍රංශයට යාමටයි අදහස් කර තිබූවේ. එහෙත් මේ ප්‍රශ්නය නිසා මට රටින් පිටවීමත් අවහිර වෙලා "


" හ්ම්ම්ම්ම්ම් මට කියන්න ෂෙරිල් අපේ ආචාර්යතුමාව හමුවෙන්න වෙන කව්රුද ආවේ ගියේ. මම අදහස් කලේ ඔහුගේ හිතවතුන් , මිතුරන් වැනි අය ගැන ." දුම් පයිප්පය දල්වා ගත් හෝම්ස්. ඔහුගේ එම හැසිරීමත් සමග මට පෙනී ගියේ විසදීමට අභිරහසක් අපට ලැබී ඇති බවයි.



" ඔහු හමුවීමට පැමිණි අය නිවසට ආවේ ගියේ නැහැ හෝම්ස් මහත්මයා. ඔහුගේ පරීක්ෂනගාරයේයි එවැනි හමුවීම් පවා උනේ. ඉඳ හිට වෙලාවක තේ පැන් සංග්‍රහයක් වැනි දෙයක් නම් නිවසේ පැවති අවස්ථා නැතුවා නොවේ. එහෙත් එසේ පැමිණි අය කව්රුන්දැයි මට වැටහීමක් නැහැ. " ෂෙරිල්



" ඔබ උසස් අධ්‍යාපන කටයුතු කරන්නේ කුමන විශයන් ගැනද ෂෙරිල් ? " හදිසියේ වෙනත් ප්‍රශ්නයක් හෝම්ස් ඇසුවා..



" ආ හ් හ් මෙහ් මෙහ් නීතිය ගැන හෝම්ස් මහත්මයා. මගේ පියාගේ ආසාවක් ඒක " තරුණිය ආයාසයෙන් උත්තර දුන්නාය.



" හොඳයි ඔබව මුණගැසීමට මා දිනයක් යොදාගෙන පැමිණෙන්නම්. කරුණාකර මට කියන්න ඔබේ නිවසේ ලිපිනය සහ ඔබ නිවසේ රැඳී සිටින වෙලාවක්." හෝම්ස් තරුණියට එසේ පවසමින් මා දෙස හැරුණේ ලිපිනය සටහන් කරගන්නට සන් කරමිනි.



             ලිපිනය සහ හමුවීමට වේලාවක් ලබා දී ඇය අපට ආචාර කර සමුගෙන ගියාය. ඇය පිටව ගිය පසු හෝම්ස් මා හා කතාවට මුල පිරීය.



" මේ තරුණිය රුසියානු හමුධා නිළධාරිනියක් වොට්සන්. ඉහළ නිළයක් දරන්නියක්. බොහෝ විට පියාද යුධ සේවයට සම්බන්ධ කෙනෙක්. ඒ කෙසේ නමුත් ඔවුන් සියලු දෙනා අකරතැබ්බයකට මුහුණ දීමට යන හැඩයි. "


" පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. කොහොමද ඔබ ඒ ගැන දැනගත්තේ. ඇය එනතුරු පහළ පුද්ගලයෙක් ඉන්න හැඩනම් පෙනුණා. ඔබ කියන්නේ ඔවුන් සියලු දෙනා හමුධා නිළධාරීන් බවද ? "


" හොඳින් බලන්න වොට්සන්. ඇයගේ ගවුම් වල/අත් ලේන්සුවෙහි යොදා තිබු තනි තිත් කතිර මැස්ම. එවැනි තද මැසීමක් යොදාගන්නේ හමුදා නිළ ඇඳුම් වල. විශේෂෙන් මෙය ආවේණික සෝවියට් දේශයේ නිළ ඇඳුම් වලට. ඇයගේ උච්චාරණයේ වෙනසක් හොයන්නත් බැහැ. එහෙම වෙන්නේ කුඩා කල සිටම භාෂා කීපයක් කතා කරන්නට බලෙන් හුරු කිරීම නිසයි. ඒ විතරක් නෙවේ උරහිසින් පළඳින ගිනිඅවි රඳවනයක්ද ඇය පැළඳ සිටියා. ඔබ එය දුටුවාද මගේ මිත්‍රයා? "



                 හෝම්ස් වහා ඔහුගේ පැරණි පත්තර ඇති කබඩය වෙත ගොස් W අකුරෙන් පටන් ගන්නා බහාලුම විවර කර වික්ටර් වුල්ෆ් ගැන සොයන්නට විට. වැන්ගාර්ඩ් , වෙස්ට් , ... .... .. ... වුල්ෆ් !


" වුල්ෆ් මහත්මයා ප්‍රසිද්ධ ජීව විද්‍යාවට වොට්සන්. ඔහු පරීක්ෂණ කරලා තියෙන්නේ ශාක ගැන. නොයෙක් විදිහේ ශාක වල එකතුවක් ඔහු සතුව තිබිලා තියෙනවා ලෝකයේ විවිධ දෙසින් පැමිණි. ඇතැම් ඒවා ඉතාම දුර්ලභයි.  වුල්ෆන්ශ්ටයින් යන පෙළතේ හැටියට මොහු ප්‍රංශ සම්භවයක් ඇත්තෙක්. Victor Wolfenstein යන නම ප්‍රංශ බසින් උච්චාරණය වෙන්නේ "වික්ට්ථ වුල්ෆන්ෂ්ටයින්" යනුවෙන් වොට්සන් ###
#### . මන් හිතන්නේ මේ තොරතුරු ඔස්සේ අපිට ඉදිරියට යන්න පුළුවන්. " ජයග්‍රාහී දෙවන කඩ ඉම වෙත ලඟා වෙමින් සිටි හෝම්ස්.





Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )




54 comments:

  1. දවසක් හෝම්ස් වොට්සන් එක්ක කූඩාරමක් ගහගෙන නිදාගෙන හිටිය ලු. පාන්දර ඇහරුණු හෝම්ස් ඇහුවලු ඉහළ පේන තරුවලින් ඔබට එන්න පුළුවන් නිගමනය මොකද්ද කියලා. වොට්සන් කිව්වලු මේ තරුව තියෙන්නෙ උතුරට වෙන්න...අර තරුව අහවල් දුරකින්... ඔහොම ඔහොම හෙන විස්තරයක් කියාගෙන ගියා ලු. එතකොට හෝම්ස් මෙහෙම කිව්වලු.
    " නෑ යකෝ. අපේ කූඩාරම කවුද උස්සන් ගිහින්. ඒක යි අහස පේන්නේ."

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි මේ කතාව බෙදාගත්තට. ඕනවට වඩා හොයන්න ගියාම ඕක තමයි වෙන්නේ..ගෙඩිය පිටින් අත ළඟ තියෙන දේ පේන්නේ නැතුව යනවා නෙව...

      Delete
  2. ෂර්ලොක් හෝම්ස් නම දැක්ක විතරයි නිකම්ම මේ පැත්තට ඇදිලා ආවා..ආතර් කොනන් ඩොයිල් කියන නම කොහේ හරි දැක්කත් එහෙමම වෙනවා :D

    ඔයා මේක දිගටම ලියනවද සහන් අය්යේ...?එහෙනම් මම තමයි ඒකට වැඩිපුරම කැමති....මොකද මම මේක කියෝලා නැති එකක්....හ්ම්ම්ම් ස්තුතියි....

    (හැබැයි ඉතින් අපි බ්ලොග් ලියන්නේ අපේ නිර්මාණ එලියට දාන්න නේද? ඒ නිසා ඔයා ලියන ඒව අතරින් මේකත් දාන්න )

    ReplyDelete
    Replies
    1. අපි ඒ තරම් ඒ කතා වලට ආස නිසයි එහෙම වෙන්නේ රෙහානි..කිසිම වාදයක් නැහැ සියවසේ හොඳම රචකයන්ගෙන් කෙනෙක් ආතර් කොනන් ඩොයිල්.. ඒ වගේ රචකයෙක් නැවත බිහි වේවි කියලා හිතන්නත් අමාරුයි.. ( අමාරුයි නෙවේ බිහි වෙන්නේ නැහැ )

      ඔව් රෙහානි මේක දිගටම ලියනවා.. 02 , 03 කොටස් ටික දැනටම ලියලා ඉවරයි.. දවස් 3 න් තුනට දාන්නම්...ආසාවෙන් කියවන්න එක්කෙනෙක් හරි ඉන්නවනම් මම ලියනවා..:)

      ( මෙහෙමයි අපේ ඒවත් දාන්න ඕනේ තමයි.. ඒ වගේම ලෝකයේ විශිෂ්ඨම පුද්ගලයන්ගේ නිර්මාණත් බෙදාගන්න ඕනේ අනිත් අය එක්ක.. මාරුවෙන් මාරුවට මම ලියන පෝස්ට් සහ වෙනත් පරිවර්තන දාන්නම්..ඉස්සර මම වැඩිපුර ලිව්වේ පොලිටිකල් දේවල්නේ... දැන් ඒවා ලියන එක නවත්තලා ඉන්නේ)

      දිගටම එන්න රෙහානි..

      Delete
  3. රෙහානි කිව්වා වගේ ෂර්ලොක් හෝම්ස් කිව්වා ගමන් මමත් මේ දුවගෙන ආවේ .මමත් මේ කතාව කියවලා නෑ. කොහොමත් මේ ක දිගටම ගෙනියන්න කියලා ඉල්ලා සිටිමි. මොකද ඔබ පරිවර්තනයක් අපේ විදිහට කරන්න දන්නා කෙනක් නිසා

    ReplyDelete
    Replies
    1. ප්‍රගීත් ඔයා නැති දවස් ටිකේ මේ පරිවර්ථනය දැම්මේ මම Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය ) .. ඔයත් මේ සම්බන්ධව උනන්දු නිසා ටිකක් බලන්න.. මම හරි කමෙන්ට් එකක් පස්සේ දාන්නම්..

      Delete
    2. ස්තුතියි සහන් දැන්ම බලනවා

      Delete
  4. සහන්.........කියවා රස විඳිමි.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යේ.. අනික් කොටස් බලන්නත් එන්න..

      Delete
  5. මරු සහන්.මමත් ආතර් කොනන් ගෙ පට්ට රසිකයෙක්.මෙක නම් කියවල නෑ .ලස්සනට ලියනව.කලින් එකත් කියෙවුව.
    පුතෙකුට තාත්ත අවුරුදු 3 දි විතර විරයෙක් වෙල පස්සෙ ආපහු 30 දි විතර විරයෙක් වෙනව ලු නෙ. එ අතර තියෙන්නෙ ගෑටුමක් නෙද.
    මට ඔයාව අප්ඩෙට් උනෙ නෑ .මොකද මන්ද

    ReplyDelete
    Replies
    1. දමිත් මෙච්චර කාලෙකට මාව ෆලෝ කරලා තිබිලා නැහැ..ඒ නිසයි අප්ඩේට් වෙලා නැත්තේ. 187 වෙනි ෆලෝ වරයා වීමේ භාග්‍ය ඔයා සතුයි..:)

      පිය පුතු සෙනෙහස ඇතැම් අය බොහොම තදින් ලබනවා දමිත්.. මම ඉන්නෙත් ඒ ගොඩේ.. බොහොම ස්තූතියි පැරණි ලිපිත් කියවීම ගැන...දිගටම එන්න..

      Delete
    2. ෆලො නොකරට සහන් මම දිගටම කියෙවුව.වෙන විදියකට.ලගදිනෙ බොලොගක් දැම්මෙ

      Delete
  6. කමෙන්ට් කරන්න අමාරුයි සහන්. කමෙන්ට් බොක්ස් එක ඕපන් වෙන්න සෑහෙන වෙලාවක් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් බොක්ස් එකට නම් කිසිම වෙනසක් කාලේ නැහැ..( සයිට් එකට වෙනසක් කලෙත් නැහැ ..)

      Delete
  7. ඔබගේ කතා මම කියවන්නෙ සයිලන්ට් එකේ කියල දන්නවනෙ.
    කියෝලා පස්සෙ එන්නම් මල්ලි...ය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මන් දන්නවා අය්යේ.. කලින් ලිපිය කියවලා තිබ්බෙත් කොටස් 4 කට වගේනේ... හමීට කියවීම වටිනවා..

      පස්සේ එන්න එහෙනම් ...

      Delete
  8. මමත් මේක කියවල නෑ මම හිතන්නේ. කැමතියි ඉතුරු ටිකත් දැනගන්න.

    ReplyDelete
    Replies
    1. හෑ දැන් බලද්දී මෙයත් මේක කියවලා නැහැ කලින්..

      Delete
  9. මමත් ෂර්ලොක් හෝම්ස් වචනේ දැක්ක ගමන් කියවන්න ආවා. තවත් ෂර්ලොක් හෝම්ස් කතා පරිවර්තනය කරන්න.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම හෝම්ස්ගේ රසිකයෝ විශ්ව.ඒකයි පාලනයකින් තොරව ඇදිලා යන්නේ ...:) ඔව් කතා කීපයක් තියෙනවා හෙමීට ලියාගෙන යන... ඒවා බලන්නත් එන්න..

      Delete
  10. ආතර් කොනන් ඩොයිල් ගෙ පොත් ඔක්කමෙ වගේ මරු. The Lost World නවකතාව තමා පලමුවෙන් සිහියට ආවේ. එයැයිටත් වඩා වගේම මම සහන්ගෙ හොදම රසිකයෙක් නෙව...

    ReplyDelete
    Replies
    1. එයා අද කාලේ හිටියනම් අති විශාල මුදලකට හිමිකම් කියාවි රති කතෘ භාගය නිසා.. ඔහු අතින් තව තවත් කතා නොලියවීම කණගාටුවට කරුණක්.
      අන්තිම කාලේ හෝම්ස්ගේ චරිතය ඔහුට වදයක් උනාලු..

      Delete
  11. මාත් ෂර්ලොක්ගෙ මාර රසිකයෙක්. මේ කතාවනං කියවල නෑ. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මේකේ දෙවෙනි , තුන්වෙනි කොටස් ටික හෙට සහ අනිද්දාට පසු දින පෝස්ට් කරන්න ඕනේ ප්‍රසන්න අය්යේ..දිගටම එන්න

      Delete
  12. කාටවත් හිතෙන්නේ නැද්ද මීළඟට මොනවා වේවිද කියලා ..

    ReplyDelete
    Replies
    1. රුසියානු කැරලිකරුවන් අර මනුස්සයව අල්ලාගෙන ?
      :| අනේ මන්ද.....
      නැත්නම් හෝම්ස් වා දොස්තර මොරියාටි රයිෂන්බාග් දියඇල්ලෙන් පහතට තල්ලු කලාවත් ද??

      Delete
    2. හොඳ උත්සාහයක් විදුර.. අපි බලමු මීළඟ කොටස .. ( මුළු කතාවටම කොටස් 3 තියෙනවා )

      Delete
  13. අනගි පරිවර්තනයක් සහන්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදුර ...යාලුවෝ අතරත් බෙදාගන්න මේ ලිපි ..

      Delete
  14. සහන් ඔයා මේදා පාර අලුත්ම වැඩක් පටන් අරන් නියමයිනෙ, හෝම්ස් කියන්නෙ මගෙත් ආසම චරිතයක් තමයි , සයිලන්ට්සහන් හෝම්ස් ගෙ කතා ලියනවා කිව්වාම තවත් ආසයි . කතාවේ ඊලගට මොකක් වෙයිද කියල නම් හිතා ගන්න බෑ තාම , මේක නම් ආසාවෙන්ම කියෙව්වා

    සහන් ඔයාගෙ වෙබ් එකේ නැති දෙයක් නෑ කියලත් හිතෙනවා. මොකද මොන කෙනා ආවත් ඒ හැම කෙනාම ආස කරන දේවලුත් තියනවා. ජීවිත වලට ගන්න දේවලුත් මේකෙ තියනවා (සහනුත් නොදන්න දේකුත් නෑ නොකරන දේකුත් නෑ Super All-rounder කෙනෙක් )

    ReplyDelete
    Replies

    1. මම පහළ හැලපයියට දීලා තියෙන උත්තරෙත් ටිකක් බලන්න මනෝජ්.. ඔර්ජිනල්ම ආතර් කොනන් ඩොයිල් මහත්තයාගේ පොතක පිටු සෑහෙන ගණනක් තියෙනවා සහ තේරුම් කිරීමට අපහසු concept තියෙනවා.. ඒ සියල්ල එක්ක ලියන්න ගියොත් බලන අයට බ්ලොග් පිටු 8 විතර කියවන්න වේවි එක කතාවක් වෙනුවෙන්.. ප්‍රධාන ගැටලුව ඒකයි..

      ස්තූතියි මනෝජ් ඇගයීමට ඔයාගේ.. පහු ගිය අවුරුදු 3 පුරාවට මාව එකතැන් උනා වගේ දෙයක් උනා.. ඒ නිසයි මෙහෙම බ්ලොග් එකක් පටන් ගත්තේ.. හිතට එන දේවල් තමයි මෙහෙම ලියවෙන්නේ.. ඔයාලා ඇවිත් කියවලා යද්දී සතුටුයි මට... අපි බලමු ඉස්සරහට තව දේවල් ගැන ලියන්න ... දිගටම එන්න...

      Delete
  15. ෂර්ලෝක් හෝම්ස් කියන නම දැකපු ගමන් තමයි දුවගෙන ආවේ මමත්. දිගට ම ලියාගෙන යමු. මේක මම හිතන්නේ කොනන් ඩොයිල් ලියපු කතාවක් වෙන්න බැහැ. කොහොම වුණත් හැම කතාවක් ම එක වගේ ලස්සණ යි :) ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඉවර වෙනකම් කියවන්නකෝ ධාරා කතාව.. අපි බලමු මොකද වෙන්නේ කියලා අවසානයේදී.. මමත් පිස්සෙක් වගේ මේ කතා කියෙව්වේ.. ඔයාට ඕනේ නම් මම ආතර් කොනන් ඩොයිල් මහත්තයා ලියපු මුල්ම ඉංග්‍රීසි පිටපත් ටික දෙන්නම්.. බලන්න ඒවගේ දිග සහ විස්තර කිරීම් කරලා තියෙන අපූරුව..

      Delete
  16. ඊයෙ රෑ මේ කතාව කියවපු වෙලේ ඉඳල මම කල්පනා කලේ මට කොහොමද මේ කතාව මිස්වෙලා තියෙන්නෙ කියලයි.
    හොඳයි හොඳයි චන්දන මෙන්ඩිස් මේ වැඩේ කරන්න හැදුවා නමුත් හරිගියෙ නෑ බලමු සහන්ගේ සාර්ථකත්වය කොහොමද කියල

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ වැඩේ ජෝන් බාස්ට ගියා කියලයි හැලපයියේ..

      01. ලියනවා නම් මහා දිගට ලියන්න ඕනේ එකම සිදුවීමක් වත් මග නොහැර.. ( ඒ ක්‍රමය බ්ලොග් එකක් තුළ අසාර්ථකයි. මිනිස්සු එන්නේ නැහැ කියවන්න )
      02. කෙටියෙන් ලිව්වොත් නිකන් " සෝඩා බෝතලේ " වගේ වෙනවා...

      මට තේරෙන්නේ නැහැ කොහොමද කරන්න ඕනේ කියලා මෙදා පාර..එක එක අයගේ රසවින්දනය වෙනස් නෙව.. ඉංග්‍රීසියෙන් තියෙන ආතර් කොනන් ඩොයිල්ගේ පොත් වල සෑම සිදුවීමක්ම , සෑම හැගීමක්ම විස්තර කරලා තියෙනවා.. ඒවා එහෙම පිටින්ම ලියන්න ගියොත් බ්ලොග් පෝස්ට් 6 ක් වත් යාවි...කට්ටිය කියවයිද එච්චර දිග ඒවා හැලපයියේ...?


      Delete
    2. හරියට නාඩිය අල්ලගත්තොත් කියවන අය පෝස්ට් 6 නෙවෙයි 12 ක්‌ හරි කියවයි

      Delete
    3. මමත් හිතන්නේ හැලප කඩේ කියලා තියන එක ඇත්ත කියලා..අසංෂිප්ත පරිවර්තන හැම තිස්සෙම ඒකාකාරී නැහැ..ඒක නිසා මුල් නිර්මාණයට හානි වෙන්නැතිව පුළුවන් තරම් සරලව ලියන්න සහන්...

      මේ කොටස නම් ලස්සනයි..

      (ඔයාගේ අර අනිත් මතු සම්බන්ධයි කතා වගේ බාගෙට නවත්තන්න එප හොඳේ..)

      Delete
    4. හ්ම්ම්ම් හොඳ උපදෙසක් රූ.. අපි බලමු ඉදිරි පෝස්ට් වලදී වෙනසක් කරන්න.. ස්තූතියි ආසාවෙන් කියෙව්වා නම්..මට තියෙන ලෙඩක් තමයි ඕක.. දැනටත් මේකේ 2 , 3 කොටස් ලියලා ඉවරයි .. පබ්ලිෂ් කරන්න හිතෙන්නේ නැහැ... තව ඒ වගේ පෝස්ට් 6 ක් තියෙනවා.. ඕනේ නම් මම ප්‍රිවීව් එකට ලින්ක් එකක් එවන්නම්කො...

      Delete
  17. බැහැර ඉන්න මට නම් පරිවර්තන කියවන්න වෙන්නෙ මෙහෙම තමයි ඒ හින්ද ස්තුතියි දෙනවාට..

    ReplyDelete
    Replies
    1. පොත් පත් ටිකක් කුරියර් කරලා ගේන්න ගන්නකො සරත් අය්යේ... මේ බුක් ෆෙයාර් එක වෙලේ වැඩේ කරගන්න..

      Delete
  18. ඉක්මනට දාන්න සහන් ඉතිරි කොටස්...
    මේ ටික කියෙව්වට පස්සේ ඉවසන් ඉන්න අමාරුයි ... ඉතිරි ටික එනකම්......

    :)

    ReplyDelete
  19. ෂර්ලොක් හෝම්ස් නම දැකපු ගමන් ඇදිල යන දිහාවක්.මේ වසරේත් කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා පොතක්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ගත්ත පොත ජය ශ්‍රී...

      Delete
  20. බොලෝ අපේ සහන් ගොයියත් ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂන වලට දැන් සහාය දෙනවද...හොදා හොදා..වැඩේ අල්ලගෙන යමු එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා..අපි බලමු ඉස්සරහට මේ ටික ඉවර කරගන්න.. මම මුලින් හැදුවේ කෙටි පරිවර්තනයක් කරන්න..

      Delete
  21. මිස්ට වුල්ෆ් ගේ පරීක්ෂණ ගැන හොයල වාර්තාවක් දෙන්න තමා ඔය ෂෙරිල් ඇවිල්ල ඉන්නේ .. මොකද සෝවියට් හමුදාවේ සිත කාලයේ කෙරෙන රහසිගත මෙහෙයුමක ප්‍රධාන සාධකය වෙන කෑම ප්‍රශ්නයට විසඳුමක් ඔය මිස්ට වුල්ෆ්ගේ පරීක්ෂණ වලින් හම්බ වෙනවා ... කොහොම වුනත් වුල්ෆ් ඉන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා .. එකක් දැනටම හමුදාව යටතේ තියෙන පරික්ෂනාගාරයක , නැත්නම් හමුදාවේ රහසිගත කුමන්ත්‍රණයක් විදියට ලන්ඩනය තුල ක්‍රියාත්මක වන සංවිධානයක. එකේ ලොක්ක අපි කවුරුත් දන්නා මොරියාටි වෙන්න පුළුවන් .. හි හි .. කවදාවත් කියවල නැති කතාවක් .. ඔන්න මට හිතෙන විදිය .. :)

    මට මුලින් හිතුනේ වුල්ෆ් මොකක් හරි පරීක්ෂණයක් වැරදිලා බල්ලෙක් පුසෙක් වෙලා ඇති කියල.. අර මිස්ට ජැකිල් වගේ ... පස්සේ ශාක ගැන කිව්වහම තමා ඔහොම හිතුවේ..
    ඉක්මනට ඉතිරි ටික දාන්න ..

    ReplyDelete
    Replies
    1. ෂඃ මේ තියෙන්නේ නියම ස්ක්‍රිප්ට් එකක් පැතුම් ලියලා..අපි බලමු හමුධා පිරිස ලෑස්ති වෙන්නේ මොකටද කියලා ... රැඳී සිටින්න.. කෙසේ නමුත් පැතුම්ගේ අදහස නියමයි.

      Delete
  22. ෂර්ලොක් හෝම්ස් කියන නම දැක්කකත් ඇති ඒ පැත්තට ඇදිල එන්න. මාත් කල්පනා කලේ මට කොහොමද මේ කතාව මග ඇරුනෙ කියල..කොහොම උනත් දිගටම මේ වගේ පරිවර්ථන කරන්න සහන්...ඇත්තටම ගොඩක් ආසාවෙන් කියෙව්වෙ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්ස් ..මම මේක කෙටියෙන් ලියන්න කියලා ගත්තේ..දැන් බලද්දී එහෙම කරලා බැහැ වගේ නියම කෘතියට හානියක් නොවෙන්න නම් ...

      Delete
  23. ෂර්ලොක් හෝම්ස් නම දැකලයි මමත් මේ ආවේ.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili