දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

Showing posts with label ගීත කවි හා නිර්මාණ. Show all posts
Showing posts with label ගීත කවි හා නිර්මාණ. Show all posts

December 12, 2013

සිංහයෙක්ව අල්ලා ගන්නා ක්‍රමය .How-to-Catch-a-LION



                 මේක මට එව්වේ ශිරන්ත කියලා මගේ යාලුවෙක්. එයාට ලැබිලා තියෙන්නේ මේල් එකකින්. ******** පෙළට එන තෙක් තියෙන්නේ මුල් නිර්මාණය. තරු පෙළින් පසුව තියෙන්නේ මම එකතු කරපු දේවල් ටික අපේ බ්ලොග් ලියන සහ කියවන අය ගැනත් වෙනත් ලෝක ප්‍රසිද්ද අය ගැනත්.


නිව්ටන් ගේ ක්රමය:සිංහයට ඔබව අල්ලගන්න දෙන්න.. මොකද හැම ක්රියාවටම ප්‍රති ක්‍රියාවක් ඇත..

අය්න්ස්ටීන් (Einstein) ගේ ක්රමය:සිංහයා බලන් ඉන්න පැත්තට අනිත් පැත්ත වේගයෙන් දුවන්න..පරස්පර සම්බන්ධ ප්රවේගය නිසා සිංහයත් හය්යෙන් දුවන්න පටන් ගනි.. හයියෙන් දුවන සිංහයා මහන්සි වෙලා නතර වෙන වෙලාවක සිංහයව අල්ලගන්න..

Software Engineer ගේ ක්රමය :පූසෙක් ව අල්ලලා කියන්න මේක තමය් සිංහයා කියලා...කවුරුහරි කිව්වොත් නැ මේක පූසෙක් කියලා ඔබ කියන්න එහෙනම් මගේ අනිත් version එකේ මූව සිංහයෙක් හැටියට Upgrade කරන්නම් කියලා..


සරත් ෆොන්සේකා ගේ ක්රමය :සිංහයට හැමවෙලේම අනතුරු අගවන්න මම ඕන වෙලාවක ඇවිල්ලා ඔයාව අල්ලන්න පුලුවන් කියලා.. ඒ බයේම සිංහයා කල්පනා කර කර මැරිලා යාවි..

මහින්ද රාජපක්ශ ගේ ක්රමය:සුදු වැන් එකක් රෑ 2 ට විතර එවලා සිංහයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා වෙඩි තියලා දාන්න..

කරන් ජෝහර්ගේ ක්රමය:ඉස්සෙල්ලා කැලේවට ගැහෙනු සිංහයෙක්ව යවන්න.. අපේ අහිංසක සිංහයා අර ගැහෙනු සිංහයත් එක්ක ආලයට පැටලාවි.. ඒකත එක්කම තවත් ගැහෙනු සිංහයෙක්ව ආයිත් කැලේවට එවන්න තව සිංහයෙක් එක්ක....දැන් පලවෙනි සිංහයා පලවෙනි ගැහෙනු සිංහයාවය් දෙවැනි සිංහය දෙවැනි ගැහුනු සිංහයාවය් සෙට් කර ගනී.. ඒත් දෙවැනි සිංහය පලවෙනි සහ දෙවැනි සිංහාවය් ආලය කරය්.. දැන් තව සිංහයෙක්ව කැලේවට යවන්න.. මොනවහරි තේරුනාද?? නැ නේද? හරි.. හරි.. තව විනාඩි 15ට පස්සෙ කියවලා බලන්න.. ඒත් තෙරෙන්නේ නැ.. මොකද මටත් තෙරුනේ නැ..


ජොජ් බුශ්ගේ :සිංහයටය් ඔසාමා බින් ලාඩන් ටය් මොන්වහරි සමබ්න්දයක් තියනවා

ලංකාවේ පොලිසියේ මාර්ගයෙන්:මොනවහරි සතෙක්ව අල්ලගෙන අතෙන් පයෙන් ගහලා, පුලුවන් තරම් වද දීලා ඒ සතාටම පිලිගන්න සලස්වන්න ඒ සතා සිංහයෙක් කියලා..

සරත් ෆොන්සේකා ගේ ක්රමය :සිංහයට හැමවෙලේම අනතුරු අගවන්න මම ඕන වෙලාවක ඇවිල්ලා ඔයාව අල්ලන්න පුලුවන් කියලා.. ඒ බයේම සිංහයා කල්පනා කර කර මැරිලා යාවි..

මහින්ද රාජපක්ශ ගේ ක්රමය:සුදු වැන් එකක් රෑ 2 ට විතර එවලා සිංහයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා වෙඩි තියලා දාන්න..


ගෝවින්දාගේ ක්රමය :සිංහයගේ ඉස්සරහා දවස් 5ක් 6 ක් එක දිගට නටන්න..

mother තෙරේසා ගේ :මොනවහරි ලොකු අනතුරකින් සිංහයව බේරගෙන දිගටම කොල ජාති කන්න දෙන්න..

 *******


කෙන්ජිගේ ක්‍රමය : මිලි ලීටර් 750 ක් රැගෙන  කැළයට යන්න.  ඇති තරම් බොන්න. ඉතුරු උනොත් සිංහයාටත් දෙන්න.

මාතලන්ගේ ක්‍රමය : සිංහයාට එපා වෙනකම් ඔක්කෝම කවළන් කරලා ටෝක් කරන්න.

 හිරුගේ ක්‍රමය : සිංහ ධේනුවක් හොයාගන්න. ධේනුවත් සමග  සිංහයා හමු වීමට ගොස් කාන්තා අයිතිවාසිකම් ගැන සිංහයාට අවධාරණය කරන්න .

වෙද මහත්තයාගේ ක්‍රමය : ලොකු දේශපාලන කතාවක් පටන් අරන් ඌට අරිෂ්ඨයක් බොන්න දෙන්න.

කතන්දරකාරයාගේ ක්‍රමය : වැඩ වැඩ වැඩ කියලා සිද්දිය මග හරින්න. වෙන කෙනෙක් අල්ල ගත්තොත් "පව්" කියලා කියන්න .

 අරුණිගේ ක්‍රමය : ඒකීය සිංහයා ගැන අධ්‍යනය කරන්න .

උදිතගේ ක්‍රමය : මාසෙකට සැරයක් ඇවිත් සිංහයා සිටිනවාදැයි සොයා බලන්න.

තිසරගේ ක්‍රමය : මොකක් හරි බර පොතක් කියවමින් කැළේ වටේ යන්න. ඇතැම් විට සිංහයා ඔබට හමුවිය හැක.

දේශකයාගේ ක්‍රමය : මොනවා හරි කටට එන එකක් කියලා එතනම ඉන්න.


සයුරිගේ ක්‍රමය : කිමෝනාව පැත්තකින් තියලා නින්ජා සටන් ක්‍රමයට අවතීරණය වන්න.


 මහත්මා ගාන්ධිගේ ක්‍රමය :"ඔයා ආවේ නැත්නම් මම එක බත් ඇටයක් කන්නේ නැහැ" කියලා උපවාසයක් පටන් ගන්න. සිංහයාට දුක හිතිලා එන්න පුළුවන්.

ප්‍රා ජේ ගේ ක්‍රමය : ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඉංග්‍රීසි සිංහයෙක් නම් ප්‍රතිචාර දක්වාවි.


සමීගේ ක්‍රමය : උම්ම්මා එකක් දෙන්න. ( ඔතන තියෙන ලින්ක් එකෙන් යන්න. හිනා යන පෝස්ට් එකක් තියෙනවා )


අරූගේ ක්‍රමය : සියල්ල ගැන සිංහයාගේ සිත නොරිදෙන පරිදි පැහැදිළි කර දෙන්න.

ඔමාගේ ක්‍රමය : ඌ සමග චැට් කරන්න.

අටම්ගේ ක්‍රමය : වෙන්නේ මොකද කියලා බලන් ඉන්න.

සිරාගේ ක්‍රමය : ඌට ඊ මේල් යවන්න.

කැළේ ඉන්න ටාර්සන්ගේ ක්‍රමය : වැලක එල්ලිලා මරලතොනියක් දීගෙන ගිහින් සිංහයාගේ ඇඟට පනින්න .

මයිකල් නයිට්ගේ ක්‍රමය : කැළේ කඩාගෙන කාර් එකෙන් යන්න.

ශීනගේ ක්‍රමය : ඌ ඉස්සරහට ගිහින් ඇඳුම් ගලවන්න.

අනර්කලීගේ ක්‍රමය :ඌ සමග හුරතල් වන්න. සිංහයා හැපුවොත් වෙන සිංහයෙක් ළඟට යන්න.

බේ වොච් ක්‍රමය : ලස්සන ගෑණු ළමයි ටිකක් වටකරගෙන උපරිම add එකක් දෙන්න.

විමල් වීරවංශගේ ක්‍රමය : ඌට ලෙමන් පෆ් එකක් දෙන්න.

ලාල්කාන්තගේ ක්‍රමය : ලබන පාර සිංහයාව අල්ලාගන්න .

සිරිමාවෝ මැතිනියගේ ක්‍රමය : සිංහයාට කෑම නොදී ඌව කෑම පෝලිමේ යවන්න.

සුදීකගේ ක්‍රමය : ටොස් එක දාලා සිංහයා සමග ක්‍රිකට් මැච් එකක් ගහන්න.

මාරයාගේ ක්‍රමය :         ????       ???????      ?????          (හිතාගන්න බැහැ . අනේ මාරයියේ උඹම ඇවිත් කියපන්.)

පත්තර මල්ලිගේ ක්‍රමය : ඌ සමග මලක් ගහන්න.

අයිලාෂ් අයියගේ ක්‍රමය : "අනේ වැඩක් නැහැ මල්ලි.මට එපා වෙලා තියෙන්නේ" කියලා කැළෙන් එළියට එන්න.

විචාරක තුමාගේ ක්‍රමය : සිංහයාගේ ගෙදර තියෙන තැන හරියටම හොයාගන්න.


පැතුම් හේරත්ගේ ක්‍රමය : උපරිම ඩීසන්ට් පිට ඉන්න. සිංහයා සමග හිනා වෙන්න. ඌ හිනා උනොත් අතට අත දෙන්න. ඌ අතට අතත් දුන්නොත් සිංහයාව ආදරයෙන් වැළඳ ගන්න.

මගේ පස්සෙන් එන වාත ඇනෝ නෝනාගේ ක්‍රමය : සිංහයාගේ නැට්ටෙන් මයිලක් වැටෙන තෙක් බලා සිටින්න.එම මයිල අතැතිව සිංහයාට දොස් නගන්න. සිංහයා චෝදනා ප්‍රතික්ෂේප කළොත් ලෝකයටම මයිල පෙන්වා සිටින්න.

බුවා මල්ලිගේ ක්‍රමය : ඉහත ඇනෝ නෝනා සමග එකඟ වන්න.




විශ්ව රංගනාත්ගේ ක්‍රමය : කැළයෙන් එළියට ඇවිත් ටෝක් කරන්න සිංහයව ඇල්ලුවා කියලා.


නලින් අයියගේ ක්‍රමය : " හි.ක." වෙන තෙක් ඉවසන්න. ( මේක මේ ලේක් හවුස් එකේද කොහෙද තනතුරක්. අසභ්‍ය වචනයක් නෙවේ. ඔහුම ඇවිත් පැහැදිළි කරාවි. )


සයිලන්ට් සහන්ගේ ක්‍රමය : බේස් බෝල් බැට් එකක් අතැතිව සිංහයා ඉදිරියේ ප්‍රාතූර්භූත වන්න. ඌ ඉදිරියට ඒමත් සමග නාසය කැඩී යන සේ බැට් එකෙන් ගහන්න. මීළඟ තත්පර 4 තීරණාත්මක විය හැකි බැවින් අවම බලය යොදවන්න. සිද්දිය දුටු අයෙක් වේ නම් ඔවුන් වෙතද අවම බලය යොදවන්න.




ප.ලි. මට මතක් වෙච්චි අය ගැන තමයි මේ ලිව්වේ..අනිත් අයටත් මතක් වෙන ඒවා ලියන්න බලන්න ....





November 12, 2013

මා පෙම් කළ ඈ... who is she ....?




පැටියෝ රෑ වෙන ගමන් යන්න එපා                         - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ ඇඟ පේන ඇඳුම් අඳින්න එපා                    - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ කටහඬ බර කරලා කතා කරන්න එපා        - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ හැම කෙනාවම ලං කර ගන්න එපා           - හ්ම්ම්ම්ම්ම්ම්



ඊට පස්සේ





බබා අර මිනිහා මට කරදර කරන්න ආව                - හ්ම්ම්ම්

බබා අර මිනිහා නරක විදිහට බලන් ඉන්නවා        - හ්ම්ම්ම්

බබා අර මිනිහා ඉන්න දෙන්නේ නැහැ                  - හ්ම්ම්ම්

බබා අර මිනිහා ඇඟටමයි එන්නේ                       - දැන් ඒකට වැරදි කාරයත් මමද?




ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ ?රෙද්ද ....


November 6, 2013

ලෝකාශ්වාදයේ පළමු අද්දැකීම කෙබඳුද ? You showed me how to do.



                  මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ලිංගික එක්වීමක මිහිර අත්දැක ඇත. සත්වයන්ගේ ලිංගික ක්‍රියාකාරකම්  සහ මනුෂ්‍යයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අතර  යම් යම් වෙනස් කම් ඇතැයි සලකති. ඊට හේතු වශයෙන් දක්වන්නේ වන සත්වයන් ලිංගික එක් වීම් හි නිරත වන්නේ හුදෙක් ප්‍රජනනය සඳහා පමණක් බවත් , මනුෂ්‍යයන් ලිංගික ඇසුරක පහස ලබන්නේ හුදෙක් ප්‍රජනනය පමණක් නොවන බවත් පවසමිනි. ( අනේ මාව නම් අල්ලගන්න එපා මේවට .මන් නෙවේ ඕක කියන්නේ )

            කාන්තාවක් හා පුරුෂයෙක් අතර ඇති වන බැඳීම ලිංගික ඇසුරක් දක්වා යෑමට නම් තවත් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතුය. ආදරය සහ සෙනෙහස , විවාහ බලාපොරොත්තුව , එකිනෙකා සමග යහන් ගත වීමට අවශ්‍ය මානසික වටපිටාව මේ අතරින් ප්‍රධානය. සිප වැළඳ ගැනීම් , තුරුළට ලං කරගැනීම , ස්පර්ශය , සහකරුගේ සරාගී ඉරියව් රස විඳීම තුළින් ලබන මිහිර මිහිපිට වෙන යම් දෙයකින් ලබාගත නොහැකියි.






         බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට කාන්තාවක සහ පුරුෂයෙකු අතර ඇති වන බැඳීම තරම් සසරට ඇද දමන  බැඳීමක් මේ ලොව වෙන නැහැ. මේ බැඳීමට ලක් වූ තරුණ සිතක හැගීම් කෙසේ ඇතිද ? ඒ අතරිනුත් පළමු ලිංගික එක් වීම කෙසේ වනු ඇතිද ?

October 12, 2013

අද කාලේ කූඹිත් විකුණන්න පුළුවන් Ants as pets ?


                   වර්ග අඩි 2X2 ප්‍රමාණයේ කුඩා කුටියක කූඹි ජනාවාසයක් ඇති කිරීමට ඔබ කැමතිද? එම කූඹින් එදිනෙදා ජීවිතය ගෙවන ආකාරය , ආහාර ගෙන එන ආකාරය , පියවරෙන් පියවර තම ජනාවාසය විශාල කරගන්නා ආකාරය ඔබටම දැක බලාගැනීමට හැකියි. පැය 24 පුරාම මොවුන් ක්‍රියාකාරීයි. මම  දැක්කේ ජර්මනියේ සාප්පුවක තියෙද්දී. කැමති වර්ග වල කූඹියෙක් අපිට තෝරාගන්න පුළුවන්. එහෙම තෝරා ගැනීම සඳහා කූඹි වර්ග 30 පමණ ඉන්නවා.


                         ඒ ඒ වර්ගයට ගැළපෙන ආකාරයට ජනාවාසය ඔබට නිම කර දීමට මෙම කූඹි සාප්පුවේ හිමිකරු සූදානම්. සමහර කූඹි ගෙවල් හදන්නේ ලී කොට අස්සේ. සමහර කූඹි ගෙවල් හදන්නේ පොළොව ඇතුලේ. සමහර අය කොළ රොඩු අස්සේ. සමහර කූඹි කන්නේ කොළ ජාති , සමහර කූඹි කන්නේ මාංශ. මාංශ භක්‍ෂක වර්ගයක් ඔබ මිලදී ගනිද්දී අවසරයක් ගන්නත් වෙනවලු. ඒ වගේම බාහිර පරිසරයට මුදාහැරීමට අවසරත් නැහැ.


                        මේ වගේ කොලනියක් යුරෝ 50 සිට ඉහළ මිළකට මිළදී ගන්න පුළුවන්. ඔබට මුලින්ම ලැබෙන්නේ එක කූඹි රැජිනකුයි එක සේවක කූඹියෙකුයි විතරයි. ඒ දෙන්නා එකතු වෙලා තමයි ටික ටික කූඹි මිලියන ගණනක කොළනිය ගොඩනගන්නේ. දවසෙන් දවස කොලනිය වර්ධනය වෙන අයුරු බලා ඉන්නත් ඔවුන්ට උපකාර කරන්නත් ඔබට පුළුවන්. ඒ කියන්නේ ආහාර , කොළ , කොලනිය සෑදීම සඳහා උවමනා කරන කළමනා එහෙම ලබා දෙන්න ඕනේ ඔබ.


                        මෙතන ඉන්නවලු ඇමරිකන් ඩෙසර්ට් ශුලුන්ප් ක්ස් ජ්හ්ස්ක් ක්ෂ්ද්ක්ඩ් වගේ නමක් තියෙන කූඹි වර්ගයක්. එක එක වර්ග වල නම් සෑහෙන ප්‍රමාණයක් කිව්වා. මට ඇහුනේ එහෙමයි. අන්න එයාලා අවුරුදු දෙකක් යද්දී මීටර් 8 ක් පොළොව ඇතුළට යන සද්ධන්ත කොලනියක් හදනවලු. ඉතින් අවුරුදු දෙකක් අවසානයේ එම කොලනිය

September 23, 2013

සල්ලාල බිරිඳට ලියු පෙම් පත . Domino Dancing - PET SHOP BOYS 1987


              වසර ගණනක් ආදරේ කරලා , කල්-යල් බලා විවාහ වූ තම බිරිඳ සල්ලාල ලෙස වෙනත් පිරිමින් පසු පස යයි නම් ස්වාමියාට කෙසේ දැනේවිද? විටක කෝපයත් තවත් විටක කළකිරීමත් සමග ඔහු නිදිවර්ජිත වනු ඇත. එහෙත් නැවත තමන් පෙම් කළ අතීතය සිහි වී ඇයට සමාවදීමට බලාපොරොත්තුව හිඳිනා ස්වාමියෙකුගේ හැගීම් කෙසේ වේවිද ?


               මේ ගීතයේ එම සිදුවීම් සියල්ල කැටිව තිබෙනවා. Domino Dancing නම් වූ ගීය 1980 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ PET SHOP BOYS නම් වූ බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම විසින් ගයනු ලබනවා. 1980 වසරේදී නීල් ටෙනන්ට් සහ ක්‍රිස් ලුවී එක්ව PET SHOP BOYS සංගීත කණ්ඩායම ආරම්භ කරනවා. සංගීත සංයෝජනය ක්‍රිස්ගෙන්ද , ප්‍රධාන ගායනය නීල්ද ලබා දෙනවා. පුද්ගලිකව මගේ ප්‍රියතම සංගීත කරුවා වන්නේද PET SHOP BOYS සංගීත කණ්ඩායමයි. ඉදිරි ලිපි මගින් ඔවුන්ගේ තොරතුරු සහ වෙනත් ගීත ගැන කෙටි සටහනක් මගේ පුද්ගලික අද්දැකීම් සමග තබන්නම්.



               අර්ථයත්  , සංගීතය හා එක් වූ මෙලඩියත් සමග මේ ගීතය බිල්බෝර්ඩ් චාර්ට් තුළ මාස කීපයක් රඳවා තැබීමට සමත් වූවා. එංගලන්තයේ 7 ,ඔස්ට්‍රියාවේ 19, ප්‍රංශයේ 40, ජර්මනිය 3 ,ඉතාලිය 4, නොර්වේ 5 ,ස්වීඩන් 6 , ස්විට්සර්ලන්තයේ 5. මුළු යුරෝපය පුරාම රාත්‍රී සමාජ ශාලා තුළ මෙහි club versions අතිශයින් ජනප්‍රිය භාවයට පත් වූවා. පුද්ගලිකව මා සේවයේ යෙදුණු රාත්‍රීන්හිදී මා විසින් නොනවත්වා මේ ගීය විනාඩි 35 ක් පමණ කන්සෝලයෙහි රඳවා වාදනය කළ වාර ගණන 80 කටත් වඩා වැඩිය.  මේ ගීතය නිකුත් වූයේ 1987 වසරේදී. වසර 26 ක් පැරණි මේ ගීතයයට සවන් දීමේදී ඉලෙක්ට්‍රොනික් නාද සංකලනයන් භාවිතයට පැමිණි මුල්ම අවධියේදී පවා ඔවුන් පෑ දස්කම් කෙසේද කියා ඔබට තේරුම්ගත හැකි වනු ඇත. එසේම ගීත ලක්ෂ 12 කට පමණ හිමිකම් දරණ මා සහෝදර නෑෂ් පවසන පරිදි ලොව පුරා පැතිර යමින් පවත්නා වූ AIDS වෛරසයේ ආදීනවද මෙම ගීතයේ අර්ථය ලෙසින් සඳහන් කරන්නත් පුළුවන්. 80 දශකය තුළදී ලොව පුරා කාම රැල්ලක් ඇතිව තිබූවා. එහි ප්‍රතිඵලයක් ලෙස දරුණු ලෙස AIDS වෛරසය පැතිර ගොස් තිබෙනවා. රති සුව විඳීමේ අහිතකර බලපෑම් ගැන මානුශීයවත් , අර්ථවත්වත් කියා පාන මේ ගීය රස විඳින්න. මෙම ගීතයේ වීඩියෝව තුළ ඇතුළත් වන්නේ කාන්තා සහ පුරුෂ රති සුව විඳීමේ ඉඟි ඇතුළත් දර්ශනයි. ( මන්ද බොහෝ අයවලුන් මෙය සමලිංගික සම්බන්දතා හුවා දක්වන්නක් බවට වරදවා තේරුම්ගන්නවා. එවැන්නක් මෙහි ඇතුළත්ව නැත. ) එරික් වොට්සන් විසින් මෙහි රූප රචනය/අධ්‍යක්ෂණයද , ඩෝනා බොට්මන් විසින් කාන්තා චරිතයද නිරූපණය කරනවා. මෙහි පද පෙළ නීල් ටෙනන්ට් සහ ක්‍රිස් විසින් නිර්මාණය කර තිබෙනවා. ( "සල්ලාල" යන යෙදුම යොදා ගන්නේ බොහෝ විට පුරුෂ පාර්ශවය අරමුණු කරගෙනය. ස්ත්‍රීන් සඳහා යෙදෙන වදන බ්ලොග් අඩවියකට නුසුදුසු බැවින් "සල්ලාල" යන යෙදුම ස්ත්‍රියක් හමුවේ වුවද භාවිතා කළෙමි.)

September 16, 2013

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfenstein-01.




                   පසු ගිය සති කීපය පුරාම හෝම්ස් සහ මම උතුරු අයර්ලන්තයේ පරීක්ෂණ කීපයකට සභාගී වී සිටියෙමි. හෝම්ස් වඩාත් උනන්දුවෙන් එම කටයුතු නිමා කලද අයර්ලන්තයෙන් නැවත පැමිණීමට දින කීපයකට පෙර මට මෙසේ පැවසීය.


" වොට්සන් මගේ මිත්‍රයා මම නැවත පැමිණෙන්නේ හෙට නොව ඊට පසු දිනයි. අපේ මේ අයර්ලන්ත ගමනින් අපි මීට වඩා යමක් ගෙන යා යුතුයිනේ මගේ මිත්‍රයා. එහෙම නේද ? " සරදම් අයුරින් හේ පැවසීය. සමහර විට දිනය පුරාම හෝටල් කාමරයට වී සිටින මගේ අලස ඉරියව් වලට ඔච්චමක් සේ ඔහු එසේ පැවසූවා විය හැකිය.


        ලහි ලහියේ තරමක ප්‍රමාණයේ බෑගයක් ලැස්ති කරගනු ලැබුවේය. ඒ වන විටත් එතුළ කුමන හෝ පරීක්ෂණ කටයුත්තකට අදාළ බඩුබාහිර ඇති බව මට තේරුම් ගියේය.


" හොඳයි . ඔබ කියන්නේ ඔබ එන තෙක් ඔබට ලැබෙන පණිවිඩ බාර ගන්න කියලනේ ? ඒක මම කරන්නම් හෝම්ස් " උදෑසන පත්තරයේ පිටු පෙරලමින් සිටි ගමන්ම මා කීවෙමි.



               සාමාන්‍ය එළි මහන් භාවිතයට සුදුසු ලෙස සැකසු උඩුකය ඇඳුමකින් හා ඝන කැන්වස් රෙද්දෙන් මැසූ කලිසමකින් සැරසී සිටි හෝම්ස් මල්ලද රැගෙන පිටව ගියේය. ඉන් දින දෙකකට පසු හෝම්ස් නැවත පැමිණියේ කුළී රියකිනි. එයින් බැස ගත් ඔහු කඩිසර ලෙස හෝටල් කාමරයට එන බව මම කව්ලුවෙන් බලා උන්නෙමි.


" හොඳයි වොට්සන් අපි සවස 3.25 දුම්රියෙන් නැවත ලන්ඩනය බලා පිටත් වෙනවා. ගමනට සියල්ල සූදානම්ද මිත්‍රයා ? . තව ටික වේලාවකින් සේවකයෙක් පැමිණ අපේ ගමන් මලු ඉවතට ගෙනයන්න උදව් කරාවි. "





_____________________


                 එලෙස පෙර දින රාත්‍රියේ හෝම්ස් සහ මම 221B බේකර් වීදියේ  නිවසට එන විට රාත්‍රී අහාර ගන්නා වේලාවට ආසන්නව තිබිණි. අද උදෑසන සිට හෝම්ස් කාමරයට වැදී කිසියම් පරීක්ෂණයක යෙදී සිටී. මා ඔහුගේ කාමරයට ගිය විට දුටුවේ ඔහු අයර්ලන්තයේ සිට රැගෙන ආ මල්ලෙන් එළියට ගත් යම් යම් දෑ මේසය පුරා විසිරව ඇති බවකි.


" වොට්සන්, තව සුළු වේලාවකින් අප හමුවීම සඳහා තරුණ නෝනා මහත්මියක් පැමිණේවි. පසු ගිය දිනක ඇය ඒවා තිබු විදුලි පණිවිඩ අද උදේ මා පිරික්සුවා. එහි සඳහන් ආකාරයට නම් මේ තරුණ නෝනා ලොකු කරදරේකට වැටෙන්න යන හැඩයි " එසේ කියමින් ඔහු විදුලි පණිවිඩ ඇති තැන අතින් මට පෙන්වීය.






" හ්ම්ම්ම්ම් පෙනෙන හැටියට තවත් අභිරහසක් වගේ. ඔබට හිතෙන්නේ නැද්ද මේ තරුණියගේත් සම්බන්දයක් ඇතියි කියා මේ සිද්දියට හෝම්ස් " කීප වරක් ලියමන කියවීමෙන් අනතුරුව මට දැනුණේ එවන් සිතුවිල්ලක්.



                       මේ කතා බහ අතරතුර දොර සීනුව නාද කරන හඬ ඇසුණු හෙයින් මා එදෙසට ගියේ දොර විවෘත කර ඇයව පිළිගැනීමේ අපේක්ෂාවෙන්.


" සුබ මධ්‍යහනක් ඔබට හෝම්ස් මහත්මයා.මා ඔබව හමුවීමට එන බව දන්වා ලිපියක් තැබූවා. මම ෂෙරිල්. " බිය සැක නැතිව කතා බහේ යෙදුණු තරුණිය.


September 14, 2013

Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )


               මේ නැගෙනහිර සෝවියට් දේශයේ 1951 සැප්තැම්බර් දිනයකි. බටහිර බලා යන දුම්රියෙන් බැස ගන්නා විට සවස 4 පමණ වී තිබිණි. අවට පරිසරය හොඳින් ඒකාලෝක වී තිබුණු මුත් මා එයට ඇලුම් නොකළේ කිසිවෙකුට හෝ නොපෙනී දේශ සීමාව පැනගැනීමට එය බාධාවක් නිසාය. ගොම්මන් අඳුර වැටෙන තෙක් වහන් වී සිටීමට සිතා අසල ඇති බියර හලකට ගොඩ වැදුණි. සති කීපයක සිට හරි හැටි නින්දක් , කුසට අහරක් නොලබා සිටි බැවින් එහි වූ පුටුවකට බර වී කල්පනාවෙන් පසු වීමි.


                  වසර 8 ක් මුළුල්ලේ සිට නොයෙක් ආකාරයෙන් දේශසීමාවෙන් පළා යෑමට දැරූ ප්‍රයන්තයන් අද දින මල්පල ගැන්වෙනු ඇතැයි සිතා අඳුර වැටෙන තෙක් බලා උන්නෙමි. දෛවය සහ ඉරණම ගැන මෙනෙහි කරමින් මගේ දෙමව්පියන් හා සහෝදරයන් සමග එක් වීමට ලැබෙන මොහොත මනසේ සිතුවම් වන්නට විය. 1945 දී සෝවියට් රතු හමුදා කඩාවැටීමත් සමග දෑත සහ දෙපය ගැන පමණක් විස්වාසය තබමින් අනිත් සියල්ල අත්හැර පළා යන්නට සිදු වුයේ මුහුණට මුහුණ පැමිණෙන සතුරාද , මිතුරාද හඳුනාගැනීමට තරම් මානසිකත්වයක් අප කිසිවෙකුට නොවූ නිසාය.


            එලෙස ෆිවින්ටෙන්හෝර්ස්ට් ගම්මානයෙන් පළා ගිය වුන්ට නැවත තම උපන් ගමට පැමිණීම බෙහෙවින් අසීරු වූයේ දැඩි ලෙස මුරකාවල් යොදා ඇති දේශසීමා බාධක නිසාය. දේශසීමාවන්ට ඇතුල් වීමට ගොස් අසුවුවහොත් ලැබෙන්නේ නියත මරණයය.මා උපන් ගම්මානය අද වන විට පෝලන්තයේ ගම්මානයක් බවට පත් වී තිබේ.



මෙවැනි  ලිපියක් ලිවීමට සිත් වූයේ මනහර සඟරාවක පළ වී තිබු සිදුවීමක් නිසාය(2006/Nov.page 68). පසුව මවිසින් රූප සටහන් හා වෙනත් තොරතුරු ඇතුළත් කර නැවත සකසන ලදී. මෙහි ඇතුළත් වන්නේ මවිසින් සැකසු සටහනයි. මුල්ම සටහන ලියු කෙනෙක් ගැන එහි සඳහන් නොවීය . මුල් හිමිකරුට කතෘ අයිතිය හිමි වේ .

                                                                                      M.Shermiya Fernandezqe


                 1948 බ්‍රිතාන්‍ය යුධ සිරකරු කඳවුරෙන් මා නිදහස් කල දිනයේ සිට ජීවත් වූයේ බටහිර ජර්මනියේය. එසේ හිඳින අතරතුර මගේ පවුලේ අය කොහේ ඇතිදැයි සොයා ගැනීමට හැකි විය. පියා රෝගීව ඇති බවත් පවුලේ අනික් අය ඉතා අසරණව දිවි ගෙවන බවත් දැනගන්නට ලැබීමත් සමග ඔවුන්ව බටහිර ජර්මනියට ගෙන්වා ගන්නට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. සෝවියට් වීසා ලබාගැනීමට මා ඉදිරිපත් කල අයදුම්පත් එකපිට එක ප්‍රතික්ෂේප වී ගියේ යුධ සිරකරුවෙකු වශයෙන් වසර ගණනක් එංගලන්තයේ කර්මාන්තශාලා වල රැඳී සිටි බැවිනි.



 

              මිය යාමට ප්‍රථම එක වරක් හෝ දෙමව්පියන් දැක ගැනීමට ඇතිව ඇති උවමනාව දැඩි ලෙස මසිත පාරවන්නට විය. වසර ගණනාවකින් දැක නොමැති ඔහුගේ පුතු දැක ගැනීමට මගේ පියාද නිදි නොලබා මග බලා හිඳින බව සිහි වීමත් සමග හටගත් මානසික තුවාලය පැසවන්නට විය. මසිත පාරවන ආශාව නිසාම කීප වරක් මා දේශසීමා උල්ලංගනය කරන්නට ගොස් හසුවූයේ මරණයේ සේයාවන් සේම ගමන් බලපත්‍රයේ " නීති විරෝධී ලෙස දේශසීමා උල්ලංඝනය කර ඇතැයි " සටහන් පිට සටහන් තබමිනි. මුර බටයන්හේ කිසිදු අනුකපාවක් නොලද මා යාන්තම් ජීවිතය බේරාගන්නට සමත් විය. මෙයම මට බලාපොරොත්තුවක් විය. කෙදිනක හෝ මගේ පියාගේ මුහුණ දැකගන්නා අරමුණින් මරණය ලබන තෙක් උත්සාහ කරන්නට ඉටාගත්තේය. ජීවිතයට බලාපොරොත්තුවක් තරම් ඔසුවක් නොමැති බව මට හැඟී ගියේ සොයුරෙකු විසින් ඇඳ දෙන ලද සිතියමක් අතට පත් වීමත් සමගය. මුර සේනාංකයන් රැකවල්ලා ඇති තැන් , සේවා මුර අවසන් වන ආකාරයන් , සේවා මුර අවසන් වීමෙන් පසු ඔවුන් ඉවත්ව යන ආකාරය , දේශසීමා මායීමේ පිහිටි උස් ගොඩනැගිලි , කර්මාන්තශාලා ඇතුළු බොහෝ දේ එහි ඇතුළත් විය. මේ කදිම විස්තර සමග නැගෙනහිර ජර්මනියට පැන ගත හැකි වෙතැයි විශ්වාසයක් ගොඩනැගී තිබිණි.


" දැන්ම යනවද ඔබ. අදට වහන්නයි සූදානම මහත්තයා " ඒ අවන්හලේ සේවිකාවකි.


September 2, 2013

හිට් 50,000 / පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඔක්කෝම Happy Birthday To Me !


බ්ලොග් එක ගැන


                  මම මේ බ්ලොග් එක පටන් ගන්න හේතුව උනේ මගේ සැටලයිට් සම්බන්ධ පාඩම් මාලාවේ ඉතුරු කොටස් ටික පළ කිරීමත් , පුද්ගලිකව මම ලබපු අද්දැකීම් කීපයක් ලියා තැබීමත් විතරයි. එහෙම දේකට හරි බ්ලොග් එකක් ආයේ පටන් ගන්න කියලා මට බල කරලම කිව්වේ මගේ හිතවතෙක් . " මම කියනවට සහන් පටන් ගන්න " කියලා එයා බල කරා. ඒ කාලේ මමත් හිටියේ ගොඩක් දේවල් අතැරලා දාලා. ඉතින් ඕනේ එකක් වුණාවේ කියලා පටන් ගත්තා. FB වගේ දේවල් වල මම හිටියේ නැහැ.එවැනි දේට මගේ එදා ඉඳන්ම කැමැත්තක් තිබුණේ නැහැ, මට එවැනි දේවල් වලින් කිසිම සතුටක් නැහැ. බොරුවට හනේ පනේ කියන දේවල් වලට මම ආසම නැහැ. ඉතින් සැටලයිට් ගැන පෝස්ට් තුන හතරක් මේ බ්ලොගේ දාලා නිකන් ඉන්නයි හිතන් හිටියේ.


                        ඔන්න ඔහොම මේ බ්ලොග් එක පටන් අරන් ඉද්දි මම අනිත් අයගේ බ්ලොග් වලටත් ගියා. මොනවා හරි දෙයක් දැක්කොත් මමත් මගේ අදහස කිව්වා, අදහසක් කියන්න කාලය තිබුණා FB වැනි විකාර වලට නොයන නිසා. මගේ අඩි සටහන් දිගේ මුළින්ම හිරු ආව මගේ බ්ලොග් එකට. අයියෝ සල්ලි වගේ ඒ කාලේ මෙලෝම දෙයක් නැහැ මේකේ බලන්න. නිකන්ම නිකම් කළු පාටට අඳුරු ගුහාවක් වගේ දෙයක් තිබුණේ. ඊට පස්සේ නලින් අය්යා , සයුරි ,රෙහානි , සිරා කොලුවා එහෙමත් ආව. දැන් මට විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ ඇයි මෙලෝම දෙයක් නැහැ එන කෙනෙක්ට බලන්න මගේ බ්ලොග් එකේ. ඉතින් උඩින්ම දැම්මා තවම මේ බ්ලොග් එක Testing යන්නේ කියලා. ඔන්න ඔහොම ජාමේ බේරන් උන්නා.

July 25, 2013

ළන් වීමක මිහිර .


              ජීවිතයේ අනේක අවස්ථාවන්හීදි යම් පුදගලයින් හා කතා බහ කිරීමටත් , එක්ව රාජකාරි කරන්නටත් සිදු වේ. ඇතැමුන් තුළින් කිසිදු විශේෂයක් පිළිඹිබු නොවූවද , ඇතැමුන් අපටත් හොරා අප සිත් පැහැරගන්නා අවස්ථා මා ජීවිතය තුලදී අද්දැක ඇත. විටක ඔවුන්ගේ ගුප්ත හැසිරීම අප සිත් සොරා ගනී , තවත් විටක ඔවුන්ගේ කතා විලාසය අප සිත් සොරා ගනී. රාජකාරීමය වශයෙන් හමුවුවද ඇතැම් අය අපටද නොදැනී ජීවිතයම වෙලා ගනී. රාත්‍රී නිදි යහනේ සිටින නොයෙක් වර එවැන්නන්  ගැන කල්පනා කරන වාර අනන්තය. කිසිදු අගක් මුළක් සිතා ගැන්මට නොහැකිව " මැදක් " පමණක් ඉතිරිව තිබියදී ඔවුන් සැඟවී හමාරය. කොහි සිට ආවෙහිද , කොහි යන්නේදැයි සිතා ගැනීමට තබා ඔවුන් මෙහි කුමක් කරනේදැයි යන්නවත් සිතා ගැනීම පෙහේළිකාවකි.

             ඈ යුරෝපයේ පදිංචිකාරියකි. හැඩකාරියකි. නිතර වෙනස් වන සුළු ලෝකය සමග මනාව ජීවිතය හැඩගස්වා ගන්නියකි. එහෙත් එහෙත් එහෙත් ඈ තුළින් හෙළි නොවන යම් දෙයක් ඇත. ඇගේ ජීවිතයෙන් පුරා වසර 8 පමණ කාලයක් සම්පූර්ණ හිඩැසකි . ඒ ගැන මතකයන් අලුත් වන සෑම විටකදීම ඇගේ හැසිරීම් මා නිරීක්ෂණය කර ඇත. ඈ මටත් සඟවා හෙළන සුසුම් දැනෙන්නට තරම් මාද ඇයට ලංවී හමාරය . ඇයටද නොදැනී ඇයව වෙනත් ලෝවකට ඇදී යන සැටි , තත්පර 20 කට පමණ පසු මතකයෙන් නික්ම මා දෙසට හැරී " ඉතින් ශාන් කියන්න " කියමින් වෙනත් මාතෘකාවක් මා හා මුල පුරයි.

         
             ඈ අපහසුතාවයට පත් විය හැකි යැයි සිතා ඇගේ සුසුමට හේතුව මෙතෙක් විමසා නැත. එහෙත් ඇය ගැන මතකයන් සමඟ රෑ නිදි යහනේ තනි වන මගේ සුසුම් හඬ දැන් දැන් මටද බරක් , අපහසුවක් ගෙනෙන්නට වේ.

             හොර රහසෙන් මා ඇයව තේරුම් ගැනීමට පෙළඹි සිටින්නේ මේ නිසාය. සිතේ කොණක අගුලු ලා ඇති  අතීතයක් යලි ඇවිස්සීම යනු තුවාලයක් පෑරීමක් බඳුය. එසේ පෑරීමෙන් පසු නිසි අවධානයකින් ප්‍රතිකාරයක් නොලදහොත් ලේ විලක් මැදම ඈ දිවි නිමා කරණු ඇත. ඉතින් පැසවූ තුවාලය රෙදි පටියකින් බැඳ සඟවා ගනිමින් හැකිතාක් කාලයක් ජීවත් වීම වටි යැයි ඈ සිතනවා විය හැකිය. අනිවාර්යෙන්ම මේතාක් කාලය පුරා අමිහිරි අද්දැකීම් තුළින් ඇගේ තුවාලය පෑරුණු වාර ගණන අනන්ත විය යුතුය.

June 23, 2013

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )



                මේ ළඟදී ඩ්‍රැකි පෝස්ට් එකක් දාල තිබ්බනේ ඩ්‍රැකිගෙ සීයලා මුහුදු ගියපු කාලේ වෙච්ච සිද්දියක් ගැන .ඒක ඇහුවම මටත් මතක් උනේ ඉස්සර කාලේ මුහුදු යන්න , හරියට පාර හොයා ගන්න , කෑම හොයාගන්න , කෑම නරක් නොවී තියාගන්න , වතුර හොයාගන්න , වතුර පරිස්සන් කරගන්න , නැව් හදාගන්න , , පෘථිවියේ සම්භවය ගැන , , මුහුදු අභිරහස් ගැන , බර්මියුඩා වගේ තැන් ගැන , අභිරහස් සත්තු ගැන, මායා දූපත් ගැන , ඒවගේ ඉන්න මායා කාරියෝ ගැන , මිත්‍යා කතා ගැන , මැරිච්ච නාවිකයන්ගේ හොල්මන් කතා ගැන ,හැතැම්ම සීය දෙසීය පේන දුරදක්නා හදාගන්න ක්‍රම ගැන , මාළිමාවන් ගැන ,කෝණික සමීකරණ ගැන , ඉරු තැටිය ගැන , තාරකා විද්‍යාව ගැන , රුවල් නැව් වලින් රට රාජ්ජ වල යන්න පාර හොයා ගත්ත වගේ දේවල් කරගත්තේ කොහොමද කියලා.....


                 මාත් කල්පනා කරා අපේ සීයගෙන් අහන්න ..මම සීයට විස්තරේ කිව්වා.. සීයේ අරුන් අරහේ මුහුදු ගිය එව්වා දාල බ්ලොග් පෝස්ට් දානවා , ඇන්ටාටිකායි , අයිස් වෙච්චයි, දර පලපුවයි, අරකයි මේකයි, මටත් දැනගන්න ඕනේ සිස්ටොන් එක කියලා... :( සීයටත් හෙන අස්පැට් ඒකට ..ඇයි යකෝ ටොන් හය හත්සීයේ රුවල් නැව්ම 8 ක් තිබ්බ මනුස්සයෙක්ගේ මුණුබුරෙක් එක එකා ළඟ ගිහින් අරක කොහොමද කරන්නේ , මේක කොහොමද වෙන්නේ , ඒක නිකම්ම හම්බෙනවද කියලා අහද්දී කේන්ති යනව නෙව...සීයා ගත්ත කටටම ඇහුවේ " මොකාගෙන්ද දැන් උඹ ඕවා අහන්න ගියේ" කියලා ..ඒ ප්‍රශ්නෙට මම දීපු උත්තරේ එක්ක තමයි සීයට යකා වැහුණේ..මම වැඩි දෙයක් කිව්වේ නැහැ ..මෙන්න මේ ටික විතරයි කිව්වේ..

" සීයට මතකද ඉස්සර කිරි වවුලේක්ගේ පස්සේ හරි කමක් නැහැ පන්නන් ගිහින් ලේ උරන් බීලා කාණු පල්ලේ වැටෙන ඩයල් එකක් හිටියා ඩ්‍රැකිව්ලා කියලා ? ආන්න උන්ගේ ඈතින් නෑදෑ වෙන කොල්ලෙක්ගෙන් තමයි ඇහුවේ " කියලා කිව්වම ..

                ඔන්න ඊට පස්සේ තමයි සීයගේ ලෙක්චර් එක පටන් ගත්තේ " තෝ දැන් ඔය වවුල් හුටපටෙත් දැනගෙනද ඔය පැත්තේ පදින්නේ ඈහ් ? තෝ දැනගන් තොගේ අප්පගේ , ලොකුඅප්පලගේ ගරුත්වේ තියන් ජීවත් වෙන්න .තෝ එක එක වවුල්ලු පස්සේ යන්න පුරුදු වෙන්න එපා කරදන්ඩ පෑදීගෙන එද්දිම .ඇහුණද උඹට ...? හිටපන් මේ දෙසැම්බරෙන් පස්සේ උඹේ ඇඟේ හිරි යවාගන්න පුළුවන් විදිහේ දේකට උඹව යවන්නම් " කියලා ..


සීයට හොඳටම තරහා ගිහින් මගේ බ්ලොග් කෙරුවාව මාට්ටු වෙලා..!


               උන්දැට කේන්ති ටිකක් අඩු උනාට පස්සේ කිව්වේ " පුතේ සබ්ජෙක්ට් එක තක්කෙටම දන්න කෙනෙක් ඉන්නවා , එයාගෙන් ඇහුවොත් සිස්ටොන් එක හරියටම දැනගත්තෑකී . ඩිංගක් හිටින්කෝ " කියලා. එහෙම කියපු අපේ සීයා කෝල් එකක් ගත්තා එයාගේ සීයට.. ඒ කියන්නේ ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahanta....

              රයිටෝ දැන් ඔන්න silentsahanla තුන්දෙනයි ..එක්කෙනෙක් නිකම්ම නිකන් silentsahan වන මම ( silentsahan the Junior ) , අනිත් එක්කෙනා ග්‍රේට් silentsahan , අනිත් එක්කෙනා ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahan..මේ පහළ තියෙන්නේ මහ රැජිණගෙන් එයාට ප්‍රසන්ට් එකක් විදිහට ලැබුණ නැවක්.ජෝෂුවා මිෂලි ෆර්නැන්ඩස් තමයි නම.( ජේෂුවා මිශැයිලි ෆර්නැන්ඩෙස්කි ).......





                ඔන්න සීයා කතාව පටන් ගත්තා..හැම දේම විස්තර ඇතුව අහගන්න ඕනේ නිසා මමත් , සීයත් ගියා ලොකු සීයගේ ගෙදර....අවුරුදු ගාණක් නැව් සේනාවක අද්මිරාල් ධූරය හොබවපු නිසා දැවැන්ත මාළිගාවක් වගේ නිවසක් තමයි එයාට තියෙන්නේ..මහා විසාල ගේට්ටුව ඇරගෙන ඇතුල් වෙන්න හැදුවට බැහැ..ගේට්ටුවම ලොකුයි නැවක රුවල් සොල්දරයක් තරමේ..වට පිට බලලා , වැටෙන් පැනලා තමයි අපි ඇතුල් උනේ..ඒවා ඉතින් වෙනම කතා නෙව..ඒවා වැඩක් නැහැ...කොහොම ගියාම මොකද තමන්ගේ සීයගේ ගෙදට්ට ..නැද්ද මන් අහන්නේ ..?



                 වත්ත පුරාම දැවැන්ත ඕක් ගස් වලින් හෙවණ වැටිලා , අඳුරුයි .. ගස් කොළන් උනත් හෙලවෙන්නේ නැහැ ,හුළං හමන්නෙ නැහැ ..පරිසරයම පාළුවට ගියපු , යෝධ නැවක හුරුවක් ගත්තේ.අපි දෙන්නා චන්ඩි පහට වැට පැනලා ආවට , අඩි දෙකක් යන්න කළින් ඇඟේ මයිල් කෙළින් වෙලා යටි බඩ හිරි වැටෙන්න ගත්තා මේ පරිසරයේ වෙනසත් එක්ක..බැලු බැලු අත මළ මිනි වගේ නිසොල්මනේ අපි දිහා බලන් ඉන්න දැවැන්ත ඕක් ගස් ...


             ඒ හැම ඕක් ගහක්ම කිව්වේ එකම දෙයක් විතරයි , ඈතින් පෙනෙන මන්දිරේ දිහාට අත දික් කරමින් වගේ " අර පැත්තෙන් සර් , අර පැත්තෙන් සර් " ..


මෙම කතා මාළාව සඳහා ඉදිරියේදී අතුල සිරිවර්ධන මහතා ව්සින් සිතුවම් නිර්මිත කරණු ලැබේ.



                අපි දෙන්නත් හෙමීට හෙමීට ඇවිදගෙන යන්න පටන් ගත්තා මාළිගාව දිහාට , අපි එනතුරු අපිව පිළිගන්න බලන්න ඉන්න අමුත්තා ගැනත් හිතමින් ... අක්කර ගාණක් මැද්දෙ තනි උන පාළු මන්දිරයක ජීවත් වෙන එක මොන තරම් භයංකර දෙයක්ද කියලා වැටහෙන්න ගත්තේ මෙහෙම ඇවිදිමින් ඉස්සරහට යද්දී ...මහ මුහුදේ තියෙන පාළු ගල් පර රාශියක් මැද්දේ , අඳුරු කුණාටුවක් තියෙන වෙලාවක , යෝධ රුවල් නැව් සමූහයක ප්‍රධාන අද්මිරාල් විදිහට රාජකාරී කරද්දී දැනෙන හැගීමත් මෙහෙමම වෙන්නෑති නේද කියලා මට දැනුණා..ඒ එක්කම මුළු ඇඟම හීතල වෙලා ගියා..ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ හිත බයෙන් මිරිකිලා යනවා...දැන් ආයේ හැරෙන්නත් බැහැ..

ටිකෙන් ටික මන්දිරේ පේන ඉස්සව්වට ලන් උනා. ...






             දොරකඩම තියෙන  දිය පොකුණක් ඇහැ ගැටුණේ මේ වෙලාව්දී..ඉහින් කණින් දාඩිය දාගෙන එමින් තිබුණ නිසා වතුර ටිකක් මූණට ගාගන්න කියලා හිතන් පොකුණ කිට්ටුවට උනා අපි දෙන්නා .. මම ඇඳන් හිටපු ඝන ලෝම හමෙන් හදාපු උඩු කය කබාය ගලවලා පොකුණ අද්දරින් තියලා , හෙමීට අතින් වතුර ටිකක් ගන්න විල් කණ්ඩියට ලන් උනා..මෙහෙම ඉන්න අතරේ මම දැක්කා රත්තරන් පාට යෝධ මාළුවෙක් වගේ දෙයක් දිය ඇතුළේ ඉඳන් උඩට ඇදීගෙන එන බව..අඩිය ටිකක් පිටිපස්සට කරන් ඈත් වෙලා බලන් හිටියත් දිය මතුපිටටම ආවේ නැහැ ඒ අමුතු චායාව..මමත් ඉතින් මූණට දිය දාගෙන , අත් ලේන්සුවෙන් මූණ පිහ දමමින් ඉන්න අතරේ මට දැනෙන්න ගත්තා , කව්රුන් හෝ මා දිහා බලන් ඉන්න බව.. ( කෙනෙක් අපි දිහා බලන් ඉද්දි අපිට ඒක දැනෙන්නේ..ආන්න ඒ වගේ දෙයක් මේක )

එක ක්ෂණයෙන් මගේ ඇහැ ගියේ වතුර විලේ හිටපු රන්වන් පාටක් තිබුණ රූපෙට.. ..


              දෙවියෝ සාක්කි දෙයියනේ... මට ඇස් අදහාගන්න බැරි උනා මගේ ඇස් ඉස්සරහ ඉන්න කෙනා දැක්කම.. " සීයේ සීයේ මේ බලන්නකෝ " කියලා මට කියවුණේ ඉබේටම..මා පිටිපස්සෙන් හිටපු සීයත් එහෙමම ඉඳන් මා දිහා බැලුවා..

" අනේ පුංචි කෙල්ලේ උඹ තාමත් ඉන්නවද " කියලා සීයට කියවුණේ එතකොට ... ඒක හරිම වේදනාත්මක ස්වරයකින් සීයට කියවුණේ..


             ඒ පුංචි රූපෙත් අපි දිහාම බලන් උන්නා එක දිගටම ... සීයා දිහාත් , මා දිහාත් කීප විටක් මාරුවෙන් මාරුවට බලලා නැවත නොපෙනීම ගියා දිය ඇතුළට... මගේ තොල කටත් වේලිලා ගියා මේ වෙච්චි දේට.. මම නැවත සීයා දිහාට හැරුණට , එයා ඒ වෙනකොටත් හිටියේ මන්දිරේ දොර ළඟ.. කලුවර ලීයෙන් කැටයම් කරලා හදාපු අඩි 14 ක් විතර උස , අඩි 6 විතර පළල විසාල දොරක්...




              දොරේ තිබුණ සීණුව තුන් පාරක් හැඬවීමත් එක්කම විසාල සද්දයක් නගමින් දොර ටිකෙන් ටික ඇරෙන්න ගත්තා..අපිවත් බලෙන්ම වගේ මන්දිරේ ඇතුළට ඇදිලා යනවා වගෙයි දැනුණේ... ..


               කොටි හමෙන් හදාපු විශාල බුමුතුරුණුවකින් මුළු බිම් මහලම වැහිලා ගිහින් ... දැවැන්ත කොටියෙක් උඩින් නේද අපි ඇවිත් තියෙන්නේ කියල දැනුණේ ,දොර වැහෙන සද්දේ ඇහිලා මම පිටිපස්ස බලපු වෙලාවේදී..ඇතුළු වීමත් එක්කම මනරම් විසිත්ත කාමරයකට නිරාවරණය වුණු මුළු ගේම යුරෝපීය ගෘහ භාණ්ඩ වලින් පිරිලා , ගේ ඇතුළේ තියෙන අඩ අඳුර එක්ක ඒ හෑම දෙයක්ම පේන්නේ නිසොල්මන් මළ සිරුරු වගේ... ගේ ඇතුළෙන් සහන් වීණා හඬක් සමග මුහු වෙච්චි හුළඟක් හමනවා වගෙයි ඇඟට දැනුනේ ...


" මේ මහත්තුරුන්ව පිළිගන්න ලොකු මහත්තයා උඩ අමුත්තන්ගේ කාමරේ බලන් ඉන්නවා. කරුණාකරලා මා පසු පසින් එන්න. " කියලා ස්කෑන්ඩිනේවියන් උච්චාරණයක් තිබුණ , ඉතාම සුහදශීලී විදිහට අපව ආමන්ත්‍රණය කරපු , වයස් අවුරුදු 24 ක් විතර වෙන සුරූපී තරුණ ස්ත්‍රියක් අපි ඉදිරියේ පෙනී හිටියේ වීණා රාවයට හිත යමින් තියෙන මොහොතේ..!

               මගේ තනියට සීයා ළඟින් ඉන්න නිසාත් , ඔහු පළපුරුදු කාරයෙක් බව තේරුම් ගිය නිසාත් නොවෙන්න නම් , මේ වන විට මගේ කියුම් කෙරුම් අහවර වී ඇති බව මට තේරුම් ගිහින් තිබුණේ... කර වැහෙන්න සුදු පාට සේද සළුවක් තිබුණ තද රත් පැහැදිගු ගවුමකින් සැරසිලා ඇය හිටියේ.. රන් වන් පාට දිගු කොණ්ඩය , හිසේ උඩට වෙන්න කොණ්ඩා මෝස්තරයක් ආකාරයට ගොණු කරලයි තිබුණේ..ඇගේ සිහින් ගෙලත් , කේස් කළඹත් අතර වෙනස සෙවිය නොහැකි තරම් ඇගේ සම දීප්තිමත්..




" මා පසු පස එන්න මහත්වරුණි "
යැයි නැවත අපව අමතමින් , ඇසින් ඉඟි කරමින් උඩු මහළ වෙත දිවෙන දැවැන්ත තරප්පු පෙළ වෙත අත දිගු කරමින් ඇය කියා සිටින්නට උනා..

June 1, 2013

මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!




               සවස් වන්නට ප්‍රථම පුංචි දෝණියා නහවා හොඳින් ඇගේ කොන්ඩයද පිස දැමුවේ රෑ වන විට පිණි වැටි ඇය යලි අසනීප විය හැකි නිසාවෙනි .මීට දෙදිනකට ඉහතීද දෝණි  රෑ වන විට ගොරෝද්දේ අදිමින් අපහසුවෙන් නිදන්නට විය.



" සුදු මැණික..... , අපි මොනාද ඇඳන් යන්නේ පැටියෝ ? "


"මෙන්න මේ රෝස පාට ගවුම ." ඒ වන විට මා අත තිබු ගවුම පෙන්වමින් ඈ කීවා ය .


 ඇයට ඒ ගවුම අන්දවා මා කුස්සියට ගියේ ඉතුරුව ඇති යමක් ඇත්නම් සතෙකුට කන්නට පහල ඇති බංකුවෙන් තැබීමටය.


මා කාමරයට විත් ඇඳුම් ඇඳ  නැවත සාලයට එන විට ඈ සතුටින් අපි දැන්ම යනවාදැයි ? මෙන් බලා ඉඳ හුරතල් වෙමින් මා සමීපයට ආ වාය ..

මා ඇයවද වඩාගෙන ඉතුරු අඩුම කුඩුම ටිකද එක් අතකින් ගෙන දොරගුළුද දා නිවසින් පිට විය.


යන්තමින් කරුවල වැටීගෙන එයි , ඒත් සමගම දැල්වීමට පටන් ගන්නා වෙසක් කූඩු දකින දෝණි

" ආන් බලන්න තාත්ති අර " යැයි සිඟිති අත දිගු කරමින් ලස්සන කූඩුවක් දකින විටම  මට පෙන්වයි .

" හ්ම්ම්ම් "  රථයේ වේගය තවත් ටිකක් අඩු කර  මාද ඒ දෙස බලයි .


කෙමෙන් කෙමෙන් වෙසක් කලාපය ඇති පෙදෙසට අප ඇතුළු විය , තද බදය අස්සෙන් ඉඩක් ඇති තැනක රථය නැවැත්වූ මා පුංචි දෝණිය සමග මහ වීදිය දෙසට ඇවිද ගියෙමු.


රෝස පැහැ ගවුමකින් සැරසුන මගේ පුංචි කිරිල්ලිය  ටික දුරක් යන විට තාත්ති වඩා යැයි කියමින් මා උරයට පැන්නාය ..


 අද මගේ කුරුළු පැටියා ඉතාම සතුටිනි , මග දෙපස  ඕනෑකමින් බලමින් සෑම දෙයකම රසය විඳගනිමින් තාත්ති තාත්ති යැයි කියමින් ඉගිලෙන්නට තරම් මිහිරකින් ඈ තනි  වෙයි.


නැවත " තාත්ති අර " යැයි ඈත ඇති යමක් පෙන්වයි ..

"  තාත්ති තාත්ති අරක කොහොමද කරන්නේ " ... තවත් ප්‍රශ්නයකි


ඕක රත්තරන් මෙහෙමනේ ...... කියමින් මා  එය ඇයට තේරෙන ලෙස විස්තර කරයි


මේ ගෙවෙන්නේ ඇගේ තේරුමින් ගෙවෙන දෙවන හෝ තෙවන වෙසක් උත්සවයයි , ගිය අවුරුද්දට වඩා මේවර වැඩි මිහිරක් ලබන්නේ, ප්‍රශ්න ගොඩාක් ඇසෙන්නේ එහෙයිනි .


" පුතාට බොම්බයි මොටයි අරන් දෙන්නද තාත්ති ...? "



ඒත් සමග මාද මගේ පුංචි කාලයට දිව ගොසිනි ..තාත්ත සමග බයිසිකලේ වෙසක් බලන්නට
ආ හැටි ....

තාත්තගේ අතේ එල්ලෙමින් සෙනග මැද්දේ අතරමන් වේයැයි බියෙන් තව තවත් ඔහුට තුරුළු
වූ අන්දම ......




  " හා තාත්ති " යැයි මගේ පුංචි කුරුළු පැටියා කියන තෙක්ම ඒ සිහිනෙන් මා අවදි වූයේ නැත .

" මගේ දෝණිම ගන්නවද තාත්ති සල්ලි  දෙන්නම් ? හා......ද ? " පර්ස් එකෙන් මුදල් ගත් මා ඈ අත තැබීය ..


ලොකු බැලුම් බෝලයක් තරම වූ බොම්බයි මොටයි ගුලියක් අතැතිව ඈ දිව ආවාය ..

මටද විටින් විට සිඟිති අතින් කෑල්ල කෑල්ල කඩා කවමින් මගේ උරය අනික් අතින් බදා ගනිමින්, වෙසක් කූඩු බලමින්, සිනා සෙමින් අපමණ සැහැල්ලුවකට මා පත් කරමින් ඈ හිඳියි..


" ඉන්නකෝ අපි තොරණ පැත්තට යමු මොනවා හරි කාල , මන් පුතාට තොරණ පෙන්නන්නම්.  හා......ද සුදු මැණික ? "


" හා තාත්ති .." මගේ උරයට හිස තබා නිදා හුන් ඇය පවසයි ..



රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අයිස් ක්‍රීම් එකක්ද අරන් දී ( ඔව් ඔව් හොඳ නැහැ කියල දන්නවා ඒ උනාට ඉල්ලද්දී නොදී ඉන්න පුලුවන්ද ) තොරණ දෙසට මාත් දෝණියත් ඇවිද ගියාය ..


" අනේ තාත්ති තව ලඟට යන් "
" ඒක හරි ෂෝයි "

තොරණෙ විස්තර ප්‍රචාරක කුටිය අසලට මා ගියේ එහි හුන් කවි කියන ඈයන්ද පෙන්වීමේ අරමුණෙනි .

ඒ දසුන දෝණිගේ හිත තදින්ම සොරා ගෙන තිබිණි ..

" ඇයි තාත්ති එයාල කවි කියන්නේ ? "

 " තොරණ බලන්න එන අයට පින් සිද්ද වෙන්නනේ රත්තරන් "


එක් එක් පුද්ගලයන් එන, යන  සැටිත් , කිවිඳියන් කවි කරන සැටිත් , රබාන වයමින් විරිඳු කියන සැටිත් ඈ අසාවෙන් බලා හිඳිනා නිසා මා ඇය බිමින් තැබුවේය .

ටික වෙලාවක් බලා සිටි  ඈ විරිඳු කියන මහතෙකු ලගට ගොස්


" මාමේ මාමේ, මේ දහය ( මා බොම්බයි මොටයි ගැනීමට දුන් මුදලින් ඉතුරුව ඇයට ලැබුණු මුදල් ) ඇති වෙයිද දිව්‍ය ලෝකේ ඉන්න මගේ චූටි  අම්මිට පින් සිද්ද වෙන්න කවියක් කියන්න ? " යැයි ඇසුවාය ..


එතැන සිටි සියල්ලන්ද කර කියා ගත නොහැකි විය ..


ඒ වදනින් එතෙක් වේලා ඒ දෙස බලා  සිටි මගේ ඇසින් කඳුළු කැට කඩා වැටෙන්නට විය ..



පුංචි මැණිකව වඩා ගත් මා එතනින් පිට විය ...ටික වේලාවකින් මුළු පළාතම දෙවනත් කරවමින්

මෙන්න මේ කවිය ඇසුනි ...









රෝස මලක හැඩට ගුණැති සමන් මලක් පිපුණා
මාමේ මාමේ කවි කියන්න ලොකුද මුදල ඕනා ?
දිවිය ලෝකේ ගිය මෑණිට සෙත් පතන්න ඈ මෙහි අද ආව
පුංචි මලේ කඳුළු ඉනුවා නුඹේ ඒ හඬ ඇසිලා!




ඇතිවූ  දුක නිසා දෝණිය තුරුළු කරන් හැඬු මා හට එතැන් සිට පුරා පැයක් පමණ යන තෙක් මගේ පුංචි රෝස මලත් ,සමන් මලත් වෙනුවෙන් ගැයූ කවි සිහිනයක් මෙන් අද
අමතකව ගොසිනි .. 







මට අමතකව ගිය, අප වෙනුවෙන් ගැයුණු ඒ  කවියක් මෙහි ලියා තබනට ඔබට හැකි වේද ?

May 4, 2013

ස්ත්‍රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද.. ..!

          ස්ත්‍රිය එහෙම නැත්නම් කාන්තාව ..ඒත් බැරි නම් නාරිත්‍රය.අලුත් වචනයක්ද මන්දා .හරි මොකක් හරි.


            මිහිපිට වෙසෙන පිරිමි අපිට හරිම සුන්දර දෙයක්.විශේෂෙන්ම හිතට ආදරයක් දැනුනම ඒකට මුල් උන මනුස්ස පරානය දකින්න මොන තරම් ආසද පිරිමි අපි. ඇගේ මුවගට නැගෙන සිනහව , ඇගේ කෙහෙ රැළි සුළඟ එක්ක යමින් රඟ පාන අපූරුව.බොහෝම සීරුවෙන් සිතුවිළි මතකයෙන් හාර අවුස්සමින් එකින් එක පෙළගස්වන හැටි...! හ්ම්ම්ම්ම්ම් එහෙම කරන්න පුළුවන් ආදරෙන් මත් උන පෙම්වතෙක්ට පමණමයි... ඔව් එහෙම කෙනෙකුටම විතරයි ඒ මතකයන් තුළ ගිලුණ සුන්දරත්වය විඳින්න පුළුවන්.... අනේ ඒ ලස්සන ඇස් ආයෙම දකින්න ඇත්නම් .... ඔව් හැබෑවටම දකින්න ඇත්නම් මේ විදිහට මතකයන් වල කිමිදෙනවට වඩා මොන තරම් මිහිරිද...

             මූණ එක පැත්තකට හරවගෙන අහිංසක විදිහට හුරතල් තාලෙන් කතා කරද්දී , එයා කතා කරන හැටි බලන් ඉන්න අපි මොන තරම් ආසද..සමහර වෙලාවට අපිම නොදැන අපි දුරක් ගිහින්..මේ වගේම පුංචි දූ පැටියෙක් ලබන්න , ආදරෙන් ඒ දෙන්නවම තුරුල් කරන් ඉන්න අපි හීන මවනවා... මම දන්නේ නැහැ ඒ අය අපේ මේ හීන ගැන දන්නවද කියලා..ඒත් පිරිමි හිතක මේ විදිහට මැවෙන හීනයක ගැඹුර දන්නේ තව පිරිමියෙක් විතරමයි.. ඒකනේ කතාවකුත් තියෙන්නේ පිරිමියෙක්ගේ දුක දන්නේ තව පිරිමියෙක් විතරමමයි කියලා...:P



           හිතට එන හැම දේම බෙදා ගන්නේ ඒ සුන්දර හදවත එක්ක. අනාගතය ගැන ලස්සන හීන දකින්නේ ඇයව සුව පහසුව තියන්න...හැම දුකක්ම විඳින්නේ මේ පුංචි කිරිල්ලිව සනීපෙන් ගෙදර නවත්තල යන්න.එහෙම නැතුව අපිට මේ සැප සම්පත් වලින් ලබන්න මිහිරක් නැහැ..මේ හැම දේම අයිති ඒ පුංචි කිරිල්ලිට...


           ඔයාගේ ළඟ දැනෙන මිහිරි සුවඳ , මොන තරම් ආසද මම විඳින්න.පපුවට තුරුල් වෙලා හෙමීට හදවතේ සද්දේ අහන්න. ඒ එක්කම ඔයා හෙමීට ඇඟිලි තුඩු වලින් ඔලුව පිරිමදිනකොට දැනෙන හැගීම වෙන කොහොම ලබන්නද මම... ඒ හැගීම නම් මත් කරවන සුළුයි මතකයට නැගෙන මේ මොහොතේත්...


            හ්ම්ම්ම්ම්ම් ඇත්තටම ස්ත්‍රියකට විතරමයි මේ සා විසාල මිහිරක් පිරිමියෙක්ට ලබා දෙන්න පුළුවන්.මතකයට ආ හැටියේ ඒ මතකයන් පස්සේ දිගින් දිගටම යන්නේ , ගිලෙමින් කිමිදෙමින් තව තවත් මිහිර හොයාගෙන යන්නෙම ඒකයි .. ස්ත්‍රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද..මොන තරම් නිව්වත් නිවෙන්නේ නැති ගින්නක් අවුලවන්න ඔයාගේ එක බැල්මකට පුලුවන්ද...?



ඒ බැල්ම සරාගී නම් ...! හ්ම්ම්ම්ම්ම් ...







            හිත දිව්වා ගොඩක් දුර නේද හොරෙන්ම .කෝ ඔයා කෝ ...ඉන්න මම එන්නම් මගේ පුංචි කිරිල්ලි ළඟටම දුවගෙන..නැහැ නැහැ දුවගෙන නෙවේ ... පියාඹගෙන එන්නේ මන් පුංචි විසේකාර කුරුළු පැන්චෙක් වගේ... අපි දෙන්නා මුළු අහස පුරාම පියාඹමු මගේ කිරිල්ලියේ ....මේ මුළු අහසම ඔයාගෙයි මගෙයි...


!

!

!

!

!

!










ඇයි අනේ එයා එහෙම කරේ මට ...
 


April 29, 2013

හා පැට්ටගෙ ආදරේ... ( You fucked your honey bunny )





ඔන්න එක මත් එක කාලෙක පුංචි හා පවුලක් හිටියා .
 මේ පවුලේ අම්මටයි තාත්තටයි ටික දවසක් යද්දී ලස්සන
හා පැන්චෙක් හම්බුණා .







       මේ හා පැංචා ටිකෙන් ටික තමන්ගේ ඉලන්දාරි වයසට ආව.
හා පැංචා පොඩි කාලේ ඉඳන්ම ටිකක් වෙනස්.ඒ කියන්නේ හිතන පතන විදිහ එහෙම ඩිංගක් වෙනස්, ගුල් හාරණ එක තමයි මෙයාගේ විනෝදාංශය හා එකම දේ කරන.තාත්ති හාවයි , අම්මි හාවයි මොන තරම් කීවත් අහන්නේ නැහැ , ගුල් හාරණ එකමයි කරන්නේ.මෙයා තීරණය කරා තරුණ වයසත් එක්ක ගෙදරින් පිට වෙලා තනියම ජීවිත් වෙන්න .







ඉතින් මේකට මෙයා තෝර ගත්තේ තමන්ගේ දුරින් ඥාති වෙන හාව මාමෙක්ගේ ගෙදරක්.එහෙ හාව මාමයි , එයාගේ නෝනයි තමයි ජීවත් උනේ,










අපේ හා පැංචා මෙහේ නැවතිලා ටික දවසක් හිටිය.
ඒත්
හා පැංචා කරන්නේ හා ගතිය නිසා ගුල් හාරන එක.
හා මාම උදේම වැඩට යනවා
.














 අක්කා  තමයි ගෙදර වැඩ පල කරගෙන ඉන්නේ( මාමගේ නෝනා අක්කා උනේ ඇයි කියල අහන්න එපා , මන් දන්නෙත් නැහැ ).












       ඔහොම ටික දවසක් යද්දී හා අක්කා පොඩි පොඩි උසුළු විසුළු එහෙම කරන්න ගත්තා හා පැන්චට.ඒ කියන්නේ උදේට මිදුල අතු ගගා ඉද්දි කකුල පාගනවා වගේ දේවල්.ඒත් මේ හා පැන්චට තේරුමක් නැහැ.




මේ එක එක ඉඟි බිඟි මේ හා පැන්චට තේරුණේම  නැහැ ,අක්කා කොච්චර උත්සාහ කරත් හා පැන්චා නෙවේ කැමති උනේ වැඩේට .එක දිගටම එයා එයාගේ පාඩුවේ ගුලක් හාරනවා ... .













ඔන්න ඊළඟ දවසේ උනේ හිතුවෙවත් නැති දෙයක් ගෙදර. හා මාම ගෙදර ආවම අක්කා කියලනේ මෙහෙම ..
















" හා පැංචාව ගෙදර තියාගන්න බැහැ , එයා මට කරදර කරනවා ඔයා ගෙදර නැති වෙලාවට " කියල ..හා මාමට හිතා ගන්නත් බැහැ මේ දේ,
මොකද හා පැංචා හරි හොඳ ගුණකරුක ළමයෙක්











 නමුත් තමන්ගේ නෝනගේ පෙරැත්ත කිරීම එන්න එන්න වැඩි උනා...
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>













මේ දේ නිසා හා පැන්චගේ වීසා කැන්සල් උනා.












හා පැන්චට නොසෑහෙන්න දුකයි මේ වෙච්ච දේට ...එත් මොනවා කරන්නද  









හා පැන්චා කලේ අර හාරගෙන හාරගෙන  යන ගුල දිගටම හාරාගෙන ගියා .ගිහින් අනික් පැත්තෙන් මතු උනා .බොහොම ලස්සන පරිසරයක් .




ලස්සන විලක් කිට්ටුව තැනකින් තමයි මේ හා පැංචා මතු උනේ .ගොඩක් ලස්සනට
මල් එහෙම පිපිලා මේ විල කිට්ටුව .හා පැංචා තීරණය කරා මෙතන නවතින්න .







ඔහොම කාලයක් යද්දී ලස්සන ගෙඹි ගෑල්ලමයෙක් මෙයාට මුණ ගැහුණා.කතා බස් කර කර කාලයක් ගත වෙද්දී මේ දෙන්න අතර මෙව්වා එකක් ඇති උනා.










හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි පොකුණේ .මේ දෙන්නා අතර තිබුණ මෙව්වා එක නිසා ඉතින් මෙයාල විල අද්දරට ඇවිත් හම්බෙනවා .ඔහොම ඔහොම කාලයක් ගියා.හා පැට්ට පුදුම ආදරෙයි මේ ගෙඹි පැන්චිට .නිතරම එයාට පරිස්සමෙන් ඉන්න කියල කියනවා .ආරක්ෂා කරනවා.




මෙව්වා එක නැගල ගිය නිසා දෙන්නට දෙන්න නොදැක ඉන්න බැහැ දැන් .ගෙඹි පැටික්කිත් පණ ඇරලා හා පැන්චට .









ඒත් හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි විලේ, ආදරේ හිතේ.





            ඒ නිසාම දෙන්නා තීරණය කරා පොඩි නූලකින් එක්කෙනෙක්ගේ කකුලක්
බඳින්න , නූලේ අනික් කෙලවර අනික් කෙනාගේ කකුලේ බඳිනවා.මේක ගෙඹි පැන්චිගේ අදහසක්. මොකද ගෙඹි පැන්චි කැමති උනෙම නැහැ හා පැටියගේ ගෙදර නවතින්න පොඩි පොඩි අපහසුකම් තිබ්බත්.ගෙඹි පැංචි කෑ ගහල අඬල , අනිත් අයට බොරු කියල , රට පටලලා තමන්ගේ හිතේ තියෙන දේම ඉෂ්ට කරගත්ත.


              කොහොම හරි මේ දේටත් කැමති කරගත්ත හා පැටියව.හා පැටිය මොන තරම් එපා කිව්වත් කැමති කරගත්ත.

         හා පැන්චට ගෙඹි පැටික්කිව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා .ගෙඹි පැන්චිට හා පැට්ටව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා.ඔහොම තමයි අදහස් හුවමාරු කරගත්තේ ...





         දවසක් මෙයාල විල අද්දර ආදරෙන් ඉද්දි ඈත අහසේ ගොදුරු හොය හොයා හිටපු මෙන්න මෙයා දැක්ක.




         හෙමීට අවස්තාව එනකම් මෙයා බලන් හිටිය .හා පැංචා ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඉඳල ,මේ උකුසු තඩියා කරපු වැඩේ පැනපු ගමන් ගෙඹි පැන්චිව අල්ල ගත්තා හොදට රසට ගෙඹි පැටික්කිව කන්න පුළුවන් නිසා .අනික ඇහැට කනට පේන්න මේ ගෙඹි පැංචි හිටියනේ.




              ඔන්න දැන් උකුස්ස අල්ලන් යනවා ගෙඹි පැන්චිව .ගෙඹි පැන්චිට ඒත් තේරුමක් නැහැ .මෙයා ටිකක් මෝඩයි.හා පැංචා කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැනේ .


         මේ අතරේ මේ කිසිම දෙයක් නොදැන ඉන්න අපේ හා පැන්චවත්, ගෙඹි පැන්චිට ආදරේ නාමෙන් බැඳලා තිබුන නූල නිසා ඇදී ඇදී යන්න ගත්තා.දැන් පරක්කු වැඩි , බැමි හොදටම තද වෙලා ඉවරයි මේ වෙද්දී .ලේසියෙන් ගැලවෙන්නේ නැහැ දැන්.








          ඔහොම ඇදිල ගිහින් දෙන්නගෙම ජීවිත විනාස උනා, අපේ අහිංසක හා පැන්චවත් ගෙඹි පැටික්කි පස්සෙන්ම ඇදිල ගියා මරු තුරුලට.





ඉතුරු උනේ ආදරේ නාමෙන් බැඳලා තිබුණු නූල් කෑල්ල විතරයි...!




ප.ලි. දවසක් මම ගොඩක් දුකින් ඉද්දි තමයි මේ කතාව මට මගේ යාලුවෙක් කියලා දුන්නේ හිත හදන්න .මම පැය ගාණක් එදා ............

          ඒ වෙද්දී මට වයස අවුරුදු 2X ගාණක් ..ජීවිතේ සමහර සිද්ධි වලදී අපි නොදැනුවත්වම පුංචි ළමයි වගේ හිතින් වැටෙනවා ..ඕනේ අයියෙක් එදාට වැටෙනවා ..එහෙම වැටුණ වෙලාවට , වැටුණ දාකම බලන්න ඕනේ ඕනේ රඟේ ..මම මෙතන කිව්වට වැඩක් නැහැ ..


                 ජීවිතේ අපි ඒ ඒ වයසේදී සමාජයේ පවතින රාමුව එක්ක යන්නම ඕනේ .පමණට වඩා හිත හොඳ මිනිහෙක් වෙන්න එපා ..සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .


              අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .නිෂ්ඵල දේවල් වලට බැඳෙන්න එපා ...මෝඩ ගෙම්බියෝන්ගේ හරක් වැඩ නිසා විහින් නැහිලා වැඩක් නැහැ ..!





           සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත්/ දැනගෙන හිටියත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .



April 3, 2013

නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess..


                ඔන්න එකමත් එක කාලෙක රුක් දේවතා වහන්සේ කෙනෙක් හිටියා.මෙයා හිටියේ ලස්සනම ලස්සන පුංචි කැලෑවක තියෙන සල් ගහක් වාසභවන කරගෙන. මෙහෙම කාලයක් ජීවත් වෙද්දී ඔන්න මෙයා දැක්කා දවසක් උදේ සල් ගහ පාමුළ තියෙනවා එක්තරා වැල් ජාතියක බීජයක් ..

                වැල් ජාතිය හරි භයානකයි..ඒ කියන්නේ මේ වැල හැදෙන්නේ මොකක් හරි ගහක කඳේ එතිලා ..ටික ටික වැල ලොකු වෙන්න වෙන්න මුළු ගහම වෙලා ගන්නවා ..මුළු ගහේම සාරය උරා ගන්නවා ..එහෙම කාලයක් තිස්සේ ටික ටික උරාගෙන යද්දී අර ගහට තව දරන්න බැරුව ගහ දුර්වල වෙනවා ..ගහ මැරෙන්න ගන්නවා..ගහ මැරෙන්න මැරෙන්න ගහෙන් එන සාරය අඩු වෙනකොට අර කපටි වැල කරන්නේ හෙමීට පොළොවට මුල් වලින් සම්බන්ද වෙන්න හදනවා..


                 ටික කාලෙකින් කරන්නේ ලොකු මුල් ජාලාවක් හදාගෙන වැල ශක්තිමත් වෙනවා. මේ කාලේ පුරාවටම ගහට ලැබෙන හැම දෙයක්ම ආහාරයට ගන්නේ මේ වැල ..ඉතින් ගහ එන්න එන්න මැරෙනවා , දිරනවා..

                 වැල එන්න එන්න ශක්තිමත් වෙනවා ..ඒ ලැබෙන ශක්තියෙන් කරන්නේ ගහ තදින් තෙරපනවා . බාගෙට දිරමින් ඉන්න ගහ පොඩි පට්ටම් කරන්න මේ වැලට මහා කාලයක් යන්නේ නැහැ...

මේය සිංහල අටුවාවේ එන කතාවක් ඇසුරෙන් නිර්මාණය කෙරුණකි ...

                  හරිද ? ඔන්න ඕකයි මේ වැලේ ස්වභාවය ..දැන් මේ ගහේ ඉන්න රුක් දේවතාවා මේ සම්පූර්ණ සිද්දියම දන්නවා..ඉතින් මෙයා හොදටම බය වෙනවා " මගෙත් බහින කළාව ලන් වෙලා නේද " කියලා ....

               රුක් දේවතාවුන් වහන්සේ කරන්නේ ඉක්මනට මේ ගැන එයාගේ හිත මිත්‍ර වෙන රුක් දෙවි වරුන්ට ගිහින් කියනවා..

" බලන්නකෝ අනේ මම ඉන්න වාසභවන පහල නපුරු වැල් ජාතියක ඇටයක් වැටිලනේ ..දැන් මම මොකද කරන්නේ " කියල අහනවා මිත්‍ර රුක් දෙවි කෙනෙක්ගෙන් ..


" ඔයා බය වෙන්න එපා අනේ ඔය ඇටේ පැළ වෙන එකක් නැහැ..මොකද මේ කැළේට වහින වැස්සකට ඕක ගහගෙන යාවි " කියල මිත්‍ර රුක් දෙවියා කියනවා...

දැන් මේ කතා බහ ඇහිලා අහල පහළ ඉන්න වෙනත් රුක් දෙවි වරු ටිකත් මෙතනට එනවා...



" මම නම් හිතන්නේ ඔය ඇටේ ලොකු හුළඟකට ගහගෙන යාවි "


" ඔව් සමහර විට දඩයක්කයෙක් එහෙ මෙහෙ යද්දී කකුලට පෑගිලා ඇටේ විනාශ වේවි "


" නැත්නම් වෙන සතෙක්ට පෑගිලා ඇටේ විනාශ වේවි "


" මේ කැළේ ලොකු මොණරු ඉන්නවනේ .අන්න උන් එකෙක් ඔය ඇටේ කාල දාවි "


" ඔව් ඒ නැතත් පණුවෝ හරි ගහලා දායි "


" ඕකට අනිවා කෙළ වෙනවා ඩෝ ..ඕන් බලහන්කො "


" ඔයා බය වෙන්න එපා මෙයා විශ්වාසයෙන් මූණ දෙන්න "


" සුබ වේවා රාජ සම්පත් ලැබේවා " ඔව් ඔව් ඌ තමයි...



" සමහර විට ඔය බීජය ඵල නොදරන්න පුළුවන් "



" මොනවා උනත් හිත වට්ට ගන්න එපා "


" ඇයි ලින්ක් එක දැම්මේ නැත්තේ ? "




" සෑහෙන්න අමෘතය පානය කරන්න ඕනේ ගැටළුවක් මිත්‍රයා "




" ඔබට හොඳටම විශ්වාසද ඒ ජාතියේම ඇටයක් කියල මිත්‍රයා ?.මොකද
හරියට දකිනකම් තීරණයකට එන්න අපහසුයි "




" මොකද කියන්නේ ලාබෙට කම්බෝජේ යන්න එනවද ? "


" Hey dont get upset ruki.. "


" පොඩ්ඩක් ඉන්න කලබල නොවී ..එන විදිහකට මූණ දෙමු .දැන් රෑට
වත් කාලද ඉන්නේ ? කෝ එන්න කෑම ටිකක් හරි කාල ඉන්න . "


" ලොකු ගංවතුරක් වගේ දේකින් ඔය බීජය විනාශ වේවි.."


" හ්ම්ම්ම්ම් "




" හයියු මෙයාටත් වෙන වැඩ "




" මම කිව්වා මම කිව්වා.මම ලාබෙට හොයල දීපු තැන ගත්ත
නම් ඕක වෙන්නේ නැහැ "




" ඕකට ලොකු පොසිටිව් වර්ගයේ අකුණක් ගහල බීජය කුඩේ කුඩු වේවි "






" ඔහොමම සිද්දියක් මම දන්න කෙනෙක්ටත් උනා "






              ඔය වගේ නානාප්‍රකාර උත්තර තමයි හම්බුණේ අනික් රුක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන්.. ඒ අයත් කියන්නෙම කරදරයක් වෙන එකක් නැහැ කියල...මෙහෙම ටික දවසක් ගෙවුණා ..


                 ඔන්න දවසක් කැළේ පහුරු ගගා ගියපු මොණරෙක් මේ පැත්තට ආව..එයාගේ නියපොතු වලට පහුරු ගගා යද්දී මේ බීජය අහු උනා .නියපොතු පාරවල් වලට පොළොවේ කාණුව වගේ හැදුණ තැනකට මේ බීජය වැටුනා ..

                 ටික දවසකින් මේ අහල පහළ ගිය දඩයක්කාරයෙක්ගේ කකුලට මේ බීජය තිබ්බ තැන පෑගිලා හොඳට පස් වලට යට උනා...


                  වැහි කාලේත් ආව දන්නෙම නැතුව , ඒ එක්ක මෙන්න මේ බීජය පුංචි රිකිල්ලක් දැම්මා ..ටික ටික පුංචි රිකිල්ල රිකිලි දෙක උනා ..දෙක තුන උනා ..තණ කොළ අතරෙන් උඩට මතු උනා ...


                    මේක දැකපු රුක් දෙවි තුමාට හීන් දාඩිය දැම්මා ..යස අගේට වැල හැදීගෙන එන්න පටන් අරන් ..දැන් ඉතින් තව ටික දවසකින් සල් ගහ දිහාට වැල එන බව හොඳටම දැනෙන්න ගත්ත ..බොහොම දුකින් දුකට පත් උනා ...


තමන්ගේ මිත්‍රයන්ට මේ වෙච්චි කරදරය ගැන කිව්වා නැවත සැරයක්..


" නීන්ගල් අලෙයිත්ත ඉලක්කම් තවාරානද.................... ........ ............ .............. ............ .. "





                           මේ පාර නම් අදහසක් දක්වන්න වත් පිරිස නැහැ.තනියම දුකින් තමන්ගේ වාසභවනට වෙන විපත බලා ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැහැ දැන් ඉතුරු වෙලා ...ටික දවසකින් ලස්සනට මල් පිපි පිපි මුළු කැළේම එළිය කරපු ලස්සන සල් ගහ මැරෙන්න පටන් ගත්තා ..හයිය හත්තියට තිබුණ අතු දිරන්න පටන් ගත්තා .. වැලේ ශක්තිමත් මුල් වලින් මුළු ගහම වෙලා ගත්තා ..ගහ පොඩි පට්ටම් වෙලා යන්න පටන් ගත්තා ..




ටික දවසකින් දිරල දිරල හොඳටම දුර්වල වෙලා තිබුණ ගහ පොළොවට කඩාගෙන වැටුණා ...!







නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ?




March 19, 2013

+16 " ගෙඩිය පිටින් " යන යෙදුමේ අරුත| gediya pitin kama !





          මේක කෙටිම කෙටි කතාවක් හොදද ?ඔක්කොටම කලින් අපිට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා ..hehe.




අවශ්‍ය ද්‍රව්‍ය :


කිඹුලා
හරකා
මුවා
මැක්කා ( අවශ්‍ය තරම් ප්‍රමාණයක් )
බෙලි ගෙඩිය
පළා වර්ග කීපය
ෂොපින් එක




සාදන ක්‍රමය :
explain.


            අපි හැමෝම දන්න කියන සත්තු 4 දෙනෙක් ඉන්නවා මේ කතාවේ .එතනින් සත්තු දෙන්නෙක් අහක ඉඳන් කයිට් වෙනවා
.hehe. අනික් සත්තු දෙන්නගේ ගති ලක්ෂණ තේරුම් ගන්න උදාහරණ ගැනීමේදී .ඒ ගති ලක්ෂණ තේරුම් ගත්තට පස්සේ අපි කරන්නේ උපකල්පනයක් .. " අරයා මෙහෙම නම් මෙයා කොහොම වේවිද " වර්ගයේ .. ඊට පස්සේ අපි කරන්නේ ආදේශ කිරීමක් " එයාලත් එහෙම නම් ,ඇයි අපිට බැරි " වර්ගයේ. අන්තිමටම පුංචි ලොරි ටෝක් kitta.දෙකක් විතර තියෙනවා .එච්චරයි..
දවසේ ඕනෑම වේලාවක රස විදින්න පුළුවන් හදා ගත්තට පස්සේ ..

දැන් අපි පෝස්ටුව සකසා ගනිමු ...
stir.

ඔන්න කතාව මෙහෙමයි.පහත රූපය බලන්න .

මේ තමයි මුවා.









 

දැන් දෙවන රූපය බලන්න ..




ඔය තමයි කිඹුලා ..


        දැන් අපි ප්‍රධාන මාතෘකාව දිහාට එමු ..මේ කිඹුලට එනවා බඩගින්නක්. කිඹුලා කරන්නේ මුවාව කනවා පින්වතුනි.
diablo.මේක එහෙම ලේසි පහසු කෑමක් නෙවේ.මුවාගේ මස් ටික, අං තට්ටුව , ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික drunk2., මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික .eee., කකුලේ කුර ටික , කුර අස්සේ තිබ්බ මඩ ටික සහ අවසාන වශයෙන් නැට්ට සහ නැට්ටේ හිටපු මැක්කෝ ටික .hehe1.



               මෙතන මැක්කෝ කිව්වම මැක්කගේ ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික , මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික , සහ මැක්කගේ ඇඟේ මස් ටික.
( මෙතන මම එක මැක්කෙක් ගැන විතරයි උදාහරණයට ගත්තේ .ඔක්කොම මැක්කෝ
ගැන කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා
delete. )


             යනාදී වශයෙන් මුවාගේ සියල්ලම ආහාරයට ගන්නවා මේ කිඹුලා.මස් ටික වෙනමත් අයින් කරන්න ඕනේ කක්කි ඒවා වෙනමත් කියල නැතුව ඔක්කොම කාල දානවා .
tazz.


දැන් අපි එමු දෙවන උදාහරණයට ..
පහත රූපය බලන්න



            මේ ඉන්නේ හරකා ..මෙයා කන්නේ විවධ පලතුරු ජාති සහ  කොළ ජාති .ඒ උනාට හැම කොළ ජාතියම කන්නේ නැහැ
dont. .තෝරලා බේරලා තමයි කන්නේ ..මුකුණුවැන්න , ගොටුකොල , තම්පලා , රතු තම්පල , සාරණ , නිවිති , කතුරුමුරුංග කොළ , කෝවක්කා කොළ , අඟුනකොළ , බටු කොළ මැල්ලුම shy.වගේ දේවල් තමයි කන්නේ . නිකම්ම නිකන් වල් තණකොළ ජාති කන්නේ නැහැ ..

         තේරුණාද හරකා උනත් ඔක්කොම තණකොළ ජාති කන්නේ නැහැ . තෝරලා බේරලා තමයි කන්නේ ..හරකා පළතුරු ජාතිත් කනවා කියල මම කිව්වනේ.. හිතන්න අපි බෙලි ගෙඩියක් දුන්නා කියල හරකාට .නමුත් හරකා කන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා
dont.. බෙලි ගෙඩිය දෙකට පලලා මදේ වෙනම දුන්නොත් විතරයි කන්නේ .. බෙලි කොච්චර ගුණ පළතුරක් උනත් ගෙඩිය පිටින් කන්නේ නැහැ හරකා ..forget_it.




දැන් උපකල්පණය කරමු කිඹුලා බෙලි කනවා කියලා ...
eyerub.

එහෙනම් එකෙම්ම මුළු බෙලි ගෙඩිය පිටින්ම කාල දානවා නේද? මුවාගේ අං
තට්ටුව , කුර , කක්කි පවා කාපු කිඹුලට බෙලි කට්ට මොකක්ද ?
laugh.




      දැන් පැහැදිළිද ගෙඩිය පිටින් කනවා කියන්නේ මොකක්ද කියල...කිසිම තෝරාගැනීමක් , ඉවත් කිරීමක් , පැහැදිළි කිරීමකින් තොරව සියල්ලම බාර ගැනීම තමයි ගෙඩිය පිටින් කනවා කියන්නේ ...
annoy.




            ඔහොම ගෙඩිය පිටින් වෙන සිද්දි වලදී සත්ව ලෝකයේ ගොඩක් සත්තු
ලිංගික එක් වීම වගේ කාරණා සම්බන්දව දරන්නේ පොදු මතයක් . අම්මා , තාත්තා , නංගි , මල්ලි , අක්කා , අයියා , බාප්පා , පුංචි etc වගේ දේවල් සලකන්නේ නැහැ .ස්ථානය , වෙලාව , කරාට අවුලක් නැද්ද වගේ කාරණා සළකන්නෙම නැහැ . කෙලිම්ම ගෙඩිය පිටින් සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනවා .
fucking.mastur.


ආදේශ කිරීම


සත්තුන්ට වඩා හිතන්න පුළුවන් මිනිස්සුත් ඇයි අනේ ගෙඩිය පිටින් සමහර ඒවා කරන්නේ ? හරකට තරම් වත් මොළයක් නැද්ද ?ආගම ධර්මය අමතකද ?
pop.

නිගමනය 

 
        ඒ නිසා හැම දේ ගැනම තෝරාබේරා ගැනීමක් කරන්න ..ආශ්‍රය කරන අය , කතා කරන්න ඕනේ දේ , නොකරන්න ඕනේ දේ , ඉන්න ඕන විදිහ , යන්න ඕනේ තැන් , කරන්න ඕනේ දේවල් etc ...
kitta.


අවවාදය
හැබැයි රජෝ වැඩිය තෝරන්නත් එපා .මදේ වත් කන්න හිතෙන්නේ නැතුව යාවි. ඔතොකොටත් පැවැත්මක් නැහැ ...!
teeth1.

ප.ලි. මේ කාලේ නම් හරක් ශොපිනුත් කනවා ..බෙලි කටුත් කනවා ඇති දැන්..
( කරුණාකර ප.ලි. කොටස මනුෂ්‍යන්ට ආදේශ නොකරන්න . ඔතොකොට ගෙඩිය
පිටින් හරකෙක්ම වෙනවා. 
roll.)



බොහෝ විට මීළඟ පෝස්ටුවෙන්  නිවසකට අවශ්‍ය මට්ටමෙන්
සරල TV ඇන්ටෙනාවක් අඩු වියදමෙන් සාදා ගන්නා ආකාරය
පැහැදිළි කරමි...!tv.


ඇන්ටෙනාව කඩා ගත්ත දේශකට වෙච්ච දේ ගැන මෙතනින්
http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili