"හිරිගල් මාළිගය" මෑත ඉතිහාසය තුළදී ලොව ඉදිකෙරුණු අභිරහස් නිර්මාණ අතරින් එකක් සේ සළකයි. මෙයට හේතුව වන්නේ තනි මිනිසෙකු විසින් මෙම සම්පූර්ණ නිර්මාණය සිදු කර තිබීමය. මේ මාළිගාව ඉදිකර ඇත්තේ 92% කටත් වඩා කොරල් , හිරිගල් වැනි පාෂණ යොදාගෙනය. යොදාගත් පාෂාණ වල මුළු බර ටොන් 1100 කට ආසන්නය ( ටොන් එකට කිලෝග්‍රෑම් දහසකි.එවැනි ටොන් 1100 ක් ). තනි මිනිසෙකුට මෙවැනි නිර්මාණයක් කල හැකිද ? ඔහු එවැන්නක් නිර්මාණය කලේ ඇයි ? කා වෙනුවෙන්ද ? ඇත්තෙන්ම එය අභිරහසක් !
6When asked why he had built the castle, Leedskalnin would vaguely answer it was for his "Sweet Sixteen." This is widely believed to be a reference to Agnes Skuvst (whose oft-misspelled surname "Scuffs" is not even a legitimately formed Latvian word). In Leedskalnin's own publication A Book in Every Home he implies his "Sweet Sixteen" was more an ideal than a reality. According to a Latvian account, the girl existed, but her name was actually Hermīne Lūsis.[6]
ඔහු නමින් Edward Leedskalnin . උපතින් ලැට්වියන් (ලිතුවේනියානු නොව ) ජාතිකයෙක්. ප්‍රේමයෙන් පරාජය වූවෙක්. ඔහු පෙම් කළ තැනැත්තියක් වෙනුවෙන් , ප්‍රේමය සිහි වීම පිණිස මෙකි නිර්මාණය බිහි කළ බව දැනගන්නට ලැබෙනවා. එම අභිරහස් ප්‍රේමවන්තියගේ නියම නම මෙතෙක් හෙළි වී නැතත් ලීඩ්ස් විසින් දී ඇති ඉඟි අනුව ඇගේ නම Agnes Scuffs යැයි සැක කරනු ලබනවා. 6 එහෙත් "Scuffs" නමින් ලැට්වියානු බසෙහි වදනක් නැහැ. යම් අයෙක් නොදැනුවත්ව හෝ සිතා මතා "Skuvst" යන ලැට්වියානු වදන "Scuffs" සේ සටහන් කළා වන්නටත් පුළුවන්. මේ ගැන ලැට්වියානු පුද්ගල ලියාපදිංචි තොරතුරු අනුව තව දුරටත් සොයා බැලීමේදී හෙළිව ඇත්තේ ලීඩ්ස් ඉඟි කළ ආකාරයේ දැරියක් සත්‍ය ලෙසම සිටි බවත් ඇගේ නියම නම " හර්මයිනි ලුසී " බවත්ය. කෙසේ නමුත් එම අභිරහස් දඟකාර චපල යුවතිය අපි ඇග්නස් ලෙසම නම් කරමු !
ඇග්නස් 16 වැනි වියේ පසු වූ දඟකාර යුවතියක්. ලීඩ්ස් සහ ඇග්නස් දෙදෙන ප්‍රේමයෙන් වෙළෙනවා , එහි ප්‍රතිපලයක් ලෙස විවාහයටද සැරසෙනවා . එහෙත් විවාහයට පෙර දින ඇග්නස් ගැහැණියගේ චපලත්වය කියා පාමින් ලීඩ්ස්ව අතහැර යනවා. මෙයින් මහත් සිත් තැවුලට පත් ලීඩ්ස් ගම් බිම් අතහැර ඇමෙරිකාව වෙත පැමිණෙනවා.
2Edward spent over 28 years building the Coral Castle, refusing to allow anyone to view him while he worked. A few teenagers claimed to have witnessed his work, reporting that he had caused the blocks of coral to move like hydrogen balloons. The only tool that Leedskalnin spoke of using was a "perpetual motion holder."
එඩ්වර්ඩ් පුරා වසර 28 මුළුල්ලේ හිරිගල් මාළිගය ඉදි කර තිබෙනවා. එකී වසර 28 පුරාවට වෙනත් කිසිවෙකුට තම ඉඩමට ඇතුළු වීමට අවසර දී නැහැ ( මේ ලිපිය ලිවීමේදී මා පරිශීලනය කළ ඇතැම් ලිපි වල එම කාලය වසර 6 ක යැයි සඳහන්ව ඇති බව දුටුවා.මේ ගැන තවත් පැහැදිළි කිරීමක් පසුවට කරමි ) . එහෙත් එම පරිශ්‍රයට හොරෙන් ඇතුළු වූ කොලු ගැටයන් කීප දෙනෙක් ඔහු වැඩ කළ ආකාරය දැක ඇති බව සඳහන්. කොලු ගැටයන් සපත කර ඇති අන්දමට ලීඩ්ස් විසන් මහා සද්දන්ත හිරිගල් කුට්ටි ඔසවා ඇත්තේ හුලන් පිරවූ බැලුනයක් ඔසවන තරම් සැහැල්ලුවෙන්.
3Leedskalnin originally built the castle, which he named Rock Gate Park, in Florida City, Florida around 1923. He purchased the land from Ruben Moser whose wife assisted him when he had a very bad bout with tuberculosis.[4] Florida City, which borders the Everglades, is the southernmost city in the United States that is not on an island. It was an extremely remote location with very little development at the time. The castle remained in Florida City until about 1936 when Leedskalnin decided to move and take the castle with him to its final location on 28655 South Dixie Highway Miami, FL 33033. The Coral Castle website states that he chose to move in order to protect his privacy when discussion about developing land in the area of the castle started.[5] He spent three years moving the Coral Castle structures 10 miles (16 km) north from Florida City to its current location in Homestead, Florida.
ලීඩ්ස් විසින් මුලින්ම "ෆ්ලොරීඩා සිටි" හි නිර්මාණය කල හිරිගල් මාළිගාව ඔහු නම් කලේ "Rock Gate Park " නමින්. ඒ වර්ෂ 1923 දී. ෆ්ලොරීඩා හි පිහිටි එම ඉඩම ලීඩ්ස් විසන් මිළට ගෙන ඇත්තේ " රූබන් මොසර් " නම් ඉඩම් හිමි වැවිලිකරුවකුගෙන්. **2 එම ඉඩම මිළට ගත් ආකාරය ගැනත් ඉතා රසවත් කතාවක් පවතී. ඒ මෙසේය , ලැට්වියාවේ සිට ඇමරිකාව බලා පැමිණි ලීඩ්ස් ෆ්ලොරීඩාව පුරා ඇවිදිමින් තමාට සුදුසු ඉඩමක් සෙවීමට පටන් ගෙන තිබෙනවා. එසේ යන එක් දිනකදී පැරණි මෝටර් රියකින් යමින් සිටි "රූබන් මොසර්ට" තරුණ ලීඩ්ස්ව ඇහ ගැටෙනවා. මොසර් විසින් ලීඩ්ස්ගේ ආගිය තොරතුරු විමසු විට ලීඩ්ස් සියල්ල පවසනවා. සුදුසු ඉඩමක් ලැබෙන තෙක් සුහදශීලී සුන්දර ලීඩ්ස්ට මොසර්ගේ නිවසේ නවාතැන් දෙනවා. එහෙත් දිනෙන් දින ලීඩ්ස් රෝගී තත්වයට පත් වන්නේ කාලයක් තිස්සේ පීඩා විදිමින් සිටි ක්ෂයරෝගය උත්සන්න වීම නිසාය.**2 ලීඩ්ස් අතිශය දරුණු ලෙස ක්ෂය රෝගයෙන් පෙළුණු අවස්ථාවන්හීදී ඔහුට බොහෝ උපකාර කර ඇත්තේද රූබන්ගේ ප්‍රිය බිරිඳයි. ලෙඩ ඇඳේ සිටින විටදී පවා ලීඩ්ස් පවසා ඇත්තේ " මගේ සිඟිතිය ("Sweet Sixteen") වෙනුවෙන් මන් මාළිගාවක් හදන්න ඕනෑ. ඇය කවදා හෝ මා සොයා ඒවි. ඈ පැමිණීමට ප්‍රථම මා එය ඉදි කරන්න ඕනෑ. හිරිගලෙන් මාළිගාවක් හදන්න ඕනෑ. " මේ සියලු කතා ඉවසමින් ඔහුව විහිලුවකට නොගෙන රැකබලාගෙන ඇත්තේ මොසර් හා ඔහුගේ බිරිඳයි. එම දෙපළගේ උදව්වෙන් තම ජීවිතය රැක ගත් ලීඩ්ස් හැකි සෑම විටකම කර ඇත්තේ පාපදියකට නැගී සුදුසු ඉඩමක් සොයා යමින් දවසම කාලය ගත කිරීමයි.
අඩි 3 ක් පමණ දිග ලී කැබැල්ලක් ආධාරයෙන් පොළොවට තට්ටු කරමින් භූමිය පරීක්ෂා කරමින් ලීඩ්ස් ඉඩමෙන් ඉඩමට යයි. එක් දිනකට අක්කර ගණන් භූමි ඔහු පසු කරයි. ඔහුගේ කර්තව්‍යය දකින අසල්වැසියන් මේ කුමන විගඩමක්දැයි පුදුමයෙන් බලා සිටියත් , ප්‍රශ්න කළත් ඔහු පුංචි හිනාවක් පමණක් මුවට නගා එතනින් ඉවත්ව යනවා.
" වගාවට සුදුසු මෙච්චර වටින ඉඩමක් නොගෙන ඉන්නේ ඇයි ? මොනවයින් අඩුවක්ද ? " අසල්වැසියන්ගේ පැනයයි. ඒ කිසිවක් ගණන් නොගෙන ඔහු තම අරමුණ කරාම යයි.
එක් දිනකදී ඔහු සෙවූ ඉඩම හමු වූ බව පවසන ලීඩ්ස් එකී ඉඩම තමාට ලබා දෙන ලෙස මොසර් හමු වී කියා සිටිනවා. මොසර් පැමිණ ඉඩම පරීක්ෂා කළ විට පෙනී යන්නේ යාන්තම් අඟල් 4 ක් 5 ක් පමණක් වූ පස් තට්ටුවකට ආවරණය වූ කිසිම වගාවකට නුසුදුසු , කිසිම වගාවක් කළ නොහැකි හිරිගල් පර්වතයක් බවයි. අසරණ තරුණ ලීඩ්ස්ට ඔහු දක්වන සහයක් ලෙස එම ඉඩම ලබා දෙනවා.
පසු දින සිට ලීඩ්ස් තම ඉඩමේ වැඩරාජකාරී අරඹනවා. දිනපතා උදයෙන්ම පැමිණෙන ඔහු අඳුර වැටෙන තෙක්ම ඉඩමේ රැඳී සිටිනවා. දින 10 ක් පමණ ගිය විට මොසර්ට කුතුහලයක් පැමිණෙනවා තම තරුණ මිත්‍රයා කුමක් කරනවාදැයි දැක ගන්නට. තම බිරිඳත් කැටුව ලීඩ්ස්ගේ ඉඩම වෙත පැමිණි ඔහුට තම දෑස් අදහා ගත නොහැකි වන්නේ ලීඩ්ස් විසින් ඝන අඩි 40 ක පමණ යෝධ හිරිගල් කුට්ටියක් පිහිටි පොළොවෙන් කපා අඩි 6 පමණ උසට ඔසවා ඇති බව දුටු විටය.
" දෙවියනේ . . ! ලීඩ්ස් ඔබ මේක කොහොමද කලේ ? " මොසර් සහ ඔහුගේ බිරිඳ පුදුමයෙන් විමසයි.
" කරන විදිහ දන්නවා නම් එතරම් අපහසු නැහැ " ලීඩ්ස්ගේ පිළිතුරයි.
ප්‍රදේශය පුරා ඔහුගේ ක්‍රියාකාරකම් ගැන කටකතා පැතිර යෑමත් සමග අනික් අසල්වැසියන්ද ඔහුගේ මෙම අරුම පුදුම හැකියාව දැක ගැනීමට පැමිණෙනවා. එහෙත් අසල්වැසියන් සිටින කිසිම විටක ඔහු වැඩ කරන්නේ නැහැ. ඔවුන්ටම වෙහෙස වී පිටව යන තෙක් ලීඩ්ස් සාවධානව බලා සිටිනවා. සියලු දෙනා පිටව ගිය පසු නැවත වැඩ ආරම්භ කරනවා.
මේ ආකාරයට අඩි 10 සිට 18 පමණ දක්වා දිගින් යුතු වූ ටොන් 15 සිට ටොන් 30 දක්වා බර වූ හිරිගල් කුට්ටි දහස් ගණනක් යොදා ගෙන තම සිඟිතිය වෙනුවෙන් හිරිගල් මාළිගයක් ඔහු නිර්මාණය කරනවා. ඔහු විසින් පොළොවෙන් හාරා ඉවතට ගෙන ඇති මුළු හිරිගල් වල බර මෙට්‍රික් ටොන් 1100ක්.
1920 පමණ වකවානුවේදී එම පෙදෙස අතිශයින් පිටිසර නොදියුණු ස්වභාවයක් ගෙන තිබෙනවා. 1936 පමණ වන තෙක් හිරිගල් මාළිගය පිහිටා තිබී ඇත්තේ "ෆ්ලොරීඩා සිටි" තුළයි. එහෙත් " සංවර්ධනයේ රැල්ලත් " සමග ලීඩ්ස්ට දාමරිකයන් රැළක් අතින් මුහුණ දෙන්නට වූ අමිහිරි අද්දැකීමක් නිසා ඔහු තම නිර්මාණය ආරක්ෂා කර ගැනීම පිණිස එය වෙනත් තැනකට රැගෙන යාමට සිතනවා.
මොනවා ටොන් 1100 ක සද්දන්ත මාළිගයක් ?
ඔව් එය ඇත්තයි. හිරිගලෙන් නිර්මිත මුළු මාළිගාවම ඔහු වෙනත් තැනකට ගෙන යාමට තීරණය කරනවා. දත් බුරුසුවේ පටන් සියලු දේම. අසල්වැසි ට්‍රක් රියදුරන් කීප දෙනෙක්ගේ සහය ලබා ගන්නා ලීඩ්ස් මුළු හිරිගල් මාළිගයම කොටසෙන් කොටස ගලවා ට්‍රක් රථ මගින් " මියාමි නගරය " වෙත රැගෙන යනවා.
" මහත්මයා පොඩ්ඩක් පැත්තකින් ඉන්න පුලුවනිද මා ට්‍රක් රථයට එකින් එක පටවා ඔබට කතා කරනකම් ? " එලෙස කියන ලීඩ්ස් ටොන් 10 , 15 හේ ගල් කුට්ටි ට්‍රක් වලට පැටවීම සහ බෑම සිදු කරයි.
ගමන් වාර 300 කින් පමණ පසු මුළු මාළිගාවම මියාමි නගරය වෙත රැගෙන යන ඔහු නැවතත් මුල සිට හිරිගල් මාළිගාව නිර්මාණය කරයි. { ඇතැම් තැනක මුළු මාළිගයම ඔහු ගෙන ගිය බව පැවසුනත් ඇතැම් තැනක් පැවසෙන්නේ මියාමි ඉඩමේ තිබු තැනකින්( ගල් කොරියකින් ) අලුතෙන් හිරිගල් කපා වෙන් කරගත් බවයි. කෙසේ හෝ අලුතින් ඉදිකළ මාළිගාවේ ඉහත ස්ථාන දෙකෙන්ම ගත් හිරිගල් ඇත.}
4Leedskalnin continued to work on the castle up until his death in 1951. The coral pieces that are part of the newer castle, not among those transported from the original location, were quarried on the property only a few feet away from the southern wall.
5Leedskalnin charged visitors ten cents a head to tour the castle grounds. There are signs carved into rocks at the front gate to "Ring Bell Twice" and a second sign just inside the property that says "Adm. 10c Drop Below". He would come down from his living quarters in the second story of the castle tower close to the gate and conduct the tour. Leedskalnin never told anyone who asked him how he made the castle. He would simply answer "It's not difficult if you know how."
මාළිගය නැරඹීමට පැමිණෙන අයගෙන් ඔහු සත 10 ක මුදලක් අය කර තිබෙනවා. මාළිගය ඉදිරිපස ගේට්ටුවේත් ඉන් ඇතුළු වූ පසු ඇති කවුළුවකත් ඔහු මෙළෙස කැටයම් කර තිබෙනවා.
" දොර සීනුව දෙවරක් නාද කරන්න "
" සත 10 ක් දමන්න "
යම් අයෙක් පැමිණ නියමිත මුදල ගෙවා සීනුව නාද කල විට ලීඩ්ස් හිරිගල් මාළිගාවේ දෙවන මහලේ සිට පැමිණෙයි. තම ආගන්තුකයාව සාදරයෙන් පිළිගෙන මුළු මාළිගය පුරාම සවාරියේ යෙදෙමින් එකින් එක විස්තර කර දීමද කර ඇත. යම් අයෙක් මෙය සෑදුවේ කෙසේ දැයි ඔහුගෙන් විමසුවහොත් ලැබෙන එකම පිළිතුර " කරන විදිහ දන්නවා නම් එතරම් අපහසු නැහැ " යන්නයි.
6When asked why he had built the castle, Leedskalnin would vaguely answer it was for his "Sweet Sixteen." This is widely believed to be a reference to Agnes Skuvst (whose oft-misspelled surname "Scuffs" is not even a legitimately formed Latvian word). In Leedskalnin's own publication A Book in Every Home he implies his "Sweet Sixteen" was more an ideal than a reality. According to a Latvian account, the girl existed, but her name was actually Hermīne Lūsis.[6]
7When Leedskalnin became ill in November 1951, he put a sign on the door of the front gate "Going to the Hospital" and took the bus to Jackson Memorial Hospital in Miami. Leedskalnin suffered a stroke at one point, either before he left for the hospital or at the hospital. He died twenty-eight days later of Pyelonephritis (a kidney infection) at the age of 64. His death certificate noted that his death was a result of "uremia; failure of kidneys, as a result of the infection and abscess."[7]
1951 නොවැම්බර් මසදී හදිසියේ රෝගාතුර වන ඔහු " මා රෝහලට යමි " යනුවෙන් සටහනක් තබමින් බසයක නැගී රෝහල(Jackson Memorial Hospital in Miami) වෙත ගොස් තිබෙනවා. රෝහල් ගතව දින 28 කට පසුව ඔහු නින්දේදීම මරණයට පත් වනවා. මරණයට හේතුව ලෙස මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ වකුගඩු තුළ ඇති වූ විසර ගෙඩියකින් හටගත් ආසාදනයක්.
ඔහුගේ මරණින් පසු ඔහු සතු දෑ පරීක්ෂා කිරීමේදී ඩොලර් 3,500පමණ වූ අති විශාල මුදලකුත් ( 1951 දී ඩොලර් 1000 කියන්නේ අද මුදලින් ඩොලර් ලක්ෂ 4 කටත් වැඩි ) ඔහු විසින් සම්පාදිත නොයෙකුත් විද්‍යා ග්රන්ථ රාශියකුත් හමුවෙනවා. අවසන් කැමති පතක් නොලියා තිබු ලීඩ්ස්ගේ සියලු දේපළ ඇමරිකානු නීතියට අනුව හිමිව ඇත්තේ ඇමරිකාවේ වෙසෙන ළඟම ඥාතියා වන " මිචිගන්හි විසු හැරී " නැමැත්තෙකුට. කාලයත් සමග අතින් අතට මෙම නිර්මාණය පත්ව තිබෙනවා. ඒ අතරතුර නොයෙක් කටකතාද සත්‍ය වටා ගෙතී තිබෙනවා. සත්‍ය විකෘති වීමද සිදුව ඇති.
(විශාල කටකතා , මිත්‍යා ප්‍රමාණයක් හමු වූවත් ඒ දේවල් පරිවර්තනය කළේ නැහැ මම. ඔහු ක්ෂය රෝගයෙන් විශ්මිත ලෙස සුවය ලැබුවේද චුම්භක ශක්ති ප්‍රභව වල උදව්වෙන් යැයි ඇතැමෙක් පවසනවා. ඒ ගැන කිසිම ධන හෝ ඍණ අදහසක් මා දරන්නේ නැහැ )
Note: ලිතුවේනියාව සහ ලැටිවියාව කියන්නේ රටවල් දෙකක් එක ළඟ පිහිටි. දේශපාලන කතා නම් මහ ගොඩක් තියෙනවා නම් ගම් ආව විදිහ ගැන. නිවැරදි සිංහල නම් ගම් ගැන මා දන්නේ නැහැ.
ප.ලි. මට මේ කතාව ලියන්න කියලා මගින් මගට කතා කර කර උනන්දු කරේ අපේ සිරා කොලුවා. තම වියදමින් මහ රෑ 2 ට විතරත් කතා කරලා අවශ්‍ය තොරතුරු හඬ පට ,රූප සටහන් එව්වේ සිරා. අපේ පත්තර මල්ලිත් පැයෙන් පැයට කතා කර කර ඇහුවා ලියන්නේ නැද්ද කියලා. සිරා සහ පත්තර මල්ලි නොහිටින්න මේක ලියවෙන්නේ නැහැ මා අතින්. තව මම දන්න කසුන් කියලා මල්ලි කෙනෙකුත් ඉස්සර ඉඳන් මට කිව්වා මේ ගැන ලියන්න කියලා. ඔහුටත් ස්තූති වන්ත වෙනවා. බ්ලොග් කරුවන් අතර ලිපි හුවමාරුවේ වටිනාකම කියවෙන තවත් අවස්ථාවක් මේක . මෙතනත් තියෙනවා මම චන්දනට දීපු මේ වගේ අත්භූත කතාවක් නිධානයක් ගැන. එකිනෙකා අතර ලිපි හුවමාරු කරගැනීම ඉතාම වැදගත් ලෝභයෙන් බදා නොගෙන.
Note: මෙම ලිපිය සැකසීමේදී ලිපි කීපයක් පරිශීලනය කරා. එකිනෙකට පරස්පර කරුණු සහිත තැන්ද තිබූවා. එනිසා විකිපීඩියා හි මුල් ලිපියද මේ සමග පළ කරමි ( නැත්නම් මෙතන මහ අවුලක් වෙනවා ) . එයට බාහිරින් එක් කළ කරුණු ඇති බැවින් එකිනෙක පටලවා නොගන්න. විකිපීඩියාවට කරුණු එක් කළ අයටත් , අන්තර්ජාලය තුළ තොරතුරු ගොනු කර තිබු අයටත් සියලු ගෞරවය හිමි විය යුතුය. මා සිදු කළේ ඉංග්‍රීසි සහ ප්‍රංශ බසින් සිංහලයට පරිවර්තනය පමණි.
ලීඩ්ස් මෙම නිර්මාණය කළ ආකාරය ගැන තාක්ෂණික මතය සහ මගේ මතය
බොහෝ විද්‍යාඥයින් පවසන කරුණු එකිනෙකට ආන්දෝලනාත්මකයි. ඇතැම් කරුණු දැනට ප්රත්යක්ෂ විද්‍යාත්මක ගෙනහැර දැක්වීම් වලට ගළපන්න බැහැ.
i. සමාන අගයෙන් යුත් පෘතුවියේ භූචුම්භක තැටි කීපයක් එකිනෙකට හමු වන ස්ථාන වල ගුරුත්වය වෙනස් බවත් , එසේ වෙනස් ස්ථානයක් තෝරාගෙන ලීඩ්ස් මෙය ඉදි කර ඇති බව. ( මෙතෙක් එවැනි දෙයක් කරපු කෙනෙක් නැහැ )
ii. පෘතුවි ගුරුත්වයට විරුද්ධ බලයක් ගොඩනගා ගනිමින් ඔහු මෙය ඉදි කර ඇති බව. කෙටියෙන් කිව්වොත් ටොන් 10 ක බරක් හිරිගලට ලැබෙන්නේ පෘතුවි ගුරුත්වය නිසා. යම් අයෙක්ට එම ගුරුත්ව ක්ෂේත්රය වෙනස් කළ හැකි නම් ටොන් 10 ක් බර හිරිගල බැලුම් බෝලයක් ඔසවන්නා සේ සැහැල්ලුවෙන් එසවිය හැකිය. ( මෙතෙක් එවැනි දෙයක් කරපු කෙනෙක් නැහැ )
iii. පාන් පෙති කපන්නා සේ ඔහු හිරිගල් පොළොවෙන් කපා ඉවතට ගෙන ඇත්තේ කෙසේද ? අදටත් උත්තර නැහැ. ඊජිප්තු පිරමීඩ , ශ්‍රී ලංකාවේ දැවැන්ත කළු ගල් නිර්මාණ , පීරු හි පිහිටි දැවැන්ත නිර්මාණ ඉදි කළ තාක්ෂනය කෙසේ හෝ ලීඩ්ස් සතුව තිබෙනවා.( ඊජිප්තු පිරමීඩ ගැන ලිපියක් බලාපොරොත්තු වන්න )
iv. (කිසිදා පැමිණ නැති) පෙම්වතියකට බව පවසමින් මෙවැනි දෙයක් කිරීමේ අරමුණ ප්රේමයමද ? අදටත් උත්තර නැහැ.
v. වෙනත් කිසිම හේතුවක් සඳහා ඔහු තම බලය යොදාගෙන නැහැ. අසල්වැසි නිවාස ඉදි කිරීම වැනි කටයුතු වලට ඔහු සභාගී වී නැහැ. ඔහු මිත්‍රශීලී අයෙක් වූවත් අනිත් අය සමග සතුටු සාමිචියේ යෙදීමට ගොස් නැහැ. තනිව වාසය කළ අයෙක්.
vi. ඔහු විසින් පැහැදිළි කරන ලද චුම්භක ක්ෂේත්රයන්ට අදාළ විෂය කරුණු ගැන කිසිවෙක් අවධානය යොමු කර නැහැ. ඔහු සිදු කළ සියලු පරීක්ෂණ ප්‍රතිඵල ඔහු සමගම වැළලී ගොස් හමාරයි. ඔහු විසින් මුද්‍රිත කෘති කීපයද මෙතෙක් කිසිවෙක් හරි හැටි වටහාගෙන නැහැ.
vii. "Sweet Sixteen" යනුවෙන් ඔහු අදහස් කළේ කුමක්ද ? ඔහුගේ පෙම්වතියද ? වෙනත් අභිරහස් දෙයක්ද ?
viii. ලොව පුරාම එංජිනේරු ක්ෂේත්රය සම්බන්ධ විද්‍යාඥයින් පවසන ආකාරයට තවත් තහවුරු වන්නේ මෙම නිර්මාණය කිසි සෙත් නවීන විද්‍යාව අනුව තැනු කිසිම යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ඉදි කළ නොහැකි බවයි. එසේ ඉදි කිරීමට නම් අවම වශයෙන් ටොන් 50 ක් පමණ එසවිය හැකි යෝධ දොඹකර කිහිපයක් , ඩයමන්ඩ් විදුලි කියත් සහිත කැපුම් යන්ත්‍ර කීපයක් , මිනිස් ශ්‍රමය වෙනුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ සහ එන්ජිනේරු උපදෙස් වෙනුවෙන් ක්ෂේත්‍ර කීපයක එන්ජිනේරුවන් කීප දෙනෙක්ද අවශ්‍ය බවයි.
ix. තවත් පුදුමයට කරුණ නම් ලීඩ්ස් විසින් එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට මෙය ප්‍රවාහනයද කර තිබීමය. 20 වෙනි සියවස තුළදී මහ දවල් ඇමරිකාවේ සිදු වූ දෙයක් මෙය. කිසිම කොළ කඩා පෙන්වීමක් නැහැ.
x. ලීඩ්ස් විසින් ගල් දොරවල් වලට සවි කර තිබී යකඩ බෝල රේසර් , බෙයාරින් වැනි දේවල් අලුත්වැඩියා කටයුතු කිරීමේදී හමු වී තිබෙනවා. එහෙත් ඔහු මේ සා විශාල ගල් එසවූ හැටි , ගල් පොළොවෙන් වෙන් කරගත් ආකාරය , හරියටම දසමෙට මිමි ගත් සැටි අදටත් අභිරහසක්. යකඩ බෙයාරින් එකක් හමු වූ පමණින් ඔහුගේ අනික් හැකියාවන් තුට්ටුවකට දමා ඇති ආකාරය මා අන්තර්ජාලය තුළ දුටුවා. මට තියෙන ගැටලුව ඒ කිසිම පණ්ඩිතයෙක්ට බැරි උනා මේ වගේ දෙයක් හදන්න. කියන්න ලේසියි. කරන්න බැහැ. හරිම විහිළුවක්.
xi. "Sweet Sixteen" නමින් ඔහු අදහස් කළ දෙය හමු වූවාද ?
මේ ගැන සයිලන්ට් සහන්ගේ මතය : මේ ලෝකේ අපි නොදන්නා ගොඩක් දේ තියෙනවා. මොකක් හරි දැකපු හැටියේ " අයියෝ ඕක කරන්නේ මෙහෙමනේ. අතනින් දාල මෙතනින් ගත්ත නම් ඉවරනේ " කියලා තමන්ගේ අනුවණ කම ප්‍රදර්ශණය කරන්න හොඳ නැහැ. යම් දෙයකට අදාළ නියම පැහැදිළි කිරීම ලැබුණ දාට ලෝකයම ඉදිරියේ නිරුවත් වෙන්න වෙනවා. අනිකාගේ බුද්ධියට ගරු කරන්න ඕනේ. අනිකාගේ හැකියාව සුළු කොට තකන්න හොඳ නැහැ. ලීඩ්ස් විසින් කෙසේ හෝ අභිරහස් ලෙස නිර්මාණයක් කර තිබෙනවා. එහි රහසද ඔහු සමගම වැළලී තිබෙනවා. අපට කළ හැකි දෙයක් නැහැ , අඳුරේ අත පත ගෑමෙන් පළක් නැහැ. ඔහු එය කළේ කෙසේද යන්න ගැන මගෙන් විද්‍යාත්මක පැහැදිළි කිරීමක් නැහැ. ඔබේ රහස ඔබ ළඟම තබා ගත් ලීඩ්ස් ඔබට පින්. දරුණු ලෙස අගතියට පත් අයට තම නිර්දෝෂීභාවය ලොවට පෙන්වීමට දෙවියන් හෝ යම් කිසි දායාදයක් තිළිණ කරයි. එම දායාදයේ දිග පළල මැනීමට කිසිවෙකුට බැහැ.
ප්‍රේමයට කළ හැකි දේ බොහෝයි. චපල ප්‍රේමයෙන් අගතියට පත් වූවෙක්ට කළ හැකි දේ ඊටත් වඩා බොහෝයි !