දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 20, 2013

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.



              මෙයාව මතකයි නේද හැමෝටම?එක පාරට මතක් උනා නේද නම අහපු ගමන්.මට නම් මේ ලඟදි මෙයාව මතක් උනේ මගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන ලිපි මාලාවේදී හිරු එක්ක කතා කර කර ඉද්දි. අද අපේ අසාර්ගේ spell binders පෝස්ට් එක දකිද්දී ආයෙම පහු ගිය දේවල් මතක් උනා මට ...




           අපේ කතා නායකයා ඉපදිලා තියෙන්නේ 1943 දී හැමානා විල
අසබඩ * ( මේ විල ඉස්සරම මිරිදිය විලක්ලු .1498 වෙච්චි භූමිකම්පාවකින් පස්සේ කිවුල් ස්වභාවයට පත් වෙලා ) . පියානෝ කම්හලක තමයි මෙයා පුංචි කාලේ වැඩ කරලා තියෙන්නේ.පුංචි කාලේ ඉඳල රෑ අහසේ තියෙන තරු , වෙනත් ග්‍රහ වස්තු ගැන අවදානෙන් හිටපු ඉකෙයා ඩිංග ඩිංග දුරදක්නයක් හදාගන්න තැනට ඇවිත්. මුළු දවසම මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි හොයන් ආවත් මහන්සියට නින්දට වැටිලා නැහැ ..මෙයාව බොහොම කෙට්ටු වෙලා ඉතින් මේ විදිහට වැඩ කරපු නිසා ..කෑමක් බීමක් නැහැ නින්දක් නැහැ වැඩ වැඩ වැඩ.dont_worry.


                         මුළු රෑ දවසම කරලා තියෙන්නේ අහසේ තියෙන එක එක දේවල් නිරීක්ෂණය කරන එක.මුදල් එකතු කර කර ඔහුම ඔහුට අවශ්‍ය විදිහට දුරදක්න කීපයක් හදාගෙන තියෙනවා.මෙයාට වයස 20 වගේ වෙද්දී තමයි ලෝ ප්‍රසිද්ද ධූම කේතුව හොයා ගන්න ලැබිලා තියෙන්නේ. ඒක නම් කරලා තියෙන්නේ එයාට ගෞරවයක් විදිහට ඉකෙයා-සෙකි කියන නමින්  .. ( සුටෝමු සෙකි කියන අනික් විද්‍යාඥයත් මේ ධූමකේතුව 1965 කියන කාලේදී හොයා ගත්ත නිසා එයාටත් ගෞරවයක් විදිහට සෙකි කියන නමත් ඇතුලත් වෙලා තියෙනවා ..)


                   පහත තියෙන්නේ එදා එයා හොයාගත්ත ධූමකේතුව ..1965 සැප්තැම්බර් 18 වෙනිදා තමයි මේ ධූමකේතුව හොයාගෙන තියෙන්නේ හරියටම . ඒකෙ කක්‍ෂය නිවරදි විදිහට ගණනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ අවුරුද්දෙම ඔක්තෝම්බර් 1 වෙනිදා වෙනකොට. ඒ වෙද්දී මේ ධූමකේතුව සූර්යාගේ මතුපිට පෘෂ්ඨයේ ඉඳලා 450,000 km පමණ දුරින් තමයි ගිහින් තියෙන්නේ .ධූමකේතුවක් ගැන අනාවැකි පල කරන්න අපහසු උනත් මේ ධූමකේතුව නම් ඉතාම තදින් දීප්තියෙන් බැබළිලා තියෙනවා 1965 ඔක්තෝම්බර් වෙද්දී. ඒ බැබළීම කොච්චරද කියනවා නම් දහවල් කාලේදී උනත් අහසේ මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙනවා.( මම ඒ කාලේ හිටියා නම් මාත් ඕක හොයා ගන්නවනේ එහෙනම් කියල හිතුනා නෙහ් ?
hehe1. ) ඉතාම ලඟින් පෘතුවි කක්ෂයට ඇතුල් උනාට පස්සේදී මේ ධූමකේතුව තාරකා හඳුනා ගැනීම් ශ්‍රේණියේ 10 වැනි ස්ථානයට පවා ළඟා වන මට්ටමට විශාලව පෙනිලා තියෙනවා .චන්ද්‍රයාගේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් වගේ කියල හිතාගන්නකෝ. ඒ කියන්නේ පසු ගිය වසර දහස ඇතුලත දර්ශනය උන විශාලතම හා දීප්තිමත්ම ග්‍රහ වස්තුව තමයි මේ ධූමකේතුව. පෘතුවි කක්ෂයට එන්න එන්න ලන් වීම එක්ක මේ ග්‍රහ වස්තුව කැබලි තුනකට කැඩිලා තියෙනවා.ඒ උනත් ඒ කැබලි තුනම එකම කක්ෂයේ තමයි ගමන් කරලා තියෙන්නේ. එහෙම නොවුනානම් ඇතැම් විට පෘතුවියට උනත් තර්ජනයක් වෙන්න පුළුවන් කක්ෂයෙන් පිට පැනපු ධූමකේතු කොටසකින්.මෙතනින් න්‍යෂ්ඨි දෙකක් නම් පැහැදිළිවම හඳුනා ගන්න ලැබිලා තියෙනවා .අනික් න්‍යෂ්ඨිය නම් වෙන් වීම හරියට ඇරඹිලා නැහැ ඒ දින කීපයට.පෘතුවි කක්ෂයට ලඟිම්ම ගියපු දිනයේ තාරකා හඳුනා ගැනීම් ශ්‍රේණියේ 10 වැනි ස්ථානයට ලන් වෙන තරම් ලොකුවට පෙනුනත් එක දවසෙන් ඒක ශ්‍රේණියේ  4 වැනි ස්ථානයට පසු බැහැලා තියෙනවා .ඒ කියන්නේ ඉතාම තද කෝණයක් සාදමින් පෘතුවි කක්ෂයෙන් ඉවත් වීම අරඹලා.මුල් දිනයේම අංශක 6 පමණ අති විශාල කෝණයක් සාදමින් ඉවත් වෙන්න මාන බැලීම තමයි ධූමකේතුව තුල වෙනස් වෙනස් කෝණික ප්‍රවේග හදන්නේ.මේ විදිහට ඇති වෙන තද කෝණික ප්‍රවේග කීපය නිසා තමයි ඒක කොටස් වලට කැඩෙන්නේ.

( මේ විදිහට ඇති වෙන බලය සහ බර මැන්නොත් එහෙම එක ටොන් එහෙකින් ටොන් කෝටි 50,000 ක විතර පීඩනයක් එක මොහොතෙන් ඇති වෙනවා . මේක g වලට සාපේක්ෂව කිව්වේ .වැඩිය දුර හිතන්න එපා මේ කතා කරන්නේ A / L physics නෙවේ කාර් බස් වලට apply කරපු.

ඉකෙයා සෙකිගේ වලිගයේ දිග අංශක 23 පමණ වන අගයක් . ඒ කියන්නේ කිලෝ මීටර් අවම වශයෙන් මිලියන 12 වත් වෙනවා . අපි මේ වගේ දේවල් වල දිග මනින්නේ අංශක වලින් .මොකද කිලෝ මීටර් වලින් හදන්න ගියාම ගණන් හැදීම අපහසු නිසා .සාමාන්යෙන් චන්ද්‍රයා සහ සූර්යා අංශක 10 විතර , ඇන්ඩ්‍රෝමීඩා චක්‍රවාටය අංශක 2 විතර මේ ගැන කමෙන්ට් වලින් පැහැදිළි කරන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දැනගන්න.ඉකෙයා-සෙකිගේ එක් කක්ෂයක් සම්පූර්ණ කරන්න යනවා අවුරුදු 880.ඒ කියන්නේ මේ ලිපිය දකින කිසිම කෙනෙක් නැවත ඉකෙයා සෙකිව දකින්නේ නැහැ .


ඒ වගේම විශ්වයට ගියපු ධූමකේතුවක් ගැන අනාවැකියක් කියන්නත් අතිශය සංකීර්ණ
ගණිත සමීකරණ ටිකක් ඕනේ.අහල පහල තියෙන හැම ප්‍රභල වස්තුවකම චලිතය ගණනය
කරන්න ඕනේ.මොකද එහෙකට එකක් බැඳිලා තියෙන්නේ ආකර්ෂණ බල එක්ක .
එක වස්තුවක් වෙනස් උනොත් අනික් වස්තුවට ඒකෙ බලපෑම ඇති වෙනවා ,
ඒ බලපෑම නිසා තව වස්තුවක් වෙනස් වෙනවා .ඒ වෙනස් වීමෙන් තව කීපයක්
වෙනස් වෙනවා.ඔය විදිහට එහෙකට එකක් ගැන වෙන වෙනමත් / පොදුවේත්
ගණිත සමීකරණ ටිකක් හදන්න වෙනවා . .අඩුම තරමේ ග්‍රහ වස්තු 600 ක වත්
චලිත සමීකරණ හදන් ඉන්න ඕනේ වැඩේ කරන්න කලින් . ගොඩක්ම
වෙලාවට වෙන්නේ මේ වගේ ධූමකේතු කෑලි කෑලි වලට කැඩිලා ධූවිලි බවට පත් වෙන එක ..
)


 



මෙම චායාරූපය ගැන පැහැදිලි කිරීමක් mouse pointer එක
චායාරූපය මතට ගෙනගිය විට දිස්වේ ...


                  ඔක්තෝබර් මාසේ අග හරිය වෙනකොට මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙන්නේ පාන්දර නැගෙනහිර අහසේදී.කොහොමින් කොහොම හරි 1966 මුල් කාලේ වෙද්දී නැවතත් මේ ධූමකේතුව බාහිර කක්ශයටත් , ඉන්පසුව ටිකෙන් ටික පෘතුවි කක්ෂයෙන් ඉවත් වෙමින් අපෙන් ඈතටම යන්න ගියා. ඒ වගේම දන්නවද ඉකෙයා-සෙකි කියන මේ ධූමකේතුවේ මව කව්ද කියල ?


                 ඉකෙයා-සෙකිගේ මව තමයි ක්‍රේයුට්ස් සංග්‍රාසර්ස් කියන අති විශාල ධූමකේතු ධේනුව. එයාගෙන් කැඩී කැඩී වෙන් උන කොටසක් තමයි ඉකෙයා-සෙකි කියන්නේ.( මතකයි නේද ඉකෙයා-සෙකිත් කැඩිලා ගියා කොටස් තුනකට පෘතුවි
කක්ෂයෙන් ඉවත් වීමත් එක්ක ? ) මේ කියන සංග්‍රාසින් කියන ධූමකේතු වර්ගය ඉතාම ලඟින් කක්ෂයක් පිහිටුවා ගන්නවා සූර්යා එක්ක.ඒක තමයි විශේෂත්වය.

                      ඔතොකොට ක්‍රෙයුට්ස් පවුලේ ධූමකේතු කියන්නේ මේ විදිහට කැඩී වෙන් වෙන එකම පවුලේ අයට.මෙහෙම සියවස් ගාණකට
කලින් කැඩිලා වෙන් උන ධූමකේතු ගැන හොයන්න පාවිච්චි කරනවා ඉතාම සංකීර්ණ ගණිත ක්‍රමයක්. ජර්මන් ජාතික හෙයින්රිච් ක්‍රෙයුට්ස් කියන ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥ ගණිතඥයා තමයි මේ ගණිත සමීකරණ පද්ධතිය නිර්මාණය කරේ. ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් මම . මේ ගණිත ක්‍රමයෙන් තමයි හොයා ගත්තේ ඉකෙයා-සෙකි කියන්නේ 1106 අවුරුද්දේදී ක්‍රෙයුට්ස් පවුලෙන් වෙන් උන සාමාජිකයෙක් කියලා. ගොඩක් වෙලාවට මෙහෙම කැඩෙන්නේ සූර්යා ලඟින් යද්දී වෙන බන්ධන නිදහස් වීම එක්ක.එක එක කොටස් වලට එක එක ප්‍රවේග ලැබෙන්න ගන්නවා , ඉතින් කැඩී වෙන් වීම ඇරඹෙනවා.ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් .. මේ ක්‍රමෙන් හොයාගත්ත 1680 දී මේ ක්‍රෙයුට්ස් පවුලේ කෙනෙක් සූර්යාට ඉතාම සමීපව ගිය බව.කොච්චර ලඟින්ද කියනවනම් 200,000km .ඒ කියන්නේ හරියටම පෘතුවියත් චන්ද්‍රයාත් අතර දුරෙන් හරි අඩකට සමාන දුරකින්.කොහොම උනත් දැනට පවතින ධූමකේතුවක මේ විදිහට අලුතිම්ම වෙන්න යන වෙන් වීම් නම් අපිට ගණනය කරන්න බැහැ.ඒ කියන්නේ කොයි මොහොතේ පෘතුවිය දිහාට අලුතෙන් ග්‍රාහක කොටසක් , ධූමකේතුවක් ඒවිද කියන්න අමාරුයි.නොකැඩි තියෙන තාක් නම් කක්ෂය ගණනය කරන්න පුළුවන් මම කලින් කියපු ගණිත සමීකරණ පද්ධතියෙන්.

මේක තනිකර තාරකා විද්‍යා පාඩමක් වෙන්න හොඳ නැති නිසා මෙතනින් නවත්තනවා මම .








                මේ ඉන්නේ අපේ පුංචි කාලයේ වීරයෙක් උන අද පෝස්ටුවේ කතා නායකයා උන කඔරු ඉකෙයා .මේ අපූරු දක්ෂ විද්‍යාඥයා තවමත් ජීවත් වෙනවා ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ.






( පෝස්ටුවේ සඳහන් දුර ප්‍රමාණ ආසන්න වශයෙන් දක්වා ඇත
.hehe.)





ප.ලි. මට ඉස්සර අපි ඉගෙන ගත්ත සිංහල පොත නම් හොයාගන්න බැරි උනා.
දැන් මන් ඉන්න තැන නැහැ කිසිම දෙයක්.මේක දකින කෙනෙක් ළඟ ඒ පොත
තිබ්බොත් කරුණාකරලා අදහස් බෙදා ගන්න ...
 

   ඉස්සර සිංහල පොතේ හිටපු කඔරු ඉකෙයා නිසා සයිලන්ට් සහනුත් පුංචි කලේ ඉඳන් ඕව පස්සෙමයි ගියේ. මමත් පුංචි කාලේදී ඕව ගැන අහන්න කෙනෙක් නැතුව ඔහේ හිටියා.සමහර දාට තනියම ඕනේ තරම් අඬලත් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් නොදන්න දෙයක් නම් කියල දීල නැහැ...!dnd.

      එදා මම සිංහල පොතෙන් කියවපු ඒ ලස්සන කතාවේ තිබ්බ ධූමකේතුව කියන්නේ මොකක්ද කියලවත් මට තේරුම් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් අද මම දන්නවා ඉකෙයා-සෙකි මේ විශ්වයේ ඉන්නේ කොතනද කියල එක විනාඩි 15න් හොයන්න.

කවමදාවත් කුහක වැඩ නම් ඉගෙන ගන්න පුංචි උන්ට කරන්න එපා .. කරත් කමක් නැහැ උන්ව නවත්තන්න ඒ 2.50 වැඩ වලට බැහැ ..!


--------------------------------------------------------------------------------------------


දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද ?



මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...




තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට




පෙරඋන් අය සිටවූ අඹ ගස් වල
ඵලයෙන් අප කව්රුත් ලබුවෙම් ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම ...







මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...

එකම අත්තේ වහපු තව කුරුල්ලෝ ...
පහන් යාය
කුරුන්ඳ

යම ලොවට අධිපති යම රජ|.A horror story.



         යම රජු හමුවීමට ගිය අයෙකු නැවත ආ බවක් අප අසා නැත , එබැවින් ඔහු පිලිබඳ අප දන්නා කරුණුද ස්වල්පයය .එමෙන්ම අවිනිශ්චිතය .

                  මනු ලොව සාමාන්‍ය පිළිගැනීම නම් ඔහු බලය , ශක්තිය අතින් අන් කිසිවෙකුට වඩා ඉදිරියෙන් ඇත .ඉන් පෙනී යන්නේ ඔහු අන් කිසිවෙකුට වඩා ශක්තිමත් බවයි . යමයා වාගේ ශක්තිමත් යැයි පවසන්නේ ඒ නිසාය .

             යම රජු පිළිබඳ සංකල්පය භාරතීය සමාජය තුල මුල් බැස ගෙන පැවතියේ බුධ්ධෝත්පාදයටත් පෙර සිටයි. ඔහු පොළොවෙන් යට පාතාල ලෝකයට අධිපතියාය . මෙම පාතාල ලෝකය අපාය යැයි ඇදහු පැරැණියෝ ඔහු අපායට අධිපති රජු ලෙස සැලකුහ. එහෙත් පසුව පිළිගත් මතය වූයේ ඔහු අපායට පමණක් නොව
මෙලොවින් එහා පරලොවටම අධිපති හෙවත් මෙලොවින් පිටවන ප්‍රාණකාරයන් කෙරෙහි යම් යම් තීරණයන් ගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙකු බවය .


          කෙසේ හෝ වේවා යම රජුගේ නිත්‍ය වාසස්ථානය නම් පාතාල ලෝකයයි. නරකාදිය , අපාය යන නම් වලින්ද එය හැඳින්වෙයි .අපායේ පවතිනා දුෂ්කර තත්වය පිළිබඳව වෛදික ග්‍රන්ථ වලද , විෂ්ණු පුරාණයේද සවිස්තරව කරුණු දැක්වෙයි . අර්ථවේදය පවසන පරිදි නම් මිය යන්නවුන් කෙලිම්ම අපාගතව දුක් විදිනු ලැබේ. එහෙත් බුද්ද දේශනාව අනුව මිය යන සියල්ලන්ම අපාගත වන්නේ නැත .

           අපායේ උපත උපත ලැබීමට හේතුවන කර්මයන් ගැනත් , එවන් අපායවල් රාශියක් ගැනත් පුරාණ ග්‍රන්ථ රැසක දැක්වේ . ක්‍රිස්තියානි ධර්මය අනුවද පාපීන් සදා කල් දුක්විඳින අපායක් ඇත , එසේම සියලු ආගම් වලද මෙවැන්නක් ගැන සඳහනක් ඇත.



මෙය පරිවර්තනයක් බව සලකන්න , ගව්රවය මුල් සටහන් හිමි කරු සතුය .


                යම රජ අපායට පමණක් නොව මරණයටද අධිපතියාය .එබැවින් ඔහු සමහර විටක මාරයා වශයෙන්ද හැඳින්වේ. සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වන අවස්ථාවේ වසවර්ති නමින් පැමිණියේද මොහුමය .යම රජුගේ වාසබවන හෙවත් බලකොටුව පිහිටා ඇත්තේ වේතරණී නම් අපාය සමීපයෙහි ඇති උස්සද නිරයේය . අපායේ අධිපති යම රජු වුවත් ඔහුගේ සියලු අණ ක්‍රියාත්මය කරන්නේත් , අපාය පාලනය කරන්නෙත්
යම ධූතයන්ද, චර පුරුෂයන්ය . යම රජු විසින් පණවන සියලු දඩුවම් අපාගත සත්වයන්ට පමුණුවන්නේ යම ධූතයන් චර පුරුෂයන්ය , ඔවුහු යම රජුගේ සිතැඟි පරිදි ඕපපාතිකව උපදින සත්වයන් විශේෂයෙකි . යම් රජු ප්‍රදානය කරණ සියලු බල ඔවුනට සතුය .

                ඔවුන්ගේ ස්වරූපය ඉතා භයන්කරය , ඇතැමෙක් මුල් වර දිටීමෙන් සිහි සුන් වීමට වුවත් හැකිය .ඔවුන් අපාගත වූවන් ලෝදිය හැළියක දා තම්බන බව ජෛන ග්‍රන්ථ වල සදහන් වෙයි .

                     අපායෙහි කාර්ය භාරය කිසි සේත් සුළු පටු නොවේ .යම රජු කොතරම් බලවන්ත වුවත් හිතු මනාපයට දඩුවම් දීමක් එහි නැත .මිය යන්නවුන් හෙවත් අපාගත වූවන් මනුලොවදී කරණු ලැබූ සියලු කුශලාකුශල කර්ම අනුව දඩුවම් පැමිණවීමට  යම රජු නියම කරයි. මෙම කර්මයන් පිලිබඳ සටහන් අග්‍රසන්ධානි නම් යම රජුගේ කාර්ය භාරය සටහන් කරන පොතෙහි , චිත්‍රගුප්ත විසින් ලියනු ලබයි . චිත්‍රගුප්ත යනු යම රජු වෙනුවෙන් සටහන් තබන්නා තවත්
යම ධූතයෙකි.

            ඔහුගේ ප්‍රධානතම කාර්ය වන්නේ කෙනෙකු මිය යාමට පළමුව කරණ ලද කුසල් හා අකුසල් ක්‍රියා නිවැරදිව , පිළිවෙලින් මුල මැද අග ගලපා සටහන් කිරීමයි . ඒ සදහා අවශ්‍ය දැනුම( work procedure ) ලබා දෙන්නේද යම රජුය.කිසියම් පුද්ගලයෙක්
ආයුෂ ඉවර වී හෝ විශේෂ හේතුවක් මත යම රජු විසින් ඔහුව අපාය වෙත ගෙන්වා ගත් විට යම රජු ඉදිරියේ පෙර තැබුණු සටහන් එකින් එක තබනු ලබයි .තවත් මතයක් නම් කෙනෙකු මිය යාමට ප්‍රථම සිටම පිං පව් පෙර කි පොතෙහි සටහන් වේ.

             යම රජු හැකි සෑම විටකම උත්සාහ කරන්නේ අපාය වෙත පැමිණෙන පුද්ගලයන් කෙසේ හෝ එයින් මුදවා හැරීමටයි. ඉඳින් ඔහු එම පුද්ගලයා හා සුහදව කතා බහේ යෙදෙයි , .හැකි සෑම විටම කර්මසටහන් පෙරළමින් ඔහු හෝ ඇය කර ඇති පුණ්‍ය කර්ම ගැන මෙනෙහි කරවයි .ඔහු අතින් වූ වැරදි දේ කෙරෙහි පාපොච්චාරණයක් කිරීමට අවස්ථාව ලබා දී, යම රජු එම පුද්ගලයාගේ සිත කියැවීමට පටන් ගනී.
ඉතා නිහතමානීව තම වරද ගැන පසු තැවිලි වන පුද්ගලයන් නිබඳවම යම රජුගේ ගව්රවයට පාත්‍ර වේ .ඔවුන් එම මොහොතේම පාතාල නිරයෙන් ආරක්ෂිතව සුදුසු තැනකට පිට කරණු හරි .බොහෝ විට එය යාමය නම් වූ දේව ශ්‍රීය ඇති වාසභූමිය වේ .

          එහෙත් ඒ අවස්ථාවේදී පවා බොරුවෙන් වංචා කිරීමට පෙළඹෙන පුද්ගලයන් ගැන කිසිදු අනුකම්පාවක් යම රජු නොදක්වයි .ඔහුගේ එක් ගිගුරමකින් වැරදි කරුගේ කන් බෙරය පැලී ලේ වහනය වීමට ගනී , එතැන් පටන් එම පුද්ගලයාට යම පල්ලන්ගෙන් බේරුමක් නැත , නිරයේ පහළටම ඇදගෙන යනු ලබයි .

             යම ධූතයන්ද යම ලොව අති බලගතු නිළධාරීන් පිරිසක්ය .කෙනෙකු මෙලොවින් චුත වී පරලොවට හෙවත් යමලොවට යාමට අවස්ථාව පැමිණි විට ඔහු කැඳවාගෙන යාමට එන්නේ මේ ධූතයන්ය.යම ධූතයන්ගේ පණිවිඩය දැනගත් බොහෝ දෙන මරණයට පළමු , ඒ පිළිබඳව යම් යම් හැඳින්වීම් කරන්නේ මේ අනුවය .යම ධූතයන් මෙලොවට පැමිණෙන්නේ තනිව නොව , ඔවුන්ගේ අතිශය භයංකර දඩ බල්ලන්ද කැටුවය .මෙම දඩ බල්ලන් යම ලොවදී සරමියා යනුවෙන් හැඳින්වේ , බොහෝ විට තම යම ධූත ස්වාමියාගේ අණට කීකරුව සොයා ආ පුද්ගලයා හඹා යයි. කට්ටි පනින පුද්ගලයෙකු පසු පස හඹා යෑමට මෙම දඩ බල්ලෙක්ට අණ ලැබුන විට එම පුද්ගලයාට කිසිම ගැලවුමක් නැත . මෙලෙස හඹා යන සරමියා බල්ලන්ව මුලින්ම දකින්නේ ගෘහස්ත බල්ලන්ය . එවිට ගෘහස්ත බල්ලන් යම් විශේෂිත ආකාරයකට බුරයි , එය මනුලොව ඇත්තන්ට ඇසෙන්නේ උඩු බිරලීමක් ලෙසිණි .

             නිවසක් අසල බල්ලෙකු නොනවත්වා උඩු බුරලීම යනු මරණ වරෙන්තුවක්ය යනුවෙන් බොහෝ දෙනා අදහයි .මෙම සරමියා බල්ලන් කොතරම් බලවත්ද යතොත් මරණයට බියෙන් පසු බසිනා ඕනෑම පුද්ගලයෙක් මොවුන් ගෙන යයි.එබැවින් කෙනෙකු රෝහලකදී මිය ගියද ඔහුගේ නිවස අසල බල්ලන් උඩු බිරලීම සාමාන්යෙන් සිදු වෙතැයි ජන වහරේ අදහසක් පවතී , මන්ද අදාළ පුද්ගලයා සමග සරමියා බල්ලන් එන තුරු යම ධූතයන් නිවස අසලට වී බලා සිටි යනුවෙන් පවතින විස්වාසයයි.පොල්කිච්චා , කණ කොකාද තවත් මෙවැනි සතුන් යැයි ඇතැමුන් කියයි , නමුත් ලිපියේ කතෘ නම් එයට එකඟ නැත . තවද පාතාල නිරයෙහි ආරක්ෂාව පිණිස කටයුතු කරන්නේද මෙම දඩ බල්ලන්මය , යම රජුගේ අණට හැර මෙලොව අන් කිසිවකට ඔවුන් මෙල්ල නැත .


             ලොව පළමු වරට මිය ගිය තැනැත්තා මුල්ම යම රජුයය .ඔහු මරණින් පසු යම ලොව ගොස් අනිකුත් අයවද එයින් ගලවා ගැනීමට නිරතුරු කටයුතු කරයි . පසුව මෙය තනතුරක් වශයෙන් දිගින් දිගටම පැවතෙමින් එයි.

             එහෙයින් යම ලොව මහත් අභාග්‍ය සම්පන්න එකක් නොව වාසනාවන්ත එකක් යැයි පැරැණියෝ විස්වාස කළහ . යම රජ අප්‍රමාණව මිනිසුන්ට සමාව දේ , ආදරය කරයි .

                යම රජුගේ රූපය අතිශය භයන්කරය .ඔහු ස්වභාවයෙන් තද කොළ පැහැතිය , එහෙත් රක්ත වර්ණ සිවියකින් සම ආවරණය වී පවතී . හිසෙහි ගිණි ගෙන දැවෙන රක්තවර්ණ මැණික් ඔටුන්නකි .ඇස් ඔහුට පිහිටා නොමැත , ඒ වෙනුවට ඇත්තේ ඇස් කුහරය තුළ ගිලිණු කාල වර්ණ මැණික් සඟලකි.ඒ මැණික් තුළින් ඔහු අන්‍යන්ගේ සිත් කියවයි , අනිකුත් දැනහැදීනීම් ලබයි. පාපිෂ්ඨයෙකුට එක එල්ලේ ඒ දෙස බැලීමට අපහසුය , තදින් අපහසුතාවයට පත් වේ. එක් අතකින් මළ පුඩුවක් සහිත රැහැනකි .මිය යාමට අවස්ථාව පැමිණියවුන් බලෙන් හෝ එම පුඩුවට අසුකරගනීම සඳහා එම රැහැන
ඉතා දුරට විහිදුවීමට හැකිය .අනික් අත හිස් ව පවතී .

                   වෛදික පුරාණයේ යමගේ උප්පත්ති කතාව දැක්වේ , ඒ අනුව ඔහුගේ දෙමාපියන් දෙවි වරුන්ය .තාවතිංස උපතක් ඇතැයි සැලකෙන විමස්වන් දෙවි ඔහුගේ පියාද , මව විශ්වකර්ම දෙවිගේ දුවක වූ සරනාවාය .මේ දෙපලගේ අනික් දියණිය නම්
යමිස්වන් වේ .ඇය යමගේ බලකොටුව ඉදිරිපස රැකවල් ලමින් මග රකියි .



              යම ලොව තුල එක් දිනක් යනු මනු ලොව වර්ෂ වලින් වසර 50 කි . තද බල ලෙස අකටයුතුකම් සිදු වෙමින් ගොස් මනු ලොව විනාශම වීමට යන බව දුටු විට පමණක්  යම රජු හට දල කයක් මවා ගනිමින් අවශ්‍යනම් ඔහුගේ චර පුරුෂයන් යම ධූතයන්ද , සරමියා නම් දඩ බල්ලන්ද ( මොවුන් හට සෙවිය නොහැක්කක් නැත, එදිනෙද ජීවිතය තුලදී තම සබැ නමින් ආමන්ත්‍රණය වීම් , කල කී සැබෑ ක්‍රියා පැවසීම් වැනි අද්දැකීම් ඇත්තන් මේ බව මතු දිනක " ඔව්මයි මටත් ඔහොම දෙයක් උනා " යනුවෙන්  සනාථ කරනු ඇත  ) කැටුව මනු ලොවට පැමිණිය හැකිය .එහෙත් එම කාල සීමාව යම ලොව කාලයෙන් දිනකින් තුනෙන් එකක් වැනි කාලයකට පමණය. නැතහොත් ඔහු මවා ගන්නා දල කයට පැවැත්මක් නැත .එසේ පැමිණියද ප්‍රධානතම බාධකය වන්නේ මේ කාල පරාස  නොගැලපීමය .ඔහු පැමිණෙන නිමේෂය තුල මනු ලොව වසර කීපයක් ගෙවී ඇත ,ඉතින් ඇතැම් දේ වසර 20 , 30 දක්වා වුවද ප්‍රමාද වීම සිදු වන්නේ මේ කාල පරාස නොගැලපීම මතය.

        මිය ගිය පුද්ගලයෙකුගේ ආත්මය , හෙවත් චුත වූ ප්‍රාණය යම රජු වෙත පැමිණ ( මනු ලොව වේලාවෙන් ) පැය 4 කුත් , විනාඩි 40 කාල සීමාවක් පැවතිය යුතුයි , එම කාලය ගත වන්නේ යම රජු ඉදිරියේ පැවැත්වෙන නඩු විබාගයටයි.( එහෙත් එය යම ලොව වේලාවෙන් නිමේෂයකි )

            කිසිම අවස්ථාවක කෙනෙකු මිය ගොස් එම කාලය ගත වන තුරු භූමිදානය නොකළ යුත්තේ එබැවිණි .කෙසේ වුවද පසු ගිය කාලයේ සිදු වූ දේවලුත් , සිදු නොවී ගිය දේවලුත් දෙස බැලු විට පෙනී යන්නේ යම රජු ඔහුගේ චර පුරුෂයන්
යම ධූතයන්ද, සරමියා නම් දඩ බල්ලන්ද කැටුව  මනු ලොව පැමිණ සිටින බවකි!



තවත් වැදගත් ලිපියක් සයුරිගේ පහන් යායේ

මරණින් මතු ජිවිතය

April 8, 2013

අන්තර්ජාල ජීවිත ..අඹු දරුවෝ ...? Where are my babies..?




             මේක වචන දහයෙන් ඉවර කරන සුට්ටන්ම සුට්ටන් පෝස්ට් බට්ටෙක් හරිද ..?කාරණාව මේකයි ..මේක බ්ලොග් ගැන පමණයි...FB , .............................. සහ ඒ සමගාමීව යන ඒවා ගැන නෙවේ ...


                          මොකද බ්ලොගර් වල ගොඩක් ඉන්නේ FB හා වෙනත් දේවල් වලින් පැත්තකට උන වගේ පිරිසක් ..මම එහෙම කිව්වේ නැත්නම් මුළු දවසම FB , chat rooms වල ඉන්න අය පිට සමාජේ ගොඩක් ඉන්න නිසා..නමුත් අද කතා කරන්නේ බ්ලොග් සමාජේ ගැන ..සිංහල බ්ලොග් සමාජේ ගැන ..


මුලින්ම බලමු බ්ලොග් කියවන පිරිස ගැන ..

                     සිංහල බ්ලොග් අවකාශේ වර්තමානයේ ඉන්න මුළු පාඨක පිරිස 3500 වගේ තමයි ඉන්නේ .. එතනින් 1000 විතරම ඔහේ එන යන පිරිස ..මොකක් හරි බලල යන පිරිස..තව 1000 විතර ඉන්නවා සාමාන්‍ය මට්ටමෙන් තෝරා බේරා ගත්ත බ්ලොග් ලිපි කියවන පිරිස .. තව 300 විතර ඉන්නවා හොඳටම තදින් මේ දේවල් වලට ඇබ්බැහි උන ..

මේ අය අතර වයස පරාසය බැලුවොත්

15- 20 අතර 11% විතර ..
20 - 25 අතර 30% විතර ..
25-30 අතර 35%
30 - 40 අතර 18%
40 ට වැඩි 6%
වෙනත් ---%

දැන් බලමු සිංහල බ්ලොග් admin වරුන් ගැන ..


අපි මේ ඉන්න සිංහල බ්ලොග් පිරිස අතර වර්තමානයේ ක්‍රියාකාරී බ්ලොග් හිමියන්
විදිහට ඉන්නේ 210 වගේ පිරිසක් ..
මේ අය අතර වයස පරාසය බැලුවොත්

15- 20 අතර 4% විතර ..
20 - 25 අතර 26% විතර ..
25-30 අතර 30%
30 - 40 අතර 24%
40 ට වැඩි 9%
වෙනත් ---%


                  එතනින් 120 වගේ දෙනා හොඳටම ක්‍රියාකාරියි ..තව 80 වගේ දෙනා සතියට සැරයක් විතර පෝස්ට් එකක් දාල , වෙන කෙනෙක් ලියපු දෙයක් බලලා යන පිරිස..නිකමට හිතන්න අපේ ( වර්තමාන ) දුකා වගේ ...



                  ඔය මම කියපු 120 ඉන්නවා උඝ්‍ර ක්‍රියාකාරී 50 වගේ දෙනෙක් ..මෙන්න මේ කට්ටිය සතියට පැය 30 කට එහා බ්ලොග් වලට සම්බන්දයි..ඒ කියන්නේ දවසට පැය 4 කටත් වැඩි ..( සමහර අය දවසට පැය 4 සිට 12 වගේ දක්වා ..)

දැන් ප්‍රශ්නේ එන්නේ මෙතැනදී..අපි හැමෝම නිකන් isolated ජීවීන් ටිකක් වගේ..


01.අරහෙන් මෙහෙමන් ( FB ........ ) හැලිච්ච ,
02.ඒවා මේවා එපා උන (FB .... ) ,
03.වෙන මොකක් හරි දෙයක් අමතක කරගන්න ( affair break , හෝ වෙනත් පුද්ගලික හේතු ),
04.කාන්සිය පාළුව මග හරවා ගන්න ( පිට රට සේවයේ නියුතු අය වගේ ) ,
05.තමන්ටපුළුවන් කවියක් සිංදුවක් නිසඳැසක් වගේ දෙයක් වෙනත් අය එක්ක බෙදා ගන්න ,
06.දේශපාලන සිදු වීම් ගැන කතා බහ කරන්න ( සමහරු 100% එහෙමයි , සමහරු මෙතනට
ආවට පස්සේ දේශපාලෙනේට වැටෙනවා කැම්පස් එකේ ජෙප්පන්ට අහු වෙනවා වගේ ),
07.තව තමන් ළඟ තියෙන දැනුම අනික් අය එක්ක බෙදා ගන්න වගේ ..
08.වෙනත්



ලිපියේ අරමුණ ..........


                      ඔය වගේ එක එක හේතු වලට ආව අය තමයි මෙතන ඉන්නේ..මේ ලිපිය කියවන බ්ලොග් admin වරු ටිකට තේරෙනවා ඇති මම මේ කියන දේ හොඳටම ..කොහොම හරි අපි මොන හේතුවකට ආවත් අපි අමතක කරන්න හොඳ නැහැ අපිට අපේම කියල පුද්ගලික ජීවිත තියෙන බව .අම්මලා තාත්තල , නෑදැයෝ අසල් වාසීන් , පෙම්වතියො , පෙම්වතුන් , බිරින්දෑ වරුන් , සැමියන් , දූ දරුවන් ,අනියම් පෙම්වතියන් , අනියම් පෙම්වතුන් යනාදී එකී නොකී මෙකි සියලු දෙනා අපි එනතුරු බලා ඉන්න බවත් අමතක කරන්න එපා ...




                 තමන්ගේ හිතට එකඟව දන්නවනේ තමන් අයත් වෙන්නේ කොතනටද කියල ..ඉතින් ඔබ ඉන්නේ ටිකක් විතර addicted කියන තැනට ළඟ නම් වහාම පවුලේ අය වෙත ලං වෙන්න ..නැත්නම් මේ සැබෑවක් නොවූ virtual ලොවක් නිසා ඔබට ඔබේ සැබෑ ලෝකයේ සහෘදයන් අහිමි විය හැකිය..


                එසේ වුවහොත් ඔබව සදාතනිකව මේ virtual ලොවෙහි හිර කාරයෙක් වනු ඇත .. ඔබ වයස 16 ක කොලු පැංචෙක් උනත් වයස 40 ක පියෙක් උනත් තත්වය එක හා සමානය ..!


ප / ලි :

               දැන් මෙතන අනේ අපි නම් ඔහොම නැහැ ..ගාණට හැම දේම සමබරව ගෙනියන්නේ කියල කමෙන්ට් කරන්න ඕනේ නැහැ..තමන්ගේ වෙනසක් පේනවා නම් වහාම මේ අන්තර්ජාල ජීවිතයෙන් ඈත් වෙන්න .. පරිගණක තිරයක් ඉදිරියේ මැවෙන ලෝකයට පෙම් නොඹදින්න.


ඔක්කොම ගාණට කරන අය පමණක් කමෙන්ටුවක් දමන්න ..:P


                 සැලකිය යුතුයි ..: මෙම ලිපිය ලිව්වේ සිංහල බ්ලොග් ගැන්සිය ගැන විතරයි. අනික් දේවලුත් පටල ගත්තොත් මේක අද ඉවර කරන්න වෙන්නේ නැහැ .. ඒ නිසා ඉතාම කෙටියෙන් බොහෝ දේවල් ටිකක් මේ කිව්වේ.FB ........... etc etc වගේ දේවලුත් මේකට අදාලයි..බුද්ධියෙන් අවංකව හිතට එකඟව පෝස්ට් එක කියවන්න .. වැරද්දක් කොහේ හරි වෙමින් යනවා නම් අඩුම ගානේ ඒක තේරුම් ගැනීම හරි වටිනවා ..සමහර වැරදි වෙනවා ජීවිතේදී .. ඒවට වෙන විසදුම් නැහැ...ඒ දේවල් වලට බණ කියන මේ මා ළඟත් විසදුම් නැහැ ... වැරද්දක් කොහේ හරි වෙමින් යනවා නම් අඩුම ගානේ ඒක තේරුම් ගැනීම හරි වටිනවා විසදුම් නැතත්...!

ඔබ එන තුරා , කෙනෙකු ඇත මඟ බලා ...



පුද්ගලික ජීවිතයේ මෙවැනි සිද්ධි ගැන පසුව කතා කරමු..ඒ ගැනත් කතා කරන්නම ඕනේ..

April 3, 2013

නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess..


                ඔන්න එකමත් එක කාලෙක රුක් දේවතා වහන්සේ කෙනෙක් හිටියා.මෙයා හිටියේ ලස්සනම ලස්සන පුංචි කැලෑවක තියෙන සල් ගහක් වාසභවන කරගෙන. මෙහෙම කාලයක් ජීවත් වෙද්දී ඔන්න මෙයා දැක්කා දවසක් උදේ සල් ගහ පාමුළ තියෙනවා එක්තරා වැල් ජාතියක බීජයක් ..

                වැල් ජාතිය හරි භයානකයි..ඒ කියන්නේ මේ වැල හැදෙන්නේ මොකක් හරි ගහක කඳේ එතිලා ..ටික ටික වැල ලොකු වෙන්න වෙන්න මුළු ගහම වෙලා ගන්නවා ..මුළු ගහේම සාරය උරා ගන්නවා ..එහෙම කාලයක් තිස්සේ ටික ටික උරාගෙන යද්දී අර ගහට තව දරන්න බැරුව ගහ දුර්වල වෙනවා ..ගහ මැරෙන්න ගන්නවා..ගහ මැරෙන්න මැරෙන්න ගහෙන් එන සාරය අඩු වෙනකොට අර කපටි වැල කරන්නේ හෙමීට පොළොවට මුල් වලින් සම්බන්ද වෙන්න හදනවා..


                 ටික කාලෙකින් කරන්නේ ලොකු මුල් ජාලාවක් හදාගෙන වැල ශක්තිමත් වෙනවා. මේ කාලේ පුරාවටම ගහට ලැබෙන හැම දෙයක්ම ආහාරයට ගන්නේ මේ වැල ..ඉතින් ගහ එන්න එන්න මැරෙනවා , දිරනවා..

                 වැල එන්න එන්න ශක්තිමත් වෙනවා ..ඒ ලැබෙන ශක්තියෙන් කරන්නේ ගහ තදින් තෙරපනවා . බාගෙට දිරමින් ඉන්න ගහ පොඩි පට්ටම් කරන්න මේ වැලට මහා කාලයක් යන්නේ නැහැ...

මේය සිංහල අටුවාවේ එන කතාවක් ඇසුරෙන් නිර්මාණය කෙරුණකි ...

                  හරිද ? ඔන්න ඕකයි මේ වැලේ ස්වභාවය ..දැන් මේ ගහේ ඉන්න රුක් දේවතාවා මේ සම්පූර්ණ සිද්දියම දන්නවා..ඉතින් මෙයා හොදටම බය වෙනවා " මගෙත් බහින කළාව ලන් වෙලා නේද " කියලා ....

               රුක් දේවතාවුන් වහන්සේ කරන්නේ ඉක්මනට මේ ගැන එයාගේ හිත මිත්‍ර වෙන රුක් දෙවි වරුන්ට ගිහින් කියනවා..

" බලන්නකෝ අනේ මම ඉන්න වාසභවන පහල නපුරු වැල් ජාතියක ඇටයක් වැටිලනේ ..දැන් මම මොකද කරන්නේ " කියල අහනවා මිත්‍ර රුක් දෙවි කෙනෙක්ගෙන් ..


" ඔයා බය වෙන්න එපා අනේ ඔය ඇටේ පැළ වෙන එකක් නැහැ..මොකද මේ කැළේට වහින වැස්සකට ඕක ගහගෙන යාවි " කියල මිත්‍ර රුක් දෙවියා කියනවා...

දැන් මේ කතා බහ ඇහිලා අහල පහළ ඉන්න වෙනත් රුක් දෙවි වරු ටිකත් මෙතනට එනවා...



" මම නම් හිතන්නේ ඔය ඇටේ ලොකු හුළඟකට ගහගෙන යාවි "


" ඔව් සමහර විට දඩයක්කයෙක් එහෙ මෙහෙ යද්දී කකුලට පෑගිලා ඇටේ විනාශ වේවි "


" නැත්නම් වෙන සතෙක්ට පෑගිලා ඇටේ විනාශ වේවි "


" මේ කැළේ ලොකු මොණරු ඉන්නවනේ .අන්න උන් එකෙක් ඔය ඇටේ කාල දාවි "


" ඔව් ඒ නැතත් පණුවෝ හරි ගහලා දායි "


" ඕකට අනිවා කෙළ වෙනවා ඩෝ ..ඕන් බලහන්කො "


" ඔයා බය වෙන්න එපා මෙයා විශ්වාසයෙන් මූණ දෙන්න "


" සුබ වේවා රාජ සම්පත් ලැබේවා " ඔව් ඔව් ඌ තමයි...



" සමහර විට ඔය බීජය ඵල නොදරන්න පුළුවන් "



" මොනවා උනත් හිත වට්ට ගන්න එපා "


" ඇයි ලින්ක් එක දැම්මේ නැත්තේ ? "




" සෑහෙන්න අමෘතය පානය කරන්න ඕනේ ගැටළුවක් මිත්‍රයා "




" ඔබට හොඳටම විශ්වාසද ඒ ජාතියේම ඇටයක් කියල මිත්‍රයා ?.මොකද
හරියට දකිනකම් තීරණයකට එන්න අපහසුයි "




" මොකද කියන්නේ ලාබෙට කම්බෝජේ යන්න එනවද ? "


" Hey dont get upset ruki.. "


" පොඩ්ඩක් ඉන්න කලබල නොවී ..එන විදිහකට මූණ දෙමු .දැන් රෑට
වත් කාලද ඉන්නේ ? කෝ එන්න කෑම ටිකක් හරි කාල ඉන්න . "


" ලොකු ගංවතුරක් වගේ දේකින් ඔය බීජය විනාශ වේවි.."


" හ්ම්ම්ම්ම් "




" හයියු මෙයාටත් වෙන වැඩ "




" මම කිව්වා මම කිව්වා.මම ලාබෙට හොයල දීපු තැන ගත්ත
නම් ඕක වෙන්නේ නැහැ "




" ඕකට ලොකු පොසිටිව් වර්ගයේ අකුණක් ගහල බීජය කුඩේ කුඩු වේවි "






" ඔහොමම සිද්දියක් මම දන්න කෙනෙක්ටත් උනා "






              ඔය වගේ නානාප්‍රකාර උත්තර තමයි හම්බුණේ අනික් රුක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන්.. ඒ අයත් කියන්නෙම කරදරයක් වෙන එකක් නැහැ කියල...මෙහෙම ටික දවසක් ගෙවුණා ..


                 ඔන්න දවසක් කැළේ පහුරු ගගා ගියපු මොණරෙක් මේ පැත්තට ආව..එයාගේ නියපොතු වලට පහුරු ගගා යද්දී මේ බීජය අහු උනා .නියපොතු පාරවල් වලට පොළොවේ කාණුව වගේ හැදුණ තැනකට මේ බීජය වැටුනා ..

                 ටික දවසකින් මේ අහල පහළ ගිය දඩයක්කාරයෙක්ගේ කකුලට මේ බීජය තිබ්බ තැන පෑගිලා හොඳට පස් වලට යට උනා...


                  වැහි කාලේත් ආව දන්නෙම නැතුව , ඒ එක්ක මෙන්න මේ බීජය පුංචි රිකිල්ලක් දැම්මා ..ටික ටික පුංචි රිකිල්ල රිකිලි දෙක උනා ..දෙක තුන උනා ..තණ කොළ අතරෙන් උඩට මතු උනා ...


                    මේක දැකපු රුක් දෙවි තුමාට හීන් දාඩිය දැම්මා ..යස අගේට වැල හැදීගෙන එන්න පටන් අරන් ..දැන් ඉතින් තව ටික දවසකින් සල් ගහ දිහාට වැල එන බව හොඳටම දැනෙන්න ගත්ත ..බොහොම දුකින් දුකට පත් උනා ...


තමන්ගේ මිත්‍රයන්ට මේ වෙච්චි කරදරය ගැන කිව්වා නැවත සැරයක්..


" නීන්ගල් අලෙයිත්ත ඉලක්කම් තවාරානද.................... ........ ............ .............. ............ .. "





                           මේ පාර නම් අදහසක් දක්වන්න වත් පිරිස නැහැ.තනියම දුකින් තමන්ගේ වාසභවනට වෙන විපත බලා ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැහැ දැන් ඉතුරු වෙලා ...ටික දවසකින් ලස්සනට මල් පිපි පිපි මුළු කැළේම එළිය කරපු ලස්සන සල් ගහ මැරෙන්න පටන් ගත්තා ..හයිය හත්තියට තිබුණ අතු දිරන්න පටන් ගත්තා .. වැලේ ශක්තිමත් මුල් වලින් මුළු ගහම වෙලා ගත්තා ..ගහ පොඩි පට්ටම් වෙලා යන්න පටන් ගත්තා ..




ටික දවසකින් දිරල දිරල හොඳටම දුර්වල වෙලා තිබුණ ගහ පොළොවට කඩාගෙන වැටුණා ...!







නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ?




March 19, 2013

+16 " ගෙඩිය පිටින් " යන යෙදුමේ අරුත| gediya pitin kama !





          මේක කෙටිම කෙටි කතාවක් හොදද ?ඔක්කොටම කලින් අපිට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා ..hehe.




අවශ්‍ය ද්‍රව්‍ය :


කිඹුලා
හරකා
මුවා
මැක්කා ( අවශ්‍ය තරම් ප්‍රමාණයක් )
බෙලි ගෙඩිය
පළා වර්ග කීපය
ෂොපින් එක




සාදන ක්‍රමය :
explain.


            අපි හැමෝම දන්න කියන සත්තු 4 දෙනෙක් ඉන්නවා මේ කතාවේ .එතනින් සත්තු දෙන්නෙක් අහක ඉඳන් කයිට් වෙනවා
.hehe. අනික් සත්තු දෙන්නගේ ගති ලක්ෂණ තේරුම් ගන්න උදාහරණ ගැනීමේදී .ඒ ගති ලක්ෂණ තේරුම් ගත්තට පස්සේ අපි කරන්නේ උපකල්පනයක් .. " අරයා මෙහෙම නම් මෙයා කොහොම වේවිද " වර්ගයේ .. ඊට පස්සේ අපි කරන්නේ ආදේශ කිරීමක් " එයාලත් එහෙම නම් ,ඇයි අපිට බැරි " වර්ගයේ. අන්තිමටම පුංචි ලොරි ටෝක් kitta.දෙකක් විතර තියෙනවා .එච්චරයි..
දවසේ ඕනෑම වේලාවක රස විදින්න පුළුවන් හදා ගත්තට පස්සේ ..

දැන් අපි පෝස්ටුව සකසා ගනිමු ...
stir.

ඔන්න කතාව මෙහෙමයි.පහත රූපය බලන්න .

මේ තමයි මුවා.









 

දැන් දෙවන රූපය බලන්න ..




ඔය තමයි කිඹුලා ..


        දැන් අපි ප්‍රධාන මාතෘකාව දිහාට එමු ..මේ කිඹුලට එනවා බඩගින්නක්. කිඹුලා කරන්නේ මුවාව කනවා පින්වතුනි.
diablo.මේක එහෙම ලේසි පහසු කෑමක් නෙවේ.මුවාගේ මස් ටික, අං තට්ටුව , ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික drunk2., මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික .eee., කකුලේ කුර ටික , කුර අස්සේ තිබ්බ මඩ ටික සහ අවසාන වශයෙන් නැට්ට සහ නැට්ටේ හිටපු මැක්කෝ ටික .hehe1.



               මෙතන මැක්කෝ කිව්වම මැක්කගේ ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික , මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික , සහ මැක්කගේ ඇඟේ මස් ටික.
( මෙතන මම එක මැක්කෙක් ගැන විතරයි උදාහරණයට ගත්තේ .ඔක්කොම මැක්කෝ
ගැන කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා
delete. )


             යනාදී වශයෙන් මුවාගේ සියල්ලම ආහාරයට ගන්නවා මේ කිඹුලා.මස් ටික වෙනමත් අයින් කරන්න ඕනේ කක්කි ඒවා වෙනමත් කියල නැතුව ඔක්කොම කාල දානවා .
tazz.


දැන් අපි එමු දෙවන උදාහරණයට ..
පහත රූපය බලන්න



            මේ ඉන්නේ හරකා ..මෙයා කන්නේ විවධ පලතුරු ජාති සහ  කොළ ජාති .ඒ උනාට හැම කොළ ජාතියම කන්නේ නැහැ
dont. .තෝරලා බේරලා තමයි කන්නේ ..මුකුණුවැන්න , ගොටුකොල , තම්පලා , රතු තම්පල , සාරණ , නිවිති , කතුරුමුරුංග කොළ , කෝවක්කා කොළ , අඟුනකොළ , බටු කොළ මැල්ලුම shy.වගේ දේවල් තමයි කන්නේ . නිකම්ම නිකන් වල් තණකොළ ජාති කන්නේ නැහැ ..

         තේරුණාද හරකා උනත් ඔක්කොම තණකොළ ජාති කන්නේ නැහැ . තෝරලා බේරලා තමයි කන්නේ ..හරකා පළතුරු ජාතිත් කනවා කියල මම කිව්වනේ.. හිතන්න අපි බෙලි ගෙඩියක් දුන්නා කියල හරකාට .නමුත් හරකා කන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා
dont.. බෙලි ගෙඩිය දෙකට පලලා මදේ වෙනම දුන්නොත් විතරයි කන්නේ .. බෙලි කොච්චර ගුණ පළතුරක් උනත් ගෙඩිය පිටින් කන්නේ නැහැ හරකා ..forget_it.




දැන් උපකල්පණය කරමු කිඹුලා බෙලි කනවා කියලා ...
eyerub.

එහෙනම් එකෙම්ම මුළු බෙලි ගෙඩිය පිටින්ම කාල දානවා නේද? මුවාගේ අං
තට්ටුව , කුර , කක්කි පවා කාපු කිඹුලට බෙලි කට්ට මොකක්ද ?
laugh.




      දැන් පැහැදිළිද ගෙඩිය පිටින් කනවා කියන්නේ මොකක්ද කියල...කිසිම තෝරාගැනීමක් , ඉවත් කිරීමක් , පැහැදිළි කිරීමකින් තොරව සියල්ලම බාර ගැනීම තමයි ගෙඩිය පිටින් කනවා කියන්නේ ...
annoy.




            ඔහොම ගෙඩිය පිටින් වෙන සිද්දි වලදී සත්ව ලෝකයේ ගොඩක් සත්තු
ලිංගික එක් වීම වගේ කාරණා සම්බන්දව දරන්නේ පොදු මතයක් . අම්මා , තාත්තා , නංගි , මල්ලි , අක්කා , අයියා , බාප්පා , පුංචි etc වගේ දේවල් සලකන්නේ නැහැ .ස්ථානය , වෙලාව , කරාට අවුලක් නැද්ද වගේ කාරණා සළකන්නෙම නැහැ . කෙලිම්ම ගෙඩිය පිටින් සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනවා .
fucking.mastur.


ආදේශ කිරීම


සත්තුන්ට වඩා හිතන්න පුළුවන් මිනිස්සුත් ඇයි අනේ ගෙඩිය පිටින් සමහර ඒවා කරන්නේ ? හරකට තරම් වත් මොළයක් නැද්ද ?ආගම ධර්මය අමතකද ?
pop.

නිගමනය 

 
        ඒ නිසා හැම දේ ගැනම තෝරාබේරා ගැනීමක් කරන්න ..ආශ්‍රය කරන අය , කතා කරන්න ඕනේ දේ , නොකරන්න ඕනේ දේ , ඉන්න ඕන විදිහ , යන්න ඕනේ තැන් , කරන්න ඕනේ දේවල් etc ...
kitta.


අවවාදය
හැබැයි රජෝ වැඩිය තෝරන්නත් එපා .මදේ වත් කන්න හිතෙන්නේ නැතුව යාවි. ඔතොකොටත් පැවැත්මක් නැහැ ...!
teeth1.

ප.ලි. මේ කාලේ නම් හරක් ශොපිනුත් කනවා ..බෙලි කටුත් කනවා ඇති දැන්..
( කරුණාකර ප.ලි. කොටස මනුෂ්‍යන්ට ආදේශ නොකරන්න . ඔතොකොට ගෙඩිය
පිටින් හරකෙක්ම වෙනවා. 
roll.)



බොහෝ විට මීළඟ පෝස්ටුවෙන්  නිවසකට අවශ්‍ය මට්ටමෙන්
සරල TV ඇන්ටෙනාවක් අඩු වියදමෙන් සාදා ගන්නා ආකාරය
පැහැදිළි කරමි...!tv.


ඇන්ටෙනාව කඩා ගත්ත දේශකට වෙච්ච දේ ගැන මෙතනින්

March 13, 2013

ඈ සතුටින්ද ? | It hurts me .



හිමි නුගුණ කලත්
ඒ දුක වින්දත්
උහුලනු බැරිව මට කිව්වත්
" ආදරය කරණ කෙනාට වඩා
ආදරය දෙන කෙනා වටිනවා "
යැයි ඔබම මට කිව්වත්
දැනේ මට , නුඹ හිමි හා තුරුළු වන අන්දම ...
රිදේ මා හිත ...!

පැවසු සියල්ල බොරුවක්ද මා තුරුලේ හිඳ ?





ඒ මුළු කාලයම බොරුවක්ද ?









March 11, 2013

හතර බීරි කතාව . ( මුල්ම සටහන / originalma එක ) hathara beeri kathawa




මේ කතාව පුරාණයේ සිට ලංකාවේ ගැමි බස් වහරේ යෙදෙන කතාවක්.
fit. මට මතක විදිහට තමයි මේ දාන්නේ. කරුණාකර මෙහෙ වරදක් ඇත්නම්
නිවැරදි කරන්න..
kitta.මොකද පළාතෙන් පළාතට මේ කතාව ටිකක් වෙනස් වෙනවා .spy.මෙතන තියෙන්නේ මගේ පුංචි මට කිව්ව කතාව.. විශේෂ ස්තූතිය අපේ වෙද මහත්තයා සහ අසාර් වෙතට ,මොකද  මගේ කලින් මල්ලේ පොල් පෝස්ට් එකේදී එයාල තමයි මේක
මතක් කරේ මට...
hehe1. ඒ වගේම ඔබ දන්නා මේවත් කතාන්දර තිබේ නම්
අනාගත පරපුර වෙනුවෙන් ඒ සියල්ල අන්තර්ජාල ගත කරන්න..
( ඔබට බ්ලොගයක් ඇත්නම් එහිද , නැතිනම් වෙනත් කෙනෙකුගේ
බ්ලොගයක කමෙන්ටුවක් ලෙස හෝ )




ඔන්න එක්තරා තරුණයෙක් " දොම්පේ " නමින් හැදින්වෙන ගම සොයා
පැමිණෙනවා. මග දිගට හම්බෙන අයගෙන් පාර අහන් තමයි මෙයා යන්නේ.
.walk.

ඔහොම යද්දී බතල පාත්තියක උදලු ගගා ඉන්න ගොවි රාළ කෙනෙක් දැකල මේ
තරුණ ඉලන්දාරියා අහනවා ...



දොම්පෙට යන පාර කෝයිබදෝ
මාමේ මට කියල දෙන්නකෝ...


අර උදලු ගගා ඉන්න ගොවි රාලගේ කන් ඇහෙනවා ඩිංගක් අඩුයි.
ඉතින් හරියටම මේ ඉලන්දාරියා කියන දේ ගොවි රාළට ඇහෙන්නේ
නැහැ . එයා හිතන්නේ බතල ඉල්ලන් ආව කෙනෙක් කියල .ඒ නිසා
ඉලන්දාරියට මෙහෙම උත්තර දෙනවා ...

බතල හොඳට එරිල තියෙනවා
හාරනකම් ටිකක් ඉන්නවා ...


මේක ඇහුවම අර තරුණ පිරිමි ළමයට ටිකක් තරහ යනවා ,
මොකද ප්‍රශ්නේ ඇහුවේ වෙන දෙයක් උත්තර ලැබුණේ වෙන
දේකට ...
ayyo.ඒ පාර ඒ පිරිමි ළමයා මෙහෙම උත්තර දෙනවා..


උබේ ඉලව් බතල මට එපා..
දොම්පෙට යන පාර කියාපන් ..

එහෙම කියන ගමන් වට පිට බලනවා.ඔතොකොට දකිනවා මේ
ගොවි රාළගේ ගම මහගේ පැදුරක් විය විය ඉන්නවා ගෙයි ඉස්සරහා .
ඒ නැන්දා ලඟට ගිහින් මේ තරුණ ඉලන්දාරියා මෙහෙම අහනවා...



දොම්පෙට යන පාර කෝයිබදෝ
නැන්දේ මට කියල දෙන්නකෝ..



වැඩේ කියන්නේ මේ ගම මහගේගේත් කන් ඇහෙනවා අඩුයි.
dislike.
එයා හිතන්නේ මේ ඇවිත් ඉන්නේ පැදුරු හොයන් ආව කෙනෙක් කියල.
ඉතින් ගම මහගේ මෙහෙම උත්තර දෙනවා..



පැදුර හොදට වියලා තියෙනවා..
සායම් ටික දමල ඉවර නෑ ...


මේ උත්තරේ ලැබුණාම අර තරුණ ඉලන්දාරියට තවත් ටිකක් කේන්තියි.
bye2.
ඒ කේන්තිය පිටින්ම අර තරුණයා මෙහෙම කියනවා ඊට පස්සේ.

උබේ ඉලව් පැදුර මට එපා
දොම්පෙට යන පාර කියාපන්...
මේකත් මහ බීරි හටනයක්
උබේ ගෙදර නැද්ද වෙන කෙනෙක් ?


දැන් ඔන්න ගම මහගේටත් තේරිලා වැඩේ නුහුරට ගිහින්
තියෙන බව.
angry1.ඊට පස්සේ ගම මහගේ කරන්නේ ගේ ඇතුලේ
ඉන්න එයාලගේ දෝණි ඇන්දට අඬ ගහනවා මෙන්න
මෙහෙම ..


අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්
මේ මිනිහට පැදුර ගැන කියන් ..


ඔන්න දැන් දෝණි ඇන්දත් එනවා ඉස්සරහට මේ කලබලේ
ඇහිලා ..වැඩේ කියන්නේ මේ දුවගේත් කන් ඇහෙනවා අඩුයි..
hehe1.
ඉතින් ඒ දුව හිතන්නේ මේ කතා කරන්නේ වෙන දේකට
කියලා ... එයා එළියට එන්නේ මෙන්න මෙහෙම අහගෙන ..
laugh.



තරුණයෙක් මට එනවාමයි කියා
කපුටා කිව්වේ ඒ තමයි ඔයා
අම්ම අප්පා දෙන්න කැමති නම්
... කසාදෙට බොහොම කැමති මන් ...shy.


මෙහෙම ආවට පස්සේ දෝණි ඩින්ගයි , අර ඉලන්දාරියයි
කරට අත දාගෙන සතුටින් විසිර යනවා ..( විසිර යනවා
කිව්වට විසිර යන්නේ නැහැ ..මෙව්වා වෙනවා එයාල දෙන්න
firstmove.)



ප.ලි. ඔබ දන්නා මෙවන් කතා ඇත්නම් නම හෝ සදහන්
කර කමෙන්ටුවක් දමන්න..ඉඩ ලද වේලාවට එකින් එක
ඒ සියල්ල අන්තර්ජාල ගත කරමු අපි ...
http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili