නිදහසටත් පෙර සිට ලාංකික අසරණ පන්තියේ මිනිසා
සහ ඔහුගේ පුතු අලලා මා අතින් වන් වන් සීරෝ
අඩවියට ලියවුනෙකි.ඉතා කෙටි ලෙස වචන සීයක් පමණක්
අන්තර්ගත වන පරිදි වූ නිර්මාණයකි. එහෙයින් බොහෝ දේ අත්
හැර , සමස්තය පමණක් ඉතිරිව ඇත.විවේකීව හිඳී නම් පමණක්
කියවන්න.
වසර සීයක් ආපස්සට
සුදු අප්පොලාගෙන් බේරෙන්නට අපමණ වෙහෙසක්
ගත්තෙමි.මහා එකෙකු නොවුවද, මහා එවුන් පසු පස දිව්වෙමි,
"එහෙයි"කියා බරද දැරීමි.ටිකෙන් ටික ඔවුන් පසු පසම ගොස්
නොදුටු ලොවක් දුටීමි.
"තෝ මන් එනකම් හිටු"
අවනතව සෙරෙප්පු කුට්ටම ලඟට හුන් මම බලා උන්නෙමි.
තවත් බොහෝ දෑ එහේ මෙහේ යනෙනු දුටීමි.
වේගය වැඩිය,හරි හැටි තේරුම අපහසුය.එහෙයින් බිම බලා,
මහන්සියට සෙරෙප්පු කුට්ටම ලඟම ඉඳ, යුතුකමට මෙන්
එහි වූ මඩ ඇබින්ද පිසදා යලි එහි හැඩ බැලීමි.
අගනේය . පිසදැන්ම අගනේය..
"යමව් බොලා, අඳුර එන්ටත් ලගයි"
"එහෙමයි , හීන් කොල්ල නිදන්ට මත්තෙන් ගියහැක්
උනෝතින් ඌ ආසාවෙන් අහන් ඉඳි නොවැ" බිළිඳු පුතු
මතකයට ආ මා තනිව සිතයි.
දින සති ගෙවී ගියේ අප හුන් අඩ අමතකවය.
අනෙක් අඩ එදා මෙන්ම මටත් පුතුටත් බොහෝ දුරය...
අනෙක් අඩ එදා මෙන්ම මටත් පුතුටත් බොහෝ දුරය...
කම් නැත , මා එදා සිටි තැන
පාවහන් යුගලක් අද ඔහුගේ තනිය මකනු ඇත.
ඔහුගේ බිළිඳු පුතු, මා අත මාගේ තනිය මකනු ඇත.
දෙවියනි ඔබ මැවූ ලොව හරි සරලයි...
උදාවන්නේ නම් පුතුට නොව තමන්ට වත් සෙවණක් සරණක් සොයන්න අමාරු ලොකයක්... බොහොම ගැඹුරු අර්ථයක් අද ඔබේ විෂය පථය වෙලා ජය වේවා සහෝ..
ReplyDelete///උදාවන්නේ නම් පුතුට නොව තමන්ට වත් සෙවණක් සරණක් සොයන්න අමාරු ලොකයක්... ////
Deleteමේ කතාව නම් මගේ අවධානය තදින් දිනා ගත්තා නලීන්
මිත්‍රය..මගේ මුළු පෝස්ට් එකත් හරි ඔබගේ කතාවත් හරි ...
බොහොම ස්තූතියි හැමදාම එනවට, ඇවිත් ගුණ දොස් කියනවාට...
වර්තමානයට හරියටම ගැලපෙනවා....
ReplyDeleteඔව් සංජය ඒක තමා වසර සීයක්ම ආපස්සට
ReplyDeleteයන්න උනේ.නව පැමිණීමට ස්තූතිය සමග
සාදරයෙන් පිලිගනිමි...
සුබ නව වසරක් වේවා....
හප්පේ....හිතන්න දේවල් කෝටියයිනේ..
ReplyDeleteඅපි හිතන්න හොද නැහැ ලිහිණි, හිතීම දෙවියන්ට බාර කර
Deleteඅපි ලැබෙන දෙයක් විඳ දරා ගමු .අවස්ථාවක් අවොත් දෙවියන්ට
හොද දෙකක් කියමු.
(මේවට වැරදි කාරයෙකුත් ඉන්න එපැයි ...:D )
ස්තූතියි අදහස් කීම ගැන, ලබන්න වූ වසර සුබ නව වසරක් වේවා ලිහිණි...
එකම දේ නේද ආයි ආයිත් වෙන්නේ.....
ReplyDeleteඔව් හිරු එකම දේයි වෙන්නේ නැවතත්.පුංචි පුතා
Deleteලොකු වෙනවා , එයත් එයාගේ තාත්ත වගේ සීයගේ
තැනටම යනවා.එයා ගෙදර එද්දී ආයෙමත් මේ තැනටම
ඇවිත්...
ඇත්තටම මගේ මේ කමෙන්ට් එක දකිද්දී මට හරි අප්සෙට්
හිරු.මේ දේවල් දකින්න මගේ කව්රුත් නැහැ.එයාල දකින දාට
මන් නැහැ.මන් මේ කරන කිසි දේකින් මන් සතුටක් ලබන්නේ නැහැ.
හිතින් අඩනවා මිසක් ...
//දෙවියනි ඔබ මැවූ ලොව හරි සරලයි...//
ReplyDeleteඑත් ලියලා තියෙන දේ නම් සරල නැහැ වගේ.. හොද නිර්මාණයක් ...ජය වේවා !!
සුභ නවවසරක් !!
ස්තූතියි මචන් .මේවා ඇත්ත කියල හිතෙන්නේ එක්තරා පංතියකදී
Deleteවිතරයි චමී.ඒ පන්තිය පැන්නුවම මේ දේට කැමතියි අපි.ඒක
තමයි මේ දේ වෙනස් නොවෙන්නේ කවමදාවත් ...
ස්තූතියි කමෙන්ට් කළාට.කමෙන්ට් ඇත්තටම මේ වගේ දේකදී මට
අත්‍යවශයි ..ඔබටත් සුබම සුබ නව වසරක් වේවා....
නැවත දිනයක එන්න...
අදයි අවේ ඔයාගේ බ්ලොග් එකට. ලස්සනට ලියලා ටියෙනවා. සුභ පැතුම් යාළු දිගටම ලියන්න
ReplyDelete
Deleteස්තූතියි අයේෂා ..පුළුවන් වෙලාවට ආයෙත් එන්න එහෙනම් ...
සුබ නව වසරක් වේවා ඔයාට...
අඩේ පට්ට බං.
ReplyDeleteස්තූතියි අයිරාවන කමෙන්ට් කරාට.දිගටම එන්න..මේ උබ දන්නවද මේ ටෙම්ප්ලේට්
ReplyDeleteඑකේ අර උඩින්ම තියෙන කළු පාටට හුරු පටි ටික අයින් කරන්න..
මට ඒක පුදුම කරදරයක් වෙලා ඉන්නේ බන්:(
සුභ නව වසරක් වේවා!!!
ReplyDelete
ReplyDeleteඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
නව වසර වසනා වන්ත නව වසරක් වේවා වේද මහත්මයාණෙනි ...
ඇත්තෙන්ම හිතෙන දේ අපමනයි....කුමක් වේදැයි හිතාගන්න බෑ..!
ReplyDeleteස්තූතියි වීයෝ මේ පැත්තේ ආවට ඉස්සෙල්ලම .
Deleteඅපි උත්සාහ කරන්න ඕනේ අපේ සෙරෙප්පු අපිම
පිහදගෙන ඉන්න නේද ?
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
හිතන තරම් හැමදේම සරල නැහැ නේද?..හරිම ලස්සනයි යාළු..
ReplyDeleteජය!!.. සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ගොඩක් ස්තූතියි ශම්මි.ඒකනේ අපිත් මේ සීයයි
Deleteපුතයි වගේම තමා.එකම දේ එක එක විදිහට
කිය කියා එකම තැන ඉන්නවා...
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා...
දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි
ReplyDeleteපහන ලගයි ආලෝකෙ දුරයි....
එළඹෙන නව වසරේදීවත් මේ අටමගලය ටැස්ටින් තත්වයෙන් මිදේවා...
සුභ 2013 වසරක් වේවා !
මේවා එක කවියකින් වෙනස් කරන්න බැහැ සිරෝ.
Deleteඒක මන් දන්නවා, නිකමට ලිව්වේ .ඒ ඇර වෙන
දෙයක් නැහැ.ස්තූතියි කමෙන්ට් කරාට ..
සුබම සුබ නව වසරක් වේවා සිරෝ..නව වසරේවත්
අපිට කේක් කෑමේ වාසනාව උදා වේවා ....
අමුතුම ගතියක් තියනවා මේකේ. මට හරිටය තේරුනාදත් මන්දා.
ReplyDeleteසුබ නව වසරක් වේවා සහන්.
එහෙමම දෙයක් නැහැ සයුරි.සීය කල දේ මුණුබුරත්
Deleteකරනවා, සීයට වඩා සමහර දේවල් දියුණු උනාට ,
දෙන්නම කරන්නේ එකම දේ..
සීය පිහ දැම්මේ සෙරෙප්පු , මුණුබුරාට පිහදාන්න වෙන්නේ
සපත්තු .ඒ අතින් මුණුබුරාගේ ලෝකේ දියුණුයි..
(ඔහු පාවහන් පිසදාන ලෝකය දියුණුයි!
ඔන්න ඕකයි හරය .මේ දේ පෝස්ට් එකේ
අවසානෙට එකතු කරන්න හිතයි එක්කෝ.. )
ලිපිය කෙටියි ඒත් හිතන්න කෝටියක් දේවල්....පොඩි අකුරු කීපයකින් මෙහෙම විස්තරයක් කියන ඔයානම් පට්ට පොරක් අයියේ ජය වේවා.................!
ReplyDeleteඅම්මෝ මල්ලි..:P හි හි
Deleteඔයාටත් පවුලේ සියලු දෙනාටමත්
ලැබුවා වූ නව වසර සුබම සුබ නව
වසරක් වේවා ....
අමුතු නිර්මානශීලි ගතියක් ඇති ලිපියක් ..ජය
ReplyDeleteගොඩක් ස්තූතියි බින්දී අක්කේ..
Deleteපහු ගිය ටිකේ ඇයි පේන්න නොහිටියේ..
ඔයාගෙන් මට මේකට අදහසක් ඕනේ...
තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය| A little girl,dreaming about her mom.
ඔයාටත් පවුලේ සියලු දෙනාටමත්
ලැබුවා වූ නව වසර සුබම සුබ නව
වසරක් වේවා ....
ශාන් යාලුවා සමහරු තේරුනේ නැති දේටත් අපූරුයි කියනවා. බලගෙන ගියාම ඒකත් අපූරුයි නේද..හැක්...
ReplyDeleteම්ම්ම් මට හිතුන විදිහට නම් ඔයා මේ වචන සීයෙන් ලොකු වැඩක් කරලා තියෙනවා. ඔයාට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා කියලා පතනවා. ජය වේවා..!!
තේරෙන්නේ නැහැ කියන එකත් එක අතකට
Deleteතේරීමක් තමයි ..හැක්
ස්තූතියි සරත් මිත්‍රයා .ඔයාටත් පවුලේ සියලු දෙනාටත්
සුබම සුබ නව වසරක් වේවා....
දෙමව්පියෝ පතන ලොව තාමත් එදා වගේමයි
ReplyDeleteහැබැයි ඒ එයාලගේ සිහින ලෝක ඇතුලේ විතරයි
එක හිනයක් ගිලිහෙනකොට තව හිනෙකට පණදෙන්න
වසනාවට තාමත් ඔවුන් උත්සහවන්තයි
හැබැයි ඒ සිහින ලෝකත්
අනාගතයට සිහිනයක් වේවි වගේයි
ඒක තමයි සිත් කවි , ඒ හීනෙන් මේ හීනෙට ,
Deleteමේ හීනෙන් අර හීනෙට...
ස්තූතියි කමෙන්ට් කරාට..නැවත දිනක එන්න....
උඹට තියෙන්නේ අමුතු ශෛලියක් බං..
ReplyDeleteවරදුනෙත් ඕකමනේ බන්.හැක්
Deleteඑක සීයෙක් සෙරෙප්පු සුප් බීවා.. ඊට පස්සෙ පුත්තු ගොඩක් සපත්තු සුප් බොනවා.. මුණුබුරෝ ටික ....
ReplyDeleteඅනිවාර්යෙන්ම සරත් මහත්මයා මුණුබුරෝ ටික
Deleteසීයත් නොබීපු , තාත්තත් නොබීපු සුප් එකක් රස
විඳි ..මටත් හිතාගන්න බැහැ මොන වගේ සුප්
එකක් වේවිද කියල..
ඔබගේ පැමිණීමටත් , අදහස් කීම ගැනත් ස්තූතියි
සරත් මහත්මයා ...
////සීය කල දේ මුණුබුරත් කරනවා, සීයට වඩා සමහර දේවල් දියුණු උනාට ,
ReplyDeleteදෙන්නම කරන්නේ එකම දේ..
සීය පිහ දැම්මේ සෙරෙප්පු , මුණුබුරාට පිහදාන්න වෙන්නේ
සපත්තු .ඒ අතින් මුණුබුරාගේ ලෝකේ දියුණුයි..
(ඔහු පාවහන් පිසදාන ලෝකය දියුණුයි!)////////
සිත් ගත් කොටස ........
wedagath.
ReplyDelete