මම කලින් ලියපු අකුණ පෝස්ට් එක තුළදී මම පැහැදිළි කළා අකුණක ක්‍රියාකාරීත්වය . ඒ වගේම කමෙන්ට් මගින් විශාල ප්‍රශ්න ගණනක් ලැබී තිබුණා. එම ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු මගිනුත් තවත් බොහෝ දේ අනාවරණය වී තිබුණා. මෙම පෝස්ටුව ඍජුවම අකුණු සන්නායකය සැදීම සඳහා යොමුව තිබෙන්නක් බැවින් කරුණාකර ඔබ මීට පෙර අකුණ පෝස්ටුව කියවා නැතිනම් කියවා සිටින්න.
අකුණු සන්නායකය පළමු අදියර.
අකුණක ස්වභාවය තමයි ඉතාම ඉක්මණින් භූගත වීම ( ග්‍රවුන්ඩ් වෙන්න බලන එක ) . ඒ වගේම අකුණක ඇම්පියර් අවම වශයෙන් 25,000 පමණද වෝල්ටීය තාවය අවම වශයෙන් වෝල්ට් මිලියන 3 පමණ අඩංගුයි. මේ අති ප්‍රභල විදුලි ධාරාව අංශක 45 කට වඩා වැඩි කෝණයක් සාදමින් ග්‍රවුන්ඩ් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ උඩු අතට හෝ දෙපසට අංශක 45කට වඩා වැඩි කෝණයක් සාදමින් තමන්ගේ ගමන් මග වෙනස් කරන්නේ නැහැ.මේ කරුණු සැළකිල්ලට ගනිමින් අපි අකුණු සන්නායකයක් ගොඩ නගමු.
ඉහත රූපය බැලුවම තේරෙනවා ඇති ඔසවා ඇති යකඩ බටයේ ඉහළ කෙළවර සිට පහතට අංශක 45 ක් දක්වා යන පෙදෙස අකුණකින් ආරක්ෂාවන බව. මෙහි ඇති වාසි සහ අවාසි ගැන කතා කලොත්
01. පළමුවෙන්ම කියන්න ඕනේ දේ තමයි ඉහළට ඔසවා ඇති බටය අවම වශයෙන් අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බටයක් වත් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනිනවා. අකුණ ගැල්වනයිස් බටයෙන් එළියට පොලා පැන්නොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.
02. හොඳින් බලන්න නැවත රූපය දෙස. බටයේ උස වැඩි වන විට අකුණෙන් ආරක්ෂාවන වර්ගඵලය වැඩි වන බව පෙනේද ? එනම් ඔබගේ නිවසේ පළමු මහලේ වර්ගඵලය වැඩි නම් ඔබ අනිවාර්යෙන්ම ඉහළ උසකට මෙම බටය එසවිය යුතුය. වර්ගඵලය පර්චස් 5 ක භූමි ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට අවශ්‍යනම් ඔබ කොපමණ ඉහළකට බටය එසවිය යුතුද ?
03. ගේට්ටුවෙන් ඇතුල් උන හැටියේ පොල් ගහක් විතර උස යකඩ බටයක් උස්සලා තියෙනවා දකිද්දී ඔබේ මිතුරන් ඔබට හිනා වීමටත් පුළුවන් නේද ..?
04. මම කිව්වා අකුණක ස්වභාවය තමයි ඉතාම ඉකමණින් භූගත වීමට මාන බැලීම. ඒ කියන්නේ ඔබ අකුණු සන්නායකය ලෙස යොදාගෙන තියෙන බටය විධිමත් ලෙස පොළොව හා සම්බන්ධව පැවතිය යුතුයි. වොට්(W) මිලියන 75,000 පමණ බලයක් ගැබ් වූ ධාරාවක් එක් ක්ෂණයෙන් ග්‍රවුන්ඩ් කිරීමට තරම් ඔබගේ ඇටවුම කාර්යක්ෂම විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනින එක.
05. අඩි 57 ක් විතර දිග අඟල් දෙක හමාරේ යකඩ බටයක් මුදලින් කීයක් වේවිද ? ඒක උස්සගන්න පුලුවන්ද ජනාකීර්ණ ස්ථානයක ඇති ඉඩමක් තුල? බට කපල් කරන්නේ කොහොමද ? නිකම්ම නිකම් හිටවලා තියන්න පුලුවන්ද ? කේබල් දාන්න වෙනවා නේද ? කේබල් හුක් කරන්නේ මොනවටද ? බටයේ සිට කේබල් ග්‍රවුන්ඩ් වෙන තැන තෙක් ඈන්ගල් එක අඩුම තරමේ අංශක 27 ක් වත් වෙන්න ඕනේ. අඩි 15 න් 15 ට වත් කේබල් කරන්න වෙනවා. එහෙම බලද්දී පර්චස් 5 ක ඉඩමක මේ වැඩේ කරන්න බැහැ නේද ?
අකුණු සන්නායකය දෙවන අදියර .
බලන්න 02 රූපය . මෙහි ඇති ආකාරයට බට දෙකක් සහ එම බට යා වන සේ යෙදු ශක්තිමත් කේබලයක් මගින් නිවාසය සඳහා අකුණු සන්නායකයක් නිර්මාණය කර තිබෙනවා.
මෙයත් ඉතාම හොඳ වර්ගයේ අකුණු සන්නායක උපක්‍රමයක් යම් යම් විශේෂිත කාර්යන් සඳහා. . එහෙත් සාමාන්‍ය නිවසක් සඳහා තවමත් මේ ආකාරයේ ඇටවුමක් භාවිත කල නොහැකි බව ඔබට තේරුම් යනවා ඇති.( මේ වර්ගයේ අකුණු සන්නායක වල ඇති වාසි ගැන පසුව කතා කරමු.)
---------------------------------------------------
බලන්න 03 වන රූපය දෙස. එහි ඇති ඇටවුම යොදාගෙන ඇත්තේ නිවසේ වහලය ආවරණය පරිදිය. මුදුන් යට ලීයට සමාන්තරව ගැල්වනයිස් බටය යොදා ඇති අතර මනා ලෙස පොළොව සහ සම්බන්ධ වන ආකාරයද බලන්න. නිවසේ දිග ප්‍රමාණය අනුව කිහිප පොළකින් මදක් ඉහළට එසවූ යකඩ බාර් කීපයක් යොදා ගෙන ඇත ( අංශක 45හේ සේෆ්ටි ඒරියා එක ඇති කිරීමට ) .
කර්මාන්තශාලාවක් වැනි ඉහළ දිගකින් යුක්ත ගොඩනැගිලි සඳහා ඉතා පහසුවෙන් මෙසේ නවීකරණය කල හැකිය.
අකුණු සන්නායකය 3 වන අදියර.
මේ වන විට ඔබ මූලිකව අකුණු සන්නායකයක් කියන්නේ මොකක්ද , එය කෙසේ හැඩගස්වා ගත යුතුද , ප්‍රායෝගික භාවිතයේදී ඇති වන ගැටළු මොනවාද , ඒ සඳහා කල හැකි වෙනස් කම් මොනවාද යන්න ගැන දැනුවත්. මෙතැන් සිට නියමිත අයුරින් අකුණු සන්නායකයක් නිර්මාණය කරමු. එම සැකසුම ,
01. යොදා ගන්නා බට , කේබල් වොට් මිලියන කීපයකට ඔරොත්තුදීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි.
02. වොට් මිලියන කීපයක් තත්පරයෙන් 10/1 ක් වැනි කාලයකදී භූගත කිරීමට යාන්ත්‍රණයක් සැකසිය යුතුයි.
03. භාවිතය පහසු විය යුතුයි.
04. සියලු දේ අවසානයේ සේවාදායකයා සහ ඔහුගේ දේපළ ආරක්ෂා විය යුතුයි.
- රූපයේ ඇති පරිදි අඟල් එක හමාරත් දෙක හමාරත් අතර විශ්කම්භයෙන් යුත් ගැල්වනයිස් බට මගින් නිවසේ යට ලීයට සමාන්තරවත් බිත්ති යට ලීයට සමාන්තරවත් සැකිල්ල සෑදිය යුතුයි. වහලයේ අගුවද ආවරණය විය යුතු බව සිහි තබා ගන්න. බට එකිනෙකට පුරුද්දීමේදී විද්යුත් පෑස්සුම් උපක්‍රමයක් හෝ ජොයින්ට් කිරීම සඳහා ගැල්වනයිස් එල්බෝ ජොයින්ට් , T ජොයින්ට් , සොකට් යොදා ගන්න. පුද්ගලික අද්දැකීම් අනුව පෙනී ගොස් ඇත්තේ පෑස්සීම් යොදා ගත් විට භාවිතය අපහසු බවය.
- භූගත කිමේ බටය අවම වශයෙන් අඩි 6 ක් වත් යටට වැළලිය යුතුය.එහි පාදය රූපයේ ඇති පරිදි දෙපසට විහිදුවා ලිය හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එසේ කිරීමට අපහසු නම් තවත් අඩි 2ක් පමණ යටට බටය භූගත කරන්න.
- ලයිට්නින්ග් රොඩ් එක සඳහාද අඟල් එක හමාරේ බට සුදුසුය. අඩි 5 ක් උසට රොඩ් එකක් යෙදු විට තවත් අඩි 12 - 18 ක පමණ දුරින් මීළඟ රොඩ් එක යෙදීම සෑහේ. අඩි 8 ක් පමණ ඉහළට රොඩ් එකක් යොදයි නම් මීළඟ රොඩ් එක අඩි 30 - 46 අතර දුරකින් යෙදීම සෑහේ.
- වහලයේ යොදා ඇති සැකිල්ල සහ භූගත කර ඇති බට යා කිරීම සඳහාද ඉහත විස්තර වූ ලෙස ගැල්වනයිස් බට යොදා ගන්න.
- සාමාන්‍ය නිදන කාමර 5 ක් , කෑම කාමරයක් , කුස්සියක් සහිත තනි මහලේ නිවසකට මෙම ආකාරයේ අකුණු සන්නායක පද්ධතියක් සවි කිරීම සඳහා වියදම රුපියල් 40,000 - 65,000 අතර මුදලක් වැය වනු ඇත. එහෙත් එමගින් ඔබට සැලසෙන ආරක්ෂාව ගැන සිතා බැලු විට එම මුදල ඉතා සුළු විය හැකිය. ( ෆ්‍රිඩ්ජ් එකක්ම දැන් කීයද නේද ? )
සුකොපභෝගී නිවසකට ගැළපෙන ලෙස සැකසු අකුණු ආරක්ෂණ පද්ධතියක්.
පහත දක්වා ඇත්තේ ඉහළ මිලකට මිල නියම කල හැකි ආකාරයේ අකුණු ආරක්ෂණ පද්ධතියකි. පිටතින් බැලු විට කිසි සෙත් නොපෙනෙන ආකාරයෙන් මෙය නිමවා ඇත. මුදුන් යට ලීයට සමාන්තරව යොදා ඇති බට , බිත්ති යට ලී වලට සමාන්තරව යෙදු බට වැහි පීලි අතර සඟවා ඇත .ඇතැම් ස්ථානයන්හීදී වැහි පීලි තුළම එම බට යොදා ඇත. වැහි පීල්ලේ සිට වැසි වතුර බේරීම සඳහා යොදා ගන්නා යකඩ දම්වැල් මෙහිදී යොදා ගෙන ඇත්තේ අකුණු සන්නයකයේම කොටස් ලෙසිනි. එම දම් වැල් පොළොවට සපර්ශ වන ස්ථානය දෙස බලන්න. යකඩ දම් වැල් වල පහළ කෙලවර සම්බන්ධ කර ඇත්තේ භූගතව ඇති අකුණු සන්නායකයේ කොටස් වලටය. නිවාස අලංකරණයට බාධාවක් නොවන ලෙස ඉතා අලංකාරව මෙවැනි පද්ධතියක් නිර්මාණය කර ගත් විට ඉහළ මිලකට මෙවැන්නක් අලෙවි කල හැකිය. ඇතැම් විට ශුද්ධ ලාභය ලෙස පමණක් ලක්ෂ 3 ක් පමණ වන සේ මිළ නියම කල හැකිය!
මහල් ගොඩනැගිල්ලකට සුදුසු සේ සැකසු අකුණු ආරක්ෂණ පද්ධතියක්.
මහල් 4 ට වඩා වැඩි නම් අකුණු ආරක්ෂණ පද්ධතියක් අනිවාර්යෙන්ම යෙදිය යුතුය. මහල් ගොඩනැගිල්ලකදී අපට නිරායාසයෙන්ම එක්තරා වාසියක් හිමි වේ. එනම් මහල් ගොඩනැගිල්ල සැකසීමේදී කොන්ක්‍රීට ස්ලැබ් සහ බීම් තුලට යොදා ගනු ලබන යකඩ සැකිල්ලම අකුණු සන්නායකයක් සේ භාවිත කල හැකිය. එසේම මෙහෙදී ෆැරඩේ එෆෙක්ට් එක ඇති වන බවත් මම ඉතා දීර්ඝව විස්තර කළා අකුණ 01 පෝස්ට් එකේදී. ( කරුණාකර එය බලන්න )
මහල් ගොඩනැගිල්ලක් සඳහා අකුණු සන්නායකයක් යෙදීමේදී ඉතා සීරුවෙන් 45 ලයිට්නින්ග්ඈන්ගල් එක ගණනය කරගන්න. ඉතාම ඉහළ මට්ටමේ ලයිට්නින්ග් රොඩ් යොදා ගන්න. ( අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බට සෑහේ ) අඩි 8 රොඩ් 5 ක් මගින් වර්ග අඩි 200 X 200 ගොඩනැගිල්ලක් ආරක්ෂා කර ගත හැකිය. කොන්ක්‍රීට් ස්ලැබ් එක තුල ඇති අයන් මෙෂ් එකට හොඳින් පෑස්සීම කරගත හැකි නම් බාහිරව භූගත කිරීමේ උපක්‍රමයක් යෙදීමට අවශ්‍ය නැහැ. මෙෂ් එක පාදා ගත නොහැකි නම් අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බට එකක් හෝ දෙකක් මගින් ග්‍රවුන්ඩ් කිරීම සිදු කරන්න.
මහල් 4 ට වඩා වැඩි ගොඩනැගිලිඉදි කිරීමේදීම ඉදි කිරීම් භාර ප්‍රධාන ඉන්ජෙනේරු මහතා විසින් මෙම අදියර ඉටු කරන බැවින් අනවශ්‍ය ලෙස හිත කරදර කර ගැනීම අවශ්‍ය නැහැ. ( අපේ ඔපිස් එකටත් හෙණයක් ගහයිද කියලා හිත කරදර කරගන්න දෙයක් නැහැ ) සාමාන්‍යයෙන් මහල් 5 කට වඩා වැඩි ගොඩනැගිලි සඳහා අකුණු ආරක්ෂණ පද්ධතියක් සවි කිරීමේදී ශුද්ධ ලබහය ලක්ෂ 8 - 16 පමණ ලබා ගත හැකිය.
NOTE : - අකුණු ආරක්ෂණ කියල වෙළඳ පොළේ එක එක පපඩම් තියෙනවා බයින්ඩින් කම්බි වලින් පවා අටවපු විකාර. කිලෝ මීටර් 2 ක් , 3 ක් විතර ඈත ඉඳන් කිසිම කම්බියක් නැතුව එන වෝල්ට් මිලියන 3 ක් ඉක්මවපු විදුලි ධාරාවක් නවත්තන්න බයින්ඩින් කම්බියකට පුළුවන් නම් මොනවා කරන්න බැරිද මේ ලෝකේ. මම දැකලා තියෙනවා පෙන්ටෝර්ච් කෑලි වගේ ඒවත් අකුණු සන්නාකයක කියලා විකුණන. ඒ නිසා එවැනි විකාර වලට අහු වෙන්න එපා ලස්සන ලස්සන නම් තිබ්බ පලියට. මේ ගැන ඉතාම දීර්ඝව මෙතන සාකච්චා උන නිසා නැවත නැවත කියන්න යන්නේ නැහැ. අද පෝස්ට් එකේ අරමුණ නිවසකට හෝ සාමාන්‍ය ආකාරයේ මහල් නිවසකට ගැලපෙන සේ අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කර ගැනීම පමණි. මීට වඩා කරුණු ගැන දැනගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් මගින් අහන්න. ඔබ මෙවැනි දෙයක් සැකසීමට අපේක්ෂා කරයි නම් අනිවාර්යෙන් එයට ප්‍රථම silentsahan නමැති ස්කයිප් ID එකෙන් මට ඇමතුමක් ගන්න. නැතිනම් පිළිගත් විදුලි ඉංජිනේරු/සිවිල් ඉංජිනේරු වරයෙක්ගේ උපදෙස් ගන්නම ඕනේ. මොකද මේ උපකරණය නියමිත අයුරින් හදාගන්න බැරි වීම කියන්නෙම අහක යන අකුණකට අත වැනීමක් විය හැකියි...!
විශේෂිත අවස්ථා.
සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන , විදුලි බලාගාර , විදුලි උප බෙදුම් හල් , කම්හල් , න්‍යෂ්ටික බලාගාර , අභ්‍යාවකාශ රොකට් ගුවන් ගත කිරීමේ මධ්‍යස්ථාන , බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන වැනි ස්ථානයන් සඳහා අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම මීට වඩා සංකීර්ණය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු අකුණු ආරක්ෂණ පද්ධතිය නිම කල ආකාරය මගේ කලින් පෝස්ට් එකේදී මම විස්තර කරා. එහිදී යොදා ගන්නේ ට්‍රාන්ස්මිෂන් හවුස් සෑදීමේදී යොදාගන්නා මූලධර්මයි. එවැන්නක් නිරායාසයෙන්ම ෆැරඩේ චේම්බර් එකක් බවට පත් වන නිසා අකුණු ආරක්ෂණ පද්ධතියක් අමුතුවෙන් සවි කිරීමේ උවමනාවක් නැහැ. ට්‍රාන්ස්මිෂන් හවුස් එකක ෆැරඩේ එෆෙක්ට් එක හදන්නම සාමාන්යෙන් ලක්ෂ 80 පමණ මුදලක් යනවා. ඒ ගැන විස්තර මගේ රූපවාහිනී සම්ප්‍රේෂණ ගැන විස්තර කෙරුණු පෝස්ට් වල තියෙනවා. කරුණාකර කමෙන්ට් සමග එම පෝස්ටු කියවන්න.
මේ රූපයේ තියෙන්නේ රොකට් අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයක ක්‍රියාත්මක වන අකුණු ආරක්ෂණ පද්ධතියක්. හොඳින් බලන්න මෙහි යොදා ගෙන තියෙන සංසිද්ධිය. ඉතා ඉහළට එසවූ යකඩ සැකිලි හරහා දිවෙන කේබල් මගින් මෙය නිමවා තිබෙනවා. හරියටම අපේ දෙවෙනි රූපයේ විස්තර කල ආකාරයමයි නේද ..? හයිඩ්‍රජන් ටොන් ගණනක් ගබඩා වී ඇති අභ්‍යවකාශ රොකට්ටුවක් අකුණකින් ආරක්ෂා කිරීමට තරම් මෙය ආරක්ෂාකාරී. එක ගිනි පුලිඟුවකින් කොපමණ විනාශයක් සිදු කල හැකි දැයි තේරෙනවා නේද මෙවැනි තැනක. ලෝකයේ ඉන්න ඉහළම බුද්ධියක් ඇති එන්ජිනේරුවෝ තමයි මෙවැනි තැන් වල ආරක්ෂණ සැකසුම් නිර්මාණය කරන්නේ.
මේ තියෙන්නේ කෲස් නැවක් සඳහා නිම කරන අකුණු ආරක්ෂණ පද්ධතියක්.
පෝස්ටුවේ සඳහන් වූ සර්ජ් ඇරෙස්ටර්ස්
මේ ආකාරයේ ඇරෙස්ටර්ස් යොදා ගන්නේ කිලෝ වෝල්ට් 3 ට වඩා වැඩි විදුලි බලයක් එහා මෙහා වන තැන් වල. පුද්ගලික අදහස නම් සර්ජ් ඇරෙස්ටර්ස් ගන්න ඕනේ නැහැ අකුණු ආරක්ෂණයක් සඳහා.නියමිත අයුරින් භූගත කරාම හොඳටම ඇති.
දෙවෙනියට තියෙන්නේ කිලෝ වොල්ට් 1000 ක් පමණ ධාරාවක් මෙල්ල කරගැනීමට භාවිතා කරන සර්ජ් ඇරෙස්ටර්ස්. න්‍යෂ්ටික බලාගාර , ගුවන්විදුලි සම්ප්‍රේෂනාගාර වගේ තැන් වලදී මේවා ඕනෙමයි. හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමර් එකක phase ශිෆ්ටින්ග් ස්ටෙප් වලදී බැක් EMF එකක් හැදෙනවා වෝල්ට් මිලියන කීපයක. ඒ ධාරාව හසුරවගන්න තමයි මේවා ඕනේ වෙන්නේ. තව තව උවමනාවන් තියෙනවා.
බූම් පීක් කරන විශ්ව රංගනාත් , රාජ් සහ රූ සරිණිට විශේෂ ස්තූතිය. එයාලා තමයි මේ පෝස්ට් එක ඉක්මණට ලියන්න කියලා උනන්දු කලේ. ඒ වගේමයි පහු ගිය පෝස්ටුව ගොඩක් දෙනෙක් අතරට ගෙනියන්න දායක උනේ අපේ අටම්.
ප.ලි. මේ පෝස්ට් එක මම දාන්න හිටියේ පහු ගිය අප්‍රේල් වල. නමුත් නොයෙක් හේතු නිසා කල් ගියා. මම කැමති නැහැ තාක්ෂණික පෝස්ට් බාගෙට ලියන්න. නැත්නම් මටත් තිබුණා යකඩ බට කෑලි 6,7 එහෙන් මෙහෙන් ජොයින්ට් කරලා "ඉඳා මෙන්න අකුණු ආරක්ශනේ" කියලා පෝස්ට් එක ඉවර කරන්න. යම් කිසි විෂයක් ගැන තාක්ෂණික පෝස්ට් එකක් මම ලියනවා නම් ලියන්නේ අකුරක් වත් නොදන්නා කෙනාගේ සිට උපාධිය දක්වා ඉගෙනුම ලැබූ එන්ජිනේරුවෙක්ට උනත් ගැලපෙන විදිහට. මොකද මට ඕනේ B.Eng උපාධියෙන් එහාට PHD මට්ටමට යන අය බිහි වෙනවා දකින්න. මට ඕනේ නැහැ එහෙන් මෙහෙන් මොනවා හරි වචන දෙකක් තුනක් කියලා බාගෙට අතරමන් කරලා යන්න. ඒ නිසාමයි මම කමෙන්ට් කරන අයට උනත් සෑහෙන මහන්සි වෙලා උත්තර ලියන්නේ. කෙනෙකුට තව තවත් විෂය ගැන ආසාවක් ඇති වෙන විදිහට මිසක් දෙයක් කියන්න හොඳ නැහැ. මේ ලෝකේ විශාල විෂයන් ගණනක් තියෙනවා ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන විතරක් ගත්තත්. විදුලි සංදේශ වේවා ( Telecommunication ) , සිවිල් ඉංජිනේරු වේවා , විදුලි ඉංජිනේරු වේවා , ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු වේවා , ගුවන් ඉංජිනේරු වේවා මේ සියලුම දේවල් ගැන අවබෝධයක් තියෙන පරපුරක් බිහි වෙනවා දකින්න මම ආසයි ලංකාව තුල. මේ සියලු විෂයන් ගැන වෙන වෙනම PHD උනත් කරන්න පුළුවන් හරියට සබ්ජෙක්ට් එක ඔලුවට දාගත්ත අයට. ඒ නිසයි මෙහෙම මහන්සියෙන් බිලි පිති දෙන්නේ මාළු නොදී. මේ බ්ලොග් එකේ කමෙන්ට් සඳහා විශාල ඉඩක් වෙන් කරන්නේ ඒකයි.
මගේ මීළඟ " ලංකාවට ගැළපෙන විදුලි සංදේශ පද්ධතියක් " පෝස්ට් එක සහ "ඇන්ටෙනාව" පෝස්ට් එකත් මේ වගේම පෝස්ට් වේවි. " ලංකාවට ගැළපෙන විදුලි සංදේශ පද්ධතියක් " කියන පෝස්ට් එක විදිහට මම මේ බ්ලොග් එකේ දාන්න ඉන්නේ මීට අවුරුදු ගාණකට කළින් මම ඇමරිකන් ඩොලර් ලක්ෂ 3ක විතර මිළක් වෙනුවෙන් ඉන්ටෙල් සැට් සමාගමට හදපු සැලසුමක්. ඒත් අන්තිම මොහෙතේදී මම ඒක වික්කේ නැහැ. මට හිතුනා මොකටද මේවා විකුණන් කන්නේ කියලා. මම කන්න නැතුවත් ඉඳලා තියෙනවා ජීවිතේ. ඒත් මම මේ දේවල් විකුණන් කෑවේ නැහැ. මගේ නමින් පේටන්ට් එකක් ගන්න පුළුවන් නිර්මාණයකුත් තියෙනවා. ඒකෙ සැලසුමත් මම නිකම්ම නිකම් එළි කරලා ඇති මගේ අකුණ පෝස්ට් එක ඇතුලේ.
ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.
02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements"
කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා My little hero.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ.
උපාලි විජයවර්ධන
ගුවන් යානා වලට අකුණු වැදෙන්න්න පුළුවන්ද සහන්? ගුවන් ගත විමකදී හරි ලැන්ඩ් කරද්දී හරි අකුණු වලක්වන ක්‍රමවේදයක් ගුවන්යානා වල තියෙනවාද?
ReplyDeleteඅකුණ 01 දී මම ඔය ගැන පැහැදිලි කරලා තියෙනවා ගොඩක්.. කෙටියෙන් කිව්වොත් එහෙම සාමාන්‍ය අකුණක් ගැහුවට ගුවන් යානයකට අනතුරක් වෙන්නේ නැහැ..ස්ථිති විද්‍යුතය නිසා වෙන්න පුළුවන් හානිත් අවම කරලා තියෙන්නේ.. ඉතින් සම්පූර්ණයෙන්ම වගේ ආරක්ෂිතයි..
Deleteහැබැයි පොසිටිව් වර්ගයේ අකුනකට මැදි උනොත් නම් අනිවාර්යයෙන්ම විනාශ වෙනවා වෙනවාමයි...
ගුවන් යානා වලට අකුණු වදිනවා...මේ ලගදි බිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයකට අකුණු වදින දර්ශනයක් වීඩියෝගත වෙලා තිබුනා...යානයට ලොකු හානියක් නෑ...ඒත් විදුලි පරිපථ වල සුලු දෝෂ ඇති වුනාලු...
Delete"මම කැමති නැහැ තාක්ෂණික පෝස්ට් බාගෙට ලියන්න" මම සහන්ට වඩාත්ම ගරු කරන්නේ තාක්ෂණික දේවල් විතරක් නෙවෙයි කිසිම දෙයක් බාගෙට කරන්නේ නැති නිසයි. සුපිරීම පොස්ටුවක් සහ මට තිබූ පැන ක්ව්ව්පයක් විසඳා ගත්තා ...
ReplyDelete//"මගේ නමින් පේටන්ට් එකක් ගන්න පුළුවන් නිර්මාණයකුත් තියෙනවා. ඒකෙ සැලසුමත් මම නිකම්ම නිකම් එළි කරලා ඇති මගේ අකුණ පෝස්ට් එක ඇතුලේ."// මගේ ආදරණීය මිත්‍රයා ඔබේ ප්‍රතිපත්තිය කුමක් වුවත් මේ කාරණයේදී ඔබ වැරදියි. පේටන්ට ගන්න පුළුවන් නිර්මාණයක් නිකම්ම එලිකරලා දැම්මම මේ සඳහා වෙන කෙනෙක් පේටන්ට් ලබා ගනී . එහෙම කුජීතයෝ ඕන තරම් ඉන්නවා. ලංකාවේ එකෙක් එහෙම කලාට කමක් නා කියලා හිතන්න පුළුවන්. නමුත් මේ නිර්මාණයට විදේශිකයෙක් පේටන්ට් ලබාගත්තොත් පසුකාලීනව ඒ විදේශයට ගෙවලා අපිට මේක ලබාගන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුනොත් එහි වරද ඔබට බාරගන්න සිද්ධ වෙනවා සහන්. ඔබේ බුද්ධිමය අයිතීන් ඔබ සමගම තියාගන්න. එය තවකෙකුට අවභාවිත කරන්න දෙන්න එපා.
අපිත් ආසයි අපේ රටෙන් ලෝකයම ගරු කරන මිනිසෙක් බිහිවෙනවා දකින්න. ඒ ශක්‍යතාවයෙන් යුතු ඔබ වැන්නන් නිහඬව සිටීම සුදුසු නෑ.
ඉවාන් මල්ල කියන කතාව සහතික ඇත්ත.
Deleteඋඹට පිස්සුද සහන් මල්ලි...?
මාත් ඒ කාරණයට එකගයි. නිර්මාණ කරුගේ නිර්මාණ හැකියාව සුරක්ෂිත කරන්න තියන හොදම විදිය ඒක. ඔය දේ පවා අයහපත් විදියට භාවිතා කරලා අනිත් අය සුරා කන එවුන් ලෝකේ, වටින දෙයක් වෙනුවෙන් ඒක ලබා ගන්න එක අයියගේ වගකීමක් කියලා මම හිතන්නේ
Deleteපවුලුෂා කියපු කරුණ මමත් ලියන්න හිතුවා කියවන අතරේදී. ඔබේ බුද්ධිමය අයිතීන් ඔබ සමගම තියාගන්න ඔබට එය යොදා ගන්න බැරිනම් ලොකු ගණනකට විකුණන්න. නැත්නම් එය ඔබට, අපට සහ රටට පාඩුවක්.
Deleteපවුලුෂා ++++
Deleteපව්ලුශාට ආදරෙනි...
Deleteරීතා, තෝන්යා හෙම නෙවෙයි මම ගල්පාත.
@ ඉවාන් , කෙන්ජි අය්යා , පූසා , විශ්ව , රෙහානි. ගලේ
Deleteඉස්සෙල්ලම ස්තූතියි ඉවාන් ඒ වචන ටිකට.. මම සමහර දේවල් වලදී බොහෝ විට මට පාඩු වෙන දේවල්මයි කරගෙන තියෙන්නේ.. අතින් කාලා හරක් බලනවා කියන්නේ.. අන්න ඒ වගේ වැඩ සෑහෙන කරලා තියෙනවා.. දැන් වත් මම ලෝකේ යන අතට යන්න ඕනේ ... ඔයාලා සේරම කියන කතාව ඇත්ත.. ඉන්ටර්නෙට් සංකල්පයේ හිමි කරු උන ටීම් බර්න්ස් ලීත් අරන් නැහැ පේටන්ට්.. එහෙම උනා නම් අද එයා තමයි ලෝකෙම සල්ලි කාරයා.. මේ වගේ මිනිස්සු තමන් හොයාගත්ත දේ විකුණන් කෑවේ නැහැ.. නමුත් කොහෙවත් නැති අය විකුණන් කෑවා විතරක් නෙවේ කාපු තැනත් විනාශ කරා.. ලංකාවෙත් එවැනි දෙයක් උනා ආරක්ෂක කටයුතු සම්බන්ධව..
ඔයාලා සේරම ටික කියන කතාව ඇත්ත... සියලු දෙනාට ස්තූතියි..මගේ අම්මා අප්පවත් මට ඔහොම කියලා නැහැ.. එයාලා හිතන්නේ මම පිටු පිරෙන්න ගණන් හද හද ඉන්න පිස්සෙක් කියලා..
පිස්සෙක් වෙන්ඩ එපා සහන්... ඔයා පේටන්ට් එක ගන්ඩ...
Deleteඇත්ත ... මම උත්සාහ කරන්නම්...ස්තූතියි වචනයට ඔබේ..........
Deleteසහන් මේ වැරද්ද කරන්න එපා.
Deleteගන්නද එපාද ?
Deleteකෙදිම පෝස්ටුවක් සහන්. මගෙත් මේ සම්බන්ධයෙන් හිතේ තිබුණු සැකමුසු තැන් ගණනාවකට විසඳුම් ලැබුනා. හැම පැත්තක්ම අනාවරණය කරලා ලියන ඔයාගේ මේ පෝස්ටු වලින් තාක්ෂණික පැත්තට බර එව්වටයි මම වඩාත්ම කැමති. මේ වගේ දේවල්වලින් රටට ආඩම්බරයක් ගේමු සහන්....
ReplyDeleteතැන්කුයි.. මම මේක ලියන්න පටන් ගත්තේ ඊයේ උදේ 10 ට විතර..ඉවර කලේ පාන්දර 2 ට.. එක දිගට ලිව්වා.. ඉස්සරහට ලියන්න ඉන්න ඇන්ටෙනාව පෝස්ට් එකටත් රති කැමති වේවි...
Deleteඅකුණු ආරක්ෂක පද්ධතියක් තියෙනකොට අවධානමක් කොහෙත්ම නැද්ද ? ඒ වගේ ඩ්ඩොග නැඟිල්ලක ඉඳන් TV, Radio ඕන බම්බුවක් පාවිච්චි කරන්න පුළුවන්ද ?
ReplyDelete230 විදුලි කම්බි හරහා අකුණක් ආවොත් එහෙම විදුලි උපකරණ පිච්චෙන්න පුළුවන් යසිත්.. මම ඒ ගැන අකුණ 01 විස්තර කරලා තියෙනවා සෑහෙන්න... ඒක ටිකක් බලන්න...
Deleteවටින කියන දේවල් ගොඩක් ඉගෙන ගත්තා අයියේ මේකෙන්. සේරම කරුණු සරලව පෙළ ගස්සලා තියනවා
ReplyDeleteස්තූතියි පූස්.. මම මේක සරලව ලිව්වෙම බලන අයට සියල්ල පැහැදිලි වෙන්න ඕනේ නිසා.එකම එක බරපතල වචනයක් වත් පාවිච්චි නොකර ලිව්වේ..සේරම පැහැදිලි උන නම් සතුටුයි මට..
Deleteපට්ටම වටින ලිපිය... උබ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා...
ReplyDeleteඅනේ තැන්කුයි.. ඔව් බන් පැය 14 ක් තිස්සේ ලිව්වා, පොටෝ හැදුවා ,, පොටෝ දැම්මා, චේද බෙදුවා..හපොයි...
Deleteනියමයි! වෙනදා වගේම සුපිරියටම තියෙනවා.
ReplyDeleteපුළුවන්නම් කඔරු ඉකෙයා post එකේ කියපු විදිහට දුරේක්ෂයක් හදා ගන්න හැටිත් කියන්න.
අපිව දැනුවත් කරන්න මහන්සි වෙනවට බොහොම පින්!
තැන්කුයි..ඔව් ඒක මම ලියන්නම් .. හැබැයි ටික දවසක් යයි.. ස්තූතියි යාළුවා ..දෙයක් ඉගෙන ගත්තා නම් එය මට සතුටක්...දිගටම එන්න............
Delete[අනේ බං මම කිව්වෙ ඇන්ටනාව ගැන. ඒක දාපං :-)
ReplyDeleteඋඹ මගේ බ්ලොග් එක ප්‍රංසෙට ගෙනිච්චෙ කාගෙං අහලද?]
කියවගෙන එද්දි මතුවුන ප්‍රශ්නයට උත්තරේ රතු පාටින්ම තියෙන්නෙ. අකුණු සන්නායකයක් වැරදියට හැදුවොත්-නැත්තං හදපු එකක අවුලක් උනොත් අමතර කේස් එකක් නේද?
ඉක්මණට ඒක එනවා රාජ්.. ඇන්ටෙනාවට කලින් කොහොමත් අකුණු ආරක්ෂකේ හදලා ඉන්නම ඕනේ..නැත්නම් ඇන්ටෙනාවට අකුණක් වදිනවා වදිනවාමයි ... හපොයි බ්ලොග් එක මූදෙන් එහාට ගිහින්ද...? පොඩ්ඩක් ඉන්ට ගෙනත් ඇරලවන්ට ...
Deleteඔව් රාජ් මේක හරියට හදන්න බැරි නම් හදන්න හොඳ නැහැ.. විශේෂෙන්ම 1 සහ 2 රූපයේ ඇති වර්ගයේ අකුණු සන්නායක.. අනිවාර්යෙන් අකුණක් වදිනවා වදීනවාමයි කුඩු වෙලා යන්න..
පුළුවන් නම් එකක් හදල දෙන්ඩෝ... :)
ReplyDeleteමම ගෙදර නැහැ කියන්ට.. හදිස්සි වැඩකට ගිහින් දැන් මාස ගාණක් වෙනවා කියන්ට... ( රහසින් )
Deletewatina post ekak habayi sahan ayiye meka mama karanna giyoth defa matayi wadinne akuna
ReplyDeleteඑහෙම කියන්න එපා..වලව්ව කුඩු වෙලා හැඳි ගෑවිලා යන්න හරි එකක් හදන්න කොරලයෝ..
Deleteසර්ව සම්පුර්ණ ලිපියක්, ඇන්ටනා ඉල්ලුවහම අකුණු සන්නායක දීල. කමක් නැහැ ඉස්සරහට ඇන්ටනා එනවා කියලා තියෙනවා නේ.
ReplyDeleteදැනට ලංකාවේ ඉදිවන සංකීර්ණ වහලවල් සඳහා වහල උඩ බට සහ කණු සහිත රාමුව බුගත කරන විට එය කරන තැන ගැන හොඳට හිතන්න වෙනවා අකුණක් කැමති කෙටිම සහ පහසුම පාරෙන් පොලවට පනින්න. සමහර විට සම්බන්දක නිසිපරිදි සම්බන්දවී නැතුව මළ කා ඇතිවිටක වටයක් යන්නේ නැතිව නිවාස ඇතුලෙන් පාරක් හදා ගනීවි නේද?
අකුණු සන්නායක දැක්කම දුක හිතෙන තැනක් තියෙනවා පන්සල්වල ස්තුප වල කොත ට ඉහලින් අකුණු සන්නායක යොදලා තියෙනවා දැක්කම. සාමාන්යෙන් කොතක සැකැස්ම අනුව පහසුවෙන් සැඟවුණු අකුණු සන්නායකයක් නිර්මාණය කරන්න පුළුවන් කලාත්මක හෝ නිර්මාණාත්මක බවට හානියක් නැතිවම. ස්තුප යක කොත මගින් මම පොත්වල දැකලා තියෙන විදියට නිරුපනය වන්නේ නිවන. නිවනට ඉහලින් අකුණු සන්නායක යෙදීම කොතරම් සංකල්පමය පිරිහිමුක්ද. විකිපීඩියා වේ Lightning rod ගැන සඳහන් වන මේ http://en.wikipedia.org/wiki/Lightning_rod ලිපියේ මෙහෙම ලියලා තියෙනවා
Some of the most ancient lightning conductors can be found in Sri Lanka in places like the Anuradhapura Kingdom that dates back thousands of years. The Sinhalese kings, who mastered construction of stupas and advanced building structures, installed a metal tip made of silver or copper on the highest point of every building to conduct any lightning charge. In many parts of the world, ancient Buddhist monuments have been destroyed by lightning strikes, but not in Sri Lanka.
ඉස්සර ස්තුප වලට අකුණු නොවැදුන තාක්ෂනය අපිට දියුනුකරලා ස්තුප සඳහා යොදා නොගෙන ස්තුපයේ ඉහලින් තීසුලයක් වැනි අකුණු සන්නායක තුඩු සවිකරන්නේ අයි.
-------------------------------------------------------------------------------------------------------------------------------
ඔබ රතු පාටින් ලියා ඇති පැතුම තමයි මගෙත් පැතුම නමුත් ලංකාවේ පාලන ව්‍යුහයක් මගින් ඔවුන්ගෙන් නිසියාකාරව වැඩ නොගන්නේ නම් දුප්පතුන්ගේ බදු මුදල්වලින් බිහිවන ඉංජිනේරුවෝ මේ රටට කිසි මෙහෙයක් නොකර රට හැර යාවි. මම සමග මෙයට අවුරුදු 8 කට පෙර මොරටුවෙන් එලියට ආ බොහොමයක් දැන් මෙරට නැත. අවුරුද්දකට කොතරම් ඉංජිනේරුවෝ මෙරට හැර ගොස් විදෙස්වල පදිංචි වේද. ඔවුන්ගේන්නුත් ඕස්ට්‍රේලියා, UK, USA ගොස් පදිංචි වුන් ගෙන් කවදා මෙරටට වැඩක් වේද? වරද කොතනද?
\\\සමහර විට සම්බන්දක නිසිපරිදි සම්බන්දවී නැතුව මළ කා ඇතිවිටක වටයක් යන්නේ නැතිව නිවාස ඇතුලෙන් පාරක් හදා ගනීවි නේද?\\\\
Deleteඅනිවාර්යෙන්ම රංග.. නිවස ඇතුලෙන් පාර හදාගන්නවා..
සෑය හදද්දී මුල්ම කාලේ තිබුණ තඹ පටිය බොහෝ වෙලාවට දිරලා තියෙන්න පුළුවන් රංග වර්තමානය වෙද්දී..එක්කෝ හොරු අරන් වෙන්න පුළුවන් ඉස්සරම.. නොයෙක් හේතු නිසා පරණ තඹ පටිය හානි වෙලා තියෙන්න පුළුවන්.. ඉතින් කරන්න තියෙන එකම විසදුම තමයි සෑයට පිටින් අකුණු සන්නායකයක් සවි කරන එක.. මොකද දැනට ඉදි කිරීම් නිම කරලා තියෙන සෑයක් කඩන්න බැහැනේ...මන් කිව්වේ මැදින් හිලක් හදලා බට බස්සන්න බැහැනේ අපේ ධාර්මික දේශයේ... මේ මොන අපරාදයක්ද කරන්න යන්නේ කියලා පොලු අරන් එයි මිනිස්සු...
රංග දෙවෙනියට කියලා තියෙන ගැන කතා කරලා වැඩක්ම නැහැ.. ඔයා මගේ " උපාලි " පෝස්ට් එක බලලා ඇතිනේ.. ආයේ ඉතින් එතනින් එහාට කතා කරන්න හිතෙන්නේ නැහැනේ අපිට නේද..? මට දැන් හිතෙනවා රටෙන් එළියට ගිහින් දෙයියනේ කියලා ජීවත් වෙන ඒ මිනිස්සුයි හරි..අපියි මෝඩයෝ රංග...මේක මත්තේ නැහි නැහි ඉන්න අපියි මෝඩයෝ...
මේ මාතෘකාව ගැන කතා කරන්න ගියොත් අන්තිමට මම නතර වෙන්නේ වහ ටිකක් කාලා කැළේ රිංගලා...
නියම ලිපියක් සහන්. නොදැන සිටි කරුණු බොහොමයක් දැනගත්ත.
ReplyDeleteලංකාවෙ බොහො තැන්වල තියෙන විදියට අර යකඩ උල් තුනකට තඹ පටියක් ගැට ගහල පොළොවට ගහල තියෙන එකෙන් ආරක්ෂාවක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න අමාරුයි නේද?
උල් තුනක් ම තිබීම අවශ්‍යම නැහැ. ඒ ක්‍රමයත් ආරක්ෂිතයි.
Deleteඋල් තුනක් නම් ඕනේ නැහැ ප්‍රසන්න අය්යේ..ඒකෙ අරමුණ 45 ලයිට්නිග් ඈන්ගල් එක වැඩි කරගැනීම විතරයි...නිකන් පීත්ත පටි වගේ තඹ පටි දාලා නම් වැඩක් නැහැ..ඒවා ළමයි රවට්ටන්න කරන බොරු වැඩ.. ( එවැනි දෙයක් අකුණකට අත වැනීමක් වෙන්නත් පුළුවන් )
Delete@ රංග
හරියට හදලා තිබ්බොත් ආරක්ෂිතයි.....
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සැහෙන මහන්සි වෙලා සවිස්තරාත්මකව මේ වගේ තාක්ෂණික ලිපි පලකරන එකට සහන්. ලංකාවේ ගොඩක් අයට ආගන්තුක විශයක්නේ.ලංකාවේ සැහෙන අනතුරු වෙනවා අකුණු ආශ්‍රිතව.මමත් පොඩි කරුණක් එකතු කරන්නම්. ගොඩනැගිල්ලකට අකුණක් වදින්න පුළුවන් තව ක්‍රමයක් නේද විදුලි රැහැන් හරහා High voltage එන එක ගොඩක් වෙලාවට විදුලි සම්ප්‍රේෂණ කණු භුගත කරලා තියෙන නිසා මේ අවදානම අඩුයි.එත් පොඩි risk එකක් තියෙනවා. අනෙක තමයි භූගත කරන යකඩ බට පොළවේ සිට යම් උසක් වෙනකම් පරිවරණය කරලා තියන්න ඕන වගේම ඒවාට වෙනත් ද්‍රව්‍ය, රැහැන් ආදිය ස්පර්ශ නොවන ලෙස තියන්න ඕන කියල අහල තියෙනවා. ඒ වගේම භූගත කරන යකඩ බට අවට පසට ලුණු එකතු කිරීමෙන් කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් විශේෂයෙන් ලවන සාන්ද්‍රණය අඩු පසක.
ReplyDeleteඅගය කිරීමට ස්තූතියි,,,ඔව් මොරේ 230 ලයින් එක හරහා අකුණක් එන්න පුළුවන්..වෝල්ට් මිලියන ගාණක් නාවත් 1000 ක විතර ප්‍රමාණයක් එන්න පුළුවන්... මේ ගැන මම දීර්ගව අකුණ 01 කියලා ඇති...
Deleteලුණු ගැන කතා කලොත් නම් කියන්න තියෙන්නේ හොඳින් අඩි 6 ක් විතර ග්‍රවුන්ඩ් කරපු අකුණු සන්නායකයක් තියේ නම් අවුලක් නැහැ... ලුණු නම් දාන්න එපා ...ඒකෙන් වෙන වාසියට වඩා හානිය වැඩියි...!
සහන් අහුවෙනවකො තමුසෙ මට.. මිනිස්සුන්ට බොරු කියලා මාව නිකං විහිළුවක් කරනවට දෙන්නං හොඳ දඬුවමක්..(වැස්ස වලාහක දෙයියෝ)
ReplyDeleteබොරු නෙවේ මයේ දෙයියෝ .....
Deleteබොහොම වැදගත් ලිපියක්, එත් එක වෙලාවකට හිතෙනවා අකුනක්වත් ගහලා මකබැවෙලා යනවනම් හොඳයි කියලා. මේ රටේ ඉන්නවට වඩා.
ReplyDeleteබොහොම කාලෙකින් ගොවවුනේ මිත්‍රයා. හිමින් සැරේ පසුගිය පොස්ට් ටික කියවන්නම්.
අයිලාස් කාලෙකින්
Deleteඅපෝ ඔවු, ලොකු කරදරයක් උනා. පසුව පොස්ට් එකකින් ව්ස්තර කියන්නම්.
Delete\\\\\\\එත් එක වෙලාවකට හිතෙනවා අකුනක්වත් ගහලා මකබැවෙලා යනවනම් හොඳයි කියලා. මේ රටේ ඉන්නවට වඩා.\\\\\\\\
Delete:)
මොකෝ කාලයක් පේන්න නොහිටියේ අයිලෂ් අය්යා ... හොරෙන් රට වත් ගියාද ........?
සහන්, ඔබගේ ඉදිරිපත් කිරීම අනර්ගයි.
ReplyDeleteමේ ක්‍රමයෙන් ආරක්ශා වෙන්නෙ උඩින් එන අකුනු වලින් විතරයි නේද? විදුලි කම්බි දිගේ ගෙදරට එන අකුනුවලින් ආරාක්ශා වෙන්නෙ කොහොමද? බොහෝ වෙලවට trip switch එක වැඩ කරන්නෙ නැහැ වැඩි විදුලි බලයක් එකවර ආවහම.
ස්තූතියි ඇල්බන් ... මගේ අනිත් පෝස්ට් එකත් බැලුවා නේද .? විදුලි කම්බි දිගේ එන අකුණු වලින් ආරක්ෂා වෙන්න පුළුවන් ඒවගේ වෝල්ටීයතාව 1000ට වගේ අඩු නම්... හොඳ MCB පාවිච්චි කරන්න...
Delete1000ට වඩා වැඩි ප්‍රමාණයක් ආවොත් නම් කරන්න දෙයක් නැහැ... වහින වෙලාවට මතක ඇතුව ප්ලග් ගලවන්න ... ප්ලග් එක ගලවලා අතට අරන් බිමින් තියන්න... switch off කිරීම විතරක් ප්‍රාණවත් නැහැ...
ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම වටින ලිපියක් සහන් අය්යේ....,
ReplyDeleteඔයාට යම් හැකියාවක් තියේ නම් ඔහොම ඉන්න එපා..විකුණගෙන කන්න නෙවෙයි , රට වෙනුවෙන් යමක් කරන්න..
ඔයාගේ පෙර ලිපියත් මම හිතන්නේ කියෙව්වා කලින් ,
අකුණු ඉවතට වීසිකරන අකුණු සන්නායක තියනවා නේද?එහෙම වීසි වෙද්දි අවට පරිසරයට වෙන හානිය කොහොමද?
//අකුණු ඉවතට වීසිකරන අකුණු සන්නායක තියනවා නේද?// නැත. එය වැරදි මතයක්.
Delete01. පළමුවෙන්ම කියන්න ඕනේ දේ තමයි ඉහළට ඔසවා ඇති බටය අවම වශයෙන් අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බටයක් වත් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනිනවා. අකුණ ගැල්වනයිස් බටයෙන් එළියට පොලා පැන්නොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.
Deleteමේ වගේ නිසියාකාරව අකුණක් පොළවට යවාගන්න බැරි අවස්ථාවක තමයි ඔය වගේ සිද්ධි වෙන්නෙ. මිනිස්සු හිතන්නෙ අකුණු සන්නායකයෙන් අකුණ ඉවතට වීසි කරනව කියලයි. නමුත් ඒක වැරදි මතයක්.
ඔයාට ගොඩක් ස්තූතියි රෙහානි ලිපිය අගය කිරීම ගැන... අකුණු ඉවතට විසි කිරීම ගැන ප්‍රසන්න අය්යා කියලා තියෙන කතාව බලන්න.. ඔයාට පැහැදිළි වේවි... ( පොලා පනිනවා කියන්නෙත් විසි කරනවා කියන තේරුමමයි )
Delete@ රංග සහ ප්‍රසා
හරියට හරි........
ඉතාම වටින ලිපියක් සහන්. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.
ReplyDeleteස්තූතියි ගලේ...
Deleteහොද ලිපියක්.. උඩ කියල තියෙනව වගේ අකුනු විසි කරන සන්නායක ගැන මම අහල තියෙනවා. ඒවා තහනම් කලාලු නේද?
ReplyDeleteකැළණී පන්සලේ චෛත්‍යෙය් තියෙනවා තනි කූරෙ සන්නායකයක්. මට ඒකත් මතක් වුනා.
අපෙ කොල්ලෙක් නම් කිව්වෙ අකුනු ගහන වෙලාවට උගෙ ගැනිව දොට්ට දාන නිසා උන්ගෙ ගෙදරට අකුනු වදින ඉඩකඩ අඩුයි කියල. ;)
දුවල ගිහින් වාහනයකට නැග්ගත් ගොඩ නේද?
ස්තුති ලිපියට !
විසි කරනවා කියලා දෙයක් නැහැ සෑම්.. හරියට ග්‍රවුන්ඩ් නොවෙන නිසා යකඩ බටෙන් එලියට අකුණ පොලා පැනීම තමයි වෙන්නේ.. එහෙම වීමට හේතුව උඩ රෙහානිට පැහැදිලි කරලා තියෙනවා...
Delete\\\\\\අපෙ කොල්ලෙක් නම් කිව්වෙ අකුනු ගහන වෙලාවට උගෙ ගැනිව දොට්ට දාන නිසා උන්ගෙ ගෙදරට අකුනු වදින ඉඩකඩ අඩුයි කියල. ;)\\\\\\\\
අපේ ගෙදරට නම් අකුණක් වදින්නෙම නැහැ ඒ කියන්නේ...:)
\\\\\\\\දුවල ගිහින් වාහනයකට නැග්ගත් ගොඩ නේද?\\\\\\
අනිවාර්යෙන්ම ..අකුණකින් බේරීම සඳහා හොඳම දේ තමයි වාහනයකට ගොඩ වීම... ( ත්‍රීවිල් සඳහා වලංගු නොවේ )
සහන්......ඕකක් හදලා රජාගේ හිසේ පලඳපන්!!!!!!!!!!
ReplyDeleteහපෝ මේ මොනවද මේ කියන සංසර්ග කතා අය්යේ ඒ උත්තමයට ...
Deleteසුපිරිම ලිපියක්...මේ වගේ හරබර ලිපියක් ලියන්න සහන් කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා හිතද්දි මට උඹ ගැන ඇතිවෙන්නෙ පුදුම ගෞරවයක් ලොකු අයියෙ...මම ලංකාවෙ අධ්‍යාපන ඇමති නම් මේ බොග පාසල් ළමුන්ට අතිරේක කියවීම උදෙසා නිර්දේශ කරනවා...වැඩි වැඩියෙන් වැදගත් දෙයක්ම ලියමු එහෙනං...ඔයාට පුලුවන් නම් වෙලාවක ලංකාවෙ ඖෂධ ප්‍රතිපත්තිය හදපු සේනක බිබිලේ මහත්තයගෙ අභිරහස් මරණය ගැන යමක් ලියන්න...ඖෂධ මාෆියාව විසින් ඔහුව බිලිගත්තා කියලා මම අහලි තියෙනවා...වැඩි දුර තොරතුරු නෑ...
ReplyDeleteස්තූතියි සිරා... මම ඉතින් මේ වගේ දේවල් ලියන්න හීනෙකින් වත් හිතුවේ නැහැ බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලේ.. මම ඔහේ මොනවා හරි දාගෙන ඉන්න ආව කෙනෙක්නෙ..ඒත් බ්ලොග් ලෝකෙදි මුණගැහුණු ඔයාලා වගේ අය නිසයි මම මෙහෙම ලිපි ලියන්න පුරුදු උනේ... මම මේ ලියපු හැම දිග පෝස්ට් එකේම ගෞරවය හිමි වෙන්නේ මේ බ්ලොග් එකේ එක කමෙන්ට් එකක් හරි දාපු උඹලා ටිකට...
Deleteමම තාත්තාගෙන් අහලා ලියන්නම් ඒ ගැන.. හැබැයි තාත්තගේ ප්‍රතිපත්ති සහ මගේ ප්‍රතිපත්ති වෙනස්... හොරෙන් අහන් හොරෙන් ලියන්න තමයි වෙන්නේ... ( උපාලි එකේ වගේ )
මම හිතෙන ගියා අතීතයට. අපි පුංචිකාලේ අකුණු ගහන වෙලාවට මහන ඉදිකටු පාවිච්චි කිරීම තහනම්. එළිමහනේ සිට පොරෝ, කැති, උදලු පාවිච්චිය තහනම්. ගෙදර තියන අලවංගුව මිදුලට විසිකරනවා. බලන්න අපේ පැරැන්නෝ සන්නයනය ගැන මූලික කරුණු දැනගෙන සිටිය බව පෙනෙනවා.
ReplyDeleteසහන්, දුරකථන කුළුණු අසල නිවෙස්වලට අකුණු ගහනවා යන මතය ගැන කතා කරනවානම් හොඳයි. ඒ ගැන බොහොමයක් දුර්මත තිබෙන නිසා.
තමන්ගේ බුද්ධිමය දේපල සඳහා පේටන්ට් බලපත්‍ර ගන්න යන සමහර අයට අන්තිමට බලපත්‍රයත් තමන්ගේ නිර්මාණ අයිතියත් කියන දෙකම නැතිවෙලා තිබෙන අවස්ථා මම දන්නවා. හරිම කාලකන්නි, අවාසනාවන්ත තත්වයක්.
අගනා ලිපියක්. ඉහලින්ම අගය කරනවා.
විචාරක තුමා පළවෙනි චේදෙන් කියපු දේ සෑහෙන දුරට ඇත්ත.... මටත් ලොකු අතීතයක් සිහි උනා ඒ ටික දැක්කම.........
Deleteදුරකථන සම්ප්‍රේෂණ කුළුණු ගැන මට සඳහන් කරන්න අමතකම උනා මේ පෝස්ට් එකේදී... නමුත් මගේ අකුණ 01 ඒ ගැන ඇතුළත් සෑහෙන විස්තර එක්ක...
පේටන්ට් සෙල්ලම මට එපා උනේ ඔන්න ඔය වගේ හේතුත් නිසා.. අන්තිමට " මේවා හොයාගත්තේ මොකටද " කියලා හිතෙනවා...
ස්තූතියි විචාරකතුමනි ලිපිය අගය කිරීම ගැන... ඉහලින්ම සතුටු වෙමි...
උඹට අපි සලකනව මදි ,
ReplyDeleteඕනවට වඩා නිදි මරන්ඩ මහන්සි වෙන්ඩ එපා
කමෙන්ට් එකක් දාලා යන එකම ඇති අටම්... අටම්ට පුලුවන් නම් මේකෙන් හොඳ ව්‍යාපාරයක් කරන්න පුළුවන්...හිතලා බලන්න......
Deleteමේ විදියට ගත්තම ගහක් යට කෙනෙක් ඉද්දි එයා ආරක්ෂිතයි කියලා හිතන් පුළුවන්...
Deleteනමුත්, මම අහල තියෙනවා අකුණු ගහපු ගහක් යට හිටපු අයට අනතුරු සිදු වෙච්චි පුවත්....
පැහැදිලි කිරීමක් කරන පුලුවන්ද ඒ සම්බන්දයෙන් :)
මගේ අකුණ 01 පෝස්ට් එක බලන්න..එතන ඔය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් තියෙනවා...
Deleteකෙටියෙන් මෙහෙමයි..පාලු තැනක උස ගහක් තිබ්බොත් ඒ ගහට අකුණක් වැදීමේ ඉඩකඩ ඉතාම වැඩියි. ඒ ගහ යටම කෙනෙක් හිටියොත් එයාටත් අකුණෙන් කොටසක් වදීනවාමයි. හේතුව මම පැහැදිලි කරලා තියෙනවා..
( වැහගෙන එන වෙලාවකදී මුවා වෙන්න තැනක් ඇත්තෙම නැත්නම් ගහක් යටට ගියාට කමක් නැහැ.. මුළු අකුණම වදිනවට වඩා අකුණෙන් කොටසක් වදින එක ආරක්ෂිතයි නෙව )
සහන්ගේ දැනුමයි විස්තර කරලා දෙන විදියයි ගැන අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් නෑ.. මේ බ්ලොග් එක විශ්වකෝෂයක් වගේ ඉගෙන ගන්න දේවල් ඕනේ තරම්.. එකම දේ මේක දිගටම මේ විදියට පවත්වාගෙන යන්න සහන් නිරෝගිව ඉන්න ඕනේ .. එතකොටයි මේක බලන හැමෝටම නියම සෙතක් වෙන්නේ..
ReplyDeleteඅර දුරේක්ශේ හදන කතන්දරේ පොඩ්ඩක් ඉක්මන් කරන්න බැරිද? එක ලිස්ට් එකේ යට හරියේ නේද තියෙන්නේ.. හි හි..
මම අසනීප වුනු වෙලාවට තමයි මේ වගේ දිග පෝස්ට් වැටුණේ හැමදාම පැතුම්... ( ඒකට හේතුව මම ඔයාව හම්බුණ වෙලාවක කියන්නම්කො.. ) පැතුම් කියන කතාව ඇත්ත.. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට... සුබ වාදීව හිතන්න පුරුදු වෙන්න වෙනවා මුලින්ම මට.....
Deleteරයිට් අපි දුරේක්ෂය හදමු එහෙනම් මීළඟ පෝස්ට් 3 , 4 ඇතුළත ............
ඒකනං සුපිරි! අත්හදා බලන්න වටිනවා
ReplyDeleteකරලා බලලා ප්‍රතිඵල මට කියන්න ........
Deleteමාත් හදනවා මෙව්වා එකක් . එල එල . බොහොම ස්තූති !
ReplyDeleteමෙතරම් දැනුමින් සපිරි ඔයා ගොඩක් අමාරුවෙන් සුපිරි පෝසට් හදලා අපි අහන ප්‍රශ්න වලටත් සරලව සවිස්තරාත්මකව පිළිතුරු දෙමින් කරන අසීරු ව්‍යායාමයට මුලින්ම ස්තුති කරන්න ඕනි.
ReplyDelete/////මගේ නමින් පේටන්ට් එකක් ගන්න පුළුවන් නිර්මාණයකුත් තියෙනවා. අන්තිම මොහෙතේදී මම ඒක වික්කේ නැහැ. මට හිතුනා මොකටද මේවා විකුණන් කන්නේ කියලා. /////
සහන් ඔයා තමන්ගෙ දියුණුව වෙනුවෙන් කැප කරන්න තියන පැය 14 ක මහන්සිය අගය කල යුතුමයි. කවුරු වෙනුවෙන් ද මේ දුක් මහන්සි වී උගත් දේ යොදවන්නෙ , තමන්ටම හිනා වෙන්න බලා ඉන්න අයගේම යහපතටනෙ. ඒ අතින් ඔයා උතුම් . පෝලියෝ එන්නත සොයාගත් ජොනාස් සෝල්ක් ඒකට පේටන්ට් ගත්ත නම් අද අපිට මුදල් ගෙවලා තමයි එන්නත ලබා ගන්න වෙන්නෙ, එහෙම වුනානම් ලමයි ලක්ෂ ගනනින් දුක් විද විද අකාලයේ මැරිලා යාවි. ඔහුට සමහරවිට ලෝකයේ ලොකුම ධනවතා වෙන්නත් තිබුණා.------ ලෝකයාට හොදක් වෙනව නම් සහන් වෙන මොනවද ?
සහන් මට ඔයා ගැන ආඩම්බර වෙන්න පුලුවන් තවමත් ලංකාවෙ රැදිලා ඉන්න එක ගැන.
ලංකාවට අකුණු ගහන්නෙ නැත්තෙත් ඔයාලා වගේ හොද හදවත් ඇති අය ඉන්න නිසයි.
නැත්තම් මෙ කරන අපාරාධ, දූෂන, වංචා වලට ඉන්දියාවට ගහන හෙණත් ලංකාවට වදිනවා.
ඔයාලා වගේ දැන උගත් බුද්ධිමත් හදවත් ඇති පිරිසක් එකට එකතු වුනොත් ලංකාව සංවර්ධිත රටක් වන දවස වැඩි ඈතක නොවෙයි කියලයි මට හිතෙන්නෙ.මම හදවතින්ම සුභ පතනවා සහන් ඔයා ගන්න මේ උත්සාහයට .
සහන් ගොඩක් නිදිමරන්නෙත් නැතුව මොනව හරි හොදට කාලා හිනාවෙලා ඉන්න හොදේ , ඇගේ හයිය තියෙන්න එපැයි මොනව කරන්නත් . ඇග දුර්වල වුනොත් හිතේ හයියත් නැතිවෙනවනේ ......
නියම වැඩක්.. මාත් මේ වගේ අයිටම් හදලා බලන්ඩ මාර කැමතියි.
ReplyDeleteඋත්සහ කරලා බලන්ඩ ඕන.
ඒක නෙමේ අර ඇනෝ කියපු දේත් හදන්ඩ බලමු ද?
අපුරු විස්තරයක් මම වැඩි අවදානයකින් සෙව්වේ නැති මාතෘකාවක්... ස්තූති
ReplyDeleteවෙලාව තියන හැටියට ඔක්කොම පෝස්ට් කියවගෙන කියවගෙන ආපස්සට යනව. සමහර ඒවට මෝඩ කමෙන්ට් දාන අතරෙ, මේ වගේ ඒවට ස්තුතියි නොකිය යන්නෙත් නෑ :-)
ReplyDeleteThanks Sahan, keep up the good work...