Pages

November 28, 2013

පුද්ගල මිළ තීරණය වීම | Value and the Price





              කෙනෙක්ගේ මිළ තීරණය වෙන්නේ කොහොමද ?ජනප්‍රියත්වය , හැකියාව , දක්ෂකම , රූපය , බලය , ස්ත්‍රී පුරුෂ භාවය fucking.වගේ දේවල් අනුව. තව අනෙක හේතු තියෙනවා. එහෙත්  සෑම විටම මෙසේ මිළක් ලබාගත හැකිද ?hehe1.


           උත්තරය බැහැ යන්නයි. මම පැහැදිළි කරන්නම්. දන්නවා නේද මයිකල් ඈන්ජෙලෝ , Leonardoda Vinci | MichelangeloBuonarroti | Vincent van Gogh | Pablo Picasso | Salvador Dali | René Magritte | Franciscode Goya | Frida Kahlo
Claude Monet | Henri Matisse | Rembrandt van Rijn | Andy Warhol | Georgia O'Keeffe | Wassily Kandinsky | Edvard Munch | Gustav Klimt |   ඔන්න ඔය වගේ ගොඩක් පිරිසක් ඉන්නවනේ. දැන් මේ අයගේ චිත්‍රයක් අලෙවි වෙන්නේ බර ගාණකට . ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් මිළ තීරණය වෙනවා.fear.




          ඔබ දැකලා නැද්ද ඒ වගේ චිත්‍ර අඳින්න පුළුවන් අය අද සමාජයේ . . ? මොනාලිසාගේ චිත්‍රය සබැහින් දැකපු ඕනෙම කෙනෙක් කට වහ ගන්නවා " අනේ මොකටද නිකන් පරණ කුණු අවුස්සන්නේ " කියලා shy.. මොනලිසාගේ පිංතූරෙට වඩා ලස්සන පින්තූර නිකම්ම නිකම් ගූගල් කරත් එනවා.නමුත් ඒ කිසිවෙකුට බැරි උනා මොනාලිසා තරම් මිළක් ලබාගන්න. hehe1.




          මම මේ ළඟදී දැක්කා මිලියන ගාණකට අලෙවි වූ චිත්‍රයක්. අර රේඛා මේ රේඛා භාවාත්මකලු. ඒකත් නිකන් අර " රජ්ජුරුවන්ට මහපු රෙද්ද " වගේ. හැමෝම පේනවා පේනවා කිව්වට දැකපු එකෙක් නැහැ. shy.බැරි වෙලා හරි කව්රු හරි ඇත්ත කිව්වොත් උගේ බෙල්ල ගහලා යනවා. ඉතින් හැමෝම බොරුවට " ශා නියමයි රජතුමනි " කියනවා. අන්තිමට හැමෝම හෙළුවෙන්. රජා ඇත්තටම රෙදි නැතුව හෙළුවෙන්. අනිත් පිරිස රෙදි ඇඳන් හෙළුවෙන්. hehe1.



   
             පිචර් ස්ටාර්ලා ගැණත් කතාව ඔහොමයි. ශාරුක්ට වඩා ලස්සන කොල්ලෝ නැද්ද ? මේ කිව්වේ ඉන්දියාවේ. ස්ත්‍රී පාර්ශවය ගැන නම් කියන්න ඕනේ නැහැ මොකද අපේ එක්කෙනත් එහෙනේ. .upset.ජැකී චෑන්ට වඩා දක්ෂ සටන් ශිල්පීන් නැද්ද ? පුද්ගලිකව මම මගේ දෑහට දැකලා තියෙනවා පුදුම දක්ෂ නින්ජා සටන් ශිල්පීන්. ඔවුන්ගේ පවුල් ඉතිහාසය වසර 800 තරම් පැරණියි. kitta.හිතාගන්න බැරි තරම් වේගවත් ලෙස පහර එල්ල කරනවා. එක තත්පරයට පහර 2 ක් 3ක් පවා එල්ල කරනවා.



              ඒත් සත්‍ය තමයි ශාරුක්ලා ඉන්නේ එක්කෙනයි. ජැකී චෑන්ලා ඉන්නේ එක්කෙනයි. ඔවුන් තරම් මිළක් අනිත් අයට ලැබෙන්නේ නැහැ. කොච්චර දක්ෂ උනත් මිළක් ලැබෙන්නේ නැහැ. මට ජැකීට වඩා ස්පීඩ් ෆයිට් කරන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. මම ශාරුක්ට වඩා ලස්සනයි කිව්වට වැඩක් නැහැ. පයිසෙකට ගණන් ගන්නේ නැහැ. බස් වියදම වත් ලැබෙන්නේ නැහැ. hehe1.



             දොස්තරලා , ප්‍රොක්ටලා නෙවේ එංජිනේරුවෙක් උනත් ඔච්චර තමා. ඔන්න එන්ජිනේරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සීනියර් . අනිත් එක්කෙනා ජුනියර්. සීනියර් ඉංජා හිතනවා මෙහෙම " මට වඩා ජූනියර් කෙනෙක් ලක්ෂ 10 ක් පඩි ගන්නවා නම් අඩුම තරමේ මට ලක්ෂ 12 ක් වත් ඕනේ". අනේ එහෙම කිව්වට බැහැ. ඒක ඒ මිනිහගේ ලැබීම ආයුබෝවන්. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් කිව්වා හේ කාටවත් කාගෙවත් ලොකු කම් වලින් වැඩක් නැහැ.teeth1.



            ඔන්න ඔහොම සීනියර් ඉංජිනේරුවා බොරුවට ගණන් ඉස්සීම නිසා එයාට ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. ටික දවසකින් වේලිලා වේලිලා පාන්ඩක වෙලා යන්න පටන් ගන්නවා. වැඩේ මාරාන්තික වෙද්දී මිනිහා කැමති වෙනවා ලක්ෂ නෙවේ රුපියල් 15,000 ට වැඩ කරන්න. රුපියල් ආයුබෝවන් රුපියල්. කරුමේ කියන්නේ  මේ වෙලවෙදි තවත් දෙයක් වෙනවා .smoke.



 ****


               සීනියර් ඉංජෙක් 15,000 ට  සෙට් වෙනවා නම් මොන රෙද්දටද ලක්ෂ 10ක්  දීලා දැන් ඉන්න ජුනියර් ඉංජා තියන් ඉන්නේ කියලා කොම්පැණියේ ලොක්කගේ ටිකිරි මොළේට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ ජුනියර් ඉංජගේ කැරියර් ලයිෆ් එකට හෙණ හත වදිනවා. ඔව් ඒක ගෙඩිය පිටින්ම මැළවීලාම යනවා.shy. ඔන්න ඔහොමයි අරූ ඇතුළට ගිහින් මූ එළියට එන්නේ. එළියට එන්නේ නෙවේ ආයුබෝවන් විසික් වෙන්නේ අන්න ඒ සිස්ටෝන් එකට. roll.


 ****


             ටික කාලයක් යද්දී සීනියර් ඉංජා ගණන් උස්සනවා. එයා කියනවා මට ඩොලර් මිලියන 2.5 ක් ඕනේ , නැත්නම් මම අයින් වෙනවා කියලා. මම අච්චරයි මෙච්චරයි . මට දැන් මේ ගාණට බැහැ. අරහේ මෙහෙමයි මෙහෙ මෙහෙමයි වගේ කතන්දර ගොඩයි. සෙල්ලම් නැහැ මූ දැන් ඩොලර් වලින් ගණන් කියන්නේ. කොම්පැණියේ මුදලාලිට තරු පේන්නේ දැන් තමයි. තනිකරම කතන්දර ගොඩයි අපේ කතන්දරයා වගේ.bicycle.


 ****



               ජූනියර් ඉංජා ගණන් හදනවා. ගණන් හදලා කියනවා " සෑර් , ඩොලර් මිලියන 2.5 ක් නිස්කාරණේ ගෙවන වෙලේ  මට රුපියල් ලක්ෂ 4 ක් දෙන්න. මම සෑර්ට එක අවුරුදු 3 න් මූලික ප්‍රාග්ධනය මෙන් 4 ගුණයක ශුද්ධ ලාභයක් අරන් දෙන තැනට කොම්පැණිය ගේනවා  " කියලා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

  • ඩොලර් මිලියන 2.5 රුපියල් බවට = 2.5 X 135 = රුපියල් මිලියන 337
  • රුපියල් මිලියන 337 න් ඉහළ පැලැන්තියේ නිවාස සංකීර්ණයක් හදන්න සැළසුම් කරමු. ( ලක්ෂ 3370 )
  • ඉඩමට = ලක්ෂ 850 ( මේ ප්‍රමාණය ඇති පර්චර්ස් 68 කට වැඩි ඉඩමක් කොළඹින් ගන්න )
  • ඉදිකිරීම පළමු අදියර = ලක්ෂ 1380 ( මේ මුදල ඇති වෘත්තීමය රහස් දන්නා කෙනෙකුට වැඩේ ගොඩ දාන්න. ඒවා ඕනේ නැහැ නෙව බ්ලොග් එකට )

එකිනෙකට අනුබද්ධව සැකසු නිවාස 65 කින් සමන්විත නිවාස සංකීර්ණයක් සාදා නිම කිරීමට මේ මුදල් ප්‍රමණවත් .

( මතක තබා ගන්න අපිට තාමත් ලක්ෂ 1100 ඉතුරුයි. )

           එක් නිවසක් මසකට රුපියල් 39,000 සිට කුළි පදනම මත දුන්නොත් අවමය වශයෙන් මසකට ලක්ෂ 25 ලැබෙනවා. එහෙත් වෙනත් පහසුකම් වැඩි කිරීම මගින් මසකට ලක්ෂ 35 ක් පමණ මුදලක් ලබා ගත හැකියි. ( ඒවා රහස් )


           වසර 3 ක් අවසානයේ ලැබෙන මුදල් = ලක්ෂ 1200 යි. වැය කළ මුදලට ආසන්න මුදලක් ලැබෙමින් පවතිනවා. මතකනේ තව ලක්ෂ 1100 ක් ඉතුරුයි කියල.. අන්න ඒකෙන් තමයි සියල්ල වෙනස් කරන්නේ. ඒක තුරුම්පුවක්. ඒ තුරුම්පුව ගැන හිතාගන්න හරි ලැබෙන්නේ "සහන්" සේවය ලබා දෙන ආයතනයට විතරයි.


                ඕවා මේවා වෙලා එද්දී නිකම්ම තනතුරු , තානාන්තර කාගේ කාගේත් වෙනස් වෙනවා. දොට්ට වැටුණ අය ආයතනයේ හිමිකරුවන් බවට පත් වෙද්දී ; දොට්ට දාපු අයගෙ දුකෙන් පුන් යන්න පටන් ගත්තේ එදා ඉඳන් තමයි. මයි ෆුට් ! fuck.



           අන්න එහෙමයි තමන්ට මිළක් ලබා ගන්නේ ලැබෙන්නේ . මගේ ගාණ මෙච්චරයි මෙච්චරයි කිව්වට කිසි කෙනෙක් ගන්නේ නැහැ. ශාරුක්ට , ජැකී චෑන්ට , මොනාලිසාට මිළ තීරණය උනේ අන්න එහෙමයි. තේරුණාද ..? spy.




වසර කීපයක් පැරණි පෙළපතක මතක : අද්මිරල් ෆර්නැන්ඩස්

උපාලි විජේවර්ධන

ප්‍රහාරක ගුවන් නියමුවෙකුගේ අද්දැකීම්

රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය

චන්ද්‍රිකා නිෂ්පාදනය කරන ආකාරය

රුපියල් ලක්ෂ 330 ක් පමණ වන සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා කාරය 




           ප. ලි . මේ දවස් වල මම පෝස්ට් 6 ක් විතර ලියලා තියෙන්නේ.ඒත් තාමත් ඒවා දැම්මේ නැහැ. සමහර ඒවගේ පොටෝ ලැබුණේ නැහැ මට තාම , සමහර ඒවගේ නීතිමය ගැටළු ටිකක් තියෙනවා ක්ලියර් කරගන්න ඕනේ. මම පෝස්ට් දාන්න කැමති අඟහරුවාදාට. අඟහරුවාදා වෙනකොට සම්පූර්ණ කරගන්න බැරි වෙන පෝස්ට් ඉබේම සතියක් කල් යනවා. ඕක තමයි පසු ගිය සති කීපය පුරාම උනේ .. bath.




මෙන්න මේ චිත්‍රය ඇඳපු කෙනාව හරියටම කිව්වොත් හිතාගන්න බැරි තෑග්ගක් දෙනවා ...!

121 comments:

  1. රහස් තියා ගන්න ඔට්ටු නෑ අයුබෝවන්?......චිත්‍රය ඇන්දේ චිත්‍ර ශිල්පියෙක් හි...හි...හි..

    ReplyDelete
    Replies
    1. නියම යි ශනු ඔබේ හෙළිදරව්ව නම්. ශර්ලොක් හෝම්ස් වගේ :DD

      Delete
    2. බැහැ බැහැ රහස් නැති තැන පැවැත්මක් නැහැ...

      @ දිලිනි

      හැකියාව අගේ කරන්න ඕනේ අපි .. :)

      @ මනෝජ්

      :)

      Delete
  2. මාව නං අල්ලගන්නෙපා මම නෙවෙයි ඕක ඇන්දේ ..

    ReplyDelete
    Replies
    1. තෑග්ග එපාද ....? උත්සාහ කරන්න ..

      Delete
  3. නිවැරදි උත්තරය ඇති කමෙන්ටු දින දෙකක් සඳහා ස්පෑම් කරන බව සළකන්න ......

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ප්‍රා .. මනුෂ්‍ය චිත්‍ර ශිල්පියෙක් පින්සලෙන් ඇඳපු එකක්...

      Delete
    2. මේක ඇන්නේ සයිලන්ට් සහන්

      Delete
  4. බැහැනෙ බැහැනෙ ස්පෑම් කරනවා කි‍යපු නිසා උත්තරේ දෙන්නෑ. නැත්නම් මේ දිව අග තියෙනවා උත්තරේ.

    අර සීතාම්බර සළු සීන් එක නම් ඇත්තම තමා සහන්. සමහරු ඉන්නවා තමන්ට මෙලෝ සංසාරයක් නොතේරුනාට අනෙකා වර්ණනා කරන පලියට උඩ දාගෙන වර්ණනා කරනවා. "රෙදි ඇදන් හෙළුවෙන්" හි… හි…

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\ බැහැනෙ බැහැනෙ ස්පෑම් කරනවා කි‍යපු නිසා උත්තරේ දෙන්නෑ. නැත්නම් මේ දිව අග තියෙනවා උත්තරේ.\\\\\\\

      ගූගල් ඉමේජ් සර්ච් එකේ නැති උනාම කියන්න දෙයක් හිතාගන්න බැරි වෙනවා නේද ... :P

      Delete
  5. නැතුව නැතුව ඒක නොවැ මේ වෙලා තියෙන්නෙ. ;-)

    ReplyDelete
  6. අර මාර්කටින් තියරිය නම් සුපිරි

    ReplyDelete
  7. මේ ප්‍රහේලිකාව තේරුම්ගන්න අග ඉඳලා මුලට බැලුවම පහසුයි වගේ.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් පැහැදිළි කරලා විචාරක...පෝස්ට් එක අලුතෙන් හැදුවා..දැන් බලන්න ....

      Delete
  8. උඹෙ දැනුමෙ දිග පලල අපූරුවට පෙන්නල තීන්නෙ.

    මොනාලිසගෙ චිත්‍රෙ වටින්නෙ ඒක ඇඳපු කාලයත් එක්ක සලකල. අදත් ෆෙර්නැන්ඩො බොතෙරියො වගේ උන් ඩොලර් මිලියන ගනන් තමන්ගෙ චිත්‍රවලින් හොයනව.

    බෲස්ලි කියන්නෙ සැබෑ සටන්කරුවෙක්. ඔහුට ඔහුගෙ මිල ලැබුන. ප්‍රභූ දේව කියන්නෙ මෙලෝ රහක් නැති පෙනුමක් ඇති දක්ෂ නැට්ටුවෙක්. ඌත තමන්ගෙ ගාන හොයා ගත්ත. ජැකී චෑන්, බ්‍රෙට් ලී ප්‍රසිද්ධ සටන් දක්ෂකම සමග නළුකමේ දස්කමුත් එකට යන නිසා. ජැකී චෑන් තමන්ගෙ විහිළු සහගත් හැඟීම් නිරූපනයෙ දස්කම් නිසා ජනප්‍රිය උනා මිසක් ගහගන්න පුලුවන් නිසා විතරක් ප්‍රසිද්ධ උනේ නෑ. කොටිම්ම ජැකී චෑන් තමන්ගෙ ෆිල්ම් අග පෙන්නනව තමන් කරපු ප්‍රයෝග. ඒ දැක දැකත් මිනිස්සු උගෙ සටන් ආසාවෙන් බලනව. ඒ ජැකී සටන් කරුවෙක් වගේම නලුවෙක් නිසා. ෂාරුක් ගැනත් කියන්න තීන්නෙ ඒකම තමයි. දත් කලු වෙච්චි අවුරුදු පණහක් උන ෂාරුක්ට වඩා ලස්සන කොල්ලො උන්නට උනට රඟපාන්න බෑ. කොටිම්ම මොන පොර ආවත් තාම අපේ ගාමිණී වගේ එකෙක් බිහි උනේ නෑ වගේ තමයි.

    අනික ඉහල් පැලැන්තියෙ ෆ්ලැට් එකක් රුපියල් 30,000 මිළ කරන එකෙම්ම තේරෙනව මාර්කට් එක ගැන උඹෙ දැණුම.

    සහන්, මිනිහෙක් මිළ තීරනය කරගන්න ඕන තමන්ගෙ අළෙවියෙ හැකියාව ගැනත් හිතල. මාර්කටින් මූලධර්මයක් තියෙනව "සෙල් යුවර්සෙල්ෆ් ෆර්ස්ට්" කියල. එහෙම බැරි එකා තමන්ගෙ ගාන කීයයි කිව්වත් ගානක් නෑ වගේම ඌ ගාව මොන හොඳ අයිඩියා තිබ්බත් වැඩක් නෑ. කවුරුත් ගන්න ගන්නෙ නෑ.

    so, sell yourself first mate.

    ReplyDelete
    Replies
    1. ඉන්දික ,

      \\\\මොනාලිසගෙ චිත්‍රෙ වටින්නෙ ඒක ඇඳපු කාලයත් එක්ක සලකල. අදත් ෆෙර්නැන්ඩො බොතෙරියො වගේ උන් ඩොලර් මිලියන ගනන් තමන්ගෙ චිත්‍රවලින් හොයනව.\\\\\\

      මම මේ ළඟදී දැක්කා මිලියන ගාණකට අලෙවි වූ චිත්‍රයක්. අර රේඛා මේ රේඛා භාවාත්මකලු.

      \\\\\\\\\\ ඒ ජැකී සටන් කරුවෙක් වගේම නලුවෙක් නිසා. ෂාරුක් ගැනත් කියන්න තීන්නෙ ඒකම තමයි. දත් කලු වෙච්චි අවුරුදු පණහක් උන ෂාරුක්ට වඩා ලස්සන කොල්ලො උන්නට උනට රඟපාන්න බෑ. කොටිම්ම මොන පොර ආවත් තාම අපේ ගාමිණී වගේ එකෙක් බිහි උනේ නෑ වගේ තමයි.\\\\\\\\\\\

      ඒත් සත්‍ය තමයි ශාරුක්ලා ඉන්නේ එක්කෙනයි. ජැකී චෑන්ලා ඉන්නේ එක්කෙනයි. ඔවුන් තරම් මිළක් අනිත් අයට ලැබෙන්නේ නැහැ. කොච්චර දක්ෂ උනත් මිළක් ලැබෙන්නේ නැහැ. මට ජැකීට වඩා ස්පීඩ් ෆයිට් කරන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. මම ශාරුක්ට වඩා ලස්සනයි කිව්වට වැඩක් නැහැ. පයිසෙකට ගණන් ගන්නේ නැහැ.

      \\\\\\\\\
      අනික ඉහල් පැලැන්තියෙ ෆ්ලැට් එකක් රුපියල් 30,000 මිළ කරන එකෙම්ම තේරෙනව මාර්කට් එක ගැන උඹෙ දැණුම.\\\\\\\\\

      මම සෑර්ට එක අවුරුදු 3 න් මූලික ප්‍රාග්ධනය මෙන් 4 ගුණයක ශුද්ධ ලාභයක් අරන් දෙන තැනට කොම්පැණිය ගේනවා .....( මතක තබා ගන්න අපිට තාමත් ලක්ෂ 1100 ඉතුරුයි. )

      එක් නිවසක් මසකට රුපියල් 39,000 සිට කුළි පදනම මත දුන්නොත් අවමය වශයෙන් මසකට ලක්ෂ 25 ලැබෙනවා. එහෙත් වෙනත් පහසුකම් වැඩි කිරීම මගින් මසකට ලක්ෂ 35 ක් පමණ මුදලක් ලබා ගත හැකියි. ( ඒවා රහස් )

      \\\\\\\\සහන්, මිනිහෙක් මිළ තීරනය කරගන්න ඕන තමන්ගෙ අළෙවියෙ හැකියාව ගැනත් හිතල. මාර්කටින් මූලධර්මයක් තියෙනව "සෙල් යුවර්සෙල්ෆ් ෆර්ස්ට්" කියල. එහෙම බැරි එකා තමන්ගෙ ගාන කීයයි කිව්වත් ගානක් නෑ වගේම ඌ ගාව මොන හොඳ අයිඩියා තිබ්බත් වැඩක් නෑ. \\\\\\\\\

      අන්න එහෙමයි තමන්ට මිළක් ලබා ගන්නේ ලැබෙන්නේ . මගේ ගාණ මෙච්චරයි මෙච්චරයි කිව්වට කිසි කෙනෙක් ගන්නේ නැහැ. ශාරුක්ට , ජැකී චෑන්ට , මොනාලිසාට මිළ තීරණය උනේ අන්න එහෙමයි. තේරුණාද ..?

      \\\\\\උඹෙ දැනුමෙ දිග පලල අපූරුවට පෙන්නල තීන්නෙ. \\\\\\\\\\\


      @ අයිසේ ඉන්දික හරකෙක් නොවී ආයේ පෝස්ට් එක කියවපන්..

      Delete
    2. >> @ අයිසේ ඉන්දික හරකෙක් නොවී ආයේ පෝස්ට් එක කියවපන්.. <<

      සහන්, මම ළඟකදි ඉඳන් නිරීක්ශණය කරපු දෙයක් තමා උබේ මතයට එරෙහිව කරුණු කියන අයට උඹ තදින් නිග්‍රහ කරණවා. ඒ ඇයි ? ඔයිට වැඩිය සංයමයකින් උත්තර දුන්නනම් කොච්චර ලස්සනද !

      Delete
    3. @ සෙන්නා

      මම බැනලා තියෙන්නේ ඊ මේල් කවි කාරී කියන ගොන් අම්මන්ඩිටයි , උදිත කියන මී හරකටයි , බුවා කියන ගස් බල්ලටයි තව ---------------- විතරයි... කොච්චර කිව්වත් එකම පටිය රෝල් කරන උන්ව මට පේන්න බැහැ.. කෙනෙක් මොකක් හරි කිව්වම එතනට ඇවිත්
      බොරුවට බයිලා ගහන උන්ව මට පේන්න බැහැ.. බොරු වැරදි හොයන උන්ව මට පේන්න බැහැ.බලහන් මම මෙතන කියලා තියෙන්නේ බොහොම සරළව. ලෝකෙම නළු නිළියෝ අරන් , උන්ගේ මිළ ගණන් දාලා මේක විස්තර කරන්නද කියන්නේ ...?

      කුළී පදනම මත අළෙවි කරන නිවසක මිළ 20,000 යි කියලා ගන්න එක අවුල්ද ..? ඕනේ හරකෙක්ට තේරෙන්න එපැයි

      123456 x 12 x 3 x 65 = ???

      කියලා.. ගුණිතය සීඝ්‍ර ලෙස වැඩි වෙනවා. ඕක තේරෙන්නේ නැති උන් තමයි මාර්කටින් උගන්නන්න එන්නේ. එතන අරමුණ වෙන දෙයක් සෙන්නා..

      \\\\උඹෙ දැනුමෙ දිග පලල අපූරුවට පෙන්නල තීන්නෙ.\\\\

      දැක්කනේ ටෝක් එක .. මචන් සෙන්නා මම හැංගිලා බ්ලොග් ලියන්න ආවේ නැහැ..මේවා නොදැනත් නෙවේ බ්ලොග් ලියන්නේ.. සරළව සුහදව කිව්වට තේරෙන්නේ නැති අය වැඩියි සෙන්නා...ප්‍රභාකරන් මරපු එකත් වැරදි කියන උන් ඉද්දි තව මොනවද ...?

      Delete
    4. මම උඹගේ විවෘත, කෙලින් අදහස් වලට මම ගරැ කරනවා සහන් මලේ! තාම උඹේ ලිපිය කියවන්න හරියට බැරිවුනා. සති අන්තයේ හොඳට කියවන්නම්. උඹගේ මේ කමෙන්ටුව දැකලා ලියන්න හිතුනේ.

      Delete
    5. සහන්,

      උඹ හරකෙක් වගේ මම කියපු එක අරන් වමාරල කන්න හැදුවට මට කරන්න දෙයක් නෑ. අනික සහන් තමන් මිනිහෙක්ගෙ වටිනාකම මනින විදිය කියල දෙන්න ආපු නූතන ආර්ථික විද්‍යඥය කියල හිතන් ඉන්නවනං කියන්න තීන්නෙ දුකයි කියල තමයි.

      පහල තීන සරළ ගණනය බලහන්. ඒ වගේ දෙයක් කරන්න ලක්ෂ හතරක පඩියට මිනිහෙක් ගන්න ඕන නෑ, ඒක මොළේ තීන එකෙක්ට කැල් එකක් ගත්තම විනාඩි පහ්ගේ වැඩේ. උඹේ බොසාට ඒක බැරි ගොනෙක් වීම අරුමයක් වෙන්නෙ නෑ, මොකද මිනිහ උඹව වැඩට ගන්නෙ නෑනෙ එහෙම නැත්තං.

      අද ලංකාවෙ තීන මිළ හැටියට වර්ග අඩියක් රුපියල් නමසීයට හදන්න පුලුවන් අර බංගලිදේශ් වල වගේ අවුරුද්දෙන් වැටෙන විදියට තමයි.


      Total Land Area = 68p
      Built Area 51p ( 3/4 of land) = 13,872sqft
      Area/ Flat = 1500 sqf
      Total Flats = 65
      Flats/ floor (13872/1500 - public areas) = 7 flats
      Total floors (65/7+ parking & reception) = 11
      Total fl. Area of bld. = 13872 x 11 = 152,592sqft.
      Total cons. Cost = Rs.138,000,000 ( As per your budget)
      Cost / Sqft (138mn/152592) = Rs. 904.372

      තමන් හැමදේම දන්නව කියල හිතන් ඉන්න එකත් එක වර්ගයක පිස්සුවක්. අනික පර්චස් හැටක ඉඩමක් අරන් තට්ටු දහයෙන් නවත්වන්නෙත්, ලක්ෂෙක ෆ්ලැට් එකක් තිස් හයදාහට දෙන්න බිස්නස් ප්‍රපෝසල් හදන්නෙත් මොළේ හොඳට තීන එකෙක් වෙන්න බෑ!

      ඒ වගේම උඹ මේ බ්ලොග් ලෝකෙ මහ පොළිස් කාරය වගේ එක එකාට බැනල දොස් කියල මේ බ්ලොග් අවකාශෙ හරි පාරෙ ගෙනියන කෙරුමෙක් කියල හිතනවනං එකත් ඒ වගේම පිස්සුවක්. උඹෙ ඔය විකාර දැක්කම මතක් වෙන්නෙ අර පාරෙ ඉන්න ට්‍රැෆික් පිස්සො. මොකද උන් හිතනව උන්ගෙ අත්වැනිල්ලට තමයි පාරෙ වාහන හප්ප නොගෙන යන්නෙ කියල. පවු!

      තමන්ට එන විවෙචන විඳින්න අමාරුනම් කමෙන්ට් මොඩරේෂන් කරහන්. එතකොට පිට කහන එව්ව විතරක් දාල අනික්ව විසි කරල පොර වෙන්න පුළුවන්. එහෙම නැත්තන් විවෙචන සාධාරනව අරන් මිනිහෙක් වගේ වාදෙට වරෙන් නිකන් බල්ලෙක් වගේ උඩු නොබුර.

      දැන් මෙතන මට මින් පස්සෙ උඹ කියන අකෝෂ පරිබ්‍රව අර බුදුන් සච්චක බමුණට කිව්ව වගේ මම භාර ගන්නෙ නෑ. ඒ නිස ඒවත් උඹම තියා ගනින්. මේ අදහසට අවස්ථාව දුන්නට ස්තූතියි!

      Delete
    6. පව් ගොඩක් මහන්සි වෙලා.. :D

      Delete
    7. මගේ කට කහනවා කහනවා වගේ ගතියක් තියෙනවා.. උත්තර දෙන්නත් හිතයි ...මොකද කරන්නේ දැන් .... සංසාරේ සංසාරේ .... !

      :D

      Delete

    8. \\\\\\\\තමන්ට එන විවෙචන විඳින්න අමාරුනම් කමෙන්ට් මොඩරේෂන් කරහන්. එහෙම නැත්තන් විවෙචන සාධාරනව අරන් මිනිහෙක් වගේ වාදෙට වරෙන් නිකන් බල්ලෙක් වගේ උඩු නොබුර.\\\\\\

      අන්න රයිට් මටත් ඕනේ උනේ කෙහෙල් කැන වැට පනිනකම් ඉන්න .. මට කියන්න ඉන්දික කොහොමද මම මොඩරේෂන් දැම්මා කියලා දන්නේ ...? ඇනෝ එකක් දාන්න ගිහින් කෙලවගත්තා නේද මට තිත්ත කුණුහරපෙන් බැනලා... ( මම මොඩරේෂන් දැම්මද නැද්ද කියලා දැනගන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න යන කෙනෙක්ට විතරමයි )


      \\\\\\\\ අනික සහන් තමන් මිනිහෙක්ගෙ වටිනාකම මනින විදිය කියල දෙන්න ආපු නූතන ආර්ථික විද්‍යඥය කියල හිතන් ඉන්නවනං කියන්න තීන්නෙ දුකයි කියල තමයි.\\\\\\

      පොස්ටුවේ මාතෘකාවද නැවත වරක් කියවලා ආවොත් නරකද . .. "පුද්ගල මිළ තීරණය වීම" මිසක් "මිනිහෙක්ගෙ වටිනාකම මනින විදිය" නෙවෙයි. ඒ දෙක දෙකක්. අපිට කවදවත් බැහැ කෙනෙක්ගේ වටිනාකම මෙච්චරයි කියන්න. මට ජැකී චෑන්ව මහා වීරයෙක් වගේ පේන්න පුළුවන්. ඒත් ඉන්දිකට එයාව සත පහකට වැඩක් නැති වෙන්න පුළුවන්..

      මම ගහන ෆිල්ම් එකට එයාව කෝටි ගාණක් දීලා ගන්නවා වෙන්න පුළුවන්. ඉන්දික අහයි "මොන පිස්සුවටද කෝටි ගාණක් ජැකී වගේ පීචන් එකෙක්ට ගෙවන්නේ" කියලා.( උදාහරණයක් පමණයි.නැත්නම් ඒකටත් කියයි උඹයි මායි ගහන ෆිල්ම් කියල  )

      \\\\\\\\ඒ වගේ දෙයක් කරන්න ලක්ෂ හතරක පඩියට මිනිහෙක් ගන්න ඕන නෑ, ඒක මොළේ තීන එකෙක්ට කැල් එකක් ගත්තම විනාඩි පහ්ගේ වැඩේ. \\\\\\\

      එහෙමද ...:P අපරාදේ නේද එහෙනම් මොරටුව / පේරාදෙණිය විශ්ව විද්‍යාල ටිකට ආණ්ඩුවෙන් වියදම් කරන්නේ ...? ඉන්දික දැන් අවුරුදු ගාණක් මැද පෙරදිගනේ.. කවමදාවත් අහලා තියේද qs ගැන ...?
      ( ඉන්දික ඔය ගණන් ටික හදවා ගත්තේ එහෙම කෙනෙක්ගෙන්..මම නමත් කියන්නද එයාගේ. )


      \\\\\\\\\\අනික පර්චස් හැටක ඉඩමක් අරන් තට්ටු දහයෙන් නවත්වන්නෙත්, ලක්ෂෙක ෆ්ලැට් එකක් තිස් හයදාහට දෙන්න බිස්නස් ප්‍රපෝසල් හදන්නෙත් මොළේ හොඳට තීන එකෙක් වෙන්න බෑ!\\\\\\\\\\\

      i. මම ඉතාම පැහැදිළිව කිව්වා ඉදිකිරීම පළමු අදියර = ලක්ෂ 1380 ( මේ මුදල ඇති වෘත්තීමය රහස් දන්නා කෙනෙකුට වැඩේ ගොඩ දාන්න. ඒවා ඕනේ නැහැ නෙව බ්ලොග් එකට )  දෙවෙනි තෙවෙනි හතර වෙනි පස් වෙනි අදියරවල් තියෙනවා ඉන්දික.. පොඩ්ඩක් ඉවසන්න.. එක රැයෙන් එළි වෙන්නේ නැහැ... :D

      ii.කරුණාකර මැලේ රාළ වෙත ලබා දී ඇති පිළිතුර බලනු මැනව ..! අපේ කොම්පැණියේ මිළ තීරණය කරන්නේ ඔයා නෙවේ මම ..! ඒ ගණන් ගැන ආවට ගියාට බ්ලොග් එකේ ලියන්නේ නැහැ. තේරුණාද ..?දන්නවා ඇතිනේ මම කියන්නේ නැති දේ කියන්නේ නැහැ මට කොච්චර අපහාස කරත් ...



      \\\\\\\\\\ඒ වගේම උඹ මේ බ්ලොග් ලෝකෙ මහ පොළිස් කාරය වගේ එක එකාට බැනල දොස් කියල මේ බ්ලොග් අවකාශෙ හරි පාරෙ ගෙනියන කෙරුමෙක් කියල හිතනවනං එකත් ඒ වගේම පිස්සුවක්.\\\\\\\\\

      ඉන්දික මම බැන්නා නම් බැනලා තියෙන්නේ LTTE හරි එහෙම නැත්නම් අහිංසක කෙනෙක්ව අල්ලන් මඩවන වැඩ කරන අයට විතරයි... ඉන්දික පුළුවන් නම් පෙන්නන්න මම අහිංසක මිනිහෙක්ට බැනපු තැනක් ... ! මම කවමදාවත් මිනිස්සුන්ට ගරහන්නේ නැහැ.. හැබැයි තිරිසන් වැඩ කරන උන්ට නම් උත්තර දීලා තියෙනවා .. පහු ගිය ටිකේ දකින්න ඇතිනේ " ගවේෂකයාගේ බ්ලොග් එකට " උනු දේ ..? ඌව අල්ලන් මුළු බ්ලොග් අවකාශයම ගත්ත 2.50 ආතල් එක දකින්න ඇති නේද ...? ඌ වෙනුවෙන් කතා කරේ මමයි මාලනුයි විතරයි... ඉන්දික දැක්කද ගවේශකයට පලු යන්න බැනපු උන් ප්‍රභාකරන්ට සුදු හුණු ගාණ හැටි ...? එවැනි 2.50 වැඩ කරන අයට නම් මම කතා කරලා තියෙනවා.. ඒ ඇර කිසිම දාක අහිංසක කෙනෙක් අල්ලන් ඒ මනුස්සයව අපහසුතාවයට පත් කරලා නැහැ ...

      ඉන්දිකට සහ අනිත් සියලු දෙනාට පේන්න එක්ක මම යටින් පෝස්ට් කීපයක මම දාපු කමෙන්ට් කීපයක් දානවා..ඒවා දැක්කම තීරණය කරන්න මම මිනිස්සු වෙනුවෙන් කතා කරන මිනිහෙක්ද නැද්ද කියලා.. මම ඉන්නේ නිර්ණාමිකව බව හැබෑව..ඒත් යම් කිසි කෙනෙකුට නීත්‍යානුකූලව මා ගැන දැනගන්න ඕනේ උණොත් මම එනවා..හැංගිලා නම් බ්ලොග් ලියන්න ආවේ නැහැ ප්‍රොෆයිල් පිටිපස්සේ ඉඳන් ....

      Delete
    9. සහන්,

      ඔය ඇනෝ කමෙන්ට් කතාවට කියන්න තීන මට පුකෙන් හිනා කියල විතරයි ( පුක යනු කුණුහරුපයක් නොවේ - බ්ලොග් ගුරු කකා).

      මම මුල් කමෙන්ට් එක දාද්දි කමෙන්ට් මොඩරේට් කරල් නෑ. ඒකයි කිව්වෙ රිදෙන කමෙන්ට් එපානම් කමෙන්ට් මොඩරේට් කරහන් කියල. නොතේරුම් කම ගැන නැවත කණගාටුයි!

      මට කොන්ටිටි සර්වේයර්ල ගැන කියන්න කලින් මම කවුද කියල, වෘත්තිය මොකද්ද කියල බලා ගන්න මගෙ Linkedin ප්‍රොෆයිල් එක බලල එන්න.

      මීට කලින් ඔබ කියල තිබ්බ චන්ද්‍රිකා, කැමරා ගැන කතා නොකලෙ ඒ මට ආගන්තුක ක්ෂේත්‍ර නිසා. මේකට හොට දැම්මෙ මගේ සබ්ජෙක්ට් එක නිසා.

      එච්චරයි.

      ස්තූතියි!

      Delete
    10. මට දැන් පොඩි ප්‍රශ්නයක් එනවා අර උඩ හදලා තිබුණු ගණන් ටික ගැන ... ඇහුවොත් නම් විනාසයි ... ඒ නිසා ඕනේ නැහැ... :P


      නමුත් මම ඉතාම සරළ ආකාරයේ ගණන් ටිකක් හදලා පෙන්නන්නම් .. හොඳට මතක තියාගන්න මේක නෙවේ මම හදපු එක.. කිව්වනේ ඒක එළියට දාන්නේ නැහැ කියලා..

      අඩි 12 x 12 කාමර 5යි . නිදන කාමරම පහක් නෙවේ. ... හොඳට මතක තියාගන්න නිකන් දළ අදහසක් ගන්න විතරයි හරිද ... එවැනි ඉඩක කරන්න පුළුවන් සෙල්ලම් ගැන ඔබ දැනගත යුතුයි!

      12 x 12 x 5 = 720 ( දැන් මේ 720sqft වෙනුවට 900sqft ක්ම අතින් දාන්න. ඇයි කියලා මම පස්සේ කියන්නම්  )

      එවැනි නිවාස  65 නම් ඒවාට වැය වන ඉඩ = 900 x 65 = 62,000sqft. ( ඔන්න දැන් ආයෙම අතින් දාන්න 75,000sqft ක් කියල. ඇයි කියලා මම පස්සේ කියන්නම් )

      වාහන පාර්කින් , පූල් තියේ නම් ඒවා , ක්ලබ් තියේ නම් ඒවා , බාර් , පඩි පේළි , ලිෆ්ට් සඳලු තල  අරව මේවා ඔක්කොම හදන්න තව ගෙඩිය පිටින්ම තවත් 70,000sqft දැම්මා කියමු.. මෙච්චර යන්නේ නැහැ.. මොකද මූළික අරමුණ වූ නිවාස තැනීමටත්  වඩා ප්‍රමුඛත්වයක්  වෙනත් දේට  දෙන්නේ නැහැ.. ( සහන් නම් එහෙමයි )

      දැන් මුළු එකතුව කීයද ..?

      75,000 + 70,000 = 145,000sqft ..

      හොඳට බලන්න ඉන්දික මම අතින් දාලා  විශාල වර්ග අඩි ප්‍රමාණයක් ඉදි කිරීම වෙනුවෙන් ඇස්තමේන්තු කරා .. වැඩිපුර 36 % කට වඩා මම දැම්මා. එහෙම කරලත් මට ඔයා හදපු ගාණ එන්නේ නැහැ.. ඇත්ත කියන්න ඔයා හොරෙන් වෙන බිල්ඩිමක් හදන්න බාර ගත්තද අපේ මුදලින් ...? අපේ සල්ලි වලින් වෙන අයට හොරෙන් තට්ටු ගෙවල් හදන්න නේද ...? ඔයාව නම් අදම සේවයෙන් අයින් කරනවා.. :)

      අහ්හ්හ්හ් අමතක උනා.. විනාඩි 5 න් මෙහෙම එකක් සැලසුම් කරන්න බැහැ හැමෝටම ...P

      අන්න ඒකයි ඉන්දික මම කිව්ව " පුද්ගල මිළ තීරණය වීම " කියන්නේ අමුතුම දෙයක්  ... නියම පොරක්ට විතරයි වන් මෑන් ෂෝ ගහන්න පුළුවන් එක විනාඩි 5 න්. හැමෝටම බැහැ. එවැනි කෙනෙක්ට විතරයි විශාල  වැටුප් හිමි වෙන්නේ. මතකද මම කිව්වා දොට්ට වැටුණු  අය ආයතනයේ හිමි කරුවන් වෙද්දී අනිත් අයට කරගන්න දෙයක් නැති උනා කියලා..!

      ඔබට ස්තූතියි පෝස්ටුවේ හරය හෙළිදරව් කිරීමට සහය වීම ගැන.

      ලංකාවට ආව දවසක අපි මුණගැහෙමු ... එක මේසේ ඉඳන් ෂොට් එකක් ගහලම කතා කරමු වෘත්තීයමය අද්දැකීම් ගැන.. එච්චරයි.. මා ළඟ ලොකු ලයින් නැහැ... හැබැයි නිහතමානී අය එක්ක විතරයි මම කතා කරන්නේ...

      ස්තූතියි .. ( මේ ගැන තව තවත් කතා කිරීම නිෂ්ඵලයි ඉන්දික )

      Delete
    11. අද නිවාඩු නිසා දැන් දැක්කෙ සහන්ගෙ උත්තරේ. ඔයා කියන කතාව හරි. මේ ගැන තව කතාව නිෂ්පලයි, මොකද මම වර්ග අඩි 1500ක් ගෙට වෙන් කරල ගාන හදපු එක හරියට නොදැක ඔයා වර්ග අඩි 900ක් දාල ටපලගෙන! තව කතා කරොත් ඔයා තව පැටලෙයි.

      ඔව්, අපි ආපු දවසක හමුවෙමු...ජය!

      Delete
    12. ඉන්දික හොඳ සාහිත්‍ය කාරයා නෙව. ඔන්න අපි ඒ සිස්ටෝන් එකටම යමු මෙදා පාර. කිතුලට ගිය එකත් කිව්වලු

      " හරි හරි මිනිහෝ තමුසේ කියන්න ඕනේ නැහැ ගහ උඩ තණකොළ නැහැයි කියලා. ඒක මන් දන්නවා.මේ පේන්නේ නැද්ද මම බහිනවා. නිකන් කියවන්නේ නැතුව ඉන්නවා මනුස්සයෝ"

      තනි ඇහැට ඇඬෙනවා නේද ඔය වගේ කතාවක් ඇහුවම ..? හරි ඒකට කමක් නැහැයි කියමු. ඔන්න මම කඳුළු පිහද ගත්ත.

      දැන් එමු නඩුව විසඳන්න.

      __________________________
      නඩු අංක 01.
      \\\\ අද නිවාඩු දවස නිසා දැන් දැක්කේ \\\\

      ඇයි මේ බොරු කියන්නේ .. මම අවසාන රිප්ලයි එක දැම්මට පස්සේ ඔයා තුන් පාරක් ආව. වෙනත් අඩවි වල මහා ලොකු කමෙන්ට් පවා දැම්ම. මේකත් නැහැ කියනවා නම් මට ඔබේ පරිගණකයේ ඇති හිස්ටරි මගින්ම පෙන්වන්න පුළුවන්. බහරේන් වලින් 1:XRxXlL2Pi-vAsW67eRP-oq_-JeeQOQ:Ck2vTsON6FihOTu7 දරන කුකිය හිමි ඔබේ පරිගණකයට.  මේ වෙද්දී ඔයා 12 පාරක් ආව මම. ඉන්දික මම මේවා ගැන හොඳටම දැනගෙන කතා කරන්නේ.


      නඩු අංක 02. නිවසේ වර්ග අඩි ගණන සම්බන්ධව ඇතිව ඇති ගැටලුව නිරාකරණය කරගැන්ම.

                  ඉන්දික මුලින්ම මට ගණන් පෙන්නුවා. ඒවා දැක්කට පස්සේ මම කිව්වා 12 x 12 ප්‍රමාණයේ කාමර 5 ක් හදන්න පුළුවන් තැනක ඇති ඉඩ ප්‍රමානය ගැන ඔබ දැනුවත් විය යුතු බව( ඔබ මේ ක්ශේත්‍රයේ ඉන්නා අයෙක් නම් ) .

      මා ඔබට දී තිබු සහන අවස්ථා 03 ද ඔබ මග හැර ඇති නිසා මා පිළිතුරු දෙමි.

                  සාමාන්‍ය මනුෂ්‍ය අවශ්‍යතාවයන් සිදු වන කාමරයක ඇති අංග මෙසේ වේ. ඇඳක් , පුංචි පහේ ලියන මේසයක් , කණ්නාඩි මේසයක් , ඇඳුම් අසුරා තබනයක්. අඩි 12 ක් දිග අඩි 12 පළල කාමරය මේ සියල්ල තැබීමටත් , බාධාවකින් තොරව පරිහරණයටත් සෑහේ. ( එහෙම බෑ කියනවා නම් කරුණාකර  නැවත පාසල් යන්න )

                      එවන් කාමර 4 ක් , මුළු තැන් ගෙයක් , විසිත්ත කාමරයක් හා අනික් අවශ්‍ය සියලු අංග ( ඒ මොනවා දැයි ඔබ දැනගත යුතුයි ) ඇතුළත්ව නිවාස සංකීර්ණයකට උචිත අයුරින් නිවසක් සැදීමට වර්ග අඩි 900 ඉතාම සෑහේ. ( මතකනේ අපි මේ හදන්නේ මොකක්ද කියල. ප්‍රොජෙක්ට් මාරු කරගන්න එපා . ගහ දන්න මට කොළ කඩන්න එන්න එපා ඉන්දික. මම මිනිස්සු ගැනත් දන්නවා , විශය ගැනත් දන්නවා , මිනිස්සුන්ව පාලනය කරන හැටිත් දන්නවා. මිනිස්සුන්ගෙන් වැඩ ගන්න හැටිත් දන්නවා. බොරුකාරයෝ ගැනත් දන්නවා. එයාලා කියන බයිලා ගැනත් දන්නවා. මට මේ ගැන තියෙන පළපුරුද්ද අවුරුදු 24 කට වැඩි. )


      එහෙම තියෙද්දී ඔයා මට කියනවා ඔයා හැදුවේ වර්ග අඩි 1500 ක ගෙයක් කියල. හොඳයි අපි බලමු ..

      1500 / 150 = කාමර 10 ක් ..!

      ඉන්දික ඔය වගේ උත්තරයක් හරි හමන් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙකුට කිව්වා නම් වෙන්නේ මෙච්චරයි. 

      " අයිසේ ඉන්දික  ඒ මිනිස්සු ඇවිත් ඉන්නේ ගෑණියි ළමයි දෙන්නයි එක්ක රස්සාවට . නිදන කාමර 6 ක් එක්ක ගෙයක් ගන්නේ මොන බම්බුවටද මිනිහෙක්. තමුසේ හිතන් ඉන්නේ මේක මොකක් කියලද ඕයි. අපි මේ ගෙවල් විකුණන්නේ වෘත්තියකන්ට මිසක් පිස්සන්ට නෙවේ. දැන් යනවා තමුසෙගෙ මේ රෙද්ද අකුළන් "

      ඉන්දික ඔයාට බැහැ මා එක්ක කතා කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ. මම මේවා ගැන ඉගෙන ගත්තේ මගේ සීයගෙන් , තාත්තාගෙන් , ලොකු තාත්තලාගෙන් කුණුහරප අහ අහ. එහෙම ඉගෙන ගත්ත නිසා අද මම එක එකා කොළ පොඩි කරන්න එද්දී දන්නවා ඌ පොඩි කරේ මොන ගහේ කොලේද කියලා..

      ඔයා හැදුවේ බොරුවට වර්ග අඩි ගණන වැඩි කරලා පෙන්නලා ; වර්ග අඩියක් සඳහා යෙදු මුදල අඩු කරලා පෙන්නන්න. අනේ ඉන්දික මල්ලි එන්න මා ළඟ 15,000ට අවුරුදු දෙකක් වැඩ කරන්න. ඔයාට උගන්නලා ගන්නම් සබ්ජෙක්ට් එක.. ඊට පස්සේ ලින්ක්ඩ් ඉන් එකක් හදන්න " ------------- " ළඟ වැඩ කරා කියලා.. යන්න ආයේ මිඩ්ල් ඊස්ට්. කාගෙන් වත් පල් නොවී මැරෙනකම් වැඩ කරන්න ලැබේවි..

      Delete
    13. නඩු 1.

      ඔයාගෙ පරිගණක රහස්පරීක්ෂක වැඩ අන්තිමයි. මම ඊයෙ දවසටම කමෙන්ට් කලේ කකාගෙ බ්ලොග් එකේ විතරයි. කොටිම්ම මගේ එකේ දාපු අරූගෙ සහ හැලෙපෙගෙ කමෙන්ට් වලට උත්තර දෙන්න යන්න වෙලා තිබ්බෙ වත් නෑ. නිකන් බොරු කුකී කතා කියන්නෙපා. මම බ්ලොග් මොබයිල් එකෙනුත් බලනව, ගෙදර කම්පියුටරෙනුත් බලනව කන්තෝරුවෙනුත් බලනව. ඒත් මගෙ රීඩරේ ඔබේ අඩවිය නැති නිසා සහ කකාගෙ බ්ලොග් රෝලෙ ( මම පාවිච්චි කරන සින්ඩිය ) ඔබ නැති නිසා නිවාඩු දාට දවාලට මොබයිල් එකෙන් එවෙන්නෙ නෑ මිත්‍රය.

      නඩු දෙක.

      සහන් මේ සුඛෝපබෝගී කියල විකුනන්න යන්නෙ බාල කුකුල් කූඩු වගේ ගෙවල්නෙ! 12 x 12 කාමරය කින්ග් සයි ඇඳක් තිබ්බම දොර ඇරෙන්නයි, ඇටෑච් බාතෲම් එකේ දොරට්යි ඉඩ ඇරියම ඉතුවෙන්නෙ යන්තන් මේස කෑල්ල තියා ගන්න විතරයි. එහෙම එවට ප්‍රොෆෙෂනල්ස්ල කියන්නෙ බජට් හවුසින් මිසක් ලක්ෂරි නෙමෙයි. කාමර තුනක සුකොහෙපභෝගී නිවාස සංකීර්ණවල ඉඩ සහ මිල ගැන මෙන්න පොඩි උදාරණ ටිකක්. ගිහින් ඉගෙන ගෙන එන්න ඉස්සෙල්ල.

      Royal Park 3BR – 1878sqft


      Havloc City 3BR – 1496sqft


      Green Path Res 3BR – 1450 to 2050sqft


      Barns Residency 3BR – 1820sqft


      Capitol Residecy 3BR – 1850sqft

      Man, Luxury comes with the price!

      ඔයත් වෙලාවකට සහන් ලංකාවෙ පත්තර කාරයො වගේ. ඔය වගේ අඩි නමසීයෙ ෆ්ලැට් වලට ලක්ෂරි කියන, ටොයෝට ඇලියොන් හරි කොරොල්ල හරි වගේ ඉකොනොමි කාර් වලට ලක්ෂරි කාර් කියන, මෙලෝ රහක් නැති යකා ඩයල් වලට සුරූපි තරුණිය කියන ලිං ගෙම්බො වගේ වෙන වෙන එක ඔයාට හරි මදි.

      වෙලාවට මගේ ලඟ ඉන්න QS ල ඔයාගෙ වගේ මෝඩ ප්‍රොපෝසල් හදන්න හිතන්නෙවත් නෑ. මොකද උන් දන්නව ඔය වගේ ගොන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ගෙනාවනං ආයි උන්ටම දෙනව කියල කොළ ටික ගිහින් කකුස්සියෙ ගහගන්න කියල පස්ස පිහදගන්න.

      ස්තූතියි සහන් ආරාධනාවට. මම මේසන් බාස්ලගෙන් බිල්ඩින් ඉකෝනොමික්ස් ඉගෙන ගන්න බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා වෙන කෙනෙක් හොයා ගන්න

      ( ඔව් පොඩ්ඩක් මහන්සිවෙන්න උනා තමයි.පොඩිළමයින්ට යමක් කියල දෙනකොට ඉවසීම සහ කැපවීම තියෙන්න ඕන.)

      Delete
    14. අමතක උනා කියන්න. උඩ ඔයා කියන විදිය වර්ග අඩි 900ක ගෙවල් කූඩු හැදුවත් වර්ග අඩියක වියදම වෙන්නෙ රුපියල් 951.72. ඒත් ඔයා ෆේල්!

      Delete

    15. හපොයි ඒ පාර 1500qft ය 2050qft දක්වා ඉහළ ගිහින් නේද ...? කමක් නැහැ ඉන්දික.. අපි ටික ටික ඉගෙන ගමු.. ඔක්කොම එක පාරට බැහැ නෙව..

      @ ඉන්දික සහ මෙය බලන අනිත් සියලු දෙනාට


      අඩි 13 ක් පළල  අඩි 15 ක් දිග කාමරයක් සඳහා වැය වන ඉඩ ප්‍රමාණය ?
      13 x 15 = 195qft . ( වර්ග අඩි 200 යි කියමුකෝ )

      වර්ග අඩි 900 ක ඉඩක් තුළ එවැනි කාමර කීයක් සෑදිය හැකිද ?

      900/195 = 4යි ( තව වර්ග අඩි 120 ක් ඉතුරුයි . අඩි 10 යි 12 තව කාමරයක් හදන්න ඒ ඉඩ ඇති )

      මට අහන්න තියෙන්නේ මාස්ටර් බෙඩ් රූම් 4 ක් එක්ක ගෙයක් හදන්නේ ඇයි ..? එක ගෙයි පවුල් කීයක් ඉන්න බලාපොරොත්තුවෙන්ද  ..?

      දරුවන් සඳහා වන කාමර විශාල ඉඩකින් යුතුව හදන්නේ නැහැ වෘත්තීමය සැලසුම්කරණයෙදී. ( මාස්ටර් බෙඩ් රූම් එකයි හදන්නේ.. හොඳට මතක තියාගන්න අපි මේ හදන්නේ නිවාස සංකීර්ණයක් මිසක් පුද්ගලික තනි නිවසක් නෙවේ.)


      ඉන්දික කියනවා වර්ග අඩි 2050 වෙන නිවාස ගැන. හොඳයි අපි බලමු ගණන් හදලා..

      2050qft / 200qft = කාමර 10 යි. ( විසිත්ත කාමරය , බාත් රූම් , කෑම කාමරය , අරව මේවා ඔක්කොටම තව ඉඩ ඇරියත් මාස්ටර් බෙඩ් රූම්  6 ක් හදන්න පුළුවන් නේද මේ ඉඩෙන් ? )

      විශාල ප්‍රමාණයේ කාමර 10 ක් තියෙන  ගෙයක් තියේද නිවාස සංකීර්ණයක  ...? අනේ මට නම් හිතාගන්න බැහැ ඉන්දික කියන්නේ ගෙවල් ගැනද වෙන මොනවා හරි ගැනද කියලා.. ඉන්ටනෙට් එකේ තියෙන දේවල් ගෙනත් එක පාරටම අත ඇරියම මේ වගේ දේවල් වෙනවා..පොඩ්ඩක් ගණන් හදන්න ඉන්දික ..ඔයාමනේ කිවේ කැල් එකක් ගත්තම විනාඩි 5 හේ වැඩේ කියලා...


      මට කොළ පොඩි කරන්න එන්න එපා අනේ රොයල් පාර්ක් එක ගැන... :D

      \\\ඔයාගෙ වගේ මෝඩ ප්‍රොපෝසල් හදන්න හිතන්නෙවත් නෑ. මොකද උන් දන්නව ඔය වගේ ගොන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ගෙනාවනං ආයි උන්ටම දෙනව කියල කොළ ටික ගිහින් කකුස්සියෙ ගහගන්න කියල පස්ස පිහදගන්න\\\


      හොඳ ළමය වගේ ආයේ යන්න..ගිහින් හදන් එන්න මීට වඩා හොඳ ප්‍රොජෙක්ට් එකක්...:D

      Delete
    16. \\\අමතක උනා කියන්න. උඩ ඔයා කියන විදිය වර්ග අඩි 900ක ගෙවල් කූඩු හැදුවත් වර්ග අඩියක වියදම වෙන්නෙ රුපියල් 951.72. ඒත් ඔයා ෆේල්!\\\\\\\\

      ඉවරයි ඉවරයි ඉවරයි ..මන් ඉවරයි.. මට රෙද්ද පල්ලේ ගියා..මම පිලිගන්නවා මම මේ ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක් බව.. මට සමාව දෙන්න ඉන්දික අය්යේ.. තව තවත් මාව අසරණ කරන්න එපා ..


      මීට අසරණ සහන් මල්ලි :D


      යන්න කළින් මට අන්තිම වතාවට මේ අවසාන ගණන හදන්න ඉඩ දෙන්න

      900sqft x 951rs = 855,900..

      මේ මුදලින් ***නිවාස සංකීර්ණයක ඇති නිවසක්*** හදන්න බැරි නම් බැහැ තමයි මුකුත්...! ( මොකද වහලය , පොළොව , බිත්ති , සඳලු තල ෂෙයාර් වෙනවා. තට්ටු ගෙදරක වහලය ගෙයින් ගෙට එකින් එක හදන්නේ නැහැ අපි නම්.. එකෙකුගේ වහලය වෙන්නේ අනිකාගේ පොළොව .. ලොල් )

      අනික මම පැහැදිළිව පොස්ට් එකේ කිව්වා අපිට තව ලක්ෂ 1100 ක්ම ඉතුරු බව ... :D


      එකෙකුගේ වහලය වෙන්නේ අනිකාගේ පොළොව .. ලොල්

      Delete
    17. සහන්,



      Havloc City 3BR – 1496sqft


      Green Path Res 3BR – 1450 to 2050sqft


      ගිහින් බලන්න මම දීල තීන ලින්ක් වලට. බිල්ඩින් ප්ලෑන්ස් එක්කම තියෙනව බැබැලි බැබැලි බලාගන්න ලක්ෂරි ෆ්ලැට් එකක ෆ්ලෝ සෙටින් අවුට් එක.

      එතකොට තේරෙයි ඇයි වර්ග අඩි 1500 මම වෙන් කෙරුවෙ ඇයි කියල.

      මෙච්චර බ්ලැක් ඇන්ඩ් වයිට් තියෙද්දිත් නොතේරෙන බබල එක්ක තව මොන කතාද.

      ඕකනෙ සුද්ද කියල තියෙන්නෙ

      Don’t argue with idiots because they will drag you down to their level and then beat you with experience කියල.

      Delete
    18. \\\\එතකොට තේරෙයි ඇයි වර්ග අඩි 1500 මම වෙන් කෙරුවෙ ඇයි කියල.\\\\\\\\

      හරියටම හරි ඉන්දික..මට ඕනේ උනෙත් ඔයාව ගහට යවන්න..දැන් බහිමු.. ඔයා මේ තනිකර කරන්නේ ඉන්ටනෙට් හොයලා මට ගණන් පෙන්වන්න එන එක.. මම ඔයාට කීපාරක් කියන්නද එහෙම කරන්න එපා කියලා...

      \\\\මෙච්චර බ්ලැක් ඇන්ඩ් වයිට් තියෙද්දිත් නොතේරෙන බබල එක්ක තව මොන කතාද. \\\

      ඒක ඇත්ත.. කරුණාකරලා හොඳ ළමයා වගේ ආයෙම උඩ මම පපු ගණන් නැවත හදන්න...

      ඔයා මේ කරන්නේ " පෙර නිමි " ගණන් බලාගෙන ගණන් පෙන්වීම.. ඔයාට අවබෝදයක් නැහැ ඔයා කියන කරන දේවල් ගැන. නිවාස සංකීර්ණයක ඇති ඉඩ ෂෙයාර් වෙනවා. ඒ පොදු ඉඩ නැවත එකම UNIT එකට කීප පාරක් add කරනවා..එහෙමයි බොරු ගණන් පෙන්වන්නේ..

      නමුත් ඇත්තටම එතන වර්ග අඩි 1500 ක් නැහැ. මම මේ කතා කරන්නේ එන්ජිනියරින් ප්ලෑන් එක ගැන මිසක් මාර්කටින් ප්ලෑන් එක නෙවේ.. ඔයා මට මාර්කටින් ප්ලෑන් එක පෙන්නලා ඉංජිනියරින් ප්ලෑන් එක හදන්න එන්න එපා..ඒ දෙක දෙකක් ඉන්දික...

      මතකනේ මම මාර්කටින් ගැනත් දන්නවා , එන්ජිනියරින් ගැනත් දන්නවා.. කිසි කෙනෙකුට බැහැ මට කොළ පොඩි කරන්න.. ඔයා ඕනෙම දෙයක් කියන්න..ඒ සියල්ලටම මම උත්තර දෙනවා.. දවසක ඔයාට රෝයල් පාර්ක් සැලසුම හදපු ප්‍රොජෙක්ට් මැනේජර්ව මුණගස්වන්නම්.. එයාගේ කටින්ම අහන්න ඔයා..

      එදාට තේරෙයි ....

      ( කැමැති නම් තව තව දේවල් කියන්න..ඒ සියල්ලට උත්තර දෙනවා අකුරක් නෑර )

      Delete
    19. Sahan,

      No more arguments with you and I mentioned the reason above.

      But, do this simple math for one last time.

      Your total project cost = 223mn (138+85)
      Number of flats = 65
      Cost/ Flat = 3,430,769.00 ( Sahan can build for this price without walls and finishes :D )

      Now dont tell me you got another 110mn balance in hand because you said at the first //එක๢๧නකට අන๤බද๞ධව ස๠කස๤ න๢ව๟ස 65 ක๢න๞ සමන๞໶ත න๢ව๟ස ස๜ක๣໮ණයක๞ ස๟ද๟ න๢ම ක๢໲මට ๧໦ ම๤දල๞ ප๫මණවත๞ .

      ( මතක තබ๟ ගන๞න අප๢ට ත๟මත๞ ලක๞ෂ 1100 ඉත๩ර๠ය๢. )//

      Cheapest 2BR flat in Colombo is 10mn. If you could built for 3.5mn, why do you plan to rent? sell it and make 6.5mn on spot!

      If this is feasible, whole world will come here and built flats and make 300% profit just in one year!

      Come on bro! Don't give this bull shit and write something real and feasible.

      Tc.

      Indika.




      Delete
    20. හොඳයි :)

      හැබැයි මම දාන ඊළඟ පෝස්ට් එක පොඩ්ඩක් බලන්න ... :)

      Delete
    21. මේක හොඳ ක්‍රමයක්. වලියක් දාගන්නව පෝස්ටුවක් දානව! :-)

      Delete
    22. හිට් ටිකක් කොටා ගන්න ලැබෙන චෑන්ස් එකක් නැති කරගන්න බැහැ නෙව ... :)

      Delete
  9. කතාවනම් ඇත්ත.. කාවටත් තව කෙනෙක් වගේ වෙන්න කොහෙත්ම බැහැ.. දක්ෂ කම කෝම වුනත් කාලයත් එක්ක තියෙන ජනප්‍රියත්වයත් එක්ක මිල හැමදාම ඉහල යනවා..

    අන්තිම චිත්‍රේ නේද? මේ දිව අග තියෙනවා මතක නෑ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අපිට කරන්න තියෙන්නේ හිත අධෛර්යමත් කරගන්නේ නැතුව අපේ ගමන යන්න දිනේෂ්..කවද හරි සුබ දෙයක් වේවිනෙ.. " අයියෝ ශාරුක් වගේ වෙන්න බැරි උනා " කියලා දුක් වෙන්නේ මක්කෙයි ...?

      \\\අන්තිම චිත්‍රේ නේද? මේ දිව අග තියෙනවා මතක නෑ අෆ්ෆා..\\\

      උත්සාහ කරන්න...

      Delete
  10. අඩෝ මෙන්න මම ඇඳපු චිත්‍රයක් සහන් අයියගෙ බ්ලොග් එකේ දාලා.

    ReplyDelete
  11. මගේ ඔළුව කැරකෙනවා වගේ. ඇන්දේ කවුරු වුණත් චිත්‍රය නං ලස්සණ යි!

    ReplyDelete
    Replies
    1. ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ධාරා.. ඔහේ පාඩුවේ චිත්‍රයක් ඇඳන් ඉන්න කෙනෙක්...

      Delete
  12. කෙනෙක්ගේ මාකට් එකක් ඇති වෙන්නේ බාහිර පෙනුමට නෙමෙයි. ටැලන්ට් එකට. තව සටන් කාරයෝ, හැන්ඩියෝ හිටියට උන්ට ඇක්ටින් බෑ. මොටර් මෙකනිසම් උගන්වන එකාට, කාරෙක මග හිට්ටොත් හදා ගන්න බෑ. ප්‍රජාචන්චවාදේ ගැන කතා කරන එකා ගාව ඒක නෑ..

    ආන්න ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. \\\\\\\මොටර් මෙකනිසම් උගන්වන එකාට, කාරෙක මග හිට්ටොත් හදා ගන්න බෑ. ප්‍රජාචන්චවාදේ ගැන කතා කරන එකා ගාව ඒක නෑ..\\\\\\

      :)

      ඕක ගැන ඊසොප්ගේ උපමා කතාවක් තියෙනවා..වෙලාවක දාන්න ඕනේ..

      Delete
    2. ටැලන්ට් එකෙන් වැඩක් වෙන්නේ නැ බං හරියට එක මාකට් කරන්ඩ බැරිනං , ( මට වගේ )

      Delete
  13. අඩේ මටත් ඩොලර් වලින් මේ වගේ ගානක් ලැබෙනවනම්..... බුදු අම්මෝ.....

    ReplyDelete
    Replies
    1. නිකන් යනවා මනුස්සයෝ යන්න .. :D

      Delete
  14. බඩුවක් වුනත් මාකට් කරන්න නම් ඒක පිටට පෙන්න ලස්සනට ඔපේට තියෙන්න ඕන. ලස්සන පෙට්ටියක දාලා පිළිවෙලකට තියෙන්න ඕන නැත්නම් කොතරම් හොඳ වුනත් විකුණන්න අමාරුයි. ඒ වගේමයි පුද්ගලයාගේ මිල තීරණය වන්නේත්. එක ලැබීම නොවේ. සන්නිවේදන හැකියා, බාහිර සම්බන්ද කම් මෙන්ම පොෂ් බවත් වැදගත්. හැබැයි ඔය මොනවා නැතත් දක්ෂ කම නිසාම ඉදිරියට ගිය සුළු පිරිසකුත් ඉන්නවා බ්‍රුස්ලි, චක් නෝරිස් එවැනි සටන් කරුවන්. විද්‍යාඥයන් අතරින් නම් අයින්ස්ටයින් වුනත් තම විෂය පිළිඹඳ හැර වෙන කිසිවක් හරියට නොදන්නා අයෙක්.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\ එක ලැබීම නොවේ. සන්නිවේදන හැකියා, බාහිර සම්බන්ද කම් මෙන්ම පොෂ් බවත් වැදගත්. \\\\\\\

      ඒක ලැබීම තමයි රංග.. දැන් බලන්න නාමල් ...? අපිට බැරි උනා නේද නාමල් වෙන්න.. අපිට පුලුවන්ද නාමල් වෙන්න ..? කොහොමහරි බාහිර සම්බන්ධකම් ගොඩ නගාගෙන මහින්දගේ පුතා වෙන්න අපිට පුලුවන්ද ...?

      මේ ලෝකේ පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා රංග.. අපි කොච්චර උත්සාහ කරත් ලැබෙන්නේ නැති දේවල් ලැබෙන්නේ නැහැ... ( හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ දක්ෂ වෙන්න / විභාග පාස් කරන්න එපා කියලා.. )

      \\\\\\\හැබැයි ඔය මොනවා නැතත් දක්ෂ කම නිසාම ඉදිරියට ගිය සුළු පිරිසකුත් ඉන්නවා බ්‍රුස්ලි, චක් නෝරිස් එවැනි සටන් කරුවන්. විද්‍යාඥයන් අතරින් නම් අයින්ස්ටයින් වුනත් තම විෂය පිළිඹඳ හැර වෙන කිසිවක් හරියට නොදන්නා අයෙක්.\\\\\\\\\

      ශාරුක් ගැන කිව්වත් කියන්න තියෙන්නේ එයා දක්ෂ නිසා තමයි අදටත් යෙහෙන් වැජබෙන්නේ ... නමුත් එයාට වඩා දක්ෂ තරුණ පිරිස් ඉන්නවා ලක්ෂ ගණනින්.. සටන් ගැන කිව්වත් එච්චරයි .. දක්ෂතාවය සහ මිළක් ලැබීම කියන්නේ දෙකක් ...

      Delete
  15. ඉන්දික කියල තියන පැහැදිලිකිරීම් එක්ක ටිකක් විතර එකඟයි.
    නමුත් අපිට අපේ මාන වලින් විස්තර කරන්න බැරි මට්ටමේ දේවලුත් තියනව. කිසිම හේතුවක් නැතිව මිල නියමවූ අය ඉන්නව. සමහරු ඒකට වාසනාව කියයි, තවත් අය සම්භාවිතාව කියයි, මම කියන්නෙ කර්මය කියල.

    ReplyDelete
    Replies
    1. රාජ් පොර කියලා තියෙන්නෙත් මම කියපු දේවල් ටිකම තමයි.. මම සරළව පැහැදිළි කරාම ඌ ඇවිත් මෙතන රඟලා..මටත් ඕනේ නම් තිබ්බ බර ටෝක් දාලා රඟන්න... දන්නවනේ මම " ශ්‍රී ලංකාවේ දැන් වෙමින් තියෙන ආර්ථික ගැටළු " ගැන ලිපිය උනත් ලිව්වේ ඕනෙම කෙනෙකුට තේරුම් යන විදිහේ සරළව.. මට ඕනේ නැහැ අරව මේවා දාලා මෙතන රඟන්න .. හැබැයි රඟන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් මම එනවා ..මෙතන උනෙත් ඒකනේ ...
      ( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය

      \\\\\\\\\\කිසිම හේතුවක් නැතිව මිල නියමවූ අය ඉන්නව. සමහරු ඒකට වාසනාව කියයි, තවත් අය සම්භාවිතාව කියයි, මම කියන්නෙ කර්මය කියල.\\\\\\\\\\

      අන්න එච්චරයි මාත් කියන්නේ.. කාටවත් කාගේවත් ලොකු කම් දක්ෂකම් වැඩක් නැහැ.. ඒක ඒ මිනිහගේ වෙලාව.. ( හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ දක්ෂ වෙන්න / විභාග පාස් කරන්න එපා කියලා.. )

      Delete
    2. කරුමෙ තමා රාජ් කරුමේ

      Delete
  16. Sahan, The passage of time (and the resulting changes in ideas and tastes) too, changes value of things. Quite a few paintings, sculptures, books and even movies were not well received at the time but are considered masterpieces now. It applies, in rare instances, to politicians too but usually, yesterday's hero is today's villain!
    BTW, when are you publishing the controversial post?

    ReplyDelete
    Replies
    1. \\\yesterday's hero is today's villain! \\\\\

      අන්න හරි.. හෙට අනිද්දට කියයි මොනාලිසා බලු වටින්නේ නැහැ කියලා... !

      \\\\\\\\BTW, when are you publishing the controversial post? \\\\\\\

      හ්ම්ම්ම්ම් ලබන අඟහරුවාදාට ... නීති ගැටළු කීපයක් හදා ගන්න යැව්වා....

      Delete
  17. අර සිත්තරේ ඇන්දේ කවුද කියලා නං හිතාගන්නම බෑ...

    ReplyDelete
  18. ඉන්දිකගේ උඩ කමන්ට් එකත් එක්ක මමත් හුගක් දුරට එකගයි.
    මේක බොහෝම සරලව පැහැදිලි කරලා තියෙනවා සහන් බොහෝම අපුරුයි එක.

    ReplyDelete
    Replies
    1. ඔහුට දී ඇති පිළිතුර බලන්න ..

      ස්තූතියි මනෝජ්....මම ඔයාගේ බ්ලොග් එක රෝල්ට දැම්ම... මොකෝ අප්ඩේට් වෙන්නේ නැත්තේ ...?

      Delete
  19. මටත් මේකෙදි කියන්න තියෙන්නෙ ඉන්දික කියපු ටිකම තමයි... ආර්ට් කියන්නෙ මහ විකාරයක් අහක ඉඳන් බලන කෙනෙක්ට... නිකමට හිතන්නකො ඔය වයින් බෝතල් කෝටි ගනං වලට වෙන්දේසි වෙන්නෙ... ඒවයේ ලස්සන, රස, ගුණට වඩා දේවල් බලනව..

    මට හිතෙන්නෙ ඔයා මේ පුද්ගල මිල නියම වීමයි, අනිත් කතන්දර ටිකයි පටලෝගෙන කියල... අනිත් එක ආසියාවෙයි යුරෝපෙයි මේ තත්ව දෙක වෙනස් මට හිතෙන්නෙ... අර ඉංජිනේරුවෝ දෙන්නගෙ කතන්දරේට මං එකඟයි... එකම වෘත්තියෙදි කෙනෙක් අඩු ගානකට වැඩ කරන්න එකඟ වෙනවා නම් එතනදි ක්ෂේත්‍රයෙම මිල ගනං වල ප්‍රශ්නයක් වෙනව.. මෙතනදි වෙන්නෙ රැකියාව තත්වයක් විදියට මිසක් හැකියාව ගැන ගනං ගන්නෙ නැතුව වැඩ කරන එක... අපේ රටවල Quantity මිසක් Quality වැඩක් නෑ නේ... ඒකෙන් ඊළඟට හැකියාව තියෙන පුද්ගලයට උනත් තමන්ගෙ හැකියාවට හරියන මිලක් ගන්න බැරුව යනව.. එතනදි ඕනෙ මාකටින් තමයි... තමන්, තමන්ව මාකට් කරන එකෙයි ඒ වෙනස තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. \\\\\මටත් මේකෙදි කියන්න තියෙන්නෙ ඉන්දික කියපු ටිකම තමයි...\\\\\\\

      එහෙනම් ඉන්දිකට කියපු ටික ඔයාටත් කියන්න වෙනවා නෝනේ... :P

      හිරු ලංකාවේ එන්ජිනේරුවන්ට/ වෛද්‍ය / etc etc හිමි වැටුප් තලයක් තියෙනවා.. මම මේ කතා කරන්නේ ඒවා ගැන නෙවේ.. රටක වැටුප් තල තීරණය වෙන්නේ දේශපාලනය සහ ආර්ථික ස්ථාවරභාවය මත..ඒවා ගැනත් ඕනේ නම් කියන්නම්..

      මේ පෝස්ට් එකේ මම කිව්වේ
      " පුද්ගල මිළ තීරණය වීම ගැන "  පුද්ගල මිළ තීරණය වෙන්නේ එකිනෙකාගේ පොරත්වය මත. ඕන තරම් දොස්තරලා , ඉංජිනේරුවන් , නීතිඥයන් , කලමනාකරුවන් ඉන්නවා ඔෆර් වලට සේවයට ගන්න. එකම ආයතනයේ එකම අධ්‍යාපන/පළපුරුදු මට්ටමේ ඉන්න දෙන්නෙක් ඉන්න පුළුවන් අහසට පොළොව වගේ වැටුප් පරතරයක් ඇති..

       කොහෙද ඕවා තියෙන්නේ කියලා නම් අහන්න එපා.. මුණගැසීමටම අවස්ථාවක් දෙන්න පුළුවන් එවැනි කෙනෙක්.

      පුද්ගල මිළ කෙරෙහි බලපාන්නේ එකම දෙයයි.. ඒ තරම් " නියම ගේම්ස් බෝයි " කෙනෙක් වෙන්න ඕනේ..ඕනේ දෙයක් ගොඩ දාන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ.. එහෙම එකෙක් ආවම අනිත් උන්ට නම් පපුව පැළෙන්න වගේ වෙනවා..

      අනිත් හිපාටුවෝ ඉරිසියාවෙන් පිපිරී පිපිරී පොත් පෙරළුවට වැඩක් නැහැ .. :P

      ( අහ්හ් මෙහ්හ් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැද පෙරදිග වැටුප් තල / යුරෝපා වැටුප් තල / ආසියානු වැටුප් තල ගැනත් කියලා දෙන්න පුළුවන් මට..මොකද මන් දන්නවා ඊළඟට කට්ටිය ගහන්නේ ඔය තුරුම්පුව .. හැබැයි මතක තියාගන්න " පුද්ගල මිළ තීරණය වීම ගැන "  කොතනත් වෙන්නේ එකම දේ ...! )

      Delete
    2. අත ඇරලා දාපන් මචන්.

      Delete
  20. ඔව් සහන මටත් තියෙන පස්ස්නේ ඉහල පැලැන්තියේ කොලබ මාසෙක කුලිය 39000ක් උනේ කොමද කියලයි

    ReplyDelete
    Replies
    1. @ රාළ

      අනේ බන් ඕක ගැන හිතන්නේ ඇයි ...? දැක්කේ නැද්ද මම පැහැදිළිව කියලා තියෙනවා තව පහසුකම් වැඩි කිරීම ඉහළ මිළක් ලබා ගන්න පුළුවන් කියලා..? ඇයි බන් උඹලා මේ වගේ හැසිරෙන්නේ....?

      39,000 වෙනුවට ලක්ෂ 2 දාලා ගණන් හදන්න එහෙනම් වැඩේ සීරියස් කරන්න ඕනේ අය ...

      200,000 x 12 x 3 x 65 = ලක්ෂ 4680

      දැන් සතුටුද .....? යකෝ මුන්ට ගණන් අඩුවෙන් කිව්වමත් ඇඟට ගොඩ වෙනවනේ...!


      රාළ මේක මම ලියපු ප්‍රොජෙක්ට් එකක්.. පිටු 200 ක විතර මුළු ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් එකම බ්ලොග් එකේ දාන්න තරම් මර උවමනාවක් නැහැ.. කෙනෙකුට සරළ අවබෝදයක් ගන්න පුළුවන් ටික විතරයි මම දාන්නේ..නැතුව මාසික අදායම මෙච්චරයි කියලා බොරු ෂෝ ගහන්න මට ඕනේ නැහැ... ඔන්න මම ලියපු රූපවාහිනී ආයතනයේ නම් මුළු අදායම මම මේ බ්ලොග් එකේ දාලා තියෙනවා... දවසට ලක්ෂ 82 ක් වගේ අදායමක් තියෙනවා ..



      රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය

      සාමාන්‍යයෙන් MCR එකේ current බිලම එනවා මාසෙකට ලක්ෂ 6 විතර .

      ප්‍රධාන ට්‍රාන්ස්මීටර් වල බිල එනවා ලක්ෂ 35 විතර නුවර සහ කොළඹ පමණක් විකාශය කලත්.( ප්‍රධාන ට්‍රාන්ස්මීටර් එකේ AC බිලම එනවා මාසෙකට ලක්ෂ 2 )

      MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( ඒවගේ MCS 3 වත් සේවයේ යොදවන්න වෙනවා )

      5kw UHF ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 165 විතර වෙනවා .

      පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..

      ස්ටුඩියෝ වල පාවිච්චි කරන කැමරාවක් වෙනවා ලක්ෂ 6 විතර . ( එවැනි කැමරා 9 වත් ඕනේ )

      වෘතීය මට්ටමේ සැටලයිට් ඩිකොර්ඩර් එකක් ලක්ෂ 6 විතර .. ( එවැනි උපකරණ 6 වත් ඕනේ )

      අඩි 12-16 විෂ්කම්භය තියෙන සැටලයිට් ඩිෂ් එකක් ලක්ෂ 15 විතර . ( ඒ වගේ ඩිෂ් 6 වත් ඕනේ ගරුත්වේ බේරගන්න නම් )


      සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 350 විතර .{ මොකද 42,000Km (කිලෝ මීටර් හතලිස් දෙදාහක්) දුර යනවා සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකේ සිග්නල් එක }


      ඒවට ගන්න අනිත් කළමනා ටිකට තව ලක්ෂ ගාණක් යනවා.


      ඔයාල බලන CNN, FOX, BBC , AljaZ, නිව්ස් විනාඩි 30 වෙනුවෙන් අපිට ගෙවන්න වෙනවා ඒ ඒ ආයතනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 300 විතර . ( අපි එයාලට ගෙවනවා මිසක් , එයාල අපිට ගෙවන්නේ නැහැ )


      දැනට සතු විවිධ ටෙලි නාට්‍ය , ගීත , චිත්‍රපට එකතුවේ වටිනාකම බැලුවොත් රුපියල් බිලියනයක් විතර.ඒ වගේ දෙයක් හිතු මතේ ප්ලේ කරන්න බැහැ ලයිබ්රි එකේ තිබුණ පලියට.විදේශීය ටෙලි නාට්‍ය වෙනුවෙන් ඒවායේ භාරකාරත්වයට කෝටි ගාණක් ගෙවන්න වෙනවා විකාශන අයිතිය ලබා ගන්න.


      තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර . රන්මිණි තැන්න හදන බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට.ඔක්කොම එකතු කර බලන්න...

      හරියට TV channel එකක් කරන්න පුළුවන් විදිහට සියල්ලම හදන්න ලක්ෂ 1500 විතර යනවා ...සේවයකන්ගේ පඩි වලටම මාසෙකට මුළු වියදම විතරක් යනවා ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ කරන තැනක උනත් )

      ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම් අඩුම තරමේ ඕනේ මාසෙකට ලක්ෂ 270 විතර ..( මීට වඩා වියදම් තියෙනවා බාහිර විකාශන , වැඩටසහන් , කාලීන වැඩටසහන් , වැඩසටහන් වලට එන අයට කරන ගෙවීම් , හෝටල් ගාස්තු , ඉඳුම් හිටුම් , ප්‍රවාහන , තේ කෝපි වඩේ කිරි තේ පැන්ටා වියදම් ,)

      ------------කීදාහක් හොයන්නද දැන් ...?-------------


      සාමාන්යෙන් පුද්ගලිකව නාළිකාවෙන් නාළිකාවට , වැඩසටහනෙන් වැඩසටහනට අය කරන ගෙවීම් විවිධයි.ඒ වගේම නාළිකාව සිංහලද , ඉංග්‍රීසි කියන දේ අනුවත් වෙනස් වෙනවා..මේ මුදල හොයන්න නම් අඩුම තරමේ එක තත්පර 5 ක් සඳහා 20,000 ක මුදලක් වත් අය කරන්න වෙනවා නේද ...? ( ඒ කියන්නේ එක තත්පර 5 ක වෙළඳ දැන්වීමක් සඳහා මුදල 20,000 යි.එම වෙළඳ දැන්වීම නැවත ප්‍රචාරය කරන්න නම් නැවත 20,000 ක් අය කරනවා )


      එක පැයක අදායම ලක්ෂ 6 ත් - 11 අතර. දවසට පැය කීයද ...? මාසෙට දවස් කීයද .? අවුරුද්දට මාස කීයද .. ? අවුරුදු තුනට මාස කීයද ..?

      6 x 24 x 28 x 12 x 3 = ලක්ෂ 145,152

      Delete
  21. Replies
    1. ඉවසන්න..අපි බලමු තෑග්ග රෙහානිටද කියලා ....!

      Delete
    2. රෙහානි වැරදියි (කොමෙන්ටුව ස්පෑම් කරලා නෑනේ )

      Delete
    3. ඒවා ප්‍රයෝග ඉවාන් ... :)

      Delete
  22. මිනිහෙකුට වටිනාකම දෙන්නෙ සමාජෙන්.පබාල,සනත්ල පාර්ලිමෙන්තු ගියෙ එ වටිනාකමෙන්.සමාජය කියන්නෙ ගොඩදෙනෙක්ගෙ එකතුවක් නිසා එක හෙතුවක් දෙන්න බැ සමජය ගන්න තිරන වලට

    ReplyDelete
    Replies

    1. පැය 16 කට පසු ඉතාම කල්පනාකාරීව යෙදු කමෙන්ටුවක්..

      Delete
    2. මට මේක බලන්න එන්න පරක්කු උනා සහන්.එකයි සහන් උනෙ

      Delete
    3. රයිට් රයිට් ඒකට කමක් නැහැ..මේ පෝස්ට් එක ඔයාලටත් වැදගත් වේවි..වෘත්තීමය දේවල් කීපයක් තියෙනවා ඔයාටත් වැදගත් වෙන..

      Delete
  23. ඔතෙන්දි ROI (Return on Investment) එකත් බලපානවා... ශාරුක් ලා කොච්චර වියදම් කරන්ට ඇතිද ඔය ජනප්‍රියතාවය මිනිස්සුන්ගෙන් මිළදී ගන්ට?

    ReplyDelete
    Replies
    1. ඕක නිළියක් සම්බන්ධව කිව්වා නම් මගේ බ්ලොග් එකටත් නඩුවක් වැටෙනවා... !

      Delete
  24. මං ටියුබ් ලයිට්.චිත්රේ ඇදලා තියෙන්නේ ගෑනියෙක් නං නෙවේ.

    ReplyDelete
    Replies
    1. තෑග්ගෙන් බාගයක් හිමි කරගෙන අවසන් ....

      ( මම තෑග්ග විදිහට එළදෙනක් එහෙම දුන්නොත් තෝරාගන්නේ ඉස්සරහද පස්සද ..? දැන්ම කියන්න ... )

      Delete
  25. සහන් මට පේන්නෙ යුරෝපයේ බටහිර පැත්තෙ රටක ගෑනු ලමයෙක් වගේ .. අයි ලයිනර් එහෙමත් තියන නිසා පරණ එකක් නං නෙවෙයි. චායාරූප‍යක් බලාගෙන ඇන්දා වගෙයි කියලත් හිතෙනවා බං !

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\සහන් මට පේන්නෙ යුරෝපයේ බටහිර පැත්තෙ රටක ගෑනු ලමයෙක් වගේ ..\\\\\\\

      මේ කියන්නේ ඇඳපු කෙනා ගැනද ...? නැත්නම් චිත්‍රයේ ඉන්න ගෑණු දරුවා ගැනද ...?

      \\\\\\\අයි ලයිනර් එහෙමත් තියන නිසා පරණ එකක් නං නෙවෙයි. චායාරූප‍යක් බලාගෙන ඇන්දා වගෙයි කියලත් හිතෙනවා බං !\\\\

      මේ යන විදිහට තෑග්ග කොටස් කරන්න වෙනවා...

      Delete
    2. මං කිව්වෙ චිත්‍රයෙ ඉන්න ගෑනු දරුව ගැන සහන් .. ඔය වගේ මූනු එන්නෙ ඉතාලි ප්‍රංශ ජ්‍ර්මන් චිත්‍රවල නේද
      පිරිමි චිත්‍ර ශිල්පියෙක් කියල හිතෙනව බං .
      නංගි අයිබ්‍රෝසුත් හදල වගේ .. :-)

      Delete
  26. අරයට මෙච්චරක් ගෙවනවනම් මට මෙච්චරක් ගෙවන්න ඕන කියලා තර්ක කරන එක නම් මට පේන්නේ 'එකිනෙකා සතු හීනමානය' ප්‍රදර්ශණය කිරීමක් ලෙස පමණයි.....

    ලෝකේ සීමිත වෘත්තීන් ප්‍රමාණයක් තියෙනවා තම හැකියාවට අසීමිත විධියට ගෙවීම් ලබන...ඒ පිළිබඳ ඔබ දන්නවා ඇතිනේ සහන්............

    ඔබ කියා ඇති සරල දෙය සමඟ මම ද එකඟයි......කර්මය......
    එයටම තව දෙයක් එකතු කළොත්....,
    තම වාසනා ශක්තියට නොපසුබට උත්සාහය,කැපවීම එකතු කලාම තමන්ගේ ඉලක්කය කරා යෑම අපහසු නෑ........
    එවැනි ඉහළ මිලක් තීරණය වන්නන්ගේ ජීවිත කථා නිරීක්ෂණය කළොත්,ඔවුන්ගේ මුල් කාලය ඉතා ලොකු දුෂ්කරතා විඳ ජීවිතය ජයගෙන ඇති බවත් අපූරුවට පැහැදිලි වෙනවා නේද සහන්.............?????????

    ReplyDelete
  27. අර චිත්තරේ අදින්න ඇත්තෙ හිට්ලර් ගොයියා....මම දන්න විදියට මිනිහත් චිත්තර ශිල්පියෙක්.... තමාගෙ කොච්චර හැකියාව තිබුනත් තමන්ට තමාව මාකට් කරගන්න විදිය දන්නෙ නැත්තං ඉතිං සොරි තමයි....ඒ හැකියාව තියෙන අය තමයි හොද ගානකට විකිණුනේ...

    ReplyDelete
    Replies
    1. හපොයි සිරා මායි චාන්දනියි මැද්දට පැනලා නේද හිට්ලර් එක්ක ..ඇයි ඒ වගේ දෙයක් කරේ ඔයා .. :(

      තෑග්ග දෙන්නේ නැහැ... !

      Delete
  28. \\\\අරයට මෙච්චරක් ගෙවනවනම් මට මෙච්චරක් ගෙවන්න ඕන කියලා තර්ක කරන එක නම් මට පේන්නේ 'එකිනෙකා සතු හීනමානය' ප්‍රදර්ශණය කිරීමක් ලෙස පමණයි.....\\\\

    හැබැයි කරබාගෙන ඉන්න එකත් නුවණට සුදුසු නැහැ ....තමන්ගේ ගමනට බාධා කරන්න එන අයගේ ගමන නවත්තන්න ඕනේ මුල්ම අවස්ථාවේදීම.. නැත්නම් අනුකම්පාව භූමිකම්පාව වෙනවා.. පොඩ්ඩක් තමන් කව්ද කියන දේ පෙන්නන්න ඕනේ අහළ පහළ ඉන්න නයි පනික්කියන්ට...

    නැත්නම් කොහෙවත් යන අයගේ අල්ලේ නැටවෙන්න වෙනවා.. වෘත්තීය ජීවිතය , පුද්ගලික ජීවිතය කියලා නැහැ... ඔබ කියා ඇති අනිත් දේවල් සමග එකඟයි.. අපි කරන්න ඕනේ පුළුවන් තරම් ඉහළට ඉගෙන ගන්න එක සහ දක්ෂකම් වැඩි දියුණු කරගන්න එක...කොයි මොහොතේ හරි සුදුසු මිළක් ලැබෙන්න පුළුවන්..

    ගෙදරට වෙලා උඩ බලන් හිටියොත් නම් මුකුත් නැහැ.. ( ඒ කිව්වට එහෙම අයත් ඉන්නවා..කෝටි 700 තුළ හැම ජාතියේම අය ඉන්නවා )

    ReplyDelete
  29. මේ ලිපිය කියවපු තෙවැනි වර අද.කියන්න දෙයක් නැත.මම යමක් සිතට ගන්නවා හැරෙන්න.
    අර චිත්‍රෙ ඇන්දේ පුටින්.... :).

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජියේ.. ඔබේ දුවට සහ පුතාටත් කියවන්න දෙන්න..වැදගත් වේවි ...

      Delete
  30. මට හිතෙන්නේ තමන්ගේ මිල තීරණේ වෙන්නේ තමන්ට තමන් ගැන තියෙන ආත්ම විශ්වාසෙ මත.. ඒ කියන්නේ අවංකවම තමන්ගේ හැකියාව ගැන තමන්ට කොච්චර ෂුවර් ද කියන එක සහ ඊට පස්සේ ඒ හැකියාව ලස්සනට මාර්කට් කරන්න පුළුවන් වීම.. බොරුවෙන් මාර්කට් කිරීමෙන් සහ අවංකව මාර්කට් කරලත් ගොඩ යන්න පුළුවන්... හැබැයි පැවැත්ම තීරණේ වෙනවා ඇත්ත බොරුව මත.. වැඩ පුළුවන් උනාට වැඩක් නෑ කට නැත්නම්.. කට තිබ්බට වැඩක් නෑ වැඩ බැරිනම්... ඔය හැමෙකම තීරණේ වෙන්නේ එක එක පුද්ගලයා ජිවිතේ දකින විදිය අනුව කියලයි මට හිතෙන්නේ... තමන්ට අහවල් පොර වගේ වෙන්න ඕනේ කියන දේ ඔලුවේ තියෙනවනම් කවදා හරි ඒ දේ අපිට ලැබෙනව. ඒක ලැබෙන විදිය මේකයි කියල හරියටම කියන්න බෑ.. හැබැයි නිකන් ආවට ගියාට ඔලුවේ තියෙන බයිලා එහෙම වෙන්නේ නෑ... අවංකවම ඕනේ දේ එහෙම ලැබෙනවා... එකට ආගමේ කිසිම සම්බන්ධයක් නෑ..

    චිත්‍රෙ නම් අඳින්න ඇත්තේ සහන් ම තමා... ප්‍රංශ දි දාපු පොඩි ලයින් එකක් ද? හෙහ් හෙහ්

    ඔය චිත්‍ර වල ලස්සන දකින එක ඔය විදියට විග්‍රහ කරන්න අමාරුයි .. ඒක එක එක පුදගලයට සාපේක්ෂ දෙයක් නේද? ඇද වෙච්ච ඉරි කෑල්ලක් කෙනෙකුට විකාරයක් විදියටත් තව කෙනෙකුට ලාලිත්‍යයක් විදියටත් පේන්න පුළුවන් නේ.. අර වින්සන්ට් වෑන් ගෝ ගේ චිත්‍ර හෙන සරල නිකන් පොඩි උන් අඳින චිත්‍ර විදියට තමයි මට හැම දාම පෙන්නේ... මම කල්පනා කළා මේ චිත්‍ර මෙච්චර සිරා විදියට මිනිස්සු සලකන්නේ මොකද කියල.. පස්සේ මම දැනගත්ත විදියට ඒවා වල වටිනාකම තියෙන්නේ ඒ චිත්‍ර වල තියෙන ඔර්ජිනල් බව නිසා.. ඒ කියන්නේ හරියට පොඩි එකෙක් කුරුල්ලෙක්ව අඳින්නේ කුරුල්ලාගේ ඇත්ත විදියට නෙවෙයි... ඒ කුරුල්ලව මෙන්න මෙහෙමයි කියල තමන්ට එන ඔරිජිනල් හැඟීම තමයි ගොඩක් වෙලාවට පොඩි ළමයි අඳින්නේ... කුරුල්ල හතරැස් විදියට අඳින එක වැරදියි කියල අපි කියල ඒක වෙනස් කරන්න හදනකොට පොඩි උන් අඬන්නේ ඒක නිසා... ඒ කියන්නේ පොඩි එකාට මුලින්ම කුරුල්ලෙක් අඳින කොට එන ඔරිජිනල් හැඟීම ඒ චිත්‍රවල තියෙනවා .. අපි දත්ත වලින් ඒක මොඩිෆයි කරන්න ගියාම අර ඔරිජිනල් ගතිය නැති වෙනවා.. (නියම කුරුල්ලව අඳින්න කවදාවත් කාටවත් බෑනේ...) වෑන් ගෝ පොරක් විදියට සලකන්නේ එයාගේ චිත්‍ර වල ඒ ඔර්ජිනල් කියන දේ තියෙන නිසා ලු..

    ReplyDelete
    Replies
    1. \\\\\තමන්ට අහවල් පොර වගේ වෙන්න ඕනේ කියන දේ ඔලුවේ තියෙනවනම් කවදා හරි ඒ දේ අපිට ලැබෙනව. \\\\\\\

      මම දන්නා කෙනෙකුත් ඉන්නවා ඔය දේ තදින් විශ්වාස කරන...

      කළා නිර්මාණ ගැන නම් කියන්න තියෙන්නේ සරළ දෙයක්.. ඇත්තටම ලස්සන නම් තව වෙන මොනවද .. ? කැත දේට කැතයි කියන්නත් ලස්සන එක අගය කරන්නත් ඇයි බය වෙන්නේ ..? ලියනාඩෝ නෙවේ කව්රු ඇන්දත් ලස්සන දේට ලස්සන කිව්වා නම් ඉවරනේ බොරු විකාර නොකියා... මම නම් එහෙමයි...

      පැතුම් අහලා තියෙනවද "පොඩි ළමයා අන්දපු චිත්‍රෙ " කතාව ?????????

      Delete
  31. පොරක් වෙන ක්‍රමය නම් හිතා ගන්න බෑහෑ. ඒත් සහන් අය්යගෙ කතාව නම් ඈත්ත.

    ReplyDelete
    Replies
    1. පොරක් වෙන්න ඕනේ නැහැ මල්ලි..සාමාන්‍ය විදිහට ඉන්න..ඇයි මේ පොරක් වෙන්න හදන්නේ ...? පොරකට ලැබෙන දේවල් වගේම අහිමි වෙන දේවලුත් වැඩි...

      Delete
  32. කවදද චිත්‍රය ඇඳපු කෙනා කියන්නෙ සහන් ?

    ReplyDelete
    Replies
    1. ඔය චිත්‍ර ගැන කතාවක් තියෙනවා පත්තරේ.. සන්ග්වුණු කතාවක්.. ඉන්නකෝ දවසක කියන්න........

      Delete
    2. කතාවයි නිරමාණකරුවයි ගැන විස්තරක් පොඩියට හරි දාපන් ඉතිං !! ඉක්මනට ඈ !

      Delete
    3. Moko hadissi paththare?????

      Delete
  33. "පුද්ගල මිළ කෙරෙහි බලපාන්නේ එකම දෙයයි.. ඒ තරම් " නියම ගේම්ස් බෝයි " කෙනෙක් වෙන්න ඕනේ..ඕනේ දෙයක් ගොඩ දාන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ.. " පොස්ටුවටත් වඩා සහන්ගේ මේ රිප්ලයි කොමෙන්ටුව මගේ සිත් ගත්තා. සහන පොස්ටුව නොලියා ඕක විතරක් කිව්වනම් හරි. එක තමයි සහලෝල ඇත්ත.

    අනික මේ ගණන් හිලව් ගැන වද වෙන්න ඕනේ නෑ. ඒකකයක මිල (square foot rate) කියන එක වෙනස් වෙනවා නොයෙකුත් සාධක මත. ඒවා කියන්න දෙයක් නෑනේ. සරලම උදාහරණයක් කියන්නම්.
    සියලුම නවීන පහසුකම් එකම සැලසුමක එකම ප්‍රමාණයේ සහිත සුඛෝප භෝගී නිවාස 3ක් ගන්න . අයිති කරුවන් එක්කෙනක් පොළොවට දානවා "1. දඹුල්ල වයිට් ග්‍රැනයිට් " තව කෙනෙක් "2. ටයිල්" තව කෙනෙක් "3. ටයිටේනියම් කට් සිමෙන්ට්"
    මේ තුන්දෙනාගේ වර්ග අඩියක වියදම පොළොවට පමණක් අහසට පොලොව වගේ. නමුත් මේවා තෝරාගන්නේ එක එක්කෙනාගේ රුචිකත්වය මත. එතකොට සුඛෝපභෝගී ගෙයක් නම් වර්ග අඩියට මෙච්චරකම වියයුතුයි කියන තර්කය අදාළ නෑ. අද කාලේ ඉදිකෙටීම් ක්ෂේත්‍රයේ වර්ග දියක මිල තීරණය වෙන්නේ අදාළ ව්‍යාපෘතියේ තත්ත්වයන් අනුව මිසක් පොදු සංකල්පයක් හැටියට නෙවෙයි,මොකද අද හැම දෙයක් ම සංකීර්නයි. ගන්න ඉස්කුරුප්පු ඇනයක් පවා මිල ගණන් ගණනාවකට එකම දේ තියෙන නිසා. එක නිසා සහන කියන 39000 කතාව මම නම් වරදක් දකින්නේ නෑ. අනික 39000 මදි කියලා හිතෙන කෙනෙකුට ඒක 79000 එහෙමත් නැත්තම් 99000 කියලා හිතා ගන්න පුළුවන් ඒක උදාහරණයක් විතරයි. මම හිහ්ට්නාන්නේ මෙහි තියෙන සරල බව වැඩි නිසාම කෙනෙකුට මෙහෙම හිතෙන්නේ පුළුවන්,
    සහන කියවලා තියෙනවද ෂර්ලොක් හෝම්ස් එක තැනකදී වොට්සාන්ට කියනවා " වොට්සන් මම නිරීක්ෂන් මගින් නිගමන ඉදිරිපත් කළාම මිනිස්සු පුදුම වෙනවා , එත් මම ඒ නිගමන වලට ආපු හැටි මිනිස්සුන්ට පැහැදිලි කලාම ,උන් මට හිනාවෙනවා ආ..ඔකෙමහලොකු දෙයක් නෑනේ කියලා."
    සහන මනුෂ්‍ය ස්වාභාවය තමයි තමුන්ට නොතේරෙන දේ දේවත්වයෙන් ඇදහීම, නමුත් ඒ දේම කෙනක් තේරුම් කරලා දුන්නොත් එක අපිට මදිකමක්. සහන්ගේ ලිපි අතිශයින් සරල වීම නිසා මේ සමහර ප්‍රශ්න ඇතිවුනා කියලයි මට හිතෙන්නේ,

    ReplyDelete
    Replies
    1. ආ මේ අමතක් වුනා... මමත් මේ වගේ එකක් ඇන්දා ..මේ ඒකද මන්දා?..:D

      Delete
    2. \\\\එත් මම ඒ නිගමන වලට ආපු හැටි මිනිස්සුන්ට පැහැදිලි කලාම ,උන් මට හිනාවෙනවා ආ..ඔකෙමහලොකු දෙයක් නෑනේ කියලා.\\\\\\

      වෙන කියන්න දෙයක් නැහැ ඉවාන්.. තනිකර ඇත්ත......... වෙන කියන්න දෙයක් නැත....... නියමෙටම පැහැදිළි කරලා තියෙනවා සීන් එක..

      Delete
  34. වෘත්තිය හැකියාව+මාකට්වීමේ හැකියාව= ලන්සුව

    පොරක් වීම කෙසේ වෙතත් පොරක් වෙන්නට සිතීම පවා මානසික ව්‍යාකූල තාවයක්.. සැබෑ පොරක් වෙන්නේ තමන් සමාජය සමග කරන මානුෂීය ගනුදෙණු තුලින් විතරයි කියලා මට හිතෙන්නේ. නැත්නම් පොර කොර වෙනවා. ඔය තමයි මට පෙනෙන විදිහ.

    ReplyDelete
  35. අම්මෝ මුං බ්ලොග් එකේ ගෙවල් හදල ,

    ඇත්තට කවුද අනේ අරක ඇන්දේ

    ReplyDelete
    Replies
    1. ඕක ඇඳලා තියෙන්නේ රුසියානු චිත්‍ර ශිල්පියෙක් ......

      Delete
  36. එක අතකින් පසුතැවිලි වෙනවා සෙනසුරාදා භාගයක් කියවලා අද ඉතිරි භාගේ සහ කමෙන්ට් කියවන්න වුණ එක ගැන. අනිත් අතින් සතුටු වෙනවා. මේ කමෙන්ට් සේරම කියවලා ඉවර වෙනකොට මාතෘකාව අමතක වෙනවා.

    ශාරුක් ඛාන් සහ ජැකී චෑන් ඔයා ගත්ත උදාහරණ දෙකක් විතරක් වුණත් මේ දෙන්නම වෘත්තීය මට්ටමේ නළුවන්. මම අහල තියෙන විදියට ජැකී මුලින් ස්ටන්ට් කෙනෙක් විදියටත් ඉඳලා තියෙනවා. මේ දෙන්නගෙම පොදු ලක්ෂණයක් තියෙනවා, චිත්‍රපටය තමන් නිෂ්පාදනය කලත් අනුන් කලත් 200% දෙන්න උත්සාහ කරන එක. තමන්ට ලැබෙන අන්තිම ෆිල්ම් එක වගේ රඟපාන එක. ඒ නිසා මුලදී අඩු ගණන් වල හිටියත් ඉල්ලුම මත අද ඉන්න තත්වෙට එන්න ඇති. මේ දෙදෙනාගේ තියෙන තවත් සමාන කමක් තමයි රුපයට වඩා Facial Expressions කරන්න තියෙන හැකියාව.

    අර බිලිඩින් කේස් එකේ 25000 උදාහරණයට ගත්ත ගාණක් කියලයි මට හිතුණේ.

    සහන්ට තිබෙන Self Confident ගැන පුදුමයි.

    මේ චිත්‍රය රුසියන් කාන්තාවකගේ එකක් කියලා හිතෙනවා. එහෙමනම් අඳින්න ඇත්තේ රුසියානුවෙක්ම තමයි. :)

    ReplyDelete
    Replies
    1. සුදීක මම එම ගණන් දැම්මේ පුද්ගල මිළ තීරණය වීම ගැන පැහැදිළි කරන්න... ඊට පස්සේ ඒක පස්සේ එල්ලී එල්ලී අනිත් අය ආව.. :)දන්නවනේ ඇඟිල්ල සහ සඳේ කතාව ...?

      ඔබ හරි සුදීක චිත්‍රය ගැන ....

      Delete
  37. මම හිතුවා චිත්‍රෙ ඇන්දෙ කවුද කියල මේ වෙනකොට කියල ඇති කියල... චිත්‍ර ශිල්පියා සහන්වත්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ චම්ස් ... මේක ඇඳලා තියෙන්නේ රුසියන් ශිල්පියෙක් ...

      Delete
  38. එහෙන් මෙහෙන් කියෙව්වා සහන්. නිදහසේ කියවන්න ඕනේ .....
    හොදට ලියල පාටයි ... පොඩ්ඩක් වෙනස් ආරෙකට ලියල... වෙනසකටත් එක්ක හොදා...
    දන්නවනේ මේ දවස්වල පොඩ්ඩක් බිසී...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් මට තේරෙනවා ශිරන්ත .....

      Delete
  39. නියම පොස්ට් එකක් සහො.. අපෙ වටිනා කම හදාගන්න ඔනේ අපිම තමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරේෂා .... පිළිතුරු පමා වීම ගැන සමාව .........

      Delete
  40. සමහරු හඳ පෙන්නන එකාගේ ඇගිල්ල දිහා බලාගන ඇගිල්ලට උඩුබුරනවා

    අපිට වරදින තැනක් තමයි ඔය

    පුද්ගල මිල තීරණය වීමේදී තමන් විකිණීමට අකමැතිනම් තමන්ට මිලක් නොලැබේ

    යමෙකු ගේ මිල තීරණය කිරීමට ප්‍රථම ඔහු විකිනිමට කැමතිනම් , ඔහු බලාපොරොත්තු වන මිල ගෙවිමෙන් ගෙවන්නාට ඊට වඩා යමක් ලබාදීමට කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.

    වෙනකෙකුට එම හැකියාව ඇතිනම් ඔබට ඔහුට වඩා මුදලක් ලබා හනිමට ඔබ ඔබේ ගැනුම් කරුවට වැඩි යක ලබා දිය යුතුමය

    ReplyDelete
  41. සමහරු හඳ පෙන්නන එකාගේ ඇගිල්ල දිහා බලාගන ඇගිල්ලට උඩුබුරනවා

    අපිට වරදින තැනක් තමයි ඔය

    පුද්ගල මිල තීරණය වීමේදී තමන් විකිණීමට අකමැතිනම් තමන්ට මිලක් නොලැබේ

    යමෙකු ගේ මිල තීරණය කිරීමට ප්‍රථම ඔහු විකිනිමට කැමතිනම් , ඔහු බලාපොරොත්තු වන මිල ගෙවිමෙන් ගෙවන්නාට ඊට වඩා යමක් ලබාදීමට කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.

    වෙනකෙකුට එම හැකියාව ඇතිනම් ඔබට ඔහුට වඩා මුදලක් ලබා හනිමට ඔබ ඔබේ ගැනුම් කරුවට වැඩි යක ලබා දිය යුතුමය

    ReplyDelete
  42. සමහරු හඳ පෙන්නන එකාගේ ඇගිල්ල දිහා බලාගන ඇගිල්ලට උඩුබුරනවා

    අපිට වරදින තැනක් තමයි ඔය

    පුද්ගල මිල තීරණය වීමේදී තමන් විකිණීමට අකමැතිනම් තමන්ට මිලක් නොලැබේ

    යමෙකු ගේ මිල තීරණය කිරීමට ප්‍රථම ඔහු විකිනිමට කැමතිනම් , ඔහු බලාපොරොත්තු වන මිල ගෙවිමෙන් ගෙවන්නාට ඊට වඩා යමක් ලබාදීමට කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.

    වෙනකෙකුට එම හැකියාව ඇතිනම් ඔබට ඔහුට වඩා මුදලක් ලබා හනිමට ඔබ ඔබේ ගැනුම් කරුවට වැඩි යක ලබා දිය යුතුමය

    ReplyDelete
    Replies
    1. \\\\\\\සමහරු හඳ පෙන්නන එකාගේ ඇගිල්ල දිහා බලාගන ඇගිල්ලට උඩුබුරනවා\\\\\\\\

      ඕවා කතා කරලා වැඩක් නැහැ ඉන්දික කරුණාරත්න .... කොහේ මිළක් ලබන්නද ඉතින් ......

      Delete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. ane budu saarrr mamanam neme oya chithre ande :)

    eka neme aththatama kauda oka ande?

    ReplyDelete
    Replies
    1. මේක ඇන්දේ සයුරි රුසියානු ජාතික සිත්තරෙක් ...මම හිතන්නේ 1700 ගණන් වලදී වගේ... පිළිතුරු පමා වීම ගැන සමාවන්න ......... දාහක් ඒවට පැටලුනා...:)

      දන්නේ නැද්ද වළි වළි වළි :)

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !