දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

July 22, 2013

රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .


            බොහෝ දෙනා පිංකම් වලදී අටපිරිකරයන් පූජා කර ඇති. එහෙත් මෙයින් ලැබෙන ආනිසංස ගැන වැටහීමක් නැතිවා වන්නට පිළිවන. ඒ නිසා මෙම සටහන තැබීමට සිතුවෙමි. බෞද්ධ ආගමිකයන්ගේ එකම අරමුණ නිර්වාණය සක්ෂාත් කරගැනීමයි. එනම් බුද්ධත්වය , පසේ බුද්ධත්වය , රහත් යන බෝධීන් තුනෙන් එකකට පත් වීමෙනි. වැඩි දුර කතාබහ කිරීමට ප්‍රථම ඒ ගැන සුළු අවබෝධයක් ලබාගත යුතුය.

බුද්ධත්වය.



                ලොව්තුරා බුදුන් වහන්සේ නමකට  තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා සේම ; ධර්මාවබෝධය ලැබීමට පෙරුම්පුරා පැමිණෙන ඕනෑම කෙනෙකු හට ( ත්‍රිහේතුක ප්‍රතිසංදියක් ඇත්තෙකු හට ) නිර්වාණය සඳහා කරුණු කාරනා අවබෝධ කරවීමට හැකියාව ඇත. එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව ඒ ඒ පුද්ගලයාට කරුණු පැහැදිළි කිරීමේ හැකියාව ඇත. ( එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව කරුණු පැහැදිළි කිරීමේ හැකියාව සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකටද  ඇත )


පසේ බුද්ධත්වය.


                  පසේ බුදුන් වහන්සේ නමකට  තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා වුවද වෙනත් කිසිදු කෙනෙකු හට එම ධර්මය අවබෝධ කරවීම සඳහා කරුණු කාරනා පැහැදිළි කර දීමේ හැකියාවක් නැත ( සරළම පැහැදිළි කිරීම ) . එහෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන් හට පවින් වැළකීමේ ආනිසංස , යහමගට ඒමේ ආනිසංස වැනි දේ ගැන කරුණු වටහා දීමේ සමත් කම් ඇත. ඒ ඇරුණුකොට සමස්ථ ධර්මස්කන්ධයම සිතේ ධාරණය කරගනිමින් එකින් එක අවශ්‍ය ස්ථානයේදී ගැළපෙන ලෙස ලිහා දීමට පසේ බුදුන්වහන්සේ කෙනෙකුන් හට බැරිය.  ( පසේ බුදුවරුන් ගොළු වේ වැනි මනස්ගාත ඇත්නම් එය ඉවත් කරගන්න )                    ..


රහතන් වහන්සේ.

                 ලොව්තුරා බුද්ධත්වයට පත් වහන්සේ නමකගෙන් ධර්ම කරුණු එකින් එක අසා දැනගනිමින් නිර්වාණ මගට පත් වේ ( රහත් ඵලයට ). එසේම වෙනත් අයටද නිර්වාණාවබෝධය සඳහා ධර්ම කොටස් එකින් එක වෙන් කර දීමේ හැකියාව ඇත. එසේම සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකට මීටත් වඩා හැකියාවන් ප්‍රමාණයක් පොදුවේ හිමි වේ. (  භාෂා සියයක් කතා කිරීමේ හැකියාව , අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ධාරණය කරවීමට සමත් බුද්ධියක් , පුද්ගලයෙකුගේ චෛතසිකයන් නිවැරදිව හඳුනාගැනීමට   ....... ,     ........ ,  අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පටිසම්බිදාන ඥානයන් ආදී වශයෙන්. ඒ ගැන වෙනත් ලිපියකින් ) එසේම සංසාරයේ පුරණා ලද පාරමී අනුව රහතන්වහන්සේලා අතර එකිනෙකට දෙවෙනි නොවන්නා වූ හැකියාවන් ඇති රහතන් වහන්සේලාද පහල වේ. උදාහරණයක් :- ඍර්ධි ලාබීන්ගේ අග්‍රස්ථානය මුගලන් තෙරුණුවන් වන විට , බුද්ධිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය සැරියුත් තෙරණුවන් වේ. ( මේවා වෙන වෙනම පැහැදිළි කල යුතු කරුණු වේ )


 රහත් භික්ෂූන් වහන්සේගේ පැවැත්මෙහි අවශ්‍යතාවය.

                බුද්ධශාසනයේ පැවැත්ම සඳහා බුදු කෙනෙකුට පමණක් දෙවෙනි වන්නා වූ මෙහෙයක් ඉටු වන්නේ රහතන්වහන්සේලාගේ අතිනි. පරපුරෙන් පරපුරට ධර්මය පවත්වාගෙනයාම , ධර්මය සොයා එන්නන් හට ධර්මය වටහාදීම , ඇති වන ගැටලුසහගත තැන් නිරවුල් කර දීම , අනාගතය උදෙසා ධර්මය ආරක්ෂා කිරීම ආදී වශයෙන් බොහෝ උත්තම කාර්යන් රාශියක් රහතන්වහන්සේලා අතින් ඉටු වේ.


               බුද්ධඃප්‍රමුඛ මහා සංඝයා සහ ගිහි දායක-දායිකාවන්ගේ සභාගීත්වයෙන් බුද්ධශාසනයේ මූලික පැවැත්ම සිදු වේ. බුදු කෙනෙකු විසින් අවබෝධ කරගන්නා වූ ධර්මය අසා දැනගෙන , ඒ මගෙහි යන්නෙකු අවසානයේදී රහත් ඵලයට පැමිණෙන බව ඉහත සඳහන්. යම් කිසි භික්ෂුවක් භික්ෂූත්වයේ සිටියදී රහත් ඵලයට පැමිණියේ නම් , එම භික්ෂුව රහත් භික්ෂුවක් බවට පත් වේ.

                     එහෙත් යම් කිසි අයුරකින් ගිහි ස්වභාවයෙන් සිටියදීම අයෙක් බුදු කෙනෙකු ඉදිරියේ ධර්මය අවබෝධ කර රහත් භාවයට පත් වූයේ නම් එම රහතන් වහන්සේට ඒහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දිය යුතුය. කිසිදු ගිහි රහතන්වහන්සේ නමකට ගිහි ස්වරූපයෙන් පැවැත්මක් ගෙන යා නොහැකිය. එම නිසා බුදුන්වහන්සේ විසින් එම රහතන්වහන්සේව ඒහිභික්ෂූභාවයට පත් කරලනු ලබයි. නැතහොත් නියත වශයෙන්ම පිරිනිවන් පෑමට පැමිණේ!

( මෙයින් පහතට ඇති කොටස් සඳහා නියමිත අයුරින් ගෞරව පදයෙන් ඇමතීම යෙහෙකි. කළේය = කල සේක ආදී වශයෙන් )

           ඒහි භික්ෂුභාවය යනු බුදුන් විසින් දකුණු අත දිගු කර  " මහණ මෙහි එව " යනුවෙන් ආමන්ත්‍රණය කරමින් එම භික්ෂුවට තමා අභිමුඛයට පැමිණීමට අණ කිරීමයි ( යුධ සේවයේ වැනි අණ දීමක් නොවේ ) . එවිට හිස් රැවුල් බෑවී , පාත්‍රා සිවුරු පහළ වී බුදු පා මුලට පැමිණේ.

ඒහිභික්ෂුභාවයට පත් කිරීමට සිදු වූ අවස්ථාවක්.



             දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද බුදුන් දුටුවනම බුදුන් වහන්සේට වැඳ ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම දුටු සැරියුත් මහා රහතන්වහන්සේ විසින් සිනහා පහල කිරීමට හේතුව විමසුවේය. 

              " පිංවත් සාරිපුත්තය ඔබ මේ දුටු තරුණයා අද සවස් වීමට ප්‍රථම රහත් භාවයට පත් වනවා. ඒ බැව් දැනගෙන මට සිනහා පහල විය " යනුවෙන් වදාලේය . එවිට සියලු භික්ෂු පිරිසද සාදු කාරයක් දී එය අනුමත කළෝය.



              කී පරිදිම සවස් යාමය එළඹීමත් සමග යට කී තරුණ තෙම බුදුන් දැකීමට ආරාමයට පැමිණියේය. පැමිණ එකත්පසව හිඳ බුදුන්වහන්සේ සමග තමා පැමිණි කාරණය මෙසේ එළි කර සිටියේය. ( පහත දක්වා ඇත්තේ වාචික භාෂාවෙන් බව සළකන්න )





                ස්වාමීන්ද්‍රයන්වහන්ස මා නමින් සංතතික. මා අසවල් රජුගේ ප්‍රධාන ඇමති තෙම වේ. රාජ්‍යයේ බොහෝ උවමනා එපාකම් ඉටු කරන්නේ මා විසින්. විදේශයන් වෙතින් යුද්ධයන් පැමිණෙන විට රජු මගේ පිහිට පතයි.

           " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි රජු මා හමුවට පැමිණ කියයි. එවිට මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. කාලයක් ඉක්ම ගිය තැන නැවතත් රජු මා හමුවට පැමිණ " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි කියයි. එවිට නැවතත් මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. මෙයාකාරයෙන් මම නිහඬව , සියලු ප්‍රයෝගයන් භාවිතා කරමින් රට ආරක්ෂා කරයි. මෙලෙස කාලයක් ඉක්ම ගිය තැන ඉතා විශාල ආක්‍රමණයක් පැමිණියා. එවිටද රජු මා හමුවට පැමිණ " අනේ සංතතික මෙවර ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අප රාජ්‍ය වුවද වැනසී යා හැකිය . ඒ නිසා අපව බේරා දෙන්න " යැයි ඉල්ලා සිටියා.



            මා එහිදීද මගේ ප්‍රයෝගයන්ගේ පිහිටෙන් රට ගලවාගැන්මට සමත් වූවා. මේ සිද්දියෙන් පසු රජු මා හට විශේෂ වරයක් ප්‍රධානය කරා , දින 7 ක් යනතුරු රටෙහි රාජධූරය මට ප්‍රධානය කරා. එසේ ප්‍රධානය කර ඔහු නිවාඩුවකට නික්ම ගියා.

           ඉඳින් ඒ දින හත පුරාවට මා රජ සැප නොඅඩුව විදින්නටත් , නොයෙක් ආහාරයන්හි මිහිර , පල වැල හි මිහිර , නාටිකාවන්ගේ නැටුම් ගැයුම් හි මිහිර විඳින්නට වුණා. දින හත අවසාන වන අද දිනදී මා යම් දෙයක් දුටුවා. දින හත පුරාවට මා සතුටට පත් කල එක් නාටිකාවන්ඟනාවක් අද දින වෙහසට පත්ව වේදිකාවේදීම මිය ගියා.


                "ඒ මොහොතෙහි සිට මගේ සිතෙහි හට ගත් චිත්තඃස්වභාවය දරාගැනීමට නොහැකිව ස්වාමීනි ඔබ දැක්මට මෙසේ පැමිණියෙමි " යනුවෙන් මෙම තරුණයා බුදුන් හමුවේ විස්තර කරසිටින්නට විය.

               මෙතෙක් වේලා කරුණු අසා සිටි බුදුන්වහන්සේ මේ තරුණයාට දහම් දෙසු සේක. දහම් දෙසීම අවසානයේ සංතතික රහත් ඵලයේ පිහිටියේය. ඉඳින් සංතතික රහතන්වහන්සේව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාවට පත් කිරීම උදෙසා බුදුවහන්සේ තම දකුණත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් අණ කිරීමක් කළද කිසිදු වෙනසක් සිදු නොවීය. මේ අවස්ථාවේදී  බුදුන් මෙයට හේතුව විමසා බැලීමේදී පෙනී ගියේ අහෝ ...! සංතතික මහා රහතන්වහන්සේ ඒහි භික්ෂු භාවයට පත් වීමට පාරමී සපුරා නැති බවයි.

      තමා පිරිනිවන්පෑමට පත් විය යුතු බව දැනගෙන සංතතික රහතන්වහන්සේ බුදුන්වහන්සේගේන් එයට අවසර පැතුවේය .

" ස්වාමිනි මා පිරිනිවන්පෑම සඳහා නික්මිය යුතුයි. ඒ සඳහා මට අවසර දෙන්න "

               මේ බව අසා සිටි රැස්ව සිටි පිරිස මේ වන්නේ කුමක්දැයි විමසා සිටින්නට විය. මන්ද රහත් භාවයට පත් වූවෙක්ව බුදු කෙනෙකුට හැර වෙන කෙනෙකුට හඳුනාගැනීමට නොහැකිය. ( මෙය ඉතා සංකීර්ණ කරුණක් වෙනම පැහැදිළි කල යුතු. බුදුන්ට පමණක් බුද්ධියෙන් දෙවෙනි වන්නා වූ සැරියුත් තෙරණුවන්ට පවා යම් අවස්ථා වලදී රහත් භාවයට පත් වූ තම ශිෂ්‍යන් එකෙණිහිම*1 හඳුනා ගැනීමට නොහැකිව ගිය තැන් සඳහන් . එකෙණිහිම*1 යන්න ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. එහෙත් මේ හැකියාව ඇති නොයෙක් දිව්‍ය පුත්‍රයන් , බ්‍රහ්ම රාජ්‍යන් සිටි ; ඔවුන් සහ සැරියුත් තෙරණුවන් සංසන්දනය කිරීමටද නොයන්න. එය වෙනම පැහැදිළි කල යුත්තක් බව සිහි තබාගන්න . කමෙන්ට් මගින් අවශ්‍ය කෙනෙකු හට පමණක් පුද්ගලිකව පැහැදිළි කරමි )


              " සංතතික ඔබට පිරිනිවීම සඳහා අවසර දෙමි. එහෙත් ඔබ පිරිනිවන් පෑමට ප්‍රථම තල් ගස් හතක් තරම් වූ ඉහළ අහසට පැනනැග , එහි සිට පිරිනිවන් පෑම මැනවි. මේ රැස්ව සිටින ජනයාගේ යහපත පිණිස එසේ කරන්න. "

           ඉඳින් සංතතික රහතන්වහන්සේ තල් ගසක් තරම් වූ උසකට පැනනැගී යළිත් බුදු පා හමුවට පැමිණ අවසරගනී , නැවත තල් ගස් දෙකක් තරම් වූ උසකට පැනනැගී යළිත් බුදු පා හමුවට පැමිණ අවසරගනී , නැවත තල් ගස් තුනක් තරම් වූ උසකට පැනනැගී යළිත් බුදු පා හමුවට පැමිණ අවසරගනී. මෙලෙස තල් ගස් හතක් ඉක්මයන තරම් වූ උසකට පැමිණි මොහෙත එළඹීමත් සමග අහසේ පලක් බැඳ සිටියදීම පිරින්වන් පෑවේය..!


         උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු අහසට පැනනැගී ධාතු කොටස් ලබාගත් බුදු හිමියන් මෙසේ දේශනා කරන්නට විය.

           සංතතික රහතන්වහන්සේ අද මෙලෙසක පිරිනිවන් පෑමට හේතු වූයේ යම්කිසි හේතුවක් නිසාය. රහත් වීමට තරම් පුණ්‍ය ශක්තියක් තිබූවද සසරෙහි කිසිදු දිනක ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමට තරම් පාරමිතාවන් සම්පූර්ණ නොකර තිබීම එයට හේතුවයි. පෙර විසු පියුමතුරා බුදුන් සමයේදී බන්දුමතී නුවර ධර්මඝෝෂකව සිටියදී පිරූ පාරමිතාවන් හි බලයෙන් අද මෙලසක රහත් ඵලය අවබෝධ කරගත්තද , බුද්ධඃප්‍රමුඛ මහා සංඝයා වෙත අටපිරිකරක් සංසාරයේ කිසිදු දිනක පූජා කරන්නට නොලැබී තිබු බැවින් භික්ෂූත්වයක් ලැබීමට නොහැකි වුණා ( භික්ෂුවකට අටපිරිකරක් පූජා කිරීමට බැරි ලෙස ලබනා උප්පත්තිද මෙයට හේතුවක් වූවා විය හැකිය. මෙයද නැවත පැහැදිළි කල යුත්තක් බව සළකන්න ). ධර්මඝෝෂකව සිටියදී ලැබූ පුණ්‍ය ශකිතියෙන් කල්ප ගණනක් පුරා දිව්‍ය ලෝකයෙහි ඉපිද දිව්‍ය පුත්‍රයෙක් මෙන් විරාජ මානව සිටියා . එම දිව්‍ය පුත්‍රයා නිවන් ලැබීම පිණිසම මනුලොවට පැමිණි භවයයි මේ. ඉඳින් මේ භවයේදීද අසීමිත බුද්ධියක් , අසීමිත ධාරණ ශකිතියක් , ප්‍රයෝගයෙහි නිපුණත්වයක් ලැබ රාජ රාජ මහාමාත්‍ය සැප විඳීමට එම පිණ ඉවහල් වුනා. එහෙත් රහත් බව ලැබීමෙන් පසු එම අති මහත් වූ බුද්ධියෙන් ලෝකයාට සෙතක් සැලසීමට නොහැකි වුනා. එනයින් අටපිරිකර පූජා කිරීමේ අනිසංශ වදාළ බුදු හිමියන් දෙසුම අවසානයේ සංතතික රහතන්වහන්සේගේ ධාතු පිරිස අතරේ බෙදා දී මේවා රැගෙන ගොස් චෛත්‍යක් කරවා වැඳුම් පිදුම් කරන්නට අවසර දුන් සේක .



ප.ලි.     මෙම කතාවට අයත් අතුරු කතා අවශ්‍ය කෙනෙකු හට පුද්ගලිකව පමණක් විස්තර කරමි. එසේම මෙම කතාව තුළින් මතු වන එක් එක් අර්ථයක් වැරදි ලෙස වටහා නොගත යුතුය. සම්මුති ධර්මය(සූත්‍ර) , පරමාර්ථ ධර්මය(අභිධර්ම) වශයෙන් වූ ධර්ම කොටස් වෙන වෙනම අවබෝධ කරගත යුතුය. මන්ද මේ සටහන කියවන ඕනෑම කෙනෙකුට අටපිරිකරක් පූජා කිරීමේ හැකියාවෙන් යුක්ත වන බැවිනි. (දින කීපයක ආහාර මුදල් එකතු කර ඕනෑම කෙනෙකුට අටපිරිකරක් පූජා කිරීමට හැකි කාලයක අප දිවි ගෙවයි.)

         සංසාරය පුරා අභිධර්මපිටකය ධාරණය කරගත හැකි ඕනෑම අයෙකුට අනිසංශ ලෙස සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වීමේ භාග්‍ය හිමි වේ. එතෙක් (බුදු , පසේ බුදු වරයාණන් වහන්සේලාට පමණක් දෙවෙනි වූ ) සීමා රහිත*2 ධාරණ ශකිතියක් , සීමා රහිත*2 බුද්ධියක් ලැබ ; උතුම් වූ අර්හත්වයට පත් වීමේ භාග්‍ය ඔවුන් ලබන්නෝය..!


ප.ප.ලි. සහන් නමින් පෙනී සිටින්නා වූ මාගේ සත්‍ය නාමය මේ සටහනේ ඇතුළත්ව ඇත.
පසු ගිය දිනක(20/07/2013 | 07.30AM) බෞද්ධයා නාළිකාවේ විකාශනය වූ ධර්මදේශනාවකට සවන් දෙමින් සිටියදී මේ පෝස්ටුව සකස් කල යුතු යැයි හැඟිනි.

ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා...!

102 comments:

  1. DDT මේල් සබ් දාල නේද ඉන්නේ ...? මාව මගේ බ්ලොග් එකේම ස්පෑම් වෙනවා..ස්පෑම් ටික අයින් කරන්න ගිහින් ඔක්කොම කමෙන්ට් ටික මැකුණා.. :(

    ඉන්න මේල් එකෙන් අරන් දාන්නම්...

    ReplyDelete
    Replies
    1. @ ddt
      මේකත් ස්පෑම් වෙලා තිබිලා දැනුයි ගත්තේ..

      Delete
    2. ස්පෑම් වෙයි කියල හිතුනු නිසාම මම ඒකෙ කොපියක් තියාගෙනමයි කමෙන්ට් එක දැම්මෙ. ඒත් දැන් අවශ්‍ය නිවැරදි කිරීම වෙලානේ. ඒ නිසා ඒ කමෙන්ට් එක අවශ්‍යත් නෑ බං. අනික ඒක කෙටි කමෙන්ට් එකක්නේ. පාන්දර තුනට විතර එකපාරක් කියවල කමෙන්ට් කරේ. අද නැවත කියවල ආයෙ කමෙන්ට් එකක් දාන්ට ඕන කියල හිතන් හිටියෙ.

      Delete
  2. සෑර් මම සූස්ති ගුනේ.
    මේ කියන්නේ අපි නොකා නොබී, ගෑනු තියං ඉන්න, අරක්කු බොන, දේශපාලුවෝ එක්ක එකට හම්බකොරන ගණගෙඩියන්ට අට පිරිකර දෙන්ඩ කියලාද? අට පිරිකර නොදුන්නා කියා ලැබූ රහත් භාවයේ අඩුවක් වුනාද සෑර්.
    අනෙ සෑර්, අපි ඉතිං දැන් උගත්කම් තියෙනෙ මිනිස්සු නෙවෙයි, කියන්ඩ දොරේ කො එද ඔය කතාව තිබ්බේ? මොන සුත්තරේද?

    -Soosthi

    ReplyDelete
    Replies
    1. \\\අට පිරිකර නොදුන්නා කියා ලැබූ රහත් භාවයේ අඩුවක් වුනාද සෑර්. \\\\

      බුද්ධශාසනයේ පැවැත්ම සඳහා බුදු කෙනෙකුට පමණක් දෙවෙනි වන්නා වූ මෙහෙයක් ඉටු වන්නේ රහතන්වහන්සේලාගේ අතිනි. පරපුරෙන් පරපුරට ධර්මය පවත්වාගෙනයාම , ධර්මය සොයා එන්නන් හට ධර්මය වටහාදීම , ඇති වන ගැටලුසහගත තැන් නිරවුල් කර දීම , අනාගතය උදෙසා ධර්මය ආරක්ෂා කිරීම ආදී වශයෙන් බොහෝ උත්තම කාර්යන් රාශියක් රහතන්වහන්සේලා අතින් ඉටු වේ.

      මෙන්න මේ අඩුව වෙනවා රහත් නමක් නැති තැන..පැහැදිළිව කිව්වනේ රහත් භාවයට පත් වූ ගිහි කෙනෙකුට පැවැත්මක් නැහැ..අනිවාර්යෙන් සුළු කාලයක් ඇතුළත පිරිනිවන්පානවාමයි.

      \\\\අනෙ සෑර්, අපි ඉතිං දැන් උගත්කම් තියෙනෙ මිනිස්සු නෙවෙයි, කියන්ඩ දොරේ කො එද ඔය කතාව තිබ්බේ? මොන සුත්තරේද? \\\\

      පාලි සිංහල අට්ට කතාවේ සංතතික රහතන්වහන්සේ ගැන සඳහන්.


      \\\\මේ කියන්නේ අපි නොකා නොබී, ගෑනු තියං ඉන්න, අරක්කු බොන, දේශපාලුවෝ එක්ක එකට හම්බකොරන ගණගෙඩියන්ට අට පිරිකර දෙන්ඩ කියලාද?\\\\

      අනේ මේ ලෙඩ දාන්නේ නැතුව හිටු..

      Delete
  3. ආ...අද පෝය නේද??
    රහත් වේලා භික්ෂුත්වයට පත් නොවුන සිද්ධි විරලයි නේද?
    සුද්ධෝදන රජ්ජුරුවෝත් රහත්බවට පත්වුනා නේද? එතැන නම් පැවැදි උපසම්පදාව ලැබීමට පින නැතිවට වැඩිය ආයු කාලය මදි වීම වෙන්න ඕනෑ .....

    ඇයි සංතතික රහතුන් වහන්සේ අහසේ පලක් බැඳගෙන පිරින්වන් පෑවේ?රහත්භාවය ලබා ගත්තා කියලා ඔප්පු කරන්නද?

    ReplyDelete
    Replies
    1. \\\ආ...අද පෝය නේද??
      රහත් වේලා භික්ෂුත්වයට පත් නොවුන සිද්ධි විරලයි නේද?\\\

      මම මේක අද දාන්න හිටියා නෙවේ.ඒත් ඉවරකරගත්තේ ඊයේ රෑ 2 ට විතර ගජින්..

      \\\\සුද්ධෝදන රජ්ජුරුවෝත් රහත්බවට පත්වුනා නේද? එතැන නම් පැවැදි උපසම්පදාව ලැබීමට පින නැතිවට වැඩිය ආයු කාලය මදි වීම වෙන්න ඕනෑ .....\\\\

      මේ ගැන මම හොයලා බලලා කියන්නම් ගජින්.


      \\\ඇයි සංතතික රහතුන් වහන්සේ අහසේ පලක් බැඳගෙන පිරින්වන් පෑවේ?රහත්භාවය ලබා ගත්තා කියලා ඔප්පු කරන්නද?\\\

      ඔප්පු කරන්න නෙවේ ගජින්.මතු ශාසනයට එක් වන්නන් සඳහා ප්‍රයෝජනයක් වීම පිණිස. ඒ කියන්නේ භික්ෂූත්වයට පත් නොවුණොත් අනිවාර්යෙන් පිරිනිවන් පෑමට වෙනවා සුළු කාලයක් ඇතුළත..එවිට තමන් සතු ධර්මාවබෝධය වෙනත් කෙනෙකුට ලබා දෙන්න බැරිව යනවා..එකම හේතුව ඒකයි..නැතුව ජීවිත ආසාව නෙවේ මෙතන තියෙන්නේ.. ( භාවයට ආසාව නෙවේ.වැරදි අවබෝධයක් ගන්න එපා..ඒකමයි මම කිව්වේ මේකෙන් වෙනත් තේරුමක් ගන්න එපා කියලා )

      ස්තූතියි ගජින් මෙහි ආවට..නැවත එන්න..

      Delete
    2. \\\\\රහත් වේලා භික්ෂුත්වයට පත් නොවුන සිද්ධි විරලයි නේද?\\\\

      ගිහිව සිටියදී රහත් භාවයට පත් වූ අවස්ථා තියෙනවා .( දහස් ගණනින් නෙවේ.) ඒ සෑම විටකම වගේ ඒහිභික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාවට පත් කරනවා .

      එසේ ඒහිභික්ෂු භාවයට පත්කල නොහැකි වූ අවස්ථා නම් බොහොම විරළයි.මේ එවැනි අවස්ථාවක් ගජින්..

      Delete
    3. ***** භවයට ආසාව නෙවේ.

      Delete
    4. @ ගජින්

      \\\ඇයි සංතතික රහතුන් වහන්සේ අහසේ පලක් බැඳගෙන පිරින්වන් පෑවේ?රහත්භාවය ලබා ගත්තා කියලා ඔප්පු කරන්නද?\\\

      ඇත්තෙන්ම ඔවු ගජින්, ඒ බුදුරජාණන් වහන්සේගේ අණ.

      මේ සංතතික ඇමති එදා උදයේ රජකම් කරමින් සිටියේ (ඔහුට දින හතකට රජකම ලැබුනා, ඒ අවසන් දවස) එවිට තමයි ඔහු ඇතුපිටින් ගමන් කරමින් සිටියේ. ඒ වෙලේ තමයි බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා ඔහු ඉදිරියට වැඩම කලේ, නමුත් ඒ වෙලේ මේ සංතතික බුදුරජානන් වහන්සේට හිස නමා ආචාර කළා පමණයි. අතු පිටින් බැස්සෙවත් නැහැ. ඒ වෙලේ තමයි බුදුරජානන් වහන්සේ සිනහ පහල කලේ. ඒවිට එලෙස සිනහ පහල කලේ මන්දැයි සැරියුත් මහා රහතන් වහන්සේ විමසු විට තමයි භාග්‍යවතුන් වහන්සේ "මේ තරුණයා අද සවස රහත් වෙනවා.." කියා දේශනා කලේ.
      භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රකාශය එහි සිටි සංඝයා වහන්සේලා මෙන්ම අනිකුත් පිරිස් විසින්ද අසා සාධුකාර දුන්නා.

      දැන් එදා සවස මේ සංතතික රහත් වෙනවා නමුත් ඒ බව දන්නේ භාග්‍යවතුන් වහන්සේ සහ සංතතික රහතන් වහන්සේ පමණයි. අනිත් කිසිම කෙනෙක් දන්නේ නැහැ, ඉතින් මේ රහතන් වහන්සේ අප්‍රකටවම පිරිනිවන් පෑවානම්, එදා උදේ භාග්‍යවතුන් වහන්සේගේ කල ප්‍රකාශය සිදු නොවුනායයි බොහෝ පුහුදුන් සංඝයා වහන්සේලා මෙන්ම ගිහි පිරිස් විසින්ද සැක කරනු ලැබීමෙන් විශාල ලෙස අකුසලයක් සිදුකරගනු ලබනවා. බුද්ධ වචනය සැක කිරීම නිසා, එබැවින් ඔවුන්ව එම අකුසලයෙන් මුදවා ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ සංතතික රහතන් වහන්සේට එවැනි අණ කිරීමක් කරන්නේ.

      Delete

    5. @ අයිලෂ් අයියේ

      අයියගේ පැහැදිළි කිරීම තරමක් දුරට ගිය නිසා මම මේ ටිකත් කියන්නම්. ඍර්ධි ප්‍රාතිහාර්යය පෑම තුළින් කිසිවෙක් රහත්ද , නැතිද කියලා කියන්න බැහැ. කිසිම මාර්ගඵලයක් නැති අයටත් පුළුවන් ඍර්ධි ප්‍රාතිහාර්යය කරන්න අහසට පැන නගින්න . ප්‍රේතාත්ම යක්ෂාත්ම ලැබූ අයත් ඉන්නවා අති ප්‍රභල ඍර්ධි ප්‍රාතිහාර්යය පෑමට හැකි. ඒ නිසා ඍර්ධි ප්‍රාතිහාර්යය සහ රහත් ඵලය කිසි විටක සමපාත කරන්න එපා.

      අටපිරිකර පූජාවෙහි අනිසංශ සහ රහත් උත්තමයෙක්ගේ පැවැත්ම ගැන පෘතග්ජන භික්ෂුන්ගේත් ගිහියන්ගේත් දැනගැනීම උදෙසායි අහසට පැන නැග පෙළහර පෑමට අණ කලේ.. සාසනයේ අනාගත සුරක්ෂිතභාවය පිණිසයි මෙවැනි අවස්ථා මතු වීමට ඉඩ හරින්නේ බුදු කෙනෙකු..

      ඒ ඇර එක් එක් උතුමාගේ රහත් භාවය ඔප්පු කිරීමක් අවශ්‍ය නැහැ කිසිවෙකු ඉදිරියේ. එවැන්නක් අනවශ්‍යයි ...ඕනේ තරම් සැක ඇති කරගෙන මරණය තෙක් හිඳ අපාගත වූවන් ගැන සඳහන්..එහෙම කියලා කාටවත් තම රහත් භාවය( මාර්ගඵලය) ඔප්පු කිරීමේ උවමනාවක් නැහැ..

      ( ඔප්පු කිරීම සහ දැනගන්නට සැලැස්වීම කියන්නේ දෙකක් )

      Delete
    6. //අටපිරිකර පූජාවෙහි අනිසංශ සහ රහත් උත්තමයෙක්ගේ පැවැත්ම ගැන පෘතග්ජන භික්ෂුන්ගේත් ගිහියන්ගේත් දැනගැනීම උදෙසායි අහසට පැන නැග පෙළහර පෑමට අණ කලේ.. සාසනයේ අනාගත සුරක්ෂිතභාවය පිණිසයි මෙවැනි අවස්ථා මතු වීමට ඉඩ හරින්නේ බුදු කෙනෙකු...//

      මේ දේම තමයි මම කියලා තියෙන්නේ.

      Delete
    7. මම තව ටිකක් පැහැදිළි කරේ පුංචි දෙයක් නුහුරට ගියා වගේ දැනුන නිසයි.දැන් හරි. ( මේවා මේ දෙවෙනි , තුන්වෙනි මට්ටම් වලින් සළකන්න ඕනේ දේවල් නෙව . එතනට ගිය නිසයි එතන ඉඳන් පැහැදිළි කරේ. නැතුව වාදය පිණිස නොවේ.ඒක ඔබ හොඳින්ම දන්නවනේ අයියේ )

      Delete
  4. සාදු සාදු සාදු

    සහන් බණත් දන්නවා එහෙනං

    ReplyDelete
    Replies
    1. මම අද හුස්මගන්නේ ධර්මයට පින් සිද්ධ වෙන්න අටම්..

      Delete
  5. බෞද්ධයා නාලිකාව නිහඬවම පුරෝගාමී සේවයක් ඉටුකරන බව මගේ හැගීමයි. ඔබගේ දැනුම පිලිබඳ ආඩම්බරවෙන අතරම ,මේ කරුණු බෙදා ගැනීම ගැන පිං ලබාදෙමි.
    (ලින්කු දැමීම මා නොකලත් ඔබගේ බ්ලොග් රෝලේ 300 පිරී ඇති නිසා අලුත් පොස්ටුවක් දැම්මොත් දැනුවත් කරන්න කිව නිසා මෙන්න බලන්න මගේ අලුත් පොස්ටුව, කවි පොත

    ReplyDelete
    Replies
    1. එම නාළිකාව ගැන එකඟ නොවිය හැකි තැන් තිබුණත් ඔවුන් ගෙන යන වැඩපිළිවෙල අගය කල යුතුයි. ඉවෝන් ඕනේ වෙලාවක ලින්ක් එකක් දාන්න ගැටළුවක් නැහැ කිසිම.

      ආසාවෙන් කියෙව්වා නම් එය මටත් සතුටක් ඉවෝන්..දිගටම එන්න ...

      Delete
  6. ආසාවෙන් කියෙව්වා......
    අර ධර්ම ඝෝෂක පොස්ට් එක මොකක්ද දන්නේ නැහැ සහන් කොහොමත් ලිපි මාලාවක් ලියන්න වෙයි මේවයේ අතුරු කතා කියන්නම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොරබ්බා ඔබ දෙයක් ඉගෙන ගත්තා නම්..එයයි විය යුත්තේ..

      \\\අර ධර්ම ඝෝෂක පොස්ට් එක මොකක්ද දන්නේ නැහැ සහන් කොහොමත් ලිපි මාලාවක් ලියන්න වෙයි මේවයේ අතුරු කතා කියන්නම..\\\

      පුරාණයේ විසු පියුමතුරා බුදුන්ගේ කාලයේ බන්ධුමති නුවර තමයි මේ තරුණයා මීට කළින් ඉපිද සිටියේ. රාජකාරිය උනේ උදෑසනම අවදි වෙලා නගරය පුරා ධර්මයේ අගය කියා දෙමින් යෑම ( අණ බෙර කරුවෙක් වැනි ). මුළින්ම පයින් ගිහින් තමයි මේ රාජකාරිය ඉටු කරන්නේ ..
      මේක දැකපු රජතුමා අශ්වයෙක් ලබා දෙනවා..ඒත් උඩඟු නොවී තමන්ගේ රාජකාරියෙහි නිරත වෙනවා..දිගින් දිගටම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරනවා දුටු රජු අශ්ව කරත්තයක්ද, පසුව තවත් බොහෝ දෑද ලබා දෙනවා..

      මේ විදිහට කොපමණ වස්තුව , මිළ මුදල් ලැබුණත් උඩඟු නොවී තම රාජකාරිය ඉටු කරනවා මරණය තෙක්.. මරණින් මතු කල්ප ගණනක් සුගතියෙහිම ඉපදෙනවා මහා බලසම්පන්න දිව්‍ය පුත්‍රයෙක් විදිහට ඥානයෙන් , රූපයෙන් , හැකියාවෙන් සපිරි ..

      නිවන් අවබෝධය පිණිසම මනු ලොවට ආ ගමන තමයි මේ මොරබ්බා...මේ ආත්මයෙත් ඔහු බොහෝ බලසම්පන්නයි දිව්‍ය පුත්‍රයෙක් විදිහටම..

      Delete
  7. පෝය දවසේ මෙහෙම පොස්ටුවක් දාපු එකට බොහොම පිං ! සංතතික කතාව අහලා තිබුනේ නං නෑ හැබැයි .

    ReplyDelete
    Replies
    1. රෙහානිට මම දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලා ..මට දැන් ඇති වෙලා ස්පෑම් එකට ගිහිල්ලම..ඉතින් ආයේ කමෙන්ට් එකක් දාන එක ලේසි.. ඔයාටත් බොහෝම ස්තූතියි ඇවිත් කියවලා යෑම ගැන..ඉඩක් ඇති විටක නැවත එන්න රෙහානි..

      Delete
  8. කර්ම විෂය අචින්ත්‍යයි කියල බුදු හමුදුරුවො දේශනා කලේ ඒකනෙ..

    ReplyDelete
    Replies
    1. ලෝක විශය අචින්ත්‍යයි කියලා කියන්නේ...

      Delete
    2. විෂයයන් තුනක් අචින්ත්‍යයි මට මතක හැටිය්ට.. කර්ම විෂය ලෝක විෂය සහ බුද්ධ විෂය..

      Delete
  9. මාත් මීට කලින් මේ කථාව අහලා තිබුනෙ නෑ. බොහොම පිං මේ ධර්ම කාරණා අපිත් එක්ක බෙදා ගත්තට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්ස් ඇවිත් මේ ලිපිය කියවීම ගැන..ඔයාගේ යාලු මිත්‍රයන්ටත් කියන්න මේ දේවල් ගැන පුළුවන් වෙලාවට..ඉඩක් ඇති විටක නැවත එන්න චම්ස්..

      Delete
  10. "සිව්පිලිසිඹියාපත්" කියන්නෙ මොනවද????

    ReplyDelete
    Replies
    1. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පටිසම්භිදා විදිහටයි මූළිකව මේවා හඳුන්වන්නේ තිළිණ. ඒ කියන්නේ අභිධර්ම කොටස් එකින් එක ලිහීමෙහි සමර්තභාවය එන්නේ මේ ඥානයෙන් . මේක ගැන තිළිණට පැහැදිළි කරන්න කළින් මූළිකවම "පරමාර්ථ" වශයෙන් සළකන ධර්මය සහ "ලෝක සම්මුති" වශයෙන් සළකන ධර්ම කියන්නේ මොකක්ද කියන දේ ගැන වැටහීමක් දීලා ඉන්න ඕනේ.

      මම එක උදාහරණයක් ගන්නම් තිළිණ විතරක් මේක බලන්න..

      ලෝක සම්මුති වශයෙන් සැළකීම :- 01.ඇස කන නාසය ආදී වශයෙන් ඉන්ද්‍රියන්ගෙන් සැදුන පුද්ගලයෙක් සහ එයට අදාළ සිතක් ( විඤ්ඤාණයක් ) පිහිටනවා ඕනෙම කෙනෙකුට. මරණය කියන්නේ මේ කොටස් දෙකෙහි වෙන්ව යෑම. තව ටිකක් තේරුම් යද්දී තිළිණට තේරේවි ලෝකයේ සියලු දෙනාම සකස් වෙලා තියෙන්නේ ඒ ආකාරයට කියන දේ. සියලු දෙනාට සිතක් සහ ශරීරයක් පිහිටලා තියෙනවා.. සියළු දෙනාටම ඒ සත්‍ය පොදුයි.

      02.තිලිණගේ භෞතික ශරීරයේ ඉන්ද්‍රියන්( ඇස , කන , නාසය , දිව , හදවත , ලේ , මස් ,, සම , ඇට , නහර , ......... ) විනාශ වෙලා ගිය තැන තිළිණ කියලා කෙනෙක් අපිට දකින්න නැහැ ..

      03.ඒ කියන්නේ මුලින් කතා කල පුද්ගලයා ( තිළිණ , සහන් ) දැන් නැහැ. පුද්ගලයෙක් නැහැ.ලෝකයේ සියලු දෙනාට මෙය පොදු වූ සතයක් නේද තිළිණ ...? තිළිණ එකතු කරපුවට අයිතිකාරයෙක් ඉන්නවද දැන් ...? සහන් එකතු කරපු දේවල් වලට අයිතිකාරයෙක් ඉන්නවද දැන් ? තිලිණගේ , සහන්ගේ අවේනික ලක්ෂණ වලට වෙච්ච දෙයක් තියෙනවද දැන් ...?

      04.

      05.

      06.

      පරමාර්ථ වශයෙන් සැලකීම :- තිළිණ ඉහත කී 03. 04 වැනි අවස්ථා වලට එනකම් මේ පැහැදිළි කිරීම කරන්න බැහැ..(එවැන්නකින් වෙන්නේ පරමාර්ථ සත්‍ය -----------------------------------------------)

      Delete
    2. බොහොම ස්තූතී පැහැදිලි කිරීමට. මට මම ගැනම දුක හිතුනා. මේ පාර "බුක් ෆෙයා" එකට ගිහින් හොද බෞද්ධ පොත් ටිකක් ගේන්න ඕන

      Delete
    3. අන්න හරි තිළිණ.විය යුත්ත එයයි.දිනකට එක විනාඩි 20 ක් කියවන්න .ඒ හොඳටම ඇති. මාස 2 යද්දී ඔයාටම තේරේවි මේ දේවල් කෙසේද පරිශීලනය කල යුත්තේ කියලා..

      ඉඩක් ඇති විටක නැවත එන්න තිළිණ..ගොඩක් සතුටුයි ඔයාලා වගේ අය ඉන්න එක ගැන..

      Delete
  11. පෝය දා උදේම බලන්න තිබුණු ලිපියක් එත් බලන්න වුණේ දැන්. බලාන යනකොට සහන් ස්පර්ශ නොකරන ඉසව්වක් නැති හැඩයි.

    ReplyDelete
  12. සහන් කමෙන්ට් මොඩරේට් කළාද?

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ස්පෑම් වෙන ගැටළුවෙන් මිදෙන්න එහෙම කරේ..කමෙන්ට් ගෙඩි පිටින් මැකුණා..

      Delete
  13. පෝය දවසෙ ධර්ම දානයක්.... පොඩ්ඩක් විතර විවාදයට බඳුන් වෙන්න ඕන දේවලුත් තියේ

    ReplyDelete
    Replies
    1. \\\පොඩ්ඩක් විතර විවාදයට බඳුන් වෙන්න ඕන දේවලුත් තියේ\\\

      ****එසේම මෙම කතාව තුළින් මතු වන එක් එක් අර්ථයක් වැරදි ලෙස වටහා නොගත යුතුය. *** කියලා කිව්වේ ඒකයි යසිත්..

      ස්තූතියි මේ වගේ පෝස්ටුවක් කියවීම ගැන මුළින්ම..ඉඩක් ඇති විටක නැවත එන්න යසිත්..

      Delete
  14. සහන් පළමුව ඔබට පින් මේ පොස්ට් එක පල කිරීම් සම්බන්ධව.


    මේ ධර්ම දේශනාව මමත් බොහොම උනන්දුවෙන් ශ්‍රවනය කළා සහන්, නමුත් මෙහි සුළු දෝෂයක් තියෙනවා, එය නිවැරදි කල යුතුයි කියා සිතනවා. එය ඔබගේ දෝෂයක් නොවේ මේ ධර්ම දේශනාවේදීම ඇති වූ දෝෂයක්.

    //සංතතික රහතන්වහන්සේව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාවට පත් කිරීම උදෙසා බුදුවහන්සේ තම දකුණත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් අණ කිරීමක් කළද කිසිදු වෙනසක් සිදු නොවීය. //

    මෙය සිදුනොවිය හැකි කාරණයක් සහන්. බුදුරජානන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවන වචනයකට අවනත නොවන දෙයක් සහශ්‍රී ලෝකධාතුව තුල නැහැ. (ඒ බුදුවරුන්ගේ ආඥා ක්ෂේශ්ත්‍රයයි) එමෙන්ම බුදුවරුන් ආවට ගියාට වචන භාවිතයක් නැහැ. එබැවින් බුදුරජානන් වහන්සේ ඒහිභික්ෂු බාවයෙන් මහන කිරීමට පෙර ඒ තැනැත්තාට ඒ සදහා සුදුසුකම් තිබේදැයි සොයා බැලීමක් සිදුකරනවා, එසේ සුදුසුකම් තිබුනොත් පමණයි ඒහිභික්ෂු බාවයෙන් පැවිදි කරන්නේ. නො එසේනම් සිවුරු පිරිකර සොයා ගෙන එන ලෙස දැනුම් දෙනවා. භාහිය දාරු චීරිය රහතන් වහන්සේට සිදුවුනේ එයයි.

    අනිත් කාරණය තමයි ගිහිව සිට රහත් වුවහොත්, ඒ රහතන් වහන්සේට පැවිදි නොවී දින හතක ජිවත් විය හැකිබව තමය ධර්ම ග්‍රන්ථ වල හඳහන් වෙන්නේ. එබැවින් සංතතික රහතන් වහන්සේට එවෙලෙම පිරිනිවන් පෑමට පැවිදි නොවීම හේතුවක් නොවේ. ඔහුට ඒ සඳහා දින හතක කාලයක් තියෙනවා. මට නම් හිතෙන්නේ සංතතික රහතන් වහන්සේගේ ආයු කාලය එපමණක් බවයි. මෙය මගේ පුද්ගලික අදහසක්. මෙය විමසා බලා ඉස්තිර කරන්නම්.

    කෙසේ වෙතත් බුදුරජානන් වහන්සේගේ "එව මහණ .." යන අණ සිදු නොවුනා යයි කීම නම් සාවද්‍ය බව කිව යුතුයි. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරණ අවස්ථාවේදීම මට ඒ බව හැඟී ගියා. එම ධර්ම දේශනාවේ ඇතිවූ දෝෂය එය පමණයි. කෙසේ වෙතත් මෙකල ධර්ම දේශනාවක් ශ්‍රවනය කිරීමේදී උවත් අප බොහෝ කල්පනාකාරීව එයට සවන් දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. \\\මෙය සිදුනොවිය හැකි කාරණයක් සහන්. බුදුරජානන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවන වචනයකට අවනත නොවන දෙයක් සහශ්‍රී ලෝකධාතුව තුල නැහැ. (ඒ බුදුවරුන්ගේ ආඥා ක්ෂේශ්ත්‍රයයි) එමෙන්ම බුදුවරුන් ආවට ගියාට වචන භාවිතයක් නැහැ.\\\

      මෙතන මෙහෙම දෙයක් තියෙනවා නේද අයියේ , ඒ කියන්නේ බුදු කෙනෙකුට පුද්ගලයෙක් දුටුවනම ඒ පුද්ගලයාගේ සියලු කර්ම ශක්තිය පෙනී යන්නේ නැහැ වෙනම සොයා බැලුවේ නැතිනම්. වෙනම සොයා බැලීමක් කල යුතුයි. උදාහරණයකට කොසොල් රජු ලවා ඌරු මස් මරන්නාගේ ඝාතකාගාරය ඉවත් කිරීමට සැරියුත් තෙරනුවන්ව පිටත් කර හරින අවස්ථාව සළකන්න. 3 ගමනක් නැවත නැවත පිටත් කර හරින්න වෙනවා සැරියුත් තෙරණුවන්ව..

      හේතුව තමයි කොසොල් රජු සිතාමතා බුද්ධ වචනය මග හැරීම ..ඒ බව කළින් නුවණින් විමසා සිටියා නම් නොකෙරෙන දෙයක් වෙනුවෙන් සැරියුත් තෙරණුවන්ව පිටත් කර හරින්නට වෙනවාද ...? බුද්ධ වචනය ඉටු නොවීමක් නේද එතන තියෙන්නේ ..? ( ඒ නිසාමයි මහ පාරේ මැරෙන්නේ.ඒකත් බුදුන්ම දේශනා කරනවා භික්ෂූනට )

      තව උදාහරණයක් තමයි නුවණින් විමසා බැලීම කියන කාරණය. අජාසත් රජුගේ අපාගත වීම සළකන්න.. බුදුන් වහන්සේම දේශනා කරනවා භික්ෂූන්ට

      " ආනන්තරීය පාපකර්මය සිදු නොකරගෙන සිටින්නට අද දින අජාසත් කුමරු ධර්මශාලාවෙන් නැගී සිටින්නේ සෝවාන්ඵලයට පත් වූවෙක් ලෙස " කියා..

      මෙය වළක්වන්න බැරි උනේ ඇයි ...? අංගුලිමාලව වලක්වගන්න පුළුවන් උනේ ඇයි ...? දෙන්නම් මාර්ගඵල අවබෝධය පිණිස උප්පත්තිය ලැබූ අය .. මේ විදිහේ උදාහරණ බොහෝ තියෙනවා නේද ..? ( අපි ගෞරවය නිසා මතු කරන්නේ නැතුව මිසක් )

      ඒකයි කියන්නේ සෑම විටම නුවණින් විමසාබලාම කටයුතු කිරීමක් වෙන්නේ නැහැ බුදුන්ගේ අතින් උනත්.. තව අවස්ථා එමටයි . නමුත් අපි ඒවා උපුටා දක්වන්නේ සීමිත අවශ්‍යතාවයක් සඳහා සීමිත පිරිසකට පමණයි. නැත්නම් එයම අනර්ථය පිණිස වෙනවා


      \\\\මට නම් හිතෙන්නේ සංතතික රහතන් වහන්සේගේ ආයු කාලය එපමණක්කැ බවයි. මෙය මගේ පුද්ගලික අදහසක්. මෙය විමසා බලා ඉස්තිර කරන්නම්.\\\\

      මෙන්න මේකත් සැළකිය යුත්තක්. ඒ තමයි රහත් භාවයට පත් වූ පසු අනිවාර්යෙන් කර්ම පෙළගැස්මට ලක් වෙන අවස්ථා.. රහත් භාවයට පත් වූ සැණින් දෑස් අන්ධ වීම , ආයුෂය අවසන් වීම වැනි අවස්ථා එමටයි .. ( මේවා ගැන නිස්කාරණේ මතු කිරීම අනර්ථය පිණිස වේ කියලයි මගේ අදහස.මොකද එක එක දෙනා එක එක තේරුම් ගන්න පුළුවන්. )

      Delete
    2. මම කලින් මතු කලේ මගේ අදහස් ඒ බව කොමෙන්ට් එකෙම් කියලා තියෙනවා.

      //ඒ පුද්ගලයාගේ සියලු කර්ම ශක්තිය පෙනී යන්නේ නැහැ වෙනම සොයා බැලුවේ නැතිනම්. වෙනම සොයා බැලීමක් කල යුතුයි.//

      මෙය මා දන්නවා සහන්, නමුත් ඒහි බික්ෂු මහන උපසම්පදාව එලෙස සොයා නොබලා කරන්නක් නෙවෙයි. බුදුරජානන් වහන්සේගේ "එව මහණ .." යන අණ සිදු නොවුනා යයි කීම නම් සාවද්‍ය බව කිව යුතුයි.

      දින දෙකක් තුනක් ඇතුලත මේ සංතතික රහතන් වහන්සේ ගැන විමසා නැවත පිළිතුරක් සපයන්නම්

      Delete
    3. එසේය එසේය අයියේ ..මට මේ ගැන සොයන්න ගියොත් විශාල පිටු ප්‍රමාණයක් බලන්න වෙනවා මේ වෙනුවෙන්ම. සති කීපයක් වත් යාවි. ( එහි අර්ථයක් දකින්නේ නැහැ මම .)

      Delete
    4. //මෙය වළක්වන්න බැරි උනේ ඇයි ...? අංගුලිමාලව වලක්වගන්න පුළුවන් උනේ ඇයි ...? දෙන්නම් මාර්ගඵල අවබෝධය පිණිස උප්පත්තිය ලැබූ අය//

      හ්ම්ම්...ඒකත් ඇත්ත. මේ කියනකන් මට හිතුනෙම නෑ ඔහොම දෙයක් ගැන.

      ඇත්තෙන්ම මේ සිද්ධියෙදි අර වගේ කර්ම පෙලගැස්මක් උනා වෙන්න බැරිද? මොකද මේක කියවගෙන යද්දි මටත් ආපු ප්‍රශ්නයක් තමයි ඒහි භික්ශු භාවයෙන් නැතිව සාමාන්ය විදියට මහණ කරනකන් වත් රහත් උනාට පසුව ජිවත් වෙන්න බැරිද කියන එක..

      Delete
    5. @ සයුරි

      අපි දැන් එකින් එක කමෙන්ට් මගින් ඉහළ ස්ථර කීපෙකට ඇවිත් ඉන්නේ. ඒ නිසා ඒ මට්ටමෙන් උත්තර දිය යුතුයි සයුරි. එසේම මම ඔබට දෙන උත්තරයම වෙනත් කෙනෙකුගේ අනර්ථය පිණිස වෙන්න පුළුවන්.ඒ නිසා මම අයිලෂ් අයියා වෙනුවෙන්ම ලියපු කමෙන්ට් එකේ තියෙන කරුණු ටික බලන්න. ඒ ටික ධාරණය කරගත්තට පස්සේ පුළුවන් මම කියන දේ එක මොහොතෙන් සයුරිට තේරුම් ගන්න.

      කර්ම පෙළගැස්ම , නියාම ධර්ම පෙළගැසීම , සර්වඤතාක් ඥානයට අදාළ දේවල් කීපයක් , එහි ස්වභාවය වගේ දේවල් ටිකක් කතා කරන්න වෙන නිසා සියුම්ව මාර්ගයට ගත යුතුයි. ( මතකනේ ධර්ම කරුණු 10 පවතී නම් එකිනෙකට අනුයාත වන්නා වූ දේ වෙන වෙනමද අනුයාත නොවන්නා වූ දේ වෙන වෙනමද පැහැදිළි කිරීම තමයි ස්වභාවය මෙවැනි කරුණු වලදී )

      Delete
  15. Replies
    1. කියවීම ගැන ඔබට බොහෝම පින් මිත්‍රයා... මෙවැනි මාතෘකා දුටු හැටියේම හැරිලා යන පිරිස් ඉද්දි ඔබ ඔබ ගැනම සතුටු වෙන්න ඇවිත් කියවීම ගැන.. එයම විශාල ජයක් මිත්‍රයා.. ඔබට ධර්මාවබෝධය පිණිසම කටයුතු වේවා...!

      Delete
  16. සහන් දන්නවා නේ මගේ ආගම් ගැන මතය. ඒත් මම බෞද්ධ දෙමාපියන් දෙදෙනකුට දාව ඉපදීම වාසනාවක් කොට සලකනවා. මට දුන් නිදහස ගැන. මම දන්න කාළේ ඉඳලම බුද්ධාගම මට බොරුවක්. ඔයා මට රහත් වෙච්ච භික්Sගුවක් පෙන්නුවොත් මම අද ඉඳන් සාසනේට එනවා. ඔක්කෝම නවත්තලා. මේ ඔක්කෝම පට්ට පල් බොරු. ජීවත් වීමේ මගක් පමණයි.

    ReplyDelete
    Replies
    1. මුළින්ම මාතලන්ගේ අවංක අදහස කීම ගැන සතුටුයි.මොකද නිස්කාරණේ ධර්මයේ සැරීමට වඩා අවංක ප්‍රකාශය වටිනවා. අපිට පුළුවන් එතනින් පටන් ගන්න මාතලන්.

      දැන් බලන්න මාතලන් සාස්තර කියන දේවාල .. යන යන හැම එකම වගේ බොරු නේද ...? ඒත් මම මාතලන්ට තැනක් කියන්නම් මීරිගම , ලින්දර . (කැන්ඩි - කොල් වේවැල්දෙණිය හන්දියෙන් 196 පාර . නලිය දන්නවා තැන) ඔයා හෝ වෙන කෙනෙක් හෝ ඕනෙම විදිහකින් යන්න . හරියටම ඔයාල අහන සියලු දේම කියාවි. එතනට ගිහින් ඇවිත් මට කියන්න " සහන් ඔයා කියපු තැනත් පට්ට පල් බොරු/ඇත්ත " කියලා..

      මාතලන් බුදුදහම කියලා දැකපු තැනුත් අන්න ඒ වගේ..නියම ලෙස අර්ථය හෙළි වන තැන් දැකලා නැහැ . ( මට උනත් TV වල යන බණ ඇහෙද්දී මාතලන්ට වෙන දේ වෙනවා )

      එතැනදී මාතලන් 100% සාධාරණයි..මම ඒක පිළිගන්නවා ..

      රහත් වූ භික්ෂුවක් මගේ ඉදිරියේ හිටියත් මම දන්නේ නැහැ මාතලන් උන්වහන්සේ රහත්ද කියන්න..ඉතින් ඒ ඉල්ලීම නම් කවමදාවත් මට කරන්න හැකි වෙන්නේ නැහැ.. එහෙම උනා කියලා මාතලන් ධර්මයෙන් අයින් වෙන්න එපා..බැරි බැරි ගාතේ හරි එල්ලිලා ඉන්න..බස් එකෙන් බහින්න එපා මැරෙන තුරා..( මේක මිතුරෙක්ගේ අහිංසක ඉල්ලීමක් විදිහට සළකන්න )..

      Delete
    2. මාතලන්ට තියෙන්නෙ වෙනත් ප්‍රශ්නයක්.
      එක පැත්තකින් නිර් ආගමිකයෙක් කියල කියනව. එහෙනං,
      තමුන් නිරාගමික වෙන්න හේතුව ආගමේ-දර්ශනයේ ඇති කරුණු සාවද්‍යයි යන නිගමනයෙන් වියයුතුයි.

      මම ගත්තොත් නිර් ආගමික නෙවේ. මම බුදු දහම පිලිගන්නව. නමුත් බොහොම කාලෙකින් "මගේ උවමනාවට" පන්සලකට ගිහිල්ල නෑ. ඒ පන්සල් වල තියන අවුල් නිසා මිසක් දහමේ අවුලකට නෙවේ.

      තමුන්ගෙ නිරාගමිකත්වයට හේතුව මුලින් පැහැදිලි කලොත් හොඳයි.

      Delete
    3. \\\ -------------------මිසක් දහමේ අවුලකට නෙවේ. \\\

      මේක තේරුම් ගැනීමම ලොකු දෙයක් රාජ්..මේ විශාල ජයක්.. ( ඉරි කෑලි වලින් තියෙන දේ ගැන කතා කරලා වැඩක් නැහැ. සිතින් ඉවත් කරමින් ඉන්නේ )

      මාතලන්ට වෙලා තියෙන්නේ ඔන්න ඔය වෙනස අඳුනාගන්න බැරි කම රාජ්..අපි මිනිහට මේක පැහැදිළි කරන්න ඕනේ මිතුරෝ විදිහට. නැත්නම් එයාටමයි හානියක් වෙන්නේ ..

      Delete
    4. මට නම් වෙන්න හානියක් නෑ. මොකෝ මම පන්සලෙන් කන්නෙ නෑනේ. අපේ ගෙදරින් දෙන එක නැවතුනොත් නම් පන්සලට පාඩුවක් වෙයි. ඒත් මම එහෙම කරන්නේ නෑ. මොකෝ මට අනිත් මිනිස්සු වටිනවනේ.

      බුදු උනා කියන්නේ සියල්ල අවභෝධ කර ගත්තා කියන එකනේ. එතකොට ධර්මාශෝක කියන්න ඕනද නීතී දාන්න. කලින් ඒක අවබෝධ උනේ නැද්ද. බුදු සමය තුලත්, නිකන් අපේ ව්‍යවස්ථාව වගේනේ. සංශෝධන ඕසෙට. ඒ බුද්ධාගම ගැන. අනික් එවා පටන් ගන්න කොටම කචල් නේ. සර්ව බලදාරී දෙවියන්ගෙන් පටන් ගන්නේ. ආගම් කියන්නේ ළෝකයේ මුල්ම ගෲප් ඔෆ් කොම්පැනීස්. මර්වින් සිල්වගේ කප්පම් ගැනිල්ලයි, ආගම් වලින් මිනිස්සු බය කරලා සෙට් එකක් කන එකයි අතරේ කිසිම වෙන්සක් මම නම් දකින්නේ නෑ. ඔය් සත්‍යය යයි කියන දේවල්. අපිටම අවබෝධ කර ගන්න පුළුවන් බොහොම සරළ දේවල්. මමත් හෙට ඉඳන් කාටත් නොතේරෙන භාෂාවකින් දේෂනා කරන්න පටන් ගත්තා නම්. හෝ ගාලා සෙනග එයි. ඊට පස්සේ මම එයාලව බය කරනවා. ඊට පස්සෙ එයාලා මගේ අනුගාමිකයෝ වෙනවා. ඉන්දියාවේ ඒවුන්වත් බුද්ධාගමට ගන්න බැරි උන ආගමක් කොහොමෙයි අපි පිලිගන්නේ.

      කොක්කට නොවේ.. අහපු නිසා.. බොහොම සන්සුන් සිතින් ලියපු දෙයක්.. ඊට වඩා හිතවත් කම වටිනවා..

      Delete
    5. ඒක ඇත්ත මාතලන් හිතවත්කම වටිනවා අනිත් දේවල් වලට වඩා..

      Delete
    6. මාතලන් අයියා, බුදු දහම නිවැරැදියි කියන එක අවිවාදයි. ඒ වටිනා දහම අපට පරම්පරාවෙන් ආපු දෙයක්. පන්සිල් පද පහෙන්ම අපිට කියන්න පුළුවන් ආගමක් වශයෙන් එහි ඇති වටිනාකම. අපට පන්සල් වල වෙසෙන සාමනේර හාමුදුරුයන්ගේ වැරදිවත්,උපසම්පදා හාමුදුරුවන්ගේ වැරදිවත් අවශ්‍ය නැත. අපි බුදු රජාණන්වහන්සේ දේශනා කරන ලද ධර්මය අනුකූලව ජීවත් වෙන්න උත්සාහ ගනිමු.
      මට මේ නිවාඩුවේදී කියවන්න ලැබුණා අර වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් කල වාද සටහන් කරන ලද පොතක් ඒක ලියල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලයෙ හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් විසිනුයි. ඒ වගේ මංත්‍රීවරයෙක් විසින් ලියන ලද පොත් තියෙනවාද යන්න මෑතක මා දැක නැත( පොත් කියවන්නෙ නැති නිසා වෙන්න පුළුවන්) එම පොතේ ක්‍රීස්තියානි පාදිලිතුමෙක් අහන පළමු ප්‍රශ්නයත් ඔන්න ඔය ප්‍රශ්නයම තමා.(ඔය වගේම ප්‍රශ්නයක්) එයට පිළිතුරු සපයන ස්වාමීන්වහන්සෙ නමක් පිළිතුරු දෙන්නේ බුදුන් වහන්සේට හැම මොහොතකම ඔය කියන්නා වූ සර්වඥතා ඥානය තිබෙන්නේ නැතුලු( ඕකට කියන වචනයක් තියෙනවා දැන් මතක නැහැ) ඒ සදහා ආවර්ජනය කිරීම අවශ්‍ය බවත් වැඩිදුරටත් පවසා තිබෙනවා.
      ස්තූතියි සහන් අපි බෞද්ධයන් වුණාට ගොඩාත් දේවල් අපි දන්නෙ නැහැ. ඇත්තටම මේ වගේ දේවල් වලට මා හරිම කැමතියි

      Delete
    7. ඔබට ඕනේ නම් කියන්න නුවන් මම එවන්නම් පානදුරා වාදය.. ටික දවසක් යාවි හැබැයි ..ඉඩක් ඇති වෙලාවට පුළුවන් මට්ටමෙන් අපි සාකච්චා කරමු මේ දේවල් ගැන..හැමෝගෙම මතකය අලුත් වෙන්න , නොදන්න දෙයක් දැනගන්න , සැක ඇති තැන් විසඳා ගන්න , තව තවත් කරුණු අවබෝධ කරගන්න පුළුවන් වෙනවා ඒකෙන්..

      දිගටම එන්න නුවන් ..

      Delete
  17. මේක මම අයිලෂ් අයියටම ලියපු උත්තරයක් එයා මතු කරපු කරුණු එක්ක .අනිත් අයත් බැලුවට කමක් නැහැ. නමුත් වෙනත් අර්ථයක් ගන්න එපා.

    බුදු කෙනෙකුගේ සියලු ධර්ම කොටස් වල ප්‍රමාණය 10 ( දහයක් ) යැයි සිතන්න උදාහරණයක් පිණිස පමණක්. දැන් මේ ධර්ම කොටස් 10 ම එකිනෙකට සම්බන්ධ නැහැ.2 වෙනි ධර්ම කොටස සහ 5 වෙනි ධර්ම කොටස අතර සම්බන්ධයක් පැවතිය හැකියි. එසේම 8 වෙනි ධර්ම කොටස සහ 5 වෙනි ධර්ම කොටස අතර සම්බන්ධයක් පැවතිය හැකියි.

    එසේ වූ පමණින් 2 වෙනි ධර්ම කොටස සහ 8 වෙනි ධර්ම කොටස අතර සම්බන්ධයක් පවතින්නේ නැහැ. එසේම මෙය අනික් ධර්ම කොටස් වලට අනුගත කර බැලීමටද එක එල්ලේ නොහැකියි..

    මෙම අවස්ථාව නිසා යම්කිසිවෙක් " ධර්මය යනු එකිනෙකට ගැළපීමක් නැත්තා වූ දෙයකැයි " සිතන්නේ නම් එයම ඔහුගේ අනර්ථය පිණිස හේතු වේ.

    එවැනි අවස්ථා හීදී එකිනෙක අතර පවතින නිවැරදි ප්‍රත්‍ය සම්බන්ධය පවත්නා ස්ථානය විග්‍රහ කිඊමට , ප්‍රත්‍ය සම්බන්ධය නොපවත්නා ස්ථානය විග්‍රහ කිරීමට , සමහර ප්‍රත්‍යය සම්බන්ධතා පවත්නා සහ සමහර සම්බන්ධතා නො පවත්නා තැන් විග්‍රහ කිරීමට, සමහර ප්‍රත්‍ය සම්බන්ධතා නැති නමුත් සමහර ඒවා පවත්නා තැන් විග්‍රහ කිරීමට වෙනම කොටසක් අභිධර්මයේ අන්තර්ගත වේ. මුළු මහත් අසුහරදහසක් වූ ධර්මස්කන්ධයේහිම අවසාන ප්‍රත්‍ය සම්බන්ධය මනාව පෙළ ගැස්වෙන්නේ මේ කොටසින් අයියේ . මුළු මහත් වූ ධර්මයම බෙදමින් බෙදමින් බෙදමින් , එකිනෙක පෙළගස්වමින් පෙළගස්වමින් පෙළගස්වමින් ගොස් අවසාන වශයෙන් නැවත සංශිප්තයක් ලෙස ගොණු කරන්නේ මෙතැනින්. එතන තමයි පට්ඨානප්පකරණ ප්‍රකරණය කියන්නේ. ( උඩ මම පිලිවෙලින් කිව්වේ මේ ටිකේ අර්ථය )

    01.අනුලෝම පට්ඨානය
    02.පච්චනීය පට්ඨාන
    03.අනුලෝමපච්චනීය පට්ඨාන
    04.පච්චනීය අනුලෝම පට්ඨාන



    ඉහත උදාහරණයක් ලෙස ගත්ත 10 ක් වූ ධර්ම කොටස් කිනම් ලෙස ප්‍රත්‍ය සම්බන්ධය දක්වයිද , නොදක්වයිද යන්න ගැන මෙතන සඳහන් .ඒවා එකිනෙකට බැඳුණු සුසංයුක්ත කරුණු . කුඩා ම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනියි. මෙම සංශ්ලේෂී අන්‍යොන්‍ය සම්බන්ධතාජාලය අතිශය සියුම්, සංකීර්ණ හා ගැඹුරුදෙයක් අයියේ.

    ඉඳින් යම් කිසිවක් අසවල් දෙය හා බැඳේ , නොබැඳේ යන්න ගැන නුවණින්ම විමසා බැලිය යුතුයි. එවිට අනුයාත ලෙස සම්බන්ධ ඇති තැන් වෙනමද , අනුයාත ලෙස සම්බන්ධයක් නැති තැන් වෙනමද පෙනෙනු ඇත.

    මීට වඩා මේ ගැන බ්ලොගය තුළ සඳහන් කිරීමෙහි අර්ථයක් නොදකිමි!

    ReplyDelete
  18. 1) //භාෂා සියයක් කතා කිරීමේ හැකියාව// මේ හැකියාව (භාෂා කිහිපයක්) සෘෂිවරුන්ටත් තියනව ද.. ඔතනදි වෙන්නෙ, කතා කරන්නෙ එක භාෂාවක්.. ඒත් අධිෂ්ඨානය නිසා මොන භාෂාව කතා කරන කෙනාටත් වැටහෙනව. එහෙම ද..?

    2) //පියුමතුරා බුදුන්// මේ බුදුන් වහන්සේට වෙනත් නමක් තියනව ද ..?

    සහන්ට පිං මෙහෙම ඒව ලියනව ට. අගේ ඇති ලිපියක්.

    ReplyDelete
    Replies

    1. පියුමතුරා බුදුන් සහ පදුමුත්තර බුදුන් කියන්නේ එකම බුදුන්වහන්සේ චාන්දන.පදුමුත්තර බුදුරදුන් ගේ උපන් නුවර "හංසවතී".පියා "ආනන‍ද" රජ. මව "සුජාතා". අවුරුදු දසදහසක් ගිහිගෙයි ඉඳලා තියෙනවා. තව විස්තර මහා ගොඩක් තියෙනවා චන්දන..ඕනේ නම් කියන්නම්..

      \\\1) //භාෂා සියයක් කතා කිරීමේ හැකියාව// මේ හැකියාව (භාෂා කිහිපයක්) සෘෂිවරුන්ටත් තියනව ද.. ඔතනදි වෙන්නෙ, කතා කරන්නෙ එක භාෂාවක්.. ඒත් අධිෂ්ඨානය නිසා මොන භාෂාව කතා කරන කෙනාටත් වැටහෙනව. එහෙම ද..?\\\

      නැහැ චන්දන භාෂා සියයක් කතා කරන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. අධිෂ්ඨාන බලයෙන් අනිත් කෙනාට වැටහීමක් ඇති කරනවා නම් භාෂා ගණන ගැන සීමාවක් එන්නේ නැහැනේ 100 කියලා..( ඒ කෙසේ උනත් චන්දන අද වෙනකොට මේ කරුණු මහා අවාසනාවන්ත තැනකට පත් වෙලා තියෙනවා .ඒක ගැන මම මේල් එහෙකින් කියන්නම් )

      චන්දනටත් ගොඩක් පින් මෙවැනි දේවල් ගැන අවබෝදෙන් බලන එක ගැන..ඒ වගේම සුළු හෝ ගැටළුවක් එන තැනක් ආවොත් අහන්න. ගැටළු සමග පිටව යන්න එපා..ඉඩක් ඇති විටක නැවත එන්න චන්දන..

      Delete
  19. මුලින්ම බොහොම පිං සහන් අයියට මේ වගේ ලිපියක් දැම්මට. ඇත්තටම මම සංතතික රහතන් වහන්සේගේ කතාව අහල තිබුනේ නෑ. මෙතන තව වැදගත් කරුණු ගොඩක් තියෙනවා කෙමෙන්ටුත් එක්කම ගත්තම. ආයෙත් වෙලාවක නිවී සැනසිල්ලේ කියවන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඔයා ගැන සතුටු වෙන්න සමනලී. මාතෘකාව දැක්ක හැටියේ අහකට යන අය අතරේ ඔයා ඇවිත් කියවන එක ගැන. හෙමීට නිවාඩු වෙලාවක මේවා බලන්න සමනලී..ඒ වගේම එක බින්දුවක හෝ ගැටළුවක් එන තැනක් ආවොත් අහන්න බය නැතුව. සැක ඇති කරන් යන්න එපා..ඒක හරිම භයානකයි..

      Delete
  20. බණක් ඇසූ පමණින් රහත් වීමක් වෙන්න පුළුවන්ද ? එතකොට බුදුන් වහන්සේම දේශණා කළ චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අශ්ඨාංගික මාර්ගවලින් ඇති ඵලය කුමක්ද ? ඕවා නිකන් සාහිත්‍ය කතා වෙන්න බැරිද ? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බුද්දත්වය උදෙසම පෙරුම් පිරූ බෝධිසත්වයන්ටත් අනන්ත දුක් විඳ නිර්වානය සාක්ෂාත් කරගන්න වුනානම්, ඒ බුදුන්ගෙන් බණක් ඇසූ පමණින් නිර්වානය අවභෝධ කරගන්න පුළුවන් පුන්‍යවන්තයෙක් සිටිය හැකියි කියන එක මටනම් ටිකක් විතර පිළිගන්න අමාරු කතාවක්. ( අපේ අය නිර්වාණය මෛත්‍රී බුදුන්ගෙ කාලයට කල් දාලා තියෙන්නෙත් මේවගේ කතා හින්දා කියලා මට හිතෙනවා. ලේසියෙන් නිවන් යන්න )

    ReplyDelete
    Replies
    1. \\\බණක් ඇසූ පමණින් රහත් වීමක් වෙන්න පුළුවන්ද ? \\\

      අනිවාර්යෙන්ම වෙනවා සෙන්නා.එකිනෙකාගේ බුද්ධි මට්ටම අනුවයි , එකිනෙකාගේ ආසාවන් අනුවයි ගත වෙන කාලය වෙනස්.

      උදාහරණයක් :- සෙන්නට ඉංජිනියර් කෙනෙක් වෙන්න පුදුම ආසයි කියමු. සෙන්නට ගණන් හදන්නත් පුළුවන් කියමු හොඳට. සෙන්නගේ ඉංජිනේරු සිහිනය ඉක්මණින් සැබෑ කරගන්න පුළුවන් නේද ..? ආසාව සහ හැකියාව වැඩි වීමයි හේතුව..

      ඒත් ආසාව සහ හැකියාව අඩු කෙනෙක්ට සෙන්නට තරම් ඉක්මණට ඒ ගමන යන්න පුලුවන්ද ..? ( මේක මීට වඩා පියවර සහිතව පැහැදිළි කල යුත්තක් සෙන්නා.ඉතාම කෙටියෙන් කිව්වේ )

      මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ තමයි මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබුවේ.
      _____________________________________________________________

      \\\එතකොට බුදුන් වහන්සේම දේශණා කළ චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අශ්ඨාංගික මාර්ගවලින් ඇති ඵලය කුමක්ද ?\\\

      සෙන්නා එය පාරුවක් පමණයි ගඟෙන් එතෙර වීමට භාවිතා කරන. සමහර අයට විශාල පහුරක් ඕනේ , සමහර අය පුංචි ලී කොටයක නැගිලා ගඟෙන් එතෙර වෙනවා.

      ______________________________________________________________

      \\\ඕවා නිකන් සාහිත්‍ය කතා වෙන්න බැරිද ?\\\\

      නැහැ කිසි සේත් නැහැ. බෞද්ධ සාහිත්‍යක් යැයි කියාගන්නා දෙයක් පැටලීම තමයි මේ සියලු විනාශයට මුල.


      _______________________________________________________________

      \\\\සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බුද්දත්වය උදෙසම පෙරුම් පිරූ බෝධිසත්වයන්ටත් අනන්ත දුක් විඳ නිර්වානය සාක්ෂාත් කරගන්න වුනානම්, ඒ බුදුන්ගෙන් බණක් ඇසූ පමණින් නිර්වානය අවභෝධ කරගන්න පුළුවන් පුන්‍යවන්තයෙක් සිටිය හැකියි කියන එක මටනම් ටිකක් විතර පිළිගන්න අමාරු කතාවක්.\\\\

      සෙන්නා ඔබේ බිරිඳ වරුවක් තිස්සේ කුස්සියට වැද , දාඩිය මුගුරු හෙලා ඔබටත් දරුවන්ටත් කෑම පිළියෙළ කරනවා යැයි සිතන්න.ඉන්පසු සියලු දෙනා එක්වී එය භුක්ති විඳිනවා නේද සැහැල්ලුවෙන් ...?

      ________________________________________________________________

      \\\( අපේ අය නිර්වාණය මෛත්‍රී බුදුන්ගෙ කාලයට කල් දාලා තියෙන්නෙත් මේවගේ කතා හින්දා කියලා මට හිතෙනවා. ලේසියෙන් නිවන් යන්න )\\\

      ඔබේ බිරිඳ මහන්සියෙන් ඔබ වෙනුවෙන් පිළියෙළ කල ආහාරය දෙස නොබලා , ජනේලයෙන් අල්ලපු ගෙදර බිරිඳ පිළියෙළ කරන ආහාරය දෙස බලා සිටීම උචිතද ...?

      කැමතිම නම් උත්සාහ කරබලන්නත් පුළුවන් . බාදාවක් නැහැ.
      _________________________________________________________________



      ඉතාම හොඳ ප්‍රශ්න ටිකක් සෙන්නා..දිගටම එන්න..ගැටළු ඇති තැන් අහන්න ...

      Delete
    2. ඈහ්... අල්ලපු ගෙදර බිරිඳ ???? :D :D

      ස්තූතියි සහන් පැහැදිලි කිරීම ගැන.

      Delete
    3. hapo sennage katath arila :D :D

      lassana uththara tikak sahan...

      Delete
    4. කට නොඇරි තියෙයිද ?? මේවා මහ භයානක කතා නොවැ.. :D

      Delete
    5. සයුරිට මම මේල් එකක් එවන්නම්කො වෙලාවක මේ ප්‍රශ්න සහ උත්තර දීම ගැන..

      සෙන්නා කාගේ කෑම වේලටද ප්‍රිය ..? ( දුවන මුවන් දැක නොදමුව නෙළූ පළා )

      Delete
    6. සංසන්දයක කරලා උත්තරයක් දෙන්න විදිහක් නෑ සහන් පිටින් කාලා නැති නිසා. ඒක ඉදිරියටත් එහෙමමයි.. දුවන මුවන් නෙමේ කකුල් දෙක ලඟටම එන මුවන් නිසාවත් නොදමමි නෙළු පලා.

      Delete
    7. සහන් සෙන්නාගේ ප්‍රශ්නයට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මට අවසර දෙන්න.

      සෙන්නා;

      //බණක් ඇසූ පමණින් රහත් වීමක් වෙන්න පුළුවන්ද ? //

      බණක් නෙවේ සෙන්නා, බාහිය දාරුචිරිය රහත් උනේ සතරපද ගාථාවක් ඇසු පමණින්. නමුත් කොසොල් රජතුමා වෙනුවෙන් ඉතා විශාල ධර්ම කරුණු ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවා, එය කෝසල සංයුක්තය ලෙස ත්‍රිපිටකය තුල අන්තර් ගතයි. නමුත් කොසොල් රජතුමාට රහත් වීමට තබා සොවහන් පලය ලබා ගැනීමටවත් නොහැකි වුනා. ඒ තමයි ඒ ඒ අය සසර පුරාවට එක රැස් කල ශක්ති ප්‍රමාණය.

      එක්තරා අවස්ථාවකදී (බුදු වූ අලුත)බුදුරජානන් වහන්සේ සමාජය ගැන ඉතා ලස්සන උපමාවක් ඉදිරිපත් කළා. ඒ තමයි නෙලුම් විලකට උපමා කිරීම. නෙලුම් විලක තිබෙනවා ජලය මතුපිටට පැමිණි නෙලුම් පොහොට්ටු, ඒවාට හිරු රැස් වැටුන ගමන් විකසිත විය හැකියි. තවත් සමහර පොහොට්ටු ජලය යට සිට දිනකින් පමන මතු වී පිපෙනවා, තවත් සමහරක් පොහොට්ටු දින කිහිපයක් ගතකරනවා ජලය මතුපිටට පැමිණ විකසිත වීමට. තවත් සමහරක් ජලය යටම කුණු වී යනවා.

      මේ ලෙස තමයි ධර්මය අවභෝධ කරණ අයගේ ස්වභාවයත්. බාහිය දාරුචිරිය රහතන් වහන්සේ කෙනෙක් උනේ සතර පද ගාථාවකින්. තවත් අයට එක ධර්ම දේශනාවක්, තව අයට ඊට වඩා වැඩි ධර්ම කරුණු.. යනාදී වශයෙන්.

      //සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බුද්දත්වය උදෙසම පෙරුම් පිරූ බෝධිසත්වයන්ටත් අනන්ත දුක් විඳ නිර්වානය සාක්ෂාත් කරගන්න වුනානම්, ඒ බුදුන්ගෙන් බණක් ඇසූ පමණින් නිර්වානය අවභෝධ කරගන්න පුළුවන් පුන්‍යවන්තයෙක් සිටිය හැකියි කියන එක මටනම් ටිකක් විතර පිළිගන්න අමාරු කතාවක්.//

      සෙන්නා, සම්මා සම්බුද්ධත්වය කියන්නේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ රහිතව අවභෝධ කරගෙන අන්‍ය අයටද එම ධර්මය මනා කොට අවභෝධ වන ආකාරයෙන් දේශනා කල හැකි වීමයි. ඒ සඳහා අවම වඝයෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බුද්ධකාරක ධර්ම සම්පුර්ණ කරන්න ඕන.

      පසේ බුද්දත්වය වෙනුවෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් සහ අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක තනතුරු සඳහා අසංඛ්‍ය කල්ප ලක්ෂ එකක් ද බුදු කෙනෙකුදේ මවු පියන් වීමටද සංඛ්‍ය කල්ප ලක්ෂ එකක් ලෙසද පෙරුම් පුරන්න ඕන. අනිකුත් ශ්‍රාවකයන් සඳහා එලෙස කාල නියමයක් නැහැ.

      මතු බුදුවන බුදුන් දැක නිවන් දැකීමට සිතන්නේ නොදැනුවත් කම සහ සසරේ තවදුරටත් ඉඳීමට ඇති ආසාව මිස වෙනත් දෙයක් නොවේ.



      Delete
  21. නොඅසා තිබු බණ කතාවක් සහන් මේවා ගැන වාද කරන්න තරම් දැනුමක් මට නෑ.

    ReplyDelete
    Replies
    1. වාදයක් කිසි සේත් උවමනා නැහැ මල්ලි..ධර්මය අල්ලන් වාද කරන්න යන්න හොඳම නැහැ.. මේ මුළු පෝස්ට් එක පුරාවට කොහෙවත් වාදයක් නැහැ.. කරුණු සාකච්චා කිරීමක් පමණයි තියෙන්නේ..

      Delete
  22. ලිපියෙන් වගේම කමෙන්ට් වලිනුත් සෑහෙන තොරතුරු දැන ගත්තා..මට ආපු ප්‍රශ්න ඒ ඒ තැන් වලම ලිව්වා ඔන්න. බොහොම පින් මෙහෙම ලිපියක් ලියලා ධර්මය දානය කලාට

    ReplyDelete
    Replies
    1. ඕනෙම දෙයක් අහන්න සයුරි. කිසිම දෙයක් ගැන සැකයක් තියාගන්න එපා..ඒ වගේම නිතර කල්පනාවට බඳුන් කරන්න මේ දේවල් ( වාදය පිණිස නොව අවබෝදය පිණිස )

      හැකි සෑම විටකම එන්න සයුරි..

      Delete
  23. පැහැදිලියි.
    කෙනෙකු රහත් උනාට පස්සෙ උපරිම ගිහි ජීවිතයේ ඉන්නෙ දවස් 7කියලයි කියන්නෙ. ඒකට හේතුව රහත් උනාට පස්සෙ තවදුරටත් ගිහි ජීවිතයේ කිසිවක් අවශ්‍ය නොවීම. ආසාව නැතිවුනාට පස්සෙ ඉඳල මොකටද යනව මිසක්.

    ReplyDelete
    Replies


    1. රාජ් මුළින්ම කියන්න ඕනේ මේ මොඩරේට් දාල තියෙන්නේ කමෙන්ට් ස්පෑම් වීම නිසා..වෙනම මගේ ඔරිජිනල් මේල් එකට( silentsahan එකට නෙවේ) මේල් ගන්න පුළුවන් මොඩරේට් දැම්මම.

      ___________________________________________________________

      රාජ් මූලික මට්ටමෙන් රාජ් කියන දේ හරි . හැබැයි රාජ්ට එතන තියෙන ලෝක ධර්ම තාවයේ ස්වභාවය මම කියන්නම්. රහත් භික්ෂූන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නේ ලෝකයට සේවය පිණිස මිසක් , ජීවත් වීමේ( භවයට ) ආසාවෙන් නෙවේ. " අනේ මේ මුළු ගමටම ධර්මය දේශනා කරන්න ඇත්නම් කොච්චර දෙයක්ද අප්පා " වගේ ආසාවක් නෙවේ ඒක. සංසාරයෙන් එතෙර වීමට අන්‍යන්ටද පිහිට වීමක් පිණිසයි වැඩ ඉන්නේ.එහෙම නැතුව මට ශිෂ්‍යයෝ 500 /1000 / 1500 වගේ කියාගැනීමේ අසාවෙන් නෙවේ.. හරිද ..?

      __________________________________________________________

      ගිහි රහතන්වහන්සේ කෙනෙකුට උනත් කිසිම ආසාවක් නැහැ. ඕනේ නම් ගහක් යට , පන්සලක උනත් ජීවත් වෙන්න පුළුවන් අනිත් අයට ධර්ම කරුණු කියා දෙමින්. ඒත් ලෝක ධර්මතාවයක් නිසා "ගිහි රහතන්වහන්සේ කෙනෙකුට" සුළු කාලයයි ආයුෂය භුක්ති විඳින්න පුළුවන්. එය ලෝක ධර්මතාවයක් මිසක් කම් සැප , වෙනත් ආසාවන් , පන්සලකට යන්න බැරි කමක් , අරණ්‍යවාසීව ඉන්න බැරි කමක් නෙවේ.

      අවශ්‍ය නම් ඕනේ තැනක ඉන්න පුළුවන්.ඒත් ලෝක ධර්මතාවයක් නිසා එවැනි දේකට ඉඩක් නැහැ*1 , ආයුෂයත් ඉවර වෙනවා*2.. මේ සිද්ධිය අභිධර්ම කොටස් වලදී මීට වඩා පැහැදිළි කිරීමකට ලක් වෙනවා රාජ්. අවශ්‍ය නම් ඒ දේවලුත් කියන්න පුළුවන් රාජ් සඳහා පමණක්. ( වැරදි අර්ථයක් ගන්න එපා ඉහත කරුණු වලින් )

      ( ඒ සඳහා පසේ බුදු වරයෙක්ගේ ලක්ෂණ සහ රහත් භාවයෙහි ලක්ෂණ "පරමාර්ථ වශයෙන්" කියන්න වෙනවා. "සම්මුති ධර්මය" මතින් එය පැහැදිළි කරන්න බැහැ. මම මෙහෙම කිව්වා කියලා දැන් හිතන්න එපා පරමාර්ථ සහ සම්මුති කියන්නේ දෙකක්ද කියලා. ධර්ම ස්කන්ධ අනුයාත ලෙස ගැළපීම වෙන හැටි ගැන මම අයිලෂ්ට වෙනම දීපු උත්තරේ තියෙනවා.. අන්න එතන පොඩ්ඩක් බලන්න. කෙසේ උනත් රාජ් මේ ගැන දැනගන්න ආස නම් ඕනෙම වෙලාවක කියන්න.. මම උත්තර දෙනවා මිතුරෙක් විදිහට . මම තිළිණට දීපු උත්තරෙත් ටිකක් බලන්න . රාජ් ඉන්නේ කීවෙනි අවස්ථාවේද කියලා මට කියන්න )

      Delete
    2. ස්පෑම් වෙනව කියල මොඩරේට‍් කරන්න ඕන නෑ. සියළුම කමෙන්ට් මොඩරේට් වෙන්නෙ නැහැ නේද? ස්පෑම් වෙන කමෙන්ට් ස්පෑම් වෙන්න ඇරල මොඩරේට් අයින් කරන්න. මොකද කමෙන්ට් මොඩරේට් කිරිල්ලෙදි කොහොමත් අපිට බ්ලොගේට යන්නම වෙනවනේ.

      මම නං සාමාන්‍යයෙන් ස්පෑම් වෙච්ච තියනවද කියල බලනව.

      Delete
    3. මොඩරේට් දැම්මේ මගේ පුද්ගලික මේල් එකට කමෙන්ට් ටික ගන්න පුළුවන් නිසා.( බ්ලොග් එක දුවන්නේ silentsahan එකෙන් උනත් මගේ නියම මේල් එක ඒක නෙවේ )

      අයින් කරා රාජ්..මොඩරේට් දැම්මම අමතර වෙහෙසක් . ( කොහොමත් මම කියවන්නේ නැහැ ඔහේ ඇප්රූවල් දෙනවා )


      \\\
      මම නං සාමාන්‍යයෙන් ස්පෑම් වෙච්ච තියනවද කියල බලනව.\\\

      මම මේ ටිකේ පදිංචි වෙලාම හිටියේ ස්පෑම් එකේ ..

      Delete
  24. ඊයෙ දවසෙ ලිපිය කියවා බැලුවෙ නැත්තෙ..මේ කරුනු නිසි පරිදි ධාරණය කොට කියැවිය යුතුයි සිතුන නිසා. ( අනික කොහොමත් සහන් ගෙ ලිපි හොඳට වෙලාව අරගෙන කියැවිය යුතුයි)

    නොදැන සිටි දහම් කරුනු රාශියක් දැන ගත්තා..ඇත්තටම සිතට දැනුනෙ..කිව නොහැකි තරමේ පහන් හැඟීමක්.

    මම බණ අහන එකනොකරන්නෙ..අපේ බොහෝ හාමුදුරුවරු..බණදේශනා කරන්නේ අමුතු විදියට. එක්කෝ..දෙමාපියන්ට දරුවො නොසලකනවා කියල..ඊයෙ රෑ රූපවාහිනියෙ ගිය කතාවක් උදාහරනයට ගනී,නැත්නම් ජන්ප්‍රිය ටෙලියක ජන්ප්‍රිය වචනයක්(දෙපැත්ත කැපෙන කුනු රස දෙන)නිතරම කියමින් බණ කියාවි.

    මෙවැනි දහම් කරුනු දේශණා කරනවනම් කොච්චර අඟනේද..?

    හසිත වැනි අයත් මේ සාකච්ඡාවට සහභාගී උනානම් තවත් දේ දැන ගන්න තිබුන.

    සත්තකින්ම..දේශපාලුවන්ට ගො‍ටු අල්ලමින් රාජ මන්දිර වැනි..දිලිසෙන..පන්සල් ගොඩනගනවාට වඩා...සංඝයාවහන්සේල ඉ‍ටුකොටයුතු යුතුකම් මේ නොවේද..?

    ඔබට පිං..!

    ReplyDelete
    Replies
    1. බොහොම පින් වීයෝ ඇවිත් මේ දේවල් කියවීම ගැන. මම ඉස්සර ඉඳන්ම ප්‍රතිපත්තියක් විදිහට නොකළ දෙයක් තමයි මේ දේවල් ගැන කතා නොකර සිටීම. ඒත් සමහර දේවල් ගැන පොඩ්ඩක් විතර ලියන එක හොඳයි කියලා හිතුණා . ඒ නිසයි ලිව්වේ.

      ඔය වීයා කියපු අනික් දේවල් ගැන නම් සඳහන් කිරීමත් නිෂ්ඵලයි. ඒ නිසාමයි අද වෙනකොට ධර්මය විනාස වෙමින් යන්නෙත්.බලමු පුළුවන් විදිහට අත්‍යවශ්‍යයෙන් පැහැදිළි කල යුතු දේවල් ටික වත් පැහැදිළි කරන්න.

      නැවතත් ගොඩක් පින් වීයෝ මෙහි ආවට.මේ ගැන ඔබේ මිතුරන්වද දැණුවත් කරන්න වීයෝ..

      Delete
  25. ගොඩක් දේවල් ආයෙත් බුද්ධියෙන් විමසන්න හිතෙන අගේ ඇති ලිපියක්..
    ඒහි භික්ඛු භාවය ගැන ලියපු ලිපියක් නිසා මම මේ කියන්න යන දේ ගොඩක් අදාල නැහැ..

    සංතතික රහතන් වහන්සේට නිර්වාණය අවබෝධ වී ඒහි භික්ෂු භාවය නොලැබීම ගැන කතා කිරීම මට නම් දැනෙන්නේ ලොතරැයියක් ඇදිලා ලොතරැයියට ගිය රුපියල් 20ට අපරාදේ කියනවා වගේ හැඟීමක්..

    දිගටම ලියන්න සුභ පැතුම් සහන්..

    ReplyDelete
    Replies
    1. \\\සංතතික රහතන් වහන්සේට නිර්වාණය අවබෝධ වී ඒහි භික්ෂු භාවය නොලැබීම ගැන කතා කිරීම මට නම් දැනෙන්නේ ලොතරැයියක් ඇදිලා ලොතරැයියට ගිය රුපියල් 20ට අපරාදේ කියනවා වගේ හැඟීමක්..\\\

      මේ රූ කියන දේ තුළ සෑහෙන අර්ථයක් තියෙනවා. ඒත් මතක තියාගන්න අපි මේ කතා කරන්නේ " භවයට " තියෙන ආසාවක් ගැන නෙවේ කියන දේ. අපි මේ සඳහන් කරන්නේ පරමාර්ථ වශයෙන් වෙන සේවයක් ගැන. සුමේධ තාපසයටත් තිබුණා කල්ප ගණන් නිර්වාණය පහු කරගන්නේ නැතුව දීපංකර පාද මූලයෙහිම රහත් වෙන්න නේද ..? ඒත් එතන පරමාර්ථ වශයෙන් විශාල තේරුමක් තියෙන්නේ.. ඒක අනුවණකමක් නෙවේ කිසිසේත්ම හොඳද ..? ( අවශ්‍යනම් තව දුරටත් පැහැදිළි කරන්න දේවල් මෙතන තියෙනවා )

      බොහෝම ස්තූතියි රූ ඇවිත් කියවලා ගියාට. ගොඩක් කාලෙකින් නේද මේ ආවේ ..? ඉඩක් ඇති විටක නැවත එන්න රූ..

      Delete
  26. මේ ලිපිය මම හුගක් වෙලා අරගෙන කියවපු ලිපියක්.සාමාන්‍යයෙන් මම වෙලා අරන් ලිපි කියවන්නෙ නෑ.හුගක්ම වෙලාව ගත්තෙ කොමෙන්ට් කියවන්නයි.සාමාන්‍යයෙන් සහන් දීපු උත්තර ප්‍රමානවත්.
    මේ කතාව හුගක් දෙනෙක් මීට පෙර අසා නොතිබුන එකක්.ධර්ම මාර්ගයට යමෙක් පිවිසෙනවා කියන්නෙ හිතේ තිබෙන බර සැහැල්ලු වීමක්.ඒ වගේම යථාර්ථය දැකීමක්

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩක් ස්තූතියි සැමට මිතුරු...දිගටම එන්න ඉඩක් ඇති වෙලාවට..

      Delete
  27. බණක් ඇසූ පමණින් රහත් වීමක් වෙන්න පුළුවන්ද ? එතකොට බුදුන් වහන්සේම දේශණා කළ චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අශ්ඨාංගික මාර්ගවලින් ඇති ඵලය කුමක්ද ? ඕවා නිකන් සාහිත්‍ය කතා වෙන්න බැරිද ? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බුද්දත්වය උදෙසම පෙරුම් පිරූ බෝධිසත්වයන්ටත් අනන්ත දුක් විඳ නිර්වානය සාක්ෂාත් කරගන්න වුනානම්, ඒ බුදුන්ගෙන් බණක් ඇසූ පමණින් නිර්වානය අවභෝධ කරගන්න පුළුවන් පුන්‍යවන්තයෙක් සිටිය හැකියි කියන එක මටනම් ටිකක් විතර පිළිගන්න අමාරු කතාවක්. ( අපේ අය නිර්වාණය මෛත්‍රී බුදුන්ගෙ කාලයට කල් දාලා තියෙන්නෙත් මේවගේ කතා හින්දා කියලා මට හිතෙනවා. ලේසියෙන් නිවන් යන්න )//

    සෙන්නගෙ ප්‍රශ්නෙට මමත් යමක් කියන්න ඕන.ඒක නියම තැන දාන්න හැදුවත් පෝස්ට් වුනේ නෑ.ඒකයි අලුතෙන් දාන්නෙ.එකම දෙයකට ක්‍රම කීපයක් තිබෙන්න පුළුවන්.කෙනෙක් අමාරුවෙන් සාක්ෂාත් කරන දේ තව කෙනෙක් ලේසියෙන් කරන්න පුළුවන්.එකම තැනකට මාර්ග කිහිපයකින් ලගා වෙනවා වගේ දෙයක් මේක.බුදුන් වහන්සේට වෙන බුදු කෙනෙකුගෙන් බන අහලා රහත් වෙන්න ඕනෑ තරම් අවස්ථාව තිබුනා.ඒත් ඒ අවස්ථා ලෝවැස්සන්න්ට අනුකම්පාවෙන් මඟ හැරියා.බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො අතට ආපු නිවන මඟහැරිය හැටි අසා නැද්ද.සුමේධ තාපසයාත් කළේ ඒකනෙ. සුමේධ තාපසයා අතට ආපු නිවන මඟහැරලා දුක් සැප දෙකම ව්ඩිහිමින් විවිධ යුග පසුකරමින් ඇතැම් විට මේ අද වගේම යුගවල ජීවත් වෙන්නත් ඇති.තාක්ෂණය දියුණු කාලවල ඉන්න ඇති.බ්ලොග් ලියන්නත් ඇති සමහර විට.ඒ වගේ කල්ප ගානක් සසර සැරි සැරියා.මේකත් ඒ වගේ තමයි.සමහරු ප්‍රඥාව තොර ගන්නව තව අය ශ්‍රද්ධාව .ඒකෙ කිසි වරදක්වත් වෙනසක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. සැමට මිතුරු,

      ඔබටත් ස්තූතියි මගේ ගැටළුවට පැහැදිලි කිරීමක් ලබා දුන්නාට.

      Delete
  28. ධම්ම දානං සබ්බ දානං ජිනාති.
    පෝස්ට්ෙක දැම්මට පිං.
    බුදු රජානන් වහන්සේ කෙනෙක් සියලුම දේ දැනගෙන ඉන්නව කියන්නෙ හැම කෙනාටම වෙන හැම දෙයක්ම හැම වෙලාවෙම පෙනි පෙනී ඉන්නවා කියන එක නෙවෙයි. අවශ්‍ය වෙලාවට දැනගන්න පුලුවන් කියන එකයි.
    අර විදිහේ බලයක් තියෙන්නෙ ඔය බයිබලේ එහෙම ඉන්නව ක්‍යන දෙවියන්ට. එහෙම උනොත් දෙවියන්ට හො‍රෙන් වැසිකිලියට වත් ‍යන්න වෙන්නෙ නෑ.
    පානදුරාවාදය කියෙව්වොත් මාතලං ගේ ගොන් ප්‍රශ්ණ වලට උත්තර ලැබෙවි.

    ReplyDelete
    Replies
    1. \\\බුදු රජානන් වහන්සේ කෙනෙක් සියලුම දේ දැනගෙන ඉන්නව කියන්නෙ හැම කෙනාටම වෙන හැම දෙයක්ම හැම වෙලාවෙම පෙනි පෙනී ඉන්නවා කියන එක නෙවෙයි. අවශ්‍ය වෙලාවට දැනගන්න පුලුවන් කියන එකයි. \\

      හරියට හරි ඩොක්ටර් ..ඔබ නිවැරදිවම තේරුම් අරන් ඉන්නවා. ( ඇතැම් අය හිතන් ඉන්නේ පැය 24 ම ස්කෑන් කර කර ඉන්නැති වගේ දෙයක්..මෙහෙම කියන එකත් හරි නැහැ.. ඒත් වෙන තේරුම් කරන්න උදාහරණයක් නැහැ නෙව )

      මාතලන්ග් සමහර තැන් වලදී නම්‍යශීලී නැහැ..ඒකයි ප්‍රශ්නේ ..කමක් නැහැ ඉතින් මොනවා කරන්නද ..

      කෙසේ උනත් ඩොක්ටර් මට ඔබ සමග පුද්ගලිකව දෙයක් කතා කරන්න තියෙනවා. ඔබට හැකි නම් මට මේල් එකක් එවන්න බලන්න.. පුද්ගලිකව දෙයක් දැනගන්න උවමනයි මට..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අපරාදේ ඇයි කමෙන්ට් එක මැකුවේ ඩොක්ටර් ..වටින කමෙන්ට් එකක්නේ ඔබ දමා තිබුණේ..ඉන්න මම හෙට ඔබට මේලයක් එවන්නම් විවේකීව ..

      අපරාදේ ඒ කමෙන්ට් එක නැවත දාන්න ..

      Delete
  29. ඉතාමත් ආසාවෙන් කියවපු ලිපියක්... මීට කලිනුත් ඔබේ ලිපි කීපයක් කියවා තිබුනත්, කමෙන්ට් කරේ නෑ.. ඒත් අද නම් කමෙන්ට් එකක් දානව කියල හිතුවා... :)
    ඇත්තම කියනව නම් තවත් මේ වගේ ධර්ම කරුණු හොයල කියවන්න ඕනෙ කියන ආසාව ඇති වුණා... තවත් මෙවැනි ලිපි ලියන ලෙසට ඉල්ලා සිටිනවා... ඔබට බොහොම පින්...!

    ReplyDelete
    Replies


    1. ඔව් මන් දන්නවා ඉඳලා හිටලා සිංහයන්ගේ දේශයෙන් එන කීප දෙනාගෙන් කෙනෙක් කියලා ඔයා:) කෙසේ හෝ පළමු කමෙන්ටුවට බොහෝම ස්තූතියි නිමේෂා ..ඔයා elakiri.com එකේ ඉන්නවද ...? දිගටම එන්න නිමේෂා..ඔහේ මොනවා හරි පොඩි දෙයක් කමෙන්ට් කරලා යන්න..ඒ හොඳටම ඇති..

      \\\මීට කලිනුත් ඔබේ ලිපි කීපයක් කියවා තිබුනත්, කමෙන්ට් කරේ නෑ.. \\\
      ඒක තමයි කළින් මේ ජාතියේ ඒවා ලියලා තිබුනෙම නැහැනේ..:) මේ පළවෙනි පෝස්ට් එක මේ ජාතියේ නිමේෂා..

      \\\ඇත්තම කියනව නම් තවත් මේ වගේ ධර්ම කරුණු හොයල කියවන්න ඕනෙ කියන ආසාව ඇති වුණා...\\\

      ඒක නම් ඇත්ත..සමහර දේවල් දකින්නම ඕනේ ආසාව ඇති වෙන්න.මා ළඟ ත්‍රිපිටකය තියෙනවා ..ඒත් මට උනත් ඒක බලන්න ආසාවක් එන්නේ නැති වෙලාවල් තියෙනවා.. ඒ උනාට කව්රු හරි ධර්ම කරුණු ගැනපෝස්ට් එකක් දාල තිබුණොත් ඒක අසාවෙන් කියවනවා..

      Delete
    2. \\\ඇත්තම කියනව නම් තවත් මේ වගේ ධර්ම කරුණු හොයල කියවන්න ඕනෙ කියන ආසාව ඇති වුණා...\\\\

      ගැටළු කීපයක් තියෙනවා . දැන් බලන්න මේ පෝස්ට් එක තුල උනත් ඇතැම් කරුණු නුහුරට ගිහින් තියෙනවා.. කෙනෙක් වැරදි අවබෝදයක් ගන්න පුළුවන් සාමාන්‍ය සරළව ලියන්න ගියාම.. සියල්ල පැහැදිළි කරලා එකින් එක ලියන්න ගියාම මුකුත් කරන්න බැහැ අන්තිමට පෝස්ට් එක බරපතළ වෙනවා..

      ඔය වගේ හේතු නිසා පොඩි දෙයක් වත් ලියන්න බැහැ නිමේෂා..ඕකෙන් මේකෙන් වෙන්නේ අන්තිමට මුකුත්ම නැති වෙන එක. කොහොම උනත් ඔයාලා වගේ අය දිගටම එනවා නම් අපි කීප දෙනාට එකතු වෙලා පුළුවන් වේවි සරළ දේවල් ටිකක් හෝ ඉගෙන ගන්න..මමත් එවැනි දේකට බොහෝම කැමතියි...

      දිගටම එන්න නිමේෂා ඉඩක් ඇති වෙලාවට මීට පස්සේ..

      Delete
  30. සහන් ධර්මය ආශ්‍රිත පෝස්ටු පළ කිරීම අගය කරනවා. මේ විදිහට පැහැදිළිව කරුණු සහිතව විස්තර කිරීම තමා ඉතාම වැදගත්.

    මේ කතාව මං දැනං හිටියෙ නෑ. ඒත් බාහිය දාරුවීරිය කතාවෙත් මේ වගේම ‘ඒහිභික්ෂු භාවයෙන්‘ මහණ කරන්න බැරි වෙන රහතන් වහන්සේ කෙනෙක් ගැන කියවෙනවා.

    ඩ්‍රැකියට ප්‍රශ්නයක් වුනේ මේකයි,

    මේ බණ කතා තියෙන සීහලට්ඨකතා වගේ පොත් ලියවුනේ අනුරාධපුර යුගයේ දී. ඒ කාලයේ මේ පොත් ලියපු භික්ෂූණ් වහන්සේලා, තමන්ගෙ ප්‍රතිලාභ ලැබීම් තහවුරු කරගන්න සහ සඟසතු දේ වල පැවැත්ම තහවුරු කරගන්න, මේ වගේ පොයින්ට් එකතු කරලා තියෙනවද කියලා ඩ්‍රැකියට හිතෙනවා.

    අයිලාස් සහ සහන් දෙන්නගෙන්ම අදහසක් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. \\මේ බණ කතා තියෙන සීහලට්ඨකතා වගේ පොත් ලියවුනේ අනුරාධපුර යුගයේ දී. ඒ කාලයේ මේ පොත් ලියපු භික්ෂූණ් වහන්සේලා, තමන්ගෙ ප්‍රතිලාභ ලැබීම් තහවුරු කරගන්න සහ සඟසතු දේ වල පැවැත්ම තහවුරු කරගන්න, මේ වගේ පොයින්ට් එකතු කරලා තියෙනවද කියලා ඩ්‍රැකියට හිතෙනවා.

      අයිලාස් සහ සහන් දෙන්නගෙන්ම අදහසක් බලාපොරොත්තු වෙනවා.\\\

      පොඩ්ඩක් හිතන්න draki සීහලට්ඨකතා ලියන්න තරමක් බුදුදහම ගැන අවබෝදයක් තිබුණු උත්තමයෝ සිව්පසයට ලොඳ බැඳ ගනීද ...? ( අනිත් එක සියලු ආශාවන් ප්‍රහීන කල උත්තමයෝ නේද ඒ ..? )
      පුද්ගලිකව මම නම් ඔය බමුණු මත ආව කියන දේවල් , වෙනත් මත ආව කියන දේවල් , බෞද්ධ සාහිත්‍ය මත කරුණු වෙනස් උනා කියන දේ කිසි සෙත් පිළිගන්නේ නැහැ.. ත්‍රිපිටකය අතිශයින් පිරිසුදුයි ...

      බලමු අයිලෂ් අයියගේ අදහස ( එයා මේ ගැන කතා කරන්න මනාප නම් )..

      Delete
    2. \\\
      මේ කතාව මං දැනං හිටියෙ නෑ. ඒත් බාහිය දාරුවීරිය කතාවෙත් මේ වගේම ‘ඒහිභික්ෂු භාවයෙන්‘ මහණ කරන්න බැරි වෙන රහතන් වහන්සේ කෙනෙක් ගැන කියවෙනවා.\\\

      මෙන්න මේ කොටස එක්ක මට දෙයක් සිහියට ආව draki.. ඒක එළිපිට කියන එක හරිද මන්දා ..

      Delete
    3. //සීහලට්ඨකතා ලියන්න තරමක් බුදුදහම ගැන අවබෝදයක් තිබුණු උත්තමයෝ සිව්පසයට ලොඳ බැඳ ගනීද ...?//
      උදාහරණයක් හැටියට පොඩ්ඩක් බලන්න අද ඉන්න මහා විද්වත් සිවිල් සමාජය කොයිතරම් ලේසියෙන් කබරගොයි - තලගොයි කරනවාද කියලා.

      සීහලට්ඨකතා වගේ පොත් වල, ගැඹුරු දහම් කරුණු තියෙනවා මම දැකලා නැහැ සහන්. පොත් ලියන අයගේ අවබෝධය පිළිබ‍ඳව යම් යම් තරාවන් ඇති බව තමා පේන්නෙ.

      තර්ක කිරීමක් නෙවේ. මේ වගේ කතිකා වලින් ඩ්‍රැකියා ඉගෙනගන්න, පැහැදිලි කරවාගන්න දේවල් බොහොමයි.

      Delete
    4. \\උදාහරණයක් හැටියට පොඩ්ඩක් බලන්න අද ඉන්න මහා විද්වත් සිවිල් සමාජය කොයිතරම් ලේසියෙන් කබරගොයි - තලගොයි කරනවාද කියලා.\\

      දුටුගැමුණු රජතුමාටත් නෑකම් හදාගත්ත වන්දි බට්ටයෝනේ අද ඉන්නේ කියලා හොඳටම තේරෙනවා draki.. හැබැයි මෙහම සිද්දියක් තියෙනවා නේද ඒ කිව්වේ මහාවිහාරය සහ අභයගිරිය( වැරදි නම් නිවැරදි කරන්න ) අතර ඇති වූ මත භේද තියේ.. ඒ කාලේ සමහර දේවල් නුහුරටම ගිහින් තියෙනවා.. පැහැදිළිවම ඒ ඒ පාර්ශව අතර වූ මත භේද ගැන සඳහන් නේද ?

      කෙසේ උනත් draki ත්‍රිපිටකයට අකුරක් වත් එක් වෙලා හෝ අඩු වෙලා නැහැ කියලා තමයි මගේ පිළිගැනීම . අටුවාව සහ අනික් දේවල් නම් පස්සේ එක් උන බව හැබෑව..යමක් එක් වුනානම් එක් වූ බව පැහැදිළිව සඳහන් වෙලා තියෙන නිසා බයක් වෙන්න දෙයක් නැහැ.. වංචනික ලෙස කරුණු මකා අලුතින් එක් කර ඇතැයි කියානම් හිතන්න අමාරුයි "ත්‍රිපිටකයට" .. ( අනිත් කෘති වල තියෙන්නෙම එක් එක් පුද්ගලයාගේ / භික්ෂුවගේ සටහන්නේ )

      draki සමග මේ දේවල් කතා කරන්නට ලැබීම ලොකු දෙයක්..මටත් අලුතින් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා drakiගේ දැනුමෙන්..

      Delete
    5. //මේ බණ කතා තියෙන සීහලට්ඨකතා වගේ පොත් ලියවුනේ අනුරාධපුර යුගයේ දී. ඒ කාලයේ මේ පොත් ලියපු භික්ෂූණ් වහන්සේලා, තමන්ගෙ ප්‍රතිලාභ ලැබීම් තහවුරු කරගන්න සහ සඟසතු දේ වල පැවැත්ම තහවුරු කරගන්න, මේ වගේ පොයින්ට් එකතු කරලා තියෙනවද කියලා ඩ්‍රැකියට හිතෙනවා.//

      ඩ්‍රැකිය මේ ගැන මගේ අදහසත් විමසුව නේ, සහන් මලයත් අවසර දීලා තියෙන එකේ ඔන්න එහෙනම් මගේ අදහසත් කියන්නම්.

      හෙළ අටුවාව තමයි බුද්ධගෝෂ හිමියන් අතින් පාලියට හැරවෙන්නේ, පසු කාලයකදී ලංකාවේ තිබු හෙල අටුවා නිනෂ් කරනවා (කාලය මතක නැහැ) ඉන් පසු ඉන්දියාවේ තිබු පාලි අටුවාව තමයි නැවත හෙලේ බසට නැගෙන්නේ. කෙසේ වෙතත් එදා බුද්ධගෝෂ හිමියන් අතින් හෙළ අටුවාව පාලියට හරවුනේ නැතිනම් අපිට අටුවාව සම්පුර්ණයෙන්ම අහිමි වෙන්නත් ඉඩ තිබුනා.

      දැන් ඩ්‍රැකියගේ ප්‍රග්නයට යමු. මේ සම්බන්ධයෙන් නම් මමත් සහන් සමග සම්පුර්ණයෙන්ම එකඟයි. එදා සිටි උත්තමයන් වහන්සේලා එලෙස සිවු පසය පිණිස අටුවාවට කරුණු එකතු කළා වෙන්න නම් බැහැ.( බුදු දහමත් විකුණන් කමින් තැන් තැන් වල අසපු සදමින් යන ක්‍රමය ඉතා මෑත කාලයේ බිහිවූවක් ) එලෙස සිවුපසයට ලොල්ව ඇතැම් කරුණු අටුවාවට ඇතුල් කිරීමට තරම් එදා සිටි උත්තමයන් වහන්සේලා පිරිහුණා නම් වෙන්නට බැහැ.

      මේ පොඩි කතාව පලන්න. මේ කතාව කිවේ අතිපුජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වනසේ. මේ වස් කාලයත් නිසා මේක බොහොම වැදගත්.

      වස් අවසානයේ තියෙන කථින පුජාවෙහි ආනිසංස ගැන බොහෝවිට වර්ණනා කරන්නේ නාගිත අපදානයෙන්. මේ ස්වාමින්වහන්සේ වරෙක කියා සිටියා උන්වහන්සේගේ ආචාර්යන් වහන්සේලා මේ නාගිත අපදානය මුල්කරගෙන බණ කීමෙන් වලකින ලෙසට උන් වහන්සේලාට උපදෙස් දුන් බව. එයට හේතුව එහි දැක්වෙන ආනිසංශ වලට දායකයන් ගේ සිත් නැඹුරු වුවහොත්, එවැනි ආනිසංශ ලබාගැනීම වෙනුවෙන් ඔවුන් සසර කෙරෙහි ඇලීමක් ඇතිකරගැනීමට හැකි යයි සිතීම නිසයි.

      දැනට වසර 70-80 පමණ පෙර සිටි උගත් ගුණවත් ස්වාමින් වහන්සේලාත් එලෙස සිතා (ගිහියන් මේ ආනිසංශ ලබා ගැනීම කෙරෙහි ලොල්ව මෙම පුජාවන් කරාවි යයි) ප්‍රත්‍ය ලාභය ගැන නොසිතා, එවන් ප්‍රත්‍ය ලාභයන් ලැබිය හැකි වන දේශනාවන් පවා නොකරන ලෙසට තම ශිෂ්‍යයන්ට උපදෙස් දුන්නානම්, පෙර සිටි අටුආචාරීන් වහන්සේලා අතින් එවැනි ලාභ අපේක්ෂාවෙන් යම්යම් දේවල් අටුවාවට ඇතුලත් වුවා යයි සිතන්නට නම් බැහැ.

      Delete
    6. සහන්ටත්, අයිලාස්ටත් ගොඩක් ස්තූතියි. ඩ්‍රැකියගේ හිතේ තිබුන අදහස වෙනස් කරගත්තා.

      සහන්ට මතක් වුණා කියපු කාරණාව මෙතන කියන්න බැරිනම්, ඩ්‍රැකියට මේල් එකක් දානවද? ඩ්‍රැකියා කියන්නෙ කුතුහළය පිරුණු සත්ත්වයෙක්.

      Delete
    7. ඒ කාලේ අට්ඨ කථා ලියලා තියෙන්නෙ ත්‍රිපිටකයේ එන යම් යම් දහම් කරුණු පැහැදිලි කරන්නනේ. එතකොට ඒ ඒ රචකයාගේ අදහස්, මතවාද එකතුවෙන එක ඉතා ම පහසුවෙන් වෙන්න පුළුවන් දෙයක්. වුණ තැන් වගේ ම නොවුණ තැනුත් තියෙනවා. ඒ නිසා අට්ඨ කථා භාවිතය ටිකක් ප්‍රවේසමෙන් කරන්න ඕන දෙයක්! "මහණ මෙහි එව" කියන එක තවදුරටත් පැහැදිලි කරනවා නම් "පින්වත් භික්ෂුව මෙහි එන්න... මේ ධර්මය මනා කොට දේශනා කරන ලද්දක්. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන්න " කියලා තමයි උන්වහන්සේ අමතන්නේ. හොඳ ලිපියක් සහෝ !

      Delete
  31. මේ වගේ දේවල් ගැන මට නම් එච්චර කියන්න දේවල් නෑ සහන්.. මේ කතා කියවනකොට මට ඇත්තටම දැනෙන්නේ හොඳ ෆිල්ම් හදන්න පුළුවන් වස්තු බිජ කියල.. ඒ කියන්නේ කවද හරි බුද්ධ චාරිතය සිනමාවට නගනවනම් මේ දේවල් හෙන ප්‍රයෝජනවත් වෙයි ... සහන් මේකට දල දාල තියෙන පින්තුරේ මම ගොඩක් ආස කරන එකක් ..එකේ තියෙනවා අපේ හිත වශී වෙන ලස්සනක්.. හැබැයි අපි කරන්න ඕනේ දේට මේවයින් ලොකු වැදගත් කමක් එකතු වෙනවා කියල නම් හිතෙන්නේ නෑ.. තවත් එක් පුරාණ මිත්‍යා කතාවක් වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ... වැඩිපුර ෆිල්ම් බැලීම නිසා මට තියෙන ලෙඩක් වෙන්න ඇති... :)

    ReplyDelete
    Replies
    1. පැතුම් මෙවැනි දේවල් ගැන නම් සෑහෙන්න උනන්දු බව නම් දන්නවා..

      ඔය පින්තූරේ නම් මටත් දැක්ක දා තත්පර කීපයකට හදවත නැවතුණා. එතරම් හිත සලිත වෙනවා.. මාතෘ දිවය රාජයාට ධර්මය දේශනා කර නැවත මනු ලොව වඩින අවස්ථාව කියලා තමයි වෙබ් එකේ තියෙන්නේ.. ( මට මතක විදිහට මෛත්‍රී බුදුන් විවරණයක් ගත්තා මෙතැනදී )

      මම නම් පුද්ගලිකව මේ වගේ දේවල් සිනමාවට නගේනවට මනාපයක් නැහැ පැතුම්.. ( එක්කෝ හරියට කරන්න ඕනේ.) පැතුමට කියන්න මට නම් වතුර ටිකක් බොන්න වත් වෙලාවක් නැහැ.. දැන් තමයි මේ ටිකක් විවේකෙන් ඉන්නේ..

      ස්තූතියි පැතුම් හැමදාම ඇවිත් සහයෝගයක් දීල යනවට ...

      Delete
    2. මම කියන්නේ ස්පිල්බර්ග්,කැමරන්,ජෝර්ජ් ලුකස් වගේ කෙනෙක් කවදා හෝ බුද්ධ චරිතය වාණිජ සිනමාවට නැගුවොත්...කවදාවත් වෙන එකක් නම් නෑ.. :D "මාතෘ දිවය රාජයාට ධර්මය දේශනා කර නැවත මනු ලොව වඩින අවස්ථාව" ඉන්දියාවේ සංකස්ස පුරේ නේද? සහන් මේ විවේකෙන් ඉන්න කාලේ දඹදිව වන්දනාවක් දාල එන්න..(හැබැයි එක වල්ලේ පොල් ගෙඩි 2ක 3ක් එක්ක.. :D )

      Delete
  32. සහන් මම ඔබේ ලිපි හුඟක් කියෙව්වා.රහතන් වහන්සේ ගැන ලිපිය ඒ අතරින් ප්‍රධානයි.අපි කොහොමද කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් කියල හදුනගන්නෙ.තමන් රහත් කියල කවුරුහරි හාමුදුරුනමක් රැවටිලා ඒ කතාව ප්‍රචාරය කළොත් ඒ ප්‍රචාරය නිසා සමාජය රැවටිලා ඊට පස්සෙ හමෝම එයා රහත් කියල පිළි ගන්නවා.ඉතින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුනේ බුද්ධ පරිනිර්වානයෙන් සියවස් කිහිපයකට පස්සෙ නේද?ඉතින් මම කලින් කීව විදියෙ ප්‍රචාරය නිසා රහත් කියල පිළිගත්ත හාමුදුරුවරු ත්‍රිපිටකය ලිව්ව නම් ඒක බුද්ධ වචනය කියල පිළි ගන්නෙ කොහොමද? කටපාඩමින්ම මේව පරම්පරා ගනනාවක් ගෙනාව කියල හිතන්න පුළුවන්ද?

    ReplyDelete
  33. සහන් ඔබ හරි විශේෂි කෙනෙක්. අපි පර්යේෂණ හා සංවර්ධන අංශයකට සම්බන්ධයි. විටින් විට ධර්ම සාකච්ඡාවේ යෙදෙනවා. හමු වීම වටියි.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili