දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

January 10, 2013

ගල් කොල්ලෝ ( අවවාදාත්මක සිනා කතාවක් )

             

           පාසල් සමයේ වූ රසවත් සිදු වීමක් නැවත මතක් වූ.නමුත් දැන් මේ සිදුවීම ගැන සිතන විට බොහෝ පාඩම් ගත හැකි බව වැටහේ... තිසරගේ රඟහලේදී දැකපු සිද්දියකින් තමයි මේ දේ මට මතක් උනේ. ඒ වගේම පේට්‍රියට් ලොක්කගේ නංගි බබාගේ පෝස්ට් එකේ ගියපුවත් මේකට සම්බන්දයි වගේ ....



               මේ දේ උනේ අපි සාමාන්‍ය පෙළ කරන කාලේ හරි 9 වසරේ ඉද්දි හරි. අපිට තිබ්බා රෑ ගණිත පන්තියක් .විබාග කාලෙට හවස 4 වගේ ඉඳන් රෑ 10 වගේ වෙනකම් තියෙනවා. එකෙ විවේකය දෙනවා රෑ 7 ට විතර මොනවා හරි ගෙදර ගිහින් කාල එන්න.සමහර දාට නොකා ඉන්නවා, සමහර දාට කඩේකින් කනවා , සමහර දාට කාගේ හරි ගෙදරකින් කනවා..hehe.

         දවසක් සෙට් එකම ඉන්ටවල් එකේ අපේ ගෙදර ආව, සංග්‍රහ භුක්ති විඳලා ආපහු යන්න පිටත් උනා ක්ලාස් එකට .ඔහොම යද්දී අපිට හිටිය පොදු සතුරෙක් "ලැම්බට් වවුලා"protest.. ලක්ෂාන් තමයි ඇත්ත නම , තව ලකී , ලකියා වගේ නම් තිබ්බට අපි ඒකත්චන්දයෙන් භාවිතා කරේ ලැම්බට් වවුලා , ඒකට අපි අතර තිබ්බ ඔරොප්පුව මූලික උනා.


          ඉතින් අපි තීරණය කරා ලැම්බට්ගේ ප්‍රන්තෙ මැද්දෙන් අපේ ගමන යොදා ගන්න.spy.මොකද මිනිහගේ සුව දුක් බැලීමේ අවශ්‍යතාවයක් තදින් තිබ්බා අපිට ඒ වෙද්දී.dont. ( ලැම්බට්ගේ ප්‍රන්තෙයි , මගේ ප්‍රන්තෙයි තමයි ඉතා කිට්ටුම ප්‍රාන්ත දෙක.)angry1.

        අපි සෙට් එක දැන් ඔන්න හෙමින් හෙමින් කිට්ටු කරනවා අපේ පුස් බයිසිකල් වල.සමහරු ඩබල් දාල, සමහරු සෙල්ෆ් ඩ්‍රයිව් .hehe1.

          නිකම්ම නිකම් හු පාරක් දාල එන්න කැමති උනේ නැහැ ගොඩක් දෙනෙක්protest. .ඒ නිසා 4/5 චන්දෙන් වගේ ගල් පෝරියල් එකක් ලම්බට්ගේ ගෙදරට සම්මත උනා.shy.

            ඕක දීල එනින් ගමන් අපිට කඳට දැනෙන්න ගත්තා අමුතු කික් එකක්banana. , ගල් කික් එකක්chili..එකේ ප්‍රතිඵලයක් විදිහට
අපි එතන ඉඳන් දිගට හරට හතර වටේ හැම දීපන්කරේකටම ගල් ගැහුවා ( කළුවර පොට් බලල)..eee.


ඔහොම ඔහොම එනවා දැන් .නැමෙනවා ගන්නවා ගහනවා , නැමෙනවා ගන්නවා ගහනවා..
නැමෙනවා ගන්නවා ගහනවා , නැමෙනවා ගන්නවා ගහනවා..gun.
නැමෙනවා ගන්නවා ගහනවා , නැමෙනවා ගන්නවා ගහනවා..gun.
නැමෙනවා ගන්නවා ගහනවා , නැමෙනවා ගන්නවා ගහනවා..gun.
නැමෙනවා ගන්නවා ගහනවා , නැමෙනවා ගන්නවා ගහනවා..gun.
නැමෙනවා ගන්නවා ගහනවා , නැමෙනවා ගන්නවා ගහනවා..gun.
නැමෙනවා ගන්නවා ගහනවා , නැමෙනවා ගන්නවා ගහනවා..gun.











          ඔන්න ඔය අතරේ එක පාරට නැමිලා ඉද්දි " මල්ලි " කියල කව්ද අහන ගමන් හීන් එළියක් වැටුනා explain.. බලද්දී අපේ පිටිපස්සෙන් දෙන්නෙක් ඇවිත් ලයිට් off කරන් පොඩි මෙට් කට්ටකayyo. ( ඒ කාලේ CT 100 තිබ්බේ නැහැ )..

          අම්මට සිරි බඩු මාට්ටු නේද ? දැන් කට්ටිය හෝ ගාල පුස් බයික් වල වෑල් කර ( හුලං ගහන තැන ) හොයනවා වැල් එක සුද්ද කරන විදිහට..teeth1.

හොයා ගත්ත උන් චූස් ගාල වෑල් එක අදිනවා තම තමන්ගේ බයික් වල ..teeth2.

මහ රෑ කොල්ලෝ ටිකක් පාර මැද්දේ බයිසිකල් වල වෑල් සුද්ද කරනවා ..mock.
සමහරුන්ට කර ගන්න දෙයක් නෑ ගල් පිටින් ඔන්දස් පොට් නැමිච්ච ගමන්ම.roll.

" ඔයාල එහෙම දැක්කද කට්ටියක් මේ පැත්තට යනවා "

"නෑ නෑ අයියේ , අහ් නෑ, මේ ,ඔව් අර මේ, අපේ වෑල් උපස්ට් ගියානේ බලන්නකෝ "explain.

කියල කෙහෙල් කැනත් වැට පැන්න කියහන්කෝ ඉතින් බයටම ...bath.


අපරාදේ කියන්න බැහැ උන් දෙන්නට වැඩේ මීටර් උනේ නැහැ , අපහු යන්න ගියා...

       අපිත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො සෙට් එක වගේ මීක් සද්දයක් නැතුව මහ රෑ බයිසිකලුත් තල්ලු කරන් ආපහු ක්ලාස් එකට ඇදුනා ...roll.


සර් නම් දැක්ක ගමන් ඇහුව

" තොපි අලුගුත්තේරු වැඩක් කරලා මාට්ටු වෙලා හුලන් ඇරලා එව්වා නේද " කියලayyo.

" තොපි මගේ නම එහෙම කෑවේ නෑ නේද " kitta.දෙවැනි ප්‍රශ්නය යලිත් සර්ගෙන්


"නෑ සර් " බිම බලාගෙන අපි ටික.upset.


" අහ් එහෙනම් අර පිටිපස්සේ ඇති පොම්පයක් , අරන් හුලන් ගහ ගනිල්ලා ".walk.










අවවාදය: පෝරියල් දී ඉන් උද්දාමව දෙවැන්න දීමට යාමේදී පළමුවැන්නේ රිටන් එක පිටුපසින් නිශ්ශබ්දව පැමිණය හැකි බව සිහි තබා ගන්න... .......kick.




55 comments:

  1. හෝ.. හෝ... ගල් සක්විත්තෝ නෙව උඹල ඔක්කොම.. අපි නං කුරාකූඹියෙකුටවත් හානියක් නෑ.. ගල් පාවිච්චි කොරාට. ඔය නලින් වගේ...

    ReplyDelete
    Replies

    1. මගේ එදිරිවාදියා උනාට මන් ගැහුවේ නැහැ ..නැත්නම් 3/3 චන්දෙන්
      පනත සම්මත වෙනවා..මන් හින්දයි 4/5 උනේ..:D

      Delete
    2. අඩේ දේශකයා කොයි ගල් වලත් රහ දන්නේ ගල් ගහපු උන් විතරයි

      Delete
  2. මගෙ හිත ගත් චරිතය .. බොලාගේ සර්....
    සිරා සර් කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඇත්තටම හරි හොඳ මනුස්සය.
      ඒ කාලේ ජීවිතේ ගොඩ ගියේ හිතුවටත් වඩා ඒ
      සර් හින්ද ...ඒක නෙවේ මේකේ එමෝ පේනවා නේද ?

      Delete
    2. නෑ නෑ සිරා සර් කෙනෙක් නෙමෙයි බොල තවම...

      Delete
    3. ඇයි සිරෝ උඹ සර් කෙනෙක් උනේ අර මැච් එකේදී

      Delete
  3. ශා කරපු වැඩේ ට වැඩිය සර් ගේ කතාව වටිනවා :)

    ReplyDelete
    Replies
    1. පළමු පැමිණීම සාදරයෙන් පිලිගන්නවා නංගි ..
      ඔව් මේ උන වැඩේ නම් හරිම නැහැ .ඒක පිලිගන්නවා.
      මොනවා කරන්නද බහුතරය කැමති නම් ගල් උනත්
      ගහනකම් නිකම් බලන් ඉන්න වෙනවා...
      නැවත දිනයක එන්න...ස්තූතියි කමෙන්ට් කරාට...

      Delete
  4. අපි ඉතිං ඒ කාලෙත් ඔය ගල් ගැහුවේ නැනේ.. වෙල ගල් මිසක්කා.. අවසර් ආදර්ශය කදිමයි. පොඩි ගැජට් ටිකත් නියමයි.

    ReplyDelete
    Replies

    1. ස්තූතියි නලීන්...ඔන්න මන් කරන හැටි කිව්වා වේද මහත්තයට ..
      ක්‍රමේ අල්ලගන්න හරි ලස්සනයි ඉමේජ් බෝඩර් නැතුව කරාම ...

      Delete
  5. මට නම් හිත ගියේ අර පොඩි පොඩි වැඩ කෑලි ටිකට මරුනේ කොහොම ද ඒක කරන්නේ කියලා කොම්පීතර ගැන මෙලෝ හසරක් නොදන්න මම තාම හිතනවා. මම දන්නේ කොටන්න විතරයි. අපි නම් ඔය ගල් කේස් වගේ ඒවට අහුවෙලාම නැහැ. බස් කීපෙකට නම් ගල් වලින් ඉලක්ක පුරුදු වෙලා තියනවා වත්තල හංදියේදී. ජීවිතේටම ඇති වෙන්න ගුටි කෑව. ගමේ උනුත් ගැහුවා අහල පහල වුනුත් ගැහුවා, ඉස්කෝලෙනුත් කෑව.

    ReplyDelete
    Replies
    1. ඒක කරන්නේ වේද මහත්තයෝ මන් ඔයාට මේල් එකක්
      එවන්නම් ඒ පොඩි ෆොටෝ තියෙන.ඊට පස්සේ ඒ මේල් එක
      වෙනම Tab එහෙක ඕපන් කරලා, ඔබතුමා පොස්ට් එකක් ලියද්දි
      අවශ්‍ය තැනට අර වෙනම ඕපන් වෙච්ච ටැබ් එකේ ඉඳන් drag n drop
      කරන්න..ඔතොකොට ගානට එනවා..

      හැබැයි වෙනම ටැබ් එහෙක ඕපන් කරේ නැත්නම් වැඩේ වෙන්නේ නැහැ ..

      මන් නම් ජීවිතේට ගල් ගහල නැහැ .එදත් මන් එපා කියද්දී අනික්
      අය ගැහුවේ.තව දෙයක් උනා බෝපත් ඇල්ල බලන්න ගිහින් ..ඒකත්
      වෙනම දාන්නම්කො මන් ..හැක් ...

      Delete
  6. යකෝ.. අපි කෙල්ලො හොඳයිනේ අප්පා සිය දහස් ගුණයක්... කිසි එකෙක්ට වදයක් දිලා නෑ මේ වගේ... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි හිරු ඔතන ඉන්නවා දොස්තරලා , එන්ජිනේරුවෝ , නීතීඥයෝ
      පවා හිරු.ඒ උනාට හැමෝම වගේ ටිකක් රෝන් ගියා, දෙන්නෙක් දැන්
      ජීවතුන් අතරත් නැහැ.තව එකෙක් දැන් වැඩ වරද්දන් බ්ලොග් එකක්
      කරනවා ..:D

      Delete
    2. වැඩ වරද්දන් බ්ලොග් එක කරන එකාව මං දන්නවා.. හි හි.... මැට්ස්...

      Delete
  7. පොඩි ගැජට් කෑලි ටිකනම් නියමයි .. ගල් සෙල්ලම් වලට අපි නම් නැහැ ඔන්න...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මාත් කැමති නැහැ සංජය ඒ වගේ දේවල් වලට .
      මොනවා කරන්නද ඉතින් .මන් මේ දාන්න හිටපු එකක් නෙවේ..
      තිසරගේ පෝස්ට් එකක් දැක්කමයි මේ දේ මතක් උනේ. :(

      Delete
  8. එතකොට මහ රෑත් ක්ලාස් තිබුණද උඹලට?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අපේ හිතවත් කම් වලට උන ක්ලාස් එකක්
      රතු අහල පහල අය තමයි හිටියේ .අනික සර්ගේ දුවත්
      අපේ වයසේ .ඉතින් රෑ දවල් නෑ අපි ක්ලාස් එකේ.:)

      Delete
  9. මටත් මුලින්ම හිත ගියේ ගැජට් කෑලි ටිකට. උඹ ත් තිසරයගේ 'බබා' ගැන්සියෙද හිටියේ...දෙන්නගෙම මාර තියරි එක 'යාළුවෝ ගසති, මම නොගසමි'. බලං යනකොට බ්ලොග් ලියන්නේ ඔක්කොම අහිංසකයෝ ටිකනෙ.

    ගල් කථාව කියපු ගමන් මට හිතුනේ, කවද් හරි දවසක මගේ ගෝලයෙකුත් බ්ලොගක ලියයි කියල, හැමෝටම ගල් ගහලා, අපේ සර්ගෙ ගෙදෙට්ට වැදිල මාට්ටු වුනු දවස.

    ReplyDelete
  10. ///දෙන්නගෙම මාර තියරි එක 'යාළුවෝ ගසති, මම නොගසමි'. ///

    ඔන්න ලියනවා නම් නියම මාතෘකාවක් ලියන එකෙක්ට ..
    නියම තියරිය ..ලොල්

    මේකේ ඉන්න හැම එකාම ඉන්නේ ඔක්කොම ඒවා කරලා
    මචන් නෑ වගේ..එකෙක් ඇද්ද ගමන් පෝලිමට එනවා කතා
    ටිකක් ...කෝ කෝ උබලගේ ඒවත් දාපල්ලා...:)

    ReplyDelete
    Replies
    1. කරපු වැඩ දැම්මොත්....එක්කෝ ඕන නෑ. හැම එකාම එහෙම නෙමේ බං. බලහං අපේ මාරයියා..උගේ නෑ ඔය බබා පාට්, ඌ කරපු දේ ලුණු ඇඹුල් ඇතුවම කියනවා. හැබැයි එහෙම එවුන් අඩුයි.

      Delete
    2. බැහැ බැහැ පේට්‍රි මචෝ හැම වෙලේම තමන්ගේ
      status තියා ගන්න ඕනේ.බලපන් මාරයා උගුඩුව
      වගේ දාන දේවල් ...මදි පාඩුවට ලුණු ඇඹුලුත් එක්ක.
      ඒකට අපි ගානට සුද්ද කරලා මදේ විතරයි දෙන්නේ :D

      Delete
    3. ඊ මේලය මා හට දැනුම් දෙනු මැනවි.

      Delete
  11. හික්...අයියෝ... මෙයාලත් කරන වැඩ.... :)
    අර අමුතු කික් එකක් ගන්න තැන දාල තියෙන එක නම් මරේ මරු ඈ.... මට හිනා ගිහින් පණත් ගියා....හික්.....

    ReplyDelete
    Replies
    1. අර කෙහෙල් මොටාද ? මාත් මේ ටික මුලින් දැකපු දවසේ
      හරියට හිනා උනා.තව මෙතන නැති ඒවා ගොඩක් තියෙනවා
      ඔය වගේ ලස්සන..වෙලාවක එවන්නම්කො..

      ස්තූතියි සමනලී මේ පැත්තේ ආවට ..

      Delete
  12. හිහ...මෙයාලත් කරන වැඩ.

    ReplyDelete
    Replies
    1. මේක දැම්මට පස්සේ නම් මට නිකන්
      ලැජ්ජයි වගේ.සමාජෙට මූණ දෙන්න බැහැ
      වගේ ..:(

      Delete
  13. මම ඊයේ මේකට ක්මෙන්ට් එකක් දැම්මනේ.. ඒක වැටිලා නැද්ද?? :(

    ReplyDelete
  14. ඔයා ඊයේ රෑ 10 ට විතර ආව වෙලේද ශම්මි දැම්මේ?
    මන් ස්පෑම් වත් වෙලාද කියල බැලුවා , ඒත් තිබුනේ නැහැ ..

    ReplyDelete
  15. ඇත්ත කියපන් උඹටත් අරක්කු නිෂ්පාදකයන්ගෙන් ජරාවක් හම්බ උනා නේද... ගල් ප්‍රමෝට් කරන්න...?

    ReplyDelete
  16. මටත් කොටි පුල්ලි වැදිලද මාතලේ උබට වගේ.:D

    ReplyDelete
  17. උඹෙ බ්ලොග නව වසරේදී ටෙස්ටින් තත්වයෙන් මිදීම පිළිබද මගේ අප්‍ර‍මාණ මෙව්වා එක...

    ගල් කොල්ලො ----කැපුවෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔබගේ මෙව්වා එක ගැන මගේද බලවත් මෙව්වා
      එක පිළිගන්න සිරෝ..

      පිස්සුද අපි ඒ කාලේ සිරාවටම ඔහොම ඒවා තියේද
      කියලවත් දන්නේ නැහැ කියහන්කෝ..

      __ යන්ත්‍ර පේෂ කර්ම 8 ගත්තෙත් දී .. :)

      Delete
    2. ඔබගේ මෙව්වා එක ගැන මගේද බලවත් මෙව්වා
      එක පිළිගන්න සිරෝ..

      පිස්සුද අපි ඒ කාලේ සිරාවටම ඔහොම ඒවා තියේද
      කියලවත් දන්නේ නැහැ කියහන්කෝ..

      __ යන්ත්‍ර පේෂ කර්ම ඉගෙන ගත්තෙත් 8 දී .. :)

      Delete
  18. රෑකට බයිසිකල් ගනනාවක වෑල්ව් එකපාර අප්සෙට් යන්න මම හිතන්නෙ ඒලියන්ලගෙ බලපෑමක් වගේ තියෙන්නෙ ඇති නේහ්?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  19. අනිවාර්යෙන්ම ඩුඩ් අයියේ එහෙම දෙයක් නොවෙන්න
    එදා අපි කනවා හොඳ හෝටලේකින් .කැතම වැඩක් වෙන්න
    ගිහින් බේරුනා.හැක්

    මේ පළමු පැමිණීම නේද ? විවේක පාඩුවේ විනාඩි 20 වගේ වැය
    කරලා පුලුවන්නම් අනික් ලිපිත් උඩින් පල්ලෙන් හරි බලන්න
    ආරාධනා....

    ගොඩක් ස්තූතියි ඩුඩ් අයියේ නැවත වෙලාවක එන්න ..

    ReplyDelete
    Replies
    1. සහන්, මතකද තිසරගෙ රඟහලේ තාත්තගෙ ආදරේ ගැන දැම්ම කමෙන්ට් ටික? ඒක කියවලා මම සහන් ගැන සෑහෙන තේරුම් ගත්තා. ඒ වෙනකොටත් මම මේ බ්ලොග එක ඇරලා සාහෙන්න පෝස්ට් කියවලයි තිබුනෙ. නමුත් ඒවා අතරින් මගේ සිත් ගත්තෙ සාමාන්‍ය ජීවන අත්දැකීම ගැන ලියැවුනු ඒවා විශේෂයෙනුත්, අනිත් දේශපාලන නොවන දේවල් (ආණ්ඩුක්‍රම ඇතුලුව) ඊ ලඟටත් යන අනුපිළිවෙලටයි. මම කොහොමත් අර ජාතියෙ ලිපි වලට කැමති නෑ. ඒක සහන්ගෙ වරද නෙවයි මගෙ රුචිකත්වය.

      නමුත් හොඳ අදහස් තියෙක කොල්ලෙක් ලියන හොඳ බ්ලොග් එකක් බවනම් මම තේරුම් ගත්තා.

      Delete
    2. ඒක ඇත්ත අයියේ .පැහැදිලිවම මන් කැමති නැහැ මේ දේශපාලනේට.
      මට ජීවිතේම එපා වෙලා ඉන්නේ මේ දේවල් නිසා.මන් 2008 ඉඳන් අවුරුද්දක්
      විතර කිසිම කිසිම කිසිම TV, radio , papers ,net , වගේ දෙයක් බැලුවේ නැහැ.ඔයා කියන්නේ
      මන් වියරු වැටෙන කාලයක් තිබ්බා මේ දේවල් නිසා.

      ඒ නිසා මේ සියල්ල අත ඇරලා මන් පැත්තකට උනා දේශපාලනයෙන්.
      නමුත් ඒ වෙද්දී තිබ්බ පැටලීම් නිසා ආයෙම මාව පෙළඹුණා මන් නිකන්
      ඉන්න හොඳ නැති බව.එහෙම උනොත් මට සැනසිල්ලේ මැරෙන්න බැහැ .
      ඒකයි මේ දේවල් මේ බ්ලොග් එකේ වැටුනේ...

      නමුත් ඒ සංකීර්ණ ජීවිතෙන් මිදුනම මන් ගොඩක් සරල කෙනෙක් .ඒ සරල
      කම විඳින්නයි මට හැමදාකම ඕනේ මේ දේවල් නවත්තපු දාට.හොඳ තාත්තෙක්
      වෙන්න මට ඕනේ...

      වෙන දෙයක් මට ඕනේ නැහැ.දූලා දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් වෙන්න
      හරි ආසයි ..ඉක්මනටම මේ ජීවිතෙන් ගිහින් හැංගෙනවා මන් අයියේ..

      හැංගෙන්න තැනක් ලැබුන දාකට හැංගෙනවා , දූ ලොකු උන දාකට තාත්ත
      කරපු දේවල් පෙන්නනවා..කැමති නම් මගේ පාරේ යන්න කියල...

      මන් ලියපු ගොඩක් ලිපි තියෙන්නේ වෙන තැනක අයියේ..ඒ ටික මන් මෙතනට
      ගේන්නම් හැංගෙන්න කලින්...

      ඔබට ගොඩක් ස්තූතියි අර දේ මතක තියන් හිටියට....

      තාත්තා එනකං... | Cat's in the Cradle<

      Delete
  20. මාර ගල් කොල්ලෝ සෙට් එකක්නේ ..එළ කතාව ,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් මේ පැත්තේ ආවට ..
      කුප්ප ගණයේ වැඩ මගේ..හැක්

      Delete
  21. ගල්කෑලිටික වගේම ගැජට්කෑලි ටිකත් මරු.

    ReplyDelete
    Replies
    1. එල එල පළමු පැමිණීම සාදරයෙන්
      පිලිගන්නවා රාජ් ..
      නැවත එන්න ...

      Delete
  22. සහන්ගේ සැට් එක මරු නේ. හොයන්න ආපු එවුන්ට පින් දෙන්නයි තිබුනේ.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් බන් උන් ටික නාඩියට ඇවිත් පස්සෙන් .
      මෙට් එහෙක කළුවරේ.ස්තූතියි චන්දන මේ පැත්තේ
      ආවට ...නැවත එන්න...

      Delete
  23. කට්ටියගෙම එක පාර හුළං ගිය එක අර පස්සෙන් ආපු පොරට මාට්ටු නොවුනේ පොරත් ටිකක් අසිහියෙන් වගේ ඉන්න ඇත්තේ මම හිතන්නේ.. හික්.

    මම ගල් සෙල්ලම් වලින් මට්ටු උනේ යාලුවෙක් එක්ක යුද්ධ සෙල්ලමක්(ටුවර් ඔෆ් ඩියුටි තමා අපි ඒ සෙල්ලමට කිව්ව නම. ටී.වී එක කොපි කැට්) කරන්න ගිහින්. කටින් සද්දේ දදා වෙඩි තියා ගන්නවට අමතරව බෝම්බ ගහන්නත් පටන් ගත්තා දෙන්න එක්ක. ලඟ තිබ්බ පස් ගොඩකින් පස් කැට අරන්.. අරූ ඉතින් අරගෙන කෙලියේ නැද්ද කබොක් ගල් කෑල්ලකින්... හික්.. එදා ඔලුව පලාගත්තට පස්සේ ආයෙත් ගල් සෙල්ලන් නෑ..

    ReplyDelete
    Replies
    1. නෑ පැතුම් දෙගොල්ලොන්ට දෙගොල්ලෝ බය වෙලා
      උන්නේ .ආයේ අහ අහ ඉන්න තරන් දෙයක් එතන
      තිබ්බේ නැහැ ..හපෝ අපිත් ඔලු පලාගෙන තියේ ගල්
      සෙල්ලන් වලින් ..සීමිත සම්පත් ප්‍රමාණයක් නෙව තිබ්බේ
      අපිට...:D

      Delete
  24. උඹලා ගල් ගහලා අතේ මාට්ටු උනත් වාසනාවට උන්ට වැඩේ ක්ලික් වෙලා නෑ.. ඒකට අපි 'අසාධාරනේට' විරුද්ධව ගල් ගහලා අතේ මාට්ටු.... කෲරයි අහෝ ලොව ධර්මේ කියලා කියන්නෙ ඕවට තමයි.

    ReplyDelete
    Replies
    1. අවංක මිනිහට දෙවියොත් නැහැ තිසර..
      හැම දේම නුහුරට යන්නේ..දැන් බලන්න
      අවංක පෙම්වතෙක්ද සාර්ථක වෙන්නේ වංක සල්ලාලයෙක්ද?
      ඕව ගැන කතා කරලා වැඩක් නැහැ , කොච්චර කරත් තේරුම්
      කරන්නත් බැහැ ..ස්තූතියි මේ පැත්තේ ආවට ..නැවත එන්න

      Delete
  25. අවවාදය: පෝරියල් දී ඉන් උද්දාමව දෙවැන්න දීමට යාමේදී පළමුවැන්නේ රිටන් එක පිටුපසින් නිශ්ශබ්දව පැමිණය හැකි බව සිහි තබා ගන්න.

    හරිම ආදරුසවත් අම්මපා :D

    නියමෙට ලියා ඇත :D:D:D
    අතක් පයක් නොකැඩි බේරුන එකම මදෑ:D

    ReplyDelete
  26. අනිවා සමී ඒ දේ නම් ඇත්ත .එදා කෑව නම්
    ආයේ මාස තුනකට කනවා වෙන උන්ගේ
    වැඩ වලටත් එක්ක ...
    ස්තූතියි මේ පැත්තේ ආවට ...නැවත එන්න...

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili