මෙයාව මතකයි නේද හැමෝටම?එක පාරට මතක් උනා නේද නම අහපු ගමන්.මට නම් මේ ලඟදි මෙයාව මතක් උනේ මගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන ලිපි මාලාවේදී හිරු එක්ක කතා කර කර ඉද්දි. අද අපේ අසාර්ගේ spell binders පෝස්ට් එක දකිද්දී ආයෙම පහු ගිය දේවල් මතක් උනා මට ...
අපේ කතා නායකයා ඉපදිලා තියෙන්නේ 1943 දී හැමානා විල අසබඩ * ( මේ විල ඉස්සරම මිරිදිය විලක්ලු .1498 වෙච්චි භූමිකම්පාවකින් පස්සේ කිවුල් ස්වභාවයට පත් වෙලා ) . පියානෝ කම්හලක තමයි මෙයා පුංචි කාලේ වැඩ කරලා තියෙන්නේ.පුංචි කාලේ ඉඳල රෑ අහසේ තියෙන තරු , වෙනත් ග්‍රහ වස්තු ගැන අවදානෙන් හිටපු ඉකෙයා ඩිංග ඩිංග දුරදක්නයක් හදාගන්න තැනට ඇවිත්. මුළු දවසම මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි හොයන් ආවත් මහන්සියට නින්දට වැටිලා නැහැ ..මෙයාව බොහොම කෙට්ටු වෙලා ඉතින් මේ විදිහට වැඩ කරපු නිසා ..කෑමක් බීමක් නැහැ නින්දක් නැහැ වැඩ වැඩ වැඩ.
මුළු රෑ දවසම කරලා තියෙන්නේ අහසේ තියෙන එක එක දේවල් නිරීක්ෂණය කරන එක.මුදල් එකතු කර කර ඔහුම ඔහුට අවශ්‍ය විදිහට දුරදක්න කීපයක් හදාගෙන තියෙනවා.මෙයාට වයස 20 වගේ වෙද්දී තමයි ලෝ ප්‍රසිද්ද ධූම කේතුව හොයා ගන්න ලැබිලා තියෙන්නේ. ඒක නම් කරලා තියෙන්නේ එයාට ගෞරවයක් විදිහට ඉකෙයා-සෙකි කියන නමින් .. ( සුටෝමු සෙකි කියන අනික් විද්‍යාඥයත් මේ ධූමකේතුව 1965 කියන කාලේදී හොයා ගත්ත නිසා එයාටත් ගෞරවයක් විදිහට සෙකි කියන නමත් ඇතුලත් වෙලා තියෙනවා ..)
පහත තියෙන්නේ එදා එයා හොයාගත්ත ධූමකේතුව ..1965 සැප්තැම්බර් 18 වෙනිදා තමයි මේ ධූමකේතුව හොයාගෙන තියෙන්නේ හරියටම . ඒකෙ කක්‍ෂය නිවරදි විදිහට ගණනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ අවුරුද්දෙම ඔක්තෝම්බර් 1 වෙනිදා වෙනකොට. ඒ වෙද්දී මේ ධූමකේතුව සූර්යාගේ මතුපිට පෘෂ්ඨයේ ඉඳලා 450,000 km පමණ දුරින් තමයි ගිහින් තියෙන්නේ .ධූමකේතුවක් ගැන අනාවැකි පල කරන්න අපහසු උනත් මේ ධූමකේතුව නම් ඉතාම තදින් දීප්තියෙන් බැබළිලා තියෙනවා 1965 ඔක්තෝම්බර් වෙද්දී. ඒ බැබළීම කොච්චරද කියනවා නම් දහවල් කාලේදී උනත් අහසේ මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙනවා.( මම ඒ කාලේ හිටියා නම් මාත් ඕක හොයා ගන්නවනේ එහෙනම් කියල හිතුනා නෙහ් ?
( මේ විදිහට ඇති වෙන බලය සහ බර මැන්නොත් එහෙම එක ටොන් එහෙකින් ටොන් කෝටි 50,000 ක විතර පීඩනයක් එක මොහොතෙන් ඇති වෙනවා . මේක g වලට සාපේක්ෂව කිව්වේ .වැඩිය දුර හිතන්න එපා මේ කතා කරන්නේ A / L physics නෙවේ කාර් බස් වලට apply කරපු.
ඉකෙයා සෙකිගේ වලිගයේ දිග අංශක 23 පමණ වන අගයක් . ඒ කියන්නේ කිලෝ මීටර් අවම වශයෙන් මිලියන 12 වත් වෙනවා . අපි මේ වගේ දේවල් වල දිග මනින්නේ අංශක වලින් .මොකද කිලෝ මීටර් වලින් හදන්න ගියාම ගණන් හැදීම අපහසු නිසා .සාමාන්යෙන් චන්ද්‍රයා සහ සූර්යා අංශක 10 විතර , ඇන්ඩ්‍රෝමීඩා චක්‍රවාටය අංශක 2 විතර මේ ගැන කමෙන්ට් වලින් පැහැදිළි කරන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දැනගන්න.ඉකෙයා-සෙකිගේ එක් කක්ෂයක් සම්පූර්ණ කරන්න යනවා අවුරුදු 880.ඒ කියන්නේ මේ ලිපිය දකින කිසිම කෙනෙක් නැවත ඉකෙයා සෙකිව දකින්නේ නැහැ .
ඒ වගේම විශ්වයට ගියපු ධූමකේතුවක් ගැන අනාවැකියක් කියන්නත් අතිශය සංකීර්ණ
ගණිත සමීකරණ ටිකක් ඕනේ.අහල පහල තියෙන හැම ප්‍රභල වස්තුවකම චලිතය ගණනය
කරන්න ඕනේ.මොකද එහෙකට එකක් බැඳිලා තියෙන්නේ ආකර්ෂණ බල එක්ක .
එක වස්තුවක් වෙනස් උනොත් අනික් වස්තුවට ඒකෙ බලපෑම ඇති වෙනවා ,
ඒ බලපෑම නිසා තව වස්තුවක් වෙනස් වෙනවා .ඒ වෙනස් වීමෙන් තව කීපයක්
වෙනස් වෙනවා.ඔය විදිහට එහෙකට එකක් ගැන වෙන වෙනමත් / පොදුවේත්
ගණිත සමීකරණ ටිකක් හදන්න වෙනවා . .අඩුම තරමේ ග්‍රහ වස්තු 600 ක වත්
චලිත සමීකරණ හදන් ඉන්න ඕනේ වැඩේ කරන්න කලින් . ගොඩක්ම
වෙලාවට වෙන්නේ මේ වගේ ධූමකේතු කෑලි කෑලි වලට කැඩිලා ධූවිලි බවට පත් වෙන එක ..)
![]() |
| මෙම චායාරූපය ගැන පැහැදිලි කිරීමක් mouse pointer එක චායාරූපය මතට ගෙනගිය විට දිස්වේ ... |
ඔක්තෝබර් මාසේ අග හරිය වෙනකොට මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙන්නේ පාන්දර නැගෙනහිර අහසේදී.කොහොමින් කොහොම හරි 1966 මුල් කාලේ වෙද්දී නැවතත් මේ ධූමකේතුව බාහිර කක්ශයටත් , ඉන්පසුව ටිකෙන් ටික පෘතුවි කක්ෂයෙන් ඉවත් වෙමින් අපෙන් ඈතටම යන්න ගියා. ඒ වගේම දන්නවද ඉකෙයා-සෙකි කියන මේ ධූමකේතුවේ මව කව්ද කියල ?
ඉකෙයා-සෙකිගේ මව තමයි ක්‍රේයුට්ස් සංග්‍රාසර්ස් කියන අති විශාල ධූමකේතු ධේනුව. එයාගෙන් කැඩී කැඩී වෙන් උන කොටසක් තමයි ඉකෙයා-සෙකි කියන්නේ.( මතකයි නේද ඉකෙයා-සෙකිත් කැඩිලා ගියා කොටස් තුනකට පෘතුවි කක්ෂයෙන් ඉවත් වීමත් එක්ක ? ) මේ කියන සංග්‍රාසින් කියන ධූමකේතු වර්ගය ඉතාම ලඟින් කක්ෂයක් පිහිටුවා ගන්නවා සූර්යා එක්ක.ඒක තමයි විශේෂත්වය.
ඔතොකොට ක්‍රෙයුට්ස් පවුලේ ධූමකේතු කියන්නේ මේ විදිහට කැඩී වෙන් වෙන එකම පවුලේ අයට.මෙහෙම සියවස් ගාණකට කලින් කැඩිලා වෙන් උන ධූමකේතු ගැන හොයන්න පාවිච්චි කරනවා ඉතාම සංකීර්ණ ගණිත ක්‍රමයක්. ජර්මන් ජාතික හෙයින්රිච් ක්‍රෙයුට්ස් කියන ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥ ගණිතඥයා තමයි මේ ගණිත සමීකරණ පද්ධතිය නිර්මාණය කරේ. ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් මම . මේ ගණිත ක්‍රමයෙන් තමයි හොයා ගත්තේ ඉකෙයා-සෙකි කියන්නේ 1106 අවුරුද්දේදී ක්‍රෙයුට්ස් පවුලෙන් වෙන් උන සාමාජිකයෙක් කියලා. ගොඩක් වෙලාවට මෙහෙම කැඩෙන්නේ සූර්යා ලඟින් යද්දී වෙන බන්ධන නිදහස් වීම එක්ක.එක එක කොටස් වලට එක එක ප්‍රවේග ලැබෙන්න ගන්නවා , ඉතින් කැඩී වෙන් වීම ඇරඹෙනවා.ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් .. මේ ක්‍රමෙන් හොයාගත්ත 1680 දී මේ ක්‍රෙයුට්ස් පවුලේ කෙනෙක් සූර්යාට ඉතාම සමීපව ගිය බව.කොච්චර ලඟින්ද කියනවනම් 200,000km .ඒ කියන්නේ හරියටම පෘතුවියත් චන්ද්‍රයාත් අතර දුරෙන් හරි අඩකට සමාන දුරකින්.කොහොම උනත් දැනට පවතින ධූමකේතුවක මේ විදිහට අලුතිම්ම වෙන්න යන වෙන් වීම් නම් අපිට ගණනය කරන්න බැහැ.ඒ කියන්නේ කොයි මොහොතේ පෘතුවිය දිහාට අලුතෙන් ග්‍රාහක කොටසක් , ධූමකේතුවක් ඒවිද කියන්න අමාරුයි.නොකැඩි තියෙන තාක් නම් කක්ෂය ගණනය කරන්න පුළුවන් මම කලින් කියපු ගණිත සමීකරණ පද්ධතියෙන්.
මේක තනිකර තාරකා විද්‍යා පාඩමක් වෙන්න හොඳ නැති නිසා මෙතනින් නවත්තනවා මම .
මේ ඉන්නේ අපේ පුංචි කාලයේ වීරයෙක් උන අද පෝස්ටුවේ කතා නායකයා උන කඔරු ඉකෙයා .මේ අපූරු දක්ෂ විද්‍යාඥයා තවමත් ජීවත් වෙනවා ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ.

( පෝස්ටුවේ සඳහන් දුර ප්‍රමාණ ආසන්න වශයෙන් දක්වා ඇත
ප.ලි. මට ඉස්සර අපි ඉගෙන ගත්ත සිංහල පොත නම් හොයාගන්න බැරි උනා.
දැන් මන් ඉන්න තැන නැහැ කිසිම දෙයක්.මේක දකින කෙනෙක් ළඟ ඒ පොත
තිබ්බොත් කරුණාකරලා අදහස් බෙදා ගන්න ...
ඉස්සර සිංහල පොතේ හිටපු කඔරු ඉකෙයා නිසා සයිලන්ට් සහනුත් පුංචි කලේ ඉඳන් ඕව පස්සෙමයි ගියේ. මමත් පුංචි කාලේදී ඕව ගැන අහන්න කෙනෙක් නැතුව ඔහේ හිටියා.සමහර දාට තනියම ඕනේ තරම් අඬලත් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් නොදන්න දෙයක් නම් කියල දීල නැහැ...!
එදා මම සිංහල පොතෙන් කියවපු ඒ ලස්සන කතාවේ තිබ්බ ධූමකේතුව කියන්නේ මොකක්ද කියලවත් මට තේරුම් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් අද මම දන්නවා ඉකෙයා-සෙකි මේ විශ්වයේ ඉන්නේ කොතනද කියල එක විනාඩි 15න් හොයන්න.
කවමදාවත් කුහක වැඩ නම් ඉගෙන ගන්න පුංචි උන්ට කරන්න එපා .. කරත් කමක් නැහැ උන්ව නවත්තන්න ඒ 2.50 වැඩ වලට බැහැ ..!
--------------------------------------------------------------------------------------------
දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද ?
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පෙරඋන් අය සිටවූ අඹ ගස් වල
ඵලයෙන් අප කව්රුත් ලබුවෙම් ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම ...
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...
එකම අත්තේ වහපු තව කුරුල්ලෝ ...
පහන් යාය
කුරුන්ඳ
එක අඹයක් වත් කන්න ලැබේවිද ?
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පෙරඋන් අය සිටවූ අඹ ගස් වල
ඵලයෙන් අප කව්රුත් ලබුවෙම් ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම ...
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...
එකම අත්තේ වහපු තව කුරුල්ලෝ ...
පහන් යාය
කුරුන්ඳ









15099537_n.jpg


