දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )






රජස්!

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 8, 2013

ගඩොලක කතාව 02 father's love ( පියෙකුගේ ආදරය )

ගඩොලක කතාව 01 සඳහා චාර්මිගේ බ්ලොගයට ගොඩ වෙන්න. .

ගඩොලක කතාව 03 father's dreams ( පියෙකුගේ හීන )



             මේ කතාව මට කිව්වේ මගේ ගුරුවරයෙක්. ඔහු පේරාදෙණිය සරසවියෙන් බිහි වූ එංජිනේරුවෙක්. වචනය පාවා නොදෙන සැබෑ මනුස්සයෙක්. ඇතැම් දීර්ඝ පාඩම් මධ්‍යයේදී අපිව මෙල්ල කරගන්න බැරි උන දවසක සර් කිව්වා ,

" මේ අහපල්ලා. උඹලා දන්නවද මගේ කතාව. උඹලා දන්නවද දරුවෙක්ව අඩියක් උඩින් තියන්න ගිහින් අඩි ගාණක් පොළොව යට වැළලුනු  මනුස්සයෙක් ගැන "


                       අපි දැනගත්තා සර්ගේ මූඩ් වෙනස් වීමත් එක්ක භයානක දෙයක් වෙන්න යන බව. කේන්ති ගියාම මොහොතක්වත් ප්‍රමාද නොකර  " පලයන් පරයා පන්තියෙන් එළියට " කියලා එළවන්න ඔහු පසුබට වෙන්නේ නැහැ.

සර් කතාව පටන් ගත්තා. . . . .  .  .   .   .    .      .



                    මන් ඉපදුණේ පොළොන්නරුවේ. මගේ තාත්තට ඉඩම් කෑල්ලක්  තිබුණේ නැහැ පැළක් අටවගන්න වත්. මාවයි මගේ නංගියි මල්ලිවයි අම්මවයි ජීවත් කලේ ගඩොල් රස්සාවෙන්. අනුන්ගේ පෝරණු වල වැඩට ගිහින් කීයක් හරි හවසට හොයන් එනවා. ගෙදර එනින් ගමන් හාල් ටිකකුයි පොල් ගෙඩියකුයි අරන් එනවා.


              හාල් ටිකෙන් රෑට කන්න බතයි ; පොල් ගෙඩියෙන් සම්බෝලෙකුයි හදාගන්නවා. ඒ බත් වේල තමයි අපි 5 දෙනාම කන්නේ.

             රෑට නිදාගන්න කලියෙන් නංගිව ඔඩොක්කුවට අරන් මාවයි මල්ලිවයි දෙපැත්තෙන් තියාගෙන ඔලුව අත ගගා ටිකක් ඉන්නවා.

          නංගි එහෙමම තාත්තගේ ඔඩොක්කුවේ නිදාගන්නවා. නංගිව වඩාගෙන ගිහින් පැදුරෙන් තියලා  අපිටත් කතා කරලා " පුතේ උඹලත් නිදාගනිල්ලා නංගිව බලාගෙන " කියලා ඔලුව අත ගානවා.

 උදේට ඇහැරෙනකොට තාත්තා පේන්න නැහැ. ගඩොල් රස්සාවට ගිහින්.



             කාලයක් යද්දී අපිට ගමේ මුදලාලිගෙන් ඉඩන් කෑල්ලක් ලැබුණා. ඒකෙ අපේම කියලා වරිච්චි මැට්ටෙන් ගෙයක් හදාගත්තා අපි. ඒ ගෙදර තමයි අපේ ජීවිතේ හැම දේම ලියවුණේ.


                 කාලයක් යද්දී පුංචි බඩවල් ලොකු වෙන්න ගත්ත නිසා වෙන්න ඇති තාත්තා අපේ ඉඩන් කෑල්ලෙම ගඩොල් කපන්න පටන් ගන්න ඇත්තේ.


         මගේ අම්මත් හරි හරියට මහන්සි වෙන්න ගත්තේ ඊට පස්සේ කියන දේ මට දැනුණා. මට විතරක් නෙවේ මගේ පුංචි නංගිගේ හිතටත් ඒ දේ දැනෙන්න ගත්ත නිසා වෙන්න ඇති පුංචි අතින් මැටි ගුලි කර කර අච්චුවෙන් තියන්නේ. මොන තරම් සැරට අව්ව තිබුණත් නංගි නෙවේ අයින් උනේ.

මන් දැකලා තියෙනවා නංගි ගිණි අව්වේ ඉඳගෙන වැඩ කරනවා දකීද්දී තාත්තට දාඩිය වෙනුවට කඳුළු එන හැටි .

"මගේ සුදු මැණිකේ අව්වෙ ඉන්න එපා රන් කැටේ" කියලා නංගිව වඩාගෙන ඉඹිනවා තාත්ත.

මමයි මල්ලියි පුළුවන් හැම වෙලේම තාත්තා එක්ක ගඩොල් රස්සාව කළා. රෑට බත් කාලා ඉවර වෙලා පොත් වල ගණන් හදනවා. නංගිත් අපි එක්ක අකුරු ලියනවා හිනා වේවි.

              කාලයක් ගියා මේ විදිහට. ගඩොල් වල  අඩි 10 ක් විතර යටට කැපුනම ඊළඟ කණ්ඩියෙන් පස් කපන්න ගන්නවා. ඉඩමේ කට්ටියෙන් කට්ටිය ගඩොල් කැපුනා. පෝරණුවෙන් පෝරණුව පිච්චුණා. අපිත් පංතියෙන් පංතිය විභාග පාස් කරා.


                 මන් පේරාදෙණිය කැම්පස් එකට තේරුණ දවසේ තාත්තා එක දිගට ඇඬුවා දවසම. "පුතේ උඹ පලයන් . වියදම ගැන උඹ හිතන්න එපා" කියලා කී පාරක් නම් තාත්තා කිව්වද කියලා අදටත් මතකයි. හැම නිවාඩුවටම මන් ගමේ ආවා. ආව වෙලාවේ ඉඳන් ගඩොල් රස්සාවට තාත්තට උදව් උනා. කුප්පි ලාම්පු පත්තු කරගෙනත් වැඩ කරා මන් .


         කැම්පස් එකෙත් කාලයක් ගෙවුණා මේ විදිහටම. ටෙලිග්‍රෑම් එකක් ඇවිත් තිබුණයි කියලා හදිස්සියේම ගමට යන්න කියලා පණිවිඩයක් ඇවිත් තිබුණා දවසක් .

                ගමට ගියාම දැක්කේ අපේ ගෙදර තිබුණ තාත්තගේ මළ කඳ. අඩුම තරමේ තාත්තගේ මිනිය වත් පොළොව මට්ටමේ  තියාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ අපිට. අඩි 12 ක් විතර ගැඹුරටම හාරලා වළක් වෙලා තිබුණු තැනකයි තාත්තගේ මිණිය තිබුණේ.  සමාජයේ අපිව එක අඩියක් උස්සන්න තාත්තා අඩි 12 ක් පොළොව යට වැළලිලා හිටපු හැටි දකිද්දී තාමත් ඉවසන්න බැහැ.

             උඹලා දන්නවද මළ ගෙදරට ආව මිනිස්සු එහා ඉවුරේ ඉඳන් එබිලා බලන්නා වගේ ඉඳලා හැරිලා යද්දී එන වේදනාව... ? නංගිට දැනුණ වේදනාව ඔහුල ගන්න බැරුව මගේ අතේ එල්ලිලා කියපු දේ උඹලා දන්නවද ?








නිමි !



Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය ) 


ඔබේ පියා ජීවතුන් අතරද ? එහෙනම් මේ මොහොතේම ඔහුට ඇමතුමක් අරගෙන හිතේ තියෙන ආදරය කියන්න. ඔහු මේ ලෝකෙන් යන්න කළින් හිතේ තියෙන හැම දේම කියලා හිත නිදහස් කරගන්න ...

 මන් මේ කියන හේතුවේ සත්‍ය අසත්‍ය තාවය මෙතන වැටෙන කමෙන්ට් වලින්ම තේරුම් යයි ඔබට ....

100 comments:

  1. සහන් අයියේ දැන් මට අවුරුදු 25 යි. මේ වෙද්දී හරි නම් අපේ තාත්තයි අම්මයි බලාගෙන ඉන්න ඕන කාලේ. ඒත් මේ කැම්පස් ක්‍රමේ හින්දා තාමත් ගෙදරින් ඉල්ලා ගෙන කන්නේ. තාත්තට දැන් අමාරුයි මහන්සි වෙන්න. ඒත් නිකන් ඉන්නේ නෑ පොඩ්ඩක්වත්. මහන්සි වෙන්න එපා කිව්වත් අහන්නේ නෑ. එතකොට කියන්නේ තව ටික කාලෙනේ මේ විදියට කරන්න වෙන්නේ. ඊට පස්සේ අපි නිදහස් නේ.
    අයියාගේ මේ කතාව නම් හදවතේ පතුලටම දැනුනා

    ReplyDelete
    Replies
    1. පූසෝ මන් කෙටියෙන් දෙයක් කියන්නම් ඔයාට.. මහා ලොකු දේවල් කරන්න යන්න එපා.. අම්මටයි තාත්තටයි ආදරෙන් ඉන්න.. එයාලා එක්ක හිනා වෙන්න , කතා බහ කරන්න.. ඒ හොඳටම ඇති....ඔයා එයාලට ගොඩක් ආදරෙයි කියන දේ දැනෙන්න අරින්න... ඒ ටික හොඳටම ඇති....

      ( මන් දවසක මගේ කතාව කියන්නම්කො ..එදාට තේරෙයි ඔයාට )

      Delete
    2. Sahan. I mailed a comment (to escape attention of Language Police in Sinhala Blogspace). You might not agree with it but it might be relevant to Black Puma.

      Delete
    3. මට ඒ පණිවිඩය ලැබුණා ප්‍රා.. මන් මේ කල්පනා කලේ එය වෙනම පෝස්ට් එකක් විදිහට දාන්න ... එහි ඇති දේවල් සියල්ලම සමග එකඟයි...දැකපු ගමන් තේරුණා සියල්ල දෙස මධ්‍යස්තව හිතලා කියපු අදහසක් බව ...

      ඔබට හිතෙන ඕනෑම දීර්ඝ අදහසක් කියන්න ප්‍රා... කිසිම ගැටළුවක් නැහැ.. එසේම පෝස්ට් විදිහට සැකසිය හැකි දේවල් එවන්න මට පුද්ගලිකව..අපි ඒවා දාමු හැමෝටම දකින්න.... ඔබට හැකි වෙලාවට මෙන්න මේ බ්ලොගයන්ටත් ගොඩ වෙන්න ...

      happy thoughts


      My Life My Way


      මන් මේ ලින්ක් ටික දුන්නේ හේතුවක් නිසා..තව මාස කීපයකට පස්සේ මේ බ්ලොග් එකේ අයිතිය හිමි වෙන්නේ වෙන කෙනෙකුට.. තව දින කීපයකින් පසුව ඒ කෙනා ඒවි.. මාස කීපයක් යනකම් අපි දෙන්නම ඉන්නවා.. ඊට පස්සේ ඉන්නේ එයා විතරයි....

      Delete
    4. එයා Language Police (Sinhala Only Division) එකේද?මට බනීද?

      Delete
    5. නැහැ එයා ඉන්නේත් ඔයාගේ පිලේ..මට වඩා එයා සමග වැඩ කරන්න ලේසි වේවි ප්‍රා ..... බලන්නකෝ ආවම..හෙට හෝ අද රෑ සිට ඒවි එයා...

      Delete
  2. වන්නි වන පෙතේ
    ගම් දනව් පුරා නිවහන
    වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන්
    වන්දනා කරම් ....
    ( මෙවන් අපගේ පියවරුන්ට - උපහාරයක් වේවා )

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පත්තර මල්ලි .... මටත් මගේ ලෝකෙම තාත්තා...

      Delete
  3. කතාව කියවගෙන යද්දී ටිකක් ඇඩුනා... ඉවර වෙද්දී හොදටම ඇඩුනා ... සින්දුව අහල ඉකි ගහමින් ඇඩුවා...
    ඊට පස්සේ අප්පච්චිට කතා කරා....
    ඊට වඩා දෙයක් දෙයක් මට කියන්න නැ .....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ කතාව ලියද්දි මටත් කඳුළු ආව ශිරන්ත... කී බෝර්ඩ් එකට පවා වැටුණා සින්දුවත් අහද්දී... අපි ඒ තරම් තාත්තට බැඳිලා... ඒකයි මේ ........

      Delete
  4. සහන් ,,,, නංගිට දැනුණ වේදනාව ඔහුල ගන්න බැරුව නංගි මොනවද කිව්වේ ?
    මේ සින්දුවේ තියෙන දේද?

    ReplyDelete
    Replies
    1. නැහැ ශිරන්ත ..මන් ඒ ටික දැම්මේ නැත්තේ සෑහෙන අවුල් යන නිසා..

      අය්යේ අද රෑට වැස්සොත් මොනවා වේවිද අපේ ඉඩම යට වෙන්න ?

      Delete
  5. ඒත් shan මට තේරෙන්නේ නැහැ .. ඇයි අඩි 12 ක් යට ,,? කැම්පස් යන ලොකු පුතෙක් ? පැහදිළි මදි මට ,,කෙසේ නමුත් තාත්තා ගැන ලිපි කියවද්දී මට ඉතාම් අපහසුතාවක් දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කතාව .. එයාලගෙම ඉඩමේ ගඩොල් කපන්න ගන්නවා... ටිකෙන් ටික පස් කප කප ගඩොල් හදද්දී ඉඩමේ වලවල් හැදෙනවා... ඔය විදිහට අවුරුදු කීපයක් යද්දී මුළු ඉඩමම වළක් බවට පත් වෙනවා.. අඩි 12 ක් විතර ගැඹුර වළක් ...

      පුතාලා ටික ටික ලොකු වෙනවා... ලොකු පුතා කැම්පස් සිලෙක්ට් වෙනවා.... එයාට වියදම් කරන්නේ ගඩොල් විකුණලා එන සල්ලි .... තේරුනාද ...?

      Delete
    2. හ්ම්ම්ම්ම් මොනවා කරන්නද.. එයාලට එයාලා විතරයි..අපිට අපි විතරයි ........

      Delete
  6. මං කැමතිම සිංදුවලින් එකක් හා අවසානය වෙනකම් කවදාවත් අහන්න බැරි සිංදුවක් සහන්.....

    ඒ ලෝකෙට ගියපු තාත්තිට කථා කරන්නේ කොහොම මං....???????????????????

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් මට තේරෙනවා චාන්දනී... ඔය වගේ තවත් කතාවක් තියෙනවා මන් දන්න.. ඒ කතාවත් මන් ලියන්නම්කො වෙලාවක..... මන් හිතනවා ඔයාගේ තාත්තා දැනගෙන ඉන්න ඇති ඔයා එයාට ආදරේ බව ... ඒ ටික හොඳටම ඇති චාන්දනී ............... හොඳටම ඇති....

      Delete
  7. ගොඩක් දරුවන්ට තේරෙන්නෙ නැති දෙයක් තමයි අම්මලා තාත්තලා කරන කැප කිරීම්........තමන් රස්සාවකට ගිහින් හම්බ කරනකන් කරන කියන හැමදේකම තියෙන්නෙ අම්මගේ තාත්තගේ කැපකිරීම්..ලේ ,කඳුලු,දහදිය.....

    ඉගෙන ගන්න යන ගොඩක් එවුන් පිස්සු කෙලින්නෙ තමන්ගෙ අම්මාගෙ තාත්තාගෙ ජීවිත එක්ක නේද??අම්මලා තාත්තලා දුක් විඳිනවා දරුවන්ගෙ ජීවිත සැපවත් කරලා සතුටින් මැරෙන්න....එත් මේ පිස්සු යක්කු දෙමාපියන්ට නිදහසේ මැරෙන්නවත් දෙන්නෙ නෑනෙ ....උන් පිස්සු කෙලිද්දි විඳවන්නෙ අම්ම තාත්තා කියල උන්ට තේරෙන්නෙ නෑනෙ ........ කාලකණ්ණි

    අම්මට තාත්තව ජීවත් වෙලා ඉන්නකම්ම බලාගනිල්ලා.....එහෙම නැතිඋනොත් උඹලගෙ හෘද සාක්ෂිය උඹලව පණපිටින් මරයි.....මොකද උඹලට කරුණු කාරණා තේරුම් යන කොට ඒගොල්ලො මේ ලෝකයෙ නෑ...

    මැරුණට පස්සෙ ලෝකෙට පේන්න කරන දේවලින් වැඩක් වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. \\\\\\\\එහෙම නැතිඋනොත් උඹලගෙ හෘද සාක්ෂිය උඹලව පණපිටින් මරයි.....මොකද උඹලට කරුණු කාරණා තේරුම් යන කොට ඒගොල්ලො මේ ලෝකයෙ නෑ.\\\\\\\\\\\

      මන් දන්න කෙනෙක් උන්නා තමන්ගේ තාත්තට බනිනවා " මේ කාලකන්නිය මැරෙන්නේ නැද්ද අප්පා " කියල.. මන් අනන්ත කියලා තියෙනවා ආනන්තරීය පාපයක් ලඟට නේද තමුසේ යන්න හදන්නේ මේ කියලා.. ඇහුවේම නැහැ... අන්තිමට තාත්තා මැරුණ දවසේ මිණිය බදාගෙන සමාව ගත්තා...

      ඔය ගැන තව කතාවක් තියෙනවා අන්ඩර් රයිටර් ...මන් වෙලාවක ලියන්නම්.......

      Delete
  8. පුංචි සිද්දියක් කියන්නං මගේ තාත්ත ගැන..
    දවසක් මගේ තාත්ත හිටිහැටියේ ඉස්කෝලෙට ආවා..එතකොට මම අට වසරේ. හේතුව මං ගැන කතාකරන්න ගුරුවරු වගයක් එන්න කියල..
    එයාල කිව්වෙ මම දඟයි පන්තියෙ වැඩ කරගෙන යන්න අමාරුයි කියල මචං..තාත්ත එයාලගෙ ඔක්කොම කතා ටික අහගෙන ඉඳල කිව්වෙ
    " අනිත් දරුවො ටික හදාගන්න මං මගේ එකාව අරං යන්නං මිස් " කියල විතරයි ..මං පිස්සු කෙලියට මිස්ලගෙ ෆැන්ටසිය බිඳෙන්න ඇති..ඒත් මං ගැන තාත්ත මට වඩා දැනං උන්නා..ඒ වගේම මාව ඒ ඉස්කොලෙට දාන්න තාත්ත උන මහන්සිය මං ඇස්දෙකටම දැක්කා..
    ප්‍රින්සිපල්ගෙන් අස්වීම් සහතිකය අරගෙන මාව අස් කරන් යද්දි පන්තියෙ කෙල්ලොයි කොල්ලොයි සෙට් එකක් ඇවිත් තාත්තව වට කරගත්තා.. උං කීවෙ අනේ අංකල් පත්තර මල්ලි අරං යන්නෙපා අපේ යාලුවෙක් එයා කියල..මට හොඳට මතකයි තාත්ත එයාලගෙ ඔලුව අතගාල
    "මං ආයෙ එක්කං එන්නම්කෝ පුතේ ඔයාලව බලල යන්න කිව්ව හැටි "
    මාව වෙන ඉස්කෝලෙකට දැම්මා. හැබැයි මට බැන්නෙ නෑ..
    ලගදි මාව අස් කරන්න මුල් උන ගුරුවරයෙකුගෙ පුතෙක් මට මුන ගැහුන..
    ඌ කුඩු ගහනව..

    ReplyDelete
    Replies
    1. @ පත්තර මල්ලි

      හරිම වැදගත් කතාවක් මල්ලි මේ කියලා තියෙන්නේ... පුතාව ඉස්කෝලෙන් අස් කරගන්න උනා කියන්නේ වෙන තාත්තා කෙනෙක් නම් බාගෙට හම ගහනවා... ඒ අතින් උඹලගේ තාත්තා දෙවි කෙනෙක් වගේ... අපේ තාත්තත් ඔය විදිහමයි බන්... පුදුම තාත්තා කෙනෙක්.. අදටත් මගේ හුස්ම වැටෙන්නේ එයා නිසා..

      අර ගුරුවරයගේ පුතාට උන දේ ගැන නම් සතුටක් හිතෙනවා... ( ඒ කොල්ලා පව්..ඒත් කරන්න දෙයක් නැහැ ) රිටන් එක හම්බෙන්න ඕනේ ......

      Delete
    2. ඔමා උද කියලා තියෙනවා වගේ තාත්තා ගැන කියවන්න හරි අමාරුයි .... මගේ කොමෙන්ට් එක මෙතන දාන්නේ පත්තර මල්ලිගේ සිද්දියම මටත් උනනිසා එත් තාත්තා මව ඉස්කෝලෙන් අස්කරේ නැ බැන්නා මම දගයි කිව්වා ටිචගේ ඉදලා ප්රින්සිපල්ට යනකම් ඔක්කොටම......
      ළමයින්ව හරියට හදන්න බැරි බෝලාගේ නොහැකියාවට බොරුවට දෙමව්පියන්ට දොස් කියන්න එපා කියලා
      හැබැයි තාත්තා මට එතනදීම කිව්වා ඉස්කෝලෙදි කරන නරක වැඩ වලට ඔයාට දෙන දඩුවම මොකක් උනත් මමනම් මේ ට්චලට මුකුත් කියන්නේ නෑ කියලා
      වයිස් ප්‍රින්සිපල් සාමාව ගත්තා තාත්තාගෙන් අන්තිමට a/l කරෙත් මම එතන

      Delete
    3. @ සහන්
      මං එතන තාත්තා උනානම් මමත් මගෙ එකාට ගහයි අයියෙ..ඒත් ගුරුවරු මගෙ වයස පහු නොකලට තාත්ත පහු කරානෙ.. මාව ඉස්සරහ තියල තාත්තට මගෙ වැරදි කිව්වෙ..මටත් පුදුමයි ! මට අප්සට් ගියෙ තාත්ත ගුරුවරුන්ගෙ හිත නොරිද්ද මාව අස් කරපු එකට බං.. තාත්තල එහෙම වෙන්නැති..

      Delete
    4. @ මැලේ මචං
      උඹයි මමයි එකම බෝට්ටුවෙ බං.. මගේ තාත්ත ඒ වෙද්දි විධායක නිලදාරියෙක්..ඒත් ගුරුවරු ඉස්සරහ ඔලුව නැමුව බං මම නිසා .මට හෝස් ගාල ගියා..උබේ තාත්ත හරි..එහෙම තමා කරන්න ඕන.. කොල්ලෙක්ගෙ කොලු වයස ගැන ගොඩක් ගුරුවරු හිතන් නෑ බං ..උං යක්කු වගේ පේන්නෙ සමහරුන්ට

      Delete
    5. @පත්තර මල්ලි & SilentSahan, වෙන තාත්තා කෙනෙක් නම් මුල් උන ගුරුවරයව දන ගස්සනව! :-)

      Delete
    6. @ Pra jay
      දන ගස්සල කොල්ලටත් අම්බානක නෙලනව බං.. ගුරුවරුන්ගෙ මූනටම බැනපු සීන් ඉස්කෝලෙදි මං අනන්ත දැකල තියනව.

      Delete
    7. @ රාළ

      තාත්ත කෙනෙක්ගේ වගකීම කියන්නේ හරි අමුතු දෙයක් ... මටම තේරෙන්නේ නැහැ මගේ ළමයෙක් ලොකු කාලෙක වරදක් කලොත් මන් කොහොම හැසිරේවිද කියලා ( දුව කොල්ලෙක් එක්ක පැනලා ගියොත් වගේ ) .. කොහොම උනත් ගහන්නේ නැහැ.. වරද තේරුම් කරලා දෙනවා.. ඒ වගේම එක එකාගෙන් කතා අහන්න නම් ඉඩ තියන්නේත් නැහැ...කාගේ වත් අගු පිල් වල වැටෙන්න නම් දරුවෝ හදන්නේ නැහැ..

      @ පත්තරේ

      අපි ටික එකම තැන කැරකෙන්නේ මචන්.. මේකෙන් පෙන්නේ එකම දෙයයි .. අපිට හොඳම හොඳ පියවරුන් ලැබිලා තියෙනවා...

      @ ප්‍රා

      එහෙම කරන්නත් වෙන තැන් තියෙනවා.. :) අපේ තාත්තත් දවසක් ඉස්කෝලේ උන්ට කුණුහරපෙන් බැනලා මාව ඇදගෙන ආව " මගේ එකාව මේ වගේ රෙද්ද වල් වලට එවන්නේ නැහැ " කියලා.. ලොල් සීන් එකක් එදා උනේ...

      ලෝක ළමා දිනයක් දවසක්, එතකොට අපි 2 වසරේ.. අපි හැමෝම " ළමා පෙරහැරක් " පවත්තනවා.. ටින් කෑලි , බෙලෙක්ක කෑලි වලට තඩි බබා.. මුළු ගමන කිලෝමීටර් 2 ක් විතර.. මීටර් 300 ක් විතර යද්දී මටත් දාඩිය දාලා වැද්දෙක්ට වගේ... එක එකා පාර මැද කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා... :D

      Delete
  9. තාත්තලා ගැන කියන කොට මගෙත් හිත වාවන්නේ නෑ. මගේ තාත්තා ජීවතුන් අතර ඒත් දියවැඩියාව නිසා කකුල් දෙකම අහිමි උනා. ඒත් කටහඬ ඇහෙන කොට තාමත් මට අපි පොඩි කාළේ තාත්තමයි මතක් වෙන්නේ. ඒ වගේම තමයි මට උහුලන්න බැරි තාත්තලා කඳුළු හලන එක. මගේ ඇහැට කඳුළු එන්නේ තාත්තලගේ කඳුළු දැක්කම.
    හරිම සංවේදි කථාවක් ශාන්. උබට තව තව ලියන්න ශක්තිය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. සඳුන් ඔයා අනිවාර්යයෙන්ම තාත්තා එක්ක කාලය ගෙවන්න මාසෙකට දවසක් වත්.. උපන් දා ඉඳන් අපිව බලාගත්ත කෙනා ලඟින් ඉන්න , එයාව බලාගන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ අපිට... තමන්ගේ දරුවෙක්ගේ අතින් වතුර උගුරක් බොනවා ඇර සතුටක් නැහැ තාත්ත කෙනෙකුට..........

      පැතුමට බොහොම පින් සඳුන් ...............

      Delete
  10. චාමිගේ ගඩොලක කතාවෙ තවත් පැත්තකි ශාන් ගෙ කතාවෙන් සම්පූර්ණ වෙනවා නමුත් මේ කතාව කියවලා ඉවර වුනාම ලොකු අඩුවක් දැනෙනවා වගේ ශාන්
    ඉතාම සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. මන් මේ කතාවට දේශපාලනය ගෑව්වේ නැහැ චින්තා.... (ගාවන්න නම් ඕනේ තරම් තැන් තියෙනවා...)පියාගේ සෙනෙහස විකුණන් දේශපාලනේ කරන්න මට බැහැ ...... මොකද මගේ තාත්තා මන් නිසා ගොඩක් දේවල් නැති කරගත්තා... අඩුම තරමේ මෙහෙම දෙයක් හරි එයා වෙනුවෙන් කරා කියලා හිත නිදහස් කරගන්න පුළුවන් මට... ( මගේ සහ මගේ තාත්තගේ කතාව කිව්ව් දාට තේරෙයි ඔයාට චින්තා .. තාම මන් කිව්වේ ටිකයි )

      මිනිස්සුන්ගේ සියුම් තැන් උද්දීපනය කරලා දේශපාලනික අදහස් දාන්න හොඳ නැහැ... එහෙම කරන්නේ බල්ලෝ.. ( මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා වත් චාර්මි වත් වැරදි දෙයක් කරා කියලා .. ) වර්තමාන JVP බල්ලෝ ටික මට පේන්න බැරි ඕකයි .....

      Delete
  11. සහන් ඇයි මේ වගේ දේවල් ලියන්නේ , කියවන්න අමාරුයි. අන්තිම වෙනකන් අමාරුවෙන් කියෙව්වා, නැඟී අන්තිමට කියපු දේ නොකියපු එක හොඳයි, එත් කොමෙන්ටුවක කියලානේ.

    ReplyDelete
    Replies
    1. ඉවාන් අපි මේවත් ලියන්න ඕනේ.. මේ වගේ දේවල් වලින් ජීවිතයට ඉගෙන ගන්න පාඩම් බොහොමයි... මට නම් ජීවිත ගමනේ සෑහෙන මෙවැනි අද්දැකීම් තියෙනවා... කොච්චර දේවල් උනත් මන් ඔලුව කෙළින් තියන් ඉන්නේ මේ අද්දැකීම් නිසා සහ තාත්තගේ ආදරය නිසා..

      ඉවාන් දන්නවද මට මගේ අම්මත් තාත්තා.. තාත්තත් තාත්තා..

      Delete
  12. හදවත පතුළටම වදින කතාවක් සහන්. විටෙක චන්ඩ මාරුතයක්ව ඔබ හැසිරුණත් ඒ යට සිටින සංවේදී මනුස්සයා ගැනත් මා දැන සිටියා. අද මේ ඇවිත් ඉන්නේ අන්න ඒ තැනැත්තායි..... කතාවේ අවසානයනම් නියමයි. ගීතයත් හරියටම ගැළපේ.

    ReplyDelete
    Replies
    1. නලින් අය්යේ ඇතැම් තැන් වලදී අපිට අත් වල ලේ ගාගන්න වෙනවා.. එහෙම ලේ ගෑවුණ පමණින් අදහස් වෙන්නේ නැහැ අපේ හිත් ගල් කියලා... ඒ වගේම බොරු පොටෝ දැක්කට ඇහැට කඳුළු එන්නෙත් නැහැ( කිඹුල් කඳුළු නම් කොහොමත් එන්නේ නැහැ සහන්ගේ ඇහැට ) ...

      මගේ ජීවිත කතාව වෙලාවක මන් කියන්නම්.... එදාට තේරෙයි ඔයාට මා ගැන හොඳටම ....

      Delete
  13. පුදුමාකාර සංවේදී කතාවක් Sahan, මේ තාත්තට වගේම මේ පුතත් මටනම් ඉස්තරම් චරිත දෙකක්. ඔහොම දුක් විදලා උඩට ඇවිත් ඒ තමන් විදපු දුක් මතක තියන් ඉන්නෙ කීයෙන් කී දෙනාද?
    අම්මා තාත්තා ගෙන් තොර ලෝකයක්??? මටනම් හිතන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\ඔහොම දුක් විදලා උඩට ඇවිත් ඒ තමන් විදපු දුක් මතක තියන් ඉන්නෙ කීයෙන් කී දෙනාද?\\\\\\\\\\\

      සැබෑ මිනිස්සුන්ට විතරයි ... අනිත් පුහු මිනිස්සුන්ට ඕවගේ වටිනාකමක් නැහැ.......

      Delete
  14. අපේ තාත්තත් ඔහොම සිමෙන්ති ගල් හැදුවා.. පොඩ් කාලේ මමත් සිමෙන්ති ඇනුව... මම හිතන්නේ අපේ වයස් වල සහ ඊට වැඩිමහලු පරම්පරාවේ ඉන්න බොහෝ අයගේ ජිවිත වල මුල් කාලේ ඔහොම ගෙවිලා ගිය ඒව... තාමත් ඉතින් ඔය කියන ජිවිත ගෙවන අය ගොඩක් මේ සමාජයේ අපි අතර ඉන්නවා... සමාජය තුල යහගුණ ඉතිරි වෙන්නේ ඔය විදියේ අත්දැකීම් ලබපු මිනිස්සු තුල ඉතිරි වෙලා තියෙන ඒ යහපත නිසා... අද මම කියවපු ගොඩක් බ්ලොග් වල මේ වගේ කතා තම තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. ඒ කාතාත් ලියන්න පැතුම් දැනට ලියලා නැත්නම් ...

      \\\\\\\\\\\\\\සමාජය තුල යහගුණ ඉතිරි වෙන්නේ ඔය විදියේ අත්දැකීම් ලබපු මිනිස්සු තුල ඉතිරි වෙලා තියෙන ඒ යහපත නිසා...\\\\\\\\\\\\

      සහතික ඇත්ත පැතුම්.. පියරු බබීලා ළඟ හිතේ තෙතමනයක් නැත්තේ ඒකයි .... නිකන් මෆට් වගේ.. වැනෙන්න විතරයි දන්නේ...

      Delete
  15. සහන් මේ තාත්තාත් මගේ තාත්තා වාගේ.
    මම වරක් ඔහු ගැන ලීවා.ඔබ එය දුටුවාද මන්දා....?

    ReplyDelete
    Replies
    1. මනෝජ් මට ඒක සම්පූර්ණ වෙනකම් කියවන්න හිතේ හයියක් නැහැ... මන් එච්චරටම සංවේදී තාත්තා කියන මතෘකවේදී ....

      Delete
  16. ලේසියෙන් කඳුලක් එන අහක් නෙවෙයි මට තියෙන්නේ. නමුත් මේ ලිපිය පුදුම විදියට මාව හැඟීම් බර කළා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ඔයා තාත්තට ආදරේ කරන නිසා මල්ලි... ඇහැකට කඳුලක් උනන්නේ හිතක් පපුවක් තියෙන කෙනෙක්ගේ විතරයි...

      Delete
  17. ගඩොල් කපන තාත්තා විතරක් නෙමෙයි සහන්, විධායක ශ්‍රේණියේ උන්නත්, තාත්තලා කඹුරන්නේ ඔය ආකාරයටම තමයි. අපි මේ මැරෙන්නේ ඇයි, කසාද නොබැද උන්න නම්, මේ දේවල් නෑ නේ. ඔහේ ආතල් එකේ ඉන්න තිබුනා. අපි අපේ සැප සම්පත්, ආශාවන්, අවශ්‍යතාවන් කැප කරන්නේ කා වෙනුවෙන්ද..?

    අපේ දරුවෝ නිසා නේද..? ඒ නිසා තාත්තා කියන චරිතය මොන සමාජ මට්ටමේ උන්නත් පුදුම කැපවීමක් කරන්නේ. මවත් එසේමයි..

    ReplyDelete
    Replies
    1.              මමත් හැමදාම කියන්නේ ඔය ටික මාතලන් .... හිතේ තියෙන ආදරේ නිසා නේද අපි ගෑණු කෙනෙකුට සහ ඒ ගෑණු කෙනාගේ ළමයින්ට කන්න අඳින්න හොයලා දෙන්නේ...? "අපිට දාව උපන්" කියන කොටස එන්නේ ආදරේ නිසා නේද ...?

                  මන් මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් යථාර්තය වැටහෙන කෙනෙකුට විතරයි... හිතේ ආදරයක් නැති තැනක මේ කිසි දෙයක් නැහැ..  ඒ වගේම "ආදරේ" කියන දේ තුළ තියෙන වටිනාකම දන්නේ නැති අයට ආදරේ කරලා පලක් නැහැ... මන් ඇතැම් දේවල්  ගැන තේරුම් අරන් දැන් ඉන්නේ..

      මේ කමෙන්ට් එක සැර වැඩිද මන්දා..ඒත් මට බැහැ තවත් හිර කරන් ඉන්න...

      Delete
  18. මන් මේ ලිපිය කියවලා ඉවර උනේ මේ ලිපිය දාපු ගමන්මයි.එත් කොමන්ටුවක් කෙටුවේ නැත්තේ මට මේ මෘකාව එක්ක හිතන්න ගොඩක් දේවල් තිබුන නිසා...මම තාත්තට ගොඩක් ආදරේයි....මොන දිල්ලියක ගියත් මන් හැමදාම අම්මයි,තාත්තයි එක්ක වචනයක් හරි කතා කරනවා....කියලා විතරක් යන්නම් මොකද?වචනෙකින් දෙකකින් ඒ ආදරේ පැහැදිලි කිරිමක් කරන්න බැරි නිසා............

    ReplyDelete
    Replies
    1. මටත් තාත්තව පේන සීමාවෙන් ඉන්න ඕනේ.. එයාගේ කට හඬ හරි ඇහෙන්න ඕනේ ශානු.. ලොකු බැඳීමක් තියෙනවා එයා සහ මන් අතර.... කියලා ඉවර කරන්න බැහැ ...

      Delete
  19. කෙළින් කතා....
    නෙ මොනවද කියන්න ඉතුරු? සහන් U know What I Mean...

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් තේරෙනවා මට... තව දේවල් ටිකක් තියෙනවා හිතේ හිර වෙලා... ඒ ටික කොහොම හරි මන් ලියලා තියෙනවා.. කවද හරි තාත්තා ඒවා දකීවි...

      Delete
  20. hemotama kiyanna oya wage kata tiyanawa.amma gena ,taththa gena,

    ReplyDelete
    Replies
    1. anika godak daruwo adanne jeewathun atara inna kota demaupiyanta salakanne netuwa eyala neti unama

      Delete
    2. @ DD

      ඒක ඇත්ත DD ...මන් දන්නවා ඒ හැගීම... යුතුකම් ඉෂ්ඨ කරන්න උනේ නැහැ කියලා දැනෙද්දී පරක්කු වැඩි ....

      Delete
  21. ගඩොල් කපීමම නොවුනත් කලිසම් කමිස ඇඳලා කාර්යාල බෑග් එකක් අරන් දිනපතා වැඩට යන අයගෙන් සෑහෙන පිරිසක් කුලී කාරයෝ වගේම තමා. එකම වෙනස ඇඳුම විතරයි. අර ගඩොල් කපපු තාත්තා වගේ නෙවෙයි මේ අපි නම්බුකාර හිඟන්නෝ. තාත්තෙකුගේ ආදරය පිටතට පෙනෙන්නේ බොහොම ටිකයි. නමුත් තාත්තෙකුගේ හදවත ඇතුලේ තියන ආදරය මහාමේරුවටත් වඩා විසාලයි. දරුවන්ට එය නොපෙනෙන අවස්ථා වැඩියි. වැඩිපුර දකින්නේ අම්මගේ ආදරේ.

    ReplyDelete
    Replies
    1. විචාරක+++++++++++++++++++++++ Well said++++++++++++++

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. විචාරක දන්නවද සමාජයේ අපි කව්රු උනත් කරන්න ඕනේ දෙයක් තියෙනවා..ඒ තමයි ළමයින්ට දුක කියන දේ දැනෙන්න අරින්න ඕනේ..මල් වගේ හදලා නම් බැහැ... මල් වගේ හදපු ළමයින්ගේ හරයක් නැහැ... නිකන් බෝනික්කෝ විතරයි.... බෝනික්කන්ගෙන් සමාජයට ඇති වැඩක් නැහැ...

      තමන්ගේ තාත්තා විධායක ශ්‍රේණියේ කෙනෙක් උනත් ඔහු විඳින්නේ දුකක් කියන දේ දරුවෝ දකින්න ඕනේ.... දකින්න ඕනෙමයි...

      අරූ සහ කෙන්ජි අය්යලත් සනාත කරලා තියෙන්නේ ඒ සත්‍ය.......

      Delete
    4. aniwa duka denenna denna one neththam u hedenne ne apith ada methana inne apitath ape thaththa duka denna dunna nisai

      Delete
  22. Replies
    1. හරි හ‍රි .. මටම වැරදී කියල හිතුන බං එහෙම කියපු එක.

      Delete
    2. ස්තුතී sailent sahan .. ඒ වගේම කොමෙන්ට් කරලා ඊයේ රෑ රිමු කරපු කෙනාටත් .. මං මොකුත් කියන්නේ නැහැ වෙන .. මං ඔයාගෙන් ඇහුවේ කෙටියෙන් අඩි 12 ක් යට කියලා අදහස් කරපු දේ නොතේරෙන කමටයි .. මං ඒ වගේම හ්තුවේ එයා වලකට වැටිලා නැතිවෙලා තියෙන්නේ කියලා .. ඒකයි ඇහුවේ ලොකු පුතෙක් ඉද්දිත් කියලා "කැම්පස් යන " හරි කමක් නැහැ.

      Delete
    3. ගොන් කෙල්ල කිව්වේ ආදරේටනේ අනේ... කෝ බලන්න මූණ ඩිංගක් ..... :P

      ඔහොම තරහ වෙලා බැහැ අනේ...

      Delete
    4. රිමූ කරේ මං අනේ...
      දුක දන්නෙ වෙන කව්ද - ඇස් දෙක තරම්
      මට ලැජ්ජයි බං සහන් අයියා
      තොට බැන්නට උඹ මගෙ යාලුවනේ

      Delete
  23. එකක් ගහල මැකුව ඕං.. සැර වැඩී කියල හිතුන

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ පත්තර මල්ලි... ආදරේ නිසා මට නැති වෙච්චි ඒවා එක්ක බලද්දී ඕක දෙයක් නෙවේ... පුළුවන් වෙලාවක මේක බලන්න ...

      Delete
    2. මචං හරි අමාරුවෙන් ෆෝන් එකෙන් කමෙන්ට් එකක් කොටන්නෙ මං ඒකයි මල පයින්නෙ .සමාවෙයං . උබ දන්නවනෙ මට යාලු ෆිට් එක සහෝදර කමට වඩා ලොකු වග.. ආයෙත් වංගියක් සමා වෙයං

      Delete
    3. රයිට් රයිට් ඒකට අවුලක් නැහැ පත්තර මල්ලි ... ඒක නෙවේ පොඩි පොඩි පෝස්ට් කීපයක් හදලා එවන්න මට..මන් ඒවා දාන්නම් මේ බ්ලොග් එකේ......

      Delete
    4. හා මචං .. මං පුලු පුලුවං හැටියට ලියල එවන්නං .. ජය වේවා.

      Delete
  24. සහන්.............මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඒක ඇත්ත...අයියගේ කතාව අපි බොහෝ දුරට දන්නවනේ මේ වෙද්දී..ඔබේ ළමා කාලය ගැන වැටහීමක් තියෙනවා මට ....

      Delete
  25. නංගී මොනවා කියන්න ඇද්ද කියලා හිතන්න උත්සාහ කරන්නේ නෑ මම.. වේදනාව තව වැඩි වෙන එක විතරයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් බලන්න මම ශිරන්තට දාපු කමෙන්ට් එකේ ඒ ගැන තියෙනවා.... තමන්ටම වෙලා බලන්න ඕනේ දිනේෂ් මේ දේවල් ....

      Delete
  26. පැහැදිලිවම තේරුම් ගියා කතාව සහන් මල්ලි.
    විචාරක තුමා ඔබේ සුපිරි ලියවිල්ලට පට්ට පිළිතුරත්,මාතලන් ගේ අහහසත් කදිමට ගැලපෙනව කියල මම හිතනව.
    ඔය කතාව අපිව අඩවන ලෙසට ඔබ ලියා තිබෙන විදිය අතිවිසිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි අය්යේ... මට නම් මේ කතාව අහපු දවසේ සෑහෙන හිත වැටුණා .... අදටත් ඒක එහෙමයි ...

      Delete
  27. සහන් පේනවට වඩා මොන තරම් නම් දෙවල් මේ ලෝකෙ සැගවිලා තියනවද අපි දකින ලස්සන දේවල් පිටි පස්සෙ මේ වගේ අපි නොදකින කදුලු කතා තියනව ඇත්ද? කොතරම් දුකක් උහුලගෙන ජීවිතේ ගෙවනව ඇත්ද, මටත් කතාව කියවගෙන යද්දි නම්
    ඇස් කදුලින් තෙත් වුනා සිංදුව අහද්දි නම් කදුලු එලියටම පැන්න

    තමනට නොලැබුනු තැනක් සමාජය තුල තම දරුවනට නිර්මානය කර දෙන්න මුලු ජීවිතයම කැප කරලා එහෙත් ජීවිතෙ සැදෑ කාලය වත් සතුටින් ආදරෙන් ලොකු මහත් කරපු දරු පැටවු ටික එක්ක මොහොතක් රැදෙන්න වාසනාවක් නොමැතිකම,,,,,
    කෙනෙක් දුකක් කැප කිරීමක් දෙයක් උදෙසා කරනවා නම් කවදානමුත් එහි ප්‍රතිඵල ලැබිය යුතුයි. නමුත් මේ වගේ තැන්වල..........
    මටනම් හිතෙන්නෙ මේක ඒ අයගෙ කරුමෙ වත් පෙර පිං නැති හින්ද වත් කියලා නෙමෙයි කියලා. අහිංසක මිනිසුන්ගේ දාඩිය කදුලු තුට්ටුවකට මායිම් නොකරන, මිනිස් ජිවිත බල්ලන්ගෙ ගානට සලකන මෝඩ රැලකගෙ ගොන් ක්‍රියා කලාපයන් නිසා කියලා.

    මම කාලෙකට ඉහත දැක්ක සහන් අද ආයිත් දැකලා වගේ කියලා හිතෙනවා .
    මොකද ඔයාගේ අර ^^මිටින් මුදා හැර බැලුවෙමි ^^ කියන සිංදුවට දාලා තිබුන කතාවත් ගොඩක්ම සංවේදි ලස්සන හින්දා.

    ReplyDelete
    Replies
    1. මනෝජ් මට හැමදාම වෙන දේ අදත් වෙනවා..ඔයාගේ කමෙන්ට් එකට අලුතෙන් එකතු කරන්න දෙයක් නැතුව යනවා බොහෝ දින වලදී... මගේ පියා සහ මගේ ජීවිතේ බොහෝ දේවල් තාමත් මට මැවී මැවී පේනවා රෑට නිදා ගන්න ඇඳට වෙලා ඉද්දි..

      මම නම් මගේ දරුවන්ව හදන්නේ හැම දේටම පුරුදු කරලා මනෝජ්.. ජීවිතේ අර්ථය එයාලට තේරුම් කරනවා.. .. කවද හරි එයාලා තාත්තා ගැන තේරුම් ගනී... තාත්තා ඇයි එහෙම කලේ කියන දේ තෙරුම්ගනි...

      මනෝජ් මේ කියන්නේ " මන් බැඳලද " කියන පෝස්ට් එක ගැන නේද ...?

      Delete
  28. ඇත්ත කතාවක් උනත් මෙච්චර ස0වේදි විදිහට හැගීම් ගලපන්න පුලුවන් සැබෑම පියෙකුට පමණයි.

    ඒ ගුරුවරයා වගේම ඔබගේ දුවත් ඒ අතින් වාසනාවන්තයි සහන්.

    ReplyDelete
    Replies
    1. ඇල්බන් අය්යේ මා ළඟ ගොඩක් ලොකු සැප සම්පත් නම් නැහැ... ඒත් මගේ තාත්තගෙන් මට ලැබුණ ආදරේ නම් මගේ පපුවේ තියෙනවා මහ මෙරක් වගේ.. ඒ ආදරේ හිමි මගේ දරුවන්ට තමයි... දරුවෝ තරම් වටින වෙනත් දෙයක් නම් මට නැහැ....

      Delete
  29. බොහොම සංවේදී කාරණයක් සහන්...මේ කථාව මාව බොහොම සංවේදී කලා...අපේ සමාජයේ මව්වරුන් තරම් ඉහළින් කවදාවත් පිය වරුන්ගෙ ගුණ වැයෙන්නෙ නෑ...ඒ අය දරුවන්ට පාන සෙනෙහස එතරම් ඉස්මතු වෙන්නෙත් නෑ...

    මේ ආචාර්යතුමාගෙ තාත්තා මේ විදියට නැති උනාම ඔහුට මොන වගේ සිතුවිලි පහල වෙන්න ඇතිද කියලා මට නම් හිතාගන්නත් බෑ....මට ඔහොම දෙයක් වුනොත් නම් මම ආයෙමත් මානසික තත්වය යහපත් අතට හරවාගන්නවා බොරු....මම ඒ තරමට මගේ පියාට සමීපයි.

    කිරි අම්මගෙ මරණින් පස්සෙ මම ගොඩාක් දේ ඉගෙන ගත්තා...දෙමව්පියන් අපිත් එක්ක ඉන්න කාලෙදි ඒ අයට අපිට හැකි උපරිමයෙන් සැලකුම් , පුද් සත්කාර කලාම ඒ අය වියෝ වූ දවසක හිතට දුක් දෙන මතකයන් මොකුත් නැ...එහෙම කරගන්න බැරි උනොත් අපේ ජීවිතත් අවසානය කරා ලගා වෙනතුරාවටම හිතට මහත් පීඩාවක් දැනේවි.

    කථාවේ කියවෙන පරිදි තම දරුවන් පෝෂණයට දිවා රෑ වෙහෙසෙන මහත් වූ පියවරුන් වෙනුවෙන් මේ පෝස්ටුව උපහාරයක් වේවා !

    දීපිකාගෙ ගීතය මම ඉතාමත් ප්‍රිය කරන ගීතයක්...ඉස්සර මම බෑන්ඩ් ගහන කාලෙ අපේ කණ්ඩායමේ හිටිය යාලුවෙක් ඔය ගීතය වෙස්ටර්න් ප්ලූට් එකෙන් පුදුම ලස්සනට වාදනය කරනවා...මට ඒ රසය ආයෙමත් මතක් වුනා...ඉතාම සංවේදී වටිනා ලියවිල්ලක් සහන්...මේ ලිපියෙන් හරි තාත්තගෙන් දුරස් වෙච්ච කෙනෙක් ආයෙමත් ඒ අයට ලං වෙනවා නම් එය තමයි ඔබට අත්වෙන වටිනාම දේ.

    ReplyDelete
    Replies
    1. සිරා කෙටි කමෙන්ට් එකක් දානවා කියලා හිතන්න එපා... මට මේ මත්රුකවේදී වැඩිය කතා කරන්න බැහැ ... සෑහෙන දේවල් ටිකක් එක්ක මාව තනි වෙනවා.. සිරා කියලා තිබ්බා මේක බලපු හැටියේ ඔයා තාත්තට කතා කරා කියලා.... උඩ ඉන්න ශිරන්තත් කතා කරලා තිබුණා ඒ වගේම... ඒ ටිකම ඇති.. නැත්නම් අපිට මේවා කියන්න වෙන්නේ සොහොන් කොත උඩ ඉඳගෙන ....

      මන් දැකලා තියෙනවා එහෙම පරක්කු වුනු බොහෝ අය......

      Delete
  30. හ්ම්ම්ම්ම්.. ඉස්සර සමහර වෙලාවට කරදරයක් වගේ පෙනුනට, ඇත්තටම ඒ මනුස්සය අපිව හදන්න කොච්චර මහන්සියක් ගත්තද කියල දැන්, තේරෙන කාලෙදි තමයි දැනෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. යසිත් පුළුවන් විදිහට තාත්තා එක්ක මේ දේවල් කියන්න ....

      Delete
  31. සංවේදී කතාවක් සහන්..!ඉස්සරට වඩා තාත්තලගෙ අගේ දැන් වැඩී.
    ඉස්කෝලෙ,පන්ති,එක්කන් යාමෙ ඉඳල , ගෙදර වැඩට හවුල් වීම දක්වා පුලුල් පරාසයක් දක්වා විහිදෙන කාරනා ගොඩක් අන්තර් ගතයි තාත්තලගෙ රාජකාරියට.
    අනික මාතලන්ගෙ කමෙන්ට් එකත් එක්ක එකඟයි මමත්.

    ReplyDelete
    Replies
    1. අද කාලේ තාත්තලට වෙලා තියෙන තත්වය නම් කණගාටුදායකයි... ඒ අතින් අපි වාසනාවන්තයි , අපි දැක්කා තාත්තලා විඳින දුක... ඒ නිසාම අපි දන්නවා තාත්ත කෙනෙක් විදිහට හැසිරෙන්න ඕනේ ක්‍රමයත්...

      Delete
  32. මගේ තාත්තා ගැන මං ලිව්වා .. තාත්තා කලෙ දෙයින් සීයට දහයක් කරන්න පුළුවන් නම් මම මිනිහෙක් කියල මට සතු‍ටුවෙන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එක දාන්න සරත් අය්යේ.... මට අදටත් මගේ තාත්ත වෙනුවෙන් හරියට දෙයක් කරගන්න බැරි උනා සරත් අයියේ..ඒ ගැන නම් පුදුම පසු තැවීමක් තියෙනවා හිතේ..කවද හරි ඉෂ්ඨ කර ගන්න ලැබෙනකම් හිතට සහනයක් නැහැ ...

      Delete
  33. //තමන්ගේ තාත්තා විධායක ශ්‍රේණියේ කෙනෙක් උනත් ඔහු විඳින්නේ දුකක් කියන දේ දරුවෝ දකින්න ඕනේ.... දකින්න ඕනෙමයි...//

    දවසක් මම පුතාගේ අතේ ඉස්කෝලේ වැඩකට රුපියල් 1500 ක් යැව්වා. මූ මේක නැතිකරගෙන. සාමානයෙන් පුතා කිසිම දේකට අඩන්නේ නැහැ, පොඩි කාලෙදිවත්. ඒත් එදා ඇඩුවා කියල ටීචර් කීව්වා. එන ගමන් මම ඇහුව්වා ඇයි ඇඩුවෙ කියල. පුතා කියනවා "තාත්තා අමාරුවෙන් හොයන සල්ලිනෙ, නයිට් කරල. ඒකයි මට දුක හිතුනේ" කියල. (මගෙ රස්සාවෙ හැටියට නයිට් කරන්න තියෙනවා )

    අවුරුදු 11 ක් වෙලත් මෙච්චර දේවල් තේරුන එක ගැන මට ඌ ගැන ආඩම්බර හිතුනා, සහන්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අය්යේ...මට තේරෙනවා..ඔයාගේ පුතාට ඔයා මේ කතාව පෙන්නන්න.. කවද හරි හොඳ තාත්තා කෙනෙක් වෙන්න ඕනේ නේද එයත් ...? ඔයාගේ හිත මිත්‍රයෝ ඉන්නවා නම් මේ ලින්ක් එකක් යවන්න මේල් හරහා හරි ...

      මේ ඔයාව දකිද්දී මට කෙනෙක් මතක් වෙනවා.. ( මන් දැන් ටිකකට කලින් මගේ පුද්ගලික ජංගම දුරකතනයෙන් එයාට කෝල් එකකුත් ගත්ත..ඒ ඔයා නෙවේ නේද )

      Delete
    2. උදේ 11.00 න් පස්සේ මට කවුරුවත් කතා කරල නැහැ.. සහන්

      Delete
    3. මන් කිව්ව එක්කෙනත් ඔන්න මෙතන කමෙන්ට් කරලා තියෙනවා ....

      Delete
  34. mama meka kiyawala godak dawas sahan. thama mukuth liyanna hithaganna bari una. harima sanwedi kathawak. me dawaswalanam ammai thaththai math ekka inna eka harima sathutak

    ReplyDelete
    Replies
    1. අම්මා තාත්තා ළඟ ඉන්න එක හොඳයි සයුරි.. විශේෂෙන්ම අලුත් පැටියෙක් ඇවිත් ඉන්න වෙලාවේ... මම දැක්කා බොහෝ අයට කමෙන්ට් එකක් දාගන්න වත් බැරිව ගිය හැටි..එයින් කීප දෙනෙක් මට මේල් කරලා තිබුණා එළිපිට කියාගන්න බැරි දේවල්...

      මේ කමෙන්ට් ටික දකිද්දී මට තැත් දෙයක් මතක් උනා සයුරි..ඒකත් වෙලාවක පෝස්ට් එකක් විදිහට දාන්නම්කො... කොහොමද දැන් පුංචට ...?

      Delete
  35. පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයිලාෂ් අය්යේ ....

      Delete
  36. මම පුතා උනා නං කැම්පස් යන එක පැත්තකින් තියෙනව... ඇත්තටම මම කළෙත් ඒකම තමයි.. අදටත් ඒකම තමයි කරන්නෙ... එයාලා දුක් විඳපු විදිය තේරුම් ගත්ත හින්ද... අද වෙනකොට මේ දඟලන්නෙ එයාලට බරක් නොවී ඉන්න... කොහෙද.. මෙයාලට කොච්චර කිව්වත් දැං අපිව බරක් කරගන්න එපා කියලා අහන්නෙම නෑ නේ... හි හි...

    ReplyDelete
    Replies
    1. eka etta akke.karanna one welawe one de karanne netuwa boruwata kegeuwata wedak ne.dukai kiuwath wedak ne.ethtatama adarei nam kawadath pasutewili wenna deyak wenne ne.

      Delete
    2. @ හිරු

      එහෙම කරන්න එපා හිරු..එතකොට තාත්ත හෙලපු දාඩිය ඔක්කොම වතුරේ නේද ...? තාත්තගේ සතුට පුතා ඉංජිනේරුවෙක් වෙන එක නේද ...? ඉංජිනේරුවෙක් උනාට පස්සේ මුළු පවුලම ගොඩ ගන්න පුළුවන් නෙව.. පුතා සේරම දමා ගහලා එන එකෙන් වෙන්නේ පුතාත් ගඩොල් වලක අතරමන් වෙන එකනේ...

      \\\\\\\කොහෙද.. මෙයාලට කොච්චර කිව්වත් දැං අපිව බරක් කරගන්න එපා කියලා අහන්නෙම නෑ නේ\\\\\\\

      ඒකනේ ඉතින්... ඔයා කැම්පස් ගිහින් ලොකු යැයි සම්මත රැකියාවක් කරා නම් ඒ මිනිස්සු පාඩුවේ ඉන්නවා නෙව.. දැන් ඉතින් පැය 24 ම ඔලුව ඇත්තේ " අනේ මේ කෙල්ල අරුත් එක්ක මොන දුකක්ද අප්පේ අර විඳින්නේ " කියලා .. ලොල්

      @ DD

      අපි ඇතැම් කාල වලදී දෙමව්පියන්ගෙන් ඈත් වෙලා යන්න ඕනේ . එහෙම යන්නේ අපි හැමෝම ගොඩ යන්න ඕනේ නිසා නේද ...? ගෙදරට වෙලා උන්නා කියලා ඔලුව උස්සන්න බැහැ නේද ...?

      මේ කතාවේ උනේ අවාසනාවන්ත දෙයක්.. පුතාගේ අත් හයිය එන්න කලින් තාත්ත මියැදුනා.. ඒකයි ගැටලුව ...

      Delete
  37. සහන් අයියා ලින්ක් එක දුන්න නිසා යි මම මේක කියෙව්වේ. මම මේ වගේ මාතෘකාව කියවන්න සංවේදී වැඩි යි. කාලයක් යනකං හිතේ තියෙන්නේ ම ඒ මාතෘකාව! කතාව කියවනකොට ඉබේ ම කඳුළු ආවා. දැන් ම ඉතිරි කොටස් දෙක කියවන්න බැහැ. ඒ ගැන සමාවෙන්න. මේ ළඟ දී Taken ෆිල්ම් එක බැලුවා. දුවෙක් වෙනුවෙන් තාත්තා කරන කැපවීම. ඒක බලලා මාසයක් ගත වුණත් තාමත් හිතේ හොල්මන් කරනවා ඒ කතාව. ලින්කුවට තුති!

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili