නිදහසටත් පෙර සිට ලාංකික අසරණ පන්තියේ මිනිසා
සහ ඔහුගේ පුතු අලලා මා අතින් වන් වන් සීරෝ
අඩවියට ලියවුනෙකි.ඉතා කෙටි ලෙස වචන සීයක් පමණක්
අන්තර්ගත වන පරිදි වූ නිර්මාණයකි. එහෙයින් බොහෝ දේ අත්
හැර , සමස්තය පමණක් ඉතිරිව ඇත.විවේකීව හිඳී නම් පමණක්
කියවන්න.
වසර සීයක් ආපස්සට
සුදු අප්පොලාගෙන් බේරෙන්නට අපමණ වෙහෙසක්
ගත්තෙමි.මහා එකෙකු නොවුවද, මහා එවුන් පසු පස දිව්වෙමි,
"එහෙයි"කියා බරද දැරීමි.ටිකෙන් ටික ඔවුන් පසු පසම ගොස්
නොදුටු ලොවක් දුටීමි.
"තෝ මන් එනකම් හිටු"
අවනතව සෙරෙප්පු කුට්ටම ලඟට හුන් මම බලා උන්නෙමි.
තවත් බොහෝ දෑ එහේ මෙහේ යනෙනු දුටීමි.
වේගය වැඩිය,හරි හැටි තේරුම අපහසුය.එහෙයින් බිම බලා,
මහන්සියට සෙරෙප්පු කුට්ටම ලඟම ඉඳ, යුතුකමට මෙන්
එහි වූ මඩ ඇබින්ද පිසදා යලි එහි හැඩ බැලීමි.
අගනේය . පිසදැන්ම අගනේය..
"යමව් බොලා, අඳුර එන්ටත් ලගයි"
"එහෙමයි , හීන් කොල්ල නිදන්ට මත්තෙන් ගියහැක්
උනෝතින් ඌ ආසාවෙන් අහන් ඉඳි නොවැ" බිළිඳු පුතු
මතකයට ආ මා තනිව සිතයි.
දින සති ගෙවී ගියේ අප හුන් අඩ අමතකවය.
අනෙක් අඩ එදා මෙන්ම මටත් පුතුටත් බොහෝ දුරය...
අනෙක් අඩ එදා මෙන්ම මටත් පුතුටත් බොහෝ දුරය...
කම් නැත , මා එදා සිටි තැන
පාවහන් යුගලක් අද ඔහුගේ තනිය මකනු ඇත.
ඔහුගේ බිළිඳු පුතු, මා අත මාගේ තනිය මකනු ඇත.
දෙවියනි ඔබ මැවූ ලොව හරි සරලයි...
මාගේ පුතුගේ පුතුට හෝ සෙවණක් දිය හැක් වේද මට ?
ප.ලි. සීය කල දේ මුණුබුරත් කරනවා, සීයට වඩා සමහර දේවල් දියුණු උනාට ,
දෙන්නම කරන්නේ එකම දේ..
සීය පිහ දැම්මේ සෙරෙප්පු , මුණුබුරාට පිහදාන්න වෙන්නේ
සපත්තු .ඒ අතින් මුණුබුරාගේ ලෝකේ දියුණුයි..
(ඔහු පාවහන් පිසදාන ලෝකය දියුණුයි!