දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

September 6, 2013

මූළික අදියරේ සිට වෙරළු මල් අවස්ථාව දක්වා... The Nature.




               පහු ගිය කාලේ කට්ටිය සමන් පිච්ච මල් , වෙරළු මල් , ගණිත කර්ම , රබර් ප්‍රශ්න , මගුල් තුළා වල , වැලහින්නියෝ පස්සේ ගියානේ. ඕවගේ ගියාම අන්තිමට වෙන දේ දන්නවද ?



සංසාරේ සංසාරේ ...!

94 comments:

  1. අම්මට සිලි මගේ ජිවිතේ සාර්ථකත්වයට හේතුව මා වෙරළු මලින් ආරම්භ කල ගමනද...???

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කෙන්ජි අය්යා වෙරළු මලෙන් මූලික අදියරට ගිහින් , මුහුදෙන් එතෙර උනා කියන එකද ..? අපි නම් තාම මැස්ස ගහනවා පිච්ච මලේ සුවඳට වහ වැටිලා..

      Delete
    2. දේශක තුමා තමා තාම මුල් හරියේ සමන් පිච්ච අතරේ ඉන්නේ ඔබතුමා අවසාන හරියේ තව පහු වෙනකොට ඔබතුමාටත් පිච්ච මල් සුවද විතරක් ඉතුරු වෙයි....

      Delete
    3. ඔන්න බලන්න කෙන්ජිතුමෝ වෙරළු මල් සීන් එක ඔයාගේ බ්ලොග් ජීවිතේ turning point එක වෙනවා....

      Delete
    4. ඒ කියන්නේ ඉස්සරහ ඉඳන් මුලට ගියත් , මුල ඉඳන් ඉස්සරහට ගියත් අන්තිමට ඉතුරු පිච්ච මලේ සුවඳ විතරයි කියන එකද මොරේ ..?

      Delete
    5. @සහන් අන්න හරි මොකද වෙරළු මල් සුවද දෙන්නේ නැති කාලයක් එනවා 70 පැන්නම වගේ අන්තිමට කාට කාටත් පිච්ච මල් තමා :D :D :D
      @ කෙන්ජි මම කියනවට බලන්නකෝ.... කොහොමද ප්‍රතිචාරේ.

      Delete
    6. මට දැන් වෙන්නෙ වෙරළු මල් සුවද හමන බොගක් පටන් ගන්නද???

      Delete
    7. @ මොරේ

      දැන්ම මල් පාත්තියක් දාගන්න ඕනේ එහෙනම් ඇරියස් කවර් කරන්නත් එක්ක..

      @ කෙන්ජි

      ඒකනේ අපි කියන්නේ එදා ඉඳන්..

      Delete
    8. අපි කිව්වට කෙන්ජි අයිය ගණන් උස්සල ඉන්නවා පටන් ගන්නේ නැහැ නේ

      ඇත්තටම සහන් අපි මේ ආතල් එකට කිව්වට හොඳට හිතල බැලුවොත් ජීවිතේ පටන් ගැම්මෙයි අවසානෙයි පිච්චමල් සුවද තමා මැද හරියේදී ටික කාලයක් වෙරළු මල් සුවද දෙනවා එහෙම නෙමෙයිද ?

      Delete
    9. ඔව් මොරේ මානසිකව ලබන අතීත කාමය තරම් මිහිරි වෙන දෙයක් නැහැ.. ලිංගිකව එක් වෙන කාලය මායාවක් වගේ.. බලන්න කලින් තිබ්බ බැඳීම් අඩු වෙලා නේද ? ඉස්සර තිබුණු කුතුහලය දැන් නැහැ. පැටියෝ බබා කෑලි අඩුයි.. ( කිව්වත් ඉස්සර වගේ නෙවේ ) මම මේ කියන දේ දැන් අපිට තේරෙන්නේ නැහැ මොරේ අපි ඉන්නේ මායාව තුළ නිසා..මායාවෙන් එළියට ආව දාට තේරේවි..

      ( බොහොම වැදගත් මනෝභාවයක් ඔබ ඉස්මතු කාලේ )

      Delete
  2. වෙරළු මල ගිය දුරක්........

    ReplyDelete
    Replies
    1. ඒකනේ සඳු නිමා..මීට වඩා උත්තරයක් දෙන්න බයයි ඔබේ මෙව්වා එක ( Gender එක ) හරියටම නොදන්නා නිසා.. :(

      Delete
    2. බ්ලොග් එකේ නම මගේ නම නෙවෙයි. මගේ මෙව්වා එක ඔබේ ජාතියම තමයි. ;-)

      අන්තිම පේලියේ ගල්පාත කියන්නෙත් මමම තමයි.

      Delete
    3. කොල්ලෙක් කියල හිතල කියන්න මෙයා.

      Delete
    4. දරුවෙක් ඉන්න කොල්ලෙක් මෙහෙම හිටියට......

      Delete
    5. ඒ කියන්නේ අපි ඔක්කෝම එකම මෙව්වා එකේ අයද ..? බොහොම සතුටුයි බොහොම සතුටුයි ..:)

      Delete
    6. කෙහෙල් තුනයි ,වෙරළු 6 යි .

      Delete
    7. මට නම් කෙහෙල් එකයි,දොඹ දෙකයි.

      Delete
  3. Replies
    1. මොකද අනේ ලැජ්ජා හිතිලා වගේ.. :) මේ පළවෙනි පාර නේද මෙහෙ ආව.. කමක් නැහැ කමක් නැහැ එහෙනම් ..)

      Delete
  4. අම්මා... අපි නම් තාම පිච්ච මල් කාලෙ ඉන්නෙ...හැකි ඉක්මනට එනව වෙරලු මල් අවදියට...

    ReplyDelete
    Replies

    1. වෙරළු මල් සංගමයේ අවවාදය = සමන් මල් හරි සුවඳයි

      Delete
  5. හික්... අනේ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. තාම මූළික අදියරේ වගේ ...ඔතනම ඉන්න...

      Delete
  6. වෙරළු මල් කවදා කඩන්නද අයියෝ...:(

    ReplyDelete
    Replies
    1. නරක ළමයෙක් වෙන්න හදන්න නම් එපා...

      Delete
  7. අර සමන් ජයනාත් ජිනදාසගේ සින්දුවක් කියන්නේ .........."තුමුල නමුනුකුල ගිරිහිස සින්දුවේ..............
    "පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවේද උමා" කියලා ඒ කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුනේ අද තමයි.
    thumula namunukula methanin balanna

    ReplyDelete
    Replies


    1. තුමුල නමුනුකුල ගිරිහිස
      උදුල සඳ මඬල දුටු නෙත
      රැවටුනා තමයි
      කිමද මේ තරම් ඒ ගැන
      හිනැහෙන්නට කාරණාව
      මුහුණ රතුවෙලා දෙනෙතින්
      කඳුළු පනින තුරු එළියට
      ඔහොම හිනාවෙනකොට
      උඹ ලස්සනයි උමා

      නුඹේ වත මඬල සඟවා
      මුවා වෙන ලෙසින් අතුරන
      සීත පිනි නිසා තිළකය පාලුවෙයි උමා
      සීත මීදුමේ තිරපට
      වලලු ලූ අතින් ඉවතට
      ඇත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා

      කන්ද උඩ රුවින් දිදුලන
      කන්ද කදිර දේවලය
      අපිට පිහිට වෙයි කියලා
      හිතනවද උමා
      අප වටා නැගෙන උවදුරු
      ඈත් වී නොබෝ කලකින්
      පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා


      සමහර දේවල් දිහා රාමුවෙන් එළියට ඇවිත් තෙතුන් පාරක් බලන්න ඕනේ ප්‍රගීත්.. විවිධ දේවල් අතර තියෙන අන්තර්සම්බන්ධතාව දකින්න පුළුවන් වෙන්නේ එතකොට...
      මටත් මේ සින්දුවෙත් මෙහෙම දෙයක් තියෙනවා නේද කියලා නිච්චි උනේ ප්‍රගීත් කිව්වයින් පස්සෙදියි! සින්දුවත් හොයලා ලින්ක් එක දැමීම ගැන බොහොම ස්තූතියි.. අනිත් අයටත් උදව්වක් වේවි ගීතය අහන්න..


      Delete
    2. මට මතකයි කොහේ හරි තිබිල කියෙව්වා, ඕක නිසඳැසක් විදියට පත්තරේක කවි පිටුවක පළවෙල තියෙනව දැකල ඒකෙන් ගීතයක් කරන්න අදහසක් ඇති වුනා කියල.

      Delete
    3. පත්තර වල යන කවි නිසඳැස් වලින් ලස්සන ගීත හදන්න පුළුවන් DDT.ඒත් සාස්තරේ දන්න අයගේ උනන්දුවක් නැහැනේ. හැමෝම බලන් ඉන්නේ සිංදුවක් ලියලා අතට දෙනකම්..

      Delete
    4. හරියටම හරි ටික කාලයක් ඔය ගීතයට .. ඔයාට කොහොමද හරියටම ගායකයගෙ නමයි ඔය පදෙයි මතක් උනෙ මාරයි

      Delete
  8. මොනවද බං ඔය වෙරළු මල් සුවද කියන්නේ ...?

    ReplyDelete
    Replies
    1. ඉහත රූපයේ 3 වන අවස්ථාව පරිශීලනය කරන්න චමි.. පටාර් ගාලා මීටර් වෙන්න ඕනේ...

      Delete
    2. තේරෙන්නේ නැ බං මටත් මමත් චමියා වාගේම බබා

      Delete
    3. යකෝ මේකේ බබ්බු හොයන්නත් බැහැ අප්පලා හොයන්නත් බැහැ.

      Delete
    4. අටම්ට තේ‍රෙන්නෙ නෑ සහන්, නැත්තං අර වගේ අවස්ථාවක් මගඇරගනීද? :D

      Delete
    5. ලොරි කැඳ සුවඳ = වෙරළු මල් පුස්ඹ

      Delete
  9. හෆොයි දෙයියනේ !

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඇයි අහන්නෙ. :)

      Delete
    2. නෑ හයියෙන් කෑගැහුව නිසා ඇහුවේ.. :)))

      Delete
  10. මං හිතං හිටියෙ වෙරළු මල් සුවඳ කියන්නෙ ගේ සීන් එකක් කියලනෙ. ඒ කාලෙ වැල පත්තරේක ඔය නමින් කතාවකුත් ගියා.

    ReplyDelete
    Replies
    1. දැන් බලද්දී හැමෝම දන්නවා දන්නවා වගේ පෙන්නුවට දැනන් ඉඳලා නැද්ද ඇත්තටම ...? ඇත්ත කියහන් මට..

      Delete
    2. වැල වල අග්‍ර ඵලය වෙරළු මල් සුවඳ....

      Delete
    3. ඩ්‍රැකී හරි. සාමාන්ය්‍යෙන් වෙරළු මල් සුවඳ හමන්නෙ කොල්ලො දෙන්නෙක්ගෙ සීන් වලින් තමයි. කෙල්ලෙක් ආවම වෙරළු මලේ සුවඳට උන්ගෙ පුස්ඹෙන් වැහිල යනව.

      Delete
    4. \\\කෙල්ලෙක් ආවම වෙරළු මලේ සුවඳට උන්ගෙ පුස්ඹෙන් වැහිල යනව. \\\

      ඒකත් හැබෑව ඉන්දික..

      ++++++++++++++++++++++

      Delete
    5. එහෙනං බොම්බෙලි සුවඳ කියලවත් දාමු.
      මේ දවස් ටිකේ නිවාඩු පාඩුව කියවන්නවත් වෙලාවක් නැ. පස්සේ හමු වෙමු.

      Delete
  11. Replies
    1. වගකීමෙන්ද කියන්නේ ..?

      Delete
    2. අන්තිමට අපි හැමෝම කරලා තියෙන්නේ ඕක තමයි දමිත්... කාලෙකින් නේද මේ පැත්තේ ආවේ ...? දිගටම එන්න..

      Delete
  12. හප්පතසිලි, මට අනිත් ඒවවාත් කියවලා එන්න වෙනවා :O

    ReplyDelete
    Replies
    1. හෙමීට කියවන්නකෝ ශම්මියෝ එහෙනම් ... . o O

      Delete
  13. වෙරළු මල් සුවද ගැන නොදන්නා අය මේ ලිපිය කියවා අදහසක් ගන්න.
    >> http://maathalan.blogspot.com/2011/12/you-are-too-naughty-babe.html

    ReplyDelete
    Replies
    1. කෝ බලමු ... http://maathalan.blogspot.com/2011/12/you-are-too-naughty-babe.html

      ස්තූතියි ලින්ක් එක දැම්මට කෙන්ජි අය්යේ.

      Delete
  14. වෙරලු කියද්දි මතක් වුනේ අපේ ගේ ඉස්සරහ තිබ්බ එකම වෙරලු ගහත් ගිය අවුරුද්දේ හුලඟකට අත්තක් කඩා වැටුනයින් පස්සේ අපේ කිරි අත්තා කපල දැම්ම ඕං. ඒ ගහ තිබුනේ හැබැයි අංශක 45ක්ම ඇල වෙලා පැත්තකට. මම කිවේ ඇත්තම වෙරලු ගහක් ගැන.

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ කපලා දැම්මේ.. හරහා වැටුණත් ගෙඩි හැදෙනවා කඳ මැරෙනකම් .. ආයේ එහෙම කපන්න එපා. අපරාදේ රතී..

      ( මම කිවේත් ඇත්තම වෙරලු ගහක් ගැන )

      Delete
  15. මොකද මේ දස්වල සිංහල බ්ලොග් අවකාශය පුරාම වෙරළු මල් පිපිලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ මේ කොල්ලන්ගේ මද කිපෙන කාලේ.. ඔය පැත්තේ තත්වේ කොහොමද .. :D

      Delete
    2. අපෙත් කිපෙනවා. හැබැයි ඉතින් සෑහෙන වෙලාවක් තල්ලු කරලා ස්ටාට් කරගත්තොත් විතරයි. :D :D

      Delete
    3. තල්ලු කරලා ස්ටාර්ට් කරගන්න එකෙත් සෑහෙන ගතියක් තියෙනවා නේද ..? ගමන ගිහින් එනකම්ම ඇක්සිලේටර් පැඩල් එකෙන් අත/කකුල ගන්න හිතෙන්නෙම නැහැ නෙව එන්ජිම නවතියි කියලා.. බොරුද මම කියන්නේ විචාරක තුමෝ ...? :D


      (මේවා ගෙවල් වල ඈයෝ දැක්කොත් රෑට කාලත් හමාරයි ..)

      Delete
    4. silent silent Sahan, be silent! :D :D :D

      Delete
    5. මගෙත් කට ඇවිස්සුනා විචාරක තුමෝ.. :))))

      Delete
    6. වැඩේ තියෙන්නේ පරණ මල්කඩ කාපු වාහන් තල්ලු කරද්දීත් මහා ජරා සද්ද ගොඩක් එන එකනේ.

      Delete
    7. විචාරකට මතකද අර පරන බග් ෆියට් වල එහෙම තිබ්බ පොඩි හැන්ඩ්ල් එකක් දාල කරකවල් ස්ටර්ට් කරන ක්‍රමේ. මම හිතන්නෙ ලෑන්ඩ් මාස්ටර් වල තාම තියෙන්නෙ ඒ සීන් එක. මට අන්න එහෙම වාහනයක් ස්ටාර්ට් කරනව මතක් උනා.

      කෙනෙක් ෆ්‍රන්ට් ග්‍රිල් එක ගාව දෙකට නැවීගෙන හති දාගෙන අරක කරකෝනව. මැසිම ගල් ගොඩ වගේ ඔහේ බලන් ඉන්නව ....:)

      Delete
    8. හිනා කාලා මැරෙනවා යකෝ ..



      ඒ උනාට කොහොමද මැෂිම ඉස්ටාර්ට් උනාට පස්සේදී ?

      Delete
  16. මට නම් පිච්ච මලත් වෙරළු දෙකම ලස්සනයි. පොඩි අවුලක් තියෙන්නෙ සුවද තමා පිච්ච මලේ නම් මාරම මාර සුවදක් තියෙන්නෙ .
    ඒත් වෙරළු මලේ ,,,,
    ඇයි නුඹට එහෙම වුනේ ?.?.?.?.?.?.?.?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරකත් ගැට පිච්ච යායක් තියෙනවා ලොකු සීයා හදපු.මල් පිපුනහම පුදුම සුවඳයි පළාතම. සමන් පිච්ච නම් කරදරයි හදන්න ගියාම.. ලොකුවට පඳුරු දාලා හැදෙන්නේ නැහැනේ සමන් පිච්ච .. ( එහෙම හැදෙන වර්ග තියෙනවද දන්නේ නැහැ )

      \\\ඒත් වෙරළු මලේ ,,,,
      ඇයි නුඹට එහෙම වුනේ ?.?.?.?.?.?.?.? \\\\

      සමන් පිච්ච මලේ සුවඳ විතරනේ මනෝජ් .. වෙරළු මලෙන් නම් ගෙඩියක් හරි හැදෙනවා. මොකක්ද හොඳ මනෝජ් හිතන විදිහට..?

      Delete
    2. උවමනාව අනුව වෙනස් වෙනව සහන් ඒක, මලුත් ඕනි වෙන වෙලාවල් තියනව, ගෙඩිත් ඕනා වෙන වෙලාවලුත් තියනව. අවශ්‍යතාවය අනුව තමයි තීරනය කරන්නෙ

      Delete
    3. සහතික ඇත්ත මනෝජ්..

      Delete
  17. සහන් ගොයියට ආයේ පණ ගහල ඇවිල්ල වගේ ...අනේ හොඳයි .. දැන් ෆුල් සනීපෙන් ඉන්නවා නේද?.. සති 2-3ක් එකදිගට මැරීගෙන වැඩ කරලා අද තමයි ටිකක් ෆ්‍රී උනේ .. වෙරළු මලුත් නැති සමන් පිච්ච මලුත් නැති මුල් අදියරට තමා මම නම් වඩා ආස ... වෙරළු වල රස මිසක් ඒ හැටි ගුණක් නෑ වගේම.. සමන් පිච්ච වලිනුත් අන්තිමේදී දුකක් විතරයි.. මුල් අදියරේ ඉන්න එකා තමන් ගේ ලෝකේ ජිවත් වෙලා සැපසේ මැරිලා යනවා .. හැබැයි එක සැපයක් වෙන්න සමන් පිච්ච ඉඹල වෙරළු මල් කාල තියෙන්නම ඕනේ .. නැත්නම් ඉතින් මුල් අදියරම මහා දුකක් විදියට තමා පෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. එහෙමටම පණක් ගහලා ඇවිත් නෙවේ පැතුම්. ලෙඩ වුනු නිසාමයි මපු ගිය කාලේ පෝස්ට් ලිව්වේ මහන්සි නොබලා. මොකද තවත් අමාරු උනොත් මෙහෙම වත් ලියාගන්න බැරි වෙනවා. බොහෝ වෙලාවට දිග පෝස්ට් වැටෙන්නේ අසනීප උනාමයි.


      මිනිහෙක් උනාම සමන් පිච්ච සුවඳත් , 3 වෙනි අදියරත් ලබන්න ඕනෙමයි. පළමු අදියරේ වටිනාකම තේරුම් ගන්නත් ඕනේ. 3 වෙනි අවස්ථාවට වහ වැටීම සුදුසු නැහැ. සියලු අවස්ථාවන්හි රසය විඳලා , පාරුව හදන් මුහුදෙන් එතෙර වෙන්න ඕනේ පැතුම්.. පැතුම් නම් ඒ අතින් හරි වාසනාවන්තයි.. මුහුදෙන් එතෙරේ වෙන්න ලැබේවා...!

      මම නම් ආයේ බැලුවේ මැස්සට ගොඩවෙන්න කියලා.. :D

      Delete
  18. මමනං ඔය පිච්ච මල් වෙරළු මල් ගැන කිසිවක් ප්‍රකාශ නොකරමි.

    අර පිංතූර තුනනං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද තාම පළමු අදියරේද :))

      ජාලේ කරක් ගගහ ඉද්දි මට ඕක හම්බුණේ දැනට අවුරුදු 3 කට වගේ කළින්. පහු ගිය ටිකේ සිද්ද වුනු දේවල් දැක්කම මට නැවත මතක් උනා පින්තූරේ .. පෝස්ට් එකක් විදිහට දැම්මේ ඒකයි.. අනිත් එක පහු ගිය ටිකේම බර මාතෘකානේ මගේ බ්ලොග් එකේ ගියේ..

      Delete
    2. නෑ අර දේශකයගෙ පිච්ච මල වෙරළු මලක් කළැයි කියල ඒ මනුස්සය මට තැන තැන බැන බැන යනවනෙ. :D

      Delete
  19. @කෙන්ජි..........උඹ දැන් ආපහු පිච්චමල් සුවඳ හොයන්න යන්න එපා. වෙරළු මලේම හිටපන්.උඹේ බ්ලොගට දාන නම "වෙරළු මල් සුවඳ" කියලද නැත්නම් "වෙරළු මල් අසපුව" කියලද? හොඳම වෙලාව දැන් පටන් ගනින්.

    ReplyDelete
    Replies
    1. මේවට උත්තර දීපන් කෙන්ජි අය්යේ ..

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. මං තාම "මූලික අදියරේ"...
    ඒත් පිච්ච මල් අවස්ථාව ආවත් පාරුවම තමයි හදන්නෙ
    වෙරලු මල් අවස්ථාව ආවම ඉතිං...
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -- ඇඳට වඩා පාරුව හොඳා.....

    ReplyDelete
    Replies

    1. \\මං තාම "මූලික අදියරේ"...\\

      බොහොම හොඳයි ..

      \\ඒත් පිච්ච මල් අවස්ථාව ආවත් පාරුවම තමයි හදන්නෙ\\

      අපිත් ඉස්සර ඔහොම තමයි හිතුවේ..

      \\වෙරලු මල් අවස්ථාව ආවම ඉතිං...\\

      තව මොනවද එතන්ටම ආවට පස්සේ...!

      \\-- ඇඳට වඩා පාරුව හොඳා.....\\

      බලමුකෝ එදාටත් ඔහොම කියයිද කියලා ...

      Delete
  22. හිනා වෙලා පන යනවා බොල...

    ReplyDelete
  23. Replies
    1. ඒ මොකද ඒ ? සමන් පිච්ච මලක් වත් එපාද ..? පාරු පැදලම හරියන්නේ නැහැ කොල්ලෝ ..

      Delete
  24. අපිට තමයි ඉතිං වෙරලු මල් තියා සමන් පිච්ච මලක්වත් නැත්තෙ ... හුහ් !

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉක්මණට පාරුව හදපන් දෙයියනේ කියලා .. වෙන පාත්තියෙන් හරි මලක් ගන්න බැරියෑ..

      Delete
  25. අද කාලෙ කොල්ලො මූලික් අවස්ථා නැතුව එක පාරටම වෙරළු මල් අවස්ථාවට එන්න නේද ට්‍රයි කොරන්නෙ...

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං සමන් පිච්චේටත් එහා ගිහින් වෙරළු මලේ සුවඳ.. සිරාගේ පාරු ප්‍රොජෙක්ට් එකේ තත්වේ කොහොමද ..?

      Delete
  26. මේකනෙ සහන් වැඩේ.. අපි පිච්ච මල් වෙරළුමල් වෙලා වෙර්ළුමලෙන් පිච්ච මළුත් ආවම තමයි එගොඩ වෙන්න හිතන්නෙ. එතකොට පාරුවක් හදන්න ගස් ඉතිරිවෙලාත් නෑ. අපි ගිණි තපින්න ගස් ටික කපලා. පාරුවක් හදගන්න ඇඳ පාවිච්චි කලත් අපේ අත පය වාරු නෑ පදින්න. දූපතේම මැරිල යනවා.

    ReplyDelete
    Replies
    1. එකෙම්ම වැටක් ගහනවා සරත් අය්යේ..

      +++++++++++++++++++++++++++++++++

      Delete
  27. දැන් ඔය හදලා තියෙන ඇඳ ට මෙට්ටයක් එහෙම ඕන නැතෙයි....

    ReplyDelete
    Replies
    1. පළමු මාස තුන යනකම් කිසිම දෙයක් ඕනේ නැහැ අයිල්ශ් අය්යේ..අමුවට ඇද්දේ නැත්නම් ගතියක් නැහැ මුල් ටිකේ.

      Delete
  28. අර දෙන්නා ඇඩම් සහ ඊවා ද?

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili