04-16-2011, 09:07 PM ...
මේ තියෙන්නේ එතන ලින්ක් එක
මම දැන් දැක්කේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙනවා කියල.එකයි මේ ටික ලියන්නේ හැමෝටම ස්තූති.මේ මාතෘකාව ගැන නම් මම මීට කලිනුත් කතා කරලා තියනවා.කතා කරන්නත් දේ තියනවා, වෙලා නෑ ඒ හින්ද මේක ගැනපාදක උණු කතාව විතරක් කියන්නම්. මම කියන්න ගියපු එකට සමාන කතාවක් khewagee කියල තියනවා.අනික thilangr8 කියපු එකත් අමූලික ඇත්ත.මොකද කව්රුත් මේක සුදනෝ නෑ බන්, එත් ඉතින් බුලත් පයියට හෙන ගැහුවත් හුණු ටික හරි නිකන් කන කෙනෙක් නොවී ඒ වගේ අයටත් දුක කියන දේ, සමාජ ගරහුම කියන දේ , ,හැමෝම හොයන් එන එත් දැක්කම හැන්ගෙන , වතුර ටිකක් ඉල්ලගන්න වත් කෙනෙක් නැති මේ අය ගැන අහපු ගමන් out යන මේ වගේ සින්දුවක් ලියවුන එක ගැන අගය කරන්න ඕන .රන්බණ්ඩා මහත්මයාගේ මුනුබුරෙක් වෙන කෙනෙක් මා එක්ක ඉගෙන ගත්ත. එයාගේ මල ගෙදරත් මම ගියා අනුරාධපුරේ තිබ්බේ.මන් හිතන්නේ 2000 වගේ වෙන්න ඕන මට මතක නෑ අවුරුද්ද දැන්..
මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, පොඩි වයසෙන් කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩ නැගිලා මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම ඔහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. එත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ මෘගයෙක් වෙලා , එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි.කාට කියන්නද කව්රු අහන්නද ? සමාජෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ.ඒ සමජෙන්ම ගහල බැනල , රැවටීමට ලක් වෙලා.*****