පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කරන කෘතීම චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය , විද්‍යාගාර , වෙනත් උපකරණ දැකගන්න ලැබෙන්නේ නැහැ බොහෝ විට. පහත තියෙන්නේ මුල ඉඳන් චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය දැක්වෙන සරළ පැහැදිළි කිරීම් ටිකක්. කෘතීම චන්ද්‍රිකා මූළිකවම වර්ග දෙකයි.
i. පළමු වර්ගය = උඩ බැලුවම එකම තැන තියෙනවා වගේ පෙනෙන චන්ද්‍රිකා.
ii. දෙවන වර්ගය = අහසේ ගමන් කරමින් තිබෙන්නා වූ සේ පෙනෙන චන්ද්‍රිකා.
මූලික අරමුණ පණිවිඩ හුවමාරුව උනත් මේ වර්ග දෙකම හදන්නේ විවිධ කාර්යන් සඳහා. රූපවාහිනී විකාශය සඳහා දැනට චන්ද්‍රිකා 380 පමණ භාවිතා කරනවා , අන්තර්ජාල කටයුතු සඳහා චන්ද්‍රිකා 35 පමණ සේවයේ යෙදවෙනවා , කාලගුණික කටයුතු සඳහා යැයි පවසමින් චන්ද්‍රිකා 120 පමණ සේවයේ තියෙනවා මේ මොහොතේත් , යුධමය කටයුතු සඳහා කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ ..:( ඒ වගේම මොනවද කියලා හිතාගන්න බැරි අභ්‍යාවකාශ වස්තූන් 400 විතරත් තියෙනවා. :( ගැන මම මීට කළින් පෝස්ට් දෙකක් දාලා තියෙනවා.
සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක ආයු කාලය අවුරුදු 15 ක් වන සේ තමයි සැළසුම් කරන්නේ. ඒ කියන්නේ එහි ඉලෙක්ට්‍රොනික් පද්ධතිය නිර්මාණය කරන්නේ අවුරුදු 15 කට ගැළපෙන විදිහට. උඩ යැව්වට පස්සේ සර්කිට් එකේ ෆේලියර් එකක් ආවොත් ආයේ හදන්න බැහැ. චන්ද්‍රිකාව බිමට ගන්න බැහැ අලුත්වැඩියා කිරීම සඳහා. අලුත්වැඩියා කටයුතු සඳහා ඉංජිනේරුවෙක් යවන්නත් බැහැ අභ්‍යාවකාශයට. පළමු ගැම්මෙන් හදන එක හරියටම හදන්න ඕනේ. මෙවැනි තැනක වැඩ කරන සියලුම ඉංජිනේරුවන් වැඩ කරන්නේ රොබෝලා වගේ. තමන්ට පැවරුණු කාර්ය තිතටම කරන්න ඒ අය බ්‍රේන් වොෂ් වෙලා වගේ ඉන්නේ. වර්ක් ප්‍රෙෂර් එක ඉතාම තදින්ම තියෙනවා මෙවැනි තැනක වැඩ කරන අයට.
පහත සඳහන් පින්තූර සියල්ල ලබාගත්තේ ---------- ආයතනයේ අනුග්‍රහයෙන්. තවත් මෙවැනි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තියෙනවා ඩොලර් මිලියන ගණනක් වටිනා. පුද්ගලික හේතුවක් නිසා ආයතනයේ නම එළි කරන්න විදිහක් නැහැ , රූප රාමු ලබා දීම ගැන කාර්යමණ්ඩලයට ස්තූතියි.
චන්ද්‍රිකාවක් සැළසුම් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවේ. අපි හදන්නේ කුමක් සඳහා යොදා ගන්න චන්ද්‍රිකාවක්ද ( කාලගුණ , පණිවිඩ , යුධ ) , එහි ධාරිතාවය කොපමණද ,වසර කීයක් සඳහාද , ලෝන්ච් කරන රොකට් පද්ධතිය , චන්ද්‍රිකාවේ බර , චන්ද්‍රිකාවෙන් අපේක්ෂිත අදායම , ව්‍යාපෘතිය සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය වගේ දේවල් සැළකිල්ලට ගන්න වෙනවා.
චන්ද්‍රිකා වාණිජව නිෂ්පාදනය කරන විද්‍යාගාරයක ඉහත කියපු සෑම ආකාරයකම සැටලයිට් සහ ප්‍රොපෙලින්ග් සිස්ටම් හදනවා වෙන්න පුළුවන්.සමහර දේවල් රහසිගතව හදනවා වෙන්නත් පුළුවන්. දන්නවනේ රහස් කියන්නේ රහස්. ළඟම කෙනෙක් දන්නා රහස් කියලා ජාතියක් නැහැ මේ ලෝකේ.
පහත දක්වලා තියෙන්නේ මුල ඉඳන් පුංචි පහේ අඩු වියදම් සැටලයිට් එකක් හදන හැටි. මෙතන තියෙන සැටලයිට් එක තාම අභ්‍යාවකාශගත කරලා නැහැ 2013 ඔක්තෝබර් වන විටත්. තවත් මාස කීපයකින් මේක ගුවනට යවනවා.ඊට කලින් බලමු කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා..මන් මාරයාගේ පෝස්ට් එකේදී කිව්වේ දැක්කම පුදුම හිතෙයි කියලා මේ පුංචි බට්ටව.
මේ පොස්ට් එක හදලා තියෙන්නේ බොහෝමයක් දේ ඇතුලත් වන විදිහට. පෝස්ට් එකේ සයිස් එක 4mb වෙනවා. එහෙම ලොකුවට පෝස්ට් එක හදන්න හේතුව තමයි මෙවැනි දේවල් ගැන සිංහලෙන් විස්තර හොයාගන්න නැති කමත් මේවට ආස අය කොච්චර දිගට තිබ්බත් කියවන බව දන්නත් නිසා. පහු ගිය කාලේ ලංකාවෙන් චන්ද්‍රිකාවක් ඇරියා ඇරියා කියලා ලොකු කළබලයක් තිබ්බා නේ. මිනිස්සුන්ව රවටනවා සීමිත පිරිසක් එකතු වෙලා ( කව්ද කියලා දන්නවනේ ) . කෙනෙක් හිතන්න පුළුවන් වෙසක් කූඩුවක් හදනවා වගේ කෘතීම චන්ද්‍රිකාවක් හදන්න පුළුවන් කියලා. මේ පහළ විස්තර කරලා තියෙන්නේ චන්ද්‍රිකාවක් හදන්න පටන් ගන්න ක්‍රියාවලියෙනුත් කොටසක් විතරයි. මේ වගේ තව පෝස්ට් කීපයක් මම දාන්නම් වෙලාව ලැබෙන විදිහට. දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ සමස්ථය ගැන වැටහීමක් ගන්න පුළුවන් පෝස්ට් එකක් පමණයි.