දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )
දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.
Face Book Link Share.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.
Face Book Link Share.
November 26, 2013
හෙළ කුරුල්ලනේ වීරෙ මල්ලියේ... ගිය තැනකින් වරෙල්ලා....චාර්ල්ස් පුතා ගිහිල්ලා....
හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ගිය තැනකින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
මාජ්ජ සාකච්ඡා වල - හවසට දොර මඬලාවල ...
වීර පුරන් අප්පු වෙන්න කැහැපට කවලා....
චාර්ල්ස් පුතා එන්න කළින් - උන් හිටි තැන් නැති වීලා....
ඇඳපු සරම් කලිසම් වල මැද්දෙ ගිහිල්ලා....
හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ඇඳන් යටින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
කැමරන්ලා යන වටේට - ජේම්ස් පැකර් ගිනි සැරේට...
සුද්දන්ටත් නඩු දාන්න - වන්දි ඉල්ලලා.....
ගොම්මන්පිල එන්න කළින් - වේල්ස් කුමරුවා ඇවිල්ල...
උන්ට පාර අමතක වී - මං මුලා වෙලා......
හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ගිය තැනකින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
චාර්ල්ස් කුමාරයා දිවයිනෙන් නික්ම ගිය පසුව නා පිරිසිදු වී, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බස්නාහිර දිසාව බලා, සියල්ලෝම එක්ව ගායනා කිරීම යහපති..
https://www.facebook.com/Battaa.lk/posts/454437988011257
FB ගිණුම් ඇති අය මේ මල්ලිගේ පේජ් එකට ගිහින් සහයෝගයක් දීලා එන්න..
නැවක ගත කළ සුන්දර අද්දැකීමක් ගැන ශානු ඉතාලියේ සිට ලියලා තියෙනවා... බලන්න මෙතනින් ගොඩ වෙලා...අමොරෙල්ලා වෙත ගැසු බල්ටිය
Subscribe to:
Post Comments (Atom)
15099537_n.jpg
සහන්.... පට්ටයි මේකනම්. මමනම් ෆුල් ලයික්.
ReplyDelete"කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ...."
කෝ මේ ගම්මන්පිල, චම්පක,විමලසිරි...ඇතුළු නඩේ ....
මගේ රත්තරන් මේක මගේ නෙවේ...මේක මට එව්වේ අපේ සිරා කොලුවා.... මුල් හිමිකරු "පාන් බට්ටා" FB පිටුව හිමි මල්ලි... උඩ තියෙන ලින්ක් එකෙන් එතනට ගිහින් සහයෝගයක් දීලා එන්න...
Deleteමොනවා උනත් කතාව ඇත්ත... ඇත්තටම කෝ මුන් දෙන්නා .......?
//චාර්ල්ස් පුතා එන්න කළින් - උන් හිටි තැන් නැති වීලා....
ReplyDeleteඇඳපු සරම් කලිසම් වල මැද්දෙ ගිහිල්ලා....//
තනි වචනෙන් කිව්වොත් පට්ට!
හැබෑට කවුරුවත් දන්නෙ නැද්ද වීරපුතාගෙ මේල් එක එහෙම?
රටම උන්ගේ වෙච්චි කොට මේල් මක්කටයි රාජ් ...?
Deletepakkiliwansa@weerawansa.lk'' එකා ඇමරිකන් විරෝදී කියල රාජ්ට අමතකද, එනිසා gmail පාවිච්චියක් නැහැනේ ඔය දෙසපෙරේමියාගේ
Deleteපට්ටයි ඕං ඈ
ReplyDeleteමටත් කට උත්තර නැති උනා මේක දැක්ක වෙලේ ...
Deleteනියමයි සහන්,අපූරු සිංදුව
ReplyDeleteඑකෙන්ම හැලපේ .......
Deleteපිරිසිදුම එළකිරි සහන් මල්ලී! බොක්කටම වැදුනා....
ReplyDeleteඅනිවා.. කියන්න වචන නැත.....
Delete@ සියලු දෙනා වෙත
ReplyDeleteමෙම නිර්මාණයේ මුල් හිමි කරු වන්නේ https://www.facebook.com/Battaa.lk/posts/454437988011257 දරණ FB පිටුව හිමි "පාන් බට්ටා" මල්ලි.... හැකි අය එම පිටුවට ගොඩවැදී ඔහුට සහයෝගයක් දෙන්න ........
ඇත්තටම ඔය කස්ටිය කෝ ගිය තැනකින් තාම ඇවිත් නැද්ද.....හි...හි...හි... සහයෝගෙට ස්තුති සහන්
ReplyDeleteමට බය චාල්ස්ගේ පස්සෙන් ගිහින්ද කියලා ...
Deleteමෙහෙමවත් ආතතිය පිටකරගන්න එපාය.. ලෙමන් පෆ් එකක් කාල පටන් ගම්මු
ReplyDeleteපොඩි බඩගින්නට ..
Deleteනිර්මාණෙ නම් පට්ට.
ReplyDeleteFB එකේ අනිවාර්‍යෙන් ලයික් එකක් දෙන්නම්.
FB එකේ ලයික් එකක් දුන්නම මොකද වෙන්නෙ ?
Delete@ දෙන්නටම
Deleteනිර්මාණයක් අගය කිරීම කරන්න ඕනේ නේද අපි ...?
මේක මියුසිකුත් එක්ක තාලෙට කියලා ඕඩියෝ එකක් දැම්මා නම් සෑහෙන්ඩ හිට් වෙවි.. හි :)
ReplyDeleteඅනිවා මධු
Deleteමම නං හිතන්නෙ ඔයා තුන් වෙනි වටයට සුදුසුයි - සුභ පතනවා !!
ReplyDeleteමේ වගේ ගීත්‍යක් තෝරගැනීමම ලොකු චැලේන්ජ් එකක්.
.ඔයා ඒක හරියටම කරා..අන්තරා කොටස් ටිකක් ආවෙගශීලී ගතියක් පෙන්නුව උනත් අන්තිම ටිකේදි ඔයා ඒක හදාගත්තා..
හැකියාවක් තියන බව පේනවා.. හොඳ තරඟයක් තියේවි ලබන වටයේ . සූදානම් වෙන්න ගිහින් !!
FB ඉන්නවා නම් ලින්ක් එක ෂෙයාර් කරන්න පත්තර මල්ලි.. සහයෝගය දෙන්න ඕනේ කෙනෙක් ...
Deleteඅනේ සහන් මල්ලියා මේ අපේ පත්තර මල්ලියට බයික් ගැන ලිපියක් දාන්නකෝ නිවාඩුවක් තිබෙනවානම් PL .
Deleteඑකට පුදුම ඇම්මක් තියෙන්නේ බයික් ගැන.
එක අපි එක්ක ගැටී,ගැටී ඉන්න හොද කොල්ලෙක්.
කෙන්ජි මාමේ :-) උම්මා !
Deleteමං අහිංසක මනුස්සයනෙ මාමෙ.
මං fb නෑ සහන් අයියේ .. පුලුවං හැටියට බලන්න පුලුවං එවුන්ට යොමු කරන්නං !
Deleteපත්තර මල්ලි තරම් නම් මම බයික් පැදලා නැහැ..ඕකා බයික් කාපර් කෙනෙක්....
Deleteඔව් ඔව් මවුන්ටන් බයික් නම් :-)
Deleteමට කියන්න තියෙන්නෙත් පට්ට නිර්මාණයක් කියලා තමයි සහන් එක.
ReplyDeleteමටත් මේක සිරා එවපු වෙලේ කියවුණේ " පට්ට " කියලා විතරයි ...........
Deleteසහන් දොඹෙන්ම දීලා.....හරිම අපූරුයි.....මේ යක්කු පිස්සු කුල්මත් කරනවා.
ReplyDeleteමිල්ටන් මල්ලවාරච්චි හිටියානම් මේ පදමාලාව තමයි තෝරගන්නේ.
Deleteමේක දැකපු වෙලේ මට බකස් ගාලා හිනා ගියා අරූ.. නියමයි කියන්නේ උපරිමයි .........
Delete//චාර්ල්ස් කුමාරයා දිවයිනෙන් නික්ම ගිය පසුව නා පිරිසිදු වී, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බස්නාහිර දිසාව බලා, සියල්ලෝම එක්ව ගායනා කිරීම යහපති..//
ReplyDeleteඑහෙමයි සුවාමිනි :D
වියදමක් යන්නැති එකේ කරන්න ...:)
Deleteඅඩෝ දත් වලින් බත් කෑවා ඇද්ද , කාට කියුවත් අපේ විමල් අයියට පල් ටෝක් දාන්නැ අරී
ReplyDeleteහා මචන් ..
Deleteමෙක තනිකරම අධිරජ්ජවදි ඩොලර් කාක්කෙක් විසින්‍රචනාකොට ලන්කා ඉතිහාසයෙ ලියවිමට නියමිත් මහ පුරුශයෙකුගෙ යුග මෙහෙවර අවතක්සෙරු කිරිම සදහා ගොත්‍රික මානසිකතවය ඇති අයෙක් ලියනලදක් බව පැහැදිලියි. (කොහොමද නිකන් ඩලස් වගෙ නෙද )
ReplyDeleteඔබව මීළඟ වටය සඳහා තෝරාගත් බව සතුටින් දැනුම් දෙමි..
Delete( ප්‍රැක්ටිස් කරන්න කීයක් ගත්තද )
යහපති..!
ReplyDeleteමොකද නිකන් 1000 ට අරන් 100 ට වත් දීගන්න බැරුව ඉන්නේ ..? විනෝදෙන් ඉන්නකෝ අනේ.. චෝගම් චෝගම් ....
Delete+++++++++++++++++++++++++++++
ReplyDeleteපට්ට ..............
Deleteකයිය කියවපු පලමු වතාවෙම මටත් කික් වෙච්ච හින්දා තමයි බොටත් එව්වෙ ලොකු අයියෙ...
ReplyDeleteඑවපු එක හොඳයි සිරා ..මතලනුත් සින්ඩියෙන් මේ ගැන කියලා තියෙනවා ...........
Deleteඑහෙම තමයි ඉතිං. රස්සාවනේ කරනවා කියන්නේ ඔය
ReplyDeleteබඩේ පාර වදීද අපේ වැඩ වලින් .....?
Deleteහැංගිච්ච කට්ටිය හොයන්න ආයේ විදේශීය කුමන්ත්‍රණයක්ම එන්න ඕන.. මරු.. මේක අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි සහන් අයියේ..
ReplyDeleteසිරාට තමයි ස්තූතිය හිමි වෙන්න ඕනේ දිනේෂ් ...
Deleteනිර්මාණ ය එල.
ReplyDeleteසහන් මල්ලද ,පාන් බට්ට ද කලේ...?
පාන් බට්ටා පාන් බට්ටා .........
Deleteno politics මම සුදු වෑන් වලට බයයි. අපේ අම්මට ඉන්නෙ එක ලොකු පුතයි.
ReplyDeleteඑක ලොකු පුතයි ...? ඒ කියන්නේ පොඩි පුතෙක් ඉන්නවා කියන එකද .........? එහෙනම් එන්න අපි එක්ක...පොඩි පුතා අම්මා එක්ක ඉඳි ...
Deleteයන්කෝ යන්කෝ. කොහොමත් ගෙදරත් එපා වෙලා තියෙන එකේ.
Deleteවීර සන්ගිලි පන්නිකියායගේ කටින් බතල (කොල ) සිටවීම.
ReplyDeleteහපොයි ......
Deletethank you sahan ayye
ReplyDeleteඒ මොකටද ........?
Deleteමාර යි !!!!
ReplyDeleteඒකනේ දැම්මේ ... :D
Deleteවීරෙ මල්ලියා දැන් කලිසමේ කක්කා ගිහින් හෝදගන්න විදිහක් නැතුව ඉන්නේ.
ReplyDeleteනාවලා ගෙට ගමු අපි ....
Delete"පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ"
ReplyDeleteමේක තමයි සිරාම කතාව විමල් කාරයා රට අතහැරලා ගිහිලා
ලොල්
Deleteමාතලන්ගෙ සින්ඩියෙ මේක දාලා තියෙනව මම ඊයෙ අහම්බෙන් දැකල කියෙව්ව සහන්.
ReplyDeleteඔහොම තමා බං හවුල් ආණ්ඩු. වල්ගෙ කොහෙවත් - ගාත් හතර කොහෙවත් - මුඛේ තව කොහෙවත්. සිරිමටවත් තිබුනෙ නෑ මෙහෙම කැඳ හැලියක්. අනෙක ඔය යක්කු ගිරිය පුප්පගෙන බෙරිහන් දුන්නට උන්ගෙ ඇති දේශප්‍රේමෙකුත් නෑ, අධිරාජ්‍ය විරෝධෙකුත් නෑ. එකෙක්ටවත් කොඳු ඇට ඇත්තෙත් නෑ. අර (මාතලන් පහුගිය දවසක ලිපියකට දාලා තිබුනු ෆොටෝ එකක) රාජ්‍ය සේවයෙ ප්‍රධානියා, ජනාධිපති ලේකම් ලොක්කට ආයුබෝවන් කියන්න නැවිච්ච නැවිල්ල දැකල මට ම ලැජ්ජ හිතුනා.
\\\\\\වල්ගෙ කොහෙවත් - ගාත් හතර කොහෙවත් - මුඛේ තව කොහෙවත්.\\\\\\\
Delete+++++++++++++++
ජාතියක් ජම්මයක් නැති උනාම වෙන දේවල් නෙව...
හෙහ් හෙහ් මරු කවිය... මම කියවන ගමන් හිතුවේ යකෝ මූ මාර පොරක් නේ දැන් කවිත් ලියන්න පටන් අරන් කියල.. හෙහ් හෙහ්.. එෆ්.බී එකට ලයික් එකක් දන්නා ඕනේ.. හැකියාවට අත දෙන්න එපෑ..
ReplyDeleteඇයි මේ තියෙන්නේ මම ලියපු ඒවා ..
Delete___________________________________
දික්කසාදයෙන් ඈ ලැබූ සැනසීම!
උහුලනු බැරිව තව තව නෙක වේදනා
හිත දැඩි කර යන්නෙයි අද සැමිගෙන් වෙන් වෙලා
අහෝ නොසිතුව දෙයකි දැන් ඇත පෙළ ගැස්වීලා
මූසල ගෑනි පල අහකට කිම තව නෙත් අයා
___________________________________
ඈ අහිමි ඔහු
නෙතුද හඬවයි
ගතද රිදවයි
සුළඟ පමණයි
ඈ අහිමි නුඹට
___________________________________
අදහනු බෑ හා පැට්ටේකි මා
සුදු බෝලේ කෝ මගේ රන් කැටි
අම්මි ආව හනික වැඩ ඇරී
ලඟ තියල හදට හරි හැටී
වස පොවලා නුඹ ගිය හැටී!
___________________________________
විභාග ශාලාව ...
ටක් ටක් පැන්සලක් වැටුණි බිම
කිසිවෙක් ඇත්ද දකින එය
නැත්නම් කෙනෙක් ඇහිඳ දෙන
පේපරේ නුඹ නාඬ ඉඳ..!
___________________________________
මමත් ඒ කාලේ සෑහෙන්න නිසදැස් කවි ලියපු කොල්ලෙක්... හැබැයි ලියපු ඔක්කොම අදාළ අයට දීල දැම්ම... ඊට පස්සේ කාලෙකින් ලිව්වේ නෑ... නිකන් ඉන්න එකේ ආයේ ලියන්න ඕනේ..
Deleteදැන දැන යථාර්තයත් - කුමට උහුලනු කියා නොමතේරෙන්නේ...........
ReplyDeleteයළි යළි පවසනා මුසාවත් - තළු මරමින් රස විඳිමින්නේ............
පුන පුනා කීවත් - නැත දෙසවන් යොමු වන්නේ............
උපනුපන් ජාතිවත් - හතුරෙකුටවත් මෙවිපතක් නොවෙයන්නේ..........
ඇත්තම කථාව ලියලා තියෙන්නේ සහන්............ ඒත් ඇස් ඇරගෙන නිදන් ඉන්න දේශප්‍රේමියෝ වැඩියි නෙව මේ සිරිලකේ.........
රට වෙනුවෙන් වෙහෙස වෙන සියළු මනුෂ්‍ය ආත්මවලට (සැබෑ දේශප්‍රේමීන්ට) යෝධබල යෝධ ශක්තිය ලැබේවා..........!!!!!!!!!!!!!
නියමම සින්දුව සහන්. සහතික ඇත්ත තාලෙට ලියල..
ReplyDeleteඑල .... :)
ReplyDeleteනියම සින්දුවක්...
ReplyDelete