දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

March 19, 2013

+16 " ගෙඩිය පිටින් " යන යෙදුමේ අරුත| gediya pitin kama !





          මේක කෙටිම කෙටි කතාවක් හොදද ?ඔක්කොටම කලින් අපිට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා ..hehe.




අවශ්‍ය ද්‍රව්‍ය :


කිඹුලා
හරකා
මුවා
මැක්කා ( අවශ්‍ය තරම් ප්‍රමාණයක් )
බෙලි ගෙඩිය
පළා වර්ග කීපය
ෂොපින් එක




සාදන ක්‍රමය :
explain.


            අපි හැමෝම දන්න කියන සත්තු 4 දෙනෙක් ඉන්නවා මේ කතාවේ .එතනින් සත්තු දෙන්නෙක් අහක ඉඳන් කයිට් වෙනවා
.hehe. අනික් සත්තු දෙන්නගේ ගති ලක්ෂණ තේරුම් ගන්න උදාහරණ ගැනීමේදී .ඒ ගති ලක්ෂණ තේරුම් ගත්තට පස්සේ අපි කරන්නේ උපකල්පනයක් .. " අරයා මෙහෙම නම් මෙයා කොහොම වේවිද " වර්ගයේ .. ඊට පස්සේ අපි කරන්නේ ආදේශ කිරීමක් " එයාලත් එහෙම නම් ,ඇයි අපිට බැරි " වර්ගයේ. අන්තිමටම පුංචි ලොරි ටෝක් kitta.දෙකක් විතර තියෙනවා .එච්චරයි..
දවසේ ඕනෑම වේලාවක රස විදින්න පුළුවන් හදා ගත්තට පස්සේ ..

දැන් අපි පෝස්ටුව සකසා ගනිමු ...
stir.

ඔන්න කතාව මෙහෙමයි.පහත රූපය බලන්න .

මේ තමයි මුවා.









 

දැන් දෙවන රූපය බලන්න ..




ඔය තමයි කිඹුලා ..


        දැන් අපි ප්‍රධාන මාතෘකාව දිහාට එමු ..මේ කිඹුලට එනවා බඩගින්නක්. කිඹුලා කරන්නේ මුවාව කනවා පින්වතුනි.
diablo.මේක එහෙම ලේසි පහසු කෑමක් නෙවේ.මුවාගේ මස් ටික, අං තට්ටුව , ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික drunk2., මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික .eee., කකුලේ කුර ටික , කුර අස්සේ තිබ්බ මඩ ටික සහ අවසාන වශයෙන් නැට්ට සහ නැට්ටේ හිටපු මැක්කෝ ටික .hehe1.



               මෙතන මැක්කෝ කිව්වම මැක්කගේ ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික , මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික , සහ මැක්කගේ ඇඟේ මස් ටික.
( මෙතන මම එක මැක්කෙක් ගැන විතරයි උදාහරණයට ගත්තේ .ඔක්කොම මැක්කෝ
ගැන කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා
delete. )


             යනාදී වශයෙන් මුවාගේ සියල්ලම ආහාරයට ගන්නවා මේ කිඹුලා.මස් ටික වෙනමත් අයින් කරන්න ඕනේ කක්කි ඒවා වෙනමත් කියල නැතුව ඔක්කොම කාල දානවා .
tazz.


දැන් අපි එමු දෙවන උදාහරණයට ..
පහත රූපය බලන්න



            මේ ඉන්නේ හරකා ..මෙයා කන්නේ විවධ පලතුරු ජාති සහ  කොළ ජාති .ඒ උනාට හැම කොළ ජාතියම කන්නේ නැහැ
dont. .තෝරලා බේරලා තමයි කන්නේ ..මුකුණුවැන්න , ගොටුකොල , තම්පලා , රතු තම්පල , සාරණ , නිවිති , කතුරුමුරුංග කොළ , කෝවක්කා කොළ , අඟුනකොළ , බටු කොළ මැල්ලුම shy.වගේ දේවල් තමයි කන්නේ . නිකම්ම නිකන් වල් තණකොළ ජාති කන්නේ නැහැ ..

         තේරුණාද හරකා උනත් ඔක්කොම තණකොළ ජාති කන්නේ නැහැ . තෝරලා බේරලා තමයි කන්නේ ..හරකා පළතුරු ජාතිත් කනවා කියල මම කිව්වනේ.. හිතන්න අපි බෙලි ගෙඩියක් දුන්නා කියල හරකාට .නමුත් හරකා කන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා
dont.. බෙලි ගෙඩිය දෙකට පලලා මදේ වෙනම දුන්නොත් විතරයි කන්නේ .. බෙලි කොච්චර ගුණ පළතුරක් උනත් ගෙඩිය පිටින් කන්නේ නැහැ හරකා ..forget_it.




දැන් උපකල්පණය කරමු කිඹුලා බෙලි කනවා කියලා ...
eyerub.

එහෙනම් එකෙම්ම මුළු බෙලි ගෙඩිය පිටින්ම කාල දානවා නේද? මුවාගේ අං
තට්ටුව , කුර , කක්කි පවා කාපු කිඹුලට බෙලි කට්ට මොකක්ද ?
laugh.




      දැන් පැහැදිළිද ගෙඩිය පිටින් කනවා කියන්නේ මොකක්ද කියල...කිසිම තෝරාගැනීමක් , ඉවත් කිරීමක් , පැහැදිළි කිරීමකින් තොරව සියල්ලම බාර ගැනීම තමයි ගෙඩිය පිටින් කනවා කියන්නේ ...
annoy.




            ඔහොම ගෙඩිය පිටින් වෙන සිද්දි වලදී සත්ව ලෝකයේ ගොඩක් සත්තු
ලිංගික එක් වීම වගේ කාරණා සම්බන්දව දරන්නේ පොදු මතයක් . අම්මා , තාත්තා , නංගි , මල්ලි , අක්කා , අයියා , බාප්පා , පුංචි etc වගේ දේවල් සලකන්නේ නැහැ .ස්ථානය , වෙලාව , කරාට අවුලක් නැද්ද වගේ කාරණා සළකන්නෙම නැහැ . කෙලිම්ම ගෙඩිය පිටින් සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනවා .
fucking.mastur.


ආදේශ කිරීම


සත්තුන්ට වඩා හිතන්න පුළුවන් මිනිස්සුත් ඇයි අනේ ගෙඩිය පිටින් සමහර ඒවා කරන්නේ ? හරකට තරම් වත් මොළයක් නැද්ද ?ආගම ධර්මය අමතකද ?
pop.

නිගමනය 

 
        ඒ නිසා හැම දේ ගැනම තෝරාබේරා ගැනීමක් කරන්න ..ආශ්‍රය කරන අය , කතා කරන්න ඕනේ දේ , නොකරන්න ඕනේ දේ , ඉන්න ඕන විදිහ , යන්න ඕනේ තැන් , කරන්න ඕනේ දේවල් etc ...
kitta.


අවවාදය
හැබැයි රජෝ වැඩිය තෝරන්නත් එපා .මදේ වත් කන්න හිතෙන්නේ නැතුව යාවි. ඔතොකොටත් පැවැත්මක් නැහැ ...!
teeth1.

ප.ලි. මේ කාලේ නම් හරක් ශොපිනුත් කනවා ..බෙලි කටුත් කනවා ඇති දැන්..
( කරුණාකර ප.ලි. කොටස මනුෂ්‍යන්ට ආදේශ නොකරන්න . ඔතොකොට ගෙඩිය
පිටින් හරකෙක්ම වෙනවා. 
roll.)



බොහෝ විට මීළඟ පෝස්ටුවෙන්  නිවසකට අවශ්‍ය මට්ටමෙන්
සරල TV ඇන්ටෙනාවක් අඩු වියදමෙන් සාදා ගන්නා ආකාරය
පැහැදිළි කරමි...!tv.


ඇන්ටෙනාව කඩා ගත්ත දේශකට වෙච්ච දේ ගැන මෙතනින්

70 comments:

  1. අවවාද දුන්නේ මටද? හැබැයි රජෝ කියලා කිව්වේ :)

    මරු පැහැදිලි කිරීම

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ රජතුමණි ..ඔබතුමාට අපහාසයක්
      වේ යැයි හැගෙන්නේ නම් , එම යෙදුම ඉවත් කිරීමට
      පියවර ගන්නම්...

      Delete
    2. මේක කියවල ඉවර වෙනකොටම මටත් මතක් වුනේ මේකව.

      Delete
    3. රජාට ම තමයි කියලා හිතුනා, පෝස්ට් එක කියවද්දි. :-ඩී

      Delete
  2. ෂික් කක්ක ගැන කියල එපාකලා.!))

    උඹේ පැහැදිලි කිරීම නම් මරු.
    දැන් එතකොට කාටද කිව්වෙ..?

    ReplyDelete
    Replies
    1. මේක කක්කි කතාවක් අනේ ..ඉතින්
      කක්කි නැතුව බැහැ :D
      කුකුල් කක්කිත් බේතට ඕනේ කියනවනේ වීයෝ...

      අපෝ නැහැ කිසිම කෙනෙක් අරමුණු කරගෙන නෙවේ
      කිව්වේ..නිකමට කිව්වේ ...:D

      අගය කිරීමට ස්තූතියි වීයෝ.
      දිගටම එන්න ...

      Delete
  3. යකඩෝ..ඔළුවත් මඤ්ඤං උනා වගේ හි හි හී

    ReplyDelete
    Replies
    1. බලන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික හරියටම ගත්තද
      කියල ලිහිණි ?


      දැන් චම්ස් බලන්න නිවැරදි ක්‍රමයට
      නිවැරදි උපදෙස් පිලිපැද්දද කියල..?

      ඔක්කොම හරි නම් වරදින්න විදියක් නැහැ .
      රසට එන්න ඕනේ ..:D

      Delete
  4. මොකද්ද සහන් මේ අමුතුම කථාව.මගේ ඔළුවත් එක පාරට කැරකුණා වගේ.නියමයි මේ කෑම හදන ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. චෙෆ් සහන්ගේ තවත් එක් වික්‍රමයක් ගයනි ...
      හැකස් ...:D

      Delete
  5. මං මේ කල්පනා කරන්නේ මලේ උඹේ තියන නිර්මාණාත්මක උපහාසාත්මක හැකියාව ගැනයි... සුපිරිම සුපිරියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ස්තූතියි නලින් අයියේ.
      කාලෙකින් මට ඒ පැත්තේ එන්න උනෙත්
      නැහැ ..ඔයාගේ අර කතාව ලියන්නකෝ නලින්
      අයියේ ..ඒකට නම් මම පුදුම ආස වෙලා හිටියේ..
      අර බෙට්ස් ගැන විස්තර ටිකකුත් ලියන්නකෝ නලින්
      අයියේ...

      Delete
  6. කතාව උපරිමයි. එතකොට අලි ගිලපු දිවුල් :P

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි හසිත..
      අලි ගිලපු දිවුල් ගෙඩියකින් උනත්
      මේ වගේ රසවත් කෑම වේලක් හදා ගන්න
      පුළුවන් ..අපි බලමු මීළඟ පාඩම් මාලාවෙන් ...:D


      ස්තූතියි හසිත නැවත එන්න ...

      Delete
  7. හ්ම්ම් ගෙඩිය පිටින් කෑම.

    කෑම එපාවෙයිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයිලෂ් අයියේ . කිසිම දෙයක් අහක නොදා හදන
      කෑම වේලක් කොච්චර රහට එන්න ඕනෙද .:D

      Delete
  8. සහන් අමුතුම ටයිප් එකේ කතාවක් ලියල. ගලපලා තියන විදිහ නියමයි..

    ReplyDelete
    Replies

    1. ස්තූතියි චන්දන ගොඩක් ..ගෙඩිය පිටිම්ම ඔලුවට
      ගත්ත නම් එච්චරයි ඈ :D

      Delete
  9. පට්ට ඕයි..මල්ටි බැරල් එකක්..කීදෙනෙක් තේරුම ගත්තද මන්ද ?

    ReplyDelete
    Replies
    1. මට නම් තේරුනේ නැහැ.පුළුවන් නම් තේරුම කියන්නකෝ...

      Delete
    2. @ මානවක

      එකෙම්ම මචෝ රම්පෙට පොරි හැලෙන්න වදින
      pot වලට වදින විදිහට මල්ටිය ලෝඩ් කරා .
      නැතුව බැහැ නෙව හුරතල්
      කරන්න ..තේරුම් ගියා නම් එල ඈ ..:D

      @ නිශාන්

      මචන් වැඩිය දුර හිතන්න එපා .
      සාමාන්‍ය මට්ටමෙන් තියෙන දේවල් ටික
      ගැන හිතන්න ..

      " ගෙඩිය පිටින් " කියන යෙදුම ආවේ කොහොමද
      කියන දේයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ ..
      කිඹුල්ලු වගේ සත්තු කිසිම තෝරා බේරා ගැනීමක් නැතුව
      අහු වෙන ඕනෙම දෙයක් කනවා ..

      හරක් වගේ සත්තු තෝරා බේරා ගැනීමක් ඇතුව කනවා ...

      මිනිස්සු උන අපිට ඒ තෝරා බේරා ගැනීම කරන්න බැරි
      ඇයි කියල තමයි මම ප්‍රශ්න කරන්නේ ...

      Delete
  10. මොලේ කුරුවල් වෙනවා බොල මේවා කියවලා.මට නම් මඥ්ඥම් මඥ්ඥම් වගේ.

    ReplyDelete
    Replies

    1. ගොඩක් දුර හිතන්න එපා යකෝ..
      ගෙඩිය පිටිම්ම කාල අමතක කරපන් ..:D

      Delete
  11. කෑම හදන විදියට පෝස්ටුත් ලියන්න පුලුවං එහෙනම්.. එල එල... ටිකක් විතර මඤ්ඤං උනේ නැත්තෙත් නෑ... හැබැයි ඊළඟ පෝස්ටුව ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා.. ඉක්මනට දාන්න... හැබැයි බොලේ ඇන්ටනාවත් කෑම හදනවා වගේ හදන්ට වෙයිද දන්නෑ.. :D

    ReplyDelete
    Replies
    1. " ගෙඩිය පිටින් " කියන යෙදුම ආවේ කොහොමද
      කියන දේයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ ..
      කිඹුල්ලු වගේ සත්තු කිසිම තෝරා බේරා ගැනීමක් නැතුව
      අහු වෙන ඕනෙම දෙයක් කනවා ..

      හරක් වගේ සත්තු තෝරා බේරා ගැනීමක් ඇතුව කනවා ...

      මිනිස්සු උන අපිට ඒ තෝරා බේරා ගැනීම කරන්න බැරි
      ඇයි කියල තමයි මම ප්‍රශ්න කරන්නේ චින්තක ...
      ගොඩක් දුර හිතන්න එපෝ.මගින් නවතින්න ....


      \\\\හැබැයි ඊළඟ පෝස්ටුව ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා.. ඉක්මනට දාන්න..//
      හොඳමයි චින්තක ඉක්මනට දාන්නම් .දැනටමත් ලියල නම්
      ඉවරයි..ඔයා සමහර විට මෙන්න මේ පෝස්ට් වලට කැමති
      වේවි...ටිකක් මේවත් බලන්නකෝ...

      චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Transmis...

      02. චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Tran...

      \\\හැබැයි බොලේ ඇන්ටනාවත් කෑම හදනවා වගේ හදන්ට වෙයිද දන්නෑ.. :D//

      ඔබේ කැමැත්ත මගේ අණයි චින්තක ...:P


      Delete
  12. හපෝ අර කිඹුලට කිසිම කැතක් නැති හැටි ;)

    ReplyDelete
    Replies

    1. මොකද අනේ අපේ කිඹුලට
      නිකන් ආඩපාලි කියන්නේ .
      හරකට හිත ගිහින්වත්ද ? :D

      Delete
  13. හිකිස්...... මරු පැහැදිලි කිරිල්ල.... ඔක්කොටොම වැඩිය මට මේක කියෝලා හිනාව නවත්ත ගන්න බෑ... බොලා මේක ලියලා තියෙන විදියට....... නියමයි සහන්...... :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සමනළි .මට ඔයාව
      මතක් උනා මේ පෝස්ට් එකට අර කෙහෙල්
      මොටා add කරන්න ගිහින් ..එයා මේකට එන්න
      බැහැ කිව්වා ..අපි බලමු ඊළඟ එකට හරි ගෙන්න
      ගන්න ..:)

      හිනා ගියා නම් මට සතුටක් ඈ :D

      Delete
  14. අවංකවම මටනම් තේරුන්නැද්ද කොහෙද ! උඹට කියන්න ඕනා ඉවක් බවක් නැතුව පෙන්නපු ගමන් ගෙඩිය පිටින් ගිලින්නැතුව ටිකක් හොයලා බලලා ගිලින්න කියන එකනම්, මම හිතන්නෙ ඒක තේරුනා..මමනම් ඔන්න ගෙඩිය පිටින් ගිල්ලෙ නෑ හරිද.

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ සෙන්නා ..හරියටම හරි..
      " සමහර දේවල් ගැන දෙපාරක් හිතන්න ඕනේ "
      " එක පාරට කරන්න හොඳ නැහැ "
      " හිතට ආපු පලියට කරන්නේ සත්තු "

      වගේ පණිවිඩ ටිකක් තියෙන්නේ ... :D

      ස්තූතියි සෙන්නා කමෙන්ට් කරාට ..
      නැවත එන්න ....

      ( ගෙඩිය පිටින් ගිල්ලොත් නම් තව රස මේකේ තියෙනවා ඈ :D )

      Delete
  15. පෝස්ටුව කියවලා පොඩ්ඩක් විතර මඤ්ඤං වුනාට තොමෙන්ටු කියවාගෙන කියවාගෙන එනකොට ඒ ගතිය ටිකක් අඩු උනා.
    ටිකක් වෙලා ගියහමනේ හරියට කතාව තේරුනේ.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. එල එල පහු වෙලා හරි ගෙඩිය පිටින් ගිල ගත්තනම් ..
      සතුටුයි බණ්ඩෝ උබ ගැන ..:D

      ස්තූතියි මචා කමෙන්ට් කරාට ..
      නැවත එන්න ...

      Delete
  16. කතාව නම් හොදයි ටිකක් වෙලා ගියා තේරුම් ගන්න..කතාවත් ගෙඩිය පිටින්ම කන්න ගියානේ මුලින්..

    ReplyDelete
    Replies
    1. මට තේරුණා නදිනි ඒ කියන්නේ ගෙඩිය දෙකට පලලා
      මදේ විතරක් කෑවා කියලනේ හරකා වගේ ..:D

      බලන්න විවිධ අය විවිධ විදිහට මේ කෑම වේල රස
      විඳලා ..බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි ඈ .:D


      නැවත එන්න නදිනි ..

      Delete
    2. හරකා කිව්වා... ඉහි ඉහී...

      Delete
    3. ඉතින් අනේ කටු ටික ඉතුරු කරපු නිසානේ
      එහෙම කිව්වේ ..:D

      Delete
  17. සාපේක්ෂ ගෙඩිය ගිලීමකි (උපහාසයකි). මෙයද සම්පුර්ණ වශයෙන්ම ගෙඩිය පිටින් ගිලීමක් නොවන බව පැහැදිලි කරන්නට හැක. (ඒත් නොකරමි හික්) - වලි කොතැනද සහන් එතැනය..

    හෙහ්.. මට කියල දියක් කවදාවත් නැඩෙන්නැති ඇන්ටනාවක් හදාගන්නයි ඒකේ මට ඕන ඒව විතරයි පේන විදියට හදාගන්න විදියයි.. හෙහ්.. මේ අලකලංචි නෑනේ එතකොට

    ReplyDelete
    Replies
    1. \\\සාපේක්ෂ ගෙඩිය ගිලීමකි (උපහාසයකි). මෙයද සම්පුර්ණ වශයෙන්ම ගෙඩිය පිටින් ගිලීමක් නොවන බව පැහැදිලි කරන්නට හැක. (ඒත් නොකරමි හික්) - වලි කොතැනද සහන් එතැනය..////

      " මගේ රට " පෝස්ට් එක නම් උපහාසයෙන් ලියපු එකක්
      කියල දන්නවා බන් ..ඒක උබේ ක්‍රමේනේ .

      ඒ නැතත් මට උවමනාවක් තිබ්බා මේ වගේ පෝස්ට් එකක්
      කරන්න .ඒකයි මතක් උන වෙලාවේ කරේ ..



      \\\\හෙහ්.. මට කියල දියක් කවදාවත් නැඩෙන්නැති ඇන්ටනාවක් හදාගන්නයි//

      මේකනම් කරන්න පුළුවන් ..උබට ලංකාවේ වියදමෙන් රු 1000 කට
      අඩුවෙන් සියලුම චැනල් පේන ඇන්ටෙනාවක් හදා ගන්න හැටි කියල
      දෙන්නම් ..සංකීර්ණ ගණිත කර්ම, ඔලුව විකාර වෙන තියරි මුකුත්
      නැතුව ..


      \\\ඒකේ මට ඕන ඒව විතරයි පේන විදියට හදාගන්න විදියයි..
      හෙහ්.. මේ අලකලංචි නෑනේ එතකොට///


      මම වගේ යක්ෂාවේස වෙලා
      " ඔය මගුල මම ඉන්න වේලාවට දාන්න එපා යකෝ " කියල
      TV එක පොළොවේ ගහපන් අකමැති චැනල් එකක්
      දැම්මොත් වෙන කෙනෙක් ..:D

      Delete
    2. එහෙම කරන්න බෑ සුදු.... ගෙදර උනත් පරජතාන්තරවාදය තියෙන්න් ඕන...

      Delete

    3. ඇත්ත ඇත්ත දේශා ..( අවස්ථානුකූල පසුබැසීමකි )

      Delete
  18. පළමු සැරේ කියවද්දි නම් අප්ෂට්.කොමන්ට් දෙක තුනකුත් කියෙව්වම තමයි,කිඹුලා මැටි ගිල්ල වගේ තේරුනෙ.

    ReplyDelete
    Replies
    1. \\\පළමු සැරේ කියවද්දි නම් අප්ෂට්.//
      එසේය මා දුටුවා මීට හරියටම පැය 9 කට කලින් ආ බව ..


      හපොයි මම දන්න තරමින් කෙන්ජි හොඳ කෝකියෙක් ..
      ටක් ගාල අල්ලගන්නවා වට්ටෝරුව ..:D

      කෙන්ජි මට ඔයාගේ මේල් එක එවන්න පුලුවන්ද ?
      එළිපිට කියන්න අකමැති නම් silentsahan@gmail.com එකට
      මේල් එකක් දාන්න ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඉන්නකෝ කෙන්ජි මම හෙමීට මේල්
      එකක් දාන්නම් ...

      Delete
  19. ඒක හෙන මඤ්ඤං සීන් එකක්නෙ බං සිරාවටම

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් .ගෙඩිය පිටින් කන්න හොඳ නැහැ ..හැකස්
      මචන් උබ දුර හිතන්න එපා . වෙන වෙන සිද්දි එක්ක
      සම්බන්ද කරන්න යන්න එපා .ළඟ නමපන් බොල ළඟ නමපන් :D

      මුලින්ම කිඹුලා ඉන්නවා
      හරකා ඉන්නවා
      මුවා ඉන්නවා


      ඊට පස්සේ කිඹුලා මුවාව කනවා .
      හරකා කොළ කනවා .

      ඊටත් පස්සේ කිඹුලට බෙලි ගෙඩියක් දෙනවා .
      ඌ ඒකත් ගෙඩිය පිටිම්ම කනවා ..

      ඕවත් උනාට පස්සේ හරකට බෙලි ගෙඩිය දෙනවා .
      හරකා බෙලි ගෙඩිය දෙකට පළල දෙන්න කියනවා :D

      දැන් තේරුණාද දිලුමෝ ? හැකස් :D

      Delete
  20. සැහ්, අර කිඹුලා මුවාව කන විදිය අහලා මම අතේ තිබ්බ බිස්කට් එකත් විසික් කරා :/

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ හැමෝම කිඹුලටම බනින්නේ ?
      ශම්මියෝ මොනවා උනත් බිස්කට් එක නම් අපරාදේ ඈ ..:(

      Delete
  21. ඒ ඒ ගෙඩි කෑමට ඒ ඒ උදවියට ඒ ඒ ක්‍රම තියනව. සමහර ගෙඩි නං ගෙඩිය පිටින් කෑවට අවුලක් නෑ. සමහරක්ට කන්න පුළුවන් ගෙඩි සමහරක්ට කන්න බෑ. හරී.......ම සිම්පල්! :)

    ReplyDelete
    Replies
    1. මෙන්න නියමෙටම වට්ටෝරුව අගේට හදාගෙන
      රස බලන කෙනෙක් ..පට්ට රාජ් පට්ට ....
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  22. කෙලිම්ම ගෙඩිය පිටින් සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනව\\ යකෝ මේකට පස්සේ තියන ඇනිමේෂන් 2 දැකලා කට දෙකොන කන් දෙකොනට ගියා බං

    ReplyDelete
    Replies
    1. ඔව් බන් තව ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා
      මැරෙන්න හිනා යන.වෙලාවක ඒවත් දාන්නම්කො..
      ස්තූතියි පැතුමෝ ආවට ...

      Delete
  23. මැක්කගෙ කක්කි සබ්ජෙක්ට් එකක්ද බං මේ ???

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ පාර මට තේරෙන්නේ නැතුව ගියා ..:D

      Delete
  24. හරිම පැහැදිලියි ගැටළුවක් ඇත්තෙම නෑ. හෙහ්....

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ දැක්ක හොඳම උපහාසාත්මක
      කමෙන්ටුව ...
      ++++++++++++++++++++
      ඔබට ලකුණු 10 න් 10 ම ලැබෙනවා .ඒ වගේම මීළඟ
      වටයටත් සුදුසු කම් ලබනවා ...හැකස්

      කාලෙකින් බොලාව දැක්කේ..කොයි දොහ මේ වංගියේ ගෑටුවේ ?

      Delete
  25. තමන්ම වවාගෙන ගෙඩි කනවා කියල ගොඩක් අය කරන්නේ අනුන්ගේ ගෙඩි පොලිෂ් කරල තමන්ගේ කියල කන එක. අන්තිමට දිරවන්නේ නැති කොට තමා බඩු මාට්ටු වෙන්නේ. කොහොම වෙත්ත අනුන්ගේ ගෙඩිය උනත් තමන්ට ගැලපෙන විදිහට ගිලින එක ශරීර සෞඛ්‍යයට හොදා. තව ඒ ඒ බනිස් ගෙඩියට ඒ ඒ කෙහෙල් ගෙඩිය කියල කියමනක් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් පේට්‍රියෝ මේ රෝල් වෙන්නේ එකම ගෙඩිය.
      එකම ගෙඩිය තමයි කට්ටිය පොලිෂ් කර කර ගිලින්නේ ...
      සමහරුන්ට දිරවනවා ..සමහරුන්ගේ

      එක්කෝ ඕනේ නැහැ ..:)

      Delete
  26. සහන් හරකෙකු‍යි කිඹුලෙකුයි සංසන්දනය කරපු එකනම් ගැලපෙනව මදි වගේ.
    ඕකට ගන්න තිබුනේ ගෙඩිය පිටන් කන කිඹුලෙකුයි තෝරල බේරල කන කිඹුලෙකුයි, එහෙම නැත්නම් සාමාන්‍ය බුද්ධියක් තියන හරකෙකුයි ගෙඩිය පිටින් කන හරකෙකුයි.
    හැබැයි ඔතන තියෙන්නෙ මතුපිට අර්ථය විතරක් නම් ලොකු අවුලක් නෑ.
    ගෙඩිය පිටින් කන එක කිඹුලගෙ ක්‍රමය, ඌ ඒක හිතල කරන දෙයක් නෙවේ.
    හරක තෝරල බේරල කන්නෙ ඌට ගෙඩිය පිටින් කන්න බැරි නිසා මිසක් විශේෂ බුද්ධියක් නිසා නෙවේ.
    කිඹුල්ලුයි හරකුයි මිනිස්සු අතරෙ ඉන්නවනම් අනුකම්පා කරන එක තමා කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. \\ඕකට ගන්න තිබුනේ ගෙඩිය පිටන් කන කිඹුලෙකුයි තෝරල බේරල කන කිඹුලෙකුයි, එහෙම නැත්නම් සාමාන්‍ය බුද්ධියක් තියන හරකෙකුයි ගෙඩිය පිටින් කන හරකෙකුයි.//

      ඇත්තටම Dr. මට උනේ ඔන්න ඔහොම හරකෙක් හරි කිඹුලෙක් හරි
      හොයා ගන්න හිටපු නැති එක ...ඒකයි මෙන්න මෙහෙම උනේ...:D
      ****සහන් හරකෙකු‍යි කිඹුලෙකුයි සංසන්දනය කරපු එකනම් ගැලපෙනව මදි වගේ*****

      \\\හැබැයි ඔතන තියෙන්නෙ මතුපිට අර්ථය විතරක් නම් ලොකු අවුලක් නෑ.
      ගෙඩිය පිටින් කන එක කිඹුලගෙ ක්‍රමය, ඌ ඒක හිතල කරන දෙයක් නෙවේ.
      හරක තෝරල බේරල කන්නෙ ඌට ගෙඩිය පිටින් කන්න බැරි නිසා මිසක් විශේෂ බුද්ධියක් නිසා නෙවේ.///


      කිඹුලාගේ සිද්දියේදී නම් මේක සාදාරනයි Dr. ඒත් හරක් නම් හිතලම
      ගොඩක් තෘණ ජාති කන්නේ නැහැ.හැම තණකොළ ජාතියම කන්නේ
      නැහැ Dr..පුංචි පුංචි තෝරා බේරා ගැනීම් කරනවා ..විශේෂෙන් මඩ වතුර
      ඇති විටයි / පැහැදිලි ජලය ඇති විටයි ඒ සත්තු තෝරා ගන්නේ පැහැදිලි ජලය ..

      \\\කිඹුල්ලුයි හරකුයි මිනිස්සු අතරෙ ඉන්නවනම් අනුකම්පා කරන එක තමා කරන්න ඕනෙ.///


      තුන් පාරක් විතර මම නම් කරා Dr. මේ වෙනකොට ..තවත් නම් කරන්න
      අමාරුයි වගේ...අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියල...
      ස්තූතියි බොහොම මේ පැත්තට ආවට...නැවත එන්න ...

      Delete
  27. දැන් එතකොට හිතල බලල වැඩ කරන්නෙ හරක් වගේ පොරවල් කියලත් තර්කයක් නැගෙනවා නේද,,,

    ReplyDelete
    Replies
    1. ඔව් දූපත් වැසියෝ එහෙම හිතෙනවා..ඒත් ඒ කිඹුලට සාපේක්ෂව..

      ***සත්තුන්ට වඩා හිතන්න පුළුවන් මිනිස්සුත් ඇයි අනේ ගෙඩිය පිටින් සමහර ඒවා කරන්නේ ? හරකට තරම් වත් මොළයක් නැද්ද ?ආගම ධර්මය අමතකද ?****

      මෙන්න මෙහෙම ගත්තම මිනිස්සුන්ට ආදේශ කරලා ගැටළුවක් එන්නේ නැහැ
      මචන්...:D

      ස්තූතියි මචෝ ආවට ..නැවත එන්න....

      Delete
  28. හරකට වඩා කිබුලට මොලේ තියනව බන්z.බලපන් හරක ඕක කොහොම කෑවත් කිසිම මහන්සියක් නැතුව කන්නෙ.ඒත් කිබුල සතෙක්ව දඩයම් කරන් කන්නෙ.මහන්සි වෙලා.මොලේ කල්පනා කරල.කිසිම දෙයක් කිසිම දේකට උපමා කරන්න එප බන්.මොක්ද = දේවල් තිය්නව,එ වගේම == දේවලුත් තිය්නව.ඒත් සැබෑ ලෝකෙ === දේවල් නෑ.මොකක්මහරි වෙනසක් තියනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රහර්ශගේ පළමු පැමිණීම සාදරයෙන් පිලිගන්නවා .....

      මෙහෙමයි උපමා කළ හැකි තැන් තියෙනවා , නොහැකි තැන් තියෙනවා ... වෙනස තේරුම් ගන්න ඇහැකි නම් ගැටළුවක් නැහැ... හරි තැනට හරි උපමාව යොදා ගන්න ඕනේ .....

      Delete
  29. Hi! I just wanted to ask if you ever have any problems with
    hackers? My last blog (wordpress) was hacked and I ended up losing several weeks
    of hard work due to no back up. Do you have any solutions to protect
    against hackers?

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili