දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

Showing posts with label දේශප්‍රේමය. Show all posts
Showing posts with label දේශප්‍රේමය. Show all posts

January 3, 2014

වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per Ounce



                   රත්‍රන්( යනු එදා සිටම ලෝකයේ ඉහළ වටිනාකමක් ගත් ලෝහයකි. බුදු උපත වූ සමයේ පවා රත්‍රන් භාවිතය තිබු බවට සාධක ඕනෑ තරම් ඇතිය. එසේම මුදල් ලෙසින් රන් කහවණු භාවිතා වූ බවටද සාධක ඇත. සුදත්ත සිටුවරයා ජේත කුමාරයාගෙන් ජේත උද්‍යානය මිළට ගෙන ඇත්තේ මුළු මහත් උද්‍යානයම "පාහේ" ( 100% ම නොවේ ) රන් කහවණු වලින් වැසී යන සේ ආවරණය කරමිනි. ( සුදත්ත සිටුවරයා ගැන ප.ලි. මගින් හෝ කමෙන්ට් මගින් කරුණු ටිකක් ලියන්නම්.  )


 රන් වලට මෙතරම් ආකර්ෂණයක් (වටිනාකමක්) හිමි වූයේ ඇයි?


                 අපි යමු  අතීතයට. දිදුලන ගතියෙන් යුක්ත වීම රන් ලෝහයේ ස්වභාවය වේ.  ස්වර්ණාභරණ නිපදවීම සඳහා මේ ගුණය හොඳින් ගැළපේ. රන් වන් පාටින් දිදුලන මාලයක් , ඔටුන්නක් , පළදින්නට අකමැති කව්ද ? මේ නිසා පුරාණයේ සිටම රන් ලෝහයට මනුෂ්‍ය ආකර්ෂණය ( ඉල්ලුම ) නොඅඩුව ලැබිණි. මිසරයේ රජ දරුවන් අතර විශාලතම සහ පැරණිතම රන් ගබඩා තිබී ඇති බවට සාධක පිරමීඩ කැණීම්වලින් සොයා ගෙන ඇත. ඒ පවුම් 100යය 200 යෙන් නොව කිලෝ ගණනිනි. ඈත අතීතයේ සිටම රන් වෙනුවෙන් ගොඩ නැගුණු ආකර්ෂණය අඩු වූවාද වැඩි වූවාද ? අපි සොයා බලමු.




රන් වෙනුවෙන්  හිමි වූ ආකර්ෂණය කෙබඳුද?


             අතීතයේ සිටම රන් ලෝහයේ ද්‍රව්‍යමය අගය බෙහෙවින් වැඩි වූ නිසා දුප්පතුන්ට රන් පරිහරණය කිරීමේ අවස්ථා අඩු විය.විශාල රන් ආභරණ ප්‍රමාණයකට සහ රන් කහවනු/පවුම්/කාසි ප්‍රමාණයකට හිමි කම් දැරීමට හැකි වූයේ නිතැතින්ම රජවරුන් , සිටු වරුන් ,පොහොසත්  වෙළෙන්දන්  වැනි පිරිසකටය. ඔවුන් තම භාණ්ඩ අලෙවි  කිරීමේදී රනින් සෑදු කාසි හෝ රන් කැබලි වටිනාකම වෙනුවෙන් හුවමාරු කරගෙන ඇත. සේද මාවත සම්බන්ධ  වෙළඳ පුරාවෘත කියවීමීදී භාණ්ඩ වෙනුවෙන් රන් කාසි හුවමාරු වූ  සැටි ගැන අවබොධයක් ඔබට ලැබිය හැක.


                 " ගවයන් 10 දෙනෙකුගේ මිළ මෙපමණ වේ " යයි ඒ කොතැනවත් ස්ථීරව සඳහන් කර නැත. අද තිබු මිළට වඩා වෙනස් මිළක් ඊයේ තිබී ඇත. අදට වඩා වෙනස් මිළක් හෙට තිබෙනු ඇත. ක්‍රි.ව. 1100 පමණ වන විට බ්‍රිතාන්‍ය තුළදී විධිමත් ආකාරයෙන් කාසි නිපදවා ඇත.( මෙයට මීටත් වඩා ඉතිහාසයක් ඇති වුවත් නිශ්චිතවම ලේඛන ගතව ඇති තැනකින් ආරම්භය ගනිමු. ක්‍රි.පූර්ව කාලයේ සිට නොයෙක් කාසි හුවමාරු වෙලා තියෙනවා. ) ක්‍රි. පූර්ව යුගයන් වලදී  "භාණ්ඩ-භාණ්ඩ"  හුවමාරුව , "භාණ්ඩ-මුදල්" හුවමාරුව   ගැන වෙන දවසක කතා කරමු...!



වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි. ( වැඩි වූ හැටි )



               මෙහි මිළ දක්වා ඇත්තේ රත්‍රන් අවුන්සයක් සඳහායි. අවුසයක් යනු ග්‍රෑම් කොපමණද යන්න ගැන වැටහීමක් ලබා ගැනුමට මෙය බලන්න. ඖෂධ ,රසායන ද්‍රව්‍ය , රන් වැනි දේ මැනීමේදී එකිනෙකට වෙනස් අවුන්ස ලෝකය පුරා භාවිත කරන බව සළකන්න. මෙම සටහනේ ඇති රන් මිළ දක්වා ඇත්තේ International troy ounce වළින් පමණි ! ( A kilogram bullion bar contains 32.15074657 troy ounces. )



______________





1800 සිට අද දක්වා රත්‍රන් මිළ අඩු වැඩි වූ ආකාරය බලන්න .






1791                19.39 US$
1800                19.39 US$
1810                19.39 US$
1820                19.39 US$
1830                19.39 US$
1840                20.67 US$
1850                20.67 US$
1860                20.67 US$
1870                27.49 US$
1880                20.67 US$
1890                20.67 US$


1900                   20.67 US$
1910                   20.67 US$
1920                   20.67 US$
1930                   20.67 US$
1940                   35.00 US$
1950                   35.00 US$
1960                   35.00 US$
1970                   54.00 US$
1980                 614.00 US$
1990                 384.00 US$


2000                    270.00 US$
2010                  1227.00 US$
2011                  1900.00 US$
2014                  1200.00 US$


The End
_____________




ප.ලි.

 දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම  ලියන් යන ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )


                 මම මෙතන දානවා මිණුම් කීපයක්. මේවා ගැන ඉගෙන ගන්නම වෙනවා ඉස්සරහට යන්න නම්. එකිනෙක අතර ඇති වෙනස්කම් හඳුනාගන්න. මෙතන දාළා තියෙන්නේ පොඩ්ඩයි. බැංකුකරණය සහ මූල්‍ය කටයුතුවලදී අදටත් මේවා භාවිතා වෙනවා ඉතාම තදින්. ඒ ඒ රටවලින් ආ වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීමේදී මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්න වෙලා තියෙනවා ඉස්සර . අදටත් රත්‍රන් බිස්කට් නමින් ඔබ අතර ප්‍රසිද්ද රන් කැබලි  ,රත්‍රන් බාර් වල ගනුදෙනු වෙන්නේ මෙවැනි ඒකක වලින්. රත්‍රන් හොන්ඩර වලින් තැන්පත් කරන සේප්පු වල ග්‍රේන් 5 ක් අඩු උනත් විශාල පාඩුවක් විය හැකි නිසා තිතටම ගණන් හදනවා සේප්පුවට දාලා වහන්න කළින්. නැවත සේප්පු කුටියක්  විවෘත වන  දාට එකම ග්‍රේන් එකක් වත් අඩු වෙන්න බැහැ. වාණිජ බැංකුවක ප්‍රධාන ශාඛා සේප්පු පද්ධතිය  භාර ප්‍රධානීන්ට මේ සියල්ල ගැන අවබෝධයක් තිබිය යුතුයි. එංගලන්තයේ , ස්විස් බැංකු වල එහෙම කාමර ගණන් විහිදෙන සේප්පු පද්ධතියක් තියෙන්නේ. තමා භාරයේ ඇති සේප්පු තුළ අසවල් බරින් අසවල් පරිමාවෙන් යුතු දෑ මෙපමණ ගණනක් තිබේ යැයි ඔහු දැනුවත් විය යුතුයි. { මීට අමතරව රහස් සේප්පු ක්‍රමයක්ද තියෙනවා ඇතැම් වාණිජ බැංකු වල . රහස් කුටි තුළ  තියෙන්නේ මොනවාදැයි  හෙළි කිරීමට   බැංකු  ප්‍රධානීන් බැඳී නැහැ උසාවියට ඇර. එවැනි කුටියක් විවෘත කිරීමට නම් හිමිකරු ( හෝ බලය පැවරූවෙක් ) පැමිණිය යුතුයි. ඔහු එන තෙක් විවෘත කරන්න බැහැ. ඔහු නාවොත් සදාකාලිකවම එම කුටියේ දොර වැසී යනවා. බැංකු හිමිකරුගේ තීරණය අවසන් තීරණය වේ ! }  . ලංකාවේදී උනත් තත්වය මීට සමානයි. විශ්වාස කළ නොහැකි මට්ටමේ දේපළ ප්‍රමාණයක් මේවායේ අඩංගු වෙනවා . ඩොලර් බිලියනය ගුණ කිරීම බිලියනය වැනි ගණන් වලින් වටිනාකම් තක්සේරු වෙන්නේ. ලංකාවේදී උනත් තත්වය මීට සමානයි.

________________________________


කැරට් 24 රන් යනු  100.00% ක් රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( වාණිජමය වශයෙන් 99.98% අගය පිළිගන්නවා. කැරට් 24 රන් බිස්කට් එකක් කටින් හැපුවොත් දත් පාර හිටිනවා බිසක්ට් එකේ. ඒ තරම් මෙළෙක් පිරිසිදු රත්‍රන් .  )

කැරට් 22 රන් යනු  91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( මේක කටින් හපන්න බැහැ තදයි)

කැරට් 22 රන් යනු  91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 18 රන් යනු  75.00% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 14 රන් යනු  58.50% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 10 රන් යනු  41.70% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.

කැරට් 6 රන් යනු  25.00% ක් ( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
=============================
ක්‍රාත් කියන්නේ මැණික් , මුතු වැනි දේවල් මනින්න ගන්න මිනුමක්. ( පුංචි පුංචි රන් කොටස් මැනීමටත් ගන්නවා. ක්‍රාත් සහ කැරට් යනු දෙකක්. සේප්පුවට දාන්න කළින් ඒ සියල්ලෙහි බර මනිනවා ක්‍රාත් වලින් )

ක්‍රාත් 1 = 200 mg
_________________________________
කිලෝග්‍රෑම් 1ක් යනු රාත්තල් 2.2046213 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )

__________________________________

රාත්තල් 1 ක් යනු කිලෝග්‍රෑම් 0.45359243 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )

____________________________________
 සාමාන්‍ය බර කිරුම් මිණුම් වලදී ට්‍රෝයි ! ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

ඩ්රෑම් 16         = අවුන්ස 1
අවුන්ස 16      = රාත්තල් 1
රාත්තල් 14    = ස්ටෝන් 1
ස්ටෝන් 2      = කාර්තු 1
කාර්තු 4          = හොන්ඩර 1
හොන්ඩර 20  = ටොන් 1 යි ( කිලෝ 1000 යි )

ග්‍රෑම් 1             = ග්‍රේන් 15.43
අවුන්ස 1        = ග්‍රෑම් 28.35 ( අවර්දුපුවා ! )
අවුන්ස 1        = 31.1035 ( ට්‍රෝයි ! )

රාත්තල් 56     = තුක්කු 1
තුක්කු 2          =  හොන්ඩර 1
හොන්ඩර 5    = පාරම් 1
පාරම් 4          = ටොන් 1 ( කිලෝ 1000 යි )

රාත්තල් 26.25 = තුලම් 1
____________________________________
ස්වර්ණාභරණ  කර්මාන්තයේදී ට්‍රෝයි !

ග්‍රේන් 24         = පැන්ස බර 1 ( මුදල් පැන්සය නොවේ )
පැන්ස බර 20  =  අවුන්ස 1
අවුන්ස 12      = රාත්තල් 1
____________________________________
ස්වර්ණාභරණ  කර්මාන්තයේදී අවර්දුපුවා !

ග්‍රේන් 437.5     = අවුන්ස 1
අවුන්ස 16       = රාත්තල් 1
____________________________________
සිංහල ස්වර්ණාභරණ මිනුම !

මංචාඩි 12 = පගෝදි 1
මංචාඩි 42 = රුපියල් බර 1 ( මුදල් රුපියල නොවේ )
මංචාඩි 28 = රන්පවුම් බර 1 ( මුදල් රන් පවුම නොවේ )
_________________________________


-----------------
-----------------
-----------------
_________________________________
මුදල් හුවමාරුව ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

පාදීම් 4         = පැන්ස 1 ( මුදල් පැන්සය )
පැන්ස 12     = සිලිම් 1
සිලිම් 20       = පවුම් 1 ( රන් පවුම් නොවේ. මේක වෙනම පෝස්ට් එකක් තරම් දිගයි.  )
සිලිම් 2         = ප්ලෝරීම් 1
සිලිම් 5        = ක්‍රවුන් 1
සිලිම් 21      = ගිනි 1
________________________________
මුදල් හුවමාරුව ( පුරාණ එක්සත් ජනපදය )

මිල් 10     =සත 1
සත 10     = ඩයිම් 1
ඩයිම් 10   = ඩොලර් 1
________________________________
මුදල් හුවමාරුව ( ප්‍රංශ  )

සෙන්ටයිම් 100 = ෆ්‍රෑන්ක් 1
_______________________________
ගැනුම් ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )

12 හේ ගොඩක්  =  දුසිම් 1
20 හේ ගොඩක්  =  ස්කෝර්  1
දුසිම් 12              = ග්‍රොස් 1
_______________________________


 දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම  ලියන් යන ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )



01. හොඳට බලන්න ක්‍රි.ව. 1800 සිට 1900 දක්වා රන් මිළ වෙනස් වූ ප්‍රමාණය. ඒ වසර 100 සඳහාම රන් අවුන්සයක මිළ වෙනස් වී ඇත්තේ "ඩොලර් 1 ක්" වැනි ප්‍රමාණයකින් පමණයි. ( මෙහි සඳහන් කළ ඩොලර් 1ක  මුදල ගැන විශේෂ අවධානයක් යොමු කරන්න . inflation යන මාතෘකාවෙන් පසුව කතා කරමු )



02. ක්‍රි.ව 1900 සිට 2000 දක්වා රන් මිළ වැඩිව ඇති ආකාරය බලන්න. ඒ වසර 100 තුළදී රන් අවුන්සයක මිළ ඩොලර් 250 ක පමණ මිළක් දක්වා වැඩිව ඇත.


03.  ක්‍රි.ව 2000 සිට 2010 දක්වා වසර 10 තුළ මිළ වැඩිව ඇති ආකාරය බලන්න. ඩොලර් 1000 කට ආසන්න අගයකින් මිළ වැඩිව ඇත.




ඉහත 01 02 03 අවස්ථා වලදී රන් මිළ විවිධ අගයෙන් වැඩි වීමට හේතුව කුමක්ද ?


01. අඩු පරිභෝජනය හේතු වූවා වන්නට පුළුවන්. ( ක්‍රි.ව 1800 යුගයට සාපේක්ෂව රන් පරිභෝජනය 2000 යුගයේදී අතිශයින් වැඩිය. )

02. කාර්මික විප්ලවය සමග ඇති වූ සමාජ පෙරළිය සහ ආර්ථික පෙරළිය නිසා රන් පරිභෝජනය ටික ටික වැඩි වීම. ( රත්‍රන් ලෝහය යොදාගෙන නොයෙක් ආකාරයේ ව්‍යාපාර බිහි වීම. උකස් ගැනීම ඇතුළු මූල්‍යමය ව්‍යාපාර පවා ඇතුලත් කරන්න ).

03. ලෝකය තුළ ඉතා සීග්‍රයෙන් රන් වෙනුවෙන් වෙළඳපොළක් හිමි වීම. ( ක්‍රි.ව 1800 දී මගේ මිත්තණිය සතු වූවාට වඩා වැඩි රන් පවුම් ගණනක් අද මගේ දුවණියට හිමියි. ලෝකය පුරා රන් මුල් කරගත්  කාර්මික/ස්වර්ණාභරණ/මූල්‍ය ක්ෂේත්‍රයන්ට අදාළව කර්මාන්ත බිහි වීම )




              දැක්කද ඉල්ලුම වැඩි වෙන්න වැඩි වෙන්න මිළ ගුණෝත්තර විදිහට වැඩි වෙන හැටි. මම කළින් ලිපියේදී සඳහන් කළ විනිමය අගය සම්බ්න්ධ කළු කුහරයේ ස්වභාවය මතකද? අන්න ඒ වගේම දෙයක් මෙතන වෙන්නෙත්. මේකත් එක්තරා විදිහක කළු කුහරයක්. දැන් බලමු මෙයින් කරන්න පුළුවන් දේවල් ටිකක්. හොඳට මතක තියාගන්න මේ දේවල් ලියන්නේ මගේ ඊළඟ ලිපියට වටපිටාවක් හදන්න විතරයි.


AAA.


ක්‍රි.ව 1800 දී රත්‍රන් අවුන්ස 1000 ක් හිමිව තිබු පවුලක් ගැන සිතන්න. එහි එවකට වෙළඳපොළ වටිනාකම
1,000 X 19.39 USD = 19,390.00 USD


ක්‍රි.ව 1900 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 20.67 USD = 20,670.00USD


ක්‍රි.ව 1950 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 35 USD = 35,000.00 USD


ක්‍රි.ව 2000 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 270 USD = 270,000.00 USD


ක්‍රි.ව 2010 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 1227 USD = 1,227,000.00 USD


ක්‍රි.ව 2011 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිළ )
1,000 X 1900 USD = 1,900,000.00 USD



ක්‍රි.ව 2014 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( 2014 ජනවාරි 2 වන දිනට මිළ )
1,000 X 1217 USD = 1,217,000.00 USD



           ක්‍රි.ව. 1800 දී පෙට්ටගමක ඩොලර් 19,390.00 ක් තිබ්බා කියමු සල්ලි නෝට්ටු විදිහට . එම නෝට්ටු වල අද අගය කීයද ? අදත් ඩොලර් 19,390.00 ම තමයි ( ඒවා කාවෝ කාල තිබ්බේ නැත්නම් ). හැබැයි ඒ පෙට්ටගමේ රන් පවුම් 1000 ක් තිබ්බා නම් අද වෙළඳපොළ වටිනාකම කීයද ? 1,217,000.00 USD ! ( රුපියල් 164,295,000.00 .....   රුපියල් ලක්ෂ 1600 )



මේ විදිහට හිතලා හම්බෙන "හැම සතයකින්ම" රන් පවුම් එකතු කිරීමෙන් පළක් තියේද ?



ඇත්තෙන්ම නැහැ. එයට හේතුව තමයි,

i. ඇතැම් කාල වලදී වසර 10 ක් 15 ක් වැනි කාලයකට වුවද රන් මිළ වෙනස් වෙලා නැහැ. මිලියන ගණනක මුදලක් වැය කර නිකරුනේ ලෝහ කැබලි ටිකක් මිළදීගෙන සේප්පුවක දමාගෙන සිටීමෙන් පළක් නොවිය හැකියි. එහි ආරක්ෂාව සහ යට කළ මුදලට සාපේක්ෂව ලැබෙන ලාභයක් නොවිය හැකියි.

ii .ඇතැම් කාල වලදී මිළ සීග්‍ර ලෙස අඩු වෙලා තියෙනවා ඔබට පෙනෙන්න ඇති. රන් අවුන්සය 1900 USD ට ( විකිනු අය නොව ) මිළට ගත් අය ගැන ඔබ සිතන්නේ කුමක්ද ? වසර තුනක සිට ඔවුන් දැඩි පාඩුවක් ලබනවා. නමුත් දීර්ඝකාලීනව සැළකුවහොත් විශාල පාඩුවක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් කවදා හෝ එහි පළ නෙලාගනීවී ( රන් මිළ වැඩි වූ දිනක.එය කවදා වේවිද කියන්න කාටවත් බැහැ.)

iii.ලෝකය යුද්ධයන් පැවති කාල තුළදී රන් මිළ වෙනස් වී ඇති බවට ඉතිහාස සාධක ඇත. මීළඟ ලෝක යුද්ධය කවදා වේවිද කියන්න කිසිවෙක් දන්නේ නැහැ.

iv. ලෝක ආර්ථික කඩාවැටීම් වූ කාලයන් තුළදී රන් මිළ අඩු වෙනවා. ලෝක ආර්ථික කඩාවැටීමක් නැවත කවදා වේවිද කියන්න කාටවත් බැහැ.

v. තාක්ෂණ දියුණුව සමග නව රන් ආකාර / සංචිත සොයා ගන්න ලැබුණොත් රන් මිළ අනිවාර්යයෙන්ම අඩු වේවි.

vi. පෘතුවිය තුළ ඇති මිනිසාට ලඟා විය හැකි මට්ටමේ ඇති රන් සංචිත ප්‍රමාණය අවසන් වෙමින් යනවා නම් කුමක් වේවිද ? අනිවාර්යයෙන්ම රන් මිළ වැඩි වේවි. ( බොර තෙල් සංචිත ටිකත් තව වසර 100 කට වඩා නැහැ කියලයි ඔපෙක් සංගමය කියන්නේ )

vii. රන් මිළ ගැන කෙටි කාලීන අනාවැකි කියන්න කාටවත් බැහැ. ( දීර්ඝකාලීනව සැළකීමේදී නම් මිළ වැඩි වේවි. 2020 පමණ වෙද්දී අවුන්සය ඩොලර් 2500 ට ලඟා වේවි කියලයි දැනට ගණන් මිණුම් හදලා තියෙන්නේ.)





"වෙන දෙයක් වෙච්චාවේ සහන්" කියලා රත්තරන් ටිකක් අරන් තියාගත්තා නම් හොඳයි කියලා හිතෙනවද ?





      

                         ඔබ සතු සියලු දේපළ රන් බවට හරවන්න එපා. ඔබ සතුව කෝටි 10 ක මුදලක් ඇති නම් හොඳම ආයෝජන උපදෙස තමයි ඒවා වෙනස් වෙනස් ක්ෂේත්‍රයන් තුළ ආයෝජනය කරන්න. කෝටියක් හෝ දෙකක් බැංකුවක තැන්පත් කරන්න. ලක්ෂ 170 ක විතර රත්තරන් මිලදීගැනීමට පුළුවන්. හොඳ මැණික් ගල් ටිකක් අරන් තියාගන්න පුළුවන් ලක්ෂ 8 ක් විතර වියදම් කරලා. තදාසන්න පෙදෙසකින් හොඳ ඉඩම් කට්ටි දෙකක් තුනක් අරන් දාන්න තව ලක්ෂ 200 විතර වියදම් කරලා. තව ලක්ෂ 100 විතර යොදවලා හොඳ වගාවක් පටන් ගන්න. වගාව කියන්නෙත් හොඳම හොඳ ආයෝජනයක්. ගොඩේ වැඩ කියලා අතහරින්න එපා.

                ඔබට ව්‍යපාර කිරීමට සිත් පහළ වෙලා නම් බය නැතුව ලක්ෂ 100 ක් හෝ 150 පමණ යොදවමින් ඔබේ ව්‍යාපාරයේ පළමු අදියර පටන් ගන්න. ( මෙය වෘත්තීමය උපදෙසක් නොවන බව සළකන්න. දළ අවබෝධයක් ගැනුමට පමණි. ) සාර්ථකත්වය මත එහි අනාගතය ඔබ තීරණය කරන්න. මුදල් කියන දේ නැවත නැවත ඉපයෙන්නේ පෙට්ටගම් වල හිර වෙලා තියෙද්දී නෙවේ.ඔබේ සේප්පුව තුළ ලොවට හොරෙන් ලක්ෂ 1600 ක් තිබුණ කියලා වැඩක් තියේද ඒ මුදල් එළියට එන්නේ නැත්නම් ? LTTE සංවිධානය සතුවත් රත්‍රන් පවුම් ( මෙට්‍රික් ටොන් නෙවේ හොඳද? පටල ගන්න එපා ! ) කීපයක්  තිබ්බා කියලා රට්ටු කියනවා. අපි නම් දන්නේ නැහැ ඇත්ත නැත්ත!



NOTE : - මෙතෙක් කතා කළ සියලු දේවල් අයත් වෙන්නේ පුද්ගලික මට්ටමෙන් සිදු වන ආයෝජන ගැන වැටහීමක් ගැනීම සඳහා පමණි. මහා පරිමාණ මුදල් සංචිත පරිපාලනය සහ රාජ්‍ය මුදල් පරිපාලනය කියන විශයන් වලදී මීට වඩා වෙනස් ක්‍රම අනුගමනය කරනවා. ඒ මාතෘකාව තුළදී නම් රත්‍රන් වෙනුවෙන් පරිච්ඡේද සිය ගණනක් වෙන් වෙලා තියෙනවා. ඒ ඒ ආයතන/රටවල් සතු රන් සංචිත ප්‍රමණය , ආර්ථික අවපාත වලදී රත්‍රන් සංචිත යොදාගනිමින් කරන්න පුළුවන් දේවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වලදී. ඉඩක් ලැබෙන විදිහට ඒ ගැනත් කතා කරමු ඉදිරි ලිපි වලින්. නැවත කියන්න තියෙන්නේ මහා පරිමාණව ලාභය ලෙස බිලියන ගණනින් මුදල් එකතු වෙන තැන් වලදී ඒ මුදල් රත්‍රන් බවට පත් වන බවයි. බිලියන ගණනින් වෘත්තීමය විදිහට රත්‍රන් ආයෝජනය කරන හැටි ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. ලෝකයේ රිදී මිළ , ප්ලැටිනම් මිළ , විදේශ මුදල් වල අගයන් ගැන , විනිමය අනුපාත තීරණය වීම ගැන , පෙග්ඩ් සහ හෙඩ්ජ් කිරීම වැනි දේවල් එකින් එක විස්තර කරගෙන යන ලිපි පෙළක් මේ. අද ලිපියේ අරමුණ inflation කියන දේ ගැන කතා කරන්න වටපිටාවක් හැදීම (සුළු අවබෝධයක් දීම) පමණයි.


-----------------            ක්‍රි.ව. 1800 දී තිබු ඩොලර් 1ක්ද වටින්නේ අද ඩොලර් 1ක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී තිබු රන් පවුමක්ද වටින්නේ අද රන් පවුමක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී ඩොලර් 1කට කරන්න පුළුවන් දේ අද ඩොලර් 1කට කරන්න පුලුවන්ද ? ක්‍රි.ව. 1800 දී  ඩොලර් 1ක් උපයන්න දරපු වෙහෙස සහ අද ඩොලර් 1ක් උපයන්න දරන්න ඕනේ වෙහෙස වෙනස්ද ? සමානද ? එසේ ඉපයූ ඩොලරයෙන් කරන්න පුළුවන් දේවල් සමානද ? අසමානද ?


සල්ලි පොඩ්ඩක් ගෙනිහින් බඩු ගොඩක් ගෙන ඒමද ලේසි ?
සල්ලි ගොඩක් ගෙනිහින් බඩු පොඩ්ඩක් ගෙන ඒමද ලේසි ?
කාටද ලේසි ?




ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේවා...! නව වසරේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා..!



සහන් !

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01

..

November 28, 2013

පුද්ගල මිළ තීරණය වීම | Value and the Price





              කෙනෙක්ගේ මිළ තීරණය වෙන්නේ කොහොමද ?ජනප්‍රියත්වය , හැකියාව , දක්ෂකම , රූපය , බලය , ස්ත්‍රී පුරුෂ භාවය fucking.වගේ දේවල් අනුව. තව අනෙක හේතු තියෙනවා. එහෙත්  සෑම විටම මෙසේ මිළක් ලබාගත හැකිද ?hehe1.


           උත්තරය බැහැ යන්නයි. මම පැහැදිළි කරන්නම්. දන්නවා නේද මයිකල් ඈන්ජෙලෝ , Leonardoda Vinci | MichelangeloBuonarroti | Vincent van Gogh | Pablo Picasso | Salvador Dali | René Magritte | Franciscode Goya | Frida Kahlo
Claude Monet | Henri Matisse | Rembrandt van Rijn | Andy Warhol | Georgia O'Keeffe | Wassily Kandinsky | Edvard Munch | Gustav Klimt |   ඔන්න ඔය වගේ ගොඩක් පිරිසක් ඉන්නවනේ. දැන් මේ අයගේ චිත්‍රයක් අලෙවි වෙන්නේ බර ගාණකට . ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් මිළ තීරණය වෙනවා.fear.




          ඔබ දැකලා නැද්ද ඒ වගේ චිත්‍ර අඳින්න පුළුවන් අය අද සමාජයේ . . ? මොනාලිසාගේ චිත්‍රය සබැහින් දැකපු ඕනෙම කෙනෙක් කට වහ ගන්නවා " අනේ මොකටද නිකන් පරණ කුණු අවුස්සන්නේ " කියලා shy.. මොනලිසාගේ පිංතූරෙට වඩා ලස්සන පින්තූර නිකම්ම නිකම් ගූගල් කරත් එනවා.නමුත් ඒ කිසිවෙකුට බැරි උනා මොනාලිසා තරම් මිළක් ලබාගන්න. hehe1.




          මම මේ ළඟදී දැක්කා මිලියන ගාණකට අලෙවි වූ චිත්‍රයක්. අර රේඛා මේ රේඛා භාවාත්මකලු. ඒකත් නිකන් අර " රජ්ජුරුවන්ට මහපු රෙද්ද " වගේ. හැමෝම පේනවා පේනවා කිව්වට දැකපු එකෙක් නැහැ. shy.බැරි වෙලා හරි කව්රු හරි ඇත්ත කිව්වොත් උගේ බෙල්ල ගහලා යනවා. ඉතින් හැමෝම බොරුවට " ශා නියමයි රජතුමනි " කියනවා. අන්තිමට හැමෝම හෙළුවෙන්. රජා ඇත්තටම රෙදි නැතුව හෙළුවෙන්. අනිත් පිරිස රෙදි ඇඳන් හෙළුවෙන්. hehe1.



   
             පිචර් ස්ටාර්ලා ගැණත් කතාව ඔහොමයි. ශාරුක්ට වඩා ලස්සන කොල්ලෝ නැද්ද ? මේ කිව්වේ ඉන්දියාවේ. ස්ත්‍රී පාර්ශවය ගැන නම් කියන්න ඕනේ නැහැ මොකද අපේ එක්කෙනත් එහෙනේ. .upset.ජැකී චෑන්ට වඩා දක්ෂ සටන් ශිල්පීන් නැද්ද ? පුද්ගලිකව මම මගේ දෑහට දැකලා තියෙනවා පුදුම දක්ෂ නින්ජා සටන් ශිල්පීන්. ඔවුන්ගේ පවුල් ඉතිහාසය වසර 800 තරම් පැරණියි. kitta.හිතාගන්න බැරි තරම් වේගවත් ලෙස පහර එල්ල කරනවා. එක තත්පරයට පහර 2 ක් 3ක් පවා එල්ල කරනවා.



              ඒත් සත්‍ය තමයි ශාරුක්ලා ඉන්නේ එක්කෙනයි. ජැකී චෑන්ලා ඉන්නේ එක්කෙනයි. ඔවුන් තරම් මිළක් අනිත් අයට ලැබෙන්නේ නැහැ. කොච්චර දක්ෂ උනත් මිළක් ලැබෙන්නේ නැහැ. මට ජැකීට වඩා ස්පීඩ් ෆයිට් කරන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. මම ශාරුක්ට වඩා ලස්සනයි කිව්වට වැඩක් නැහැ. පයිසෙකට ගණන් ගන්නේ නැහැ. බස් වියදම වත් ලැබෙන්නේ නැහැ. hehe1.



             දොස්තරලා , ප්‍රොක්ටලා නෙවේ එංජිනේරුවෙක් උනත් ඔච්චර තමා. ඔන්න එන්ජිනේරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සීනියර් . අනිත් එක්කෙනා ජුනියර්. සීනියර් ඉංජා හිතනවා මෙහෙම " මට වඩා ජූනියර් කෙනෙක් ලක්ෂ 10 ක් පඩි ගන්නවා නම් අඩුම තරමේ මට ලක්ෂ 12 ක් වත් ඕනේ". අනේ එහෙම කිව්වට බැහැ. ඒක ඒ මිනිහගේ ලැබීම ආයුබෝවන්. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් කිව්වා හේ කාටවත් කාගෙවත් ලොකු කම් වලින් වැඩක් නැහැ.teeth1.



            ඔන්න ඔහොම සීනියර් ඉංජිනේරුවා බොරුවට ගණන් ඉස්සීම නිසා එයාට ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. ටික දවසකින් වේලිලා වේලිලා පාන්ඩක වෙලා යන්න පටන් ගන්නවා. වැඩේ මාරාන්තික වෙද්දී මිනිහා කැමති වෙනවා ලක්ෂ නෙවේ රුපියල් 15,000 ට වැඩ කරන්න. රුපියල් ආයුබෝවන් රුපියල්. කරුමේ කියන්නේ  මේ වෙලවෙදි තවත් දෙයක් වෙනවා .smoke.



 ****


               සීනියර් ඉංජෙක් 15,000 ට  සෙට් වෙනවා නම් මොන රෙද්දටද ලක්ෂ 10ක්  දීලා දැන් ඉන්න ජුනියර් ඉංජා තියන් ඉන්නේ කියලා කොම්පැණියේ ලොක්කගේ ටිකිරි මොළේට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ ජුනියර් ඉංජගේ කැරියර් ලයිෆ් එකට හෙණ හත වදිනවා. ඔව් ඒක ගෙඩිය පිටින්ම මැළවීලාම යනවා.shy. ඔන්න ඔහොමයි අරූ ඇතුළට ගිහින් මූ එළියට එන්නේ. එළියට එන්නේ නෙවේ ආයුබෝවන් විසික් වෙන්නේ අන්න ඒ සිස්ටෝන් එකට. roll.


 ****


             ටික කාලයක් යද්දී සීනියර් ඉංජා ගණන් උස්සනවා. එයා කියනවා මට ඩොලර් මිලියන 2.5 ක් ඕනේ , නැත්නම් මම අයින් වෙනවා කියලා. මම අච්චරයි මෙච්චරයි . මට දැන් මේ ගාණට බැහැ. අරහේ මෙහෙමයි මෙහෙ මෙහෙමයි වගේ කතන්දර ගොඩයි. සෙල්ලම් නැහැ මූ දැන් ඩොලර් වලින් ගණන් කියන්නේ. කොම්පැණියේ මුදලාලිට තරු පේන්නේ දැන් තමයි. තනිකරම කතන්දර ගොඩයි අපේ කතන්දරයා වගේ.bicycle.


 ****



               ජූනියර් ඉංජා ගණන් හදනවා. ගණන් හදලා කියනවා " සෑර් , ඩොලර් මිලියන 2.5 ක් නිස්කාරණේ ගෙවන වෙලේ  මට රුපියල් ලක්ෂ 4 ක් දෙන්න. මම සෑර්ට එක අවුරුදු 3 න් මූලික ප්‍රාග්ධනය මෙන් 4 ගුණයක ශුද්ධ ලාභයක් අරන් දෙන තැනට කොම්පැණිය ගේනවා  " කියලා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

  • ඩොලර් මිලියන 2.5 රුපියල් බවට = 2.5 X 135 = රුපියල් මිලියන 337
  • රුපියල් මිලියන 337 න් ඉහළ පැලැන්තියේ නිවාස සංකීර්ණයක් හදන්න සැළසුම් කරමු. ( ලක්ෂ 3370 )
  • ඉඩමට = ලක්ෂ 850 ( මේ ප්‍රමාණය ඇති පර්චර්ස් 68 කට වැඩි ඉඩමක් කොළඹින් ගන්න )
  • ඉදිකිරීම පළමු අදියර = ලක්ෂ 1380 ( මේ මුදල ඇති වෘත්තීමය රහස් දන්නා කෙනෙකුට වැඩේ ගොඩ දාන්න. ඒවා ඕනේ නැහැ නෙව බ්ලොග් එකට )

එකිනෙකට අනුබද්ධව සැකසු නිවාස 65 කින් සමන්විත නිවාස සංකීර්ණයක් සාදා නිම කිරීමට මේ මුදල් ප්‍රමණවත් .

( මතක තබා ගන්න අපිට තාමත් ලක්ෂ 1100 ඉතුරුයි. )

           එක් නිවසක් මසකට රුපියල් 39,000 සිට කුළි පදනම මත දුන්නොත් අවමය වශයෙන් මසකට ලක්ෂ 25 ලැබෙනවා. එහෙත් වෙනත් පහසුකම් වැඩි කිරීම මගින් මසකට ලක්ෂ 35 ක් පමණ මුදලක් ලබා ගත හැකියි. ( ඒවා රහස් )


           වසර 3 ක් අවසානයේ ලැබෙන මුදල් = ලක්ෂ 1200 යි. වැය කළ මුදලට ආසන්න මුදලක් ලැබෙමින් පවතිනවා. මතකනේ තව ලක්ෂ 1100 ක් ඉතුරුයි කියල.. අන්න ඒකෙන් තමයි සියල්ල වෙනස් කරන්නේ. ඒක තුරුම්පුවක්. ඒ තුරුම්පුව ගැන හිතාගන්න හරි ලැබෙන්නේ "සහන්" සේවය ලබා දෙන ආයතනයට විතරයි.


                ඕවා මේවා වෙලා එද්දී නිකම්ම තනතුරු , තානාන්තර කාගේ කාගේත් වෙනස් වෙනවා. දොට්ට වැටුණ අය ආයතනයේ හිමිකරුවන් බවට පත් වෙද්දී ; දොට්ට දාපු අයගෙ දුකෙන් පුන් යන්න පටන් ගත්තේ එදා ඉඳන් තමයි. මයි ෆුට් ! fuck.



           අන්න එහෙමයි තමන්ට මිළක් ලබා ගන්නේ ලැබෙන්නේ . මගේ ගාණ මෙච්චරයි මෙච්චරයි කිව්වට කිසි කෙනෙක් ගන්නේ නැහැ. ශාරුක්ට , ජැකී චෑන්ට , මොනාලිසාට මිළ තීරණය උනේ අන්න එහෙමයි. තේරුණාද ..? spy.




වසර කීපයක් පැරණි පෙළපතක මතක : අද්මිරල් ෆර්නැන්ඩස්

උපාලි විජේවර්ධන

ප්‍රහාරක ගුවන් නියමුවෙකුගේ අද්දැකීම්

රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය

චන්ද්‍රිකා නිෂ්පාදනය කරන ආකාරය

රුපියල් ලක්ෂ 330 ක් පමණ වන සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා කාරය 




           ප. ලි . මේ දවස් වල මම පෝස්ට් 6 ක් විතර ලියලා තියෙන්නේ.ඒත් තාමත් ඒවා දැම්මේ නැහැ. සමහර ඒවගේ පොටෝ ලැබුණේ නැහැ මට තාම , සමහර ඒවගේ නීතිමය ගැටළු ටිකක් තියෙනවා ක්ලියර් කරගන්න ඕනේ. මම පෝස්ට් දාන්න කැමති අඟහරුවාදාට. අඟහරුවාදා වෙනකොට සම්පූර්ණ කරගන්න බැරි වෙන පෝස්ට් ඉබේම සතියක් කල් යනවා. ඕක තමයි පසු ගිය සති කීපය පුරාම උනේ .. bath.




මෙන්න මේ චිත්‍රය ඇඳපු කෙනාව හරියටම කිව්වොත් හිතාගන්න බැරි තෑග්ගක් දෙනවා ...!

November 13, 2013

චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama



http://obeth-mageth-addakeem.blogspot.com/2013/11/channel-4-drama.html




               " බාලචන්ද්‍රන් සිදුවීමෙන් " පසු චැනල් 4 මාධ්‍ය ආයතනය ගැන බොහෝ දෙනා දැනගන්නට ඇති . එම ආයතනය සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වූයේ LTTE හිතවාදී ලෙසය. මානව හිමිකම් සැසියක් පැවැත්වීමට නියමිත සෑම විටකම ඔවුන්  කලේ මහා ගින්නක් ඇවිලිය හැකි අයුරින් ගින්දර සහ පුළුන් එක් කිරීමය.


               දේශප්‍රේමී , දේශහිතෛෂී , දේශද්‍රෝහී යනාදී ලෙස ලේබල් අලවා ගත් සියලු දෙනාද එම ගින්නට පිදුරු එක් කරන්නට ගියේ නිරුවතින් නොව ; තම තම නැණ පමණට තමා විසින්ම මසා ගත් ඇඳුම්ද ඇඟලාගෙනය.


               ප්‍රශ්නය ඇත්තේ එතැනය. විකට ඇඳුම් සංදර්ශනයක සිරිය නංවමින් මහා විගඩමක් අප දුටුවෙමු. නිරුවතින් විකට ඇඳුම් සංදර්ශන සඳහා සභාගී විය නොහැකි බැවින් බොහෝ දෙනා පණ කඩාගෙන මිමි ගන්න , රෙදි හොයන්න , රේන්ද අල්ලන්න , බෝරිච්චි මහන්න , වාටි මහන්න , බෝත්තන් අල්ලන්න , ෆිටෝන් කරන්න පෙළඹෙන ආකාරය ගියවර දුටුවෙමි. ඇතැම් අය ෆයිනල් ප්‍රොඩක්ට් එක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ආකාරයද  දුටුවෙමි. කෙසේ හෝ ඉස්තරම්ම ඩෙඟාවක් නැටුවෙමු.


                දැන් එළඹ ඇත්තේ එහි දෙවන වටයයි. මෙවර චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක  සැසිය ආවරණය කිරීමටය.



දැන් මොකක්ද වෙන්නේ ?


  • 01. ඔවුන්ට ඒමට වීසා ලබා දී ඇත. එසේ නොදුනහොත් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් විය හැකි බැවින් එසේ කර ඇති බව මා මුළින් සිතුවෙමි.( නමුත් මට වැරදී ඇත. ලිපිය අවසානයේදී පැහැදිළි වේවි )
  •  02. ඔවුන් පැමිණි පසු ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සංවර්ධනය , නැවත පදිංචි කිරීම් වැනි දේවල් දැක ගැනීමට ඔවුනට හැකි වෙතැයි සිතුවෙමි.
  • 03. ශ්‍රී ලංකා ආණ්ඩුව සහනශීලී ආණ්ඩුවක් බව ඔවුන්ට පසක්ව යනු ඇතැයි සිතුවෙමි.
  • 04. මහත් වෙහෙසක් දරා LTTE ත්‍රස්තයන්ගෙන් රට මුදාගත් හේතුව චැනල් 4 කණ්ඩායමට පසක් කර දීම සඳහා රජය ක්‍රියාමාර්ග ගනු ඇතැයි සිතුවෙමි.
  • 05. සියල්ල හොඳින් සිදු වී, චැනල් 4 කණ්ඩායම මිතුරන් ලෙසින් පිටව යනු ඇතැයි සිතුවෙමි.



අන්තිමට උනේ මෙච්චරයි .


  • 01. චැනල් 4 කණ්ඩායම පැමිණි  දින සිට මේ රටට සාපයක් වුනු මංගල සමරවීර , වික්‍රමභාහු වැනි පුද්ගලයන් හා එක් වන්නට ඉඩ දී ඇත.
  • 02. ශ්‍රී ලංකාව විනාශ කර හෝ බලය ලබා ගැනීමේ බල තෘෂ්ණාව ඇති අය හා එක් වන්නට ඉඩදී ඇත.
  • 03. චැනල් 4 කණ්ඩායමට  උතුර බලා පිටත් වීමට නිසි පරිදි ආරක්ෂාව සහ පහසුකම්  සළසා නැත.
  • 04. චැනල් 4 කණ්ඩායම එක් එක් බංකොලොත් ඇම්බැට්ටයන් හා එක්ව උතුරට ගොස් ඇත.
  • 05. උතුර බලා යාමට සැරසුණු එම ගමන අනුරාධපුරයේදී දේශප්‍රේමී ශ්‍රී ලංකා රජයයේ ඇම්බැට්ටයන් විසින් නවත්වා ඇත.
  • 06. ශ්‍රී ලංකාව අගතියට පත් කලාවූ "චැනල් 4 කණ්ඩායමට" අමතක නොවන පාඩමක් දේශප්‍රේමීන් විසින් උගන්වා ඇත.


දැන් වෙන්නේ මෙච්චරයි .


  • 01. චැනල් 4 එකෙන් කියයි මුළු ලෝකෙටම ශ්‍රී ලංකාවේ හෙළුව.
  • 02. අපිට උතුරට නෙවේ අනුරාධපුරයෙන් එහාට අඩියක් යන්න දුන්නේ නැහැ.
  • 03. අපි දන්නේ නැහැ උතුරේ තත්වය.
  • 04. අපිට රූපගත කරන්න ඉඩක් දුන්නේ නැහැ.
  • 05. ශ්‍රී ලංකාවට පය ගැසූ මොහොතේ සිට කුඩම්මාගේ සැළකිලි විතරයි ලැබුණේ.
  • 06. මාධ්‍ය වේදීන්ට මෙහෙම නම් සළකන්නේ අපිට හිතාගන්න පුළුවන් මේ රටේ දෙමළ ජනතාව විඳින දුක.
  • 07. ශ්‍රී ලංකාව යනු තුච්ච මිනිසුන් ජීවත් වන රටක්.





  ඉහත පණිවිඩය නෙවේද දැන් යන්නේ ලෝකෙට ..?  බෙන්ස් වලින් රවුම් ගැහුවට වැඩක් තියේද  චෝගම් චෝගම් කිය කියා ?




ඇයි මෙහෙම වෙන්නේ ?




             වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඌරහේ මාළු ඌරහේ පිටේ තබා කැපීමයට. ආණ්ඩුව මෙවර සිදු කරන්නේ  " චැනල් 4"කණ්ඩායමත් "ආණ්ඩු විරෝධී" කණ්ඩායමත් එක්ව ඇති බව ITN තුළින් පෙන්නා තවත් එක් විගඩමක් සිදු කර "සුදු හුණු" ගා ගැනීමය.


               එහෙත්  ඔවුන් අනුගමය කර ඇති  ක්‍රමය මගින් සිදු  වන්නේ මහත් වූ විනාශයක් සහ තව තවත් රට අපකීර්තියට පත් වීම පමණයි.

සුදු හුණු යැයි සිතා වසුරු ඇඟ තවරා ගැනීමක් නොවේද මෙය ?


August 28, 2013

02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.



                   මීට පෙර කොටස තුළින් පුද්ගල ආර්ථිකය සහ රටක ආර්ථිකය ගොඩ නැගෙන ක්‍රමය සහ ණය ලබා ගැනීමේදී සිදුවන ක්‍රියාදාමයන් ගැනත් , දිගින් දිගටම ණය ලබා ගත් විට සිදු වන හානිය ගැනත් කරුණු කතා බහ කළා. පළමු කොටස කියවා නැතිනම් අනිවාර්යෙන් එම කොටසත් එහි කමෙන්ට් ටිකත් කියවා සිටින්න. මේ එහිම දෙවන කොටස නිසා පෙර ලිපිය හා සම්බන්ධවයි සියලු කරුණු ගොඩ නැගී ඇත්තේ.


පටුන 

01. විදේශ ණය ගැනීම.
02. ණය ගැනීමෙන් පසු සිදු වන අහිතකර බලපෑම්.
03. අහිතකර බලපෑම් යට ගසන ආකාරය.
04. ණය මුදලත් + යට ගැසීමට වැය වූ මුදලත් නිසා සිදු වන දේ.
05. මූල්‍යමය කළු කුහරයක් නිර්මාණය වන ආකාරය.



01. විදේශ ණය ගැනීම.

පළමු උදාහරණය


         පළමු කොටසේදී අපි ණය මුදලක් ලබා ගත් විට ඔබේ සැබෑ වටිනාකමට සිදු වන ක්‍රියාදාමය ගැන සාකච්චා කරා. ඒ ගැන වැඩිදුරට දැන් කතා කරමු.ඔබ සතුව ලක්ෂ 100 ක දේපළ ඇත්නම්, එම දේපළ ඇපයට තබා ලක්ෂ 30 ක් ණයට ගත් විට,

මිහිපිට ඔබ සතු දේපළ හි වටිනාකම = ලක්ෂ 100 ( ණය වීමට ප්‍රථම )
ලබා ගත ණය මුදල = ලක්ෂ 30
ණය ගෙවන තුරු ඔබට නීතියෙන් අයිති දේපළ ප්‍රමාණය = ලක්ෂ 70
පොළිය සමග ඔබ නැවත ගෙවිය යුතු මුදල් ප්‍රමාණය = ලක්ෂ 40 පමණ විය හැකිය ( + or - )
ඒ අනුව ඔබට නීතියෙන් හිමි දේපළ හි වටිනාකම = ලක්ෂ 60


          දැක්කද ලක්ෂ 30 ක් ණයට ගත් ඔබට එම ණය පියවන තුරු නීතියෙන් හිමි වටිනාකම ලක්ෂ 60 ක් දක්වා පහළ ගොස් ඇති බව.  පළමු කොටස තුළදී මේ ආකාරයටම ලබා ගත් ණය මුදලක් මත  මූල්‍ය ප්‍රයෝග කිරීමෙන් ලක්ෂ 60 ක් මුදලක්  ලක්ෂ 500ක් සේ  මවා පෙන්වන හැටි ඉදිරිපත් කරා.

 පිට රටකින් ණය ගැනීමේදී සිදු වන්නේ කුමක්ද?


ණය වීමට ප්‍රථම අවස්ථාව

බලන්න AAA රටෙහි වත්කම් ප්‍රමාණය සහ BBB රටෙහි වත්කම් ප්‍රමාණය සමානයි.


ලක්ෂ 30 ක් විදේශයන්ට ණය වූ පසු අවස්ථාව




බලන්න AAA සතු සැබෑ වටිනාකම අඩු / හිස් වී ඇති බවත් එම වටිනාකම BBB විදේශයන්ට ගලාගෙන ගොස් ඇති බව.



තව තවත් ණය වීමේදී සිදු වන දේ



AAA සතු සැබෑ වටිකම දිගින් දිගටම පිට රටට හෑරී හෑරී ඇදි යන සැටිත් , BBB මත ඒ වටිනාකම ගොඩනැගෙන ආකාරයත් .




අන්තිමේදී


AAA ඇතුල සම්පූර්ණ හිස්. පිට වාටිය විතරයි තියෙන්නේ හෙළුව බේරගන්න. AAAගේ සියලු රීරි මාංසය BBB වෙත ගොස් හමාරයි.



               තේරුණාද මුදලක බර සහ වටිනාකම ගොඩ නැගෙන ආකාරයත්, එන්න එන්න රටෙන් එළියට මුදල් යන විටත්, ණය ගන්නා විටත් මුදලේ අගය අඩු වෙන විදිහ. සල්ලි ලොකුවට තිබුණට වැඩක් නැහැ. ඒ මුදල් බර නැහැ. සැහැල්ලුයි. ඇතුල හිස්.



02. ණය ගැනීමෙන් පසු සිදු වන අහිතකර බලපෑම්.





AAA සතු රුපියලක බර සහ BBB සතු ඩොලරයක බර සමාන කරමු.( විනිමය අනුපාත තරාදිය )



               දැක්කද රුපියලේ බර අඩු වී ඇති නිසා එක ඩොලරයක් වෙනුවෙන් ගෙවන්න ඕනේ රුපියල් ගණන වැඩි වී ඇති බව. හිතන්න ඔබට ට දකුණු අප්‍රිකාවෙන් රත්තරන් පවුමක් මිල දී ගන්න ඕනේ කියලා. රත්තරන් පවුමක මිල ඩොලර් 10ක් යැයි සිතමු.

             i. ඩොලර් වලින් රත්තරන් මිළ දී ගනියි නම් ඩොලර් 10ක් ගෙවා ඔබට රත්තරන් පවුමක් කෙළින්ම මිළදී ගන්න පුළුවන්.

            ii. එහෙත් රුපියල් වලින් රත්තරන් පවුමක් මිලදී ගන්න ගියොත් ඔබට රුපියල් දහයක් දී රන් පවුමක් ගන්න බැහැ. මොකද රුපියල හිස් . ඩොලර් 10 ක බරට සමාන කරන්න නම් රුපියල් 100 පමණ ඕනේ.



ඊට පස්සේ වෙන දේ


                රුපියල් 100 ක් නැවත පිට රටට ගියා කියන්නේ අපේ රටේ මුදල් තවත් අඩු වුණා කියන දේ. ඒ කියන්නේ තවත් මුදලේ බර අඩු වුණා. ඊළඟ පාර රත්තරන් පවුමක් මිල දී ගන්න නම් රුපියල් 110 ක් විතර ගෙවන්න වෙනවා. පේනවද එන්න එන්න වලටම යන හැටි ගොඩ එන්න බැරුව?


                 මම මේ උදාහරණ තුලින් පැහැදිලි කරේ විදේශ විනිමය අනුපාතයන් හැදෙන ආකාරය ගැන ඉතාම සරළව. මේ සිදුවීමේදී තව කරුණු 12 ක් විතර එකිනෙකට බැඳිලා තමයි රටක අවසාන විදේශ විනිමය අනුපාතිකය හැදෙන්නේ. ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු. ( දැන්ම හදිස්සි වෙන්න ඕනේ නැහැ ){{{මේක තමයි රටක විදේශ මුදල් අතර ගලා යාම , ඒ මත නාමිකව වටිනාකමක් }}}}}




අපේ රටේ උද්ගතව ඇති තත්වය අනුව විදේශ විනිමය අනුපාතිකයට ඉදිරියේදී කුමක් වේවිද..?



              ඉහත උදාහරණ තුලින් ඔබට පැහැදිළි වෙන්න ඇති රටෙන් එළියට මුදල් යන විට මුදලේ අගය අඩු වෙන බවත්, BBB නම් වූ රටෙහි මුදල් වල අගය/බර වැඩි වන බවත්. ඒ කියන්නේ කාලයක් යන විට ඩොලර් 9ක් ගෙවා රන් පවුමක් මිළදී ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. තවත් කාලය යන විට ඩොලර් 8 ක් ගෙවා රන් පවුමක් ගන්න තරම් ඩොලරය ශක්තිමත් වෙනවා. කාලයාගේ අවෑමෙන් ඩොලර් එකක් දී රන් පවුමක් මිළදී ගන්න තරම් ඔවුන් ශක්තිමත් වෙනවා.


                  ඒත් අපිට වෙන්නේ එන්න එන්න ඩොලරයට සාපේක්ෂව අපේ මුදල හෑල්ලු වෙනවා, ඒ අතරේම ඩොලරයේ අගය එන්න එන්න වැඩිත් වෙනවා , සියල්ල අවසානයේ රුපියල් 500 ගෙව්වත් රන් පවුමක් මිල දී ගන්න බැරි තැනට එනවා. ( සුද්දගේ කාලේදී රන් පවුම

August 24, 2013

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy



               පුද්ගලයෙකුගේ ආර්ථිකය , රටක ආර්ථිකය , ලෝක ආර්ථිකය කියන්නේ වෙන වෙනම කතා කල යුතු දේවල්. එකිනෙකට වෙනස් ලක්ෂණ ඒවාට ඇතුළත් වීම තමයි හේතුව. මුළින්ම ඉහත කාරණා ටික ගැන වෙන වෙනම අවබෝධයක් ලබා ගෙන ඉමු. ඉන්පසුව සාකච්චා කරමු පොත් වල හැදෙන ගණන් මිනුම් වලින් කරන්න පුළුවන් සෙල්ලම් සහ සෙල්ලම් වරදින තැන් ගැන. ඒ වගේම සෙල්ලම් කල යුත්තේ කොහොමද , නොකළ යුත්තේ කුමන තැන් වලදීද , සෙල්ලමෙන් ඉවත් විය යුත්තේ කොතනදීද කියන දේත් අන්තිම වෙන්න කතා කරමු. මේ පෝස්ට් එක ලියවෙන්නේ ආර්ථික විද්‍යා උපාධිදාරීන්ට වගේම , සාමාන්‍ය අවබෝධයක් තියෙන දෙපිරිසම ඉලක්ක කරන්. ඒ නිසා " අයියෝ අපි ඕවා දන්නවා " කියලා අහක බලන්න එපා. මොකද මම එක පාරට අගින් අරන් මුලට දානවා සමහර කන්සෙප්ට්. ඒ නිසා හරිම අවධානෙකින් විවේකීව විතරක් කියවන්න. සියල්ල ඉවර වෙනකම් කියෙව්වොත් මේ සියල්ල ගැන වැටහීමක් ඒවි.


පටුන


01. මූලික අදියරේ පැහැදිළි කිරීම :- පුද්ගල ආර්ථිකය සහ රටක ආර්ථිකය හඳුනාගැනීම.

02. දෙවන අදියරේ පැහැදිළි කිරීම :- ආර්ථික ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීම , ආර්ථික විද්‍යා ප්‍රයෝග , ආර්ථික විද්‍යා ප්‍රයෝග තුළින් මවා පෙන්විය හැකි වත්කම් , මවා පෙන්නූ වත්කම් මත පදනම්ව ආර්ථිකය ගොඩනැගීම වැනි කරුණු සාකච්චා කිරීම.

03. මීළඟ ලිපිය :- තව දුරටත් සිදුකල හැකි ආර්ථික විද්‍යාමය වංචා හඳුනාගැනීම.



                           
මූලික අදියරේ පැහැදිළි කිරීම.


                                   පුද්ගලයෙකුගේ ආර්ථිකය .


"AAA" රස්සාවක් කරලා උපයන මුදලත් , "AAAට" එදිනෙදා ජීවිතයේ ජීවත් වීම සඳහා වැය වන මුදලත් එක්ව ගත්තම ඒක " AAAගේ ආර්ථිකය " කියලා කියන්න පුළුවන්.

AAAගේ අදායම

i. රැකියාවෙන් ඔහු උපයන මුදල්

ii. වතුපිටි වලින් ඔහු උපයන මුදල්

iii. ව්‍යාපාර වලින් ඔහු උපයන මුදල්

iv. වෙනත් මුදල් ආයෝජනයක් මගින් ඔහු උපයන මුදල් ( බැංකුවක FD දැමීමක් , පොළියට මුදල් දීම වැනි )

 
v. වංචනිකව උපයන මුදල් ( එහෙම ඒවා ඇත්නම් )

vi. ලොතරැයි දිනුමක් වැනි හදිසියේ අතට ලැබෙන මුදල් ( අනපේක්ෂිත මුදල් , දේපළ හිමි වීම්. මේවා ගැනත් බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ )

vii. අනාගතයේදී බිරිඳගේ පාර්ශවයෙන් ලබෙමට නියමිත දෑවැද්ද ( අනාගත සිහින ලොව. මෙන්න මේවා ගැන බලාපොරොත්තු තැබීම අන්තිම මුග්ධ ක්‍රියාවක් . )




AAAගේ වියදම

i. අහාර කෑම බීම සඳහා යන වියදම්.

ii. ඉඳුම් හිටුම් සඳහා යන වියදම ( නිවාසයක් හැදීමට , තියෙන එක අලුත් වැඩියා කරගන්න , කුළියට නම් ඉන්නේ rent එක ගෙවන්න , බැංකු ණයක් අරන් අලුත් ගෙයක් හදන්න )

iii. ඇඳුම් පැළඳුම් සඳහා යන වියදම.

iv. ප්‍රවාහනය සඳහා යන වියදම් ( රැකියාවට යන්න , ආයේ ගෙදර එන්න . මෙතන වැදගත් කන්සෙප්ට් එකක් තියෙනවා. පස්සේ පැහැදිළි කරන්නම්. මතක තියාගන්න )

v. අම්මා තාත්තා සහෝදරයෝ ගැන බලන්න යන වියදම්

vi. යාලු වෙලා ඉන්න ගෑණු ළමයා හරි , බිරිඳ ගැන බලන්න යන වියදම්.

vii. දරුවෝ ඉන්නවා නම් එයාලට යන වියදම්

viii. අසනීපයක් උනොත් ප්‍රතිකාර සඳහා යන වියදම්

ix. අලුත් විභාග , අධ්‍යාපනය ලබා ගැනීමේ වැඩමුළු වගේ දේවල් වලට යන වියදම් ( රැකියාවේ ප්‍රමෝෂන් ගන්න එහෙම මේවා වැදගත් )

x. අරක්කු , සිගරට් , වෙනත් අවශ්‍යතා සඳහා යන වියදම් ( අනවශ්‍ය වියදම් කියමුකෝ )

xii. වෙනත්

xiii. ණය තුරස් , පොළිය ගෙවීමට වැය වන මුදල ( ණය අරන් තියේ නම් )

xiv. ඉතුරු කිරීම් ( අනාගත ආයෝජන )

ඔන්න ඔය විදිහට අදායම් සහ වියදම් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. අපි හිතමු 50,000 මාසෙකට ලැබෙනවා කියලා AAAට. දැන් අපි බලමු වැදගත් දෙයක්  AAAගේ  ආර්ථිකය ගැන.


AAAගේ මාසික වියදම 50,000ට අඩු නම්


             AAAට පුළුවන් කිසි කරදරයක් නැතුව තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න. ඉතුරු වෙන මුදල් බැංකුවක දාන්න හරි , පොළියට දෙන්න හරි , අලුත් බිස්නස් එකක් පටන් ගන්න හරි , යාලුවෝ එක්ක විනෝද වෙන්න හරි , කුඩු පොඩ්ඩක් ගහලා බලන්න හරි පුළුවන්. ( කුඩු ගහන්න පුරුදු උනොත් නම් AAAගේ අනාගතය අඳුරු වෙනවා. )






AAAගේ මාසික වියදම 50,000ට වැඩි නම්


i. එයාට වෙනවා ණයක් ගන්න යාළුවෙක්ගෙන්. " ලබන මාසේ පඩි ගත්තම දෙන්නම් " කියලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ලබන මාසේ පඩි ගත්තම ණය ගෙවන්න ඕනේ. නැත්නම් වෙන්නේ යාළුවා නැවත ණයක් දෙන්නේ නැහැ. බැරි වෙලා හරි නඩුවක් දැම්මොත් එහෙම හිරේ යන්නත් වෙන්න පුළුවන්. ( බැංකුවකින් ගත්ත ණයක් නම් පාරටම වැටෙන්න පුළුවන් )


ii.ණය ගෙවන්න සල්ලි නැත්නම් පුළුවන් තමන් ළඟ තියෙන රත්තරන් මාලයක් වගේ දෙයක් උකස් තියන්න. එහෙම නැත්නම් ගෙදර TV එක එහෙම විකුණලා ඒ සල්ලි වලින් ණය ගෙවන්න පුළුවන්. ( ආයේ පුළුවන් කාලෙක TV එකක් ගන්න ඕනේ. නැත්නම් ගෙදරකට අඩුවක්නේ. )


iii. ටිකක් කල්පනා කරලා තමන්ගේ වියදම් අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තව ටිකක් කල්පනා කරන්න මේ වෙච්චි දේ ගැන.අලුත් අදායම් මාර්ගයක් ගැන හිතන්න පුළුවන්. ඉහළ පඩියක් තියෙන නව රැකියාවකට අයදුම් කරන්න පුළුවන්.


iv. තමන්ට පරම්පරාවෙන් ලැබුණ වතු පිටි දේපළ විකුණලා ඒ මුදල් වලින් වියදම් කරන්න පුළුවන් . ( ඒත් ඉඩකඩම් ඉවර උන දාට මොකද කරන්නේ ? )

v. කැමති නම් හොරකම් කරන්න, වංචනික වැඩ කරන්න, බැංකු මංකොල්ල කන්න, තම පෙම්වතියව / බිරිඳව / මව අනාචාරයේ යොදවන්න පුළුවන්. ( අහිතක් හිතන්න එපා. ඒවත් සල්ලි තමයි. ) [ පාරේ බැහැල යන්න බැරි වෙන එක , රට්ටු හූ කියන එක වෙනම කතාවක් ]

හරි අපි මේ හඳුනාගත්තේ පුද්ගලයෙකුගේ ආර්ථිකය ගැන. මේ ටික නැවත වාරයක් කියවන්න. ඒ ගමන් අපේ රටේ දැන් වෙලා තියෙන තත්වෙට පොඩ්ඩක් ආදේශ කරලා බලන්න. සෑහෙන සමාන කම් පෙනේවි.



                                     රටක ආර්ථිකය.


              රටක ආර්ථිකය ගැන දැන් කතා කරන්න පුළුවන් ඉහත " පුද්ගල ආර්ථිකය " කොටසත් උපයෝගී කරගෙන. වර්තමාන ලෝකයේ හැම රටක්ම දැන් පවතින්නේ රාජාණ්ඩු ක්‍රමයෙන් වෙනස්ව. ඒ නිසා වර්තමාන ලෝකයේ ආර්ථික රාමුව ගැන විතරක් කතා කරමු.

රටක අදායම් 


i. ජනතාවගෙන් එකතු කරන බදු මුදල් ( GST , VAT ... etc , etc ) හිතන්න ඔබ සිල්ලර බඩු කඩයක් කරනවා කියලා. වර්ෂයක් අවසානයේ ඔබ රජයට රුපියල් 10,000 ගෙවනවා කියලා හිතමු බදු විදිහට. මේ වගේ සිල්ලර බඩු කඩ 1000 තියේ නම් මුළු ලංකාව පුරාම; රජයේ අදායම 10,000,000 වෙනවා එක වසරකට සිල්ලර කඩ වලින් විතරක්. ( රුපියල් මිලියන දහයක්. ඒ කිව්වේ කෝටියක් )

ii. තොග බඩු කඩ වලින් අවුරුද්දකට රුපියල් ලක්ෂයක් ගන්නවා කියමු ආණ්ඩුවෙන් එක වසරකට. මුළු රට පුරාම තොගබඩු කඩ 100 තියෙනවා කියමු. දැන් ආණ්ඩුවේ වාර්ෂික අදායම රුපියල් ලක්ෂ 100 වෙනවා තොගබඩු කඩ වලින් විතරක්.


iii. හිතන්න ඔබ ව්‍යාපාරයක් කරනවා කියලා ස්වයංරැකියාවක් විදිහට. රජය විසින් ඔබෙන් ගන්නවා වර්ෂයකට රුපියල් ලක්ෂ දෙකක්.එවැනි ව්‍යාපාර 1000 තියෙනවා කියලා හිතමු රටේ. දැන් ආණ්ඩුවේ වාර්ෂික අදායම රුපියල් ලක්ෂ 2000 වෙනවා ව්‍යාපාරිකයන්ගෙන් විතරක්. ( රුපියල් මිලියන 200. )


iv. හිතන්න කෙනෙක් කසාද බඳිද්දී ආණ්ඩුවට රුපියල් 5000 ගෙවන්න ඕනේ කියලා. එක අවුරුද්දකට විවාහ ලක්ෂයක් උනා නම් රජයේ අදායම කීයද ? රුපියල් 500,000,000 . ඒ කියන්නේ මිලියන 500 . නැත්නම් ලක්ෂ 5000. ( මේවත් බදුද ඇත්තටම. හරියටම තමන්ගේ බිරිඳගේ යට ඇඳුම් කාමාතුරයන්ට විකුණනවා වගේ වැඩනේ. විකුණලා විකුණලා අන්තිමට බිරිඳට හදිස්සියට අඳින්නවත් යට ඇඳුමක් නැති වෙනවා නේද ? )



v. හිතන්න ඔබ රත්තරන් බඩු හදන කෙනෙක් කියලා. ලංකාවේ රත්තරන් නැති නිසා දකුණු අප්‍රිකාව වගේ රටකින් තමයි ඔබට රත්‍රන් ගේන්න වෙන්නේ. ඔබ ලංකාවට ගේන සෑම රත්‍රන් පවුමක් සඳහාම රජය විසින් ඔබෙන් රුපියල් 5000 අය කරනවා කියලා හිතමු. වර්ෂයක් ඇතුළත ලංකාවට ගේන රත්‍රන් ප්‍රමාණය පවුම් මිලියන 20 කියලා. ( පුදුම වෙන්න එපා. අපි සංවර්ධිත රටක්. ලක්සෙට කොඩිය දාන රටක් ) දැන් වාර්ෂික අදායම කීයද රජයේ?  ඒ කියන්නේ  20,000,000 x රුපියල් 5000 = 100,000,000,000. ඒ කියන්නේ රුපියල් මිලියන ලක්ෂක්. නැත්නම් රුපියල් කෝටි 10,000. එහෙමත් නැත්නම් රුපියල් බිලියන 100.

August 18, 2013

ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?



          
ඒක දිග කතාවක්. සේරම ටික ලියන්න ගියොත් මේක කොහොමවත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉවත් කරන්න ඕනේ ඒවා ඉවත් කරලා , මූලික අවබෝදයක් ලැබෙන දේවල් ටික විතරයි මේ ලිපියට ඇතුලත් කරන්නේ.


           හැමෝම දන්නවා ඇතිනේ මම එදා ඉඳන් දේශපාලනේ හිටිය කෙනෙක්. ඒකට මූලික හේතුවක් උනේ මගේ තාත්තා සහ ලොකු තාත්තලා ඇතුළු පවුලේ ගොඩක් දෙනෙක් දේශපාලනේ යෙදුණු අය වීම. මමත් පුංචි කාලේ ඉඳලා හැදුනේ වැඩුණේ දේශපාලන වටපිටාවක් එක්ක. අපි පුංචි කාලේ මේ රටේ වීරයෝ වෙලා හිටියේ මැතිනිය වගේ පිරිස. එයාල එක්ක බලද්දී අපේ තාත්තල නිකන් හාල් කෑලි වගේ. එදා ඉඳන් වෙච්ච වෙනස් කම් මට හොඳට තේරුණා.එයාලා එයාලගේ දූවරුන්ට , පුතාට සළකන විදිහයි අපිට සළකපු විදිහයි අහසට පොළොව වගේ.

            එයාලගේ දූවරු ඒරොප්පේ කැම්පස් වලට ගියා. අපි නිකම්ම නිකම් හිපාටුවෝ වගේ ඔහේ බලන් උන්නා. ගමේ හිටපු මිනිස්සුන්ට සාපේක්ෂව බලද්දී අපි මහා ඉහළ පවුලක් උනත් මැතිනිලාට සාපේක්‍ෂව ගද්දි අපි දූවිලි ගානයි. ඒත් මොනවා කරන්නද ඉවසනවා ඇර. මට මතකයි ඉස්සර අපි එහෙ යද්දී යන්නේ හරියට බලු කුක්කෝ වගේ. එයාලගේ දූවරු අපිට පෙන්නපු ආඩම්බර හිනාවන් අදටත් මට මතකයි.

             " අනේ මුන් වගේ හිඟන හැත්තක් "
වගේ බැල්ලමක් තිබුණේ එයාලගේ ඇස් වල. එහෙමයි කියලා කටක් අරින්නද ? මොනවා හරි කිව්වා නම් හරි ඇදයක් කරා නම් හරි කන් අඩි පුපුරන්න උනත් ගහන්න එයාලගේ ගෙදර අය පසුබට වෙන්නේ නැහැ.


           ඒ සියල්ල අත්දකිමින් තමයි අපි ලොකු මහත් උනේ. ටික ටික මම යෞවන වයස පහු කරලා තරුණ වයසට ඒමත් එක්ක මාව ඉබේම වගේ දේශපාලනයට පිවිසුණා. ඒකට එකම හේතුව උනේ මගේ පවුලේ අයත් දේශපාලනයේ නිරත වීම. එහෙම නොවෙන්න අපිටත් ඔලුව උස්සගන්න හම්බෙන්නේ නැහැ. මට එදා ඉඳන්ම තේරුණා මේ ලිං වලෙන් ගොඩ එන්න තියෙන්නේ එකම ගැට්ටයි කියන දේ.


          මගේ අයියලා සහ මල්ලිලා නම් මේ දේවල් ගැන එතරම් පැන්නුවේ නැහැ එදා ඉඳන්ම. එයාලට තේරුණා මේ මිනිස්සු එක්ක අපිට හැප්පෙන්න බැරි බව. කටින් නොකීවත් හැම වෙලේම මූණේ ඇඳිලා තිබුණේ එහෙම අදහසක්. එතනදිත් මම තනි උනා. මට තේරුණා මේ ලිං ගැට්ටෙන් ගොඩ වෙන්න වෙන්නේ තනියමයි කියන දේ. ඒ කොහොම උනත් මගේ සහෝදරයෝ ටික මගේ කකුළෙන් ඇද්දේ නැහැ කවදාවත්. සහෝදරයෝ විදිහට ආරවුල් , මත ගැටුම් තිබුණට අපි කවදාවත් එකිනෙකාට වල කැපෙන දේවල් කරේ නැහැ.


=== මෙතනින් එහාට දේවල් ඔයාලත් හොඳින් දන්න නිසා මම ඒ ටික
ස්කිප් කරමින් මග අරින්නම්   ===

          මගේ තරුණ වයස ඒමත් එක්ක මම ක්‍රියාකාරී දේශපාලනයට ආව. නිතරම මට තේරුණා පොඩි මනුස්සය එක්ක හිතවත්ව ඉන්න ඕනේ කියන දේ. ඕනෙම දේකට එන්න ඉන්නේ මේ මිනිස්සු විතරයි සහ අපේ පැවැත්ම තියෙන්නෙත් මේ මිනිස්සු ඉන්නකම් විතරයි කියන දේ මම හැම වෙලේම හිතුවා. අනිත් එක ඒ මගේ හොඳම තරුණ කාලේ. සමාජ වාදී අදහස් ඕසේට තිබුණා ඕනෙම තරුණ දේශපාලකයෙක් ළඟ තිබුණා වගේම. ඒත් මම හැම වෙලේම සැලකිලිමත් වුණු දෙයක් තිබුණා , ඒ තමයි මම කවදා හෝ තැනකට එන්න ඕනේ කියන දේ. නිකම්ම නිකම් දේශපාලන චරිතයක් වෙලා වැඩක් නැහැ මගේ තාත්තා වගේ. සමාජය ඉදිරියේ මහා විශාල චරිතයක් උනාට රජ ගෙදරදී නිකම්ම නිකම් කෙනෙක් විතරයි මගේ තාත්තා. මට ඕනේ උනා එතනින් ඉස්සරහට යන්න. ඒ ගමන යන්නේ මෙන්න මෙහෙමයි කියලා අදහසක් හරියටම තිබුණේ නැහැ . ඒත් පුංචි සන්දියේ උන සිත් රිදවීම හරහා සියුම් තරහක් , වාඩු ගැනීමේ උවමනාවක් ටික ටික හිත යට පැළපදියම් උනා.









             කාලයත් එක්ක මට පුළුවන් උනා

August 5, 2013

සයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01 . truth and the myth



සියලු දෙනාම දකින්න ඇතිනේ දැනට මාසයක් පමණ තිස්සේ සයිලන්ට් සහන් ගැන වැටුණු බ්ලොග් පෝස්ට් ? හැංගි හෝරා එහෙන් මෙහෙන් තිබුණු දේවල් දැන් ඔන්න නියම ප්‍රොෆයිල් වලින්ම තියෙනවා දැන් . විශාල විදිහට සත්‍ය විකෘති කරලා තියෙනවා මම දැක්කා පාඨක ඔබව මුළා වන ලෙසත් සහන් කියන පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති වන ලෙසත්...


මම ඉතින් ඔහේ බලන් හිටියා ඕනෙම දෙයක් කරගන්න දීලා..ඒත් මගේ හිතවත් අය කීප දෙනෙක් මගින් මගට කිව්වා සහන් ඔයා නිස්කාරනේ කගෙන් වත් බැනුම් අහන්නත් එපා මඩ ගහන බ්ලොග් කරුවන්ට තව නටන්න දෙන්නත් එපා කියන දේ. ඒ අය නිසා තමයි මේ පෝස්ට් එක පවා මන් ලියන්නේ.එහෙම ඇර මට කිසිම උවමනාවක් නැහැ කාගෙන්වත් සහතික ගන්න. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් කිව්වට මට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. ඒ වගේම කාට හරි මාව මුණගැහෙන එන්න ඕනේ නම් මම ඒකටත් ඉඩ දීලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ස්කයිප් කෝල් එකක් අරන් මට කතා කරන්න හයියක් නැති අය තමයි මේ බ්ලොග් පෝස්ට් වලින් චන්ඩි වෙන්න හදන්නේ.


මම සියලුම චෝදනා වලට එකින් එක උත්තර දෙනවා  පෝස්ට් කීපයක් තුළින්.මොකද මට ඉතින් බ්ලොග් හදලා දෙන , පෝස්ට් හදලා දෙන , FB එකෙන් චැට් කරන වැඩර්ලා නැහැ අනිත් අයට වගේ. ඒ වගේම මිනිහෙක්ට ගහන්න තියෙන උවමනාව මිනිහෙක්ට සපෝර්ට් එකක් දෙන්න නැති බවත් මම දන්නවා.


මට මඩ ගැසීමේ මුළ


01.දැනට වසරකට විතර කළින් ඊ මේල් කවිකාරි කියලා හිටපු කෙනෙක් සමග පොඩි වචන හුවමාරුවක් උනා කට්ටිය දකින්න ඇති. ඒක ඉතින් සුළු දෙයක්නේ කියලා මම නිකන් හිටියා. මෙන්න බොලේ දවස් තුන හතරක් යද්දී පෝස්ට් එකක් වැටිලා

" සහන් යනු වයස 50 ක නාකියෙක්"
"කෙල්ලෝ රවටගන්න ආව කාමතුරයෙක්"
"සහන් කියන්නේ මුස්ලිම් එකෙක්"( මීට වඩා රසට තිබ්බේ)

සහන් යනු මුස්ලිම් කෙනෙක් කියන චෝදනාව

       ඉස්සර මම එළකිරි.කොම් එකට යනවා එනවා.එකේ තියෙන පෝස්ට් බලනවා කියවනවා. ඉස්සර එළකිරි එකේ හොඳටම නැගලා ගියපු එකක් තමයි "මුස්ලිම් අයට දොස් කීම". එවැනි පෝස්ට් වලදී මම කියපු එකම දේ තමයි

"සිංහල අපි මුස්ලිම් අයට දොස් කීමෙන් වැඩක් නැහැ.මුස්ලිම් අය අතර තියෙන සාමූහිකත්වය සිංහල අය අතර නැහැ.ජාතියක් විදිහට නැගිටින්න නම් කරන්න ඕනේ අනිත් අයට බැන බැන යෑම නෙවේ අපි එකමුතු වීම පමණය"කියලා.

හැබැයි බහුතර අයට ඕනේ මුස්‌ලිම අයට අපහාස කරලා  පහත් සතුටක් ලබන්න. ඒ නිසා ඔන්න කට්ටිය මට ගැහුවා මුස්ලිම් ලේබලේ. මම මුස්ලිම් අයට කඩේ යන කෙනෙක් කියලා කිව්වා.පස්සේ කිව්වා මමත් මුස්ලිම් කෙනෙක් කියලා. ඊටත් පස්සේ කිව්වා මම ස්ත්‍රී දූෂකයෙක් කියලා. ඔහොම ඔහොම දිගින් දිගටම ගියා. මට පිස්සු කියලා කිව්වා .මන් අංගොඩ හිටියලු. මගේ ගෑණි මැරිලා කිව්වා. ගෑණු ළමයි රේප් කරන කෙනෙක් කිව්වා. වයස 50 ට වැඩි කිව්වා.ඔය වගේ අනත්ත කතා එළකිරි එක පුරාවටම තියෙනවා. මා ගැන විතරක් නෙවේ එළකිරි එකට යන එන ඕනෙම කෙනෙක් දන්නවා ඇති එතන තත්වය. අපි කිසිම කෙනෙක් ඒ දේවල් ගණන් ගන්නේ නැහැ සහ ඇඩ්මින් වරුන්ට කියන්නේ නැහැ "අනේ අතන මට බැනලා .pls ඒක අයින් කරන්න "කියලා. ඉතින් ඔය සේරම අදටත් ඉන්ටනෙට් එක පුරවලා තියෙනවා.


නරක ආරංචි වලට පියාපත් තියෙන්නා හේ ඒවා තමයි ගූගල් එකේ සහන් කියලා ගැහුවත් උඩින්ම එන්නේ. ( ඒකට හේතුව වැඩි දෙනෙක් එවැනි දේවල් බලන නිසා පේජ් රෑන්කින් වලදී ඒ සෙවුම් ඉහළින්ම පෙන්නීම ).. ඔන්න ඉතින් අපේ ඊ මේල් කවිකාරි ගැහුවා ගූගල් වල මගේ නම..!

අම්මට සිරි මෙන්න එනවා පෝලිමට මට ගහපු මඩ ටික. එයාත් දැම්මා පෝස්ට් එකක් ලොකුවටම සහන් කියන්නේ මුස්ලිම් නාකියෙක්. කාමාතුරයෙක්. ගෑණු ධූෂණය කරන කෙනෙක් ආදී වශයෙන්. ඉතින් ඒ කුණු කුණුවත් බ්ලොග් අවකාශය පුරාම ගියා. මම ඒ කිසි දේකට උත්තර දුන්නේ නැහැ. . ඉස්සරත් මට ඇනෝ කමෙන්ට් වැටුණා එක දිගට.. මම ඉතින් ඒවා පස්සේ යන්නේ නැහැ...මොකද මට එවැනි දේවල් විහිලු පමණයි අඳබාලයන්ගේ.

නමුත් එවැනි දේවල් වලින් ඔයාටම පාඩුවක් වෙනවා සහන් කියලා මගේ බ්ලොග් මිතුරන් කියපු නිසා ඔන්න මාස 8 කට විතර පස්සේ මම ඒ ගැන පැහැදිළි කරලා පෝස්ට් එකක් දැම්මා මගේ උපන් දිනය සහ බ්ලොග් එකේ හිට්ස් 75,000 ත් එක්ක . මේ තියෙන්නේ ඒක..හැබැයි එවැනි පෝස්ට් FB තුළින් හුවමාරු වෙන්නේ නැහැ, චැට් කරද්දී කව්රුත් ඒ ගැන කියන්නේ නැහැ , කෝල් කරද්දී කියන්නේ නැහැ. අපේ අය බලන්නේ මිනිහෙක්ට ගහන්න විතරනේ.



02. ඉහත 01 විස්තර කරපු කුනුකන්දල් ටිකම දැන් ටිකක් මොඩ් වෙලා. අරගෙන් මෙයාගෙන් අහගන්න ඒවයි , ගොතන ඒවයි සේරම එකතු කරලා නියම කතා ටිකක් තියෙනවා.

"මමත් බූට් එකක් කෑවා " කියලා කිව්වොත් ඔන්න කතාව යනවා ගෑණි දාලා ගියා කියලා.

"වයිෆ් ලෙඩින්" කිව්වොත් වයිෆ් මැරිච්ච විදිහට කතාව යනවා.

"වයිෆ් සිංහල නෙවේ " කිව්වොත් කතාව යනවා සුද්දියෙක් බැඳගෙන සල්ලි වලට කියලා. 

 " ඔව් මට පිළිකාවක්.ඇයි මොකද ?" කියලා ඇහුවොත් යන්නේ ළඟට යන්න එපා බෝ වෙයි කියලා.

මට කැස්ස තියෙනවා ටිකක් තදින්. මට ක්ෂය රෝගය තියෙන විදිහට තමයි කතාව යන්නේ දැන්. තව ටික දවසකින් මට HIV AIDS කිව්වත් පුදුම නම් වෙන්න දෙයක් නැහැ.:D මගේ ලෙඩ ගැනත් උනන්දුයි මේ මහත්තුරු සහ නෝනලා ටික. ඉස්සර මම එළකිරි එකේ ඉද්දි බහින් බස් වීම් , විහිලුවට කියපු දේවල් තමයි මේ කට්ටියම අදටත්ඇදලා ගන්නේ.

03. මුස්ලිම් අයට පක්ෂව කතා කරපු නිසා මට ලැබුණ දේ තමයි ඒ. එතනින් පැහැදිළි වෙන්නෙත් සිංහල ජාතිය සතු අනිකා පෑගීමේ ලක්ෂණයමයි. සිංහල ජාතිය දිනෙන් දින පිරිහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ අපිට.


04. ඉස්සර එළකිරි එකේ ඉද්දි එතන අය කරන දෙයක් තමයි

" උඹ ඉස්කෝලේ ගියේ නැහැනේ. 8 පාස් වත් නැති උඹ කොහෙද ඕවා දන්නේ" කියලා විහිළුවක් කරන එක .

 " උඹ අතන ලෝඩ් පකීර් වගේ කතා කරාට මේක බැහැනේ " කියලා කියන ලින්ක් එකක් දාන්න ගිහින් වැරදුණත්.

 මම දැක්කා ඒ වගේ සිඟිති විහිලුත් වෙනවා මේ අස්සේ.




05. ඔන්න දැන් එමු අලුත් චෝදනා වලට එකින් එක.

වීඩියෝ එකක් දැම්මොත් වෙන දේ  :- මම දාපු කොරල් මාලිගාව සම්බන්ධ පෝස්ට් එකේ වීඩියෝ එකක් මම දාලා තිබ්බා දකින්න ඇති. ඒ වීඩියෝව තුළ "කොරල් මාලිගාව " කියන දේ සත්‍ය රූප තිබ්බා. හැබැයි වැඩේ කියන්නේ කට්ටිය මගෙන් අහලා තිබ්බා

"සහන් ඔය කියන මාළිගාවේ රූපයක් දෙන්න" කියලා.. : ඒ කියන්නේ ඒ අය වීඩියෝ එක බලලාවත් නැතුව මට කියනවා මේක ඇත්තක් වෙන්න බැහැ කියලා.. මුළු වීඩියෝවම බැලුවා නම් කිසිම ගැටළුවක් එන්නේ නැහැ අකුරෙන් අකුර කොරල් මාළිගාවේ විස්තර එහි ඇතුලත් උනා. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරිව අන්තිමට සිරා තමයි mp3 එක ඩවුන්ලෝඩ් කරලා එව්වෙත්. ඒ බව සිරා දන්නවා.

මම දන්නවා විනාඩි 15 , 20 වීඩියෝ එකක් එම්බෙඩ් කරාට කිසි කෙනෙක් ඒක බලන්නේ නැහැ ඉවර වෙනකම්.  ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන්  රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා. කොරල් මාළිගාව ගැන පෝස්ට් එක මම ලියද්දි මට හමුවුණා බොහෝ දේවල්

"අයියෝ ඕක කරන්නේ අරහෙමයි මෙහෙමයි.අතනින් දාලා මෙතනින් ගත්තා නම් හරි" කියලා ඉතාම සැහැල්ලුවෙන් කියපු කතා. හැබැයි වැඩේ තියෙන්නේ එවැනි දෙයක් මේ වෙනකම් කිසිම කෙනෙක් හදලා නැහැ :D

කිසිම වීරයෙක්ට ටොන් 10 ක ගල් කුට්ටියක් තනියම උස්ස ගන්න බැහැ.වීඩියෝව දැන් වත් බලන්න .එහි උදාහරණ එක්ක තියෙනවා ගල් කුට්ටියක් දොඹකරයක් ආධාරයෙන් උස්සන්න ගන්න වෙහෙස ගැන.මට දැන් කියන්න එපා ටොන් 50 පවා උස්සන දොඹකර දැකලා නැද්ද කියලා. ඒවා මට කියලා වැඩක් නැහැ දැන්.


වීඩියෝ එකක ඇති දෙයක් වෙනම උපුටා දැම්මොත් වෙන දේ :- අවශ්‍ය කරන කොටස් ටික විතරක් එන විදිහට පොටෝ දැම්මොත් කියනවා ඇයි පොටෝ වලට නම් ගැහුවේ කියලා. පොටෝ වලට නම් ගහන්නේ වෙන මොකවත් නිසා නෙවේ කෙළින්ම බ්ලොග් පෝස්ට් කොපි කරන අය නිසා. පොටෝ එහෙකට නමක් හරි ගැහුවම කොපි කිරීම කරත් එහි දෙවෙනි තුන්වෙනි කොටස් බලන්න කට්ටිය එනවා. මම මීට කළින් ලියපු අකුණ පෝස්ට් එක මම දැක්කා බ්ලොග් අඩවි කීපයක තියෙනවා. මම දැනට සති දෙකකට කළින් වගේ ලියපු "රන් මිළ " පෝස්ට් එක මෙන්න මෙතන තියෙනවා .

sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389110329599


මීට කළින් මම කොහේවත් කියලා නැහැ අනේ මම ලියපු එක අතන තියෙනවා කියලා.හැබැයි මේ බ්ලොග් අවකාශයේ බ්ලොග් වල සමහර අය නම් කෙළින්ම කියලා තියෙනවා "අපේ ඒවා කොපි කරන්න එපා" කියලා.මටනම් මගේ දෙයක් කව්රු ගත්තත් කමක් නැහැ.මම ලියපු දෙයක් වෙනත් කෙනෙක් දකින්නයි ඕනේ.කව්රු එයට ක්‍රෙඩිට් එක ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මගේ පෝස්ට් වලට බ්ලොග් එකේ නම ගහනවා ඒ තුළින් දෙවෙනි තුන් වෙනි කොටස් වලටත් කෙනෙක් ඒවි කියලා.



මේ වීඩියෝ මගෙන් විතරයි චෝදනාව:-  මම මාරයාගේ පෝස්ට් එකේදී කිව්වා ඔන්න මම පෝස්ට් එකක් දානවා ඒවා නම් මගෙන් විතරයි කියලා පට්ට රණ්ඩුවක් මැද්දේ. අනේ එදා මම ඒ කියපු එක වචනයක් අල්ලන් තමයි මේ සේරම දෙනා නටන්නේ. මම ඒ පොටෝ වලට නම ගහපු එක තමයි මේ සේරම අල්ලන් නටන්නේ. මොකක් හරි දෙයක් ගැන ලියද්දි එයට අවශ්‍යම තැන් වලින් පොටෝ ගන්නේ ඇයි කියන දේ මම ඉහත කිව්වා. පොටෝ වලට නම ගහන්නේ ඇයි කියන දේත් කිව්වා. මෙහෙම දෙයක් වත් අග මුළ පටල ගන්නේ නැතුව ලෝකේ පෙරළන්න එන අය ගැන කිසිවෙක් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ ඒ අයගේ දැනුම් මට්ටම ගැන තීරණයක් ගත්තම ඉවරයි.                      

ටෙස්ලා කාර් එක මගේ චෝදනාව:- මම ඒ පෝස්ට් එකේදී පැහැදිලිවම කිව්වා "මට මගේ නමින් බයික් එකක් වත් නැහැ" කියලා.. වැඩේ තියෙන්නේ මගේ ඒ කමෙන්ට් එක කිසිම කෙනෙක් උපුටලා අරන් තිබ්බේ නැහැ.

හැබැයි මම W3 එකේදී ඇනෝ කෙනෙකුට කිව්වා " ඔව් ඒ කාර් එක මම ගත්තේ දැන් නිකම් පපුව පැළෙන්න වගේද ඉරිසියාවෙන් :P " කියලා... p මාර්ක් එකක් දැම්මා..

දිගින් දිගට වාදයට එද්දී මම කිව්වොත් එහෙම " ඔව් මම ඔක්කෝම දන්නවා අකුරක් නෑර.ඇයි මොකද " කියලා අන්න ඉවරයි.ඔබ දකින්න ඇතිනේ එවැනි කෙනෙක් සමග මම කරපු

වැඩේ තියෙන්නේ අන්න ඒ කමෙන්ට් එක තමයිහැම තැනම කිය කියා යන්නේ! හේතුව දැන් හොඳටම පැහැදිලිනේ. සහන්ට මඩ ගැසීමේ අරමුණ.

{ අන්තිමේදී ඔහුම කිව්වා "සහන් මම අහපු හැම දේකටම ස්කයිප් තුළින් උත්තර දුන්නා සහ ඔහුට කොච්චර අපහාස කරත් නොකියන දේ නොකියන බව" ......   එහෙම කියපු කෙනාම අනික් පැත්තට කරන දේවල් දකින්න ඇති ඔබ.. මට යුධ අපරාධ චෝදනාවක් පවා තිබුණා ඒ අතරේ. මම ඒ ගැනත් සොයලා බලන්නම් හිමින් සීරුවේ .  }


වීඩියෝ වල ඇති දේවල් මැකීම :- මම වීඩියෝ එකකින් ගත්ත රූපයක මනුස්සයෙක් ඉන්නවා නම් වාහනයක අංක තහඩුවක් තියෙනවා නම් වෙනත් ගැටළුවක් වෙන දෙයක් ඇතිනම් එවැනි දේවල් මකනවා.ඉස්සරහටත් ඒක එහෙමයි.බය වෙන්න එපා.අතනද මකන්නේ මෙතනද මකන්නේ කියන දේ තීරණය කරන්නේ මම මිසක් කාගෙන් වත් අවසර අරන් නෙවේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්නත් එපා. වීඩියෝ එකක බැජ් නම්බර් එකක් , වීඩියෝ ස්ක්‍රැම්බල් ID එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක මකනවා. මොකද එයින් හොයන්න පුළුවන් සැටලයිට් සිග්නල් එක ගන්න ආයතනයේ නම. ( මම මෙතන පාවිච්චි කරේ වෘත්තීමය වචන නෙවේ.  ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කරන්න ගිහින් වෙච්චි දේවල් දකින්න ඇතිනේ මීට කළින් )


උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න පුළුවන්. එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද  MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්. එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ. මකනවාම තමයි.


වීඩියෝ හොරකමක්ද:- රූපවාහිනී ආයතන මගින් තම තමන් සතු වාර්තා වැඩසටහන් හුවමාරු කරගන්නවා. එක්කෝ වෙළඳ අරමුණින් නැතිනම් වීඩියෝ හුවමාරු කරගැනීමේ ගිවිසුම් අනුව. ඉස්සර SLRC එකෙන් හදපු මැණික් පතල් කැපීම , පාරු කර්මාන්තය , සිංහරාජ වනාන්තරය ගැන වැනි අනෙක වැඩසටහන් ලොව පුරා මාධ්‍ය ආයතන වෙත දුන්නා. එසේම SLRC වෙතත් ලක්ෂ ගණනක වීඩියෝ ලැබුණා.  රිචඩ් ද සොයිසා  පවා සභාගී වූ වැඩසටහන් තියෙනවා .අද ජීවත් වන බොහෝ අය නම් ගම් දන්නෙවත් නැහැ රිචඩ් ගැන .හිමි නමක් ගිණිතියාගත් වීඩියෝව පවා පැය දෙක තුනක පමාවක් කිරීමෙන් පසු අනික් සහෝදර ආයතන වෙත ලබා දුන්නා. ඒක තමයි වීඩියෝ හුවමාරුවේ ස්වභාවය  කියන්නේ ආයතන ආයතන  අභ්‍යන්තරයේ වෙන. මෙවැනි දේවල් ගැන ජීවිතේට නාහපු අය වීඩියෝ හොරකමක් ගැන නීතිමය තත්වය පවා පැහැදිළි කරලා පෝස්ට් දාලා තියෙනවා දකිද්දී මට දුකයි ඔවුන්ගේ මට්ටම ගැන. යු ටියුබ් වීඩියෝ වලින් ලෝකය දෙස බලන අය ගැන අප කලබල වෙන්න ඕනේ නැහැ.


ඔහොම වීඩියෝ කියන තරම් තියෙනවා නම් ඇයි ඒවා ප්‍රචාරය කරන්නේ නැත්තේ :- මේ ප්‍රශ්නය අහන්න ඕනේ මගෙන් නෙවේ. රූපවාහිනී ආයතන ප්‍රධානීන්ගෙන්. අපෝ ඕවා පරණයි / අලුත් උනත් හිට් වෙන්නේ නැහැ / ඇඩ්වර්ටීස්මන්ට් ලැබෙන්නේ නැහැ වැනි අභියෝග ගොඩක් තියෙනවා ජය ගන්න. මාධ්‍ය ආයතනයක තියෙන හැලහැප්පීම  ගැන මම පෝස්ට් දෙකක්ම ලියලා තියෙනවා. ඒවා බලන්න අවශ්‍ය අය විතරක්.වැරදිත් හොයන්න. හැබැයි ඉතින් නිෂ්ඵල දේවල් වෙනුවෙන් මම කාලය වැය කරන්නේ නැහැ. දැනුමට යමක් සොයන කෙනෙක් එයින් ගත හැකි ප්‍රයෝජනයක් ගනී. අනිත් අය තමන් දන්නා සෙල්ලම් ටිකෙන් සෙල්ලම් ගෙයක් හදයි. මම ඉතින් එවැනි දේ ගැන වෙහෙසෙන්නේ නැහැ.ඒ බව දැන් හොඳටම පැහැදිළි ඇතිනේ.

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?


රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය

කෙනී දෙමටගොඩගෙන් මම අහපු LED ප්‍රශ්නය :- මම දැක්කා වසර3 ,4  ක් පමණ පරණ දේවල් පවා අදිමින් කරලා තිබුණු විහිලුව. ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක් එවැනි දේවල් හදන්න හෝ වෙනත් බාහිර විස්තර ගැන අහන්න පෙළඹෙනවා. එයට හේතුව තමයි පරිපථයෙන් පරිපථයට සැළසුම වෙනස් වෙන්න පුළුවන්. එක් සුළු වෙනසකින් පරිපථයම දැවී යන්න පුළුවන්. ඒ නිසා එකම ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් දැක්ක හැටියේ අහනවා

අර පරිපථයේ විස්තර කොහොමද .
මම හැදුවේ මෙහෙම.ඒක වැඩ කරද්දී රත් උනා ,
කැප් පිපිරුවා ,
රෙසිස්ටර්ස් ඕවර් හීට් වෙනවා ,
ට්‍රාන්සිස්ටර් එකක් කොච්චර කරත් පිච්චෙනවා ,
LED ටික ඩිම් වෙනවා,
සති කීපයකින් පිච්චෙනවා ආදී වශයෙන්.


මේ විදිහට හුවමාරු කරගන්න තොරතුරු පොත් පත් වල නැහැ. මේවට කියන්නේ වෘත්තීය අද්දැකීම්. වෘත්තීය අද්දැකීම් හුවමාරු කරගන්න PhD තියෙන්න ඕනෙත් නැහැ CEO කෙනෙක් වෙන්න/නොවෙන්න ඕනේ නැහැ. මම අර මුළින් කියපු සිඟිති ප්‍රශ්න  ක්‍රමය මතකනේ.මෙතනත් වෙන්නේ ඒ දේ. එකම අරමුණ සහන් ගැන වෛරයක් ඇති කිරීම පමණයි. අපි ඉතින් එවැනි දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ.

LED ගැන නැවත :- LED යොදාගෙන නිවසකට උචිත විදිහට බල්බ් හැදීම කියන දේ දැනට වසර 3 කට විතර කළින් අද තරම් පහසු උනේ නැහැ. එයට හේතුව තමයි LED වෙනුවෙන් ස්ථාවර වෝල්ටීයතාවයක් සැපයියයුතු වීම.  3V ලෙස සඳහන් බල්බයකට 3.6V පමණ ලැබෙන්න ගත්තොත් පැය 6 ක් පමණ බල්බයේ ආයු කාලය බෙහෙවින් අඩුවෙනවා. සූත්‍රිකා පහන් වගේ විශාල වෝල්ටීය පරාසයකට ඔරොත්තු දෙන්නේ නැහැ. ( දැන් කියන්න එපා 3v LED ගැන විතරද දන්නේ කියලා. වෝල්ටීයතාවය කීයක් වෙන LED එකක් ගත්තත් පොදු ගැටළුවක් එනවා ප්‍රධාන සැපයුම් ධාරාවේ අගය උච්ච්වචනය වීම එක්ක )

i.නියමිත විදිහට වෝල්ටීයතාවයක් දෙන්න බැරිද :- දෙන්න පුළුවන්. හැබැයි පිට කොටුවේ තියෙන සත 50 රෙසිස්ටර්ස් ,ට්‍රාන්සිස්ටර්ස්  කැපසිටර්ස් IC , ඩයෝඩ් අරන් මේ වැඩේ කරන්න අමාරුයි. එහි අගය 12%+- විතර වෙනස් වෙනවා ඇතැම් විට . ( දැන් කියයිද දන්නේ නැහැ IC වල අගය වෙනස් වෙනවා කියලා ඇහුවමයි කියලා.. සිඟිති ප්‍රශ්න අහන අය ගැන කලබල වෙන්න එපා )

නිසි ලෙස සකස් නොවූ පරිපථයක ඇති ට්‍රාන්සිස්ටර් එකක බේස් කරන්ට් වෙනස් වීමක් නිසා පිටවන වෝල්ටීයතාවය 1v සිට 2 v දක්වා උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස හොඳටම ඇති සුරුස් ගාලා බල්බ් ටික පිච්චිලා යන්න.



ii. වෝල්ටේජ් රෙගිව්ලේටරයක් දැම්මා නම ගොඩනේ කියාවි මේ ටික දැකපු හැටියේ. එහෙම දෙයක් කරනවා නම් වොට් 3 - 12 පමණ වෙන රෙගිව්ලේටරයක් හෝ රෙගිව්ලේටර පද්ධතියක් , ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනේ. ( නැත්නම් smps එකක් ඕනේ.මේ ගැන පසුව කියන්නම් ). දැන් ඔය ඔක්කෝම දාලා හදන්න කීයක් යනවද?මෙන්න මේ නිසයි හදන්න කළින් හදපු එක්කෙනෙක්ගෙන් අහන්නේ හදන්නද/එපාද / වැඩ කරාද/ගැටළුවක් ආවද කියලා. මොරටුවෙන් ආව එන්ජිනියර් කෙනෙක් උනත් මෙහෙම දෙයක් ගැන අහනවා 8 වසරේ පොඩි ළමයෙක්ගෙන් උනත්..එය ලැජ්ජාවට කරුණක් නෙවේ. මොකද පළපුරුද්දෙන් ලත් අද්දැකීමක් වටිනවා.


iii.මේ සේරම කරලත් බල්බ් ටික ටික දවසකින් ඩිම් උනොත්මොකද කරන්නේ? මෙන්න මෙතැනදී තමයි මිළ කියන සාධකය එන්නේ. රුපියල් 400 ක් විතර වියදම් කරන්න ඕනේ ප්‍රමාණවත් එළියක් ගන්න පුළුවන් වෙන විදිහේ බල්බ් එකක් හදන්න. LED ටිකටම ඇතැම් විට 300 කට වැඩිය යන්න පුළුවන්. මොන වර්ගයේ බල්බ්ද ගන්න ඕනේ කියලා මෙතැනදී නම් අනිවාර්යෙන්ම පළපුරුද්ද ඇති කෙනෙක්ගෙන් අහන්නම ඕනේ! නැත්නම් වෙන්නේ සියලු මුදල් වතුරේ යෑම.


iv. ඔය මම කිව්වේ මීට වසර 3 , 4 කට කළින් තත්වය.අද වෙද්දී නම් කෙළින්ම සුරුස් ගාලා හදන්න පුළුවන් කිට්ම තියෙනවා. ඉස්සර අපි මේවා හැදුවේ ආසාවට මිසක් ආර්ථික ලාබයක් බලාගෙන නෙවේ. කෙනී පවා ඒවා කලේ ආසාවට පමණයි. අපි ඉස්සර කරපු දේවල් පවා සූක්ෂ්මව "  මහ ලොකු ඉන්ජිනියර් LED එකක් හයි කරගන්න දන්නේ නැද්ද " කියලා මඩ ගැසීමේ අරමුණින් යොදාගෙන තිබුණේ ඔහොමයි මට CEO ලේබලේ ගහලා. CEO ලේබලේ පයිලට් ලේබලේ එන්ජිනියර් ලේබලේ ගැහුවේ මෙන්න මෙහෙම දේකට යොදා ගන්නයි මේ මිනිස්සු. මහා ලොකු ඉන්ජිනියර් ඕවා දන්නේ නැද්ද කිව්වම වැඩේ ඉවරයි කියලා හිතන්! අනතුරට පත් පයිලට් කෙනෙක් ගැන ගුවන් හමුදා මූලස්ථානයේ ඇති තොරතුරු Google මගින්හෙව්වෙත් මේ මිනිස්සුමයි. තේරෙනවනේ සිඟිති විනෝදයේ තරම. ගුවන් හමුදා මූලස්ථානයේ ඇති දේවල් පවා ගූගල් වලින් හොයන්න යන මිනිස්සු ගැන කලබල වෙන්න එපා.



v. එහෙනම් කොහොමද CFL , අලුත් LED බල්බ ලස්සනට හදලා එවන්නේ? ඒවට යොදාගන්නේ smps කියන ක්‍රමය වෝල්ටීයතාවය පාලනය කරන්න. smps පරිපථයක් සාමාන්‍ය ගෙදර දොරේදී හදාගන්න එක සුදුසු නැහැ. හදන්න ගිහින් වෙන සුළු වැරද්දකින් වෝල්ට් 100 විතර එන්න පුළුවන් එක මොහොතේන්. අන්තිමට ජීවිතත් නැති වෙලා ඉවර වෙන්න පුළුවන්. හරි හමන් බඩු මුට්ටු වලින් විතරයි smps හදන්න ඕනේ. මහා පරිමාණයෙන් බල්බ් නිපදවන ආයතනයක් තුළ smps වර්ගයේ වෝල්ටීයතා පාලකයක් ඉතා අඩු පරිශ්‍රමයකින් හදන්න පුළුවන් වගේම ඔවුන් යොදාගන්නෙත් smps වර්ගයේ ඒකකමයි. මහා පරිමාණයෙන් කරද්දී එවැනි දේවල් ඉතාම ලේසියෙන් හදන්න පුළුවන්. වර්තමානයේ එන බොහෝ විදුලි උපකරණ වල වෝල්ටීයතාවය පාලනය කරන්නේ smps මගින්. හැබැයි අපිට නිකම්ම ගෙදරදී ඒවා කරන්න බැහැ.මේ ලිපිය smps ගැන නොවෙන නිසා දැනට මෙතනින් නවත්තනවා.





vi.ඉස්සර ඇම්ප්ලිෆයර් හදන ආසාව තිබුණ අය දන්නවා ඇති කොච්චර නම් STK සර්කිට් හොය හොයා ගියාද කියලා. බැහැ බැහැ ඕක නෙවේ මචන් මේක හදමු කිය කියනවා. ඒක හදන්න එපා බේස් නැහැ කියනවා තව කෙනෙක්. අපෝ IC එක පිච්චෙනවා රත් වෙලා කියයි තව කෙනෙක්. එදා ලබපු හුරුව අදට උනත් දෙයක් කරද්දී අපි කා තුළත් තියෙනවා.දෙයක් කරන්න කළින් අපි අහනවා. එවැනි දේවල් පවා සමච්චලයට ගන්න අය තමයි ඉන්නේ තමන්ගේ සිඟිති සතුටක් වෙනුවෙන්. බව්ත්( ඊයම් පෑස්සුම උපකරණයක්) එකක් අතින් අල්ලා නැති අය මම වීඩියෝ වලින් දාපු දේවල් අරන් කියපු දේවල් වල මට්ටම දකිද්දී මට අනුකම්පාවක් ඇති වුනා ඔවුන් ගැන.හැබැයි ඒ අය සිඟිති සතුටක් ගද්දි විශය ගැන වැටහීමක් තියෙන කෙනාට තේරෙනවා කව්ද බොරු කාරයා කව්ද මඩ කාරයා  කියන දේ.


vii. ඔය තරම් සෙල්ලම් කරන වෙලාවේ වර්තමානයේ කඩේ තියෙන බල්බ් එකක් 500 ක් දීලා ගෙදර ගේන එක තමයි ලේසි. CFL බල්බ් එකක් දාන එක ඊටත් ලේසියි. ආසාවට දෙයක් හැදීම සහ කඩෙන් ගේන එක කියන්නේ දෙකක්. සර්කිට් පිස්සුව තියෙන අය දන්නවා ඇති කොච්චර සල්ලි වියදම් කරන් මේවා කරලා ඇතිද කියන දේ.  සර්කිට් එකක පාත් එකක් ෂෝට් වෙලා තිබ්බොත් සියල්ල ඉවරයි. එක ඊයම් ඩොට් එකක් වැරදියට තියලා තිබ්බොත් සියල්ල ඉවරයි. කම්බි කෑල්ලක් වෙන කොහේ හරි ගෑවිලා තිබ්බොත් ඉවරයි.අද්දැකීම් නැති කෙනෙකුට නම් මේවා වචන විතරයි. අරහෙන් දාලා මෙහෙන් ගත්තා කියයි. හැබැයි කරලා බලන්න ඕනේ තියෙන අමාරුව.



මට තියෙන ගැටලුව අච්චර මට මඩ ගහන්න දරපු මහන්සියෙන් මිනිහෙකුට වැදගත් දෙයක් කරා නම් කොච්චර වටිනවද? චන්ද්‍රිකා ගැන තව කරුණු ටිකක් අර වීඩියෝ එකෙන්ම අරගෙන ලිව්වා නම් කොච්චර වටිනවද ?ටෙස්ලා කාර් එක ගැන තව විස්තර ටිකක් ඒ වීඩියෝ එකෙන් බලලා ලිව්වා නම් කොච්චර වටිනවද? ඩොලර් 170 එහෙම නැත්නම් රුපියල් 20,000 කට ආසන්න වෙන මුදලක් වියදම් කරලා ඇණයක් හදන්නේ ඇයි කියල ලිව්වා නම් කොච්චර වටිනවද ?

කිසි කෙනෙක් බය වෙන්න එපා.ඒ සියලු දේ ගැන මම ලියනවා ඕනෙම පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට මට පුළුවන් විදිහට සහ මට ඇති අවබෝධයෙන්, වැරද්දක් තිබ්බොත් නිවැරදි කරන්න ඔබ විසින්.  මට කාලය දෙන්න. මොකද මට කරන්න වැඩ තියෙනවා එදිනෙදා ජීවිතය තුළදී.අනිත් අයට වගේ අනුන්ගේ රෙදි අස්සේ රිංග රිංග ඉන්න නම් වෙලාවක් නැහැ.ඒ නිසා සතියට දෙකට පෝස්ට් දාන්න මට බැහැ.


06. මේ බ්ලොග් අවකාශය තුළදී මම ඉතාම සුහදව ඉන්න බව දැකලා ඇති. අනික් අයට කරන්න පුළුවන් උදව්වක් තිබ්බොත් මම ඒක කරනවා. කිසිම කෙනෙක් එක්ක ලොකු කමින් ඉඳලා නැහැ. හැබැයි බලු වැඩ කරන බල්ලන්ට සහ ඔවුන්ගේ ස්ත්‍රී පක්ෂයේ අයට මම කියන්න ඕනේ දේ කෙළින්ම කියනවා. මම හැමදාම කියන දෙයක් තමයි මට මෙතනින් කාගේ වත් චරිත සහතික වැඩක් නැහැ. මූණට එකක් කියන පස්සට තව එකක් කියන අයව මට කොහෙත්ම වැඩක් නැහැ. මම මිනිස්සුන්ට උදව් කරපුවා , වචනෙකින් හෝ සහය දීපුවා , LTTE යට විරුද්ධව කතා කරපුවා , අන්තිම තිරිසන් ලෙස හිමි නමක් විවේචනය කරද්දී එයට විරුද්ධ වූ දේවල් , රට ගැන කතා කරපු දේවල් අද කාටවත් මතක නැහැ.

උදිත මීගහතැන්න මම උපාලි මැස්ඩා ලිපිය දාපු වෙලාවේ කිව්වා " සහන් ඔබ මගේ ලේ සොයුරෙක් හැටියට පිළිගන්නවා අදින් පසු" කියලා .. අනේ මෙන්න සති දෙක තුනක් යද්දී උදිත මගේ නෝනව ඉල්ලනවා ලිංගිකව සතුටු වෙන්න. ඊටත් පස්සේ මට පිස්සු ලේබලේ ගහලා තිබ්බා..

ලේ සොයුරා කියපු කෙනාම මගේ නෝනා සමග හිතින් ලිංගිකව එකතු වී මට පිස්සු ලේබලේත් ගැහුවා. !

ඔන්න ඕකයි මේ බ්ලොග් කලාවේ හැටි.තව මහත්තුරු සහ නෝනලා සෑහෙන පිරිසක් ඉන්නවා මෙහෙම කරපු.මට ඒ සියලු දෙනාවම මතකයි හොඳ හැටි. හැබැයි මම ඔබේ තත්වයට වැටෙන්නේ නැහැ. සහන්ට ඇති තෙක් කතා හදන්න. පද බඳින්න. බොරු ගොතන්න. සත්‍ය බොරුවලෙස පෙන්වන්න. මට කිසිම ගැටළුවක් නැහැ. මට ඔබේ චරිත සහතික වැඩක් නැහැ.


07. හිට්ස් ගැන මට ඇති ආසවක් නැහැ. අඩුම තරමේ හිට්ස් 100,000 වෙනුවෙන් වත් මට පෝස්ට් එකක් දාන්න විවේකයක් ලැබුණේ නැහැ. නිකන් කුණුහරප ලියලා හිට්ස් වැඩක් නැහැ.. කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න පුළුවන් යමක් දීම ඇර මට වෙන උවමනාවක් නැහැ. මම මේ ඔක්කෝම දන්නේ නැහැ අකුරක් නෑර .මට පුළුවන් විදිහට ලියනවා මිසක් සහ මම නොදන්නා දෙයක් නිහතමානීව අසා දැනගන්නවා මිසක් . හැබැයි මට තේරෙනවා වැරදි හොයන්න එන අය සහ සද්භාවයෙන් ගුණ දොස් කියන අයගේ වෙනස. මට වෙනස හොඳට තේරෙනවා .

මම මේ ටික හරි ලිව්වේ විචාරක තුමා සහ කෙන්ජි අයියා ඇතුළු වෙනත් ළඟම කීප දෙනෙක් කියපු නිසා පමණයි.  ලියනවා නම් තව සෑහෙන දේවල් ලියන්න පුළුවන් නම් ගම් පටලලා. ඒත් මට එහෙම කරන්න ඕනේ නැහැ. මේ එක්කම ඉතින් අනිත් අය දාලා තියෙන අනුන් නොමග යවන කරුණු සහිත ලිපි වල නම් නිරුවත මම හෙළි කරනවා ඔවුන්ගේ කැරැට්ටුව එක්කම ඊළඟ පෝස්ට් එකකින්.

08. සහන් කියන කෙනා පුද්ගලික දුරකථන අංකයකින් කතා කරලා තියෙන්නේ 4 දෙනෙක් සමග පමණයි. ඒත් වාර දෙකකට වඩා අඩුවෙන්. මම කිසිම කෙනෙකු සමග කිසිම ගණුදෙනුවක් , මුදල් හුවමාරුවක් කරලා නැහැ. අනිත් මෝඩයෝ එවැනි දේවල් කරගෙන රට පටලා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. රට වටේ ඇනෝ කමෙන්ට් දදා ගියාට සල්ලි හම්බෙන්නේ නැහැ. හිතේ දුකට අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. මේවා සිඟිති ආතල් විතරයි. බොරු ගෙතුවට අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ.

ඔහුගේ ප්‍රෝෆයිලයෙන්ම " සහන්ගේ නෝනා ගියපු තැනටම ඔයත් යාවි මොළේ නහරයක් පුපුරලා " වගේ කතාවක් කියලා තිබ්බා මම ලියපු කොරල් මාලිගාව පෝස්ට් එකේදී.. ඔහුම කියනවා "අපි වෙඩි තියන්නේ සීනි දාලා. කූඹි කාලා මැරෙන්න " කියලා..බලන්න කොච්චර අඳබාල කතාද ඒ ..? මම නම් O/L කාලේදී වත් ඔහොම කතා කියලා නැහැ. මෙවැනි මානසික රෝගීන් කරන දේවල් ගැන කලබල වෙන්න එපා.

( අර අනික් මානසික රෝගියා ගැන නම් කීමත් නිෂ්ඵලයි.මගේ වචන අපරාදේ )

ඒ වගේම සියලු දෙනාට කියන්න ඕනේ ඉන්දික උපශාන්ත වැනි තිරිසන් මඩ බ්ලොග් කරුවන්ට බය වෙන්න එපා. ඔවුන්ට කරන්න පුළුවන් දේ ටිකයි. ඒ බැරි උනාම මට වගේ තිරිසන් කතා හදලා ඇනෝ කමෙන්ට් ටිකක් දායි මාසයක් දෙක තුනක් යනකම්. එවැනි ගෑණු ගැන කලබල වෙන්න එපා. එවැනි දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න.මොකද සිංහල බ්ලොග් අවකාශය කියන්නේ රැකගන්න ඕනේ දෙයක්.මේක කාගෙවත් බූදලයක් නෙවේ.මේකේ කව්රුත් ලොක්කෝ , පකීර්ලා නැහැ. බල්ලෝ බිරුවට කඳු හෙල්ලෙනේ නැහැ. ඒ වගේම නිවට කොන්දක් නැති එහෙයියෝ කියන ඒවා ගණන් ගන්නත් එපා. උන් ටිකත් පරිස්සම් පිට ඉන්න.


සහන්ට තිබුණ හයිය ඔබට නැති වෙන්න පුළුවන් මෙහෙම දේකට තනියම මුහුණ දෙන්න. ඔබට කවදා හරි මේ බල්ලෝ බලු කතාවක් කිව්වොත් සහන් උත්තර දීපු හැටි  මතක් කරගන්න. කෙන්ජිත් මේ වැඩේ කරාවි. බල්ලෙක් දැක්ක තැන ඔවුන්ගේ ගමන නවත්තන්න. නැත්නම් වෙන්නේ පළාතම විනාශ වෙන එක. සිංහල බ්ලොග් යනු එකාට එකා මරාගන්න තැනක් කියලා ලේබල් වැදීම සහ වැදගත් මහත්මා ගති ඇති අය මෙයින් ඉවත් වීම. මෙවන් පහත් මඩ බ්ලොග් හිමියන්ගේ අරමුණත් ඒකමයි. මෙතනට වෙලා කුණුහරප කියමින් සිඟිති සතුටක් ලැබීම.

මේ ලිපි නම් මඩ පෝස්ට් වගේ FB තුළින් , චැට් තුළින් , ස්කයිප් තුළින් යන එකක් නැහැ. ලින්ක් ෂෙයාර් වෙන එකකුත් නැහැ.


ලෝකයටම විරුවෙක් වූ කෙනෙකුට කළ දේ සහ රටේ ඉහළම තනතුරට මහ දවල් හූ කීම කලෙත් මේ මිනිස්සුමයි. සිංහල ජාතිය ගැන ආදරයක් ඇති නම් දැන් වත් හරි තීරණයක් ගන්න. මඩ කරුවන් සමග පල් වෙනවාද ? ඔවුන්ගෙන් බැහැර වෙනවාද?

July 15, 2013

02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02



               පසු ගිය ලිපියෙන් චරපුරුෂ සේවාවන් ගැන මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය පැන නගින්නේ ඇයි , සේවය ලබාගන්නේ කිනම් තරාතිරම් පුදගලයින්ද ,ඔවුන් වෙනුවෙන් කවර ආකාරයේ සේවයන් සැපයේද යන කරුණු එම ලිපිය තුලත් , කමෙන්ට් ඔස්සේත්  සාකච්චා කෙරුණා. මේ පිළිබඳ උනන්දුවක් දක්වයි නම් කරුණාකර කමෙන්ට් සමග එම පෝස්ටුව කියවන්න.
  Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන්


          සාමාන්‍ය සන්නද්ධ යුධ හමුධා සහ චරපුරුෂ සේවයන් අතර වෙනස ගැන අද ලිපිය ඔස්සේ කරුණු එළි කරමි.

සාමාන්‍ය සන්නද්ධ සේවා

             ඔබ බොහෝ දෙනා දැක ඇති පරිදි යුධ හමුධා , නාවික හමුධා , ගුවන් හමුධා සේවාවන් වල නිළධාරීන් මේ යටතට ගැනේ. නිළයට / ඒකකයට  උචිත නිශ්චිත අවි පුහුණුවක් , උපකරණ පුහුණුවක් , තවත් අමතර පුහුණු වීම් කීපයකින් පසු රටක ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සේවයේ යොදවයි. තම ඉහළ නිළධාරීන්ගේ අණට යටත්ව ක්‍රියාකරන අවිකරුවන් ලෙස හැඳින්විය හැකිය ( යම් හේතුවක් මත ) .

             මෙයටම පොලිස් සේවයද එක් කළ හැකිය. ඉහත සඳහන් ත්‍රිවිධ හමුදා රටෙහි ආරක්ෂාව සම්බන්ධව වෙහෙසෙන විට රටෙහි සිවිල් නීතිය අරක්ෂාකිරීමේ වගකීම පැවරී ඇත්තේ පොලිස් සේවය වෙතටයි. ඒ සඳහාද අවශ්‍ය විටදී අවිආයුධ භාවිතා කිරීම සඳහා නිසි පුහුණුවක් පොලිස් සේවය සතුය.


චරපුරුෂ සේවයන්

            ප්‍රධානවම මොවුන්ගේ වගකීම නම් සන්නාහ සන්නද්ධ සේවා වෙනුවෙන් අවශ්‍ය කරන බුද්ධි තොරතුරු , මෙහෙයුම් සකස් කිරීම , සැළසුම් ලබාදීම , තාක්ෂණික උපකරණ සැපයීම , තාක්ෂණික නිළධාරීන් සැපයීම , විශේෂ මෙහෙයුම් සඳහා ගරිල්ලා/කමාන්ඩෝ පුහුණව සහිත අවිකරුවන් සැපයීම , මෙහයුම් සඳහා උචිත අවිආයුධ නිර්දේශ කිරීම , මෙහෙයුම් සඳහා සෙබළුන් පුහුණු කිරීම , මෙහෙයුමක් සඳහා වටපිටාව සකස් කිරීම , වත්මන් අවශ්‍යතාවය මත නව ඒකක පිහිටුවීම වීම වැනි කාර්යයන්ය. ඒ සඳහා ඍජුවම රාජ්‍ය නායකයා හෝ යුධහමුදාපති හා සම්බන්ධ වීමට බලය ඇත.

මෙහි ඇති වගකීම් සහගත බව සහ බලය මෙසේ දැක්වීමට හැකිය.


උදාහරණයක් :- යුධහමුදාපති වරයාට මෙහෙයුමක් සඳහා ඍජුවම සටන් බිමට යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුණු මොහොතක ඔහු අනිවාර්යෙන්ම ඒ සඳහා බුද්ධි අංශයේ අවසරය පැතිය යුතුය.

01. බුද්ධි තොරතුරු මත මූලිකවම ඔහුට ඒ සඳහා ඇති ඉඩ
සළකා බැලෙයි.

02. යුධහමුදාපතිවරයා සටන් බිමෙහි සිටිය යුතුමද ?

03. ඔහු සිටීමේ වාසි සහ අවාසි.






04. ඔහු වෙනුවෙන් අනුයුක්ත කල යුතු නිළයන් ගණන.

05. ඔහු වෙනුවෙන් සැලසිය යුතු වෙඩි බලය.

06. ප්‍රහාරයක් එල්ලවුවහොත් ඇති වන බලපෑම.

07. අහිමි විය හැකි සම්පත් ගණන.

08. ප්‍රධාන මෙහෙයුමට ඇති වන බලපෑම.









09. එවැන්නකදී සමස්ථ යුධහමුධා සොල්දාදුවන් සියල්ලගේ මානසික මට්ටම. (  කමාන්ඩර්ට ගැහුවා කියන්නේ තමන්ගේ මව අහිමි වීමටත් වඩා පීඩනයක්. )

10. යුධහමුදාපති වරයා ඍජුවම සටන් බිමට පැමිණීමකදී සතුරු පාර්ශවයේ හැසිරීම් සහ අමතරව යෙදවිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග.






11. යම් හෙයකින් යුධහමුදාපතිවරයා මරුමුවට පත් වීමකදී ඇති විය හැකි සමස්ථ තත්වය.

12.i-------------------------------------------------------------------------
     ii------------------------------------------------------------------
     iii---------------------------------------------------------

13. මෙවැනි දහසක් තීන්දු හා තීරණ රැසකින් පසුව යුධහමුදාපතිවරයාට අවසරය ලැබීම හෝ නොලැබීම සිදු වේ.

14. ඔහු මෙම අවසරයන්ට පිටින් යෑමක් යනු සමස්ථ යුද්ධයම අනතුරේ හෙළීමකි.

15. එසේම යුධහමුදාපතිවරයාගේ සේවය නිසි පරිදි අවශ්‍ය තැනට ලබා දීම සඳහාද බාධා පැමිණිවිය නොහැකිය. ඇතැම් අවස්ථාවවලදී යුධහමුදාපති සහය ඍජුවම තත්පරයෙන් තත්පරය සටන් බිමට අවශ්‍යවේ.එවැනි විටකදී කෙසේ හෝ ඔහුව සටන් බිමට කැඳවිය යුතුය. ඇතැම් රහසිගත ක්‍රියාන්විත සඳහා මුහුණෙන් මුහුණ අණ දීම් සිදු වන බැවින් දැඩි වගකීමකින් යුතුව යුධහමුදාපති කැඳවිය යුතුය.





 මේ සියළු දේ සිදුවන්නේ  මා ඉහත කී සේවයන්හි තීරණ මතය. දරුණු යුද්ධයක් පවතින අවස්ථාවකදී බොහෝ දෑ ගැන අවධානය යොමු කල යුතුය.

01. යුද්ධයේ ස්වභාවය ( ගරිල්ලා , සිවිල් , සාමාන්‍ය ත්‍රස්තවාදය , විදේශ ආක්‍රමණ )
02. අවශ්‍යකරන වෙඩි බලය
03. අවශ්‍ය කරන පුද්ගල බලය
04. අවශ්‍ය කරන උපකරණ
05. වෙනත් යුධ සේවා
06. ත්‍රස්තවාදීන් සතු වෙඩි බලය ගණනය කිරීම්
07. ත්‍රස්තවාදීන් සතු පුද්ගල බලය ගණනය කිරීම්
08. ත්‍රස්තවාදීන් සතු භූමි බලය ගණනය කිරීම්
09. ත්‍රස්තවාදීන්ගේ වෙනත් හැකියාවන් ගණනය කිරීම්








10. ත්‍රස්තවාදීන්ගේ මීළඟ ඉලක්ක ගණනය කිරීම්




           මීළඟ ලිපියෙන් රැඳවිය යුතු තැන් රඳවා තවදුරටත් කරුණු ඔබට දැනගැනීමට සලස්වමි. මෙයාකාරයේ සමස්ථ යුද්ධයෙහිම වගකීම පැවරී ඇත්තේ ඉහත කී සේවයන් මතය. යුධශිල්පයෙහි උපන් හපන් කම් ඇති , කය නැති සිත පමණක් ඇති පුද්ගලයන්/
යුධසැලසුම්කරුවන් මගින් මේ සියලු සැලසුම් නිම වේ. නොකඩවා දින 4, 7 දක්වා නිදි නොලබා සේවය සැපයීමට වුවද සිදු වේ. බොහෝ විට සේවයේ යෙදි සිටියදීම මරණය වූ අවස්ථාවන්ද ඇත.

Trance : Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.

( යුද්ධයක් තියෙද්දී නින්ද යනවද ? ටෙරා වටකලොත් නින්ද යනවද ? අපේ කොල්ලෝ මැරෙද්දි නින්ද යනවද ? අවුරුදු ගාණක් සැලසුම් කරපු මෙහෙයුමක් ක්‍රියාත්මක වෙද්දී සැලසුම් කරුට නින්ද යනවද ? නිදාගෙන මොනවා ලබන්නද ? )










http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili