දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

October 17, 2013

යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers.


කිලිනොච්චි කැලේ මැද්දේ තිබ්බේ මොකක්ද ?එතන තිබ්බේ වැලි කොට්ට 5 ක් මැද්දට පොල් ගහක් කපලා හදපු බංකර් කෑල්ලක් නෙවේ. එතන තිබ්බේ LTTE සංවිධානයේ යුධහමුධා ප්‍රධානී වේලුපිල්ලේ ප්‍රභාකරන් ලැගුම් ගත් ලැගුම් හලයි. සියලු යුධ සැලසුම් සිදු වුණේ මෙතැනයි. මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීම , සබ්මැරීන් සැදීම , ගුවන් යානා මිලදී ගැනීම , ගුවන් යාන නවීකරණයට සැලසුම් උපදෙස් ................... , .................... , නැගෙනහිර පළාත සමග ගුවන් විදුලි පණිවිඩ ලබා දීම , චන්ද්‍රිකා පණිවිඩ ලබා දීම , සියලුම ආකාරයේ විධායක යුධ අණ ලබා දීම , මුහුදු කොටි අංශයේ සැලසුම් සහ නව ඉලක්ක ගැන සැලසුම් , ජෙට් ලයිනර් නැව විනාශ කිරීමේ සැලසුම් ,................. ., ............................. , අලිමංකඩ විනාශ කිරීම සැලසුම් , යාපනය අල්ලා ගැනීමේ සැලසුම් , මහ බැංකු ප්‍රහාරයේ සැලසුම් , ඉන්දියාවේ සිට ගෙන්වන අවි සහ යුධ පුහුණවට අදාළ දේ ------------------------ , හිටපු අති ගරු ජනාධිපතිණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඝාතන සැලසුම ,

.

 පළමු රූපය




දෙවන රූපය


  • පළමු රූපය දැක්කම මොකක්ද හිතෙන්නේ ? නිකන් ගල් ගොඩක් නේද ? ගලෙන් හදපු තුවක්කුවක් නේද තියෙන්නේ ?

  • දෙවන රූපයේ තියෙන්නේ මොකක්ද ? ගල් වැලි පස් ගඩොල් වලින් හදපු බංකරයක් නේද ? බංකර් හදන්නේ ඇයි ?


                    ඔන්න ඔය ප්‍රශ්න 3 , 4 ට උත්තර දීගන්න බැරි අය කරුණාකර මෙය කියවීමෙන් වළකින්න. මොකද මේක කියෙව්වා කියලත් වැඩක් වෙන්නේ නැහැ. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න බැහැ..!



යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස.



                   දෙවන් ලෝක යුධ කාලේ සිටම යුධ අගල් , යුධ බංකර් , යුධ කඳවුරු ඉදි වීම දියුණු මට්ටමෙන් සිදු උනා. ඇතැම් බංකර් හදන්නේ සුළු අවි ප්‍රහාරයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තව. ඇතැම් බංකර හදන්නේ අත් බෝම්බ ප්‍රහාරයක් සඳහා උනත් ඔරොත්තු දීම සඳහා. එසේම තවත් බංකර් හදන්නේ බර අවි , කාල තුවක්කු ප්‍රහාර , කාපට් බෝමින්ග් , මල්ටි බැරල් , ප්‍රභල ගුවන් අවි සඳහා වුවද ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට.

යුධ බංකර්/කඳවුරු වල අවශ්‍යතාව කුමක්ද ?



             ගොඩක් දෙනා හිතන් ඉන්නවා ඇති බස් හෝල්ට් හදනවා වගේ " ආහ්හ් මෙතනත් බංකරයක් ගහමු , අතනත් ගහමු . මේක ලොකුවට ගහලා අරක පොඩි කරමු. එක්කෝ මේක ලොකුවට ගහමු " කියලා බංකර් හදනවා ඇති කියලා යුද්දෙදි. ඔබ එහෙම හිතන් හිටියා නම් සම්පූර්ණයෙන්ම වැරදි .

යුද්ධයක් පවතිද්දී යුධ සැලසුම්කරණය වෙන අවස්ථාවෙදිමයි කඳවුරු කීයක් , කොතැනක , කොහොම හැදෙන්න ඕනෙද කියලා තීරණය කරන්නේ.

  • බංකරය / කඳවුර ඉදි කරන්නේ ඇයි :- හමුදා රාජකාරි ඉටු කරගැනීමේ නිවස්නයක් විදිහට. නැතුව ගස් යට ඉටි කොළ එලන් යුද්ධ කරන්නද කියන්නේ ?
  • එතන කව්ද ඉන්නේ :- යුධ හමුදා  සොල්දාදුවන්/නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන්.( කව්ද ඉන්න ඕනේ , කව්ද ඉන්න ඕනේ නැත්තේ කියලා තීරණය කරන්නේ ඉහළ පෙළේ යුධ සැලසුම්කරණයේ යෙදෙන්නන් විසින් )
  • කී දෙනෙක් ඉන්නවද :- ඒකත් කාලානුරූපීව වෙනස් වෙන දෙයක්. ( දරුණු යුධ පවතින අවදියක සහ සාමාන්‍ය යුධ  කඳවුරු සඳහා බලපැවැත්වෙන කරුණු වෙනස් වෙනවා.)

  • මොනවද තියෙන්නේ,ඒවා ගන්නේ මොනවටද :- වැදගත්ම ප්‍රශ්නයක්. යුද්ධයෙන් යුද්ධයට , මොහොතෙන් මොහොතට වෙනස් වෙනවා. නිකම්ම නිකම් සැහැල්ලු යුධ අවියේ සිට අති ප්‍රභල න්‍යෂ්ඨික අවියක් පවා තිබෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සිවිල් වැසියෙක්ගේ සිට අති ගරු ජනාධිපතිවරයා උනත් පැමිණෙන කඳවුරක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි යම් කිසි කඳවුරක් ඉදි කිරීමේදී , ඉදි කල යුත්තේ කොපමණ ජවයකින් යුක්තවද කියන දේ තීරණය කරන්නේ. එනම් බංකරය/කඳවුර කිනම් වර්ගයේ ප්‍රහාරයක් සඳහා ඔරොත්තු දිය යුතුද යන්න.


ආවට ගියාට කඳවුරු/බංකර් හදන්නේ නැත්තේ ඇයි ?


               මේ ප්‍රශ්නේ අහපු ගමන් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ මොළයක් ඇති කෙනෙක් නම්. අපි හදපු කඳවුර සතුරන් විසින් ජීව තත්වයෙන් අල්ලාගත් විට ඇතිවන තත්වය කොහොමද ? අපි හදපු බංකරය බර අවි ප්‍රහාරයකින් වත් විනාශ වෙන්නේ නැත්නම් මොකද කරන්නේ ? ගුවන් ප්‍රහාරයකින් විනාශ කරන්නත් බැරි නම් මොකද කරන්නේ ? ඌරගේ මාළු ඌරගෙ පිටේ තියලම කැපෙනවා නේද ? අපේම ඒවගෙන් අපිටම ගහනවා නේද ? මෙච්චර දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු මහා ලොකු මානව දයාව , දැය-අනුකම්පාවක් ගැන කතා කරන්න ඒම තමයි රටේ අවාසනාව. හරියටම බලචන්ද්‍රන්ගේ සිද්දියේදී උනා වගේම. අන්තිමට කට්ටියම සද්දේ off කරන් ගියපු හැටිත් මතකයි ලජ්ජා නැතුව. " අපි මචන් බොරුවට ඇඬුවේ " කියල පස්සේ කිව්වනේ රෙදි ඇඳන්.




                      ත්‍රස්‌තවාදී කළාපයට මුහුණ ලා ඇති ඉදිරි ආරක්ෂක වලල්ල තුල ප්‍රභල යුධ කඳවුරක් හදන්න පටන් ගත්තොත් වෙන්න පුළුවන් දේ දැන් පැහැදිලි වෙමින් පවතින්න ඕනේ ඔබට. යම් කිසි විදිහකින් සතුරන් විසින් එම ප්‍රභල කඳවුර අත්පත් කරගැනීමක් සිදු වුණොත් දරුණු පාඩුවක් වෙනවා කඳවුරේ බර අවි , උණ්ඩ , යුධ සැළසුම් පවා ගබඩා කර තිබුණොත් හරක් වගේ! සියල්ල සමග කඳවුර සතුරා අතට පත් වුණොත් සියල්ල ඉවරයි නේද..?අන්න ඒ නිසා කිසිම කඳවුරක් ආවට ගියාට හදන්නේ නැහැ.



01. ඉදිරි ආරක්ෂක වළල්ල සඳහා හදන්නේ සුළු අවි , අත් බෝම්බ වැනි ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන, අව්වෙන් වැස්සෙන් ආරක්ෂාව සැලසෙන මට්ටමේ කඳවුරු. වැලි කොට්ට , අහල පහල ගහකින්ම කපා ගන්නා ලී කොට , යකඩ තහඩු වගේ දේවල් යොදා ගෙන ඉදි කිරීම් කරනවා. ඒ වගේම ඕනෑම මොහොතක කඳවුර අත්හැර පහු බහින්න පුළුවන් විදිහටයි අවි  ගබඩා කරන්නේත්. පොළේ ගිහින් සතියටම ඕනේ බඩු ටික ගෙනත් තියාගන්නවා වගේ අවි , උණ්ඩ තියාගන්නේ නැහැ එවැනි තැනක.



02. ඉදිරි ආරක්ෂක වළල්ලට කිලෝමීටර් 5 - 8 පිටුපසින් හදන කඳවුරු සාමාන්‍ය
මට්ටමෙන් ශක්තිමත්ව නිම කරනවා. හේතුව තමයි ඉහළ නිලධාරීන් , සෙබළුන් සේම බර අවි රඳවා තැබීමට මෙම වර්ගයේ කඳවුරු යොදාගන්නා නිසා. නානාප්‍රකාර අවි , උණ්ඩ , නිළයන් ඒ අතර තියෙන්න පුළුවන්. සිමෙන්තියෙන් ඉදි කල ගොඩනැගිලි , ලී හෝ යකඩ දොරවල් , කොන්ක්‍රීට් කණු පවා භාවිතයට ගෙන තියෙන්න පුළුවන්. ආරක්ෂක තත්වය සුබ අතට හැරීගෙන එන්න එන්න මේ කඳවුරුත් වඩ වඩාත් ශක්තිමත් වෙන්න ගන්නවා. එම ඉදිකිරීම කෙසේ විය යුතුද/කිනම් අවශ්‍යතාවයන් සඳහා යොදාගත යුතුද යන්න තීරණය කරන්නේ මම කලින් කියපු යුධ සැලසුම්කරුවන්.


03. ඊළඟට තියෙන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් බොහෝ පිටුපසින් ඇති කඳවුරු. මෙවැනි කඳවුරු බොහෝ වෙලාවට යොදාගන්නේ නැත්තේ මොනවටද කියලා ඇහුවොත් තමයි නිවැරදි. පරිප්පු , පාන් , බිස්කට් වැනි ආහාර වර්ග වල සිට එකී මෙකි නොකී හැම දේම ගබඩා වෙන තැන් තියෙනවා. නිළධාරී නිවැස්නයන් , රෙදි සෝදා ගැනීමේ ස්ථානයන් , නාන ලින් , බොන ලින් , කයිය ගහන ලින් දිය බුන් ගැසීමේ ස්ථාන ඇතුළු සියලු වර්ගයේ ලින් , අවි ගබඩා , උණ්ඩ ගබඩා , ගුවන් යානා ගොඩ බෑමේ ස්ථාන ( හෙළිකොප්ටර් වැනි යානා. අපේ ඊළඟ පෝස්ටුවේ මේ දේ ගැන සාකච්ඡා කරන්න ඉන්න නිසා හොඳට බලන්න මේ කොටස් ) ඇතුළු සියලු වර්ගයේ හමුදා අවශ්‍යතාවයන් සඳහා මෙවැනි කඳවුරු යොදා ගන්නවා. ( මතකනේ ඒවත් තීරණය කරන්නේ කව්ද කියලා.මොනවත් ආවට ගියාට බැහැ )



04. මීළඟට විශේෂිත කඳවුරු ගැන සාකච්චා කරමු. මේවා යොදාගන්නේ රහස් වැඩ වලට. මේවගේ ඇතුලේ වෙන්නේ මොනවද කියන දේ දන්නේ යුධ-හමුදාපති ඇතුළු ඉහළම පෙලේ නිළයන් විතරයි. මෙවැනි කඳවුරක් හදන්න තීරණය කරන්නේ ඉතාම පරිස්සමින්. අතීත යුධ අද්දැකීම් සහ අනාගතයේදී කිනම් තත්වයක් උදා වේවිද කියන දේ සැලකිල්ලට ගන්නවා හදන්න කලින්. එක්කෝ සේනාංක ප්‍රධානීන් සාකච්චා කරන තැනක් වෙන්න පුළුවන් , යුධ සැලසුම්කරණය වෙන තැනක් වෙන්න පුළුවන් , ප්‍රාණ ඇපකරුවන් රඳවන තැනක් වෙන්න පුළුවන් , වධාකරගාරයක් පවත්වන් යන තැනක් වෙන්න පුළුවන් ( මතකනේ මේක යුද්ධයක් ) , ගුවන් සහය ලබා ගන්නා තැනක් වෙන්න පුළුවන් , ගුවනින් අහාර/ජලය ගෙන එන තැනක් වෙන්න පුළුවන් , ගුවන් යානා නවතා තැබෙන තැනක් වෙන්න පුළුවන් , හදිසි උවමනාවන් සඳහා බට පිරිස් පිටත් කර හරින තැනක් වෙන්න පුළුවන් , විශේෂ හමුදා ඒකකයක් ලැගුම් ගන්නා ස්ථානයක් වෙන්න පුළුවන් . ..................................... ............. ............ ............................. මෙවැනි තැන් බොහෝ ගණනක් තියෙන්න පුළුවන් එක එක ස්වභාවයෙන්.

                  එක්කෝ භූගත වෙන්න පුළුවන් , ගස් මත හදපු කඳවුරු සංකීර්ණයක් වෙන්න පුළුවන්,පාලු පිට්ටනියක තියෙන තැනක් වෙන්න පුළුවන් , පොල් ගස් යායක් මැද්දේ තිබ්බා වෙන්න පුළුවන් , විශාල වනාන්තරයක් මැද්දේ වෙන්න පුළුවන් . කොහේ කොහොම තිබ්බත් ඉතාම තදින් මෙවැනි කඳවුරු ආරක්ෂා කරනවා. භෞතිකව වගේම බුද්ධිමය වශයෙනුත් ආරක්ෂා කරනවා. මෙවැනි කඳවුරක් පවතිනවද කියල එකම හමුදාවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් උනත් එකිනෙකාට නොදන්නවා වෙන්න පුළුවන්.**** ( මේ ගැන මම  පෝස්ට් එකේ සඳහන් කරලා තියෙනවා විස්තර ඇතුව ). අඩි 4 - 5 ඝන කොන්ක්‍රීට් බිත්ති , යකඩ දොරවල් , අඩි 30 - 60 භූගත කුටි , වායු සමීකරණ පද්ධති , විදුලි ජනනය කිරීමේ පද්ධති , යකඩ හෝ වානේ දොරවල් , දිය අගල් , මරු වැල් , බිම් බෝම්බ , මර උගුල් , චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන , ගුවන්විදුලි පණිවිඩ හුවමාරු ජාල , ........... ....... .. . ................. සියලු වර්ගයේ යුධ සැලසුම් , යුධ තොරතුරු , අවි වාර්තා , සෙබල වාර්තා , විශේෂ ඒකක වාර්තා , විශේෂ සටහන් , ..................... ........ ... .......... ..... ............. ........ මින් පෙර නිලධාරීන් විසින් තැබූ සටහන් , ඔවුන්ගේ විස්තර , සතුරු ඉලක්ක ගැන සටහන් ,.............. ........... . , සතුරු ඉලක්ක ගැන බුද්ධි තොරතුරු , වර්තමාන යුධ වාතාවරණය ගැන නිලධාරීන්ගේ අදහස් , ඉදිරි ක්‍රියාන්විත කෙසේ විය යුතුද ඇතුළු එකී මෙකි නොකී සියලු දේවල් තිබෙන්න පුළුවන්. ( ******හමුධා බුද්ධි අංශයන් ගැන මා ලියු පෙර ලිපි වල මේ සියල්ල ගැන ඇතුලත් ) [පහත මම LTTE සංවිධානය ගැන එළි කරලා තියෙන ඇතැම් තොරතුරුත් එසේ හදිසියේ කල පහර දීම් වල ප්‍රතිඵල. තොරතුරු විනාශ කරගන්න කලින් කඳවුරු අප යටතට පත් වීමේ ප්‍රතිඵල.]


05. ඊළඟට කතා කරන්න තියෙන්නේ යුධ හමුදාපතිවරයා ලැගුම් ගන්න ස්ථානය ගැන. මේ ගැන කියන්න දෙයක් නැහැ. ඔබට තේරෙන්න ඕනේ මේ වෙද්දීත් මුළු යුද්ධයේම මහ-මොළ කරු ඉන්න තැනක ස්වභාවය කොහොම වෙන්න ඕනෙද කියන දේ. ඒ නිසා කතා කල යුතු නැහැ. මම ගිල්ලා කියලා හිතන්න එපා.


කිලිනොච්චි කැලේ මැද්දේ තිබ්බේ මොකක්ද ?


                     එතන තිබ්බේ වැලි කොට්ට 5 ක් මැද්දට පොල් ගහක් කපලා හදපු බංකර් කෑල්ලක් නෙවේ. එතන තිබ්බේ LTTE සංවිධානයේ යුධහමුධා ප්‍රධානී වේලුපිල්ලේ ප්‍රභාකරන් ලැගුම් ගත් ලැගුම් හලයි. සියලු යුධ සැලසුම් සිදු වුණේ මෙතැනයි. මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීම , සබ්මැරීන් සැදීම , ගුවන් යානා මිලදී ගැනීම , ගුවන් යාන නවීකරණයට සැලසුම් උපදෙස් .................................. ............................... , .................... , නැගෙනහිර පළාත සමග ගුවන් විදුලි පණිවිඩ ලබා දීම , චන්ද්‍රිකා පණිවිඩ ලබා දීම , සියලුම ආකාරයේ විධායක යුධ අණ ලබා දීම , මුහුදු කොටි අංශයේ සැලසුම් සහ නව ඉලක්ක ගැන සැලසුම් , ජෙට් ලයිනර් නැව විනාශ කිරීමේ සැලසුම් ,..................... ........................................ ............................................ ., ............................. , අලිමංකඩ විනාශ කිරීම සැලසුම් , යාපනය අල්ලා ගැනීමේ සැලසුම් , මහ බැංකු ප්‍රහාරයේ සැලසුම් , ඉන්දියාවේ සිට ගෙන්වන අවි සහ යුධ පුහුණවට අදාළ දේ ------------------------- ----------------------------- ----------------------------------------- , හිටපු අති ගරු ජනාධිපතිණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඝාතන සැලසුම , පකිස්ථානයයේ සිට ගෙන්වූ අවි සඳහා මුදල් හුවමාරු කිරීම් , ලෝක ව්‍යාප්ත LTTE ජාලයේ සම්බන්ධීකරණය , ලෝක මට්ටමින් ඉහළ ප්‍රධානීන් සහ LTTE ප්‍රධානි ප්‍රභාකරන් චන්ද්‍රිකා මගින් ඇමතුම් හුවමාරු වීම , ඔහුගේ පවුලේ අය වාසය කිරීම , නව මරාගෙන මැරෙන ඉලක්ක සම්බන්ධ කටයුතු , මරාගෙන මැරෙන සොල්දාදුවන් පුහුණු කිරීම , මරාගෙන මැරෙන සොල්දාදුවන් සඳහා අවසන් නියෝගය LTTE නායක ප්‍රභාකරන් විසින්ම ලබා දීම වැනි මා කී සහ නොකී හැම දේම උනේ මෙතන. ඒ වගේම මරාගෙන මැරෙන බළකාය ගැනත් , ඔවුන් ....... ............................ ............................ .............................. මම දෙයක් එළි කරනවා .තාමත් ඉවර නැහැ ඉවරයි වගේ පෙනුණට. #####ඒ ලිපිය තමයි මේ බ්ලොග් එකේ අවසානය වෙන්නෙත්.




W3 ලියන අජිත් පැරකුම්ට අමතක වුණු රූපය. මේ ඉන්නේ ප්‍රභාකරන් ඔහුගේ දියණියට තම දායාද පවරමින්. චාල්ස් ඇන්තනි , බාලචන්ද්‍රන්ද මේ විදිහටම තම පියාගෙන් දායාද ලැබූවෝ. මැය තවම යුරෝපයේ ජීවතුන් අතර ඉන්නවා ඉහළම ආරක්ෂාවක් ඇතුව. ලෝකේ හැම පියෙක්ම තම දරුවන්ට දායාද පවරනවා නේද ? සහනුත් එහෙමයි ප්‍රභාකරනුත් එහෙමයි. 









මෙවැනි කඳවුරක ඉදිකිරීම් කෙසේ විය හැකිද?


                 අනිවාර්යෙන්ම ඉහළම ආකාරයේ ප්‍රහාරයකට මූණ දිය හැකි මට්ටමේ ආකාරයෙන් සකස් කර තිබිය යුතුයි. බර කාල තුවක්කු අවි , මල්ටි බැරල් අවි , කෆීර්/මිග්/MI වැනි ගුවන් යානා මිසයිල , වෙනත් කඳවුරු විනාශ කිරීම් සඳහා යොදාගන්නා අවි වලට ඔරොත්තු දිය යුතුයි. මාසයක පමණ කාලයකට සරිලන සේ ආහාර , ජලය , පිරිසුදු වාතය තිබිය යුතුයි. නොකඩවා සැපයෙන විදුලි බල උත්පාදනයක් තිබිය යුතුයි.පණිවිඩ සංනිවේදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. හදිසි පිටවීම් සඳහා ඉඩකඩ සේම වැඩපිළිවෙලක්ද තිබිය යුතුයි.

  • i. හදිසි අවශ්‍යතාවයන් සඳහා ඕනෑම මොහොතක බට කණ්ඩායමක් ගෙන්වා ගැනීමේ පහසුකම් තිබිය යුතුයි.
  • ii. එසේම සතුරු බට සේනාංක වලට පැමිණීමට නොහැකි තරම් දුෂ්කර ස්ථානයක පවතින්නක්ද විය යුතුය. 
  • ඉහත i සහ ii පරස්පර තාවයෙන් යුක්ත බවක් පෙනෙනවාද ? ආන්න ඒක තමයි ගරිල්ලා යුද්ධයන් කියන්නේ. එහෙකට එකක් පරස්පරයි. යුධ සැලසුම්කරණය පවා සිදු වෙන්නේ පරස්පරයන්ගෙන් යුක්තවයි. කියන දේ නෙවේ කරන්නේ , කරන දේ නෙවේ කියන්නේ.නමුත් අන්තිමට වෙන්න ඕනේ දේ වෙලා. එවැනි සැලසුම්කරණයක යෙදෙන්න නම් යුද්ධයේ සියළුම පැති ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හැම දහන්ගැටයක් ගැනම දැනගැනීමෙන් යුක්තව සියලු දේවල් සංවිධානය කළ යුතුයි. යුද්ධයේ වර්තමාන තත්වය ගැන අප්ඩේට් වෙන්න ඕනේ එම සැලසුම්කරණයේ යෙදෙන සීමිත පුද්ගලයින්ට. ######## ( ඒක වෙනම මාතෘකාවක්. මෙන්න මෙතන පියවරෙන් පියවර විස්තර වේගෙන යන්නේ එම සැලසුම්කරණය ගැන. )

                    දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කල යුතු බැවින් ඉඩ කඩ සහිත විය යුතුයි. නිකන් කුකුල් කොටුවක් වගේ තැනක ඉඳන් වසර ගාණක යුද්ධයක් සඳහා සැලසුම් හදන්න බැහැනේ. ඒ නිසා බොහෝ පහසුකම් වලින් යුක්තවයි මෙවැනි තැන් ඉදි කරන්නේ. මානසිකත්වය ඉහළ මට්ටමක රඳවා තබා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි පිහිනුම් තටාක වැනි දේ පවා ඉදි කරන්නේ.නැතුව හැමදාම හවසට දිය බුන් ගහන්න නෙවේ. මේ සියල්ල ඇතුලත්වන ආකාරයෙන් හදන බංකරයක් නියත වශයෙන්ම භූගත බංකරයක් වෙනවාමයි. බිත්තියක් අඩි 2 සිට 6/8 දක්වා වූ ඝන කොන්ක්‍රීට් වලින් සෑදිය යුතුමයි.ඉහළ බිත්තිය අවම වශයෙන් අඩි 8 ක් වත් වෙන කොන්ක්‍රීට් බිත්ති වලින් සෑදිය යුතුමයි. කිලෝ වොට් 30 ක් වත් ලැබෙන විදුලි ජනන යන්ත්‍ර 4,5 ක් වත් තිබිය යුතුයි. මහලෙන් මහලට වෙන වෙනම විදුලිය , වාතය , ආහාර , ජලය , අවි ගබඩාවන් , ගුවන්විදුලි පණිවිඩ ලබා ගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි.



NOTE : ප්‍රභාකරන් සතුව මෙවැනි කඳවුරු බොහෝ ගණනක් තිබුණා. එකින් එක ගැන විස්තර ලියන්න අවශ්‍යතාවයක් නැහැනේ. සෑම ස්ථානයකම තිබු බංකර් වල ස්වභාවය මෙයයි.


මේ විදිහට හදපු කඳවුරු සංකීර්ණයක් කොහොමද විනාශ කරන්නේ ?


                         සරළම පිළිතුර තමයි මෙවැන්නක් විනාශ කල නොහැකියි. සංඥා බළකායේ තාක්ෂණික උපකරණ ඕනේ මෙවැනි කඳවුරක් තියෙන තැනක් සොයාගැනීම සඳහා. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළම නිපුණත්වය ඇති පුද්ගලන්ගේ සේවය ලබාගන්න වෙනවා මෙවැන්නක් ඇති තැනක ස්ථානීය සිතියමක් ලබා ගැනීමට. එසේ හඳුනා ගත් ස්ථානයන් තව දුරටත් විශ්ලේෂණ කරමින් හරියටම නිවැරදි ස්ථානය ගණනය කරන්න ඕනේ. ( මෙවැනි ගණනය කිරීම් සඳහා යොදාගන්නා උපකරණ සහ තාක්ෂණික ප්‍රයෝග ගැන මීළඟ පෝස්ට් එකකින් ඉදිපත් වීමක් වෙන්නත් පුළුවන් මා අතින්. මොකද වර්තමානයේ එම පද්ධතිය යොදාගන්නේ දේශපාලන උවමනාවන් වලට බව පෙනෙනවා. යුද්ධය සඳහා නිර්මාණය කල කිසිවක් සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා කරනවට මම තදින්ම විරුද්ධයි )


                     නිශ්චිතවම කඳවුරු සංකීර්ණය ඇති ස්ථානය හඳුනාගැනීමෙන් පසුව කරන්න තියෙන එකම දේ තමයි මිග් / කෆීර් / MI වර්ගයේ යානා වලින් මෙවැනි කඳවුරු වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම. එසේ ප්‍රහාර එල්ල කිරීම මගින් ත්‍රස්‌තවාදීන් අධ්‍යර්ය ( IME fault ) භාවයට පත් කරන්න පුළුවන්. ඔවුන්ගේ ආහාර , ජල සැපයුම අවහිර කරන්න පුළුවන්. කඳවුරු අත් හැර පලායන තැනට පත් කරන්න පුළුවන්. එහෙත් එම කඳවුරු තුල ගුවන්යානා නාශක අවි ස්ථාපනය කර ඇත්නම් , හෝ කඳවුරට කිලෝමීටර් 5 , 6 සීමාවේ විශේෂිත ගුවන්යානා නාශක ඉලක්ක වෙඩික්කරුවන් යොදා ඇති නම් ගුවන් ප්‍රහාර දියත් කරන්නත් බැහැ. දැන් වත් තේරෙනවද මේ දේවල් හිතන තරම් සුන්දර නැහැ කියන දේ? " අරහෙන් චොපර් දෙකක් ගියා. එහෙකින් දෙන්නෙක් බැස්සා , පට පට ගාලා බෙල්ල කපලා ඇතුළට ගියා , ග්‍රෙනේඩ් 2 ක් දැම්මා. ඊළඟ තට්ටුවට ගියා . ගැහුවා RPG එකක්. .......... " වගේ ලේසියෙන් මේවා කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද මේ ලෝකේ?  කොල්ලෝ 500 ක ආර්මි එකක් හිටියා නම් ලෝකෙම අල්ලලා  එහෙනම්.




        ඒ නිසා මේවා එච්චර ලේසියෙන් කරන්න බැහැ. අඩුම තරමේ ජීවිත 80 ක් වත් අහිමි වෙනවා ප්‍රභල කඳවුරු අල්ලන්න යාමේදී. ටොන් කීපයක වෙඩි බෙහෙත් ඕනේ වෙනවා , ඇතැම් විටක ගුවන්යානාවක් , ගුවන් නියමුවන් කීප දෙනෙක් උනත් අහිමි වෙන්න පුළුවන් .





ශ්‍රී ලංකාව වෙනුවෙන් ජීවිත පූජා කල නියමුවන් දෙදෙනෙක් මෙතන ඉන්නවා. 

                   කඳවුරු සංකීර්ණයක් විනාශ කිරීමේ සැලසුම ඉතාම කල්පනාවෙන් කරන දෙයක්. 10 දෙනෙක් ඉස්සරහින් යනවා , 5 දෙනෙක් පිටිපස්සෙන් යනවා වගේ දෙයක් නෙවේ ඒක. තාක්ෂනික උපක්‍රම බොහොමයක් පාවිච්චි කරනවා පියවරෙන් පියවර. ඇතැම් විට මාස කීපයක් තිස්සේ වෙන දෙයක් වෙන්නත් පුළුවන්.









01 න් පේන්නේ මිසයිලයට ගුවන් නියමුවා විසින් ෆයරින් ෂෙඩ්යුල් එක ලබා දෙන සංඥා වයරය. මෙය සිදු වන්නේ ගුවනේදී. බැරෑරුම් කටයුත්තක් , එසේම මිසයිලය ඉලක්කයට ළඟා වන තෙක් නියමුවා විසින් එය පාලනය කරනවා ( ඔහුට අවශ්‍යනම් ) .  මේ සවි කර ඇති බෝම්බයේ බර ටොන් 13 ක් . හොඳින් බලන්න එහි ප්‍රමාණය පහළ සිටින නිලධාරීන්ට සාපේක්ෂව.

02 න් පෙනෙන්නේ ප්‍රහාරක ජෙට් යානයේ ඇති ආරක්‍ෂිත අගුලු පද්ධතිය . මිසයිලය ක්‍රියාත්මක කිරීමට නියමුවා විසින් නියෝග ලබා දීමත් සමග යානය විසින් ආරක්ෂිත අගුළු ස්වයංක්‍රීයව නිදහස් කරනවා. එයට මොහොතකට පෙර මිසයිලයේ රොකට් දැල්වීම ආරම්භ වෙනවා. රොකට් නියමිත මට්ටමට දැල්වීමත් සමග ජෙට් යානයෙන් මිසයිලය වෙන් වෙනවා. ඉන්පසු ඉලක්කය වෙත පැයට කිලෝ මීටර් 1000-3000 කට ආසන්න වේගයෙන් ළඟා වී පුපුරා යනවා. මේ මිසයිලයට පුළුවන් මීටර් 60 ක් පොළොව ඇතුළට කිඳා බහින්න. මීටර් 60 ක් ( අඩි නෙවේ මීටර් ) අතුලේදියි පුපුරන්නේ ..මේ සියල්ල නියමුවාට පාලනය කල හැකියි නියමු කුටියේ සිට.












                    විශේෂිත පුහුණු කණ්ඩායම් සහ ඒකක , සංඥා බළකායේ සහය ,සංඥා බළකායේ තාක්ෂණික උපකරණ ඕනේ මෙවැනි කඳවුරක් තියෙන තැනක් සොයාගැනීම සඳහා. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළම නිපුණත්වය ඇති පුද්ගලන්ගේ සේවය ලබාගන්න වෙනවා මෙවැන්නක් ඇති තැනක ස්ථානීය සිතියමක් ලබා ගැනීමට. එසේ හඳුනා ගත් ස්ථානයන් තව දුරටත් විශ්ලේෂණ කරමින් හරියටම නිවැරදි ස්ථානය ගණනය කරන්න ඕනේ. මාස කීපයක් තිස්සේ රේඩියෝ ස්කෙල් එක පීරන්න ඕනේ. ( මෙවැනි ගණනය කිරීම් සඳහා යොදාගන්නා උපකරණ සහ තාක්ෂණික ප්‍රයෝග ගැන මීළඟ පෝස්ට් එකකින් ඉදිපත් වීමක් වෙන්නත් පුළුවන් මා අතින්. මොකද වර්තමානයේ එම පද්ධතිය යොදාගන්නේ දේශපාලන උවමනාවන් වලට බව පෙනෙනවා. යුද්ධය සඳහා නිර්මාණය කල කිසිවක් සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා කරනවට මම තදින්ම විරුද්ධයි ) තව තවත් යුධ උපක්‍රම භාවිතා කරනවා කඳවුරු වලට පහර දීමේදී . යුද්ධයෙන් යුද්ධයට , රටෙන් රටට එවැනි දේවල් වෙනස් වෙනවා. ඒ වගේම LTTE සංවිධානය සතුව පැවති ආවේණික ලක්ෂනත් ඒවාට එරෙහිව භාවිත කල ප්‍රයෝගත් ඇති නිසා විස්තර කිරීම් පරිස්සමින් කරන්න ඕනේ. නැත්නම් අපිටම අවාසිදායක තත්වයක් උදා වෙන්න පුළුවන්.




පෝස්ටුවේ අවසානය.



              දැන් තේරුණාද ත්‍රස්තවාදී කඳවුරක් කියන්නෙත් ප්‍රභලම අවියක් හා සමාන දෙයක් බව. වෙනත් කෙනෙකුට ප්‍රයෝජනයට ගත හැකි කිසිම දෙයක් යුද්ධයකදී ඉතුරු කරන්නේ නැහැ. සියල්ල විනාශ කරනවා. දැනට උතුරේ ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවලින් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සැලසුම් සාදා අවසන්. එම නිසා මතු යුද්ධයකදී භාවිතා කල හැකි කිසිවක් ඉතුරු කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. අරයට මෙයාට ඕනේ ඕනේ විදිහට නෙවේ යුද්ධ කරන්නේ. කාවවත් සතුටු කරන්නත් නෙවේ යුද්ධ කරන්නේ. කාටවත් පැත්තක ඉඳන් වාසි ගන්න ඉඩ තියන්නෙත් නැහැ යුද්ධ කරද්දී. නැවත ගිණිපුපුරක් ඇවිලුනොත් එම ගින්න බට කැලේට ගිණිගත්තා වගේ ඇවිලෙන්න පුළුවන් සියල්ල විනාශ කරනවා. පුංචිම පුංචි පැලේ ඉඳලා මහා විශාල ගහ දක්වා සියල්ල විනාශ කරනවා.සියල්ල විසඳා නැවත සිවිල් පාලනයට ලබා දීම යුධ හමුදාවේ රාජකාරිය සහ වගකීම වේ. අරයට මෙයාට ඕනේ විදිහට නෙවේ කඳවුරු ඉවත් කරන්නේ...!



          මම කලින් දාපු ප්‍රහාරක නියමුවෙක්ගේ පෝස්ට් එකේදී කෙනෙක් මගෙන් අහලා තිබ්බනේ " ප්‍රහාරක වේගය , කෝණය , උස , ප්‍රහාරයන් අතර පරතරය , ෆයර් බොත්තම ඔබන වෙලාව " ගැන කියන්නත්තේ නිකන් ලොකු කමටද කියලා. මේ පෝස්ට් එකේ ඇතුලත් වෙලා ඇති දේවල් ඔහුට පිළිතුරක් විදිහටත් ගන්න පුළුවන්. නියමුවන් අනිවාර්යෙන් අඳුනගන්න ඕනේ දෙයක් තමයි තමන්ගේ ඉලක්කය මොන වගේ එකක්ද කියන දේ. ඔහු අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් තව මෙවැනි පෝස්ට් 8 ක් වත් යාවි.මොකද ගුවනට යන්න සුළු මොහොතක් තියෙද්දිත් ප්‍රහාරක සැළසුම නියමුවන් විසින් වෙනස් කරනවා අනික් නියමුවන් හා සාකච්චා කරලා .



ශ්‍රී ලංකාව වෙනුවෙන් ජීවිත පූජා කල නියමුවන් දෙදෙනෙක් මෙතන ඉන්නවා..!


ප්‍රහාරක නියමුවන් ගැන පළමු පෝස්ටුව .

ළන් වීමක මිහිර ..!
 
ප්‍රහාරක නියමුවන් ගැන දෙවන පෝස්ටුව .

..
විචාරක තුමා ලියපු මේ පෝස්ට් එකත් මේ පිටටම කියවන්න ........ 

165 comments:

  1. ශාන් ලොකු හැගීමකින්,ආවේගයකින් මේ පෝස්‍ටුව දාපු බව පේනවා. කුමට කමකට නැති වදන් වලට කෝප වන්නේ...නමුත් තොරතුරු ටිකනම් අගනේය. යුද්ධයේ සිහිවටන කුමකටද කියන හැඟීමෙයි මම නම් ඉන්නෙ. අනික යුධ ස්මාරක හා යුධ අවශේෂ යනු දෙකක්මය.

    ReplyDelete
    Replies
    1. උතුරටනම් ඔය මුකුත්ම එපා. ලැවූ ගින්න නිවුනට ගිණි පුපුරු හැම තැනම :(

      Delete
    2. @ වීයා & නිහඬ

      ආවේගයක් නැත්තේ නැහැ වීයා මේ කොහේවත් යන උන් මානව දයාව අපිට උගන්නන්න එද්දී.. නිකන් හිස් මිනිස්සු දන්නේ පොටෝ වලට අඬන්න විතරයි..ඒ වගේ අයට නම් මම උත්තර දෙන්නේ වෙනස් ක්‍රමයකට...

      ඔව්. උතුරට ඔය මොන කෙහෙල්මලක් වත් ඕනේ නැහැ..සියළුවම දේවල් පොඩි කරලා දානවා මිසක්........

      Delete
  2. හැමෝම අනිත් පැත්තට කතා කරද්දී කෙලින් යතාර්ථය තේරුම් කරපු එක ලොකු දෙයක්.
    බොහොම ස්තුතියි අයියේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහඬ..මමයි තව කීප දෙනෙකුයි විතරයි ඉන්නේ මේ බ්ලොග් අවකාශේ කෙළින් කතා කරන .. සයුරි ඒ අතරින් ප්‍රධානයි...

      Delete
    2. ආයේ blogger කෙනෙක් වෙන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. කවුරුත් කතා නොකරපු කරුණු වගයක් ගැන කියන්න.
      වෙලාව ලොකුම ප්‍රශ්නය. අනික ආරම්භය කොතනින්ද යන වග ,...

      Delete
  3. සහන් යුද කලාව ඉහලටම ඉගෙන ගත්තු කෙනෙක් නෙද.විෂෙශයෙන්ම ගුවන් යුද කලාව.ගොඩාක් හොදයි සහන් මෙවගෙ ලිපියක් ලියපු එක.ගොඩාක් ඉන්නව වල්ගෙ පාගගෙන

    ඉඩක් ඇතිවෙලාවක මෙ පැත්තට එන්න
    http://damgune.blogspot.com/

    ReplyDelete
    Replies
    1. "යුද කලාව'......... යුද්ධය කියන්නේ කලාවක්ද....හිරිකිතයි....

      Delete
    2. මම සමහර දේ ගැන දන්නවා දමිත්..ඒත් කවදාවත් බ්ලොග් එකේ මේවා ලියන්න හිතුවේ නැහැ... අන්තිමට නොළියා ඉන්න බැරි දේවල් සිද්ධ වෙන්න ගත්තා...මෙවැනි ලිපි පල නොකර ඉන්න උත්සාහ ගන්නම් .........

      Delete
    3. @ සූස්ති

      නැහැ .. නමුත් මේක විශයක් ..ඉගෙනගතයුතු විශයක් .. ( අවශ්‍ය අය විතරක් ඉගෙන ගත්තම හොඳටම ඇති විශයක් )

      Delete
  4. කිඹුල් කඳුළු හෙළනා ද්‍රෝහීන්ට නිරුවත් කිරීමට සහ ඔවුන්ගේ කතා මත මංමුලා වන්නන්ට සත්‍යය තේරුම් කරපු කාලීන පොස්ට් එකක්. මට තියෙන ලොකුම බය නැවත යුද්ධය ඇවිලේද කියන එක. බොහෝවිට රට නොබෙදුනොත් යලි යුද්ධයක් ඇවිලේවි. ඔබ සිතන පරිදි රට නොකඩා මේ ගැටලුව විසඳීමට දැනට සැලසුමක් ක්‍රියාත්මකද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම රංග ඇහැට අනින්නම ඕනේ බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න නම් ... මේ ලිපිය දැක්කම බොහෝ කොටි හිතවාදීන් ඇවිස්සිලා තියෙනවා දැක්කා.. මට වැඩියෙන්ම ට්‍රැෆික් ඇවිත් තියෙන්නේ යුරෝප් වලින් ... ලින්ක් එක ෂෙයාර් වෙලා ඔවුන් අතර.. මට ඒ අයට කියන්න තියෙන්නේ " ඔබලාට දිනන්න දෙන්නේ නැහැ " කියලා තමයි....

      \\\\\\\\\\ඔබ සිතන පරිදි රට නොකඩා මේ ගැටලුව විසඳීමට දැනට සැලසුමක් ක්‍රියාත්මකද?\\\\\\\\\

      මම මේකට වෙනම පෝස්ට් එකක් ලියන්නම් රංග..මතක ඇතුව එන්න ඒක බලන්න ......

      Delete
  5. හොද ලිපියක් සහන්....ඔය දමිත් කියනවා වගේ ,වල්ගේ පාගන් දගලන සම +හරක්ට මේ ලිපිය හොද උත්තරයක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු... මට වැඩියෙන්ම සතුටු ඇයි දන්නවද ...? කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ වචනයක් කතා කරන්න ඔයාට හයිය තිබුණු එක ගැන ගෑණු ළමයෙක් වෙලත්..

      +++++++++++++++

      Delete
  6. ඇත්තටම නියම ලිපියක් සහන් මේක නම්.. විස්තර ගොනු කරන් පෙල ගස්වපු විදිහ සෑහෙන අගය කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් ........ නොතේරෙන අය වෙනුවෙන් තව පෝස්ට් කීපයක් වැටේවි ....ඒවත් බලන්න එන්න සහ අනික් අය අතර බෙදාගන්න .......

      Delete
  7. ප්‍රභාකරන්ගේ විවාහ මංගල්‍ය දැක්කම හිතුනේ ඒ වගේ ලෝකෙටම වෛර කරන දරුනු ත්‍රස්ථවාදියෙක්ගේ හිතෙත් ආදරය තියෙන්න ඇතිද කියලා. ඇත්තටම ප්‍රභාරකරන් ආදරය කරන්න ඇත්ද ඔහුගේ බිරිදට දරුවන්ට.. ආදරය කරන්නට ඇත්ද? ත්‍රස්ථවාදියෙක්ගේ හිතෙත් ආදරය තියෙනවද? අනේ මංදා.
    වැදගත් ලිපියක් සහන්...

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් තම දරුවන්ට සහ බිරිඳට ආදරය කරන්නට ඇත.සෑම මිනිසෙකු සතුව කළු, සුදු ,අළු චරිත ලක්ෂණ ඇත. හිට්ලර් ගැන සිතන්න,ඉතාම දරුණු කුලී මිනීමරුවෙකු වූ රිචර්ඩ් කුලින්ස්කි ගේ ජීවිත කතාව ඇසුරින් සිනමා වට නැගුනු ice man නරඹන්න.

      Delete
    2. මම ශානු ගැන කියපු දේම ඔයාටත් කියනවා කුමාරි ...

      මෙහෙමයි මුල්ම කාලේදී LTTE කිසිවෙකුට ආදරය කිරීම , විවාහ වීම සපුරා තහනම් වූ දෙයක්..එහෙත් ප්‍රභාකරන්ට බඳින්න ඕනේ උන ගමන් ඒ නීතිය වෙනස් කරා.. ප්‍රභාකරන් කියන මිනිහගේ දෙබිඩි කම පෙන්වන්න ඒ උදාහරණය හොඳටම ඇති...

      මිනිහගේ සියලුම වැඩ ඒ වගෙයි.. ඒත් අපේ හරක් ඉන්නවා ප්‍රභාකරන්ව වන්දනා කරන.. එවැනි අය මට පුද්ගලිකව හම්බෙනවා නම් උගැන්විය හැකියි ප්‍රභාකරන් ගැන...

      ප්‍රභාකරන් කරපු කියපු හැම දේම කරේ මිනිහගේ පුද්ගලික වාසියට කුමාරි...

      Delete
    3. හැම විවාහයක් තුළම ආදරය නෑ පුංචි.. සමහරු පැවැත්ම වෙනුවෙන් කා සමඟ හෝ විවාහ වෙනවා. එතනදි ආදරයට තියෙන්නෙ බොහොම අඩු ලන්සුවක්.. හැබැයි මිනිමරුවෙක්ගෙ හිතෙත් ආදරය උපදින්න පුළුවන් තමා.

      Delete
    4. @ සෙන්න්නා

      අපි හැමෝම අපේ ළඟම අයට ආදරෙයි.. ළඟම අය වෙනුවෙන් පිටස්තර අයව බිල්ලටත් දෙනවා...

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි කෙනෙක් එක්ක කතා කිරීමට වඩා හොඳයි කට ගලේ උලා ගන්නවා.. උතුරේ ප්‍රශ්නේ ගැන දන්න කෙනෙක් විදිහට මම දෙන උත්තරේ දකින්න ඇතිනේ. උතුරේ ප්‍රශ්නය සහ ජර්මනියේ තත්වය දෙකක්..

      ආයේ ඉස්කෝලේ යන්න. ඊට පස්සේ මේ පෝස්ට් එක කියවන්න... ඔබේ කමෙන්ටුව ඉවත් කරනවා ........

      Delete
    2. ඇමරිකාවේ මිචිගන් වල මිනිස්සු එනවනේ අපිට යුද්ධ කරන හැටි ගැන උගන්නන්න ..මීට වඩා දැනගන්න ඕනේ නම් මට කෝල් එකක් දෙන්න...

      Delete
    3. නොදත් උන්ගේ ගොන් පාර්ට් ගනන් ගන්න එපා සහන්...

      Delete
    4. @ ලාස්ට් ඇනෝ

      මෙච්චර කියලත් තේරෙන්නේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි රහසක් තියෙනවා කියන එක නේද ... ?

      Delete
    5. සහන් මම දැක්කා ඔබ තැන් කිහිපයකම මේවිදියට කමෙන්ට් කරන කෙනාගේ ලොකේශන් එක සඳහන් කරනවා. මේක කෙතරම් දුරට නිවැරදිද? උදාහරනයක් විදියට දැන් මගේ ලොකේශන් එක ඔබට සදහන් කරන්න පුලුවන්ද?

      Delete
    6. විශේෂයෙන් හෙව්වොත් හොයන්න පුළුවන්. ඉන්න බලන්න... තව කමෙන්ට් එකක් දාන්න බලන්න...මොකද එක විනාඩියකට සර්වර් රික්වෙස්ට් බර ගාණක් එනවා..එකින් එක හොයන්න පහසු නැහැ.. විශේෂයෙන් කෙනෙක් ගැන හෙව්වොත් මිසක් මම හොයන්නේ නැහැ...

      Delete
  10. ගොඩක් වටින ලිපියක් !
    නොදන්න කරුණු කාරණා ගොඩක් දැනකියා ගත්තා.
    අවසන් වශයෙන් කියන්ඩ ඕන මේ වගේ බංකර් ඇතුලේ ඉදන් හමුදා සෙබළුන් කොයි තරම් කැපවීමක් කරන්ඩ ඇති ද ? ඒ වගේම මොන වගේ මානසික තත්වයකින් ඉන්න ඇති ද ? ඔවුන් ලබා දීපු ජයග්‍රාහණයට පිං සිද්ධ වෙන්න රටේ මිනිස්සු බයක් හැකක් නැතුව ජීවත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මධුරංග තේරුම්ගෙන තියෙන ටික තේරුම්ගන්න බැරි අය ඉන්නවා.. ඒත් කමක් නැහැ මට.. හැබැයි යුද්ධ කරන හැටි අපිට කියලා දෙන්න එද්දී තමයි මේ වගේ පැහැදිළි කිරීම් කරන්න වෙන්නේ ...

      ඔබේ වචන වලට බොහොම ස්තූතියි මධුරංග ....

      Delete
  11. "යුද්ධය" කියන්නේ සෑම විටම ඉතා සුලු පිරිසක් කරන සෙල්ලමක්......සෙබලු කියන්නේ ඒ සෙල්ලමේ ඉත්තන් විතරයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඉහළම අය නටන නාඩගමේ චරිත විතරයි සෙබළු කියන්නේ...වෙලාවකට නම් දෙපැත්ත මාරු වෙනවා...!

      Delete
  12. අදහසක් පලකරන්න තරම් මගේ මේ පිළිබඳව දැනුම පුළුල් නැහැ.කොහොමවුනත් නොදැන සිටි දේවල් ගොඩක් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ හසරැල් ...ඔබේ නිහතමානී කම අගය කරනවා ....

      Delete
  13. නියමයි සහන් නියමයි. මොකද ටිකක් තදවෙලා වගේ. බංකර් සහ ඉදිරි ආරක්ෂක ප්‍රදේශ FDL සෑදීම සම්බන්ධ ආක්‍රමණශීලී සහ ආරක්ෂක offensive/defensive මූලධර්මත් සරලව විස්තර කලොත් කියවන අයගේ අවබෝධය තවත් වැඩිවෙයි.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමණි,


      කරුණාකර මෙහි වැටෙන ඇතැම් කමෙන්ට් වලට ඔබද පිළිතුරු සටහන් කරන්න.. එය මා කරන කාරුණික ආයාචනයක් ...එසේම ඔබට සුදුසු යැයි හැඟෙන ඕනෑම දෙයක් උත්තර ලෙස සටහන් කරන්න ... ස්තූතියි...

      Delete
  14. සහන්@ ඔබේ ලිපියේ මාතෘකාව මේ තරම් ආවේගශීලී එකක් වී ඇත්තේ ඇයි?.හැකිනම් පැහැදිලි කරන්න.බංකර් සම්බන්දව මට නම් ඇත්තේ බොහොම සුළු දැනුමක්.ප්‍රභාකරන් සතුව තුබුණු ආකාරයේ භූගත බංකර් සම්බන්දව නම් පොතපතින් ලද දැනුම පමණයි ඇත්තේ,අප නම් බංකර් තැනුවේ තල් කොට,රේල් පීලි සහ වැලි කොට්ට වලින්.පොලව මට්ටමේ ඉදිකිරීමක් ලෙස සහ පොලව අඩි 3-4 පමණ ගැඹුරට හාරා එම මට්ටමේ සිට කල ඉදිකිරීමක් ලෙසත් අප බංකර තනා තිබෙනවා.දෙවැනි ආකාරයේ බංකරයෙදී යුධ සෙබලා අවට පරිසරය දකින්නේ තම ඇස් මට්ටමේ සිටයි.මෙය වඩාත් ආරක්‍ෂිත වෙන අතර සතුරු RPG ප්‍රහාර වලට සෑහෙන ඔරොත්තු දීමක් සිදුවේ.වැසිකාලයෙදී ජලයෙන් යටවීම සර්පයන්ගෙන් අනතුරු බහුල වීම වැනි අවාසි තිබෙනවා.බංකරයක් තැනීමේදී සැලකිය යුතු තවත් බොහෝදේවල් තිබෙනවා.තමන්ට පෙනෙන දර්ශන පථය හෙවත් වෙඩි කෝණය,ආසන්නම බංකරයට ඇති දුර වගේ දේවල් ගැන සිතන්න ඕනේ.බංකර් ගැන කතාව අවසන් කර වෙනත් කරුණක් ගැන කතා කරන්නම්.ප්‍රභාකරන්ගේ දරුවන් සහ බිරිඳට සිදුවූ දේ කිසිවෙකු නිශ්චිතව දන්නේ නැහැ.මා නම් ඔවුන් ලොව කොතැනක හෝ ජීවත් වනවාට කැමතියි.ගැහැනුන් සහ දරුවන් දුකට පත්වෙනවා දකින්න මා කැමති නැහැ.මා සේවය කල කාලය තුළදීත් සිවිල් මිනිසුන් සම්බන්දව ඉතාම සහනශීලීවයි කටයුතු කලේ.දරුවන්ගේ මරණයන් මා නම් සාධාරණීකරණය කරන්නේ නැහැ.කවුරු කලත් වරද වරදමයි.අනිත් අතට කොටි සංවිධානයේ ප්‍රධාන අවි ජාවාරම් කරු වූ කුමාරන් පත්මනාදන් වැනි පුද්ගලයන්නීතිය හමුවට ඉදිරිපත් නොකර වරප්‍රසාධිත ජීවිත ගත කරන්නට ඉඩ ලබාදීම සම්බන්දව ඔබට විරෝධයක් නැතිබව පෙනෙනවා.මෙහෙම වෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. බංකර් කතාවට සම්බන්ධව මමත් අදහසක් කියන්නම්. (ඔබ ලියා ඇති විස්තරය අනුව ඔබට බංකර් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා) ඔබට මතකද නිලධාරි පුහුණුවේදී උගන්වනවා Enfilade fire from defilade location කියලා. ඒ කියන්නේ අවියකින් පහර එල්ලකළ හැකි උපරිම දුර ලබාගතහැකි ආකාරයට සැඟවුණු ස්ථාන සකස්කරගැනීම සහ අවි ස්ථානගත කරගැනීම. අපි බංකර ඉදිකිරීමේ එක න්‍යායක් වන්නේද එයයි. නමුත් සෑම බන්කරයකින්ම එකහා සමාන වාසි අත්වන්නේ නැහැ. සමහර ඒවා විකල්ප ස්ථාන alternative positions ලෙසයි යොදාගතයුත්තේ.

      Delete
    2. \\\අනිත් අතට කොටි සංවිධානයේ ප්‍රධාන අවි ජාවාරම් කරු වූ කුමාරන් පත්මනාදන් වැනි පුද්ගලයන්නීතිය හමුවට ඉදිරිපත් නොකර වරප්‍රසාධිත ජීවිත ගත කරන්නට ඉඩ ලබාදීම සම්බන්දව ඔබට විරෝධයක් නැතිබව පෙනෙනවා.මෙහෙම වෙන්නේ ඇයි?\\\\

      දැනට මේ කොටසට විතරක් උත්තර දෙන්නම්... කුමාරන් ගැන විරෝධයක් මම දක්වලා නැහැ කියලා හිතන්න එපා මිත්‍රයා.. එයා ගැන අපිට කතා කරන්න තව කල් තියෙනවා.. තවමත් ඔහු ගැන විවෘතව කතා බහ කරන්න ඉඩක් නැහැ............ ( කුමාරන්ගේ හැන්ඳ තියෙන්නේ වෙන කෙනෙක් අතේ මේ වෙද්දී..අපි ඉතින් ඔටුවෝ වගේ ඉන්නවා දැක්කේ නැහැ වගේ. බලමුකෝ එක හීනෙන් එළි වෙන එකක් නැහැ ...අපිත් මේකෙනේ මැරෙන්නේ .. )

      අනිත් කරුණු ගැන මම පසුව අදහස් දක්වන්නම් ...

      Delete
    3. \\\\\සහන්@ ඔබේ ලිපියේ මාතෘකාව මේ තරම් ආවේගශීලී එකක් වී ඇත්තේ ඇයි?.හැකිනම් පැහැදිලි කරන්න.\\\\\\\

      ආවේගශීලී එකක් උනේ අජිත් පැරකුම් වැනි මිනිස්සුන්ට කතා කරන්න ඕනේ මේ ක්‍රමයෙන් නිසා.. තමන්ගේ පටු වාසියට ඕනෙම ජඩ වැඩක් කරන උන් එක්ක වෙන කතා කරන්න ක්‍රමයක් නැහැ ...


      \\\\වැසිකාලයෙදී ජලයෙන් යටවීම සර්පයන්ගෙන් අනතුරු බහුල වීම වැනි අවාසි තිබෙනවා.\\\\

      සෑහෙන ගැටළුවක් වූ දෙයක්...පොළොංගු ..!

      \\\\ගැහැනුන් සහ දරුවන් දුකට පත්වෙනවා දකින්න මා කැමති නැහැ.\\\

      ඒක ඇත්ත... ඒත් ගැහැණුන් සහ දරුවන් යොදාගෙන ඔවුන් ලස්සන පළිහක් හදනවා.. අන්න එතනයි ගැටලුව...

      විචාරක තුමාටත් ස්තූතියි වටිනා කරුණු එකතු කිරීම ගැන ...

      Delete
  15. \\\අනිත් අතට කොටි සංවිධානයේ ප්‍රධාන අවි ජාවාරම් කරු වූ කුමාරන් පත්මනාදන් වැනි පුද්ගලයන්නීතිය හමුවට ඉදිරිපත් නොකර වරප්‍රසාධිත ජීවිත ගත කරන්නට ඉඩ ලබාදීම සම්බන්දව ඔබට විරෝධයක් නැතිබව පෙනෙනවා.මෙහෙම වෙන්නේ ඇයි?\\\\

    දැනට මේ කොටසට විතරක් උත්තර දෙන්නම්... කුමාරන් ගැන විරෝධයක් මම දක්වලා නැහැ කියලා හිතන්න එපා මිත්‍රයා.. එයා ගැන අපිට කතා කරන්න තව කල් තියෙනවා.. තවමත් ඔහු ගැන විවෘතව කතා බහ කරන්න ඉඩක් නැහැ............ ( කුමාරන්ගේ හැන්ඳ තියෙන්නේ වෙන කෙනෙක් අතේ මේ වෙද්දී..අපි ඉතින් ඔටුවෝ වගේ ඉන්නවා දැක්කේ නැහැ වගේ. බලමුකෝ එක හීනෙන් එළි වෙන එකක් නැහැ ...අපිත් මේකෙනේ මැරෙන්නේ .. )

    අනිත් කරුණු ගැන මම පසුව අදහස් දක්වන්නම් ...

    ReplyDelete
  16. සමහර දේවල් කොච්චර කිව්වත් තේරුම් යන්නේ මිනිස්සුන්ට විතරයි හරක්ට බැහැ. හොඳ පැහැදිලි කිරීමක් සහන් අයියේ

    ReplyDelete
  17. ප්‍රශ්න අංක 1. (හැමදාම හිතට එන ප්‍රශ්නය ) සහන් ඔබ කවුද?

    සහන් ආදරණීය මිත්‍රයා ඔබේ ලිපිය හැමදාමත් වගේ අශාවෙන් හා උනන්දුවෙන් කියෙව්වෙමි. එත් ඔබ මදක් ආවේගශීලී වී ඇති බව පෙනේ. ඔබ වැන්නෙකුට එය නුසුදුසුයි යන්න මගේ හැගීම වේ. අද දිනයේ ඔබේ පොස්ටුව හා විචාරක මහතාගේ පොස්ටුව කියවා දැනුම් සම්භාරයක් ලැබූ බවනම් නොකිවමනාය

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්න අංක 1 මටත් තියේ.
      එකගයි ප්‍රගීත් උඹත් එක්ක.

      Delete
    2. සහන් මම යුද්දෙට කැමති නැහැ.නමුත් අද යුද්ධ නැති තැනකුත් නැහැනේ.කොහොම වුනත් මේ දැනුම බේද ගැනීම ගැන ස්තුතියි.

      Delete
    3. ප්‍රශ්න අංක එකට කොහොම උත්තර දෙන්නද මන්දා ප්‍රගීත්.. මොකද මම දැන් විශ්‍රාමික පුද්ගලයෙක් නිසා...ආවේගශීලී වීමට හේතුව මම පැහැදිළි කරා උඩ කමෙන්ට් වල.. සමහර අවස්ථා වලදී තදින් කටයුතු කරන්න වෙනවා ප්‍රගීත්...

      මමත් කැමති නැහැ මනෝජ් යුද්ධ කරන්න..ඒත් ඉතින් යුද්ධය සඳහා අනිත් පාර්ශවයෙන් ඉදිරිපත් වෙද්දී අපිටත් නිකන් ඉන්න බැහැ ..උපරිම බලය යොදවනවා....

      Delete
  18. අම්මෝ කියවද්දි ඈඩෙනව බන්...

    කියන්න දෙයක් නෑ බන්....

    ඉන්න ඕන අය මැරුන.. මැරෙන්න ඕන අය ඉතුරු උනා...

    කේ.පී. ගැන කතා කරල වැඩක් නෑ...

    ඔහුට තිබුන ධණයට මොකද උනේ කියල දන්නෙ නෑ....

    දැන් කේ.පී. කොහේද දන්නෙ නෑ...

    අපි මුකුත් දන්නෙ නෑ...

    මම එකක් දන්නව... මම අද රෑට සුදු වැන් එකෙන් උස්සනව...

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් ඔබේ යාළුවන් අතරත් බෙදාගන්න .....

      Delete
  19. සහන්........උතුරු පලාත් සභා ඡන්දය වෙනතෙක් ප්‍රදර්ශණය කෙරූ ප්‍රභාකරනගේ බංකරය ඡන්දෙන් පසුව විනාශ කලේ, එය කවුරුන් හෝ නැවත පාවිච්චි කලාවි යැයි උපකල්පනය කරලාද? නැවත ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදයක් සඳහා සුදානමක් තිබේ යැයි හිතනවානම් ඒ සඳහා මූලික වෙන සාධක ඉවත්කිරීම සඳහා රජය සහ උතුරු පලාත් සභාව එක්ව සහයෝගයෙන් වැඩ කටයුතු කලයුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. \\\\\\සහන්........උතුරු පලාත් සභා ඡන්දය වෙනතෙක් ප්‍රදර්ශණය කෙරූ ප්‍රභාකරනගේ බංකරය ඡන්දෙන් පසුව විනාශ කලේ, එය කවුරුන් හෝ නැවත පාවිච්චි කලාවි යැයි උපකල්පනය කරලාද?\\\\\\\\\

      මෙතන අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් තියෙනවා අරූ... මම පුද්ගලිකව කියන්නම් ........


      \\\\සඳහා රජය සහ උතුරු පලාත් සභාව එක්ව සහයෝගයෙන් වැඩ කටයුතු කලයුතුයි නේද?\\\\

      අනිවාර්යයෙන්ම අපේ පැතුම මේකයි ...

      Delete
  20. //මොකද වර්තමානයේ එම පද්ධතිය යොදාගන්නේ දේශපාලන උවමනාවන් වලට බව පෙනෙනවා. යුද්ධය සඳහා නිර්මාණය කල කිසිවක් සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා කරනවට මම තදින්ම විරුද්ධයි//

    එඩ්වඩ් ස්නෝඩන්ට වෙච්ච වැඩේ සහන්ටත් වෙයිද දන්නෑ...
    හොඳ විස්තරයක්.හැබැයි කවුරු කළත් යුද්දෙට මමනම් කැමති නෑ.මැරෙන්නේ නොමග යවනු ලැබූ කට්ටිය මිසක් සැළසුම් කරපු බලකාමීන් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මේවා හරි සංකීර්ණයි දිනුක.. වචන හරඹ වගේ නෙවේ.....

      Delete
  21. //මොකද වර්තමානයේ එම පද්ධතිය යොදාගන්නේ දේශපාලන උවමනාවන් වලට බව පෙනෙනවා. යුද්ධය සඳහා නිර්මාණය කල කිසිවක් සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා කරනවට මම තදින්ම විරුද්ධයි //

    එඩ්වඩ් ස්නෝඩන්ට වෙච්ච වැඩේ සහන්ටත් වෙයිද දන්නෑ...
    හොඳ විස්තරයක්.හැබැයි කවුරු කළත් යුද්දෙට මමනම් කැමති නෑ.මැරෙන්නේ නොමග යවනු ලැබූ කට්ටිය මිසක් සැළසුම් කරපු බලකාමීන් නෙමෙයි.

    ReplyDelete
  22. නොදන්නා කරුනු දැනගන්න/ඉගෙන ගන්න ලබුනා post එක හරහා...
    ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලින ... ඔබේ යාළුවන් අතරත් බෙදාගන්න ......

      Delete
  23. පසුව එමි.
    ඔබේ මේ ලිපි කියවන්න ඕන මනස නිරවුල්ව තබාගෙන :).

    ReplyDelete
  24. නියමයි සහන්... සැහෙන පැහැදිලි ඔබ කියනන් යන දේ... ටිකක් ආවේගශීලි ගතියකුත් තියෙනවා ලිපියේ

    \\බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න බැහැ..!\\
    හරියට හරි...

    \\හරියටම බලචන්ද්‍රන්ගේ සිද්දියේදී උනා වගේම. අන්තිමට කට්ටියම සද්දේ off කරන් ගියපු හැටිත් මතකයි ලජ්ජා නැතුව. " අපි මචන් බොරුවට ඇඬුවේ " කියල පස්සේ කිව්වනේ රෙදි ඇඳන්.\\
    ගොඩක් ඉන්නේ බොරුවට අඩන උන් තමයි

    \\මම ගිල්ලා කියලා හිතන්න එපා. \\
    සමහර දේවල් අවශ්‍ය තැන්වලදී ගිලින්න වෙන වෙලාවලුත් තියෙනවා නෙවේ...හා නැද්ද ..

    \\ මම දෙයක් එළි කරනවා .තාමත් ඉවර නැහැ ඉවරයි වගේ පෙනුණට. #####ඒ ලිපිය තමයි මේ බ්ලොග් එකේ අවසානය වෙන්නෙත්. \\
    පරිස්සමෙන් කොලුවෝ...

    \\මැය තවම යුරෝපයේ ජීවතුන් අතර ඉන්නවා ඉහළම ආරක්ෂාවක් ඇතුව\\
    තවත් අවදානමක්ද ?

    \\NOTE : ප්‍රභාකරන් සතුව මෙවැනි කඳවුරු බොහෝ ගණනක් තිබුණා. එකින් එක ගැන විස්තර ලියන්න අවශ්‍යතාවයක් නැහැනේ. සෑම ස්ථානයකම තිබු බංකර් වල ස්වභාවය මෙයයි.\\
    මේවා ඔක්කොම විනාශ කරලද? තාමත් තියෙනවද?
    එහෙම තියෙන එක ලොකු අවදානමක් නේද ?

    \\ ( IME fault ) භාවයට පත් කරන්න පුළුවන්\\
    තේරුනේ නැ ..

    \\අරහෙන් චොපර් දෙකක් ගියා. එහෙකින් දෙන්නෙක් බැස්සා , පට පට ගාලා බෙල්ල කපලා ඇතුළට ගියා , ග්‍රෙනේඩ් 2 ක් දැම්මා. ඊළඟ තට්ටුවට ගියා . ගැහුවා RPG එකක්. ....\\
    කොම්පියුටර් ගේම් එකක් වගේ කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ ..

    \\ මේ මිසයිලයට පුළුවන් මීටර් 60 ක් පොළොව ඇතුළට කිඳා බහින්න. මීටර් 60 ක් ( අඩි නෙවේ මීටර් ) අතුලේදියි පුපුරන්නේ ..මේ සියල්ල නියමුවාට පාලනය කල හැකියි නියමු කුටියේ සිට. \\
    අර කලින් කිව්ව කොන්ක්‍රීට් බිත්ති පසාරු කරගෙන යන්න පුලුවන්ද ?




    ReplyDelete
    Replies
    1. \\\තවත් අවදානමක්ද ?|\\\

      හ්ම්ම්ම්ම .. සියලු දෙනා දීර්ඝ නින්දකට වැටිලා ..ඔවුන් කවද අවදි වේවිද දන්නේ නැහැ ...!

      \\\\මේවා ඔක්කොම විනාශ කරලද? තාමත් තියෙනවද?
      එහෙම තියෙන එක ලොකු අවදානමක් නේද ?\\\\

      ඔව් සියල්ලට විය යුතු දේවල් ඒ ඒ විදිහට වෙලා තියෙන්නේ ...

      \\\\අර කලින් කිව්ව කොන්ක්‍රීට් බිත්ති පසාරු කරගෙන යන්න පුලුවන්ද ?\\\

      ඔව් ඒත් ඔය බෝම්භයක් දාන්න මුළු වියදම යනවා ලක්ෂ 400 විතර.. අනිත් එක සාමාන්‍ය කෆීර් එහෙකට හයි කරන්න බැහැ ඔය බෝම්බයක් ...මොකද ටොන් 13 වෙන නිසා .. එවැනි බෝම්බයක් තියෙද්දී හයි ඈන්ගල් ගන්නත් බැහැ .. සෑහෙන ප්‍රශ්න තියෙනවා..

      ඒකයි කියන්නේ මේ වගේ අනාගත පිළිල විනාශ කරන්න ඕනේ කියලා තවත් ලොකු වෙන්න කලින් ... තව ලොකු උනොත් කොහොමද විනාශ කරන්නේ අපි ...?

      Delete
    2. දැනුයි බරපතලකම තේරුනේ

      Delete
  25. 1 photo ekai 2 photo ekai wage etta hodama ewa balaganna one nam maim gam lagata yanna.ewa danne neti godak aya innawa.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ DD ... නොදන්න මිනිස්සු එනවා අපිට මානව දයාව ගැන උගන්නන්න ...ඒකයි මෙතන ඇති එකම ගැටලුව...

      Delete
  26. http://kathandara.blogspot.com/2013/10/no-place-for-mr-sensitive-in-this-cruel.html?showComment=1381924456131#c5434369611574189141

    ReplyDelete
  27. http://kathandara.blogspot.com/2013/10/no-place-for-mr-sensitive-in-this-cruel.html?showComment=1381924456131#c5434369611574189141

    ReplyDelete
  28. සහන්ට මේ වගේ ක්ෂේත්‍රයක දැනුම කොහොමද ලැබුනෙ...මට හිතාගන්නත් අමාරුයි...තනි පුද්ගලයෙක්ට ක්ෂේත්‍ර ගණනාවක ඉතා ප්‍රශස්ත මට්ටමේ දැනුමක් වර්ධනය කරගත්ත ආකාරය පිළිබද...ඉතාමත්ම වටිනා ලිපියක් බව පැහැදිලියි...මම තාම සම්පූර්ණයෙන් කියෙව්වෙ නෑ...අද වෙලාවක් නෑ...හෙටවත් බලමු.

    ReplyDelete
    Replies
    1. මම ඉංජිනේරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරපු කෙනෙක්. පස්සේ පස්සේ වෙනත් දේවල් වලට සම්බන්ධ උනා. මට ඕනේ උනා මම හදපු දේවල් මා විසින්ම පරීක්ෂා කරලා බලන්න මොන වගේද කියලා.. අනිත් එක තමයි සිරා,,,,,,,,,,, එක්කෝ ඕනේ නැහැ ..

      විවේක වෙලාවට ඇවිත් බලන්න සිරා .........

      Delete
    2. ලංකාවට ආපු වෙලාවක මට සහන්ව මුණ ගැහෙන්න පුලුවන්ද ?

      Delete
    3. ඔව් සිරා අපි හම්බෙමු වෙලාවක ............

      Delete
  29. මේ ක්ෂේත්‍රය ගැන ඔබේ දැනුම නම් විශිෂ්ඨයි. ඒ වාගේම ඔබේ දැනුම කශේරුකාවක් ඇති මිනිහෙක් විදියට සහෘදයන් සමග බෙදාහදාගෙන තියෙන හැටි ප්‍රශංසනීයයි. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යශෝධා කමෙන්ට් එකක් දාන්න එඩිතර වීම ගැන... තාත්තටත් බලන්න දෙන්න මේ ලිපිය..එයාගේ අදහසත් අපිට කියන්න ...

      Delete
  30. සහන් .. කේන්තියෙන් වගේ..පෝස්ට් එකේ වටිනකමට හානියක් නම් නෑ ඒත්.
    පුරේ කොලුවා

    ReplyDelete
    Replies
    1. කොහෙද මචන් උන්නේ ..උඹලව හොයන්නත් බැහැනේ වෙලාවකට ...දිගටම වරෙන්... මම මහ ඇමති තුමාගේ මළ ගෙදරට නම් ගියා...

      Delete
  31. ඔලුව අතගාලා කියලා දෙන සමහරක් ඒවා තේරුනේ නැති වෙලාවට හොදට රිදෙන්න අනින ටෝක්කකින් ඒවා තේරෙනෙවා සහන් අයියේ. වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම පූස් සමහර අයට තේරුම් යන්නේ ඇහැට ඇන්නම විතරයි... එතකම් බොරුවට නිදාගෙන ඉන්නවා හොරා වගේ...:)

      Delete

  32. itnishantha

    බල්ලාගේ වැඩේ බල්ලටත් බුරුවගේ වැඩේ බුරුවටත් කරන්න දෙන්නේ නැති රටක් මේක. අපේ රටේ බාගෙට බාගයක් සියල්ල දත්ලානේ. හැබැයි සහන් අපි මේවට කේන්ති ගන්න විදිහට පරමායුෂ නම් කවදාවත් බුක්ති විඳින්න බැ.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද අවුරුදු 38 ක් වත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ මේ යන විදිහට ...

      Delete
  33. 1. "බංකර් ගැන" ඉතා වටිනා (අපි නොදන්න) තොරතුරු අඩංගු විස්තරයක්.

    2. මට නං බංකර් හා යුධ ස්මාරක (දෙපාර්ශවයේම, නැත්තං හැම පැත්තකම) කියන්නෙ නොවටිනා මෙන්ම විනාශ කලයුතු දේවල්. බංකරයක් තිබීම භෞතික වශයෙන් (අනාගත) සතුරාට වාසිදායක වියහැකි දෙයක් වගේම ස්මාරක කියන්නෙත් මේ මොහොතේ පවා කවුරුන් හෝ මනුශ්‍යයෙකුගේ අධ්‍යාත්මයට බලපෑම් කලහැකි දෙයක්. (ඒකෙ බලපෑම උඹට පේනවද නැද්ද කියල මම දන්නෙ නෑ) ඒ නිසා මගේ අදහස නම් මේ දෙවර්ගයම පොලවට සමතලා කර දමා මිනිසුන්ගේ රිදුනු සිත් සුවවීම කඩිනම් කලයුතුයි/කලහැකියි.

    ReplyDelete
    Replies
    1. \\\\\බංකරයක් තිබීම භෞතික වශයෙන් (අනාගත) සතුරාට වාසිදායක වියහැකි දෙයක්\\\\

      එකෙන්ම මේක තේරුම්ගන්නවා කියන්නේ තව කතා කරන්න දෙයක් නැහැ රාජ් ...
      +++++++++++++++++++++++


      \\\\ස්මාරක කියන්නෙත් මේ මොහොතේ පවා කවුරුන් හෝ මනුශ්‍යයෙකුගේ අධ්‍යාත්මයට බලපෑම් කලහැකි දෙයක්. (ඒකෙ බලපෑම උඹට පේනවද නැද්ද කියල මම දන්නෙ නෑ)\\\\

      අනිවා මම පිළිගන්නවා ... අතීත සිහිවටනයක් ලෙස තිබීම එකක් ! සිහිවටන වටා එකතු වෙලා නැවත පෙළ ගැසීම කියන්නේ එකක්..! එසේ පෙළ ගැසිය හැකි සියලුම දේවල් විනාශ කරන්න ඕනේ.. ( බොහෝ අය පටල ගන්නේ එළාරගේ සොහොන එක්ක ප්‍රභාකරන්ගේ බංකර් සන්සන්දනය කරන්න යාම නිසා.. එළාරගේ සොහොන එකක් ප්‍රභාකරන්ගේ බංකරය කියන්නේ තව එකක් )

      \\\\\\ඒ නිසා මගේ අදහස නම් මේ දෙවර්ගයම පොලවට සමතලා කර දමා මිනිසුන්ගේ රිදුනු සිත් සුවවීම කඩිනම් කලයුතුයි/කලහැකියි. \\\\

      අනිවා දැන් අවශ්‍ය දේශපාලනික විසදුමක් ... ඒ ගැනත් මම ලියන්න ඉන්නේ වෙනම පොස්ට් එකකින්....

      ස්තූතියි මේ ගැටලුව ගැන තේරුම්ගත්තට රාජ්.. අපි මේ හැම දේම කරන්නේ අනාගතය සුරක්ෂිත කරන අරමුණින් මිසක් තව තවත් ගිණි ඇවිලෙන බලාපොරොත්තුවෙන් නෙවේ...

      ලැව් ගිණි නවත්ත ක්‍රමය රාජ් දැකලා තියේද ...? ( ගිණි පටියක් හදලා ඒක ගිණි තියෙන ක්‍රමය )

      Delete
  34. ඇත්තම කිව්වොත් මම ලිපිය උඩින් පල්ලෙන් කියෙව්වෙ. ( සමහර විට මමත් සහන් කියන හරක්ගෙන් එකෙක් වෙන්න ඇති ) එකක් මෙතන ඉඳන් මේ වගේ ලිපියක් සාවදානව කියවන්න වෙලාව මදි. අනික මම මේ කරුණු පිළිබඳව දක්වන අඩු උනන්දුව.. ඒ වුනාට මේ ලිපිය බොහොම වටිනවා කියලා කියන්න පුළුවන් කියවපු ටිකෙන්.. හැඟීම් අකුරු වලින් එළියට පනින්න නොදී ලිව්වනම් තවත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ සෙන්නා ... එක් එක් අයගේ හැසිරීම් , ආසාවන් වෙනස්නේ ...මගේ අනිත් ලිපි සෙන්නා කියවනවානේ ..ඒ මදැයි ... දැන් නම් සෙන්නා හරි බිසී වගේ නේද ...මන් කිව්වේ ලංකාවට ආවට පස්සේ ...?

      Delete
    2. බිසියක්නම් නෑ බන්, ඒත් බ්ලොග් ලියනවට වැඩිය වැදගත් වෙන වැඩ ඉස්සරහට ඇවිත්.. හෙටානිද්දා දිහාට කම්මැලි පෝස්ට් එකක්වත් දාලා දාන්න ඕනා සෙන්නා කියලා එකෙක් ඉන්නවා කියලා පෙන්වන්නවත් :D

      Delete
    3. මේ මොකද මේ ප්‍රොක්සි හරහා ඇවිත් ඉන්නේ සෙන්නා ....? ප්‍රොක්සි දාපු ගමන් ඔබව හයිලයිට් වෙනවා ....

      Delete
    4. මොනවද බන් ප්‍රොක්සි කියන්නෙ ? මම දන්න ප්‍රොක්සියක් නෑ, ඔය කමෙන්ට් ඔක්කොම දැම්මෙ ඔෆිස් එකේ කම්පියුටර් එකෙන්.. මේක ගෙදර ඉඳන්.. මම දන්නෙ ඕන් ඔච්චරයි..

      Delete
    5. ඔපිස් එකේ නෙට් ලොග් වෙන්නේ ප්‍රොක්සි හරහා... මම දැක්කා ...

      Delete
  35. එකම පෝස්ට් එක දෙපාර දෙපාර පෝස්ට් කරන්නෙ හිට්ස් මරාගන්න වෙන්ඩ ඇති නේද ගොයියො..... මොනාද බන් දෙකේ පන්තියෙ වැඩ....

    හරි දැන් ටාර් ගාලා මගේ ජාතකේ ඇනලයිස් කරලා කියන්න.....

    ReplyDelete
    Replies
    1. එකම පෝස්ට් එක නම් දෙකකින් පෝස්ට් කරා නම් ඔන්න ඔබ කියන තර්කය හරි...

      ස්තූතියි අදහසට.. බලමු වැඩේ කරලා අපි... තව හිට්ස් 2000 ....:)

      Delete
    2. චිහ්... උඹ මෙච්චර පෙරේතයෙක් කියලා මම හිතුවෙ නෑ....... රෝලට දැම්මෙ නෑ කියලා අර අසරණ කකා එක්ක තිබ්බ තරහට බලු බැනුම් බැන්නා.... කොහේ වත් ඉන්න රංගිටත් බැන්නා....

      හිට්ස් වලට ඔච්චර කෑදර වෙන්න එපා මචන්.....

      Delete
    3. මචන් පෝස්ට් එකක් draft වලට අරන් එඩිට් කරාම මෙහෙම අවුලක් යනවා.. දිනේ වරදිනවා... එහෙම නැතුව මම එකම පෝස්ට් එක දෙපාරක් පබ්ලිෂ් කරලා නැහැ...

      දෙපාරක් පබ්ලිෂ් කරා නම්
      http://obeth-mageth-addakeem.blogspot.fr/2013/10/pilots-and-bunkers.html
      http://obeth-mageth-addakeem.blogspot.fr/2013/10/pilots-and-bunkers02.html

      වගේ ලින්ක් දෙකක් හැදෙන්න ඕනේ... එහෙම හැදුණත් එක පෝස්ට් එහෙකට වැටුණු කමෙන්ට් ටික අනික් පෝස්ට් එකට එන්නේ නැහැ... තේරුණාද ? මම එකම පෝස්ට් එක කවදාවත් දෙපාරක් දාලා නැහැ...

      Delete
    4. එතකොට කකාටයි රංගිටයි බැනපු එක....

      Delete
    5. කකා අර කොල්ලෙක් අල්ලන් හුරතල් වෙනකොට මම ගිහින් පොඩි පැහැදිළි කිරීමක් කරා. එච්චරයි... . රංගි බබාට මම මුකුත් කියලා නැහැ...

      Delete
    6. කකා කොල්ලො එක්ක හුරතල් වෙන එක කකාගෙ කැමැත්ත... කොහොමත් එහෙ ගේ රිලේශන්ශිප් ඇක්සෙප්ටඩ්...

      Delete
    7. ඒක මිසක් ... මට දැනුයි තේරුණේ රහස ....

      Delete
    8. මම අන්තිම අකමැති කේස් එකක් තමයි රි පබ්ලිෂ් කිරීම.
      '//මචන් පෝස්ට් එකක් draft වලට අරන් එඩිට් කරාම මෙහෙම අවුලක් යනවා.. දිනේ වරදිනවා... එහෙම නැතුව මම එකම පෝස්ට් එක දෙපාරක් පබ්ලිෂ් කරලා නැහැ...//
      ඔය වගේ අවුලක් මම දැකල නැත්තෙ ඇයි? මමත් සමහර විට පෝස්‍ට් වල සංශෝධන කරනව. එහෙම කලාට අවුලක් වෙන්නෙ නෑ. හැබැයි තවත් ක්‍රමයක් තියනව (මම ඒක හරියට දන්නෙ නෑ, අටම දවසක් කරන හැටි කියල තිබුන) එතනදි නැවත පබ්ලිෂ් කලාම බ්ලොග් රෝල්වල උඩට මේ පැරණි ලිපිය එනව. ඒ විදියට නං රීඩර්ස්ල රැවටීම හොඳ නෑ!

      Delete
    9. රාජ් සමහර බ්ලොග් රෝල් වල කෝඩ් එක වෙනස්.. ඒ කියන්නේ සමහර රෝල් ඔටෝ අප්ඩේට් වෙනවා ..සමහර ඒවා එහෙම නැහැ...

      උදාහරණයක් : ඔබ බ්ලොගයක් ෆලෝ කලද එය ඔබේ රෝලට ඔටෝ අප්ඩේට් වීමද නොවීමද විය හැකියි.. එසේ වන්නේ රෝල් වල එකිනෙකට වෙනස් යාන්ත්‍රණයක් පැවතීම නිසයි .. මගේ , ඔමාගේ , හිරුගේ එහෙම රෝල් ඔටෝ අප්ඩේට් නොවන වර්ගයේ ඒවා... අයිලෂ්ගේ , මොරබ්බගේ ඒවා ඔටෝ අප්ඩේට් වෙනවා...

      ඔය විදිහමයි රාජ් බ්ලොග් වල අනික් සෙටින්ග්ස් වැඩ කරන්නෙත් ... මතුපිටින් බැලුවම ඔක්කෝම එක වගේ ..ඒත් ඇතුළේ කෝඩ් එක වෙනස්...

      Delete
    10. හරියට හරි රාජ්............. දැන් කියන්න බලන්න මෙවර රං ගොනා සහ බ්ලැක් බොනා සමග පොරමඩලාව සජීවී විකාශය තුලින් ඔබ හමුවට එන්නේ කවුද?

      Delete
    11. ම්ගෙ අන්තිම පෝස්ට් එක ඔය විදිහට බ්ලොග් රෝල් වල උඩට ගන්න සෑහෙන දැගලුවා හරි ගියේ නෑ.. ඩූඩුයි, චන්දනයි ( කෝ හැබෑටම මූ දැන් ) සෑහෙන උදව් කළා ඒත් හරි ගියෙ නෑ.. ඌට උඩට එන්ඩම බෑ කිව්වනෙ..

      // මචන් පෝස්ට් එකක් draft වලට අරන් එඩිට් කරාම මෙහෙම අවුලක් යනවා.. දිනේ වරදිනවා... එහෙම නැතුව මම එකම පෝස්ට් එක දෙපාරක් පබ්ලිෂ් කරලා නැහැ...
      //

      මේ ප්‍රකාශය පැහැදිලිවම විපක්ශ නායක තුමා සිය පරාජයන් වසාගෙන ජනතාව මුලා කරන්න කරපු එකක් කියලා කියන්ඩ කැමතියි.. :D :D

      Delete
    12. හරියට හරි සෙන්නා............ දැන් කියන්න බලන්න මෙවර රං ගොනා සහ බ්ලැක් බොනා සමග පොරමඩලාව සජීවී විකාශය තුලින් ඔබ හමුවට එන්නේ කවුද?

      Delete
    13. අනේ මගේ ප්‍රශ්නෙට උත්තර නෑ.....

      Delete
    14. @ රාජ්

      //(මම ඒක හරියට දන්නෙ නෑ, අටම දවසක් කරන හැටි කියල තිබුන) එතනදි නැවත පබ්ලිෂ් කලාම බ්ලොග් රෝල්වල උඩට මේ පැරණි ලිපිය එනව. ඒ විදියට නං රීඩර්ස්ල රැවටීම හොඳ නෑ!//

      මචං රාජ්

      ඔය සීන් එක මම එකපාරක් නෙමෙයි දෙපාරක් කරා , හැබැයි ඒ රීඩර්ස්ල රැවටීමේ අදහසින් නෙමෙයි , මගේ බ්ලොග් එකේ අවුලක් තිබ්බා පබ්ලිෂ් කරන පෝස්ට් බ්ලොග් එකේ අප්ඩේට් උනත් සින්ඩි වලට සහ බ්ලොග් රෝල් වලට නොයන ,

      අපේ චන්දනයට කියුවහම ඌ මොනවදෝ මන්දා කරලා හරිගස්සලා දුන්නා.

      මට ඒ ප්‍රශ්නය තිබුන දවස්වල පලකල ලිපි දෙකක් පුරුද්දක් විදිහට එන අය ඇරෙන්න සින්ඩි වලින් බ්ලොග් රෝල් වලින් එන අය දැකලා තිබුන්නැ ,

      ඔඛ පාරක් පලකල පෝස්ට් එක තවපාරක් පලකරන්න අකමැති නිසා මම චන්දනගෙන් ඇහුවා කරන්න දෙයක් නැද්ද කියලා.

      චන්දන හොයලා බලලා මට පස්සේ කියුවා මෙහෙම කරලා බලහං කියලා ,

      මමත් ඉතින් කරලා බැලුවා , වැඩෙත් හරිගියා ,

      රාජ් නං එතනදිත් අකමැත්ත ප්‍රකාෂ කරලා තිබ්බා

      ඒ උනාට රාජෝ ඒකේ වරදක් නැ බං , නොදැකපු කවුරුහරි දකිනවනේ , කවුද අකමැති තමන් ලියාපු දෙයක් වැඩි දෙනෙක් බලනවට , අනික කියවන කෙනෙක් තමන් කැමති දෙයක් කියවන්න උනත් , නේ

      Delete
    15. //ඒ උනාට රාජෝ ඒකේ වරදක් නැ බං , නොදැකපු කවුරුහරි දකිනවනේ , කවුද අකමැති තමන් ලියාපු දෙයක් වැඩි දෙනෙක් බලනවට , අනික කියවන කෙනෙක් තමන් කැමති දෙයක් කියවන්න උනත් , නේ//
      කැමැත්ත අකමැත්ත පුද්ගලානුබද්ධයි. මම කිව්වෙ මං ගැන. මම බොහෝවිට බ්ලොග් කියවන්නෙ, අනුපිලිවෙලින් මගේ බ්ලොග් රෝල, ලාංකීය, මාතලන්ගෙ සින්ඩිය සහ අඹගහයට, සිංහල බ්ලොග් කියවනය කියන තැන් වලින්. මම කැමති නෑ මම කියවපු දෙයක් මගේ රෝලෙ උඩටම ඇවිල්ල තියනව දකින්න. ඇත්තම කිව්වොත් දවස් කිහිපයක් (රැවටිලා) අලුත් ලිපියක් කියල පරණ ලිපියකට ගියාම කේන්තියි.
      එච්චරයි!

      Delete
    16. මාතෘකා දෙකකින් එකම ලිපිය පල වෙලා තියේ නම් රැවටීමක් වේ.. එකම මාතෘකාව ඇති ලිපියකට දෙවරක් එන්නේ රැවටීම නිසා නෙවේනේ..

      එක්කෝ කලින් පාර කියෙව්වට හරියට ඔලුවට ගිහින් නැහැ. ටික දුරක් කියවන් යද්දී ටියුබ් ලයිට් එක පත්තු වෙනවා " හුටා මම මේක ඊයේ කියෙව්වා නේද " කියලා..

      ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ.. වේතන වෙන දේ මම පැහැදිළිව කිව්වා..ඒක තේරුම්ගත නොහැකි අය සමග කතාවට යාමෙන් වැඩක් නැහැ...

      Delete
    17. මාතෘකාවල් මතක තියාගන්නවට වැඩිය වැඩ තියනවනෙ බං. අනෙක දවසකට කියවන තරම කටපාඩම් කරගන්නෙ නෑ නෙව. ඊටත් වඩා එක දෙක තුන කියල කොටස් වශයෙන් යන ලිපිත් තියනව. රැවටෙන්නෙ අන්න එතනදි, මම කිව්වෙ ඒ ගැන. කියවපු ලිපිය දවසින් දවස උඩට ගන්නව නං අපේ බ්ලොග් රෝල් වල පෝස්ට් "කාලය අනුව" සකසාගන්න ඕන නෑනේ.
      ආයෙත් මෙතන මේ ගැන කතා නැත! :-)

      Delete
    18. \\\ඊටත් වඩා එක දෙක තුන කියල කොටස් වශයෙන් යන ලිපිත් තියනව. රැවටෙන්නෙ අන්න එතනදි, මම කිව්වෙ ඒ ගැන. \\\

      අන්න එහෙම එන්න ..

      Delete
  36. මෙවැනි නොදන්නා තොරතුරු දැනගැනීමට ලබාදීම ගැන ස්තූතියි සහන්.පරණ පොස්ට් කියවල ඉවර කරා. උඹ ගැන ඉවාන්ට ඇති උන ප්‍රශ්නය මටත් ඇති උනා.( සහන් කියන්නෙ කවුද ?)
    කොහොම නමුත් උඹ කේන්තිකාර දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. මම දිග කමෙන්ට් එකක් ගහලා ආයේ මැකුවා කම්මලා..මම ආවේ මේ විදිහේ දේවල් කතා කරන්න කියලා නෙවේ... මට මේවා එපා වෙලා මම ආවේ සරල දෙයක් කතා කර කර ඉන්න බ්ලොග් එකක් හදන් ... ඉන්නකෝ මේ දේවල් ඉක්මන්ටම ඉවරයක් කරලා දාන්න ...

      Delete
    2. ඉදල හිටලා සරල දෙයක් ලියුවට මේ වගේ ලිපි සහ තාක්ෂණික ලිපි අතහරින්න නම් හිතන්නවත් එපා මගෙ දෙයියො

      Delete
  37. සහන්, ලිපිය සම්පූර්ණයෙන් කියෙව්වෙ නෑ. හේතුව මම ඔබ ඉන්න මතයේම ඉන්න කෙනෙක්. අපි අපිව (පොදු ලාංකිකයා) කවදා තේරුම් ගනීවිද ? අපිව රවටන්නො තවත් කොතරම් ජාතක වෙයිද ? හරක් වගෙ උන්ට තණකොළ වගේ මේ ඇත්ත පොවන්න පුළුවන් වෙන්නෙ කවදාද ? මන්ද සහන්. ඔබට ස්තූතියි, ලාංකික දෑස් අරවන්න ගත්ත උත්සාහයට.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනා සත්‍ය අමතක කරන්නේ පුද්ගලික වාසිය සඳහා සාගර..තමන්ට වාසියක් වෙනවා නම් රට නෙවේ අම්මව උනත් විකුණන්න පසුබට වෙන්නේ නැහැ අද .. එවැනි තැනක ඉඳන් රටකට අනාගතයක් හදන්න බැහැ ... ස්තූතියි අදහස කීවට කෙළින් ... දිගටම එන්න ඉඩක් ඇති වෙලාවට ....

      Delete
  38. නොදන්නා මගුල් දන්නවා වගේ ලියන,අතීතය අමතක අයට මෙහෙමවත් මතක් කරලා දෙන්න ඕනි සහන්. යුධ ස්මාරක නම් අර anzac cove වල ataturk විසින් හැදුවා වගේ සිත් නිවන ඒවා වෙනවා නම් තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ඉන්න බලන්න... ඔය කියලා තියෙන තැන ගැන පෝස්ට් එකක් දාන්න වටිනවා නිකන් ..ලින්ක් එක දුන්න එක හොඳයි ...

      ලංකාවට වෙලා තියෙන ප්‍රධාන හෙණේ තමයි සබ්ජෙක්ට් එක දන්න මිනිස්සු කතා නොකිරීමත් , මුකුත් නොදන්න අය පිටු ගණන් ලිවීමත් ... අන්තිමට මුළු රටටම යන්නේ වැරදි පණිවිඩයක්..

      Delete
  39. බොහෝ විශයන් ගැන ඔබට ඇති දැනුම ඇත්තටම පුදුම සහගතයි..ඒ වගේම ඒ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න ඔබ දරන වෑයම අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්ස් .. මම විශයන් කීපයක් ගැන උනන්දුයි..ඒ දේවල් තමයි මේ විදිහට ලියවෙන්නේ .. යුධ ශිල්පය ගැන නම් ලියන්න අදහසක් තිබුණෙම නැහැ චම්ස්..ඒත් පොඩි පැහැදිළි කිරීම් ටිකක් කරලා තියෙන එක හොඳයි වගේ නේද අද රටේ තියෙන තත්වේ එක්ක ....?

      විවේක වෙලාවට එක එක දේවල් ගැන ලියන්න පුළුවන් වේවි..ඒවා බලන්න එන්න චම්ස්...

      Delete
  40. kiyawanna kiyawanna asai. mama dan ganna asai, ai e bunker eka vinasa kale.?

    ReplyDelete
  41. මගේ පොස්ට් එකකට ඇවිත් බ්ලොග් කියන්නේ ලියන එකාට කැමති දෙයක් ලියන්න තියෙන එකක් කියපු උන් මේකට ඇවිත් කියනවා ආවේගශීලී කියලා. උන්ගේ මතවාද වලට එරෙහි වදිද්දී උන්ට උන් හිටි තැන් අමතක වෙනවා. මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට සහන්ට හිස නමා ආචාර කරනවා. සහන් වගේ මේ යුද්ධයට සක්‍රීයව දායක වුණු කෙනෙකුට(මේ පොස්ට් එක හරියට කියෙව්වා නම් එය වැටහෙන්න ඕනේ) මේ වගේ තද වෙන එක අහන්න දෙයක් නෙවෙයි. යුද්ධය පැත්තෙන් ගත්තම පිරුබාහරන් කියන්නේ අපේ හතුරා. ඒකාගේ අබ ඇටයක් වත ඉතිරි නොකර විනාශ කරන එක තමයි මේ යුද්ධය වෙනුවෙන් දිවි දීපු සියලු රණවිරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් දෙය. සහන්ගේ දේශපාලන මතයට පටහැනි වුණත් මෙතනදී සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම(අනෙක් අවස්ථා වලත්) මම සහන්ගේ දුටු උතුම් ගුණාංගයක්. රණවිරුවන් නිසා කොළඹ හෝ දකුණට වෙලා ජීවිත බේරා ගත් කනහිලුන්ට මේවා කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. කොටින්ම මටත් නෑ. සහන්/විචාරක වගේ කෙනෙක් කියන දේ අඩුම ගානේ සාවධානව ඇහුන්කම් දෙන්න හරි මේ නඩයට පුළුවන් වෙන්න ඕනේ. ළමයි මැරුණේ පිරුබාහරන්ගේ විතරද ? තව දෙමළ ළමයිම කී දෙනෙක් මැරුණද ? මම අවතැන් කඳවුරකදී ඒ ලමයිවත් වඩාගෙන හුරතල් කරලා, කවලා තියෙනවා. හරි කැක්කුමක් තියෙනවා ජීවත් වෙන දෙමළ ළමුන් වෙනුවෙන් කුමක් හෝ කරන්න තිබ්බා. ගුවන් සෙබලෙකු මුහුණ දෙන සැබෑ තත්වය මා තේරුම් ගත්තේ මේ ලිපි වලින්. එයට අපේ ප්‍රණාමය. මෙතන වාද කරනවා වගේ නෙවෙයි සක්‍රීය දායකත්වය. මා යුධ සමයේදී ඒ ප්‍රදේශ වල ගමන් කොට තිබෙනවා. එයත් කොතරම් ආමාරුද කියලා තේරෙනකොට, යුද්ධය කොතරම් බරාරුම්ද කියා තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\සහන්ගේ දේශපාලන මතයට පටහැනි වුණත් මෙතනදී සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම\\\\\

      දැනට මම මේ ටිකට විතරක් උත්තර දෙන්නම් සුදීක..අනිත් ටික ගැන පසුවට ...මම දරන්නේ ශ්‍රී ලංකාව සංවර්ධන විය යුතුයි කියන අදහස විතරයි... මට මහින්ද රාජපක්ෂ එක්ක තරහකුත් නැහැ , රනිල් වික්‍රමසිංහ එක්ක තරහකුත් නැහැ ..හැබැයි කව්රු කලත් වැරැද්ද වැරද්දමයි. බොහෝ දෙනෙක් රට පටල ගන්නේ ඔය දේවල් සුදීක....

      අපි හිතන්න ඕනේ රට ගැන මිසක් අරයා මෙයා ගැන නෙවේ..

      Delete
    2. //මගේ පොස්ට් එකකට ඇවිත් බ්ලොග් කියන්නේ ලියන එකාට කැමති දෙයක් ලියන්න තියෙන එකක් කියපු උන් මේකට ඇවිත් කියනවා ආවේගශීලී කියලා//(කොමා දෙකතුනක අඩුව නිසා මේ වාක්‍ය ටිකක් විතර අවුල් :)

      (අනේ මම නං එහෙම කියන්නෙ නෑ, ඒත් එහෙම කිව්වත්) ඒ අයිතියම තමයි කමෙන්ටු පෙට්ටියෙ අදහස් දක්වන්නන්ට තියෙන්නෙ. කොටින්ම ඕන දෙයක් කියන්න බ්ලොග් කරුවාට පුළුවන්. ඒ ගැන ඕන දෙයක් කියන්න කියවන්නාටත් පුළුවන්!

      //රණවිරුවන් නිසා කොළඹ හෝ දකුණට වෙලා ජීවිත බේරා ගත් කනහිලුන්ට මේවා කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. කොටින්ම මටත් නෑ. සහන්/විචාරක වගේ කෙනෙක් කියන දේ අඩුම ගානේ සාවධානව ඇහුන්කම් දෙන්න හරි මේ නඩයට පුළුවන් වෙන්න ඕනේ.//

      ඔයා හිතන්නෙ යුද්ධ කලේ හමුදාව විතරයි කියලද? රටේ මිනිස්සු යුද්ධයට දායක උනේ නැද්ද? බස්වල බෝම්බ ගැන විමසිල්ලෙන් හිටිය මිනිස්සු, හමුදාවට දරුවන්/සැමියන් යවපු මිනිස්සු/ගෑනු, යුද්ධ කරන්න/තීරණ ගන්න දේශපාලකයන්ට බලය දීපු ඡන්ද දායකයො, යුද්ධයට වියදම් කරන්න බදු ගෙවපු මිනිස්සු, මේවගේ තව දහස් ගනන් ක්ෂේත්‍රවල ඉන්න රටේම මිනිස්සුන්ට කතා කරන්න අයිතියක් නැද්ද? (මම මේව කියන්නෙ කතා කිරීමේ නිදහස කියන පොදු තුරුම්පුව නොගහ) .

      මේවගේ අදහස් ගැන ලැජ්ජා වෙන්න ඕන බං!

      Delete
    3. ඇත්තටම මටත් තියෙන ගැටළුවක් තමයි ඇයි යුද්ධය සම්බන්ධව කතාකිරීමේ අයිතිය අන් අයට වලංගු නැත්තේ කියලා.එය අයිති යුධ විරුවන්ට පමණද? රටේ නායකයෝ ඝාතනය කරන්න සෙට් වෙච්ච අයටත් පුළුවන් යුද්ධය ගැන කතාකරන්න. ඒක රාජපාක්ෂික පඩ ෂෝ එකක් කරලා. මැච් එකක් දිනුවාම හෝ පැරදුනාම එය විශ්ලේෂනය කිරීමේ අයිතිය හැමෝටම තියෙනවා. දැන් කියන්න එපා මැච් වගේද යුද්ධ කියලා.

      Delete
    4. රාජ් කිරි කළේට ගොම දාගෙන නේද ? සුදීක කියන්නේ මුකුත් නොකර හරක් වගේ උඩ බලන් හිටපු උන් ගැන.. අඩුම තරමේ කුරුණෑගලින් එහාට ගිහින් නැති උන් ගැන.. ගල්කුලම කියන නම ඇහුණත් දුවන උන් ගැන... ලැජ්ජා වෙන්න ඕනේ ඒ වගේ උන් ගැන.නැතුව සුදීක ගැන නෙවේ..සුදීක කතා කරලා තියෙන්නේ ඒ මිනිස්සු ගැන.. මේ ගැන මීට වඩා කියන්න නම් ඉඩ තියන්න එපා මට...මොකද මම

      අවංක අවංක
      වංක අවංක
      අවංක වංක
      වංක වංක අයත් දැකලා තියෙනවා.

      Delete
    5. අරූ ,

      යුධමය තීන්දු තීරණ ගැන සාමාන්‍ය ජනතාව උපදෙස් උපහැරණ දෙන්න ඕනේ නැහැ.ඒවා පිළිගන්නෙත් නැහැ නීත්‍යානුකූල හමුදාවක් විසින්.

      උදාහරණයක්‌ : අර බංකරේට ගහන්නේ RPG ද , මල්ටි බැරල්ද කියලා කව්රුත් කියලා දෙන්න ඕනේ නැහැ. ප්‍රභාකරන්ගේ බංකරේ තියනවද නැද්ද කියලා කව්රුත් කියලා දෙන්න ඕනේ නැහැ.


      පවතින යුද්ධය ගැන සාමාන්‍ය ජනතාව කතා කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සැබෑ තතු විකෘති කරන්න බැහැ. " අරුන්ට ගහලා තිබ්බා මොළ කෑලි එන්න. අපිටත් වැදිලා තිබ්බ කුඩු වෙන්න " වගේ දේවල් කියමින් විකෘති කරන්න බැහැ. සිවිල් ජනතාව අඳුන ගන්න ඕනේ තමන් සිවිල් වැසියන් බව. ඒ අවබෝධය නැති අය යුද්ධය ගැන කතා නොකර ඉන්න එක තමයි හොඳ..

      අද රටේ වෙන්නේ හිස් මිනිස්සු ජෙනරාල් වරුන්ටත් වඩා ඉහළ දේවල් කියන්න ඒම.මීට වඩා කතා කරන්න දෙයක් නැහැ මෙතන..

      Delete
    6. කැනහිලුන් ලෙස නම් කර ඇත්තේ මේ රටේ සමස්ථ ජනතාව නොව බෙදුම්වාදීන් බව කරුණාවෙන් සලකන්න.

      Delete
    7. සහන් වලිගෙ පාගගන්න එපා.
      මොකද්ද කිරිකලේ, මොකද්ද ගොම? මං හිතන්නෙ කලින් කමෙන්ටුව වෙන්න ඇති. කුරුනෑගලින් එහා ගියත් නොගියත් ගල්කුලම ගැන ඇහුවත් නැතත් මොකද්ද ඇති වැඩේ. මම කිව්වෙ කියන්න ඕන ටික. මම කතා කරන්නෙ අදහස් දැක්වීමේ අයිතිය ගැන.

      Delete
    8. \\\මම කතා කරන්නෙ අදහස් දැක්වීමේ අයිතිය ගැන.\\\\

      අදහස් දැක්වීමේ අයිතියටත් සීමාවක් තියෙනවා.කටට එන හැම දේම කියන්න බැහැ ..

      Delete
  42. ආවේගයෙන් ලිව්වත් ලියල තියෙන්නෙ ඇත්ත.. රාජ් කිව්වා වගෙ මමත් හිතන්නෙ යුද්ධයේ අත්දැකීම් හැර අනිත් සියළුදේ යුද්ධයක් නූන තැන දක්වා විනාශ කලයුතුයි කියලයි..

    ReplyDelete
    Replies
    1. ඔතන ප්‍රශ්නේ සරත් අය්යේ සංකීර්ණයි..මොකද තාමත් සීතල යුද්ධයක් තියෙනවා. කොක්ක දාගන්නමයි එන්නේ බොහෝ අය.. කොහොම හරි වෙනම කොටසක් ලබා ගත යුතුයි යන මතයේමයි බොහෝ පිරිසක් ඉන්නේ.. ( දැන් මගෙන් අහන්න එපා අනිත් අය " ඔයා කොහොමද එහෙම කියන්නේ අනාගතේ පේනවද කියලා .. එවැනි හරක් ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ නැහැ )

      වරහන් ඇතුලේ කියපු ටික සරත් අය්යට අදාළ නැහැ ..

      Delete
    2. අනාගතේ පේනව කියල හිතං ඉන්න බුවාල මේ දවස්වල සෑහෙන්න ඉන්නව. ඒත් උන් කැමති නෑ නෙව හැම මඟුලකම අනාගතේ දකින්න බෑ කියල පිලිගන්න. :-)

      Delete
    3. රාජ් මේ අන්තිමට දාපු කමෙන්ට් එක පැහැදිලි කරන්න .. රාජ්ම කිව්වා නේද මේ පෝස්ට් එකෙන් නොදත් දේ දැනගත්තා කියලා ? ආන්න ඒ වගේ ඔබ නොදත් තව දේ තියෙනවා. එවැනි තොරතුරු මතයි තීන්දු තීරණ ගන්නේ. නැතුව අරයට මෙයාට ඕනේ ඕනේ විදිහට නෙවේ. තේරුණාද ?

      Delete
  43. අදයි නිවාඩු පාඩුව ලිපිය කියෙව්වෙ.
    හැම දෙයක් ගැනම කරුණු කාරනා විස්තරාත්මකව ලියන්න හැකියාවක් ඔබට තිබීම ගැන හරිම සතුටුයි සහන් මල්ලි.
    ඔබ ලියන යුධ පසුබිම්වල ලිපි වඩාත් හරබර වෙනව කියල හිතෙනව අපේ විචාරක තුමාත් කොමන්ට් වලින් කරන අදහස් දැක්වීම.
    ආවේගයෙන් කතා කල යුතු තැන් වලදී ආවේග නොවුනොත් පිරිමි කමෙනුත් වැඩක් නැහැ බොලං.
    ජය වේවා කිව්ව එහෙනම් බොට ඉදගෙන..........

    ReplyDelete
    Replies
    1. මම නම් කොකා ගස්සන්න ඕනේ තැන කොකා ඔලුවටම තියලා ගස්සන කෙනෙක් කෙන්ජි අය්යේ සැබෑ ජීවිතේදී... කෙටියෙන්ම ඒක තමයි කරන්න තියෙන්නේ යම් තැනකින් එහාට...

      Delete
  44. නොදන්නා අය දන්නවා වගේ ලිවිල්ල නිසා තමා මම නම් ගොඩක් ඔය වැදගත් යයි සම්මත අය ලියන දේවල් ඒ හැටි ඔළුවට ගන්නේ නැත්තේ.. ගොඩක් වෙලාවට කියවන්නෙම නෑ.. අන්තිමට උන් කරන්නේ තමන්ගේ ඔළුවල පිරිච්ච කුණු අදහස් අහිංසක මිනිස්සුගෙන් ඔලුවලට දාල විකෘති කරන එක.. නිදහසේ මිනිස්සුන්ට හිතන්න තියෙන හැකියාව නැති කරන එක .. මේ බ්ලොග් එකේ ලියල තියෙන බොහෝ දේ එහෙම විකෘති වෙච්ච ඔලුවලට තෙල් බෙහෙත් දාන විදියේ ඒවා...

    ReplyDelete
    Replies
    1. පැතුම් එදා ඉඳන් මාව දන්න නිසා මගේ හැසිරීම් ගැන අවබෝධයක් ඇතිනේ.මට ඕනේ අපි වරද්දා ගත්ත තැන් ගැන කියන්න විතරයි..එහෙම නැතුව මම යූ එන් පී වත් , නිදහස් පක්සේ වත් , ජේවීපී කාරයෙක් වත් , ආර්මි කාරයෙක් වත් නෙවේ. සහන් කියලා සැබෑ ජීවිතේ කෙනෙක් ඇත්තෙත් නැහැනේ.. මම මේ බ්ලොග් එකේ ලිව්වේ කාටවත් පක්ෂව නෙවේ... පැතුම් වගේ අයට ඒක තේරුණා කියන්නේ හොඳටම ඇති...

      මට මහින්ද එක්ක අවුලකුත් නැහැ , රනිල් එක්ක අවුලකුත් නැහැ... හැබැයි සියලු දෙනාගේ වැඩ ගැන මම ලියලා තියෙනවා... සිරිමාවෝ වැනි අය ගැන නම් මම හොඳක් දකින්නෙම නැහැ..මොකද ඒ මිනිස්සු කලේ ජනතාව කුරිරු විදිහට රැවටීම... රට කෑවේ ඒ අය ...( වැඩේ තියෙන්නේ මගේ ලොකු අප්පලත් ශ්‍රී ලංකා කාරයෝ ... ඒත් මම වැරැද්ද ඇති තැන වැරැද්ද කියනවා ..)

      ඕවා ගැන කතා නොකර ඉමු ....

      Delete
  45. සහන් පිස්සු හැදුනා මචන් ...... උබ මේ ලියල තියෙන දෙවල් දැක්කම අපි ලියන්නේ මොනවද කියල හිතුනා...... දවස් දෙක තුනක් මේක open කරත් හරියට කියෙව්වේ අද උබ මාරයි බන්...... ලියන ඒවා ඊටත් මාරයි බන්

    ReplyDelete
    Replies
    1. මම ආවේ නම් මේවා ලියන්න නෙවේ රාළේ ..ඒත් වෙන දේවල් දැක්කම නොලියා ඉන්න බැහැ ...

      Delete
  46. අඩේ මේකනං මාරම වටින පොස්ටුවක්නේ.. හරක් සඳහා පමණයි කියල තිබුනත් අයියේ ඔන්න කොමෙන්ටුවක් දැම්මා..

    ReplyDelete
    Replies
    1. :)

      මේ ලිපි යහලුවන්ටත් බලන්න දෙන්න මල්ලි ...

      Delete
  47. Ko ara arthika viddiya padame ithuru tika? I found only a part of every post. finding the rest of the same posts is too difficult according to their topics. HELP

    ReplyDelete
  48. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. ආචාර්ය වරයාගේ ලක්ෂණය තමයි බඩවැල වගේ ලියන එක.. ඒකෙන් අඳුන ගන්න පුළුවන්... චේද කඩන්නේ නැහැ... ඔක්කෝම එක ගොඩේ ... .o 0

      Delete
  49. සම්පූර්ණයෙන්ම කියෙව්වේ අද.... ඔබගේ අනෙකුත් ලිපි වලට වඩා මෙහි යම් පක්ෂපාති බවක් දක්නට ලැබේ..
    ///මට මහින්ද එක්ක අවුලකුත් නැහැ , රනිල් එක්ක අවුලකුත් නැහැ...///
    මහින්ද එක්ක අවුලකුත් නෑ කීමට අවශ්‍ය නිසා ඹබ රනිල් අවශ්‍ය නමි සෝමවංස ගුනරත්නම් ප්‍රභාකරන් හෝ දීප්ති සමග ද අවුලක් නැතැයි කිව හැකි බව පෙනේ......
    මෙහි ඹබ සදහන් කරන තාක්ෂණික කරැණු පිළිබද විවාදයක් නැත... එහෙත් මෙය දේශපාලනිකව රාජපාක්ෂික බව පෙනේ

    ReplyDelete
    Replies
    1. ///දැනට උතුරේ ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවලින් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සැලසුම් සාදා අවසන්. එම නිසා මතු යුද්ධයකදී භාවිතා කල හැකි කිසිවක් ඉතුරු කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.///
      ---ගොඨාභය silentsahan රාජපක්ෂ----

      Delete
    2. ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා ඇනෝ.මහන්සියෙන් ලියපු එකටවත් ගරු කරපන්.. තෝ වගේ එකෙක් හොයනව අබේවෙලට පට්ටි දාන්න වැස්සියන්ට. ඇප්ලිකේශන් එකක් දාල බලපන්.

      Delete
    3. @ පළමු ඇනෝ

      \\\\\ ඔබගේ අනෙකුත් ලිපි වලට වඩා මෙහි යම් පක්ෂපාති බවක් දක්නට ලැබේ.. ..... එහෙත් මෙය දේශපාලනිකව රාජපාක්ෂික බව පෙනේ\\\\

      එහෙම හිතන්න හේතුව මන් දන්නවා... ඒත් ඔබ එහෙම හිතන්න එපා.. පිහිය රත්තරන් උන පලියට බඩ කපාගෙන මැරෙන්නත් බැහැ , එසේම පිහිය ගඟට විසි කරන්නත් බැහැ ... පරිස්සමින් පාවිච්චි කරනවා මිසක්..


      \\\\\\---ගොඨාභය silentsahan රාජපක්ෂ----\\\\\

      ගෝඨාභයට මම ගරු කරනවා නිළ වශයෙන් සහ පුද්ගලිකව. මහින්ද රාජපක්ෂ යනු රටේ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා . ඔහුට පිටින් යන්න බැහැ නිළ වශයෙන්. පුද්ගලික ලෝකය එකක් . රාජකාරි ජීවිතය එකක්.

      මම පැහැදිළිව කියනවා ඉහත ඔබ සඳහන් කළ කිසිවෙක් සමග මට වෛරයක් නැහැ. ඔවුන් සමග වෛරයක් නැති නිසා මට හැම විටම ඇත්ත කතා කරන්න පුළුවන්.

      ඔවුන් සමග වෙනත් සම්බන්ධයක් නැති නිසා වැරදි තැනක් දැක්කත් මට කියන්න පුළුවන්.. හොඳට මතක තියාගන්න මම බ්ලොග් එක ලියන්නේ ඇරියස් පිරිමහන්න නෙවේ කා එක්ක වත්...මහින්ද රාජපක්ෂ ගැන කතාවක් ඇදුනේ ඇයි මෙතන ....? මොකක්ද සම්බන්ධය .........?


      ( හොඳින් මතක තියාගන්න විප්ලව කියන්නේ එළිපිට " මම තොට ගේම දෙනවා යකෝ. වරෙන් එළියට තොගේ රෙදි ගලවන්න කළින් " කියලා කටෙන් කරන දේවල් නෙවේ .. )

      මේ ගැන මීට වඩා කතා කරන්න දෙයක් නැහැ ..........

      Delete
    4. පැහැදිලියි සහන් ස්තූතියි

      Delete
    5. ස්තූතියි මැදහත් සිතින් මගේ පිළිතුර තේරුම්ගැනීම ගැන.. එහෙම නොවෙන්න අපි දෙන්නටම ඒ පැත්තට මේ පැත්තට කියව කියව ඉන්න දාහක් දේ තියේ මෙතන.. එවැන්නකට නොයා මෙහි බරපතළකම තේරුම්ගැනීම ගැන ස්තූතියි ......

      Delete
  50. සහෝදරයා මහන්සියෙන් තමයි මේ ලෝකෙ හැම මිනිහෙක්ම වැඩ කරන්නේ නමුත් ඒ මහන්සියෙන් කාටද වැඩක් වෙන්නෙ කියන එකයි වැදගත් ///ශ්‍රී ලංකා යුධ හමුදාව එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සැලසුම් සාදා අවසන්/// ඔබ මේ ප්‍රකාශය කරන්නේ කා වෙනුවෙන්ද? මුළු ලංකාව පුරාම හමුදාව ස්ථාන ගත කරමින් සාමාන්‍ය ජන ජීවිතයට කරන බලපෑම ම උතුරෙත් සිදු වීම නොව ඊටත් වඩා ඉහලින් උතුරේ දී එය සිදුවීම ඔබ නොදැක සිටින්නේ කෙසේද? උතුරේ පැවති මැතිවරණයට ශ්‍රී ලංකා යුධ හමුදාව කළ බලපෑම ඔබ නොදන්නේද? උතුරේ බිම් බෝම්බ හා බංකර් ඉවත් කිරීමෙන් පසු යුධ හමුදාව ගෙදර යන බව ඔබ කියන්නේද? ගෙදර ගියත් ඒ යන්නේ අපි (දෙමලාත් ඇතුළුව) රකින්නට නොවන බව ඔබ නොදන්නවා නොවේ

    මා අබේවෙල යැවිමෙන් ඔබට යථාර්ථයෙන් ගැලවීමට නොහැක

    ReplyDelete
    Replies
    1. http://www.w3lanka.com/2013/10/blog-post_5.html

      Delete
    2. මේ ලිපිය ලියවිලා තියෙන්නේ ප්‍රභාකරන්ගේ බංකරය ගැන . උතුරේ දෙමළ ප්‍රශ්නය සහ ඒවාට දිය හැකි විසදුම් ගැන අපි වෙන දවසක කතා කරමු...

      Delete
  51. සහන් මටත් නොතේරුන කොයි වෙලාවකවත් නොදකින පැත්තක් තමයි ඔයා මතුකරල තියෙන්නෙ. පේන දෙයට වැඩි යමක් තියනව කියලා මටත් දැනුයි තේරුනේ
    මේ අමාරුවන් ලබා ගත්ත නිදහස අපි සියල්ලන්ම එක්ව රැක ගන්න ඕනි. මොකද මේ ජයග්‍රහණය සැමගේ කැප කිරීම් වල එකතුවක්
    නිසා

    ත්‍රිවිධ හමුදාව - තම යුධ පුහණුවෙන් හා තම බිරින්දෑවරු නිවසේ තනිකර අවුත්දිවි පරදුවට තබමින්
    අම්මලා - සෙනෙහසින් හැදු වැඩු පුතුන් හමුදාවට දායක කරමින්
    හාමුදුරුවන් හා පුජකයින් -සෙත් පිරිත් ආශිර්වාද / යාංඥා කරලා
    බස් ත්‍රිරෝද රියදුරන් - අවධානයෙන් විමසිල්ලෙන් ඉදිමින්
    සාමාන්‍ය අය -සැක දේවල් විමසමින් , උදව් උපකාර කරමින් ය.
    මෙ විදියට හැම කෙනාම යුද්ධය සදහා දායක වුන නිසා ඒ හැම කෙනාටම ඒ පිලිබදව කතා කරන්න අයිතියක් තියනවා. ඒත් යම් සීමා වලට යටත්ව , සාමාන්‍ය සිවිල් වැසියෙක් 57 සේනාංකයේ හිටියා වගේ කතා කරනව නම් ඒක වැරදියි. මොකද ඒක අවුරුදු 10-15 ක යුධ පුහුනුවෙන් හා අත්දැකීම් වලින් හෙබි , උතුම් සේවයක් රටට කල විශේෂ කාර්ය බටයකුට කරන හානියක් නිසා. නමුත් අවාසනාව කියන්නෙ වෙන්නෙම ඕකෙ අනිත් පැත්ත . මේ සදහා ලේ හලමින් අපමණ කැප වීම් කල අය පසෙකට විසිවී නිශ්ශබද්ව සිටින අතර කොහෙවත් යන අය බොරු කියමින් ලකුණක් දා ගන්න එකයි.

    මට නම් පේන්නෙ මේ යන විදියට ලග ලගම සීතල යුද්ධයක් නැවතත් ඇති වෙයි කියලා . ඒක එක්කො ආගම් වාදි විදියට හො ජාතිවාදි විදියට වෙන්නත් පුලුවන් මොකද අපේ කට්ටියට කාලෙන් කාලෙට මොකක් හරි ගහ බැන මරා ගන්න මොනව හරි දෙයක් ඕනිනෙ.උතුරෙ තියන යුධ ස්මාරක බංකර් වුනත් (බොහොමයක්) අද ඇත්තටම යොදා ගන්න ආණ්ඩුවෙ දකුණෙ ජන්ද පදනම රැක ගන්නයි.උතුරෙ සාමාන්‍ය දමිළ වැසියන් හට වුනත් තවමත් සිත් වලට නිදහස නම් හැගීම දැනි නැහැ. නැවත නැවත ඔය බංකර් දකිද්දි දමිළ ජනයට අහිමි වුන ඊලම ගැන නැවත බාලාපොරොත්තුවක් ඇති වෙන්නත් පුලුවන් .හොදම දේ තමයි කොටින් සතුව තිබු ඔය එකකවත් මතක සටහන් මොනයම් විදියටකට වත් නොතියා ඉන්න එක දශකයක් දෙකක් වත් යනකං

    ReplyDelete
    Replies
    1. මනෝජ් හැමදාකම මගේ පෝස්ට් එකේ සම්පූර්ණ හරය එළියට අරන් කමෙන්ට් කරනවා.. ඔබ කියන දේට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා ඇර මට එකතු කරන්න දෙයක් නැහැ .. ඔබ හරියටම ප්‍රශ්නය දැකලා තියෙනවා..ඔබේ කමෙන්ටුව මුළින්ම වැටුණා නම් තවත් අගෙයි.. මොකද බලන අයටත් ඔබේ අදහස යන නිසා..

      \\\\\\\ත්‍රිවිධ හමුදාව - තම යුධ පුහණුවෙන් හා තම බිරින්දෑවරු නිවසේ තනිකර අවුත්දිවි පරදුවට තබමින්
      අම්මලා - සෙනෙහසින් හැදු වැඩු පුතුන් හමුදාවට දායක කරමින්
      හාමුදුරුවන් හා පුජකයින් -සෙත් පිරිත් ආශිර්වාද / යාංඥා කරලා
      බස් ත්‍රිරෝද රියදුරන් - අවධානයෙන් විමසිල්ලෙන් ඉදිමින්
      සාමාන්‍ය අය -සැක දේවල් විමසමින් , උදව් උපකාර කරමින් ය.\\\\\

      සහ

      \\\\\\\\සාමාන්‍ය සිවිල් වැසියෙක් 57 සේනාංකයේ හිටියා වගේ කතා කරනව නම් ඒක වැරදියි. \\\\

      මෙන්න මේ ටික සහතික ඇත්ත.. මේ දේ තේරුම් ගන්න බැරි අය නිසයි එදත් අදත් හෙටත් ප්‍රශ්න ඇති වෙන්නේ....


      \\\\\හොදම දේ තමයි කොටින් සතුව තිබු ඔය එකකවත් මතක සටහන් මොනයම් විදියටකට වත් නොතියා ඉන්න එක දශකයක් දෙකක් වත් යනකං\\\\\\\\\

      ඔව් මනෝජ් දැනටත් විශාල පිරිසක් කොටි ඉලක්ක වෙත යමින් ඉන්නේ. කොටින්ට දිනන්න දෙන්නේ නැහැ කවදාවත්...!

      Delete
  52. හ්ම් මරු පොස්ට් එක.... මට තියනවා ප්‍රශ්නයක් ඔයාට මේවගේ දේවල් ප්‍රසිද්දියේ සාමාන්‍ය පුද්ගලයන් අතරේ කියන එක අවුලක් නැද්ද?(නීතියෙන්)

    ReplyDelete
    Replies
    1. බොරළු ,


      මෙතන පොඩ්ඩක් වත් යුධ රහස් නැහැ. LTTE සංවිධානයේ සියලු දෙනා මේ දේවල් එහෙමම දන්නවා. මට මෙතන මේ දේවල් කියන්න උනේ අපේම සිංහල හරක් සඳහා.. මොකද කොච්චර කිව්වත් තේරෙන්නේ නැති උන් ඉන්නවා. ඉතින් ටිකක් විස්තර ඇතුව කියන්න උනා මට.

      මම මේ බ්ලොග් එක පටන් ගත්තේ කිසිම විදිහකින් මේවා ගැන කතා කරන්න නෙවේ.. මට නීතියෙන් ගැටළුවක් වෙන්නේ නැහැ.. මම ඒ ගැන දැනුවත් බොරළු. කිසිම විදිහකින් ශ්‍රීලංකාවට හානියක් වෙන දෙයක් මගේ අතින් එළියට එන්නේ නැහැ..

      ඔබට බොහෝම ස්තූතියි වැදගත් දෙයක් මතු කිරීම ගැන...ඉඩක් ඇති විටක නැවත එන්න බොරළු....

      Delete
  53. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete
    Replies
    1. කකාට ආධාර දෙනවට මම විරුද්ධයි... සත පහක් දෙන්නේ නැහැ .. තරහ වෙන්න එපා මචන්...

      Delete
    2. ලිංගික ආධාරද භාර ගනු ලැබේ...

      Delete
    3. අපි නම් ඕවට නැහැ...කෙන්ජිව යවමු ...

      Delete
    4. හැක් හැක්.... අභීතයා කෙන්ජියට කැමති වෙයිද මන්දා.....

      Delete
  54. ඔබගේ පෙර ලිපි කියවාම කොමෙන්ට් කරන්න හිතුවා ,,, මන් හිතපු දේ හරි ,, රබර් බෝලයක් ඔබට කවදාවත් දිය යට අතහරින්න බැහැ ලෝකයට රහසින් ,,, පුළුවන් වෙලාවට ලියන්න මෙවැනි දේවල් ,,, tv එකෙන් අපි දැකපු යුද්දේ පිටුපස තියන අන්ධකාරය

    ReplyDelete
    Replies
    1. \\\\\පුළුවන් වෙලාවට ලියන්න මෙවැනි දේවල් ,,, tv එකෙන් අපි දැකපු යුද්දේ පිටුපස තියන අන්ධකාරය \\\\\\\\\\
      ඔව් මම ලියනවා . සුළිසුළං හමාවී.ඒත් මාව නවත්තන්න බැහැ , මම නැවතුණොත් මිසක .......


      \\\\මන් හිතපු දේ හරි \\\\

      මොනා ගැනද ...?

      \\\\\\\රබර් බෝලයක් ඔබට කවදාවත් දිය යට අතහරින්න බැහැ ලෝකයට රහසින් ,,,\\\\\\

      මම උත්සාහ කරනවා ඔමා...ඒත් මට තනියම බැහැ ... will you help me omaya?

      Delete
    2. මන් හිතපු දේ ඔයා දන්නවා ,,, කොමෙන්ට් අවශ්‍ය නැහැ ,,, yes ,,,,,,when you want me,,

      Delete
    3. ඒත් අවසානය ගැන මන් දන්නේ නැහැ ඔමා ... දැනටමත් අවසානයක් නැති බොහෝ දේ එක්ක මන් තනි වෙලා.......

      Delete
  55. සහන් දීපු වෝනින් එකත් නොතකා මේක බැලුවට සමා වෙන්න ඕනේ (ඒ වෙද්දීත් මම මේක ඕපන් කරලා තිබුනේ).

    අපේ සිංහලුන්ගේ තියන ලොකුම දුර්වල කමක් තමයි අති සංවේදී කම. එහෙම නැත්නම් සංවේදීයි කියලා පෙන්නන්න තියන ආසාව (පුහු ආටෝපෙට). මොකක් හරි හේතුවකට ඒක එහෙම තමයි. උවමනා තැනදී උවමනා දේ කරන එක අත්‍යවශ්‍ය දෙයක්, විශේෂයෙන්ම යුද්ධෙකදී. මොකද එහෙම තැනකදී ගන්න තීරණය බලපාන්නේ අවුරුද්දකට දෙකකට නෙමෙයි නිසා. එහෙම තැන්වලදී ගන්න තීරණ සංවේදී තරාදියට දාලා කිරලා මැනලා බලන්න හදන අයට කියන්න තියෙන්නේ ඉතින්...සහන් කියපු ටික තමයි.

    බොහොම ස්තුතියි සහන් බය නැතුව කියන්න ඕන දේ කිව්වට. ඒ වගේම මෙහෙම දේවල් නොදන්නා අයට දැන ගන්න ලියන එක හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. @ සයුරි

      ඔන්න ඔහේ එක්කෝ බලන්න සයුරි..මොකද මේවා අපිට නුහුරු දේවල්යෑ එක අතකට..උපන් දා සිට පුහු මිනිස්සු එක්ක ජීවත් වුනු අපට මේ මාස දෙක තුනක් මේවගෙන් ඈත් වෙලා උන්නා කියලා වෙන දෙයක් නැහැ නෙව..

      ඔක්කොම පෝස්ට් ටික බලන්න වෙලාව තියෙන වෙලාවට...


      \\\\\\\\\අපේ සිංහලුන්ගේ තියන ලොකුම දුර්වල කමක් තමයි අති සංවේදී කම. එහෙම නැත්නම් සංවේදීයි කියලා පෙන්නන්න තියන ආසාව (පුහු ආටෝපෙට). මොකක් හරි හේතුවකට ඒක එහෙම තමයි. උවමනා තැනදී උවමනා දේ කරන එක අත්‍යවශ්‍ය දෙයක්, විශේෂයෙන්ම යුද්ධෙකදී. මොකද එහෙම තැනකදී ගන්න තීරණය බලපාන්නේ අවුරුද්දකට දෙකකට නෙමෙයි නිසා. එහෙම තැන්වලදී ගන්න තීරණ සංවේදී තරාදියට දාලා කිරලා මැනලා බලන්න හදන අයට කියන්න තියෙන්නේ ඉතින්...සහන් කියපු ටික තමයි. \\\\\\\\\\\\\\


      මම කිව්වත් කියන්නේ මේ ටිකම තමයි අස්යුරි අකුරක් නෑර... ++++++++++++++++++++++++++++

      \\\\\\\\බොහොම ස්තුතියි සහන් බය නැතුව කියන්න ඕන දේ කිව්වට. ඒ වගේම මෙහෙම දේවල් නොදන්නා අයට දැන ගන්න ලියන එක හරිම වැදගත්. \\\\\\\\\

      ඔව් මම මේ වගේ පෝස්ට් දෙකක් තුනක් ලියනවා තව..මොකද බොහෝ දෙනා හිතන් ඉන්නේ වැරදියට පහු ගිය කාලේ ගැන..

      ප්‍රහාරක ජෙට් නියමුවෙක් මුහුණ දෙන අභියෝග සහ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙක් මුහුණ දෙන අභියෝග ගැන වෙනම ලියපු පොඩි පෝස්ට් එකක් සයුරි මේ. ඉඩක් ඇති විටක නිකන් ලෝඩ් කරලා බලන්න.. කමෙන්ට් එකක් දාන්න ඕනේ නැහැ වැඩ වැඩි නිසා ඔයාට මේ ටිකේ.

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili