දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

Showing posts with label TV and Radio Operations. Show all posts
Showing posts with label TV and Radio Operations. Show all posts

November 6, 2013

ලෝකාශ්වාදයේ පළමු අද්දැකීම කෙබඳුද ? You showed me how to do.



                  මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ලිංගික එක්වීමක මිහිර අත්දැක ඇත. සත්වයන්ගේ ලිංගික ක්‍රියාකාරකම්  සහ මනුෂ්‍යයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අතර  යම් යම් වෙනස් කම් ඇතැයි සලකති. ඊට හේතු වශයෙන් දක්වන්නේ වන සත්වයන් ලිංගික එක් වීම් හි නිරත වන්නේ හුදෙක් ප්‍රජනනය සඳහා පමණක් බවත් , මනුෂ්‍යයන් ලිංගික ඇසුරක පහස ලබන්නේ හුදෙක් ප්‍රජනනය පමණක් නොවන බවත් පවසමිනි. ( අනේ මාව නම් අල්ලගන්න එපා මේවට .මන් නෙවේ ඕක කියන්නේ )

            කාන්තාවක් හා පුරුෂයෙක් අතර ඇති වන බැඳීම ලිංගික ඇසුරක් දක්වා යෑමට නම් තවත් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතුය. ආදරය සහ සෙනෙහස , විවාහ බලාපොරොත්තුව , එකිනෙකා සමග යහන් ගත වීමට අවශ්‍ය මානසික වටපිටාව මේ අතරින් ප්‍රධානය. සිප වැළඳ ගැනීම් , තුරුළට ලං කරගැනීම , ස්පර්ශය , සහකරුගේ සරාගී ඉරියව් රස විඳීම තුළින් ලබන මිහිර මිහිපිට වෙන යම් දෙයකින් ලබාගත නොහැකියි.






         බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට කාන්තාවක සහ පුරුෂයෙකු අතර ඇති වන බැඳීම තරම් සසරට ඇද දමන  බැඳීමක් මේ ලොව වෙන නැහැ. මේ බැඳීමට ලක් වූ තරුණ සිතක හැගීම් කෙසේ ඇතිද ? ඒ අතරිනුත් පළමු ලිංගික එක් වීම කෙසේ වනු ඇතිද ?

June 11, 2013

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?

නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මනුස්සයා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ. රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක පාන්කඩ මිනිස්සුන්ගේ ටෝක් වලට සද්දේ වහ ගන්න එකෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..


මෙම පෝස්ටුවේ මුල් කොටස මාතලන්ගේ  Vulgar Journilism පෝස්ටුව සඳහා මා යෙදු කමෙන්ටුවක් ඇසුරෙන් සැකසූවක්.මෙවැනි මාතෘකා ගැන සඳහන් කරන විට ප්‍රශ්නේ සියලු සිද්දීන් ගැන සාකච්චා නොකර එක් එක් කොන් වලින් අල්ලාගෙන කතා කිරීමෙන් පලක් නැහැ.ඒ නිසාම ලිපිය කොටස් වලට කඩා වෙන වෙනම පල කිරීමත් පලක් නැහැ.මම බොහොම තදින් විශ්වාස කරන දෙයක් තමයි ප්‍රශ්නයක් ඇත්නම් කොන් වලින් අල්ල නොගෙන, සියල්ල ගැනම එක පාර කතා කරන්න ඕනේ කියන දේ. කොන් වලින් අල්ල ගන්න ඇත්තෝ කිසිදා සත්‍ය නොදකී...

මතකද මේ යුගය ලංකාවේ ...?අපි හැමෝම බිම වාඩි වෙලා අම්මලා එක්ක TV බලපු කාලේ .


         ඉස්සර ජාතික රූපවාහිනිය තුල මොන තරම් හොඳ වැඩසටහන් ගියාද ...? සෙනසුරාදා , ඉරිදා වෙනකම් ඉන්නේ හොඳට ඔලුව පුරවා ගන්න දැනුමෙන්.ඉස්සර අපි ලෝකය ගැන දැනගත්තේ ඉරිදා සෙනසුරාදට.. ( පුද්ගලිකව මට පුංචි කාලේ ඉඳන්ම සැටලයිට් තිබ්බා ගෙදර..ඒත් ඒවට වඩා මමත් බැලුවේ ලෝකල් ප්‍රෝග්‍රෑම් ) එක පාරට වක්කඩ කැඩුවා වගේ ලෝකෙම බක්කවල් ආවේ නැහැ සහ දුන්නේ නැහැ ඒ කාලේ. වැදගත් මොළයක් ඇති , විචක්ෂණ ශීලී මනුස්සයෙක් තමයි ඒ හැම දෙයක්ම මෙහෙයවෙව්වේ.. අද කෝ ඒවා ..?



              ඔබත් හොඳින් දන්නා තව බ්ලොග් හිමියෙක් ඉන්නවා බොහෝම තදින් මාධ්‍ය එක්ක වැඩ කරපු. ඒත් අවාසනාවට ඔහු මා තරම් වත් මේ ගැන කතා කරන්න කැමැත්තක් නැහැ. ඔහු අදහසක් ඉදිරිපත් කළොත් වාසනාවක්.. රටේ අවාසනාවත් ඒකමනේ. නියම සුදුස්සෝ කතා කරන්නේ නැහැ. ඔවුන්ට ජීවිතයම එපා කරවලා බළධාරීන් විසින්..!

           ඇයි ඒ වගේ මනුස්සයෙක්ට නාළිකාවක රැඳෙන්න බැරි ...? ඇයි ඒ වගේ මිනිස්සු එළවලා ගස් බල්ලෝ ඔබන්නේ ..? එක ගස් බල්ලෙක්ගෙ බලු කතාවක් ඇති , බලු අදහසක් ඇති රටක් වළපල්ලට ගෙනියන්න. ඒක නේද අද වෙලා තියෙන්නේ ...?

             අද වෙනකොට හැමෝම මාධ්‍ය කියලා හිතන්නේ අන්තිමට ගස් බලු , පාදඩ දේවල් වලට. විශ්ව විද්‍යාලයක ජන මාධ්‍ය උපාධියෙන් බැහැ ජන මාධ්‍ය වේදියෙක්ව හදන්න. එහෙම හැදෙන අය හැසිරෙන්නේ නූතන බටහිර වෛද්‍ය වරුන් වගේමයි. අද වෙනකොට මූලික හරය අමතක කරලා වෛද්‍ය වෘතියේ..



              විශ්වවිද්‍යාලෙදි උගන්නන්න පුළුවන්
සභාවක කතා කරද්දී අත පය හොලවන හැටි විතරයි . ඉතින් එවැනි පිරිස් දන්නේ අත පය හොලවන්න විතරයි . හරවත් දෙයක් කතා කරලා  පැත්තකට වෙන්න දන්නේ නැහැ..අද නාලිකා වලට වෙලා තියෙන්නේ ඒකයි. ලස්සන බෝනික්කියෝ අත පය හොලවනවා , තොල් හොළවනවා විතරයි .හරවත් දෙයක් එන්නේ නැහැ..

               ඒත් එවැනි බෝනික්කියන්ව එලවන්න හිතෙන්නේ නැහැ. මොකද අපිට ස්ත්‍රී සුවය ඒ ඇත්තියෝ ලබා දෙනවා නොමිලේ..ඒ නිසා ඉතින් ඉරිදට උදේම TV එකේ ඉන්නේ බෝනික්කියෝ..

              වැඩසටහන් නිෂ්පාදන ගැන කතා කරත් කියන්න තියෙන්නෙම ඔය ටිකමයි. බුද්ධියක් ඇති , හරියට පොයින්ට් එකට කතා කරගන්න පුළුවන් , තමන් නිෂ්පාදනය කරන වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකයෝ හොයාගන්න මොළේ ඇති මිනිස්සු දැන් නැහැ.. ඉන්නේ ඔක්කොම එක එක්කෙනාගේ හෙන්චයියෝ.. අරයගෙ මෙයා දාගන්න හරි , මෙයාගේ අරයා දාගන්න හරි බලනවා මිසක් හරි හමන් මනුස්සයෙක්ගෙන් පලක් ඇති අදහසක් අරන් කරන වැඩසටහනක් හදන්න උවමනාවක් නැහැ...

          අන්තිමට වෙන්නේ පිට කසා ගැනීම්..ප්‍රේක්ෂකයන්ට වැඩක් තියෙනවද  එක එක්කෙනාගේ පිට කසා ගැනීම්..?




අද අපි දකින්නේ පිට කසා ගැනීම් වල ප්‍රථිපල. සියලුම වගකිව යුතු තනතුරු වලට දැන් පත් වෙලා ඉන්නේ ඔය මූලධර්මය මත ආව අය..

සරළව කිසිම දෙයක් කරන්න බැහැ.

01.හරි හමන් මනුස්සයෙක් දාල වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..

02.හරි හමන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙනත් නිවැරදි බුද්ධාගම කියන්නේ මොකක්ද කියන දේ ගැන වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..

03.උසස් පෙළ ළමයි සඳහා අධ්‍යාපනික වැඩසටහන් ටිකක් කරන්න නැහැ..

04. ගෘහණියන් සඳහා "මල් පත්තර ටයිප්" නොවන වැඩසටහන් ටිකක් කරන්න නැහැ.

05.පුංචිම ළමයි සඳහා සිබිල් නැන්දගෙන් අපි විඳපු මිහිර එන්න ළමා වැඩසටහන් පෙළක් කරන්න විදිහක් නැහැ..

06.අවුරුදු 15 / 16 අයගේ මොළ වලට සාරවත් දෙයක් දැනෙන්න වැඩසටහනක් කරන්න නැහැ..

07. 20 / 25 අයට තාරුණ්‍ය සහ වෘතීය පසුබිම් වගේ මාතෘකා යටතේ වැඩසටහනක් කරන්න නැහැ..

08.30-40 අයට සරළ වින්දනාත්මක වැඩසටහනක් කරන්න නැහැ..

09.සංගීත වැඩසටහනක් කරන්න නැහැ ඉස්සර මනෝහාරී ටයිප්.(පහු ගිය දවස් වල මහේෂ් කරා ලස්සන වැඩසටහන් ටිකක් ..අන්න ඒවගේ )

10. 31-48 වයස් මට්ටම් වල පිරිසට දේශපාලනය , කාලීන වැඩසටහන් කරන්න නැහැ ටිකක් බරපතල මාතෘකා එක්ක යන..


මේ කිසිම දෙයක් කරගන්න බැහැ..

          ඩිරෙක්ටර් බෝර්ඩ් දාල , ශෙයාර් හෝල්ඩර් අත්සන් කරලා , රේටින්ග්ස් ඇප්රූව් කරන් , මාර්කටින් ඇප්රූව් අරන් , ඇමතිගෙන් අහලා , මුදලාලිගෙන් අහලා කරද්දී මේ මොනවත් ඇප්රූව් වෙන්නේ නැහැ.එවැන්නන්ට  ඕනේ සල්ලි ... මේකෙන් කීයක් එනවද සහ රේටින්ග් කොහොමද කියන දේ විතරයි එතැනදී වැදගත්..



        වෙන එකක් තියා චැනල් බ්‍රේක් ඩවුන් එකක් ගියත් නිව්ස් බාර් එකක් දාන්න බැහැ..ඒකටත් කොහෙවත් ඉන්න අය ඇප්රූව් කරන්න ඕනේ..මේ දවස් වල රස්නේ නිසා රෑට ඉන්දියන් චැනල් පේනවා ලංකාවේ ගොඩක් චැනල් උඩ.( ඒක වෙන්නේ අයනගෝලයේ පරිවාර ස්තර වල ඝනත්වය වෙනස් වීම නිසා..එතොකොට රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න බැහැ ටාර්ගට් ඒරියා එකට.ට්‍රාන්ස්මිෂන් ජෑම් වෙනවා . ඒක වෙනම මාතෘකාවක්. )

           එවැනි අවස්ථාවක කරන්න පුළුවන් තාක්ෂණික දේවල් ගැන පැහැදිළි කිරීමක් වත් දාන්න ඉඩක් නැහැ පවතින ක්‍රමය එක්ක. ඒකට ඇප්රූව් අරන් එද්දී ඍතු මාරු වෙලා. ලබන අවුරුද්දෙත් මේ සංසිද්ධිය  වෙද්දී පුද්ගලයෝ මාරු වෙලා..එක කෝල් එකෙන් අවශ්‍ය තීරණයක් හරි විදිහට අරන් වැඩක් කරන්න පුළුවන් තත්වය මග හැරිලා..වටේ යන්න ඕනේ මේවැනි දේකට පවා..

කොටිම්ම මගේ චැනල් එකේ මට add එකක් දාන්න කොහෙවත් ඉන්න අයගෙන් මට පර්මිෂන් ගන්න වෙලා..ඔතොකොට මම කව්ද මේකේ ...?



            මේ සියලු බැඳීම් වෙනස් වෙන්න ඕනේ.. නිර්මාණයක් එළියට දාන්න හෝ හරි හමන් දෙයක් , වැඩසටහනක් ඉදිරිපත් කරන්න නම් මේ බැඳීම එක්ක බැහැ..මැණික් යට ගිහින් බොරළු මතු වෙලා තියෙන යුගයක මැණික් උප දාන්නේ කොහොමද ..?



             එක එක හාල් කෑලි අරන් පුලුවන්ද රටක ඔලු හදන්න...? දෙයක් කෙළින් කතා කරන්න එක නිවේදකයෙක් අද ඉන්නවද ..? හරි පොයින්ට් එකට ඕන දෙයක් ලෝස් නැතුව ටෝක් කරන්න පුළුවන් කෙනෙක් අද ඉන්නවද ...? හරවත් සාකච්චා ජන මාධ්‍ය තුළින් මතු වෙද්දියි මිනිස්සු ඇහැරෙන්නේ..නිදාගෙන ඉන්න පොඩි එකා ඇහැරවලා  " අන්න බලපන් ප්‍රෝග්‍රෑම් " කියලා කොල්ලව කූද්දන් එන්නේ එතොකොට ... දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා මිනිස්සුන්ගේ ඔලුවලට ඔබන්න නම් හොඳ දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ ජන මාධ්‍ය ආයතනවල.. ඉස්සර හිටපු නිවේදකයෝ කතා කරද්දී අපි කට ඇරන් කොච්චර බලා ඉන්නවද ...? අද කෝ ඒ මිනිස්සු ...? නාලිකා ප්‍රධානීන් කෝ ...? ඇයි ඒ වගේ අයව ගන්නේ නැත්තේ...? අරන් හරි හමන් ගමනක් යන්නේ නැත්තේ ඇයි ...?


             හේතුව තමයි නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මගුලා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ.රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක හිස් මිනිස්සුන්ගේ  ටෝක් වලට සද්දේ වහ ගන්න කෙනෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..


*********


              අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන කර හඳුනා ගන්න ඕනේ.නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන සහ බොහෝ දෙනෙකුට කරගන්න බැරි දේත්..


සාමාන්‍ය මට්ටමෙන් කොපමණ මුදලක් එක් මාසයක් තුල අවශ්‍යද කියන දේ මේ සටහනෙන් දැනගන්න පුළුවන්.




සාමාන්‍යයෙන් MCR එකේ current බිල
එනවා මාසෙකට ලක්ෂ 6 විතර .

ප්‍රධාන ට්‍රාන්ස්මීටර් වල බිල එනවා ලක්ෂ 35 විතර නුවර සහ කොළඹ පමණක් විකාශය කලත්.( ප්‍රධාන ට්‍රාන්ස්මීටර් එකේ AC බිලම එනවා
මාසෙකට ලක්ෂ 2  )

MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( ඒවගේ MCS 3 වත් සේවයේ යොදවන්න වෙනවා )

5kw UHF ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 165 විතර වෙනවා .

පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..

ස්ටුඩියෝ වල පාවිච්චි කරන කැමරාවක් වෙනවා ලක්ෂ 6 විතර . ( එවැනි කැමරා 9 වත් ඕනේ )

වෘතීය මට්ටමේ සැටලයිට් ඩිකොර්ඩර් එකක් ලක්ෂ 6 විතර .. ( එවැනි උපකරණ 6 වත් ඕනේ )

අඩි 12-16 විෂ්කම්භය තියෙන සැටලයිට් ඩිෂ් එකක් ලක්ෂ 15 විතර . ( ඒ වගේ ඩිෂ් 6 වත් ඕනේ ගරුත්වේ බේරගන්න නම් )





සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 350 විතර .{ මොකද 42,000Km (කිලෝ මීටර් හතලිස් දෙදාහක්) දුර යනවා සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකේ සිග්නල් එක }




ඒවට ගන්න අනිත් කළමනා ටිකට තව ලක්ෂ ගාණක් යනවා.



         ඔයාල බලන CNN, FOX, BBC , AljaZ, නිව්ස් විනාඩි 30 වෙනුවෙන් අපිට ගෙවන්න වෙනවා ඒ ඒ ආයතනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 300 විතර . ( අපි එයාලට ගෙවනවා මිසක් , එයාල අපිට ගෙවන්නේ නැහැ )



          දැනට සතු විවිධ ටෙලි නාට්‍ය , ගීත , චිත්‍රපට එකතුවේ වටිනාකම බැලුවොත් රුපියල් බිලියනයක් විතර.ඒ වගේ දෙයක් හිතු මතේ ප්ලේ කරන්න බැහැ ලයිබ්රි එකේ තිබුණ පලියට.
විදේශීය ටෙලි නාට්‍ය වෙනුවෙන් ඒවායේ භාරකාරත්වයට කෝටි ගාණක් ගෙවන්න වෙනවා විකාශන අයිතිය ලබා ගන්න.


          තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර .  රන්මිණි තැන්න හදන බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට.ඔක්කොම එකතු කර බලන්න...

      හරියට TV channel එකක් කරන්න පුළුවන් විදිහට සියල්ලම හදන්න ලක්ෂ 1500 විතර යනවා ...
සේවයකන්ගේ පඩි වලටම මාසෙකට මුළු වියදම විතරක් යනවා  ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ කරන තැනක උනත් )

         ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම් අඩුම තරමේ ඕනේ මාසෙකට ලක්ෂ 270 විතර ..( මීට වඩා වියදම් තියෙනවා බාහිර විකාශන , වැඩටසහන් , කාලීන වැඩටසහන් , වැඩසටහන් වලට එන අයට කරන ගෙවීම් , හෝටල් ගාස්තු , ඉඳුම් හිටුම් , ප්‍රවාහන , තේ කෝපි වඩේ කිරි තේ පැන්ටා වියදම් ,)

කීදාහක් හොයන්නද දැන් ...?


             සාමාන්යෙන් පුද්ගලිකව නාළිකාවෙන් නාළිකාවට , වැඩසටහනෙන් වැඩසටහනට අය කරන ගෙවීම් විවිධයි.ඒ වගේම නාළිකාව සිංහලද , ඉංග්‍රීසි කියන දේ අනුවත් වෙනස් වෙනවා..මේ මුදල හොයන්න නම් අඩුම තරමේ එක තත්පර 5 ක් සඳහා 20,000 ක මුදලක් වත් අය කරන්න වෙනවා නේද ...? ( ඒ කියන්නේ එක තත්පර 5 ක වෙළඳ දැන්වීමක් සඳහා මුදල 20,000 යි.එම වෙළඳ දැන්වීම
නැවත ප්‍රචාරය කරන්න නම් නැවත 20,000 ක් අය කරනවා )


              කෙනෙක් හිතන්න පුළුවන් එක පැයකට මිලියන 10 විතර හොයන්න පුළුවන් නේද කියලා ..? ඒත් සැමවිටම ඒක සාධාරණ නැහැ .හොයන්න පුළුවන් තැනදී කෝටි ගණන් හොයනවා..එහෙම හොයන්නේ ලාභයක් නැතිව විකාශනය වන වැඩසටහන් සඳහා.උදාහරණයක් තමයි CNN නිව්ස් විකාශනය කිරීම පාඩුයි.ඒ වෙනුවෙන් අපි ගෙවන මුදල සහ අපිට ලැබෙන මුදල අතර ඍන වෙනසක් එන්නේ.

            CNN නිව්ස් එක විනාඩි 28 විතරම තියෙනවා..අපිට ඉතුරු විනාඩි 2යි. මේ විනාඩි දෙකට කොහොමද අපි ලක්ෂ කීපයක් හොයන්නේ ...? පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි ටයිම් ස්ට්‍රෙච් කරන එක. එතොකොට පුළුවන් ප්‍රේක්ෂකයන්ට නොදැනී විනාඩි කීපයක් ඉතුරු කරගන්න .ඒත් ලයිව් නිව්ස් එකක් යවද්දී මේ ක්‍රමය පාවිච්චි කරන්න බැහැ. හොඳටම දක්ෂ ප්‍රධාන පාලක මැදිරි ක්‍රියාකරවන්නන් ඉන්නවනම් පුළුවන් චැනල් එක බ්ලැක් නොයවා දඩ බඩ ගාලා add ගහන්න...

             දැන් මේ විදිහට add ගහද්දි තව බාදකයක් එනවා .ඒ තමයි CNN නිව්ස් ප්ලේ වෙන කාලය සඳහා
ගිවිසුමක් ගහලා වෙළඳ දැන්වීම් බාර ගත්තොත්,  අනිවාර්යෙන් ඒ add ප්‍රමාණය ගහන්නම ඕනේ..නැත්නම් අදාල වෙළඳ දැන්වීම් සමාගමට පුළුවන් අපිට කිසිම ගෙවීමක් නොකර ඉන්න මුළු මාසයම සඳහා.

             බැරිවෙලාවත් CNN නිව්ස් එක විකෘති වීමක් වැනි දෙයක් ( අරක්කු බොන්න එපා >>>> අරක්කු බොන්න ) උනොත් add සහ CNN නිව්ස් අතර ටයිම් කෝඩ් නොගැලපිලා තව ගැටළුවක් වෙනවා.ඒ තමයි CNN එකෙන් අපේ විකාශන බලපත්‍රය අහෝසි කරනවා..එහෙම උනොත් ආයේ CNN නැහැ. මෙවැනි ගැටළුවක් ආවොත් නාළිකාවේ ප්‍රධාන විධායක විදිහට මොකද කරන්නේ ...?


            MCR එන්ජිනියර්ගේ වැඩ තහනම් කරන්නද ..? ඒ මනුස්සයා මොකද කරන්නේ එයාට ළඟා වෙන්න බැරි ටාර්ගට් එකක් දීලා තියෙනකොට ...? MCR වැඩ කරන අයව මල් වගේ බලාගත යුත්තේ  මේකයි..ඔවුන් තමයි නාළිකාවේ හදවත..සමහර අය ඉන්නවා එක දිගට MCR එක ඇතුලේ සතියක් විතර වැඩ කරන  අය..සූර්යාලෝකය දකින්නෙත් සතියකින් විතර බොහෝ දෙනා. දක්ෂ නිළධාරීන්ම තෝරාගන්නේ මේ නිසයි. මෙවැනි කැප කිරීම් රාශියක් මැද්දේයි මේ සියල්ල දුවන්නේ. MCR වැඩ කරන කෙනෙක් අස් උනොත් එයාගේ අඩුව පුරවන්න බැහැ නිකම්ම නිකම් කොල්ලෙක්ට මොරටුවෙන් සහතික ගොඩක් එක්ක ආව ! දක්ෂම කෙනාව තොර ගන්න වෙන්නෙත් දක්ෂයෙක්ට විතරයි ..



                අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන් කර හඳුනා ගන්න ඕනේ.තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. මිනිස්සු තරහා වෙනවා.බිරිඳ , දරුවෝ තරහා වෙනවා. පුද්ගලික ජීවිතේ විනාසම වෙනවා ..


                මෙවැනි උභතෝකෝටික ප්‍රශ්න සිය දාහක් එනවා නාළිකාවක් කරද්දී..එක්කෝ ගුණාත්මක භාවය නැත්නම් ඔහේ මොනවා හරි ගහලා කීයක් හරි හොයන් පැත්තකට වීම.වර්තමානය වෙද්දී මොන තත්වයද උදා වෙලා තියෙන්නේ කියන දේ මේ සටහන කියවන බොහෝ දෙනාට වැටහේවි.මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන ..කෙසේ හෝ යහපත් විධායක ධූරයක් යටතේ ක්‍රියාත්මක වන ඉංග්‍රීසි , දමිල සහ සිංහල වැඩසටහන් මිශ්‍රව විකාශනය වන TV චැනල් එහෙක අවශ්‍යතාවය ලංකාවට තදින් උදා වෙලා තියෙන බව නම් මේ හැමෝම පිළිගනී..




එවැනි නාළිකාවක් තුළින් කල හැක්කේ කුමක්ද ...?


                  නැවත ශ්‍රී ලංකාව තුල උසස් ගුණාත්මක වැඩසටහන් විකාශනය කරන්න පුළුවන්.. පුංචි දරුවගේ සිට වැඩිහිටියා දක්වා ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්.යහපත් ආකල්ප වලින් මනස පිරෙන්න පිරෙන්න එකිනාකට ද්වේශ කරමින් ආත්මාර්ථ කාමීව මේ යන ගමනේ වේගය අඩු කරන්න පුළුවන් කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. අවුරුදු දෙකක් විතර යද්දී ආකල්පමය වශයෙන් වෙනස් වූ ප්‍රේක්ෂකයන් පිරිසක් හැදේවි. 


දේශපාලනය , තාක්ෂනය , නීතිය , සමාජ කරුණු , සෞඛ්‍ය කරුණු , සංගීතය , රසාස්වාදය , ආර්ථිකය  ගැන නිවැරදි වැටහීමක් ඇති ජනතාවකට යන්න පුළුවන් දුර වැඩි සහ යන ඩිංග සාර්ථකයි ...!

 
Update  
මෙහි සඳහන් අක්ෂර හා භාෂාමය ගැටළු කීපයක් වෙනස් කරන ලදී ...

May 1, 2013

අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.


             මේ ලිපිය අන්තර්ජාලයට එක් වන මොහොත වන විට ලංකාවේ තදින් අකුණු සිදු වන කාලයකි. ස්භාවිකව ඇති වන අකුණක ඇම්පියර් අවම වශයෙන් 25,000 පමණද වෝල්ටීය තාවය අවම වශයෙන් වෝල්ට් මිලියන 3 පමණද අඩංගුය.එමෙන්ම අකුණක් සම්බන්දව කිසිවෙකුට අනාවැකියක් පල කල නොහැකි නිසා අකුණකින් විය හැකි අනතුර බෙහෙවින් වැඩිය.ලිපියේ අරමුණ අකුණු අනතුරු හැකිතාක් අවම කර ගැනීමට ඔබට තොරතුරු ඉදිරිපත් කිරීමයි..

ස්වභාවික අකුණක් හට ගන්නේ ධන හා ඍණ වශයෙන් ස්ථිති විද්‍යුත් ආරෝපිණ ලද වලාකුළු තුළදීය.බොහෝ විට වර්ෂාව ඇති අවස්ථා වලදී

01.වලාකුලක් හා තවත් වලාකුලක් අතර (CC )
02.එකම වාලාකුලේ ස්ථර දෙකක් අතර (IC )
03.වලකුළුත් පොළොවත් අතර (CG )





මෙවැනි අකුණු ඔබ දැක ඇත.ඈත අතීතයේ සිටම විද්‍යාඥයන් අකුණක මූලික ස්වරූපය හඳුනා ගැනීමට උත්සාහ කලද වර්තමානය වන තෙක් අකුණක සමස්ථ ක්‍රියාවලීය අධ්‍යනය කර නොමැත.අදටද හඳුනා ගැනීමට අපහසු සංසිද්ධි කීපයක් අප හමුවේ ඇත.

අකුණක් යනු ඉතා තද විද්‍යුත් බලයක් සහිත අයනීකරණ වූ වායු ( ප්ලාස්මා ) පරිපථයක් ඔස්සේ ගමන් ගන්නා කිලෝ මීටර 4 සිට 8 දක්වා දුරක් සහිත විදුලි ධාරාවකි. ඇත්තෙම්ම අකුණක විසර්ජන ක්‍රියාවලිය , එනම් එය පොළොව කරා පැමිණ භූගත වන තෙක් අති සංකීර්ණ ක්‍රියා රැසකට භාජනය වේ. ( ප්ලාස්මා පරිපථයක් යනුවෙන් මෙහිදී හඳුන්වා ඇත්තේ ඉතා සීග්‍ර වේගයෙන් අයනීකරණය වෙමින් / නැති වෙමින් අකුණේ ශක්තිය උරා ගනිමින් එයට භූගත වීමට මාර්ගය සලසන මිලි තත්පර 10 කට පමණ සීමා වූ වායු ධාරාවටයි.මින් ඉදිරියට ලිපිය තුල වායු = gas යනුවෙන් භාවිත කරමි )


උණුසුම් වායු ස්ථර හා සිසිල් වායු ස්ථර අතර හට ගන්නා චලන හේතුවෙන් පෘතුවි වායු ගෝලය තුල නොයෙක් නොයෙක් කැළඹීම් ඇති කරයි.සාමාන්‍ය සුළන් හැමීමේ සිට විශාල කුණාටු , ටොර්නාඩෝ දක්වා මෙම කැළඹීම් පැතිරිය හැක.




අකුණක ඉතාම සරළ සිංහල පැහැදිළි කිරීම.



මෙතැන තියෙන්නේ අධිවේගී කැමරාවකින් ගත්ත අකුණක චායාරූප මාලාවක්.තත්පරයට frame 500 ක වේගයෙන්
ප්‍රංශයේ Toulouse නගරයේදී තමයි මේක අරන් තියෙන්නේ..පැරිසියේ ඉඳල 600km වගේ දුරකින් තමයි මේ පැරණි නගරය පිහිටලා තියෙන්නේ..


ඉහළ අකාශයේදී ඇති වන උෂ්ණත්ව වෙනස් කම් නිසා වලාකුළක එක් එක් මට්ටම් වලදී අයිස් ස්ඵටිකද , ජල අංශු වෙන වෙනමද ගැටීමකට ලක් වී අයිස් ස්ඵටික වලට ධන ලෙස ආරෝපණය වීමට අවස්ථාවද , දූවිලි සහ ජල අංශු වලට ඍණ ලෙස ආරෝපණය වීමටද අවස්ථාව සලසා දේ.

දීර්ඝ වශයෙන් මෙවැනි ගැටීම් ප්‍රකෝටි ගණනක් ඇති වීම හේතුවෙන් පියවරෙන් පියවර වලකුලෙහි පහළ ස්ථරය තුල (මුල් කිලෝ මීටර 5) ඍණ වශයෙන් ආරෝපණය වූ අණුද , ඉහල ස්ථරය තුල ( ඉහළ කිලෝ මීටර 6- 8 ) ධන වශයෙන් ඇති වූ අරෝපණද තැන් පත් වීමට ගනී.



මේ විදිහට ටිකෙන් ටික වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍රය තුල ඇම්පියර් 50,000 දහසක පමණ ශක්තියක් ඒක රාශී වීමටත් , ටිකෙන් ටික විභව අන්තරය වෝල්ට් මිලියනය පසු කිරීමටත් අවස්ථාව සලසයි. දිගින් දිගටම වායු කැළඹීම් සිදු වෙමින් මෙම ක්‍රියාවලිය ඉතා බිහිසුණු ස්වරූපයක් ගැනීම ආරම්භ වේ.

{ මෙම ක්‍රියාවලිය තුළදී ආරෝපණ ඒක රාශී වීම සංස්ථිති නියමයේ එක් ප්‍රබෙධයක් වූ (Space charging) ඒකක වර්ගඵලයක් මත
ආරෝපණ විසිරීමේ මූලධර්ම භාවිතයෙන් මැනිය හැක.Space charging වූ මෙම ක්‍රියාවලිය සිදු වන්නේ පාරවිද්යුත් ද්‍රව්‍ය තුල හෝ රික්තකයක් තුළදීය. මන්ද යත් විදුලිය සන්නයනය කරන ද්‍රව්‍යක් තුලදී නම් ආරෝපණ ඉතා ඉක්මනින් උදාසීන මට්ටමට ළඟා වේ . මනින්නට දෙයක් ඉතුරු නොවේ. මෙය සොයා ගැනීමට මුල් වී තිබෙන්නේ ලෝ ප්‍රකට විද්‍යාඥයෙක් වූ තෝමස් අල්වා එඩිසන් විසින් රික්තයක් තුල දැවී අළු වී යාමේදී සිදු වන ශක්ති වෙනස් කම් අධ්‍යන කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි .මෙම මූලධර්මය භාවිතයෙන් තමයි රික්තක වෑල්ව් පවා හදල තියෙන්නේ . ඒ නිසා මේ දේ ඔබ විද්‍යාව ගැන උනන්දු අයෙක් නම් අතිශය වැදගත් ක්‍රියාවලියක් .මොකද ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගන්න තැන් වලදී මේ දේවල් හරි ප්‍රයෝජනවත් .හොඳ දක්ෂ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් මේ දේවල් ගැන පැහැදිලි අවබෝදයක් තියෙන කෙනෙක්ට . ලෝකෙට අලුතෙන් ට්‍රාන්ස්සිස්ටර් එකක් දායාද කරන්න පවා පුළුවන් එහෙම ඉගෙන ගත්ත කෙනෙක්ට . }


ඔන්න දැන් මේ වලකුළේ ඉහලම ස්ථරය ඉතාම දැඩි ලෙස ධන වශයෙන් ආරෝපණය වෙලා , පහළ ස්ථරය ඉතාම දැඩි ලෙස ඍණ ලෙස ආරෝපණය වෙලා ..පෘතුවිය උදාසීන විදිහට ඉන්නවා..නමුත් මේ විද්‍යුත් වශයෙන් active layer 3ටම තවම ලොකු බාධකයක් තියෙනවා. ඒ තමයි මේ ස්ථර අතර පවතින දුර ..කිලෝ මීටර 4- 6 දක්වා දුරක් තියෙන නිසා තවමත් මේ layer 3 එන්න එන්න electrically activate වෙනවා වායු කැළඹීම් එක්ක තව තවත් වලාකුළ තුල ආරෝපණ එකතු වෙනවා ..ඇම්පියර් ගණන එන්න එන්න 80,000 පමණ වන තෙක්ද , වෝල්ටීය තාවය මිලියන 2 පසු කිරීමත් ඉතා සීග්‍රයෙන් සිදු වෙන්න ගන්නවා. පළමු මිලියනය සැදීමට ගත වූ කාලයට වඩා අඩු කාලයක් තමයි දෙවෙනි මිලියනයට ගත වෙන්නේ , 3 හැදෙනවා ඊටත් වඩා ඉක්මණින් ...


(එහෙම වෙන්න හේතු වෙන්නෙත් space charging වලම වෙන තවත් සංසිද්දියක් උන හීටීරියෝ චාර්ජින් සහ හෝමෝ චාර්ජින් කියන තත්වයන් නිසා.AC ධාරාවක මුළු circle එක දිහා බැලුවොත් එහෙම net sum එක ශූන්‍ය උනත් ද්‍රැව දෙක වෙන් කලොත් අති විශාල ශක්තියක් ගැබ් වෙලා තියෙනවා වගේ සිද්දියක් මේක.
අපි බලපු spell binders කතාවෙත් මායා බන්ධකයෝ කරන්නේ කාන්දම් ගල් වල ගැබ් උන ශක්තිය ද්‍රෑවීය තාවය වෙන් කරලා ලොකු ශක්තියක් නිපදවා ගැනීම )


මේ විදිහට පොළොවත් වලකුලේ ස්ථර දෙකත් අතර ඇති වෙන ඉතා තද විද්‍යුත් ආරෝපණ නිසා පොළොවේ මතු පිටත් වලකුලේ පහල ස්ථරය මතත් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා . තව දුරටත් වායු බිත්තියකින් මේ ස්ථර කීපය මෙල්ල කරන්න බැහැ.මෙන්න මේ අවස්ථාව භයානකයි.මේ තැනට පත් උනාට පස්සේදී කරන්න දෙයක් ඇත්තේ නැහැ.ගත වෙන මොහොතක් මොහොතක් ගානේ වලකුලේ ඒකක වර්ගඵලයක් මත එකතු වෙන ශක්තිය සීග්‍රයෙන් වැඩි වෙනවා..

මෙතනින් එහාට වෙන්නේ වලකුලේ පහලම layer එකේ තියෙන වායු අංශු අයනීකරණය වෙන්න ගන්නවා.මුල්ම ඇරඹීම වෙන්නේ වළාකුලෙහි ඍණ ලෙස ආරෝපිත කලාපයෙන් අර්ධ වශයෙන් අයනීකරණයට ලක් වෙමින් පවතින වායු අණු නිදහස් වීමත් එක්ක.ධන ලෙස ආරෝපිත වූ අංශු මීළඟට නිදහස් වෙන්න ගන්නවා. ධන ලෙස ආරෝපිත අංශු ඉහළටත් , ඍණ ලෙස ආරෝපිත අංශු පොළොව දෙසටත් ගමන් අරඹනවා.ඒ කියන්නේ මිලියන 7 පමණ වන වොල්ටීයතාවයෙන් යුතු , ඇම්පියර් 80,000 පමණ ශක්තියක් අඩංගු විදුලි කදම්භය පොළොව දෙසට ගමන් ඇරඹීම සිදු කර අවසන් ...



මේ විදිහට පැන නගින අයනීකරණය වෙමින් පවතින වායු අණුව කරන්නේ තමන්ට ඉස්සරහින් තියෙන වායු අංශුවත් අයනීකරණය කරන්න ශක්තිය ලබා දීම.මොකද පිටිපස්සෙන් දරන්න බැරි තරම් විද්‍යුත් පීඩනයක් / ශක්ති ප්‍රභවයක් / එන්න එන්න හැදෙමින් තිබීම .

( මේ දේවල් වල 100% පැහැදිළි කිරීම මම ටිකකට skip කරනවා හොඳද ? නැත්නම් මේ සංසිද්දිය තේරුම් ගන්න බැරුව යනවා.මේ විදිහට විදුලිය ගමන් කිරීමට කියන්නේ කොරෝනා සංසිද්දිය කියලා . ප්‍රභව දෙකක් හෝ ඉලෙක්ට්‍රොඩ දෙකක් අතර අවම වශයෙන් 12,000v හෝ ඊට වඩා විභව අන්තරයක් ඇති විටක ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පවතින gas අයනීකරණය කරමින් ඒ ඔස්සේ විදුලිය පුළිඟුවක් ලෙස ඉවතට විසි වීම තමයි මේ සංසිද්දියේ මුල්ම මට්ටම .



පෙට්‍රෝල් එංජිමේ spark plug එක වැඩ කරන්නේ මේකේ මූලිකම අදියරෙන් .මේ සංසිද්දී වල වැඩිදියුණු අදියරකින් තමයි ෆොටෝ කොපි මැෂින් එක දෙවෙනි වර භාවිතා කරන්න පුළුවන් විදිහට Reset කරන්නේ . මේ සංසිද්දියේදී වෙන තවත් එක් සුවිශේෂීම සංසිද්දිය තමයි ඕසෝන් වායුව නිපදවීම . අකුණු ගැසීම හේතුවෙන් විශාල විදිහට ඕසෝන් වායුවත් වක්‍රාකාරව නිපදවෙනවා. අපි බලපු spell binders කතාවෙත් මායා බන්ධකයෝ කරන්නේ කාන්දම් ගල් වල ගැබ් උන ශක්තිය ද්‍රෑවීය තාවය වෙන් කරලා ලොකු ශක්තියක් නිපදවා ගැනීම සහ එහෙම හදා ගත්ත ස්ථිති විදුලිය කොරෝනා එෆෙක්ට් එකෙන් වාතය හරහා " අවශ්‍ය තැනට " යැවීම. හැබැයි අපි ජීවත් වෙන පෘතුවියේ නම්" අවශ්‍ය තැනට "කොටස වලංගු නැහැ. )


ඒ විදිහට හැදෙන විදුලි ධාරාව නිසා වාතය සෙන්ට්‍රිගේට් අංශක 50,000 ලොකු උෂ්ණත්වයකට පත් වෙනවා මිලි තත්පර කීපයක් ඇතුලට.මේ උණුසුම කොච්චරද කියනවනම් සූර්යාගේ මතුපිට උෂ්ණත්වය වගේ 5 ගුණයක්. මේ තද උණුසුමයි දැඩි ලෙස අයනීකරණය වෙන gas ටික නිසා ඒ අවට ප්ලාස්මා එෆෙක්ට් එක ඇති කරනවා .අන්න එහෙම ඇති වෙන ප්ලාස්මා තරලය තමයි සුදු / නිල් පාටට හුරු එළියකින් පේන්නේ. Plasmatized gas  කියල තමයි මේකට කියන නියම සිංහල වචනේ. මේ Plasmatized gas විදිහට දිගින් දිගටම අලුත් පාරවල් හොය හොයා පෘතුවිය දිහාට එනවා හරියට ගහක අතු බෙදෙනවා වගේ..සමහර අතු වලට ශක්තිය මදි වෙනවා තව තවත් වර්ධනය වෙන්න ..සමහර අතු දිගින් දිගටම ශක්තිය උරා ගනිමින් පෘතුවිය දිහාට එනවා.මේ විදිහට හැදෙන අත්තක් සාමාන්‍යයෙන් අඩි 100 සිට අඩි 200 විතර දිගයි.සාමාන්‍යයෙන් මේ විදිහට ඇති වෙනඅත්තක් ඇම්පියර් 100 සිට 3000 දක්වා ප්‍රමාණයක ශක්තියක් වැය කරනවා.මේ විදිහට වලකුලේ ඉඳල පෘතුවියට පාර හොයන් එන ගමනටම විශාල ශක්ති ප්‍රමාණයක් නාස්ති
වෙනවා.( ඇත්තටම මෙහෙම නාස්ති නොවෙන්න අකුණක් වැදුණු තැනක් ඉතුරු වෙන්නේ නැහැ )

{ මෙන්න මේ අවස්ථාවේදී හරියටම ( අයනීකරණය උන වායු ) Ionized air පාර හොයා ගන්නේ කොහොමද කියන එක ගැන අදටත් , ඒ කියන්නේ 2013 මේ ලිපිය ලියන මොහොතේත් ඒක මතික තීරණයකට ඇවිත් නැහැ.ගොඩක් විද්‍යාඥයෝ කියනවා කොස්මික් කිරණ විහිදීමේ මූලධර්ම අනුව එනවා කියල.මොකද සත්‍ය වශයෙම්ම අකුණක තියෙන ශක්තිය මදි පොළොවට එක එල්ලේ විදුළි ධාරාවක් එල්ල කරන්න.කිලෝ මීටර 6 විතර දුරට කොරෝනා එෆෙක්ට් එකෙන් විදුළිය යන්නේ නැහැ.අන්න ඒකයි අදටත් විසදුමක් නැත්තේ.






ආයෙම කියනවා කොස්මික් කිරණ විහිදීම් වලට යටත් නැහැ කියල.මොකද අකුණක මේ සිද්දි දාමය වෙන්න සාපේක්ෂව ගන්න කාලය වැඩි. කොස්මික් කිරණ නිසා තමයි කාබන් 14 සමස්ථානිකය හැදෙන්නේ .පුරා විද්‍යා කැනීම් වලදී කාලය හොයාගන්නේ ඒ ක්‍රමෙන් තමයි..මීළඟ ළිපියකින් ඒක ගැන දාන්නම් }

දැන් මේ විදිහට Ionized air වලින් ටික ටික පාර හදා ගන්නවා අකුණ පොළොවට ඒම සඳහා.මේ පරිපථය සම්පූර්ණ වීම මේ විදිහට උන හැටියේම මෙතෙක් ඉතුරු වෙලා තිබුණ මුළු ශක්තියම කිසිම බාධාවකින් තොරව පොළොවට එනවා.

වලකුළත් පොළොවත් අතර අගල් 6 පමණ වන ප්‍රමාණයේ විශ්කම්භයක් ඇති කිලෝ මීටර 4-8 දක්වා දිගකින් යුතු වන යෝධ විදුළි ධාරාවක් ඇති වෙනවා.ක්ෂණිකව වායුව සෙන්ට්‍රිගේට් අංශක 50,000 පමණ උෂ්ණත්වයකට පත් වෙනවා .ඒකෙන් තමයි තද පිපුරුම් හඬක් ඇති වෙන්නේ.ඒ වගේම තත්පර 2 ඉඳන් 10 වගේ කාලයක් යනකම් අපිට Plasmatized gas පෙනෙන්න තියෙනවා ..







01.මේ විශාල විදුලි ධාරාව නිසා ලොකු චුම්භක ක්ෂේත්‍රයක් අවට ඇති වෙනවා
02.විශාල bandwidth එකක් තියෙන විද්‍යුත් චුම්භක තරංග මාලාවක් ඇති වෙනවා


අකුණ පොළොවට ආවට පස්සේ මොකද වෙන්නේ ?



25,000A X 6,000,000V විතර වෙන ධාරාවක් බලාපොරොත්තු නැති වෙලාවක ලැබුණම වෙන්නේ ඒක ක්ෂණිකව විහිදෙන්න ගන්නවා පොලොව දිගේ.මේ විදිහට පොළොව දිගේ විහිදිලා යන විදුලි සැර නිසා තමයි ගොඩක්
අනතුරු වෙන්නේ .ඒ කියන්නේ සතෙකුගේ එක කකුලකින් ඇතුල් උන විදුලිය අනික් කකුලෙන් නැවත භූගත වෙන්න පුළුවන්.අවාසනාවකට මෙහෙම යන විදුලි ධාරා ටිකත් කොහොම පැතිරේවිද කියන එක ගැන අනාවැකි කියන්න බැහැ.අකුණ වැදුන තැන ඉඳන් 15m විතර යනකම් සිටීම මාරාන්තික වෙන්න පුළුවන් එක එල්ලේ අකුණක් නොවැදුණත්..


සාමාන්‍ය ජීවිතයේ ඔබට හුරු පුරුදු නැති විශේෂිත අකුණු වර්ග.

01. පොළොවේ සිට වලාකුළු දක්වා විහිදෙන අකුණු (GC )
02. Positive lightning

මෙහි පළමු වර්ගය ගොඩක් වෙලාවට වෙන්නේ Transmission towers වලදී.ඒ කියන්නේ කාලයක් තිස්සේ RF power එක නිසා හෝ උස් කඳු මුදුන් වලදී වෙන වලාකුළු ස්පර්ශය නිසා හෝ එකතු උන ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා වලාකුළකට ඒ ආරෝපණ නිදහස් කිරීම .සාමාන්‍ය අකුණක් තරම්ම ප්‍රභලව වදිනවා.දිශාව විතරයි වෙනස්.හරි විදිහට හදපු නැති Transmission towers මේ නිසා විනාශ වෙනවා..




Positive lightning කියන මේ වර්ගය තමයි අතිශය භයානක.අපි කලින් කතා කරපු සාමාන්‍ය අකුණු ඇති උනේ වලකුලේ පහළ ස්ථරය හා පෘතුවිය අතරනේ.නමුත් මේ අකුණු වර්ගය ඇති වෙන්නේ අකුණක තියෙන ධන ලෙස ආරෝපණය උන ඉහලම ස්තරය හා පෘතුවිය අතර.පොළොව හා තියෙන දුර වැඩි . විදුලි ධාරාව හිතන්නත් බැරි තරම් අගයක් ගන්නවා..ඒ කියන්නේ ඇම්පියර් ලක්ෂම 3 කට වැඩි..වෝල්ටීයතාවය වෝල්ට් මිලියනම 1000 ට වැඩි. ඒ කියන්නේ වෝල්ට් බිලියනයක් ! මෙහෙම අකුනකදී වෙන තවත් වැදගත් දෙයක් තමයි




01.අධික චුම්භක බල රේකා පිහිටීම / වෙනස් වීම් ( flux )
02.විද්‍යුත් චුම්භක තරංග ඇති වීම ( EMF )
03.හර්ට්ස් 1 සිට 1000 දක්වා පරාසයේ රේඩියෝ තරංග(EMF ) අධිකව ඇති වීම

ඔය වගේ හේතු වල අතුරු ප්‍රතිපල විදිහට ඔබ ලෝහ දණ්ඩක් අල්ලන් හිටියත් ඒක තුලින් විදුලිය ජනනය වෙන්න පුළුවන්..( මේක වෙන්නේ Positive lightning වලදී විතරමයි හොඳද ? සාමාන්‍ය අකුණකට මේ හැකියාව නැහැ )

ගුවනේ සැරි සරමින් ඉන්න ගුවන් යානයක් මෙහෙම අකුණකට මූණ පෑවොත් සම්පූර්ණ පරිගණකගත ජාලයම බිඳ වැටෙනවා එක මොහොතෙන්.ගොඩක් ගුවන් යාන විනාශ වීම වෙලා තියෙනවා 1970 විතර වෙනකම්.අයිස් ස්පටික , හිම ස්ඵටික එක්ක වෙන ඝර්ෂණය නිසාත් ගුවන් යානයක් තුලත් ලොකු ස්ථති විද්‍යුතයක් ඇති වෙලා ගුවන් යානයේ සංනිවේදන ඇන්ටෙනා / පරිගණක ජාලය අක්‍රීය වෙන තත්වයක් එනවා ..නමුත් අද පියාසැරීමට අවසර ලැබෙන්නේ මෙවැනි අකුණකට / ස්ථති විද්‍යුත් ප්‍රහාරයකට උනත් ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයේ ප්‍රමිතියක් තියෙන ගුවන් යාන විතරයි..

ඒ නිසා බය වෙන්න එපා ගුවනේදී ඔබ ආරක්ෂිතයි...





කට්ටියට මතකද මීට අවුරුදු 6 කට විතර කලින් ඔයාලට TV බලන්න බැරුව ගියා දවස් 4 විතර? හේතුව තමයි අකුණකින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පිදුරුතලාගල ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය විනාශ උනා.ඔක්කොම දේවල් කර වෙලා අඟුරු උනා.ප්‍රධාන 20kw ධාරිතාවය තියෙන transmitter එකේ ගොඩක් steps අඟුරු උනා මේ අකුණෙන්.අපි විස්වාස කරන්නේ එදා වැදුනෙත් Positive lightning කියන වර්ගයේ අකුණක් කියලයි.ඒක වෙද්දී මගේ සහෝදරයත් සේවයේ යෙදී හිටියා .වාසනාවකට පිළිස්සුම් තුවාල ඇර ජීවිත හානි උනේ නැහැ කාටවත්.
spy.




මෙහෙම අකුණක් සාමාන්‍ය තැනකට වැදුනොත් නම් අනිවාර්යෙන්ම වෙන විනාශය හිතන්න වත් බැහැ.Telecommunication විශයේදී අපි මූණ පාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අකුණු අනතුරු . ඒ නිසා අකුණු ගැන ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න වෙනවා මේ විශයට කෙනෙක් ආස නම්. ඩොලර් මිලියන ගණනක් වටිනා උපකරණත් , ජීවිතත් ආරක්ෂා කරගෙන දිගටම සේවය පවත්වා ගන්න වෙනවා අකුණු පිට අකුණු ගැහුවත්.අකුණු ගැහුවා කියල Tx off කරන්න බැහැනේ. ඉතින් ගොඩක් තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා මේ සඳහා...පහත දක්වන්නේ ඉන් කීපයක් විතරයි නිවසකට අවශ්‍ය මට්ටමේ...


කොහොමද එදිනෙදා සාමාන්‍ය ජීවිතේදී අකුණු අනතුරු වලක්වා ගන්නේ ?


දැන් හැමෝම දන්නවා ඇති නේද අකුණක් ගැන ගොඩක් විස්තර. ඒ කියන්නේ අකුණක් ගැන ලොකු අවබෝදයක් , අකුණක හැසිරීම් ගැන විස්තරයක් වගේ.දැන් අපි සැලසුම හදමු අකුණ කියන සතුරාගෙන් බේරෙන්න ....


01. උස ස්ථාන වල ඉන්න එපා

හිතන්න ඔබ ඉන්නේ rooftop එකේ නම් වහින වෙලාවට අකුණක් වැදීමේ අවදානම වැඩි ඔබට.ඒ නිසා ඉක්මනට බිම් මහලකට එන්න වහින වෙලාවට

02. පාලු පිට්ටනි / පාරවල් වගේ එළිමහන් තැනක ඉන්න එපා..හිතන්න ඔබ ඉන්නේ පිට්ටනියක මැද්දේ කියල .ඒ කියන්නේ නොදැනුවත්වම ඔබ පිට්ටනියේ ඇති උසම ස්ථානය බවට පත් වෙලා ..වහාම ඉවත් වෙන්න ඕනේ..නැත්නම්
.upset.

03.රැහැන් සහිත දුරකථන භාවිතය කිසිසේත් හොඳ නැහැ .. ඒ කියන්නේ දුරකථන කුලුණකට අකුණක් වැදුනොත් එහෙම රැහැන් දිගේ අකුණෙන් කොටසක් එනවා එනවාමයි..ඔබේ ස්ථාවර දුරකථනය , මොඩමය පරිගණක සහ අනිකුත් උපකරණ switch off නොව unplug කරන්න ...

04.ප්‍රධාන 230/400 විදුලි ජාලයෙන් TV , Radio , ෆ්‍රිජ් වැනි වටිනා උපකරණ unplug කරන්න .මොකද switch off කරලා තිබ්බට වැඩක් නැහැ..කිලෝ මීටර් ගානක් දුර ඉඳන් ආව අකුණකට switch එක ඇතුළේ තියෙන 4mm දුර මොකක්ද ?

 
05.TV ඇන්ටෙනාව TV එකෙන් ගලවා නිවසෙන් එළියට දමන්න.( TV එක නෙවේ වයර් එක
roll. ) මොකද TV ඇන්ටෙනාවට අකුණක් වැදුනොත් ඒකෙන් කොටසක් ඇන්ටෙනා වයරය දිගේ එන්න පුළුවන් .

06. කම්බි වලින් රෙදි වැල් එහෙම හදලා තියෙනවද ?
ඒවා හැකි තරම් නිවසෙන් ඈතට කරන්න..

07. ගෙදර වැට කම්බිද / යකඩද / ග්‍රිල්ද ?
අකුණු සහිත වෙලාවට ඈතින් ඉන්න .මොකද වැට දිගේ අකුණක
කොටසක් එන්න පුළුවන් ...

08.නිකන් ආවට ගියාට අකුණු සන්නායක කියල වෙළඳපොලේ තියෙන දේවල් ගෙනත් ගෙදර හයි කරගන්න එපා .අහක යන අනතුරකට අත වැනීමක් වෙන්න පුළුවන් ඒක.
peace.

09. තදින් අකුණු ගහන වෙලාවක ඔබ රිය පදවනවා නම් කොහොම වත් රියෙන් බහින්න එපා .වාහනය තුලම ඉන්න එංජිම නවත්තලා.මොකද වාහනයක් ඇතුළේදී ෆැරඩේ චේම්බර් කියන සංසිද්දිය ඉබේම වෙන නිසා ඔබ හොඳටම ආරක්ෂිතයි..

10.අකුණු වලින් ආරක්ෂා වීමට ඇති හොඳම විදිහ තමයි වාහනයක් තුලට වී සිටීම . විනාඩි 10 ඇතුළත අකුණු 3 කට වඩා ඇති වෙනවා නම් හොඳම දේ ආරක්ෂා කාරී තැනකට යෑම.

වැදගත්ම දේ තමයි ඔබ අකුණක් දුටු මොහොතේ පටන් තත්පර 10 ඇතුලත එහි ගිගිරුම් හඬ ඇසෙනවානම් , ඒ කියන්නේ ඔබ ඉන්නේ අකුණට කිලෝ මීටර 3ක් පමණ දුරින්. මේ විදිහට තත්පර ගණන අඩු වෙනවා නම් වහාම ආරක්ෂාව සලසා ගත යුතුයි...


අකුණු ගැන ඇති මිත්‍යා මත
.
( ඔබ දන්නා වෙනත් මිත්‍යා මතද තිබේ නම් ඉදිරිපත් කරන්න...)

01. Transmission towers වලින් අකුණු විසි කරනවා කියන
කතාව ගොඩක් දෙනා විස්වාස කරනවා .ඒත් එහෙම දෙයක් වෙන්නේ නැහැ . එහෙම දෙයක් තියෙනවනම් ඒකෙන් වෙන්නේ හොඳක්.ඔබේ නිවසට වැදෙන්න ඉඩ කඩ තියෙන අකුණක් tower එක හරහා භූගත වෙලා ඔබේ නිවස / ජීවිත බේරෙන්න පුළුවන්..

02.ජංගම දුරකථන වලට අකුණු ඇදිලා එනවා කියන එක .
මේකත් සම්පූර්ණ මිත්‍යා විස්වාසයක්.කිසිම විදියකින් අකුණක්
ජංගම දුරකතනයක් නිසා පොළොවට ඇදිලා එන්නේ නැහැ .ඒ නිසා
ඕනේ තරම් අකුණු ගැහුවත් පාවිච්චි කරන්න.( නමුත් ඔබ ඉන්න ස්ථානයේ
සිට මීටර 300 ඇතුලත අකුණක් ගැහුවොත් නම් දුරකථනය දැවී
යන්න පුළුවන් ඉඩ වැඩි.)

03.අකුණු ගහද්දි TV බැලීම
230/400 ප්‍රධාන පරිපථයෙන් වෙන්ව තියෙන generator එහෙකින් වගේ දේකින් විදුලිය ලබා ගෙන ආරක්ෂා කාරී ඇන්ටෙනාවක් භාවිතයෙන් බලනවා නම් කමක් නැහැ. නමුත් මෙහෙම තත්වයක් සාමාන්‍ය නිවසක නැහැ.ඒ නිසා කිසිම විදිහකින් TV බලන්න එපා අකුණු ගහද්දි.

04.දුරකථනයෙන් mp3 / Radio ඇසීම
banana.
ප්‍රශ්නයක් නැහැ ගැටළුවක් කරගන්න එපා.හැබැයි අකුණ මීටර් 200 වගේ
ඇතුලත වැදුනොත් දුරකථනය පිළිස්සී යාමේ ඉඩ වැඩි..

05.අකුණු ගහන විට ලෝහ භාණ්ඩ ඇල්ලීම සුදුසුද ?
ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.ලෝහ භාණ්ඩ නිසා අකුණු ඇදිලා එන්නේ නැහැ.නමුත් මතක තියාගන්න Positive වර්ගයේ අකුණක් වැදුණොත් නම් ලෝහ දඬු තුළින් විදුලිය නිපදෙන්න පුළුවන් .ඒත් positive වර්ගයේ අකුණක් සාමාන්‍ය නිවසකට වැදුණොත් නියත වශයෙන්ම විනාශ වෙනවාමයි.ඒ නිසා ඔන්න ඔහේ අල්ලන් හිටියත් එකයි , අල්ලන්නේ නැතුව හිටියත් එකයි... කොහොමත් ඉවරයි.

06.ලෝහ වස්තු නිසා අහක යන අකුණු ඇද ගන්නවද ? ( උදලු , කැති , මන්නා පිහි )
නැහැ කිසි සේත්ම නැහැ.නමුත් මේ වගේ ආයුධ අතේ තියන් එළි මහනෙ වැඩ කරන්න යන්න හොඳ නැහැ..ඔබව අකුණකට ඉලක්ක වෙන්න පුළුවන්..නමුත් ලෝහ භාණ්ඩයත් ඒ අතරත් සම්බන්දයක් නැහැ ..

07.බොරු කිව්වම අකුණු එනවද ?
ayyo.
පිස්සුද මෙයා එහෙනම් මේ පෝස්ට් එක හද හද ඉද්දිත්
මට වදින්න එපැයි ..
.hehe.




සාමාන්‍ය නිවසකට ගැළපෙන පරිදි අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය...




අකුණක මූලික ක්‍රියාකාරීත්වය තමයි හැකි ඉක්මණින් කෙටිම මග දිගේ භූගත වීම.පොළොවේ සිට වඩාත්ම උසින් පිහිටි තැනට තමයි වදින්නේ.


පහත රූපයේ දෙස බලන්න .එහි වම් පසින් පෙන්වා ඇත්තේ යම් කිසි උස් ස්ථානයක සිට අංශක 45 කෝණයක් සාදමින් පවතින කලාපය අකුණකින් ආරක්‍ෂිත බවයි.ඔබේ නිවස අසලද මෙවැනි උස ගසක් , කුළුණක් වැනි යමක් ඇත්නම් ඔබ බොහෝ දුරට අකුණක ඍජු ප්‍රහාරයකින් ආරක්ෂිතයි.





නමුත් ඔබේ නිවස පිහිටා ඇත්තේ හිස් / පාලු භූමියක / කුඹුරක් සමීපයේ නම් අකුණු වැදීමේ තද අවදානමක් ඇත.නිවසේ වහලය මත නිල් පැහැයෙන් දක්වා ඇති පරිදි අගල් 2.5 ගැල්වනයිස් බට වලින් සෑදු සැකිල්ලක් යෙදීමෙන් බොහෝ දුරට අකුණකින් ආරක්ෂා විය හැක.බට වල කෙලවර පොළොව තුල අඩි 6 වත් අවම වශයෙන් භූගත කල යුතුය.වඩාත්ම ආරක්ෂාකාරී වන්නේ උස ගස් කීපයක් හෝ සිටුවීමයි..( මෙහෙම දෙයක් හදනවා නම් කරුණාකර ඉංජිනේරු උපදෙස් ඇතුව හදන්න , නැතිනම් අහක යන අකුණක් ගේ ඇතුළට එන එක වෙන්න පුළුවන් . අනිත් දේ මම මේක ඇන්දේ paint වලින්.නිසි පරිමාණයට නැහැ .දළ අදහසක් ගන්න විතරයි මේක දැම්මේ )


පහත තියෙන්නේ පෝස්ටුවේ විස්තර උන සමහර දේවල් වල චායාරූප විස්තර සහිතව ..






මෙතන බොහොම සරළව ඉදිරිපත් කරලා තියෙන්නේ ෆැරඩේ චේම්බර් එකක ස්භාවය. සාමාන්‍යයෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා මේ ක්‍රමය තමයි හොදම. ඔයාල දකින හැම දුකථන / රූපවහිනී / වෙනත් සම්ප්‍රේෂණාගාරයම හදල තියෙන්නේ මේ ක්‍රමයට .1mm වගේ ප්‍රමාණයේ සිදුරු තියෙන දැලකින් ආවරණය කරලා තියෙන්නේ හැම බිත්තියම .මෙහෙම කරාට පස්සේ කිසිම විදිහකින් පිටත අවකාශයේ තියෙන ගුවන් විදුලි තරංග ඇතුළටත් , ඇතුලේ හැදෙන ගුවන් විදුලි තරංග පිටටත් යන්නේ නැහැ. ඒ වගේම අකුණකින් උනත් ආරක්ෂා කාරී...


1mm වගේ ප්‍රමාණයේ සිදුරු තියෙන දැල



මේ තියෙන්නේ අපි වෘතීමය වශයෙන් transmission house හදද්දී ඒ සම්පූර්ණ මහළම ෆැරඩේ චේම්බර් එකක් බවට පත් කරන ක්‍රමය.දැල් වලටත් වඩා මේ ක්‍රමය තමයි විශාල Tx power එකක් හදන තැනක අපි කරන්නේ ...





මේ තියෙන්න ෆැරඩේ චේම්බර් මූලධර්ම භාවිතා කරලා පුංචි පුංචි පරීක්ෂණ සඳහා හදපු ෆැරඩේ කුටි.මතකද පෝල්ගේ තාත්තටත් මෙහෙම එකක් තිබ්බා ?

මේ චායාරූපය හොදින් නිරීක්ෂණය කරන්න .බලන්න ප්‍රධාන විදුලි ධාරාව වටේට ඇති වෙන
ලා නිල් පැහැති ආලෝක ධාරාව .අන්න ඒක තමයි ප්ලාස්මා ගෑස් කියල හඳුන්වන්නේ.මේ වෙලාවේදී
තමයි ඕසෝන් හැදෙන්නෙත් .ඕසෝන් වායුව උග්‍ර විෂක් !






මේ තියෙන්නේ මේ මූලධර්මයේ සත්‍ය තහවුරු කරන ඇඟේ මයිල් කෙළින් වෙන පරීක්ෂණ ..



මතකද මම කිව්වා වාහනයක් තුළත් ෆැරඩේ එෆෙක්ට් එක ඇති වෙනවා කියල ? මේ තියෙන්නේ ඒ ගැන පුංචි පරීක්ෂණයක් ..




ඒ නිසා අහස කළු කරන් ආවත්, පාලු පිට්ටනියක හිටියත් බය නැතුව ඔබේ ගමන ඔබ යන්න ..!




අකුණු ගැන තවත් මේ වගේම පෝස්ට් 2 කට විතර කරුණු තියෙනවා .අවශ්‍ය අයට කමෙන්ට් මගින් කරුණු කියන්නම්. පුදුමයි නේද මිලි තත්පර 6 වගේ කාලයක් ඇතුළත වෙන සංසිද්දියක මේ තරම් දේවල් ඇතුළත් වෙනවා කියද්දී ? ඒ වගේම දන්නවද තාමත් හඳුනා නොගත්ත සංසිද්දී ගොඩක අභිරහසක් තමයි අකුණක් කියන්නේ..

Note : පෝස්ටුව ගොඩක් සංකීර්ණ වෙන එක වළක්වා ගන්න ඕනේ නිසා සමහර පැහැදිළි කිරීම් හරිම වචන වලින් කරලා නැහැ . ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් පැහැදිළි කිරීම එදිනෙදා භාවිතා වෙන සිද්දි ඇසුරෙන් තමයි කරේ.100% අවශ්‍ය අයට කමෙන්ට් වලින් පැහැදිළි කරනවා ..


කුණාටුවක් ඇති වෙන්නේ කොහොමද කියන දේ ගැන බොහොම සරළ පැහැදිලි කිරීමක් සයුරිගේ පහන් යායේ තියෙනවා .මෙන්න link එක ...

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.


ප.ලි. මෙම පෝස්ටුවේ ප්‍රධාන අරමුණ අකුණු වලින් ආරක්ෂා වීම ගැන තොරතුරු ටිකක් දීම උනත් මේ විදිහට පැහැදිළි කිරීම් ටිකක් කරේ මෙවැනි විශයන් ගැන අන්තර්ජාලයේ සිංහලෙන් නැති කම නිසයි.ඉස්සර අපි පුංචි කාලේ ගොඩක් විද්‍යා ලිපි කියවන්න ලැබුණත් අද වෙද්දී එහෙම ලිපි ලංකාවේ නැහැ.විද්‍යාවට උනන්දු අයට මේ ටිකත් මදි කියන හැගීම නිසයි සමහර සංසිද්දී ගැන පැහැදිළි කිරීම් පවා දීර්ඝව කලේ.මොකද අපි හැමදාම H2O ගැන ඉගෙන ගෙන හරියන්නේ නැහැ .මටත් තිබ්බා අකුණක මෙච්චර ඇම්පියර් ගාණක් තියෙනවා ඒ නිසා පරිස්සම් වෙන්න කියලා වචන දහයෙන් පෝස්ට් එක ඉවර කරන්න .ඒත් මගේ පැතුම මේවා දැකලා විශයට ආස කරන පුංචි ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..තව තව ඉස්සරහට උනන්දුවෙන් යන ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..අලුත් සොයා ගැනීම් ලෝකෙට ඉදිරිපත් කරන්නේ එහෙම අයයි.පොතේ තියෙන ටිකත් වැඩියි කියල පැත්තකට වෙන අය නෙවේ අලුත් දේවල් ලෝකෙට ඉදිරිපත් කරේ..පොතෙන් එහාට යන පිරිසක් වෙනුවෙන් තමයි මෙහෙම ලියවුණේ ...එක රැයෙන් එළි වෙන්නේ නැහැ කියල මන් හොදටම දන්නවා .ඒ උනත් මේ දේවල් අන්තර්ජාලයේ ඉතුරු වේවි ..කවදා හරි එළි වේවි...




April 20, 2013

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.



              මෙයාව මතකයි නේද හැමෝටම?එක පාරට මතක් උනා නේද නම අහපු ගමන්.මට නම් මේ ලඟදි මෙයාව මතක් උනේ මගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන ලිපි මාලාවේදී හිරු එක්ක කතා කර කර ඉද්දි. අද අපේ අසාර්ගේ spell binders පෝස්ට් එක දකිද්දී ආයෙම පහු ගිය දේවල් මතක් උනා මට ...




           අපේ කතා නායකයා ඉපදිලා තියෙන්නේ 1943 දී හැමානා විල
අසබඩ * ( මේ විල ඉස්සරම මිරිදිය විලක්ලු .1498 වෙච්චි භූමිකම්පාවකින් පස්සේ කිවුල් ස්වභාවයට පත් වෙලා ) . පියානෝ කම්හලක තමයි මෙයා පුංචි කාලේ වැඩ කරලා තියෙන්නේ.පුංචි කාලේ ඉඳල රෑ අහසේ තියෙන තරු , වෙනත් ග්‍රහ වස්තු ගැන අවදානෙන් හිටපු ඉකෙයා ඩිංග ඩිංග දුරදක්නයක් හදාගන්න තැනට ඇවිත්. මුළු දවසම මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි හොයන් ආවත් මහන්සියට නින්දට වැටිලා නැහැ ..මෙයාව බොහොම කෙට්ටු වෙලා ඉතින් මේ විදිහට වැඩ කරපු නිසා ..කෑමක් බීමක් නැහැ නින්දක් නැහැ වැඩ වැඩ වැඩ.dont_worry.


                         මුළු රෑ දවසම කරලා තියෙන්නේ අහසේ තියෙන එක එක දේවල් නිරීක්ෂණය කරන එක.මුදල් එකතු කර කර ඔහුම ඔහුට අවශ්‍ය විදිහට දුරදක්න කීපයක් හදාගෙන තියෙනවා.මෙයාට වයස 20 වගේ වෙද්දී තමයි ලෝ ප්‍රසිද්ද ධූම කේතුව හොයා ගන්න ලැබිලා තියෙන්නේ. ඒක නම් කරලා තියෙන්නේ එයාට ගෞරවයක් විදිහට ඉකෙයා-සෙකි කියන නමින්  .. ( සුටෝමු සෙකි කියන අනික් විද්‍යාඥයත් මේ ධූමකේතුව 1965 කියන කාලේදී හොයා ගත්ත නිසා එයාටත් ගෞරවයක් විදිහට සෙකි කියන නමත් ඇතුලත් වෙලා තියෙනවා ..)


                   පහත තියෙන්නේ එදා එයා හොයාගත්ත ධූමකේතුව ..1965 සැප්තැම්බර් 18 වෙනිදා තමයි මේ ධූමකේතුව හොයාගෙන තියෙන්නේ හරියටම . ඒකෙ කක්‍ෂය නිවරදි විදිහට ගණනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ අවුරුද්දෙම ඔක්තෝම්බර් 1 වෙනිදා වෙනකොට. ඒ වෙද්දී මේ ධූමකේතුව සූර්යාගේ මතුපිට පෘෂ්ඨයේ ඉඳලා 450,000 km පමණ දුරින් තමයි ගිහින් තියෙන්නේ .ධූමකේතුවක් ගැන අනාවැකි පල කරන්න අපහසු උනත් මේ ධූමකේතුව නම් ඉතාම තදින් දීප්තියෙන් බැබළිලා තියෙනවා 1965 ඔක්තෝම්බර් වෙද්දී. ඒ බැබළීම කොච්චරද කියනවා නම් දහවල් කාලේදී උනත් අහසේ මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙනවා.( මම ඒ කාලේ හිටියා නම් මාත් ඕක හොයා ගන්නවනේ එහෙනම් කියල හිතුනා නෙහ් ?
hehe1. ) ඉතාම ලඟින් පෘතුවි කක්ෂයට ඇතුල් උනාට පස්සේදී මේ ධූමකේතුව තාරකා හඳුනා ගැනීම් ශ්‍රේණියේ 10 වැනි ස්ථානයට පවා ළඟා වන මට්ටමට විශාලව පෙනිලා තියෙනවා .චන්ද්‍රයාගේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් වගේ කියල හිතාගන්නකෝ. ඒ කියන්නේ පසු ගිය වසර දහස ඇතුලත දර්ශනය උන විශාලතම හා දීප්තිමත්ම ග්‍රහ වස්තුව තමයි මේ ධූමකේතුව. පෘතුවි කක්ෂයට එන්න එන්න ලන් වීම එක්ක මේ ග්‍රහ වස්තුව කැබලි තුනකට කැඩිලා තියෙනවා.ඒ උනත් ඒ කැබලි තුනම එකම කක්ෂයේ තමයි ගමන් කරලා තියෙන්නේ. එහෙම නොවුනානම් ඇතැම් විට පෘතුවියට උනත් තර්ජනයක් වෙන්න පුළුවන් කක්ෂයෙන් පිට පැනපු ධූමකේතු කොටසකින්.මෙතනින් න්‍යෂ්ඨි දෙකක් නම් පැහැදිළිවම හඳුනා ගන්න ලැබිලා තියෙනවා .අනික් න්‍යෂ්ඨිය නම් වෙන් වීම හරියට ඇරඹිලා නැහැ ඒ දින කීපයට.පෘතුවි කක්ෂයට ලඟිම්ම ගියපු දිනයේ තාරකා හඳුනා ගැනීම් ශ්‍රේණියේ 10 වැනි ස්ථානයට ලන් වෙන තරම් ලොකුවට පෙනුනත් එක දවසෙන් ඒක ශ්‍රේණියේ  4 වැනි ස්ථානයට පසු බැහැලා තියෙනවා .ඒ කියන්නේ ඉතාම තද කෝණයක් සාදමින් පෘතුවි කක්ෂයෙන් ඉවත් වීම අරඹලා.මුල් දිනයේම අංශක 6 පමණ අති විශාල කෝණයක් සාදමින් ඉවත් වෙන්න මාන බැලීම තමයි ධූමකේතුව තුල වෙනස් වෙනස් කෝණික ප්‍රවේග හදන්නේ.මේ විදිහට ඇති වෙන තද කෝණික ප්‍රවේග කීපය නිසා තමයි ඒක කොටස් වලට කැඩෙන්නේ.

( මේ විදිහට ඇති වෙන බලය සහ බර මැන්නොත් එහෙම එක ටොන් එහෙකින් ටොන් කෝටි 50,000 ක විතර පීඩනයක් එක මොහොතෙන් ඇති වෙනවා . මේක g වලට සාපේක්ෂව කිව්වේ .වැඩිය දුර හිතන්න එපා මේ කතා කරන්නේ A / L physics නෙවේ කාර් බස් වලට apply කරපු.

ඉකෙයා සෙකිගේ වලිගයේ දිග අංශක 23 පමණ වන අගයක් . ඒ කියන්නේ කිලෝ මීටර් අවම වශයෙන් මිලියන 12 වත් වෙනවා . අපි මේ වගේ දේවල් වල දිග මනින්නේ අංශක වලින් .මොකද කිලෝ මීටර් වලින් හදන්න ගියාම ගණන් හැදීම අපහසු නිසා .සාමාන්යෙන් චන්ද්‍රයා සහ සූර්යා අංශක 10 විතර , ඇන්ඩ්‍රෝමීඩා චක්‍රවාටය අංශක 2 විතර මේ ගැන කමෙන්ට් වලින් පැහැදිළි කරන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දැනගන්න.ඉකෙයා-සෙකිගේ එක් කක්ෂයක් සම්පූර්ණ කරන්න යනවා අවුරුදු 880.ඒ කියන්නේ මේ ලිපිය දකින කිසිම කෙනෙක් නැවත ඉකෙයා සෙකිව දකින්නේ නැහැ .


ඒ වගේම විශ්වයට ගියපු ධූමකේතුවක් ගැන අනාවැකියක් කියන්නත් අතිශය සංකීර්ණ
ගණිත සමීකරණ ටිකක් ඕනේ.අහල පහල තියෙන හැම ප්‍රභල වස්තුවකම චලිතය ගණනය
කරන්න ඕනේ.මොකද එහෙකට එකක් බැඳිලා තියෙන්නේ ආකර්ෂණ බල එක්ක .
එක වස්තුවක් වෙනස් උනොත් අනික් වස්තුවට ඒකෙ බලපෑම ඇති වෙනවා ,
ඒ බලපෑම නිසා තව වස්තුවක් වෙනස් වෙනවා .ඒ වෙනස් වීමෙන් තව කීපයක්
වෙනස් වෙනවා.ඔය විදිහට එහෙකට එකක් ගැන වෙන වෙනමත් / පොදුවේත්
ගණිත සමීකරණ ටිකක් හදන්න වෙනවා . .අඩුම තරමේ ග්‍රහ වස්තු 600 ක වත්
චලිත සමීකරණ හදන් ඉන්න ඕනේ වැඩේ කරන්න කලින් . ගොඩක්ම
වෙලාවට වෙන්නේ මේ වගේ ධූමකේතු කෑලි කෑලි වලට කැඩිලා ධූවිලි බවට පත් වෙන එක ..
)


 



මෙම චායාරූපය ගැන පැහැදිලි කිරීමක් mouse pointer එක
චායාරූපය මතට ගෙනගිය විට දිස්වේ ...


                  ඔක්තෝබර් මාසේ අග හරිය වෙනකොට මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙන්නේ පාන්දර නැගෙනහිර අහසේදී.කොහොමින් කොහොම හරි 1966 මුල් කාලේ වෙද්දී නැවතත් මේ ධූමකේතුව බාහිර කක්ශයටත් , ඉන්පසුව ටිකෙන් ටික පෘතුවි කක්ෂයෙන් ඉවත් වෙමින් අපෙන් ඈතටම යන්න ගියා. ඒ වගේම දන්නවද ඉකෙයා-සෙකි කියන මේ ධූමකේතුවේ මව කව්ද කියල ?


                 ඉකෙයා-සෙකිගේ මව තමයි ක්‍රේයුට්ස් සංග්‍රාසර්ස් කියන අති විශාල ධූමකේතු ධේනුව. එයාගෙන් කැඩී කැඩී වෙන් උන කොටසක් තමයි ඉකෙයා-සෙකි කියන්නේ.( මතකයි නේද ඉකෙයා-සෙකිත් කැඩිලා ගියා කොටස් තුනකට පෘතුවි
කක්ෂයෙන් ඉවත් වීමත් එක්ක ? ) මේ කියන සංග්‍රාසින් කියන ධූමකේතු වර්ගය ඉතාම ලඟින් කක්ෂයක් පිහිටුවා ගන්නවා සූර්යා එක්ක.ඒක තමයි විශේෂත්වය.

                      ඔතොකොට ක්‍රෙයුට්ස් පවුලේ ධූමකේතු කියන්නේ මේ විදිහට කැඩී වෙන් වෙන එකම පවුලේ අයට.මෙහෙම සියවස් ගාණකට
කලින් කැඩිලා වෙන් උන ධූමකේතු ගැන හොයන්න පාවිච්චි කරනවා ඉතාම සංකීර්ණ ගණිත ක්‍රමයක්. ජර්මන් ජාතික හෙයින්රිච් ක්‍රෙයුට්ස් කියන ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥ ගණිතඥයා තමයි මේ ගණිත සමීකරණ පද්ධතිය නිර්මාණය කරේ. ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් මම . මේ ගණිත ක්‍රමයෙන් තමයි හොයා ගත්තේ ඉකෙයා-සෙකි කියන්නේ 1106 අවුරුද්දේදී ක්‍රෙයුට්ස් පවුලෙන් වෙන් උන සාමාජිකයෙක් කියලා. ගොඩක් වෙලාවට මෙහෙම කැඩෙන්නේ සූර්යා ලඟින් යද්දී වෙන බන්ධන නිදහස් වීම එක්ක.එක එක කොටස් වලට එක එක ප්‍රවේග ලැබෙන්න ගන්නවා , ඉතින් කැඩී වෙන් වීම ඇරඹෙනවා.ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් .. මේ ක්‍රමෙන් හොයාගත්ත 1680 දී මේ ක්‍රෙයුට්ස් පවුලේ කෙනෙක් සූර්යාට ඉතාම සමීපව ගිය බව.කොච්චර ලඟින්ද කියනවනම් 200,000km .ඒ කියන්නේ හරියටම පෘතුවියත් චන්ද්‍රයාත් අතර දුරෙන් හරි අඩකට සමාන දුරකින්.කොහොම උනත් දැනට පවතින ධූමකේතුවක මේ විදිහට අලුතිම්ම වෙන්න යන වෙන් වීම් නම් අපිට ගණනය කරන්න බැහැ.ඒ කියන්නේ කොයි මොහොතේ පෘතුවිය දිහාට අලුතෙන් ග්‍රාහක කොටසක් , ධූමකේතුවක් ඒවිද කියන්න අමාරුයි.නොකැඩි තියෙන තාක් නම් කක්ෂය ගණනය කරන්න පුළුවන් මම කලින් කියපු ගණිත සමීකරණ පද්ධතියෙන්.

මේක තනිකර තාරකා විද්‍යා පාඩමක් වෙන්න හොඳ නැති නිසා මෙතනින් නවත්තනවා මම .








                මේ ඉන්නේ අපේ පුංචි කාලයේ වීරයෙක් උන අද පෝස්ටුවේ කතා නායකයා උන කඔරු ඉකෙයා .මේ අපූරු දක්ෂ විද්‍යාඥයා තවමත් ජීවත් වෙනවා ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ.






( පෝස්ටුවේ සඳහන් දුර ප්‍රමාණ ආසන්න වශයෙන් දක්වා ඇත
.hehe.)





ප.ලි. මට ඉස්සර අපි ඉගෙන ගත්ත සිංහල පොත නම් හොයාගන්න බැරි උනා.
දැන් මන් ඉන්න තැන නැහැ කිසිම දෙයක්.මේක දකින කෙනෙක් ළඟ ඒ පොත
තිබ්බොත් කරුණාකරලා අදහස් බෙදා ගන්න ...
 

   ඉස්සර සිංහල පොතේ හිටපු කඔරු ඉකෙයා නිසා සයිලන්ට් සහනුත් පුංචි කලේ ඉඳන් ඕව පස්සෙමයි ගියේ. මමත් පුංචි කාලේදී ඕව ගැන අහන්න කෙනෙක් නැතුව ඔහේ හිටියා.සමහර දාට තනියම ඕනේ තරම් අඬලත් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් නොදන්න දෙයක් නම් කියල දීල නැහැ...!dnd.

      එදා මම සිංහල පොතෙන් කියවපු ඒ ලස්සන කතාවේ තිබ්බ ධූමකේතුව කියන්නේ මොකක්ද කියලවත් මට තේරුම් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් අද මම දන්නවා ඉකෙයා-සෙකි මේ විශ්වයේ ඉන්නේ කොතනද කියල එක විනාඩි 15න් හොයන්න.

කවමදාවත් කුහක වැඩ නම් ඉගෙන ගන්න පුංචි උන්ට කරන්න එපා .. කරත් කමක් නැහැ උන්ව නවත්තන්න ඒ 2.50 වැඩ වලට බැහැ ..!


--------------------------------------------------------------------------------------------


දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද ?



මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...




තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට




පෙරඋන් අය සිටවූ අඹ ගස් වල
ඵලයෙන් අප කව්රුත් ලබුවෙම් ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම ...







මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...

එකම අත්තේ වහපු තව කුරුල්ලෝ ...
පහන් යාය
කුරුන්ඳ

December 22, 2012

රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය


                     

                
මෙතනින් තමයි සියලුම පාලන කටයුතු වෙන්නේ .එක්‌ එක් ආයතනයෙන් ආයතනයටසමහර දේවල් වෙනස් වෙනවා . නමුත් ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරීත්වය මෙහෙමයි සිද්ද වෙන්නේ.මෙතන සදහන් වෙන්නේ වාණිජ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් කෙටියෙන් .මීට අමතරව මේ ටිකම වෙන විදිහකටකරන්න පුළුවන් කියල සමහර අයට හිතේවි . එහෙම හිතුනොත් කමෙන්ට් කරන්න ඇයි වාණිජ ආයතනයකට එහෙම කරන්න බැරි කියන දේ විස්තරව පොස්ට් එකකින් දාන්නම් .


විකාශනයට නියමිත වැඩසටහන් නියමිත වෙලාවට ප්‍රචාරය සදහා යොමු කිරීම , සියලුම සම්ප්‍රේෂණ කටයුතු වල ගුණාත්මක භාවය ගැන නිරන්තර අවදානය යොමු කිරීම .සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වෙත ප්‍රධාන තරංගය යැවීම > චන්ද්‍රිකා විකාශනය සදහා චන්ද්‍රිකාව වෙත , රටෙහි යම් යම් ස්ථාන වල පවත්වාගෙන යනු ලබන ප්‍රති විකාශන මධ්‍යස්ථාන , අන්තර්ජාලය හරහා විකාශනය සැපයීම ,සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පාලනය ( නියමිත අවසරලත් frequency range එක පවත්වා ගැනීම ,නියමිත ප්‍රභලත්වය පවත්වා ගැනීම , හදිසි අවස්ථාවක විකාශනය නැවත්වීම වගේ )විකාශන වන වැඩසටහන් වල රූපරාමු අවශ්‍ය පරිදි වෙනස් කම් වලට භාජනය කිරීම ,වෙළද දැන්වීම් ප්‍රධාන වැඩසටහන් හා සම්බන්ද කිරීම , ප්‍රධාන studio හි පරිපාලන කටයුතු සිදු කිරීම , වැඩසටහන් ගබඩාව පාලනය කිරීම , පිටස්තර වැඩසටහන් ආයතනය වෙත ලබා ගැනීම චන්ද්‍රිකා මගින් විකාශනය වන වැඩසටහන් ලබා ගැනීම හා එම වැඩසටහන් නැවත විකාශනය සදහා සැකසීම , වෙළද දැන්වීම් ගබඩා ගත කිරීම් , program schedule එකට අනුව සියලු වැඩසටහන් , සියලු රූප රාමු ගැලපීම , ශබ්ධ පරිපාලනය වගේ දේවල් තමා මූලිකවම මෙතනින් වෙන්නේ . ඒ ඇර අනිත් හැම දේම කරන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම TV channel එක ගෙනියන්න පුළුවන් මෙතනට අනිත් හැම තැනකම බිඳ වැටුනත් රූපවාහිනී ආයතනයේ .එත් පහසුවට හරි පුහුණුවක් නැති අය වැඩට ගන්න වෙන නිසා ගොඩක් ලගදී පටන් ගත්ත ආයතන වෙන වෙනම කොටස් වලට තමා මේක කරන්නේ .ඒකයි මන් මුලින්ම කිව්වේ පටගන්න එපා මන් මෙතන කතා කරන්නේ වාණිජ මට්ටමෙන් විකාශනයකරන ආයතනයක professional ප්‍රධාන පාලක මැදිරියක ක්‍රියාකාරීත්වය මිසක් video mixer එකකුයි camcorder ටිකකුයි , lap top එකකුයි තියාගෙන කරන දේවල් ගැන නෙවේ.
http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili