දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

July 15, 2013

02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02



               පසු ගිය ලිපියෙන් චරපුරුෂ සේවාවන් ගැන මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය පැන නගින්නේ ඇයි , සේවය ලබාගන්නේ කිනම් තරාතිරම් පුදගලයින්ද ,ඔවුන් වෙනුවෙන් කවර ආකාරයේ සේවයන් සැපයේද යන කරුණු එම ලිපිය තුලත් , කමෙන්ට් ඔස්සේත්  සාකච්චා කෙරුණා. මේ පිළිබඳ උනන්දුවක් දක්වයි නම් කරුණාකර කමෙන්ට් සමග එම පෝස්ටුව කියවන්න.
  Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන්


          සාමාන්‍ය සන්නද්ධ යුධ හමුධා සහ චරපුරුෂ සේවයන් අතර වෙනස ගැන අද ලිපිය ඔස්සේ කරුණු එළි කරමි.

සාමාන්‍ය සන්නද්ධ සේවා

             ඔබ බොහෝ දෙනා දැක ඇති පරිදි යුධ හමුධා , නාවික හමුධා , ගුවන් හමුධා සේවාවන් වල නිළධාරීන් මේ යටතට ගැනේ. නිළයට / ඒකකයට  උචිත නිශ්චිත අවි පුහුණුවක් , උපකරණ පුහුණුවක් , තවත් අමතර පුහුණු වීම් කීපයකින් පසු රටක ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සේවයේ යොදවයි. තම ඉහළ නිළධාරීන්ගේ අණට යටත්ව ක්‍රියාකරන අවිකරුවන් ලෙස හැඳින්විය හැකිය ( යම් හේතුවක් මත ) .

             මෙයටම පොලිස් සේවයද එක් කළ හැකිය. ඉහත සඳහන් ත්‍රිවිධ හමුදා රටෙහි ආරක්ෂාව සම්බන්ධව වෙහෙසෙන විට රටෙහි සිවිල් නීතිය අරක්ෂාකිරීමේ වගකීම පැවරී ඇත්තේ පොලිස් සේවය වෙතටයි. ඒ සඳහාද අවශ්‍ය විටදී අවිආයුධ භාවිතා කිරීම සඳහා නිසි පුහුණුවක් පොලිස් සේවය සතුය.


චරපුරුෂ සේවයන්

            ප්‍රධානවම මොවුන්ගේ වගකීම නම් සන්නාහ සන්නද්ධ සේවා වෙනුවෙන් අවශ්‍ය කරන බුද්ධි තොරතුරු , මෙහෙයුම් සකස් කිරීම , සැළසුම් ලබාදීම , තාක්ෂණික උපකරණ සැපයීම , තාක්ෂණික නිළධාරීන් සැපයීම , විශේෂ මෙහෙයුම් සඳහා ගරිල්ලා/කමාන්ඩෝ පුහුණව සහිත අවිකරුවන් සැපයීම , මෙහයුම් සඳහා උචිත අවිආයුධ නිර්දේශ කිරීම , මෙහෙයුම් සඳහා සෙබළුන් පුහුණු කිරීම , මෙහෙයුමක් සඳහා වටපිටාව සකස් කිරීම , වත්මන් අවශ්‍යතාවය මත නව ඒකක පිහිටුවීම වීම වැනි කාර්යයන්ය. ඒ සඳහා ඍජුවම රාජ්‍ය නායකයා හෝ යුධහමුදාපති හා සම්බන්ධ වීමට බලය ඇත.

මෙහි ඇති වගකීම් සහගත බව සහ බලය මෙසේ දැක්වීමට හැකිය.


උදාහරණයක් :- යුධහමුදාපති වරයාට මෙහෙයුමක් සඳහා ඍජුවම සටන් බිමට යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුණු මොහොතක ඔහු අනිවාර්යෙන්ම ඒ සඳහා බුද්ධි අංශයේ අවසරය පැතිය යුතුය.

01. බුද්ධි තොරතුරු මත මූලිකවම ඔහුට ඒ සඳහා ඇති ඉඩ
සළකා බැලෙයි.

02. යුධහමුදාපතිවරයා සටන් බිමෙහි සිටිය යුතුමද ?

03. ඔහු සිටීමේ වාසි සහ අවාසි.






04. ඔහු වෙනුවෙන් අනුයුක්ත කල යුතු නිළයන් ගණන.

05. ඔහු වෙනුවෙන් සැලසිය යුතු වෙඩි බලය.

06. ප්‍රහාරයක් එල්ලවුවහොත් ඇති වන බලපෑම.

07. අහිමි විය හැකි සම්පත් ගණන.

08. ප්‍රධාන මෙහෙයුමට ඇති වන බලපෑම.









09. එවැන්නකදී සමස්ථ යුධහමුධා සොල්දාදුවන් සියල්ලගේ මානසික මට්ටම. (  කමාන්ඩර්ට ගැහුවා කියන්නේ තමන්ගේ මව අහිමි වීමටත් වඩා පීඩනයක්. )

10. යුධහමුදාපති වරයා ඍජුවම සටන් බිමට පැමිණීමකදී සතුරු පාර්ශවයේ හැසිරීම් සහ අමතරව යෙදවිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග.






11. යම් හෙයකින් යුධහමුදාපතිවරයා මරුමුවට පත් වීමකදී ඇති විය හැකි සමස්ථ තත්වය.

12.i-------------------------------------------------------------------------
     ii------------------------------------------------------------------
     iii---------------------------------------------------------

13. මෙවැනි දහසක් තීන්දු හා තීරණ රැසකින් පසුව යුධහමුදාපතිවරයාට අවසරය ලැබීම හෝ නොලැබීම සිදු වේ.

14. ඔහු මෙම අවසරයන්ට පිටින් යෑමක් යනු සමස්ථ යුද්ධයම අනතුරේ හෙළීමකි.

15. එසේම යුධහමුදාපතිවරයාගේ සේවය නිසි පරිදි අවශ්‍ය තැනට ලබා දීම සඳහාද බාධා පැමිණිවිය නොහැකිය. ඇතැම් අවස්ථාවවලදී යුධහමුදාපති සහය ඍජුවම තත්පරයෙන් තත්පරය සටන් බිමට අවශ්‍යවේ.එවැනි විටකදී කෙසේ හෝ ඔහුව සටන් බිමට කැඳවිය යුතුය. ඇතැම් රහසිගත ක්‍රියාන්විත සඳහා මුහුණෙන් මුහුණ අණ දීම් සිදු වන බැවින් දැඩි වගකීමකින් යුතුව යුධහමුදාපති කැඳවිය යුතුය.





 මේ සියළු දේ සිදුවන්නේ  මා ඉහත කී සේවයන්හි තීරණ මතය. දරුණු යුද්ධයක් පවතින අවස්ථාවකදී බොහෝ දෑ ගැන අවධානය යොමු කල යුතුය.

01. යුද්ධයේ ස්වභාවය ( ගරිල්ලා , සිවිල් , සාමාන්‍ය ත්‍රස්තවාදය , විදේශ ආක්‍රමණ )
02. අවශ්‍යකරන වෙඩි බලය
03. අවශ්‍ය කරන පුද්ගල බලය
04. අවශ්‍ය කරන උපකරණ
05. වෙනත් යුධ සේවා
06. ත්‍රස්තවාදීන් සතු වෙඩි බලය ගණනය කිරීම්
07. ත්‍රස්තවාදීන් සතු පුද්ගල බලය ගණනය කිරීම්
08. ත්‍රස්තවාදීන් සතු භූමි බලය ගණනය කිරීම්
09. ත්‍රස්තවාදීන්ගේ වෙනත් හැකියාවන් ගණනය කිරීම්








10. ත්‍රස්තවාදීන්ගේ මීළඟ ඉලක්ක ගණනය කිරීම්




           මීළඟ ලිපියෙන් රැඳවිය යුතු තැන් රඳවා තවදුරටත් කරුණු ඔබට දැනගැනීමට සලස්වමි. මෙයාකාරයේ සමස්ථ යුද්ධයෙහිම වගකීම පැවරී ඇත්තේ ඉහත කී සේවයන් මතය. යුධශිල්පයෙහි උපන් හපන් කම් ඇති , කය නැති සිත පමණක් ඇති පුද්ගලයන්/
යුධසැලසුම්කරුවන් මගින් මේ සියලු සැලසුම් නිම වේ. නොකඩවා දින 4, 7 දක්වා නිදි නොලබා සේවය සැපයීමට වුවද සිදු වේ. බොහෝ විට සේවයේ යෙදි සිටියදීම මරණය වූ අවස්ථාවන්ද ඇත.

Trance : Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.

( යුද්ධයක් තියෙද්දී නින්ද යනවද ? ටෙරා වටකලොත් නින්ද යනවද ? අපේ කොල්ලෝ මැරෙද්දි නින්ද යනවද ? අවුරුදු ගාණක් සැලසුම් කරපු මෙහෙයුමක් ක්‍රියාත්මක වෙද්දී සැලසුම් කරුට නින්ද යනවද ? නිදාගෙන මොනවා ලබන්නද ? )










85 comments:

  1. 12ට මොකද වුනේ?
    කොයි බලධාරියාගේ කතුරටද අහු වුනේ?

    ReplyDelete
    Replies
    1. මට ඇඟට දැනුණා සැර වැඩියි කියලා..ඒ නිසා පෝස්ට් කරන්න කළින් අයින් කරා ගජින්.. ( ගොඩක් දේවල් තියෙනවා ඒ වගේ අතඅරින.)

      Delete
  2. සහන් ඔබ ස්වංවරණයකට ලක් කිරීමෙන්ද මේකේ 12වැනි කරුණ අපිට නොපෙනෙන්නේ.

    චරපුරුෂ සේවයන් ගැන කතා කරනකොට මටනම් පෙනෙන්නේ රටේ ආරක්ෂාවට කියාගෙන දැන්නම් චරපුරුෂ සේවා වලින් කරන්නේ විරුද්ධ මතධරින් මර්දනය කිරීම කියලා.මොකෝ රටේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස්සු කොයි තරම් මැරුවත් කමක් නැහැ කියන රටක්නේ මේක.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් ඔබ හරි.. බොහෝ දේවල් ඇතුළත් නැහැ..නිකන් ඉරි තියලා වැඩක් නැති නිසා ඒවා සඳහන් නොකරම හිටියා..

      දේශපාලන හස්තයන් අනවශ්‍ය විදිහට අතපෙවීමේ විපාක තමයි ඒ . මඤ්ඤොක්කා ගලවන්නේ නැතුව වත්තේ හතර මායිම් හොයන එකනේ වෙන්නේ ඊට පස්සේ මනෝජ්.නිළධාරීන්ගේ වැරද්දක් නැහැ දේශපාලකන්ගේ පවිටු තීන්දු තීරණ වලට .

      ( කෙටි පිළිතුරු දීමක් සේ නොසලකන්න )

      Delete
  3. චර පුරුෂයනව විශ්වාස් කරන්නෙ කොහොඅමද ? ඔවුන්ගෙ තොරතුරු දෙන්න තවත් චර පුරුෂයො ඇති නේද ? මොකද සමහරු එක පැත්තක චර පුරුෂයෙක් වගේ පෙනී හිටියට ඇත්තටම සේවය කරන්නෙ අනිත් පැත්තට. සමහර විට දෙපැත්තටම. එහෙම එකෙක් දෙන තොරතුරු මත හමුදාපතිව යුද්ධෙට යැව්වොත් සෙට්ටපෝච්චි නේද ?

    ReplyDelete
  4. චර පුරුෂයනව විශ්වාස් කරන්නෙ කොහොඅමද ? ඔවුන්ගෙ තොරතුරු දෙන්න තවත් චර පුරුෂයො ඇති නේද ? මොකද සමහරු එක පැත්තක චර පුරුෂයෙක් වගේ පෙනී හිටියට ඇත්තටම සේවය කරන්නෙ අනිත් පැත්තට. සමහර විට දෙපැත්තටම. එහෙම එකෙක් දෙන තොරතුරු මත හමුදාපතිව යුද්ධෙට යැව්වොත් සෙට්ටපෝච්චි නේද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා මතු කරපු කතාව සෑහෙන්න වැදගත්. යුධහමුදාපති වෙනුවෙන් ආරක්ෂාව සළසන බළකාය දිවා රෑ නැතුව වෙහෙසෙන්නේ එවැනි පාවා දීමකින් වුණත් ඇති විය හැකි හානි අවම කිරීම සඳහායි. යුද්ධයක් පවතිද්දී කිසිම කෙනෙක් මත යැපෙන්න බැහැ. අවුරුදු 12 දරුවෙක්ට උනත් එකම නීතිය , වයස 60 ක පුද්ගලයෙක්ට උනත් එකම නීතිය..

      කෝටි ගණනකගේ ජීවිතවල වගකීම දරද්දී අරයව මෙයාව හුරතල් කරන්න ඉඩක් නැහැ සෙන්නා. යුධහමුධා සේවය කියන්නේ එයටයි. ඕනෑම මොහොතකදී සතුරාව විනාශ කිරීමට පෙළඹෙනවා ඇර විකල්පයක් නැහැ.සෙන්නා සඳහන් කල ආකාරයේ සිද්දි නොයෙක් රටවලින් වාර්තා වෙලා තියෙනවා.ඒ නිසා

      01. පණිවිඩ ජාලය නිතරම වෙනස් කරනවා .

      02. "අරයා දන්න දේ මෙයා දන්නේ නැහැ - මෙයා දන්න දේ අනිත් කෙනා දන්නේ නැහැ" වර්ගයේ තොරතුරු සංනිවේදන ක්‍රමයක් තමයි ක්‍රියාත්මක කරන්නේ .

      03. නිළධාරීන්ගේ පුද්ගලික ජීවිතය ගැනද සොයා බැලෙනවා. ( ඔවුන්ගේ බිරින්දෑ වරු , දූදරුවෝ , ඔවුන්ගේ මිතුරු මිතුරියන් ගැන වගේ )

      04.
      .
      .
      .
      .
      .


      මෙවැනි ආකාරයේ බොහෝ ක්‍රම තියෙනවා .අපි බලමු ඉස්සරහට තව දේවල් ගැන.. කෙසේ උනත් ඇතිවෙන ප්‍රශ්න අහන්න..පුළුවන් මට්ටමෙන් පෙළ ගස්වමු.මීළඟ ලිපියක තොරතුරු ජාලය ගැනත් කොටසක් තියෙනවා..ඒකෙදිත් සමහර දේවල් කතා කරන්න ලැබේවි.. කෙසේ උනත් ගැටළු සහගත තැන් අහන්න සෙන්නා..

      Delete
  5. අඩේ සිරාවට මං දැන ගන්න ආසා පැත්තක් මේක. ඒ දවස්වල ක්සැන්ඩරයා හිට්ලර් සහ අවි ආයුධ ගැන ලියපුවා මතක් උනා.

    ReplyDelete
    Replies
    1. දිගටම වෙලාව තියෙන හැටියට ඇවිත් මේ ලිපි ටික බලලා යන්න තරුවෝ එහෙනම් ...සැන්ඩර් ලොක්කා පේන්න නැහැ නේද දැන්.. එක්කෝ මගේ රෝලේ නැහැ..

      Delete
  6. බුදුන් වහන්සේ ගේ කාලෙ චරපුරුෂයින් ගැන කතාවක් අහල තියෙනව යාන්තමට මට මතකයි.ලංකාවේ චරපුරුෂ සේවයත් අන්න ඒ වගේ

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවක ඒ කතාව දාන්න බලන්න වැවෝ. මට මතකයක් නැහැ එවැනි කතාවක් ගැන..ස්තූතියි දිගටම මේ පැත්තේ එනවට...නැවත එන්න ඉඩක් ඇති විටක..

      Delete
  7. ලංකාවේ චර පුරුෂ සේවය හරියට අර ජාතක කතාවක් තිබුණේ අන්න ඒ වගේ ඒ තරමට පිරිහිලා එකාට එකා ඇන කොටා ගන්නවා

    ReplyDelete
    Replies
    1. කෙටි පිළිතුරක් දීමට සිදු වීම ගැන අහිතක් නොසිතන්න මිතුර..ඒ පිළිබඳව කණගාටුව පළකරමි.. දිගටම බ්ලොග් එකට එන්න ..( තත්වේ තේරෙනවනේ )

      Delete
  8. රටක පැවැත්මට මේ දේවල් කොයි තරම් වැදගත්ද...! සහ පවත්වා ගැනීම අමාරුද..?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම වීයෝ..මෙවැනි සේවා වලට නිසි ගෞරවය වත් අද වන විට ලැබෙන්නේ නැහැ.. පුද්ගලිකව මම නම් දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ ඒ ගැන.. කතා කරලා වැඩක්ම නැහැ.කැසට් පීස් කාරයොම වෙලා ඉවරයි ..ගරුත්වේ කෑවා .. මැරුවනම් මීට හොඳයි. වැඩක් නැහැ මචන් කතා කරලා.. ( තේරෙනවනේ උඹට)

      Delete
  9. බොහොම වටින දැනුමක් ලබා ගත්තා ඔබේ ලිපියෙන් , අද නවීන තාක්ෂණයේ දියුණූවත් සමඟ චරපුරුෂ (හෝ කාන්තා ? නිවැරදි වචනය මම දන්නේ නැති නිසා) සේවයේ පවතින තීක්ෂණ බව , වගේම එම සුක්ෂම බව බිඳි හෙලීමේ හැකියාවත් වැඩි වෙලා බව මෙයට අදාල ලිපි කියවත්දි දැනෙනවා ,
    ස්තුතියි ඔබ මේ දැනුම බෙදා දෙන්නට වූ වෙහෙස වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් මහත්මයා ඔබේ පැමිණීමටත් වටිනා අදහසක් ඉදිපත් කිරීම ගැනත්. (දෙපාර්ශවයටම කියන්නේ චරපුරුෂ තමයි.) හානියක් නොවන පරිදි මේ ගැන කරුණු කියන්නේ බොහෝ දෙනාදැනගන්න ඕනේ මෙවැනි සූක්ෂම සේවයන්ගේද සහය ඇතිව ගොඩ නගන ඒකාධිපතිත්වයක බරපතලකම.බලය ගොඩනගාගත්තට පස්සේ ආයේ පෙරළන්න බැහැ.

      අනිත් දේ මේවා දකින පුංචි දැරුවෙකුට උනත් ආසාවක් ඇති වෙලා වැඩි දුර ඉගෙනගෙන දක්ෂ ඉංජිනේරුවෙක් , යුධසෙන්පතියෙක් බිහි වෙන්න පුළුවන් අනාගතයේදී. ( තව කෙනෙකුට අනිත් පැත්තටත් තර්ක කරන්න පුළුවන්.. ) පුංචි කාලේ අපිත් දැකපු අහපු දේවල් අනුවනේ රැකියා වලට යොමු උනේ.

      කෙසේ උනත් බොහෝම ස්තූතියි ඔබගේ පැමිණීම ගැන මහත්මයා..ඉඩක් ඇති විටකදී පසු ගිය ලිපිද කියවන්න...

      Delete
  10. සහන්ට මේ සම්බන්ධයෙන් හොඳ පළපුරුද්දක් තියෙනවා වගේ. හොඳ ලිපියක් ස්තුතියි සහම් මල්ලි මේ වගේ කාරනා ගැන දැනුවත් කරනවාට.

    කෙසේ වෙතත් මෙම ලිපියේ මම වඩාත්ම කැමති කොටස තමයි මේ පහලින් උපුටා දක්වන්නේ.
    //12.i-------------------------------------------------------------------------
    ii------------------------------------------------------------------
    iii---------------------------------------------------------//

    ReplyDelete
    Replies
    1. මෙතන නම් වෙන්නේ සාමාන්‍ය ජන සමාජයේ තියෙන කරුණුම නැවත පෙළගැස්වීමක් විතරයි අයිලෂ් අයියේ. ඊට වඩා කිසිම දෙයක් නැහැ.. අනිත් දේ යුධහමුධා ප්‍රදර්ශන වලදීත් මෙවැනි දේ ගැන දැනුවත් කිරීම් වෙනවනේ..

      යම් මට්ටමකට සැඟවුණු ක්ෂේත්‍රයක් ගැන පැහැදිළි කිරීමක් මේ වෙන්නේ...සුදුසු පරිදි එඩිට් කිරීමක් කරලා සාමාන්‍ය ජනතාවට යම් යම් දේවල් ටිකක් දැනගන්න ලැබීම හොඳයි. මොකද එන්න එන්න නුහුරට යෑමක් පේනවා සමහර අංශ...මිනිස්සු දැනුවත් විය යුතුයි මේ මොනවද වෙන්නේ කියලා...

      කෙසේ උනත් ඔබ උපුටා දක්වා ඇති ආකාරයේ දේවල් ඉදිරියේදීත් වේවි..උපුටා දැක්වීම ගැන ප්‍රණාමය සහ එහි අදහස සාර්ථකව ලදීමි...!

      Delete
  11. මේ ලිපියට වෘත්තියමය පිළිතුරු දෙන්න හැක්කේ අපේ විචාරකටයි. ඒ කෙසේ වෙතත් ඔබත් ඉතා වෙහෙසක් ගෙන තිබෙනවා මේ ලිපිය හදන්න.
    මේ ගැන මං වැඩිමනක් කතා කරන්න යන්නේ නෑ. ඒත් අමතක නොකරන්න චර පුරෂ සේවයේ දී ඒ ඒ පුද්ගලයාවත් නොදැනෙන්න අවශ්‍ය චරපුරුෂ සේවාවේ යොදවන්න අවස්ථා තියනවා.බොහෝ දෙනෙක් දකින්නේ දේශපාලන චරපුරුෂ සේවාව. ඒත් එයිට යටින් දිවෙන රාජ්‍ය චරපුරුෂ සේවාවන්ද බොහෝ සේ තිබෙනවා. එහි ඉත්තන් කවුරුන්ද යන්න කාටවත් කිව නොහැකියි. ඇතැම් විට ඔබත් මමත් මේ සේවාවක ඉත්තන් වන්න හැකියි අපත් නොදැන. මට විශ්වාසයි ඒ ගැන මෙතැන ඔබ සටහන් නොකළාට හොදින්ම දන්නවා.
    මේ ඇති හොඳටම.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුවට බොහෝම ස්තූතියි නලින් අයියේ..ඔබ කියන අකුරක් අකුරක් ගානේ මට තේරෙනවා...ඒ නිසා හොඳම දේ නිහඬ වීම කියලා මටත් හිතෙනවා.. ඒත් අවශ්‍ය විටදී හඬ අවදි කිරීම කල යුතුයි අපි . නැත්නම් අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ. මහන්සි උනේ මේවා දකින්න නෙවේ... මහන්සියෙන් බේරගත්ත දේවල් එක එක්කෙනාට ගෙදර ගෙනියන්න දෙන්න බැහැ කාගෙවත් ඇස් වහලා...

      Delete
    2. මට වැට හේ ඒ සැහේ...

      Delete
    3. මටනං තේරුන්නැ

      Delete
    4. අටමෝ සමහර දේවල් තියනවා තේරුන්නැතත් තේරුණා වගේ ඉන්න ඕනා. සමහර දේවල් තියනවා තේරුණත් තේරුන්නෑ වගේ ඉන්න ඕනා. උඹට තේරුණාද ? :D

      Delete
    5. @ සෙන්නා

      ඔය තේරිලා තියෙන්නේ සෙන්නට ගාණට..ඔහොම තමයි ඉන්න ඕනේ..:)

      @ අටම්

      මචන් මම වෙනම කමෙන්ට් එකක් දාන්නම් උඹට..හෙමීට ඒක බලපන්..

      @ නලින් අයියේ

      --------------------

      Delete
    6. \\මහන්සියෙන් බේරගත්ත දේවල් එක එක්කෙනාට ගෙදර ගෙනියන්න දෙන්න බැහැ කාගෙවත් ඇස් වහලා\\
      දැන් වේගෙන යන්නේ එක තමයි සහන්....එකාඩිපති මහා රජා කරන්නේ එකයි...

      Delete
  12. අම්බෝ ...මම නං චරපුරුෂ නෙවෙයි ඕන් ..සහන නං සමහර වෙලාවට චරපුරුෂයෙක් වගේ ඔක්කොම ඉන්ටර්නෙට් පාවිච්චිය ගැන එහෙම ඔය හොයන්නේ .. හරියට කියෙව්වේ නෑ වෙලා මදි ,පස්සේ එන්නම්

    ReplyDelete
    Replies
    1. රෙහානි පුරුෂයෙක් වෙන්න බෑනේ කොහොමත්

      Delete
    2. මන් හිතන්නේ ඔයා නම් වැඩිය කියවන්න කැමති නැහැ නේද මේවා ගැන...:) හරි රෙහානි විවේක වෙලාවක එන්නකෝ එහෙනම්..

      Delete
    3. @ නලින් ::::::::::ඔවු ඔවු මම චරස්ත්‍රියක් හෙක් @sahan :::::::::::අනේ නෑ සහන් මම කියවන්න කැමතියි .දන්නේ නැති දේවල් දැනගන්න !එදා ඇත්තටම වෙලාවක් තිබුනේ නෑ ,රෑනේ බැලුවේ .හැබැයි මේවා ගැන මම වැඩිය කතා කරන්න දන්නෑ ,ඉතිං කියවලා සද්ද නැතිව යනවා හික්

      Delete


    4. ඒකට කමක් නැහැ කියවන එකම ඇති..මොනවා හෝ දෙයක් තේරුම් යනවනේ කියවලා ඉවර වෙද්දී..මට මතකයි ඔයා ඉස්සර මගේ සැටලයිට් ගැන ලියපු පෝස්ට් වලටත් ආව ආසාවෙන්..මගෙන් ප්‍රශ්න ඇහුවත් මතකයි..

      ඒ ගැන සතුටුයි ගොඩක්..ඉඩක් ඇති වෙලාවට දිගටම එන්න රෙහානි..

      Delete
  13. කියවූයෙමි.. ස්තුතියි සහන් විස්තර වලට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන හැමදාම මේ බ්ලොග් එකට ගොඩ වැදිලා යනවට...මම ඔයාගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් ස්පෑම් වෙලා..පුළුවන් වෙලාවක ඒක ගොඩ දාලා දෙන්න...

      Delete
    2. මං පස්සෙනෙ දැක්කෙ ඒක ස්පෑම් එකේ කියල. ඔන්න ගොඩින් තිව්ව. :)

      Delete
  14. මාගේ කොමෙට් එක ස්පෑම් වෙලා වාගේ පොඩ්ඩක් බලලා ගොඩ දාල දීයන් මචෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ගජින් ඒක ස්පෑම් වෙලයි තිබුණේ..දැන් හරි..ඉන්න ඒකට මම රිප්ලයි කරන්නම්..

      Delete
  15. සහන් අයියත් පහුගිය කාලේ චරපුරුෂ සේවයක් පටන් අරන් තිබ්බ නෙහ්..... :D
    විස්තර ටිකට ස්තූතියි සහන් අයියේ.....

    ReplyDelete
    Replies
    1. මෙයාට නම් දැන්ම උත්තර දීලා බැහැ....:D

      Delete
    2. ඔව් ඔව් මට ඉතිං හැමදාම කුඩම්මාගේ සැලකිලි. පව් අප්පා මං.... ඉහි...ඉහි...ඉහි...

      Delete
    3. හරි හරි එහෙනම් ඔන්න මීට පස්සේ දැකපු ගමන් රිප්ලයි කරනවා හොඳද ...? කුඩම්මා වගේ ඉන්නේ ඔයාගෙම හොඳට ළමයෝ.:P

      Delete
  16. සහන, මම ඔබට උගන්නන්න යනවා කියලා හිතන්නේ නැත්නම් පමණක් මේ කරුණු ගැන සැළකිලිමත් වෙන්න.

    1. ඔබ පරිවර්තනය සඳහා මූලාශ්‍ර කරගෙන ඇති සමහර කරුණු අද ටිකක් පරණ වී ගිය ඒවා බව පෙනෙනවා. ඒ නිසා නවතම තොරතුරු සොයා ලියන්න.

    2. රාජ්‍ය බුද්ධි අංශ ගැන මම නොලියන්නේ එක්තරා විශේෂ හේතුවක් නිසා.නමුත් ඔබට කිසි තහනමක් නැහැ මේ ලිපි පෙළ දිගටම ලිවීමට.

    3. අවශ්‍ය තැන්වලදී හමුදාපති යුද බිමට නෙවෙයි එන්නේ. අණදීමේ ඉදිරි මූලස්ථානයට. (forward command base or headquarters)ඔහුට කවදාවත් සටන් සිදුවන තැනට යන්නට අවශ්‍යතාවක් එන්නේ නැහැ. පණිවිඩ හුවමාරු ක්‍රම ඉතා දියුණු නිසා ඔහුට පුළුවන් ඉදිරියේ සටන් කරන සොල්දාදුවා ළඟම ඉන්නවා වගේ ක්‍රියා කරන්න. ඒ සඳහා විශේෂ ක්‍රියාන්විත මැදිරියක් (operation room)අණදීමේ ඉදිරි මූලස්ථානයේ පිහිටුවා තිබෙන අතර එය කාලතුවක්කු උන්ඩ වලට, යුද ටැංකි ප්‍රහාර වලට ඔරොත්තු දෙන ආකාරයටයි සාදා තිබෙන්නේ. එමෙන්ම එහි සිට ඉතා දියුණු රහසිගත පණිවිඩ හුවමාරු ක්‍රම මගින් හමුදාපතිට පුළුවන් මේ වෙලාවේ සටනේ යෙදී සිටින විවිධ මට්ටමේ අණදෙන නිලධාරීන් (පාබල/කාලතුවක්කු/යුද ටැංකි) සමග සජීවීව අදහස් හුවමාරු කරගන්න හා උපදෙස් දෙන්න. ඒ සමගම නියමුවන් රහිත යානා මගින් සජීවීව දෙන පින්තූර බලා අවශ්‍ය තීරණ ක්ෂණිකව ගන්න පුළුවන්.

    4. හමුදාපති වරයා ඉදිරි මූලස්ථානයට යනවානම් අවසරයක් නෙවෙයි ගන්නේ. බුද්ධි නිලධාරීන් (විශේෂයෙන් සමස්ත බුද්ධි අංශ ප්‍රධානියා විසින්) කරණු ලබන සමාලෝචනයක් තමයි ගන්නේ. (intelligence briefing)

    5. මූලික යුද පුහුණුව අවසන් කර යුද බිමට යවන සොල්දාදුවන්ට බුද්ධි තොරතුරු රැස් කිරීමේ අදහසක් පමණයි තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ පුහුණුව ලැබෙන්නේ බුද්ධි අංශය/කමාන්ඩෝ/විශේෂ බලකාය වැනි අංශ වලටයි. මෙය ලංකාවට පමණක් සීමා වූවක් නොවේ.

    6. යුද්ධයේ ස්වභාවය කියනවාට වඩා සුදුසු වර්ගීකරණය (type of war) කීමයි. ඒ මෙමම මේවායි.

    (අ) සාම්ප්‍රදායික යුද ක්‍රියා - conventional warfare

    (ආ) ප්‍රතිවිප්ලවීය යුද ක්‍රියා - counter revolutionary warfare

    එහි කොටසක් වශයෙන් තමයි ප්‍රති ත්‍රස්ත යුද ක්‍රියා counter terrorism warfare එන්නේ. මේ ගැන හමුදාවේ තිබෙනවා ගැඹුරු විෂයය කරුණු ඇතුලත් පොත්. නමුත් ඒවා අතිශයින් රහසිගත highly classified යන වර්ගීකරණය යටතේ තිබෙන නිසා මීට වඩා විස්තර නොකියන්නට මම නීතියෙන් බැඳී ඉන්නවා.

    අධෛර්යයට පත්වෙන්නනම් එපා. දිගටම ලියන්න. හමුධා යන වචනය හමුදා යනුවෙන් නිවැරැදි කරන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරකතුමනි ,

      පලමුවෙනම් ඔබේ අදහස ඕනෑම වෙලාවක බෙදාගන්න.ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ. මගේ අමනාපෙකුත් නැහැ.මම මේ ලිපි පෙළ ලියන්නේ මුල සිට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන්. ඒ නිසා සරළ පැහැදිළි කිරීම් ටිකක් කරගෙන ඉන්න ඕනේ මූළිකව සන්නද්ධ සේවා සහ බුද්ධි අංශ වල කාර්යභාරයන් ගැන. එතනට කරුණු සකස් කිරීමයි මම මේ කරන්නේ..ඔබේ කමෙන්ටුවේ සඳහන් දේවල් කතා කරන්න වෙන්නේ අපිට මීළඟ 4,5 වෙනි පෝස්ට්වේදී වගේ.මොකද මෙතන යුධහමුදා සේවය ගැන මහා දැනුමක් ඇති අය නැති නිසා මම මේ දේවල් පැහැදිළි කරගෙන යන්නේ සීරුවට... එක පයින් මහා දුරක් ගියොත් කිසිවෙක්ට තේරුම් යන එකක් නැහැ නේද ..? අනිත් දේ මේ කතා කරන්න අර අදින්නේ සාමාන්‍ය සන්නද්ධ සේවා ගැන නෙවේ..මුල ඉඳන් හොඳ අඩිතාලමක් දමාගෙන ආවේ නැත්නම් මගදී කෙනෙකුට නොතේරී යන්න පුළුවන් නේද ..?

      (පුංචි කාලේ බුද්ධාගම උගන්නවා වගේ දෙයක් මේ..ටිකෙන් ටික පරිණත වීමත් එක්ක ගිහි ගෙය හැර ගියේ ඇයි කියලා තේරුම් කරන්න ඕනේ වගේ දෙයක් ..)

      අද ලිපියේ අරමුණ වුණේ බුද්ධි අංශයේ වගකීම සහ සන්නද්ධ සේවා වල වෙනස් කම් පැහැදිළි කරගැනීම.. ඒ සඳහා ගැළපෙන දේ විතරයි ඇතුළත් කරේ... වෙඩි තියන්න කට්ටිය ඉන්නවා නම් ඇයි බයවෙන්නේ කියලා හිතීම වළක්වාලීමයි පෙන්නන්න ඕනේ උනේ. මෙහෙයුම් සැලසුම් කිරීමක අවශ්‍යතාවය පැන නගින්නේ ඇයි කියලා තේරුම් කරන්නයි ඕනේ .සරළවම ඒකට ගන්න තියෙන හොඳම උදාහරණෙ තමයි ගත්තේ . ඔබ දැකලා ඇතිනේ මම ලියන දීර්ඝ සංකීර්ණ ලිපි.ඒ ක්‍රමයට මේක ගිහින් බැරි බව තේරුණා. මොකද ඔබත් මමත් කතා කරන ආකාරයෙන් මේ දේවල් කතා කරාට වෙන කෙනෙක්ට වැඩක් නොවෙන්න පුළුවන් .. ගල්කටස් එකේ ඉඳලා එන්න වෙනවා අපිට..( ඒ කෙසේ නමුත් තදබල ලෙස නීත්‍යානුකූල හමුදාවකට හානිදායි දේවල් නම් මම පෝස්ට් වලට ඇතුල් කරන්නේ නැහැ.. )

      ඔබේ වටිනා අදහස් දිගින් දිගටම බෙදා ගන්න ඕනෑම මොහොතක..ඒ ගැන කිසිම බාදකයක් නැහැ...ඉඩක් ඇති විටක නැවත එන්න විචාරකතුමනි...

      Delete
    2. මේ ලිපි මාලාවෙ හොදටම තේරුම් ගැනීමේ හැකියාවක් එනව,විචාරක තුමාගෙත් අදහස් එකතු වුනාම නේද සහන් මල්ලි.

      Delete
    3. අනිවාර්යෙන්ම කෙන්ජි අයියේ..ඒ අදහස් වටිනවා..ඕනෙම වෙලාවක සීමාව තියාගෙන එවැනි දේවල් ගැන කතා කිරීම අවශ්‍යයි..මම මේ දේවල් ගැන ලියන්න හිතුවේ දැන් දැන් මුතු ඇටය යන්නේ නුහුරට නිසා... ( මේ ගැන කියන්න නම් තියේ ..වෙලාවක අපි හම්බෙමුකෝ නිදහසේ )..

      Delete
    4. අපි යුද්ධය ජය ගත්තේ සම්ප්‍රදාය හා තියරි කඩා ගෙන ගිය නිසා නේද? මම නම් හිතන්නේ ළෝකේ වෙනස් උනෙත් ඉදිරියට යන්නෙත්. සම්ප්‍රදාය කඩන මිනිස්සු නිසයි. ඒ නිසා මම එහෙම අයට බොහෝම කැමතියි. මම සහන්ට කලින් ළිපියෙත් කිව්වා. සහන්ට ගොඩක් තැන් මග ඇරිලා. ඕනෑ කමින් කරනවද දන්නෙත් නෑ. කොහොම හරි මම මේ ගැන කතා කරන්න කැමති නෑ. ඒක මගේ මිතුරන්ට කරන ද්‍රෝහී වීමක්.

      Delete
    5. @ මාතලන්

      \\\\අපි යුද්ධය ජය ගත්තේ සම්ප්‍රදාය හා තියරි කඩා ගෙන ගිය නිසා නේද? මම නම් හිතන්නේ ළෝකේ වෙනස් උනෙත් ඉදිරියට යන්නෙත්. සම්ප්‍රදාය කඩන මිනිස්සු නිසයි. ඒ නිසා මම එහෙම අයට බොහෝම කැමතියි. මම සහන්ට කලින් ළිපියෙත් කිව්වා. \\\

      නිකම් කඩන්නම් වාලේ සම්ප්‍රදාය කඩන්න හොඳ නැහැ මාතලන්..අවශ්‍යතැනදී විතරයි කඩන්න ඕනේ..අනිත් දේ සම්ප්‍රදාය කියන දේට අර්ථකථනයක් දෙන්න පුලුවන්ද ? මට නම් සම්ප්‍රදාය කියලා දෙයක් නැහැ සමහර තැන් වලදී. මට තියෙන්නේ අවශ්‍යතාවයන් සහ ඒවා ඉටු කරගැනීමේ මාර්ග විතරයි (සෑම තැනටම එසේ නොවන බව සළකන්න) .

      සම්ප්‍රදාය සහ නවීනත්වය කියලා අදහස් කරන්නේ ගල් කටස් සහ මැෂින් ගන් ගැනද ...? ( දැන් ඉතින් නැහැ කියාවි )


      \\\ සහන්ට ගොඩක් තැන් මග ඇරිලා. ඕනෑ කමින් කරනවද දන්නෙත් නෑ.\\\

      මාතලන්, මුල ඉගෙන නොගෙන ඉස්සරහට දුවන හදිස්සි කාරයන්ට වැඩි දුරක් දුවන්න බැහැ.ඒ නිසා නවීනත්වයට යන්න කළින් පොඩි තැන් ගැන අවබෝධයක් ගන්න වෙනවා.අනිත් දේ තමයි පිටින් බලන විදිහට නෙවේ ඇතුලේ දේවල් වෙන්නේ.. යුධහමුදාපති කියන්නෙත් චරිතයක් විතරයි..කව්ද එයාව පත් කරන්නේ ..? එයාව නිර්දේශ කරන්නේ කව්ද ...?

      \\\කොහොම හරි මම මේ ගැන කතා කරන්න කැමති නෑ. ඒක මගේ මිතුරන්ට කරන ද්‍රෝහී වීමක්.\\\

      මිතුරන්ට කරන ද්‍රෝහී කමක් වෙන්නේ එයාල මහන්සියෙන් රැකගත්ත දේ උස්සන් යනකම් බලන් හිටියොත් විතරයි..මාතලන් දැකලා ඇති නේද සතුරන් අතට පත් වීමට කළින් වටිනාම යුධ උපකරණ විනාශ කරනවා කිසිවෙක්ට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන්න...?

      ___________________________________________________________

      අනිත් දේ තමයි තාක්ෂණික පැහැදිළි කිරීම මීළඟ පෝස්ට් වලදී දානවා චන්ද්‍රිකා පණිවිඩ ජාල , රේඩියෝ පණිවිඩ ජාල , ත්‍රස්ත නායකයෙක්ගේ හෑන්ඩ් සෙට් සිග්නල් එහෙකින් එයා ඉන්න තැන අඳුනගන්න ක්‍රම , දුරකථන සංවාද -- කරන ක්‍රම , සාමාන්‍ය සිව්ල් සංනිවේදන ජාලයේ සංනිවේදනය වෙන මිනිස්සුන්ගේ පුද්ගලික පණිවිඩ අයතා ලෙස සොයා බැලීම වගේ දේවල්. වැදගත්ම දේ තමයි මෙවැනි දේවල් යුධමය වාතාවරණයක් නැතුව භාවිතා කිරීම වැරදි සිවිල් කටයුතු සඳහා.. අඩුම තරමේ මිනිස්සු දැනගන්න ඕනේ මෙහෙම දේවල් වෙන බව තමන්ට හොර රහසේ..

      අධිකරණ නියෝගයක් වත් නැතුව එක ෆෝන් කෝල් එකෙන් මිනිහෙක්ගේ පුද්ගලිකත්වය එළි කරන්න පුළුවන් රටක මම ඉන්නේ . යුධනීතිය නැති රටක සීමිත පිරිසකගේ උවමනාවට තුට්ටු දෙකේ වැඩ කරන්න දෙන්න බැහැ. ඕනෙම වටින දෙයක් සතුරන්ට අත් වීමට කළින් විනාශ කරන්න ඕනේ. ( වටින දේවල් හදන්නෙම විනාශ කරන්න බලාගෙන )

      Delete
    6. \\\ඒ නිසා මම එහෙම අයට බොහෝම කැමතියි. මම සහන්ට කලින් ළිපියෙත් කිව්වා. \\\

      මෙන්න මේක නැවත පැහැදිළි කිරීමක් කරන්න මාතලන්...

      Delete
  17. චර පුරුෂ සේවණය ගැන කියන්නැත්ද?? සිරාවට කිව්වේ..

    ReplyDelete
    Replies
    1. පරපුරුෂ සේවනය ගැන නම් ලියන්න පුළුවන්..අනිත් එක නම් අහලා නැහැ..සිරාවටම මීටර් නැහැ..

      Delete
    2. සහන් මේ දේශකයා කියන්නෙ අර චරස්ත්‍රීන් විරුද්ධ පාක්ෂික ලොකු ඉත්තන් සේවනය කර තොරතුරු ලබාගැනීම කියල හිතමු.. ඇත්ත නම් ඊට වඩා වෙනස් ඇති..

      Delete
    3. @ සරත් අයියා

      ආහ් ඒකත් මගේ ඉදිරි කොටස් වලට ඇතුළත්..ඒ කියන්නේ ප්‍රයෝගයන් භාවිතා කිරීම ගැන..පිරිමියෙක්ව ලේසියෙන් නම්මාගන්න පුළුවන් ගැහැණියක් මාර්ගයෙන්.. කොච්චර ලොක්කෙක් උනත් අසරණ වෙන්න පුළුවන් ස්ත්‍රියක් ඉදිරියේ..

      Delete
    4. යන්තං තේරුනා මුසියෙට

      Delete
    5. ඒ ගැන ලියපු දේවල් ටිකක් මම ඒ කාලේම එවලා තියෙනවා දේශාට ...

      Delete
    6. මචෝ.. පස් මහ බැලුම් අමතක කරන්න එපා. මොකද මට ඒවා තාම මතකයි..

      Delete
    7. @ දේශා

      දේශා දාපු පස්මහ බැලුම් කමෙන්ට් එක මම දැක්කා..ඒත් ඒක ස්පෑම් එකේ නැහැ වෙන තැනකත් නැහැ...ඒකට මම උත්තර දෙන්නද පුද්ගලිකව..දැනට ටිකක් කියන්නම්.

      මන් හිතන්නේ සක්වලම විනාශ වෙන්න යන්නේ..පස්මහ බැලුම් බලලා එන්ටර් වෙන්න දීපයක් ඉතුරු වෙන්නේ නැහැ..ඒ නිසා කාලය ගැන විතරයි දැන් හිතන්න ඕනේ.. තව අවුරුදු කීපයකට වඩා කාලය ලැබෙන්නෙත් නැහැ.

      Delete
  18. අපේ රටේ චර පුරුෂ සේවය දියුණු මට්ටමක නැත.දේශපාලන පන්දමුන්,යුද්දයට යන්නට බය බයගුල්ලන්ගෙන් ඔය ආයතන පිරී ඇත.එකල මා සිටි කඳවුරේද ඉලවු චරපුරුෂයෙකු සිටි අතර දවස පුරාම බීම හැර කල අන්දෙයක් නැත.ඔහු එකල මගෙන් තොරතුරු ගෙන ඉහලට වාර්තා කලේ දැඩි වෙහසවී ලබාගත් ලෙසිනි.එක අතකට ඔහු වැරදි නැත එකල පවතී තත්වය අනුව ඔහු කඳවුරෙන් එලියට ආවානම් මිනිත්තු 10,15 කට වඩා ජීවත්ව නොසිටිනු ඇත.මා කියන මේ පුද්ගලයා දෙමල භාෂාව දැනගෙන සිටියේ නැත.අවි භාවිතයේද දුර්වලයෙකි.දුටු පමණින් කවෙරෙක්දැයි සතුරු පාර්ශවයට හඳුනා ගත හැකි පෙනුමක් ඔහුට තිබුණි.අනිත් අතට අපේ රටේ ඔත්තු සේවාවල සිටින පුද්ගලයන් තමන්ගේ රැකියාව ගැන බස්රථ වල පවා කයිවාරු ගසන්නොය.ඉතින් ඒගැන කවර කතාද.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ කතා කරන්නේ විදේශයකට අදාළව යැයි සිතා උත්තර දෙන බව සලකන්න ..

      සහතික ඇත්ත මටත් මගේ ජීවිත කාලය තුලදී තමන් CID කියාගන්න පුද්ගලයෝ , CID කෙනෙකුගේ ඥාතියෙක් කියාගන්න අය අනන්ත මුණගැහිලා තියෙනවා. මාත් ඉතින් " හා , ඔව් නේද , ඒක තමයි " කියලා නිකන් ඉන්නවා..එක එක්කෙනාගේ ආතල් කඩන්න හොඳ නැහැනේ.. :P

      හැමතැනම අසාධාරණය රජවෙලා , වෘතීය ගරුත්වය නැති වෙමින් යන තැනක ඔබ කිව්වා වගේ පහත් ක්‍රියා ගැන පුදුමයක් නැහැ..අනිත් දේ යුද්ධයකදී ඉතින් ඕනෙම දෙයක් බලාපොරොත්තු වෙන්නත් වෙනවා නේද ...ඕනෙම කෙනෙක් සතුරෙක් විය හැකියි..එකට බත් පත කන කෙනත් සතුරෙක් විය හැකියි..

      කොහොම උනත් අවුරුදු ගාණක් ඇදුන දේ නවත්ත ගන්න ලැබීම නම් අන්තිම ලොකු ජයක්..ඒකට බොහෝ දෙනා සහෝදරත්වයෙන් වැඩ කරා. (පාවා දෙන්නොත් හිටියා නැත්තේ නැහැ.ඒවා අමුතු දේවලුත් නෙවේ ) නමුත් බොහෝ දෙනාට ජයග්‍රහණයෙන් පසු සාමූහික ගමනක් යන්න බැරි උනා.. නිසියාකාරව යුතුකම් ඉෂ්ඨ කරේ නැහැ..කාගෙවත් යුතුකම් නම් වැඩක් නැහැ..හැබැයි ඇහැට වැලි ගහන්න නම් දෙන්න බැහැ.

      ස්තූතියි ඔබේ අදහසට..තවත් එකතු කිරීමට දේ ඇත්නම් එකතු කරන්න ඕනෙම වෙලාවක මිත්‍රයා..

      Delete
  19. මං නං දන්න විදිහට හොදම චරපුරුශ සේවාව තිබිලා තියෙන්නේ සීසර්ට....සූරපප්පා එකේ පෙන්වන විදිහට සීසර්ගේ චරපුරුශයෝ එක වෙලාවකට බිත්තියක් හැඩය ගන්නවා..තව වෙලාවක් මල් වාස් එකක් වගේ....:)

    ReplyDelete
    Replies
    1. ඇයි දවසක් පීසා රොටියකුත් උනේ..:)

      ස්තූතියි මයියෝ පැමිණීම ගැන.. ඉඩක් ඇති විටක නැවත පැමිණෙන්න...

      Delete
  20. අඩේ ලිපිය මුල ඉදන්ම කියෙව්වා දැන් මම කල්පනා කරන්නේ මේකෙන් මම කොහොමද වැඩක් ගන්නේ කියලා....

    ReplyDelete
    Replies
    1. අනේ මේ නිකන් හිටහන් විහින් නහින්න යන්නේ නැතුව...:D

      Delete
  21. ම්ම්..සමහර කොටස් බලධාරියා විසින් කපා හැරලා වගේ..තිත් ටිකත් නැති උනානම් හොඳයි :( දැන් ඉතින් නොසිඳෙන කුතුහලයක් එක්ක තමා ඉන්න වෙන්නේ. කොහොම උනත් මේ එකක්වත් මම කලින් දැනගෙන හිටපුවා නම් නෙමෙයි. මේ වගේ සේවයක වැඩ කරන්න ඇත්නම් කියලා හිතෙනවා..ඒ උනාට අනවශ්‍ය බලපෑම් නැත්නම් විතරයි

    ReplyDelete
    Replies
    1. තිත් ටික ගැන අමතක කරන්න සයුරි..ඔයා එහෙම තිත් ටිකක් දැක්කේ නැහැ ..හරිද ...?


      තව විස්තර ටිකක් කතා කරන්න ලැබේවි අපිට ඉදිරියේදී සයුරි.. නිකම්ම නිකම් ගස් , පඳුරු අස්සේ මුවා වෙලා ඔත්තු බලපු යුගයේ නෙවේනේ දැන් ඉන්නේ.. තනිකර දේශපාලනික මුහුණුවරක් ගත්ත බුද්ධි ඒකක දැන් තියෙන්නේ.. ඒ කියන්නේ තනිකර බුද්ධිය මත පදනම් වුණු මෙහෙයුම්..ගලක් ගැහුවත් ගහන්නේ සැලසුමක් ඇතුව. අධික විදිහට හිතීමේ ශක්තිය තියෙන අයව තමයි එවැනි දේවල් වලට ගන්නේ..

      ඔය විකිලීක්ස් , ස්නෝව්ඩ්න් වගේ අය උනත් මොන බොරුවක් කරනවද කියලා කව්ද දන්නේ ..? ඇමෙරිකාවේම ඉත්තෙක් වෙන්න බැරිද ..? මන් අහගෙන ගොඩක් රටවල් වලින් එයාව බාරගන්න කැමතිලූ.. අන්තිමට කන්න දීපු අත හපා කාලා මාරු උනොත් ...?

      කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ සයුරි..එයාල කියනවා අපි අහනවා..ඔන්න ඔච්චරයි මම නම් දන්නේ.. ( ඒ වගේම මම ඕවා විශ්වාස කරන්නේත් නැහැ තඹ සතේකට )


      කොටින්ම රහස් සැලසුමක් පිටට යන්නේ නැහැ..ගාණට වෙලාව ආවම ක්‍රියාත්මක වෙනවා මිසක්..අපි නොදන්න දේවල් මොන තරම් තියෙනවද මේ ලෝකේ (අහිංසක පෙම්වතුන් දෙන්නෙක්ගේ රහසේ සිට )... කොටින්ම ඔයා තිත් ටිකක් දැක්කේ නැහැ කිව්වට ඒක ඇත්තද ..? ඔයා තිත් ටික දැකලත් මෙතන නැහැ වගේ ඉන්නවා වෙන්න පුළුවන් නේද..මේවා ගැන අහලා නැහැ කිව්වට ඒක බොරුවක් වෙන්න බැරිද ? මට නම් සැකයි මේ කිමෝනාකාරී ගැන...:D
      _____________________________
      12.i------------------------
      ii--------------------------
      iii-------------------------
      _____________________________

      ( කොහොම උනත් මගේ බ්ලොග් එකට මුළම ඉඳන්ම එන , මම මොන කෙහෙල්මලක් දැම්මත් ඇවිත් කමෙන්ට් කරලා යන ඔයාට ගොඩක් ස්තූතියි..ඔයාල වගේ කීප දෙනෙක් නිසයි මමත් මේකෙන් සතුටක් ලබන්නේ.නැත්නම් ඉතින් මේ බ්ලොග් වැහිලා ගොඩක් කල් )

      Delete
  22. ලිපිය කලින් දැක්කට කියවන්න ආවෙ ප්‍රමාද වෙලා සහන්. ඒකෙන් කමෙන්ට්ස් ටිකත් එක්කම කියවන්න පුළුවන් උනා.

    ඔත්තු බැලීම, මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වයත් නොතකා කටයුතු කිරීම ගැන මේ දවස්වල ලෝක පොලිස්කාරයත් ලෝකාපවාදයන්ට ලක්වෙමින් සිටිද්දි, ඒ ගැන උණු උණු ප්‍රවෘත්ති මතුවෙන කාලෙක මේ මාතෘකාව තෝරා ගැනීමම වටිනවා. අපෙන් දුරස්ථව සිදුවෙන ක්‍රියාදාමයන් ගැන යම් තරමක හරි වැටහීමක් තිබීමම වැදගත්. නැත්නම් අපිත් වෙන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති පරීක්‍ෂණාගාර මීයො වගේ අන්තිමට බලද්දි.

    ReplyDelete
    Replies
    1. මට තේරුණා DDT කියන්නේ එසේ මෙසේ බ්ලොග් බලන්නෙක් නෙවේ කියලා..හැම දේම කියවනවා නේද අස්සක් මුල්ලක් නෑර..? මම මාතලන්ට දීපු කමෙන්ට් එක දකින්න ඇතිනේ ඒ කියන්නේ.. මටත් ඕනේ ඇස් වහලා කරන දේවල් ගැන එළි කරන්න. යහපාලනය ඇති වෙනවා දකින්න.( කවදාවත් වෙන්නේ නැහැ කියලත් දන්නවා ) අඩුම තරමේ බැලන්ස් කිරීම සඳහා හෝ යමක් කල යුතුයි නේද ..?

      මම අකමැතිම දෙයක් තමයි අරයගෙ මෙයාගේ කෝල් වලට මිනිස්සුන්ගේ දුරකථන විස්තර ලබාදීම ... අධිකරණ නියෝගයක් නැතුව කෙනෙක්ගේ පුද්ගලික කිසිම දෙයක් ගැන විචාරන්න බැහැ. දකින්න ඇති නේද තමන්ගේ ෆෝන් එක ටැප් වෙද්දී බොරුවට කෑගහන කෙනෙක් හැසිරුණු විදිහ...?

      රිද්දන්නම වෙනවා DDT ...!

      Delete
    2. DDT මම දැන් දැක්කේ මම ඔයාට දීපු රිප්ලයි කමෙන්ට් එක ස්පෑම් වෙලා කියලා..මගේ බ්ලොග් එකේ මාවම ස්පෑම් වෙනවා...

      Delete
  23. එක්ස් ෆයිල්ස් බලන දවස් වල නම් මටත් ඔය වගේ ජොබ් එකක් කරන්න ආස හිතුන... පස්සේ තේරුණා කතන්දරේ අපි හිතනවට වඩා පට්ට සිරියස් කියල.. හි හි.. ඊට පස්සේ ඉතින් යන්තම් පාන් කැල්ලක් කාල ඉන්න පුළුවන් මේ වගේ ජොබ් පැත්තට ආව.. :) සහන් ලියන්න තෝරාගෙන තියෙන ටොපික්ස් ටික මරු .... මම මේ මොකක් හරි ලියන්න ඕනේ කියල හිත හිත ඉන්නවා.. මෙලෝ දෙයක් එන්නේ නැනේ ඔළුවට .. :))

    ReplyDelete
    Replies
    1. පැතුම් ඉතින් 2006 ඉඳන් බ්ලොග් ලියන මනුස්සයෙක්නේ..මේ වෙනකොට මල්ල හිස් වගේ දැනීම ස්වාභාවිකයි නේද ..? අපි දැන්නේ මල්ල හිස් කරන්නේ..කොහොම උනත් හිතට එන දේවල් ගැන ලියන්න පැතුම්.. කට්ටිය ඒවි බලන්න ඔයාගේ පෝස්ට්.. නිදහස් වෙලාවට අලුත් පෝස්ට් කීපයක් ලියන්න.. ෆිල්ම් බල බල රෝන්දේ ගහන්න එපා හැම වෙලේම :)

      \\\\එක්ස් ෆයිල්ස් බලන දවස් වල නම් මටත් ඔය වගේ ජොබ් එකක් කරන්න ආස හිතුන... පස්සේ තේරුණා කතන්දරේ අපි හිතනවට වඩා පට්ට සිරියස් කියල\\\\

      පුංචි කාලේ මමත් සෑහෙන්න මෙවැනි දේවල් ගැන උනන්දු උනා.ඒවා ගැනම හොය හොයා ගියා.අන්තිමට එක අතකින් ලොකු ජයක් සමග ජීවිතේම හිස් තැනක් එක්ක තනි උනා...සියල්ල අවසානයේ බලද්දී ඉතුරු --------------------------------....

      Delete
  24. සංකීර්ණ මාතෘකාවක් ...ඒ වුනාට කියවන්න කියවන්න ආස හිතෙනවා....අලුත් දේවල් නේ...
    හැබෑටම ,...කොහෙන්ද සහන් ..ඔයා මේ දේවල් ගැන මේ තරම් දන්නේ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. \\\හැබෑටම ,...කොහෙන්ද සහන් ..ඔයා මේ දේවල් ගැන මේ තරම් දන්නේ...\\\\

      ඔය ප්‍රශ්නෙට උත්තරේ මම ඔයාගේ බ්ලොග් එකේම කමෙන්ට් එකක් විදිහට දාල තියෙනවා... ඒක බැලුවම තේරේවි...


      කළින් සැරේ මම ලින්ක් කරලා තියෙන්නේ හරිම අවබෝදයක් ගන්න පුළුවන් තැනකට නෙවේ ........

      Delete
  25. ගොඩක් දේවල් දැනගත්ත.
    //ඔබ බොහෝ දෙනා දැක ඇති පරිදි යුධ හමුධා , නාවික හමුධා , ගුවන් හමුධා සේවාවන් වල නිළධාරීන් මේ යටතට ගැනේ. නිළයට / ඒකකයට උචිත නිශ්චිත අවි පුහුණුවක් , උපකරණ පුහුණුවක් , තවත් අමතර පුහුණු වීම් කීපයකින් පසු රටක ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සේවයේ යොදවයි. තම ඉහළ නිළධාරීන්ගේ අණට යටත්ව ක්‍රියාකරන අවිකරුවන් ලෙස හැඳින්විය හැකිය ( යම් හේතුවක් මත ) .

    මෙයටම පොලිස් සේවයද එක් කළ හැකිය. ඉහත සඳහන් ත්‍රිවිධ හමුදා රටෙහි ආරක්ෂාව සම්බන්ධව වෙහෙසෙන විට රටෙහි සිවිල් නීතිය අරක්ෂාකිරීමේ වගකීම පැවරී ඇත්තේ පොලිස් සේවය වෙතටයි. ඒ සඳහාද අවශ්‍ය විටදී අවිආයුධ භාවිතා කිරීම සඳහා නිසි පුහුණුවක් පොලිස් සේවය සතුය.
    //
    මම දැකල තියෙනව කොරියාවේ (උතුරු) සමහර ගොවියන් පවා සන්නද්ධ යුද පුහුණු වල යෙදෙනවා. ඒ වගේම ඔවුන්ට සිවිල් ඔත්තු සේවා පවා තියෙනව.මම හිතන්නේ ඒ අතින් කොරියාව අනිත් හැම රටකටම වඩා දියුණුයි.

    ReplyDelete
    Replies
    1. විදුර මගේ මේ සම්බන්ධ පළවෙනි පෝස්ට් එක කියවන්නකෝ..එතන තියෙනවා එකිනෙකට වෙනස් විදිහට මෙවැනි සේවා අවශ්‍ය වෙන්නේ ඇයි කියලා..රටෙන් රටට , ආයතනයෙන් ආයතනයට තත්වේ වෙනස් වෙනවා..

      උතුරු කොරියාව කියන්නේ තනිකර " ප්‍රජාතන්ත්‍ර වාදයට පිටින් " පාලනයක් යන රටක්.ඉතින් තත්වය හරිම සංකීර්ණයි විදුර..පාලකයන්ගේ ආරක්ෂාව( සමස්ථ රටේ නෙවේ ) සඳහා චරපුරුෂ සේවා එකිනෙකට වෙනස් විදිහට ගොඩ නගනවා..

      Delete
  26. මේ දවස් වල පොඩ්ඩක් බිසී. එක තැනක ඉන්න වාසනාව නෑ. මේක කියවත්දී මගේ සිහියට ආවේ LRPS එකට වුණ දේ. ඒ ගැන නම් පුදුම කලකිරීමක් තියෙන්නේ. "කිසිදා සතුරාට යටත් නොවන" කියන පොතේ ඒ වගේ මෙහෙයුම් ගැන ලොකු විස්තරයක් තියෙනව.

    මේ මම දැන් දැක්කේ. ඔයාගේ බ්ලොග් එකේ Language එක වෙනත් එකකට මාරු වෙලා නේද? මම කියන්නේ පහල තියෙන Publish එක බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ සුදීක පුළුවන් වෙලාවට ඇවිත් බලන්න.. එවැනි ආයතන විනාශ උනේ පහත් දේශපාලකයෝ නිසා සුදීක..නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ එතැනදී...

      Delete
  27. කොහෙන්ද සහන් මේ විස්තර හොයාගත්තෙ??? නැත්තම් සහන්, යුධ නිලයක් දරන්නෙක්ද??

    ReplyDelete
    Replies
    1. \\\කොහෙන්ද සහන් මේ විස්තර හොයාගත්තෙ??? \\\

      මගේ ජීවිතේම ගෙවුණේ මේ දේවල් එක්ක..අන්තිමට මම මට කියලා ලබපු දෙයක් නම් නැහැ තිළිණ...

      \\නැත්තම් සහන්, යුධ නිලයක් දරන්නෙක්ද??\\\
      මම සේවය කරන්නේ ශ්‍රී ලංකාවට නෙවේ තිළිණ ..නීත්‍යනුකූල කිසිම බැඳීමකට මම යටත් නැහැ ශ්‍රී ලංකාව සමග( මේ සම්බන්ධව )..ඒ නිසා මම දන්න දේවල් ලියන්න හිතුවා කළින් යන්න..

      තිලිණගේ පළමු පැමිණීමද මේ ...? සාදරයෙන් පිළිගන්නවා බ්ලොගයට..ඉඩක් ඇති විටක නැවත එන්න..

      Delete
    2. ***ඒ නිසා මම දන්න දේවල් ලියන්න හිතුවා යන්න කළින්..

      Delete
  28. මෙව්වනං බොහොම බර සාර ලිපි. දැනුමක් ලබාගත්තා.ස්තුතියි
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා.පුළුවන් විදිහට කියවන්න මල්ලි..ස්තූතියි ආවට..දිගටම එන්න ඉඩක් ඇති විටක...

      Delete
  29. ජූලියේ... යුරෝපේ (ප්‍රංශේ) මට දැන් ඇතියෝ.......
    තොගේ තිස්දෙදාස් මෙව්වා එකට මගෙන් සුභ පැතුම්. (ඒත් තාම මට හොයාගන්න බැරිඋනා ඔහ කවුන්ටරේ. )
    ඔන්න මං එකසිය පනස් වෙනියා උඹට ගහන්න පන්නන. (නොදන්න දෙමලෙන් තිබුන නිසා ඉස්සර ඉස්කෝලෙදි බහුවරණේ මතක්වෙලා ටික් කරගෙන ගියා. මෙන්න බොලේ මං එකසිය පනහ. :O)

    පොස්ට් ඒක කියෝලම අදහසක් දාන්නම්. එතකං බායි!

    **********************
    ඒක දෙයක් අමතක උනා. ගිය පොස්ට් එකේ කියලා තිබුන විදියට අතුරුදන් උනොත් හොයලා වැඩක් නැද්ද? වැරදිලාවත් ආයෙ එන්නේ නැද්ද? මේ පොස්ට් ඒක ලියන්නෙත් ලැබුණු අත්දැකීම් මත නේද?

    ReplyDelete
    Replies

    1. @ අකම්

      මම බලාපොරොත්තු වෙන යෑම උනොත් නම් නැවත කිසිදා එන්නේ නැහැ අකම්. ඒක නොවුණොත් ඉඳලා හිටලා හරි එනවා..සතියකට සැරයක් හෝ අනිවාර්යෙන්..ඒත් දැන් තරම් ඉන්න වෙලාවක් ලැබෙන එකක් නැහැ..

      මම මේ භාෂා ප්‍රශ්නේ ඉක්මණටම වෙනස් කරනවා අකම්..සිදු වූ අපහසුතාවය ගැන කණගාටුව ..අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මම තිළිණට ( ඩී සිල්වා ) දීලා තියෙනවා මචන්..බොහෝම ස්තූතියි ෆලෝ කරපු එකට මචන්..150 දෙනෙක් ඉන්නවා කියන්නේ ලොකු දෙයක් මේ මාස 8 ට..ස්තූතියි ඉඩක් ඇති විටක නැවත එන්න අකම්..

      Delete
  30. මේ ගැන ලියපු එක නම් වටිනවා සහන්..හිතපු නැති කරුණු ගොඩක් මතු කරලා තිබුනා..පළවෙනි එක මගෑරුනද කොහෙද..කියවලාම එන්නම්..

    කොහොම වුනත් බොහෝ රටවල ඔත්තු සේවා යුධ සේවාවවලට වැඩිය බොහෝ දියුණුයි..

    ReplyDelete
    Replies
    1. මුළින්ම පහු ගිය පෝස්ට් කියවපු එකට බොහොම ස්තූතියි රූ. ඔත්තු සේවා නිතරම ඉදිරියෙන් ඉන්නවා රූ තාක්ෂනය අතින් වගේම බල තල අතිනුත්. ඒ කියන්නේ බොහෝ වෙලාවට විධායක මට්ටමේ බලතල හිමි වෙනවා රටේ ගොඩක් ක්ෂේත්‍ර වලට.. හරි වගකීමක් ඇතුව එම බලතල පාවිච්චි කල යුතුයි..

      Delete
  31. වටිනා ලිපියක් මෙය දිගටම ලියන යන්න

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili