දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

January 3, 2014

වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per Ounce



                   රත්‍රන්( යනු එදා සිටම ලෝකයේ ඉහළ වටිනාකමක් ගත් ලෝහයකි. බුදු උපත වූ සමයේ පවා රත්‍රන් භාවිතය තිබු බවට සාධක ඕනෑ තරම් ඇතිය. එසේම මුදල් ලෙසින් රන් කහවණු භාවිතා වූ බවටද සාධක ඇත. සුදත්ත සිටුවරයා ජේත කුමාරයාගෙන් ජේත උද්‍යානය මිළට ගෙන ඇත්තේ මුළු මහත් උද්‍යානයම "පාහේ" ( 100% ම නොවේ ) රන් කහවණු වලින් වැසී යන සේ ආවරණය කරමිනි. ( සුදත්ත සිටුවරයා ගැන ප.ලි. මගින් හෝ කමෙන්ට් මගින් කරුණු ටිකක් ලියන්නම්.  )


 රන් වලට මෙතරම් ආකර්ෂණයක් (වටිනාකමක්) හිමි වූයේ ඇයි?


                 අපි යමු  අතීතයට. දිදුලන ගතියෙන් යුක්ත වීම රන් ලෝහයේ ස්වභාවය වේ.  ස්වර්ණාභරණ නිපදවීම සඳහා මේ ගුණය හොඳින් ගැළපේ. රන් වන් පාටින් දිදුලන මාලයක් , ඔටුන්නක් , පළදින්නට අකමැති කව්ද ? මේ නිසා පුරාණයේ සිටම රන් ලෝහයට මනුෂ්‍ය ආකර්ෂණය ( ඉල්ලුම ) නොඅඩුව ලැබිණි. මිසරයේ රජ දරුවන් අතර විශාලතම සහ පැරණිතම රන් ගබඩා තිබී ඇති බවට සාධක පිරමීඩ කැණීම්වලින් සොයා ගෙන ඇත. ඒ පවුම් 100යය 200 යෙන් නොව කිලෝ ගණනිනි. ඈත අතීතයේ සිටම රන් වෙනුවෙන් ගොඩ නැගුණු ආකර්ෂණය අඩු වූවාද වැඩි වූවාද ? අපි සොයා බලමු.




රන් වෙනුවෙන්  හිමි වූ ආකර්ෂණය කෙබඳුද?


             අතීතයේ සිටම රන් ලෝහයේ ද්‍රව්‍යමය අගය බෙහෙවින් වැඩි වූ නිසා දුප්පතුන්ට රන් පරිහරණය කිරීමේ අවස්ථා අඩු විය.විශාල රන් ආභරණ ප්‍රමාණයකට සහ රන් කහවනු/පවුම්/කාසි ප්‍රමාණයකට හිමි කම් දැරීමට හැකි වූයේ නිතැතින්ම රජවරුන් , සිටු වරුන් ,පොහොසත්  වෙළෙන්දන්  වැනි පිරිසකටය. ඔවුන් තම භාණ්ඩ අලෙවි  කිරීමේදී රනින් සෑදු කාසි හෝ රන් කැබලි වටිනාකම වෙනුවෙන් හුවමාරු කරගෙන ඇත. සේද මාවත සම්බන්ධ  වෙළඳ පුරාවෘත කියවීමීදී භාණ්ඩ වෙනුවෙන් රන් කාසි හුවමාරු වූ  සැටි ගැන අවබොධයක් ඔබට ලැබිය හැක.


                 " ගවයන් 10 දෙනෙකුගේ මිළ මෙපමණ වේ " යයි ඒ කොතැනවත් ස්ථීරව සඳහන් කර නැත. අද තිබු මිළට වඩා වෙනස් මිළක් ඊයේ තිබී ඇත. අදට වඩා වෙනස් මිළක් හෙට තිබෙනු ඇත. ක්‍රි.ව. 1100 පමණ වන විට බ්‍රිතාන්‍ය තුළදී විධිමත් ආකාරයෙන් කාසි නිපදවා ඇත.( මෙයට මීටත් වඩා ඉතිහාසයක් ඇති වුවත් නිශ්චිතවම ලේඛන ගතව ඇති තැනකින් ආරම්භය ගනිමු. ක්‍රි.පූර්ව කාලයේ සිට නොයෙක් කාසි හුවමාරු වෙලා තියෙනවා. ) ක්‍රි. පූර්ව යුගයන් වලදී  "භාණ්ඩ-භාණ්ඩ"  හුවමාරුව , "භාණ්ඩ-මුදල්" හුවමාරුව   ගැන වෙන දවසක කතා කරමු...!



වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි. ( වැඩි වූ හැටි )



               මෙහි මිළ දක්වා ඇත්තේ රත්‍රන් අවුන්සයක් සඳහායි. අවුසයක් යනු ග්‍රෑම් කොපමණද යන්න ගැන වැටහීමක් ලබා ගැනුමට මෙය බලන්න. ඖෂධ ,රසායන ද්‍රව්‍ය , රන් වැනි දේ මැනීමේදී එකිනෙකට වෙනස් අවුන්ස ලෝකය පුරා භාවිත කරන බව සළකන්න. මෙම සටහනේ ඇති රන් මිළ දක්වා ඇත්තේ International troy ounce වළින් පමණි ! ( A kilogram bullion bar contains 32.15074657 troy ounces. )



______________





1800 සිට අද දක්වා රත්‍රන් මිළ අඩු වැඩි වූ ආකාරය බලන්න .






1791                19.39 US$
1800                19.39 US$
1810                19.39 US$
1820                19.39 US$
1830                19.39 US$
1840                20.67 US$
1850                20.67 US$
1860                20.67 US$
1870                27.49 US$
1880                20.67 US$
1890                20.67 US$


1900                   20.67 US$
1910                   20.67 US$
1920                   20.67 US$
1930                   20.67 US$
1940                   35.00 US$
1950                   35.00 US$
1960                   35.00 US$
1970                   54.00 US$
1980                 614.00 US$
1990                 384.00 US$


2000                    270.00 US$
2010                  1227.00 US$
2011                  1900.00 US$
2014                  1200.00 US$


The End
_____________




ප.ලි.

 දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම  ලියන් යන ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )


                 මම මෙතන දානවා මිණුම් කීපයක්. මේවා ගැන ඉගෙන ගන්නම වෙනවා ඉස්සරහට යන්න නම්. එකිනෙක අතර ඇති වෙනස්කම් හඳුනාගන්න. මෙතන දාළා තියෙන්නේ පොඩ්ඩයි. බැංකුකරණය සහ මූල්‍ය කටයුතුවලදී අදටත් මේවා භාවිතා වෙනවා ඉතාම තදින්. ඒ ඒ රටවලින් ආ වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීමේදී මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්න වෙලා තියෙනවා ඉස්සර . අදටත් රත්‍රන් බිස්කට් නමින් ඔබ අතර ප්‍රසිද්ද රන් කැබලි  ,රත්‍රන් බාර් වල ගනුදෙනු වෙන්නේ මෙවැනි ඒකක වලින්. රත්‍රන් හොන්ඩර වලින් තැන්පත් කරන සේප්පු වල ග්‍රේන් 5 ක් අඩු උනත් විශාල පාඩුවක් විය හැකි නිසා තිතටම ගණන් හදනවා සේප්පුවට දාලා වහන්න කළින්. නැවත සේප්පු කුටියක්  විවෘත වන  දාට එකම ග්‍රේන් එකක් වත් අඩු වෙන්න බැහැ. වාණිජ බැංකුවක ප්‍රධාන ශාඛා සේප්පු පද්ධතිය  භාර ප්‍රධානීන්ට මේ සියල්ල ගැන අවබෝධයක් තිබිය යුතුයි. එංගලන්තයේ , ස්විස් බැංකු වල එහෙම කාමර ගණන් විහිදෙන සේප්පු පද්ධතියක් තියෙන්නේ. තමා භාරයේ ඇති සේප්පු තුළ අසවල් බරින් අසවල් පරිමාවෙන් යුතු දෑ මෙපමණ ගණනක් තිබේ යැයි ඔහු දැනුවත් විය යුතුයි. { මීට අමතරව රහස් සේප්පු ක්‍රමයක්ද තියෙනවා ඇතැම් වාණිජ බැංකු වල . රහස් කුටි තුළ  තියෙන්නේ මොනවාදැයි  හෙළි කිරීමට   බැංකු  ප්‍රධානීන් බැඳී නැහැ උසාවියට ඇර. එවැනි කුටියක් විවෘත කිරීමට නම් හිමිකරු ( හෝ බලය පැවරූවෙක් ) පැමිණිය යුතුයි. ඔහු එන තෙක් විවෘත කරන්න බැහැ. ඔහු නාවොත් සදාකාලිකවම එම කුටියේ දොර වැසී යනවා. බැංකු හිමිකරුගේ තීරණය අවසන් තීරණය වේ ! }  . ලංකාවේදී උනත් තත්වය මීට සමානයි. විශ්වාස කළ නොහැකි මට්ටමේ දේපළ ප්‍රමාණයක් මේවායේ අඩංගු වෙනවා . ඩොලර් බිලියනය ගුණ කිරීම බිලියනය වැනි ගණන් වලින් වටිනාකම් තක්සේරු වෙන්නේ. ලංකාවේදී උනත් තත්වය මීට සමානයි.

________________________________


කැරට් 24 රන් යනු  100.00% ක් රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( වාණිජමය වශයෙන් 99.98% අගය පිළිගන්නවා. කැරට් 24 රන් බිස්කට් එකක් කටින් හැපුවොත් දත් පාර හිටිනවා බිසක්ට් එකේ. ඒ තරම් මෙළෙක් පිරිසිදු රත්‍රන් .  )

කැරට් 22 රන් යනු  91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( මේක කටින් හපන්න බැහැ තදයි)

කැරට් 22 රන් යනු  91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 18 රන් යනු  75.00% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 14 රන් යනු  58.50% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 10 රන් යනු  41.70% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 6 රන් යනු  25.00% ක් ( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
=============================
ක්‍රාත් කියන්නේ මැණික් , මුතු වැනි දේවල් මනින්න ගන්න මිනුමක්. ( පුංචි පුංචි රන් කොටස් මැනීමටත් ගන්නවා. ක්‍රාත් සහ කැරට් යනු දෙකක්. සේප්පුවට දාන්න කළින් ඒ සියල්ලෙහි බර මනිනවා ක්‍රාත් වලින් )

ක්‍රාත් 1 = 200 mg
_________________________________
කිලෝග්‍රෑම් 1ක් යනු රාත්තල් 2.2046213 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )

__________________________________

රාත්තල් 1 ක් යනු කිලෝග්‍රෑම් 0.45359243 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )

____________________________________
 සාමාන්‍ය බර කිරුම් මිණුම් වලදී ට්‍රෝයි ! ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

ඩ්රෑම් 16         = අවුන්ස 1
අවුන්ස 16      = රාත්තල් 1
රාත්තල් 14    = ස්ටෝන් 1
ස්ටෝන් 2      = කාර්තු 1
කාර්තු 4          = හොන්ඩර 1
හොන්ඩර 20  = ටොන් 1 යි ( කිලෝ 1000 යි )

ග්‍රෑම් 1             = ග්‍රේන් 15.43
අවුන්ස 1        = ග්‍රෑම් 28.35 ( අවර්දුපුවා ! )
අවුන්ස 1        = 31.1035 ( ට්‍රෝයි ! )

රාත්තල් 56     = තුක්කු 1
තුක්කු 2          =  හොන්ඩර 1
හොන්ඩර 5    = පාරම් 1
පාරම් 4          = ටොන් 1 ( කිලෝ 1000 යි )

රාත්තල් 26.25 = තුලම් 1
____________________________________
ස්වර්ණාභරණ  කර්මාන්තයේදී ට්‍රෝයි !

ග්‍රේන් 24         = පැන්ස බර 1 ( මුදල් පැන්සය නොවේ )
පැන්ස බර 20  =  අවුන්ස 1
අවුන්ස 12      = රාත්තල් 1
____________________________________
ස්වර්ණාභරණ  කර්මාන්තයේදී අවර්දුපුවා !

ග්‍රේන් 437.5     = අවුන්ස 1
අවුන්ස 16       = රාත්තල් 1
____________________________________
සිංහල ස්වර්ණාභරණ මිනුම !

මංචාඩි 12 = පගෝදි 1
මංචාඩි 42 = රුපියල් බර 1 ( මුදල් රුපියල නොවේ )
මංචාඩි 28 = රන්පවුම් බර 1 ( මුදල් රන් පවුම නොවේ )
_________________________________


-----------------
-----------------
-----------------
_________________________________
මුදල් හුවමාරුව ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

පාදීම් 4         = පැන්ස 1 ( මුදල් පැන්සය )
පැන්ස 12     = සිලිම් 1
සිලිම් 20       = පවුම් 1 ( රන් පවුම් නොවේ. මේක වෙනම පෝස්ට් එකක් තරම් දිගයි.  )
සිලිම් 2         = ප්ලෝරීම් 1
සිලිම් 5        = ක්‍රවුන් 1
සිලිම් 21      = ගිනි 1
________________________________
මුදල් හුවමාරුව ( පුරාණ එක්සත් ජනපදය )

මිල් 10     =සත 1
සත 10     = ඩයිම් 1
ඩයිම් 10   = ඩොලර් 1
________________________________
මුදල් හුවමාරුව ( ප්‍රංශ  )

සෙන්ටයිම් 100 = ෆ්‍රෑන්ක් 1
_______________________________
ගැනුම් ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

12 හේ ගොඩක්  =  දුසිම් 1
20 හේ ගොඩක්  =  ස්කෝර්  1
දුසිම් 12              = ග්‍රොස් 1
_______________________________


 දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම  ලියන් යන ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )



01. හොඳට බලන්න ක්‍රි.ව. 1800 සිට 1900 දක්වා රන් මිළ වෙනස් වූ ප්‍රමාණය. ඒ වසර 100 සඳහාම රන් අවුන්සයක මිළ වෙනස් වී ඇත්තේ "ඩොලර් 1 ක්" වැනි ප්‍රමාණයකින් පමණයි. ( මෙහි සඳහන් කළ ඩොලර් 1ක  මුදල ගැන විශේෂ අවධානයක් යොමු කරන්න . inflation යන මාතෘකාවෙන් පසුව කතා කරමු )



02. ක්‍රි.ව 1900 සිට 2000 දක්වා රන් මිළ වැඩිව ඇති ආකාරය බලන්න. ඒ වසර 100 තුළදී රන් අවුන්සයක මිළ ඩොලර් 250 ක පමණ මිළක් දක්වා වැඩිව ඇත.


03.  ක්‍රි.ව 2000 සිට 2010 දක්වා වසර 10 තුළ මිළ වැඩිව ඇති ආකාරය බලන්න. ඩොලර් 1000 කට ආසන්න අගයකින් මිළ වැඩිව ඇත.




ඉහත 01 02 03 අවස්ථා වලදී රන් මිළ විවිධ අගයෙන් වැඩි වීමට හේතුව කුමක්ද ?


01. අඩු පරිභෝජනය හේතු වූවා වන්නට පුළුවන්. ( ක්‍රි.ව 1800 යුගයට සාපේක්ෂව රන් පරිභෝජනය 2000 යුගයේදී අතිශයින් වැඩිය. )

02. කාර්මික විප්ලවය සමග ඇති වූ සමාජ පෙරළිය සහ ආර්ථික පෙරළිය නිසා රන් පරිභෝජනය ටික ටික වැඩි වීම. ( රත්‍රන් ලෝහය යොදාගෙන නොයෙක් ආකාරයේ ව්‍යාපාර බිහි වීම. උකස් ගැනීම ඇතුළු මූල්‍යමය ව්‍යාපාර පවා ඇතුලත් කරන්න ).

03. ලෝකය තුළ ඉතා සීග්‍රයෙන් රන් වෙනුවෙන් වෙළඳපොළක් හිමි වීම. ( ක්‍රි.ව 1800 දී මගේ මිත්තණිය සතු වූවාට වඩා වැඩි රන් පවුම් ගණනක් අද මගේ දුවණියට හිමියි. ලෝකය පුරා රන් මුල් කරගත්  කාර්මික/ස්වර්ණාභරණ/මූල්‍ය ක්ෂේත්‍රයන්ට අදාළව කර්මාන්ත බිහි වීම )




              දැක්කද ඉල්ලුම වැඩි වෙන්න වැඩි වෙන්න මිළ ගුණෝත්තර විදිහට වැඩි වෙන හැටි. මම කළින් ලිපියේදී සඳහන් කළ විනිමය අගය සම්බ්න්ධ කළු කුහරයේ ස්වභාවය මතකද? අන්න ඒ වගේම දෙයක් මෙතන වෙන්නෙත්. මේකත් එක්තරා විදිහක කළු කුහරයක්. දැන් බලමු මෙයින් කරන්න පුළුවන් දේවල් ටිකක්. හොඳට මතක තියාගන්න මේ දේවල් ලියන්නේ මගේ ඊළඟ ලිපියට වටපිටාවක් හදන්න විතරයි.


AAA.


ක්‍රි.ව 1800 දී රත්‍රන් අවුන්ස 1000 ක් හිමිව තිබු පවුලක් ගැන සිතන්න. එහි එවකට වෙළඳපොළ වටිනාකම
1,000 X 19.39 USD = 19,390.00 USD


ක්‍රි.ව 1900 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 20.67 USD = 20,670.00USD


ක්‍රි.ව 1950 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 35 USD = 35,000.00 USD


ක්‍රි.ව 2000 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 270 USD = 270,000.00 USD


ක්‍රි.ව 2010 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 1227 USD = 1,227,000.00 USD


ක්‍රි.ව 2011 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිළ )
1,000 X 1900 USD = 1,900,000.00 USD



ක්‍රි.ව 2014 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( 2014 ජනවාරි 2 වන දිනට මිළ )
1,000 X 1217 USD = 1,217,000.00 USD



           ක්‍රි.ව. 1800 දී පෙට්ටගමක ඩොලර් 19,390.00 ක් තිබ්බා කියමු සල්ලි නෝට්ටු විදිහට . එම නෝට්ටු වල අද අගය කීයද ? අදත් ඩොලර් 19,390.00 ම තමයි ( ඒවා කාවෝ කාල තිබ්බේ නැත්නම් ). හැබැයි ඒ පෙට්ටගමේ රන් පවුම් 1000 ක් තිබ්බා නම් අද වෙළඳපොළ වටිනාකම කීයද ? 1,217,000.00 USD ! ( රුපියල් 164,295,000.00 .....   රුපියල් ලක්ෂ 1600 )



මේ විදිහට හිතලා හම්බෙන "හැම සතයකින්ම" රන් පවුම් එකතු කිරීමෙන් පළක් තියේද ?



ඇත්තෙන්ම නැහැ. එයට හේතුව තමයි,

i. ඇතැම් කාල වලදී වසර 10 ක් 15 ක් වැනි කාලයකට වුවද රන් මිළ වෙනස් වෙලා නැහැ. මිලියන ගණනක මුදලක් වැය කර නිකරුනේ ලෝහ කැබලි ටිකක් මිළදීගෙන සේප්පුවක දමාගෙන සිටීමෙන් පළක් නොවිය හැකියි. එහි ආරක්ෂාව සහ යට කළ මුදලට සාපේක්ෂව ලැබෙන ලාභයක් නොවිය හැකියි.

ii .ඇතැම් කාල වලදී මිළ සීග්‍ර ලෙස අඩු වෙලා තියෙනවා ඔබට පෙනෙන්න ඇති. රන් අවුන්සය 1900 USD ට ( විකිනු අය නොව ) මිළට ගත් අය ගැන ඔබ සිතන්නේ කුමක්ද ? වසර තුනක සිට ඔවුන් දැඩි පාඩුවක් ලබනවා. නමුත් දීර්ඝකාලීනව සැළකුවහොත් විශාල පාඩුවක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් කවදා හෝ එහි පළ නෙලාගනීවී ( රන් මිළ වැඩි වූ දිනක.එය කවදා වේවිද කියන්න කාටවත් බැහැ.)

iii.ලෝකය යුද්ධයන් පැවති කාල තුළදී රන් මිළ වෙනස් වී ඇති බවට ඉතිහාස සාධක ඇත. මීළඟ ලෝක යුද්ධය කවදා වේවිද කියන්න කිසිවෙක් දන්නේ නැහැ.

iv. ලෝක ආර්ථික කඩාවැටීම් වූ කාලයන් තුළදී රන් මිළ අඩු වෙනවා. ලෝක ආර්ථික කඩාවැටීමක් නැවත කවදා වේවිද කියන්න කාටවත් බැහැ.

v. තාක්ෂණ දියුණුව සමග නව රන් ආකාර / සංචිත සොයා ගන්න ලැබුණොත් රන් මිළ අනිවාර්යයෙන්ම අඩු වේවි.

vi. පෘතුවිය තුළ ඇති මිනිසාට ලඟා විය හැකි මට්ටමේ ඇති රන් සංචිත ප්‍රමාණය අවසන් වෙමින් යනවා නම් කුමක් වේවිද ? අනිවාර්යයෙන්ම රන් මිළ වැඩි වේවි. ( බොර තෙල් සංචිත ටිකත් තව වසර 100 කට වඩා නැහැ කියලයි ඔපෙක් සංගමය කියන්නේ )

vii. රන් මිළ ගැන කෙටි කාලීන අනාවැකි කියන්න කාටවත් බැහැ. ( දීර්ඝකාලීනව සැළකීමේදී නම් මිළ වැඩි වේවි. 2020 පමණ වෙද්දී අවුන්සය ඩොලර් 2500 ට ලඟා වේවි කියලයි දැනට ගණන් මිණුම් හදලා තියෙන්නේ.)





"වෙන දෙයක් වෙච්චාවේ සහන්" කියලා රත්තරන් ටිකක් අරන් තියාගත්තා නම් හොඳයි කියලා හිතෙනවද ?





      

                         ඔබ සතු සියලු දේපළ රන් බවට හරවන්න එපා. ඔබ සතුව කෝටි 10 ක මුදලක් ඇති නම් හොඳම ආයෝජන උපදෙස තමයි ඒවා වෙනස් වෙනස් ක්ෂේත්‍රයන් තුළ ආයෝජනය කරන්න. කෝටියක් හෝ දෙකක් බැංකුවක තැන්පත් කරන්න. ලක්ෂ 170 ක විතර රත්තරන් මිලදීගැනීමට පුළුවන්. හොඳ මැණික් ගල් ටිකක් අරන් තියාගන්න පුළුවන් ලක්ෂ 8 ක් විතර වියදම් කරලා. තදාසන්න පෙදෙසකින් හොඳ ඉඩම් කට්ටි දෙකක් තුනක් අරන් දාන්න තව ලක්ෂ 200 විතර වියදම් කරලා. තව ලක්ෂ 100 විතර යොදවලා හොඳ වගාවක් පටන් ගන්න. වගාව කියන්නෙත් හොඳම හොඳ ආයෝජනයක්. ගොඩේ වැඩ කියලා අතහරින්න එපා.

                ඔබට ව්‍යපාර කිරීමට සිත් පහළ වෙලා නම් බය නැතුව ලක්ෂ 100 ක් හෝ 150 පමණ යොදවමින් ඔබේ ව්‍යාපාරයේ පළමු අදියර පටන් ගන්න. ( මෙය වෘත්තීමය උපදෙසක් නොවන බව සළකන්න. දළ අවබෝධයක් ගැනුමට පමණි. ) සාර්ථකත්වය මත එහි අනාගතය ඔබ තීරණය කරන්න. මුදල් කියන දේ නැවත නැවත ඉපයෙන්නේ පෙට්ටගම් වල හිර වෙලා තියෙද්දී නෙවේ.ඔබේ සේප්පුව තුළ ලොවට හොරෙන් ලක්ෂ 1600 ක් තිබුණ කියලා වැඩක් තියේද ඒ මුදල් එළියට එන්නේ නැත්නම් ? LTTE සංවිධානය සතුවත් රත්‍රන් පවුම් ( මෙට්‍රික් ටොන් නෙවේ හොඳද? පටල ගන්න එපා ! ) කීපයක්  තිබ්බා කියලා රට්ටු කියනවා. අපි නම් දන්නේ නැහැ ඇත්ත නැත්ත!



NOTE : - මෙතෙක් කතා කළ සියලු දේවල් අයත් වෙන්නේ පුද්ගලික මට්ටමෙන් සිදු වන ආයෝජන ගැන වැටහීමක් ගැනීම සඳහා පමණි. මහා පරිමාණ මුදල් සංචිත පරිපාලනය සහ රාජ්‍ය මුදල් පරිපාලනය කියන විශයන් වලදී මීට වඩා වෙනස් ක්‍රම අනුගමනය කරනවා. ඒ මාතෘකාව තුළදී නම් රත්‍රන් වෙනුවෙන් පරිච්ඡේද සිය ගණනක් වෙන් වෙලා තියෙනවා. ඒ ඒ ආයතන/රටවල් සතු රන් සංචිත ප්‍රමණය , ආර්ථික අවපාත වලදී රත්‍රන් සංචිත යොදාගනිමින් කරන්න පුළුවන් දේවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වලදී. ඉඩක් ලැබෙන විදිහට ඒ ගැනත් කතා කරමු ඉදිරි ලිපි වලින්. නැවත කියන්න තියෙන්නේ මහා පරිමාණව ලාභය ලෙස බිලියන ගණනින් මුදල් එකතු වෙන තැන් වලදී ඒ මුදල් රත්‍රන් බවට පත් වන බවයි. බිලියන ගණනින් වෘත්තීමය විදිහට රත්‍රන් ආයෝජනය කරන හැටි ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. ලෝකයේ රිදී මිළ , ප්ලැටිනම් මිළ , විදේශ මුදල් වල අගයන් ගැන , විනිමය අනුපාත තීරණය වීම ගැන , පෙග්ඩ් සහ හෙඩ්ජ් කිරීම වැනි දේවල් එකින් එක විස්තර කරගෙන යන ලිපි පෙළක් මේ. අද ලිපියේ අරමුණ inflation කියන දේ ගැන කතා කරන්න වටපිටාවක් හැදීම (සුළු අවබෝධයක් දීම) පමණයි.


-----------------            ක්‍රි.ව. 1800 දී තිබු ඩොලර් 1ක්ද වටින්නේ අද ඩොලර් 1ක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී තිබු රන් පවුමක්ද වටින්නේ අද රන් පවුමක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී ඩොලර් 1කට කරන්න පුළුවන් දේ අද ඩොලර් 1කට කරන්න පුලුවන්ද ? ක්‍රි.ව. 1800 දී  ඩොලර් 1ක් උපයන්න දරපු වෙහෙස සහ අද ඩොලර් 1ක් උපයන්න දරන්න ඕනේ වෙහෙස වෙනස්ද ? සමානද ? එසේ ඉපයූ ඩොලරයෙන් කරන්න පුළුවන් දේවල් සමානද ? අසමානද ?


සල්ලි පොඩ්ඩක් ගෙනිහින් බඩු ගොඩක් ගෙන ඒමද ලේසි ?
සල්ලි ගොඩක් ගෙනිහින් බඩු පොඩ්ඩක් ගෙන ඒමද ලේසි ?
කාටද ලේසි ?




ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේවා...! නව වසරේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා..!



සහන් !

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01

..

December 19, 2013

අභිරහස් "හිරිගල් මාළිගය" Coral Castle's

1According to the Coral Castle's own promotional material, Edward Leedskalnin was jilted by his 16-year-old fiancée Agnes Scuffs in Latvia, just one day before the wedding. Leaving for America, he came down with allegedly terminal tuberculosis, but spontaneously healed, stating that magnets had some effect on his disease.

                 "හිරිගල්  මාළිගය" මෑත  ඉතිහාසය තුළදී  ලොව ඉදිකෙරුණු අභිරහස් නිර්මාණ අතරින් එකක්  සේ සළකයි. මෙයට හේතුව වන්නේ තනි මිනිසෙකු විසින් මෙම සම්පූර්ණ නිර්මාණය සිදු කර තිබීමය.  මේ  මාළිගාව ඉදිකර  ඇත්තේ 92% කටත් වඩා කොරල් , හිරිගල් වැනි පාෂණ යොදාගෙනය. යොදාගත් පාෂාණ වල මුළු බර ටොන් 1100 කට ආසන්නය ( ටොන් එකට කිලෝග්‍රෑම් දහසකි.එවැනි ටොන් 1100 ක් ). තනි මිනිසෙකුට මෙවැනි නිර්මාණයක් කල හැකිද ? ඔහු එවැන්නක් නිර්මාණය කලේ ඇයි ? කා වෙනුවෙන්ද ? ඇත්තෙන්ම එය අභිරහසක් !




6When asked why he had built the castle, Leedskalnin would vaguely answer it was for his "Sweet Sixteen." This is widely believed to be a reference to Agnes Skuvst (whose oft-misspelled surname "Scuffs" is not even a legitimately formed Latvian word). In Leedskalnin's own publication A Book in Every Home he implies his "Sweet Sixteen" was more an ideal than a reality. According to a Latvian account, the girl existed, but her name was actually Hermīne Lūsis.[6]

           ඔහු නමින් Edward Leedskalnin . උපතින් ලැට්වියන් (ලිතුවේනියානු නොව ) ජාතිකයෙක්. ප්‍රේමයෙන් පරාජය වූවෙක්. ඔහු  පෙම් කළ තැනැත්තියක් වෙනුවෙන් , ප්‍රේමය සිහි වීම පිණිස මෙකි නිර්මාණය බිහි කළ බව දැනගන්නට ලැබෙනවා. එම අභිරහස් ප්‍රේමවන්තියගේ  නියම නම මෙතෙක් හෙළි වී නැතත් ලීඩ්ස් විසින් දී ඇති ඉඟි අනුව ඇගේ නම Agnes Scuffs යැයි සැක කරනු ලබනවා. 6 එහෙත් "Scuffs" නමින් ලැට්වියානු බසෙහි වදනක් නැහැ. යම් අයෙක් නොදැනුවත්ව හෝ සිතා මතා  "Skuvst" යන ලැට්වියානු වදන "Scuffs" සේ සටහන් කළා වන්නටත් පුළුවන්. මේ ගැන ලැට්වියානු පුද්ගල ලියාපදිංචි තොරතුරු අනුව තව දුරටත් සොයා බැලීමේදී හෙළිව ඇත්තේ ලීඩ්ස් ඉඟි කළ ආකාරයේ දැරියක් සත්‍ය ලෙසම සිටි බවත් ඇගේ නියම නම " හර්මයිනි ලුසී " බවත්ය. කෙසේ නමුත් එම අභිරහස් දඟකාර චපල යුවතිය අපි  ඇග්නස් ලෙසම නම් කරමු !


                ඇග්නස් 16 වැනි වියේ පසු වූ දඟකාර යුවතියක්. ලීඩ්ස් සහ ඇග්නස් දෙදෙන ප්‍රේමයෙන් වෙළෙනවා , එහි ප්‍රතිපලයක් ලෙස විවාහයටද  සැරසෙනවා . එහෙත් විවාහයට පෙර දින ඇග්නස් ගැහැණියගේ  චපලත්වය කියා පාමින් ලීඩ්ස්ව අතහැර යනවා. මෙයින් මහත් සිත් තැවුලට පත් ලීඩ්ස් ගම් බිම් අතහැර ඇමෙරිකාව වෙත පැමිණෙනවා.



2Edward spent over 28 years building the Coral Castle, refusing to allow anyone to view him while he worked. A few teenagers claimed to have witnessed his work, reporting that he had caused the blocks of coral to move like hydrogen balloons. The only tool that Leedskalnin spoke of using was a "perpetual motion holder."

           එඩ්වර්ඩ් පුරා වසර 28 මුළුල්ලේ හිරිගල් මාළිගය ඉදි කර තිබෙනවා. එකී වසර 28 පුරාවට  වෙනත් කිසිවෙකුට තම ඉඩමට ඇතුළු වීමට අවසර දී නැහැ ( මේ ලිපිය ලිවීමේදී මා පරිශීලනය කළ ඇතැම් ලිපි වල එම කාලය වසර 6 ක යැයි සඳහන්ව ඇති බව දුටුවා.මේ ගැන තවත් පැහැදිළි කිරීමක් පසුවට කරමි ) . එහෙත් එම පරිශ්‍රයට හොරෙන් ඇතුළු වූ කොලු ගැටයන් කීප දෙනෙක් ඔහු වැඩ කළ ආකාරය දැක ඇති බව සඳහන්. කොලු ගැටයන් සපත කර ඇති අන්දමට ලීඩ්ස් විසන් මහා සද්දන්ත හිරිගල් කුට්ටි ඔසවා ඇත්තේ හුලන් පිරවූ බැලුනයක් ඔසවන තරම් සැහැල්ලුවෙන්.


      3Leedskalnin originally built the castle, which he named Rock Gate Park, in Florida City, Florida around 1923. He purchased the land from Ruben Moser whose wife assisted him when he had a very bad bout with tuberculosis.[4] Florida City, which borders the Everglades, is the southernmost city in the United States that is not on an island. It was an extremely remote location with very little development at the time. The castle remained in Florida City until about 1936 when Leedskalnin decided to move and take the castle with him to its final location on 28655 South Dixie Highway Miami, FL 33033. The Coral Castle website states that he chose to move in order to protect his privacy when discussion about developing land in the area of the castle started.[5] He spent three years moving the Coral Castle structures 10 miles (16 km) north from Florida City to its current location in Homestead, Florida.


                  ලීඩ්ස් විසින් මුලින්ම "ෆ්ලොරීඩා සිටි" හි නිර්මාණය කල හිරිගල් මාළිගාව ඔහු නම් කලේ "Rock Gate Park " නමින්. ඒ වර්ෂ 1923 දී. ෆ්ලොරීඩා හි පිහිටි එම ඉඩම ලීඩ්ස් විසන් මිළට ගෙන ඇත්තේ " රූබන් මොසර් " නම් ඉඩම් හිමි වැවිලිකරුවකුගෙන්. **2 එම ඉඩම මිළට ගත් ආකාරය ගැනත් ඉතා රසවත් කතාවක් පවතී. ඒ මෙසේය , ලැට්වියාවේ සිට ඇමරිකාව බලා පැමිණි ලීඩ්ස් ෆ්ලොරීඩාව පුරා ඇවිදිමින් තමාට සුදුසු ඉඩමක් සෙවීමට පටන් ගෙන තිබෙනවා. එසේ යන එක් දිනකදී පැරණි මෝටර් රියකින් යමින් සිටි "රූබන් මොසර්ට" තරුණ ලීඩ්ස්ව  ඇහ ගැටෙනවා. මොසර් විසින් ලීඩ්ස්ගේ ආගිය තොරතුරු විමසු විට ලීඩ්ස් සියල්ල පවසනවා.  සුදුසු ඉඩමක් ලැබෙන තෙක් සුහදශීලී සුන්දර ලීඩ්ස්ට මොසර්ගේ නිවසේ නවාතැන් දෙනවා. එහෙත් දිනෙන් දින ලීඩ්ස් රෝගී තත්වයට පත් වන්නේ කාලයක් තිස්සේ පීඩා විදිමින් සිටි ක්‍ෂයරෝගය උත්සන්න වීම නිසාය.**2  ලීඩ්ස් අතිශය දරුණු ලෙස ක්ෂය රෝගයෙන් පෙළුණු අවස්ථාවන්හීදී ඔහුට බොහෝ උපකාර කර ඇත්තේද රූබන්ගේ ප්‍රිය බිරිඳයි. ලෙඩ ඇඳේ සිටින විටදී පවා ලීඩ්ස් පවසා ඇත්තේ " මගේ සිඟිතිය ("Sweet Sixteen") වෙනුවෙන් මන් මාළිගාවක් හදන්න ඕනෑ. ඇය කවදා හෝ මා සොයා ඒවි. ඈ පැමිණීමට ප්‍රථම මා එය ඉදි කරන්න ඕනෑ. හිරිගලෙන් මාළිගාවක් හදන්න ඕනෑ. " මේ සියලු කතා ඉවසමින් ඔහුව විහිලුවකට නොගෙන රැකබලාගෙන ඇත්තේ  මොසර් හා ඔහුගේ බිරිඳයි. එම දෙපළගේ  උදව්වෙන් තම ජීවිතය රැක ගත් ලීඩ්ස් හැකි සෑම විටකම කර ඇත්තේ පාපදියකට නැගී සුදුසු ඉඩමක් සොයා යමින් දවසම කාලය ගත කිරීමයි.

               අඩි 3 ක් පමණ දිග ලී කැබැල්ලක් ආධාරයෙන් පොළොවට තට්ටු කරමින් භූමිය පරීක්ෂා කරමින් ලීඩ්ස් ඉඩමෙන් ඉඩමට යයි. එක් දිනකට අක්කර ගණන් භූමි ඔහු පසු කරයි. ඔහුගේ කර්තව්‍යය දකින අසල්වැසියන් මේ කුමන විගඩමක්දැයි පුදුමයෙන් බලා සිටියත් , ප්‍රශ්න කළත් ඔහු පුංචි හිනාවක් පමණක් මුවට නගා එතනින් ඉවත්ව යනවා.

" වගාවට සුදුසු  මෙච්චර වටින ඉඩමක් නොගෙන ඉන්නේ ඇයි ? මොනවයින් අඩුවක්ද ? " අසල්වැසියන්ගේ පැනයයි. ඒ කිසිවක් ගණන් නොගෙන ඔහු තම අරමුණ කරාම යයි.

               එක් දිනකදී ඔහු සෙවූ ඉඩම  හමු වූ බව පවසන ලීඩ්ස් එකී ඉඩම තමාට ලබා දෙන ලෙස මොසර් හමු වී කියා සිටිනවා. මොසර් පැමිණ ඉඩම පරීක්ෂා කළ විට පෙනී යන්නේ යාන්තම් අඟල් 4 ක් 5 ක් පමණක් වූ පස් තට්ටුවකට ආවරණය වූ  කිසිම වගාවකට නුසුදුසු , කිසිම වගාවක් කළ නොහැකි  හිරිගල් පර්වතයක් බවයි. අසරණ තරුණ ලීඩ්ස්ට ඔහු දක්වන සහයක් ලෙස එම ඉඩම ලබා දෙනවා.

             පසු දින සිට ලීඩ්ස් තම ඉඩමේ වැඩරාජකාරී අරඹනවා. දිනපතා උදයෙන්ම පැමිණෙන ඔහු අඳුර වැටෙන තෙක්ම ඉඩමේ රැඳී සිටිනවා.  දින 10 ක් පමණ ගිය විට මොසර්ට කුතුහලයක් පැමිණෙනවා තම තරුණ මිත්‍රයා කුමක් කරනවාදැයි දැක ගන්නට. තම බිරිඳත් කැටුව ලීඩ්ස්ගේ ඉඩම වෙත පැමිණි ඔහුට තම දෑස් අදහා ගත නොහැකි වන්නේ ලීඩ්ස් විසින් ඝන අඩි 40 ක පමණ යෝධ හිරිගල් කුට්ටියක් පිහිටි පොළොවෙන් කපා  අඩි 6 පමණ උසට ඔසවා ඇති බව දුටු විටය.





" දෙවියනේ . . !  ලීඩ්ස් ඔබ මේක කොහොමද කලේ ? " මොසර් සහ ඔහුගේ බිරිඳ පුදුමයෙන් විමසයි.

" කරන විදිහ දන්නවා නම් එතරම් අපහසු නැහැ " ලීඩ්ස්ගේ පිළිතුරයි.


                ප්‍රදේශය පුරා ඔහුගේ ක්‍රියාකාරකම් ගැන කටකතා පැතිර යෑමත් සමග අනික් අසල්වැසියන්ද ඔහුගේ මෙම අරුම පුදුම හැකියාව දැක ගැනීමට පැමිණෙනවා. එහෙත් අසල්වැසියන් සිටින කිසිම විටක ඔහු වැඩ කරන්නේ නැහැ.  ඔවුන්ටම වෙහෙස වී පිටව යන තෙක් ලීඩ්ස් සාවධානව බලා සිටිනවා. සියලු දෙනා පිටව ගිය පසු නැවත වැඩ ආරම්භ කරනවා.

                මේ ආකාරයට අඩි 10 සිට 18 පමණ දක්වා දිගින් යුතු වූ ටොන් 15 සිට ටොන් 30 දක්වා බර වූ හිරිගල් කුට්ටි දහස් ගණනක් යොදා ගෙන තම සිඟිතිය වෙනුවෙන් හිරිගල් මාළිගයක් ඔහු නිර්මාණය කරනවා. ඔහු විසින් පොළොවෙන් හාරා ඉවතට ගෙන ඇති මුළු හිරිගල් වල බර මෙට්‍රික් ටොන් 1100ක්. 




            1920 පමණ  වකවානුවේදී එම පෙදෙස අතිශයින් පිටිසර නොදියුණු ස්වභාවයක් ගෙන තිබෙනවා. 1936 පමණ වන තෙක් හිරිගල් මාළිගය පිහිටා තිබී ඇත්තේ "ෆ්ලොරීඩා සිටි" තුළයි. එහෙත් " සංවර්ධනයේ රැල්ලත් " සමග ලීඩ්ස්ට දාමරිකයන් රැළක් අතින් මුහුණ දෙන්නට වූ අමිහිරි අද්දැකීමක් නිසා ඔහු තම නිර්මාණය ආරක්ෂා කර ගැනීම පිණිස එය වෙනත් තැනකට රැගෙන යාමට සිතනවා.

මොනවා ටොන් 1100 ක සද්දන්ත මාළිගයක් ?


               ඔව් එය ඇත්තයි. හිරිගලෙන් නිර්මිත මුළු මාළිගාවම ඔහු වෙනත් තැනකට ගෙන යාමට තීරණය කරනවා. දත් බුරුසුවේ පටන් සියලු දේම. අසල්වැසි ට්‍රක් රියදුරන් කීප දෙනෙක්ගේ සහය ලබා ගන්නා ලීඩ්ස් මුළු හිරිගල් මාළිගයම කොටසෙන් කොටස ගලවා ට්‍රක් රථ මගින්  " මියාමි නගරය " වෙත රැගෙන යනවා.

   " මහත්මයා පොඩ්ඩක් පැත්තකින් ඉන්න පුලුවනිද මා ට්‍රක් රථයට එකින් එක පටවා ඔබට කතා කරනකම් ? " එලෙස කියන ලීඩ්ස් ටොන් 10 , 15 හේ ගල් කුට්ටි ට්‍රක් වලට පැටවීම සහ බෑම සිදු කරයි.

           ගමන් වාර 300 කින් පමණ පසු මුළු මාළිගාවම මියාමි නගරය වෙත රැගෙන යන ඔහු නැවතත් මුල සිට හිරිගල් මාළිගාව නිර්මාණය කරයි. { ඇතැම් තැනක මුළු මාළිගයම ඔහු ගෙන ගිය බව පැවසුනත් ඇතැම් තැනක් පැවසෙන්නේ මියාමි ඉඩමේ තිබු තැනකින්( ගල් කොරියකින් ) අලුතෙන් හිරිගල් කපා වෙන් කරගත් බවයි. කෙසේ හෝ අලුතින් ඉදිකළ මාළිගාවේ ඉහත ස්ථාන දෙකෙන්ම ගත් හිරිගල් ඇත.}


4Leedskalnin continued to work on the castle up until his death in 1951. The coral pieces that are part of the newer castle, not among those transported from the original location, were quarried on the property only a few feet away from the southern wall.

5Leedskalnin charged visitors ten cents a head to tour the castle grounds. There are signs carved into rocks at the front gate to "Ring Bell Twice" and a second sign just inside the property that says "Adm. 10c Drop Below". He would come down from his living quarters in the second story of the castle tower close to the gate and conduct the tour. Leedskalnin never told anyone who asked him how he made the castle. He would simply answer "It's not difficult if you know how."

                   මාළිගය නැරඹීමට පැමිණෙන අයගෙන් ඔහු සත 10 ක මුදලක් අය කර තිබෙනවා. මාළිගය ඉදිරිපස ගේට්ටුවේත් ඉන් ඇතුළු වූ පසු ඇති කවුළුවකත්  ඔහු මෙළෙස කැටයම් කර තිබෙනවා.

" දොර සීනුව දෙවරක් නාද කරන්න " 

" සත 10 ක් දමන්න "

                 යම් අයෙක් පැමිණ නියමිත මුදල ගෙවා සීනුව නාද කල විට ලීඩ්ස් හිරිගල් මාළිගාවේ දෙවන මහලේ සිට පැමිණෙයි. තම ආගන්තුකයාව සාදරයෙන් පිළිගෙන මුළු මාළිගය පුරාම සවාරියේ යෙදෙමින් එකින් එක විස්තර කර දීමද කර ඇත. යම් අයෙක් මෙය සෑදුවේ කෙසේ දැයි ඔහුගෙන් විමසුවහොත් ලැබෙන එකම පිළිතුර " කරන විදිහ දන්නවා නම් එතරම් අපහසු නැහැ " යන්නයි.

6When asked why he had built the castle, Leedskalnin would vaguely answer it was for his "Sweet Sixteen." This is widely believed to be a reference to Agnes Skuvst (whose oft-misspelled surname "Scuffs" is not even a legitimately formed Latvian word). In Leedskalnin's own publication A Book in Every Home he implies his "Sweet Sixteen" was more an ideal than a reality. According to a Latvian account, the girl existed, but her name was actually Hermīne Lūsis.[6]

7When Leedskalnin became ill in November 1951, he put a sign on the door of the front gate "Going to the Hospital" and took the bus to Jackson Memorial Hospital in Miami. Leedskalnin suffered a stroke at one point, either before he left for the hospital or at the hospital. He died twenty-eight days later of Pyelonephritis (a kidney infection) at the age of 64. His death certificate noted that his death was a result of "uremia; failure of kidneys, as a result of the infection and abscess."[7]


          1951 නොවැම්බර් මසදී හදිසියේ රෝගාතුර වන ඔහු " මා රෝහලට යමි " යනුවෙන් සටහනක් තබමින් බසයක නැගී රෝහල(Jackson Memorial Hospital in Miami) වෙත ගොස් තිබෙනවා. රෝහල් ගතව දින 28 කට පසුව ඔහු නින්දේදීම මරණයට පත් වනවා. මරණයට හේතුව ලෙස මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ වකුගඩු තුළ ඇති වූ විසර ගෙඩියකින් හටගත් ආසාදනයක්.




8While the property was being investigated, $3,500 was found among Leedskalnin's personal belongings. Leedskalnin had made his income from conducting tours, selling pamphlets about various subjects (including magnetic currents) and the sale of a portion of his 10-acre (4.0 ha) property for the construction of U.S. Route 1.[5] Having no will, the castle became the property of his closest living relative in America, a nephew from Michigan named Harry.[8]



               ඔහුගේ මරණින් පසු ඔහු සතු දෑ පරීක්ෂා කිරීමේදී ඩොලර් 3,500පමණ වූ අති විශාල මුදලකුත් ( 1951 දී ඩොලර් 1000 කියන්නේ අද මුදලින් ඩොලර් ලක්ෂ 4 කටත් වැඩි ) ඔහු විසින් සම්පාදිත නොයෙකුත් විද්‍යා ග්‍රන්ථ රාශියකුත් හමුවෙනවා. අවසන් කැමති පතක් නොලියා තිබු ලීඩ්ස්ගේ සියලු දේපළ ඇමරිකානු නීතියට අනුව හිමිව ඇත්තේ ඇමරිකාවේ වෙසෙන ළඟම ඥාතියා වන " මිචිගන්හි  විසු හැරී " නැමැත්තෙකුට. කාලයත් සමග අතින් අතට මෙම නිර්මාණය පත්ව තිබෙනවා. ඒ අතරතුර නොයෙක් කටකතාද සත්‍ය වටා ගෙතී තිබෙනවා. සත්‍ය විකෘති වීමද සිදුව ඇති.

(විශාල කටකතා , මිත්‍යා ප්‍රමාණයක් හමු වූවත් ඒ දේවල්  පරිවර්තනය කළේ නැහැ මම. ඔහු ක්ෂය රෝගයෙන් විශ්මිත ලෙස සුවය ලැබුවේද චුම්භක ශක්ති ප්‍රභව වල උදව්වෙන් යැයි ඇතැමෙක් පවසනවා. ඒ ගැන කිසිම ධන හෝ ඍණ අදහසක් මා දරන්නේ නැහැ  )

 Note: ලිතුවේනියාව සහ ලැටිවියාව කියන්නේ රටවල් දෙකක් එක ළඟ පිහිටි. දේශපාලන කතා නම් මහ ගොඩක් තියෙනවා නම් ගම් ආව විදිහ ගැන. නිවැරදි සිංහල නම් ගම්  ගැන මා දන්නේ නැහැ.


                    ප.ලි. මට මේ කතාව ලියන්න කියලා මගින් මගට කතා කර කර උනන්දු කරේ අපේ සිරා කොලුවා. තම වියදමින්   මහ රෑ 2 ට විතරත් කතා කරලා අවශ්‍ය තොරතුරු හඬ පට ,රූප සටහන් එව්වේ සිරා. අපේ පත්තර මල්ලිත් පැයෙන් පැයට කතා කර කර ඇහුවා ලියන්නේ නැද්ද කියලා. සිරා සහ පත්තර මල්ලි  නොහිටින්න මේක ලියවෙන්නේ නැහැ මා අතින්. තව මම දන්න කසුන් කියලා මල්ලි කෙනෙකුත් ඉස්සර ඉඳන් මට කිව්වා මේ ගැන ලියන්න කියලා. ඔහුටත් ස්තූති වන්ත වෙනවා. බ්ලොග් කරුවන් අතර ලිපි හුවමාරුවේ වටිනාකම කියවෙන තවත් අවස්ථාවක් මේක . මෙතනත් තියෙනවා මම චන්දනට දීපු මේ වගේ අත්භූත කතාවක් නිධානයක් ගැන. එකිනෙකා අතර ලිපි හුවමාරු කරගැනීම ඉතාම වැදගත් ලෝභයෙන් බදා නොගෙන.

 Note: මෙම ලිපිය සැකසීමේදී ලිපි කීපයක් පරිශීලනය කරා. එකිනෙකට පරස්පර කරුණු සහිත තැන්ද තිබූවා. එනිසා විකිපීඩියා හි මුල් ලිපියද මේ සමග පළ කරමි ( නැත්නම් මෙතන මහ අවුලක් වෙනවා ) . එයට බාහිරින් එක් කළ කරුණු ඇති බැවින් එකිනෙක පටලවා නොගන්න. විකිපීඩියාවට කරුණු එක් කළ අයටත් , අන්තර්ජාලය තුළ තොරතුරු ගොනු කර තිබු අයටත් සියලු ගෞරවය හිමි විය යුතුය. මා සිදු කළේ ඉංග්‍රීසි සහ ප්‍රංශ බසින් සිංහලයට පරිවර්තනය පමණි.


 ලීඩ්ස්  මෙම නිර්මාණය කළ ආකාරය ගැන තාක්ෂණික මතය සහ මගේ මතය

       බොහෝ විද්‍යාඥයින් පවසන කරුණු එකිනෙකට ආන්දෝලනාත්මකයි. ඇතැම් කරුණු දැනට ප්‍රත්‍යක්ෂ විද්‍යාත්මක ගෙනහැර දැක්වීම් වලට ගළපන්න බැහැ.

 i. සමාන අගයෙන් යුත් පෘතුවියේ භූචුම්භක තැටි කීපයක් එකිනෙකට හමු වන ස්ථාන වල ගුරුත්වය වෙනස් බවත් , එසේ වෙනස් ස්ථානයක් තෝරාගෙන ලීඩ්ස් මෙය ඉදි කර ඇති බව. ( මෙතෙක් එවැනි දෙයක් කරපු කෙනෙක් නැහැ )

 ii. පෘතුවි ගුරුත්වයට විරුද්ධ බලයක් ගොඩනගා ගනිමින් ඔහු මෙය ඉදි කර ඇති බව. කෙටියෙන් කිව්වොත් ටොන් 10 ක බරක් හිරිගලට ලැබෙන්නේ පෘතුවි ගුරුත්වය නිසා. යම් අයෙක්ට එම ගුරුත්ව ක්ෂේත්‍රය වෙනස් කළ හැකි නම් ටොන් 10 ක් බර හිරිගල බැලුම් බෝලයක් ඔසවන්නා සේ සැහැල්ලුවෙන් එසවිය හැකිය. ( මෙතෙක් එවැනි දෙයක් කරපු කෙනෙක් නැහැ )

 iii. පාන් පෙති කපන්නා සේ ඔහු හිරිගල් පොළොවෙන් කපා ඉවතට ගෙන ඇත්තේ කෙසේද ? අදටත් උත්තර නැහැ. ඊජිප්තු පිරමීඩ , ශ්‍රී ලංකාවේ දැවැන්ත කළු ගල් නිර්මාණ , පීරු හි පිහිටි දැවැන්ත නිර්මාණ ඉදි කළ තාක්ෂනය කෙසේ හෝ ලීඩ්ස් සතුව තිබෙනවා.( ඊජිප්තු පිරමීඩ ගැන ලිපියක් බලාපොරොත්තු වන්න )

 iv. (කිසිදා පැමිණ නැති) පෙම්වතියකට බව පවසමින් මෙවැනි දෙයක් කිරීමේ අරමුණ ප්‍රේමයමද ? අදටත් උත්තර නැහැ.

 v. වෙනත් කිසිම හේතුවක් සඳහා ඔහු තම බලය යොදාගෙන නැහැ. අසල්වැසි නිවාස ඉදි කිරීම වැනි කටයුතු වලට ඔහු සභාගී වී නැහැ. ඔහු මිත්‍රශීලී අයෙක් වූවත් අනිත් අය සමග සතුටු සාමිචියේ යෙදීමට ගොස් නැහැ. තනිව වාසය කළ අයෙක්.

 vi. ඔහු විසින් පැහැදිළි කරන ලද චුම්භක ක්ෂේත්‍රයන්ට අදාළ  විෂය කරුණු ගැන කිසිවෙක් අවධානය යොමු කර නැහැ. ඔහු සිදු කළ සියලු පරීක්ෂණ ප්‍රතිඵල ඔහු සමගම වැළලී ගොස් හමාරයි. ඔහු විසින් මුද්‍රිත කෘති කීපයද මෙතෙක් කිසිවෙක් හරි හැටි වටහාගෙන නැහැ.

 vii. "Sweet Sixteen" යනුවෙන් ඔහු අදහස් කළේ කුමක්ද ? ඔහුගේ පෙම්වතියද ? වෙනත් අභිරහස් දෙයක්ද ?

 viii. ලොව පුරාම එංජිනේරු ක්ෂේත්‍රය සම්බන්ධ විද්‍යාඥයින් පවසන ආකාරයට තවත් තහවුරු වන්නේ මෙම නිර්මාණය කිසි සෙත් නවීන විද්‍යාව අනුව තැනු කිසිම යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ඉදි කළ නොහැකි බවයි. එසේ ඉදි කිරීමට නම් අවම වශයෙන් ටොන් 50 ක් පමණ එසවිය හැකි යෝධ දොඹකර කිහිපයක් , ඩයමන්ඩ් විදුලි කියත් සහිත කැපුම් යන්ත්‍ර කීපයක් , මිනිස් ශ්‍රමය වෙනුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ සහ එන්ජිනේරු උපදෙස් වෙනුවෙන් ක්ෂේත්‍ර කීපයක එන්ජිනේරුවන් කීප දෙනෙක්ද අවශ්‍ය බවයි.  

 ix. තවත් පුදුමයට කරුණ නම් ලීඩ්ස් විසින් එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට මෙය ප්‍රවාහනයද කර තිබීමය. 20 වෙනි සියවස තුළදී මහ දවල් ඇමරිකාවේ සිදු වූ දෙයක් මෙය. කිසිම කොළ කඩා පෙන්වීමක්  නැහැ.

 x. ලීඩ්ස් විසින් ගල් දොරවල් වලට සවි කර තිබී යකඩ බෝල රේසර් , බෙයාරින් වැනි දේවල් අලුත්වැඩියා කටයුතු කිරීමේදී හමු වී තිබෙනවා. එහෙත් ඔහු මේ සා විශාල ගල් එසවූ හැටි , ගල් පොළොවෙන් වෙන් කරගත් ආකාරය , හරියටම දසමෙට මිමි ගත් සැටි අදටත් අභිරහසක්. යකඩ බෙයාරින් එකක් හමු වූ පමණින් ඔහුගේ අනික් හැකියාවන් තුට්ටුවකට දමා ඇති ආකාරය මා අන්තර්ජාලය තුළ දුටුවා. මට තියෙන ගැටලුව ඒ කිසිම පණ්ඩිතයෙක්ට බැරි උනා මේ වගේ දෙයක් හදන්න. කියන්න ලේසියි. කරන්න බැහැ. හරිම විහිළුවක්.
  
xi. "Sweet Sixteen" නමින් ඔහු අදහස් කළ දෙය හමු වූවාද ?

 මේ ගැන සයිලන්ට් සහන්ගේ මතය : මේ ලෝකේ අපි නොදන්නා ගොඩක් දේ තියෙනවා. මොකක් හරි දැකපු හැටියේ " අයියෝ ඕක කරන්නේ මෙහෙමනේ. අතනින් දාල මෙතනින් ගත්ත නම් ඉවරනේ " කියලා තමන්ගේ අනුවණ කම ප්‍රදර්ශණය කරන්න හොඳ නැහැ. යම් දෙයකට අදාළ නියම පැහැදිළි කිරීම ලැබුණ දාට ලෝකයම ඉදිරියේ නිරුවත් වෙන්න වෙනවා. අනිකාගේ බුද්ධියට ගරු කරන්න ඕනේ. අනිකාගේ හැකියාව සුළු කොට තකන්න හොඳ නැහැ. ලීඩ්ස් විසින් කෙසේ හෝ අභිරහස් ලෙස නිර්මාණයක් කර තිබෙනවා. එහි රහසද ඔහු සමගම වැළලී තිබෙනවා. අපට කළ හැකි දෙයක් නැහැ , අඳුරේ අත පත ගෑමෙන් පළක් නැහැ. ඔහු එය කළේ කෙසේද යන්න  ගැන මගෙන් විද්‍යාත්මක පැහැදිළි කිරීමක් නැහැ.  ඔබේ රහස ඔබ ළඟම තබා ගත් ලීඩ්ස් ඔබට පින්. දරුණු ලෙස අගතියට පත් අයට  තම නිර්දෝෂීභාවය ලොවට පෙන්වීමට දෙවියන් හෝ යම් කිසි දායාදයක් තිළිණ කරයි. එම දායාදයේ දිග පළල මැනීමට කිසිවෙකුට  බැහැ.


 ප්‍රේමයට කළ හැකි දේ බොහෝයි. චපල ප්‍රේමයෙන් අගතියට පත් වූවෙක්ට කළ හැකි දේ ඊටත් වඩා බොහෝයි !
             

December 4, 2013

මධ්‍යම සහ මහා පරිමාණ ඉදිකිරීම් ගැන ඔබ නොදත් දේ.Tragedy of Royal park . . !



                   පුද්ගලික අංශයේ මධ්‍යම පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර කටයුතු වලදී තීන්දු තීරණ ගැනෙන්නේ සුළු පිරිසක් අතින්. එසේ ගන්නා තීරණ මොනවාද , එම තීරණ ගන්නේ කව්ද , එසේ ගත් තීරණ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන ඔබට  වැටහීමක් මෙම ලිපියෙන් ලබාගත හැක.  මේ ලිපිය  "පුද්ගල මිළ තීරණය වීම | Value and the Price" යන ලිපිය සමග 100 % බැඳී ඇති බැවින් එහි නව කමෙන්ටුද සමග එය කියවා සිටින්න.


උපදෙස්:  අඩි 1ක් දිග බැම්මක්( බිත්තියක් ) සෑදීමට යන මුදල රුපියල් 1 ක් යැයි සිතන්න.වර්ග අඩි 1ක භූමියක කොන්ක්‍රීට් වැසීමට වැය  වියදම රුපියල් 1 ක් යැයි සිතන්න.
 

පළමු උදාහරණය | වර්ග අඩි 1 ක ඉදිකිරීමක් සඳහා යන මුදල




මුළු බිත්ති දිග = අඩි 4යි
බිත්ති   සඳහා වියදම = රු 4යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 1 යි
වර්ග අඩි 1 ක කොන්ක්‍රීට් වියදම = රු 1 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 5 යි  ..

( NOTE : - 5 rs/1sqft  = 5 rs = මම පොර අවස්ථාව. කැල් එකක් ගත්තම විනාඩි 5 හේ අවස්ථාව   )

දෙවන  උදාහරණය | වර්ග අඩි 4  ක ඉදිකිරීමක් සඳහා යන මුදල






මුළු බිත්ති දිග = අඩි 8 යි
ඒ සඳහා වියදම = රු 8යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 4 යි
වර්ග අඩි 4 ක කොන්ක්‍රීට් වියදම = රු 4 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 12 යි  .. ( හරි නම් රු 20 ක් යන්න ඕනේ )


( NOTE : - 12 rs/  4sqft =  3 rs = හපොයි. එන පොට හොඳ නැහැ අවස්ථාව.      )


තෙවන  උදාහරණය | වර්ග අඩි 9 ක ඉදිකිරීමක් සඳහා යන මුදල






මුළු බිත්ති දිග = අඩි 12 යි
ඒ සඳහා වියදම = රු 12 යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 9 යි
වර්ග අඩි 9 ක කොන්ක්‍රීට් වියදම = රු 9 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 21 යි  .. ( හරි නම් රු 45 ක් යන්න ඕනේ )

( NOTE : - 21 rs/  9sqft =  2.3 rs = රෙද්ද පල්ලේ යෑම ! කැල් එක පොළොවේ ගහන්න වෙන අවස්ථාව. රු 15 ,000 පඩියට අවුරුදු දෙකක් වැඩ කරන්න වෙන අවස්ථාව  )

                 පේනවද වියදමේ වෙනසක් ...? පළමු උදාහරණයේ ඇති වර්ග අඩි 1  ඉදිකරන්න ගියා රු 1 ක් . ඒත් වර්ග අඩි  9 ක් හදන්නම මට තෙවෙනි අවස්ථාවේදී ගියේ රු 21 යි. හරි නම් රු 45 ක් යන්න ඕනේ. ඒත් මට ගියේ රු 21 . භාගයකටත් අඩු මුදලක් නේද ගිහින් තියෙන්නේ ....?


තනි ඇහැට ඇඬෙන අවස්ථාව .




මුළු බිත්ති දිග = අඩි 60 යි
ඒ සඳහා වියදම = රු 60 යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 225 යි
වර්ග අඩි 225 ක කොන්ක්‍රීට් වියදම = රු 225 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 285 යි  .. ( හරි නම් රු 1125 ක් යන්න ඕනේ )


                    තට්ටු නිවාස සංකීර්ණයක් කියන්නේ මොකක්ද ? මගේ ගෙදර වහළය වෙන්නේ උඩ තට්ටුවේ ඉන්න කෙනාගේ පොළොව නේද .. ? මගේ ගෙදර පොළොව වෙන්නේ මට පහළ ගෙදර ඉන්න කෙනාගේ වහළය නේද ...?

               මගේ ගෙදර එක බිත්තියක් අනික් ගෙදර මනුස්සයගේත් එක බිත්තියක් වෙනවා නේද ..? මුළු බිල්ඩිමටම වහලවල් කීයද තියෙන්නේ ? සඳලු තල , විදුලි සෝපාන , පිහිනුම් තටාක , ජිම් , වාහන පාර්කින් වගේ දේවල් ෂෙයාර් වෙනවා නේද එකිනෙකා අතර ..?

        හැමෝටම අයිති එහෙත්  හැමෝටම පොදු දේපල ඕනේ තරම් තියෙනවා නේද නිවාස සංකීර්ණයක ?


ඇයි මේ ගහ දන්න මට කොළ කඩලා පෙන්නන්න හදන්නේ මගේම ගහේ ...?


                 යමි කිසි කෙනෙකුට රෝයල් පාර්ක් එකේ මාර්කටින් ප්ලෑන් එක සහ පිටු 31,000 ගණනක් ඇති එන්ජිනියරින් ප්ලෑන් එක , විදුලි බල පද්ධතිය / ගොඩනැගිල්ල  මුදුනේ ඇති විදුලි සංදේශ පද්ධතිය / ගුවන්විදුලි රූපවාහිනී  විකාශන පද්ධතිය  බලන්න ඕනේ නම් ඔබේ සම්පූර්ණ නම / NIC / දුරකනය / තනතුර / සේවය කරන ආයතනය  සහිතව මට විස්තර එවන්න. රොයල් පාර්ක් එක හදපු ප්‍රොජෙක්ට් මැනේජර්ව මුණගැසීමට අවස්ථාවක් එයාට දෙනවා. වැලි කැටෙන් වැලි කැටේට , තට්ටුවෙන් තට්ටුවට ගණන් හදලා පෙන්නාවි ඔහු එදාට. හැබැයි ඔහු කාරුණික අයෙක් නම් නෙවේ පුද්ගලයන් ඉදිරියේදී .


                 සෑම ව්‍යාපෘතියකම එන්ජිනියරින් ප්ලෑන් එක සහ මාර්කටින් ප්ලෑන් එක කියල දෙකක් තියෙනවා. මෙතනින් එන්ජිනියරින් ප්ලෑන් එක 100 % හදන්නේ , ඒ ගැන විධායක මට්ටමේ තීරණ ගන්න පුළුවන් සමාගම් අධ්‍යක්ෂකවරයාටත්  සහ ඔහු විසින් බලය පැවරු අයටත් විතරයි. ඔවුන්  විතරයි දන්නේ සැඟවුණු ගණන් මිනුම් ගැන.  නව ව්‍යාපෘතියේ අරමුණ , එය කව්රුන් විසින් ලබා දුන්නක්ද , කිනම් පාර්ශවයක් වෙනුවෙන් ඉටු කරන්නක්ද , අනාගත බලාපොරොත්තු මොනවාද යන්න ගැන දන්නේ අධ්‍යක්‍ෂක ඇතුළු කීප දෙනා පමණමයි. (යම් කිසි අයෙක් එසේ නැහැ කියනවා නම් මම පැහැදිළි කරන්න යන්නෙත් නැහැ.  දවසක් මම විශ්ව රංගනාත්ට නම් පුද්ගලිකව කරුණු ටිකක් කීවා යම් දේවල්  ගැන) . ඔවුන්ට ඕනෑ හැටියටයි මාර්කටින් ප්ලෑන් එක හදන්නේ. මේ ගැන පසුවට කියන්නම්)  අධ්‍යක්‍ෂක , කොටස් හිමියන් සහ ප්‍රධාන විධායකවරයා එකතුව ව්‍යාපෘතිය  ගැන අවසාන කථිකාවට ආවට පස්සේ තීරණය කරනවා සමාගම සතු විවිධ අංශ වලට වැඩ පවරන්න. සුළු නිලධාරීන් හට දැනුම් දිය යුත්තේ මොනවාද , දැනුම් නොදිය යුත්තේ මොනවාද , සැඟවිය විය යුත්තේ මොනවාද යන්න තීරණය කරන්නේ  සමාගම් අධ්‍යක්‍ෂක ඇතුළු ඉහළම නිලධාරීන් විතරයි.

            එසේ තීරණය කිරීමෙන් පසු ඉදිකිරීම්/විදුලි/යාන්ත්‍රික/සැලසුම්  එන්ජිනේරු අංශයන් වෙනුවෙන් එහි ප්‍රධාන එන්ජිනේරු මහත්වරුන්ටත් , මූල්‍ය අංශයේ ඉහළ නිලධාරීන් , මානව සම්පත් අංශයේ නිලධාරීන්ටත් , අනික් පහළ නිලධාරීන්ටත් නිළ වශයෙන් දැනුම් දෙනවා නව ව්‍යාපෘතිය ගැන.


           ඔන්න දැන් තමයි මාස කීපයකට පස්සේ නමෝ විත්තියෙන් සුළු නිළධාරීන්ට සමාගම් අධ්‍යක්‍ෂකවරයාව දැකගන්න හරි අවස්ථාවක් ලැබෙන්නේ. සියලු දෙනා රැස් උනාට පස්සේ ඔහු අමතනවා.

" සුබ උදෑසනක් මහත්වරුනි . ------------- සමාගම නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර අවසන්. මේ ගැන වැඩි විස්තර සමාගම් ප්‍රධාන විධායකවරයා විසින් ඔබට පවසාවි. "

               ප්‍රධාන විධායකවරයාට අවස්ථාව දීලා ඔහු බලා ඉන්නවා සාවධානව. ප්‍රධාන විධායකවරයා අවශ්‍ය තොරතුරු පමණක් විස්තර කරනවා. අනවශ්‍ය වචනයක් වත් පැවසීමෙන් වළකිනවා. ඒ ඒ අංශ වලට වැඩ පවරා දීම , ගැටළු , විසඳුම් ආදී අවශ්‍ය සියල්ල කතා බහ කරනවා. ( නව සේවකයන් බඳවාගැනීමට අවශ්‍යද  , නව යන්ත්‍ර සූත්‍ර මිළදී ගැනීම් , නව තාක්ෂණික ක්‍රමෝපායන් ගැන , අභියෝග , ඉළක්ක , ව්‍යාපෘති නිම කිරීමෙන් පසු අත්වන ප්‍රයෝජන වැනි සියල්ල කතා බහ කරන්නේ මෙතැනදී. )


             මෙවැනි කතා බහක් ඇතැම් විට පැය 8 ක් - 12 ක් පමණ දිගු වෙන්න පුළුවන් ඒ ඒ සමාගමෙන් සමාගමේ හැටියට. අධ්‍යක්ෂකවරයා නැගිටිනකම් කිසිවෙකුට නැගිටින්න බැහැ. ( නිකම් වැඩවසම් යුගය වගේ නේද ? ) අධ්‍යක්ෂකවරයා සෑහීමකට පත් වූ පසු ඔහු නැවත සභාව අමතනවා.

" හොඳයි මහත්වරුනි , අද දිනය ගැන බොහොම සතුටුයි. මෙම නව ව්‍යාපෘතිය සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙමි. ඔබට සුබ දවසක් "

            මෙළෙස අවස්ථා කීපයක් තුළදී අධ්‍යක්ෂකවරයා පුද්ගලිකව පැමිණ  පහළ සේවකයන් සමග සාකච්චා වට කීපයක් පවත්වනවා. ඉන්පසු නැවත ඔහුව දකින්නට ලැබෙන්නේ නැහැ සුළු සේවකයන්ට. ඔහු පිටව ගිය පසු සභාවේ ඇති කතා බහ මේ වගේ..


" ඌ නම් කියයි. අපි එපැයි මැරීගෙන මේවා කරන්න. ඌට මොකද. ඌ නිකම් වාඩි වෙලා බලන් ඉන්න එකනේ. කාලකන්ණියා "


          එහෙත් සත්‍ය තමයි සමාගම් අධ්‍යක්‍ෂවරයා විසින් තිරය පිටුපස සිට කරන විශාල කාර්ය භාරය කිසිවෙක් දකින්නේ නැහැ. හැමෝටම පේන්නේ ඔහු අඩුවෙන් කතා කරන , සිංහල වචන 10 යක් හරියට උච්චාරණය කරගන්න බැරි , සල්ලි බලේට එතනට ආව පුංචි බබෙක් කියලා.



අධ්‍යක්‍ෂවරයා විසින් පැවරූ වැඩ මෙසේ බෙදී යයි.

               විශාල හිස් ඉඩක් ඇති මහල් ගොඩනැගිල්ලක  ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රමාණය ඉතාම සුළු වෙන්න පුළුවන්. එන්ජිනියරින් ප්ලෑන් එකේදී ගණන් හදන්නේ හිස් අවකාශය වෙනුවෙන් නෙවේ. ගණන් හදන්න ඕනේ සැබෑ ද්‍රව්‍ය වලට. වර්ග අඩි 800,000,000  ක් ඇති ගොඩනැගිල්ලක  ඉහත මම කියපු උදාහරණයට අනුව සත්‍ය ලෙසම ඇත්තේ වර්ග අඩි 250,000,000 වෙන්න පුළුවන්.ඒ අනුව ප්‍රායෝගිකව බලන විට  වර්ග අඩියක් වෙනුවෙන් රු 5500 විතර වැය කරන්න පුළුවන්! හොඳම නිමාවක් ඇති / ශක්තියක් ඇති ව්‍යාපෘති නිම කරන්නේ එහෙමයි. කිසිම දවසක සැබෑ මිළ ගණන් හෙළි කරන්නේ නැහැ සමාගමක් විසින්. ( අපි වර්ග අඩිය 1200 ට හදනවා කියලා කෑ ගහන්නේ නැහැ වගකීම් සහිත සමාගම්. )

Note : - වර්ග අඩියක් සඳහා රු 900 ක් වැය වේ යයි කීවද ඉහත අවස්ථා අනුව ප්‍රායෝගිකව වර්ග අඩියක් සඳහා රු 4600 පමණ වෙන් වේ.

285sqft x 900rs = 256,500
285sqft x 4500rs = 1,311,000 ( එක කාමරයක් සඳහා ලක්ෂ 13 කට ආසන්න මුදලක් වැය කරන්න පුළුවන් )

                    එම ව්‍යාපෘතිය අලෙවිකරණය සඳහා යොදවද්දී  ගණන් හදන්නේ හිස් අවකාශයට පවා රුපියල් ඇතුළත් කරලා. ඒකට තමයි කියන්නේ මාර්කටින් ප්ලෑන් එක කියලා. ඔබ අන්තර්ජාලය පුරා දකින සියලු මිළ ගණන් අයත් වන්නේ මාර්කටින් ප්ලෑන් එකට මිසක් එන්ජිනියරින් ප්ලෑන් එකට නෙවේ..

             රුපියල් බිලියනයක මුදලක්  ( ලක්ෂ 10,000 ක් ) මගින් රුපියල් බිලියන  300 ( ලක්ෂ 3,000,000 ක් ) පමණ හදන්න පුළුවන් එක වසරක් ඇතුළත. එම විශයට තමයි කියන්නේ "මුදල් මැවීම" කියලා. මේ විදිහට මුදල් මවන්නන් සඳහා අප්‍රමාණ වටිනාකමක් තියෙනවා. ඔවුන් සතු ජීවිතය ගැන / අදායම ගැන කෙනෙකුට අනාවැකි කියන්න බැහැ. අතට පත් වන ඕනෑම දෙයක් රන් බවට පත් කරන්න පුළුවන් කෙනෙකුගේ වටිනාකම කීයද ?

( දැන් තේරුණාද සමාගම් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම විසින් දිවා රෑ වෙහෙසෙමින් කරන කියන දේවල්. කණගාටුවට කරුණ ඒවා පිට ලෝකෙට පේන්නේ නැහැ. ඉතින් ඔප්පු කරන්න බැහැ පිට ලෝකෙදි. යම් කිසි කැල්ක්‍යුලේටර්  වීරයෙක් බාගෙට එහෙන් මෙහෙන් මාර්කටින් ප්ලෑන්  එකේ ඇති දේවල් ඉන්ටර්නෙට් එකෙන් අහුලාගෙන සමාගම් අධ්‍යක්‍ෂකවරයෙක් ඉදිරියේ  කැල්ක්‍යුලේටර් වලින් ගණන් පෙන්වන්න ආවොත් වෙන්නේ එයාට වැඩ වරදින එක . . !  )

                  විශාල ඉදිකිරීම්වලදී මෙවැනි වෘත්තීය න්‍යායන් භාවිතා කරනවා. ආර්ථික විද්‍යා ප්‍රයෝග මේවා. මේ ගැන දැනීමක් නැති අය " මහා පරිමාණ ව්‍යාපෘති " ගැන කැල් වල පිහිටෙන් ගණන් හදලා පෙන්වන්න එද්දී සබ්ජෙක්ට් එක දන්න කෙනාට නිකම්ම තේරෙනවා බොරුකාරයන් ගැන. ඔබ දෙයක් දන්නේ නැත්නම් නිහතමානීව  ඉගෙන ගන්න. නිහතමානී නැති අයට කිසිම දෙයක් ඉගෙන ගන්න බැහැ. යම් කිසි කෙනෙකුට ( නිහතමානීව ) දැනගන්න අවශ්‍ය  නම් මට පුළුවන් අඟල් 6 ක කොන්ක්‍රීට් ස්ලැබ් එකක්  ගැන පිටු 100 ක  විස්තරයක් කියන්න.



මම කළින් ලියපු  "පුද්ගල මිළ තීරණය වීම | Value and the Price" කියන ලිපියේදී හොඳම හොඳ කතාවක් අපේ ඉවාන් පවුලූශා කිව්වා. ඒ තමයි

        " මම නිරීක්ෂන මගින් නිගමන ඉදිරිපත් කළාම මිනිස්සු පුදුම වෙනවා. එත් මම ඒ නිගමන වලට ආපු හැටි මිනිස්සුන්ට පැහැදිලි කලාම , ඕකේ මහලොකු දෙයක් නෑනේ කියලා උන් මට හිනාවෙනවා "


                මම ඉගෙන ගත්තේ බලු දුක් විඳලා. මම දෙයක් කියන්නම්. පොඩි කාලේ මම බල්ලෙක්ට කෑම දාපු පත්තර කොළයක් දැක්කත් බල්ලා බත් ටික කාලා ඉවර උනාට පස්සේ කෙළ ටික අතින් පිහ දාලා ඒක අරන් කියවනවා.  අදට උනත් මම එහෙමයි. අපේ අම්මා අහනවා මොකද ළමයෝ ඔය කියලා.  ඒ වගේම මගේ කෑම එකේ බත් ඇට දහයක් ඉතුරු උනත් මම ඒ කෑම ටික සතෙක්ට කන්න පුළුවන් තැනකට ගෙනහින් තියනවා තට්ටු ගාණක් බැහැලා උනත්. කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ. මිනිස්සු මට හිනා වෙනවා.


              මිනිස්සු මට හිනා උනාට මම  එනකම් අහිංසක බල්ලෝ පූසෝ ඉන්නවා මග බලාගෙන. මම පාරේ ඇවිදගෙන ගියොත්  පාරේ ඉන්න බල්ලෝ ඇවිත් මාව බිම පෙරලගන්නවා ආදරේට . ඒත් මම එනකම් මග බලන් ඉන්න මිනිස්සු නැහැ මට ( මගේ තාත්තා ඇරෙන්න. එයා ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් මට නැහැ ) . මට ඕනෙත් නැහැ. සත්තු ළඟ තියෙන ගුණේ නැති අය මට එපා.











Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.


මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන්.

  


මම ලියපු යුධමය කරුණු ඇතුළත් ලිපි

ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.

යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers.

02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02

02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requireme

මම ලියපු ආර්ථික විද්‍යා ලිපි

අද කාලේ කූඹිත් විකුණන්න පුළුවන් Ants as pets ?

ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy

02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's econ

පුද්ගල මිළ තීරණය වීම | Value and the Price

මම ලියපු තාක්ෂණික  ලිපි



( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය පෝස්ටුවේදී විශ්ව රංගනාත් සහ silent sahan අතර වූ

අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...? making of a satellite කිලෝමීටර් 35,000 ZooM

අති විශාල නිවාස සංකීර්ණයක් සඳහා අකුණු සන්නායකයක් සාදා ගන්නා ආකාරය lightning-precautions 02

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.

රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය

අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.

COD 4 Multiplayer From SL SERVER ..! ඔන් ලයින් මල්ටිප්ලේයර් ගහන්න


අන්තර්ජාල ජීවිත ..අඹු දරුවෝ ...? Where are my babies..?

මම ලියපු දේශපාලන  ලිපි

ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?

ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරු

මම ලියපු නීති ලිපි

වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01)

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

මම ලියපු මනසේ ක්‍රියාකාරීත්වය ගැන ලිපි

හිස් බව ඇති වීම සහ එයට විසදුම් | කෙදිනක හෝ වැදගත් විය හැක , එනිසා කියවන්න! scenarios between loneliness

ස්ත්‍රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද.. ..!

නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess.

රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .


ලෝකාශ්වාදයේ පළමු අද්දැකීම කෙබඳුද ? You showed me how to do.

ඔබත් බණ ටිකක් ඇහෙද්දී , දකිද්දී හෙමීට පැත්තකට වෙන කෙනෙක්ද?

යම ලොවට අධිපති යම රජ|.A horror story.

මම ලියපු පරිපාලනමය කරුණු ඇතුළත්  ලිපි

රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch .


චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama

මම ලියපු විනෝදාත්මක ලිපි

තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?

Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතක )

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfen

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )


දේව භක්තිය... Aesop's Fables.

මූළික අදියරේ සිට වෙරළු මල් අවස්ථාව දක්වා... The Nature.

හා පැට්ටගෙ ආදරේ... ( You fu***** your honey bunny )

ලැම්බට් වවුලා | A Funny Story .

+16 " ගෙඩිය පිටින් " යන යෙදුමේ අරුත| gediya pitin kama !

හතර බීරි කතාව . ( මුල්ම සටහන / originalma එක ) hathara beeri kathawa

ළඳුනේ ගීතය ගැන මීට කලින් උන කතා බහක් මගේ අතින් උන

කූඩු උන කිරිල්ලියන්ට මෙහෙමත් හිතෙනවා ඇති

දික්කසාදයෙන් ඈ ලැබූ සැනසීම!

සයිලන්ට් සහන් ගැන පැතිර ඇති මිත්‍යා

සහන් බැඳලද ? මන් දන්නේ නැහැ | මොකා ! ( WTF )?

විවාහක පිරිමින් ප්‍රසිද්දියේ විවාහය නීරස බැව් පැවසීමත් , ස්ත්‍රීන් එසේ නොකිරීමත්...

Happy Valentine's Day My Love!

Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණු අමුත්තාගේ රහස !|





මෙම ලිපිය FB හරහා ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න.

November 28, 2013

පුද්ගල මිළ තීරණය වීම | Value and the Price





              කෙනෙක්ගේ මිළ තීරණය වෙන්නේ කොහොමද ?ජනප්‍රියත්වය , හැකියාව , දක්ෂකම , රූපය , බලය , ස්ත්‍රී පුරුෂ භාවය fucking.වගේ දේවල් අනුව. තව අනෙක හේතු තියෙනවා. එහෙත්  සෑම විටම මෙසේ මිළක් ලබාගත හැකිද ?hehe1.


           උත්තරය බැහැ යන්නයි. මම පැහැදිළි කරන්නම්. දන්නවා නේද මයිකල් ඈන්ජෙලෝ , Leonardoda Vinci | MichelangeloBuonarroti | Vincent van Gogh | Pablo Picasso | Salvador Dali | René Magritte | Franciscode Goya | Frida Kahlo
Claude Monet | Henri Matisse | Rembrandt van Rijn | Andy Warhol | Georgia O'Keeffe | Wassily Kandinsky | Edvard Munch | Gustav Klimt |   ඔන්න ඔය වගේ ගොඩක් පිරිසක් ඉන්නවනේ. දැන් මේ අයගේ චිත්‍රයක් අලෙවි වෙන්නේ බර ගාණකට . ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් මිළ තීරණය වෙනවා.fear.




          ඔබ දැකලා නැද්ද ඒ වගේ චිත්‍ර අඳින්න පුළුවන් අය අද සමාජයේ . . ? මොනාලිසාගේ චිත්‍රය සබැහින් දැකපු ඕනෙම කෙනෙක් කට වහ ගන්නවා " අනේ මොකටද නිකන් පරණ කුණු අවුස්සන්නේ " කියලා shy.. මොනලිසාගේ පිංතූරෙට වඩා ලස්සන පින්තූර නිකම්ම නිකම් ගූගල් කරත් එනවා.නමුත් ඒ කිසිවෙකුට බැරි උනා මොනාලිසා තරම් මිළක් ලබාගන්න. hehe1.




          මම මේ ළඟදී දැක්කා මිලියන ගාණකට අලෙවි වූ චිත්‍රයක්. අර රේඛා මේ රේඛා භාවාත්මකලු. ඒකත් නිකන් අර " රජ්ජුරුවන්ට මහපු රෙද්ද " වගේ. හැමෝම පේනවා පේනවා කිව්වට දැකපු එකෙක් නැහැ. shy.බැරි වෙලා හරි කව්රු හරි ඇත්ත කිව්වොත් උගේ බෙල්ල ගහලා යනවා. ඉතින් හැමෝම බොරුවට " ශා නියමයි රජතුමනි " කියනවා. අන්තිමට හැමෝම හෙළුවෙන්. රජා ඇත්තටම රෙදි නැතුව හෙළුවෙන්. අනිත් පිරිස රෙදි ඇඳන් හෙළුවෙන්. hehe1.



   
             පිචර් ස්ටාර්ලා ගැණත් කතාව ඔහොමයි. ශාරුක්ට වඩා ලස්සන කොල්ලෝ නැද්ද ? මේ කිව්වේ ඉන්දියාවේ. ස්ත්‍රී පාර්ශවය ගැන නම් කියන්න ඕනේ නැහැ මොකද අපේ එක්කෙනත් එහෙනේ. .upset.ජැකී චෑන්ට වඩා දක්ෂ සටන් ශිල්පීන් නැද්ද ? පුද්ගලිකව මම මගේ දෑහට දැකලා තියෙනවා පුදුම දක්ෂ නින්ජා සටන් ශිල්පීන්. ඔවුන්ගේ පවුල් ඉතිහාසය වසර 800 තරම් පැරණියි. kitta.හිතාගන්න බැරි තරම් වේගවත් ලෙස පහර එල්ල කරනවා. එක තත්පරයට පහර 2 ක් 3ක් පවා එල්ල කරනවා.



              ඒත් සත්‍ය තමයි ශාරුක්ලා ඉන්නේ එක්කෙනයි. ජැකී චෑන්ලා ඉන්නේ එක්කෙනයි. ඔවුන් තරම් මිළක් අනිත් අයට ලැබෙන්නේ නැහැ. කොච්චර දක්ෂ උනත් මිළක් ලැබෙන්නේ නැහැ. මට ජැකීට වඩා ස්පීඩ් ෆයිට් කරන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. මම ශාරුක්ට වඩා ලස්සනයි කිව්වට වැඩක් නැහැ. පයිසෙකට ගණන් ගන්නේ නැහැ. බස් වියදම වත් ලැබෙන්නේ නැහැ. hehe1.



             දොස්තරලා , ප්‍රොක්ටලා නෙවේ එංජිනේරුවෙක් උනත් ඔච්චර තමා. ඔන්න එන්ජිනේරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සීනියර් . අනිත් එක්කෙනා ජුනියර්. සීනියර් ඉංජා හිතනවා මෙහෙම " මට වඩා ජූනියර් කෙනෙක් ලක්ෂ 10 ක් පඩි ගන්නවා නම් අඩුම තරමේ මට ලක්ෂ 12 ක් වත් ඕනේ". අනේ එහෙම කිව්වට බැහැ. ඒක ඒ මිනිහගේ ලැබීම ආයුබෝවන්. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් කිව්වා හේ කාටවත් කාගෙවත් ලොකු කම් වලින් වැඩක් නැහැ.teeth1.



            ඔන්න ඔහොම සීනියර් ඉංජිනේරුවා බොරුවට ගණන් ඉස්සීම නිසා එයාට ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. ටික දවසකින් වේලිලා වේලිලා පාන්ඩක වෙලා යන්න පටන් ගන්නවා. වැඩේ මාරාන්තික වෙද්දී මිනිහා කැමති වෙනවා ලක්ෂ නෙවේ රුපියල් 15,000 ට වැඩ කරන්න. රුපියල් ආයුබෝවන් රුපියල්. කරුමේ කියන්නේ  මේ වෙලවෙදි තවත් දෙයක් වෙනවා .smoke.



 ****


               සීනියර් ඉංජෙක් 15,000 ට  සෙට් වෙනවා නම් මොන රෙද්දටද ලක්ෂ 10ක්  දීලා දැන් ඉන්න ජුනියර් ඉංජා තියන් ඉන්නේ කියලා කොම්පැණියේ ලොක්කගේ ටිකිරි මොළේට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ ජුනියර් ඉංජගේ කැරියර් ලයිෆ් එකට හෙණ හත වදිනවා. ඔව් ඒක ගෙඩිය පිටින්ම මැළවීලාම යනවා.shy. ඔන්න ඔහොමයි අරූ ඇතුළට ගිහින් මූ එළියට එන්නේ. එළියට එන්නේ නෙවේ ආයුබෝවන් විසික් වෙන්නේ අන්න ඒ සිස්ටෝන් එකට. roll.


 ****


             ටික කාලයක් යද්දී සීනියර් ඉංජා ගණන් උස්සනවා. එයා කියනවා මට ඩොලර් මිලියන 2.5 ක් ඕනේ , නැත්නම් මම අයින් වෙනවා කියලා. මම අච්චරයි මෙච්චරයි . මට දැන් මේ ගාණට බැහැ. අරහේ මෙහෙමයි මෙහෙ මෙහෙමයි වගේ කතන්දර ගොඩයි. සෙල්ලම් නැහැ මූ දැන් ඩොලර් වලින් ගණන් කියන්නේ. කොම්පැණියේ මුදලාලිට තරු පේන්නේ දැන් තමයි. තනිකරම කතන්දර ගොඩයි අපේ කතන්දරයා වගේ.bicycle.


 ****



               ජූනියර් ඉංජා ගණන් හදනවා. ගණන් හදලා කියනවා " සෑර් , ඩොලර් මිලියන 2.5 ක් නිස්කාරණේ ගෙවන වෙලේ  මට රුපියල් ලක්ෂ 4 ක් දෙන්න. මම සෑර්ට එක අවුරුදු 3 න් මූලික ප්‍රාග්ධනය මෙන් 4 ගුණයක ශුද්ධ ලාභයක් අරන් දෙන තැනට කොම්පැණිය ගේනවා  " කියලා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

  • ඩොලර් මිලියන 2.5 රුපියල් බවට = 2.5 X 135 = රුපියල් මිලියන 337
  • රුපියල් මිලියන 337 න් ඉහළ පැලැන්තියේ නිවාස සංකීර්ණයක් හදන්න සැළසුම් කරමු. ( ලක්ෂ 3370 )
  • ඉඩමට = ලක්ෂ 850 ( මේ ප්‍රමාණය ඇති පර්චර්ස් 68 කට වැඩි ඉඩමක් කොළඹින් ගන්න )
  • ඉදිකිරීම පළමු අදියර = ලක්ෂ 1380 ( මේ මුදල ඇති වෘත්තීමය රහස් දන්නා කෙනෙකුට වැඩේ ගොඩ දාන්න. ඒවා ඕනේ නැහැ නෙව බ්ලොග් එකට )

එකිනෙකට අනුබද්ධව සැකසු නිවාස 65 කින් සමන්විත නිවාස සංකීර්ණයක් සාදා නිම කිරීමට මේ මුදල් ප්‍රමණවත් .

( මතක තබා ගන්න අපිට තාමත් ලක්ෂ 1100 ඉතුරුයි. )

           එක් නිවසක් මසකට රුපියල් 39,000 සිට කුළි පදනම මත දුන්නොත් අවමය වශයෙන් මසකට ලක්ෂ 25 ලැබෙනවා. එහෙත් වෙනත් පහසුකම් වැඩි කිරීම මගින් මසකට ලක්ෂ 35 ක් පමණ මුදලක් ලබා ගත හැකියි. ( ඒවා රහස් )


           වසර 3 ක් අවසානයේ ලැබෙන මුදල් = ලක්ෂ 1200 යි. වැය කළ මුදලට ආසන්න මුදලක් ලැබෙමින් පවතිනවා. මතකනේ තව ලක්ෂ 1100 ක් ඉතුරුයි කියල.. අන්න ඒකෙන් තමයි සියල්ල වෙනස් කරන්නේ. ඒක තුරුම්පුවක්. ඒ තුරුම්පුව ගැන හිතාගන්න හරි ලැබෙන්නේ "සහන්" සේවය ලබා දෙන ආයතනයට විතරයි.


                ඕවා මේවා වෙලා එද්දී නිකම්ම තනතුරු , තානාන්තර කාගේ කාගේත් වෙනස් වෙනවා. දොට්ට වැටුණ අය ආයතනයේ හිමිකරුවන් බවට පත් වෙද්දී ; දොට්ට දාපු අයගෙ දුකෙන් පුන් යන්න පටන් ගත්තේ එදා ඉඳන් තමයි. මයි ෆුට් ! fuck.



           අන්න එහෙමයි තමන්ට මිළක් ලබා ගන්නේ ලැබෙන්නේ . මගේ ගාණ මෙච්චරයි මෙච්චරයි කිව්වට කිසි කෙනෙක් ගන්නේ නැහැ. ශාරුක්ට , ජැකී චෑන්ට , මොනාලිසාට මිළ තීරණය උනේ අන්න එහෙමයි. තේරුණාද ..? spy.




වසර කීපයක් පැරණි පෙළපතක මතක : අද්මිරල් ෆර්නැන්ඩස්

උපාලි විජේවර්ධන

ප්‍රහාරක ගුවන් නියමුවෙකුගේ අද්දැකීම්

රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය

චන්ද්‍රිකා නිෂ්පාදනය කරන ආකාරය

රුපියල් ලක්ෂ 330 ක් පමණ වන සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා කාරය 




           ප. ලි . මේ දවස් වල මම පෝස්ට් 6 ක් විතර ලියලා තියෙන්නේ.ඒත් තාමත් ඒවා දැම්මේ නැහැ. සමහර ඒවගේ පොටෝ ලැබුණේ නැහැ මට තාම , සමහර ඒවගේ නීතිමය ගැටළු ටිකක් තියෙනවා ක්ලියර් කරගන්න ඕනේ. මම පෝස්ට් දාන්න කැමති අඟහරුවාදාට. අඟහරුවාදා වෙනකොට සම්පූර්ණ කරගන්න බැරි වෙන පෝස්ට් ඉබේම සතියක් කල් යනවා. ඕක තමයි පසු ගිය සති කීපය පුරාම උනේ .. bath.




මෙන්න මේ චිත්‍රය ඇඳපු කෙනාව හරියටම කිව්වොත් හිතාගන්න බැරි තෑග්ගක් දෙනවා ...!
http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili